.

.

Aug 24, 2021

මංගල සමරවීර නම් ඩීල් කරු... - Managala Samaraweera. The Dealer


 

මාතලන්ගේ නොවරදින අනාවැකි.

(මේ  Nov 6, 2014 දින මාතලන් බ්ලොග් අඩවියේ ලියූ ලිපියකි)

මංගල සමරවීර නම් ඩීල් කරු...

 - Managala Samaraweera. The Dealer

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

.

.

ලාංකීය දේශපාළණය බොහෝ දුරට රඳා පවතිනුයේ, ප්‍රතිපත්තීන් මත නොවේ. එහි රැඳී සිටීමට නම්, නූල් සූත්තර හා ඉවසීම මනා ලෙස ප්‍රගුණ කළ යුතු වන්නේය. මේ දෙකම ජයගෙන, රටේ නායකත්වය දක්වා පැමිණි දෙදෙනකු අප ජීවීත කාළය තුලදී අප දැක ඇත. ඒ රණසිංහ ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂයි. මේ දෙදෙනාටම පක්ෂය තුල විවිධ අවස්ථාවන්වලදි තිබූ, කැපිලි කෙටිලි, නොපනත්කම් හා නොසලකා හැරීම්, ලාංකීය දේශපාළණයේ ඉතිහාසය පිළිබඳ අල්පමාත්‍ර දැණීමක් ඇති අය පවා, දන්නාවූ කරුණකි.

ඔවුනට තිබූ ඔරොත්තු දීමේ ශක්තිය, හික්මීම හා ඉවසීම, අද සිටිනා බොහෝ දේශපාළකයන්ට නැත. නීතිය බල්ලාට දමා, බල්ලා උසාවියේ දමා ගිය අගවිනිසුරුවකු මගින් ලද පන්නරය ඔස්සේ, අද පහලම මට්ටමේ සිටින දේශපාළඥයාගේ සිට, පාර්ලිමේන්තුවේ සිටින එකා දක්වා දත කනුයේ, රටට ජනතාවට සේවය කිරීම නොව, කාමසුඛල්ලිඛාණූයෝගයෙන් පිරි ජීවන රටාවක්, තමාටද, තම ඥාති වර්ගයාටද, හිතවතුනටද ලබා ගැනීමටයි. පාළකයන්ට විරුද්ධව ප්‍රකාෂ කළ මනාපවල පිහිටෙන් ව්‍යවස්ථාදායකයේ අහු මුලු වලට පැන ගන්නා සෑම එකාම, ආන්ඩු පක්ෂය තුල කිසිම හිරිකිතයකින් තොරව එක පෙලට සිට ගනුයේ, එම පරම වූත් පවිත්‍ර වූත් අපේක්ෂාව නිසාමය.

බොහෝ විට මෙසේ තම ජනතාවගේ මනාපයට පිටුපා නිවන් මග සොයා යන්නවුන් අවසානයේ නවතිනුයේ දේශපාළණ වශයෙන් අනාථ භාවයට පත්වීමෙනි. මෑත දේශපාළණය තුල ගත්තද, ගාමිණි දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි හොඳම උදාහරණයන්ය. ඔවුන්ට තම පක්ෂය තුලින් හා නායකත්වය තුලින් වූ නොපනත්කම් ඉවසා දරාගැනීමේ ශක්තියක් තිබුනේ නම්, ලාංකීය දේශපාළණ ඉතිහාසයේ ලියවනුයේ, ඉන් පසු සිඳු වූ සිද්දිදාමයන්ට, හාත්පසින්ම වෙනස්වූ සිද්දීන් වනවාට කිසිම සැකයක් නැත.

මාතලන් දකිනා ආකාරයට, මංගල පින්සිරි සමරවීර කළේද එවන්ම වූ ගොන්කමකි. ඔහු මහින්ද සමග එක පෙලට සිට ගත්තේ වී නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය වැඩිවනවා පමණක් නොව, අප වෙත එල්ලවන ජාත්‍යන්තර බලපෑම් වල තත්වයද, මීට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබිනි. මංගල ප්‍රසිද්ධ, දේශපාලන ඩීල් කරුවකු ලෙස හා කුප්‍රකට ප්‍රොපගැන්ඩා කරුවකු ලෙසයි. 2005 ජනාධිපතිවරණයේ ප්‍රධාන නියමුවා වන්නේ මංගලයි. එමෙන්ම ඔහු 94 දීද ප්‍රධාන බූමිකාවක් රඟ දක්වයි.

එපමණක් නොව, 2002 දී බලයට පත්වන, රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ගෙදර යැවීමේ කාර්යයේ මූලිකත්වය ගෙන කටයුතු කරනුයේද, මංගල සමරවීරයි. එවන් පුදගලයකුගේ  වටිනාකමට සරිලන ගෙවීමක් මහින්ද රාජපක්ෂ තුලින් නොලැබුනු කළ, ඇතිවන කළකිරීම සාධාරනය. එහෙත් ඔහු නොදැන උන් පාඩම නම්, මහින්ද රාජපක්ෂ යනු, ඔහුට වඩා බොහෝ සෙයින් තෙම්පරාදු වූ, නොම්මර එකේ නූල් සූත්තර කරුවකු බවයි. චන්ද්‍රිකා හා කළ ගණුදෙණු, මහින්ද සමඟ කිසි ලෙසකින්වත් කළ නොහැකි බව අවබෝධ වීම නවතිනුයේ, කළක් මිස්ටර් බීන් ලෙස බවුතීස්ම කළ, රනිල් වික්‍රමසිංහගේ දෙපතුල අසලය.

නන්නාත්තාර වී, හතේ හත වැදි සිටිනා අලියාට, නැවුම් පනක් ගෙන එනුයේ වෙන කිසිවකුත් නොව මංගල සමරවීරයි. 2010 දී මහින්ද රාජපක්ෂට එරෙහිව ගෙන ආ හැකි හොඳම විකල්පය රැගෙන ඒමේ ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාව රඟ දක්වනුයේද ඔහුයි. ඉන් පසු මෑත කාළයේ, ආන්ඩුවේ පිරිසක් විපක්ෂය වෙත කැඳවා ගෙන ඒමේ ඩීල් එක මෙන්ම, රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමේ ඩීල් එකද, සියළු පාර්ෂව හා සම්බන්ධීකරණය කරනු ලබන්නේත් ඔහුමය. බොහෝ විට එය සාර්ථක වීමට තිබූ අවස්ථාවකි. එසේ පවසනුයේ, එම ක්‍රියාවලිය හරහා ආන්ඩුව බොහෝ සෙයින් බියට පත් වූ නිසාවෙන්මය.

එහෙත් අවසානයේ සිඳු වූයේ කුමක්ද? පක්ෂයට හෝ පක්ෂයේ පැවැත්මට කිසිවක් නොකරන, එජාපය තම උරුමයක් යැයි සිතාගෙන අධික මාන්නයකින් පෙලෙන. තමන් ජනපතියයි සිතින් සිතාගෙන සිටින, එම් එන්ටර්ටේන්ට්මන්ට් (සිරස) මගින් නටවන රූකඩයකට, පක්ෂයේ නියෝජ්‍ය නායක කම පුදා, බොහෝ අමාරුවෙන් දොවා ගත් කිරි කලයට, ගොම තලියක් එකතු කිරීමයි. පක්ෂය වෙනුවෙන් දර දිය ඇදි එකාට, අවසානයේ චන්ද පොල ක්‍රියාකාරීන් වෙනුවෙන්, කතාවක් හෝ නොමැත. සජිත් ප්‍රේමදාස යනු කවුදැයි, දැන්වත් එම පක්ෂයේ මට්ට ගොන් බූරුවන්ට තේරෙන්නේ නම්, එය එම පක්ෂයේ යහපත සඳහාම වන්නේය. (ජනපතිවරණයට ඉදිරිපත් වීම, ඔහු ප්‍රතික්ෂේප කර ඇත.)

ඉදින් ආන්ඩුවේ සියළු පාර්ෂවයන් මුන ගැසී, ඩීල් දමා, සිංගප්පුරුව බලා ගිය පින්වත් මංගල පින්සිරි සමරවීර මැති තුමා නවතින තැන, අලුතෙන් සාකඡ්චා කිරීමට අවශ්‍ය නොවනු ඇත. ඔහු විසින් එජාපයට පනවා ඇති කොන්දේසි යනු, අලියාගේ සිරුර පුරා පුපුරණ ද්‍රව්‍ය දමා කරනා, මහා පිපිරුමක් පමණි. ඉන් පසු රනිල්ගේ කෙසේ වතුදු, අලියාගේ මයිල් ගසක්වත් සොයා ගැනීමට හැකි වන්නේ නම් නැත. වං හුං ලැබෙනා ආකාරයට, මංගල සමරවීර මීළඟ විදේශ ඇමතිවීමේ සම්භාවිතාව ඉහළ අගයක පවති. එජාපයට සම්මා සම්බුදු සරණ හා අතුරලියේ රතන සරණ පතනවා හැර, අපට කළ හැකි වෙන කිසිවක් නැත.


ඒ වගත් මෙසේය....


🔺 පසුව ලියමි.


මගේ අනාවැකිය සපල කරමින් ඔහු මුලින්ම විදෙස් ඇමති ධූරයටත්, පසුව මුදල් අමාත්‍යධූරයටත් පත්විය.

එජාපයට ඇපත් නැතිව ගියේය.

කොහොමත් සජිත්ගේ සපත්තු අඩියට පෑගී සිටිමට අකමැති වූ මේ නිදහස් මිනිසා තරඟයෙන් ඉවත් වුනේය.

පසුව දේශපාලනයෙන්ද සමු ගත්තේය.

අද ජීවිතයෙන්ද සමුගත්තේය.

ඔහු හිත හොඳ මිනිසෙක් වුවත් දක්ෂ හෝ කෘතහස්ත දේශපාලකයකු නොවීය.

සුපිරි ගේම් කාරයකු බව නම් පිලිගනිමි.

සුබ ගමන් මංගල !

ඒක දැණුනා.....


මොකද මාතලන් කියන්නෙත් කිසිම ප්‍රතිපත්තියක් නැති හැබයි හැමදාම නිවැරදි තැන හිටගත්ත කෙනෙක් නිසා...


ඒත් මේ සැරේ මංගලට වැරදුනා...


කළකිරීම්ද ඉක්මනින් පිටවීමට හේතු වන්න ඇති....

8 comments:

  1. Replies
    1. මචන් අජිත් ���� මන් නම් මේ පොඩ්ඩක් කෑ ගහන්නේ මට උවමනාවට නෙමේ ඇත්තටම .. ලංකාවේ දේශපාලකයන් සහ උන්ගේ ගෝලයන් වන සක්කිලින්ට ඇත්තටම රටට කෙල උනත් තමන්ගේ පක්ශේ එනව නම් කමක් නැති ජාතියෙ උන්. ඒ නිසා ෆේස් බුක් එකේ වැදගත් විදිහට හැසිරිලා ලොරි ටෝක්ස් දුන්නාම බලං ඉන්න උන් බහුතරයක් එව්වට රැවටෙනවා... මොකද බලං ඉන්න ගොඩක් උනුත් දෙයක් හොයල බලලා විමර්ශනය කරලා තේරුම් ගන්න පුලුවන් උන් නෙමේනේ.. ආං ඒ හානිය අඩු කරගන්න ඕන හින්දයි මන් නම් ඔය ෆේස් බුක් එකේ ටිකක් හරි දගලන්නේ.. නැත්නම් ඇත්තටම වැඩක් නෑ ඔය මොකෙක්වත්.. වැඩක් නැති උන් අතරින් ටිකක් හරි හොද එක තෝරනව ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ... එහෙම නෙවෙයි ද බන්? ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ වටේම තියෙන දේශපාලනය ඒ වගේම තමයි ����

      Delete
  2. Maathe is correct, Mangala is just a another politician (Deal dasa) who jump to right place at the right time.

    Few people written to white wash him as an exceptional politician and a patriot, I would call him him a opportunist. Wijebahu

    ReplyDelete
  3. කෝම හරි දේශපාලකයන්ගෙන් පලවෙනි බිල්ල මංගල..මට තියෙන පුදුමේ කියන්නේ 225 ම හැදිගෑවිලා මැරිලා යන්න ඕනේකියපු බුකියේ රඟන උගත් බුද්ධිමත් මීහරක් සෙට් එකේ උන් ඔක්කොම වගේ මංගල මැරුන එකට උදේ පාන්දර ඉදං මිනිහ මළ ගෑනි වගේ විලාප දීගෙන වැළපෙන දුක් වෙන එකනේ .. ����
    හෙට තව එකෙක් මලොත් ඒත් ඔය වගේ වෙයිද.. අන්තිමට එක එකා ඔක්කොම මලොත් අන්තිමට ලංකාවේ හිටපු හොදම උන් දේශපාලකයෝ වෙලා තියෙයි..

    ReplyDelete
  4. අයිසේ මාතලන් මේක හොඳින් ලියල තියෙන්නෙ මරු පෝස්ට් එකක්. ඒ වගේම උඹට මගහැරී ඇති කාරණයක් තමයි මංගල සමරවීර කියන්නේ ඔය ෆේස්බුක් වල ඉන්න උබුජ සෙට් එකේ ගෝඩ් ෆාදර් කියන කාරණය. ඒ කියන්නේ උන් උඩින් 225 එපා කියුවට යටින් UNP/ SJB සහ එජාපයේ තවත් ශාඛාවක් වූ ජවිපෙ ජාතික ජන බලවේගයේ, තව එජාපයේ උප කොන්ත්‍රාත්කරුවන් වන හිටපු ආමි එකේ ලොක්කා වු තට්ට රිළව, පල්ලේවත්තයා වගේ දැනට සජබට සෙට් වී ඉන්න විකල්ප කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටින සටකපට එදා වේල පිරිමහ ගන්න කාලකන්නි සෙට් එකක්. ඔන්න රාජපක්ෂ කල්ලියේ එකෙක් මළා නම් මුන් සෑහෙන දුරට හොඳින් සතුටු වෙලා මෙලහට බුකියේ බඩ පිනුම් ගහනවා දකින්න වෙනවා. අපි නොදන්න චෙස්.

    ඇත්තටම බුකියේ ආණ්ඩුවට එරෙහිව බොහොම වෙහෙසී වැඩ කරන අයට නායකත්වය දෙන්නේ කවුද දැන්.

    කෙටි කාලයක් තුළ විශාල පාඩුවක් කිළි මහරාජා සහ මංගල දෙන්නාම වලකජ්ජ ගහපු එක විශාල පාඩුවක් ආණ්ඩු විරෝධී බලවේගයේ සාමාජිකයන්ට. මේකට අලුත් ශක්තිමත් බලවත් පුද්ගලයන් පිරිසක් ඔවුන්ට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වී නායකත්වය දීම අත්‍යවශ්‍ය දෙයක්.

    ReplyDelete
  5. රටට මෙහෙම නොවී තියේද බන් ලංකාවේ මේ තාක් කාලයක් තිස්සේ පාලකයොත් එන්නේ ඔය වගේ මඩ කැම්පේන් කාරයෝ සහ උන්ගේ කුලී ලියන්නන්ගේ කරපිටින්නේ මාතේ... මහන්සි වෙලා වැඩ කරන්න කම්මැලි හාන්සි පුටුවේ ඉඳගෙන කීබෝඩ් එකේ කොට කොට අයිස් ගගා ඉන්න ජොබ් එකක් හොයාගන්න කී දෙනෙක් ජන්ද වැඩ කරනවද.. මට මේ පේන්ඩ බැරි ෆේස් බුක් එකේ ඉන්න ඉගෙනගෙනත් උන්ගේ වහල් කම නිසා පරම්පරාවෙන් එන පක්ශෙට කඩේ යන උන් දැක්කාම... රාජපක්ෂ පවුලේ වහල්ලු මේ දවස් වල නිහඬව ඉන්නවා ටිකක් ඒත් කොළපාට වහල් මීහරක් හැත්ත මංගලගේ සංවිධානය යටතේ සමන්තා පවර්ගේ සහ වෙනත් යුරෝපීය සංවිධාන වල මූල්‍ය අනුග්‍රහය සහිතව ඕහේ තප්පු ලන එක දැන් නම් අප්පිරියයි, ඒකත් මෙලෝ රහක් නැති වැඩ බැරි ගොන් ජේවිපියට මුවා වෙලා... ඕකුන්ගේ සැබෑ පැටිකිරිය හෙනම අසික්කිතයි.. බහුතරයක් ගෙ.. නිකමට බලන්නකෝ.. බැසිලා මුන් සෙට් එක සල්ලි දීලා ගනීද දන්නෙ නැහැ දැන්, එතකොට මුන් නන්දසේන පඩයාගේ ආණ්ඩුවට පක්කලි වැඩ කරන්න ඉඩ තියෙනවා සෑහෙන්න දුරට ඒකත් අප්පිරියයි හැබැයි.

    ReplyDelete
  6. මංගල පින් සිරි ගේ මේ විදියට කොවිඩ් බරපතල වීමට ප්‍රධාන හේතුව අධික ලෙස ඇබ්බැහි වෙලා තිබුනු දුම්පානයයි. දුම්පානයෙන් පෙනහලු දුර්වල වූ අයට කෝවිඩ් ආසාදනය වූ විට පෙනහලු සීඝ්‍රයෙන් දුර්වල වී රුධිරගත ඔක්සිජන් සාන්ද්‍රණය විශාල ලෙස අඩු වෙනවා. 60ට වැඩි මරණ වලින් වැඩි ප්‍රමාණයක් පිරිමි අය වීමේ හේතුව ඕකයි.

    ReplyDelete
  7. තොපි දැනගනියව්.
    සුද්දෝ තව ටික කාලෙකින් මේ රට දාලා යනවා.
    අන් යන්නේ මංගල සමරවීර වගේ කළු සුද්දෝ බෝකරලා.
    උන් කියයි.
    දෙමලා, හම්බයා, මරක්කලයා,බෝරා කාරයා උන් ඔක්කොම එක සමානයි උන් හැමෝටම මේ රට අයිතියි කියලා. එදාට උඹලගේ ළමයින්ට වෙන්නේ ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ නියව නියව ඉන්න.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න