.

.

Aug 24, 2023

චිචිගේ රොකට්ටුව හා ඉන්දියන් බිත්තරේ

 


චිචිගේ රොකට්ටුව හා ඉන්දියන් බිත්තරේ

➖➖➖➖➖➖➖➖➖➖🚀🚀🚀🚀➖


ඉන්දියාවෙ චන්ද්‍රයාන් හඳේ දකුණට ගොඩ බෑවම. මෙහේ දකුණේ කොල්ලෙක් වෙච්චි, ච්චිගේ රොකට් එකේ ගානත් එක්ක ඒක කොම්පෙයාර් කරනවා නේ.


රාජපක්ෂලා යුද්ධයෙන් පස්සේ කරපු සුද්දේ එකසිය ගානට විවේචනය කරපු එකෙක් මාතලන්..  ඒ වගේම කරපු සමහර දේවල ධනාත්මක පැතිත් අගය කළා. ලංකාව මොඩනයිස් කරෙත් එයාලා.. ඩුප්ලිකේට් හරි.. බ්‍රැන්ඩඩ් ඒවට හුරු කළේ එයාලා..


කොහොම හරි මහින්ද විනාශ කරගත්තේ එයයි එයාගේ පවුලයි කරපු ඔය වගේ විකාර වැඩ නිසා.. ඒවා හොයන්න... 2015 අපි කඩේ ගිහින් පත්කර ගත්ත උන්...  ආපු ගමන් කරේ අර යක්කු කරපු හොඳ වැඩත් නවත්තලා දාලා.... රාජපක්ෂලාට වැඩියෙන් හම්බ කර ගන්න... බොන්ඩ්ස් වලට ගේමක් දීපූ එක. එව්වා දැන් වැඩක් නෑ. අතීතයේ කතා පමණයි..


කොහොම හරි මට පෙන්නන්න ඕන.... ඉන්දියාව මේ ස්පේස් ප්‍රොජෙක්ට් එකට වියදම් කරපු කොස්ට් එක අඩු වුනේ කොහොමද කියන එක. 


ඒ ගැන එලොන් මස්ක් පවා පුදුම වෙලා තිබුනා. ඒ වගේම සමහර හොලිවුඩ් ෆිල්ම් වලට ඊට වඩා වියදම් කරලා තිබුනා. ඒවා ගැන ඇමරිකාවෙත් කතා බහක් ඇති වෙලා. දැන් ඉතින් එලොන් මස්ක් පවා ඉන්දීයාවට එන්න ඉඩ තියෙනවා...


ඒකට හේතු ගනනාවක් තියෙනවා... ඉන්දියාවේ නිශ්පාදන වියදම අවම වීම.... ඉන්දියාවේ ජීවන වියදම අඩු වීම...හා... උගත් බුද්ධිමත් අයගේ ජීවිත සරළ වීම ඉන් විශේෂයි.. ඒක ඊයේ මුළු ලෝකයම දැක්කා..


ඉන්දියාවේ ස්පේස් ප්‍රෝග්‍රෑම් එකේ විශේෂඥයින්ට ලැබෙන්නේ නාසා එකේ අයට වඩා ගොඩාක් අඩු මුදලක්. ඒ කියලා ඒ මිනිස්සු ඒකට නහයෙන් අඬන්නේ නෑ. ඉන්දියාව ඇමරිකාව එක්ක කොම්පෙයාර් කරන්න යන්නේ නෑ... මොකෝ එයාලා ඉන්දියාවට මාර ආදරෙයි. ඊළඟ පරම්පරාව ගොඩ දාන එක තමයි ඔවුන්ගේ එකම පරමාර්තය. චීනයත් පරද්දලා ලොව බලවතා වීමයි ඔවුන්ගේ ටාගට් එක. හිඟන්නත් ඉන්නේ ඒ මෙන්ටලැටි එකේ.


චන්ද්‍රයාන් 2 ත් ෆේල් වුන වෙලේ මෝදී පෞද්ගලිකවම මේ පිරිස මුණගැසිලා ඔවුන් දිරිමත් කරනවා.... ඔවුන්ව සනසනවා...ඒ කරලා අවුරුදු 4 කට පස්සේ තමයි මේ ජය ලබන්නේ. 


ඒක මෝදි කියන්නේ මුලු ලෝකයේම ජයග්‍රහණයක් කියලා. මේ මගින් ලබා දෙන දත්ත ඔවුන් ලෝබ නැතිව රටවල් 26 එක්ක බෙදා ගන්නවා. ඒ ලැබෙන මුදලුත් අනාගත ව්‍යාපෘතිවලටම යොමු කරනවා.


මේ සඳහා වියදම අඩු වෙන්න තවත් හේතුවක් තමා සියල්ල ඉන්දියාව තුලම නිශ්පාදනය කිරීම. ඒ සඳහා අවශ්‍ය නිශ්පාදන අමුද්‍රව්‍ය සියල්ලෙන් ඉන්දියාව පොහොසත්. අනික... සමහරු මුළු ජීවිතේම ඒ වෙනුවෙන් කැප කලත් ... ඒ වෙනුවෙන් අමතර දීමනා වරප්‍රසාද කිසිවක් ඉල්ලුවේ නෑ. සමහරු සති ගනන් මාස ගනන් ගෙදර ගිහින් නෑ... පෞද්ගලික ජීවිතයක් තිබිලා නෑ.. මෙහේ උන්, ඇමරිකාවේ උන් එහෙම නෑ. අපේ උන් නම් නිවාඩුමයි හොයන්නේ.


මෙහේ කරන්නේ ඕවට යන වියදමට අමතරව වංචා කරන මුදලත් ප්‍රොජෙක්ට් එකට එකතු වීම. මිස්ට 10% (ටෙන් පසන්ට්) කිව්වට... ගහපු ගැගිලි FCID එකට තියා, ලෝකල් ෂර්ලොක් හෝම්ස්, අනුර කුමාර දිසානායක මහත්තයටවත් හොයා ගන්න බැරි උනා. හැබයි එයාලත් එක පාරටම පාරම්පරික ධනපතීන් බවට පත් වුනා...


මේ වංචාවලට, හොරකම් වලට, දූෂණ වලට හොඳම උදාහරණය තමා බිත්තර.. නිශ්පාදන අමුද්‍රව්‍ය කිසිවක් මෙහේ නෑ... හදන්න ඕන කමකුත් නෑ... හදන්නෙත් නෑ.. ඊට ලාබයි ගේන එක...


ඉන්දියාවේ බිත්තර එහේ නිශ්පාදන වියදමත් එක්ක ... අපනයන බදුත් ගෙවලා... නැව් ගාස්තුත් ගෙවලා... රක්ෂණ මුදලුත් ගෙවලා... මෙහේ බදුත් ගෙවලා... රුපියල් 30 කට දෙන්නේ ලාබයකුත් තියාගෙන. 


මෙහේ ඒ හා සම්බන්ධ ආයතන වල උනුයි බිත්තර මාෆියාවයි එකතු වෙලා රුපියල් 65 ට දීපුවා දැන් 40 යි. දැන් දෙන්නේ පාඩුවටද.. නෑ අර පාරිභෝගිකයා මරාගෙන කාපු මහා ලාබයෙන් කොටසක් අඩු වුන එක විතරයි වුනේ.


ඉතින් එහේ අඩුවෙන්නයි මෙහේ වැඩිවෙන්නයි හේතු අහන ගොබ්බයන්ට කියන්න තියෙන්නේ... මෙහේ ගොබ්බ දේශපාලුවෝ කියන දේම ඒ විදියටම වමාරන්නේ නැතිව... පොඩ්ඩක් ලෝකය ගැනත් හොයලා බලහල්ලා. ඒක දැන් හරි ලේසියි... 


ලංකාව කියන්නේ ලෝකේ නෙමේ...


🛑 මේ පින්‍තූර ගොඩේ එක පින්තූරයක තියෙනවා ඉන්දියාව මේ වැඩේ පටන් ගත් වෙලේ ඉඳන් ගියපු ටෝටල් කොස්ට් එක.




.

31 comments:

  1. සන්නද්ධ අරගලයකින් චන්ද්‍රයාන් 3 නෞකාව

    ReplyDelete
  2. මාතලන් පාඨක සමූහය තුල කොරියාවට එන්න හීන දකින් 2022/2021 Special Exam කරලා ඇග්‍රිමන්ට් එකක් එනකම් මග බලන් ඉන්න තවත් කොලේක් බන්.....🙏🙏🙏🙏

    🇰🇷🎯🛫🥰🌸🤝🫶 මචං අපි ගැන වරදවා හිතන්න එපා අපි දැන් මේ හීනෙත් එක් ජිවත් වෙනවා ඔයාලා දන්නවා අද ලංකාවේ තත්ත්වය අපි 2019 ඉදන් මේ මොහොත වෙනකුනුත් අපි සැහෙන්ට දුක් විදින මිනිස්සු..... මචං අපි 2022/2021 විභාගය ලියලා දැනට වෙබ් එකේ රැදි සිටිනවා....😍❤️‍🔥 අපි එක පාර කොරියාවට ගිහිත් ඇවිත් තම තමන්ගේ හින හීනියට ඉටු කරගත්ත අය..... ලංකාවේ ආර්ථික හැසිරිමත් එකක් ගත්තහම සැහෙන අමාරුයි ලංකාවේ ජිවත් වෙන්න අපි වගේමය ඔයාලත් අත් විදලා තියෙනවා අත්විදිනවා කියලා අපි හිතනවා..... මේ තියෙන ප්‍රශ්නත් එකක් කොහොම හරි කොරියන් විභාගය ගොඩ දාගන්න වේලාවකුත් වෙන් කරගෙන පන්ති ගිහිත් බොහොම අමාරුවෙන් විභාගය ගොඩ දාගත්ත මචං....

    💰💰💰💰දැනට මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එකක් හදපු ගෙත් භාගෙට, කරගන ආපු ව්‍යාපාරයටත් අතර මග නැවතිලා, ආසාවෙන් ගත්ත වාහනයත් ලිසිං කොම්පැණියට හිර වේලා, වැඩහිටි දෙමාපියන්ටත් සලකගන්න විදිහකුත් නැහැ, දරුවන්ට හරි හමන අධ්‍යාපනයක් දෙන්න විදිහක් නැහැ මොනව කරන්නේ කියලා හිතාගන්න බැහැ පළමුවෙන්ම කොරියාවට ආව වගේ නෙවියෙි දැන් අපි වැඩි හිටි අය වයස අවුරුදු 35-41 වෙලා දන්නේම නැතිව ඉතින් වගකිම් වලින් මිරිකිලා ඔයාලත් අපි වගේම කට්ට කාල කොරියාව ගිය අය දෙවෙනි සැරෙත් ඉතින් මේ සියලු දේවලා ඔයාලත් පොදු සමහර අයට එහෙම නැතිව ඇති මේ ලියුම ලියන අපි හැමොටම එකම ප්‍රශ්නය නෙවියි තියෙන්නේ ඉතින් අපි වෙනුවේන ඔයාලට පිහිට වෙන්න පුලුවන් පුංචි අහිංසක ඉල්ලිමක් මචං තියෙන්නේ අපි වෙනුවෙන් ඔයා වැඩ කරන ආයතනයේ සජංනිම්ට කියලා එක ඇග්‍රිමන්ට් එකක් අරන් දෙන්න පුලුවන්නම් අපි හම්බ කරන වොන් එකක් ගානේ ඔයාලට පිං සිද්ධ වෙනවා.... මම හිතන්නේ තවත් මේ පිළිබදව කිව යුතු නැහැ මේ අපේ හිනයට ඔයා පන දෙන්න රත්තරං කොල්ලනේ...... ලංකාවේ වෙසෙන 2022/2021 විභාගය ලියලා වබේ එකේ රැදි සිටින කොල්ලෝ..... ඔයාලට පරිස්සමින් වැඩ කරගන්න බුදු සරණයි.... දෙවි පිහිටයි...... සුභ අනාගතයක් වේවා.....🥹🥹🥹🥹🙏🙏🙏🙏

    🛑🛑🌸 මෙතන ඉන්න අයට වයස 38/39/40/41 වුන අයත් ඉන්නවා ඒ අයට අයේ විභාග ලියන්නත් බැහැ එක නිසා අපිට පිහිට වෙන්න....🙏🙏🙏🙏🙏😍😍😍😍🫶🇰🇷

    ReplyDelete
  3. මම වයස 16 පමන මට වඩා අවු 8 ක් වැඩිමාල් ගෑනු කෙනෙක් සමග අනියම් සම්බන්දයක් පැවැත්තුවා ඇයගේ සැමියා ආමි එකේ හිටියේ ඉට පස්සේ අපි දෙන්න ගෙවල් ⁣වලට හොරෙන් පැනලා ගිහින් එකට ජීවත් උනා අපේ ගෙවල් වලින් පොලිසි ගිහින් මම බා වයස් කියලා උසාවි පවා දැම්මා උසාවියෙන් නැවත එහෙම උනොත් බන්දනාගාරෙ දානව කියලා විනිසුරැ තුමා පැවසුවා නමුත් අපි නැවතත් පැනලා ගිහින් ලමයෙකුත් හම්බ උනා එයාට කලින් කසාදෙනුත් ලමයෙක් හිටියා (කලිං ලමය එයාගෙ පියා ලග හිටියේ) ලමයට උප්පැන්නේ ලියන්න ඕන නිසා මට වයස 18 උනාම රෙජිස්ටර් කෙනෙක් ලග කසාද බැන්දා එයා කලිං බැදපු කෙ⁣නාගෙන් ඩිවෝස් වෙලා තිබ්බෙ නැ අපි බදින කොට ඒ කසාදෙ වලංගු එකක්ද?

    තව දැං අපි දෙන්නා ඩිවෝස් නොවී අවුරැද් 8 ක් පමන වෙන වෙනම ජීවත් වෙන්නේ එයාගෙ කලින් බැදල හිටපු කෙනා අනතුරකින් නැතිවෙලා වෙන කෙනෙක් එක්ක ඉන්නේ මාත් වෙන කෙනෙක් එක්ක තමයි දැනට ඉන්නේ මට එයාව බදින්න පුලුවන් කලිං කෙනාගෙන් ඩිවෝස් වෙලාද පිලිතුරක් බලාපොරොත්තු වෙමි

    ReplyDelete
  4. කුඩු කෑවත් තිරිත්තමකට කත යුතුය
    හත් පොලේම ගාගන්නට හොඳ නැතිය
    සල්ලහුකවුත්ති එහෙමත් දත යුතුය
    එහෙම නැති වුනම චොර වෙන එක වේය

    ReplyDelete
    Replies
    1. නිමල්ගෙ පොල්ලෙ පොල්කුඩු

      Delete
  5. මාතලන් දන්නවද එළෙඹන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙන බව? ඒ, ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ සහභාගිත්වය අවිනිශ්චිතවීම හේතුවෙන්.

    ක්‍රීඩා මාධ්‍ය වාර්තා වල හැටියට ආබාධයකට ලක්ව ඇති වේග පන්දු යවන දුෂ්මන්ත චමීරට ආසියානු කුසලානය අහිමිවීමට වැඩි ඉඩක් පවතින බවත් එමෙන්ම ආබාධයකට ලක්ව ඇති වනිදු හසරංගගේ සහභාගිත්වයද පවතින්නේ අවිනිශ්චිත මට්ටමක බවත්ය.

    මේ අතරතුර ඉකුත්දා නිමා වූ එල් පී එල් තරගාවලියේදි දක්‍ෂතා දැක්වූ කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් වැළදී ඇතැයි මේ වනවිට වාර්තා වනවා.

    ඔවුන් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය වන්නේ ඔවුන් සුවය ලබන තත්ත්වය අනුවයි.

    දුෂ්මන්ත චමීර වෙනුවට ඩිල්ෂාන් මධුෂංක හෝ කසුන් රාජිත හෝ අසිත ප්‍රනාන්දු නම් කිරීමට ඉඩ ඇති බවටයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

    එහෙත් එල් පී එල් තරගාවලියේදී හොදම දක්‍ෂතාව දැක්වූ වනිදු හසරංග වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු සොයාගැනීම ගැටලුවක් බව ක්‍රීඩා මාධ්‍යයන්හි සදහන්.

    ආසියානු කුසලානය ලබන බදාදා ආරම්භ වුවද ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. තරගාවලියට එක්වන කණ්ඩායම් 4ක් මේ වනවිට සිය සංචිත ප්‍රකාශයට පත් කර අවසන්.

    ReplyDelete
  6. ලංකාවේ මීගවයෝ අල්ලපු රටෙන් ගන්නේ එපාම කරපු නරකම දේවල් විතරයි හොඳ දේවල් මොනවත් ම නෑ නේද? මාතේ ඔය ඉන්දියාව හදට ගිය රහස ගැන කියද්දී ඉන්දියාවේ නායක නරේන්ද්‍ර මෝදි ළඟින්ම ගමන් කරපු අර ඡායාරූප වල ඉන්න සුප්‍රසිද්ධ කෙසඟ පුද්ගලයා කවුද දන්නවද..? ඔහුගේ නම මහාචාර්ය සම්බාජි බීඬේ. ලොවම පිළිගත් පරමාණුක භෞතික විද්‍යාවට රන් පදක්කම් දිනූ අසහාය විද්‍යාඥයෙක්. මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ පූනා හී ෆගියුසන් ආයතනයේ මෙන්ම භාරතයේ කීර්තිමත් සරසවි රැසක දශක ගණනාවක් ඉගැන්වීම් කළ විද්වතෙක්. ඔහු සිදුකළ පශ්චාත් අධ්‍යයන ප්‍රමාණය අසමසමයි. 67කට වැඩි මේ අධ්‍යයන නිබන්ධන වලට මේ මහාචාර්යවරයා භාරතීය හා ජගත් තලයේ සම්මාන සියයකට වැඩි සංඛ්‍යාවක් හිමි කරගෙන තිබෙනවා. ඇමෙරිකාවේ නාසා ආයතනයේ හා පෙන්ටගනයේ උපදේශකත්වයට පත්වූ එකම ඉන්දියානුවා ඔහු පමණයි. මේ සියලු කටයුතු අවසානයේ ඔහු මහාරාෂ්ඨ ප්‍රාන්තයේ තරුණයන් මිලියනයක් සමග භාරතය වෙනුවෙන් සමාජ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ලෝකයේ ඉහළම සැප සම්පත් විඳින්නට තරම් උගත්කමක්, ධනයක් තිබුණත් ඔහුගේ ජීවිතය ගෙවෙන විදිහ විශ්මයජනක ලෙස අති සරළයි. ඔහු අඳින්නේ දළ රෙදි පමණයි. සපත්තු තබා සෙරෙප්පුවක් වත් දාන්නෙ නෑ. අනුභව කරන්නේ සරළ ආහාර.

    ඒ අනුව ඔබත් මදක් සිතා බලන්න ජාතියේ අසහාය දියුණුව වෙනුවෙන් රටේ නායකයන් සමග කටයුතු කරන්නට ලැබෙන අවස්ථාවක් අපි ප්‍රයෝජනයට ගන්නේ කොහොමද? අපට තිබෙන හොඳම ඇඳුම, හොඳම සපත්තු යුගලය, හොඳම ඔරලෝසුව... එහෙම නේද?

    ඒත් මහාචාර්ය සම්බාජි බීඬේ........ ! සැබිවින්ම බුද්ධිමත්කමට මනුෂ්‍යයෙකු තුළ ඇති කෙතරම් පරිවර්තනයක් ඇති කළ හැකිද යන්නට මහාචාර්ය සම්බාජී බීඬේ ජීවමාන සාක්ෂියක්. බුද්ධිමත්ව තීරණ ගැනීමට පුළුවන්කම ලැබිල තියෙන භාරතයේ විද්වතුන් උගතුන්ගේ සරල බව අපේ අයත් අධ්‍යයන කල යුතුයි. ‍මෙහෙම මිනිසුන් ජීවත් වන්නෙ මේ මහ පොලවෙමයි කියල අමතක කරන්න එපා?

    ReplyDelete
  7. ඉන්දියාව විතරක් නෙවෙයි ලෝකයේ සේරම වේගයෙන් සංවර්ධනය වන emerging economies සහිත රටවල් වලට සාපේක්ෂව ලංකාව දිහා බලනකොට ලංකාව කියන්නේ මාෆියා කරුවන්ගේ පාරාදීසයක්. දේශපාලකයාගේ සිට රාජ්‍ය නිලධාරීන්, සමාජ ආර්ථික ක්‍රියාවලියේ නිරත වන සියලුම අංශවල වෘත්තීයවේදීන් සහ වෙනත් ක්‍රියාකාරීන් වගේම සියලුම ආගම් වල ආගමික නායකයින්, වෘත්තීය සමිති නායකයන් ආදී මෙකී නොකී සියල්ලෝම මෙන්ම බිම් මට්ටමේ ත්‍රි රෝද රථ පදවන්නා දක්වා ඇත්තේ අධිපතිවාදී මාෆියා මානසිකත්වයයි. එවන් රටක වැසියන් හිතන ආකාරය වෙනස් කිරීමට ඔවුනට ස්වයං බුද්ධියක් පහලවේයයි සිතීම පවා අග්‍ර ගනයේ JOKE එකකි. එසේම ලංකාවේ සමහරක් ලංකාව පත් කල යුතු dreamland එක ලෙස හිතාගෙන ඉන්න සිංගප්පුරුවේ වත්මන් පරපුර සිතන ආකාරය අගමැති ලී කුවාන් යූ ගොඩනගපු සිංගප්පුරුව රැක ගැනීමට සමත් වේද යන්නත් වෙනම කතා කල යුතු මාතෘකාවකි. මේ නිසා ඉන්දියාව දෙස බලා හෝ ගොඩයාමට හිතාගන්න පුලුවන් වෙයිද කියල බලන්න ඕන කියල කියන්න තමයි වෙන්නේ.

    ReplyDelete
  8. අද ඊයෙ බුකියෙ නිරීක්ෂණ ටිකක්.,

    රේගුවෙන් අනවසර භාණ්ඩ විනාශ කරන එකට හෙන ඉල්ලන බහුතරයක් ඉද්දී ඇත්තටම ඒවා දුප්පතුන්ට පිනට බෙදානොදී ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව විනාශ කරන්නේ ඇයි සහ එහෙම කරන්න හේතුවන ජාත්‍යන්තර රේගු නීති රීති සහ සම්මුතීන්ට අනුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන අතරම ඒකෙ සමාජමය සහ නීතිමය පැත්ත ගැන කතා කරන්න කිසිම කෙනෙක් නැතිවීම...,

    චන්ද්‍රයාන් වගේ එකක් ලංකාවේ අපිට යවන්න බැරි උන එක ගැනයි, කලින් වෙච්ච සල්ලි නාස්තියයි ගැන කියවන්න අටෝරාසියක් ජනතාව හිටියට ලංකාවෙ අධ්‍යාපනයට, පර්‍යේශණවලට රාජ්‍ය අනුග්‍රහය වෙනුවට රාජ්‍ය සහ පෞද්ගලික හවුලේ ව්‍යාපාරික අරමුණෙන් කර්මාන්තකරුවන්ගේද සහයෝගීතාව ලබාගෙන පර්යේෂණ කිරීමේ වැදගත්කම සහ යමක් productize කරන්න ගියාම රජයේම සිටින ඇතැම් තකතීරුවන් සහ කාක්කන්ට ව්‍යපෘති බිලි වෙන හැටි දන්නැති වීම.., ඒ වගේම සුප්‍රීම් සැට් එක රජයේ මුදල් වැය නොකර පෞද්ගලික අංශයෙන් ක්‍රියාත්මක කරපු එකක් බවත් රජයේ මුදල් වැයවූණේ මෝඩ ජනාධිපති පුතෙක්ව පුම්බන බොරු ප්‍රචාර වලට පමණක්ම බව;

    https://www.sundaytimes.lk/121209/news/sl-govt-hasnt-invested-in-supreme-sat-minister-24090.html

    කුමාර ධර්මසේනගෙ අගාවුඩ් ව්‍යාපාරය රටට ඩොලර් කීයක් ගේනවද දන්න එවුන් ඇඟිලි ගානටත් අඩු වුනාට ධර්මෙට මඩ ගහන කුණු ගොඩ ගැන අදහස් දක්වන banana republic ජනතාව...,

    ඒ නිසා අපිට ඔය ගොබ්බ චින්තනය රටක් විදියට වෙනස් කරගෙන රට ගොඩනගන්නට සමත් ධනාත්මක ආකල්ප වර්ධනය කර ගැනීමට තව කොච්චර කල් යයි කියලද මාතා හිතන්නෙ ? 😥

    ReplyDelete
  9. "ඉන්දියානුවා තමන්ගේ රටට හරිම ආදරෙයි. හිඟන්නත් ඉන්නෙ ඒ මෙන්ටලිටි එකේ". ඒක නම් සහතික ඇත්ත.

    ReplyDelete
  10. මාතේ ඇත්තටම හොඳ ලිපියක්. එක්‌ කාරණයක් ගැන පැහැදිළි කරන්න. බලශක්ති ප්‍රභවය එකම නම් ආර්ථික කාර්යක්ෂමතාව ප්‍රශස්ථ වන්නේ තාක්ෂණික කාර්යක්ෂමතාවය ද ප්‍රශස්ත වූ විට නොවේද? ඒ වගේම මෙයින් තවත් දෙයක් පැහැදිලිව පෙනෙන අතර මේ project එකෙන් ඉන්දියාවේ ඉංජිනේරු හා වෙනත් තාක්ෂණය ගැන ඉහල යන පිළි ගැනීම නිසා ඉදිරියේදී ලැබීමට නියමිත ආර්ථික වාසිය වියදමට වඩා සෑහෙන ලාබ ලබා දේවි කියලා මට හිතෙනවා ඒක හරි නේද?

    ReplyDelete
  11. ඔය දොස්තරල සැට් එක ළමයිට ජාතික පාසැල් නුදුන්න කියලත් හර්තාල් කලා කියල මටනම් මතකයි. ඔය දොස්තරකම කියන්නෙත් එක විශයක් විතරයි කියල ලංකාවෙ එවුන් තේරුම් ගත්තු දවසට ලංකාවට සෙතක් වෙයි. මම නිකමට මට හිතෙන විදිහට වටිනාගම අතින් වැඩි දොස්තරලද කසල සෝදකයින්ද කියල උත්තරය මොකක් වෙන්න ඕනිද.

    https://www.facebook.com/ITNNewsSinhala/videos/1117701769634281/?mibextid=eimWu5Utm3dJgHwj

    ReplyDelete
  12. එහෙමම නෙවෙයි මාතලන් ලංකාව තූල හරියට System එකක් තියෙනවා නම් නීති, චක්‍රලේඛ, අණපනත් වල තියෙන සංකීර්ණ බව අඩුයි නම් දැනට සිදුවෙන වංචා දූෂණ වගේම පුරවැසියන්ට සිදුවෙන අපහසුතා වුනත් අවම වේවි.

    උදාහරණයක් තමයි ලංකාවේ Custom එක..
    නීති රීති, අධික බදු, ප්‍රායෝගික අපහසුතාවන් නිසා තමයි ඒකේ ඉන්න උන්ට වැඩියෙන්ම හොරකම් කරන්න අවස්ථාව උදාකරලා තියෙන්නේ.. අයකරන බදු වුනත් ටිකක් අඩු වෙනවා නම් ආනයනකරුවන් වුනත් Custom එකේ අයට පගාව දෙන්නේ නැතිව අදාල බදු ගෙවලා අවශ්‍යදේ ගෙන්වාවි.. රජයට දැනට ලැබෙනවාට වඩා ආදායමකුත් ලැබේවි... දැන් ඔය රනිල් අයි එම් එෆ් පොල් බූරුවෝ ගහන බයිලා අහලා කරන්න උත්සාහ කරන බලය විමධ්‍යගත කිරීම හරහා රජය පහල මට්ටමේ නිලධාරීන් බලතල දීම නෙමේ විය යුතු ජාතික ප්‍රතිපත්ති මත පදනම් වුණු හරි සිස්ටම් එක හැදීමයි...

    ඒ වෙනුවට ඔය රනිල් වික්‍රමසිංහ කරන විධියට ප්‍රාදේශීය ලේකම්ට බලතල දුන්නා කියලා එහෙන් මෙහෙන් කොං අත ගෑවෙනවා මිසක් වැඩක් වෙන්නේ නෑ ඒවත් හරි වැඩ නෙමෙයි ඒවත් මුදලට යට වෙනවා. ඒව ගැන ඔය මොකෙක්ටවත් තේරෙන්නේ නැති එකයි අවුල තියෙන්නේ.

    ReplyDelete
  13. https://economatta.blogspot.com/2023/08/blog-post_25.html

    ReplyDelete
  14. මාතේ හොයල බලපන් "තේජස් එක්ස්ප්‍රස්" Tejas Express කියන
    ප්ලේන් එකක පහසුකම් තියෙන ඉන්දියාවේ අලුත්ම දුම්රිය ගැන, ඒ ගැනත් පෝස්ට් එකක් දාපන් මචං මොකද තමන්ගේ රටේ ඇතුලේ උනත් ලෝකේ වෙන රටකට ගියත් අභ්‍යාවකාශෙට ගියත් තමන්ගේ රටේ වචන පාට හැඩය මේ ඔක්කොම රැක ගන්න එක තමයි ඉන්දියාවේ ලොකුම විශේෂත්වය. උන් කවමදාවත් ඒ ගැන ලැජ්ජ වෙන්නේ නෑ ඒ වගේම නිර්භීතව තමන්ගේම සංස්කෘතිය තුල දැඩි ආත්ම විශ්වාසයයක් සහ ආත්ම අභිමානයක් ඇතුව ජීවත් වෙන මිනිස්සු, ඒකයි උන්ගේ සාර්ථකත්වය පිටුපස ඇති මහා පොදු සාධකය...

    අපි දැන් ඉන්න මේ රටවල දැනට පවතින ප්‍රධාන සංස්කෘතිය බලහත්කාරය යොදාගෙන සියලුම ජඩමාධ්‍ය වගේ දේවල්ද ගණිකා වෘත්තියේ යොදවමින් සල්ලි වියදම් කරලා ලංකාවට වගේ පසුගාමීම ගෝත්‍රික හරක් ඉන්න රටවලට බලහත්කාරයෙන් ඔබ්බවනකොට ඒකට උඩගෙඩි දෙන අමුම අමු ගොන් බටහිර ගැති ගෝත්‍රික නිරාගමික වහල් මීහරක් හැත්තක් ඉන්න නිසා ලංකාවේ බැරිවෙලාවත් මෙහෙම දෙයක් උනානම් මෙලෝ තේරැමක් නැති නමක් දාල කිසිම ගැලපිමක් නැති පාටක් ගාල අන්තිමට යන අයට ලැබෙන පහසුකම් ගැන ඉතින් නොකිය ඉමු.

    ඒ නිසාම ඉන්දියාව හදට යන්නයි අපේ උපන්රට ලංකාව ආපස්සට ගල් යුගේට යන්නයි වෙනස තේරැම් ගන්නව නම් තේජස්ම විතරක් ඇති.

    මේක බලන්න තේජස් ගැන කෙටියෙන් විස්තර ටිකක් දැනගන්න

    https://m.youtube.com/watch?v=AUIk9c3Nwfc

    ReplyDelete
  15. හම්බන්තොට වරාය , නෙලුම් කුළුණ වගේ ප්‍රොජෙක්ට් වලට හදට ගිය ප්‍රොජෙක්ට් එකට වඩා වැයවුණා කියල ප්රෝපෙසර් කෙනෙක් යුටියුබ් එකේ කියල තිබුණා ...

    ReplyDelete
    Replies
    1. @ ලලිත්

      ඔය වගේ ගොන් කතා කියන හොර ප්‍රොපෙසර්ලා හොරාචාරියෝ හැමතැනම හරියට මර්වින් සිල්වාට ආචාර්ය උපාධිය ලැබුණා වගේ හොරතනතුරු තමන්ම දාගත්ත තකතිරුවෝ තමයි ඔහොම ගොන් කතා කියන්නේ ඒකනේ,

      ඉන්දියාවේ චන්ද්‍රයාන් ව්‍යාපෘතියේ වියදම සහ මහපොළොව මත ඉදිකරන ඉදිකිරීම් ගොඩනැගිලි සහ ශ්‍රී ලංකාවත් යම් තරමකට සම්බන්ධ වී යැවූ සුප්‍රීම් සැට් වැනි සන්නිවේදන ව්‍යාපෘති වගේ වියදම් සසැඳීම ගොන් වැඩක්. එහෙම කරන්න තරම් මිනිස්සු අඥාන ද, එහෙමත් නැත්නම් හිතාමතාම මිනිස්සු රැවටිලා වගේ ඉන්නවද කියන්න මම දන්නෙ නැහැ.
      හැබැයි කෙටියෙන් ඔය එකකට එකක් සම්බන්ධ නොවන සම්පූර්ණයෙන්ම වෙනස්වූ කොන්ටෙක්ස්ට් දෙකක්.

      ඒක උදාහරනෙකින් මෙහෙම කියන්නම්.

      ඇපල් සමාගම අන්තිමටම නිකුත් කළේ I phone 14 සහ ඒ ආශ්‍රිත මොඩල.I phone 14 මොඩල් සීරීස් එක හදන්න ඇපල් සමාගමට සම්පූර්ණයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 29ක් වියදම් වෙලා තියෙනවා.

      මැතක රුසියාව අලුත්ම ස්මාර්ට් ෆෝන් බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරන්න පටන් ගත්තා.
      ඔවුන් විසින් නිකුත් කරන පළමු ස්මාර්ට් ෆෝන් එක ඩිවෙලොප් කරන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් වැය වෙලා තියෙනවා.

      මාර වැඩක්නේ.

      ඒ කියන්නේ රුසියානු ස්මාර්ට් ෆෝන් එක හදන්න, අයි ෆෝන් 14 එකටත් වඩා වියදම් වෙලා.
      ඒ කියන්නෙ රුසියානු සමාගම ගසා කාලද ?

      එහෙම නෙවෙයි, ඇත්තටම ඇපල් සමාගම හදන්නේ අවුරුදු ගානක් හදපු සීරීස් එකක මේ වසරේ වර්ෂන් එක වන I phone 14 මොඩ්ල් එක.

      අයි ෆෝන් එකක් හදන්න අවශ්‍ය සියලුම මැෂින්ස් සහ යටිතල ව්‍යුහය සහ පද්ධති සැපයුම්කරුවන්, විශේෂ ප්‍රාගුණ්න්‍ය වගේ ගොඩක්ම දේවල් එයාලට තියෙනවා.
      තාක්ෂණය තියෙනවා. අවශ්‍ය දැනුම ප්‍රොටෝකෝල්ෂ් සහ
      පේටන්ට්ස් ගොඩක් තියෙනවා.
      බිල්ඩින් තියෙනවා. ඔක්කොටම වඩා විශේෂඥ දැනුම කුසලතා සහිත වූ ස්ටාෆ් එක ඉන්නවා. සප්ලයි චේන් තියෙනවා.කලින් අයි ෆෝන් 13ක් හදපු එක්ස්පීරියන්ස්, තාක්ෂණය, වැරදීම් සහ සාර්ථකවීම්වලින් උගත් පාඩම් තියෙනවා.

      දැන් ඇපල් සමාගමට අලුතෙන් අයි ෆෝන් එකක් බිල්ඩ් කරන එක ලෝ කොස්ට්, හරිම සූපිං වැඩක්.

      පළමු අයිෆෝන් එක බිල්ඩ් කරන්න ඇපල් සමාගමට එවකට මුදලින් ඩොලර් මිලියන 150ක් වැය වුනා. (වර්තමානයේ වටිනාකම ඩොලර් මිලියන 500ක් පමණ)
      හැබැයි අලුත්ම අයිෆෝන් එකට ඩොලර් මිලියන 30කටත් අඩුයි.

      රුසියානු සමාගම වෙනස් .

      එයාලා ස්ටාර්ට් අප් එකක්. එයාලා හැමදේම බිංදුවේ ඉදලා අලුතෙන් පටන් ගන්නේ.
      එයාලා අලුතෙන් බිල්ඩිං හදන්න ඕන ස්ටාෆ් එක මැෂින්ස් ගන්න ඕන. හොයල බලල දක්ෂ අය තෝරලා
      ස්ටාෆ් එකක් බඳවාගෙන වැටුප් ගෙවන්න ඕන.
      තාක්ෂණය සහ පේටන්ට්ස් ටික සල්ලි වලට ගන්න ඕන.
      හැමදේම බිංදුවේ ඉදලා පටන් ගන්න ඕන.

      ඔවුන්ගේ කොස්ට් එක වැඩිවුනේ ඒකයි.

      ඔවුන්ගේ දෙවෙනි ජංගම දුරකථනය, පළමු ජංගම දුරකථනයට වඩා ඉතා අඩු මුදලකින් හදන්න පුලුවන්. ඒ වගේ......

      Delete
    2. ඒ වගේම චන්ද්‍රයාන් 3 ව්‍යාපෘතියත් අයි ෆෝන් 14 වගේ වැඩක්. ඉන්දීය අභ්‍යවකාශ පර්​යේෂණ ආයතනය (‘නාසා’ මෙන් කෙටියෙන් ‘ඉස්රෝ’) සඳේ ආවාට අතරේ ජල අංශු ලොවට අනාවරණය කළේ 2008 වසරේ දී, ඔවුන්ගේ ‘චන්ද්‍රයාන් 1’ සඳ ගවේෂණ යානයෙන්, ඒ ගවේෂණ යානය සඳේ කක්ෂයට පිවිස, සඳ සිතියම් ගත කළේ චන්ද්‍රිකාවක් සේ, සඳ වටා යමින් ‘චන්ද්‍රයාන් 1’ ඉන්දීය රුපියල් කෝටි 386 (ඇමෙරිකන් ඩොලර් මිලියන 54) ක වියදමකින් කරාට පසුව 2019 වසරේදී ඉන්දියාවෙන් කළ චන්ද්‍රයාන්-2 මෙහෙයුම යටතේ හඳට ගොඩ බස්වන්නට සැලසුම් කළ වික්‍රම් යානය (lander) හඳට ඔන්න මෙන්න තියා කඩා වැටීමට මූලිකම හේතුවක් වුනේ යානය සමඟ පොළොවේ සිට සන්නිවේදනය කළ නොහැකි වීම. නමුත් මෙවර චන්ද්‍රයාන්-2 මෙහෙයුමේ අවසන් අදියරේදී අසාර්ථක වුවත් එහිදී සඳ වෙත යවනු ලැබූ ප්‍රධාන යානය තවමත් සඳේ කක්ෂයේ තිබෙනවා. මෙවර වික්‍රම් ලෑන්ඩරය හඳ මත ගොඩ බැස්වීමෙන් පසුව එම චන්ද්‍රයාන්-2 යානය මෙන්ම චන්ද්‍රයාන්-3 මවු යානයද වික්‍රම් ලෑන්ඩරයේ සිට පොළොව වෙත සංඥා එවීමේදී අතරමැදි සංඥා සම්ප්රේෂකයින් ලෙස යොදා ගැනීම ඉන්දියාවේ සැලසුම මගින් සන්නිවේදනය බිඳ වැටීමේ අවදානම අඩු කරගත හැකි වුනා.

      ඒ අනුව ඔවුන් මින්පෙර චන්ද්‍රයාන් ව්‍යාපෘති දෙකක් කරලා තියෙනවා. ඒවට ගොඩක් සල්ලි වියදම් කරලා තියෙනවා.රොකට්, සැටලයිට් යවන්න තාක්ෂණය, උපකරණ, ස්ටාෆ් ඔක්කොම දැන් ඔවුන්ට තියෙනවා.ඉතින් චන්ද්‍රයාන් 3 බිල්ඩ් කරන්න ඉනීෂියල් කොස්ට් එකක් නැහැ.

      හැබැයි මුල ඉදලා පටන් ගන්න සමාගමකට බිල්ඩිමේ ඉදලා අලුතෙන් හදන්න වියදම් කරන්න වෙනවා.ඉඩම් ගන්න වෙනවා. තාක්ෂණය, පේටන්ට් අරන් ස්ටාෆ් හයර් කරන්න වෙනවා.එතකොට එවැනි ව්‍යාපෘතියක කොස්ට් එක කොහොමත් වැඩියි.

      ඔය සරල ආර්ථික විද්‍යාව නොතේරෙන මිනිස්සු බහුතරයක් ඉන්න, බිස්නස් ගැන මළපොතේ දැනුමක් නැති ලෝකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්න රටක් ගොබ්බ හොර ආචාර්ය කෙබර පප්පලා මාධ්‍ය වල බේගල් ටොන් ගණනින් අතාරින තත්ත්වයක් යටතේ ඔහොම රටක් බංකොලොත් වීම පුදුමයකුත් නෙවෙයි.

      හැබැයි ඕකේ හොඳ පැත්තකුත් තියෙනවා, ඕකපිට දාල රාජපක්ෂ පවුලේ හොර හැත්තට මඩ ගහන එකෙන් උන්ට ගම්වල ඉන්න ගොන් බයියෝ රැවටෙන එක අඩුකරගෙන උන්ව දේශපාලනයන් පාලන ක්රියාවලි වලින් ඉවත් කිරීමට සහාය ලැබෙනවා.

      ඒත් උන් එලවලා ගේන්න මොලේ තියෙන එකම විකල්ප කණ්ඩායමක්වත් නෑනේ නේද? මාලිමා බයියොයි සජබයියෝයි ඊට හපන් ගොන් රැලක්, ටිකක් හරි චම්පිකයට මොළේ තියෙන බව පේනවා ඒත් ඒකාටත් කවුද ඡන්දය දෙන්නේ ඒ නිසා මොළේ තියෙන අය රටෙන් පිට වෙලා රටකට පනින්න විතරයි නේද එකම විසඳුම, වෙලාවට අපි ඒකාලේම ලේසියෙන්ම පැනගත්ත එක ගැන දැන් තමයි වැඩිපුර සතුට දැනෙන්නේ 😀😃😅

      Delete
    3. ඒ වගේම ඔය ඩොලර් මිලියන 75 චන්ද්‍ර යාන් 3 ගැන කියන කොට ඒකේ වියදම අඩුකර ගත් ආකාරය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර අවබෝධ කරගත යුතුව තිබෙනවා, මොකද අවුරුදු පණස් හතරකට විතර පෙර ඇපලෝ වැඩ සටහනේ පිරිවැය අද එක්සත් ජනපද ඩොලර් වලින් බිලියන 280ක් පමණ.

      මිනිසුන් රහිත යානයක් හඳට යවන්න එක්සත් ජනපදයට දැනුත් ඩොලර් මිලියන 400-500 පමණවත් යන බව ඉලෝන් මස්ක් කියනවා. චීනයට චං 4 හඳට යවන්න වගේම රුසියාවේ අසාර්ථක වූ ලූනා-25 මෙහෙයුමටත් ඩොලර් මිලියන 200-250 පමණ ගියා.

      ඒත් ඉන්දියාව මේ වැඩේ ඩොලර් මිලියන 75කින් කරලා පෙන්නලා තියෙනවා කියලා හැමෝම කියුවට ඉන්දියාවේ අඩු වියදම් හඳ ගමනේ රහස තමයි ගමන් කාලය අඩු කර ගැනීමට උත්සාහ නොකර පොළොවේ ගුරුත්ව බලයම හැකිතාක් යොදා ගනිමින් හීන් සැරේ ගාට ගාට වගේ අඩුම ශක්තියක් යොදාගෙන හඳට යානයක් යැවීමට සැලසුම් කිරීමයි. මේ කියන චන්ද්‍රයාන්-3 හඳ වෙත යවන්නට දින 41ක් පමණ ගත වුනේ ඒ නිසා. ඇමරිකන් යානා වලට මිනිසුන්ද සහිතව දින හතරකදී හඳ වෙත යා හැකි වී ඇති අතර මිනිසුන් රහිත සෝවියට් යානා දින තුනකින් හඳ වෙත ගොස් තිබෙනවා. හැබැයි හඳට යානාවක් කෙළින්ම, එකවර යැවිය හැකි තරම් බලයක් ඇති රොකට් හෝ ඒවා පාලනය කරන නවීනතම processors සහිත පරිගණක පද්ධති ආදිය ඉන්දියාව සතු වූයේ නැහැ. ඉන්දියාව කළේ ඒ වෙනුවට තමන් සතුව ඇති තාක්ෂණය උපරිම වශයෙන් යොදාගෙන අඩු වියදමින් කාලයක් පොළොව වටා රවුම් ගසන අතර ක්‍රමයෙන් රවුම ලොකු කර ගනිමින් අවශ්‍ය සීමාවට යාමෙන් පසුව පොළොවේ ගුරුත්වයෙන් මිදී හඳ වෙත යාමයි. ඉන් පසුව, ඒ විදිහටම හඳ වටා රවුම් ගසමින් හඳට කිට්ටු වීමයි. මේ ක්‍රමයේදී විශාල බලශක්ති ඉතිරියක් වෙනවා. ඒකෙනුයි ගාන ගැනීමට ගැනීමට පුළුවන්කම ලැබිල තියෙන්නේ, මිනිසුන් රහිත යානයක් හඳට යවන්න වගේ නෙවෙයි මිනිසුන් සහිත යානයක් හඳට යවන විට ගමන් කාලය ගැන මීට වඩා සෑහෙන සැලකිලිමත් වෙන්න වෙනවා. මිනිසුන් වැඩි කාලයක් යානයක් තුළ රඳවා ගැනීමේදී මතුවන අභියෝග ගණනාවක් තිබෙනවා ඒක නිසා, ඒත් මේක ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණය පැත්තෙන් සහ ඒ වගේම ස්පේස් කාගෝ පැත්තෙන් සෑහෙන්න වටින වැඩක් කියල කියන්න ඕන.

      Delete
  16. ගොඩක් අය බලන් ඉන්නෙ මෙ පාර අසියානු
    කුසලානෙ අපෙ කොල්ලො ඇප නැති වෙන්න
    පැරදිලා පලවෙනි වටෙන්ම කැපෙනකම් 🥲💔

    හැබැයි කවුරු මොන කතා කිව්වත් ඔනම ක්‍රිඩකයො අවාසනාවට ආබාධ වුනත් ඉන්න ක්‍රිඩකයො ට්ක මැනෙජ් කරගෙන මේ පාරත් අපෙ කොල්ලො ට්ක ගෙම ගහයි කියලා ලොකු
    ව්ශ්වාසයක් තියෙනවා !!!

    උඹලට පුළුවන් කොල්ලනෙ ලොකු වෙනසක්
    කරමු මෙ පාරත් Good luck lions ♥️🇱🇰

    ReplyDelete
  17. ඉන්දියාව චන්ද්‍රයාන් යැව්වෙ සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රයෝජනයට නෙමෙයි. නමුත් ඒවා දැකල ඉන්දියානුවන්ට ලැබුණු ආඩම්බරයත්, සතුටත් රටටම ප්‍රයෝජනයක් සහ ලොකු අනාගත ආයෝජනයක් තමයි.

    නමුත් ඒකෙං ඊට වැඩිය ඉතා විශාල වාසි ඉන්දීය ආර්ථිකයට දැනටම ලැබිලා තියෙනවා, විශේෂයෙන්ම අතිශය තරගකාරී ගෝලීය ආර්ථික තත්වයන් යටතේ, ඉන්දීය සමාගම් වල වටිනාකම්, ඉන්දීය වෘත්තිකයන්ගේ මිළ ඉහල යෑම තුළ ඔවුන් ලොකු පිම්මක් පැනීමට මාකටින් ගේමක් විදියට මේක පාවිච්චි කළා.

    ලංකාව ගැන කියනකොට ලංකාවේ Vega ETX හැදුවේ ලංකාවෙ පොදුජන බදු මුදල් වගේ රජයෙන් එකතුකර ගත්ත පොදු සාමාන්‍ය මිනිස්සුන්ගෙ සල්ලි වලින් නෙමේ, පෞද්ගලික අංශයේ පෞද්ගලිකව ගෝලීය ආර්ථිකයට සේවා සපයනු සමාගමක් වන Codegen තම R&D වෙනුවෙන් සහ අනාගත ව්‍යාපාර වෙනුවෙන් වෙන්කළ ප්‍රාග්ධන ආයෝජන අර මුදල් වලින්. ත්‍රීවිල් වලින් ලංකාව වගේ රටකට කළ හැකි හොඳක් නැති උනත් ඔවුන්ගේ උත්සාහය අගය කළ යුතුයි ⚡🤟

    ලංකාවේ සාමාන්‍ය ජනතාව පුංචි කාර් හීන වලිං ලාබ කාර් ගැනීමේ සිහිනෙන් ඈත්විය යුතුයි. ලංකාවේ අය සිහින මැවිය යුත්තේ සටන් කළ යුත්තේ ඉහළ මධ්‍යම පහළ හැම පන්තියකටම පොදුවේ විඳිය හැකි මෙහේ යුරෝපීය රටවල වගේම චීනය ජපානය කොරියාව ඇතුලු ආසියාතික රටවල මැදපෙරදිග රටවල සහ වෙනත් දියුණු සංවර්ධිත රටවල වගේ ඉතා උසස්ම තත්ත්වයක ඇති හොඳ පොදු ප්‍රවාහන සේවා වර්ධනය කරගැනීම සඳහා පමණයි!

    මුදල් වල වටිනාකම තියෙන්නෙ අයිතිවාසිකම්වල නෙවේ අත්දැකීම් වල පමණයි! දියුණු රටවල දියුණු මනස් සහිත මිනිසුන් හිතන්නේ එහෙමයි. තේරුණාද මාතේ?

    ReplyDelete
  18. ගවයෝ, එළුවෝ, සූකරයෝ සහ කුකුලන් සෙට් එකකුත් ලස්සනට අන්දලා ලයිට් දාලා පෙරහැර පස්සෙන් දක්කන් ගියානම් අලි ගැන කිඹුල් කඳුළු හලන අයගෙන් 3% ක් වත් අලි වෙනුවෙන් කතාකරන්න ඉතුරු වෙන්නේ නෑ නේද?

    ReplyDelete
  19. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පවා ඉන්දියාව එක්ක බලනකෝට අවුල් නේ ලංකාවේ Campus select වෙන්න O/L අවශ්‍යය නෑ. සමහර සීමිත කෝස් කීපයකට O/L ප්‍රතිඵල බලනව. නිදසුමකට Law Faculty යන්න A/L English S හෝ O/L English C බලනව. O/L ප්‍රතිඵලය බලන්නෙ රාජ්‍ය පාසල් පද්දතිය තුළට A/L හැදෑරීමට සිසින් තෝරා ගැනීමට. විශ්වවිද්‍යාලට ඕක බලපාන්නෙ නෑ. O/L ප්‍රතිඵල මදි වීමක් වෙන ළමයෙක්ට Private A/L කරල සමත් උනොත් ගැටලුවක් නැතුව කැම්පස් යන්න පුලුවන්. ඔය කාරණාව නොදැන ගොඩක් ළමයි A/L නොකර අත් හරිනව.

    ඒ නිසා රොකට් හදන්න නෙවෙයි එක එක විවිධාකාර විෂය ක්ෂේත්‍ර වලට විශේෂ දක්ෂතාවක් තියන ශේත්‍රයක් තියනව නම් O/L වලින් නොනැවතී උපාධියක් දක්වා යන්න පුලුවන් ලංකාවේ දැනට වුණත්, ඒ වගේම පොඩි කාලෙ ඉදන් කුමන හෝ ශේත්‍රයකට විශේෂ දක්ශතාවක් දක්වනව නම් අනවශ්ය O/L වලට කාලය වැය නොකර කෙලින්ම A/L වලටම සූදානම් වෙන්න පුලුවන්.

    යූජීසි මහාචාර්ය සම්පත් අමරතුංග සභාපති තුමා කියනව වගේ Bio වලට දක්ශතාවක් දක්වනව ළමයෙක්ට O/L වලට කාලය නාස්ති නොකොට A/L වලට සූදානම් වෙන්න පුලුවන්.භාෂා,ආගම,නැටුම් චිත්‍ර,සංගීතය,ඉතිහාසය ආදී තමන්ට සහජ දක්ශතාවක් නැති දෙයකට කාලය වැය කරන වෙලේ හැකියාව තියනව නම් Bio කරල A/L සමත් වෙලා කෙටි කාලයකින් තමන්ගෙ ඉලක්කයට යන්න පුලුවන්. ලංකාවෙ මීට කලිනුත් ඔහොම O/L වලට පෙර A/L කරපු ළමයි ඉන්නව. ඒක මීට වඩා පොදුවේ සමාජගත විය යුතුයි නේද?

    ReplyDelete
  20. අඩෝ ලංකාවට දැන් පාන්දර තුනහමාරට විතර ඇති නේද? අපිටත් ටීකක් රෑ වෙලා 🍺. හිරු බැස යෑමත් සමග මේ යක්කු ගස් නගිනා ගොම්මන් යාමේ, මගේ වර්චුවල් ලෝකය තුල ලාංකේය වියළි කලාපයේ මද කිපුනු වල් අලින් තද නියගයට වියරු වැටී, ගස් ගල් පෙරලන ලදු කැලේ මැදින් මා හේන් යායට යෑමට පිටත් වුනි.

    එක් වරම වෙඩිල්ලක මූනිස්සම්, කන් අඩි තුල ගෑවී නොගෑවී යන ලෙසින්, නිලමැස්සන් ගුවනේ සැරි සරනවාත් සමගම, නාසය කාඩාගෙන ඉහ මොල ඇබරී හිරිවැටී ගිය දැඩි දුර්ගන්දයකින් පලාතම කැකෑරිගොසිනි. ගස් වැල් වියලී පොලව ඉරිතලා ගිය තැනිතලාවට පිවිසී මදක් ඉදිරියට පා තැබුවා පමනි. සිදී ගිය ජල කඩිත්ත අසල පිපාසයට මියැදුනු මුව නාම්බෙකුගේ, පනුවන් ගසා ඇති මලකුනේ, බඩ හාරමින් කැලෑ හිවලුන් බඩවැල් කටින් උගුලාගෙන කමින්, මා දෙස අතිභයංකර රුදුරු බැල්මෙන් බලා ගොරවන්නට විය. කරේ තිබූ ගිනිකඳයා වූ බෝර දොලගේ පතුරං තුවක්කුව අතට ගෙන ඇස් ජි පතුරමක් ලෝඩ් කරගත් මා පය ඉක්මන් කළෙමි.

    කැලේ මැද ඇති හේන් යායට පිවිසුමත් සමගම, එක්වරම භයානක හඩක් ඇති සුලගක් හමා විත්, මාගේ ශරීර කූඩුවෙහි රෝම කූප සෘජු කරවා යත්ම, ඈත පෙනෙනා කදු ගැටය අදුරු වී නොපෙනී ගියේ‍ය. ඒ මුලු අහසම අදුරෙන් වසාගත් අවාරේ වැහි වලාවකිනි. උඩපැලත් අබලන්ව පවතින නිසාවෙන්, හේන මද්‍යයේ ඇති ලොකු වාඩියට මා සේන්දුවී, ලන්තෑරුම දල්වන්නට කෝටු මැස්සෙන් බිමට පා තැබුවා පමනි, මුලු පලාතම ෆ්ලෑශර් එලියක් දැමුවා මෙන් තත්පරයකට ආලෝකමත් වූ සැනින්, අලි වෙඩිල්ලක් දෙපා මුල පුපුරා ගියා මෙන් නැගුනු හඩසේ ගැසූ අකුනත් සමග මොර සූරන වර්ශාව තද සුලගත් සමග මුසුව කඩාපාත්වුනි. කිසිවක් නෑසේ. එකම "හෝ🎵..." හඩකි. එහෙත් විටින් විට, ගස් පොතු උලා කමින් දිවි රැකගෙන සිටි, ගිනිහම් වූ ඇගට ජල බිදිති වැටෙනා සනීපෙට, පලාතම දෙදරා යන ගොරහැඩි හඩින් සතුටු විලාප නගනා අලි බැරෑඩුවෙන්, පලාතම භයංකාර රාත්‍රියක් බවට පත් කරයි.

    ගිනිමැලය දල්වා කෝටුමැස්සේ දිගාවී, ගන කැලෑවක් මැද, ලොවේ ඇති මානසික සුවය වන හුදෙකලාවත් සමග, පරිසරයේ අසිරිය විදිමින්, හෙට දින රතු ඉර වැදීමට ප්‍රතම රැකියාවට යා යුතු බවක් නොමැති, ගෑස්, වතුරබිල්, ජල බිල්, ලෝන්, නය, වාහන ලීසිං, ගෙවල් කුලී, වැනි මානසික පීඩා කිසිවක් මොමැති තනිකඩ මා, දෙමාපියන් සතුටින් ජීවත් කිරීමට පමනක් හදවතින් කැපවෙමින්, සතුටින් සරල නිදහස් මනසින්, සැහැල්ලුවෙන් ගෙවීයන දිවියේ තවත් එක පිටුවක්තුල මගේ මුහුණත වැහිදෙවියන් අද බැලූ නිසා, නියගයට මලානික වී තිබූ මගේ කව්පි සහ මුං වගාවේ පැල දරුවන් හෙට දින නැවුම් වැස්සට පන ගසා දලුලා වැඩෙන දසුන දැකීමේ සතුට සිතේ තබාගනිමින්.

    අම්මා ඔතා දුන්, කෙසෙල් කොලේ රාත්‍රී බත් මුල ආහාරයට ගැනීමට ප්‍රතමයෙන්, මස් කැබැල්ලක් කෝටුවක ගසා ගිනි මැලයෙන් පුච්චාගෙන,පරිසරයේ ස්වාභාවික අසිරිය විදිමින්..... ටෞකණ්ඪ යකෝ
    එහෙනම් දැන් මාගේ රාත්‍රී බීර වේලාවයි මේ.🍺

    සහෝදර සහෝදරියෝ සතුටින්, සමගියෙන්, පරිස්සමෙන්, කමු බොමු, සතුටුවෙමු, ජීවිතේ මානසික හා කායික සුවය විදිමු. ජයවේවා. Cheers. 🍻🍺🍻🍺🍻🍺🍻🍺.

    ReplyDelete
  21. EPF කපන්න එපා කියල පෙළපාලි යන අය එකෙක්වත් කියන්නේ නෑ ප්‍රයිවෙට් fund වලට ඉඩ දිය යුතුයි කියලා 🤣 හැමෝටම ඕනේ බලයට ආපුහාම ගේම ගහන්න මේ පිරමීඩ ජාවාරම පවත්වාගෙන යන්න. එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. @ ano 5.42

      කෙටියෙන් කියන්න තියෙන්නේ
      මගේ වැටුපෙන් 12%ක් මා වෙනුවෙන් ආයතන විසිනුත් සහ 8% මගේ වැටුපෙනුත්, මා විශ්‍රාම ගියවිට නැවත ලභාගැනීම සැදූ අරමුදල EPF එකයි. එහි අයිතිය මට හැර වෙන කිසිවකුට නැත. එය වයසට ගිය මගේ එකම ආරක්ෂණය බවයි.

      මේකේදී EPF එකේ ආදායම 13% ඉඳලා 9% ට බස්සනවා. ආණ්ඩුව private sector එකෙන් අරන් රජයේ සේවකයන්ට පඩි ගෙවනවා. ඒ ණය ගෙවාගන්න බැරි වුනාම අඩෝ උඹලට පොරොන්දුව අනුව කිව්ව විදියට ණය ආපහු ගෙවන්නෑ, ඇයි වලිද, පුලුවන් නම් ඕන දෙයක් කරපියව් කියලා චන්ඩි පාට් දානවා. ඒත් රජයේ සේවකයන්ට දිගටම ඒ ලෙසටම පඩි ගෙවනවා. පඩි වැඩි වීමුත් දෙනවා. විශ්‍රාම අරමුදලකට දායක නොකරට රජය පෞද්ගලික අංශයෙන් ගන්න ණයෙන් සහ බදු ආදායම් මුදලින්ම විශ්‍රාම වැටුප් දෙනවා.

      හරියට අල්ලපු ගෙදරින් ණයට අරන් අරන් මගේ ළමයින්ට කාර් අරන් දුන්නා වගේ. සල්ලි නැති වෙන කොට අඩෝ අපි ණය ආපහු ගෙවන්නේ නෑ ඇයි මොකද, කියලා පාට් දානවා. හැබැයි ළමයින්ගෙ කාර් වලට පැට්‍රල් ගහන්න දිගටම සල්ලි දෙනවා.

      හරි නං රජයේ සේවකයන්ගෙ පඩියත් 4% න් අඩු කරන්න එපැයි. මට විතරද මේ විෂමය තේරෙන්නෙ? කලින් අහලා තිබුනෙ නෑ නේද!

      ඇයි පාර්ලිමේන්තුවෙ කතා කන්නෙ නැත්තෙ? එතකොට උන්ගෙ පෙන්ෂන් එකටත් වදිනවා. ඇයි ජෙප්පො මේක කතා නොකරන්නෙ. උන්ගෙත් පැන්ෂන් එකෙන් පක්ෂ අරමුදලට ලැබෙන ආදායම සහ විශ්‍රාමික සහ රජයේ සේවක පාක්ෂික හෙංචයියන්ගේ සහ වෙනත් පාර්ශව වලින් ලැබෙන ඡන්ද වලට වදිනවා. විශ්ව විද්‍යාල ගුරුවරුත් උන්ගෙ ගැත්තො. උන්ගෙත් ආදායමට වදිනවා. ඇයි ආර්ථික විද්‍යාඥයො සද්ද නැත්තේ? උන්ගෙත් ආදායමට බඩට වදිනවා.

      # ඔය ඔක්කොම තක්කඩි!

      Delete
  22. ලංකාව වේගයෙන් දියුණු වන භාරතය ඇතුලු ආසියාතික වෙනත් රටවල්වලට සහ අප්‍රිකා රටවලට සාපේක්ෂව නෝන්ඩි නොවන තත්ත්වයක තබා ගැනීමට ලංකාවට කරන්න ඕන නූතනත්වය සහ ස්වභාවිකත්වය සහිත පාරිසරික පාසල්. කැනේඩියානු ගෘහ නිර්මාණ ශ්ල්පීන් විසින් බාලි දූපතේ උණ බට වලින් හදපු මේ ලෝකප්‍රසිද්ධ "ග්‍රීන් ස්කූල්" එකේ රටවල් 54 ක ළමයි ඉගෙන ගන්නවා ! පාසල් කියන්නෙ සිමෙන්ති කොන්ක්‍රීට් ගොඩනැගිලි නෙවෙයි. පාසල කියන්නෙ දියුණු සංකල්ප හුවමාරු වෙන, අත් දකින තැනක් ! ඒකයි ලංකාව තේරුම් ගත යුතු වැදගත්ම කාරණය අනාගත පරපුර වෙනුවෙන්...

    ReplyDelete
  23. 😳🤠🤣⁣ රටවල් කිහිපයක වෛද්‍යවරුන් කිහිප දෙනෙක් පොඩි party එකකදි හමිබවෙලා කතා බහක ඉන්න වෙලාවක බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් මෙහෙම කියනවා.

    "බ්‍රිතාන්‍යයයේ,
    වෛද්‍ය විද්‍යාව ඉතාමත්ම දියුණුයි..

    අපි එක මිනිහෙකුගෙ අක්මාවක් තවත් මිනිහෙකුට බද්ධ කෙරැවා ,
    සති 6 කින්,ඒ මනුස්සයා කරන්ඩ රස්සාවක් හොයනවා ..!!!

    ජර්මානු වෛද්‍යවරයා මෙහෙම කියනවා.
    "අපොයි ඒක මොකක්ද
    ජර්මනියේ
    අපි කෙනෙකුගේ මොළයේ කොටසක් ගත්තා,
    ඒක තවත් මිනිහෙකුට දැම්මා,
    සති 4 කින්
    මිනිහා කරන්ඩ රස්සාවක් හොයනවා..!!!

    රුසියාවෙ වෛද්‍යවරයා ඊට පස්සෙ.
    අපි මිනිහෙක්ගේ හදවතක් ගත්තා
    ඒක දැම්මා
    තවත් කෙනෙකුගේ පපුවේ
    සති 2 කට පස්සෙ
    මිනිහා කරන්ඩ රස්සාවක් හොයනවා..!!!

    ඔය අතරේ ලංකාවෙ දොස්තර හිනාවෙලා මෙහෙම කියනවා.

    "ඔයාලා හැමෝම අපි පිටිපස්සෙන්.
    අපි පහුගිය වසරේ අපේ රටෙන් ලෝකයේම විශිෂ්ඨතම වන මිනිහෙක් හොයා ගත්තා
    මොළයකුත් නැති,
    හදවතක් ඇත්තෙම නැති,
    අක්මාව ගැන කතා කරලම වැඩක් නෑ.... අන්තිමට අපි රටේ සේරම එක ධජයක් යටතේ එකට එකතු වෙලා දීප ව්‍යාප්තව රට පුරාම මහා අරගලයක් කරලා ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරලා මිනිහව අපේ ර⁣ටේ ජනාධිපති කරගන්නට පුලුවන් උනා හිටපු එකාව රටෙනුත් එලවලා දාලා...

    දැන්,
    මුළු රටේම ඉන්න උන් රටෙන් පිට රස්සාවල් හොයනවා 😥😥😳😳
    #ජනක මිලින්ද

    ReplyDelete
  24. මාතලං මට කියන්න තියෙන දේ තමයි ඕනම කෙනෙකු ශ්‍රී ලාංකිකයකු නම්

    පල්ලියේ මංගල්‍යය රස විදින්න
    කෝවිලේ තේරු රස විදින්න
    රාමසාන් දවසේ ඒ සංස්කෘතිය රසවිදින්න
    දළදා පෙරහැරත් ඒ සංස්කෘතියත් රසවිදින්න

    මෙච්චර Multicultural ‍රටක රසවිදින්න දෑ බොහොමයි
    ඉතින් සංස්කෘතික අංගවලට, බැන බැන ඉන්නේ නැතිව,
    සතුටින් හිටපල්ලා, ඇත්තටම සංස්කෘතික අංගවල අමානුෂික කොටස් අත් ඇරලා ඉදිරියට ගෙනියන්න පුළුවන් රසවත් ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම ඒ ගොඩක් තැන්වල අපි එක පිලක හිටහන්නවා මාතා. අලි සම්බන්ධයෙන් මගේ අදහස, යම් තරමක හරි ආරක්ෂාවක්, ආදරයක් අලි වෙනුවෙන් ලංකාවේ සමස්ත සමාජයේම රැඳිලා තියෙන්නේ මේ සංස්කෘතිය නිසා කියලා. එහෙම නොවෙන්න දකුණු අප්‍රිකාවේ වගේ මෙහෙත් අලිමස් super market වලට ඇවිත් ඉවරයි. බොට්ස්වානා වගේ නැමීබියා වගේ ගොඩක්ම අප්‍රිකා සමහර ආසියා රටවල වගේ ධනවත් විදේශ දඩයක්කරුවනට ආතල් එකට අලි මරන්න දඩයම් කිරීමට බලපත්‍ර දෙන රටක් වෙලා තියෙන්න ඉඩ තිබූ බවද සැක සහිතයි. ඒ නිසාම ලංකා සංස්කෘතික අංග වලට වගේම සංස්කෘතියත් ගෞරවය පුද කරමින්
    මම නම් සියල්ල රස විඳිනවා. හැබැයි සංස්කෘතිය ආගම අපේ දේශපාලනේට, ආර්ථිකේට යම් තරමකට බලපාන එක අපේ ජීවිතේ අමාරු කරල තියෙන්නෙ. අන්න ඒක ටිකක් අවුල්.
    🇱🇰❤️

    ReplyDelete
  25. ලංකාවට සාපේක්ෂව සියලු ඉන්දියානුවන් සිය රට ජාතිය ආගම පිලිබද ඉමහත් අභිමානයකින් පසුවේ.. එම අභිමානය ඉන්දියාවේ දේසපාලුවෝ වන ලංකාවේ උන්ටත් වඩා දූශිත දේසපාලුවෝ නිසාවත් හෝ භාරතයේ අධික ලෙස පවතින ආර්තික සමාජීය හෝ වෙනත් දුශ්කරතා නිසා හෝ කිසි දිනක අඩු නොවේ... ඉන්දියානුවන් වෙනත් රටක පදින්ච් වූවත් ඔවුන් ගේ ඉන්දියානු කුල සිරිත් වෙනස් වන්නේ ඉතා සුලු වශයෙන්..කෙටියෙන් කිවහොත් ඉන්දියානුවන් සිය ඉන්දියානු අනන්‍යතාවය කිසි දිනෙක විනාස වීමට ඉඩ නොදේ.. (නමුත් ශ්‍රී ලාංකිකයන් බහුතරයකට තමන්ගේ රට ජාතිය සහ සන්ස්කෘතිය පිලිබද ව පවතින්නෙ ඉමහත් හීනමානයකි. ඒ නිසා විශේෂයෙන් ම අනිකුත් රටවල ස්තිර පදින්චිය ට යන ඇතැම් ශ්‍රී ලාංකිකයන් තමන් ගේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකී.) ඕක තමයි වෙනස 😏

    ඊළඟට චන්ද්‍රයාන් 3 රහස්

    🔹ඉන්දියාවේ දූෂිත දේශපාලඥයෝ නැද්ද?

    Corruption Perception Index (CPI) එකට අනුව ලෝකයේ දූෂිත රටවල් ලැයිස්තුවේ ඉන්දියාව සිටින්නේ 85 ස්ථානයට ය.

    🔹ඉන්දියාවේ දේශපාලන පක්ෂ නැද්ද?

    ඉන්දියාවේ මැතිවරණ කොමිසමට අනුව ජාතික තලයේ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක් සහ ප්‍රාන්ත දේශපාලන පක්ෂ 54ක් ඇත.

    🔹ඉන්දියාවේ දුප්පත් මිනිස්සු නැද්ද ?

    UNDP සහ Oxford Poverty and Human Development Initiative (OPHI) වාර්තාවලට අනුව දුප්පතුන් මිලියන 230ක් පමණ ඉන්දියාවේ ඇත. ලෝකයේ වැඩිම දුප්පත් ළමුන් සිටිනා රට ද ඉන්දියාව යි.

    🔹ඉන්දියාවේ ජ්‍යොතිෂය විශ්වාස නැද්ද?

    වසර 5000කට වඩා ඉපැරැණි ජ්‍යොතිෂය (වේදාන්ත) ඉතිහාසයක් ඉන්දියාවට ඇත. ඉන්දියාවේ මිලියන 2ක් පමණ වූ ජ්‍යොතිෂඥයන් සිටිනා බව වාර්තා වේ.

    🔹ඉන්දියාවේ කුලගෝත්‍ර වාදයක් නැද්ද ?

    BBC වාර්තාවලට අනුව ඉන්දියාවේ කුල වර්ග 3000ක් පමණ සහ උප කුල 25,000ක් පමණ ඇත. Union Public Service Commission (UPSC) වාර්තාවලට අනුව ඉන්දියාවේ ගෝත්‍ර වර්ග 645ක් පමණ ඇතැයි ගණන් බලා තිබේ.

    🔹ඉන්දියාවේ ත්‍රස්ඃතවාදීන් නැද්ද?

    The Global Terrorism Index (GTI) අනුව ඉන්දියාව සිටින්නේ 13වන ස්ථානයේ ය.

    🔺එහෙනං ඉන්දියාවට නැත්තේ මොනවද?

    මොන වැඩේ කරන්න ගියත් කකුලෙන් ඇදලා, උද්ඝෝෂණ කරලා, බේගල් කෙළලා, මිනිස්සු අන්දලා, නඩු දාලා, කඩාකප්පල් කරන කුහක සෙට් එකක් ඉන්දියාවේ නෑ.

    ReplyDelete
  26. මෑතකදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ජයග්‍රහණය කරවාදීම සඳහා ගාලුමුවදොර අරගලයේ ප්‍රධානියෙකු කප්පම් ඉල්ලන බව එම නිලවරණයට තරග වදින පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මුහම්මද් ජස්වර් උමර් සඳහන් කරයි.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

    ‘මෑතකදී පහුගිය 2022 ගෝටාගෝ අරගලය මෙහෙයවූ එක්තරා අරගල ප්‍රධානියෙක් මගෙන් කප්පම් ඉල්ලනවා. මීලග නිලවරණ ජන්දය දිනවලා දෙන්න රුපියල් මිලියන 30 ක බජට් එකක් දුන්නා.මම ඒවා ප්‍රතික්ෂේප කළා.ඊට පස්සේ මිලියන 30 මිලියන 6 ට අඩු කරමු කිව්වා.ඊට පස්සේ හදිස්සියක් කියලා රුපියල් 200,000 ක් එයාගේ බැංකු ගිණුමට දාන්න කියලා කිව්වා.බිරිඳගේ වාණිජ බැංකුවක ගිණුම් අංකයකුත් මට එවලා තිබුණා.මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා.ඒ වගේම නීති උපදෙස් බලාපොරොත්තු වෙනවා’

    - lankadeepa

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න