.

.

Aug 6, 2022

රනිල්, නිර්මාල් හා වික්ටර් අයිවන්

 


රනිල්, නිර්මාල් හා
වික්ටර් අයිවන්
➖➖➖➖➖▪️

අද පිරිසක් රනිල් හම්බ වෙලා තියෙනවා..

නිර්මාල් උදේ ඉඳන් මේ වෙනකන් ඒකෙන් මානසිකව කැළඹිලා අර මිනිස්සු ඔක්කොම රනිල්ට පාවලා දීලා ස්වයං වින්දනයේ යෙදෙනවා...

ඒ පිරිස අතර, වික්ටර් අයිවන්, මහින්ද පතිරණ, අජිත් පැරකුම් හා තවත් කීප දෙනෙක් ඉන්නවා....

එයාගේ හිතේ දැන් රනිල් මේ අය කියන දේ කරන්න යනවා කියලා... 🤪🤪🤪

වික්ටර් අයිවන් කියන දේ රනිල් කරයි කියලා හිතන එකෙන්ම.... නිර්මාල් රනිල් ගැන දන්න තරම හිතා ගත්තෑකී..

අනික වික්ටර් උස්සගෙන යන්නෙත්.... රනිල්ගේ ප්‍රතිපත්ති ටිකමයි... වෙනත් වචන වලින්...
ඒ වික්ටර් අයිවන්ගේ හැටි...
මේ රටේ සිඳු වෙච්චි දේශපාලන පෙරලි ඔක්කොම කරලා තියෙන්නේ එයා...
හැබයි පොරගෙ ගෝලයෝ හැම එකාම පොරට කෙලලා යනකන් පොර දන්නෙ නෑ...

අනික... වික්ටර් අයිවන් කියන්නේ... නිර්මාලුයි සෝභිතයි ගෙනාපූ යහපාලන විගඩමේ, 

දින 100 පිටපත ලියපු පොලිටිකල් ජෝකර් කෙනෙක්..

මේවා දැකලා කව්ද එකෙක් නිර්මාල්ටත් මේ පිරිස සමඟ එකතු වෙලා රට හදන්නෙයි කිව්වාම.

එයා කෙලින්ම කියලා තිබුනා..
එයා ඉන්නේ මේ රට හදන පැත්තේ නෙමේය..
රට විනාශය කරා ගෙන යන පැත්තෙයි කියලා...
එහෙම කෙලින් කතාව අපි අගය කරන්න ඕන...

කොහොමත් එයාගේ එකම ආශාව...
සිංහල බෞද්ධ බලවේගයට කෙලවෙලා...
හින්දු ක්‍රිස්තියානි බලවේග රජ කිරීම...

ඉතින් ඔහුගේ සිහිණයත් කවදා හෝ ඉටුවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු...

.

9 comments:

  1. අයිසේ මාතලන් ලංකාවේ විශාල වශයෙන් අරගල කරලා මිනී කීපයක් මරාගෙන තව සෑහෙන පිරිසක් අතපය කඩාගෙන තුවාල කරගෙන තටමලා තටමලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති තනතුර දක්වා ගෙනාපු අය ක්‍රමය වෙනස් කරලා නේද?

    දැන් තියෙන අලුත්ම සිස්ටම් චේන්ජ් එකේ හැටියට පවුලේ කට්ටිය නෑදෑයෝ වගේ රාජපක්ෂ කල්ලියේ පවුල් පාලනය වෙනස් කර අභිනවයෙන් පත්වූ අලුත් තරුණ ජනාධිපතිතුමා වන රනිල් ඉහළ තනතුරුවලට පත් කරන්නෙ හිතවතුන්. සෑහෙන වෙනසක් නේද?

    ReplyDelete
  2. ඔව් සිස්ටම් චේන්ජ් කරලා ඉවරයි, දැන් නිතිය සාමය ආර්ථිකය ඉතාම ඉහලින් නේ.

    2022 මුල මම කිව්වා මේ අරගල වැඩෙන් නිතිය සාමය ආර්ථිකය කෙල වෙනවා ලිබියාව වගේ වෙයි කියල, චන්ද තියෙන්නේ මේවට කියල,
    ලන්ඩන් ටෝය්යෙක් ඇහුවා දැන් ලංකාවේ නිතිය සාමය තියෙනවද කියලා? දැන් කොහොමද? දැන් ලංකාව ලන්ඩන් වගේ නේ?

    87-89 යේ සමහරු කිව්වා මේක හරි රෝමඇන්ටික් අරගලයක් කියලා. ගිනිතියන/මරණ හමුදාව ෆැක්ටරි, බස්, වී පොර ගබඩා, ග්රාමසේවක, වැඩට ගිය රජයේ සේවකින්ට ට වැඩේ දුන්න. නිතිය සාමය ආර්ථිකය කෙලඋනා,

    අරගලය එදත් අදත් රෝමඇන්ටික් උනේ නැ. හැබයි මෙදා මරණ ගාන අඩුයි.

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. @ විජයබාහු

      අරගලය කියලා කියන්නේ 2020/ 2021 කාලේ ඉඳලාම සර් පේල් කැම්පේන් එකේ ඉඳලා පටන් අරන් ලංකාවේ රෙජීම් එක මාරු කරලා ඇමරිකන් ඉන්දීය යුරෝපීය රටවල් වල ප්ලෑන් එකට අනුව ඔවුන්ට අවශ්‍ය විදිහට ලංකාවේ පාලනය කිරීමට සහ අවසාන වශයෙන් තමන්ගේ මිනිහෙක් වෙන රනිල්ට ලංකාවේ ජනපති තනතුර ලබාදෙන ලෙස ගහපු ප්ලෑන් එකක් විතරයි

      පොලිටික්ස් ගැන පරිචයක් නැතිව අවංක මෝඩයෙක් වගේ කෙලින් කතා කරලා වැඩක් කරපු දේශපාලනික දැක්මක් නැතිව දුර්වල PR එකක් සහිතව දුර්වල සන්නිවේදනයක් සහිතව ලංකාවේ පාලන කටයුතු කරපු නන්දසේන ගොයියා අන්දපු ඇමරිකන් කාරයෝ ඌව එලවලා රනිල්ට පාලනය සෙට් කරා එච්චරයි

      මැදමුලන නාකි මයිනා දැන් එක්ස්පයර්ඩ් කාලේ ඉවරයි බැසිලා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඩීල් දාගෙන ෂේප් එකේ මගහැර ගියා

      මෙතනදී කෙලින්ම රනිල්ට බලය ලබා දෙන්න කැම්පේන් එකක් කළොත් එය අසාර්ථක වන අතර මිනිස්සු බහුතරයක් රනිල්ට අකමැති නිසා ඔය අරගලය කියන නාඩගම නායකත්වයක් නැතුව කියලා ලංකාවේ මෝඩ යක්කු ෆෝම් කරලා නිකන්ම කඩේ යවාගෙන උන්ගේ අරමුණ ඉටුකර ගත්තා

      මැදමුලන නීලකාස කම්බා හොර පවුලට රෙදි නැතිව කඩේ යන වහල් මීහරක් රැලේ උන් නම් අඩුම ගානේ බත් පැකට් එකක් අරක්කු සිගරට් බොන එක වෙනුවන් සහ දවසේ කුලී සල්ලි වලට රැස්වීම් වලට සහභාගී වුණා ඒත් මේ අරගල නාඩගමට ආපු සමහරක් ඉබේ චූන් කාර ගෝතයින් අතින් කයිට් කරගෙනම ආපු රට මීහරක් රංචුවක්

      හැබැයි අරගල ඕගනයිසර්ලාට නම් කෝටි ගණන් හම්බ කර ගන්න පුළුවන් වුණා මීහරක් ඉතින් හැමදාම ඔය වගේ ඇන්දෙනවානේ කැරට් අලයක් දැක්කම

      Delete
    2. මටත් හිතෙන හැටියට මේක තමා ඇත්ත. තමන් රනිල්ට කඩෙ ගිය බව නොදන්න අරගල ඉත්තෝ තාම රනිල් ගෝ හෝම් කියනවා. එක අතකින් පව් උන්. බයියො නම් අඩුම ගානෙ දන්නවා උන් කාටද කඩේ යන්නෙ, වහල්කම් කරන්නෙ කියලා. මේ ඉත්තො අඩුම ගානෙ උන් වහල්කම් කරන්නෙ කාටද කියලා දන්නෙත් නෑ, උන්ගේ ස්වාමියාගෙ ඇත්ත උවමනාව මොකක්ද කියලා දන්නෙත් නෑ. රනිල් ගෝ හෝම් ට එච්චර ගෝ එකක් නැත්තෙ මොකද කියලවත් උන්ට තේරෙන්නෙ නැද්ද මන්දා. වෙල්විදානෙ කියන මී හරකා තාම අරගල කරලා ගෝ හෝම් කරන්න හදනවා. කලාව දන්න රැට්ටො බැට්ටෝ නම් අවස්තාවෙන් ගාන කපාගෙන ගානට ගොඩ ගියා. අන්තරේ චූ කොල්ලො ටික කෝ දැන්? එකක් කියන්නම් ඔය අතඩංගුවට ගත්තු එක අරගල වහලෙක්ටවත් මුකුත් වෙන්නෙ නෑ. රනිල් තමන්ගෙ සිහිනය සෑබෑ කරලා දීපු උන්ව බලාගනියි. අරගල වහලුන්ට ජය !

      Delete

  3. මාතා ලංකාවෙන් පිට ඉන්න අපට පේන විදියට නම් දැනට ලංකාවේ සිදුවන දේවල් සිදුවෙමින් තිබෙන්නේ විකාර රූපි ආකාරයකට බවයිපේන්නේ

    ලංකාවේ පහුගිය දවස් වල මහත් සේ කෝලාහල කරමින් රජයේ දේපල වලටත් විනාශයක් සිදු කළ අරගල කරුවන්ගේ කැමැත්ත අකමැත්ත කුමක් වුවත් අරගලය දේසපාලන අර්තයෙන් ලබාදී තිබෙන එක් වැදගත් ප්‍රතිපලයක් මෙසේය;

    "අති විශාල මහජන බලයකින් රටේ රාජ්‍යය බලය හිමිකර ගෙන සිටි රාජ්‍යය පාලනය ගැන පැහැදිලි අවබෝදයක් නොතිබූ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහු ගේ ධූර කාලයෙන් අඩක් සම්පූර්ණ වීම සමග බලහත්කාරයෙන් එම තනතුරෙන් පහ කොට රටින් ද පලවා හැර විදේශ රටවල් ඉදිරියේ ලංකාවේ ප්‍රතිරූපය විනාශ කර දමමින් "ලංකාව යනු මධ්‍යම ආදායම් ලබන emerging economy එකක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ඇති සාමකාමී රටක්" යන 2010 - 2021 නිර්වචනය කඩා බිඳ සුනුවිසුණු කර දමා ලංකාව නැවතත් 2009 ට පෙර තිබූ දිළිඳු අශීලාචාර අප්‍රිකා රටවල් ඇෆ්ගනිස්ථානය ලිබියාව ඉරාකය සිරියාව බඳු අරාජික ආර්ථික දේශපාලනික තත්ත්වයක් ඇති ආයෝජන වලට නුසුදුසු, සංචාරය කිරීමට ඉතා අවදානම්, මුදල් එවීමට පවා අවදානම් සහිත (විදේශ ශ්‍රමිකයින් ලංකාවට මුදල් එවීම සීමා කර ඇත්තේමේ ආර්ථික දේශපාලනික අස්ථාවර ස්වභාවය නිසා) රටක් වශයෙන් නව නිර්වචනයක් ලබා දීමයි මේ වන විටත් ගෝලීය මාධ්‍ය වලින් ලංකාව ඉතාමත් බරපතල විදිහට කඩා බිඳ වැටී ඇති රටක් ලෙස හංවඩු ගසා ඇති පසුබිමක ලංකාව නැවතත් සුපුරුදු තත්ත්වයට ගොඩ ගැනීම මහත් විශාල අභියෝගයක්

    මේ මොහොතේ ඇමරිකානු ඉන්දීය ජපාන යුරෝපීය ජාතීන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ නියෝජිතයකු ලෙස ලංකාවේ පාලන බලය අත්පත් කරගෙන සිටින ඊට පෙර එක ආසනයකට පමනක් හිමිකම තිබූ රාජ්‍ය පාලනය ගැන තියුනු අවබෝදයක් තිබෙන පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ බහු තරයකගේ කැමැත්ත ඇතිව ජනාධිපති දූරයට පත් කළේ ඔහු එම තනතුරට පත්වන අවස්තාව වන විට රාජ්‍යය තිබුනේ දිගින් දිගට කල යුතු ප්‍රතිසංස්කරන වලින් වැලකී සිටීම නිසාත් අවසානයේ අරගල කරුවන් ගෙන් එල්ල වන අභියෝගයන් ඉදිරියේ කඩා බිඳ වැටෙන තත්වයක තිබුණ මොහොතක.

    සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික රාජ්‍යය පාලකයින්ට රාජ්‍යය කලමාණාකරනය කිරීමට තිබෙන හැකියාවද විශාල ප්‍රමනයකට බිඳ වැටී තිබුන අතර එම මොහොතේ දැඩි ලෙස බලවත් වී සිටි අරගල කරුවන් කිසියම් ප්‍රමානයකට රාජ්‍යයට අණදිය හැකි බලයක් හිමි කර ගනිමින් තිබුනි.එම තත්වයට ජනාධිපති ගෝඨාභයගේ දුර්වල කලමණාකරන රටාවද බලපා තිබුනි.

    නමුත් මීට සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක තීන්දු තීරණ ගනිමින් රනිල් වික්‍රම සිංහ ජනාධිපති ධූරයට පත් පලමු පැය 48 ඇතුලත ආරක්ෂක හමුදාවල බලය යොදා ගනිමින් අරගල කරුවන් රාජ්‍යයෙන් උදුරාගෙන තිබුන එම ශක්තිය නැවත එයට ලබා දෙමින් රාජ්‍ය පාලන විෂයෙහි ගොඩ නැගී තිබුන අරාජකත්වය සෑහෙන විශාල ප්‍රමාණයකට නැති කළා.

    නව ජනාධිපති රනිල්ගේ එම ප්‍රතිපත්තිය අරගල කරුවන් ගේ බලවත් කෝපයට හේතුවී ඇතත් දෛවයේ සරදමකට මෙන් අරගල කරුවන්ගේ ප්‍රධාන අභිලාශය ලෙස සැලකිය හැකි ” ක්‍රමයේ ගැබුරු වෙනස” ක් සදහා අවශ්‍ය වියුහමය ප්‍රතිසංස්කරන වැඩ සටහනකට රාජ්‍යයේ දොරටු විවුර්ත කරන්නාගේ භූමිකාව ක්‍රියාවට නැගීමට මහජනයා විසින් නොව ඉතිහාසය විසින් තෝරගත් පුද්ගලයා බවට පත්ව සිටින්නේද ජනාධිපති රනිල් වික්‍රම සිංහ බව දැනට අපටත් පේන්න තියෙන එකම ඔප්ෂන් එක නිසා කාලයට ඉඩ දීලා බලන් ඉන්න පුළුවන් ලංකාවට මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
  4. ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමට අවශ්‍ය සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් සඳහා එක්වන මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් 43 සේනාංකයේ සේනාධිනායක, පා. ම. ලුතිතන් ජෙනරල් පාඨලී චම්පික රණවක වෙත එවන ලද ලිපියට පිළිතුරක් වශයෙන් එම 43 සේනාංකය විසින් 2022 ජුලි 31 වන දින ජනාධිපතිවරයාට යවන ලද ලිපියට අදාළව සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපති කාර්යාලයෙන් කරන ලද ආරාධනය අනුව එම සාකච්ඡාව 2022 අගෝස්තු මස 05 වන දින පස්වරුවේ දී ජනාධිපති කාර්යාලයේ දී පවත්වන ලදී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙයට රජය පාර්ශ්වයෙන් සහභාගී වූ අතර 43 සේනාංකය පාර්ශ්වයෙන් එහි සේනාධි නායක ජෙනරල් පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය සේනාංකාධිපතිවරුන් ලෙස මේජර් ජෙනරාල් වරුන් වන කරු පරණවිතාන, සුමේධ රත්නායක, අජිත් අමරසිංහ සහ තීක්ෂණ ගම්මන්පිල යන සේනා නායක නියෝජිතයෝ සහභාගී වූහ.

    ජනාධිපති වික්‍රමසිංහයන්ගේ රාජාසන කතාවත් 43 සේනාංක සංවිධානය විසින් මෙම අර්බුදය ඇති වූ වකවානුවේ පටන්ම ඉදිරිපත් කරමින් සිටින යෝජනා ද කෙරෙහි අවධාරණය කරමින්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම, එම ආණ්ඩුව මෙහෙයවීම සඳහා පක්ෂ හා කණ්ඩායම් වල නායකයන්ගෙන් සැදි ජාතික විධායක සභාවක් පිහිටුවීම, පාර්ලිමේන්තු තුළ සැමටම ආණ්ඩුකරණයට දායක විය හැකි කමිටු ක්‍රමයක් පිහිටු වීම, 22වන සංශෝධනය සම්මත කර ගැනීම, ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පොදු අවම වැඩ පිළිවෙලක් ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කිරීම යනාදී වශයෙන් අප විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී දැක්වූයේ සුබවාදී ප්‍රතිචාරයකි. අනෙකුත් පක්ෂ සමග ද සාකච්ඡා කර මේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් සකසා ගැනීම අරමුණු කරගත් සියලු පාර්ශ්ව සහභාගී වන තවත් සාකච්ඡාවක් කඩිනමින් සංවිධානය කරන බව වික්‍රමසිංහ ජනාධිපති දන්වා සිටිය බවත් 43 සේනාංකයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර් ප්‍රියංකර මහමුල්ලගේ අප මිතුරා මේ ගැන අපට පැහැදිලි කළා.

    ReplyDelete
  5. ළමාතැන්,

    පහුගිය සැරේ 2015 මුල වගේම මෙදා පොටේ 2022 ජූලි මාසයේදිත් රනිල්ව ජනාධිපති කළේ වෙස්ටර්න් පවර්ස් (බටහිර) හා ඉන්දියාව විසින්. ඔවුන්ට අවශ්‍ය ව තිබුණේ ගෝඨාභය හා මහින්ද ඉවත් කිරීමට. ඒ සඳහා ඔවුන් කාලයක සිට සැලසුම් කළා. ඔවුන්ට හැකි වුණා ලංකාවේ සෝ කෝල්ඩ් වමාලා දකුණාලා හා තවත් පඬි නැට්ටන් බුකියේ හෑලි ලිය ලිය හිටපු පොර වීමේ මේනියාවෙන් දඟලන පොල් බූරුවන් ඇතුළු පිරිස මේ ගෝඨාභය ඉවත් කිරීමේ කාර්යයට යොදා ගැනීමට. ඒ වගේම ආණ්ඩුව ඇතුලේ හිටන් බැසිල් ඉවත් කරන්න ගිය විමල්ලා ද එයට දායක වුණා.. එයට පසුව රැල්ලට ඔරු දියත් කරන පෙරටුගාමී සහ වැලේ වැල් නැතුව හිටිය වහල් ජෙප්පන් කියන මීගව සම්පත ද එකතු වුණා. මම දැක්කා ඕස්ත්‍රේලියානු රටවැසි ගුණරත්නම් කියා තියෙනවා රනිල් ඉවත් කරන තුරු සෝ කෝල්ඩ් පරගලය අත්හරින්නේ නැහැ කියා.

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා
    ඔවුන්ට රනිල්ට තරම්වත් ඡන්ද නැහැ. ඒත් ඕස්ත්‍රේලියානුවන් ඇතුළු වෙස්ට් එකේ රටවල් ගුණරත්නම් ජනාධිපති කිරීමට ඉදිරිපත් වෙන එකක් නැහැ. යම් අයුරකින් ඔහු හිරභාරයට ගැණුනොත් නම් ඕස්ත්‍රේලියාව තම රටවැසියා වෙනුවෙන් ඉදිරිපත් වේවි. ඒත් මම හිතන්නේ නැහැ ඔහු අත් අඩංගුවට ගැනේවි කියා. ඔහුට කිසිම සංවිධාන ශක්තියක් නැහැ. ඔහුට කළ හැකි ඉටිගෙඩියක් නැහැ. අන්තරේ මෙහෙයවන එක මහා කාරියක් නො වෙයි. ඒ සඳහා අවශ්‍ය රැඩිකල් සටන්පාඨ පමණයි.

    රනිල් ජනාධිපති වීමෙන් පසු පරගලය නවතින්න තිබුණෙ. දැනටමත් බිරියානි වටලප්පම් නැවතිලා තරමක් කල්. රනිල් අගමැති වුණ ගමන් ඒක නැවතුණේ, හැබෑටම ආතල්ගම සරසවි මඬුවට මොක ද වුණෙ? අර පුස්තකාලය වෙන කොහාටවත් ගෙනිච්ච ද?

    වහල් ගවයන් රංචුවක් වටා ගොඩ නැගී ඇති ජෙප්පන්ගේ අවශ්‍යතාවට තමයි ඊට පස්සෙ පරගලය ඇදගෙන එනු ලැබුවෙ. වහලුන් දිගින් දිගටම ෆෝම් කරලා තියාගන්න එපාය, රනිල්ට පරගලය පරාද කරන්න සිද්ධ වුණෙ එම මීගව රැලක් වන ජෙප්පන්ගෙ මෝඩකම් නිසා. ඒ සම්බන්ධයෙන් වෙස්ටර්න් පවර්ස් හා රනිල් අතර තිබූ සොඳුරු නෝක්කාඩුව දැන් අවසන්. වෙස්ටර්න් පවර්ස්වලට පෙන්නන්න ඕන වුණා තමන් මොන තරම් ප්‍රජාතන්ත්‍රවාදී ද කියා. දැන් ඒ සියල්ල ඉවරයි. ඒක නිකන් අරගලය එක පාරටම නවතා දැමීමට බැරි නිසා පුංචි වෝම් ඩවුන් එකක් තියෙනවා ඒකයි ඒ

    පොඩි කෙළියක් නෙවෙයි එංගලන්තයේ රැජනත් රනිල්ට සුබ පතලා. මෛත්‍රිපාලට අර අත්වැසුම් නැතුව අතට අත දුන්න එක මතක් වෙනවා ඇති.

    ඔහොම යනකොට රනිල් සර්වපාක්‍ෂික ගුලිය ටිකක් කල් අඹරාවි. සෝබන කතා කියාවි. මම හිතා හිටියේ ජූලි මාසෙ සති තුනක් තමයි රටට අමාරු ම කියල. දැන් බලන කොට එහෙම නොවෙයි. තව මාස හයක් ඉස්සරහටලු අමාරුම කාලය. දිගටම අමාරු කාලය ඇදෙනවා හරියට රබර් වගේ extension දිදී, රනිලුත් කියනව ක්‍රමය වෙනස් කරන්න ඕන කියල. ඒකීය රාජ්‍යය වෙනස් කරල සිංහල බෞද්ධ සංස්කෘතියට විශේෂ තැනක් නොදී මල්ටි කල්චරල් මල්ටි එත්නික් රටක් ලෙස ලංකාවේ සංස්කෘතිය වෙනස් කරන එක ඉතාමත්ම වැදගත් එයයි ඔහු කරන වෙනස. ඔහු දැනටමත් කියන්නෙ විදේශවල ඉන්න දෙමළ කතාකරන ලාංකීය සහෝදර ප්‍රජාවගෙ ආධාරයත් රට සංවර්ධනය කරන්න ගන්න. ඔවුන් නිකම් ආධාර කරන එකක් නැහැ. ඒ සඳහා ඔවුන් කොන්දේසි පනවාවි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම තමයි රනිල් අවුරුදු පනහක් පමණ පාර්ලිමේන්තු දේශපාලනය කරල තියෙනවා. ඒ කියන්නෙ නිදහසෙන් පස්සෙ අවුරුදු හැත්තෑපහෙන් තුනෙන් දෙකක්. ඒ කාලයෙ ඔහු කරල තියෙන්නෙ මොනවා ද?

      රනිල් හිටපු ආණ්ඩු රට කොයි තරම් ලෝකෙට ණය කරල තියෙනවා ද? අදත් ඔහු කතා කරන්නෙ ණය ගන්න. ජාමූලට යන්න. ජාමූල කොන්දේසි ලෙහෙසි වෙන එකක් නැහැ. රනිල් ඒ කොන්දේසි ඉටු කරල 2024 දි ජනාධිපති ඡන්දෙ දිනන එකක් නැහැ. හැබැයි ඉතින් ජනාධිපති වෙන්න ඡන්ද දිනන්න ම ඕන නැති බව රනිල් දන්නවා.

      ළමාතැන් දැක්කද දන්නේ නැහැ ලංකාවේ කයිවාරු ගසන මහා ආර්ථික විද්‍යාඥයෙක් අහල තිබුණ ජාමූල යන්නෙ නැතිව විකල්පය මොකක් ද කියල. විකල්ප තියෙනවා. ඉතා ම අඩු කරදරයකින් කරන්න පුළුවන් දේ තමයි රුසියාවෙන් තෙල් ගන්න එක. ඒකට වෙස්ටර්න් පවර්ස් හා සිපෙට්කෝ ඇතුළු ආයතන වලට අරක් ගත් ඇතැම් කොමිස් කාක්කන් කැමති වෙන එකක් නැහැ. බලමු රනිල් එය කරාවි ද කියා. ඒ විකල්පය යොදා ගත්තත් ලංකාවට හොඳක් වෙන එකක් නැහැ. ලංකාව තව දුරටත් ණය වීම හරි හිඟමනට වැටීම හරි තමයි සිද්ධ වෙන්නෙ.

      ලංකාවේ ඉන්න ඊනියා මහා විද්‍යාඥයන් කොතරම් අකමැති වුණත් ලංකාවට ඇති හොඳ ම විකල්පය තමයි අනුරාධපුරයට ආපසු යැම. ඒ අර සුවාදීනයන් කිවුව වගේ බරකරත්තයෙන් නො වෙයි. ආකල්පමය වශයෙන්. සරල ප්‍රෞඪ ජීවිතයකට ආපසු යෑම. හැකි තාක් අඩුවෙන් ආනයනික බලශක්තිය ඉන්ධන ගෑස් යොදා ගැනීම සහ දේශීය විකල්ප දියුණු කරන්න අවශ්‍ය අපේම තාක්ෂණික දැනුම වැඩි දියුණු කරන්න ඕන විදේශ රටවලින් පරිභෝජනය කරන දේවල් වෙනුවට තාක්ෂණික දැනුම, ප්‍රාග්ධන භාණ්ඩ ආයෝජන භාණ්ඩ හැකි තරම් ආනයනය කරන්න ඕන ඒවා පුනර්ජනනීය දේශීය බලශක්තිය මත පදනම්ව ක්‍රියාත්මක කරන්න පුළුවන් විය යුතුමයි.

      ඒ වගේම ණයට කරගෙන ගිය අධිපරිභෝජනය නතර කිරීම. බොරු ෂෝක් නැති කිරීම. බොරු උගත්කමට තැනක් නො දීම. උසස් පෙළ ඒ සාමාර්ථ තුනෙන් හරි උපාධියේ ප්‍රථම පංතියෙන් හරි ආචාර්ය උපාධියෙන් හරි මිනිසුන් නොමැනීම. (සමහරුන්ට නම් මහාචාර්ය උපාධිත් තියෙනවා) ප්‍රායෝගික සැබෑ බුද්ධිමත් පුද්ගලයන්ට තැනක් දීම සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුයි

      Delete
    2. ඒවගේම ළමාතැන් ලංකාවේ අධ්‍යාපනය වැටිල තියෙන තැන තමයි අපි පරගලයෙනුත් දැක්කෙ. ලංකාවේ කෙහෙල් මල් අධ්‍යාපන ක්‍රමයෙන් කරල තියෙන්නෙ හිතන්න බැරි ඔහේ රැලිවලට අහුවෙලා පැත්තකට ගහගෙන යන බොරු අනුකාරකයන් රෑනක් බිහි කිරීම පමණයි.

      ලංකාවේ උගතුන් බුද්ධිමතුන් බිහිකරල තියෙන සංකල්ප ප්‍රවාද මොනවා ද?

      ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ඇත්තේ කොහේ ද?

      මමත් ලංකාවේ හිටපු කාලෙ අවුරුදු ගණනාවක් පමණ ලංකාවේ උගතුන් බුද්ධිමතුන් ඇසුරු කර තියෙනවා. මම නම් ලංකාවේ උගතකු හරි බුදධිමතකු හරි නොවීම ගැන මට ඇත්තේ සතුටක්.

      කොහොම උනත් දැනට ලංකාවේ රනිල්ගේ කාර්යභාරය අවසන්. ඔහුට නියම වෙලා තිබුණෙ ගෝඨාභය ඉවත් කිරීම හා පරගලය අවසන් කිරීම පමණයි. ඔහුට ණය ගන්න පුළුවන් කියා සමහරු හිතන් හිටියා. ඊනියා ජාත්‍යන්තරය එක්ක කතා කරන්න දන්නෙ ඔහු පමණයි කියාත් සමහරු කිවුව. ඔය ඊනියා ජාත්‍යන්තරය කියන්නෙ බටහිර රටවලට හා ජපානයට. ඔහුට අද එතරම් ණයක් ගන්න බැහැ. ජාමූල ණය දෙන්නෙ එල්ලෙන්න වැළක් එක්ක. රනිල්ට රට සංවර්ධනය කරන්න වෙන්නෙ ජාමූල කියන විධියට. රනිල් කවදා වෙන කම් ජනාධිපති වෙලා ඉඳීවි ද කියල කාටවත් කියන්න බැහැ. ක්‍රමයට විකල්පයක් මහා විද්‍යාඥයන්ට නැතුව වගේ ම දැනට රනිල්ට විකල්පයකුත් නැහැ.

      ඒ වගේම අවංකවම හිතල බලල කියන්න පුළුවන් රනිල්ට කරන්න පුළුවන් සංවර්ධනයකුත් නැහැ. බැසිල් නාමල් ඩලස් ආදීන් ගැනත් කියන්න තියෙන්නෙ එච්චරයි.

      කරන්න පුළුවන් එකම දේ පුළුවන් තරම් රජය කුඩා කරලා මිනිස්සුන්ට මොනවා හරි කරලා සල්ලි ගියා ගනින් කියල ආණ්ඩුව නියාමනය නීතිය හා සාමය ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති වගේ දේවල් ටිකක් විතරක් කරගෙන පාඩුවේ ඉන්න එක එතකොට මිනිස්සු පුළුවන් නම් රට දියුණු කරලා ගනීවි නැත්නම් ඔය විදිහටම යයි එච්චරම තමයි

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න