.

.

Aug 16, 2023

පැනමා, පැන්ඩෝරා, උගන්ඩා, මෝල්ටෝවා, සොලමන් අයිලන්ඩ්ස්, බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස්, කළු සල්ලි, බංකොලොත් රාජ්‍යය, ලොව නව ආර්ථික ප්‍රවනතා හා මොඩනයිස් ජවිපේ.

 


පැනමා, පැන්ඩෝරා, උගන්ඩා, මෝල්ටෝවා, සොලමන් අයිලන්ඩ්ස්, බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස්,  කළු සල්ලි, බංකොලොත් රාජ්‍යය, ලොව නව ආර්ථික ප්‍රවනතා හා මොඩනයිස් ජවිපේ.

➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖


දුගී බව දුප්පතාට දුකම උරුම කර දෙන බවත්, ඒ හේතුවෙන් සාධාරණ ලෙස ධනය ඉපයීමට උනන්දු වන ලෙසත් බුදු දහමේ දෙසලා තියෙනවාය. ඒ මෙසේය.


"දාළිද්දියං භික්‍ඛවේ දුක්ඛං ලෝකස්මිං ගිහීනා කාම භෝගිනෝ"


එමෙන්ම එසේ ධනය සෙවිය යුතු ව්‍යාපාරයන්ද උන්වහන්සේ දෙසා තිබෙනවාය...


ඒ... 1.කෘෂිකර්මය 2.වෙළඳාම 3.පශු පාලනය 4.ධනු ශිල්පය හා ශිල්ප කලා 5.රාඡ්‍ය සේවය ලෙසිනි..


එමෙන්ම, නොකළ යුතු වෙළදාම් පහක්ද, බුදුන්වහන්සේ දේශනා කරලා තිබෙනවාය, ඒවා නම්,


1.විෂ වර්ග වෙළදාම 2.අවි ආයුධ වෙළඳාම 3.මස් වෙළඳාම 4.මත් ද්‍රව්‍ය වෙළඳාම 5.වහල් වෙළදාම ලෙසය....


එහෙත් අද ලෝකයේ වැඩියෙන්ම ධනය රැස්කළ හැක්කේ උන්වහන්සේ එපා යැයි කියූ ඒවා වලින් බව, ගෝනා ඔනෙකුට වුවත් තේරෙනවාය.


එසේ රැස්කරන ධනය ආර්ථික විජ්ජාවේදී හඳුන්වන්නේ කළු සල්ලි කියලාය. 


දැන හෝ නොදැන ... ඒ සල්ලි සුදු සල්ලි බවට පත් කරනා ව්‍යාපරයන්හී කොටස් කරුවන් බවට පත්වීමට සියළු ලෝකවාසි ජනතාවට සිඳුවී අවසානය. 


මේ ව්‍යාපාර අතරට දේශපාලන ව්‍යාපාරයක්ද අයත් වීම මේ දිනවල කාගේත් කතා බහට ලක් වෙලා තියෙනවාය.


දඬුවම් මුදලාලිලාගේ සිට ෆිනෑන්ස් කොම්පැනි ක්‍රිප්ටො කරන්සි, පිරමිඩ්, තේක්ක වගා, අඹ වගා, කෝමාරිකා වගා හරහා ලංකාවේ ගලා යන්නේ මේ කළු සල්ලී මිස වෙන සල්ලි නොවේය. මේ ෆිනෑන්ස් කොම්පැණි අයිතිකාරයෝ නමට විතරක් ව්‍යාපරිකයින් වනාතර සියළු ආයෝජනයන් දේශපාලුවන්ගේය. 


යම්කිසි සාධාරණ පොලියක්  ගණුදෙණුකරුවන්ට ලබා දුන් දඬුවම් මුදලාලිට කොතලාවලාට ගේම දී, ඒවාද තම ආධිපත්‍යයට නතු කරගෙන විනාශ කර දැමුවේද, තමන්ගේ මේ ව්‍යාපාරයන්ට මාවත විවර කිරීමට බව අද බොහෝ පැහැදිලිය.


ඇත්තටම අපේ රට බංකොලොත් වෙලා තියෙන්නේ රාජ්‍ය සේවය නඩත්තු කරන්න ගිහිල්ලාය. එහෙම නැත්නම් අපේ උන් නැති බැරි එකාටත් සලකන්න පුලුවන් තරම් හම්බ කරනවාය.


අපේ රටේ පමණක් නොව මුලු ලෝකයේම ලාබ ලබන ව්‍යාපාරයන් කිසිවක් සර්ව සාධාරණ නැතිය. සියල්ලෝම අධික ලාබයක් ලබති. බිත්තර මාෆියාවේ රුපියල් 60 බිත්තරේ දැන් 45 ට දෙන්නේ පාඩුවට නොවේ. උන්ට සිඳු වී ඇත්තේ ලක්ෂරි ලාබයෙන් කොටසක් අඩු වීම පමණි.


ඉතින් මුදල් නැති එකාට මේ ඔක්කොම කුඩු කාරයෝය. එහෙත් ධනවතුන් වන්නට කුඩු විකුනන්නම ඕනෙයි කියලා හිතන්නේ... අද ලෝකයේ ඇති ව්‍යාපාරයන් පිළිබඳව නොදන්නා හාල්පාරුවෝමය.


ජෙප්පන්ද උන්නේ මේ ගොඩේය. එහෙත් දැන් සියල්ල හෙලි වී හමාරය. රාජපක්ෂලාගේ කාළයේ උන් හිඟන ජෙප්පෝ වැඩි පිරිසක් යාපාලන කාළයේ පාරම්පරික පොහොසතුන් වූයේ කෙසේදැයි යන්න දැන් බොහෝ පැහැදිලිය. 


ඒ කියන්නේ ඔවුන්ගේ අරමුදල් ලංකාවේ ව්‍යාපාරයන්හීද ආයෝජනය කරලා තිබෙනවාය. දඩුවම් මුදලාලී ළඟත් පරිස්සමට මුදල් තිබ්බාය කියා පඩත්තල කොල්ලෝ කියනා කතා... විහිළු යැයි කියා ඩස්බින් දාන්න වෙන්නේ බොහෝ පරිස්සමෙන්‍ය.


මාතලන් නම් මේවා දකින්නේ යහපත් ප්‍රවනතා ලෙසය. ජූලී චන්ග් මැඩම් පැලවත්තට එනකොට, බිත්තියේ ඉන්නා ලෙනින්ලාට මාක්ස්ලාට හැංගෙන්නට සිඳුවීමද යහපත් ප්‍රවනතාවයකි.


අනුන්ගෙන් ඉල්ලාගෙන හෝ ජෙප්පෝ අඳින්නේ බැන්ඩඩ් ඒවාය. පක්ෂයට කඩේ යන පොඩි ජෙප්පියෝ පුප හිර වෙච්චි ඩෙනිම් ඇඳලා බුරි එලියේ දාගෙන යනකොට අපිටත් ආසා හිතෙනවාය. ජජබේ මැඩම් කෙනෙක් හෝඩියේ ඉඳන් ඉන්ගිරිසියෙන් උගන්වන්න ලෑස්තිය. දැට් ඉස් මාවලස්‍යෑ. බ්‍රිලියන්ට් අයිඩියාස්‍ය.


පක්ෂයට ධන පරිත්‍යාග කරනා උන්ටද ආඩම්බර විය හැකිය. ඒ උන්ගේ සල්ලි නැති නාස්ති නොවනා ලෙස, කළු සල්ලි පාරාදීසයන් වල තැන්පත් කරලා තිබෙනා නිසාය.

ඉඳින් ජෙප්පන්ට බළය ලබා දීමට දැන් කිසිවකුත් බය වෙන්නට ඕනේම නැතිය. 


ඒ ජනතා විමුක්ති පෙරමුණද නියෝ ලිබරිසම් පක්ෂයක් නිසාමය.


මේ හේතුවෙන් සජිත් රනිල් හා එක්වීමට වඩා, ජාජබ රනිල් හා එක්වීමට ඇති පොසිබිලිටිය බොහෝ වැඩිය.


වසරක් ගතවීත් රනිල්ට ආර්ථිකය ගොඩ ගැනිමට බැරී වී තිබෙනවාය. බලවත් කම්කරු නීතී තිබෙනා රටකට ඉන්වෙස්ට්මන් අරගෙන ඇවිත් දොලදන් දීලා යන්නට ආයෝජකයින්ට පුපේ අමාරුවක් ඇත්තේ නැතිය.


ගොඩ ඒමට ඇති එකම ක්‍රමය.. කළු සල්ලි පාරාදිසයක් කොට මෑතක දියුණු වූ දූපත් රාජ්‍යයන් මෙන් ගොඩ ඒම පමණමය. එවිට ලෝකයේ බොහෝ තැන්වල ඇති අපේම උන්ගේ සල්ලි වලින්ම මේක ගොඩ ගැනීම සිම්පල් වැඩක්මය.

.

.

ඒ වගත් මෙසේය....

.

5 comments:

  1. ඕයි මේ මාතලන් යාලුවා ඔයා අන්තිමට චන්දේ ලං වෙද්දි කාගේ හරි පැත්තකට හේත්තු වෙන එක වෙනවාමයි. දැනට පේන විදිහට ඒ පැත්ත තමයි මෙලෝ වැඩකට නැති මෙලවින් මෙලොව වැඩක් බැරි අමු ට්‍රැක් විගඩම් කියවන කයිවාරුකාර බූරු ජෙප්පෝ. ඔයාගේ ඔය දේශපාලන style එක ඔයාටත් නොදනී පාවිච්චි වෙන එක වෙනවාමයි. ඒකයි අපි කියුවේ උබලා වගේ තරුණ නායකයෝ මේ වෙලාවේ රටට ඕනේ. එක්කෝ jvp එකෙන් මාලිමුවට සෙට් වෙලා දේශපාලනය කරන්න. නැත්නම් අලුත්ම set එකකින් දේශපාලනයට බහින්න. ඔයාටම තේරෙයි ඔයා හොද ගානකට චන්ද ලං වෙද්දි විකිණෙනවා කියලා. අනුර කුමාර ප්‍රධාන ජවිපෙ මාලිමාවට ටිරාන් අලස් ෆන්ඩ් කරපු එකත් ඒ අනුව උන් වැඩ කරන බවත් දැන් මුලු රටටම රහසක් නෙවෙයි, ඒත් අනුර
    කුමාරට ටිරාන් අලස් fund කරනකොට ඔයා fund වෙන්නේත් ටිරාන් අලස්ගෙන්, අරගලයට සම්බන්ධ වුණාට අනුරුද්ධ බණ්ඩාරල වගේ ගොඩක්ම කට්ටියටත් ෆන්ඩ් කරන්නේ ටිරාන් අලස් මූලික වෙලා, ඒකයි ඇත්ත කතාව, මේක මෙහෙම කෙලින්ම කිව්වට තරහ වෙන්න එපා මාතලන්

    ReplyDelete
  2. ආ කමක් නෑ අපි..... Http ල තාම එකෙක්වත් බැහැල නෑනෙ...🤣

    ReplyDelete
  3. මාතා, මම ඉස්සර පැන්ඩෝරා පේපර්ස් එක ගැන, පැනමා පේපර්ස් ගැන කමෙන්ට්ස් දැම්මා වගේ මෝල්ටා එක ගැනත් ලියන්න කියල හිතුවා

    මේ මෝල්ටාවේ 2016 අවුරුද්දේ අලුත් සමාගමක් ලියාපදිංචි වෙලා තියෙනවා.

    සමාගමේ නම "අනුර ඉන්වෙස්ට්මන්ට්ස්" (Anura Investments)

    සමාගම් අංකය - C 78853

    Find My Company වගේ ලොව පිළිගත් ඔන්ලයින් අන්තර්ජාතික ව්‍යාපාර රෙජිස්ට්‍රි වලින් ඔබටත් මේ සමාගම ගැන විස්තර අන්තර්ජාලයෙන්ම දැක ගන්න පුලුවන්.

    ඒ අදාල ලින්ක්ස් මේ කමෙන්ට් එකේ පහල තියෙනවා.

    https://findcompanynow.com/en/malta/C78853/ANURA-INVESTMENTS-LIMITED/

    මේකත් බලන්න

    https://find-and-update.company-information.service.gov.uk/officers/UYaYP5PSovyBP6e-vc4ZlyfuYYw/appointments?fbclid=IwAR1bJT5VkmbL7iXCLRZOnE8bppkqdc3g7t1awQOutvsfpayrKKi5nPh8suY

    https://www.kompany.com/p/mt/c%2078853?fbclid=IwAR0A7eplIDZVwteupS7U59jF90p26P_KNKrs1HNIoJ8RyJi1prPjGGSBwb8

    මේකෙන් ඔබට මේ දවස්වල නැගල යන මෝල්ටා හොරකම වංචාව දූෂණය ගැන දැනගන්න පුළුවන්. ටිරාන් අලස් රජයේ ඇමතිවරයාට රජයෙන් නිල වශයෙන් හෝ නොනිල වශයෙන් ලැබෙන මහජන මුදල් වාමාංශික දේශපාලන පක්ෂයක් වන මාලිමාවට එහි නායක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජවිපෙට මේ හරහා ලබාදී ඇති බවට මේ පිළිබඳව චෝදනා එල්ල වන බව පේනවා. මේ ගැන ඔවුන් පිළිතුරු ලබා දිය යුතුව ඇත.

    ReplyDelete
  4. සෞම්‍යාට පුකේ අරින්න ආස

    ReplyDelete
  5. දැනට පවතින තත්ත්වය යටතේ 2024 ජනාධිපතිවරනය තියන්න තව තියෙන්නේ වසර දෙකකට ආසන්න කාලයක්. ඒක ඉතාමත්ම අභියෝගාත්මක කාලයක්..

    දැනට ලංකා දේශපාලන භූමියේ ලක්ෂණ අනුව 2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයන් තුන් දෙනෙක් ඉදිරිපත් වෙනවා. මේ තුන් දෙනාගේ නමටත් අකුරු තුනයි.

    ඒ තමයි රනිල්, සජිත් අනුර...

    හැබැයි මේ ජනාධිපති හීනෙට යන්න තියෙන හීනේ ඇතුලේ තියෙන්නේ වෙනම හීනයක්...

    රනිල්ගෙ හීනෙ තමයි රටේ ආර්ථික ප්‍රශ්ණ විසඳලා ජනතාවට සහනයක් දීලා රට සශ්‍රික කරලා ජනාධිපතිවරණයට තරඟ වැඳීම. නැත්නම් පොරට බඩු බනිස් කියලා රනිල් දන්නවා.

    සජිත්ගේයි අනුරගෙයි හීනය වෙනස්..

    එයාලගේ හීනය තමයි රටේ ආර්ථිකය කාබාසිනියා කරලා රට අගාධයට දාලා ඒ මතින් පවතින රජය අප්‍රසාදයට ලක් කරලා අවශ්‍ය බලයට පැමිණීම හෝ නැත්නම් වෙන කෙනෙකුට බලයට පැමිණීම ඉඩ සලසා නැවතත් විපක්ෂයට වෙලා ආණ්ඩුවට බැන බැන සුපුරුදු පරිදි මහජන ආධාර සහ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් වැටුප් හා වරප්‍රසාද සියල්ල භුක්ති විඳින ගමන් මහජන ආධාර උපකාර ලෙස කෝටි ගණනක මුදලක්ද හම්බ කරගෙන වැඩක් නොකර කිසිම වගකීමක් නොගෙන විවේචනයෙන්ම කාලය ගතකරමින් තමන්ගේ උදර පෝෂණයට පමණක්ම මූලිකත්වය දීම

    මෙන්න මේ හීන වල වෙනස ලංකාවේ ජනතාව තේරුම් ගත යුතුයි.

    මේ ලියන මම පැහැදිලිවම රනිල්වාදියෙක් නෙවෙයි. ඇත්තටම උග්‍ර රනිල් විරෝධියෙක්. වසන්ත සමරසිංහ සමාජවාදය තනුක කරා වගේ මමත් දැන් ඒ විරෝධය තනුක කරන්න ට්‍රයි කරනවා

    ඒක ලේසි වැඩක් නෙවේ. ඒත් පුද්ගලානුබද්ධ විරෝධි දේශපාලනයෙන් විතැන් වෙලා රට ප්‍රමුඛ කරගත් දේශපාලනයක් කරන්න කාලය එලඹිලා.

    1993 චන්ද්‍රිකා එක්ක, 2005, 2010 මහින්ද එක්ක, 2015 මෛත්‍රීපාල සිරිසේන එක්ක, 2019 ගෝඨාභය එක්ක සහ 2022 ගෝටාගෝ අරගලය සමග මම එකට හිටගත්තෙ රට පිලිබඳව රටේ දේශපාලනය පිළිබඳව මම දරන අදහස් සමග ඔවුන්ගෙ අදහස් සමාන්තර නිසා. එදා ඒ ගත් තීරණයන් පිලිබඳව අදටත් අංශුමාත්‍රයක පසුතැවිල්ලක් නෑ. ඒ තමයි එදා ගන්න තිබුණ හොඳම තීරණය කියලා මම මේ මොහොතෙත් විශ්වාස කරනවා.

    2024/ 2025 ජනාධිපතිවරණය අභියෝගත්මකයි. බලමු රට දිනවන්න හීන දකින අය දිනයිද..? රට පරාජය කරන්න හීන දකින අය දිනයිද කියලා...!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න