.

.

Aug 10, 2021

ආන්ඩුව හත්පොලේ ගාගෙන අවසානය



ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියා අපේ උන් කීවේ කට කහනවාට නොවේය. ඔය පොටෝ එකේ තියෙන්නේ ප්‍රජාතන්තවාදයේ මහගෙදර පිහිටා ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ මහ දේවාලය වන ඇමරිකාවේ වොෂින්ටන්හි පිහිටි කැපිටල් බිල්ඩින් එකට ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ උපරිමය බුක්ති විඳිමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බත් බැලයන් ඇවිත් රීලා ගිය වෙලාවේ ගත් එකක්‍ය.

අප එදා  දුටුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටෙන් ජනාධිපතිධූරයට පත්වූ මානසික රෝගියෙක් අවසානයේ ඩොමොක්‍රසියේ මහ දේවාලටත් ෆක්ඩ් අප් කරපු එකය.

ප්‍රජාතන්ත්‍රවාදය පිස්සන්ට භුක්ති විඳින්නට දුන්නොත් සිඳුවන්නේ එය බව එදා ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයටම පෙන්වා දුන්නේය.

ඝෝඨාභය රාජපක්ෂ යනු එතෙක් මෙතෙක් පහළවූ ජනාධිපතිවරුන් අතරින් වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී නායකයාය යන්න දේශපාලන වහලුන්ගේ නොව මැදිහත් දේශපාලන විචාරකයින්ගේ මතයයි.

විපක්ෂයේ උන් ෆේල් නායකයෙක් ලෙසද ඉල්ලුවේ හිට්ලර් කෙනෙක් ආවේ චැප්ලින් කෙනෙක් ලෙසද, විටෙක පඹයෙක් ලෙසද හඳුන්වන්නේ ඔහුගේ මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසය.

මේ රට මනසින් හා අධ්‍යාපනයෙන් දියුණු මිනිසුන් ඉන්නා රටක් නම් මෙවන් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් පාලනයකට කිසිවකු හෝ විරුද්ධ වන්නේ නම් ඔවුන්ට එරෙහිව ලිවීමට මුලින්ම ඉදිරිපත් වන්නේත් මාතලන්මය.

එහෙත් පට්ට ගෝත්‍රිකයින් ඉන්නා රටක මේ කරන්නේ පිස්සන් කොටුවේ ඉන්නා උන් සියල්ලම ගෙදර ඇරියා හා සමාන ක්‍රියාවකි.

දරුවන්ගේ අධ්‍යාපනය බිල්ලට ගෙන ගුරුවරුන් ඉන්නා රටක් නොදියුණු අප්‍රිකාවේ මිනී කන උන් ඉන්නා බොට්ස්වානාවේ හෝ ඇතයි කියා මාතලන් නම් සිතන්නේ නැතිය.

කොරෝනා පාලනයට පෙර මෙරට මාධ්‍යය පාලනය කළ යුතු බව මාතලන් මුල සිටම ලියා තැබුවේය. කොරෝනා ගැන වෙනම මාධ්‍ය ප්‍රකාෂකයකු පත්කල යුතු බවත් ඇමතිවරියට හෝ එක එක මත ප්‍රකාෂ කිරීමට ඉඩ නොදිය යුතු බවත් මාතලන් ලියා තැබුවේය.

මන්ද සියළු ක්ෂේශ්ත්‍රයන් නියෝජනය කරනා සාමාජිකයින්ගෙන් සමන්විත කොරෝනා මර්ධනය කිරීමේ කමිටුවක් පිහිටුවා අවසාන නිසාය.

එහෙත් සිඳුවූයේ කුමක්ද, ජනාධිපති එකක් කියන, ශවේන්ද්‍ර තවෙකක් කියන, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තවෙකක් කියන, ඒ යකාගේ මාජ්ජ ප්‍රකාෂක ඊට හාහාත්පසින්ම වෙනෙකක් කියන, ගොම සංගමය තවෙකක් කියන, හෙද සංගමය තවෙකක් කියන, සෞඛ්‍ය රසායනාගාර සමිතියේ උන් තවෙකක් කියන, කුණු ඉනිස්පැට්ටර්ලා තවෙකක් කියන, එකම පිස්සු විකාරයකි.

මුන්ගෙන් අති බහුතරය රාජිතගේ බත් බැලයන්‍ය. පට්ටම ජෝක් එක කියන්නේ කොරෝනාවලට වෙනම පත්කල ප්‍රනාන්දුපුල්ලේ නෝනා මයික් එකක් දැක්ක ගමන් ආන්ඩුවේ මතයට විරුද්ධව බයිලා ගහනා එකය.

බලන බලනා චැනල් එකේ මහ රෑ යක්කු ගස් යන වෙලාව පසුවෙලාත් කොරෝනා ඉස්පැසොලිස්ට්ලා වැහි වැහැලාය. 

සමහර වස්සන් තවමත් පැණියක් හා කලගෙඩියක් ගැන මතුරති. එහෙත් ඒ සියල්ල කළේ වික්සීන් එකක් එන්නට පෙර කාළයේ කියා කියන්නට ආන්ඩුවේ එකෙක්කත් නැතිය.

ලෝකයේ පළමු වැක්සීනය ලබා දුන් දිනයේ සිට මාසයක් යාමටත් මත්තෙන් වැක්සීනය ලබා දී අද වැක්සීනය වේගයෙන්ම ලබාදෙන රට ලංකාව බව ලියන්නට වෙලා තියෙන්නේ මාතලන්ටය.

වැක්සීනය ගහපු උන්ටත් ඩෙල්ටා හැදෙන බව මුලු ලෝකය පුරා ඔප්පු කර අවසානය. කෙහෙලිය කිව්වා වාගේ දැන් මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය තීරණය කරන්නේ උඩ ඉන්නා දෙවියන්මය. (මාතලන් දෙවියන් අදහන්නේ නැති මුත් සියල්ල තීරණය වන්නේ සංකීර්ණ ගණිතමය සංකල්පයක් මත නිර්මිත ජෝතීර් විද්‍යාව අනුව බව පිලිගනී)  

රට වසා දාන්න කියන්නේ අභියෝගවලට මුහුණ දිය නොහැකි කාළකන්නින්‍ය. මුන් සියල්ලෝම මාසේ පඩිය නොවරදවා ගිණුමට වැටෙනා ආන්ඩුවේ පින් පඩි කාරයෝය.

එහෙත් මුන්ටත් පඩිය ගෙවන්නේ මේ රටේ ව්‍යාපාරිකයින් හා සමස්ත ජනතාවම කන බොන දෙයට ගසා ඇති හෙන ගගනා බදු නිසා බව උන්ට අමතකය.

මේ හදිසි අවස්ථාවක් බව ඇත්තය. සෞඛ්‍ය උපදෙස් පයිසෙකට මායිම් නොකලේ ගුරුවරුන්‍ය. උන්ට පඩිය පමණක් නොව වැක්සීන් දෙකම ලබා දෙන්නටත් ආන්ඩුව මෝඩ විය.

මේ මුලු ලොව වෙලාගත් වසංගතයක් පවතින මොහොතකි මේ මොහොතේ වහාම මාධ්‍ය පාලනයකට යා යුතුය. එක එකාට බයිලා ගැසීමට හා පිස්සු කෙලීමට ඉඩ දිය යුතු නැත.

ඊයේ තම මවගේ මිණීය අසල අඩනා අති සංවේදි දර්ශනයක් දෙරණ රූපවාහීයේ නිව්ස් වලට පෙන්නුවේය. මේවා පට්ට ගෝත්‍රික මාධ්‍යකරණයන්‍ය.

ප්‍රධාන පෙලේ මාධ්‍ය කියන්නේ සමාජ මාධ්‍ය නොවේ. සමාජ මාධ්‍ය තුලද මේවා දමන්නේ තුප්පහි ගෝත්‍රිකයන්‍ය.

ආන්ඩුව වහාම ප්‍රේමදාස පාලන සමයේ ප්‍රවෘත්ති හා මාධ්‍ය ප්‍රතිපත්තියට යා යුතුය.

නැත්නම් පෞද්ගලික මාධ්‍ය සියල්ල විසින් විපක්ෂය පමණක් නොව ආන්ඩුවේම කාළකන්නින් හා එක්ව මේ රට ගිනි තබනා දිනය වැඩි ඈතක නොවේ.

අවම වශයෙන් ආන්ඩුව එක එකාට බයිලා ගසන්නට නොදී කොරෝනා මාධ්‍ය ප්‍රකාෂකයකු පත්කල යුතුය.


ඒ වගත් මෙසේය....



11 comments:

  1. ස' ෆේල්

    ReplyDelete
  2. මා තලන් වහෙන් ඕරෝවෙන් පිළිගන්නේ ස ෆේල් කියලද? මේක රාජසාපය!

    ReplyDelete
  3. ඒ අය ගාගෙන දැන් මාතලන්ගේත් ගාලද

    ReplyDelete
  4. අපිට ඕක තේරුනේ දනපාල බාසට කියල පැණි හදවගත්ත කාලේ

    ReplyDelete
  5. මට නං අහන්නට හිතුණේ එකම එකයි
    'අලුතෙන් හැදූ මීඩිය ඒකකය බුදියි?'

    ReplyDelete
  6. මමනම් ඔය එකෙක්වත් කියන දේවල් පයිසෙකට මායිම් කරන්නෑ.. පුළුවන් තරම් මම ආරක්ෂාවෙලා වටේ ඉන්න උන්වත් ආරක්ෂා කරගන්න මගෙන් කෙරෙන්න ඕනා ටික කරණවා. එච්චරයි. මොකද ඔය එකෙක්වත් තියා හූ එකේ මහ එකාවත් වෙන්නෙ මොකකද කියලා දන්නෙ නෑ.. අන්ද මංද වෙලා ඉන්නෙ..

    මේක උද්ගෝෂණ කරන්න සුදුසු වෙලාවක් නෙමේ කියලා තේරුම් ගන්න බැරි ගුරුවරු ඉන්න රටක අනාගතය ගැන හිතා ගන්නවත් බෑ.. මොකද ඔය ගුරුවරුමනෙ ළමයිගෙ ඉදිරිය සකස් කරන්නෙ...

    ReplyDelete
  7. ඔයා දැන් ඉරාජ්ටත් එහා මාතලන්. හැබැයි ඌට වැඩිය ඉදිරිපත් කිරීම ලස්සනයි. ඕන පතාක යෝදයෙක් කුට්ටියට යටයි

    ReplyDelete
  8. කෙඳිරි ගානවා තිස්ස විතාරණ
    මගෙන් ඇහුවෙ නෑ කියලා

    ඇඳිරි නීති දාලා රට වහමුද
    විමසති රට දොස්තරලා

    ඩොලර් එන්නෙ කොහොමද රට වැහුවොත්
    අහන්නෙ බන්දුල ගොයියා

    ධනපති හොල්ලා සල්ලි ඉල්ල ගමු
    එහෙමත් පුබුදුට හිතිලා

    අඬු කැඩිලත් නොබලපු දෙවිවරු
    යදිති මැතිඳු කෙහෙළිය නම්

    සේරම අහගෙන නන්දෙට හිතුනලු
    උපන් බිමට වැඩිය තැනක්
    එතෙර තිබෙන්නේ

    ReplyDelete
  9. ලෝකයේ විශාලතම ආර්ථිකය සහිත ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපීය රටවල්, ඊශ්‍රායෙල් වගේ අධික ලෙස වැක්සීන් එක ගහපු රටවල් වල පවා මේ දවස් වල කෝවිඩ් රෝගීන් ගනන සීග්‍රයෙන් ඉහල යනවා, විශේෂයෙන්ම එන්නත ලබා නොගත් අය අතර සීඝ්‍රයෙන් කෝවිඩ් පැතිරෙනවා, විශේෂයෙන්ම ඩෙල්ටා එක. සයිනොෆාම්, ස්පුට්නික් සහ පයිසර් වගේ එන්නත් ලබාගත් අය හරහාද අනික් ප්‍රභේද වල ඒවා පැතිරීම බොහෝ දුරට සීමා වුණත් ඩෙල්ටා ප්‍රභේදය නම් ඉතාමත් වේගයෙන් පැතිරෙනවා.

    ඩෙල්ටා නම් සාපයක්, මේකට හරියන වැක්සීන් එකක් හදාගන්න තව අවුරුද්දකින් විතර පුළුවන් වෙයි ඒත් එතකොට ඊට වඩා බෙහෙවින් වෙනස් භයානක ප්‍රභේද පැතිරීම නිසැකයි. මේක ගැන හරියටම කාටවත් කිසිම දෙයක් තේරුම් ගන්න අමාරුයි මහ මායාවක් බව පේනවා නේද මේවායෙන්?

    ReplyDelete
  10. මල්ලි අන්න මුහුදු ජලයටත් කිලෝ ග්රෑම්එකකට රුපියල් 40ක් බදු ගහල

    එකතුවෙලා අර සින්දුව ආයෙමත් හයියෙන් කියමු
    වන් ... ටූ ... ත්‍රී

    වැඩ කරන අපේ .........

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න