.

.

Nov 21, 2021

මලානික කාබනික


ආන්ඩුව මේ වැඩේ පටන් ගත්තේ සද්චේතනාවෙන් උනත්, ඒකට කිසිම වැඩපිලිවලක් තිබ්බේ නෑ..

ටික දවසක් යද්දිම තේරුනා මේක කිසිම හැදෑරීමක් සැලැස්මක් නැතුව පී බී ජයසුන්දර කියන කේවට්ටයා ලොක්කට දුන්න ලණුවක් කියලා...

මේ වගේ දේවල් මිනිස්සුන්ට බලෙන් දෙන්න බෑ. මිනිස්සු ඒකට කැමතිත් නෑ. ඒක මිනිස් ස්වභාවය.

මේ වගේ ගුලි කොච්චර ගුණ උනත් දෙන්න ඕන මී පැණි එක්ක. නැත්නම් තිත්තයි. ආන්ඩුවට උනේ ඒක. 

මේක කීයටවත් නවත්තන්න ඕන නෑ. ඉදිරියට කලයුතු විදිය. අද හෝ හෙට Youtube එකේ දානවා කැමති කෙනෙක්ට බලාගන්න පුලුවන් එතනින්.

ඔය වැඩේ යද්දි, දවසක් ශෂේන්ද්‍ර රාජපකෂයා කෘෂිකරුමේ ලොක්කෙකුට, කාබනික පෝර වැඩේ හරියන්නේ නෑ කිව්වම, ටී වී වලට පේන්නම ඌ කිච කරලා දැම්මා. අපරාදේ කියන්න මහින්දානන්ද එච්චර මෝඩයෙක් උනේ නෑ.

2015 පැරදුනාට පස්සෙ රාජපක්ෂලාට මිනිස්සු බය නෑ. කොටින්ම මහින්දට ඝෝඨටවත් බය නෑ. යහපාලනේ හරියට පාලනය කරා නම්, රාජපක්ෂලා එතනින්ම ඉවරයි. ඒ නිසා ශෂේන්ද්‍ර වගේ උන් පයිසෙකට මායිම් කරන්නේ නෑ. උන් කරන්නේ රාජපක්ෂලා හොරු කියන එක සනාත කරනෙක.

ඔය බැන්න දවසෙම මම දැනගත්තා කුසි කරුමේ උන් ඕකට හම්මනවා කියලා. 

ඇත්තටම ගොවියෝ ෆෝම් කරෙත් වැඩේ කඩාකප්පල් කලෙත් පොලිටික්කෝ නෙමේ. පස්සෙ උන් ඒකේ ක්‍රෙඩිට් එක උන්ට දාගත්තට, වැඩේ පටන් ගත්තේ, කුසි කරුමේ වගා මහත්තයගෙ ඉඳලා සෙට්ටෙක. උන්ගේ ජරාවට කෙලවුන හේතුවෙන්. බැංකොක් ගිහින් බඩුවක් ගහන්න බැරි හේතුවෙන්.

අන්තීමට කාබනිකම ඉල්ලලා පුච පොලොවෙ ගහගත්තු රතනයත් හෙමීට මාරු උනා. දැන් කාබනික උන් ඒ තරම් අකාරුණික වෙලා. ඒ වෙනුවෙන් කටක් අරින්න බයයි හැම එකාම.

කාබනික කෙසේ වෙතත් ඇමතිවරු දෙන්නා ගජමිතුරෝ එක්ක එකතුවෙලා ගූ නැවකුයි දියර පෝර වගේකුයි ගෙනත් ගොඩ ගියා...

වැඩ බැරි කාළකන්නි හොරුන්ට මේ වගේ විප්ලව කරන්න බෑ. උන් දන්නේ කුකුල් ගූ වලින් හරි හොරා කන්න විතරයි.

අනික වී වලටයි එලවළුවලටයි ගහන ඒවා ගේන්න දෙන්නේ නෑ වගේ බයිලා ගහන්න එපා.. ඔක්කොම ගෙනල්ලා දෙන්න.. තව දුරටත් පිස්සු කෙලලා නා ගන්න එපා..

ඕවා දෙන්න ඕන අර ප්‍රසන්න රණවීර, ඩී වී චානක, කාංචන වගේ වැඩක් කරන්න ඇම්මක් තියෙන උන්ට.

කොහොම හරි දිනේෂ් එක්ක සෙට්වෙලා වෙල්ගමයා ස' ට පිස්සෙක් කියද්දි, වෙනදා බව්වෙක් වගේ බුරන බොරළුගොඩ සුනඛයත් කට පුක වහගෙන උන්නේ ඇත්තටම මිනිස්සු එහෙම කියන නිසා.

හැබයි ඉතින් ඕක මිනිස්සු කිව්වට, මේ වගේ පිස්සන්ට කියන්න කිසිම අයිතියක් නෑ. මොකෝ උන් ඊට වඩා පිස්සෝ.

තවදුරටත් ගැසට් ගහන වැඩේ නවත්තන්න, දැන් ඒක විහිළුවකුක් නෙමේ, විකාරයක්, පිස්සුවක්. කොටින්ම පී බී කියන කේවට්ටයා දැන්වත් ඉවත් කරන්න. මේ රටේ තියෙන නීතී රීතී ඇති හොඳටම රට හදන්න.

අර චරිත හේරත් වගේ, ෂබ්‍රි වගේ මීට කලින් ජෙනරේෂන් එකේ එකෙක් හරි ළඟට ගන්න. එහෙම නැතුව මේ ගල් යුගේ බන්ඩෙක් එක්ක,  ස'ට දකින්න වෙන්නේ සව් භාගේ නෙමේ, රනිල් දැක්කා වගේ ඇපත් නැති හද්දින්නත් තරු....


ඒ වගත් එසේය.....

10 comments:

  1. AnonymousNovember 21, 2021 at 2:58 PM

    ��ගොවීන් දාස් ගාණක් පාරට බස්සලා
    ��හෙක්ටයාර ගාණක කුඹුරු පුරන් වෙන්න ඉඩ ඇරලා
    ��එළවලු හාල් හැම දේකම මිල දෙගුණ කරවලා
    ��කාබනික පොහොර කියලා මඩ මිශ්‍ර කරපු බෝතල් කටු රට පුරා බෙදා ඇරලා
    �� නයිට්‍රො දියර පෝර ගෙන්නන්න ගිහින් ඇස්තමේන්තු වියදමින් 50%ක් මාටියාගත කරලා
    ��මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරවලා
    ��මහ කන්නය පාළු වෙන්න ඉඩ ඇරලා
    ��වාරිමාර්ග වලින් ජලය මුදා හැරලා නිකන් අපතේ යන්න සලස්වලා
    ��ගූ පෝර නැවකට මිලියන ගණනක වන්දියක් ගෙවන්න සිද්ධ කරලා

    අවුරුදු විස්සක් තිහක් අරන් දිගුකාලීනව කරන්න ඕන වැඩක් වසංගතයකුත් අස්සේ අවුරුදෙන් එක කන්නෙන් කරන්න ගිහින් ලංකාවේ ගොවියන්ව පරීක්ෂණාගර මීයෝ කරවලා, නටපු තොවිලෙකුත් නැති බෙරේ පලුවකුත් නැතිවෙච්චි කාබනික නාඩගම එසේ නිමාව දුටු වගයි!

    #අපිතමෛහොඳටමකරේ

    ReplyDelete
  2. ලංකාවේ මිනිස්සු ගෝඨාභය ට චන්දෙ දුන්නා මිසක් පී බී ට චන්දෙ දුන්නේ නැහැ.

    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රාජ්‍ය සේවයට නුසුදුසු දූෂිත පුද්ගලයෙකු ලෙස තීන්දු කර, රාජ්‍ය සේවයෙන් ඉවත් කල පී බී ට, පරිපාලන සේවයේ ඉහලම තනතුර පිරිනැමුවේ ගෝඨාභය යි.

    රට දියුණු කරන්න නම්, නීතිගරුක, දක්ෂ, අවංක නිලධාරියෙක් ජනාධිපති ලේකම් කමට පත් කල යුතුයි. එහෙම නැතුව, හොරකමට, දුෂණයට ඉතාම දක්ෂ පුද්ගලයෙකු ජනාධිපති ලේකම් කමට පත් කර ගත්තේ ඒ දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගන්න නොවෙයිද??

    දැන් පී බී ට දොස් කියලා තේරුමක් නැහැ.

    ReplyDelete
  3. ආඳා මාළු අතින් නොකන් - ඉරටෙන් කන්!

    ReplyDelete
  4. ඉස්සර කාලෙ හිටියා පළමුවන මෙත්පල් රජතුමා කියල පොරක්. මේ රජතුමා හුරතලේට ඇතිකරේ මීයෙක්. රජතුමා මේ මීයට පට්ට ආදරෙයි. ඔන්න දවසක් කට්ටිය එක්ක වීදි සංචාරය කරන අතරෙ මගදි මීයට හාට් ඇටෑක් එකක් හැදිල මැරුණලු. රජාට මේකට හොඳටම දුක හිතිලා විලාප තිය තිය අඬන්න ගත්තලු. පුරෝහිත ඇහුවලු "ඇයි රජතුමනි මොකක්ද අවුල" කියලා. රජා කිව්වලු "අනේ බලන්නකො පුරෝ... රැට් මලානේ... රැට් මලානේ... " කියලා.

    අන්න ඒ "රැට් මලානේ" කියපු තැන තමයි පස්සෙ කාලෙක "රත්මලාන" වෙලා තියෙන්නෙ

    ReplyDelete
  5. ඔන්න දැන් නම් වැඩේ හරි, එලවලු, බඩ ඉරිගු, ධාන්‍ය වර්ග වැනි ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍යතාවය මත කෘෂිරසායන පෞද්ගලික අංශයේ සමාගම් හරහා ආනයනය කරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද උපදෙස් ලබා දුන් අතර අද උදේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවක දී මෙම උපදෙස් ජනාධිපතිවරයා විසින් ලබාදෙන ලදී.

    කොහොම් වුණත් තවදුරටත් තම රජයේ රාජ්‍ය ප්‍රතිපත්තිය හරිත කෘෂිකර්මාන්තය බවද පැවසූ ජනාධිපතිවරයා කෘෂි රසායනික හෝ රසායනික පොහොර රජයේ සහනාධාර වැඩපිළිවෙළ යටතේ කිසිවිටෙක සත පහක් සහනාධාරයක් කිසිම රසායනික පොහොරකට හෝ රසායනික කෘමිනාශකයකට ලබා නොදෙන බවද තවදුරටත් දැඩි ලෙස අවධාරණය කරමින් සඳහන් කර ඇති අතර හරිත වගා කරුවන්ට අවශ්‍ය කාබනික පොහොර නිශ්පාදකයන්ට හා ආනයන වලට රජයේ සහනාධාර සහ සහන හැකි උපරිමයෙන් ලබා දෙන බව විශේෂයෙන් පැවසූවා. ඒත් ඉතින් මේ ටික කරගන්න කට්ට කාපු තරමක්……

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න