.

.

Jul 27, 2021

දරුවන් මරාගෙන කෑම


 

ඇත්තටම මාතලන් දැන් ලියන්නේ බුකිය ටාගට් කරගෙනය. ඒත් මගේ ලිවීමේ ඉට්ටැයිල් එක සැර වැඩි නිසා "හේට් ඉස්පීච්" යටතේ දිගටම මාව බ්ලොක් කරන හේතුවෙන්, වෙනදා මාතලන්ගේ ලිපි වල තියෙන සැර ගොඩාක් බාල කරලා ලියන්න වෙලා තියෙන්නවාය. 

සුනිල් එදිරිසිංහ මහත්තයගේ හරි අපූරූ සින්දුවක් තියෙනවාය. තිරය ඇරෙනවා තිරය වැහෙනවා නම් එම ගීතයේ තැනක මෙහෙම තියෙනවාය.  

කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති

නළ වතුරෙන් සැනහෙන දරුවෝ

ගොයම් නැටුමකට දෑකැති ලෙළවති

කුඹුරක් ඇස නොගැටුන දරුවෝ

මේ කියන දේ අමුතුවෙන පැහැදිලි කරන්න ඕන වෙන්නේ නැතිය. ගෝනා ඔනෙකුට මේ සත්‍යය වැටහෙනවාය. බඩ උඩින්ගේ නිවසේ පිලිස්සී මියගිය දරියගේ දෙමව්පියන්ට අම්මාමෝ නැහිව බනින රිදී හැන්ද කටේ ඔබාගෙන මව් කුසෙන් බිහි වූ දැරිවියො කීප දෙනෙකුගෙම සටහන් දැක්කාම මේ දැරිවියන් ගැන මියගිය දැරිවිය වෙනුවෙන් ඇති වේදනාවටත් වඩා වේදනාවක් ඇති වී මට මේ සින්දුව මත්ක් උනේය. 

ඇත්තටම අප ඒ දැරිවියන්ට පිලිස්සි මිය ගිය දැරිවියටත් වඩා අනුකම්පා කරන්න ඕනෑය.

මොවුන් මේ වතුකම්කරුනගේ ජීවන රටාව, පරිසරය හා සමාජ තත්වය නොදත්, පොඩි කාළේ...,  චිත්‍රා සෝමපාලගේ.., උඩරට කඳුකර.. සිරියා පරදන.. රූබර මුහුණ ඔබේ... රතැඟිලි දිඟුකර ..මදහස නංවන.. තේ දළු නෙලන ලඳේ... ගීයට, වෙවැල් කුණු බාල්දි පිටේ එල්ලාගෙන ඩාන්ස් කරලා ආතල් එකක් ගත්ත දරු දැරියෝය.  

මේ ගීය ලියාපු එකාත්, තේ දළු නෙළනා ළඳුන්ගේ ඇඟිලි දැකපු එකෙක් වෙන්නට බැරිය. මහා පාන්දර ජාමයේ පයට සෙරෙප්පු දෙකක් හෝ නැතිව ටාගට් වලට දැලු කඩන්නට යාම ඔය සින්දුවේ කියනා තරම් සුන්දර නැතිය. ඒ ගැන මාතලන් පසුව කතා කරනවාය.   

ඒ වගේම ඒ සින්දුවේම කියනාකාරයට... තිරය ඇරෙන විට, සඳළු තලෙන් බැස, තාලෙට ඉඟ සුඟ නටවන නෝනා හාමුලාට මාතලන්ට කියන්නට ඇත්තේ, ලෝකයේ දියුණුම යැයි කියනා රටවල වයස 13 ට වැඩි දරු දැරියෝත් පාසල් නිවාඩු කාළයේ රැකියාවක් කර කීයක් හරි සොයා ගන්න ඒ දෙමාපියන්ම පුරුදු පුහුණු කරනවා කියලය. සල්ලි හොයන එක ලේසි වැඩක් නෙමේ කියන්නේ මෙහෙම ෆීල්ඩ් එකට දමලාය. 

ඇමරිකාවේ ජනාධිපති බැරක් ඔබාමාගේ දියණිය රෙස්ටුරන්ට් එකක වැඩට යන්නේත්, ඇයව දිරිමත් කිරීමට ජනාධිපති තුමාත් දිනක් ඇයගේ සහායට යන්නේත්, ඒ රටවල ඉන්නේ ගෝත්‍රිකයෝ නොව ප්‍රැක්ටිකල් මිනිසුන් නිසාය. 

මේ මාතෘකාවට කිසිසේත් සම්බන්ධ නැති පින්තූරයක් එල්ලුවේ ඇයි කියා දැන් ඔහේලාට වැටහීමක් ඇති වෙන්නැතිය කියා මාතලන් හිතනවාය. ඒ නිසා බරක් ඔබාමාටයි මිෂෙල් ඔබාමටයි හෙන ඉල්ලන්න එපා කියා ඒ නෝනා හාමුලාගෙන මාතලන් ආදරෙය්න් ඉල්ලා සිටිනවාය. 

ඒ වගේම, රාජපක්ෂ පවුලේ බාලයා වන ච්චිගේ කුඩා දරුවාගේ පින්තූරයට පවා එක එක විකාරයන් කර, බුකියේ එල්ලාගෙන, දැරියගේ ඝාතනයේ චෝදනාව චිචිලාට එල්ල කරනා අමු කාළකන්නින්ගේ පොස්ට් දැක්කාම උන් ගැන ඇතිවෙන්නේ බඩ උඩින්ගේ පවුලේ අපරාධයකාරයන්ටත් වඩා පිලිකුලක් බව නොලියා සිටිය නොහැකිය. දේශපාලකයන් සමඟ ඇති වෛරය දරුවන්ගේ දරුවන් පිටින් යවන්නේ නොමිනිසුන්ය. ඇත්තටම මොවුන් මානසික රෝගීන්මය. 

කිසිම දේශපාලකයකුට මේ වන තෙක් විසඳුම් ලබා දීමට නොහැකි වූ ප්‍රශ්ණයකට රාජපක්ෂලා පමණක් වැරදිකරුවන් වන්නේ කෙසේද? එසේ නම් රජ සැප විඳිනා අකුදිගේ දරුවා මෙන්ම මෙන්ම ලාල්කාන්තගේ දැරියත් ඊට වගකිව යුතුද? විජේවීරගේ පුතාත් වැරදිකාරයෙක්ද? 

ලංකාව අමු ගෝත්‍රික, දරිද්‍රතාවයෙන් යුතු රටක් බව අමුතිවෙන් කිව යුතු වන්නේ නැතිය. හොඳයි අපි කියමු මේ දෙමාපියන්ගේ දුප්පත් කම නිසා දරුවා විකුණගෙන කෑවාය කියා. එතකොට මේ දැරිවිය වැඩට එන්නේ එය විවේච්නය කරනා අයගේ පන්තියේ නිවසකටය. ඒ නිවසෙදී ඇය මරා දමනවා නම් ඔවුන්ගේ පන්තිය ලැජ්ජා විය යුතු නැද්ද? ඒ පංතියේ යුතුකම එවන් දරුවන්ට ආදරය කිරීම හා රැකබලා ගැනීම නොවේද? ඒ වෙනුවෙන් ඒ පන්තියේ අය අර දුප්පත් දෙමව්පියන්ට වැඩියෙන් ලැජ්ජා විය යුතු නැතිද?

මෙහෙකාර සේවයට එන දරුවන්ට තම දරුවන්ට මෙන්ම සොයුරු සොයුරියන් ලෙස සලකනා වැඩිහිටියන් මෙන්ම දරු දැරියන්ද සිටිනා බව මේ වෙලේ ලියා තැබිය යුතුමය. එමෙන්ම ඔවුන් පාසල් යවා අධ්‍යාපනය ලබා දී සමාජයේ ඉහළම තැන්වලට යැවූ අය මෙන්ම, නිසි වයසේදි කරකාර බන්දා දී ඉන් පසුවත් ඔවුන් ගැන සොයා බලනා, මා දන්නා දෙවිවරුන් බඳු මිනිසුන්ද සිටිනා බව ඔවුන්ට උපහාරයක් ලෙස සඳහන් කර සිටිය යුතුමය. 

ඇත්ත කතාව ඔය කිසිවක් නොවේ. වතුකරයේ වෙනත් රැකියා ඇත්තේ නැතිය. ඔවුන්ට ලේ උරුමකමෙන් ඇත්තේ තේ දළු නෙලීම හා වතු ආශ්‍රිත සුළු රැකියාවන් පමණය. ඒවායේ වැටුප පිළිබඳ රටේ සියල්ලෝම දන්නවාය. කොටින්ම ඒ පන්තියෙන්, ඒ කුළයෙන්, ඉහළ සමාජ තත්වයක් හිමිකර දේශපාලුවන් උගතුන් බුද්ධිමතුන් පවා එම පිරිස සලකන්නේ කුලීනයන් ලෙසය. 

මොවුන්ට නිසි පාසල් අධ්‍යාපනයක් නොලැබෙන අතර පාසල් යන්නේ, යන්න ඕනාවටය. එහෙත් අද මේ දරුවන්ට කොළඹ නඟරයේ  සාප්පු සේවක හා කම්කරු රැකියාවන් වෙනුවෙන් විශාල ඇබෑර්තු ප්‍රමාණයක් ඇත. ඔබ නඟරයේ විසල් රෙදිපිලි සාපුවකට හෝ රෙස්ටුර්න්ට් එකකට ගියොත් අද ඉන්නේ මේ දරුවන්ය. 

ඔවුන් ඉතා කඩිසර පිරිස්ක් හෙයින් කොම්පැනිකාරයෝත් මේ දරුවන් සේවයේ යොදවා ගනීමට කැමතිය. අවම පහසුකම් යටතේ වුවත් මේ රැකියාවන්වලට, වතුකරයේ රැකියාවන්වලට වඩා කැමති බව ඔවුන් මා සමඟ පවසා තිබෙනවාය. ඊට ප්‍රධානම හේතුව ඔවුන් වතු මානසිකත්වයෙන් මෙන්ම පරිසරයෙන් මිදී නිදහස් ජීවිතයක් ගත කිරීමට ලැබෙනා නිසාය. 

තත්වය එසේ වුවත්, එවන් රැකිවාක් කිරීමට තරම් දැනුමක් නැති දරු දැරියන් තවමත් නිවෙස්වල මෙහෙකාර කමට සැපයීම වතු ආශ්‍රිතව ප්‍රධාන මාෆියාවකි. මේ බ්‍රෝකර්වරුන් හා වතු වලින් බිහිවූ දේශපාලුවන් අතර කිසිම වෙනසක් මාතලන් නම් දකින්නේ නැතිය. දෙපිරසම කරන්නේ තමන්ගේම පන්තියේ එකා විකුණාගෙන කෑමය. 

මෙයින් දේශපාලුවෙක් විරෝධතාවයකදි පැවසුවේ.., මේ බ්‍රෝකර්වරුන් වතු වලට එනවිට ගහලා පන්නන්නෙයි කියලාය. ඊට කලින් ඩීල් දේශපාලනයෙන් ගොඩ යන මේ කාළකන්නින්ට ගොම ගසා එලවන්න ඕනෑය. මුන් දැන් වතුවල ජීවත් වන්නේ නැතිය. ජීවත් වෙන්නේ කොළඹ හතේය. බබාලා ඉන්නා ළමා රක්ෂණ අධිකාරිය මුන්ගේ නිවෙස් වැටලුවා නම් මෙවන් දැරියන් ඕනා තරම් හොයා ගන්න අදටත් පුළුවන්ය.

සිද්ධියක් වූ විට බොරුවට අඬ ගසා කෑ ගැසුවාට, මේ අසාධාරනයන් මාෆියාවන් සමාජ රටාවන් මේ රටෙන් තුරන් වන්නේ නම් මේ රට සුරපුරයක් වෙලා බොහෝ කල්ය. ළමා රක්ෂණ අධිකාරිය කියන්නේ පට්ට විහිළුවක්ය. පොලීසිවල කාන්තා හා ළමා රක්ෂණ අංශ කියන්නේ අමු විහුළුය. මුන්ට පින් පඩි දෙනවාට වඩා, ඒ සල්ලි වලින් ළමා නිවාසවල ඉන්නා දරුවන්ට හරි හමන් කෑම වෙලක් ලබා දෙන එක ඊට වඩා කුසළ කර්මයක්ය. 

කොටින්ම මේ සිද්ධිය වෙනුවෙන් මේ වනතෙක් උන් කිසිවක්ම කර නැතිය. පොලීසියන් කරන නිසා අපි මොකුත් කරන්න ඕන නෑ කියනා උන්ට වෙන රටක නම් කෙලින්නේ කුණු බිත්තරවලින්ය. මුන් ඒ අතින් වාසනාවන්තය. 

ආන්ඩුවට මේ වෙනුවෙන් කළ හැකි විශේෂ දෙයක් ඇත. ගෘහ සේවිකාවන් කියන්නේ නිග්‍රහ කිරීමට හෝ වහල් සේවයක් යැයි කියා පහත් කොට සැලකිය යුතු රැකියාවක් නොව, තවත් ගරු කටයුතු රැකියාවකි. එහෙත් ඔවුන් සිරකරුවන්ලෙස තබාගැනීමට කිසිවකුටත් ඉඩ දිය යුතු නැතිය. 

කරුමය වෙලා තියෙන්නේ, සාප්පු සේවකයන් මෙන්ම, රියැදුරු, ගෘහ සේවීකා හා බාබර් යන රැකියා (වතුවල දරුවන් වැඩි වශයෙන් නිරත්වන්නේ මේ රැකියාවලය) රජයේ පිලිගත් රැකියා ලෙස ගැසට් කර නැති වීමය. 

විශේෂයෙන් පෝට් සිටිය හැඳුන පසු ගෘහ සේවිකාවන් යනු කොතරම් ගරු කටයුතු රැකියාවක්ද යන්න මේ රටේ ගෝත්‍රිකයින් වටහා ගන්නවා ඇතිය. දැනටත් රටේ ප්‍රධාන ආදායම ගෘහ සේවිකාවන්ගේ දහඩිය හා කඳුළු බව බයිලා ගහනා හැම එකාටම අමතකය. 

ඒ නිසා මාතලන් ජනපති නම් මේ වෙනුවෙන් කරන්නේ මක්කාද කියා මෙසේ ලියා තබනවාය. 

  • වයස 16 න් පහළ දරුවන් සේවයේ යෝදාගන්නා සේවාදයකයන්, දෙමව්පියන්, බ්‍රෝකර්වරුන් වසර 10 ක් දක්වා සිරගත් කල යුතුය.
  • සියළුම රැකියා රජයේ පිලිගත් රැකියාවන් ලෙස කම්කරු අමාත්‍යශයේ ලියා පදිංචි කළ යුතුය. 
  • සෑම සේවක සේවිකාවක්ම රජයේ අර්ථසාධක අරමුදලේ සමාජිකයින් ලෙස ලියාපදිංචි කළ යුතුය.
  • සෑම සේවයකයකුටම සතියට දින දෙකක් හෝ මසකට සතියක් සේවා ස්ථානයෙන් බැහැර යාම සඳහා නිවාඩු ලබා දිය යුතුමය. (ඒ දිවනල වෙනත් රැකියාවක් හෝ එම රැකියාවම කිරීමේ නිදහස ඔවුන්ට ඇති අතර ඊට වෙනම දීමනා ලබා දිය යුතුය.)
  • විශේෂයෙන් ගෘහාශ්‍රිත රැකියාවල නියුතු වන සේවකයින් පිළිබඳ සියළු තොරතුර පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ලියා පදිචි කළ යුතු අතර, සතියකට වතාවක් ඔහු හෝ ඇය මුණ ගැසී වාර්ථාවක් තබා ගත යුතුය. (ඕකුන්ට කරන්න වැඩක් තියෙන්න එපැයි.) (ඔය කාළකන්නි දෙශපාලුවන් රැකීමට යොදා තියෙන පොලීසියේ පිරිස පහසුවෙන් මේ සඳහා යෙදවිය හැකිය.) ජනතාවට අතරට යන්න බැරි උන් ජනතා නියෝජිතයින් විය යුතු නැත. 

ඒ වගත් මෙසේය....

13 comments:

  1. බොහෝ අප්‍රිකානු රටවල් වල පවා ගෘහ සේවය පිළිගත් රැකියාවක් ලෙස සලකයි. ඔවුනට සේවා කාලයක් ඇත, අවම වැටුපක් ඇත. එමෙන්ම සමහර කටයුතු සිදුකරගැනීම තහනම් ය. උදාහරණයක් ලෙස ඔවුන් ලවා යටඇඳුම් සෝදාගැනීම තහනම් ය.

    ReplyDelete
  2. දැම්මට නීති හිටු කියලා, කෙරෙනවද
    එක නීතිය යසට දෙකවී නොකෙරේද
    වැද්දන් දඩ මසුත් ගොරකා නොකරයිද
    හොර-බොරු කරන උන් නිතරම ගොඩ නේද?

    ReplyDelete
  3. වයස 16 න් පහළ දරුවන් සේවයේ යෝදාගන්නා සේවාදයකයන්, දෙමව්පියන්, බ්‍රෝකර්වරුන් වසර 10 ක් දක්වා සිරගත් කල යුතුය.
    මිනීමරුවෝ එල්ලුම්ගහෙන් නිදහස් කරන රටක ??

    සියළුම රැකියා රජයේ පිලිගත් රැකියාවන් ලෙස කම්කරු අමාත්‍යශයේ ලියා පදිංචි කළ යුතුය.
    කැබිනට් පේපර් කීයක් කියල දාන්නද. ඉන් පස්සේ අවුරුදු කීයක් බලන් ඉන්නද රෙජිස්ට්‍රේෂන් එනකන්

    සෑම සේවක සේවිකාවක්ම රජයේ අර්ථසාධක අරමුදලේ සමාජිකයින් ලෙස ලියාපදිංචි කළ යුතුය.
    ෂෝක්. බැරීසිල්ලට තව සල්ලි දීපල්ලකෝ

    සෑම සේවයකයකුටම සතියට දින දෙකක් හෝ මසකට සතියක් සේවා ස්ථානයෙන් බැහැර යාම සඳහා නිවාඩු ලබා දිය යුතුමය. (ඒ දිවනල වෙනත් රැකියාවක් හෝ එම රැකියාවම කිරීමේ නිදහස ඔවුන්ට ඇති අතර ඊට වෙනම දීමනා ලබා දිය යුතුය.)
    ලිප්ටන් වටරවුමට තවත් කොටසක්

    විශේෂයෙන් ගෘහාශ්‍රිත රැකියාවල නියුතු වන සේවකයින් පිළිබඳ සියළු තොරතුර පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ලියා පදිචි කළ යුතු අතර, සතියකට වතාවක් ඔහු හෝ ඇය මුණ ගැසී වාර්ථාවක් තබා ගත යුතුය. (ඕකුන්ට කරන්න වැඩක් තියෙන්න එපැයි.) (ඔය කාළකන්නි දෙශපාලුවන් රැකීමට යොදා තියෙන පොලීසියේ පිරිස පහසුවෙන් මේ සඳහා යෙදවිය හැකිය.) ජනතාවට අතරට යන්න බැරි උන් ජනතා නියෝජිතයින් විය යුතු නැත.
    මේං කියල මුණ ගැසී වාර්ථා ලියාගනිවී

    අනේ උඹවගේ මෝඩ මුසලයෙක්. මේක ඉස්රයාලේ නෙවේ ලංකාව.

    ReplyDelete
  4. සුනිල් එදිරිසිංහගෙ මේ සින්දුවත් අපූරුයි.
    හිවලුන් කෙළිති පඬුවන් උරමඬල නැග
    නුවරුන් සැතපිලා නෑසු කනින් අග

    ReplyDelete
    Replies
    1. සිංදු වලින් මිනිස්සු පාඩන් ඉගෙන ගන්නවනම් 'කාලකන්ණි' ටික අස්කරලා හිටන් සිංදු CD ගැහුවනම් ඉවරනේ.
      ඇන්ටන් ජෝන්ස්ගේ සින්දු ගන්න ඇහැකි ඉතිහාස පාඩමට.

      Delete
  5. මාතා මේ වැඩකාර දැරියගේ කතාවට සමගාමීව ආපු තවත් පුවතක් දැක්කා, ඒ ඊයේ කතා කළ සංගක්කාරගේ කතාවට දිගුවක් විදියට.

    ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සුප්‍රකට 'උනන්දුවා' නොහොත් කුමාර් ධර්මසේන ෆේස්බුක් පේජ් එකක් හදලා.

    ඒ වගේම අපි දන්න උනන්දුවා බොහොම දේශප්‍රේමී, පරදින්න අකමැති කෙනෙක්නේ.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජාත්‍යන්තර අම්පයර් කෙනෙක් වුනාට පස්සෙත් ඉහළටම ගිය උනන්දුවා ICC වසරේ විනිසුරු සම්මානය පවා ගත්තා.

    ඒ වගේම ඉතාමත් ගෞරවනීය ලෙස "ඈෂස්" පවා අම්පයර් කළා.

    හැබැයි ධර්මෙට ක්‍රිකට් ලෝකයේ උඩටම යන්න, ඉහළම ඉන්න පුලුවන් ලකුණු තියෙනවා. එහෙම තියෙද්දී මෙන්න මේ මනුස්සයා ෆේස්බුක් ඇවිත් පේජ් එකක් හදන් අම්මට සිරි ලංකාවේ ඔලිම්පික් කණ්ඩායමට චියර් කරලා පෝස්ට් දානවා.

    ඒ උනාට මේ පෝස්ට්ස් කෙලින්ම බලපාන්නේ ධර්මෙගේ අම්පයරිං කැරියර් එකට.

    මොකද මේවාගේ පෝස්ට් දැම්මම "ක්‍රිකට් සර්කල්" එකේ පාර්ෂල්, ගොඩයෙක් විදියට බ්‍රෑන්ඩ් වෙනවා.

    මම කැට තියලා කියනවා ධර්මෙට ආයේ කිසිම අවෝර්ඩ් එකක්වත්, ඈෂස් අම්පයර් කරන්නවත් චාන්ස් ලැබෙන්නේ නෑ.

    ඒත් ඒ කේස් එක ධර්මෙට ගානක් නැතුව ඇති. මොකද තමන්ගේ රට ගැන සෑහෙන්න හැඟීමක් තියෙන, ඒක එලිපිටට පේන විදියට කුමන තත්ත්වයක් යටතේ උනත් කටයුතු කරන මනුස්සයෙක් ධර්මසේන. ඒ තමයි නැචුරල් ධර්මේ.

    අනෙක් පැත්තෙන් අපි දැන් සංගක්කාර ගැන බලමු.

    ඔය වගේම කුමාර සංගක්කාර විශ්‍රාම අරන් ඉංග්ලිෂ් කවුන්ටි ගහනවා. ඒක කරන්නෙම ධනවත් බලවත් ඉංග්ලිෂ් ක්‍රවුඩ් එකේ අවධානය දිනා ගන්න.

    ඒ වගේම එතනදි එංගලන්ත යෞවනයො ගැන මහ ඉහළින් චාටු කතා එක්ක අධික ලෙස වර්ණනා කරලා වන්දිභට්ට කතා කියන්නේ.

    ඔහොම යනකොට අවසානයේ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙක් විදියට ICC එකෙන්ම අවස්තාවක් ලැබෙනවා.

    පොර හැබැයි ඉතාමත්ම මධ්‍යස්තව හරිම ආකර්ෂණීය ගතියක් සහිතව ජොබ් එක කරනවා. පොසිටිව් දේවල්ම තමයි කතා කරන්නේ. නෙගටිවිටි, ක්‍රිටිසම් ඇත්තේම නෑ. හරිම කෘත්‍රීම, ප්‍රෝග්‍රෑම් වෙච්ච කමෙන්ටේටර් කෙනෙක් වගේ.

    ඒ වගේම සුවිශේෂී කාරණයක් තමයි මෑන් ඉන්ඩියන් සහ ඉංග්ලිෂ් කණ්ඩායම් ඉතාමත්ම ඉහළින් වර්ණනා කරනවා. විශේෂයෙන්ම ඉංග්ලිෂ් කණ්ඩායම.

    ඔහොම යනකොට අවසානයේ ඈෂස් වලටත් ප්‍රමුඛ පෙළේ විස්තර විචාරකයෙක් විදියට චාන්ස් එක ලැබෙනවා.

    ඔන්න ඔය වගේ සංගා ඔතනින් උඩට මිසක් යටට යන්නෑ.

    ඔන්න ඔය වගේ ක්ලැසික් සංගක්කාර

    මීට පරිබාහිරව හොඳම අනික් උදාහරණය රසල් ආනල්ඩ්. ඌ සුද්දෝ ඉන්න පළාතකටවත් අඩගහන්නෑ. ලංකාවේ, ඉන්දියාවේ, බංගලිදේසේ මැච් ටික කර කර ඉන්නවා, අනිත් වචනෙන් කිව්වොත් තමන් වෙලා ඉන්නවා. නිදහසේ.

    ඒ උනාට සංගක්කාරට එහෙම ඉන්න බෑ. තත්පරයම ගෝල් එකක් වෙනුවෙන් වැය කිරීමක්. ඒ වගේම මාත ඕකට තමයි කියන්නේ Hunger for success කියලා, ඒ වගේ කට්ටිය ජීවිත තෘප්තිය ලබන්නෙ තව තවත් උඩට යද්දි විතරයි. Emotions වලට වඩා ඒක වැදගත් ඒ මිනිස්සුන්ට.

    හැබැයි ඒ අතර ඔය දෙකම තිබ්බ Steve Jobs වගේ මිනිස්සුත් හිටිය. මිනිහගෙ famous quote එක stay foolish stay hungry. මිනිහත් ආත්ම තෘප්තිය ලැබුවෙ ඉන්න තැනින් තව තවත් ඉහලට යෑමෙන් විතරයි හැබැයි මිනිහගෙ ජීවිතේ ඉමෝශන් වලට ඉඩක් තිබ්බා. සංගගේ ජීවිතේ එහෙම එකක් ගෑවිලවත් නෑ. මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද?

    ReplyDelete
    Replies
    1. සංගක්කාර සහ එයාගේ බිරිඳට සීගිරියේ ඉඩමකුත් ලැබුන ආණ්ඩුවෙන් අන්ත දුප්පතෙක් නිසා.
      මිනිහ කොහෙද එංගලන්තේ කවුන්ටි ගහන්නේ එතකොට අර ඉඩමේ වම්බටු පලවලට වතුර දාන්නේ කවුද

      Delete
  6. වතු දෙමෙල්ලු කියන්නේ සිංහලයන්ගේ මිතුරෝ නම් නෙමෙයි.
    කන්න නැති වුනත් උන් අතරත් දෙමළ ජාතිවාදය තියෙනවා.

    වතු දෙමෙල්ලු සිංහල බාශාව මව් බාසාව කර නොගැනීමම සිංහල ජාතියට කරන හතුරු කමක්.

    හැබැයි චීන්නු නම් එහෙම නෑ.
    මම චීන්නුන්ට ආදරෙයි.

    ReplyDelete
    Replies
    1. පෝ ඩා පුන්ඩේ අම්මා ඕක ඩා නී පුන්ඩේ..

      Delete
  7. The only problem here is employing the underage, everything else is based on demand and supply, nothing to do with politics. Wijebahu

    ReplyDelete
  8. @ ජගත්,

    වතුකරයේ දමිළ ජනයා සිංහල භාෂාව හදාරන සිංහල ජාතිය සමග මිශ්‍ර වීමට කැමති පිරිසක්. මේ වන විට උතුරේ කුලහීන කියන දමිළ ජනයා පවා සිංහල අය සමග මිශ්‍ර වීමට කැමති බව පේනවා. දමිළ සිංහල ජාතිකත්ව අර්බුදය කෙමෙන් කෙමෙන් සමහන් වී යන අතර මහමදික ආගමික අන්තවාදීන් සමග ඇති ජාතිවාදී වර්ගවාදී ප්‍රශ්නයද විසඳාගත යුතුයි

    මේ වන විට ලංකාවේ කේන්ද්‍රීය ප්‍රධානතම ප්‍රශ්න වලට ජාතිවාදී වර්ගවාදී ප්‍රශ්න වලට වඩා ආර්ථික සාධක බලපා තියෙනවා. හැම දෙයක්ම ආර්ථික දේශපාලනික ගේම් වල බලපෑම නිසා තමයි ඇතිවෙන්නේ. උදාහරණයක් විදියට මහමදික ආගමිකයන්ගේ ව්‍යාපාර වර්ජනය කිරීම පිටුපස අවස්ථාවාදී සටකපට සිංහල ව්‍යාපාර හිමියන් සිටින අතර එහි අනෙක් පැත්තත් ඒ වගේම තමයි.

    ඊයේ ලංකාවට ගෙවන්න සිදු වුණ කල්පිරීමට නියමිතව තිබු ඇමෙරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB) July 27 Sovereign Bond සඳහා ගෙවීම සිදුකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මාධ්‍ය වලට කී පරිදි මෙම ගෙවීමත් සමඟ 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වන බවත්, වර්ෂයේ ඉතිරි කාලය තුළ රට තුළ සංචිත නැවත ගොඩ නැගීමට ඉඩ සැලසෙනු ඇති බවත්, රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහසයි. මේක ඇත්ත ද?

    ඒ අනුව මේ බැඳුම්කර (ණය) ගෙවීමත් සමග ලක් රජයේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන තුනකටත් වඩා අඩු මට්ටමකට වැටී ඇති අතරම ආණ්ඩුවේ අදහස අනුව ලංකාවේ ඩොලර් සංචිත ඉදිරි මාස තුන ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වීමට නියමිත බවයි මුදල් අමාත්යංශය කියුවේ.

    ඒ කියපු දේවල් මට මතක හැටියට ඩොලර් සංචිත ලැබීමට නියමිතව ඇත්තේ මෙහෙමයි;

    A. ඉන්දීය SWAP පහසුකම: US$ 400 million

    B. බංග්ලාදේශ්‍ SWAP පහසුකම: US$ 250 million

    C. චීන සංවර්ධන බැංකුවෙන් ලැබෙන ණය: US$ 300 million

    D. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබීමට Special Drawing Rights (විශේෂ අයිතිවාසිකම් ප්‍රදානය): US$ 800 million

    (මේ SDR මුදල් කරන්න ඇමරිකානු එක්සත් ජනපදයට විකිණීමට අවශ්‍ය වෙයි.)

    E. විදේශ විනිමය වෙළෙඳපොළෙන් මහ බැංකුව මගින් නියමිත මිලදී ගැනීම්: US$ Mn 200

    F. දේශීය බැංකු සතු ස්වෛරීත්ව බැඳුම්කර (ISB) වලින් ලැබෙන මුදල්: US$ Mn 300

    G. කොළඹ නගරයේ වටිනා රජයේ ඉඩම් කොල්ලකමින් ඒවා 'ඌන උපයෝජිත වත්කම් උපයෝගීකර ගැනීම' ලෙස විදේශ සමාගම් වලට විකුණා ලබාගැනීමට අපේක්ෂිත මූල්‍ය ගලා ඒම්: US$ 400 Mn

    H. මේ අතර එතෙක් මෙතෙක් ලංකාවේ ඉතිහාසයේ ඇමරිකානු එක්සත් ජනපදයෙන් ලබා ගන්නා විශාලතම ණය ආධාර මුදල ලබා ගැනීමට ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු විසින් හසුරුවන්න ලංකාවේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින අතර ඇමරිකානු පුරවැසි ලංකාවේ මුදල් ඇමති බැසිල් විසින් දමන ලද කුප්‍රකට ඩීල් වලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද රජයේ සංවර්ධන මූල්‍ය ආයතනය වන ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව මගින් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 150 ක ණයක් මූල්‍යාධාරයක් ලෙස ලබා දීලා තියෙනවා.

    පහුගිය වසර 73 පුරා ඩොලර් ලක්ෂයක් පමණ හෝ ඊට අඩු ඉතාමත් කුඩා ආධාර ලබා දුන් ඇමරිකානු එක්සත් ජනපදය ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායයන් සංවර්ධනය, පෞද්ගලික අංශයේ ආයෝජන ශක්තිමත් කිරීම සහ කාන්තා ව්‍යවසායකයින්ට සහාය දීමේ අරමුණෙන් ඩොලර් මිලියන 150 ක් විතර අතිශයින් විශාල වූ ණයක් ලබා දෙන මරා වාදීන් මහ ඉහළින් අනවශ්‍ය ලෙස වර්ණනා කිරීම ජවිපෙ සහ සජබ පක්ෂ වල දැඩි විරෝධයට ලක් වුණේ ආණ්ඩුව ණය ගැනීමෙන් සුරතාන්තයට පත් වූ බවට දැඩි විවේචනයට බඳුන් වුණා.

    කෙසේ නමුත් එම මිලියන 150 ලංකාවේ පෞද්ගලික බැංකුවක් හරහා ලබා දෙන අතර ඇමරිකන් ජාත්‍යනතර සංවර්ධන මූල්‍ය සංස්ථාව මෙතෙක් ඇමරිකන් එක්සත් ජනපදයෙන් ලංකාවට ලබා දුන් විශාලතම මුදල ලෙස වාර්තාවක් පිහිටුවීමට යන ගමන් ලංකාවේ මහ බැංකු වාර්තා අනුව 2021 අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 16.28 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර එයින් ඩොලර් බිලියන 6.57 ක් විදෙස් ණය ලෙසින් වාර්තා වී තිබුණ බව එක මාධ්‍යක මම දැක්කා. මේක බොරු නේද? ලංකාවේ විදේශ ණය ඩොලර් බිලියන 32 ක් විතර තියෙනවා නේද?

    ReplyDelete
  9. මාතා,

    මීට කලින් බඩ උඩීන් හිටපු ඇමැතිගේ බිරිඳ ශ්‍යාබ්දීන් අයේෂාගේ තවත් සොහොයුරකු දැරියක දූෂණය කිරීමේ සිද්ධියකට වරදකරු වී ඒ කාලේ 2007 වසරේ මැයි මස 29 වැනිදා අධිකරණය මගින් සිර දඩුවම් නියම කරලා තියෙනවා කියලා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

    ඒ වගේම මොහොම්ම්ද් හනීෂ් නමැති මොහුට කොළඹ අංක 01 මහාධිකරණය මගින් වසර පහළොවක සිර දඩුවමක් නියම කර ඇති අතර ඒ අනුව ඔහු සිරකරු අංක එල්. 17462 යටතේ වැලිකඩ බන්ධනාගාරයේ වසර 2022 වනතුරු රඳවා සිට ඇති අතර එසේ සිර දඩුවම් විදිමින් සිටි ඔහු ඉකුත් 2016 වසරෙදී පමණ එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ නිර්දේශ මත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාලන සමයේ එම දඬුවම ඉතාමත් කලින් අත්හිටුවීමට තීරණය කර ඇතැයි ද එහි ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇතැයි මාධ්‍ය හරහා පෙන්වා දුන් බව දැක්කා නේද?

    ඒ වගේම බඩ උදීන්ගේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිටියදී පිළිස්සුම් තවාල සහිතව අතවරයටද පත්ව මියගිය ඉෂාලිනී ජූඩ් එහි සේවය කළ කාලයේ බදියුදීන්ගේ බිරිඳගේ සොහොයුරෙකු එම නිවසේ සිටි බවටද ඉකුත් දිනවල තොරතුරු ලැබී තිබිණි.

    එසේ බඩ උදීන්ගේ නිවසේ සිටියේ දැරියක දූෂණය කිරීමේ සිද්ධියට සිරගතව සිට පැමිණි බඩ උදීන් බිරිදගේ සොහොයුරාමදැයි මෙතෙක් අනාවරණය වී නැත.

    මොහු මෙසේ බන්ධනාගාරගතව සිටියදී බඩ උදීන් ඇමැතිවරයකුව සිටි අතර එම කාල සීමාව තුළ සිය මස්සිනා ඉක්මනින් නිදහස් කරවා ගැනීම සදහා ඔහුගෙන් බන්ධනාගාර බලධාරීන්ට විවිධ ආකාරයේ දැඩී බලපෑම් එල්ල කරවූ බවද එම මාධ්‍ය වල පලවී තිබුනා.

    මේ වගේම මේ වගේ බරපතල වසංගතයක් පැතිරී ඇති වෙලාවක ගුරුවරුත් අරං පාරට බැහැලා උගෝෂණ කරවලා ගුරුවරු ලෙඩ්ඩු කරලා දිනවන්නේ අර මන්ද මානසික ජෝසෆ් ස්ටාලින් කියන බඩ තඩි ගොන් රිලවා මයික් එක ඉස්සරහා පෙන්නන ගැටළු නෙමේ... සජිත් ප්‍රේමදාසගෙ, අනුර කුමාරගෙ පටු දේශපාලන අරමුණුයි..

    උද්ගෝෂණය කරන සියල්ලන් ජවිපාවුන් නෙමෙයි. ජවිපෙ ඡන්ද පදනම 3% වුනාට වක්‍රාකාර වහල් පදනම ඊට වඩා කිහිපගුණයක් වැඩියි. ජවිපෙ සෑම විටම වැඩ කරන්නේ පවතින විපක්ෂ⁣ය සහ වෘත්තීය සමිති සම්බන්ධ කරන බ්‍රෝකර් කෙනෙකු ලෙසයි.

    මේ වෙලාවෙ මෙතන පිරිස් කීපයක් ඉන්නව.

    1.ස.ජ.බෙ
    2.ජ.වි.පෙ
    3. තමන් හෙන අරගල කාරයො කියල හිතාගෙන ඉන්න එවුං.

    අපි හෙන අරගල කා⁣රයො කියල හිතාගෙන මුං පාරට බැස්සට මුං දන්නෙ නෑ ඔය ඉෂ්ට කරන්නෙ තව එකෙක්ගෙ contract එකක් කියල.

    ඕක මෙහෙයවන එවුංට සහ ඉදිරිපෙල එවුංට කිසිම උවමනාවක් නෑ ඉල්ලීම් දිනාගන්න. මෙහෙයවන එවුංගෙ අරමුණ ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීම. ඉදිරිපෙල උංගෙ අරමුණ ආර්ථික වාසි ලබන ගමං තමන් market වීම.

    හිතල බලන්න ඉල්ලපු ගමං රජය කිව්වනං "හරි අපි වැඩි කරල දෙන්නං" කියල උංට ඇති වැඩක් නෑනෙ�� උං මේකෙන් ගන්න ආතල් එක තමයි ජනප්‍රිය වීම, කැපීපෙනීම සහ බඩවියත රැකගැනීම.

    ලොක්කන්ගෙයි බ්‍රෝකර්ලගෙයි වෘත්තීය සමිති නායකයන්ගෙයි ආතල් එක සහ බඩවියත වෙනුවෙන් මේ දුක්විදින්නෙ උද්ගෝෂණය කරන අහිංසක ගුරුවරු. ශිෂ්‍ය සංඝම් වලත් ඔය ටිකම තමයි.
    ඒ මිනිස්සු හිතං ඉන්නෙ "අපි පාරට බැහැල අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනව" "අපි සුපිරි අරගල කාරයො" කියල.

    ඒත් ඇත්තම කතාව මේ පාරට බැහැල කරන්නෙ අර තුංකට්ටුවගෙ ආතල් එකේ වහලුන් වෙන එක පමණයි.

    ආණ්ඩුවත් මේක අදින්නෙ ඇත්තටම ආණ්ඩුවටත් මේක හොද දෙයක්. මේ විදිහට උද්ගෝෂණ කර කර ඉද්දිරටේ තියන ඇත්ත ප්‍රශ්න මිනිස්සුන්ට අමතක වෙනවා.රට තියෙන්නෙ ආර්ථික අඝාදයක කියල අමතක වෙනවා. කොරෝනා ඉදිරියට වැඩිවුනත් ඒකත් මුංගෙ පිටම දාලා ෂේප් වෙන්නත් පුලුවං.

    ඉතිං මේ උද්ගෝෂණය කරන පිරිස ලොක්කන්ගේ, බ්‍රෝකර්ලගේ, වෘත්තීය සංඝම් නායකයින්ගේ පමණක් නෙමෙයි ආණ්ඩුවෙත් ආතල් එකේ වහල් ඉත්තන් පිරිසක් පමණයි.

    ඇත්තටම මේක සරලව විසදන්න උවමනාවක් තිබ්බ නං මේ වගෙ ගොබ්බ වැඩ කරන්නෙ නැතුව වෘත්තීට සංඝම් වලට තිබුනා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට පැමිණිල්ලක් කරන්න තමන්ගේ නියමිත වැටුප ලබා නොදීම තුලින් ලංකාවෙ ආණ්ඩුව තමන්ගෙ මානව හිමිකම් උල්ලංගනය කරා කියල. ඒ වගේම යුරෝපා සංඝමයෙ තානාපතිකාර්යාල වලටත් මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න තිබුනා. මොකද වැටුප් වැඩිකිරීමකට වඩා නියමිත වැටුප ලබා නොදීම කියන්නෙම මානව හිමිකම් දැඩි ලෙස උල්ලංගනය කිරීමක්. අනිවාරෙන් ජාත්‍යන්තරය ලංකාවෙ රජයට බලපෑමක් කරනව මේ සම්බන්ධයෙන්. රට පත්වෙලා තියන අන්ත අසරන තත්වෙ නිසා ඒ බලපෑමට යටත් වෙන්නත් ආණ්ඩුවට සිද්ද වෙනව. පහුගිය කාලෙ එහෙම සිදුවුනු ජාත්‍යන්තර බලපෑමක් නිසා අසාධාරණව සිරගත කර සිටි ආරක්ෂක අංශ නිලධාරියෙකුත් නිදහස් වුනා.(දන්නෝ දනිති ඒ ගැන)

    ඒත් එහෙම කරොත් වෘත්තීය සංඝම් නායකයොයි රතු අයියලා ටිකයි කොහොමද තමන්ගෙ අරමුණු ඉෂ්ට කරගන්නෙ.
    එයාල contract එක ගත්තෙ ප්‍රශ්නයක් හදල පත්තු කරන්න මිසක් ප්‍රශ්නෙ විසදන්න නෙමෙයි.

    දැං ඉන්න ආණ්ඩුවෙ උං විපක්ෂයේ ඉන්න කාලෙත් බ්‍රෝකර්ල හරහා ඔය විදිහටම ඒ කාලෙ තිබ්බ ආණ්ඩුවෙන් ආතල් ගත්තා.

    ඒ කාලෙත් මේ කාලෙත් උද්ගෝෂණය කරන උං අරුංගෙ ආතල් එකේ වහල්ලු පමණයි.

    ReplyDelete
  10. මාතා,

    ලංකාවේ ගොබ්බ වාමාංශික තක්කඩි අමනයන්ට රැවටී දේශපාලන ව්‍යාපෘති වල අතකොලු වී ඇති ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීමෙන් වැළකී සිටීම යනු එක්තරා ආකාරයක විහිළුවක්. මොකද මේ 21 වන සියවසේ ජීවත් වන අද දරුවන්ට ඉගෙන ගැනීමට ගුරුවරුන් අවශ්‍ය නොවේ. මානව දැනුම අන්තර්ජාලයේ විවෘතව නිදහස්ව ඇත. ගණිතය විද්‍යාව තාක්ෂණය කලාව ඉතිහාසය ආගම දර්ශනය භාෂා ආදී ඕනෑම විෂය දැනුමක් සරල මට්ටමේ සිට ගැඹුරු මට්ටම දක්වා අන්තර්ජාලයේ ඇත. ඕනෑම දෙයක් ගැන දැන ගැනීමට කළ යුත්තේ එයට අදාළ වචන Google හී ලියා බොත්තම එබීමයි. එයට අදාළ සියලු තොරතුරු ඇතුළත් මිලියන ගණන් වෙබ් පිටු ක්ෂණයකින් අපට ලැබේ. ඒවා ඉගැන්වීමට සාම්ප්‍රදායික ගුරුවරුන් අවශ්‍ය නැත. මන්ද ඒවා පැහැදිලි කළ හැකි හොඳම ආකාරයෙන් පැහැදිලි කරන වීඩියෝ YouTube වල තියෙනවා. ජනප්‍රියතාවය අනුව පෙළගැස්වීමෙන් ලක්ෂ ගණනක් ලෝවැසියන් විසින් බලා අනුමත කළ වීඩියෝ අපට තත්ත්පරයෙන් සොයා ගත හැකියි. තමන්ට අපැහැදිලි දෙයක් ඇත්නම් Quora වැනි සමාජ මාධ්‍යයක විවෘතව ඇසිය හැකියි, පැය ගණනකින් පිළිතුරු ලැබේ. කිසියම් නිර්දේශයක් අනුව සකස් කළ පාඩම් ලෝකයේ හොඳම ගුරුවරුන් විසින් උගන්වා දැනුම පිරික්සා බලන Khan Academy වැනි ඔන්ලයින් පාසල් ඇත. සාම්ප්‍රදායික පාසල සහ එහි සාම්ප්‍රදායික පංති කාමරයේ සාම්ප්‍රදායික ගුරුවරයා 21 වන සියවසේ අන්තර්ජාලය විසින් ප්‍රතිස්ථාපනය කර ඇත. එය මානව ශිෂ්ටාචාරයේ නොවැළක්විය හැකි දියුණුවකි. කෙතරම් විරෝධතා කළත් මේ පරිවර්තනය නැවැත්විය නොහැක.

    කෙසේ නමුත් මෙය සාර්ථක කරගැනීමට ලංකාවේ තවත් කළ යුතු දේ කිහිපයක් තිබේ. ඒවා එතරම් අපහසු දේ නොවේ. අප කළ යුත්තේ අන්තර්ජාලයේ ඇති දැනුම ලබා ගැනීම පහසු කිරීමයි. මිනිසා උපතින්ම ගවේෂණාත්මක සතෙකි. කුඩා දරුවන් කුතුහලය පිරි උන්ය. දේවල් සොයා ගැනීමට ඔවුන්ට අමුතුවෙන් කියා දිය යුතු නැත. අප කළ යුත්තේ ඒ ගවේෂණාත්මක දරුවාට සහාය දීමයි. දරුවාටම දරුවාගේ වේගයෙන් දරුවාට කැමති ලෙස දැනුම සොයා යෑමට සැලැස්වීමයි. අප දරුවන්ට ඉගැන්විය යුත්තේ අන්තර්ජාලය භාවිතා කරන ආකාරයයි. එහි තමන්ට අවශ්‍ය දැනුම ඉක්මණින් ලබාගත ආකාරය කියා දීමයි. එම පර්යේෂණ ක්‍රම පවා අන්තර්ජාලයේ තිබේ. එනම් ඉගෙන ගන්නා ආකාරය පවා අන්තර්ජාලයෙන්ම ඉගෙන ගත හැකිය. විවිධ සමාජ අවශ්‍යතාවයන් සඳහා එම දැනුම පිරික්සා බලන සංස්ථාපිත ක්‍රමවේද අලුත් ලෝකයට අලුත් කළ යුතුය.

    මෙසේ අන්තර්ජාලයෙන් ඉගෙන ගැනීමට ඉංග්‍රීසි භාෂාවේ අවශ්‍යතාවය එන්න එන්න අඩු වෙමින් තිබේ. දැනටත් ඕනෑම සිංහල වචනයක් වාක්‍යයක් ක්ෂණයකින් ඕනෑම භාෂාවකට පරිවර්තනය කරගත හැකිය. එමෙන්ම ඕනෑම ඉංග්‍රීසි වචනයක් වාක්‍යයක් ක්ෂණයකින් සිංහලට පරිවර්තනය කරගත හැකිය. අන්තර්ජාලයේ සිංහල බසට වඩා සාපේක්ෂව දෙමළ බස දියුණු වී තිබේ. එයට හේතුව එය භාවිතා කරන මිනිසුන් සංඛ්‍යාව වැඩි වීමයි. උදාහරණයක් ලෙස Khan Academy පාසලේ වීඩියෝ සඳහා දෙමළ පරිවර්තනය ඇති මුත් සිංහල පරිවර්තන නැත. ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතන සහ වෘත්තිකයන් කළ යුත්තේ සිංහල භාෂාව අන්තර්ජාලයේ පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයෙන් අවශ්‍ය මෘදුකාංග සැකසීමයි. ඒවා පහසුවෙන් කළ හැකිය. අවශ්‍ය වන්නේ නිසි සැලසුම් සහ අනුග්‍රහයයි. ඉතිරිය දරුවන් විසින් කරගනු ඇත.

    මේ වගේම ලංකාවෙ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් අදාල පුද්ගලික සමාගම් වලට අවශ්‍ය රාජ්‍ය සහය ලබා දී අන්තර්ජාලයට පිවිසීමට අවශ්‍ය පරිගණක සහ දත්ත සම්ප්‍රේෂණය සඳහා වියදම අඩු කළ යුතුයි. ඒ ගැන දැනට රජය කරගෙන යන ක්‍රියාවලිය තවත් වේගවත් කිරීමට අවශ්‍යයි, සෑම දරුවෙකුටම අධ්‍යාපනයට පරිගණකයක් ලැබෙන වැඩපිළිවෙලක් සැලසුම් කළ යුතුයි.

    දැනට ලංකාවේ දූෂිත රාජ පක්ෂ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් කරන පාරවල් කාපට් කිරීම, නගර අලංකරණය, පහත්බිම් ගොඩකර ඇවිදින මංතීරු හැදීම, උසම පළලම සුඛෝපභෝගී රාජ්‍ය සේවා බිල්ඩින් හැදීම, මන්ත්‍රීවරුන්ට සැප වාහන ගෙන්වීම ආදී යල් පැන ගිය දේසපාලුවන්ගේ පරණ සංවර්ධන වැඩ සඳහා අනවශ්‍ය වියදම් නොකර නූතන මිනිසුන්ගේ නූතන සමාජ ආයෝජන ක්‍රම යොදා ගනිමින් දරුවන්ගේ අතට අත්‍යවශ්‍ය මෙවලම් ලබා දිය යුතුය. 21 වන සියවසේ දරුවන් ඉතිරිය කරගනීවි.

    ඒහා සමගාමීව සාම්ප්‍රදායික ගුරුවරයා මිය යෑම වැළැක්විය නොහැකියි. අද ඔය පාරවල් ගානේ රස්තියාදු වීමෙන් පෙනෙන්නේ එම අවසානයයි. අලුත් තත්ත්වයන්ට වෙනස් වීමට නොහැකි සතා වඳ වීම වැළැක්විය නොහැකියි. අනිත්‍ය ස්වභාවය ධර්මතාවයකි. අද ගුරුවරයා යනු පහසුකම් සපයන්නෙක්, උනන්දු කරවන්නෙක් පමණයි. මාවත පෙන්වා දෙන්නෙක් පමණක්ම වන ගුරුවරුන්ට කළ හැකි එකම දෙය වන්නේ අන්තර්ජාලයේ දැනුම තවත් හොඳාකාරයෙන් සකස් කර විවෘතව පළ කිරීමයි. ඒවායේ හොඳ නරක අනුව දරුවන් ඒවා භාවිතා කරාවි. දරුවන් විසින් සාර්ථක ගුරුවරයා තෝරා ගනීවි. මේ වෙනස්කම ලංකාවේ සටකපට රාජපක්ෂ හිතවාදී සේරිවාණිජ කපටි ව්‍යාපාරිකයන් විසින් තම ලාභය සඳහා අත්පත් කරගැනීමට පෙර අප ඉක්මන් විය යුතුයි. අප්‍රමාදීව කටයුතු කළ යුතුයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න