.

.

Aug 4, 2021

වැඩ වර්ජනවලට විසඳුම

 


වැඩ වර්ජනය කිරීම හා උග්ගෝසනය කිරීම වැඩකරන එකාගේ අයිතියක් බව අලුතෙන් කවුරුත් කියන්නට ඕනා නැතිය. ඒක ගෝනා ඔනෙක් දන්නා දෙයකි.

එහෙත් ලොව පුරා මිනී කඳු ගොඩගැහෙන වසංගතයක් පවතින මේ වෙලාවේ වැඩ වර්ජන හා උග්ගෝසන කරනා උන්  මොළය කළඳක් හෝ නොමැති අමු ගොබ්බයින් බවත් නොකියාම බැරිය.

පවතින වාතාවරණය ගැන අවබෝධයක් නැති ගුරුවරුන් යොදාගෙන හූනියන් කාළකනින් ගෙන යන්නේ ඉල්ලීම් දිනාගැනීමක් නොව, අම්බරු රැළ දිනපතා පාරට බසිමින්, ජන ජීවිතය අවුල් කොට, රට අස්තාවර කරමින්, කොරෝනා පතුරවමින් ආන්ඩුව අපහසුතාවයට පත් කිරීම බව දැන් ඉතා පැහැදිලිය.

මන්ද, මුන් මුලින් පාරට බැස්සේ වැඩි පඩි ඉල්ලලාය, ජෝසප්පුවා උස්සාගෙන ගොස් කොරන්ටීන් කලේ ඊට පස්සේය.

ආන්ඩුව හා පැවති සාකච්ඡා සියල්ලේදීම කිව්වේත්, අවසානයේ කැබිනට් තීරණයක් ලෙස පැමිනියේත්, මේ වේලාවේ පඩි වැඩි කිරීමට ආන්ඩුවට මුදල් නැතෙයි කියලාය.

ඊළඟට මුන් සින්දුව වෙනස් කළේය. දැන් කියන්නේ වැටුප් විෂමතාවයක් තියෙනවාය. ඒකට විසඳුම් දියන් කියලාය.

ඒකට විතරක් නොව සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් විශමතා ගැන සොයා බලා ඊට විසඳුමක් ඊළඟ අයවැයෙන් දෙන්නම් කියා ආන්ඩුව පාර්ෂවයෙන් කිව්වේය.

දැන් මුන් කියන්නේ ඒ බයිලා වැඩක් නැතෙයිය. දෙන දවසක් හරියට කිව්වොත් රූම් ගානේ යන්නේ නැතිව, ට්‍රිප් යන්නේ නැතිව, කොළඹ එන්නේ නැතිව ඉස්කෝලේ එන්නම් කියලාය.

ඒ කියන්නේ පට්ට පල් කෙප්පය. ඔහොම දිනයක් හා සොලියුසොන් එකක් දුන්නත් ඊ ළඟට ඕකුන් පාරට එන්නේ කොතලාවල කරේ තියා ගෙනය.

ඔය කිව්වාට බජට්ටෙකෙන් ඕවා විසදන්නේ නැති බව මුලු රටම දන්නවාය.

විශේෂයෙන් ඇමතිවරයාත්, ලේකම්වරයාත් මහාචාර්යවරුන් වන අජ්ජාපන අමාත්‍යාංයෙන් ඔය ගැටලුවලට කිසිදිනෙක විසඳුම් නොලැබෙන බවත් හොඳටම විශ්වාසය.

ඒ උන් දෙදෙනාගේ වැරද්දක් නොවේය. ඒ ලංකාවේ මන්ද බුද්ධික උපාධිකාරයන්ට, උපාධියත් සමඟ මාන්නය හා අලි ඔළුවකුත් ලබා දීමේ කරුමයය.

ෆුටා එකේ උන් කොතලාවල පනතට විරුද්ධ වන්නේ පාලනාධිකාරියේ උන්ට "සර්"කියන්නට වෙන නිසාය කීම, මීට හොඳම උදාහරණයයි.

ඇමතිකම් ලැබී වසරක් ගතවන තෙක්, අවුරුදු 24 ක් පැවතෙන ප්‍රශ්ණයක් ගැන නොදැන උන්නානම් හා දැනගෙන ඒ ගැන වෘත්තිය සමිති හා එකඟතාවයකට පැමිණීමට  නොහැකි වූවා නම්, එයින් කියන්නේ මහාචාර්යවරුන් දෙදෙනාම පට්ට ෆේල් කියලාය.

ගැටළුව ගැන පුළුල් අවබෝධයක් සුසිල් ප්‍රේමජයන්තට තිබුනාට, කරුමෙට උන්නැහේ රාජ්ජ අමාත්‍යවරයාය.

ඔය ඇමතිකම අපේ මැටි ඇමතිට හෝ සනත් නිසාන්තට දුන්නා නම් මේ ගැටළුව අද ඇත්තේ නැති බව කැට තියා කියන්නට පුලුවනිය. ඒ උන් තමන්ගේ එකා ගැන බොක්කෙන්ම සොයා බලනා මිනිසුන්ගේ දහඩිය ගඳ සුවඳ හඳුනනා උන් හා ගැටෙනා උන් විමය. උන් පච වීමට අකමැති උන්‍ය.

කෙසේ හෝ ආන්ඩුව පත්කල ජනතාවද ඉන්නේ කළකිරීමෙන්‍ය. ඒ මහත් බලාපොරොත්තු තබාගෙන පත්කල ආන්ඩුව කොන්දක් නැති ආන්ඩුවක් කියලාය.

ඒ යහපාලන කාළයේ මෙන්ම දැන් ඇත්තේද අස්ථාවර රජයක් බව මිනිසුන්ට දැනෙනා නිසාය. එදිනෙදා කීයක් හෝ හම්බ කර ගන්නා උන්ට පාරේ නිදහසේ යන්න බැරිය. පාරවල් බ්ලොක්‍ය, පාරවල් වසා දමලාය. 

මෙවන් වාතාවරණයක් හමුවේ විදෙස් ආයෝජකයෝ මෙහේ එනවයි කියා ආන්ඩුව හිතනවා නම්, අපිට කියන්න තියෙන්නේ සෝ සොරි ඩොට් කොම් කියලාය. යහපාලනයටත් උනේ මේ සැන්තෑසියමය.

මේ කාළකන්නින්ට වෙඩි තියන්න, කඳුළු ගෑස් ගහන්න හෝ බැටන් චාජ් දෙන්නෙයි කියා අප කියන්නේ නැතිය.

ආන්ඩුව වහාම රටේ හදිසි තත්වයක් ප්‍රකාෂයට පත්කර රාජ්‍ය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමය.

නමුත් ගගර්භණී මව්වරුන්ටත් සේවයට එන්නෙයි කියා කියන්නේ නම් ඒ යකා මනුස්සයෙක් වෙන්නට බැරිය.

අනික් කාරනය නම්, බජට් එකෙන් හෝ පඩි වැඩි කරනවා වාගේ ගොන් වැඩ නොකර සිටීමය. අත්‍යාවශ්‍ය භාන්ඩවලට බදු පිට බදු ගසා පඩි වැඩිකිරීමෙන් සමස්ත ජනතාවට වන සෙතක් ඇත්තේ නැතිය.

ආන්ඩුව කළ යුත්තේ දැනටමත් රටට බරක් වී ඇති ආන්ඩුවේ සේවකයන්ට පඩි වැඩි කර මුලු රටේම උන් අමාරුවේ දමනවාට වඩා,

අත්‍යාවශ්‍ය භාන්ඩ වලට පනවා ඇති හෙන ගහනා බදු ඉවත්කර සමස්ත ජනතාවට සහනයක් සැලසීමය.


ඒ වගත් මෙසේය......





19 comments:

  1. Athyawashya bandawala badhu iwath karagena thoge ammage appage budalenda rajaye wiyadam tika piyawaganne? E asse arahe hospital pirila corona leddungen misnissu merenawa. Thamatah me thuttu deke anduwatai weda beri american karayatai kade yanne tho wage unge guu beti kala jeewath wena kasikabal blog karayo witharai.

    ReplyDelete
  2. බදු ඉවත් කරලා තමා දැන් විරෝපට්ටන් ගහගෙන ඉන්නෙ...

    ReplyDelete
  3. දිනෙන් දිනම වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බවත්, මාස කිහිපයකට ඉහතදී ඉන්දියාවේ දක්නට ලැබෙන තත්වය වැනි භයානක හා ඛේදනීය තත්වයක් ඉදිරියේදී ඇතිවිය හැකි බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. රෝගීන් වැඩිවීමේ සීග්‍රතාවය තවදුරටත් ඉහළ ගියහොත් වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය සේවකයන්ට රෝගීන් වැඩිවන ආකාරය බලා සිටීම හැර වෙනත් කළයුතු කිසිවක් නොමැති බවයි ඔහු අවධාරණය කරන්නේ.

    මාරයි නේ

    ReplyDelete
  4. අළු යට සැඟවී සැඟවී තිබිලා
    ගිනි පුපුරක් දැන් කලඑළි බැහැලා
    යළි සඟවනු බැහැ ගුරු හොරු කියලා
    ගුරු සටනින් යයි සිරිලක දෙදරා

    ReplyDelete
  5. Joseph Stalin (what a name!!) and the clan is on suicide express, most protesters and family members will be dead soon by Delta.

    BTW Mr Maathalan can you pl remove Thushra baduawa from your wall? Hard to open this page in the office due that photo.

    ReplyDelete
  6. වමත කරන දේ දකුණත නොදත් විට
    කකුලේ ලෙඩට ඔසු, පිටිකර බඳිනකොට
    තම-තමන්ට විතරක් ගොඩ බෙදනකොට
    පුදුමද? මෙහෙම දේවල් පැන නඟිනකොට

    ReplyDelete
    Replies
    1. සඝ වෙද ගුරු ගොවි කම්කරු මොළ කාලා

      ගිය පෙළපාලි සටන්පාඨ හඬ දාලා

      මෝචරි පිරි විසල් මහනුවරක් වීලා

      උද්ඝෝෂණ කළ දන යාවි ද මැරිලා

      Delete
  7. මෙම කරුණු ලංකාවේ සමාජ විද්‍යා සාහිත්‍යයට එකතු වී නැත්තේ අපට ආත්ම මූලිකත්වය ගැන විද්‍යාවක් නැති නිසා ය.
    යම් ව්‍යාපෘතියක සාර්ථකභාවය මිනිය යුත්තේ සංස්කෘතික අගතීන්ගෙන් නොව පසු ආවර්තිත දයලෙක්තික චින්තනයෙනිතාර්කික අනුභූතිවාදී රාමුවක ගිලී ඇති ලංකාවේ සමාජ විද්‍යාව සහ මානව විද්‍යාවට ඉහත සාධක ගැන සංවේදීතාවයක් නැති වීම ගැන මාතලන් පුදුම විය යුතු නැත.

    ReplyDelete
  8. Meya kalyaka ravi ...ranil ge puka lewa kawa....dan namal babyge..

    ReplyDelete
    Replies
    1. නැහැ බන් මේකට රනිල් රවී ඍජුව සම්බන්ධ නෑ නේද? මොකද මොළේ තියෙන ගුරුවරුන්ට තේරෙනවා මේ එන්ජි ඔ කුක්කන්ගෙ සහ පෙජ්ජන් ඇතුලු කාලකන්නින්ගේ නූතන මෙහෙයුම්කරු වන සජියගේ වැඩක් කියලා.

      සමහර වෙලාවට උඹ කියනවා වගේ කපටි රාජපක්ෂ ආණ්ඩුව විසින් රනිල්ගේ සහය ඇතුව උප කොන්ත්‍රාත්කරු ජේ වී පී එකට වැඩේ දීලා උපන් ගෙයි මෝඩ මීහරක් ජේවීපී මීහරක් රැල කඩේ යවලා කොවිඩ් වසංගතය පාලනය කිරීමේ ආණ්ඩුවේ අසාර්ථක බව වහගත්තා වෙන්න පුළුවන්. ගල් කපටි ලෝකෝත්තර බැසිලිකා ගොයියා ඔය වගේ ඩබල් ගේම් වලට දෙයියා නේ.

      හැබැයි සජිත් ඔහොම උනාට එයාගේ අප්පුච්චා එහෙම බලේ හිටියනම් දවසෙන් වර්ජනේ ඉවරයි.

      Delete
  9. මාතා, මේ ගුරු-විදුහල්පති වෘත්තීය සංගම් වල නායකයන්ගේ උවමනාව පරිදි සංවිධානය කර මහනුවර සිට කොළඹ බලා ගමන් ආරම්භ කර තිබූ විරෝධතා පා ගමන නවත්තන්න වෙලා තියෙනවා නේද?

    නුවර පාර පස්යාල ප්‍රදේශයේදී ඒ විරෝධතා පෙළපාලිය අවශ්‍ය තරමට සෙනග නැති නිසා නවතා දමා ඇත්තේ ජෝසප් ස්ටාලින් ප්‍රමුඛ ගුරු නායකයන් විසින් මේ දවස්වල පවතින කොරෝනා ඩෙල්ටා තත්වය ගැන සැලකිල්ලට ගනිමින් මේක නැවැත්වීමට තීරණය කළ බවට මාධ්‍ය මගින් ව්‍යාජ ප්‍රචාරයක් දෙමින්.

    මේ රට හොල්ලන්න පුළුවන් මහා පා ගමන සදුදා උදේ පාන්දරම කොළඹට පැමිණ කොළඹ පුරවා අතිමහත් විශාල බලසම්පන්න විරෝධතාවක් පැවැත්වීමටත් සංවිධානය කර තිබුණා. නමුත් දැන් වැඩේ හබක් වෙලා.

    වසර විසි හතරක් තිස්සේ පැවති ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරිම, කොතලාවල පණත අකුලා ගැනීම, ඇමරිකන් සමාගම් වලට විදුලි බලාගාර සහ තෙල් පිරිපහදුව ලබා දීම නැවැත්වීම, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ පරිසර විනාශය වැලැක්වීම, සිංහරාජ වනාන්තරය බේරා ගැනීම, අන්තර්ජාල පහසුකම් ඇතුළු ඉල්ලීම් අති විශාල ප්‍රමාණයක් මුල්කර ගනිමින් මෙම විරෝධතා පා ගමන ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් ආරම්භ කරනු ලැබුවේ ජවිපෙ ජාතික ජන බලවේගයේ ජෝසප් ස්ටාලින් සහ සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති වල නායකත්වය සමග සජබ මහින්ද ජයසිංහ ප්‍රමුඛ ගුරු නායකයන් විසින්.

    ඒත් කොවිඩ රෝග ඩෙල්ටා බරපතල ව්‍යාප්තිය මැද විරෝධතාවය පැවැත්වීම සම්බන්දයෙන් ගුරු විදුහල්පතිවරුන් අතර දැඩි මතබේදාත්මක තත්වයක් ඇති වී තිබූ අතර පා ගමන හා එක්වීමට පිරිස් සොයා ගැනීම බරපතල විදිහට අපහසු වී තිබූ බවත් මාධ්‍ය වලින් වාර්තා කරල තියෙන්නෙ.

    මේක නැවත පසුව යළි සංවිධානය කර ගැනීමට පුළුවන් වෙයි ද?

    ReplyDelete
  10. මේ සීන් එක නිසා අලුත් උපහැරණ පවා නිර්මාණය වුණා මාතලන්, මොකද කිසිම වැඩකට නැති දෙයක් හෝ කතාවක් (කිසිම ප්‍රතිඵලයක් නැති ක්‍රියාවක්) හඳුන්වන්න ලංකික සමාජයේ එක එක කාලවලදී යොදාගත් වචන සෙට් එකක් තිබුන.

    උදාහරණ විදියට 1985 කාලේදී තිම්පු ටෝක්ස් (තිම්පු කතා), පස්සෙ 2008 කාලේදී ලාල් කාන්තගේ ස්ට්‍රයික්. දැන් (2021දී) ජෝෂප් ස්ටාලින්ගේ පා ගමන්, මේ සේරම දේවල් සත පහකට වැඩක් නැති තනිකර ගොන් පාට්. නටපු තොවිලයකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.

    ReplyDelete
  11. ඩීල් කරන්නේ කවුද කොහෙද කියලා තාම මතක් උනේ නෑ කාටවත් ..
    ඔබටවත් මේ ලියන මටවත් ...
    අවසානයේ ෆේල් වෙන්නේ කවුරුත් නොවෙයි ජනතාව ..
    ඉතිහාසය පුරාවටම සිද්ධවුණේ ඒකයි..
    වර්තමානයේ මුන් බිමටම හෙළා දැමිය යුතුයි කියා ජනතාව පෙළගස්වන
    ජවිපෙ ඕනෑම මොහොතක උන් එක්ක මඟුල් කනවා..

    99 - 2002 හොරගොල්ලෙ වළව්වට රිංගුවා

    2005 මැදමූලනේ වළව්වට රිංගුවා .
    2015 කොල්ලුපිටියේ හාමුගේ වළව්වට රිංගුවා ..
    ඇත්ත යථාර්ථය ඒකනම් ජනතාව දැනගන්න ඕනේ මොකක්ද කරන්න ඕනේ කියලා ..

    ReplyDelete
  12. ඔන්න කොහොම හරි අණ්ඩපාල ස්ටාලිං කාරයා සමස්ත ගුරු ප්‍රජාවගේම රෙද්දත් කඩලා, මූණෙත් දැලි ගාලා, වර්ජනේත් පාවලා දීලා, රටටම වසංගතයක් බෝකරලා මළ පෙරේත කමට සාක්කුවටත් සම්තිං එකක් දාගත්තා කියමුකෝ. ඔන්න ඔහොමයි ජෙවිපෙ විප්ලව කරන්නෙ ������

    ReplyDelete
  13. අනේ ඒපාර සෝ කෝල්ඩ් දෙවිවරු බයවෙලා වගේ කොවිඩ් මාරයාට! ඒත් දැන් පරක්කු වැඩියි ස්ටාලින් ගුරු පොකුර පටන් අරන් ඉවරයි.

    කාලකණ්ණි දෙවිවරු !

    ReplyDelete
  14. තව සංචාරකයො එනවා රුසියාවෙන්
    ආ අය නිසා නෙව යන්නට වුනෙ හොම්බෙන්
    කවුරුන් කළත් වැරැද්ද වැරදිය කියමින්
    හරි දේ කරමු; අගයමු අපි රට වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. අපි රුසියාවෙන් එනවට ඕල්වේස් සපෝර්ට් හේ හේ

      Delete
  15. කොතලාවල පනතට විරුද්ධව උද්ඝෝෂණ කරන කෙනෙක් සමග කතාබහක්!

    • කොතලාවල පනත හරහා මිලිටරීකරණයක් වෙන්නෙ නැහැ කියලා ඔප්පු කරලා පෙන්නුවාම උන් කියනවා,

    අපි සටන් කරන්නෙ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කියලා.

    •මෙතෙක් නිදහස් අධ්‍යාපනයක් කියලා එකක් තිබබෙ නැහැ තිබ්බෙ තලගොයි-කබරයි නිදහස් අධ්‍යාපනයක් කියලා ඔප්පු කරද්දි හා පවතින නිදහස් අධ්‍යාපනයට කිසිදු බලපෑමක් වෙන්නෙ නැහැ කියලා ඔප්පු කරද්දි
    උන් කියනවා,

    අපිට ඕනෑ private Degree ගන්න එක නවත්වන්න මිසක් පාසල් අධ්‍යාපනය private වෙන එක නවත්වන්න නෙවෙයි කියලා.

    • International Standerds qualities අනුව Private Campus ගොඩක අවශ්‍යතාව රටේ දියුණුව සදහා අත්‍යාවශ්‍යයි කියලා පෙන්වද්දි උන් කියනවා;

    උපාධි සල්ලි වලට ගන්න බැරි දෙයක් බුද්ධිය ඕනෑ කියලා.

    • උපාධියක් සම්පූර්ණ කිරීම සදහා බුද්ධිය අවශ්‍ය නැත, කටපාඩම් කිරීම හා පුහුණුව හරහා පමණක්ම කළ හැකි බවත් පෙන්වූ විට
    උන් කියනවා;

    කොතලාවල Act එක සම්මත උනොත් ඇමැතිලාගෙ ළමයි පමණක් ලේසියෙන් උපාධි අරන් රජකරයි, ඒක අසාධාරණයි කියනවා.

    • ඔබේ පක්ශය මොකක්ද කියලා අහද්දි උන් කියනවා,

    JVP කියලා.

    •ඔබේ උද්ඝෝෂණ සංවිධානයේ ඉහළම මට්ටමේ අය කවුද කියලා අහද්දි, උන් කියනවා,

    මහාචාර්යවරු කියලා

    •මහාචාර්යවරු යනු පවතින ලිං මැඩි අධ්‍යාපන ක්‍රමය හා දොස්තර-කොන්දොස්තර රාමුව තුළ සිරවී තමන් මහත් විශාල පුද්ගලයන් ලෙස සිතා එම මුරන්ඩු මතයේම සිටින හා යම් යම් දේශපාලන පක්ශ හා private අරමුණු වලම සිටින පුද්ගලයන් පිරිසක් මිසක් සත්‍ය බුද්ධිමතුන් නොවන බවත් ඔප්පු කරාම
    උන් කියනවා;

    "උඹලා අපි එක්ක ඊරිසියයි, හරි බලමුකෝ" කියලා කියනවා.

    ඒකියන්නෙ කොතලාවල පනතට විරුද්ධ වෙන්නෙ ඇමති වරුන්ගේ දරුවන් හා සල්ලි තියෙන දෙමව්පියන්ගේ දරුවන් කෙරෙහි කුහකකමක් පවතින අයයි.

    ඒවගේම මෙම පවතින ලිං මැඩි අධ්‍යාපන ක්‍රමය හා දොස්තර-කොන්දොස්තර රාමුව තුළ සිරවී තමන් මහත් විශාල පුද්ගලයන් ලෙස සිතා එම මුරන්ඩු මතයේම සිටින මෝඩ දුප්පතුන් හා මැති ඇමැතිවරු හා සමාජෙ පොහොසත් යැයි සම්මත අය සමගින් සමාජය තුළ වැජඹීමේ තරගයක් තිබෙන අයයි.

    ඒවගේම උද්ඝෝෂණ කරන්නෙ JVP කාරයො ටිකක් කියන එකත් ඔප්පු වී හමාරයි.

    දුප්පත් දෙමව්පියන්ගෙ දරුවන් පැත්තෙන් ගත්තොත් කියන්න තියෙන්නෙ ඒ ඕනෑම කෙනෙක්ට පවතින අධ්‍යාපන ක්‍රමය ඒ විදියටම සදාකාලික ලැබෙන බවයි. එහෙම ලැබෙනවා කියලා දැනගෙනත් තමයි අන්තරේ උද්ඝෝෂණ කරන්නෙ.

    කොතලාවල පනත රටට හොඳ දෙයක්!
    කොතලාවල පනත කියන එකේ සාරාංශය- (හැමෝටම උපාධියක්- දක්ශයාට ලොකු තැනක්) කියන එක.

    Private උපාධි හරහා බිහිවෙන Doctor භයානකයිද?ලෙඩ්ඩු මරයිද?

    නැත. රජයේ campus වලින් බිහිවෙන doctors ලා අතිනුත් වැරදි වෙලා ලෙඩ්ඩු මැරිලා ඇති. අපි දැනුත් බේත්ගන්න යද්දි Doctor ගිය campus එක හොයන්නෙ නැහැ. බුද්ධිමත් අය නම් Doctor කෙනෙක් channel කරද්දී එයාලට තියෙන Reputation එක හදුනාගන්නවා. කීර්තිය යනු දක්ශතාව මත තීරණය වෙන දෙයක්.

    පණතට සංශෝධනයක් ගෙනාවා නම් හොඳයි, "medicine උපාධි සහිත Doctors ලගෙ Skill එක මනින යම්කිසි Ratings පද්ධතියක් ගෙනාවා නම් හරි. Ratings අනුව Doctor ව තෝරාගන්න තියෙන්නෙ". එතකොට හරි.

    පනත සම්මත වෙයිද නැද්ද මට අදාල නැහැ. නමුත් මේක ලංකාව සංවර්ධනය කරා ගෙනියන්න පුලුවන් හොඳ අවස්තාවක් කියලා නම් මට තේරිලා තියෙනවා. මේ ගැන මාතලන් හිතන විදියට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
  16. උඹව ආයෙත් බ්ලොක් කරලද බං , දැක්කේ නැහැ. බ්ලොග් එක පැත්තේ ආවේ ඒකයි .

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න