.

.

Nov 30, 2021

වසංගතය කොරෝනා නොව පුංචි බන්ඩාය


 ජනාධිපතිවරණය වෙලේ පුංචි බන්ඩා උන්නැහේ ඝෝඨා එක්ක එහෙ මෙහෙ යනවා අපි නම් දැක්කේ නැතිය. හැබයි දිලිත් ජයවීර නම් අර සුපිරි ඩිස්කවරියේ එහෙ මෙහෙ යනවා අප කිප වරක්ම දැක්කේය. පුංචි බන්ඩා මහතා උසාවියෙන් බ්ලැක් ලිස්ට් කල පොරක් ය. ඝෝඨා එවන් කෙනෙක් තබාගෙන ඉන්නේ සමාර විට එයා අසාදුගත පුද්ගලයින්ගේ ලැයිස්තුවෙන් ඉවත් කරලා තියෙන නිසෑදැයි කියන්නට අප දන්නේ නැතිය.

එහෙත් දිලිත් ජයවීර යනු එවන් පුද්ගලයකු නොවේය.  ඔහු ස්වෝත්සාහයෙන් ස්වශක්තියෙන් ලංකාවේ ඉහළම තලයේ වැජබෙන ව්‍යාපාරිකයෙක්‍ය. අනික ඔහු උපාධිදාරියකුය. රාජ්‍ය සේවයට සම්බන්ධයක් ඇත්තේ නැතිය. ඔහුට එක එක චෝදනා කරනා හැම එකාම පෞද්ගලික අංශය ගැන අබමල් රේණුවක දෙයක් නොදන්නා මීමින්නන්‍ය. පෞද්ගලික අංශය යනු ලාබයම පරමාර්ථය කර ගත් අංශයක් පමණි. ඔවුන්ගේ සේවක පිරිසගේ පමණක් නොව, පින් පඩි ගන්නා ආන්ඩුවේ උන්ගේ පඩිය ගෙවන්නේද ඔවුන්ගේ මුදල්වලින්‍ය.

කිරීමට කිසිවක් නැති ආයතන කිහිපයක නාමමාත්‍රික තනතුරු කීපයක්ම ලබා දුන්නද, අද ඔහු තමන්ගේ ෆේස්බුක් ගිණුමේ "නිදි වගේ ඉන්න ඕනෑ..." කියන්නේත්, පී බී ට එලව එලවා පහර දෙන්නේත්, රටේ ප්‍රශ්ණ සියල්ලටම හෙතුව පුංචි බන්ඩාගේ මරි මෝඩ තීන්දූ තීරණ හා අධිකාරිවාදී පාලනය නිසාමය.

ඝෝඨාට මරි මෝඩ උපදෙස් දෙන මේ හාදයා දැන් කියන්නේ, රටේ ආර්ථිකය රට අති භයානය ආර්ථික අඩියකට වැටී ඇති බවත්, ලබන වසරේ තත්වය මීටත් වඩා දරුණු විය හැකි බවත්‍ය. අනෙක මේ මෝඩ වාහේ ඒවා කියන්නේ ජර්මන් සන්නාම පිළිබඳ පැවති සම්මන්ත්‍රණයකදි ඉන්ගිරිසියෙන්‍ය. මේවායෙන් වෙන්නෙ ඉන්න ආයෝජකයෝ ටිකත් එපාර්ට්මන්ට් එකත් විකුණා දමා මේ ගල් වැද්දන්ගේ රටෙන් චුත වෙලා යන එකය.

මෙයාලා කෙලෙවෙන හැම එකටම උත්තරේ ලෙස පෙන්නන්නේ වසංගතයය. ඇත්තටම ලංකාවට කෙලවුනේ කොරෝනා වසංගතයෙන් නොව, පුංචි බන්ඩා වසංගතයෙන්‍ය.

අපනයන ආනයන සීමා දමාගෙන සිරිමාගේ යුගයකට රට ගෙනියන්න ගියේ වෙන කවුරුන්වත් නොව පුංචි බන්ඩාය. රටම ගිනි තැබූ කාබනික වගාව තම අධිකාරිමය බලයෙන් පටන් ගත් ගමන් 100% කරන්නට ගියේ කාබනික ගොවිපලක් තිබෙනා පුංචි බන්ඩාය. ඩොලරයේ මිළ ස්ථාවරව පවත්වාගෙන යා යුතුයැයි නීතී දාන්නේ පුංචි බන්ඩාය. සියළුම අමාත්‍යංශ ලේකම්වරුන් පාලනය කරන්නේ පුංචි බන්ඩාය. මැති ඇමතිවරුන්ට ජනපති හමුවීමට ඇපොයිමන්ට් දෙන්නේ පුංචි බන්ඩාය. කොටින්ම රාජපක්ෂ පවුලේ අවුල් නිර්මාණය කර ඇත්තේත් පුංචි බන්ඩාමය. රටේ ජනාධිපති, ඝෝඨාභය රාජපක්ෂ නොව පුංචි බන්ඩාය. 

එකෙකුටවත් මේක කෙලින්ම ජනාධිතුමාට කියන්න කොන්දක් නැති උනාට. එතුමාට තවත් වසර තුනක් ඉදිරියට ඇති නිසා. එතුමාගෙන් විශාල වෙනසක් බලාපොරොත්තු වූ කෙනෙකු වශයෙන් කට කැපුවත් මේවා කියන්නම වෙනවාය. දිලිත්ලාත් වටින් ගොඩින් කියන්නේ එයය.

වසංගත මැදත් බංගලාදේශය ඉන්දියාව ඉතරක් නොව ටුවරිසම් වලින්ම දුවනා මාල දිවයිනත් කිසි අවුලක් නැතිව දුවනවාය. කොරෝනා කියා ඒ රටවල් වසා දමන්නේ නැතිය. සංචරණ සීමා දාලා නැතිය. මිනිසුන්ගේ නිදහස නැති කරලා නැතිය.

ඒ රටවල් එසේ දුවන්නේ බෙල්ල කපා දමනවා වාගේ මරි මෝඩ ආර්ථික තීන්දූ ගෙන ඕපන් ඉකොනොමිය සංවෘත ආර්ථිකයකට පරිවර්තනය නොකල නිසාය. පවතින ආර්ථික ක්‍රමය ඔහේ තිබෙන්නට ඉඩ නොහැර, ඊට ආනයන සිමා පැනවීමෙන් ආර්ථිකයට කෙලවෙලාම යන බව අප කියද්දී, එදා අපට .... තෝ දන්නා ඉකොනමි කියා කින්ඩිය දැමූ උන්, අද කියන්නේ මාතලන් කියපුවා ඇත්තෙයි කියලාය. 

පොඩි කඩයක්කත් කරලා නැති ආර්ථික උස්තාද්ලා වාහන ආනයනය සීමා කිරීමෙන් කී දෙනෙකුට කෙලවුනාද කියා අදටත් දන්නේ නැතිය. එයින් සිද්ද උනේ කෘතිම මිළක් ඇති වීමය. ඒ ගණුදෙනු වලින් ආන්ඩුවට ලැබුන ලබ්බක් නැති අතර, කාර් සේල් කාරයෝ පමණක් ගොඩ ගියේය. එහෙත් කෘතිම මිළ සැමදා රඳා පවතින දෙයක් නොවේය. එයට සීමාවක් ඇත. එළවළු මාෆියාවට කෙලවෙලා ගියේ ඒ අනුවය.

අති දරුණු යුද්ධයක් සමඟ පට්ටම ෆේල් පාලනයක් ගෙන ගිය චන්ද්‍රිකාගේ කාළයේවත්, කිසිම වසංගතයක් නොමැතිව සිවිල් ත්‍රස්තවාදින් හා සමඟ පාස්කු බෝම්බද සමගින් රටේ ණයබර දෙගුණයකින් වැඩි කල, අද, රජය මිළ පාලනය කරන්න ඕනා කියනා, ඕපන් ඉකොනමි  උස්තාද්ලා සමගින් පිස්සන් දෙදෙනෙක් රට පාලනය කළ යහපාලන කාලයේවත් රටේ ආර්ථිකය මෙවන් තත්වයකට පත් නොවූයේ, එයාලා පැවති ආර්ථික ක්‍රමයත් සමඟ පිස්සු කෙලින්න ගියේ නැති නිසාය.  

සතොස සභාපති එලවීමට, මහ බැංකු අධිපති එලවීමට ගත් තීරණය මේ මොහොතේ හෝ නොගතහොත්, ඝෝඨාභය රාජපක්ෂද අයත් වනුයේ එතුමා විසින්ම මෑතකදී නැවත පත්කර එවන්නට එපා යැයි කියූ පිලටමය. පත් කර ගත යුත්තේ රාජ්‍ය සේවයේ කිසි දිනෙක සේවය කර නොමැති පුද්ගලයකු පමණි.. රාජ්‍ය සේවයේ පිරිස හා මේ රට ගොඩ දැමිය හැකියයි කිසිවකු සිතන්නේ නම්, ඔහු කළ යුත්තේ මළක් ගසා ආතල් එකේ සිටීම මිස දේශපාලනයේ නොවේමය.


ඒ වගත් මෙසේය.....


62 comments:

  1. Punchi banda thiyage inne horakam karanna huttooi ekawath terenne nadda

    ReplyDelete
  2. Punchi banda thiyage inne horakam karanna huttooi ekawath terenne nadda
    පොන්නයෙක් අගමැති වෙලා පබයෙක් ජනාදිපති වෙලා ඉන්න කාලෙ.. අපි කොහොම හරි මේ රට වෙනස් කරන්න නම් ස ව ගේන්න ඕන. ස එක්ක නම් ඔය සෙල්ලම් බෑ.. අනිවාර්‍යෙන්ම ස වෙඩි තියලා හරි මරලා දායි අපරාද කාරයොන්ව. දැං ඉන්න එකාට මුකුත් බෑ... බෑ කියන්නෙ පොඩ්ඩක් වත් බෑ... දන්නෙත් නෑ ගෑස් ටැංකියේ ගෑස් තියෙන්නෙ කොහෙද කියලවත්..

    ReplyDelete
  3. කතාව ඇත්ත බන් මාතේ, පී බී වර්තමාන තත්ත්වයට ජනාධිපතිවරයාව පත්කරන ලද්දේ පී.බී. ජයසුන්දර විසින්

    ReplyDelete
  4. මේ වනවිට වියපත්ව රෝගාතූරව දුබලව සිටින වත්මන් අගමැතිවරයා ගැන යමක් පවසන්නම්, මේ ඔහු ඇමති කාලයේ සිට පවත්වාගෙන ආ පර්සනැලිටිය සමග ලංකාව පාලනය කළ අයුරු තේරුම් ගැනීමට සහ දැනට මතු වී ඇති අරාජික තත්වයට හේතු සොයා ගැනීමට උපකාරයක් ලෙසයි. මාතලන්ට මතක ඇති නේද 93 දකුණු පළාත් මැතිවරණයෙන් පසුව චබකු යටතේ 1994 වසරේදී බලයට පත්වූ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව සිය මංගල අයවැය සකස් කිරීම සඳහා අවශ්‍ය අදහස් ලබා ගැනීමට එවක ජනාධිපතිනි චන්ද්‍රිකා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් ජනාධිපති මන්දිරයට කැඳවා තිබුණා, කෙසේ හෝ එතනදී ඒ මංගල අය වැයෙන් ඩීසල් වාහන සඳහා විශේෂ බද්දක් පනවන බව එවක මුදල් නියෝජ්‍ය ඇමති මහාචාර්ය ජී. එල්. පීරිස් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට පැවසුවා.

    මෙතනදි ආණ්ඩු පක්ෂයේ ජ්‍යේෂ්ඨ ඇමති කෙනෙක් විදිහට ඩීසල් වාහන සඳහා විශේෂ බද්දක් පැනවීමෙන් මධ්‍යම පාන්තික ජනතාව අමාරුවේ වැටිය හැකි බව එවක කම්කරු ඇමති වූ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ කේන්තියෙන් කීවා.

    මතක හැටියට මෙහෙමයි කිව්වේ ‘‘ඩීසල් වාහනවලට බදු ගැහුවාම අමාරුවේ වැටෙන්නේ මේ රටේ ඩීසල් වාහනවලින් බඩු ගෙනියන, ස්කූල් හයර් කරන ගමේ කඩේට බඩු අදින්න වාහන පාවිච්චි කරන අය. මේ වෙන කොට පන්සල්වලත් වැඩිපුරම පාවිච්චි කරන්නේ ඩීසල් වාහන. ඒ හින්දා ඩීසල් වාහනවලට විශේෂ බද්දක් ගැහුවාම අමාරුවේ වැටෙන්නේ අපිට ඡන්දෙ දුන්න පොඩි මිනිස්සු. මතකද යූ.එන්.පී. ආණ්ඩුව කාලෙත් මේ යෝජනාව ගෙනාවාම ඇතිවෙච්ච උද්ඝෝෂණ. ඒ හින්ද මේ යෝජනාව ගේනවට කවුරු කැමැති වුණත් මම නම් එක හෙළාම විරුද්ධයි. කම්කරු ඇමැති මහින්ද කේන්තියෙන් එසේ කියද්දී අත්දැකීම් නැති තීරණ ගැනීමට බිය වූ ජනාධිපතිනි චන්ද්‍රිකා මහින්ද රාජපක්ෂ දෙස බලා සිටියේ කරකියා ගත නොහැකිවයි.

    ඔහොම ගිහින් සාකච්ඡාව නිමාවී මුදල් අමාත්‍ය ජී.එල්. පීරිස් ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ජනාධිපති මන්දිරයෙන් පිටව යමින් සිටියදී එවක මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ඒ.එස්. ජයවර්ධන ජනාධිපති මන්දිරයෙන් එළියට එමින් සිටි ජී.එල්. පීරිස් ඇමැතිවරයා නතර කර ගනිමින් ඔහුට නොසෑහෙන ලෙස දොස් නගමින් කියුවේ;

    ‘‘ඇමැතිතුමා මේ කිසි කමකට නැති ගමේ ගොඩේ මුදලාලිලා පරිස්සම් කරන්නද හදන්නේ, මෙහෙම ගියොත් ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගන්නේ කොහොමද?’’

    මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට අවශ්‍ය වූයේ කෙසේ හෝ පොදුජන එක්සත් පෙරමුණේ මංගල අයවැයට ඩීසල් වාහන සඳහා විශේෂ බද්ද පැනවීමටයි. ඒ අසලින් යන්නට ආ කම්කරු අමාත්‍ය මහින්ද රාජපක්ෂටත් මේ දෙදෙනාගේ වාදය ඇසුණ නිසා ක්ෂණිකවම එතෙන්ට ආ නිසා අර ගමේ ගොඩේ මුදලාලිලා පරිස්සම් කරන්න හදන්නේ ඇයි කියා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අමාත්‍ය ජී.එල්. පීරිස්ගෙන් තදින් අසනවා මහින්ද රාජපක්ෂ ඇමැතිවරයාට ඇසුණි. මෙහිදී වහාම ක්‍රියාත්මක වූ මහින්ද රාජපක්ෂ කම්කරු ඇමැතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම් ඒ. එස්. ජයවර්ධනගේ ටයි පටියෙන් අල්ලා සොලවමින් ඔහු වෙත ඇද ගත්තේය.

    ‘‘වල් පරයෝ තෝ කොහොමද @#$%^@ යකෝ ඡන්දෙන් පත්වෙලා ඉන්න අපේ මන්ත්‍රිවරුන්ට බලපෑම් කරන්නේ තොපි වගේ @#$%^@& ට ඕනේ විදිහටද අපි ආණ්ඩුව කරන්න ඕනේ, ගෙරි පාහර $%^&$#.’’

    වහාම ක්‍රියාත්මක වූ ජී.එල්. පීරිස් ඇමැතිවරයා සහ තවත් මැති ඇමැතිවරුන් පිරිසක් ඒ.එස්. ජවර්ධනව බේරා ගත්තේ මහත් වෑයමකිනි. එදායින් පසුව විශේෂ ඩීසල් වාහන බද්ද පිළිබඳව කිසිදු කතාබහක් නොවීම විශේෂත්වයක් විය.

    එදා ඒ. එස්. වෙනුවට අද පී. බී. වීර විකුම් පානවා. ප්‍රශ්නය ඇත්තේ එදා මෙන් මෙදා පී බී ගේ ටයි එකෙන් ඇද ඌට හොඳ සිංහලෙන් ජාතිය අමතා හොඳ නරක කියාදීමට සමත් තරුණ කෘතහස්ත නායකයෙක් ආණ්ඩුව තුළ නොමැති වීම නොවේද මාතලන්?

    ReplyDelete
    Replies
    1. දේශපාලනය කියන්නේ කල්ට් එකක් මාත. ඒක ලේ මස් ඇට නහරවල තියෙන්නේ ඕන එකක්. දැන් බලන්න මහින්ද හා ප්‍රේමදාස. මොකෝ පොලිටිකල් සයන්ස් කරලද? ඒත් මිනිස්සු දිනාගන්න දන්නවා වගේම, දැනෙන යමක් කරපු මිනිස්සු. ලංකාවේ කෝපරේට් සෙක්ටර් කියන්නේ මක්කුද? එකෙක්වත් නිශ්පාදනයක් කරන උන්ද? ඔක්කෝම සර්විස් ප්‍රවයිඩර්ස්ලා. අනික හොර එකවුන්ට්ස්, වහලා ගහන ඇනිමල් රිපෝට්. ජරාව දීලා ගන්න ඔඩිට් රිපෝට්, ඉන්ලන්ඩ් රෙවනිව් එකත් එක්ක එකතු වෙලා ආදායම් බදු වංචා කරන උන්. කස්ටම් එකේ උන් එක්ක එකතුවෙලා බදු මාටියා ගහන උන්ගේ රජ දහනක්. උනුත් එකයි මුනුත් එකයි. ඉතින් එකපාරට මේ වගේ තැනකට කඩා පාත් වෙන එකෙක්ට ඔය කල්ට් එකේ රැඳෙන්න බෑ. නිර්මාල්ලා දමලා ගහලා යන්නෙත්, වියත් මගෙන් ආපු අවියත් වැල් බයිල ගහන හාන්සි පුටු බකපඬියෝ අඬන්නෙත් ඒකයි. මේක එකපාරට වෙනස් කරන්න මොකාටවත් බෑ.

      Delete
    2. ❤❤️❤️❤️❤️❤️❤️

      Delete
  5. "Then the word of the Lord came to me saying, 'What do you mean by this proverb concerning the land of Israel saying, 'The fathers eat the sour grapes, But the children's teeth are set on edge'? As I live,' declares the Lord God, 'you are surely not going to use this proverb in Israel anymore." (EZEKIEL 18:1-3).

    ReplyDelete
  6. පොන්නයෙක් ජනාධිපති වෙලා පඹයෙක් අගමැති උනාම ඔහොම තමයි

    ReplyDelete
    Replies
    1. රනිල් වික්‍රමසිංහ මහතා සමලිංගික බව ඇත්ත නමුත් ඔහුට අතිශය පෞද්ගලික හේතු මත ඔය වගේ අපහාස කරන එක ඉතාමත්ම පහත් නින්දිත අශිෂ්ඨ තුච්ඡ අඳ බාල වැඩක්.

      හරි දැන් ඒ දෙන්නා පරදවා අලුතින් පත් කර ගත්තු මහ ලොකු සිංහයින්ට මොකද වෙලා තියෙන්නේ? දැන් ඉන්න ජනාධිපතිට රනිල් තරමට වත් ආර්ථිකය කළමනාකරණය කර ගන්න පුළුවන් ද කියලා අවංකවම කියන්න බලන්න.

      ඒ වගේම මෛත්‍රීපාල කියලා කියන්නේ පඹයකුට වඩා සට කපටි ගල් ආඳෙක් වගේ කපටි අයෙක්. රනිල් කරපු හොඳ වැඩ වල ලකුණු දාගන්න නම් ඔහු සෑහෙන කටයුතු කළා. ඇමරිකාව, ඉන්දියාව සහ යුරෝපය පමණක් නොව චීනය රුසියාව ඇතුලු බලවත් රටවල් සියල්ල සමග හොඳ සබඳතා ඒ කාලේ පවත්වාගෙන යාම රනිල්ගේ දක්ෂතාවයක්. දැන් වත්මන් ආණ්ඩුව විසින් චීනය තරහ කරගෙන ඇමරිකානු ඉන්දීය කඳවුරට ගිහින් අවුල් හදාගෙන. ඒ වගේම ආර්ථිකයේ කළමනාකරණය රනිල්ගේ කාලෙට වඩා අවුල් සහගත වෙලා. ගෑස් වෙළඳාම කෘෂිකර්ම කටයුතු, එදිනෙදා ජීවිතයේ අත්‍යාවශ්‍ භණ්ඩ හා සේවාවන්වල මිල ගණන් වගේ දේවල් සෑහෙන ඉහළ ගිහින්. රටේ පාලනය අරාජික වෙමින් පවතින බව පේනවා නේද? මේකට අවංකවම උත්තර දෙනවද?

      Delete
  7. අඩෝ මාතා, ලබන 2024 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේත් සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේත් වෙනත් සුළු පක්ෂ ගණනාවක ද සම්පූර්ණ සහාය සහිතව ජනපතිවරණ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට තමන් 100% ක්ම සූදානම් බව හිටපු ක්‍රිකට් නායක සහ හිටපු ඛණිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග අද මාධ්‍ය හරහා රටටම කියුවා.

    මේ සම්බන්ධයෙන් ආණ්ඩුව සහ වෙනත් බල ව්‍යාපෘති කරගෙන යන කවුරුවත් කලබල වීමට අවශ්‍ය නැති බව ද කී ඔහු හොරකම් නොකරන දූෂණයෙන් තොර හොඳ කණ්ඩායමක් තැනීම සඳහා හැමෝටම ආරාධනය කරන බව ප්‍රසිද්ධියේ යෝජනා කළා.

    මහනුවර දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමේ ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පල කරමින් ඔහු මෙසේ උදාර ලෙස පැවසූයේ;

    "අද හැමෝම දන්නවා පාකිස්ථානයේ ඉම්රාන් ඛාන් යනු කියූ දේ කරන නායකයෙක් බවත් එවන් නායකයන් ලෝක දේශපාලනය තුල හරිම අඩු බව. අර්ජුන රණතුංග වන මමත් රටට අවශ්‍ය වුවහොත් ඕනෑම අවස්ථාවක රට බේරා ගැනීමට බය නැතුව නිර්භීත ලෙස ඉදිරිපත් වෙනවා.

    මේ සමගම අර්ජුන රණතුංග එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වෙමින් ඒ බව පක්ෂයට ලිඛිතව දැනුම් දීමට ද මෑතක දී කටයුතු කළේ මෙම උදාර අරමුණ වෙනුවෙන් සටන් කරන්න බව පේනවා නේද?

    මාතා අර්ජුන රණතුංග සමග ඉදිරියට යාමට නුඹත් එකතු වෙන්න කැමතියි නේද? වෙනස වෙනස් කිරීමට 2024 අප සමග එක් වී එකට වැඩ කරමු. නියතයි ජය.

    ReplyDelete
  8. ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර සමග පැවති දෙවන සාකච්ඡා වටයත් අසාර්ථක වීම නිසා දැඩි මතධාරී පණ්ඩිත ජනාධිපති ලේකම්ට හොඳ පාඩමක් උගන්වන්න ඕන බව කියමින් දැනටමත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදී සිටින ලංකා විදුබල මණ්ඩලයේ සමස්ත සේවක සංගමය තවත් දැඩි තීරණයකට එළඹෙමින් එහි දෙවැනි අදියරට එළැඹීමට තීරණය කර තිබේ.

    ඔවුන්ගේ නිවේදන අනුව පැය අටේ සේවා කාලයෙන් අනතුරුව අමතර කාල සීමාව තුළ සිදුවන හදිසි බිඳවැටීම් සේවාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට තීරණය කර ඇත. ඒ අනුව හවස 5 න් පස්සේ සහ සති අන්ත වල විදුලි බිඳ වැටීම් වලට විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සේවකයන් නොපැමිණීම නිසා ඉදිරි කාලයේදී මහත් සේ විදුලි කප්පාදු සිදු විය හැකිය.

    මේ ගැන අද ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාර මානවඩු සඳහන් කරන්නේ යුගදනවි බලාගාරය ගිවිසුමට විරෝධය පල කරමින් හා තවත් කරුණු කීපයක් මුල් කර ගනිමින් මෙම විදුලි සේවකයන්ගේ ඒකාබද්ධ වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි. ජනාධිපති විසින් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට ලේකම් පී බී ජයසුන්දර පත්කළ නමුත් පී බී ජයසුන්දරට මීට කලින් භාර දී තිබුණු ගුරු වැටුප් ප්‍රශ්නය, පොහොර අර්බුදය මෙන්ම දැන් විදුලි අර්බුදය ද විසඳා ගැනීමට නොහැකි වෙමින් තව තවත් ඔඩු දුවමින් තිබේ. අගමැති මැදිහත් වීමෙන් ගුරු අර්බුදය පාලනය කර ගැනීමට හැකි වුණ අතර පොහොර අර්බුදය ද අවසානයේ ජනාධිපති ඍජුව මැදිහත් වීමෙන් රසායනික පොහොර ආනයනය පෞද්ගලික අංශයට පවරා යම් තාක් දුරකට පාළනය කරගෙන තියෙන්නේ. පී බී ජයසුන්දර මේ ප්‍රශ්න නොවිසඳමින් තවත් උග්‍ර අතට හරවන්නේ කුමන අරමුණක් සහිතව ද? ඒ වගේම මෙය විසඳා ගැනීමට පුළුවන් වන්නේ කෙසේද? මේ ගැන ඔබේ යෝජනා මොනවද?

    ReplyDelete
  9. මාතා මේ අදහස් ගැන මොකද හිතන්නේ?

    https://www.facebook.com/1225780574132851/posts/4776619825715557/

    ReplyDelete
  10. මාතෝ මේක අහපන්කො ��

    ඊයෙ ආවා කෝල් එකක්.. නොදන්න නම්බරේකිං ��

    ලස්සන කෙල්ලෙක් වෙන්න ඇති කියලා ආන්සර් කරා ��

    හෙලෝ

    හෙලෝ (ඇන්ටි කෙනෙක් ����)

    මේ අර යූ ටියුබ් එකෙන් අහවල් නමින් වීඩියෝ කරන මහත්තය නේද ?

    ඔව්, කතා කරනවා..

    මම කතා කරන්නෙ අහවල් පදනමෙන්

    ආ ඔව් ඔව් කියන්න

    මහත්තයා කලාවට සම්බන්ධයි නේද ?

    ඔව් ඉතිං වීඩියෝස් නම් කරනවා..

    ඔව් අපි බලනවා..

    තැන්ක් යූ

    මහත්තයා අපි සම්මාන උත්සවයක් තියලා සම්මාන දෙනවා.. ඒකට ඔබතුමාවත් තෝරගෙන තියනවා ..❤️��

    ශා මරු නෙහ්. තැන්ක් යූ.. මොනවද සම්මාන ඉතිං

    ම්ම්ම්ම් දේශශක්ති, දේශබන්දු, දේශකීර්ති, දේශමාන්‍ය

    ආ ආ ඔව් ඔව් .. ඉතිං මොකද වෙන්න ඕනි ?

    නංගමුවේ බේලක සහ ගුල්ලේ ඇණවංශ වගේ හාමුදුරුවරු තමයි මේ සංකල්පය කරගෙන යන්නෙ සහ මූලිකත්වය දරන්නෙ..

    ආ ආ හා.. ඉතිං

    අපි හුඟක් ව්‍යාපාරිකයන්ට , කලාකරුවන්ට මේක දීලා තියනවා.. සමාජ සේවය කරන අයට එහෙම..

    හා හා

    හැබැයි මහත්තයා මෙහෙමයි ..



    අපි මුදලක් අය කරනවා මේ සම්මානෙට..

    ආ.. එහෙමද ? කීයක් විතරද ?

    දේශමාන්‍ය එක 38500/= වගේ
    දේශපුත්‍ර එක 40000/= වගේ

    අම්මෝ එහෙමද ? ඒ මොකෝ සල්ලි ??

    නෑනෙ මහත්තයා අපේ සම්මාන උළෙලට එන අයට කන්න බොන්න දෙන්න, සම්මානෙ හදන්න, BMICH එකට එහෙම ලොකු මුදලක් වියදම් වෙනවා.. ඒක ඔබතුමන්ලාගෙන්ම තමයි සපුරගන්නෙ.

    ආනේ එහෙමද ?

    ඔව්.. මහත්තයා මේක හුඟක් වටිනවා මොකද නමට ඉස්සරහින් දේශකීර්ති වගේ කෑල්ලක් වැටෙන එක. අනික මේක කරන්නෙ ගුල්ලේ ඇණවංස අපේ නායක හාමුදුරුවොනෙ��

    ඒක තමයි නේද ? හොඳයි මම හිතලා බලලා උත්තරයක් දෙන්නම් ✌️ පොඩි ප්‍රශ්නයක් තියනවා ඇහුවට කමක් නැද්ද ?

    ප්‍රශ්නයක් නෑ මහත්තයා මොකද්ද ?

    ඔය ගුල්ලේ ඇණවංස කියන සිවුරක් දාගෙන ඉන්න කෙනා යටට අඳනයක් ඇඳගෙනද මේ වැඩේ කරන්නෙ ����

    Beep Beep Beep Beep Beep

    කෝල් එක කට් කරා ��

    ඕඛයි වැඪේ...

    ReplyDelete
  11. ද අයිලන්ඩ් පුවත්පත කළ විමසීමකදී ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ප්‍රකාශ කළේ වත්මන් රජයේ ප්‍රතිපත්ති රාමුවට හානියක් නොවන ආකාරයෙන් ආනයන සීමා පැනවීම වෙනුවට ලිහිල් කළ යුතු බවත් අත්‍යාවශ්‍ය නොවන ආනයන සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් මහ බැංකුව අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තිවලට තමන් විරුද්ධ බවත් ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ. ආනයන සීමා කිරීම පිළිබඳ අදහස් දක්වමින් පී බී ජයසුන්දර ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් භාණ්ඩ ආනයනය සීමා කළ යුතු අතර එයින් එකක් වන්නේ ඉන්ධන බවයි.

    රජයට ඉන්ධන ලබාදීමට නොහැකි නම් රට පුනර්ජනනීය බල ශක්තිය වෙත යොමු විය යුතු බව ඔහු පෙන්වා දී තිබේ. තෙල් ආනයනය සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 5,000 ක් වැය කරන රටකට පුනර්ජනනීය බල ශක්ති උත්පාදනය සඳහා ව්‍යාපෘති ආරම්භ කිරීමට නොහැකි වී ඇති බව ද ආචාර්ය ජයසුන්දර ද අයිලන්ඩ් පුවත්පත වෙත පවසා ඇත.

    පුනර්ජනනීය බලශක්තිවලට කඩිනමින් යොමුවෙමින් ඉන්ධන ආනයනය සීමාකර ගත යුතු බව කියන ආචාර්ය පී. බී. ජයසුන්දර ඛනිජ තෙල් ආනයනය සියයට දහයකින් අඩුකර ගතහොත් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක පමණ විශාල විනිමයක් වසරකට ඉතුරුකර ගත හැකි යැයි පැවසූ ඒ මහතා අල, ලූනු, මිරිස්, මුං ඇට සහ කහ වැනි ආනයන රැසක් සීමා කළ ද වසරකට එවැනි විශාල මුදලක් ඉතිරිකර ගත නොහැකි යැයි ද කීවේය.

    "අනෙකුත් ආනයන වියදම් ද අඩුකර ගත යුතුයි. එහෙත් තෙල් ආනයන වියදම් අඩුකර ගැනීම තමයි ප‍්‍රධානම ආනයන ආදේශනය. එසේම මීට විකල්පයක් ලෙස පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වලට අප කඩිනමින් යොමු විය යුතුයි."

    කෙසේ වෙතත් මීට සම්පූර්නයෙන්ම වෙනස් මතයක් දරන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ අදහස වන්නේ ඉදිරි වර්ෂ දහය තුළ අවම වශයෙන් සියයට 70 ක් වත් පුනර්ජනනීය බලශක්තිවලට ගමන් කිරීමයි. ඉන්ධන මත රඳා පවතින ආර්ථිකයෙන් අපට ගැලවිය හැක්කේ එවිට යැයි ද ජනාධිපති පැවසීය.

    කෙසේ හෝ පී.බී. ගේ උවමනාව මත රු. බිලියන 50 ක හරිත මූල්‍යකරණ පහසුකමක් ඇති කරන ලෙස තමා මහ බැංකු අධිපතිතුමාගෙන් සහ මුදල් මණ්ඩලයේ සාමාජිකන්ගෙන් ඉල්ලීමක් කළ බවද එයට මහ බැංකුවෙන් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ජනාධිපති ලේම් ආචාර්ය පී. බී. ජයසුන්දර පවසයි.

    ReplyDelete
  12. සුදුසු දේ සුදුස් අවස්ථාවේ නොකරපු මේ වගේ දේශපාලනඥයින් ට අනෙක් අයට වැදී බන කියනවා,

    https://www.youtube.com/watch?v=rfCq-SeFgA0

    සුනාමි වෙලාවේ ජීවිත දහස් ගණනක් නැතිවෙලා තියෙත් දී ත් කුඩා ගැහැණු ළමයෙක් යොදවා ගෙන ඉංගිරිසියෙන් කතා කරවලා සුනාමියට සම්බන්ධව දැන්වීමකින් කාන්තාවන්ගේ ලොකුකම පෙන්නුවා… තුච්ච අභිවෘද්ධිය ??

    ReplyDelete
  13. මාතේ, ලංකාවේ ජනප්‍රියම ගායිකාවක් වන උමාරියාට තාම 27යි. (28 ට කිට්ටුයි.) එහෙම කිව්වම පොඩ්ඩක් අමුතුයි වගේ නේද?

    ඔව් ඇත්තටම අමුතුයි වගේ තමයි. අපිට එහෙම හිතෙන්නේ උමාරියා මේ පොඩි වයසට හදාගෙන තියෙන නම සහ දැවැන්ත ප්‍රතිරූපය නිසා. මොකද සාමාන්‍යෙන් කලාකරුවෙකුට ඒ වගේ දැවැන්ත ප්‍රතිරූපයක් හදාගන්න ලොකු කාලයක් යනවා. ඒත් උමාරියා,ඒ නම පොඩි වයසින් හදාගෙන ඉවරයි. ඇය මේ වෙනකොට A-ශ්‍රේනියට ඇතුලත් වූ ලංකාවේ ලබාලතම ගායිකාව හා ''කලා කීර්ති ශ්‍රී අභිමානී'' ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ තරුනියක්. 2007, අවුරුදු 14 දී 'පැතු පෙම් පැතුම්' සිංදුවත් එක්ක, අරඹපු කලා ජීවිතේ. 2007 හා 2008 වසර වලදී සරසවි සම්මාන උලලෙ හොදම ගායිකාව ලෙස නිර්දේශ උනා, ඇය ශ්‍රී ලාංකීය සරසවි සම්මනයක් සදහා නිර්දේශ වුනු ලබාලතම කලා කාරිනියයි. ඒ විතරක් නෙවෙයි ලෝකේ වටේ ගිහින් ජ්‍යාත්‍යනතර ජයග්‍රහන 3ක් පවා ලංකාවට ගෙන්නල්ල දුන්න කෙල්ලෙක්. ඒ දේවල් වලට ලංකාවෙන් කවදාවත් ඇගයීමක් නොලැබුනත්, අය සංගීතය ඇතෑරියේ නැහැ. 2007 දි මුල් සිංදුව ගායනා කරලා ජනතාව අතරට ගිය ඇය, 2010 දී IIFA සම්මාන උලලේ මේ පොඩි කෙල්ලට BnS එක්ක perform ලැබුනා, ඒ වගේම එකේ, සහ අශා බූස්ලේ, ශන්කර් මහාදේවන්, කුමාර් සානු වගේ අය එක්ක ඇයට performe ලැබුනා..ඒත් උමාරියා තමන්ගේ සංගීත ජීවිතය වුර්තීය මට්ටමෙන් අරඹන්නේ 2015 වසරේ, ඇයගේ ප්‍රථම ගීතය 'දෙනුවන් පියා' සමග.ඒ වසෙරේම උමාරියාට දේශයේ ගාන්දර්වය පන්ඩිත් අමරදේවයන් සමග 'හන්තාන සිහිනේ' ගීතය ගයන්න අවසතාව ලැබෙනවා. පසුව ඇය Sirasa super star season 7 හි විනිශ්චයකාරිනියක් ලෙස සමබන්ධ වෙනවා, ඒ ලංකාවේ reality තරගවල ලබාලතම විනිශ්‍චයකාරිය ලෙස. පසුව 2016 වසරේදී Hiru mega stars season 1 තරගයට සම්බන්ද වෙලා ඇය එහි ප්‍රථම ස්ථානය ලබා ගන්නවා. මේ අතරතුරේදී උමාරියාට ලංකාවේ දැවැන්ත සිනමා පටවල ගී ගයන්න අවස්ථාව ලැබෙනවා. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්න, අචාර්‍ය රෝහන වීරසිංහ වගේ දැවැන්තයෝ සමග. ඇය පසුබිම් ගායනය කල චිත්‍රපටි අතරේ, 'බිම්බා දේවි හෙවත් යශෝදර', විජයබා කොල්ලය' විශේෂ තැනක් ගන්නවා. ඒ වගේම උමාරියා 2019 වර්ශයේ ලංකාවේ ලබාලතම ගායිකාව විදියට A-ශ්‍රේණියට ඇතුලත් වෙනවා. ඒ වගේම ඇය සංගීතයෙන් රටට කල සේවය වෙනුවෙන්, 'කලා කීර්ති ශ්‍රී අභිමානී'' ගෞරව සම්මානයෙන් පිදුම් ලබනවා. මෙතන ලියලා තියෙන්නේ උමාරියාගේ සංගීත ජීවිතේ විශේෂ අවස්ථා කීපයක් විතරයි. ඇය මේ පොඩි වයසට ලබා ඇති දේ බොහෝයි. ඇය සත් සමුදුර තරණය කළ යුතුම ගායිකාවක්. යොහානිට වඩා ඇයට වැඩි චාන්ස් එකක් පොටෙන්ෂල් එකක් තියෙනවා, අග්නි දිග ආසියාතික රටවල විශේෂයි. සුභ පතමු ඇයට. ඇය ගැන මාතලන් හිතන්නේ මොකක්ද?

    ReplyDelete
  14. ලොකු සර් මට දොලහ වසර පන්තියේ පන්ති බාර කම බාර දුන්නා. ඒ මම මීගමුවේ ප්‍රදාන පෙලේ ඉස්කෝලෙකට පත්වීම බාරගත්ත අලූතමයි .ගුරු විවේකාගාරයේ දී මං නිශාන්ති එක්ක කිව්වේ දොලහ ඒ පන්තිය මට දුන්නා කියලයි...

    ආ....ෂෝක්..... ඕක නං ඔයාට රැග් එකට දීපු වැඩක් .....දොලහ ඒ පන්තියේ තමයි පුණ්ඩරික ඉන්නේ .....කිසිම ගුරුවරයෙක් ඒ පන්තිය බාර ගන්න කැමැති නෑ...විශේෂයෙන්ම පුණ්ඩරික ඉන්න හින්දා ...

    මට හිතාගන්න බැරිවුනා. ගුරුවරයෙක් පන්තියක් භාර නොගන්න තරම් අමාරුකාර ළමයෙක් ....

    ඒ මොකද ඒ .....

    අම්මෝ පුණ්ඩරික ඉන්න පන්තිය තමයි හැමදාම මොකක් හරි ජරමරෙකට අහුවෙන්නේ ....
    මහ ගල් ආඳා.......ඒ ළමයගෙ දෙමව්පියෝ බොහොම වැදගත් උදවිය .....මූ නම් ගම කනවා ...එහෙම කියපු නිශාන්ති හිනා උනා ...

    මම පන්තියට යනකොට ළමයි තිස් අට දෙනාගෙන් තිස් හත් දෙනෙක්ම වාඩිවෙලා උන්නා .එක පුටුවක් හිස් වෙලා තිබුණා .
    ළමයින්ට මාව අඳුන්වලා දුන්නා ඉන්පස්සෙ මට ඕනෙ වුණා ළමයින්වත් අඳුනගන්න .

    කාගේ පුටුව ද පුතේ මේ හිස් වෙලා තියෙන්නේ ..අද ඒ ළමයා ආවේ නැද්ද ....
    කතාව පටන් ගන්න ඕන හින්ද මම එහෙම ඇහුවා .

    ඔතන ඉන්නේ පුණ්ඩරික ටීචර් .....

    .එයා අද ආවේ නැද්ද ......

    පන්තියේ ළමයින්ගෙන් මුනු මුනුව විතරයි මට ඇහුනේ ...කවුරුවත් මට ඇහෙන්න උත්තර දුන්නේ නැහැ ...
    මම හිතුවා ළමයි දන්නේ නැතුව ඇති කියලා ...මම පාඩම පටන් අරගෙන පැය බාගෙකට විතර පස්සේ සුදු වයසට අනුව උස තියෙන බොහොම සිරියාවන්ත ඒ උනාට ටොම් සෝයර්ගේ පෙනුම තියෙන දඟ පාට කොල්ලෙක් බිත්ති කන්ඩිය උඩින් එබුනා .

    ඔයා කවුද පුතේ ....

    ටීචර් මම පුණ්ඩරික....හිස් වෙලා තියෙන පුටුව මගේ ....

    කොල්ලගෙ උත්තර දීම... මට ටිකක් හිතන්න සිද්ධ වුණා ......

    ආ ඔයා ද පුණ්ඩරික කියන්නේ .....කොහෙද මෙච්චර ගිහිල්ලා හිටියේ .....

    අනේ ඔන්න මම මෙච්චර වෙලා ප්‍රින්සිපල් ගාව දන ගහගෙන හිටියෙ ...මේ බලන්නකො ඕන්නං.... දනිස් වල තාමත් මඩ... ඉකෝන් පීරියඩ් එකේ ඉදලා මම දන ගහගෙන හිටියෙ ...දැන් තමයි මට යන්න දුන්නේ ...

    පුණ්ඩරික එහෙම කිව්වේ දනිස් වල වැලි පිහදාන ගමන්මයි ...කොල්ලා උත්තර දීපු විදිහට මට හිනා යන්නත් ආවා.පන්තියේ අනික් උන් නම් හිකි බිකිස් ගාද්දිම මගේ සැර ඇස් බැල්මට බය වෙලා නිහඬ උනා.කිසිම බයක් හැකක් නැතුව තමන්ට වෙලා තිබුණු ඇබැද්දිය ගැන කිසිම ලැජ්ජාවකුත් නැතුව නිර්භීතව උත්තර දීපුඑක ගැන මට හිතාගන්න බැරි වුනා .

    ඒ මොකද ලොකු සර් ඔයාව දණගැස්සුවේ...

    දන්නැද්ද....

    එහෙම කියපු නසරානියා නසරාණි විදිහටම මන් දිහා බලල හිනා උනා.
    පුණ්ඩරිකට එයාගේ පුටුවෙ වාඩි වෙන්න මං ඉඩ දුන්නා .හවස ඉස්කෝලෙන් පස්සේ පුණ්ඩරිකව නවත්තගෙන මම එයාගේ පොත් බැලුවා .

    ඔයා ගෙදර යන්නේ බස් එකේද......

    මම එහෙම කොල්ලාගෙන් ඇහුවේ පාසල් සේවයක යනවනම් කොල්ලා අතරමං වෙන හින්දයි .

    මිස් යන්නේ මොකේද.....

    මම නම් ඉතින් බස් එකේ තමයි ....

    හා ....... ආ......... එහෙනම් එච්චරයි ......අපි දෙන්නට ජෝඩු දාලා යන්ට බැරියෑ ....

    කියලා කට කොනකින් හිනා වෙච්ච පුණ්ඩරික අතින් පුටුව අනිත් පැත්තට හරවල පුටුවෙ පත්ත තමන්ගේ පපුවට හේත්තු වෙන විදිහට වාඩි වුණා .

    පුණ්ඩරික ......ඔයා දන්නවද ඔයාගේ නමේ තේරුම .....

    ඇයි මිස් දන්නේ නැද්ද ....

    මම දන්නවා ඔයා දන්නවද කියන්නකො .....

    ඔහොම කියන්නේ තේරුම දන්නේ නැති අය ......හා පුලුවන්නම් කියන්න බලන්න පුණ්ඩරික කියන එකේ තේරුම .....
    කොල්ලා මට කිව්වේ කට උල් කරලා. මට හිතුනා ඒ සමවයසෙ කෙල්ලෙක් එතන හිටියනං පුණ්ඩරික ගෙ මුහුණ හරිම හුරතල් විදිහට පෙනෙයි කියලා .
    මට මේ නසරානියා ගේ කතාවට හිනා ගියා .

    ඔයාගේ මූණත් ටොම් සෝයර් වගේමයි ..... දැන් බලාගෙන ගියාම කතාව ත් ඒ වගේමයි .....

    මම කිව්වේ හිනාවත් එක්කමයි .මට මාක් ට්වේන්ගේ ටොම් සෝයර් කතාව මතක් උනා . ඒ කතාවේදීත් ටොම් සෝයර් මහා ගජබින්න අතාරින්ට ගිහිල්ලා එයාගේ නම අමතක වෙනවා. අමතක වුණයි කියලා කියන්න බැරි හින්දා ඔය විදිහ කපටිකම කින් ආපහු අදාල පුද්ගලයාගෙන් ම එයාගේ නම අහගන්නවා .

    ටොම් සෝයර් ඒ කවුද ඒ.......මිස්ලගෙ ගෙවල් ළඟ ළමයෙක්ද ......

    හරි හරි දැන් ඒකෙන් වැඩක් නෑ ඔයා පුණ්ඩරික කියන එකේ තේරුම දන්නවද කියන්නකො .....කියල මම ඇහුවා .

    මගේ ඇස් දිහා කෙලින් බලාගෙන හිටපු පුණ්ඩරික ... බොහොම ස්ථාවර වැදගත් ගැඹුරු කටහඬකින්
    පුණ්ඩරික කියලා කියන්නේ නෙළුම් මලට මිස් .....ඒක සංස්කෘත භාෂාවේ වචනයක් .....මහායාන බුදු දහමේ ප්‍රසිද්ධ පොතක් තියෙන්නේ සද්දර්ම පුන්ඩරිකය කියලා ....

    එහෙම කියපු නසරානියා එක කකුලක් හොලවන්න ගත්තා. පුණ්ඩරික ගෙ ඇස් දෙක වීදුරු දෙකක් වගේ දිලිසුනා.

    ReplyDelete
    Replies
    1. එච්චර දෙයක් දන්න කොල්ලෙක් ටොම් සෝයර් නොදැන ඉන්න බැහැයි කියල මට ඒ වෙලාවේ හිතුණා. මුගෙ ආනාදි කම මට හිතාගන්න පුළුවන් උනා .

      මම මුකුත් නොකියා හිනාවෙලා පුණ්ඩරික ගෙ පොත් පෙරළලා බැලුවා .ඒ පොත් වල වැඩ කිසිම පිළිවෙලක් තිබුණෙ නැහැ .ගොඩක් සටහන් ලියලා තිබුනෙත් නෑ.

      ඇයි මේ පිටු හිස් තියලා ....ඇයි මේ පොත් වල වැඩ කරලා නැත්තෙ....... මං ඇහුවෙ පොත් බලන ගමන්මයි .

      පිටු හිස් තිබ්බේ ඕවල ලියන්න ඕන හින්දා .....

      හරි ඉතින් ඇයි මෙච්චර හිස් තියලා තියෙන්නෙ .....

      අර ප්‍රින්සිපල් මට එන්න දෙන්නෑ නේ පන්තියට... හැමතිස්සේම දණගස්සවා ගන්නවනේ .....
      මිස් දන්නවද... එයාට මාව හරි හැන්සම් විදිහට පේනවා ඇති .ඒකනේ වරු ගානක් දන ගස්සගෙන මගේ මූණ දිහා බලාගෙන ඉන්නේ .....

      පුණ්ඩරික පුතේ .....මම දැන් ඔයාගේ පන්තිභාර ටීචර් .....මට ඔයා ඇත්ත කියන්න ඕනේ....ඇයි හැමතිස්සෙම ඔයා ප්‍රින්සිපල් දණ ගස්සවලා තියන්නේ .....

      එක ඇහැක් වහලා කට කොනකින් හිනාවෙච්ච පුන්ඩරික ......

      ප්‍රින්සිපල් ගේ දුව.... අයෝද්‍යා.... ලස්සනයි .... මං එයා දිහා පොඩ්ඩක් බලනවා... ඒකට ඔය...... මං ආසයි මිස් දනගහන් ඉන්න ...... මං ඉන්න තැනට කෙලින්ම අයෝද්‍යා ගේ ඩෙස් එක පේනවා. මං එයාට එයාගේ හදවත ගැලවිලා බිම වැටෙන විදිහට බලං ඉන්නවා . මිස් දන්නවා ද..... එයා කදුලු පිහිදනවා මට පේනවා......

      පුන්ඩරික ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නාට්‍යයේ වගේ නියම තැන හඩ උස් පහත් කර කර ඇස් වලින් දුර ඈතක් බලාගෙන පුදුම ලස්සනට ඒ දෙබස් ටික මට කිව්වේ මාව සීතල කරන ගමන්.
      ග්‍රීක වැසියනි .......නුඹලා සොල්දාදුවන් ය .....කියලා අනෝජා වීරසිංහ මේ දැන් ඒ දෙබස කියනවා වගේ මට ඇහුණා. පුටුවෙන් නැගිට්ට කොල්ලා මගේ ලගට ඇවිත් මහා ගැබුරු කටහඩින් රහසින්....

      මිස් දන්නවා ද...... ප්‍රින්සිපල් රිද්දන්නේ මට නෙමෙයි....... කිව්වා.

      Delete
    2. මට හිනායන්න ආවේ උගේ ඇක්ශන් වලට. මොකද්දෝ දෙයක් කොල්ලා ගේ ඇගේ හැංගිලා තියෙනව කියලා මට හිතුනා .

      හරි..... ඔයාගේ අම්මයි තාත්තයි මොකද කරන්නේ ..... මං ඇහුවා.

      චහ්.... ගාලා කටෙන් සද්දයක් දාපු කොල්ලා හයිරංකාර විදිහට ..

      දැං ඒ ප්‍රශ්නෙ කොහොමද මෙතනට අදාල වෙන්නේ..... කියලා ඇහුවා.

      අදාල වෙන්නෙද...... අදාල වෙන්නේ .... ඔයා එයාලගේ පුතා හින්දා ..... ඔයා මේ විදිහට ඉස්කෝලේ වැඩ මග අරින්නේ ඇයි කියලා දැනගන්න ..... සමහර දෙමව්පියෝ ලමයි ගැන සැලකිලිමත් නෑ..... සමහර දෙමව්පියෝ උගත් නෑ.. දරුවා තේරුම් ගන්න දරුවගේ ගෙදර පරිසරය දැනගන්නම ඕනේ..

      මගේ මූන දිහා බලාගෙන හිටිය කොල්ලා ගේ ඇස් වල කදුලු පිරුනා. හැබැයි කදුලු එලියට ආවේ නෑ... බිම බලාගත්තු පුන්ඩරික ආයාසයෙන් හිනා උනා..
      මගේ පපුව පිච්චිලා ගියා. මම සැක කරපු විදියටම පුණ්ඩරික ගෙ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හිතුනා.මං නැගිටලා කොල්ලා ගාවට ගියේ පත්තු උනු පපුවෙන්. මේ වගේ හැඩි දැඩි කොල්ලෙක් කදුලු පුරොගෙන වචනෙන් කියන්න බැරි හැගීම් අහුරක් පුරවගෙන ඉන්නවා බලං ඉන්න මට බැරි උනා.
      ඇයි පුතේ..... බය නැතුව කියන්න ..... මං කාටවත් කියන්නේ නෑ....
      එහෙම කියලා මම බොහොම හෙමින් පුණ්ඩරික ගේ ඔලුවත් අත ගාලා කිව්වේ මගේ වචන වලින් එයාට මං ගැන විශ්වාස උපරිමයෙන් දැනෙන්න ඕන හින්දයි ...

      පුණ්ඩරික වචනයක්වත් කතා නොකර දිලිසෙන ඇස් වලින් මන් දිහා බැලුවා . තප්පර දහයක් විතර මගේ මූන දිහා කෙලින් බලාගෙන හිටපු පුන්ඩරික ප්‍රෙෂර් එක වැඩි වෙච්ච වායු බැලුනයක් වගේ බකාස් ගාලා මහ හඬින් හිනා වුණා . මට බය හිතුනා .මාව පස්සට විසි වුණා .එකපාරටම මට හිතුනා මම කතාකරන්නේ මානසික රෝගී දරුවෙක් එක්ක කියලා .මගේ බය වෙච්ච මූන දිහාවට ඇඟිල්ල දික් කර කර පෙන්න පෙන්න පුණ්ඩරික දෙකට නැවී නැවී හිනා උනා .

      මිස්... ස්... මිස්.... හ්‍යියෝ.. යෝ.....හ්..මිස්..

      මට හිතාගන්න බැරි මූනකින් මං බලං උන්නා .

      මිස්.... රැවටුනා නේහ්..... කෝමද...... පුන්ඩරික කාන්ගේ ඇක්ටීටීටීන්....... ආහ්......

      කියලා කියපු කොල්ලා තමන්ගේ කොලර් එකේ පැත්තක් උස්සන් යංතං හිනාව නවත්ත ගත්තා .

      මිස්..... මගේ අම්මයි තාත්තයි දෙන්නම බාගෙට දැනුම ලබා ගත්ත මිනිසුන්ව සම්පූර්ණ කරනවා .....ඔය ඉතිං මිනිස් මූණ ඇද කරගෙන මං දිහා බලාගෙන ඉන්නවා ... ඒ දෙන්නම කැම්පස් එකේ ලෙක්චර්ස් ලා....

      මට හරි පුදුම හිතුනා. කථිකාචාර්යවරුන් දෙන්නෙක්ගේ දරුවෙක් ඇයි මේ විදියට හැසිරෙන්නෙ කියලා....එක අතකට බැලුවහම පුණ්ඩරික ගේ හැසිරීමේ වරදක් නැහැ .... අමුතු නාහෙට අහන්නේ නැති දාංගල ගතියක් නම් තිබුණා ..

      ඇයි පුතා නාට්‍ය හා රංග කලාව කළේ නැත්තේ....ඇයි කොමර්ස් තෝරගත්තෙ ...මං ඇහුවා .

      ටොක්සිඩ් පේරන්ට්ස්...... ටොක්සිඩ් .......
      පුන්ඩරික බොහෝම ශාන්ත දාන්ත විදිහට කිව්වා.

      ඇයි අම්මලා තාත්තලට එහෙම කියන්නේ.... දෙමව්පියෝ විස සහිත නෑ..... මං කිව්වේ ටිකක් තදින්.......

      නෑ මිස්.... මට ඕනේ නාට්‍ය හා රංගකලාව කරන්න .....අම්මලගෙ බල කිරිල්ලට තමයි කොමර්ස් කළේ .

      එදා දවස මට ගතකරන්න අමාරු ගතියක් දැනුනා. ඔලුව කැරකැවෙන ගතියක් දැනුනා .අපි හැමෝම තේරුම් නොගත්ත මොකක්දෝ අමුතු දෙයක් පුණ්ඩරික ගේ තියෙනවා කියලා මට හිතුනා .මෙච්චර දවසකට හැමෝම ඒ ළමයා දිහා බලලා තිබුනේ නසරානි යෙක් අන්ඩපාලයෙක් විදිහටයි . ඒ උනාට පුණ්ඩරික ගේ ඇඟ ඇතුලෙන් මොකක්දෝ ලොකු කලාකාමී ගතියක් හැංගිලා තියෙනවා කියලා මට හිතුනා.

      Delete
    3. පහුවෙනිද උදේ මම ඉස්කෝලෙට යනකොට පුණ්ඩරික තවත් පිරිමි ළමයි දෙන්නෙකුයි කාර්යාලය ඉස්සරහ හිටගෙන හිටියා .
      අපෝ අදත් ජංජාලයක් වගේ ..මගේ හිත මටම කිව්වා

      අනික් පිරිමි ළමයි දෙන්නා ලැජ්ජාවෙන් බිම බලාගෙන ඉන්නකොට පුණ්ඩරික මන් දිහා බලල එක ඇහැක් ගහලා නසරානියා ක් විදිහට කට පැත්තෙන් හිනා උනා.උඹ නං කවදාවත් හදන්න බෑ පුතේ වගේ කියමනක් මං මූනෙන් කියන ගමන් මම ඔලුව දෙපැත්තට වනා ගෙනම කාර්යාලය ඇතුළට ගියා .
      මම යනකොට විදුහල්පතිතුමා උන්නේ කාට හරි දුරකථනයෙන් කතා කර කර .

      බලන්න මිස් තේජානි .....පුණ්ඩරික ඔයාගේ පන්තියෙ නේද .....මූ කරල තියන වැඩේ .... අම්මට කතා කරලා කිව්වහම කියනවා ඉස්කෝලෙට එන්න විදිහක් නැහැලු.. කැමති දඬුවමක් දෙන්න කියලා ...

      මොකක්ද සර් මෙයා කරලා තියෙන වැඩේ ....

      අර මැත්ස් සෙක්ශන් එකේ ඉස්සරහ හදලා තියෙන්නේ පයිතගරස් ගේ පිලිමයක්. මෙයා ගිහිල්ලා ඒ පිළිම කටට කඩල පුරෝලා ඇවිල්ලා .
      විදුහල්පතිතුමා කොයිතරම් බැරෑරුම් මුහුණකින් ඒක කිව්වත් මට ,පුණ්ඩරික ගිහිල්ලා පයිතගරස්ගේ කටට කඩල පුරෝන හැටි මැවිලා පෙව්නා. මට හිනා යන්න ආවට මම ඒක තද කරගත්ත . නැත්තම් මටත් ගුටි කන්නයි වෙන්නේ...

      එතකොට අනිත් පිරිමි ළමයි දෙන්න කවුද ...

      ආ.... ඒ ඔත්තු බලපු දෙබාන.... පුණ්ඩරික ගේ අති ජාතයෝ...
      බලන්න මිස් මේ ලමයගේ අම්මයි තාත්තයි බොහෝම වැදගත් මිනිස්සු ... මේ ලමයා ඒ මිනිස්සුන්ට දෙන වදයක්.... දැන් දැන් අපි කම්ප්ලේන් කලාට ගෙදරින් එන්නෙත් නෑ....

      මට පුණ්ඩරික ගැන දුක හිතුනා . පුණ්ඩරික ගේ අවශ්‍යතාවය ගැන ගෙදරින් මීට වඩා තේරුම් ගත්තා නම් හොඳයි කියලා මට හිතුණා .
      මම එදා විදුහල්පතිතුමාට පොරොන්දු උනා ආයිත් පාරක් පුණ්ඩරික අතින් වරදක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැයි කියලා .මම එහෙම පොරොන්දු වෙච්ච හින්දා විදුහල්පතිතුමා පුණ්ඩරික ට පන්තියට යන්න අවසර දුන්නා .

      ශෙහ්...... මිස් ඔයා ඇයි එහෙම ප්‍රින්සිපල් ට කිව්වේ... බලන්නකෝ මං අයෝද්‍යා දිහා නේ බලාගෙන හිටියේ ....
      මට හිනා ගියා .

      ඒ අවුරුද්දේ මාස තුන හතරක් යනකොට පුණ්ඩරික මට ගොඩක් ලං වුනා .දරුවෙක්ට වගේ මම පුණ්ඩරික ට ආදරය කරන්න පටන් අරන් තිබුණා .ඒ දඟකාරකම් ඒ මැරකම් මාව අමුතුම ලෝකයකට ගෙනිහින් තිබුණා .අනිත් ගුරුවරු මොනව කියල බැන්නත් ගැහුවත් මට පුණ්ඩරික ට වචනයක්වත් කියන්න හිතුනෙ නෑ ...පුණ්ඩරික ගෙ නසරානි වැඩ ඇත්තෙන්ම මගේ යටි හිත කුල්මත් කළා .මට ආපහු මගේ තරුණ කාලය මතක් කළා .විදුහල්පති ධර්මසේන මහත්මයා එයාගෙ තුරා අයෝධ්‍යාව ගෙනත් වෙනත් පාසලකට මාරු කළා .අයෝධ්‍යාව වෙනත් පාසලකට මාරු කරන බව පුණ්ඩරික දැනගෙන තිබුණෙ නැහැ .පුන්ඩරික ඒක දැනගත්තු දවසෙ උදේ වචනයක්වත් කතා නොකර සුදු කම්මුල කපාගෙන තද කොළ පාට නහරයක් මතුකරගෙන ජනේලයෙන් එළිය බලාගෙන ජනෙල් කූරු තදකරගෙන අල්ලගෙන හිටපු හැටි මට තවමත් මතකයි.

      Delete
    4. ගිණුම්කරණ කාලච්ඡේද දෙක අවසානයේදී මම පන්තියෙන් එලියට ගියේ ඊළඟ පන්තියට යන්නට තිබුණු හින්දයි .
      එකපාරටම විදුහල්පතිතුමාගේ කාමරය ඇතුලෙන් ඇහුනේ ඩෝං.. ගාන සද්දෙකුයි.හරියටම ඒ වෙලාවේ ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයා විදුහල්පතිතුමා හම්බවෙන්ඩ ඇවිල්ලා විශේෂ සාකච්ඡාවක් කරමිනුයි හිටියෙ .උනේ මොකක්ද කියලා තෝරා බේරගන්න බැරි වෙච්ච මන්ත්‍රීතුමාගේ ආරක්ෂකයින් හතර වටේට දුවන්න ගත්තේ කවුරුහරි වෙඩි තිබ්බා කියලා හිතලයි .කලබලයක් සිද්ධ වෙච්ච නිසා ඒ ළඟම හිටපු මමත් ඉක්මනටම දුවලා ගියේ කාර්යාලය පැත්තට .කාර්යාලය ලඟම තියෙන මල් පැලය අස්සේ හඳුන්කූර ක ගැටගහලා තිබුණු රතිඤ්ඤා කරලක් හරි ගානට වෙලාවට පුපුරලා තිබුණා .මේක කවුද කළේ කියලා හොයාගන්න විදිහක් නැති වුණාට ඉන්තේරුවෙන්ම මේක කළේ පුණ්ඩරික බව මම දැන ගත්තා .මම පන්තියට ආපහු ගියා. යනකොට කිසිම දෙයක් නොවුන විදිහට පුන්ඩරික තමන්ගෙ ආසනයේ ඉඳගෙන හිටියා. මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටපු පුණ්ඩරික බිම බලා ගත්තා .වචනයක්වත් කතා නොකරපු මම එනවා යන්න කියලා පුණ්ඩරික වත් ඇදගෙන ආපන ශාලාවට ගියා .පුණ්ඩරික ට ඇතිවෙන්න කන්න රෝල්ස් පැටිස් එක්ක කිරි තේත් අරගෙන දුන්නා . ඒත් පුණ්ඩරික ඒවාට අත තියන්නේ වත් නැතුව අඬන්න පටන් ගත්තා .කන රත්වෙන්න මගෙන් පහරක් හම්බෙයි කියලා බලාපොරොත්තුව හිටපු පුණ්ඩරික ට මගේ සත්කාරය ඉවසගන්න බැරි උනා. හැබැයි ඒ ඇඬිල්ල නම් ඇත්තටමයි කියලා මට තේරුණා .
      පුතේ ගෑනු ලමයෙක් වෙනුවෙන් පිස්සෙක් වෙන්න හදන්න එපා ....ඔයාව දැන් කවුරුවත් ගණන් ගන්නේ නැති වෙයි.... ඒ උනාට ඔයා යන්න ඕනේ පාර මම ඔයාට පෙන්නන්නං....ඒ පාරෙ හරියට යමං .....උඹට වරදින්නේ නෑ බයවෙන්නේ නැතුව ඒ පාරේ පලයන් පුතේ....
      මොනව හරි දෙයක් කරගන්න ඕන නම් උසස්පෙළට අඩු තරමේ සාමාන්‍ය පාස් තුනක් වත් ගන්න ඕනේ බව මම කොල්ලට කියලා දුන්නා. නාට්‍ය හා රංග කලාවේ මූලික පදනමට අයිති පොත් කට්ටලය මම ඉස්කෝලේ පුස්තකාලයෙන් පුණ්ඩරික ට හොයල දුන්නා .ඉස්කෝලේ නාට්‍ය හා රංග කලාව කරන සර්ගෙ පෞද්ගලික පන්තියකට පුණ්ඩරික ව යොමු කෙරෙව්වා .ඒ අතරෙ මම ඌට නොවඳිනා වැඳුම් වැන්ඳ කොහොමහරි උසස් පෙළට සාමාන්‍යයෙන් පාස් තුනක් වත් ගන්න කියලා .ඒ අතර ලයනල් වෙන්ට් වල නාට්‍ය හා රංග කලා පුහුණු පාඨමාලාවකටත් යොමු කළා. මම මේ විදිහට දිගටම උදව් කරනවා කියලා පුණ්ඩරික කවදාවත් කිසි කෙනෙක් එක්ක කිව්වේ නැහැ .පුණ්ඩරික බය වුණා එයාගේ අම්මයි තාත්තයි මට දොස් කියයි කියලා .කොහොමහරි බොහොම අමාරුවෙන් කොල්ලා සාමාන්‍ය පාස් තුනක් අරගෙන විෂයන් තුන ෆේල් කරගන්නේ නැතුව බේරුණා . ඊට පස්සේ මට පුන්ඩරික ව මග ඇරුනේ මගේ මහත්තයට ඇමරිකාවේ රස්සාවක් ලැබුණු නිසා මටත් මහත්තයත් එක්ක යන්න සිද්ධ වුණු හින්දයි .ඊට අවුරුදු දෙකකට විතර පස්සේ ඇමරිකාව ප්‍රධාන පත්තරේක ලස්සන ප්‍රවෘත්තියක් පළවෙලා තිබුණා .
      මෙවර අන්තර්ජාතික කෙටි චිත්‍රපට තරගාවලියේ දී හොඳම නළුවා ලෙස ශ්‍රී ලංකාවේ පුණ්ඩරික ධර්මදාස සම්මානයට පාත්‍ර වේ..කියලා තිබුණා .මගේ අත් දෙක මටම පාලනය කරගන්න බැරුව වෙව්ලන්න ගත්තා .මට හිතාගන්න බැරි වුනා .ඉස්කෝලේ කාලෙට වඩා පුණ්ඩරික ගොඩක් ලස්සනයි .ජෙල් තලියක් ගාලා කොණ්ඩේ උඩට කරල තිබුණා .කනේ කරාබු තුන හතරක්ම දාලා තිබුණා .රතු පාට ෂර්ට් එකට උඩින් කහපාට කෝට් එකක් ඇඳල හිටිය .රත්තරන් පාට දිලිසෙන සම්මානයක් උඩට කරගෙන හිනා වේගන ඉන්න රූපයක් තිබුණා ..ලිපියේ එක තැනක තද කළු අකුරින් පුණ්ඩරික ගෙ වචනයක් උලුප්පා තිබුණා .
      Actually, I am not the real owner of this award..Tejani Teacher who showed me the right way .....

      මගේ නෙත් උතුරා සීතලට යමක් ගලා යන වග දැනුනා.

      Delete
  15. ඔච්චර දේවල් දැකපු මාතලන්වත් දිලිත් ඇන්දුවනෙ ගෝටා විස්මකර්මයෙක් කියලා.

    ඔයාතත් ගොඩා..ක් ඉගෙන ගන්න දේවල් තීනව හොදේ...

    ReplyDelete
  16. මාත මචෝ, මේ දිනවල ලංකාවේ තව තියෙන ප්‍රශ්නයක් තමයි ගෑස් පිලිබඳ ප්‍රශ්නය. ඇත්තටම ඉන්ධන වශයෙන් භාවිත කළ හැකි ගෑස් වර්ග ගොඩක් තියෙනව. අප මෙතන කතා කරන්නේ ඒල්පීජී (LPG - Liquefied Petroleum Gas) වායුව ගැනයි. ලංකාවේ ලිට්‍රෝ ගෑස් ටැංකි පුපුරා යනවා යැයි මේ දිනවල ලොකු ආන්දෝලනයක් තියෙනවා. නමුත් බලශක්ති ඇමති ගම්මන්පිල කියන විදිහට ගෑස් ටැංකි පුපුරා යාමක් නොවෙයි සිදුවෙලා තියෙන්නේ, සිලින්ඩර් වලින් කාන්දු වන ගෑස් වලින් සිදුවන පුපුරා යෑම තමයි සිදු වෙලා තියෙන්නේ. තියෙන ආරක්ෂිත ක්‍රම වේදය අනුව ගෑස් ටැංකිය පුපුරන්නෙ නෑ.

    මේ පිළිබඳ රසායනික විද්‍යාඥයෙක් වන මහාචාර්ය ජයතිලක මේ පිළිබඳව හොඳ අනුමානයක් ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් ගෙවල් වල ගෑස් කාන්දුවකින් ගෑස් ගඳක් ආවොත් ගිනිකූර ගහන්න එපා දොරවල් අරින්න ජනෙල් අරින්න ගෑස් එක ඉවතට ගෙනියන්න කියලා කියනවා. නමුත් ගෑස් වල එහෙම ගඳක් නැහැ. මෙතේනිතියෝල් එහෙම නැත්නම් මර්කැප්ටන් (Mercaptan) කියන රසායනික ද්‍රව්‍ය ගෑස් වලට එකතු කරනවා ගඳ ඇති කරන්න ආරක්ෂාකාරී පියවරක් විදියට. Mercaptan or technically methanethiol is a harmless but pungent-smelling gas which has been described as having the stench of rotting cabbages/ smelly socks which is often added to natural gas as colourless and odourless component which make it easier to detect in case of leakage etc. එවිට යම් හෙයකින් ගෑස් කාන්දු වුණොත් ඒ ගෑස් එක කාන්දු වෙනවා කියන ගෑස් ගන්ධයෙන් අපේ නහයට දැනෙන්නේ ප්‍රොපේන් බියුටේන් කියන ඉන්ධන ගෑස් නිසා නොවේ, ගෑස් වලට මෙම මර්කැප්ටන් එකතු කරලා තියෙන නිසයි. මහාචාර්ය ජයතිලක අනුමානයක් ඉදිරිපත් කළා මෙම මර්කැප්ටන් නොදා හෝ ප්‍රමාණවත් ලෙස දමා නොමැති නම් ගෑස් කාන්දුවක් වුණත් ගෑස් කාන්දු වෙනවා කියන එක අප කවුරුවත් දන්නේ නැහැ. එවිට සුපුරුදු පරිදි ගිහිල්ලා ගිනිකූරක් ගැහුවොත් ලිප පත්තු කරන්න ගෑස් උදුන පත්තු කලොත් දුම්වැටියක් දල්වා ගත්තොත් ගෑස් හේතුවෙන් පිපිරීමක් ඇතිවෙනවා.

    මේ වගේම 2016 විතර මට මතකයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහත් ගෑස් පිපිරීමකින් බරපතළ තුවාල ලැබුවා. හේතුව ගෑස් කාන්දුවක් තිබිලත් ගෑස් ගඳක් දැනිලා නැහැ. පහනක් දල්වන්න ගිනි පෙට්ටිය ගැහුවහම ගිනි ගැනීමක් ඇති වුණා. දීර්ඝ වේලාවක් ගෑස් කාන්දු වී තිබුණ ද ඇයට ගඳක් ඇවිල්ලා නැහැ. එහෙමනම් මේ ගෑස් වල අඩංගු විය යුතු මර්කැප්ටන් රසායනිකය ප්‍රමාණවත්ව අඩංගු නොවීම හෝ කිසිසේත් අඩංගු නොවීම සිදුවෙලා තියෙනවාද?

    ඔය වගේම තවත් කාරණයක් තමයි ලංකාවේ එල්පීජී පිළිබඳ පරීක්ෂණ කිරීමට ප්‍රතීනනය කරපු රසායනාගාරයක් නැහැ. ලාෆ්ස් සමාගමට අයිති රසායනාගාරයක සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයිති රසායනාගාරයක ගෑස් ගැන පරීක්ෂණ කළ හැකියි. නමුත් ඒවා හදලා තියෙන්නේ ඔවුන්ගේ අභ්‍යන්තර අවශ්‍යතාවයන් සඳහායි. ඒ නිසා ඒක පිළිගැනීමට ලක් කර ගැනීමේ අවශ්‍යතාවයක් වත් කවදාවත් ඇති වුණේ නැහැ. නමුත් මෙතනින් පරීක්ෂණ වාර්තා ඉල්ලද්දි තමයි ප්‍රශ්න මතුවන්නේ.

    මාත දන්නව ඇති මර්කැප්ටන් අඩංගුද නැද්ද නිසි ප්‍රමිතියට තිබේදැයි බලන්න ඇමරිකානු ක්‍රමවේදයත් තියෙනවා. අත් බෙහෙත් වලින් මෙය තිබේදැයි බලන්න හැකියාව තිබුණත් එම ඇමරිකානු ක්‍රමවේදය අනුගමනය කිරීම සඳහා පහසුකම් ලංකාවේ දැනට නැහැ කියලා ගම්මා කියන්නේ එවැනි අවශ්‍යතාවයක් කවදාවත් ඇතිවෙලා නොතිබුණු නිසා. ඒ නිසාම මෙම ගෑස් ක්ෂේත්‍රය අනිකුත් ඉන්ධන වලටත් වඩා මේ මොහොතේ වඩාත් වැදගත් වෙලා තියෙනවා නියාමනය කිරීම.

    ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කතා කරමින් කියනවා මෙම ගෑස් වල ප්‍රොපේන් 30% ක් සහ බියුටේන් 70% තියෙන්නට ඕනෑ. නමුත් දෙකම 50% බැගින් තමයි ගෑස් සිලින්ඩරයේ තියෙන්නෙ. ඒ නිසයි මේක පුපුරන්නේ කියලා. එවැනි නීතියක් හෝ නියාමනයක් තියෙනවා දැයි කියා සොයා බැලුවාම එහෙම නීතියක් නැහැ. දැනට නියාමනයකට තියෙන්නේ පීඩනය සම්බන්ධයෙන් පමණි. මර්කැප්ටන් දාන්න ඕනේ කියලා කොහෙවත් සඳහන් කරලා නෑ. ප්‍රොපේන් සහ බියුටේන් ප්‍රතිශත ගැන කොහෙවත් සඳහන් කරලා නෑ. ආරක්ෂාකාරී උපකරණ සම්බන්ධයෙන් ගෑස් සිලින්ඩරයේ සඳහන් කළ යුතු තොරතුරු සම්බන්ධයෙන් කොතනකවත් නියාමනයක් නැහැ. ඒ නිසා අද අපේ රටේ පාරිභෝගිකයෝ බියෙන් පෙළෙනවා. මෙතෙක් කලක් අප බයෙන් සිටියේ අපට හොරෙන් අනුන් ඇවිල්ලා තියන බෝම්බ වලට. නමුත් දැන් ගෙදර තියෙන ගෑස් සිලින්ඩරය සියදිවි හානි කර ගැනීම සඳහා සල්ලි දීල ගෙදරට අරන් ගිය බෝම්බයක් බවට පත්වී තියෙනවා.

    මේ බය නැති කළ හැක්කේ ඇත්ත හොයලා ඒය ප්‍රසිද්ධ කරලා එම හේතුව මගහැර ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීමෙන් ම පමණයි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

    ReplyDelete
  17. පී බී ජයේ ට භාර දීපු තව වැඩක් අල වෙලා මාතලං, මේ බලන්න;

    https://youtu.be/I48KMvjR5dQ

    අන්තිමට බැරිම තැන අද ජනාධිපති ඩිරෙක්ට් කතා කරල වැඩේ ෂේප් කරගෙන තියෙන බව තමයි කියන්නේ මේකේ අන්තිමට මූත් ඒ කතාව කියන්නේ.

    ReplyDelete
  18. යකෝ ගෝතලං, මේ දවස් වල කතාවක් යනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ 150 ක් විතර මන්ත්‍රීවරුන්ගෙන් නිදහස් පක්ෂය විතරක් නෙවෙයි වෙන අයත් එක්ක පනහක් හැටක් පමණ පිරිසක් ඉවත් වෙන්න හදනවා කියලා, මොකද ආණ්ඩුවට දැන් ඕනේ වෙලා තියෙන්නෙත් ඕකම තමයි. ඇයි මිනිස්සු 2/3 දුන්නා, ඊට පස්සේ 19 වන සංශෝධනය ගලවලා 20 සම්මත කරලා 78 -88 කාලයේ ජේ ආර් ට තිබුණ බලයට පමණක් දෙවැනි වන ජනාධිපති බලයක් දුන්නා, ඇමරිකන් බැසිල්ට එන්න දුන්නා, කබ්රාල්ට කැබිනට් බලතල සහිතව මහා බැංකු අධිපති කමක් දුන්නා, තව වියත් මග කල්ලියේ පොරවල් වලට විවිධ ආකාරයෙන් තනතුරු දුන්නා, ඒත් ඒ කාටවත් මොනවත්ම කරගන්න බෑ. අන්තිමට ඩඩ්ලියා තමයි හාල් වල ගාන කියන්නේ. හැම එකක්ම කෙලවෙලා ඉන්න කොට සජියාගේ වුන් ආණ්ඩුවෙන් මන්ත්‍රීවරු ගලවන්නෙත් නැති නිසා ආණ්ඩුවම මැදිහත් වෙලා උන්ගේම සෙට් එකක් ගලවලා අනේ අපිට 2/3 නෑ දැන් ඉතින් මොනවත්ම කරන්න විදියක් නෑ වගේ අඬවැඩියාවක් වම්බටු කුට්ටියා ලවා කියවලා ජනාධිපති පැත්තකට වෙලා රනිල් වික්‍රමසිංහ, පාටලී වගේ කෙනෙක්ට අගමැති තනතුර දෙන්න හදන්නේ. ඒ සමගම ජනතා විමුක්ති පෙරමුණටත් බලය ලබා ගැනීමට ආරාධනා කරයි ඒත් උන් නම් මොකක් හරි බයිලයක් ගහලා මග ඇරලා ගිහින් විපක්ෂයේ ඉඳගෙන බැන බැන ඉඳීවි. හැබැයි මේ ආණ්ඩුවේ වැඩ නම් ඔක්කොම නාට්‍ය. මණ්ඩලේ කචල් එක්ක අයියලා මල්ලීලා දේශපාලන බලයට කා කොටා ගන්න අතරේ ආණ්ඩුවේ ඉන්න කම්බා හොර රැල පුළුවන් තරම් ඉක්මනට හොරා කාගෙන කාගෙන යනවා හෙට දවස ගැන විස්වාසයක් නැතුව, ඒ අස්සේ විපක්ෂයේ හරිත පාටියේ ශ්‍රී මුඛ ජෝකරේ වෙනම ආතල් එකක, පච රෙනවක හා 3% බොනිකර තරු ලප රිලවා ජනාධිපති හීනෙක, බොනී රිලවගේ 3% වහල් මීහරක් හැත්ත සුරතාන්තයට පත් වෙලා මහත් සේ කොලහල කරමින් අහසේ මාලිගා හදනවා, ළඟදීම පොළවට වැටෙන්න ඔන්න මෙන්න. පොනිල් වික්කමසිංහ පක්ෂ නායකත්වය මැරෙන කන් රැකගන්න හීනෙක, චෞර රාජ රවි කරැපයියා, කම්බා හොර දතා, තඹ හොර සුජී, කොන්කානිස් බඩුදීන්, ඇතුළු අනෙක් පැත්තෙ හොර තක්කඩි රෑල මෙ අවුරුදු පහ හිරේ නොගිහින් ඉන්න එක විතරක් නෙමෙයි ආයේ චාන්ස් එකක් අරන් මුන්වත් පරද්දමින් තවත් කෝටි ප්‍රකෝටි ගණනින් සල්ලි හොරකම් කරන්න හීන මවමින් කාලේ ගෙවනවා, රට වටා දුප්පත් අසරණ මහජනයා හිඟා නොකා හිගා කනවා, රටට අබ සරණයී ඕයි.

    ReplyDelete
  19. Asee Mathalan thoth ithin Dilith gen hambena thuttu deken pana getagahganna kapati higannekne. Uba kade yanne ubata panam hatharak lebena ekatane. Nodakin thuppahi naaki hiwala. Tho wage un merunama yanna wenama apayak hadanna ona. Awalan balla.. thuk

    ReplyDelete
    Replies
    1. ඉයන් මුත්තේ, ඔයාල කඩේ ගිය වහල් කම් කරපු හොරමුලේ උනුත් එහෙමම තමයි, වැඩි වෙනසක් නෑ, ඉතින් මාතලන් මුන්ට කඩේ ගියාම මොකද? දැන් ඔයා ගොඩාක් වයසට ගිහින් , ඇවිදින්න ඉඳ ගන්න කාගේ හරි උදව්වක් ඕනේ, කියන දේවල් මතක නෑ, දැන් ඔයා එන්නේ කෙළින්ම පොල් පැළේ කන්න. අවස්ථාව අනුව කතා කරන්න ඔයා රුසියා, මේ හොර රැල වෙනුවට බොලා වහල්කම් කරන අනිත් හොර හැත්ත ගේන්න ඔක්කෝම ගේම්, ආයෙත් ඕවට අහුවෙන්න තරම් අපි මෝඩ නැ. දැන්වත් පාඩුවේ ගෙදර ඉන්න පහුගිය 2015-19 හොරාකාපු තරම මදිද? අපි 2024 අලුත් සෙට් එකක් හොයාගන්නම්.

      Delete
  20. අනේ මන්දා භං ගෝතලන්,

    ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මිනිස්සුන්ට කිසිම option එකක් නැතිවුණ මේ වගේ අවස්ථාවක් මීට පෙර තිබිලාම නෑ නේද මම දන්න තරමින්? රටට නායකත්වයක් දෙන්න පුළුවන් මිනිහෙක් පේන තෙක් මානෙක නෑ.
    අඩු ගානෙ මෝඩයෙක් නොවන ගොන් කතා නොකියන එකෙක් වත් නෑ.

    ReplyDelete
  21. Gin hukannala bayila gahanawa pb karanne basil hamu kiyana yakooo

    ReplyDelete
    Replies
    1. ඔයා නම් මරූ... ඒත් ඇත්තටම වෙන්නේ ඒක නෙවෙයි... ගෑස්ට්‍රයිට්‍රිස් වලට හොදම බේත උදේ නැගිට්ට හැටියම කට නොසෝදා වතුර එකක් බොන්න කිව්වම අපේ උන් ඊය කුනුකෙල පිටින් කොහොමද බොන්නෙ අහනව.. හබැයි මහපාන්දර මෝල කෙලින් උනාම දිව......... See more

      Delete
  22. Ane manda labkawe ewun monawa kiyawanada kiyala.

    Pb gena rata bera gananna namak baby sinawamu.....oka neda nokiya kiyanne

    ReplyDelete
    Replies
    1. යකෝ 2019 වෙන කිසිම තෝරාගැනීමක් නැති නිසා හිටපු උන්ගෙන් නරක අඩුම එකා වෙච්චි සෑර් ට ඡන්දෙ දුන්න එක එක දෙයක් විතරයි, ඒත්ඉතින් තවමත් සෑර්ට පස්චාත් බාගය දෙන උඹ වගේ පාංකඩ ගොටුඋකන්නලාත් ඉන්නවා. 88 89 ගැන කිවම මල පයින ගන්ටාර මාලිමා මන්ද මානසික ළඟ පිකප් පිස්සු උකන්නලත් ඉන්නවා. කළු ජූලිය බටලන්ද ගැන කිව්වම මල පයින යු එන් පි , එස් ජේ බී හැලි වලන් පොන්න මීහරක් ලොන්තයොත් ඉන්නවා. මොකද බන් එක එකාට වහල් කම් නොකර නිදහස් මනසින් ලෝකය දිහා බලන්න පුරුදු වෙයන් දැන් වත් ගොන් වැඩ නොකර...

      Delete
  23. මම හිතන්නේ ලංකාවේ මිනිස්සු නාමෝල් වගේ ගෝතයෙක් පස්සෙ යන්න තරම් මෝඩ නෑ, දැනට පවතින තත්ත්වය ගැන කියනවනම් මේ සේරටම මූලික හේතුව බරපතල විදිහට රටම ආර්ථික වශයෙන් දුර්වල වීම, කොහොමත් ලොවටම ණය වෙමින් අමාරුවෙන් දුවපු ආර්ථිකයක් තිබුණ ලංකාවට සංචාරක ව්‍යාපාරය හරහා එක දිගට වසර තුනක් ඩොලර් බිලියන හතරක් බැගින් 2019/ 20/ 21 සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම ගෝලීය වසංගත තත්ත්වය සමගින් ලෝක වෙළඳ පොළේ ආනයන වල මිල ඉහළ යාම නැව් ගාස්තු රක්ෂණ ගාස්තු වැඩි වීම සහ රට වසා දමා තිබූ නිසා රටේ ආර්ථිකය බිඳ වැටීම සමග බදු ආදායම් අඩු වීම වගේ ගොඩක් දේවල් නීසා මුදල් හිඟය සමග ආණ්ඩුව බරපතල විදිහට අසරණ වෙලා ඉන්නවා. කබ්රාල් සෑහෙන මහන්සියක් ගන්න බව පේනවා නමුත් වැඩේ අමාරු වැඩක්.

    පාකිස්තානයේ අන් සියලු පාලකයන්ට වඩා දේශපාලනික නොවූ හමුදා පාලකයෙක් වූ මුෂර්රෆ් සාර්ථක වීම, ඒ වගේම ලංකාවේ 2019 වසරේ අප්‍රේල් මාසයේදී සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව එතෙක් කලක් කෙමෙන් කෙමෙන් මෝරමින් පැවති 2018 අගදී තව දුරටත් දැඩිව පුපුරා ගිය සමස්ත දේශපාලකයින් පිළිබඳ වූ දැඩි පොදු විරෝධය එහි උත්සන්නයටම පැමිණුන අතර “පාර්ලිමේන්තුවේ 225 ම එලවා දැමිය යුතුය” යන ප්‍රකාශය පොදු ජන වහරක් බවට පත් වීම නිසාම මුලින් පකිස්ථානය මෙන්ම හමුදා පාලනයක් ගැන පවා යෝජනා වී පසුව දේශපාලකයින් වෙනුවට වෘත්තීයවේදීන් ආදේශ කිරීමේ දක්ෂිණාංශික විසඳුමට වලංගුතාවක් ලැබුණේ එම සුවිශේෂී තත්ත්වය තුළයි. පසුගිය 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට අනෙක් දේශපාලන කණ්ඩායම් එල්ල කළ ප්‍රබලතම විවේචනයක් වූයේ ඔහු අත්දැකීම් සහිත වෘත්තීය දේශපාලකයෙකු නොවේය යන්නයි. නමුත්, ඒ මොහොතේදී පැවති ජනප්‍රිය මනෝභාවය තුළ එම “නුසුදුසුකම” ඔහුගේ ප්‍රධානතම සුදුසුකම බවට පත් විය. කෙසේ හෝ ලංකාවේ දේශපාලනික නොවන පුද්ගලයෝ කොතෙකුත් කයිවාරු ගැසුවත් ඔවුන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අසාර්ථක වන බව ඔහු පෙන්වා දී ඇත. කෙසේ හෝ මෙම වැරදි වලින් පාඩම් ඉගෙන ගනිමින් ලංකාවේ සමාජය වඩාත් සුදුසු තීරණ ඉදිරි කාලයේදී ගැනීමට ඉඩ ඇති බව මගේ හැඟීමයි. සම්ප්‍රදායික දේශපාලන පක්ෂ වන පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගය වැනි සියලුම දූෂිත අකාර්යක්ෂමතාව හරි හමන් ප්‍රතිපත්තියක් නැති පක්ෂ බහුතර ජනතාවට ජෝක් බවට පත්ව ඇත. මේ සන්දර්භය තුළ ඉතාමත්ම වැදගත් දෙයක් වන මහජන නියෝජිතයන් පත් කර ගැනීම පිළිබඳ ඉදිරියේදී අලුත් විදියට හිතන්න බහුතර ජනතාව පුරුදු පුහුණු වෙන එක කරනවා දැන්. ඒ අනුව දැනට ඉන්න අයගෙන් හොඳම අය සහ අවශ්‍ය අලුත් පිරිසක් ඉදිරියේදී දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ වී අලුත්ම ජනතාවාදී දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට විශාල විභවයක් සහිත බව පේනවා. ඉදිරියට ඒ සම්බන්ධයෙන් වැඩ කළ යුතුයි.

    ReplyDelete
  24. යකෝ මාතා,

    ලාංකික සහෝදර මනුස්සයෙක් නිරුවත් කර ලේ පෙරි පෙරී පාර දිගේ ඇද ගෙන ගිහින් පාර මැදදීම පනපිටින් පුලුස්සා මරා දමන හැටි මාධ්‍ය හරහා වීඩියෝ වල පෙනෙනවා. නිකම් වත් විරුද්ධව කතා කලේ නැහැ. මොකද බන් නිහඬව ඉන්නේ?

    අපි ඉස්ලාම් සහ ඉස්ලාම්කරනය යනදෙකේ වෙනස වටහා ගතයුතුයි .ඉස්ලාම්කරනය යනුමුලු ලොවම ඉස්ලාම් කලයුතුයි ශරියා නිතිය රටේනිතිය වියයුතුයි කියල කියන ඒ වෙනුවෙන් විවිධාකාරයෙන් වැඩ කිරීම. මිනී මැරීමේ සිට අන්‍යාගමිකයන්ගේ පිළිම කැඩීමේ සිට රටේ නීති වෙනස් කරගැනීම ,බාලවයස් විවාහ නීතිගත කරගැනීම ,බුර්කා නිත්‍යානුකූල කරගනීම, රටේ පෙලපොත් වලට අන්තවාදි ඉගැන්වීම් අතුලත් කරගැනීම, ජාතික ගුවන්විදිලියෙන් අන්තවාදී දේශනා ප්‍රචාරය කිරීම වගේ ගොඩක් දේවල් තියෙනවා, මේ ගැන මුග්ධ විදියට ලිබරල් වාදී රාජිත්, සජිත් , චන්ඩ්‍රිකා ,සිරිසේන, තව ජනප්‍රියවාදී මහින්ද, නන්දසේන , බැසිල්, ඒ වගේම සමාජවාදී සහ පක්ෂයේ අරමුදල් වැඩි කර ගැනීම සඳහා දඟලන අනුර කුමාර ගේ ජවිපෙ ජාතික ජන බලවේගයේ කණ්ඩායම වැනි දේශපාලුවන් රවටා ගැනීම වෙනි සියලු කාරණා අතුලත්. දැන් බලමු බොලාගේ මහ ලොකු ඉම්රාන් ඛාන් නීතිය ක්‍රියාත්මක කරන හැටි. හරි විදිහට නම් ඔය මිනීමරු රැලටම මරණ දඬුවම දෙන්න ඕන, නිරායුද මිනිසකු මේ විදිහට මරා දැමුවාට.

    ReplyDelete
  25. වටින පෝස්ට් එකක් ...වැඩේ ඇත්තටම ගොඩක් හොඳයි ...ඒත් ලංකාවෙ කරන්න පුලුවන් ද කියන එකයි ප්‍රශ්නෙ .මොකද අපේ මිනිස්සු සල්ලි දීලා ගන්න පුලුවන් දේත් හංගනවා පහුවදාට හරි ඊලඟ සතියෙ හරි ඒ දේ මිල ගණන් ඉහල යනවනම්..ඉතින් කරන්න අමාරු දෙයක් ඒත් හිත හොඳ අවංක මිනිස්සු ඉන්නවා....එහෙම වෙනසක් උනොත් තමයි .බහුතරයක් ඉන්නෙ තමන්ගෙ වාසිය විතරක් බලන මිනිස්සු ...අපේ දරුවන්ගෙ ඉඳලවත් අපේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් උනොත් හොඳයි .මොකද අපි නැති උනත් රටේ ඉදිරියට ඉන්න පරම්පරාව හරි හොඳ ආකල්ප ඇති හොඳ සමාජයක් බිහි කරයි..

    ReplyDelete
  26. කැරි තොප්පියක් තමයි මට සෙට් උනෙත්. සල්ලි ටිකත් ඉවරයි.

    ReplyDelete
  27. මාතා ඔය උඹ පෝස්ට් එකකින් කියපු දේ තමයි මම පේලි දෙකෙකින් කිව්වෙ. හැබැයි මචන් උඹ දේකට ජරාවක් කියන්නෙ උඹට තියෙන ටේස්ට් එකයි උඹට ලෝකෙ ගැන තියෙන අවබෝධෙයි අනුව. ඒත් උඹ ජරාවක් කියලා අහක දාන ගොම ගොඩ තව කෙනෙක් ගෙයක් හදන්න ගන්නවා වෙන්න පුළුවන්. මොකද ඒකෙම අනිත් පැත්තෙන් උඹ පට්ට කියලා බදාගන්න දේ වෙන එකෙක් ජරාවක් විදිහට විසිකරපු දෙයක්වෙන්නත් පුලුවන්.
    හැමෝම උඹ වගේ හිතන්නෙත් නෑ. උඹට වෙන කෙනෙක් වගෙ හිතන්න තේරෙන්නෙත් නෑ. මොකෝ නැද්ද ඩෝ?

    ReplyDelete
  28. මෙය මාගේ පෞද්ගලික අදහසක් පමණයි �������� ඩොලර් හිඟයට පිළියමක් වශයෙන් ඩොලර් බිලියනයක් ලංකාවට ගෙන්න ගන්න ගත හැකි ක්‍රමවේදයක් ගැනඔවුන්ට රජයේ විසින් කිව්වොත් ඔවුන්ට බදු සහන දෙනවා ඩොලර් පන්දාහ දහදාහ (5000/10000/15000toup)වගේ ලංකාවේ බැංකුවලNRFC ගිණුම් ක තැම්පත් කරන්න එයට කිසිම පොළියක් ගෙවන්නේ නැහැ වසරක් හෝ දෙකක් යනකන් එම කළා සිමාව ඉකුත් වූ පසු ඔහුට පුළුවන් තැම්පත් කළ මුදල ලබා ගැනීමට ඔවුන් තැම්පත් කරන ඩොලර් පන්දාහ කියා සිතමු රජයෙන් බදු සහන ය(Us.5000) කියා සිතමු එ සහනයෙන් ඔවුට පුළුන් තමන් කැමති වාහනයක් මෝටර්සයිකලයක් හෝ වෙනත් දෙයක් ගෙන්නා ගැනීමට අපි සිතමු ඔහු ගෙන්න ගත්තේ වාහනයක් කියා ඔහුට එමවානය වසර 5ක් යන තෙත් විකිණීමට බැරි විදිහට ගිවුසුම් ගතවි ඒ වැනි ක්‍රමයකට රජය ගියොත් විශාල මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්න ගත හැකියයි මම සිතනවා මා දැනුවත්ව ඉතාලියේ පමණක් විශාල ප්‍රමාණයක් සිටිනවා ඔවුන්ගේ වැටුප් ලංකාවට එවන්නේ නොමැතිව මෙරට බැංකුවල තැම්පත් කර ..������

    ReplyDelete
  29. හාලාවත කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 400ක් නුදුරින් මාරවිල නගරයේන් අංග සම්පූර්ණ ( නිදන කාමර 3 මුළුතැන්ගෙය , ...) නිවස සහිත ඉඩමක් විකිණීමට ඇත ජාතික පාසල් 2ක් කිලෝමීටර් 2ක් දුරින් පිහිටා ඇත ( මාරවිල සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ජාතික සිද්ධස්ථානයක් වන ශ්‍රී කුරුස පල්ලියද කිලෝමීටර් 1.5ක් නිදහස් වටපිටාවක් සහිත මෙම නිවස සහිත ඉඩම පිළිබඳ වැඩිදුර තොරතුරු සදහා= Normal only +94776663460 WhatsApp/Normal ÷ +94704142197

    ReplyDelete
  30. Matalan, look very carefully how aljazera's article on priyanths's murder by pakistani extremists. Can normal general people understand this hypocrasy

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න