.

.

Jan 27, 2023

මාතලන් ඉට්ටැයිල් (මා නොදිරවන අයට විශේෂයෙනි)

 


මාතලන් ඉට්ටැයිල්

(මා නොදිරවන අයට විශේෂයෙනි)

➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖

.

මාතලන් දන්න උන් දන්නවා මාතලන් බුකියට එන්න කලින් බොග දාපූ එකෙක් කියලා.. (Blogger)


බොග දාන කාළයේ මාතලන් කියවලා තිබුන මගේම නෑයෝ මිත්තරයෝ, ඒ ලියන්නේ මම කියලා දැනගෙන උන්නේ නෑ. බොග දාපු අය අතරිනුත් මාව පෞද්ගලිකව දැනගෙන උන්නේ සීමිත පිරිසක්, ඒකට මුල් වුනේ දිණමින පත්තරේ නලීන් දිලෘක්ෂ සඕදරයා.


ඔය අතරෙ තමා එක්තරා අවස්ථාවක හොඳම බොගා ලෙස සම්මාණයක් ලැබෙන්නේ.. ඒ වෙලාවේ ඔක්කොම වගේ කිව්වේ උඹ එක්ස්පෝස් වෙන්න එපා කියලා.. ඒත් ඉතින් ඇගයිමක් කරාම ඒක පිලිගන්න ඕන නිසාත්.. ඒවාට පට්ට කැමති පෘතග්ජන එකෙක් ලෙසත් මම ඒක ගන්නවා..


ඊට පස්සේ මට මුණගැසුන සිවිල් සමාජයේ ප්‍රසිද්ධ එකෙක්වත්.... මගේ ලිවිල්ල අගය කලා මිසක් කවදාවත් වෙනස් කරන්න කියලා නෑ. ඒ අතර මම ගරු කරන මාධ්‍යවේදීන් දෙදෙනෙක් වෙන නාලක ගුණවර්ධන හා චානුක වත්තෙගමත් ඉන්නවා.


ඒ වගේම විවිධ අවස්ථාවලදි ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිත් දෙයක් කරමු කියලා ආරාධනා කරපු අයටත් මගේ ආදරයක් තියෙනවා.. ඒවා නිහතමානීව ප්‍රතික්ෂේප කලත් ඒ අයට මගේ අදහස් හා යෝජනා මම නොමිළේම දීලා තියෙනවා... 


ඒ වගේම කොයි තරම් හිතවත් උනත්, තමන්ට අවශ්‍ය දේ මාතලන්ට කියලා ලියා ගන්න බැරි බවත්, එවන් ඉල්ලීම් කළ සියල්ලෝම දන්නවා.


හැබයි විශේෂයෙන් ඊයේ ලියපු ලිපියත්, බදු ගැහිල්ල හා කළු ඇඳිල්ල සම්බන්ධයෙන් දාන පොස්ට් එක්ක... රාජ්‍ය සේවයේ මෙන්ම දේශපාලනයේ ඉන්න හිත මිත්‍රයින් රාශියක් පෞද්ගලිකවත්, මැසෙන්ජර් හා වට්සැප් තුලිනුත් කිව්වේ... ප්‍රොෆෙෂනල්ස්ලට ඔහොම ගහන එක හරි නෑ නේ මාතේ කියලා..


මෙහෙමයි... 


පොලිටික්කෝ අතරෙත්, රාජ්‍ය නිළධාරීන් අතරේත්, ප්‍රොෆෙෂනල් පොරවල් අතරෙත් ඉන්න අති බහුතරය පට්ට දූෂිතයි.. කම්බා හොරු.. වංචා කාරයෝ.. 


ඒකට.. පට්ටම, පංතිය පාසල පවුල් පසුබිම තනතුර අදාලම නෑ.. උන් එක්ක සිස්ටම් චේන්ජ් කිරිල්ල කෙසේ වෙතත්, තිබුන සිස්ටම් එකවත් නිසි ලෙස ගෙනියන්න බැරි වුන නිසයි මේ රටට මෙහෙම උනේ.. 


ඉතින් එහෙම උන් මා එක්ක අවුල් උනාට මට කිසි ප්‍රශ්ණයකුත් නෑ.. 

මොකද මට ෆෑන් බේස් හෝ දායක සභා මේන්ටේන් කිරීමේ රෝගයක් නෑ...


මාව රිපෝට් කරලා බ්ලොක් කරත්.. මගේ හිතවත් කම් නැති වුනත් ... මම ලියන්නේ මගේ ඉට්ටැයිල් එකෙන්... මෙච්චර දුරක් ආවේ එහෙම... 


මාතලන් සැර වැඩියි කියලා කියන අයට මට කියන්න තියෙන්නේ... ඇත්ත පත්තරේ සිරා හෙවත් බී ඒ සිරිවර්ධන කියන පුවත්පත් කලාවේදියා අධ්‍යයනය කරන්න කියලා විතරයි...


මගේ සීමාව මම දන්නවා.. එච්චරයි...


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ...❤️


(පින්තූරේ ඉන්නේ මම නෙමෙයි... පත්තර ලෝකයේ පතාක යෝධයෙක් වෙච්චි... ඇත්තේ සිරා... හෙවත්... බී. ඒ. සිරිවර්ධන මහත්තයා)


.

11 comments:

  1. මාතලන් ට බ්ලොග් ගැන කියලා දුන්නු රසික සුරියාරච්චි ගැන සදහනක් නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. රෂිනි ගැන ප්‍රශ්නයක් ඇති වෙලා ඒ අය විරසක වෙලා

      Delete
  2. පොලිටික්කෝ අතරෙත්, රාජ්‍ය නිළධාරීන් අතරේත්, ප්‍රොෆෙෂනල් පොරවල් අතරෙත් ඉන්න අති බහුතරය පට්ට දූෂිතයි// 100% truth.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලලිත් නමුත් ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි හැමෝම කතා කරන්නේ දේශපාලුවන් කරන දේවල් ගැන විතරයි නේද?

      මම හිතන්නේ ප්‍රමාණාත්මකව ගත්තාම රජයේ නිලධාරීන් ගහපු ගැහිල්ල වැඩි විය හැකි බව ඒ වගේම ගොඩක් දේසපාලුවන්ගේ ගේම් වලට රජයේ නිලධාරීන් සහ වෘත්තීය සමිති ලොක්කන් සහ ප්‍රොෆෙෂනල් පොරවල් පවා සම්බන්ධ වෙලා තියෙන්නේ නමුත් ඒ ගැන විපක්ෂ කණ්ඩායම් හරියකට කතා කරන්නේ නැහැ නේද?

      එක කණ්ඩායමක් විතරක් තෝරා ගෙන ඔවුන් ගෙන් පලිගැනීමට යෝජනා කරනවා විතරයි එහෙම නැතුව සස්ටේනබල් විදියට රටේ කරප්ෂන් උපරිම වශයෙන් පාලනය කරල ගෝලීය දර්ශක වල transparency වල රෑන්ක් එක උඩට අරන් පෙන්වනවා කියලා කවුරුත් කතා කරන්න කැමති නෑ මොකද ඒක ප්‍රත්‍යක්ෂයෙන් කරන්න අමාරුයි කියලා දන්නවා ඒකයි අවුල තියෙන්නෙ නේද?

      Delete
    2. @ ලලිත් සහ ඇනෝ

      රජයේ නිලධාරීන් සඳහා ලබා දී ඇති නිල නිවාස, නිල වාහන, රියැදුරන් දුරකතන දීමනා ආදී වශයෙන් මෙකී නොකී විවිධාකාර රාජකාරි කාර්යක්ෂමව කිරීමට සපයා ඇති පහසුකම්වල මූල්‍ය අගයත් බදු ගනනය කිරීමේ දි එකතු කල යුතුය කියන යෝජනාව ගෙනාවෙ ආචාර්ය හර්ෂ ද සිල්වා. ( ඒ වීඩියෝව අන්තර්ජාලයේ තියෙනවා)

      දැන් රජයේ පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය විසින් නිවේදනය කොට තිබෙන්නේ මේ අධික බදු බර නිසා කාර්‍යක්ෂම රාජ්‍ය සේවේ..... අකාර්යක්ෂම වෙනවලු......... 😁😁😁😁😁😁

      ඇති ඉතින් දැනටමත් පට්ට විදියට කාර්යක්ෂමතාව ඉහළ රජයේ සේවයක් නේ තියෙන්නේ ලංකාවේ?

      සේවයෙන් නෙරපල ගෙදර පන්නන්න ඕනි එවුන්ව පඩිය අඩුකරල හරි තියාගෙන ඉන්නෙ අහවල් එකටද දන්නෙ නැහැ. රටේ ජනග්හණයෙන් 16 දෙනෙකුට එක් අයෙක් ගානෙ රාජ්‍ය සේවකයො. දන්න කාලෙක ඉඳන් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් යැපෙන බිලියන ගණනින් පාඩු ලබන ආයතන වල සම(හරක්)ගෙ පඩිය ලක්ෂ 4 -5 ඉඳල 10-14 ක්. ඒ මදිවට මාස්පතා අතිකාල වාර්ශිකව බෝනස් විදුලි මාෆියා කාරයො අවුරුදු 3න් තුනට උන්ගෙ පඩිය උන්ම වැඩි කරගන්නව. වරාය සෞඛ්‍ය අමාත්‍යාංශය ආදී වෙනත් ආයතනත් එහෙමමයි ඒ නිසා ලංකාවේ ආර්ථිකය බංකොලොත් වුනේ දේශපාලකයො හොරාකාල නිසා නෙවෙයි දරාගන්න බැරි අකාර්යක්ෂම රාජ්‍ය සේවය සහ රාජ්‍ය සම්පත් කියකිය පරිස්සම් කරන බහිරවයො වගේ රාජ්‍ය ආයතන නිසා

      නමුත් ලංකාවේ දේශපාලනය කරන පක්ෂවල විපක්ෂ කණ්ඩායම් වල පවා කවුරුවත් ඒ ගැන සීරියස් විදියට තීන්දු තීරණ ගැනීමට තියා එහෙම යෝජනාවක් ඉදිරිපත් කරන්නත් බයයි

      Delete
  3. චූ එක ලංකට්ටෙක

    ReplyDelete
  4. මචන් මාතලන්,

    ලෝක බලවතුන්, ලෝක අධිරාජ්‍යය,

    කාලයෙන් කාලයට, නිර්මාණය උනා, ගොඩ නැගුනා
    සහ ඒවා බිඳවැටුනා.

    සමහර ඒවා සටන් කරලා විනාශ උනා,
    සමහර ඒවා ස්වභාවිකව අවසන් උනා..

    මහා ඇලෙක්සැන්ඩර් ජූලියස් සීසර් අශෝක අධිරාජයා හැනිබාල්...

    ලෝකයේ ඉතාම කෙටි කලෙකින් නොසිතූ විරූ ලෙස වේගයෙන් ගොඩනැගුණු බලසම්පන්න චිංඝීස් ඛාන් ඇතුළු පරපුරේ මොංගෝලියානු අධිරාජ්‍ය (1206-1368) බිඳවැටුනා.

    අතිවිශාල රුසියානු අධිරාජ්‍යය 1917 සෝවියට් විප්ලවය සමඟ බිඳවැටුනා.
    ප්‍රංශ අධිරාජ්‍යය බිඳවැටුනා.

    ලෝකයේ සමස්ථ භූමියෙන් 1/4ක් අල්ලගන හිටපු
    හිරුනොබසින අධිරාජ්‍යය
    දෙවන ලෝක යුද්ධය දිනන පැත්තෙ ඉඳලත්
    බිඳවැටුනා.

    අද වෙනකොට අමරිකා එක්සත් ජනපදයත් බිඳවැටෙමින්
    චීනය දෙසට ලෝක යුධ ආර්ථික දේශපාලනික බලය වෙනස් වෙමින් යනවා.

    1980 වෙනකොටත් ලෝකයේ වැඩියෙන්මදිළිඳු ජනයා හිටපු සාගතයෙන් පීඩා විඳි චීනය අද ලෝකයේ බලවත්ම රට බවට පත් වෙමින් පවතින අතර 91 දී සම්පූර්ණයෙන්ම ආර්ථිකය වැටිලා තරුණියන් ගණිකා වෘත්තිය දෙසට යොමු වූ රුසියානු ආර්ථිකය අද සමස්ත යුරෝපීය ජාතීන්ටසහ එක්සත් ජනපදයේ බලවත් හමුදා යුධ අවි වලට මුහුණ දීමට නිර්භයව ඉදිරිපත් වී තියෙනවා

    1991 ආර්ථිකය බිමටම කඩා වැටුන ඉන්දියාව
    2023 ලෝකයම වැටෙනකොට 7%ක ආර්ථික වර්ධනයක් එක්ක ලෝක බලවතෙක් වෙන්න මාන බලනවා.

    ඉතින් මාතලන්,

    ලෝකය අමතක කරලා ලංකාවට ආවොත්,

    ලංකාවේ රාජධානි,

    තම්බපණ්ණි, උපතිස්ස නුවර, අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, ගම්පොළ, කෝට්ටේ, සීතාවක සහ මහනුවර විදියට,

    නිර්මාණය උනා, බිඳවැටුනා.

    ඉතින් සහෝදරයා,

    1948 නිදහසෙන් පස්සේ නිර්මාණය උන
    සුද්දගෙන් බලය ඉල්ලාගත්ත
    පාරම්පරික දේශපාලන ක්‍රමය වසර 75කට පස්සේ කෙමෙන් කෙමෙන් ටිකෙන් ටික
    බිඳවැටෙන්න පටන් අරන්.

    මේක තවත් අල්ලාගන යන්න බෑ කියන එක
    අපි කියන්නේ 2018දී විතර.

    මේක පට්ටම ස්වභාවිකයි.

    මචන්,

    2021 වෙනකොට
    මේ පරණ ක්‍රමය බිඳින්න ලංකාවේ රෙජීම වෙනස් කිරීමට උත්සාහ කළ ඇමරිකානු ඉන්දීය යුරෝපීය රටවල් වල ඇජෙන්ඩා එකෙන් පෝෂණය ලබමින් සිටි එක එක පක්ෂ වල හිටපු අරගලවාදී පිරිස් විසින් එක්තරා ආකාරයක නිර්පාක්ශික
    අරගලයේ මොඩල් එක නිර්මාණය වෙනවා.

    තව ටික දවසකින් ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට
    ලංකාවේ මිනිස්සු පක්ෂ පාට නැතුව
    දෙපයින් නැගිටිනවා.

    රජෙක් ලෙස පිදුම් ලබපු ජනාධිපති කෙනෙක්ව
    අගමැති කෙනෙක්ව පිටරටවල කැම්පේන් වලට රැවටිලා හරි
    රජගෙදරටම ඇවිත් පන්නා දමනවා.
    ඒක ඉතිහාස ගතවන විප්ලවයක්.

    මචන් මාතලන්, හොදට තේරුම් ගනින්,

    මේක ලංකා ඉතිහාසයේත්,
    ලෝක ඉතිහාසයේත් සිදුවන
    100%ක් ස්වභාවික තත්වයක්.

    මේ පාර සටනේ අවිය තාක්ෂණය.

    උඹලට ඇමරිකානු මූල්‍ය සහ තාක්ෂණික සහාය සහිතව Social media Farm දාගෙන,
    90% ක් රාජපක්ෂ විරෝධී මාධ්‍ය තියාගන
    බිලියන ගනන් සල්ලි තියාගන, ආරක්ෂක අංශ වලට සහ රජයේ නිලධාරීන් තම පාලනයට යටත් කරගෙන,
    Content Writers ලා පෝළිමට දාගෙන වත්
    මේක දිනන්න බෑ.

    සජිත් ප්‍රේමදාසලාශවගේ රටේ සැබෑ ස්වරූපය කුමක්ද කියා කිසිම දෙයක් තේරුම් ගන්නේ නැතුව අනවබෝධයෙන් මෝඩකමට ඔය ලඟින් ඉන්න වටපඩ වන්දිභට්ට සෙට් එක දෙන
    අනාගත ජනාධිපති හීන වලට
    රැවටෙන්න එපා.

    2/3ක බලයක් තිබ්බ ගෝඨාභය,
    මහින්ද විනාස කලෙත් ඔය
    ලගම සෙට් එක තමයි.

    උන් කියන ඒවා අහලා
    තවත් ගැටෙන්න ගැටෙන්න
    ක්‍රමයේ අවසානය ඉක්මන් වෙනවා!

    ඒ නිසා මානුෂීය ඉල්ලීමක් කරන්නේ,

    යුද්ධය නිසා මහින්දට ලැබුන
    වටිනාකමත් අරගෙන ගිහින්
    මැදමුලන වලව්වේ නිහඬ පරිසරයක
    උගේ අවසන් හුස්ම
    ටිකවත් නිදහසේ යන්න ඉඩ දීපන්!

    ඔය වයසක මනුස්සයට ගෝලීය දේශපාලනික ගේම් වල තියෙන බලපෑම් අනුව එන ප්‍රශ්න එක්ක
    ගැටෙන්න බෑ, ඒත් අපේ දේශපාලනය ඉවර නෑනේ.

    මිලියන 22ක් ජනතාවට ඉදිරියට තවත් නායකත්වයක් අවශ්‍යයි ඒ නායකත්වය දරන්නේ කවුද කියලා තාම කවුරුවත් දන්නේ නැහැ

    ඒක අපි සොබාදහමට බාරකරමු!

    මම කියපු එක හොඳට හිතපන් මාත මචෝ උඹට ජය!

    ReplyDelete
  5. මිනිස්සු ගත්තොත් විවිධ ආකාරයේ මත තියෙනවා හිතවත්කමට හෝ පුද්ගලික වාසි තකා දේශපාලන අදහස් වෙනස් කිරීම නොකළ යුතු බව මගේ විශ්වාසයයි

    ඕනෑම කෙනෙකුට තමන් පුද්ගලිකව හරි කියන මතය ප්‍රකාශ කිරීම හා ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය නිදහස තියෙන්න ඕනේ රටේ ජාතික ආරක්ෂාව ජාතික සමගියට හානි නොවන සහ ද්වේශ සහගත ලෙස අපහාස නොවන සීමාවට යටත්ව, එහෙම නේද මාතලං?

    තව කාරණයක් සිහිපත් කළ යුතුයි තමන් කිසිදා රැකියාවක් නොකර පක්ෂේ අරමුදලින් ජීවත් වෙන, තමන්ගේ ගෙදර අය වැය වත් හදා ගන්න දන්නේ නැති ජවිපේ නායකයො මේ වගේ දරුණු ආර්ථික අර්බුධයක් කළමණාකරණය කරන්නේ කොහොමද?

    අවුරුදු 60කට කිට්ටු කාලයක් දේශපාලනේ කරලා එකම පළාත් සභාවක් වත් දිනා ගන්න තරම් සංවිධානාත්මක ශක්තියක් නැති ජවිපෙට මේ වගේ තීරණාත්මක අවස්ථාවක බලය දෙනවා කියන්නේ Google company එකේ ඇතිවෙලා තිබෙන මෘදුකාංග ගැන ලොකු තාක්ෂණික ගැටලුවක් විසඳන්න කම්පියුටර් එකක් ඇහැට දැකලාවත් නැති ගමක ගංකබර අප්පුහාමි කෙනෙක්ට බාර දෙනවා වගේ වැඩක් නෙවෙයි ද? මේ ගැන මාතලං කල්පනා කරලා පෝස්ට් එකක් දාන්න බලන්න.

    ReplyDelete
  6. ලංකාවේ මේ දවස් වල අධික බදු බර නිසා විශ්ව විද්‍යාල කථිකාචාර්ය ආචාර්ය මණ්ඩල වල අයගෙන් 57% ක් විතර රට හැරයන බව පේරාදේණිය සරසවියේ ආචාර්ය මණ්ඩලය විසින් සමීක්ෂණයක් කරලා හොයා ගත්තා කියලා උන්ම කියනවා මාතලන් දැක්කා ද?

    නමුත් ඕකේ තවත් පැත්තකින් බලද්දි මේකත් කියන්න ඕනේ නැත්නම් හරි කතාව තේරුම් ගැනීමට නොහැකි නිසා සමහර අය පිට රට වල ගිහින් මොකක් හරි විශ්ව විද්යාලෙක අම්බානට කට්ට කාල PhD එක ගොඩ දාගන්නවා. නමුත් ඔය සමහර අයට ලෝකෙ පිලිගත් research journal එකක publish කරපු research publication එකක් වත් නෑ. PhD එකක් තියෙන නිසා නමට ආචාර්ය පට්ටම (doctor කියන කෑල්ල) ලැබෙනවා ඉතින්. ඒ වගේම ඔවුන් ලංකාවේ ඇවිත් රජයෙන් සියලු පහසුකම් අරන් විශ්ව විද්යාල වල උගන්නනවා විශ්‍රාම යනකල්. ඔය කියන බොහෝ ආචාර්යවරු නව දැනුම හොයන්නේ හෝ අලුත් research publications කරනවා අඩුයි.

    වෙන රටක ගියාම ලංකාවෙ වගේ නමට ආචාර්ය හෝ මහාචාර්ය වෙලා අයිස් ගගහා පොඩි උන් කඩේ යවමින් ෂපාන් එකේ ඉන්න බෑ shape එකේ අනිත් කට්ටිය බය කරගෙන සිසුන් ටිකත් පාලනය කරගෙන ටයිම් පාස් කරලා මාරු වෙන්න ලැබෙන්නේ නැහැ.

    පිටරටවල ගිහින් උගන්නන කොට එම ක්‍රමය අනුව ආචාර්යවරයාගේ progress එකත් පෙන්නන්න ඕන විශ්ව විද්යාලෙට. නැත්නම් මුදල් ලැබෙන්නෙ නෑ ඔහුගේ ඒකකයට. පිටරට විශ්ව විද්යාල වල ගිහින් හොඳ රැකියා කරන්න පුලුවන් ආචාර්යවරු ලංකාවෙ ඉන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණයි කොටින්ම අතලොස්සයි. ඒ නිසා රට යන්න අයදුම් කල පලියට අනිත් රටවල් බලන් ඉන්නේ නැහැ ඔවුන්ව රැකියා වලට ගන්න. මොකද ඔවුන්ට රැකියාව සඳහා තරඟ කරන්න වෙන්නේ ලෝකෙ වෙනත් රට වල ඉන්න බොහෝ සුදුසුකම් ඇති ආචාර්යවරු එක්ක නිසා

    ReplyDelete
  7. මාතලන් ලෝකයේ ප්‍රධාන ම ඇක්ටිවේටඩ් කාබන් (පොල්කටු අඟුරැ) නිෂ්පාදකයා- හේකාබ්(නව නිපැයුම්ද එකතුකර ඇත.එයා ෆිල්ටර්,වොටර් ෆිල්ටර්,අද රෝහල්වල වස බීපු අයගේ විෂ ඉවත්කිරීමටත් භාවිතා කරයි)

    ලංකාවේ දැන් රබර් කිරි ලේටෙක්ස් වගේ අමුද්‍රව්‍ය දේවල් පිටරට යවන්නේ නැති තරම් යවන්නේ අගය එකතු කළ නිෂ්පාදන finished products

    ඒත් ඉතින් බලන්න ලෝකයේ ලොකුම ගල් ටයර් නිෂ්පාදකයා- ලෝඩ්ස්ටාර්(ස්වීස්/ජිනසේන) මැදගම.තවත් කර්මාන්ත ජා ඇල පිහිටුවා ඇත.(ගුවන්යානා ටයර්,ඩෝසර් ටයර්,සුපර් මාර්කට් ට්‍රොලි ටයර්)
    ලෝකයේ ලොකුම සුලං ඔරැ නිෂ්පාදකයා කටුනායක විදෙස් ආයෝජකයෙක් .නම මතක නැත.
    ලෝකයේ ලොකුම රබර් ග්වුස් නිෂ්පාදකයා - හේකාබ්
    ලෝකයේ තුන්වන ලොකුම සර්ජිකල් ග්ලවුස් නිෂ්පාදක ආයතනය (තායිලන්ත) හේකාබ් මිලදී ගත්තා.අද තත්වය නොදනී.

    නමුත් මට ඇති ප්‍රශ්නය එහෙම නම් රබර් මිල 700/= සිට 400/= ට අඩු උනේ ඇයි?

    ReplyDelete
  8. මාතා උඹ මේක අස්සේ ඇඩ් එකකුත් දාල තියෙන්නෙ නේද බන් උඹ ගැන? 😁😁😁 හොඳයි ඉතින් මාකටින් පාරකුත් ඕනනේ නැද්ද? ඇත්තටම මේක දැක්කම මට මතක් වුනේ මේ ජාතියේ ඇඩ් අපි පොඩි කාලෙදිවගේ ඉස්සරත් තිබුනා. මට මතකයි 80 දශකයේ ටීවී ඇඩ් එකක් තිබුනා මවු කිරි දෙන්න කියලා. ඒකට හිටියේ මැනිකේ අත්තනායක, ඒ කාලෙ එයත් තරුණයි. එයා වම් පියයුර එලියට අරගෙන දරුවගෙ මුවේ තියන දර්ශනයක් තිබුනා ඒක ටීවී එකේ යනකොට ඒ දවස්වල මට මතකයි අපේ බාප්ප කොහෙ හිටියත් ඒ ඇඩ් එක පටන් ගන්නකොටම පෙරලගෙන තල්ලු කරගෙන එනවා ඒක බලන්න දවසක් ආච්චිගෙන් ලුනු ඇඹුල් ඇතුව අහගත්තා. ඊට පස්සේ රෝසි සේනානායක යොදාගෙන ඒ මවුකිරි ඇඩ් එක කලා නමුත් රෝසිනම් පියයුරු පෙන්නුවේ නෑ. ඒ වෙනකොට බාප්ප රට ගිහින් නමුත් මව්කිරි ඇඩ් එක යන හැමවෙලේම ගෙදර හැමෝම බාප්ප මතක් කරනවා. ඒ සිද්ධිය නිසා මටත් ඔය ඇඩ් එක හොදටම මතකයි, මාතගේ පෝස්ට් එකත් හරිම රසවත් කතාවක් වගේමයි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න