.

.

Dec 17, 2022

දුම්බර තේ පෝච්චිය හා හැඟුම්බර රටේ මිනිස්සූ


 දුම්බර තේ පෝච්චිය හා

හැඟුම්බර  රටේ මිනිස්සූ

➖➖➖➖➖➖➖⭕➖


මෑතක රනිල් වික්‍රමසිංහ උන්නැහේ ඇල්ල ප්‍රදේශයේ කල සංචාරයේදි, ඌවේ නිළධාරියෙක් ඉදිරිපත් කරපු තේ පෝච්චියක් හදන ප්‍රොජෙක්ට් එක රිජෙක්ට් කලා. ඒකට රනිල්ට මල පැන්නා. 


ඒ වගේ දේ මීට පෙර ඔය වගේ මීටින් වල වෙනවා අඩුයි. ඒත් දැන් දේශපාලුවෝ වගේම ජනතාවත් තේරුම් අරගෙන තියෙනවා, මේ රට විනාශ කරන්න දේශපාලුවෝ වගේම නිළධාරීනුත් හරි හරියට වග කියන්න ඕන කියලා.


මේ සිද්ධිය අලලා මගේ හිතවත් විශේෂඥ වෛද්‍ය Lakmal Kulasekara මල්ලි ලියපු පෝස්ට් එක දැක්කම මට තේරුන දේ තමයි, රටේ විනාශයට ජනතාවත් හරි හරියට වග කියන්න ඕන කියන එක. ඒ එතන තියෙන කොමෙන්ට්ස් දැක්කම.


මේ ක්ෂේත්‍රය ලක්මාල් මල්ලිගෙ ක්ෂේත්‍රය නොවන නිසා එයාට මේ ගැන අවබෝධයක් නෑ. එයා ලියන්නේ, එම නිළධාරියා හා ඌවෙදි ඇතිවුන හිතවත්කම් මත. රනිල්ගේ ටෝන් එක අනුව ඒ නිළධාරියගෙ වගේම මිතුරන්ගෙත් හිත රිදෙන්න ඇති. ඒ පැත්තෙන් ඒක සාධාරණයි.


හැබයි අපි බලන්න ඕන ටුවරිසම් ක්ෂේශ්ත්‍රයට අදාලව මේක තේරුමක් ඇති දෙයක්ද කියනෙක. දැනගන්න ලැබුන විදියට අක්කර විස්සක බූමියක තේ පෝච්චියේ හැඩයේ කෞතුකාගාරයක් හදන්නයි යන්නේ. ඒකේ තේ කර්මානතයේ ඉතිහාසය පෙන්නන්නලු යන්නේ.


ඇත්තටම මේවා අර හම්බන්තොට සම්මන්ත්‍රණශාලා, සූරියවැව ක්‍රිකට් ග්‍රවුන්ඩ් හැදුවා වගේම ජාතික අපරාද. ඒවා දේශපාලුවෝ කරපු නිසා උන්ට බැන්නට, නිළධාරි කරන මේ වගේ ජාතික අපරාධ වලට කවදාවත් එයාලට බනින්නේ නෑ. අනික ඕක මේ කාළේ හැදුවොත් වෙන්නෙ, රනිල්ගේ අමන වැඩක් කියලා රනිල්ටම බනියි.


මෙතනදි මට තේරුන දේ තමයි, නිළධාරියට වඩා ටුවරිසම් ගැන අවබෝධයක් රනිල්ට තියෙන බව.


සීගිරියෙ ඉතිහාසය ගැන කරපු සුපිරි කෞතුකාගාරයක් සීගිරියට පිවිසෙන්න පෙර තියෙනවා. ඒ වගේම අනුරාධපුරයේ, පොලොන්නරුවේ අපූරූ කෞතුකාගාර තියෙනවා. ඒත් සුද්දෝ තියා අපේ උන්වත් ඒවා බලන්න යන්නේ නෑ. ඕවා හොඳයි ඒ ගැන අධ්‍යයනයක යෙදෙන අයට.පාසල් දරුවෝ උනත් ඕවට යන්න කැමති නෑ. 


අනික තේ කර්මාන්තයේ ඉතිහාසය, තේ මෙහේට ගෙනාපු ජේම්ස් ටේලර්ගේ ඉඳලා ලූල්කඳුරේ පළමු තේ වත්තේ ඉඳලා දැණුම්වත් කරලා, ප්‍රායෝගිකවම තේ දළු කඩන්නේ කොහොමද, ෆයිනල් ප්‍රඩක්ට් එකක් විදියට හැදෙන්නේ කොහොමද කියලා, ඔය සුද්දෝ ගෙනියන ඕන ටී ෆැක්ටරියකදි කියලා දෙනවා. ඒවා ඇත්තටම තේ කෞතුකාගාර. 


ඉතින් කිසිම සුද්දෙක් ආයේ කෞතුකාගාරයක් අස්සේ රිංගන්නේ නෑ. එහෙම පිස්සුවක්ම තියෙන එකෙක් ආවොත් යන්න Hotel Tea Factory කියලා සුපිරි හෝටලයක් නුවරඑළියේ තියෙනවා. ඒක හදලා තියෙන්නේ සුද්දන්ගේ කාළේ තේ ෆැක්ටේරියක.


අනික දැන් එන සුද්දන්‍ට අවශ්‍ය ඔය විකාර නෙමේ. ඒ ගැන ඉඟියක් ලක්මාල් මල්ලිම ලියලා තිබුනා. එයාගේ "දන්තජ"  ඩෙන්ටල් ක්ලිනික් එකට ආපු ඉතාලි සුද්දෙක් ගැන.


ඇත්තටම කොළඹ තියෙන ඉස්පිරිතාලවල මෙඩිකල් ටුවරිසම් කරා නම්, සිංගප්පූරුවේ වගේම හොඳට හම්බ කරන්න පුලුවන්. මොකෝ දැන් ඩුබායි වල සිංගප්පූරුවේ ඒ සඳහා අයකරන ගනන් සුද්දන්ටත් දරා ගන්න බැරි නිසා, අනිවාර්‍යයෙන් මෙහේ හොඳ මාකට් එකක් හැදෙයි.


නිළධාරි කරන්න ඕන කෞතුකාගාර හදලා රටම ණය කරලා සල්ලි කන එක නෙමෙයි.. කක්කුට්ටෝ විකුණලා හරි, මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ්ස් වගේ සල්ලි හොයන්න පුළුවන්, රැකියා බිහිකරන්න පුලුවන්, යෝජනා.


අපේ රටේ පාලකයෝ නිළධාරි ඉතරක් නෙමේ මේ තේ පෝච්චියක් වෙනුවෙන් අඬන අයත් කිසි දෙයක් ගැන හොයලා බලලා විග්‍රහයක් කරන මිනිස්සු පිරිසක් නෙමේ. හැඟීම් වලට වහල් වෙච්චි, විචාරශීලී  නොවන, පක්ෂග්‍රාහී මිනිස්සු.


මම රනිල් නම්, මාත් ඕක රිජෙක්ට් කරනවා. නමුත් මේ දේවල් කියා දීලා අවබෝධ කරලා දීලා. එහෙම නැතිව මගේ අධිකාරී බලය ඉදිරියට දාලා කරන එක ටිකක් හොඳ මදි. නමුත් එහෙම වෙන්න හේතුවත්, නිළධාරින් මේ රටට කළ මේ වගේම විනාශයන්ම තමයි.


අනික තමා සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙන හැම  නිළධාරියෙක්ටම, ටුවර් ගයිඩ් කෙනෙක් ලෙස ටුවර්ස් 10 ක් වත් දීලා, ඊට පස්සෙයි රැකියාවට ගන්න ඕන. මොකෝ එතකොට උන්ට අවබෝධයක් එනවා සුද්දෝ ඉල්ලන්නේ මොනවද කියනෙක ගැන.


ඒ වගත් මෙසේය...


.


20 comments:

  1. මේ රටේ ඉන්න ලොකුම හොරු ටික තමයි මේ නිලධාරීන් පිරිස. ගෝටාව ඇන්නුවෙත් උන් තමයි.

    ReplyDelete
  2. කොපමණ ගුණ කලත්
    දෙමළුන් නොවෙති යහපත්
    කිරිදියෙන් දෙවියත්
    අඟුරු සුදුවන කලෙක් නම් නැත්
    --ජනශක්ති ලොක්කාගේ පියාගේ අභද්‍ර වචනය ගැන.

    ReplyDelete
  3. කතාව ඇත්ත තමයි ලංකාවේ මෝඩ හැත්ත හොයන්නේ බලන්නේ නැතුව ඔහේ දේශපාලුවන්ටම බනිනවා ඊට වඩා වාත කරපු නිලධාරී හැත්තට කිසිම අවුලක් නැහැ උන් ඡන්දෙන් මොකා පත්වුණත් ඔහේ පිස්සු කියවමින් මහජන මුදල් කාබාසිනියා කරමින් බේරිල ඉන්නවා දේශපාලුවන් නම් එලවන්න පුළුවන් ඒත් අරුන් එහෙමවත් බෑනේ

    ReplyDelete
  4. ඔයගැන අවස්ථාවාදී කපටි කයිවාරුකාර සේපාල් අමරසිංහ යූබට ජෝකර් රනිල්ට බැන බැන බයිලයක් ගහලා තියෙනවා නේද?

    මේ සේපාල් සන්නාසියා මුලින්ම මුස්ලිම් විරෝධය වපුරලා ඇඟට පතට නොදැනී නන්දසේන යෝදයා ප්‍රවර්ධනය කලා.

    ඊලඟට NOTA..මේ එකෙක්ටවත් ඡන්දය දෙන්න එපා කියලා ප්‍රචාරය කලා.

    මේ හිවලා අද කියනව ජවිපෙට ඡන්දය දෙන්නලු. ඒ කාලේ ඔය ගෝතයා විජයගේ මූණට වෙඩි තිබ්බේ ඇයි කියලා වීඩියෝවක් කරලා කලාවට ලැදි ජනතාව අතර ජනප්‍රියත්වයක් දිනාගෙන යූ ටියුබ් එකෙන් වීඩියෝ එක බලපු උන් හරහා ගත්තා. මේ ප්‍රොපර්ගැන්ඩා ගණිකාවට බටහිරන් ඕඩර්ස් ආවට පස්සේ ජවිපෙ ප්‍රවර්ධනය කරන්න කියලා විජයගේ මූනට වෙඩි තිබ්බේ ඇයි වීඩියෝව ඉවත් කරගත්තා ඒක ජවිපෙට අවාසියක් නිසා.

    සේපාලිකා අමරසිංහ ගෝතයා තනිකර විදේශීය න්‍යායපත්‍රයක යෙදවී තිබෙන බළල් අංඩක්. දැනටමත් ලංකාවේ නේටෝ රාජ්‍යවල අවශ්‍යතා ඉටු කර ගැනීමට ඔවුන් විසින් පත්කළ හෙංචයියන් විසින් පවත්වාගෙන යන වත්මන් නව-යටත් විජිත වහල් රාජ්‍යයේ විකෘති ස්වභාවය විසින් බිහිකල අනිටු විපාකයකි නූතන ලංකාවේ “රාජපක්‍ෂ ෆිනෝමිනය” Rajapakse Phenomenon නම් වූ මෙය ඉතා බරපතල තත්වයක්.

    රාජපක්ෂ ෆිනෝමිනය රාජපක්ෂලා නැතිවද පවත්වාගෙන යාහැකි දෙයක් බව අද ඔප්පුව ඇත. මන්ද එය රටේ සියල්ලම හසුරවන පාලනය කරන එංගලන්ත ඇමෙරිකන් මැදිහත් වීම නිසා පැන නගින ප්‍රතිගාමී විනාශකාරී තත්ත්වයකි. රාජපක්ෂ ෆිනෝමිනය ඇතිවීමට සහ පැවතීමට හේතුව ලංකාව එංගලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ G7 ග්‍රහණයේ ඇති නව යටත්විජිතයක් වශයෙන් පැවතීම යන කාරණය එලිදරව් වීම වැලැක්වීමට මොවුන් ලවා දිනපතා මොළ සෝදන වීඩියෝ මුදා හැරේ. එම propaganda වීඩියෝ මේ වන විට බ්‍රේන් වොෂින් මට්ටම ඉක්මවා ගොස් බ්‍රේන් හැකින් සහ බ්‍රේන් ෆකින් අවදියට පත්වෙමින් නියම සතුරා අඳුරා ගැනීමට බැරිවන සේ ලක්‍ෂ ගනනක් ලාංකික ජනතාවගේ මොල අබ්බගාත කරමින් ඇත. මේ සම්බන්ධයෙන් රටට හිතවත් බුද්ධිමත් මිනිසුන් ක්‍රියාත්මක නොවී ඔවුන් රට හැරයන්නේ කොහෙද කොහොමද කියලා හොය හොයා ඉන්න එකෙන් ඉතාමත් බරපතල විදිහට ලංකාලේ අනාගතය අනතුරට පත් වන බව පේනවා, ඒ නිසා මේ ගැන වහාම මැදිහත් විය යුතු යි.

    ReplyDelete
  5. ඔය ටී පොට් සීන් එකේ ව්‍යාපෘති වාර්තාව හොඳට අධ්‍යයනය කරලා බලන්න ඕන නමුත් තව කාරණයක් සිහිපත් කර යුතුයි

    ලංකාවට එන සංචාරකයන් බොහෝ දෙනෙක් ඇල්ලට යන්නේ ඇල්ලේ තියෙන මනස්කාන්ත දර්ශනයක්මවා පෑ සුන්දර ඇල්ලේ සුන්දර පරිසරය නිසාම තමයි ඔය වගේ හතර අතේ බිල්ඩින් ගහලා ගස්කපලා කැත කරාම මෙලෝ රසක් නෑ පලාතම කැතයි

    දැන් බලපන් නුවරඑළිය පැත්තේ ලස්සන කඳු හෙල් අතරේ ගෙවල් දොරවල් හදලා චාටර් කරලා තියෙනවා ඒ වගේ ඇල්ලත් කැතයි

    ඔය සංචාරක කලාප වල ලස්සන පරිසරය ආරක්ෂා කිරීම ඊටත් වඩා අවශ්‍ය කාරණයක්...

    ReplyDelete
  6. මාතලන් සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් යුතුව කරන සේරම දේවල් වලට යෝජනා වලට මමත් එකඟයි මූලිකවම නමුත් ලංකාවේ සංචාරක ව්‍යාපාරය වගේම තව ගොඩක් දේවල් තියෙනවා කල්පනා කරලා කරන්න ඕන

    ලංකාවේ ආණ්ඩු අයි එම් එෆ් එක ඇතුලු විදේශීය රාජ්‍ය වලින් පිනට ඉල්ලා හඬාවැටෙන හිඟන්නන් බවට මේ වනවිට පත් වුවද ලංකාවේ මෑත අතීතයේ නැව් හිමි අභිමානවත් රාජ්‍යයක පුරවැසියන් ව සිටි බවත් අමතක කරන්න එපා.

    ලංකාවේ 1969 සිලෝන් ෂිපින් කෝපරේෂන් ආරම්භ කර තිබෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍ය වරියගේ පාළන සමයේ පී. බී. ජී. කලුගල්ල වෙළද හා නාවික අමාත්‍යවරයා ලෙස නාවික කටයුතු ආරම්භ කර තිබෙනවා. 1970 දී එහි ප්‍රධාන කාර්යාලය කොළඹ 1 බාරොන් ජයතිලක මාවතේ ආරම්භ කිරීමෙන් පසු, 1971 දී ප්‍රථම වරට මිලදී ගන්නා ලද ලංකා රාණි නෞකාව තමයි ශ්‍රී ලංකාවට අයිතිව තිබූ ප්‍රථම නැව.
    එතැන් සිට වරින් වර මිලදී ගත් නෞකා 17ක් අප රට සතුව තිබි ඇත. මේ එම නෞකා ගැන තොරතුරුයි.

    01. ලංකා රාණි

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මුල් නාමය Finnamore Valley නම් විය. මෙම නැව ටොන් 10345ක් බර වන අතර, ටොන් 15472ක උපරිම බරක් ගෙන යා හැක.
    1975 ජනවාරි 15 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 22 සිංගප්පූරුවේදී විකුණා ඇත.

    02. ලංකා සාගරිකා

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 1591ක් බර වන අතර, ටොන් 2604ක උපරිම බරක් ගෙන යා හැක.
    1972 පෙබරවාරි 8 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1983 ජූලි 5 ජපානයේදී විකුණා ඇත.

    03. ලංකා දේවි

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 9869ක් බර වන අතර, ටොන් 14326ක උපරිම බරක් ගෙන යා හැක.
    1972 අප්‍රේල් 11 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1987 පෙබරවාරි 1 නොර්වේදී විකුණා ඇත.

    04. ලංකා කල්‍යාණි

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 5206ක් බර වන අතර, ටොන් 6376 ක උපරිම බරක් ගෙන යා හැක.
    1972 සැප්තැම්බර් 20 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 සැප්තැම්බර් 2 Canton හිදී රාජ්‍යයට විකුණා ඇත.

    05. ලංකා කාන්ති

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 5678ක් බර වන අතර, ටොන් 6790 ක උපරිම බරක් ගෙන යා හැක.
    1972 නොවැම්බර් 28 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 අගෝස්තු 21 කොළඹදී විකුණා ඇත.

    06. ලංකා ශාන්ති

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 9464ක් බර වන අතර, ටොන් 14580ක උපරිම බරක් ගෙන යා හැක.
    1973 මැයි ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 7 Antwerp හිදී විකුණා ඇත.

    07. ලංකා කීර්ති

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 8620ක් බර වන අතර, ටොන් 12,068 ක උපරිම බරක් ගෙන යා හැක.
    1975 පෙබරවාරි ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 මාර්තු 26 සිංගප්පූරුවේදී විකුණා ඇත.

    08. ලංකා රත්න

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 10203ක් බර වන අතර, ටොන් 15305 ක උපරිම බරක් ගෙන යා හැක.
    1975 අගෝස්තු 29 ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 26 ස්පාඤ්ඤයේදි විකුණා ඇත.

    09. තම්මැන්නා

    ලංකාව සතුව තිබූ එකම බොර තෙල් ප්‍රවාහන නෞකාව මෙයයි. මෙම නැව ටොන් 18351ක් බර වන අතර, ටොන් 30278 ක උපරිම බරක් ගෙන යා හැක.
    1975 සැප්තැම්බර් ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව ඉරානය ඉරාකය ආදී රටවල් වලින් ලංකාවේ පිරිපහදු වලට අවශ්‍ය බොරතෙල් ඉතා අඩු වියදමකින් ආනයනය කිරීමට ඉතා මැනවින් යොදා ගත් අතර 1984 අප්‍රේල් 6 කොළඹදී විකුණා ඇත....

    ReplyDelete
  7. මීට අමතරව 1977න් පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ ලලිත් ඇතුලත් මුදලි නාවික හා වෙළද අමාත්‍යවරයා ලෙස ලංකාවට ගෙන්වූ නෞකාවන් මෙසේයි.

    10. ලංකා සිරි

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 4060ක් බර වන අතර, ටොන් 3831 ක උපරිම බරක් ගෙන යා හැක.
    1982 පෙබරවාරි නිශ්පාදනය කල නැවකි.

    11. ලංකා සීදේවි

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 4060ක් බර වන අතර, ටොන් 3831 ක උපරිම බරක් ගෙන යා හැක.
    1982 මාර්තු නිශ්පාදනය කල නැවකි.

    12. ලංකා ශ්‍රීමණී

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 9129ක් බර වන අතර, ටොන් 9609ක උපරිම බරක් ගෙන යා හැක.
    1982 අගොස්තු නිශ්පාදනය කල නැවකි.

    13. ලංකා ශ්‍රීමතී

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 11498ක් බර වන අතර, ටොන් 19447ක උපරිම බරක් ගෙන යා හැක.1982 ඔක්තෝබර් නිශ්පාදනය කල නැවකි.

    14. ලංකා මුදිත

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 2934ක් බර වන අතර, ටොන් 3080ක උපරිම බරක් ගෙන යා හැක.1982 ඔක්තෝබර් නිශ්පාදනය කල නැවකි.
    1982 දෙසැම්බර් නිශ්පාදනය කල නැවකි.

    15. ලංකා මහපොල

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 8082ක් බර වන අතර, ටොන් 11372ක උපරිම බරක් ගෙන යා හැක.1982 ඔක්තෝබර් නිශ්පාදනය කල නැවකි.
    1983 ජූනි 29 නිශ්පාදනය කල නැවකි.

    16. ලංකා අතුල

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 11217ක් බර වන අතර, ටොන් 13880ක උපරිම බරක් ගෙන යා හැක.
    1983 සැප්තැම්බර් 9 නිශ්පාදනය කල නැවකි.

    17. ලංකා අජිත

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 8678ක් බර වන අතර, ටොන් 11450ක උපරිම බරක් ගෙන යා හැක.
    1985 ජනවාරි 10 නිශ්පාදනය කල නැවකි.

    එහෙත් අද වන විට සිලෝන් ෂිපින් කෝපරේෂන් සතුව එක් නෞකාවක්වත් නොමැති අතර, අප රටට නැව් තිබෙන කාලයේ එක් නැවක් වත් නොතිබුණු මාලදිවයින, සිංගප්පූරුව, මැලේෂියාව වැනි රටවල් දැන් විශාල නැව් සමාගම් වල හිමි කරුවන් බවට පත් වී තිබෙනවා. ලෝකයේ නාවික ප්‍රධාන නාවික මාර්ග අසලම පිහිටි අපේ රට ඇත්තෙන්ම මේ වන විට ආසියාවේ විශාලතම නැව් හිමි රටක්ව තිබිය යුතු වුවත්, මුලින් තිබූ නෞකාත් අහිමි කරගනිමින් පරිහානියට පත් වීම වේදනාවට තුඩුදෙන කරුණක් වෙනවා, ලංකාවේ රජය පෞද්ගලික අංශයේ ව්‍යවසායයන්ගේ සහාය සහිතව නැවතත් ලංකාවේ දේශීය පෞද්ගලික (හා රාජ්‍ය ඒකාබද්ධ) නැව් සමාගම් හෝ අවශ්‍යම නම් විදේශ ආයෝජකයන්ගේද සහාය සහිතව නැවතත් ආරම්භ කර රටට ආදායම් වැඩි කර ගැනීම සඳහා අවස්ථාවක් හොයා ගන්න අනිවාර්යයෙන්ම අවශ්‍යයි නේද?

    ReplyDelete
  8. රසික සුරියරච්චිගේ තට්ටේ

    ReplyDelete
  9. පඩංගුවෝ 5ස්දෙනා (රනිල් මහින්ද මෛත්‍රී අනුර සජිත්) වෙන වෙනම එනවා වෙනුවට එකට එකතු වෙලා එකෙක් දැම්මත් මිනිස්සු මේ පාර නම් ඡන්දය කටු ගානවා මුන් ඔක්කොම හැඳිගැවිලා පලයව් කියලා.

    ReplyDelete
  10. අයිසේ මාතලන්,

    ලංකාවේ පවතින ක්‍රමය මුළුමනින්ම වෙනස් කරන්න අවශ්‍යයි නැත්නම් ඔය වගේ පැලැස්තර විසදුම් වලින් ඇති වැඩක් නැහැ මොකද 1978 ව්‍යවස්ථාව ඉතාමත් උපක්‍රමශීලීව ලංකාව නමැති රටේ නියම පාලකයා වන බ්‍රිතාන්‍යය විසින් පිලියෙල කරන ලද්දක්. ජේ ආර් පප්පා කපටි ලෙස බෞද්ධයින් ඇතුළු විශාල පිරිසක් බොරුවට රවටා එය සම්මත කර ගත්තා.

    ශ්‍රී ලංකා මහ බැංකුව මහා භාණ්ඩාගාරය යන ආර්ථිකය හා බැඳුන මර්මස්ථාන දෙකේ ඉහල තනතුරු පත් කිරීම සහ එහී කටයුතු හසුරුවීම ඇත්තේද එංගලන්තය අතේ, උදාහරණයක් විදියට නූතන මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ ගැන හොයලා බලන්න ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගැන හොයල බලන්න, ඒ වගේම මහජන ඡන්දයෙන් පත් වන බව පෙන්වන නමුත් නාමිකව ජනතාව රැවටීමට පත්කරන රාජ්‍ය නායකයාද එංගලන්තය ප්‍රමුඛ බටහිර ෆුට්බෝලයක්.

    ඉහල සියල්ල එසේ පවතිද්දී මූන ඉච්චාවට බොරු ඡන්ද පවත්වා පහල 225 මාරු කරන ව්‍යාජ වෙනස ජනතාව රැවටීමක්. කොටින්ම 2922 ආණ්ඩුව මාරු කරලා දාල රනිල් පත්කිරීමට පවත්වන ලද අරගල කෝලමත් උන්ගේම සැලසුම් වලට අනුව පෙන්වපු නාටකයක්

    ඒ නිසාම තමන් ගොනාට අන්දන ලංකාවේ මැතිවරණ මගඩිය සහ ඊනියා අරගලය ආදී විගඩම් ප්‍රතික්ෂේප කිරීමට ජනතාව සූදානම් විය යුතු අතර ජනතාවාදී නිවහල් බලවේගයක් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ආරම්භ කර පොදුජනයා එකමුතු වී පුළුල් ලෙස කල්පනා කරලා කටයුතු කරන තෙක් මේ සෙල්ලම දිගටම කරගෙන යයි.

    ReplyDelete
  11. ඕයි මාතලං , තේ කෞතුකාගාරය කොහොම වෙතත් හැම කන්දක් මුදුනේ බුදු පිළිමයක් එක්ක කොන්ක්‍රීට් වනාන්තර හදන්න නම් ඕන තරම් සල්ලි දෙන්න ජහමනයා සහ දේසපාලුවන් ඉන්නවා. ඒ වගේ ලස්සන තැන් වල උසම,දිගම, ආසියාවේ ලොකුම කියලා බුදු පිළිමයක් අටවන්න පටන් ගත්තම මම හරක් තමන්ට කන්න දෙයක් වවාගන්න තියන ඉඩං කෑල්ල විකුණල සල්ලි දෙනවා.මී හරක්.

    ReplyDelete
  12. ලංකාවේ මේ දවස් වල තියෙන ආර්ථිකය එක්ක පවතින තත්වය විරහ ගීතයක් ඇසුරින් පැහැදිලි කිරීමට පුළුවන්, උදාහරණයක් විදියට දිලීප අබේසේකර පද රචනා කරන ලද, නාලක අංජන කුමරගේ මියුරු සංගීතයෙන් ඔපවත් වූ ගීතයට කසුන් කල්හාර නැමති අද්විතීය කලා කරුවාගේ මියුරු ගායනයෙන් ජීවයක් එක්ව අනර්ඝ විරහ ගීතයක් නිර්මාණය වී ඇති අතර නිසන්සල රාත්‍රියක ගීතය රස විදින කල අසන්නා අනන්තයට කැදවාගෙන යනු ලබන එම නිර්මාණයේ අර්ථයෙන් මූලික හරය විරහවයි.

    දැන් බලමු අපි.... "ඇරඹුමම කදුලක් වෙලා......."

    ගීතයේ මුල් කොටසින් ම අර්ථ නිරෑපනය වන්නේ ආර්ම්භයම කදුලක් වූ ආකාරයයි.

    මා දකින ආකරයට නම් තරුණ මවකගේ ජීවන ගමන නිමා කිරීමක් අර්ත දැක්විය හැකියි. අප පෙම්වතුන් ලෙස, අඹුසැමියන් ලෙස මේ ජීවන ගමනේ දුරක් ආවා. ඒ ලස්සන ගමනට අපු තවත් අර්තයක් එකතු කරගැනීමට කති කා කරගත්තේ බිලිදකු පවුලට එකතු කර ගැනීමට කතිකාකරගනිමින්. එය අපි අපේ ජීවිතවල නව අර්ම්භයක් ලෙස දකිනවිටම, ඈ නික්ම ගොස් ඇත….

    මෙසේ දුක්බරම කවියක් ලියා......
    ලියූ දුක්බරම කවිය නම් බිලිදකු ඔහු අතට ලබා දී මවකගේ උනුසුම නැති කර, කුඩා බිලිදකු ගේ සියලු වගකීම් පියකු මත රදවා ඈ නික්ම ගොස් අවසන්.

    මවකගේ සෙනෙහස කේසේ නම් දෙන්නද? සියලු වග්කීම් කෙසේ නම් තනිව දරන්නද? නමුදු....ඒ සියලු බාදක බිද යා යුතුව ඇත.

    මෙබඳු ශෝකාන්තය එනතුරා.....
    ගීතය අවසාන කරනු ලබන්නේ ජීවිතය යනු දුකකි, ඈ ඒ දුක නිමා කර නික්ම ගොස් අවසන්ය. ශෝකයේ අන්තයේ ඔහු ඉන්නේ, නමුත් ජිවත් විය යුතුව ඇත. මේ සියල්ල දරා ගත යුතුව ඇත.. ලංකාවේ පොදුජනයාගේ පොදු අත්දැකීම ද මේ හා සමාන නොවේද?

    ReplyDelete
  13. උතුරු - නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කර 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින දෙමළ නායකත්වය සහ එම ස්ථාවරයේම සිටින මුස්ලිම් දේශපාලන නායකත්වය උතුරු - නැඟෙනහිර මුස්ලිම් ජනතාවට බලය බෙදීම කුමක්දැයි පැහැදිලි කළ යුතු බවයි අමාත්‍ය නසීර් අහමඩ් පවසන්නේ.

    ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවල දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වැනි වගන්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීමෙන් අනතුරුව අමාත්‍ය නසීර් අහමඩ් මෙම ප්‍රශ්නය මතු කර තිබෙනවා.

    “ජනවාර්ගික ප්‍රශ්නය විසඳිය යුතුයි. මේ ගැන අපි සැලකිලිමත් වෙනවා. නමුත් මේ විසඳුම් මුස්ලිම් ප්‍රජාවට ප්‍රශ්නයක් විය යුතු නැහැ. උතුරු - නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට අවශ්‍ය දේශපාලන පක්ෂ විසින් ඒකාබද්ධ උතුරු - නැගෙනහිර මුස්ලිම් ජනතාවට ලබා දී ඇති බලය කුමක්ද ? මේ ගැන ඔවුන්ගේ මනස විවෘත කිරීම අවශ්‍යයි. අවස්ථාවට මුහුණ දෙන ප්‍රකාශ වෙනුවට මුස්ලිම්වරුන්ගේ මානසිකත්වය සහ ආකල්ප තේරුම් ගෙන ඒ ගැන කතා කිරීම වඩා සුදුසුයි.

    උතුරු - නැගෙනහිර සම්බන්ධතාවය අවශ්‍යද. එහෙම නැතිනම් උතුරු - නැගෙනහිර වෙන් කළ යුතුද. මුස්ලිම් කොංග්‍රස් නායකත්වය ජනතාවට පැහැදිලි කළ යුතුයි. හකීම් සිටින්නේ එක්වීමේ ස්ථාවරයක නම් ඔහු උතුරු - නැගෙනහිර මුස්ලිම් ජනතාවට ලබාදෙන දේශපාලන විසඳුම කුමක්ද යන්න පැහැදිලි කළ යුතුයි. මේ දේවල් සම්බන්ධයෙන් හකීම් සහ සුමන්දිරන් අතර ඇති රහස් සාකච්ඡා එළියට ගෙන ඒම අවශ්‍යයි.

    මේ පළාත් දෙක වෙන් කළ යුතු බව හකීම් කියන්නේ නම්, පවරාගත් මුස්ලිම් ජනතාවගේ ඉඩම් ඔවුන්ට නැවත ලබාදිය යුතුයි.

    සුළු ජාතික ප්‍රජාවන්ගේ පොදු අනන්‍යතාවයට මුස්ලිම් ජනතාව යට කිරීමට උත්සාහ කරනවා. මේ පොදු අනන්‍යතාවය ඇතුලේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. එබැවින් 13වැනි වගන්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති රවුෆ් හකීම් කළ ඉල්ලීම මෙම තත්ත්වයන්ට අදාළ නොවේ. මෙය ඔහුගේ පෞද්ගලික මතය මිස උතුරු - නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ අපේක්ෂාවක් නොවේ. ඒ නිසා කවුරුත් විසඳුම ගැන කතා කළ යුතු නැහැ.

    උතුරු - නැඟෙනහිර වෙනම පළාත් වන බැවින් විශේෂයෙන්ම නැගෙනහිර මුස්ලිම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හෝ මුස්ලිම් ජනතාවට පවරාගත් ඉඩම් ලබාදීම අවශ්‍ය යි. උදාහරණයක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 14ක් තියෙනවා. මුස්ලිම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඇත්තේ 04ක් පමණ යි. දිස්ත්‍රික්කයේ මුලු ජනගහනයෙන් 27% ක් මුස්ලිම්වරුන් වන නමුත් ඔවුන්ට අයිති ඉඩම් ප්‍රමාණය 1.3% ක් පමණ යි.

    ඉඩම් වලින් 27 %ක් ඔවුන්ගේ බල අරගල සහ තර්ජන නිසා බලහත්කාරයෙන් පැහැරගෙන වංචනික ලෙස ලබා ගත්තා. පළාත් සභාවලට ඉඩම්, පොලිස් බලතල දෙන්න කලින්, බලෙන් පවරාගත් මුස්ලිම් ජනතාවට අයත් ඉඩම් ආපහු දෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඉඩම් මායිම් ප්‍රශ්නත් විසඳන්න ඕන.

    13වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් පසු උතුරු - නැගෙනහිර මුස්ලිම් ජනතාව වාර්ගික අඩම්තේට්ටම්වලට ලක්වුණා. නැගෙනහිරින් ඔවුන්ට අයත් ඉඩම් රාජසන්තක කළා.

    මඩකලපුවේ මුස්ලිම් ජනතාවගේ ඉඩම් රාජසන්තක කළා. මුස්ලිම් ජනතාව 13වැනි සංශෝධනයට බිය වන්නේ මේ නිසයි. සුළු ජන අයිතිවාසිකම් ඉල්ලා සිටින ඔවුන් තම පළාතේ ඔවුන් සමග සිටින සුළු ජනතාවගේ අයිතිවාසිකම් අමු අමුවේ පැහැරගෙන. එබැවින් බලය බෙදීමේ දී උතුරු - නැඟෙනහිර මුස්ලිම්වරුන්ටද තම අයිතීන් සමානව ලබා දිය යුතුයි. මේ සම්බන්ධයෙන් රිෂාඩ් බදුර්දීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නිහඬතාවය ද බිඳිය යුතුයි” යනුවෙන් අමාත්‍යවරයා පවසා තිබෙනවා.

    ReplyDelete
  14. මාතේ,

    අද බටහිර ලෝකයේ තිබෙනවා මහා මෝඩ ලිබරල් රැල්ලක්, කෙටියෙන් කියනවනම් ඔවුන් තම සමාජයේ මෙතෙක් පැවති සංස්කෘති විනාශ කිරීමට (deconstruct) උපරිම උත්සාහ කරනවා එසේම සුදු රටවල සුද්දෝ වන මේ ලිබරල්ලු සුදු මිනිසුන්ට විරුද්ධව උන්ගෙම රටවල ක්‍රියාත්මක වෙනවා, මේ වර්ගයට කියන්නේ ග්ලොබලිස්ට් (globalists) කියලා මොවුන් ක්‍රියාත්මක වෙන්නේ ලෝකයටම එකම ආන්ඩුවක් හැදීමේ සිහිනයකින් එකට කියන්නේ (deep state) කියලා මේවා ක්‍රියාත්මක වෙන්නේ එන්ජීඕ හරහා මේවා පසුපස ලෝකයේ කෝටිපතියන් මෙන්ම අරාබි සංවිධාන ආදියත් ඉන්නවා. මොවුන් බටහිර මෙන්ම ආසියාතික කලාපයේ විවිධ ආයතන පුද්ගලයන් හරහා ක්‍රියාත්මක වෙනවා.මේ ඉහත තිබෙන වචන ගැන සොයා බැලුවොත් මේගෙන වැඩිය දැනගන්න පුළුවන්.ඒවගේම කිවයුතුයි මේ මෑතකදී ජවිපෙ ආක්‍රමණය කළ අලුත් ජාතික ජන බලවේගය නමැති පක්ෂයේ දේශපාලනික කතිකාවත පිටුපස woke culture කියන එකේ සෙවනැලි තිබෙනවා

    ජවිපෙ නායකයෝ වෙනස් වීම ගැන පැහැදිලි කිරීමක් කලනවා නම් 77 ජේ ආර් මුත්තා යම් තරමකින් හෝ ෆ්‍රී මාකට් ඕපන් ඉකොනමි එකක් ලංකාවට හඳුන්වා දුන් නමුත්, ඒකෙන් ලිවින් ඉස්ටෑන්ඩඩ් එක චේන්ජ් කර ගත්තේ ඉතාමත් සුළු සීමිත පිරිසක් පමණයි. විශේෂයෙන් එවකට පැවති එජාප රජයේ හිතවත් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් මේ හරහා ධනවත් බලවත් පිරිසක් වෙනවා මෙහිදී ඇඟලුම් කම්හල් හිමියන් පෞද්ගලික බස් කර්මාන්තය රජයේ වතු පිටි දේපල කම්හල් ආදිය අඩුමිලට රජයේ බැංකු වලින් රජයේ බලපෑම් මත අඩු පොලී වලට ලබාගත් ණය වලින් මිලදී

    ඒ නිසා ඒකාලේ ජවිපෙ වගේම විජය කුමාරතුංග කල්ලිය ඇතුළු විශාල පිරිසක් දේශපාලනික කණ්ඩායම් මේ අලුත් ලුම්පන් ව්‍යාපාරික ප්‍රජාව ධනපතියන් ලෙස සමාජ වෛරයට බඳුන් කළේතමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන්.

    හැබයි මේ අලුත් ලුම්පන් පන්තිය කෙමෙන් කෙමෙන් වර්ධනය වුණාට සැලකියයුතු ප්‍රමාණයකින් ප්‍රසාරණය වෙන්නේ 2009 ලංකාවේ උතුරේ සිවිල් ත්‍රස්තවාදී යුද්ධය අවසන් වීමෙන් අනතුරුවයි.

    ReplyDelete
    Replies
    1. කොටින්ම ජවිපෙ කල්ට් එකේ ඔය පෙන්නන තරමට මහ ලොකු විශේෂයක් නෑ. අනිත් මිනිස්සු වගේම කන බොන, අඳින පලදින, රෙණ නාන, හැමිනෙන එකම තමා කරන්නේ හැබැයි බොරු සුචරිතවත් විනයක් මවලා පෙන්වා තියෙනවා එච්චරම තමයි.

      ඒත් ධනවත් පවුල්වල ඉහත විස්තර කළ ආකාරයේ ප්‍රජාව ඒ දේවල් සඳහා කරන වියදම අධිකයි. පොෂ්, ක්ලාසී, වැදගත්, හික්මීමක් තියෙනවා. විනයක් තියෙනවා. ආචාර ධර්ම තියෙනවා. වෙනස තියෙන්නේ එතන. එතන ජවිපෙ සහ සාමාන්‍ය පොදු ජනතාව වගේ ගල් අරක්කු බොන්නේ නෑ. බොන්නෙ සිංගල් මෝල්ට් විස්කි නැත්නම් අඩු තරමින් ෂිවාෂ් රීගල්, ජොනී වෝකර් බ්ලැක් ලේබල්, ජැක් ඩැනියල් වගේ දේවල්. ඒවා එක්ස්පෙන්සිව්. විශේෂයෙන් 2009 යුද්ධය අවසන් වී ලංකාවේ ආර්ථිකය වේගවත් සංවර්ධනයක් අත්පත් කරගත් මොහොතේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය මනින දළ දේශීය නිශ්පාදනය ගනනය කිරීමේ ප්‍රධානම අංගයන් වෙන, පරිභෝජනය, මිළඳි ගැනීම් හා නව ඉඳිකිරීම් කියන එකට බොහෝ සෙයින් බලපානවා. ඒකට මිනිසුන්ගේ පරිභෝජන රටාව වගේම බඩු භාන්ඩත් උපකාරී වෙනවා.

      උදාහරණයකට අපි වංගෙඩියයි මෝල් ගහයි ගමුකෝ. කොච්චර සල්ලි හම්බ කරත් ඒවා බැංකුවට දීලා බදු ගෙවලා රාජ්‍ය සේවය නඩත්තු කරන්නයි සහනාධාර දෙන්නයි දනටයි පිනටයි දීලා වංගෙඩියම දුන් කුස්සියේ තියාගෙන හිටියට රටවත්, ආර්ථිකයවත්, දියුණු වෙන්නෙවත්, වර්ධනය වෙන්නෙවත් නෑ. මිනිස්සු ගෙයින් එලියේ තිබ්බ දුම් කුස්සිය වෙනුවට පෑන්ට්‍රී කබඩ් ගගලා කුස්සිය ගේ ඇතුලට ගෙනාවා. බත් මුට්ටි වෙනුවට රයිස් කුකර් ගත්තා. ටට්ට කළු කේතලේ වෙනුවට ඉලෙක්ට්‍රික් කේතලයක් ගෙනාවා, වංගෙඩි ඇඹරුම් ගල් වෙනුවට ග්‍රයින්ඩර් මික්ෂර් ගෙනාවා.

      ඊට පස්සෙ දර වෙනුවට ගෑස් ලිපක් එනවා තා ටිකක් පොෂ් වෙන කොට ඒක ලිප් දෙකේ ගෑස් කුකර් එකක් වෙනවා. ඊට පස්සෙ ෆෝ බර්නර් වෙනවා. පාවිච්චි නොකරත් ප්‍රෙෂර් කුකර්, මයික්‍රොවේව් එනවා තව තව ගැජට් එනවා.

      මේ දෙවල් වගේම අනික් පාරිභෝගික භාන්ඩත් බ්‍රෑන්ඩඩ් නම් මිළෙන් අධික වෙනවා. අපේ රටේ ඔරිජිනල් බ්‍රැන්ඩඩ් බඩු නැති එක වෙනම කතවක්. නමුත් බ්‍රෑන්ඩඩ් නේම්ස් තියෙනවා

      මේන් මේ කල්ට් එක සමාජයේ හැම එකාම දන්න තත්වයට එන්නේ යුද්ධයෙන් පස්සේ රාජපක්ෂ කල්ලියේ පාලනය යටතේ මේක පොදු කල්ට් එකක් බවට ජනගත වීමත් සමගයි. හැම එකාම ඔහේ බනින්නන් වාලේ ඉරිසියාවට රාජපක්ෂලාට බැන්නට, ඔක්කෝටම ඕන රාජපක්ෂ පවුලේ කල්ට් එක විඳින්න. මොකෝ එතන පවුලක් ඉන්නවා. සහෝදර සමාගම පැත්තකින් තිබ්බත්, මහින්ද නාකි මයිනට ලස්සන පවුලක් ඉන්නවා. උගේ ළමයින්ට උනත් එහෙමයි ලක්ෂරි ලයිෆ් එකක් තියෙනවා සාර්ථක පවුලක් තියෙනවා උන් ලස්සනට බ්‍රැන්ඩඩ් අඳිනවා පලඳිනවා, කනවා බොනවා. හැම දේම ක්ලාසී, බ්‍රෑන්ඩඩ්.

      ඉතින් හැම එකාම ඕකට ප්‍රසිද්ධියේ වෛර කලාට,මහ මයිනා මැරෙණකන් බලාගෙන හිටියට, ඒ තියෙන්නේ ලංකාවේ අපිට උරුම කුඩුකේඩූ කම, කුහක කම, එහා ගෙදර එකා කාලා බීලා ඉන්න කොට අපේ ඇඟේ මාළු නටන එක. ඒත් යටි හිතෙන් ආස අර විදියට ජීවත් වෙන්න.

      Delete
    2. නැවත වරක් අපි ජවිපෙ දිහාවට ආවොත් මොකක් හෝ ක්‍රමයකින් 2015 ත් 2019 ත් අතර කාළේ ජවිපෙ ඉහළ නායකත්වය මේ ලයිෆ් ස්ටයිල් එක ප්‍රසිද්ධියේ ඇබ්සෝබ් කරගන්නවා. බිස්නස් කාරයෝ වෙනවා, පාරම්පරික බූදල් හිමියන් බවට පත් වෙනවා, එයාලගෙ දරුවොත් පිටරට ගිහින් උපාධි ගේනවා, නයිට් ක්ලබ් යනවා, ග්‍රෑන්ඩ් වෙඩින්ග්ස් ගන්නවා. බ්‍රෑන්ඩඩ් අඳිනවා පලදිනවා. බීලා ගිහින් වාහන හප්පා ගන්නවා. බිස්නස් ක්ලාස් ෆ්ලයිට් වල සැපට සනීපෙට ගමන් යනවා

      එයාලා පක්ෂයේ රැස්වීම් වලටත් රාජපක්ෂ පොහොට්ටු කල්ලිය වගේ "ග්‍රැන්ඩ් මොනාක්" එකේ රැස්වෙන්නෙත් ඒකයි. දැන් ආස්සරේ ඇම්බැසිඩර්ලා එක්ක. ඒත් තාම ෂැන්ග්‍රිලා යන්න ලැජ්ජයි. බයයි. නමුත් විය යුත්තේ එයයි.

      දැන් එයාලගෙ දරුවෝ ලොකු මහත් වෙලා. කැම්පස් යන්න ළකුණු මදි වෙලා, ඉතින් දැන් "සයිටම්" එක හොඳයි, නිහාල් ගලප්පත්තිගේ පුතා චතුර විමුක්ති ගලප්පත්ති, ලාල් කාන්ත ගේ දුව කසුන් දිසානායක එංගලන්තයේ අයර්ලන්තයේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල විශාල මුදලක් වියදම් කරලා ඉගෙන ගන්න යනවා සැපට පාටි දාලා ආතල් ලක්ෂරි ජීවිත ගතකරන අය බව හැමෝටම රහසක් නොවේ දැන්

      හැබයි ඒ පෞද්ගලික අංශයේ විශ්ව විද්‍යාලත් එයාලම, ඒ කියන්නේ රජයෙන් කරන්න ඕන. ඒකේ අවුලක් නෑ. මොකෝ එයාලට ඒක කරන්න බෑ කියලා තේරුනාම, ඇමතිකන් දාලා ගියා වගේම, වී FM එක විකුණලා දැම්මා වගේම, කෙලින්ම විකුණලා දායි. එතකොට බිස්නස් දන්න කෙනෙක් ඒක අරගෙන කරයි. ආරම්භයයි වැදගත්.

      එතකොට ඒ ක්‍රියාදාමයට විකිණීම වගේ කැත නමක් නොදා, භහිශ්‍රාවීකරණය වගේ වැදගත් නමකුත් දායි. මොකෝ අනික් පක්ෂ වලට ලියන උන් කුළී ලියන්නෝ උනාට, එයාලගෙ පක්ෂයට ලියන අය දාර්ශනිකයෝ, මහා ගත්කරුවෝ ලෙස නේ හදුන්වන්නේ. අනික් පක්ෂ වල උන් අසූචි කන කඳපණුවෝ වුණාට, එයාලා කන්නේ නායකයින්ගේ උතුම් වූ අශූචී මැණික්නේ.

      කෙසේ හෝ හෙට අනිද්දා වෙන කොට අපේ හිතවත් අන්‍රයියත්, ලාල් කාන්ත අයියත් Lwxus LX 570 හරි Range Rover long wheelbase SUV එකක (සමාවෙන්න දෙකක) යනවා දකින එක තමා මගේ එකම ආසාව..

      ඒවයෙ හරිනි මැඩම් වගේම හෙල්මට් බලගනයේ උන් දාගෙන ගියත් අපේ හිතේ අහිතක් නෑ.. මොකෝ ඒවත් පොලිටිකල් සබ් කල්චරෙකට අයිතියි. අර කැම්පස් නවකවදේ වගේම.

      Delete
  15. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, සරසවි. සාමාන්‍ය පෙළ දෙපාරක් ලිව්වා නම්, එය අසමත් නම් ඒ දරුවන්ට වෘත්තීය පුහුණුව ලබා දෙන්න ඕනේ. උසස් පෙළත් එහෙමයි. දෙපාරක් ලිව්වහම ඇති. ඊට පස්සේ ඒ ළමයි වෘත්තීය පුහුණුවට යොදවලා රටට අවශ්‍ය කරන ස්කිල්ඩ් පුරවැසියෝ නිර්මාණය කරන්න ඕනේ.

    ඒ වගේ ම සරසවි ශිෂ්‍යයෝ විශේෂවේදී, සාමාන්‍යවේදී කියලා තියෙනවා අවුරුදු 3 සහ 4. ඒ අවුරුදු ගණන ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයෙන් බැහැර විය යුතුයි. ඒවට නීති සම්පාදනය කරන්න ඕනේ.

    ලංකාවේ බෞද්ධ භික්ෂූන් ගත්තාම සරසවි ශිෂ්‍ය භික්ෂූන්ටත් එහෙමම විය යුතුයි. පහුගිය කාලේ යහපාලන රජය සමයේ ඔවුන්ගේ හෙංචයියකු වූ සහරාන් කියන පුද්ගලයා ලංකාවේ රැවුල වවාගෙන අන්තවාදී අදහස් පතුරවලා අන්තිමට ඒ අදහස් වලම ගොදුරක් බවට පත්වෙ ලා මරාගෙන මැරුණේ.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ සහරාන්ලා වගේ ගොඩක් සරසවි ශිෂ්‍යයෝ, රටේ මිනිස්සු, ත්‍රිවිල් එළවන අය රැවුල වවන්න පටන් ගත්තා. ඒ වගේ ම සරසවිවල ඉන්න ශිෂ්‍ය භික්ෂූන් පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ, ඒ වගේ ම සරසවිවල තියෙන කලා පීඨවල ශිෂ්‍ය භික්ෂූන් දැනටමත් තලිබාන්ලා වගේ වැඩකරන්නේ. ඒ අන්තවාදී වාමාංශික මතවාද වලින් ඔවු කුරුවල් කරගෙන කිසිම චාරයක් නැතුව ලෙනින්ගේ න්‍යායට තමා ඒ අය වැඩ කරන්නේ. බුදු හාමුදුරුවෝ නෙමෙයි ශාස්තෘන් වහන්සේ. ඉතින් කොණ්ඩ, රැවුල වවාගෙන භික්ෂූන් තලේබාන් කල්ලි තමයි ඔය ඉන්නේ. එක හාමුදුරුවෝ කෙනෙක් කියලා තියෙනවා මම දැක්කා මුදා නොගත් ප්‍රදේශයක් තමා බෞද්ධ පාලි සරසවි හරියට ඉස්සර වඩමාරච්චි වගේලු දැනටත් සරසවිවල පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය, ඒ වගේ ම අනෙකුත් විශ්වවිද්‍යාලවල කලා අංශයේ මානව ශාස්ත්‍ර ආදී ශිෂ්‍ය පීඨ වුණත් එහෙමයි නේද?

    ReplyDelete
  16. නිලතල බල ලැබුණු පසු නොවැදී මඳ පවන
    වායු සමීකරණය වෙත පෙම් බඳින
    ටයි පටියකින් තොණ්ඩුව දාගෙන හිටින
    පාටයි, ගොඩක් නිලදරුවන් මෙහෙ හිටින!

    ReplyDelete
  17. රාජ්‍ය සේවකයින් සියල්ල පොදුවේ ගැරහුමට ලක් වුවද දේශපාලකයන් හා හරිහරියට රටේ ආදායම කාබාසිනා කරන ඉහළ නිලධාරි හැත්ත හා ඔවුන් එක්ක රජයේ ආදායම තමන්ගේ පතට බෙදා ගැනීම කෙසේ දැයි දැක්වීමට කරුණු දෙකක් ඉදිරිපත් කරමි.
    1. ඔවුන්ගේ දුරකතන දීමනා 2022-01-12 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ 01/2022 (1) මගින් පාලනය වේ. එමගින් අමාත්‍යාංශ ලේකම්වරයෙකු දුරකතන හා අන්තර්ජාල දීමනාව ලෙස රු. 15,000ක මුදලක් මාසික වැටුපට එක් කරගන්නා අතර ඊට පහළ මට්ටමේ නිලධාරින්ට ඊට ආසන්න මුදලක් සිය මාසික වැටුපට එක් කර ගනී. (ඔවුනගේ රාජකාරි දුරකතන ගාස්නතු හා අන්තර්ජාල ගාස්තු කාර්යාලය විසින් වෙනමම ගෙවයි) (මෙසේ දුරකතන ගාස්තුව වැටුපට එකතුකර ගෙවන විට ඔවුන්ගේ පෞද්ගලික හා නිවාස දුරකතනඅංක ආයතනයේ වෙබ් අඩවියේ පළ කළ යුතු බවට නියමයක් කර ඇතත් එසේ පළ කළ ආයතන ප්‍රධානීහු හා නිලධාරිහූ සිටිත්ද?)
    දැන් සෑම දුරකතන සමාගමක්ම රු.1,000කට අඩු මාසික ගාස්තුවකින් සීමා රහිත ඇමතුම් හා අන්තර්ජාල පහසුකම් ලබා දීම සිදු කරයි.

    2. ලේකම්වරුන් ඇතුළ ඉහළ නිලධාරින්ට නිල වාහනයක් හා රජයෙන් වැටුප් ලබන රියදුරෙක් ලබා දී ඇත. වාහනය නඩත්තුව රජයෙනි. ඉන්ධන සඳහා මුදල් ලබා දේ. ඒ දෙන්නේ මාසයේ මුල පවතින ඉන්ධන මිල සලකාය. විවිධ නිලධාරි කාණ්ඩවලට මසකට ඉන්ධන ලීටර 200 සිට ඉහළට ලබා දේ. මෑතකදී අවස්ථා දෙකකදී ඉන්ධන මිල අඩුවුවත් (පළමු අඩවීම සිදුවූයේ මාසයේ පළමුවැනිදාකය) මාසයේ පළමුවැනිදා පැවති මිලට ඉන්ධන සල්ලි ලබා ගත් ඉහළ නිලධාරින් කීදෙනෙක් ඉන්ධන මිල අඩුවීම සලකා තමන්ට හිමි ඉන්ධන ලීටර් ගණනට වැඩිපුර ලැබුණු මුදල රජයට ආපසු දුන්නේද?

    සෑම විටම දේසපාලකයන්ට ඇඟිල්ල දික් වුවද රජයේ ඉහළ නිලධාරින් විශේෂයෙන්ම විශවයේ විෂිෂ්ඨතම සේවයේ යැයි පාරම්බානා අම්බරුවන් තමන් නොදන්නා ක්ෂේත්‍රවල බකපණ්ඩිතයන් වීමට ගොස් සිදු කර ඇති පාඩුව ගණන් බලා තිබේද? හැබැයි රාජ්‍ය ආදායමෙන් තමන්ගේ කොටස බෙදා ගන්නේ තමන් නිසා රටත් රටේ ජනතාවත් සුඛිත මුදිත වී ඇති බවට පරසක්වල ගසමින්ය.

    ReplyDelete
  18. අවුරුදු කීපෙකට පස්සේ බ්ලොග් බලන්න ගත්තම දැක්කේ... Anonymous ල නේ වැහැවැහැලා ඉන්නේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න