.

.

Sep 22, 2022

සනත් නිශාන්ත බුක් ෆෙයාර් යාම

 



සනත් නිශාන්ත බුක් ෆෙයාර් යාම

➖➖➖➖➖▪️▪️➖➖➖➖➖➖


සනත් නිශාන්ත පොත් ප්‍රදර්ශණයට යාම මාතලන් යකා ට අනුව නම් සංඛේතීය වැදගත් කමක් සහිත එකක්.


ඒක රනිල් වික්‍රමසිංහ බුක් ෆෙයාර් එකට ගියාට වඩා වටිනාකමක් සහිත එකක්. මොකෝ රනිල් කියන්නේ කොහොමත් පොත් ගුල්ලෙක්. එයා ඔතනට හැමදාම ගියා. මෙවර විශේෂත්වයකට තියෙන්නේ රටේ නායකයා විදියට එතනට යාම. 


දැන් රනිල් විතරක් නෙමේ සජිතුත් අනුගමනය කරන්නේ මහින්ද රාජපක්ෂ ෆිලෝසොෆිය. ඒක වෙනම කතා කරන්න ඕන විශයයක්. මහින්ද රාජපක්ෂ කියන්නේ සංස්කෘතියක් කිව්වේ අපි නෙමෙයි. අනුර කුමාර දිසානායක සහෝදරයා. මහින්ද තමයි ලංකාවේ මුල්ම සෙලබෙරටි පොලිටික්කා. ඒ කැරිස්මා එක වෙන එකෙක්ටවත් නැති වුනාට. හැමෝම දැන් ඒ රෝල් එක කරන්න ෆුල් ට්‍රයි.


අමුතු සත්තු ජාතියක්‍ය, ටොයියොය, ප්‍රබුද්ධ අයය කියලා හිතන, රෝන්ග් ජෙනරේෂන් එක හා ඔවුන් වන්දනා කරන සිවිල් පොරවල් සනත් නිශාන්තලා හඳුන්වන්නේ නූගත් පාදඩ මැරයෝ ලෙස. 


උන් සනත් නිශාන්තට කින්ඩිය දාන්නේ පණු කරඳ දේවානිගේ ඔක්සිජන් ප්‍රශ්ණය අල්ලගෙන. නමුත් මේ බුද්ධිමතුන් දන්නේ නෑ කාන්තාරයෙත් ඔක්සිජන් තියෙනවා කියලා. එයාලගෙ දැණුම ඒ තරම්.


සනත් නිශාන්ත නූගත් පාදඩ මැරයෙක් නම්, අරගලයේ ඉදිරිපෙල උන්නෙත්, අන්තරේ හා ජවිපෙත් ඉන්නේ ඒ ජාතියේ උන්මයි. මම නම් සනත් නිශාන්තගෙ හැසිරීමයි, ජගත් මණුවර්ණගෙ හැසිරීමයි අතර කිසිම වෙනසක් දකින්නේ නෑ. 


උන් අදටත් බේරේට මිනිස්සු දාපුවා, නිවාස වහන දේපල ගිනි තියපුවා නෙමෙයි, ඝාතනත් සමරන්නේ උත්කර්ෂයෙන. ඒ ගැන කිසිම කම්පාවක්, පසුතැවීමක්, උන්ට ඇත්තේ නෑ.


අනික් අතින් ඔය පොත් කියවන පොත් ප්‍රදර්ශනයට ඇවිත් ප්‍රදර්ශන භාන්ඩ වෙන පොත් ප්‍රාකාශකයො, ලේඛකයෝ, කියලා අනික් අයට වඩා උසස් කියලා පෙන්නන්නපොත් එක්ක සෙල්ෆි ගහලා දාන පිරිස්, රනිල් වික්‍රමසිංහගේ පුස්තකාලේ ගිනි තියපු වෙලාවේ ලියපු කියපු දේ හොඳින් නිරීක්ෂණය කල කෙනෙක් විදියට, දැන් රනිල් එක්ක හැසිරෙන, ලියන කියන හැටි දැක්කාම මගේ පුප නොනවත්වා හිනා වෙනවා.


ඒක අර පාස්ටර් වන්දනාවයි, ඥානක්කා වන්දනාවයි අතර ලැදියාව වගේමයි. මාර ලොල් සහගතයි.


ඉදින් මෙයාලා පොත් කියෙව්වා කියලවත්, පොත් ප්‍රකාෂයට පත් කලා කියලාවත්, පොත් ලිව්වා කියලවත්, පොත් ලියන අය එක්ක සෙල්ෆි දැම්මා කියලාවත්, පොත් වල පොටෝ දැම්මා කියලාවත්, එයාලා සමාජයේ වෙනස් පිරිසක්කත්, උසස් පිරිසක්කත් නෙමෙයි.


ඉදින් තමන්ගේ පිරිස් අතර සනත් නිශාන්තත් ඉන්නවා දකින්න ලැබුනාම, මට නම් ලැබුනේ හොඳ පොතක් කියවලා ලබන රසයටත් වඩා රසයක්.


මුන් ඔක්කොම හොඳ පොත් කාරයෝ මල්ලී.

.

23 comments:

  1. මේක මරු මාතේ රහට ලියලා තියෙනවා ඒ වගේම තමයි සෙව්වන්දිට ඉංග්‍රීසි බෑ. වැඩිය ඉගෙන ගෙන නෑ. ඉතිං ගමේ රාජපක්ෂ හොර කල්ලියේ නැත්නම් ටෙලිපෝන් කම්බා හොර කල්ලියේ හරි ජෙප්පන්ට රෙදි නැතුව කඩේ යන හරි එක එක පාටට කඩේ යන ගොන් බයියන්ට ලාබෙට ගමේ දේවාලේ පොල්ගෙඩියක් පෙරළගෙන ඉන්නවා.

    ඒ වගේ නෙවෙයි ටයි කෝට් ගහලා ලොකු ලොකු ශාලා වල රටේ නැති ලොකු ටෝක්ස් ඉෂූ කරන ජෙරම් ටිකක් ඉගෙනගෙන ඉංග්‍රීසි එහෙම පුළුවන් නිසා යමක් කමක් තියෙන පැළැන්තියට බෝලයක් බස්සගෙන අයිට වඩා සෑහෙන විශාල වශයෙන් මුදල් හම්බ කරගෙන ඉතාමත් ලක්ෂරි ජීවිතයක් ගතකරමින් ඉන්නවා. සෙව්වන්දි හින්දු දෙවියන්ට සහ බුදුන්ට ගැති බවක් පෙන්වනවා. ජෙරම් ජේසුට දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව දෙව් සමිඳාණන් වහන්සේට ගැති බවක් පෙන්වනවා.

    මේ ජාතියෙ එක එක කට්ටිය සාමාන්‍යයෙ ජනතාවට එලොව පොල් පෙන්න පෙන්න තමන්ගෙ මඩිය තරකරගන්නවා. ජහමනයා මේ පිසෝත්තල විස්වාසකර කර තමන්ගෙ සාක්කුව හින්දගන්නව විතරක් නං කමන්නෑ. ඒකෙන් වෙන සමාජ හානිය නිසා රට මේ කපේට ගොඩ ගන්නත් බැරි වෙනවා.🙂

    ඒත් හැබැයි කට්ටියක් ඉන්නවා එයාල ඉන්නකල් දෙන්නම විතරක් නෙවෙයි මේ ජාතියේ ඔක්කොම ගොඩ.

    ReplyDelete
  2. මාතලන්

    ඔය වගේම තවත් වැදගත් කරුණක් තියෙනවා උඹට මිස් වෙච්ච එංගලන්තයේ රාජකීය පවුල පිළිබඳව උදාහරණයක් විදියට කුමරිය සහ රැජිණ දෙදෙනා ගැන විතරක් මෙතනදි කතා කරමුකෝ

    ඔතනදි ඇත්තටම ලංකාවේ තරුණියන්ගෙන් ඩයනා කුමාරි වෙන්නද එලිසබෙත් රැජිණ වෙන්නද කැමති කියලා ඇහුවොත් උඩින් පැනලා කියන්නෙ ඩයනා වෙන්න කැමතියි කියලා. ඩයනා මුලු ලෝකෙම ආදරය දිනාගත්ත එක්කෙනා. අපි කියමු "කුමරිය" කියලා.

    හැබැයි අපි එලිසබෙත් ගැන තරුණ තරුණියන් ගෙන් ඇහුවාම නපුරු ආච්චි කියලා අපි නිතර හදුන්වන කෙනා කියලා කියයි අපි කියමු "රැජිණ" කියලා.

    ඇත්ත තමයි ඩයනා කුමාරිට හැමෝම හරිම කැමතියි. කට්ටිය කියනවා එයා ලස්සනයි. නිහතමානියි. අහිංසකයි. මුලු ලෝකෙම කැමති එයාට.තාමත් එයාගෙ ලස්සන ෆොටෝ එකක් දැකපු ගමන් සේව් කරගන්න තරම් එයාට අපි ආසයි. එතකොට එලිසබෙත් දැක්කම? ඒක පස්සෙ කියමුකො.

    කට්ටිය මතක ඇති ඩයනා මියයනකොට මට අවුරුදු 7යි.ඒ කාලෙත් පුංචි මට හරි දුකයි.ඒත් ඉතින් වයස ගිහින් ටිකක් පරිණත වුණාම 2008 - 2010 විතර වෙද්දි තේරුම් ගත්තේ, ඩයනාට අපි හැමෝම කැමති එයා අපි වගේ නිසා. තරුණ සැහැල්ලු නිහතමානී මානව හිතවාදී නිසා ඒත් ඒ වුණාට එලිසබෙත් කියන්නෙ වෙනමම ලෙවල් එකක් කියන එක මට තේරුණේ අවුරුදු විස්සක් විතර වෙද්දී

    ඔතනදී ඩයනා දැන දැනම කිසිම පුහුණුවක් දරාගැනීමේ සූදානමක් නැතිව රටේ ඔටුන්න හිමි කුමාරයා එක්ක විවාහ වෙනවා.ඊටපස්සෙ එතන තියෙන නීතිරීති,සම්ප්‍රදායන් දරාගන්න එයාට බැරිවෙනවා.රටේ වැඩිම අවධානයට ලක්වෙන පිරිමියා එක්ක විවාහවෙලා වෙනත් කාන්තාවන්ගෙන් එන අභියෝග වලට මුහුණදෙන්න ඈට බැරිවෙනවා. ඇය ප්‍රේමණීයයි.අහිංසකයි.ආදරය හොයනවා.ඇය අඩනවා.රජගෙදර සම්ප්‍රදායට එරෙහිව සටන් කරනවා.විවිධ පුද්ගලයන් ගණනාවක් සමග සබදතා වල පැටලෙනවා.මාධ්‍ය ඉදිරියේ රජගෙදර පලු අරිනවා.අන්තිමේ දික්කසාදයට පවා පියවර ගන්නවා.ඒ අතරෙ අසරණ අයට උදව් කරන වැඩසටහන් වලට සහභාගී වෙනවා.ඉතින් ඇය ජනතාවගේ හදවතේ කුමරිය.අපි වගේමයි.ලොකු දේවල් කරන්න නැහැ. කුමරියක් වෙන්න එච්චර අමාරු නෑ මං හිතන්නෙ.

    ඒත් එතකොට එලිසබෙත්? එයා ඩයනා වගේ කැමැත්තෙන් රජගෙදරට ආපු කෙනෙක් නෙවෙයි.ඒක එයාගෙ උරුමය(හෝ කරුමය). පොඩිකාලෙ ඉදන්ම නීතිරීතිවලින් හිර කරලා කිරුළ වෙනුවෙන් පුහුණු කරවපු ඇය.කිරුළක වගකීම හොදින් දැනසිටි ඇය.නිසි කෙනෙක් සමග විවාහවුණත් ඔහු සල්ලාලයෙක්. චාල්ස්ගෙම තාත්තානෙ.ඇය ඉවසුවා.රැජිණක් වගේ.ඇයත් අනිත් ගැහැණුන් වගේ අඩන්න ඇති.සමහරවිට නැතුව ඇති.

    එලිසබෙත් මහ රැජිණගෙ කදුලු..

    කියද්දිත් නුහුරුයි නේද. කුමරියකගෙ කදුලු වගෙ කවදාවත් මාකට් කලේ නැති රැජිණකගෙ සැඟවුන සැබෑ කදුලු.ඇය හැදුවා ළමයි 4ක්. ඒ හිතුවක්කාර දරුවෝ හැමෝම ඇයගෙ හිත රිදෙව්වා.රාජකීය පවුල් වල ඉපදුණත් ඒ සම්ප්‍රදාය ඔවුන්ටත් දරාගන්න බැරිවුණා.සල්ලාල සැමියා සහ පුතා, පුතාගේ පරිණත නොවූ භාර්‍යාව, පස්සේ අනියම් බිරිය..ආදී මේ සියලු ගැටලු සමග කිරුළේ රාජකාරි කටයුතු.එතකොට ඩයනාගෙ මරණය? ඇය කරවන්නත් ඇති.නැතුවත් ඇති.ඩයනා, මේගන් මාධ්‍ය ඉදිරියට ගියා.චෝදනා කලා.
    ලංකාවේ නන්දසේන වගේම
    ඇය චෝදනා කලෙත් නැහැ.පිළිතුරු දුන්නෙත් නැහැ.

    සාමාන්‍යයෙන් අපි දන්න තරමින් අපේ වයිෆ්ලාට අම්මලාට වගේම තමයි ගැහැණුන්ට කියවන්නෙ නැතුව ඉන්න අමාරුයිනෙ.

    කුමරියන් කොතරම් චෝදනා කලත් ඇය රැජිණක් වගේම නිහඬව සිටියා.
    ඇගේ මුලු ජීවිතයම රාජකීය නීතිරීති වලට යටත්ව ගෙවුණා.අවුරුදුම 96ක්. එච්චරම ඉවසීමකින් දරාගන්න සාමාන්‍ය ගැහැණියකට බැහැ.ඇය කවදාවත් පෞද්ගලික ජීවිතය මාධ්‍ය ඉදිරියට ගෙනාවේ නැහැ.අඩුතරමේ ඇය සිටියේ සතුටින්ද දුකින්ද කියාවත් අපි දන්නෙ නැහැ.අපි දුටුවේ ඇය සියල්ල දරාගෙන හිස කෙලින් තබාගෙන සිටි ආකාරය පමණයි.එය තමයි රැජිණක් සහ කුමරියක් වෙන්කර දක්වන සීමාව.
    (පටලගන්න එපා,මේ අපිව කොල්ලකාපු වික්ටෝරියා මහ රැජිණ නෙවෙයි.එලිසබෙත් රැජිණ රජවෙන්නෙ 1952)

    ඔන්න ඔය වගේ දේවල් නිසා ආයෙමත් ඇහුවොත් දෙන්නගෙන් කාටද කැමති කියලා, ඒත් අපි තෝරගන්නෙ කුමරිය. හොදම කොල්ලා කියලා හිතෙන කෙනා විවාහ කරගෙන,ප්‍රශ්න වලදි අඩලා,ඕනි නම් අයථා සබදතා දෙක තුනකුත් කරලා,ලස්සනට ඇදලා, හැමදේම අතට පයට ලැබෙද්දි සිනාමුසුව නිහතමානීව කාරුණිකව ඉන්න නම් බැරිවෙන එකක් නැහැ කියලා හිතෙන නිසයි ඒ තේරීම කලේ.වයස 37දී මැරෙන එක වුණත් අවුරුදු 96ක් විනයානුකූලව වගකීම් සහිතව ජීවත්වෙන එක තරම් අමාරු නැතුව ඇති.

    ඒත් රැජිණ වෙන්න කිව්වොත් ඒ අභියෝගය නම් භාරගන්න හැකියාව මම හිතන්නේ කාටවත්ම නෑ.. කුමාරියො නම් අදටත් තවත් ඕනතරම් ඉන්නවා. ඒත් අපි පිළිගන්න අකැමැති වුණත් සමහරවිට රැජිණ වෙන්න එළිසබෙත්ම හැර වෙන කාටවත් ගැහැණියකට හැකියාවක් නැතිව ඇති. ඉතින් අපි කොච්චර නෑ කිව්වත් උපතින් වගේම ක්‍රියාවෙනුත් ඇය තමයි ඇත්තටම මහ රැජිණ.. ඇයට සුබ ගමන්....

    ReplyDelete
  3. අයියෝ සල්ලි 😬😁😁😁

    බුක් ෆෙයා එකත් ජෝක් එකක් වෙලා තියෙන්නේ නේද බන් මාතේ මේක මගේ ෆෝන් එකට ආපු වට්ස් ඇප් එකක් මේක දැක්ක ද මචන්?



    Forwarded;


    පහුගිය අවුරුදුවල වගෙම මේ පාරත්,
    බුක්ෆෙයා යන්න වෙන්නෙ නෑ..

    ඉතිං කවුරුහරි යන කෙනෙක්ට පුළුවන්නම් මේ පහල තියෙන පොත් ලිස්ට් එකේ තියෙන එකක් දෙකක් හරි ගෙනත් දෙන්න ..
    ලොකු උදව්වක්..🙏🙏


    ඔයාලට හොයාගන්න ලේසිවෙන්න කතෘගෙ නමත් එක්කම දාලා තියෙනවා ..

    තව ඔයාලා දන්න මේ වගේ වටින පොත් එහෙම තියේනම් කමෙන්ට් තීරුවෙ දාන්න 😊
    .............................................................................
    ගම අකුලංඤං - රේඛා කහඳගම

    හත්පණ - මහින්ද කහඳගම

    බේරේ වැවේ සුන්දර මතකයන් - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

    ගෙජ්ජි ගොනා - ජෙහාන් අප්පුහාමි

    කුරුස යුද්ධය සහ තවත් ආතල් - ජෙහාන් පෙරේරා

    හොර උපවාස පිළිබඳ මුලික දැනුම - කළණ ගුණසේකර

    ලෙමන් පෆ් සහ උපවාස පිළිබඳ විශේෂඥ දැනුම - විමල් වීරවංශ

    හිරුට මුවාවෙන් සහ රැල්ලට පොර වීම - සනත් ජයසූරිය

    ට්විටර් වලින් ආතල් දීමේ කලාව - මහේල ජයවර්ධන

    මාණික්කාවත - ඩේසි ආච්චි

    පොකට් සංදේශය - සනත් නිශාන්ත

    සත්තපඩි සටන් කලාව - ෆිල් ටී

    අලව්වේ අන්දරය - කොටුවේ පොඩිහිමි

    නිල් කටරොළු සහ නූතන ආහාර තාක්ෂණය - සමන්තභද්‍ර හිමි

    හෙල ගැඹුරුයි කඹේ කොටයි - රනිල් වික්‍රමසිංහ

    උන් ඔක්කොම යාළුවො (1) - රන්ජන් රාමනායක

    මාත් උන්ගෙ යාළුවෙක් (2) - රන්ජන් රාමනායක

    මීටර් සියය - විජිත හේරත්

    කේරලයෙන් ඇසෙන කතා - සුනිල් හඳුන්නෙත්ති

    වැඩබැරිදාසගෙ කතා - සජිත් ප්‍රේමදාස

    නැව්තොටේ කලුගල් සහ අන්දරේ - අනුර කුමාර දිසානායක

    කුඹුරෙ තියෙන මහ කලුගල ඉවත් කිරීම- ජාතික ජන බලවේගයේ මධ්‍යම කාරක සභාව

    නිදි කුමාරයා - නිමල් සිරිපාල සිල්වා

    යලි නොආ සඳයානය - රෝහිත රාජපක්ෂ

    වසීම් තජුදීන් සහ සැබෑ මිත්‍රත්වය- යෝෂිත රාජපක්ෂ

    ඉංග්‍රීසි විලෝ ලෑලි පන්නරය ලැබූ හැටි - දසුන් ශානක

    නියම හෙළ යකෙක් වෙන හැටි - චාමික කරුණාරත්න

    බුකියේ ලයිව් ලොකේෂන් දෙමින් හැංගිලා හිටපු හැටි - පැතුම් කර්නෙර්

    බෝඩ් අල්ලා නව පරපුරට සොමියක් දීම සහ ඒ හරහා ගාන කපාගැනීම - අනුරුද්ධ බණ්ඩාර

    නොදන්නා අකවුන්ට් වලින් මිලියන පහ බැගින් ලබා ගන්නා ක්‍රම - රතිඳු සේනාරත්න (රැට්ටා)

    කාදීනල් වීමේ කෙටි මග - ගරු සිරිල් ගාමිණී පියනම

    ක්‍රිකට් හදපු හැටි - නාමල් රාජපක්ෂ

    බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායයන්- රනිල් වික්‍රමසිංහ

    ඩොලර් ගේන ව්‍යාපෘති - ධම්මික පෙරේරා

    බින්තැන්නෙ හිඟන දිවියකින් සුවපහසු ගෝල්ෆේස් සැපජීවිත දක්වා- ළහිරු වීරසේකර

    රාජපක්ෂ ඩොලර් ගිලපු හැටි - පාටලී චම්පික රණවක

    අයි එම් එෆ් එකෙන් තව ණය අරන් තියෙන ණය කන්දරාව ගෙවන හැටි සහ ආර්ථික ඔස්තාද් කෙනෙක් ලෙස කටින් බතල හිටවන හැටි - ආචාර්ය හර්ෂ ද සිල්වා

    යටි ගිරියෙන් විලාප නැගීම පිළිබඳ තාක්ෂණික දැනුම- හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

    මට මහලූ වයසේ බැරිය රට පාලනේ පෙර සේ - මහින්ද රාජපක්ෂ

    පොලිටිකල් ස්ටාර් කෙනෙක් විදියට දේශපාලනික සංස්කෘතියක් ගොඩ නගන ආකාරය - මහින්ද රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක

    වසර 2022 දී රුපියල් 12,000 න් පවුලක් මාසයක් ජීවත් වෙන ගමන් සෑහෙන ගණනක් ඉතුරු කරන හැටි - මහාචාර්ය බන්දුල ගුණවර්ධන

    How Kaputas hit the Aeroplanes (Internationally recognized masterpiece of aviation) - Dr Basil Rajapakse

    බෙන්ස් කාර් ලැබෙනතෙක් අරගල කිරීමේ උපදෙස් සහ ජරා ගැහැණු සමග සිරගත වීම- දමිතා අබේරත්න

    ගෘහස්ථ එතනෝල් ව්‍යාපාර - ජොන්ස්ටන් ප්‍රනාන්දු

    කාබනික පොහොර සහ ඕගනික් කෘෂි ව්‍යාපාර - මහින්දානන්ද අලුත්ගමගේ සහ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනීය

    වස චුට්ටක් කන හැටි - ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

    ගෑස් සිලින්ඩර පරිහරණය සහ ආරක්ෂක උපක්‍රම- ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රකාශනයකි

    මැටි වැඩ සහ මිරිස් කුඩු- ප්‍රසන්න රණවීර

    ගෝපයියන් පිළිබඳ විවරණය- ප්‍රසන්න රණතුංග

    කිවු ආර් කෝඩ් සහ මාෆියා දණ ගැස්වීම - කාංචන විජේසේකර

    විහිළු කතා විතරමයි- මෛත්‍රිපාල සිරිසේන


    ..... cont'd...

    ReplyDelete
  4. ලංකාවේ මේ දවස් වල ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් විහාරස්ථාන වලින් පලිගන්න හදනවා වගේ පේනවා නේද?

    ඊයේ ලංකාවේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ලංකාවේ විහාරාධිපති හිමිවරුන් කතෝලික සභාවේ බිෂොප්වරු ඉස්ලාමීය මෞලවීතුමන්ලා ඇතුළු පූජ්‍ය පක්ෂයේ විශාල පිරිසක් මේ දවස් වල ලංකාවේ ඇති අධික විදුලි බිල් ගැන විශාල වශයෙන් පැමිණිළි කර ඇති බවයි. උදාහරණයක් විදියට ලංකාවේ එක විහාරස්ථානයක් මාසයකදී විදුලි ඒකක 8,500 ක් පාවිච්චි කිරීම නිසා රුපියල් ලක්‍ෂ පහමාරක විදුලි බිලක් ලැබී ඇති බවත් මෙවැනි ආකාරයට දැවැන්ත විදුලි බිලක් ගෙවීම සඳහා එබඳු ආගමික ස්ථාන පිළිබඳව රජය මැදිහත්විය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මාධ්‍ය මගින් පැවසීය.

    එම උදාහරණයට ගත්ත විහාරස්ථානයේ පසුගිය මස ඒකක 9000 ක් විතර වුණත් ඒකකයක් රු. නවයක් පමණ සහන මිලට එම විදුලි බිල රුපියල් 80,000 ක් යැයි එම විහාරස්ථානයෙන් පැමිණිල්ලක් යොමුකර ඇති බව කී රත්නායක කොළඹ 7 පිහිටි කාමර 35 කින් යුත් සිය හෝටලයේ මාසික විදුලි පරිභෝජනය පවා ඒකක 7,500 ක් වන බව ද සඳහන් කළේ මෙය සාධාරණීකරණය කරමින්.

    මෙවැනි විශාල පරිභෝජනයක් ඇති ආගමික සිද්ධස්ථාන වලට ලක්‍ෂ 5 කට වඩා වැඩි බිලක් ලැබීම තමාට දී ඇති බලතල ප්‍රකාරව සහ රජයේ තීරණය අනුව වැලැක්විය නොහැකි බව කී රත්නායක ඒ වෙනුවෙන් සඳහන් කළේ පන්සල්වලට සහනාධාර දීම රජයේ කටයුත්තක් බවත් සමස්ත රට තුළ ඇති ආගමික ස්ථාන 48,500 ක පමණ සංඛ්‍යාවෙන් සියයට 75 ක් පමණ ඒකක 300 කට වඩා අඩු විදුලි පරිභෝජනයක් ඇති ඒවා බවත් ඒවයින් 50% ක් විතර ඒකක 180 ටත් අඩු බවත් මෙබඳු සියයට 25 ක් පමණ වන විශාල පරිභෝජනයක් ඇති ස්ථාන වෙනුවෙන් රජය මැදිහත් වී වෙනමම එම බිල් ගෙවාගෙන දැමීමට සූදානම් විය යුතු බවයි මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
  5. අඩෝ ළමාතං

    සනත් නිශාන්ත කියලා කියන්නේ උසස් පෙළ සමත් වී කැම්පස් ගියපු බුකියේ රඟන ජාතියෙ පොතේ උගතෙක් නෙවෙයි මෑන් තනියම මහන්සි වෙලා චාටර් වෙලා ඉස්සෝ කොටු දාල සල්ලි හොයාගෙන දේශපාලනය කරන්න ආපු එකෙක් රනිල් ලා වගේ පිළිගත් සම්ප්‍රදායික මධ්‍යම පන්තික උගතෙකුත් නොවේ ඒ නිසා මෑන් පොත් ප්‍රදර්ශනය නරඹන්න යනවා කියලා කියන්නේ ලංකාවේ බුකියේ තමන් හෙන උගත් බුද්ධිමත් වැදගත් ලොකු පොරවල් කියලා උන්ම හිතාගෙන අපටත් එහෙම පෙන්නන්න ට්‍රයි කරන ළිංමැඩි මීහරක් වහන්සේලාට කොහොමත් ඔය වගේ උන් ඇලජික් ඒ නිසා ලංකාවේ ඕක සාමාන්‍ය දෙයක්

    ඔය වගේ තමයි කට්ටියක් නෙළුම් කුළුණ බලන්න යනවා. තව කට්ටියක් හයිඩ් පාර්ක් රැස්වීම් බලන්න යනවා. තව කට්ටියක් පොත් ප්‍රදර්ශනය බලන්න යනවා. තව කට්ටියක් උන්ට බැන බැන ඉරිසියාවෙන් පුපුර පුපුර ඉන්නවා. ඒ බනින උන්ටත් බනින එක ආතල්, ඒ නිසා ඔය එක එක උන් ආතල් ගන්න විදි එකිනෙකට වෙනස්.

    ReplyDelete
  6. ඕයි ගූතලන් තොපි වගේ ආත්මාර්ථකාමී අමන කාලකන්නි කණ පැලෙන්න කකා අරක්කු සිගරට් බිබී පන්දු කෙළින අමනයන්ගේ විගඩම් බල බලා ඉන්න අතරේ රට වෙනුවෙන් සටන් වදින මුදලිගේ හිරේ ළහිරු පොලිසියේ දමිත රෝහලේ... 😅

    ReplyDelete
  7. සෞම්යාගේ හුත්තට දිව දාලා ජුස් බොන්න තිබ්බා නං

    ReplyDelete
  8. යකෝ මාතලන් පොත් ප්‍රදර්ශන උත්සව අනම් මනං බහුබූත පැත්තකින් තියලා බලපන් මේක සියලුම දෙනාට අභියෝගාත්මක කාලයක්. රට ආර්ථිකමය වශයෙන් දැඩි පසුබෑමකට ලක්වෙලා. ජනතාව ජීවන බරින් හෙම්බත් වෙලා ඉන්න කාලයක්. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. මේ අර්බුදකාරී අවස්ථාවේ අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. මේ වෙලාවෙ ඉවසීමෙන් වැඩ නොකලොත් ප්‍රශ්න තවත් වැඩි වෙනවා.

    අපි සියලුම දෙනාට තියෙන්නේ එකම බලාපොරොත්තුවයි. ඒ එක්ව නැගිටීමයි. අපි සමගියෙන් වැඩ කළොත් මේ අර්බුද ජය ගැනීම එතරම්ම අමාරු නැහැ.

    හැම ආයතනයකම පුංචි පුංචි ප්‍රශ්න තියෙනවා. ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුයි. අපේ ප්‍රශ්න අපි පිටට කියන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ අපිමයි. ඇතුළත ගිණි පිටට නොදී අපිම නිවා ගන්න උත්සහ ගනිමු. වෘත්තීය සමිතිවල ඉල්ලීම් මස් රාත්තලම වෙනුවට මේ වෙලාවේ හැමෝම කල්පනා කරලා මොළේ ඇතුව තීන්දු තීරණ ගැනීම අවශ්‍යයි.

    රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්න මහා භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලන්න බැහැ. රටේ ආදායම අපිම උපද්දවා ගන්න ඕන. ඒ සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට සුවිශේෂී වැඩ කොටසක් කරන්න පුළුවන්. මේ ආයතනය මැදිහත් වෙලා රටට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක්ගේන්න වැඩපිළිවෙළක් සකසන්න පුළුවන්නම් ඒක තමයි අපේ සාර්ථකත්වය.

    ලංකාව ඉදිකිරීම් කේෂ්ත්‍රයෙන් ඉදිරියෙන්ම සිටි රටක්, වරායන් හැදුවා. ගුවන්තොටුපළක් හැදුවා. නමුත් අපිට ඒක මාර්කට් කරන්න බැරිවුණා. අපිට වැරදුණේ එතනයි. දැන් නෙළුම් කුළුණට බනිනවා. අපි හරියට නෙළුම් කුළුණ මාර්කට් කර ගත්තොත් එය ආර්ථිකමය වශයෙන් රටට ගොඩක් වාසි වේවි.

    ඒ නිසා ආයතනයක් සාර්ථකව පවත්වාගෙන යන්නනම් අපි එක පවුලක් වගේ වැඩ කරන්න ඕන. එහෙම නොවුනොත් අපිත් ඉවරයි. ආයතනයත් ඉවරයි. රට ගොඩගත හැක්කේ එක්ව වැඩ කිරීමෙන් පමණයි

    ReplyDelete
  9. පොත් පොත් පොත් - පෙරලන පොත්
    පොත් පොත් පොත් - කියවන පොත්
    තියෙයි ගොඩක් - වටිනා පොත්
    කියවන විට - වෙයි යහපත්!

    ReplyDelete
  10. මාතලන් ජෙලි කප්ස් ගැන දන්නවාද? නැත්නම් ඒ ගැන පෝස්ට් එකක් දාන්න අවශ්‍ය පරිදි විස්තර ලබා දෙන්න පුළුවන්

    අද බොහෝ ආහාර වල කල්තබාගැනීමේ අවශ්‍යතාවයන් උදෙසා භාවිතා වන දෙයක් තමයි ආහාර පරිරක්ෂණ preservative

    ගොඩක් කට්ටිය දන්නවා ආහාර පරිරක්ෂණ ආහාර විද්‍යාව ගැන කතාකරනකොට අපිට බොහොම ප්‍රයෝජනවත් වන බොහොම පරිස්සමින් භාවිතා කරන්න ඕන රසායනික සංයෝග බව, ලංකාවෙ ගත්තොත් 2019 ආහාර පරිරක්ෂණ නියෝග වල මේ ආහාර වලට මොනවාද භාවිතා කරන්න පුළුවන් ආහාර පරිරක්ෂණ සහ ඒවා මොන අනුපාතයෙන්ද ඇතුලත් වෙන්න ඕන කියලා බොහොම පැහැදිලිව සදහන් වෙලා තියෙනවා..

    මෙතනදි මම කියන්නම් මා විසින් සාම්පල් කරපු එක්තරා ප්‍රසිද්ධ සමාගමකට අයත් ජෙලි කප් එකක් සම්බන්ධව ලැබුණු රස පරීක්ෂක වාර්තාවක්.. ඒක බැලුවම පේනවා ඒකේ ආහාර පරිරක්ෂකයක් විදියට බෙන්සොයික් ඇසිඩ් 432 mg/kg අඩංගු වෙලා තියෙනවා.. ආහාර පරිරක්ෂක නියෝග වල පැහැදිලිව සදහන් වෙලා තියෙනවා ජෙලි කප්ස් වල බෙන්සොයික් ඇසිඩ් දශමයක්වත් තියෙන්න බෑ කියලා..

    අපි සාකච්ඡා කරමු බෙන්සොයික් ඇසිඩ් කි⁣යන ආහාර කල් තබාගන්න භාවිතා කරන ආහාර පරිරක්ෂකය ගැන, ඇත්තටම මේක අපේ සෞඛ්‍යට මේක අහිතකර බලපෑම් ඇති කරනවා...

    රසායන විද්‍යාව හදාරපු අය දන්නවා මේ බෙන්සොයික් ඇසිඩ් ආලෝකයට හා උෂ්ණතත්වයට නිරාවරණය උනාම බෙන්සීන් බවට හැරෙනවා කියලා.. බෙන්සීන් කියන්නෙ උග්‍ර පිළිකාකරක සංයෝගයක් බව කවුරුත් දන්නා කරුණක්..
    ඉතිං අපි හැමෝම දන්නවා මේ ජෙලිකප් බොහෝ වෙලාවට කඩේ ඉස්සරහා බෝතලේකට දාලා තියෙද්දි බොහෝ වෙලාවට මේවගේ බෙන්සීන් හැදෙන්න පුළුවන්...

    මේ අවදානමට අමතරව ශරීර අභ්‍යන්තරයේ ප්‍රදාහ තත්ව ඇති කිරීම

    තව අධි ක්‍රියාකාරීත්වයේ ආබාධය (ADHD): බීමවල සෝඩියම් බෙන්සොයිට් වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම සමඟ මේ අධි ක්‍රියාකාරී දරුවන් ඇති වීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා..

    තවත් දෙයක් ආහාර රුචිය පාලනය කරන හෝමෝන වලට බලපෑම් එල්ල කරනවා..

    ඒ වගේම සෝඩියම් බෙන්සොයිට් සාන්ද්‍රණය වැඩි වන තරමට නිදහස් රැඩිකලුන් නිර්මාණය වෙනවා. නිදහස් රැඩිකලුන් ඔබේ සෛල වලට හානි කළ හැකි අතර නිදන්ගත රෝග අවදානම වැඩි කරයි.

    තවත් ප්‍රශ්නයක් අසාත්මිකතා: පුද්ගලයින්ගෙන් සුළු ප්‍රතිශතයකට අසාත්මිකතා ප්‍රතික්‍රියා අත්විඳිය හැකි - කැසීම සහ ඉදිමීම වගේ

    මේ වගේම සෝඩියම් බෙන්සොයිට් සාමාන්‍යයෙන් රූපලාවන්‍ය ද්‍රව්‍යවල සහ හිසකෙස් නිෂ්පාදන, ළදරු පිසදැමීම්, දන්තාලේප සහ මුඛ සේදුම් වැනි පුද්ගලික සත්කාර අයිතමවල කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරනවා

    මීටත් වඩා එය කාර්මික භාවිතයන් ද ඇත. විශේෂයෙන් මෝටර් රථ එන්ජින් සඳහා සිසිලනකාරක coolantවල විඛාදනයට බාධා කිරීම එහි විශාලතම යෙදුම්වලින් එකකි.

    මේ වගේම එපමණක්ද නොව, එය ඡායාරූප සැකසීමේදී ස්ථායීකාරකයක් ලෙස භාවිතා කළ හැකි අතර සමහර ප්ලාස්ටික් වර්ගවල ශක්තිය වැඩි දියුණු කිරීමට භාවිතා කරනවා

    ඉතිං මේවා තමන්ගෙ ලමයට අරන් දෙන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා..

    අපි කොච්චරනම් දවසකට මේ වගේ කෘතිම ආහාර පරිරක්ෂණ ආහාරයට ගන්නනවාද.. මේ ජෙලිකප්ස් කන්නෙ පොඩි ලමයි ඉතිං එයාලය වෙන සෞඛ්‍ය හානිය කොච්චරක්නම් කියලා කියන්න පුළුවන්ද?

    මෙතන කතා කළේ මේවයින් එකක් ගැන විතරයි... ඉතිං තමන්ගෙ ලමයට කෘතිම ආහාර ලබා දෙද්දි දෙපාරක් හිතන්න..

    ආර්.වී.ඒ.සී.රණසිංහ.
    මහජන සෞඛ්‍ය පරීක්ෂක - මොරාවත්ත
    සෞ.වෛ.නි. කාර්යාලය - රුවන්වැල්ල

    ReplyDelete
  11. අයිසේ මාතලන් සනත් නිශාන්ත කියලා කියන්නේ පහුගිය දවස් වල බුකියේ සහ රට පුරා රැල්ලක් විදියට පැතිරිලා ජූලි මාසයේ දී පීක් එකට ඇවිත් මේ දවස්වල බුකියේ තාවකාලික රැල්ලක් විදියට තවමත් තිබෙන නමුත් කෙමෙන් කෙමෙන් අඩුවෙමින් යන රාජපක්ෂ විරෝධය තවත් ඉක්මනට ක්‍රම ක්‍රමයෙන් තුනී කරගන්න රාජපක්ෂ කල්ලියම සැලසුම් සහගතව යොදවා ඇති තවත් එක් පුද්ගලයෙකු පමණයි ඔය බුක් ෆෙයා යන එකත් ප්ලෑන් එකේ කොටසක් බවට හිතන්න පුළුවන්

    හුදකලා සිද්ධි වලට වඩා බිග් පික්චර් එක සහ ලංකාවේ වීර චරිත ගැන දීර්ඝ වශයෙන් වෙනමම කතා කරන්න පුළුවන් නමුත් කෙටියෙන් මෙතන කියන්නම් ඉංග්‍රීසි භාෂාවේ කියමනක් තියෙනවා Never Meet Your Heroes කියලා.

    ඒ කියන්නේ කවදාවත් තමන්ගේ ජීවිතයේ වීරයො මුන ගැහෙන්න එපා. ඒ අය එහෙමම දුරින් හිටපුවාවේ

    අපි අදහන ඒ වීරයො අපේ හිතෙන් පරිපූර්ණයි. ඔවුන් 100%ක් නිවැරදියි. අපේ හිතේ ඔවුන් මාර විදියට පරිපූර්ණ පට්ටම පට්ට සුදු චරිත.

    ලෝකයේම මිනිස්සු කාගේ හරි "ෆෑන්" කෙනෙක් වුනාම තමන්ගේ වීරයා වෙනුවෙන් සෝෂල් මීඩියා වල සටන් කරන්න පවා යන්නේ ඒකයි.

    ඒ අපේ වීරයො ඇත්තටම අපට මුන ගැහුණම ඔවුන් ගැන අපේ හිතේ ඇදිලා තියෙන අර පට්ට පට පට ප්‍රතිරූපය බිඳ වැටෙනවා.

    ඒකට හේතුව ලොව කො හේවත් පරිපූර්ණ මිනිස්සු නෑ. 100%ක් පර්ෆෙක්ට් මිනිස්සු නෑ. වීරයාත් අපි වගේම සාමාන්‍ය පෘතග්ජන මනුෂ්‍යයෙක්. ඔහුගෙත් දුර්වලතා, අඩුපාඩු තියෙනවා.

    ඒ වුනාට අපේ හිත ඒක පිළිගන්නේ නෑ. අපේ වීරයො අපිට පරිපූර්ණයි.

    ඒ නිසා තමයි ඔය උඩ කියපු quote එකේ කවදාවත් ඔබේ වීරයො මුන ගැහෙන්න එපා කියන්නේ.
    ....................................

    ආසියානු කුසලාන ජයග්‍රහණයට පස්සේ භානුක රාජපක්ෂගේ වීඩියො එකක් නිසා ජෙරම් ප්‍රනාන්දු පාදිලිවරයා ගැන කතාබහ කරළියට ආවා.

    එහෙම කෙනෙක් ඉන්නවා කියලා ඒ වීඩියො එකෙන් දැනගත්තු මිනිස්සු පුදුම වුනා.

    බහුතරයක් ටිවී එකෙන් ක්‍රිකට් බලපු, සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවෙම 'ෆෑන්ස්ලා' වෙලා ඉදපු අහිංසක මිනිස්සු මේ වීඩියොවෙන් හෙල්ලුනා..

    ඔවුන්ට මේක අලුත් දෙයක්, පුදුමයක්.

    තමන් ටීවි එකෙන් දැකපු වීරයො කන්ට්‍රෝල් කරන මනුෂ්‍යයෙක් තිරය පසුපස ඉන්නවා කියලා දැනගැනීම ඔවුන්ට වේදනාවක්.

    එය ඔවුන් කිසිලෙසක බලාපොරොත්තු නොවු දෙයක්.

    ...........................

    ජෙරම් ප්‍රනාන්දු කියලා මනුස්සයෙක් ඉන්නවා, ඔහු මෙන්න මෙහෙම දෙයක් කරනවා කියලා මේ රටේ සෝෂල් මීඩියා වලිනුත්, මීඩියා වලිනුත් අපි තමයි මුලින්ම කිව්වේ 2017 අවුරුද්දෙදි.

    ඒ ජෙරම් ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩිව මුල් බැහැගත්තු කාලේ.

    ජෙරම් ක්‍රිකට් ක්‍රීඩාව නටවපු කාලේ.

    එදා අපි ජෙරම් ප්‍රනාන්දු ගැන, ජෙරම් කරන දේවල්, ජෙරම්ගේ ඉතිහාසය හැමදේම හෙළිකළා.

    ජෙරම්ගේ පස්සෙ යන ක්‍රිකට් CEO ලා හිටියා. සිලෙක්ෂන් කමිටි වල චීෆ් සිලෙක්ටර්ස්ලා හිටියා.

    ඔවුන් ලව්වා ජෙරම් තමන්ට ඕනෑ ඕනෑ අයගෙන් කණ්ඩායම පුරවගත්තා.

    අපේ හෙළිදරව් වලින් පස්සේ ඉරිදා පුවත්පත් කිහිපයක් පමණක් ජෙරම් ප්‍රනාන්දු ගැන හෙළි කළා.

    ජනප්‍රිය ධාරාවේ සමහර මාධ්‍යය මේ ගැන කතා කළේ නැහැ.

    අපි වගේ ක්‍රිකට් උණ තිබුණ ඉත්තෑවුන් විශාල පිරිසක් මේකට එරෙහිව සටන් කරලා දිගින් දිගටම කරපු අරගලයකින් පස්සේ ජෙරම් ප්‍රනාන්දුගේ බලපැමෙන් තරමක් දුරට ක්‍රිකට් ක්‍රීඩාව මිදුනා.

    එදා මෙහෙම කෙනෙක් ඉන්නවා, ඔහු මෙහෙම දේවල් කියලා කිව්වම සමහරු අපිට වෛර කරන්න ගත්තා.

    ඒ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ මෙහෙම දෙයක් කියලා හිතේ රූපයක් ඇදගත්තු මිනිස්සු.

    ඔවුන් මේ තිත්ත යථාර්තය පිළිගන්න සුදානම් වුනේ නෑ.

    අද මේ වීඩියෝ සෝෂල් මීඩියා වල පළවෙද්දි පුදුම වෙලා ඉන්නෙත් ඒ අයම තමයි..

    ...................................

    ජෙරම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දෙන්නේ කුමාර් සංගක්කාර.

    සංගක්කාර විශ්වාස කරනවා අසනීප වෙලා ඉදපු තමන්ගේ පුතා සනීප කළේ ජෙරම් කියලා.

    ඒ අන්ධ විශ්වාසය සංගක්කාර ජෙරම් ප්‍රනාන්දුගේ විශාලම බැතිමතා කරනවා.

    ජෙරම් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු ක්‍රීඩා කළේ රාගම ක්ලබ් එකට. ඔහු පාස්ටර් කෙනෙක් වෙන්නේ පස්සෙ.

    (දැන් නම් ඔහු ෆ්‍රොෆට් කෙනෙක්, ෆ්‍රොෆට් කෙනෙක් වුනාට පස්සෙ ෆ්‍රොෆිට් එකත් වැඩියි)

    ජෙරම් ක්‍රිකට් ෆීල්ඩ් එක ආක්‍රමණය කරන්නේ සංගක්කාරගේ උදව් මතින්.

    සංගක්කාර සහ යෙහාලිගෙන් පස්සේ, මහේල, රුවන් කල්පගෙ, චන්දික හතුරුසිංහ ජෙරම්ගේ ආගමට කන්වර්ට් වුනා.

    ඒ තමයි ජෙරම් ප්‍රනාන්දුගේ ක්‍රිකට් ෆීල්ඩ් එකේ මුල්ම අනුගාමිකයො. මේ අය බහුතරය සංගක්කාරගේ පවුලේ සමීප මිත්‍රයො.

    පස්සේ ඉතා සීග්‍රයෙන් ප්ලේයර්ස්ලා, ඔෆීෂියල්ස්ලා ඇතුලු හැමෝම එක්ක ක්‍රිකට් ෆීල්ඩ් එකම "බෝර්න් අගේන්" වුනා.

    භානුක රාජපක්ෂ වුනත් උපතින් බෞද්ධයෙක්. ක්‍රිකට් ෆීල්ඩ් එකට ඇවිත් කන්වර්ට් වෙච්ච කෙනෙක්.

    Cont'd

    ReplyDelete
    Replies

    1. ජෙරම්ව සමාජයට නිරාවරණය කරද්දි කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සාධක එක්ස්පෝස් කිරීම අනිවාර්ය දෙයක් වුනා.

      හැබැයි සංගලා මහේලලා බහුතරයක් ඒ කාලේ සමාජයට වීරයො.

      ඔවුන්ගේ හිත්වල සංගලා, මහේලලා පරිපූර්ණ මිනිස්සු, සුදු චරිත.

      ඉතින් මිනිස්සු තමන්ගේ වීරයො ගැන කියන මේ කතා කිසිසේත්ම පිළිගන්න සුදානම් වුනේ නෑ.

      ඉතින් මේ කතා සමාජයට කියලා සමාජයේ වෛරයට ලක් වෙන්නත් වුනා.

      ජෙරම් ගැන හෙළිකිරීම් එක්ක සාමාන්‍ය සමාජයට ඔවුන්ගේ වීරයො රූපවාහිනියෙන් මෙහා ලෝකයේ මුනගැහුනා.

      ඒ මුනගැහීම දරාගන්න අපේ රටේ බහුතරයක් සුදානම් වෙලා හිටියේ නෑ.

      ඔවුන්ට අවශ්‍ය වුනේ තමන්ගේ හිතේ ඇඳුනු "වීරයා" මේන්ටේන් කරන්න.

      ඒ වෙනුවෙන් වීරයාගේ අඩුපාඩු, වැරදි තනුක කරන්න පවා ඔවුන් සුදානම්.

      වීරයා සාමාන්‍ය සමාජයට ගෙනල්ලා නිරාවරනය කරද්දි අපි වෛරයට පාත්‍ර වුනා..

      ක්‍රිකට් විතරක් නෙවෙයි, දේශපාලනෙත් එහෙමයි.

      මිනිස්සුන්ට මතවාදයක් නෑ, හැමදේම සල්ලි වෙනුවෙන් කරන කොන්ත්‍රාත් කියලා හිතන මිනිස්සු කණ්ඩායමක් හිතෙනවා.

      .........................

      ඇතැමෙකුගේ වෛරය මතින් හරි ජෙරම් ප්‍රනාන්දුලා, චාර්ලි ඔස්ටින්ලා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්නවා කියලා අපිට කියාගන්න පුලුවන් වුනා.

      සමාජයට ඒ නිරාවරනය වීම් ඔවුන්ට දැඩිව බලපෑවා.

      චාර්ලි ඔස්ටින් ශ්‍රී ලංකාව අතහැරලා ගියා.

      ක්‍රිකට් ක්‍රීඩාවේ සමහර තීරණාත්මක චරිත ජෙරම් ප්‍රනාන්දුට නැටවෙන්න බය වුනා. ඒ නිසා ජෙරම්ගේ බලය තරමක් අඩු වුනා.

      ඒ දේවල් ගැන දැන් තියෙන්නේ නිහතමානී සතුටක්. බලමු ඉතින් ඉස්සරහට අපි තාමත් අවදියෙන්...

      Delete
  12. Saumya diwa danna denna manika. oyage pussy juice bona eka mage ekama aramuna.

    ReplyDelete
  13. රෂිනි සූරියආරච්චිට කාර්ගිල්ස් එකේ මැනේජර් කෙනෙක් පුකේ ඇරලා කටේ බඩු යැව්වා කියන්නේ ඇත්තද රසික මල්ලි?

    ReplyDelete
    Replies
    1. අමන මිනිස,

      මා ද්විත්ව් පුරවැසියෙකු වුවද එය ද ලංකාවේ රුපියල බාල්දු වන කාලවලදී ඉතාමත් අඩුමිලට ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ යම් යම් ඉඩම් මිලදීගෙන නැවත වතාවක් රුපියල ශක්තිමත් වෙද්දී සහ ඉඩම් මිල ඉහළ යද්දී ඒවා විකුණලා විශාල ලාභ සහිතව එය ඔස්ට්‍රේලියානු ඩොලර් බවට හරවා ගැනීම, ලංකාවට නිවාඩු එන කාලවලදී දේශීය පුරවැසියෙක් ලෙස ඉතා අඩු මුදලකට ලංකාවේ සේවාවන් ලබා ගැනීමට ආදී මගේ පෞද්ගලික වාසි ගණනාවක් තකා ශ්‍රීලංකා රජයට මුදල් ගෙවා ලබාගත්තෙකි. එවකට පැවති ලිහිල් සංක්‍රමණ නීති වලට පින්සිදු වන්නට 1998 ජනවාරියේ සිට ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් ද වෙමි. කෙසේ නමුත් එම ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය මට ලබා දෙන විට මගේ ලංකාවේ පුරවැසි භාවය අහිමි වී ගියා. නමුත් මා ඒ ගැන නැවත නැවතත් කල්පනා කර වාසි ගැන සොයා බලා අවශ්‍ය පරිදි ගණනය කිරීම් කර ලංකාවේ පුරවැසි භාවය ඉතා සුළු මුදලක් ලංකාවේ රජයට ගෙවා මිලදී ගැනීම මගින් විශාල වශයෙන් මූල්‍ය සහ වෙනත් වාසි ඇති බව හොයා ගත්තා, ඒ අනුවයි මා සුළු මුදලක් වැය කර ගත හැකිවූ එම ලංකාවේ අහිමි වී තිබුණ පුරවැසි භාවය නැවතත් ලබා ගත්තේ. දැන් ඒක තේරුණාද? ඒ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි මේ දැන් සිට ඔබගේ අපහාස කිරීම් නවතා දැමීමට කටයුතු කරනු නැතහොත් හොඳ පාඩමක් ඉගෙන ගන්න ලැබෙයි මේ තොට කියන අන්තිම පාර දැනගනින් පර බල්ලෝ හරිද?

      ඔබට ඉක්මන් සුවය පතමි.

      Delete
  14. ලංකාවේ නායකයො ඉන්නවා, උප්පත්තියෙන්ම එහෙම වෙන

    මාත් එහෙම එකෙකිය කියලා දැන් කියන්න වෙනවා පෙරට පැන

    ඒත් අනේ රටකට වින කටිනා නායකයන් ගැන බලනු මැන

    උන් වැඩි හරියක් ඒකනායකල - පිළිල වගේමයි කරන වින

    ReplyDelete
  15. පෝස්ට් එක බලන කොට මට ලංකාවේ හිටපු කාලේ බුක් ෆෙයාර් ගියපු හැටි සිහිවී දෙනෙත් සීතල වෙලා ගියා ඒත් ඉතින් ලංකාවේ බහුතරයක් මිනිස්සු තමන්ගැන විතරයි හිතන්නේ. බල්ලෝ මරලා හරි සල්ලි ලැබෙනවා නම් එච්චරයි. තමන්ගේ වර්ගයාට වසවිස විකුණලා, අමාරුවේ දාලා තමන්ට ලැබෙන දෙයින් සතුටුවෙන එකම සත්වයා මනුස්සයා නේ. තව මොන කතාද බන් මාතේ?

    හැබැයි මාතේ බොලා හැබැයි වස විස කන එක ටිකක් හරි නවත්තපු එකාව එලවගත්තා නේ...😂

    ලංකාවේ ඔය තිබ්බ සිස්ටම් එක චේන්ජ් කරන්න ට්‍රයිකරපු නිසා තමයි පොරට යන්න වුනේ....😂 රසායනික පොහොර නවතතන්න කලින් කාබනිකවලට හුරුවිය යුතුයි කියලා අව්රුදුගානක් කිව්වා....😂🙏 තව ඉස්සරහට කෝමත් රසායනික පොහොර ගනන් වැඩිවෙනවා....

    ලංකාවේ බහුතරයක් දෙනා නිකන් දෙන , ණයට දෙන එ්වා ගන්න කොහොමත් එකෙන්ම ඉන්නවනේ....වස උනත්..😂 වස කනවද කියලා තීරණය කරන්න ඔනෑ මිනිස්සු.... එහෙම නැතිව සක්‍රයා අාවත් මේක හදන්න බෑ...අනික උඹලා අරගල කරල ගෙනාව එකා දැන් අඩුවට තිබ්බ බදුත් වැඩිකරලා ලංකාවේ ජනතාවට සහනත් දෙනවනේ දැන් 😂

    ReplyDelete
  16. මාතලන් සහ මේකේ පාඨකයන් හැමෝම කරන්ට් බිල ගැන සැලකිලිමත් වන්න, මෙතනදි නව ගණනය කිරීම් වලට අනුව නිවසක පලමු පොයින්ට් 30ට රු 8.00 බැගින් මුලික ගාස්තුව රු 120 ඒකට එකතුවෙනවා. ඒ කීවෙ පොයින්ට් එකයි නම් පවිච්චි කල ගාන 120+8=128යි. පොයින්ට් 20ක් ගියානම් 120+(20×8)=රු 280 යි. පොයින්ට් 30 පැන්නම පොයින්ට් එකක් 10 ගානෙ හැදෙන අතර මූලික ගාස්තුව 240ක් වෙයි, පොයින්ට් 31ක් ගියාම ගාන හදන්නෙ 240+(8×30)+10=490යි නමුත් 60 පැන්නොත් ගාන සැරයි, පොයින්ට් එකක් 16යි මූලික ගාන 360යි එනිසා අපි බලමු පොයින්ට් 60කට ගාන 240+(8×30)+(10×30)= රු 780 යි.

    ඒකක 60ට පැනලා එකක් වැඩිවුනාම වෙනස බලන්න, එක පොයින්ට් එකක් වැඩි කරලා 61 කට හදමු, 360+(61×16)=360+976=රු1336 යි දැක්කනෙ 60 සිට 61 වනවිට වෙනස 780 සිට් 1336 යන හැටි පලමු 30ට 8ගානෙ දෙවනි 30ට 10 ගානෙ හැදෙන්නෙ 60ට කලින් එතනින් එහාට ගියාම පලමු පොයින්ට් එකේ සිටම රු 16යි. එනිසා 60න් පාත බිල තියාගන්න උත්සහ කරන්න 90 දක්වා මේ රටාවට බිල සැකසෙන්නෙ. 91සිට 180 දක්වා එක පොයින්ට් එකකට 50 අයකෙරේ ස්ථාවර ගාස්තුව රු 960 ක්

    දැන් අපි පොයින්ට් 150 කදි බිල බලමු එවිට 90 දක්වා පොයින්ට් එකකට් 16 ගානෙ අයකෙරේ 61 සිට 90 දක්වා තිබු ස්තාවර ගාස්තුව 360 වෙනුවට 90 න් පසු 180 දක්වා සතාවර ගාස්තුව වන 960 එකතුවේ පලමු පොයින්ට් 90ට පසු ඉතුරු පොයින්ට් 60ට 50 බැගිනි point150=(90×16)+(60×50)+960 ලෙස වේ. 90 පැන්නම 91 සිට ස්තාවර ගාස්තුව රු 960යි පොයින්ට් 180 සිට ඉදිරියට ස්තාවර ගාස්තුව රු 1,500යි එක පොයින්ට් එකකට 75යි උදාහරනයක් විදියට පොයින්ට් 200 ක් ගතහොත් 90 දක්වා රු 16 ගානෙ 180 දක්වා රු 50 ගානෙ 180න් පසු ඉතිරි 20ට 75 ගනනෙ අයකරනවා බාවිතා කර ඇති පොයින්ට් ගානනට අදාල ස්තාවර ගාස්තුව එකතු වෙනවා
    1500+(90x16)+(90x50)+(20x75) =8940

    මේ අධික ගාස්තු දරාගන්න අමාරු වැඩක් කියලා හිතෙනවා නම් එම නිසා වොට් ගාන වැඩි උපකරන බාවිතය අඩු කරන්න

    මේ කමෙන්ට් එකට තව එකක් ඇතුලත් කරන්න හිතුනා පොයින්ට් කියන්නෙ මොකද්ද කියලා විදුලිය මනින්නෙ volt, Amp,wots කියනඒවගෙන් වෝල්ට්×ඇම්පියර් =වොට්ස් වෙනවා එවිට අපි බාවිත කරන උපකරනවල wots ගාන සදහන් කරලා තියෙනවා උදාහරනයකට 100w බල්බ් එකක් ගමු මෙය පැයක් දැල්වුවහොත් 100w පැය එකෙන් වැඩිකරාම 100wh (වොට්ස් පැය )කියනවා මේ බල්බය පැය 10ක් දැල්වුවහොත් 100w×10h වෙනවා එවිට 1000wh වෙනවා ඒ කියන්නෙ 1kWh (1කිලෝවොට් පැය) ඒකට තමයි පොයින්ට් එකක් කියන්නෙ එවිට ඔබට තේ රෙනවා 1000w හීටර්,අයන් වගේ ඒවා පැයක් බාවිත කලාම පොයින්ට් එකක් යනවා 10w LED බල්බ් එකක් පාවිච්චි කලොත් කිලෝ වොට් පැය එකක් වෙන්න පැය 100 ක් යන්න ඕනෙ එනිසා වොට් අගය වැඩි උපකරන බාවිත කරනවිට ටිකක් කල්පනාවෙන් බාවිතා කරන්න සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ 3W 4W LED බල්බ් තියෙනවා Lumen 300 - 400 ට වැඩි එළියක් දෙන කාමර වලට සහ එළියට වුණත් ඒවා ඇති කාලයටත් සාමාන්‍යයෙන් ඒක ඇති අමතර විශේෂ අවස්ථා වලදී දැල්වීමට වොට් 10 විතර එල් ඊඩී බල්බ් එලියට සහ සාලයේ වෙනම දාගෙන තියාගන්න ඒත් හැමදාම දාන්න එපා

    මම ශ්‍රී ලංකා ගුවන්හමුදාවේ ගුවන්යානාවල විදුලි හා මෙවලම් තාක්ෂණ ශිල්පියෙක් හැටියට සේවය කර වසර 22 සම්පූර්න කර විශ්‍රාම ලබා දැනට ගෘහස්ථ විදුලි පරිපථ ශිල්පියෙක් (house wiring technician) වසයෙන් වැඩකරමින් සිටිමි. මගෙ දැනුමෙන් නොදන්නා කෙනෙකුට වැදගත් දෙයක් දැනුමක් ලබාදීම සඳහා මෙය සටහන් කලෙමි. සංවාදයට විවෘතයි

    ReplyDelete
  17. ලබු තේර ශිවා - ලබු තේර ශිවා ජෝන මරා කිරිශ්ණ බෙනෙයියා
    ගහපාන් මචං ඕක හොරා ජාඩි සිමයියා!

    ReplyDelete

  18. ඔය මාතලන් කතා කරන සූරියවැව මන්දපෝෂණ සිද්ධිය ජී. ජී. චමල් සංජීව නමැති වෛද්‍යවරයකුගේ ප්‍රකාශයකි. වෛද්‍ය චමල් සංජීව මේ වන විට සමගි ජන බලවේග හිතවාදී GMOA එකේ පාදෙනියලාට විරුද්ධව ඡන්දය ඉල්ලා පැරදී සිටින සුළුතර වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක ප්‍රධානියා ලෙස කටයුතු කරයි. එවැනි පාර්ශ්වික පක්ෂග්‍රාහීව මෙහෙයවන වෘත්තීය සමිති ප්‍රධානීන් නිරන්තරයෙන් බහුජනතාවට බලපාන්නේ යැයි සිතන ප්‍රශ්න ගැන කතා කරන එක ගැන වෙනමම කතා කරමු.

    සූරියවැව දරුවන්ගේ මන්දපෝෂණ පුවත සමගි ජනබලවේගයේ මන්ත්‍රී රෝහිනී කවිරත්න විසින් පාර්ලිමේන්තුවේදී ද ප්‍රශ්න කරන ලදී. සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රශ්නයට යම් ප්‍රමාණයකට පිළිතුරු දී ඇති අතර සම්පූර්ණ පිළිතුරක් දීමේ අපේක්ෂාවෙන් පසුවෙතැයි දැන ගැනීමට තිබේ. පාසලේදී ගනු ලබන දිවා ආහාරය වශයෙන් පොල් කැබලි උලුප්පා Lunch box එකක දමාගෙන එන දැරියක්, නිරාහාරව පාසල් පැමිණීම නිසා ක්ලාන්ත වන දරුවෙක්, කුසගිනි නිවාගැනීම සඳහා වැව්වලට බැස නෙලුම් අල සොයන දරුවන් ගැන විවිධ ප්‍රවෘත්ති මේ දිනවල අපට අසන්නට ලැබේ.

    දැනට ලංකාව මේ මොහොතේදී ඉහළ උද්ධමන අවස්ථාවක පවතී. එහි ප්‍රමාණය 70% ක් බව කියනු ලැබේ. රටක මෙවැනි උද්ධමන තලයක් තිබෙන විට ඉහත සඳහන් ආකාරයේ භාවාතිෂය සිද්ධි ප්‍රචාරයට පත්වීම ඉතා ස්වභාවිකය.

    උදාහරණයක් ලෙස හයිටි රාජ්‍යයේ කුඩා දරුවෝ නැති බැරි කාලයට මැටිවලින් සෑදූ බිස්කට් වර්ගයක් කති. මෙය සමාන වන්නේ බඩගිනිකාර කිඹුලා කිරි මැටි කෑමටය. කිරි මැටි කෑ කිඹුලා එයින් මැරෙන්නේ නැත. එහෙත් ඌට අවශ්‍ය පෝෂණය කිරි මැටි වලින් නොලැබේ. කිරි මැටිවල ඇති ඛනිජ වලින් ඉතා ස්වල්පයක් කිඹුලාගේ සිරුර විසින් අවශෝෂණය කරගනු ලැබේ. හයිටියේ මැටි බිස්කට් කතාවේ ප්‍රතිඵලයද මෙයට සමානය. කිසියම් රටක දරුවකුට තිරිඟු පිටි වලින් සෑදූ බිස්කට් නොව මැටි වලින් සෑදූ බිස්කට් අනුභව කිරීමට ලැබීම අවාසනාවකි.

    සූරියවැව දරුවන්ගෙන් 80% ට මන්දපෝෂණය තිබෙන බව වෛද්‍ය චමල් සංජීව කියන්නට ඇත්තේ කිසියම් සමීක්ෂණ වාර්තාවක් පදනම් කරගෙන විය යුතුය. එවැනි සමීක්ෂණ වාර්තාවකට පිළිගැනීමක් ලැබෙන්නේ එය අන්තර්ජාතිකව පිළිගත් විගණනයන් ඔස්සේ කෙරුණු පර්යේෂණයක් නම් පමණි. මේ ගැන වැඩිදුර කතා කිරීමට අපි අපේක්ෂා නොකරමු.

    ReplyDelete
  19. ලංකාව තුළ මේ වෙනකොට අරාජිකවාදී ධාරාවේ ප්‍රධාන මාධ්‍යය වන සිරස බත් මුට්ටි වීඩියෝ කරමින් ජනතාව නැවතත් හැඟීම් අවුස්සමින් වීව්ස් හිඟාකන ජඩ මාධ්‍ය වාර්තා විකාශය කරන්නට පටන් අරන්.

    කාලා ඉවර වෙලා හෝදන්න වතුර දාලා තියෙන බත් මුට්ටියකුත් ඊයෙ නිවුස් වලට පෙන්නුවා, බලන්න මේ බත්මුට්ටිවලට වෙලා තියෙන දේ කියලා.

    ඒ අස්සෙ කිසි මන්දපෝෂණ පෙනුමක් නැති ඉතාමත් පෘෂ්ඨිමත් ළමයි වරකා කනවා, ජෑම් ගෙඩි කනවා එහෙමත් පෙන්නනවා.

    වරකා, ජෑම් ගෙඩි, පොල්, පොල්මද වගේ සිරසෙන් හා අරගලෙන් කිච කර දමන කෑම ඉතා පෝෂ්‍යදායී ආහාර. ලංකාවේ එවැනි ආහාර ඉතා සුලබයි. ගම්වල නම් පොඩ්ඩක් මහන්සි වෙනවා නම් මෙවැනි ආහාර ඕනෑ තරම් සොයාගත හැකියි. කොස්ඇට, සිය ගණනක් පළා වර්ග, වෙල් මාළු, වැව් මාළු, ගඩාගෙඩි වගේම මාතලීගෙ වාහනේ, දුවන පුහුල්, ගස් ගෝන්නු වගේ ජාති ගම්වල තවමත් අපතේ යනවා. ටිකක් මහන්සි වෙන්නයි ඕනැ. නිකම්ම පිඟානට වැටෙන්නෙ නැහැ. ටිකක් මහන්සි වුණොත්, අඩු වියදමකින් කොළ කැඳ වගේ පෝෂ්‍යදායී ආහාර හදාගන්න පුළුවන්.

    ඉස්සර ලංකාවේ ගම්වල මිනිසුන් ආහාරයට ගත්ත, බෙල්ලන්, උරගයන් වගේ ආහාරවලට නැවත හුරුවෙන්නට පුළුවන්. අලුත් ආහාර වුණත් සොයාගන්න පුළුවන්. බඩගින්නෙ මැරෙන්න ඕනැ නැහැ. (දැන් අහන්න එපා නගරවල අය මොනවද කරන්නෙ කියලා. පොළවෙ පස් පෑගෙන්නෙ නැති තරම් අග නාගරික ජීවිත ගතකරන මිනිසුන්ට පොළවෙන් කන්න බැරි බව ඇත්ත. ඒ අය හොයන්නට ඕනැ කෑම හම්බ කරගත හැකි වැඩ හා සාධාරණ වැටුප්.)

    ලංකාවේ නම් බහුතරයක් දෙනාගේ මන්දපෝෂණයට ප්‍රධාන හේතුවක් වෙන්නෙ මිනිසුන්ගෙ නූගත්කම හා නොසැලකිල්ල. ලංකාවෙ පාසල් ළමයින්ට කන්න නැති ප්‍රශ්නයකට වඩා තියෙන්නෙ වැරදි ආහාර පුරුදු. බොහෝ වෙලාවට ළමයින්ගෙ නූගත් මව්පියන් දරුවන්ගෙ පෝෂණය ගැන දන්නෙ නැහැ. උදේට කාලා එන්න වෙලාව නැතිකමත් තියෙනවා. ළමයි ඉස්කෝලෙ ආපු ගමන් කෑම කන්න දෙනවා නම් හරි. ඒ වුණාට ඉන්ටවල් දෙන්නෙ දවල් 11ට විතර.

    ලංකාවේ ගොඩක් පාසල් වල පවතින්
    උදය රැස්වීමේදී ළමයින් කලන්තෙ දාලා වැටෙන්නට හේතු රැසක් තියෙනවා. මූලිකවම උදය රැස්වීම අනවශ්‍ය ලෙස දීර්ඝ වෙලාවක් පවත්වන්නේ නැතුව කෙටියෙන් අවසන් කරන්න පුළුවන්, ළමයින්ට ආදරේ නම්.

    ලංකාවේ ගොඩක් මුදල් තියෙන මිනිසුන් පවා මිල අධික, පෝෂණය අඩු, රසකාරක සහිත, ඇබ්බැහි කරනසුලු පීසා, රෝල්ස්, පැටිස්, කට්ලට්ස්, වඩේ, කොත්තු, ආප්ප, ෆ්‍රයිඩ් රයිස්, ක්ෂනික නූඩ්ල්ස්, කිරිපිටි, අයිස්ක්‍රීම්, චොකලට්, පැණිබීම වැනි ජන්ක් ආහාරවලට ඇබ්බැහි වෙලා. පෝෂණ ගැටලු ඇතිවෙන්නට ඒවා බොහෝ දුරට හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි එමගින් දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි අනවශ්‍ය ලෙස නැති ප්‍රශ්න ඇති වෙන බෝ නොවන රෝගත් විශාල ප්‍රමාණයක් දිරිගැන්වෙනවා. ඒවා ගැන සාකච්ඡා කිරීම වටිනවා නේද මේ වෙලාවේ ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න