.

.

Sep 16, 2022

ඩයනාගේ නිශාචර සමාජය


 

ඩයනාගේ නිශාචර සමාජය

Diana Gamage's Nightlife 

➖➖➖➖➖➖➖➖➖


ඩයනා ගමගේ මා ඉතා ප්‍රියකරන දේශපාලන චරිතයකි. ඒ ඇය දැක්මක්, දැණුමක්, පරිචයක් ඇති ව්‍යාපාරික කාන්තාවක් වීම හේතුවෙනි. බැසිල් විසින් ඉදිරිපත් කරන ලද අයවැය අලලා පැවති විවාදයේදී ඇය දැක්වූ කරුණු නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ නම්, මේ රට ගොඩගැන්මට ඒ හොඳටෝම ඇතිය.


එහෙත් තම පිලේ එකෙක් නොවීමේ හේතුවෙන් හෝ කුමන හෝ හේතුවක් මත, රාජපක්ෂ පාලනයෙන් ඇයට ඒවා ක්‍රියාත්මක කිරීමට තබා, ඒ යෝජනා ගැන කතා බහක් හෝ ඇති වූයේ නැත. ඒ මේ රටේ තුච්ඡ දේශපාලන ක්‍රමයේ හැටිය. වැඩ බැරි නායකයෝ වැඩක් කළ හැකි එකා නැත්තටම නැති කරනාතර, වැඩක් කළ හැකි එකා නැති කරලාම දමන්නේය. ප්‍රසන්න රණවීර ඊට දිය හැකි හොඳම උදාහරණයයි. 


ඒ දේශපාලන සංස්කෘතිය කඩාගෙන ගිය දෙදෙනෙකු වූයේ රණසිංහ ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂය. එහෙත් ඔවුන් බලයට පත් වීමෙන් පසු ඔවුන් විසින් අනුගමනය කළේද අර ක්‍රමයමය.


කුමනාකාරයේ විවේචන තිබුනද, මොවුන් දෙදෙනාගෙම පාලන කාළයන් තුල ආර්ථිකයේ පිබිදීමක් ඇති වූ බව නොරහසකි. එය බොරු යැයි කීමට කිසිවකුටත් නොහැකිය.


එහෙත් මේ අවස්ථාවේ රිගේනින් ශ්‍රී ලංකා ක්‍රියාත්මක කිරීමට පැමින සිටින රනිල් වික්‍රමසිංහයන් විසින් ඩයනා ගමගේට සංවාරක රාජ්‍ය අමාත්‍ය ධූරයක් පිරිනැමීම අගය කළ යුතුය. 


ප්‍රභූ සමාජයේම නියෝජනයක් වන හරීන් වැන්නකු කැබිනට් අමාත්‍යධූරයේ සිටීම තවත් වාසනාවකි. දැන් ඇත්තේ ඔවුන්ගේ වාරයයි. සාම්ප්‍රදායික මත දරණ, අපේ හිඟන සංස්කෘතිය පමණක් විකුණාගෙන කෑමෙන් සංචාරක ව්‍යාපාරයෙන් ගොඩ එත හැකියයි සිතනා ගොබ්බ අමාත්‍යංශ නිළධාරින් හා සමඟ මේ ව්‍යාපාරය ගොඩගැනීම දැන් ඔවුන් හමුවේ ඇති අභියෝගයයි.


රාත්‍රී 10.00 පසු සල්ලි වියදම් කරන්න නයිට් ලයිෆ් එකක් හෙවත් "නිසාචරයින්ගේ  සමාජයක්" නොමැති බවට ඇය කළ ප්‍රකාෂය මේ වන විට සමාජයේ කකතාබහට ලක් වී ඇත. 


ඇත්තටම Nightlife කියා නිර්මචනය කරන්නේ කුමක්ද? 


සරළවම කිවහොත් ඉන් අදහස් වන්නේ, වැඩිහිටි නිශාචරයින් ඉලක්ක කොටගත් කාමසුඛල්ලිකාණූයෝගී ජීවීන රටාවකට අවශ්‍ය අවස්ථාවන් හා ස්ථානයන්ගෙන් පරිපූර්ණ වූ කල්ට් එකකි. මෙවන් පිරිස් හැදින්වීමට ඉන්ගිරිසියේ භාවිතා වන්නේ Night Owls ලෙස වූවත්, අපිට "නිශාචරයින්" යනුවෙන් එක වචනයක් ඇත


එහෙත් නයිට් ලයිෆ් කිව්වාම අපේ ගොබ්බ සමාජය හිතන්නේ රාත්තිරියේ හැමිනෙන එක විතරෙයි කියලාය. ඇත්තටම නයිට් ලයිෆ් කියන්නේ එය නම්, ලංකාවේ ඕනෑම ප්‍රදේශයක, ඕනෑම තරු පන්තියේ හෝටලයේ සිට සාමාන්‍ය හෝටලය දක්වා ඒවායේ අඩුවක් නැති බව සබ්ජෙක්ට්ටෙකේ ඉන්නා ඕනම කෙනෙක් දන්නවාය.


අනික අපේ රටේ නොව සංචාරක ව්‍යාපාරය පවතින ඕනම රටක, ඕනම වේලාවක, ටැක්සි රියදුරන් හා ඩෝර්මන්ලා මෙන්ම සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සෑම සේවකයකුම සැදී පැහැදී ඉන්නේ මේ ව්‍යාපාරයේ ඒජන්තලා ලෙස සේවය සැපයීමටය. 


එමෙන්ම සංචාරක  ව්‍යාපාරය පිළිබඳ බොහෝ අය නොදන්නා කරුණක් වන්නේ, ගණිකාවන් පමණක් නොව, බීච් බෝයිස්ලා මෙන්ම හෝටල් සේවකයින්ද සිටින්නේ කාන්තාවන්ගේ මනදොල සපුරාලීමට බවයි. කාළයක් ලංකාව පිරිමි ළමා ගනිකාවන් සොයා එන ළමා අපචාරකරුවන්ගේ (pedopiles) පාරාදීසයක්ව තිබුනද, සංචාරක සේවයේ නියුතු අයගේ මැදිහත්වීමෙන්ම එය නැතිකර දැමීමට සමත් විය.


එහෙත් නයිට් ලයිෆ් යන්නෙන් අදහස් කෙරෙන්නේ එයම නොවේ. කාමසුඛල්ලිකාණූ ජීවිතයක් යනු හැමිනීමම පමණක් නොවේ. ඊට සංගීතය, මත්පැන්, මත්ද්‍රව්‍ය, ආහාර හා රංගනයන්ද අයත් වේ. ඕමාර් ඛයියාම්ගේ දර්ශණය යනු එයයි. එය පුරුෂ මූලිඛ අරුතෙන් ඉදිරිපත් වී තිබුනද, දැන් එය යුනිසෙක්ස් කර ගත යුතුව ඇත.


ඒ සඳහා රෙස්ටුරන්ට්, ස්ට්‍රීට් ෆුඩ්, නයිට් මාකට්, පබ්, බාර්, නයිට්ක්ලබ් (ඩිස්කෝ), කැබරේ, සංස්කෘතික සංදර්ශණ, සිනමා ශාලා, රංග ශාලා යන සියල්ල අවශ්‍ය වේ.


මේවා සංචාරකයින්ට පමණක් ඉලක්ක කරගෙන ඊට සීමා විය යුතු නැත. එය දේශීය නිශාචරයින් සඳහාද වෙන් විය යුතුය. දැනටත් එවන් ස්ථාන කොළඹ නගරයේ කිහිප තැනක ඇතත් (කොටුව හොස්පිටල් ස්ට්‍රීට්, මැරයින් ඩ්‍රයිව්) ඒවා සමාජයේ එක් ස්ථරයකට පමණක් සීමා වී ඇත. එය පිරිස ඉතා සුළු පිරිසකි. 


මෙම පිරිස වැඩි වීමට නම්, රටේ ආර්ථිකය යහපත් තත්වයක පැවතිය යුතුමය, මධ්‍යම පන්තිය ප්‍රසාරණය වන්නේ එවිටය. එහෙත් ඩයනලා රටේ නයිට් ලයිෆ් හදන්න යෝජනා කරද්ද, නන්දලාල් වීරසිංහලා කරන්නේ, ඒවාට යන එන උන් ටිකද රට හැර යාමට සැලැස්වීමේ ක්‍රියාදාමයකි.


රෑට පාරවල්වල ලයිට් නැත. ලයිට් බිල් අහස උසටය. නයිට් ලයිෆ් පිරි ප්‍රදේශ අඳුරේ තිබිලා ඵල නැත, එවා නියොන් ලයිට් වලින් පිරි සුරංගනා ලොවක් මෙන් තිබිය යුතුය. රෑ නමයෙන් පස්සේ මත්පැන් බෝතලයක් ගන්නට නැත. රෑ 12 පස්සේ රෙස්ටුරන්ට් එකකින්වත් බෝතලයක් ගැනීමට නැත. ගණිකා නිවාස පමණක් නොව Spa ද පොලීසියෙන් වටලති. ගංජා සුරුට්ටු සම්පූර්ණයෙන්ම තහනම්‍ය.


ඇත්තටම 1977 පසු ගාලූ පාරේ බම්බලපිටිය කොල්ලුපිටිය අවට මෙවන් ප්‍රදේශයක් ගොඩනැගෙමින් පැවතින. එහෙත් 1983 කළු ජූලියත් සමඟ එය නැත්තටම නැතිවී ගියත්, නැවතත් එය කෙමෙන් කෙමෙන් ගොඩනැගෙමින් පැවතීම සතුටට කරුණකි. එමෙන්ම හික්කඩුව, මීගමුව හා උණවටුන ප්‍රදේශයේ පාරේ වාහනයක් යාමට නොහැකි තරමට නිශාචර සමාජයක් ඒ කාළයේ තිබින.


ඒ කාළයේ ඉතා ජනප්‍රියව පැවති රාත්‍රී 9:30 සිනමා දර්ශණය නැත්තටම නැතිවී සිනමාවට හෙන ගහලාම ගියේ 88/89 භීෂණයත් සමඟිනි. වේදිකා නාට්‍ය ක්ෂේශ්ත්‍රයටද අත් වූයේ එම ඉරණමමය. ඒ තබා නිවසක රාත්‍රී විදුලි පහණක් දැල්වීම, මරණ දඬුවම ලැබෙන වරදක් විය.


එයින් රාත්‍රීයේ පැවති පොදු මගී ප්‍රවාහණ සේවාවාන් නැත්තටම නැති වී ගියේය. මිනිස්සු රූපවාහිනියේ සෝප් ඔපෙරාවලට කොටු විය.


එමෙන්ම පොදු ස්ථානවල මත්පැන් පානය හා දුම්පානය නවතා දැමීමද නිශාචරයන්ගේ සමාජයට විශාල බලපෑමක් කළේය. එමෙන්ම කාර්‍යාල වේලාවන් මෙන්ම සාප්පු හා ෂොපින් කම්ප්ලෙක්ස් විවෘතව තබන වේලාවන්ද මේ සඳහා විශාල බලපෑමක් කරනු ලබන්නේය.


ඇත්තටම නිශාචර සමාජයක් ඇති කිරීම සඳහා රජයට සතයක් වත් වැය වන්නේ නැතිය. කළ යුත්තේ ප්‍රතිපත්ති සකස් කිරීම පමණි. දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් අනෙක් සියල්ල පරිපූර්ණ කරණු ඇත.


මේවා මහා විප්ලව නොවේ.


අවශ්‍ය වන්නේ,


කොන්දක් ඇති දේශපාලන නායකත්වයන් පමණි.


එවන් කොන්දක් හරීන්ට මෙන්ම ඩයනාටද ලැබේවා යන්න අපේ අවංක පැතුමය.


.

14 comments:

  1. මේ කළු කැත අනාත සිංහල මිට්ටෝ එක්ක මොන නයිට්ලයිප්ද? උන් එක්ක හැමිනෙන්න එන සුද්දෝ අරින්න ඕනි අංගොඩ.

    ReplyDelete
    Replies
    1. මේ වෙනකොට මගේ අතේ තියෙන්නෙ රුපියල් නමසීයයි..
      ඩෙනිම් දෙකයි කලිසමයි ශර්ට් තුනයි.බාටා දෙකයි.ඊට අමතරව වරෙන්තු එකයි.ගෙයක් දොරක් නෑ කොටින්ම පුට්සයිකලයක් වත් නෑ.කැප් එක තියෙනවා .මේසේ උඩ බීඩි පහයි.කාමරේ පොත් 1011 යි.. ෆෑන් එකයි.කේතලෙයි ජොග්ගුවයි,රයිස් කුකර් එකයි.පිගන් 32යි කෝප්ප 43යි.. වලං දෙකයි. තාච්චි එකයි..බෙඩ් ශීට්දෙකයි ,ජොක්කු දෙකයි . ආහ් තව රස්සාවකුත් නෑ..කකුලක බැට්ල් කැශුවල්ටියක් තියෙනවා.හුවාවේ y5 ෆෝන් එකක් තියෙනවා..පැහැදිලිව කිව්වොත් මගේ කියලා බිම් අගලක් මේ මහපොලවේ නෑ..මේ මුලු ලෝකෙටම මට කියලා තියෙන්නේ ඔය ලියපු ටික තමයි.සෘජු ෆෝම් පෙට්ටි තුනක් තියෙනවා..ඒ තුනට මේ ටික දාගත්තම මගෙ මුලු ලොවම ඔබයි ,හෙට දවසේ මගේම කියලා හයියකින් දෙයක් පටන් ගන්නවනම්, ඔලුවේ තියෙන්නේ "මේ තුසිත දෙවුලොවෙන් " නික්මෙන්න කෝච්චියට අඩයක් තියන්න වගේ දෙයක් තමා,

      හැබැයි දන්නවද... මම අද දවසත් මේ ගෙව්වේ
      මට කවුරු හරි ආදරේ කරාවි කියලා..ඒ නිසා මට ආදරෙන්...මම ඕක ඔය විදියටම හෙට දවසෙත් හිතලා ජීවත් වෙයි..අනිද්දත් වෙයි..ඉන් අනිද්දත් වෙයි.බාගවිට තව අවුරුදු තිහක් වත් ඉදියි..

      ආදරය මිනිස්සු ජීවත් කරවනවා කියන්නේ ඒකයි..ඒකට ඒක ලැබෙන්නම ඕන නෑ...

      මොකද මට ඒක ලැබෙනවා කියන්නේ ඒක දුන්න පාර්ශවය ඉතිහාසය පුරාම වින්දේ දුක්.. අත්දැකීමක් ඒක....මොකද මට පුලුවන් ආදරේ දැකලා ලියන්න විතරයි..පවත්වාගෙන යන්න මට බෑ...මම ඒකට දුර්වලයි.කොටින්ම මට පුලුවන් ඔබේ ජීවිතේ ජයගන්න හැටි අඬ අඬ හිනා වෙවී කියවන්න ලියන්න..හැබැයි මගේ ජීවිතේ කතාකරලා වැඩක් නෑ...

      මම මේ පෝස්ට් එකේ ලිව්වේ තිත්ත ඇත්ත..
      ඒ ඇයිද දන්නවද?
      මට දැන් වෙන වැඩක් නෑ..
      මට වැඩක් තිබුනොත් මම ලියන්නේ පට්ට බොරු..ලෝකෙටම තිත්ත ඇත්ත උනත් මට ඒවා පට්ටපල් බොරු 😊
      ඇයි ඒ?

      අර ජීවිතේ ජයගන්න ලියපු එකත් මම පත්තරේකට කරපු වැඩක්..ඒවගෙන් ජීවිතේ ජයගත්තු උන් මට ඉස්සර කෝල් කරනවා..මම උන්ගෙන් කීයක් හරි ඉල්ලගන්නවා...

      තවදෙයක්...

      මම හිස් කොලයක්..
      ඔබ මේ කියෙව්වේ ඒක උඩ මම ලියපු අකුරු !

      Delete
  2. මේ සිංහල බෞද්ධ රටේ මේ වගේ ජරා වැඩ කරලා සල්ලි හම්බ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

    ReplyDelete
  3. ස්වාමීන් වහන්සේලා සාමණේර හිමිවරුන්ට බෞද්ධ උරුමය ප්රායෝගිකව විදිහට දේශනා කරනහැටි දන්නෙ නැද්ද?

    ReplyDelete
  4. කතාව ඇත්ත තමයි බන් මාත ඩයනලා ධම්මික පෙරේරා වගේ ප්‍රායෝගිකව රටේ ආදායම් ඉහළ දාන්න කටයුතු කරන අය වෙනුවට අයි එම් එෆ් එකට ගිහින් තව තවත් ණය අරන් ණය උගුලේ කර වටක් ගිලෙන්නටතමයි රනිල්ටත් ඕනේ ඒත් මේවා මෙහෙම හරි පෞද්ගලික අංශයේ ආයෝජන යටතේ හරි කරන්න පුළුවන් වුණොත් දිගුකාලීන වශයෙන් රටටම හොඳයි ණයත් ගෙවන්න පුලුවන් වෙයි ඒත් ලංකාවේ එවුන්ට වීරයෝ වෙන්නෙම පල් හොරු. ඒක ලංකාවේ ප්‍රමුඛතම සූර චෞර රාජපක්ෂ චෞරනායක හොරපවුල, ඊළගට වික්‍රමසිංහ, ප්‍රේමදාස සහ අනුර කුමාර වැනි සටකපට දූෂිත අසික්කිත තක්කඩි චෞරනායක අමනයන්ගේ සිට උන්ගේ උප කොන්ත්‍රාත් කරුවන් වන එතනෝල් ජොනී, අලුත්ගමගේ සේල්ස් රෙපා, රෝහිත මාල හොරා, බදියුදීන් හොර දෙටුවා, හකීම්, කසිප්පු නලීන් බණ්ඩාර, කිරිඇල්ල හයිවේ හොරා, රණතුංග හොර පවුල, රවී කරුණානායක ගොංජන් බූරුනායක, හිරුනිකර් රටකපටි නීලකාස කම්බහෙර, විජිත හේරත් ගම්මිරිස් හජ්ජියාර් දක්වා වූ පුළුල් පරාසයක් තුළ විනිවිද යන අතර මේවා දැක්කම උන්ට වහල්කම් කරන්න වහල් මීහරක් රැලට හොඳටෝම රිදේවි ඒත් ඇත්ත ඒකයි

    ReplyDelete
  5. සිඩ්නි වැසියන්ට දින 3 ක් තිස්සේ වතුර නෑ

    ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර ප්‍රදේශ කීපයක ජල සැපැයුම අඩපණ වී ඇති බවත්, එම ප්‍රදේශවල වැසියන් තෙදිනක් තිස්සේ ජලය නොමැතිව පීඩාවට පත් වී සිටින බවත් වාර්තා වේ.

    ජල සැපැයුම අඩපණ වී ඇත්තේ, ප්‍රධාන නළ මාර්ගයට හානි සිදුවී ඇති බැවිනි. අඩපණ වූ ජල සැපැයුම යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ලහිලහියේ සිදුවෙමින් පවතින බව නගර බලධාරීහු පවසති.

    (රොයිටර්)

    -ඔසී රටේ මලපවාහන පද්දතියේ සේවයේ නිරුතු මහත්තුරු කෝ වතුර?

    ReplyDelete
  6. ලංකාවේ සිංහල බෞද්ධයන් ගේ සැබෑ අනන්‍යතාව හෙළිදරව් වී ඇති ප්‍රවෘත්තියක් ගෙනාවා ඒ ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක හිමිකාරිත්වයක් දරා මේ වන විට ව්‍යාපාරික කටයුතුවලින් ඈත්ව වෙහෙර විහාර ඉදි කරමින් පොදු කටයුතුවලට සම්බන්ධව සිටින ව්‍යාපාරික කාන්තාවකගේ බැංකු ගිණුමකින් රුපියල් කෝටි 24කට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    ලංකාවේ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා මේ දානපතිනියගේ දරුවන් විදෙස්ගතව සිටින බවත් ඔවුන් නීතීඥවරුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් ධන අතරේ තමන්ගේ ජීවිතයේ සැදෑ සමය ගත කරන එම දානපතිනිය විසින් වෙහෙර විහාර ඉදි කිරීමට ඇතුළු පුණ්‍ය කටයුතු සඳහා දෙන මුදල් චෙක්පත්වල වටිනාකම් සඳහා වැඩි ගණන් යොදා මේ වංචාව කර ඇත්තේ ඇය සමීපයේම සිටින්නන් පිරිසක් බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    උදාහරණයක් විදියට එක සිදුවීමකදී රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් වංචා සහගතව සිය බැංකු ගිණුම්වලට බැර කර ගත් මේ ධානපතිනියගේ ගිණුම් කටයුතු සොයා බැලූ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අතුරුගිරිය අභයපුර පදිංචිකාරියක් වන එම තැනැත්තිය වයස අවුරුදු 68ක් වන තැනැත්තියකි. ඇය මෙරට නමගිය සමාගමක ගිණුම් අංශයේ සේවය කර විශ්‍රාම ගොස් සිටින තැනැත්තියක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එම සැකකාරිය අතුරුගිරියේ පිහිටි විහාරස්ථානයක දහම් පාසලක ගුරුවරියක් ලෙස සේවය කරන්නියකි. එම විහාරස්ථානයට උපකාර කිරීමට දානපතිනිය පැමිණි අවස්ථාවක දෙදෙනා අතර හිතවත්කමක් ගොඩ නැඟී ඇති බවද කියයි. එම හිතවත්කම මත ධානපතිනිය සිය ගිණුම් කටයුතු කිරීමට ඇයට පවරා තිබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වෙහෙර විහාර සඳහා ආධාර ඇය විසින් ලබා දෙන්නේ චෙක්පත් මඟිනි. එහිදී ඇය හිස් චෙක්පත්වලට අත්සන් තබා ගිණුම් කටයුතු කළ තැනැත්තියට අවශ්‍ය මුදල් සටහන් කර වෙහෙර විහාරස්ථානවලට යවන ලෙස දැනුම්දී තිබී ඇත. ඇය එසේ චෙක්පත්වලට අත්සන තබා ඇත්තේද ගිණුම් කටයුතු කළ තැනැත්තිය කෙරෙහි විශ්වාසය තබාය. එහෙත් ඇය විසින් එම විශ්වාසය බිඳ හිස් චෙක්වලට වැඩි වටිනාකම් දමාගෙන සිය බැංකු ගිණුම්වලට මුදල් බැර කරගෙන ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. සෙසු මුදල් වංචා කළ පුද්ගලයන්ද හඳුනා ගනිමින් ඒ අය අත්අඩංගුවට ගැනීමට මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන පවත්වමින් ඇති බව ලංකාවේ මාධ්‍ය හරහා වාර්තා වී තියෙනවා මේ ගැන පෝස්ට් එකක් දාන්න පුළුවන් ද?

    ReplyDelete
  7. choka appointed as minister due to his talent for killing inncoent people

    ReplyDelete
  8. ඕයි බූරුතන් මොකා ආන්ඩු කරන්න ආවත් ව්යසනයට මූලික ඌ හේතුවට විසදුමක් නොදෙන තුරු රට බන්කොලොත්. දූසිත දේසපාලකයන්ගෙ කොමිස් ගැහිල්ලටත් වඩා රටේ විනාශයට මූලික වී ඇත්තේ රාජ්ය නිලදාරින්ගේ ගැහිලි සහ පින්බත් ගිලින රාජ්ය සේවකයින්ට ගෙවන පඩි.

    ලංකාවේ පැවති සියලුම ආණ්ඩු උන්ව පත් කර ඇත්තේ චන්ද පදනමක් හදා ගැනීමේ අරමුනින් වරින් වර මාරුවෙන් මාරුවට පැමිනෙන දේසපාලකයෝ උනාට වුර්තීය සමිති හරහා රට පාලනය කරන්න උන්ට බලය සහ රැකවරනය දෙන්නේ ජෙප්පෝ. උන් සේරම රට විනාශ කිරීමේ වැඩපිලිවෙලේ සාමූහිකව සිටින අතර කවදත් රටට හම්බ කරලා දෙන්න ඉන්නේ අප වගේ මැදපෙරදිග කලාපයේ සහ දකුණු කොරියාව ආදී රටවල් වල සේවය කර ලංකාවට ධනය යවන මිලියන තුනක් විතර වෙන පිරිස සහ මිලියන දහයක් විතර වෙන ලංකාවේ පෞද්ගලික අංශයේ දිවා රෑ නොනිදා වැඩ කරන කිසිම වරප්‍රසාද වරදාන පහසුකම් විශ්‍රාම වැටුප් දීමනා මොනවත් නැති තමන්ගේ මහන්සියෙන් උපයාගත් පිරිස විතරමයි. උන්ව රැකගන්න එක දේශපාලන බල්ලෙක්වත් නෑ.

    ලංකාවේ හැම රජයක්ම කරේ පෞද්ගලික අංශයට වැහෙනකන්ම ටැක්ශ් ගහලා ඒ සල්ලි වලින් රාජය සේවයේ ඉන්න දෙකයි පණහේ කාලකන්නි නිකමුන් සෙට් එකක් නඩත්තු කරපු එක.

    දැනටත් වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට රජයට කිසිම ප්ලැන් එකක් නැතත් සල්ලි අච්චු ගහ ගහා පින් බත් ගිලින රාජ්ය සේවකයෝ නඩත්තු කරන එක මූලික වග කීම කරගෙන තියෙනවා. ඒකෙන් මේ සරු කෙත තව තවත් වලපල්ලටම යනවා. පවුද්ගලික අංශයේ මහින්සිවෙලා වැඩකරන එකාගේ පඩියත් නිකන්ම දියාරුවෙලා යනවා.

    ඒ නිසා මොකා බලයට පැමිනියත් මුලින්ම කරන්න ඕන නීති සම්මත කරලා මේ දක්වා සුලු හෝ දූසනයකට සම්බන්ද දූසිත රාජ්ය නිලදාරින්ට සහ දේසපාලකයින්ට ප්‍රසිද්දියේ වෙඩි තබා මරන දන්ඩනය පැමිනවීමයි. පාඩු හෝ ලාබ ලබන සියලු රාජ්ය අංශ පෞද්ගලීකරනය කල යුතුයි.

    රජයේ ආයතන ගණනාවකට අරක් ගෙන 95%ක් විතර ඉන්න පින්බත් කෙලින රාජ්ය සේවයේ නිකමුන්ට වන්දි වෙනුවට කසපාර 100ක් දී පන්නන්න ඕන. එහෙම කරොත් අඩුම ගානේ උන් ජෙප්පොන්ගේ පදේට උද්ගෝසන තිය තිය රට ගිනි තිය තිය ඉන්නෙ නැතිව, ස්වයන් රැකියාවක් හරි කරලා රටේ නිශ්පාදනයට සුලුවෙන් හෝ දායක වෙනවා. චීනයේ කරන්නේ ඒක. රට ගොඩ ගන්න ඒ නීතිය විතරක් තිබ්බත් හොදටම ඇති.

    ඒ නිසාම සල්ලි අච්චු ගහ ගහා පින් බත් ගිලින උන් නඩත්තු කරපුවාම ඒකෙන් නහුතෙට නගින බඩු මිල එදා වේල දුක් මහන්සි වෙලා කුලී වැඩ කරලා හම්බ කරගන්න අහින්සකයා ගෙවන්නේ කොහොමද කියල කියපිය? අපි වගේ ගෙවල් දොරවල් හා වත්කම් සියල්ල අතහැර පවුල් පිටින් මැදපෙරදිග ඇතුළු රටවල ඉන්න අය වගේම ළමයි පවුල දාල ඇවිත් ඉන්න ගෘහ සේවිකාවන් කම්කරු රැකියා කරන මිනිස්සු ලංකාවට ගියාම හූරගෙන කනවා ලංකාවට යවන විදේශ මුදල් වලට සාධාරණ මුදලක් ගෙවන්නේ නැහැ.

    තීරණය මොන තරම් අමාරු වුනත් අතිරික්ත රාජ්‍ය සේවකයෝ අස්කිරීම සහ පාඩුලබන රාජ්‍ය ව්‍යවසාය විකුනාදැමීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම කල යුතුමයි.
    පින්පඩිකාරයින් රට විනාශ කිරීම තව දුරටත් බෑ…

    ඒ වගේම තමයි දැනට දාසය වතාවක් ණය හිඟමනේ ගිහින් දැන් දාහත් වැනි වතාවටත් ණය අරන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිලිවෙලකට රට ගමන් කිරිම අසිරුයි, ණය පුතිව්‍යුහගත කිරිම , ණය කපා හැරිම අමාරු කාර්යක්, මේ වෙලාවේ තවත් බරපතල ලෙස සමාජ පිපිරිම් ඇති වෙන් පුළුවන්.

    ඒ වගේම ලංකාවේ ආර්ථිකය ගැන හරිහමන් දැනුමක් වත් නැති විදේශ පොතේ ගුරාලා කියන විදියට දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගියොත් ලංකාවේ බැංකු පද්ධතිය කඩා වැටෙන්න පුළුවන්. ග්‍රිසිය ආජන්ටිනාවේ වුණා වගේ දේවල් වලින් පාඩම් ඉගෙනගෙන කටයුතු කළ යුතුයි.

    අපි කරන්න ඕනි රටේ ජනතාව ගැන විශ්වාස කරලා , රටේ දේශීය කර්මාන්ත තාක්ෂණය දියුණු කරලා රටට අවශ්‍ය පරිදි ආහාර ටික අපිම නිෂ්පාදනය කරගන්න ඕනි.

    ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයට අනුව අපි නිෂ්පාදනය කර ගන්න ඕනි විදුලි වාහන බස් දුම්රිය වගේ කාර්යක්ෂමතාව ඉහළ විදුලි තාක්ෂණය භාවිතා කරලා පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න ඕනි.

    නිවාස වල විදුලි බිල වැඩි කරනවා වෙනුවට කරන්න ඕන විදුලිය වැඩියෙන් භාවිතා කරන අයට සුර්ය බල ශක්තියට ගමන් කිරිමට අවශ්‍ය සහනාදාර , ණයක්‍රම , අසියානු සංවර්ධන බැංකුවේ ක්‍රියාවලිය 100 ගුණයකින් පණගන්වලා ඉදිරියට ගැනිමයි. සෝලාර් ඕෆ් ග්‍රිඩ් බැටරි පැක් සිස්ටම් එකක් ගහගන්න උපරිම වශයෙන් සහයෝගය ලබා දී කර්මාන්ත වලට අයි ටී ඔෆිස් වලට විදුලිය බිල අඩුවීමට එයින් සහය ලබා දී සහ මහජනතාවගේ සැප පහසුව වෙනුවෙන් බැටරි පැක් සිස්ටම් එකකින් ඔසී වැඩ කරන්න සෙට් කරන්න පුළුවන් මෙච්චර තෙල් තියෙන මැදපෙරදිග කලාපයේ පවා renewable energy වලට මෙච්චර ධනය ආයෝජන කරන්න පුළුවන් ඒත් ලංකාවේ තත්ත්වය තවත් නරක අතට හැරෙනකම් මුන් උඩ බලාගෙන ඉන්නවා නේද?

    ReplyDelete
  9. අල්ස්සලාම් ආළෛක්කූම් ව'රහ්මත් උල් අල්ලාහ් ව'බර්කාත් හෝ සදීක් මාත්තලානී,

    මාතලන් රෆීක්ට සුභාරංචියක් තියෙනවා අපෙන්, අලුතෙන් මෙහෙන් ලංකාවේ තානාපති ලෙස පිටත් වෙලා ඊයේ සිය අක්තපත්‍ර ඉදිරිපත් කළ සෞදි අරාබියේ ලංකාවේ තානාපති ඛලීද් ඉබ්න් හමූද් නස්සීර් ඈල්දස්සාම් අල් කහ්තානී (Khalid bin Hamoud Nasser Aldasam Alkahtani) මැතිතුමා ලංකාවේ දී පැවසුවේ පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා මෙහේ රැකියා අවස්ථා වැඩි කිරීම තම ප්‍රධාන කාර්යය බව, දැක්කා ද දන්නේ නෑ ඔයා, ගිය සිකුරාදා (සැප්තැම්බර් 16) ලංකාවේ දිනේෂ් ගුණවර්ධන හමුවූ අල් අරබියා අල් සෞදියා තානාපතිවරයා කෙටි කාලයක් තුළ සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකික පුහුණු හා අර්ධ පුහුණු ශ්‍රම බලකාය 180,000 සිට 400,000 දක්වා වැඩි කළ හැකි බව පැවසුවේ ස්ථීර තීරණයක් ලෙසයි.

    එමෙන්ම එම කතාවේදී එතුමා ඉතාමත් ලස්සන සුන්දරත්වය සහිත දෙවියන් ගේ ත්‍යාගයක් ලෙස ලැබුණු සුවිශේෂී රටක් වන ලංකාවට සෑහෙන ආදරය කරන අතර ඔබගේ රටට සහය දීමට මම උපරිමයෙන් කටයුතු කරමි” යනුවෙන් ඔහු සහතික විය. පහුගිය දශක හතරක් විතර කාලයක් තිස්සේ වත්මන් පාලකයන් විසින් රටටම උරුම කරදුන් ආර්ථික ගැටලුවලින් ලංකාව ඉතාමත්ම ඉක්මනින් යථා තත්ත්වයට පත්වනු දැකීම සවුදි රජයේ ද අපේක්ෂාවයි.

    ලංකාවේ ධම්මික පෙරේරලා පහුගියදවස් වල ආයෝජන මණ්ඩලයේ අලුතින් හඳුන්වා දී ඇති ලිහිල් වීසා රෙගුලාසි සහ ආයෝජන පහසු කිරීමේ යෝජනා ක්‍රම මඟින් සෞදි ආයෝජකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඉවහල් වන බවත් ලංකාවේ බලශක්ති, ධීවර සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට සෞදි අරාබියට අවස්ථාවන් ඇති බවත් සෞදි සංවර්ධන අරමුදලේ නව ආධාර වැඩසටහන් යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය සහ සහාය වෙනුවෙන් ලංකාවේ නිල ස්තුතිය පුද කළ අතරම සංචාරක ප්‍රවර්ධනය සහ සෞදි ගුවන් සේවයේ ශ්‍රී ලංකාවට ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමේ සැලසුම් පිළිබඳව ද සවුදි අරාබියේ සහයෝගය ලංකාවට ලැබීමට නියමිතයි.

    කලින් පැවති ගතානුගතික සෞදි රාජධානිය වඩා විවෘත තත්ත්වයකට පත් කිරීමේ අරමුණින්, පසුගිය වසරේ කීපය තුල කාන්තාවන්ට රිය පැදවීමේ තහනම ඉවත් කිරීම ඇතුළු කාන්තාවන්ට සහ සියලුම නේවාසිකයන්ට ඇති සමාජ සීමා ලිහිල් කිරීමේ පහසුකම් සමග ලංකාවේ රැකියා විරහිත තරුණ තරුණියන් මෙන්ම රජයේ ආයතන වල සේවකයන්ට වැටුප් රහිත වසර පහකට නිවාඩු ලබා දී සෞදි අරාබියේ රැකියා සඳහා රටින් පිටුවහල් කල යුතුයි විශේෂයෙන් අරගලයට ආපු සමාජවාදී කඩාකප්පල්කාරී සෙට් එක හොඳයි

    ඒ වගේම තමයි අවාසනාවන්ත පුවතක් දැක්කා ඒ මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයන් තුළ මෙතෙක් සිදු කළ විශාලතම සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ අරාබි රටවල් තුළ ආගමානුකූල දිවි පෙවතක් ගත කරන පුද්ගලයන්ගේ විශාල අඩු වීමක් දක්නට ලැබෙන බව,

    අරාබි බැරෝමීටර (Arab Barometer) සමීක්ෂණ ජාලය කාන්තා අයිතීන්, සංක්‍රමණය, ආරක්ෂාව සහ ලිංගිකත්වය වැනි කාරණා ගැන ආරාබියේ දිවි ගෙවන පුද්ගලයන්ගේ අදහස් මත පදනම්ව මෙම සමීක්ෂණය සිදු කර සොයා ගෙන ඇති පරිදි 2013 ට සාපේක්ෂව මේ දක්වා කලාපය පුරා පැතිරී සිටින "ආගමානුකූලව නොහැසිරෙන" පුද්ගලයන්ගේ ගණන 8% සිට 21% දක්වා වැඩි වී තිබේ. සමීක්ෂණයට අනුව වයස අවුරුදු තිහට අඩු පුද්ගලයන් ආගමික දිවි පෙවතින් ඉවත් වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් ඔවුන් අතරින් 39%ක් ආගමානුකූලව නොහැසිරෙන බවට හඳුනාගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත්වේ ජනපදයේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයට අනුයුක්ත අරාබි බැරෝමීටර කණ්ඩායමෙන්, මේක නම් දුක්බර කතාවක් ලංකාවේ වගේම ලෝකේ හැම රටකම වගේ ආගමට දහමට ලැදි ජනතාව අඩු වෙලා නරුම නිරාගමික ජඩයන් වැඩි වෙන බව පේනවා නේද?

    ReplyDelete
  10. අයිසේ මාතලන්, ලංකාවේ ඔහොම තමයි ඉතින් චාටර් තමයි ඕව අමතක කරලා දාන්නත් එක්ක මේන්ලන්ඩ් යුරෝප් පැත්තේ ටුවර් එකක් ඇවිත් ඇවිදල කියලා ආතල් එකක් ගන්න අදහසක් නැද්ද? 😀

    මගේ මේන්ලන්ඩ් යුරෝප් වල මේ පාර tour එක රටවල් 7යි. ජිවිතේ 3 වෙනියට ලොකුම ටුවර් එක කියලා කියන්න පුළුවන්. මගේ අවුරුදු තිස් දෙකක ජීවිත කාලේටම දැන් ඔක්කොම 55යි හැබැයි ලබන නොවැම්බර් මාසයේ අවුරුදු තිස් තුන ලබනවා ඉතින් 😬

    සාමාන්‍යයෙන් තනියම ටුවර් එකක් ගිහින් ඇවිදින්න යන එක පට්ට හැබැයි රජෝ වැඩේ ඊට වඩා පට්ට කට්ට තමයි හරිද? 😀

    මට මතකයි මම ඒ කාලේ බැක් පැක් එක දාගෙන සමහර දවස් වල හවස බෑග් එකත් කර ගහගෙන එක රටක කන්දක් නගින මම රෑට ෆ්ලයිට් එකේ නිදාගෙන අනිත් දවසේ උදේ අදාළ සිටි එකක ෆොටෝ ගගහා ආතල් එකේ ඇවිදිනවා. ලංකාවෙන් පිට වී ආපු අලුතම නිසා ලෝකය දකින්න පුදුමාකාර උණක් තිබුණා ඒ දවස්වල ටුවර් යන්න පටන් ගත්ත අර්ලි ට්වෙන්ටීස් වලදී...

    මට තාමත් හොඳට මතකයි මම එක දවසක් බොස්නියාවේ මොස්තාර් (Mostar) නගරයේ ඉඳල හොටෙල් එකට එද්දී පාන්දර 1.00 යි හැබැයි ආපහු උදේ 3.00 ට ආපහු ගුවන් තොටුපලේ ඉන්න ඕන. එදා නම් හිතුන මොන කරුමයක්ද යකෝ මම මේ ගෙවන්නේ කියල, දැන් නම් මතක් වෙද්දිත් මට කට කොණට හිනාවක් ආව 😁

    ඊට පස්සේ ආපහු අනිත් දවසේ ඩෙන්මාර්ක් වල කෝපන්හෙගන් ඇවිදින්න දාගෙන හිටියේ. හැබැයි අනිත් දවසේ නම් ගමන කරුමයක් නෙවේ පට්ටම සුපිරි කියල හිතුනා 😀

    යුරෝපයේ යද්දී ෆ්ලයිට් එකක ටැක්සී එකක මෙට්රෝ ට්රෑම් වගේ දුම්රිය සේවාවක අපට ඉඳගන්න විතරයි තියෙන්නේ. අනිත් පැත්තට ෂේප් එකේ ඩෙස්ටිනේෂන් එකට ඇවිල්ලා සැප නින්දකුත් එක්කම.

    මමත් මගේ මුල්ම ටුවර් එකේ කන්න බොන්න වෙලාවල් දා ගෙන තිබුනේ නැ. ඔහේ ඇවිදගෙන ගියා පැක් එකේ බිස්කට් වගේ කෙටි ආහාර තිබුණ හදිස්සියකට, ඒ අස්සේ ඔය යන තැනක තැනක් සෙට් උනොත් මොන හරි ගත්තා යන ගමන්ම ගිලල දැම්මා එච්චරයි. . 😀

    ලංකාවේ ඉන්න නිසා තියෙන කම්මැලි කමට මොනවා උනත් කව්රු හරි හිතනවා නම් ගෙදරට වෙලා කාල බීලා නිදා ගන්න එක සැපයි කියලා ඒක එහෙම නෙවේ. මගේ අත්දැකීම් අනුව නම් දවස් දෙකක් විතර එක දිගට ඇවිදලා ගහන නින්දේ පුදුම සැපක් තියෙන්නේ. පැය ගානක් නොකා ඉදලා කොහෙන් හරි කෑමක් සෙට් වෙලා කෑවම එකේ පුදුම රසක් තියෙන්නේ.

    මගේ විශ්වාසය තමයි මාතේ ජිවිතේ අලුත් අලුත් එක්ස්පීරියන්ස් ලැබෙද්දී තමයි අපිට තේරෙන්නේ අපි ජිවත් වෙනවා කියලා. ඉතින් අලුත් අත්දැකීම් ගෙදරට ඇවිදගෙන එන්නේ නැහැනේ. අපිට යන්නම වෙනවා ඒවා ලබා ගන්න.

    ඔන්න ඔය වගේ කාරණා නිසා මම හිතන්නේ මනුෂ්‍යයන් වෙලා ඉපදිලා ගහක් ගලක් සතෙක් වගේ ගෙදරට වෙලා ඉන්නවනම් එක පට්ට අපරාධයක් බවත් ඒ නිසා මම හිතනවා මේක පොඩි හරි Inspiration එකක් වෙයි කියල කට්ට කියලා travel නොකර ඉන්න කට්ටිය මේක බලනවානම්.

    ලංකාවේ ආර්ථිකය එක්ක සහ ලෝකයේ සෑම රටකම පාහේ ආර්ථික අර්බුදයක්පටන් ඇරන් තියෙන කාලයක් විදියට හැමෝටම මේ වෙලාවේ මේ වගේ ටුවර් ගහල එන්න බැරි වේවි. හැබැයි ලග පාතක තියන කන්දක් හරි නැගල එන්න බැරි නැනේ. ☺️

    මගේ අත්දැකීම් අනුව ඒ වගේ ඇවිදලා කියලා ගෙදර ඇවිත් Photos ටික බලද්දී මට පට්ට ආතල්. එකයි මේ කමෙන්ට් එක පවා ලිව්වේ 😀

    මම මේ පාර ඇවිදින්න ගිය රටවල් ටික ගැන කෙටියෙන් කියන්නම්,

    මැසිඩොනියා 🇲🇰 - මම මේ රටට මුලින්ම ගිය ටුවර්ස් එක මුලදී හිතුවේ වැඩක් නැතිව ඇති කියලා. හැබැයි ගියාම නම් මරු. පරණ රජ කතාවක වගේ. පට්ට ඓතිහාසික දේවල් වලින් ටිකක් බලන්න පුලුවන් වෙයි

    කොසොවෝ 🇽🇰 - මම දැක්ක රටවල් වලින් මම හිතන්නේ වැඩිපුරම බොරු කියන්න උන රට. මොකද උන්ගේ රටට කව්රුත්ම වගේ යන්නේ නැ. උන්ගේ හැමෝම වගේ අහනවා රට ලස්සනයි ද කියල. බලන්න දෙයක් නැති උනාට මම ඉතින් ලස්සනයි කියල එනවා.

    බොස්නියා 🇧🇦 - මේ රට නම් ඇත්තටම ලස්සනයි.

    ඩෙන්මාර්ක් 🇩🇰 - සුපිරිම ලස්සන මාර ආසම රටක්...

    අයිස්ලන්තේ 🇮🇸 - මේකත් පට්ටම පට්ට ලස්සන රටක් 😍

    නොර්වේ 🇳🇴 - සුපිරි වගේම බලන්න දේවල් ගොඩක් තියනවා... හැබැයි පට්ට එක්ස්පෙන්සිව් 😰

    තුර්කිය 🇹🇷 ( විශේෂයෙන්ම Istanbul ) - මේක මුලින්ම යද්දී මම හිතුවේ පට්ට ඇති කියලා. ඒත් මටනම් එච්චර සෙට් නැහැ මොකද සෑහෙන සෙනග 🥲 ඒ මදිවට සෙකියුරිටි චෙක් පොයින්ට් වගේ දේවල් ගොඩයි...

    හැබැයි ඉතින් ඇවිදින්න යනවා වගේ නෙවෙයි පුතේ යන්න කලින් දවසේ මෙහෙන් ගත්ත ඔරිමජිනල් Nike shoes දෙකේ ගිහින් එද්දී එක පැත්තක කට්ට සම්පුරණයෙන්ම ගෙවිල 😀👟 ඔව්ව ඔහොම තමයි ඉතින් ඒත් ඇවිද්ද පය ලක්ෂ වටී කියලා කියන්නේ නිකම් නෙමෙයි නේ නේද?

    ඇත්තටම ලංකාවේ ඔක්තෝබර් මාසෙ වගේ ඉඳලා ටුවරිස්ම් සීසන් එක ඇරඹෙනවා නේද? මොකද කරන්නේ ඊළඟ සීසන් එක සාර්ථක වෙයි නේද පහුගිය අවුරුදු තුනකට පස්සේ ආපහු ලංකාවට ගොඩ යන්න පුළුවන් වේවි ද 2018 අවුරුදු හතරකට කලින් තිබුන තත්ත්වයට?

    ReplyDelete
  11. වෙනස්, විවිධ අදහස් දැන ගන්න ඉඩක්
    මෙහෙන් ලැබෙන එක ගැන ඇත ලොකු සතුටක්!

    ReplyDelete
  12. සෞම්යාගේ ගවුම උස්සලා පෑන්ටි එක පාත් කරලා කකුල් දෙක ඈත් කරලා රෝස පාට හුත්තට දිව දාලා ජුස් උරලා බොන්න තිබ්බා නම්.. ම්ම්. රස. මතක වෙද්දීත් ඉවසන්නම බැහැ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න