.

.

Jul 4, 2024

ලෙනවගේ පෙත්සම, ජනාධිපතිවරණය, අධිකරණ බලය හා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම.


ලෙනවගේ පෙත්සම, ජනාධිපතිවරණය, අධිකරණ  බලය  හා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම.

➖➖➖➖➖🔹🔹🔹➖➖➖➖➖


ජනාධිපතිවරණට දින නියම කිරීම කට ළඟ තිබියදී... "ලෙනව" නම් හාදයෙක් අධිකරණයට පෙත්සමක් ඉඳිරිපත් කරමින් කියා සිටින්නේ... ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ වසර 5 කට වරක්ද 6 කට වරක්ද කියා අධිකරණයෙන් තීන්දුවක් ලබා දෙන ලෙසත්..... එතෙක් ජනාධිපතිවරණයක් පැවැත්වීම කල් දමනා ලෙසත්‍ය.


පෙස්සම සලකා බැලීම සඳහා සඳුදාට දින නියම කොට ඇති අතර එදිනට පෙස්සම විභාග කරන්නේද... එසේ නැතහොත් කුණු කූඩයට දමන්නේද යන්න තීරණය කරණු ඇත.


මොකා මොන දේ කීවත්... බුවා ගෙන එන තර්කය ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලය... නිවැරදිය. අනික් උන් මොන බයිලා ගැහුවත්... ඒ බව තේරුම් ගත්තේ ගොම්මන්පිල උන්නැහේ ඉතරමය.


ලෙනව බුවා කියන්නේ... හිටන්ගේ කාළයේ ජනාධිපතිවරයාගේ ධූර කාළය වසර 6 සිට 5 දක්වා අඩුකර ගැන්ම නීතී විරෝධී බවය.


මන්ද ව්‍යවස්ථාවට අනුව... ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය පමණක් නොව ජනමතවිචාරණයක් තුලින්ද අනුමතය ලබා ගත යුතුය.


ඒ අනුව යහපාලනය විසින් කර ඇත්තේ ව්‍යවස්ථාවට අනුකූල නොවන නීතී විරෝධි ක්‍රියාවකි.


නීතියට අනුව මෙය දරුණු නීතිය උල්ලංගනය කිරීමක් වනාතර... යුක්තිය පසිඳලීමේ ප්‍රධානම ආයතනය වන ස්වාධීන අධිකරණයද මේ නීතී විරෝධී ක්‍රියාව අනුමත කරයිද නොකරයිද යන්න දෙස සියල්ලෝම බලා සිටී.


අධිකරණය මෙය ප්‍රතික්ෂේප කරන්නේ නම්..... එහි වාසිය හිමි වන්නේද පාර්ලිමේන්තුවටය. මන්ද මහාචාර්‍ය් නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා කී පරිදි....


ජනතාවට පමණක් නොව..

ජනතා නියෝජිතයින්ටද....

ව්‍යවස්ථාව උල්ලංඝනය කළ කැකිය...


එහි වැඩිම වාසිය ලැබෙන්නේ ජවිපෙටය.

මන්ද.... 

ඔවුන් බලයට පැමිණ පැය 24 ක් යාමට මත්තෙන්... පාර්ලිමේන්තුව විසුරුවා හැර කොමියුනිස්ට් රාජ්‍යය පිහිටුවා....

අධිකරණ බලයද ග්‍රාමසේවක වසම දක්වා විමධ්‍යගත කොට ජනසතු කළ හැකි බැවිනි.


ස්වස්ථි සිද්ධම්....!!!!

.

 

11 comments:

  1. ජනාධිපති ආචාර්ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය!

    "සමහර දේශපාලන කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ අපේ රටේ විදේශ ණය ගැන බොරු ආරංචි පතුරවනවා. මේ පිළිබඳව අපේ ඉතාම හිතවත් මිත්‍ර අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ මාලිමා පක්ෂයේ පහළ මට්ටමේ අනුගාමිකයෙක් සෝෂල් මීඩියාවල දාපු පෝස්ටුවක මෙහෙම තිබුණා.

    “ආරංචිය සුබයි. පිනා රට ගන්නකොට සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 71 යි. දැන් 100 යි.”

    අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා අපේ සමීපතම හිතවතෙක් විදියට අපි එකට දේශපාලනය කරලා තියෙනවා වගේම ඇතැම්විට පාර්ලිමේන්තුවේදී එතුමාත් එතුමාගේ පක්‍ෂයේ අප මිත්‍ර විජිත හේරත් හරිනි අමරසූරිය වගේ මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් වන අප හිතවත් සුනිල් හදුන්නෙත්ති මැතිතුමා වගේ අය සමග අපි වාද විවාද කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේදී හැප්පිලා තියෙනවා. හැබයි එතුමා කවදාවත් මට මෙහෙම තුන්වැනි පන්තියේ අපහාස කරලා නෑ. හැබැයි ඔබතුමාගේ පක්ෂයේ පහළ මට්ටමේ අනුගාමිකයන් කටයුතු කරන්නේ ඔබතුමාවත් විනාශ කරන්න. මම මේ පෝස්ටුවෙන්ම ඊට අදාළ කරුණු ගෙනහැර දක්වන්නම්.

    අපේ රටේ සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 37 යි. හැබැයි මේ පුද්ගලයා එය බිලියන 71 ක් කියා බොරු සංඛ්‍යාවක් කියනවා. ඊළඟට බිලියන 100 ක් දක්වා පසුගිය අවුරුදු දෙක තුළ අප ණය ගත් බවකුත් කියනවා. හැබැයි ණය ගෙවන්න බැරි බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කිසිදු රටක් අපට ණය දුන්නේ නැති බව ඕනෑම කෙනෙක් දන්නවා. කිසිදු රටකට අපට ණයක් දීමට නීත්‍යානුකූල අයිතියකුත් නෑ. ඉතින් මේ බොරු සමාජගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඔබේ අනුගාමිකයන් කිසියම් දවසක ඔබේ පක්‍ෂය බලයට පත්කරන්න හදන්නේ බොරුවෙන්ද? ඒ ගැන නැවත සිතා බලන්න කියා මම අප හිතවත් මිත්‍ර අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට මතක් කර දීමට කැමතියි."

    - ආචාර්ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී

    ReplyDelete
  2. මේවා මාරම විහිළුනෙ ඕයි..එතකොට එදා ගොන් යහපාලනෙන් (ඒකෙ අගමැති හිටියෙ කවුද කියලා මට මතක නෑ) ඕක කරණකොට ඕක ව්‍යවස්තා විරෝදීයි, මෙහෙම කරන්න බෑ කියලා කවුරුවත් කිව්වෙ නැද්ද? කවුරු නොකිවත් ශේෂ්ඨාදිකරණයෙන් කියන්න ඇතිනෙ.. එතකොට ඒවා සතේකට මායිම් නොකරද ව්‍යවස්තාව වෙනස් කෙරුවෙ? දැන් ඊළඟට එහෙනම් තරඟ කළ හැකි වාර ගන්නේ සීමාවක් නෑ කියල්ල මහින්ද 18න් ගෙනාවපු යෝජනාවත් එහෙනම් දැන් ආයෙ බලාත්මක ඇති...බලන් ගියාම මුන් ඔක්කොම කරන්නෙ මහින්ද කරපු ඒවමනෙ...ඇත්තටම කරුම යහපලනේ ආවෙ නැත්නම් අද මේක සුර පුරයක්....

    දන් ඉතින් තියන ලේසිම වැදේ ආයෙ ව්‍යවස්තා සංශෝධනයක් ගෙනල්ලා, රනිල් වික්‍රමසිංහ ජීවිතාන්තය දක්වා මේ රටේ ජනාධිපති කියලා නම දාලම ව්‍යවස්තාව සකස් කරගන්න එක.. එතකොට ඔය බොරු බයිලා, අර පෙතසම් මේ පෙත්සම් නැතිව මිනිස්සුන්ටත් තම්න්ගෙ වැඩක් බලාගෙන වෙලාවට ටැක්ස් ටික ගෙවාගෙන ඉන්න පුළුවන්...

    ReplyDelete
  3. ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා රජයට හරි උපාය මාර්ගයක් නෑ. අයි එම් එෆ් එක ගහන බයිලා කරගෙන යන එකෙන් ආර්ථිකය හැකිලෙනවා. අනෙක මැතිවරණයක් පැවැත්වුවත් ඒකෙන් පත් කර ගැනීමට ඉන්නා විකල්ප වන මාලිමාවට හෝ සජබයට හෝ අනිත් අයටත් මේ තරමට වත් ආර්ථිකය ගැන කිසිම ආකාරයක අවබෝධයක් නැහැ. ඒ නිසා කිසිම ආකාරයක විකල්ප දේශපාලන ව්‍යාපාරයකුත් පේන්න නෑ. තරමක් දුරට ධම්මික පෙරේරාට යම් තරමකට දෙයක් කරන්න පුළුවන්ද කියලත් තාම හරියටම ෂුවර් නෑ.

    ඒක තමයි බහුතර ජනතාවට ඔය සේරම ගැන පොදුවේ තියෙන මූලික ගැටලුවට කාරණය.

    ඔය නඩුව විභාගයට ගැනීමට නියමිත වන ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අපි විවේචනය කරන්න යන්නේ නෑ. හැබැයි අපි එකක් කියන්න ඕනේ. 2015 යහපාලන රජය මගින් ව්‍යවස්ථා සංශෝධනයක් කරද්දී දැනට පවතින ව්‍යවස්ථා කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා නම්කරලා මෙන්න මේ වගන්ති තුනෙන් දෙකෙන් අනුමත කරන්න පුළුවන් මෙන්න මේ මෙන්න මේ වගන්ති තුනෙන් දෙකකට සහ ජනමත විචාරණයට යටත් කියලා. ඉතින් ඒ අනුව ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ව්‍යවස්ථා කෙටුම්පතක් තමයි පසුව ව්‍යවස්ථාව බවට පත්වෙන්නේ. එතකොට ව්‍යවස්ථාව බවට ඒක පත්වුණාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ගිය ක්‍රියාමාර්ගයක් ශ්‍රේෂ්ඨාධිකරණයටම ආයි විමසන්න පුළුවන්ද කියන එක ගැටලුවක්?

    අනික ඒක විමසන්න විමසලා තියෙන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව තියෙන්නේ නීති තැනීමේදී ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් බලය තියෙන තැනක්. දැන් මේකම අර පනත වෙලාවේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද ඒ සංශෝධන ඒ විදිහට නොවන ඒ ඇමතිවරයත්, ආණ්ඩුවත් බලහත්කාරයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා. හැබැයි ඒ සම්මත කරගත්ත එම පනත අභියෝගයට ලක්කලාම ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මේක දැන් පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙන්නේ. ඒ නිසා අපිට මේකට ඇඟිලි ගහන්න බෑ කියලා. ඉතින් ඒ නිසා 2015 දී ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ගිය ක්‍රියාමාර්ගයක් දැන් අවුරුදු නමයකට පස්සේ ආයේ ප්‍රශ්න කිරීම කොච්චර නීතිගරුක යුක්ති සහගතද කියන ගැටලුව එනවා.

    දෙවෙනි කාරණේ 2018 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලේ මේ ප්‍රශ්නය මේ විදිහටම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇහුවා. සිරිසේනට 2015 ජනවාරි 9 වෙනිදා හය අවුරුද්දකටයි ජනවරම ලැබුණේ. හය අවුරුද්දක් යනවා කියලා තමයි එයාට ඡන්දේ දුන්නේ. හැබැයි ගෝඨා රාජපක්ෂට 2019 ඡන්දේ දුන්නේ පස් අවුරුද්දක් යනවා කියලා හිතාගෙන. ලොකු වෙනසක් තියෙනවා. එතකොට මෛත්‍රීපාල සිරිසේනට හය අවුරුද්දකට ජනවරම දුන්නට පස්සේ ඒකට තමාම මැදිහත් වෙලා පහ කර ගත්තට උසාවියෙන් කිව්වා ඒක පහම තමයි කියලා. හැබැයි දැන් පහට දීපු කෙනාට හය කරන්න බෑ ආයේ. මොකද පහ කියලා දැනගෙනම තමයි ඡන්දේ දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නෑ උසාවියෙන් මේකට ඉඩකඩක් ලැබෙයි කියලා.

    ලංකාවේ ක්‍රිකට්වල පිරිමි ටීම් එක ලෝක කුසලාන 2ක් දිනපු ක්‍රිකට්වලින් රෑන්කින් මුල් 10 අතර ඉන්න සෙට් එකක්.ඉතින් එයාලට පහසුකම් ලැබිය යුතුයි. අනික ඒ පහසුකම් රජය විසින් දෙන පහසුකම් නෙමේ එයාලම කාලයක් තිස්සෙ පර්ෆෝම් කරලා හම්බු කරගත්ත ඒවා.

    හැබැයි මලල ක්‍රීඩකයො මුල් රෑන්කින් අතරට එන්න තියා අවුරුදු 20කින් ආසාවට ප්දක්කමක් අරන් දීලා නෑ ඒත් මේසැරේ කෙල්ලෝ දෙන්නා යවන එක වුණත් හරියට ප්ලෑන් කළා නම්, කොල්ලො 4 ක් නෙවෙයි හත් දෙනෙක් යනව (රිලේ ටීම් එකක් කියන්නෙ 6 දෙනෙක්), එයින් තුන් දෙනෙක් ඉන්ඩිවිජුවල් ඉවෙන්ට්ස් වලට. (400 දෙන්නයි Javelin එක්කෙනයි).

    ReplyDelete
  4. ඇත්තටම මාතලන් මසයි මාරා වනෝද්‍යානයේ ලෝක ප්‍රකට ස්කාර් ෆේස් වගේ දරුණු නිර්භීත සිංහයෝ ගැන අහල ඇති, ඒත්

    මූණෙ පුංචිම පුංචි කැලැලක් වත් නැත්නම්
    සිංහයෙක් කවදාවත් දරුණුයි කියන්න බෑ, මොකද...

    සිංහයෙක්ගේ ජීවිතේ ඉලක්කය වෙන්නෙ කෑම,
    ඌ මොන අභියෝගෙ ආවත් මොන බාදක ආවත් තමන්ගෙ ඉලක්කෙ අත ඇරියෙ නෑ,

    හැබැයි ඒ ඉලක්කෙ සපුර ගත්තේ දක්ෂම එකා නෙමෙයි,
    බඩගිනි වැඩිම එකා,

    ඉතින් උබේ ජීවිතෙත් ටාගට් එක පස්සෙ එළවපන්,
    හරියට සිංහයෙක් දඩයමක් පස්සෙ එලවනවා වගේ,

    දෛවය එක්ක සමහර පොර පොරබැදීම් වලදි පුංචි පුංචි කැලැල් හිටීවි ඒත් හිතන්න එපා,
    උබ ටාගට් එක සම්පූර්ණ කරගත්තම ඒ කැලැල් තමයි උබ මුහුණ දුන්න අභියෝග වලට සාක්ෂි දරන්නෙ...

    මේකත් කියවපන්

    https://theinsatiabletraveler.com/scar-the-lion-legend-masai-mara-kenya/

    ReplyDelete
  5. Live by the Sword and you die by the Sword. No Retreat and No Surrender! Long Live the King !

    ReplyDelete
  6. ජනතාව කොයි පැත්තට හැරුනත් මොකක් හරි උගුලකට අහුවෙනවා.. බැංකුමංකොල්ලකාර යූඇන්පී හොර රනිල් හොරා ප්‍රධාන දාමරික රාජපක්ෂ යක්ෂ අක්ෂය රනිල්ගේ නායකත්වය යටතේ ගොඩේ එක පැත්තක..

    මිනීමරු ත්‍රස්තවාදී එල්ටීටීඊ බෙදුම්වාදීන් සහ ත්‍රස්ත ජවිපෙ මිනීමරු කල්ලි, අනුර කුමාර කයියනායක ජෝකර් හඳුන්නෙත්තිලා කයිසමන්ත නලින් හේවගේ වාචාල මීහරක් යටත්විජිතයලා වගේ ගොන් රිලව් ටික ෆෝම් කරගෙන හිටපු යහපාලන න්‍යායාචාරී ලාල් විජේනායක අංගොඩ වියන්ගොඩ පල්හොරුන් සමග බටහිර චරපුරුෂ ජයදේව උයන්ගොඩලා, දමිල ඩයස්පෝරා කල්ලිය වලං ශානිලා වගේ දූෂිත නිලධාරීන් හැත්තක් මාලිමාවකට මුවා වෙලා තව පැත්තක..

    ඇන්ටිජන් පැණිසුමණ වඳකොත්තු ගර්භාෂ යුද කල්ලිය බූරුවංසලා නයිදෙරණ දිලිත්ලා තව පැත්තක..

    වෙනත් පැත්තක ඉන්නවා මන්දමානසික බුරු පූතානෝ මොංගලයාට මුවාවෙලා හිරුනිකර් මදකිපුණ කේප්ප එලදෙන හර්ෂ ද සිල්වා ජෝකර් හොල්මන වගේ විගඩම් එක්ක තමන්ට පුද්ගලිකව වැඩිම වාසිය ලැබෙන පැත්තට පනින්න බලාගෙන අවස්තාවාදී හකීම්, විජේදාස කිඹුලාවල රාජිත ගිජුලිහිණි වගේ ඉවකරමින් පියාසරමින් මලකුණු සොයනවා..

    ඒ අතරේ කයිවාරු මංපොර ජාතකය දොඩවන පොරවල් වන පච රණවක මිනීමරුවා පිස්සු කළවැදි ෆොන්සේකා මලහෝන්තුව වගේ බූරුවෝ ඔය උඩ කියනු අනිත් උන්ගෙන් රටට කෙළවුණාම මිනිස්සු ඇනගෙන තමන් ලඟට ඒවියයි කියා මනෝරාජික මානසිකත්වයේ.. ඒත් කාටවත්ම හරි හමන් විසඳුමක් නෑනේ නේද

    ReplyDelete
  7. හර්දික් පාණ්ඩ්‍යා ගැන අටෝරාසියක් හෑලි ලියවිලා තිබුණු නිසා ඒ ටිකම ආයෙත් කබල් ගාලා වැඩක් නෑ.

    ඔහුගේ ගෙදර වගේ වුණු මුම්බායි වන්කෙඩේ ක්‍රීඩාංගණයේදී ප්‍රේක්ෂකයන් ඔහුව පිළිකුල් කිරීම, ඔහුගේ නායකත්වයට නින්දා කිරීම, ඔහුට "බූ"යැයි සමච්චල් කිරීම, ඉන්දියානු කණ්ඩායමේ ඔහුගේ ස්ථානය පිළිබඳ ප්‍රශ්න කිරීම, ඔහුගේ බිරිඳ ඔහුට පිටුපෑම විහිළුවට ගැනීම ආදී අභියෝග රාශියක් මැදින් පාණ්ඩ්‍යා 20/20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ වඩාත්ම පීඩනකාරී මොහොත තමන්ගේ කරට අරගෙන ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන ගියා. ඒක හැමෝම දන්නවා.

    ඉන්දියානු කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණය කරලා නැවත ඉන්දියාව බලා ඇවිත් ඊයේ (04) තමයි මුම්බායිහි වන්කෙඩේ ක්‍රීඩාංගණයට ඇවිල්ලා ඉන්දියානු ප්‍රේක්ෂකයන් ඉස්සරහදී ජය සැමරීමේ උළෙලට සහභාගි වුනේ. නායක රෝහිත් ෂර්මා විසින් පාණ්ඩ්‍යාව අගය කරද්දී, මින් සති කිහිපයකට උඩදී ඔහුට සමච්චල් කරලා හිනාවුණු ප්‍රේක්ෂකයන්ම ඔහුට ප්‍රීති ඝෝෂා කළා. එතනදී ඔබ නොදැකපු දෙයක් කියන්නම්. සමහරු දකින්නත් ඇති.

    සාමාන්‍යයෙන් අපට අර තරම් අභියෝග මැදින් ඇවිල්ලා කාගෙවත් සහායක් නැතිව ජයග්‍රහණයක් ලැබුවහම ජයග්‍රහණයේ උද්දාමය දරාගන්න බැරිවෙනවා. ඇඩ්‍රිනලීන් බහුල ක්‍රීඩකයෙකුට ඒක තමන්ට සමච්චල් කරපු ප්‍රේක්ෂකයන්ට මැදැඟිල්ල පෙන්නන්න තරම් හිතෙන වෙලාවක්. තමන්ව සමච්චලයට අරන් දැන් අත්පුඩි ගහන ප්‍රේක්ෂකයන්ට "අනේ නිකං ප ල යං බං යන්න!" යැයි කෑගහලා කියන්න හිතෙන වෙලාවක්.

    ඒත් ඔබ දැක්කද, පාණ්ඩ්‍යා තමන්ව විහිළුවට ගත්තු ඉන්දියානු ප්‍රේක්ෂකයන් ඉදිරියේ පෙනී හිටපු විදිහ?

    "චැම්පියන්ස්" යැයි සඳහන් ඉන්දියානු නිල ඇඳුමින් සැරසිලා, ඔහු හිනාවෙලා ප්‍රේක්ෂකයන්ගේ ජය නාදය වැඩිවෙන විදියට හැසිරුනා විතරක් නෙමෙයි, "ඉන්දියානු ක්‍රීඩක කළමනාකරණය" ගැන වැදගත් උදාහරණයක් අපට ගෙනහැර පෑවා. පාණ්ඩ්‍යා නිහතමානී කාඩ් එක ප්ලේ කළා නෙමෙයි, ඔහු ජයග්‍රහණයේ අගය දැනගෙන හිටියා. එහි එළිය මකාගන්නෙ නැතිව ඉන්න දැනගෙන හිටියා.

    ඔබ හිතන්නේ හර්දික් පාණ්ඩ්‍යා කියන ග්‍රාමීය ක්‍රීඩකයාට, තමන්ව විහිළුවට ගත්තු ඉන්දියානු ප්‍රේක්ෂකයන් එක්ක අබමල් රේණුවක තරම්වත් ඇරියස් එකක් නොතිබුනා කියලද? නෑ, ඔහු එහෙම තාපසයෙකු නොවෙයි. ඒක අපි දැක්කා, ලෝක කුසලානය සමග ජයග්‍රාහී තණතීරුව මතදී ඔහු දෑත විහිදලා ගත්තු ඡායාරූපයෙන්. ලොකු ඇග්‍රෙෂන් එකකින් නොවුනත්, "මේං බලපියව්!" යැයි එහි සඳහන්ව තිබුනා.

    ඒත් ඔහු ඇග්‍රෙෂන් එකට වඩා ස්මාර්ට්කම ඉහළින් තැබුවා. තවදුරටත් තමන් ඒ ගමෙන් ආපු ගං ක්‍රීඩකයා නෙමෙයි, ඉන්දියානු කණ්ඩායමේ වටිනාම තුන් ඉරියව් ක්‍රීඩකයා, ලෝකයම දන්න හර්දික් පාණ්ඩ්‍යා බව ඔහු තේරුම් අරගෙන තිබුනා. ඒ නිසා මුම්බායේ ජය සැමරුමේදී ඔහු ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානු ප්‍රේක්ෂකයන්ව දිනාගත්තා.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට ඔය තරම් අභියෝග එල්ල වෙලා ඔහු ලෝක කුසලානයක් දිනුවා නම්, අද වෙනකොට මුහුණු පොත මළගමක්. හැම ක්‍රීඩකයාම නෙමෙයි, අපේ බොහෝ ක්‍රීඩකයන් ඇග්‍රෙසිව් වෙනවා මිස ස්මාර්ට් නෑ. ඒක ඔවුන්ගේ වරදක්ම නොවෙයි. කළමනාකරණයේ වරදක්. කොටින්ම අර තරම් අභියෝග ආවා නම් ලංකාවේ ක්‍රීඩකයෙකු ඒ තරම් හොඳට ක්‍රීඩා කරනවා තියා හිතන්නෙවත් නෑ. උන්ගෙ හිත් හයිය නෑ. දක්ෂ වුනාට. පරාජයට හේතු වෙන්නෙ ඒ ස්මාර්ට් නැතිකම.

    දෙනෝදාහක් ඉස්සරහ ලයිව් ඇවිත් කුණුහරුප කියන්නේ, පසු තරග සම්මුඛ සාකච්ඡා වලට සෙරෙප්පු කෑලි දාගෙන එන්නේ, ටොස් එකට යනකොට ජර්සිය උඩින් වනාගෙන යන්නේ, මහපාරෙදි ප්‍රේක්ෂකයන්ට රවන්නේ ඇග්‍රෙසිව් වැඩිවෙලා ස්මාර්ට් මදි වුනහම. තමන්ගේ ඇතුළේ ඉන්න "ගොඩයව" කන්ට්‍රෝල් කරගන්න බැරිවුනහම.

    ඒක ඔවුන්ගේ වරදක් නොවෙයි කියලා මම ආයෙත් කියනවා. ක්‍රිකට් ගහනකොට දක්ෂකම විතරක් මදි, ස්මාර්ට් වෙන්න ඕන කියන එක ඔවුන්ට ඉගැන්විය යුතුයි. ගමෙන් එන දරුවන්ගෙ ඔලුගෙඩි ටික කොළඹදී හැදිය යුතුයි. නැත්නම් වෙන්නේ හැමදාම දක්ෂකම් අපතේ යන එකයි. එහෙම කරගත්තොත් ලෝකය දිනන එක මහදෙයක් නොවෙයි.

    පාණ්ඩ්‍යා ඒකෙන් අපට පෙන්නුවේ මෙයයි.

    ReplyDelete
  8. 'They talk about the failure of socialism but where is the success of capitalism in Africa, Asia and Latin America?'

    - Fidel Castro

    ReplyDelete
  9. අඩෝ මාතා, ජයවේවා 🙏🙏🇬🇧🇬🇧🇬🇧.

    එක්සත් රාජධානියේ මහමැතිවරණය Sir Keir Starmer විසින් ජයලබා අගමැතිකම ඔහුට අත්පත්කර ගෙන ඇති නිසාම බොහෝ කලක් තිස්සේ පැවති කන්සර්වේටිව් පක්ෂ පාලනය පිළිබඳව දැඩි අප්‍රසාදයෙන් සිටි බහුතර ජනතාව ඔවුන්ව පලවාහැරීම සඳහා ලේබර් පක්ෂයට මෙවර බලය ලබාදී කන්සවේටිව් පක්ශය අන්ත ලෙස පරාජය කරා.

    කෙසේ නමුත් නියම මැතිවරණ ප්‍රතිපල ඉදිරි වසර කිහිපය ඇතුළත එක්සත් රාජධානියේ ජනතාවට අත්විඳිය හැකි වේවි. උඩින් පේන විදිහට කියන්නේ ඉංග්‍රීසි අයට ප්‍රමුඛත්වය දෙනවා කියලා .
    Immigration කරන්න දෙන්නෙ නෑ.
    ඉංග්‍රීසි උන්ගෙ ජාතිවාදී ලයින් බලාගන්න පුලුවන් දැන් කියලා. ඒත් ලේබර් පාටි කාරයෝ කියන්නේ එකක් කරන්නේ තව එකක්නේ, ඒ නිසා බලන්න ඕනේ මොකද වෙන්නේ කියල. පී ආර් වලට පොයින්ට් ක්‍රමයක් කරන්න හදන්නේ.

    දැන් ඇන්ග්ලෝ බටහිර උන්ට දැන් දැන් උන්ගෙ බලය ඉතාම ඉක්මනින්ම නැති වෙන ලයින් එකක් එන්නෙ.
    චීනය සහ ඉංදියාව විතරක්ම නෙවෙයි දකුණු ගිණිකොණ ආසියාතික ඉංදුනීසියාව, වියට්නාම් වගේ රටවල් ගණනාවක් හැම අතින්ම ඉදිරියට එනවා. රුසියාවත් ආපහු සෝවියට් සංගමයට වඩා බලවත්ව නැගී සිටින බව පේනවා.

    උන්ගෙ කාලයක් ලෝකය පාලනය කලමින් අල්ලන් හිටිය ලෝක පාලක බලය ඉක්මනින්ම නැති වෙන්න යන්නෙ.

    ඒ නිසා දැන් බලන්නෙ ආයේ කොලනයිස් මානසිකත්වයක් හදන්න. ලංකාවේ නම් ඒක හොඳටම වැඩියි. අවුරුදු 500 ක් යටත් විජිත මානසිකත්වය හදල ලංකාවේ ගොබ්බ හැතිකරය බහුතරයකට පර සුද්දා ලොකුයි. සෑහෙන හීනමානයක් තියෙනවා පර සුද්දා ඉස්සරහා.

    ඉංදියාවෙ උන් නම් සුද්දොන්ව පඩේකට ගනන් ගන්නෙ නෑ. උන්ගේ ලොකු ලයින් දැන් උන් පොරවල් නිසා, ලංකාවේ ගොබ්බයෝ වගේ හීනමානයක් නෑ සුද්ද ඉස්සරහ.

    ඒත් මේ පොර නම් අවුරුදු 5ට කලින් යයි ද මන්දා ගෝඨාභය වගේ, හැබැයි රටේ quality එක ආරක්ෂා කරගෙන වැඩ ටික කරගෙන ගියොත් ඉන්න පුලුවන් වෙයි.හැබැයි ඊලග චන්දේ එනකොට reform පක්ෂය ලොකු වෙනසක් කරයි කියලා හිතනවා.පොඩි කාල සීමාවකින් ලක්ෂ 34 ගානක චන්දේ ගත්තා කියන්නේ ලේසී නැහැ.උන් දක්ෂිණාංශික පක්ෂයක් නිසා අනීවාර්‍යෙන්ම මොකක් හරි වෙයි, මොකද මෙහේ සුද්දො ගොඩක් රට Reform වෙනවට කැමතී. Nigel Farage ට එච්චර කැමති නෑ. ඌත් ප්‍රසන්න චරිතයක් වුනා නම් මේ පාර දිනල.

    පොදුවේ ලේබර් කියන්නෙ ඉතිහාසෙ අසාර්ථක පක්ෂයක්. මේපාර ලේබරයෝ දින්නෙ කන්සවේටිව් ලොකු කාලයක් තුල දිගින් දිගටම අසාර්ථක වුන නිසාත් කන්සවේටිව් පරද්දන හොඳම ක්‍රමය විදියට බහුතර මිනිස්සු දැක්කෙ ලේබර් නිසාත්. මට මතකයි එක්සත් රාජධානිය කඩාගෙන වැටුණේ 2009/10 කාලෙට කලින් ලේබර් පක්ශයේ අසාර්ථක පාලනයෙ ප්‍රතිපලයක් විදියට. ඒත් මිනිස්සු කියන ජාතියට ඉක්මනින් අමතක වෙනවා. ඉස්සර වගේ Migration friendly proposals Labour එකේ දැන් නෑ. මොකද රටට තියෙන ලොකුම ප්‍රශ්නය Migration නිසා රටේ quality එක නැති වීම. ඉතිහාසෙ Migration එක නිසා මුන් ගොඩක් පාඩම් ඉගෙන ගත්තා. ඉතින් මම හිතනවා මුන්ට මොළයක් තියෙයි කියල තමුන්ගෙ වල කපානොගෙන කාලයක් පාලනය කරන්න.මමත් පවුද්ගලිකව කැමති මොකා හරි කමක් නෑ ලංකාව වගේම මේ රටේත් Quality එක Improve කරන්න පුලුවන් එකෙක් පත් වෙනව නම්, මොකද මේකත් මගෙ රට නිසා. අපි බලමු මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
  10. JRගේ නම යොදා එංගලන්තයේ සුද්දන් ලාංකිකයන්ට අතේ රෝල් කරලා දුන් ටොයිලට් පේපර් මිටිය හිස් මුදුනට අරන් රටක ජාතියක ඉරණම විසඳන්න කතාකරන මොලේ මංඤ්ඤන් සජබ, U ඇන්පි, පෝට්ටු, ජවිපෙ මාලිමා, හක්ගෙඩි කුලුගෙඩි කලුකෝට් තක්කඩි තකතිරුවන් අතුගා මාතෘ භූමිය බේරාගන්නට කාලයයි මේ.

    ReplyDelete
  11. තව පෝය 3 ක් ඉවසන්න. අපේ
    මාලිමාව බලයට ආපු ගමන්ම එකපාරටම මේ ප්‍රශ්න සේරම ක්ෂණිකව නැතිවෙනවා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න