.

.

Jul 2, 2024

පාවෙවි එන වස බෝතල් අල්ලන්නවත් හිතන්න එපා


 

පාවෙවි එන වස බෝතල්

අල්ලන්නවත් හිතන්න එපා

➖➖➖➖➖🔹🔹🔹➖➖➖


රනිල් ලොක්කා ඊයේ පාර්ලිමේන්තුවේ කළ කතාවෙන් හා පුතානෝගේ සුපුරුදු තප්පුලෑමෙන් මතු වූ ප්‍රධාන කරුණ වූයේ ආරංචිය සුභද අසුභද යන්නය.


එයින් මාතලන්ගේ සිත වඩාත් ඇදී ගීයේ "ගෝල්ෆේස් එකටවත් යන්න බැරිව උන් පක්ෂ නායකයින්ට රටේ උතුරේ සිට දකුණට බයිලා ගසමින් යන්නට නිදහස දුන්න එක සුභද අසුභද?" .... කියලා රනිල් දාපූ කින්ඩියටය.


ඒ හැරෙන්නට... රටේ ආර්ථිකය ගැන පුතානෝ හා කයියනායක සඕදරයා කෙලින කෙප්ප වලටද උන්නැහේ උත්තර දුන්නේය.


විශේෂයෙන් මේ ඩොලර් බිලියන 100 කතාව මවපු මුදල් අමාත්‍යාංශයේ ඉන්නා ජෙප්පෝ කව්ද කියා උන්නැහේ විමර්ශනයක් කරන්නේ නම් වඩා හොඳය. එහි නිළධාරීන් වැඩි පිරිස ආන්ඩු විරෝධී ජෙප්පෝය.


ආර්ථිකය ගැන තියා පෝට් සිටියට යන කළු ගල් ගානවත් හරියට කියා ගන්න බැරි තඹුත්තේගම බවු බවුතික විජ්ජාග්නයා... සුපිරි ගල් ආඳා නිසා... නෝන්ඩි නොවී... පාර්ලිමේන්තුව මගහැර සූරියවැව ගොයියන්ට බයිලා ගසන්නට ගිය අතර... පූරූ බුතානෝ පුටුවේ ඉන්දෙන්නම රනිල්ගෙන් කන පුරෝලා අහගත්තේය.


මේ හැම එකාම දැන් පම්පෝරී ගසන්නේ.... මොන්ගල් වෙලා තිබ්බ රට නොමල් තත්වයට ගෙන ආ නිසාය. මේ පිරිසට පමණක් නොව පණ බේරාගෙන රටින් පැන ගිය කපුටන්ටද? හමුදා කෑම්ප් අස්සේ හැංගුන බේබිලාගේ තත්වයද එසේමය. උන්දැලාටත් රනිල් ලොක්කා හීන් නූලෙන්ම දුන්නේය.


අයිස් කුට්ටියේ හැපී ගිලෙන්නට ගිය ටයිටැනික් නෞකාව... ගිලෙන්නට නොදී බේරගත්තේ කැප්ටන් වික්‍රමසිංහය. දැන් නැවේ ඉන්නා පැසෙන්ජර්ස්ලාට ඒක අමතකය. උන් දැන්... අළුත් අවුරුදු කන පැලෙන්න කා... වෙසක් හා පොසොන් වලට දන්සල් වලින් කා බී ප්‍රීතී වී.... ඉස්මුරුත්තාවෙන් ඉන්න නිසා... උන්න හැටි අමතක වෙලාය.


දැන් උන්ට මූදේ පාවෙන බෝතල් දෙකක් පේන්නේය. එකක් මාලිමාවය, අනික ටැලිපෝනයය. මාලිමාවේ නම් තියෙන්නේ තනිකර කොමියුනිස්ට් වසය. ඒකේ තියෙන ඒවා බිව්වොත් විදේශ නැවකින් ඇවිත් හෝ බේරගැනිලි බොරුය. අන්තර්ජාලේ වගේ "පොහ්" ගාලා රටට අබ සරණම වෙනවාය. 


අනික් එකේ තියෙනේවා බිව්වොත් මැරෙන්න වෙන්නේ කොටස් වශයෙන්‍ය. එයා ආපූ ගමන් බදු අඩු කරන්නේය. පඩි වැඩි කරන්නේය. සියල්ල නොමිළේය. රනිල් ලොක්කා තිත්ත බෙහෙත් දී ගොඩගත් ලෙඩ්ඩු ටික මැරෙන්නේ... උන්දෑ ඉතිරි කරගත්ත ඩොලර් බිලියබ 5.5 ටත් කෙලවලාය.


මේ බව නොදන්නා වදකහ අමන ගොබසන්ලා උන්ගේ පස්සේ ගියත්... මොළය අබ මල් රේණුවක් හෝ තියෙනා උන්ට... දැන් බොන රනිල්ගේ තිත්ත බෙහෙත්... අරුන්ගේ මූදේ පාවෙන වස බෝතල් වලට වඩා ගුණදායක බව කෙමෙන් කෙමෙන් තේරුම් යමින් තිබෙන්නේය.


තිත්ත බෙහෙත් දිරවා ගන්න බැරි වී තිබෙන්නේ... මෙතෙක් කල් හොරා කෑ රාජ්‍ය සේවයේ පින් බතාලාට හා 2019 තිබූ මිළට කන්න බොන්න බලාන ඉන්නා හිඟන්නන්ටය. 


ශානී හා රවී කියන්නේ උදාහරණයන් දෙකක්‍ය. මේ කම්බා හොරුන්ගේ රැකවරණය ඇත්තේ මොනෑක් ඉම්පීරියල් එකේය. 225 ට වඩා කම්බා හොරුන් රැස් වෙන්නේ එතනටය.


හැබයි පිනට කන්නට බලා සිටිනා වදකහ ගොබ්බයන් නොදන්නේ දේ නම්... ඔය බෝතල් දෙකේම 2019 තිබූ මිළට මක්කත්ම නැති බවත්, ඇත්තේ වස මුසු කල අමු පච පානයක් බවත්මය.


බීලා බලන්න...

ආස හිතෙයි...


ඒ වගත් මෙසේය.....

.

18 comments:

  1. මරු පෝස්ට් එක මාතේ' අර පින්තූරය නම් පට්ට පට පට 🤣😂😅

    රටක මිනිස්සුන්ගෙ ගොඩනැගීම එන්නෙ ආකල්ප එක්ක. ඔය වගේ ආකල්ප තියන නරුම තකතීරුවන්ට වෙන්නෙ ඉතින් ජීවිත කාලෙම පාලකයන්‍ට බැන බැන ඔහේ මැරිල යන්න තමා බොහෝවිට. කෑශ් වලටම වැඩකරල බැංකු ලෝන් එකක්වත් මලාට ගන්න බෑ.

    ReplyDelete
  2. ඔව් මචං. මේ යන විදිහට කොහොමත් තව පරම්පරා ගාණකටවත් ඔය ආකල්ප වෙනස් වෙන්නෙ නෑ.. පොඩ්ඩක් හරි වැරද්දක්, අඩුපාඩුවක් තේරුම් ගන්න කැමති නෑ. ඉතින් හැමදාම උනුත් එක තැන. රටත් එක තැන. එහෙමත් නැත්නම් ඉබි ගමනෙන් තමා යන්නෙ. තමන් වෙනස් නොවී අනිත් උන්‍ට බනින එක තමා අපේ 80%ක් විතර කරන්නේ.

    ReplyDelete
  3. අඩෝ මාතා ට්‍රම්ප්ට හොඳ කලක් යන ලයින් එකක් තියෙනව නේද? එහෙම වුණොත් ඩිමොක්‍රටික පක්‍ෂයේ ලංකාවේ රූකඩ වන රනිල් වික්‍රමසිංහගේ සිට මාලිමාව දක්වා කට්ටිය ඔක්කොටම බඩු බනිස් වෙන්න ඉඩ තියෙනවා.

    මොකද පහුගිය සතිය ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමරිකානු චන්ද සටනේ වාසිදායකම සතිය උනා. ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් සමඟ පැවති විවාදයෙන් ට්‍රම්ප් විසින් අමුම අමු කුජීතවන ලෙස තකතීරු බයිඩන්ව ෆ්ලැට් කරලාම දැම්මේ බයිඩන්ගේ අපේක්ෂකත්වය පවා නැතිවෙන ලෙවල් එකට දාලා...

    ඒ වගේම ඊයේ ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් දෙමින් ට්‍රම්ප්ගේ මුක්තිය තහවුරු කලා. ඔහු ජනාධිපතිව සිටියදි රාජකාරි මට්ටමින් කල කිසිම දේකට අපරාද නඩුවකින් ඔහුට විරුද්ධව දඬුවම් දීමක් කල නොහැකි බව අධිකරණය ප්‍රකාශ කලා. ඒ අනුව ට්‍රම්ප්ට එරෙහිව ඇති 2020 ජනාධිපතිවරන ප්‍රථිපල වෙනස් කිරීමට අතපෙවීමේ නඩුව නිෂ්ක්‍රිය වන්නට ඉඩ තියෙනවා.

    ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වාමාංශික විරෝධී දක්ෂිණාංශික/ජාතිකවාදී ඇමරිකානු ජනතාවගේ අපේක්ෂාව වන අතර සංක්‍රමණිකයන් ඇමරිකාවට පැමිණීම නතර කිරීම ට්‍රම්ප්ට චන්ද ලැබෙන කී පොයින්ට් එක වේවි.

    ReplyDelete
  4. මාතා ලංකාවේ ක්‍රියාත්මක වුණ 2022 ගෝටගෝ ව්‍යාපෘතිය (Project GGH22) හෙවත් ගෝල්ෆේස් අරගලයෙන් දිනපු අය බහුතරයක් අපට හදුනා ගත හැකියි.

    ගොල්ෆේස් අරගලයට පහරදීම පොහොට්ටුව ඇතුලෙන්ම ඇමරිකන් තානාපති කාර්යාළය විසින්ම මෙහයවූ ඔවුන්ගේ උවමනාවට කරපු දෙයක්,කියන එක මම මුල ඉදන්ම කීවේ ඒකයි.

    ගෝල්ෆේස් එකේ/ අරගලයේ, කූඩාරම් කඩලා එතැන කලබලයක් ඇති කළේ ඇයි??

    පිළිතුර හරිම සරලයි !

    ගෝල්ෆේස්,අරගලයට තානාපති කාර්යාළ මගින් මෙහෙයවමින් යොදවපු කොටසට ගහලා පන්නන්න පොලීසිය ලවා පහර දෙන්න ගෝඨාභය ජනාධිපති බලය යෙදෙව්වේ නෑ.ඔහු ඉවත්ව යන්නේත් නෑ.

    ඒ,නිසා අරගලය ජනාධිපති මංදිරය ඉදිරිපිට ගෝල්ෆේස්,එකේ කොතරම් බලවත් කරත් ජනාධිපති මංදිරයට කඩා පනින්න හේතු නිර්මාණය කරවුනේ නෑ

    ඒ නිසාම ගෝල්ෆේස්, අරගලය බහුතර ජනතාවටත් එපාවී ස්භාවිකව මිය යන්නට ආසන්නවයි තිබුනේ

    ඔබ හොදට හොයලා බැපුවොත් මහින්ද රාජපක්ෂගේ කියන පාක්ෂිකයෝ ඇවිත් අරගලයට ගහනකම් අරගලය හදපු අය හිටියේ ප්ලෑන් A එක ඇතුලේ හිරවෙලා.

    ප්ලෑන් A තිබුනේ,ආරක්ෂකඅංශ අරගලයට ගැහුවා නම් ඒ අනුකම්පාව හරහා රටපුරා කලබලකාරී තක්වයක් නිර්මාණය කිරීම. ඒ හරහා,ජනාධිපති බලයෙන් පහ කිරීම සහ ජනාධිපති මංදිරය පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම බව වැටහෙනවා.

    ඒත් ප්ලෑන් A සාර්ථක කර ගැනීම සදහා ආරක්ෂක අංශ යොදවන්නේ, නැතුව ඉන්න ගෝඨාභය සාර්ථක වෙනවා.

    ඒත්..

    ප්ලෑන් B ක්‍රියාත්මක කරන්ක පොහොට්ටුව ඇතුලෙන්ම ඩීල්කාරයින්ගේ සහාය ලබාගන්න තානාපති කාර්යාලයේ නියෝජිතයන් සමත් වෙනවා.

    ප්ලෑන් B එකට අදාලව ගෝඨාභය ආරක්ෂක අංශ වෙතින් එල්ල නොකරන ලද අරගල කරුවන්ට රටේ අනුකම්පාව දියත්,වෙන ප්‍රහාරය පොහොට්ටු මැරයන් විසින් එල්ල කරනවා.

    ඒ සමගම ප්ලෑන් B ක්‍රියාත්මක වෙනවා රට පුරා කලිං සංවිධානය කර තිබු ප්‍රචන්ඩ රැල්ල දියත් වෙනවා.

    ජනාධිපති මංදිරය අරගලකරුවන්,
    අත්පත් කරගන්නවා ජනාධිපතිට පැන යාමට සිද්ධ කරනවා

    ඊට පස්සේ වෙන දේවල් නම් හැමෝම ලයිව් දකිනවානේ.

    ඊටත් පස්සේ..

    මේ,තාක් තානාපති කාර්යාළ නිල නිවේදන පවා නිකුත්කරමින් දැඩිලෙස ආරක්ෂා කරනලද ගෝටගෝ ව්‍යාපෘතියේ ප්‍රධානතම පෙරමුණ වුණ ගොල්ෆේස් අරගලය තානාපති කාර්යාළ විසින් ක්ෂණිකවම අතඅරිනවා

    එතෙක් අත පය හකුලවාගෙන හිටපු පොළීසිය සහ හමුදාව රනිල්ගේ නියෝගය ආ විගසම පැය 24 න් අරගලය ගෝල්ෆේස් එකෙන්,ඉවත් කරනවා.

    අරගලයේ හිටපු ඉදිරි පෙළ චරිත දේශපාලන පක්ෂ ගත වෙනවා

    බලය අත් හරින ලද රාජපක්ෂලා බලය තිබ්බ රාජපක්ෂලාට වඩා හොදින් ආරක්ෂිත වෙනවා.

    කොටින්ම අරගල කාරයන්ට පොහොට්ටුවේ මැරයන්,ඇවිත්, ගහනකල් බලා හිටියා කීව කොළඔ දිසාව භාර ජේෂ්ඨ්‍ය පොළිස්පති රටේ පොළිස්පතිත් වෙනවා

    ⁣ඒ,අතරේ අරගලයට ගහන්න ආව රාජපක්ෂලා වෙනුවෙන්,ජීවිතය දෙනවා කීව මහින්ද කහදගමලා රනිල් වික්‍රමසිංහ මාර්ගයෙන් ඇමරිකන් කදවුරට පය තබනවා.

    සරළව...

    ගෝඨාභය ජනාධිපති එළවන්න රාජපක්ෂ කදවුර ඇතුලෙන්ම සැළසුමක් ක්‍රියාත්ම නොවුනා නම්

    ⁣ඒ මිනිස්සු ඒ නිසාම ආරක්ෂා නොකරනවානම්

    මහින්ද කහදගමලා රනිල් ලගට යන්නෙත් නෑ යවන්නෙත්,නෑ.

    මොකද කහදගමගේලාට ගහන්න යන්න ඕඩර්ස්,දුන්න කෙනා කහදගමලා ආරක්ෂා කරා වගේම මෑන් නියම වෙලාවට එක්සත් ජාතික පක්ෂය සමගම නිල වශයෙන්ම එකතුවීමත ඒකට අදාල දිගුවක් විතරයි.

    ReplyDelete
  5. NPP එකට උගත්තු කියාගන්න සෙට් එකක් කොහේ හරි කාණු වලින් ඇඟිදින්න වෙලා තියෙන්නේ ඇයි?

    https://www.facebook.com/100067924544504/posts/803892275218250/?app=fbl

    ReplyDelete
    Replies
    1. From Lanka E news

      ජාතික ජන බලවේගය කෙළින අතේ පත්තු කෙප්පයක් මෙන්න..!

      -ආචාර්ය කිත්සිරි අත්තනායක හෙළිකරයි

      (ලංකා ඊ නිව්ස් -2022.ඔක්.17, ප.ව.9.15) රට හැදීමට පෙර තමා නිවැරදි විය යුතුය. ජාතික ජන බලවේගය පුනරුත්ථාපනය විය යුතුය.

      ජාතික ජනබලවේගයේ ජනහමු සහ මෑතකදී වේගා විද්‍යුත් මෝටර් රථ නිපදවන ආයතනය වෙත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග සහභාගි වූ ශාන්ත ජයරත්න මහතා හඳුන්වා දෙනු ලබන්නේ එක්සත් රාජධානියේ Reading විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු ලෙසය. එසේ කිරීමට හේතු වී ඇත්තේ ශාන්ත ජයරත්න මහතා තමා විසින්ම Reading විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු ලෙස හඳුන්වාදෙනු ලබනු නිසාය.

      මේ වනවිට එක්සත් රාජධානියේ Reading විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කරමින් සිටින මා සතුව ආචාර්ය උපාධියක් ඇතත් ශාන්ත ජයරත්න මහතා තරම් මා වාසනාවන්තයෙකු නොවුනේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධූරයක් තබා කථිකාචාර්ය ධුරයක් හෝ ලබාගැනීම එක්සත් රාජධානියේ ඉතාමත් දුෂ්කර කාර්යයක් වන බැවිනි.

      ජාතික ජනබලවේගය යනු මගේ දැනීමේ හැටියට කිසිදු ජාතික මෙහෙවරක් කිරීම සඳහා සුදුසු දේශපාලන ව්‍යාපාරයක් නොවන බවය. ඒ සඳහා ඇති තරම් උදාහරණ ගෙන හැර දැක්විය හැකි නමුදු මා ඒ පිළිබඳව නොව මෙසේ අසත්‍ය තොරතුරු සමාජගත කරන සහ බාල ඝනයේ රැවටීම් වලට ලක්වෙන ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් මෙසේ විමසා සිටිමි.

      හැකිනම් පෙන්වන්න..
      ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාන්ත ජයරත්න මහතාගේ වීසා බලපත්‍රය, Work Permit ලියකියවිලි, Reading විශ්ව විද්‍යාලයේ එතුමාගේ පත්වීම් ලිපිය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය යැයි කියා ගන්නා ශාන්ත ජයරත්න මහතාගේ එක්සත් රාජධානියේ වැටුප් විස්තර, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය යැයි කියා ගන්නා ශාන්ත ජයරත්න මහතාගේ ආචාර්ය උපාධිය සහ ඒ මහතාගේ මහතාගේ පර්යේෂණ පත්‍රිකා හැකිනම් ඉදිරිපත් කර මා පවසන දෑ නිවැරදි නොවන බවට සනාථ කරන ලෙසය.

      මා දන්නා තරමට ශාන්ත ජයරත්න මහතා සතුව ආචාර්ය උපාධියක් නොමැති අතර එතුමා හට එක්සත් රාජධානිය විසින් නිකුත් කර ඇත්තේ තාවකාලික සංචාරක වීසා බලපත්‍රයකි. ශාන්ත ජයරත්න මහතා එක්සත් රාජධානියේ කිසිදු රැකියාවක් කර නොමැති අතර ඉතාමත් කෙටි කාලයක් සංචාරක වීසා මත රැඳී සිටි අයෙකි. මෙවැනි අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමට තරම් රැවටෙන ජාතික ජන බලවේගය ශ්‍රී ලංකාව නිවැරදි මාවතට ගෙනයාමට හැකිද යන්න ප්‍රශ්නාර්ථයක් වන්නේය. මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය යැයි කියා ගන්නා ශාන්ත ජයරත්න මහතා විසින් හෝ ජාතික ජනබලවේගය විසින් හෝ පිළිතුරු සපයනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිමි.

      ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය යැයි කියා ගන්නා ශාන්ත ජයරත්න මහතා පිළිබඳව Reading විශ්ව විද්‍යාලයෙන් විමසන ලදුව ඔවුන්ගේ ප්‍රතිචාරය සියළු දෙනාගේ දැනගැනීම සඳහා මේ සමග ඉදිරිපත් කරමි. මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය යැයි කියා ගන්නා ශාන්ත ජයරත්න මහතා විසින් පිළිතුරක් දෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටිමි.

      -ආචාර්ය කිත්සිරි අත්තනායක

      https://www.facebook.com/groups/879406852544353/permalink/1813580199127009/?mibextid=a3pxOyd5sDEt01RW

      Delete
    2. මෙන්න මාලිමා විද්‍යාඥයෝ.😀

      https://www.facebook.com/share/p/mH9MeX4BxWCcb6JR/?mibextid=WaXdOe

      Delete
  6. රනිල්ට පුක දෙන පොන්න මාතලන් දන්නෙ නෑ, ලංකාවෙ ණය කීයද කියලා.. පොන්නයො, බලපන් අඩුම ගානෙ ආර්ථික විද්වතෙක්ගෙ ලිපියක්, ණයට කහින්නෙ නැතුව.
    https://economatta.blogspot.com/2024/06/100.html

    ReplyDelete
  7. මාතේ බුකියෙ විශේෂඥයෝ කියල තියෙන දේවල් අනුව අර බෝතල්වල තිබිලා තියෙන්නෙ

    - නයිට්‍රික් ඇසිඩ්
    - මෙතිල් ඇල්කොහොල්
    - අයිසොප්‍රොපිල් ඇල්කොහොල්
    - මෙතිලින් ක්ලෝරයිඩ්
    - ෆෝමැල්ඩිහයිඩ්

    ඒ ඔක්කොම තමන්ගෙ නිගමනවලට සාක්ෂි විදියට දීල තියෙන්නෙ ඒ ධීවරයෝ ගත්ත සෙල්ෆියෙ තිබ්බ බෝතලේට සමාන බෝතල් වල දාපු එක එක කෙමිකල් වල අන්තර්ජාලයෙන් ගත්ත පින්තූර.

    යකෝ එක ජාතියෙ බෝතල්වලට කෙමිකල් ජාති දහස් ගාණක් දාලා විකුනන්න පුලුවන් හත්තිලව්වෙ.

    ReplyDelete
  8. තව දෙයක් තියෙනවා මාතලන් මේ වෙලාවේ ලංකාවේ සමාජ ජාල වල හඬ නගන බහුතර මිනිස්සු හිතන්නෙ ජෙපි මානසිකත්වයෙන්
    ඊර්ෂ්‍යාව කුහකකම වෛරය තුලින් තමයි හැම ප්‍රශ්නයක් දිහාම බලන්නේ

    මාලිමා මානසිකත්වය නිසාම ලංකාවේ හොඳම ක්‍රිකට් බෝලර් වෙන වනිඳු T20 අංක එකේ පන්දු යවන්නා විදියට රෑන්කින් වල හිටියාට පිතිකරුවෙක් විදියට පසුගිය තරඟ කිහිපයක පසුබෑමක්
    තිබුණා තමයි, හැබැයි ලොස් ඔව් ෆෝම් කියන එක, ඇත්තටම ඒක ඕනම ක්‍රිඩකයෙක්ට අත්වෙන තත්ත්වයක්

    වනිඳු තමන්ගේ වයසේ ඉන්න බොහෝ තරුණයින්ට වඩා සැප පහසු සුඛෝපභෝගී ජිවිතයක් ගත කරනවා ඒක ගොඩක් එවුන්ට දරා ගන්න අමාරුයි ඉස්සර ජවිපෙ කලා අංශයේ සරසවි සිසුන් සහ පාක්ෂිකයන්ගේ හිතේ ඇතිකරපු සහ පසුව රන්ජන් රාමනායක වගේ අය පටු දේශපාලන අරමුණු මත සමාජගත කරලා දැන් මාලිමාව විසින් සමාජජාලතුල මහාපරිමාණ ලෙස ඇතිකරපු චින්තන දෘෂ්ටිය මත උන් හිතනවා වනිඳු වගේ එවුන් නිසා තමයි අපිට ඒ ජිවිතේ අහිමි කියලා

    එහෙම නැත්නම් අපිට නැති දේවල් වනිඳුලාටත් එපා කියලා මේක තමයි ජවිපෙ ව්සින් බහුතර තරුණ පරපුර තුල ඇති කරපු සමාජ වෛරය.

    ReplyDelete
    Replies
    1. ජෙප්පොනම් කොහොමත් කුහක හැත්ත තමා. උන්ට අනුන්ගෙ දියුණුව බලන් ඉන්නත බෑ තමා. ඒක ගැන තර්කයක් නෑ. ඔය වනිඳුලා සැප විඳින එක අනිත් උන්ට බලන් ඉන්න බැරි නිසා එක එක ඒවා කියන එක තැරි දාර කෙප්පයක්..මොකද ලංකාවෙ මිනිස්සු ක්‍රිකටර්ලා සැප වින්දට කවමදාවත් මොනවාවත් කිඅයන්න ගියේ නෑ.. සංගලා, මහේලලා, ජයසුරියලා වනිඳුට වැඩිය සැප විඳපු මිනිස්සු..උන් අද තමන් හම්බ කරපු ඒවයින් තමන්ගෙම ව්‍යපාර කරගෙන් සතුටින් ඉන්නවා. අහලා තියනවද කවුරුවත් මුකුත් කියනවා.. නෑ.. එහෙනම් ඇයි වනිඳු?? වනිඳු විතරක් නෙමේ කුසල් මෙන්ඩිස් කියන වනචරයවත් මිනිස්සුන්ට පේන්න බැඑරි උන්ගෙ හැසිරීම නරක නිසා, කතා කරන්න දන්නෙ නැති නිසා.. මමතමා පොර කියලා හිතන් ඉන්න නිසා.. මත මතකයි ඖඅ කුසල් මෙන්ඩිස් කියන ගොබ්බායා එක සැරයක් කාලයක් ෆේම් වෙලා ඉඳලා පොඩි ටීම් එකකට තටමලා පනහක් ගහලා මයික් එක ඉස්සරහට ඇවිත් දර්ශණයක් දැම්මා " ක්‍රිකට් දන්න අය අපිත් එක්ක ඉන්නවා" කියලා.. ඌ ඒ අපහාස කළේ සමස්ත ලාංකික ප්‍රේක්ෂක ප්‍රජාවට..වනිඳුන්වත් ඊට දෙවෙනි නෑ.. ලෝක කුසලානෙ පුක නැතිවෙන්න කාලා ඇවිල්ල දැන් එල්පීඑල් එකේ රැගිල්ල කොහොමද? අර පොඩි කොල්ලගෙන් මොළෙ නැද්ද කියලා අහනවා කවදාවත් මොළේ පාවිච්චි කරපු ගොං වනිඳුවා.. ඔන්න ඔය වගේ හේතු නිසා මිනිස්සුන්ට ඕකුන්ව පේන්න බැරුව මිසක් උන් විඳින සැපට ඇති ඊරිසියාවන් නෑ ලංකාවෙ මිනිස්සුන්ට..

      Delete
    2. @ Exotic / @ Anonymous

      පොඩි වැරදි මතයක් තියෙනවා ඔය නූතන ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාවක් කියලා කීම හීනමාන කතාවක්.
      ඒ වගේම ඒ කතාව පට්ටපල් බොරුවක් නලින්ද සිල්වාගේ වචනවලින් කිව්වොත්

      බොහොම ඉස්සර කාලේ මීට අවුරුදු 160කට විතර ඉස්සර WG ග්රේස්ලා ක්‍රිකට් ගහපු කාලේ ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් වෙන්න ඇති, හැබැයි ඒක ජාත්‍යන්තර ක්‍රීඩාවක් වෙන්න කළින්.

      1865 දී විතර එංගලන්තය ඔස්ට්‍රේලියාව අතර තරගය පවත්වා ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රීඩාවක් වුනාට පස්සෙ මේක මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නෙවෙයි.

      ක්‍රිකට් කියන්නේ පසුගිය සියවසකට අධික අතීතය පුරාම තරග දිනන්න විනිසුරුවරුන්ට පගාව දීපු, මාධ්‍ය අල්ලන් මඩ මෙහෙයුම් කරපු, ක්‍රීඩකයොන්ගේ මානසිකත්වය වෙනස් කරන්න ගෙදර බිරිඳ හෝ අම්මා අල්ලලා පවා බැන වැදුනු, ශරීරය ඉලක්ක කරලා හිතාමතාම පන්දු යවපු, වැලි කඩදාසි අරන් බෝලේ අතුල්ලපු ක්‍රීඩාවක්.

      දැන් නම් ක්‍රිකට් කියන්නේ තනිකරම ව්‍යාපාරික අවස්ථාවක් විශේෂයෙන්ම
      දකුණු ආසියාතික රටවලට ක්‍රිකට් කියන්නේ හොඳ වාණිජමය අවස්ථා සහිත
      ව්‍යාපාරයක්. ෆුට්බෝල් වලටත් වඩා ඔට්ටු තැබීම් වෙන ව්‍යාපාරයක්.

      ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රීඩාවක් වුනාට පස්සෙ කවදාවත් ඒක මහත්වරුන්ගේ ක්‍රීඩාවක් වුනේ නැහැ. ජෙන්ටල්මන්ස් ගේමකට වඩා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත් වෙන්නේ ජයග්‍රහණය කිරීම.

      ලසිත් මාලිංග අමුවෙන්ම කිව්වා වගේ වෙන මගුලක් වැදගත් නැහැ.දවස අවසානයේ ජයග්‍රාහකයා ඉතිහාසයට යනවා. පරාජිතයා කුනු බක්කියට යනවා.

      අතීතයේ අර්ජුනලට වඩා විනයගරුක ක්‍රීඩකයො ඉන්න ඇති. හැබැයි ලංකාවේ ක්‍රිකට් වල පොර තමයි අර්ජුන.
      මොකද වර්ල්ඩ් කප් එක දින්නේ එයා.

      අනූ ගණන්වල එයා ගහන ගහන මැච් එක පැරදුනා නම්, මුරලිත් පට්ට පේල් ලොසෙක් නම්, අර්ජුන අම්පයර්ට ඇගිල්ල උස්සපු සිදුවීම අපේ රටේ මිනිස්සු ඉතිහාසයට යවන්නේ මහත්වරුන්ගේ ක්‍රිකට් කන්න ආපු ආනන්දේ, SSC සරම් බුවා කියලා.

      මොකද ක්‍රිකට් ක්‍රීඩාව "සරම්කරනය" කළේ අර්ජුන. ඊට කළින් ලංකාවේ ක්‍රිකට් ගැහුවේ ගෙදරටත් සූට් අදින ඉංග්‍රීසිය මවුබස වුණ ලෝකල් කලුසුදු මහත්වරු.

      හැබැයි අර්ජූනයා මැච් දින්න නිසාත්, මුරලි දක්ෂ පොරක් වීම නිසාත් ඒ සිදුවීම ලංකාවේ වංශකතාවේ වීරත්වයෙන් ඉතිහාසයේ ලියවුනා.

      තරග දිනනවා නම්, පර්ෆෝර්ම් කරනවා නම් කාටවත් ඔය කට්ටියගේ රෙද්දේ මහත්මා ගතිය මතක් වෙන්නෙත් නැහැ.

      කොහොමත් දැනට ලෝකේ කිසිම රටක සෝකෝල්ඩ් "මහත්වරු" ක්‍රිකට් ගහන්නේ නැහැ.

      හැම රටේම ක්‍රිකට් ගහන්නේ හොඳින් හෝ නරකින් තරගයක් දිනන්න පුලුවන් කණ්ඩායම.

      පර්ෆොර්ම් කරපු නිසාම ක්‍රිකට් ක්‍රීඩාවේ චාටර්ම ඩිසිප්ලින් රෙකෝර්ඩ් තිබුණු ශේන් වෝර්න්, පොන්ටින් ගංගුලි ලාරා කියන්නේ පොරවල්. මයිකල් හෝල්ඩින්ගේ සිට ඇම්බ්රෝස් දක්වා කෲරතර පිතිකරුවන්ට තුවාල කරපු ඩෙනිස් ලිලීලා තොම්සන් ඩොනල්ඩ්ලාගේ සිට ස්ටාක් දක්වා දක්ෂ වීරයෝ වෙලා.
      ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවට ඔය කියන ලබ්බේ මහත්වරු අවශ්‍ය නැහැ. මහලොකු විනයකුත් ඕන නැහැ.

      හැබැයි!

      ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලේ මම පුද්ගලිකව විශ්වාස කරන "ග්ලැමර්" එකක් තියෙනවා.

      ක්‍රීඩකයො අන්න ඒ "ග්ලැමර්" එක මේන්ටේන් කරනවා නම් මන් කැමතියි.

      ඒ කියන්නේ ඇඳුම් තෝරගනිද්දි රුපියල් මිලියනයක් විතර වටින ඒත් ඇඳුම පුරා බ්‍රැන්ඩ් ලෝගේ එක ගහපු ඇදුම් තෝර නොගෙන, රුපියල් මිලියනයක් විතර වටින ක්ලාසි කියලා පේන ඇඳුම් තෝරගන්නවා නම් මන් කැමතියි.

      නළුවො කොන්ඩා කපන සැලූන් වල කැමරා ඉස්සරහා හරක්වගේ විරිත්තන්නෙ නැතුව, කලින් පරපුරේ අය සහ ලෝක පාපන්දු තරු වගේ සයිලන්ට් ප්‍රයිවට් ලයිෆ් එකක් නඩත්තු කරනවා නම් මන් කැමතියි.

      ඉන්ස්ටාග්‍රැම් එකේ හැම ගෑනි පස්සෙන්ම වල්කමේ ගිහින් ක්‍රිකටර් කියන ඉමේජ් එක දෙකේ කොලේට නොදානවා නම් මන් කැමතියි.

      කැමරා ඉස්සරහා ගොන්විදියට සිගරට් උරන්නෙ නැත්නම්, කැමරා ඉස්සරහා 'ගල්' බොන්නෙ නැත්නම් මන් කැමතියි.

      එහෙම නැත්නම් මේ විෂයට අනාගතයක් නැති වෙනවා.

      ග්‍රවුන්ඩ් එක ඇතුලේ නම් ජර්සි උඩින් දාන් ආවත්, සැන්ඩ්ල්ස් දාන් ආවත්, කොලර් අප් කරන් හිටියත් මට ලොකු අවුලක් නැහැ.

      හැබැයි තමන්ගේ ප්ලේස් එක අර්න් කරන්න.
      පර්ෆෝර්ම් කරන්න.

      ග්‍රවුන්ඩ් එකෙන් පිට ස්ටාර්ඩම් එකක් සහ ක්‍රීඩාවකට අනිවාර්යය වන 'ග්ලැමර්' එක ආරක්ෂා කරන්න ඕනේ.

      මොකද ඉස්සර කොන්ඩේ වවන්, රැවුල් වවන් ඉදපු සංගීතකාරයො පවා දැන් ලයිව් පර්ෆොර්ම් කරන්නේ වැදගත්විදියට සූට් ඇඳලා.

      තවදුරටත් අපිලිවෙලට, පිස්සො වගේ ඉන්නේ කැම්පස් යන හිඟන ජෙප්පොයි, පෙරෙට්ටොයි, සාලිය පීරිස්ගේ අරගල ගෝලයො හැත්තයි විතරයි.

      ඒ නිසා අපට ඉල්ලන්න තියෙන එකම දේ කරුණාකරලා ක්‍රිකට් ක්‍රීඩකයාගේ සහ ක්‍රිකට් ක්‍රීඩාවේ ලෙවෙල් එක ආරක්ෂා කරන්න.ග්‍රවුන්ඩ් එක ඇතුලේ පර්ෆොර්ම් කරනවා නම් ඕනම කුදයක් ගහගන්න.

      එච්චරයි!

      Delete
    3. එලම, ලෙසටම කියා ඇත

      Delete
    4. AnonymousJuly 4, 2024 at 7:12 AM -එලම, ලෙසටම කියා ඇත

      Delete
  9. මෙහෙමයි මාතලන් ඇත්තටම හොරකම දෙවිදිහකට කරන්න හැකියි. බලය ඇති අයට හා නැති අයට.. මාලිමාව ලකුණ දාගෙන ඉන්න ජවිපෙ කට්ටිය කරන හොරකම් ටිකක්කා කපටි විදියට කරන නිසා සාමාන්‍ය බහුතර ජනතාවට ඒ ගැන ඒතරමටම අවබෝධ වෙන්න නෑ.

    ඒ ගොල්ලො හරියට අපි ඌරු මස් කන්නෙ නෑ හොදි විතරයි කන්නෙ න්‍යායෙ අය. කොටින්ම දැන දැන මස් කඩේට හරකව දක්කන එවුනුත් ඉන්නවා. ඒ වගේම හරකා ස්වාභාවික විපතකින් මැරුණාම ඒ කුණ මස් කඩේට හිමිට විකුණලා දාන එවුනුත් ඉන්නවා. මාලිමා කාරයෝ හරියට අන්න ඒ ජාතියෙ අය. මෙයාලට අවුරුදු ගාණක් කැට හොල්ලපු තරුණයො ඉන්නවා. ඒ සල්ලි වලට මොකද වුණෙ කියන්න උඩින් පෝස්ටර් වගේ දේවල් පේන්න තිබුණට ඇත්තටම වියදම ඒකෙන් කොපමණක්ද කියන්න කාටවත් ලේඛන හෝ කවුරුත් දන්න කෙනෙක් නෑ. අනික ලෝකය පුරාම රටවල් වල සවාරි යනවා නිකන් නෙවෙයි එහෙ අය සල්ලි දෙනවා තව විදේශගත දමිල සහ මුස්ලිම්වරුන් පවා ඒ අයගේ අවශ්‍යතා මොවුන්ලවා කරගැනීම වෙනුවෙන් මුදල් විශාල ලෙස දෙනවා.ඒ කොපමණක්ද යන්න කිසි අයෙක්ට කියලා නෑ. ඒවා ඔක්කොම සමාජික අරමුදලට යනවා කියලා බොරු කියලා ෂේප් වෙනවා. රෝහණ විජේවීරගෙ නෝනට රජයෙන් ලැබුණු කෝටිගාණක සල්ලිත් ගියෙ මේකට.. ඊ ලගට මේ ළගදි මැයි දිනයට සමගාමීව ටිකට් එකක් කැඩුවා jvp යෙන් ඒ සල්ලිත් කොහෙටද යන්නෙ මේකටමයි. දැන් මේ පක්ෂ අරමුදලින් මාසෙකට එන පොලී ප්‍රමාණය කොපමණක් ඇත්ද. ඒකත් හෙළිවන කරුණක් නෙවෙයි. එයින් ලැබෙන මුදල් වලින් මේ සහොදරයො ටික කාල ඇදලා ගෙවල් කුලීත් ගෙවලා පක්ෂෙ සියලුම වැඩත් කරනවා. ඒ රුපියල් බිලියන ගණනින් ජෙ.වි.පි පක්ෂයේ බිම් මට්ටමෙ තරුණයෙකුටවත් කරන දෙයක් කියන්න. ඉතිං අනිසි ලෙස මිනිසුන්ගෙ මුදල් රැස් කරමින් ඒවා රහසිගතව භුක්ති විදින එකත් මං කිව්ව කලින් ජාතියෙ වැඩක්. පාරෙදි බස් එකෙදි දකිනවා ඇති පොඩි පොතක් හො කොල කැබැල්ලක් මිනිස්සුන්ගෙ අතට දිගෙන යනවා. ඒ පොතෙ හො කොල කැබැල්ලෙ තින්නෙ මේ පුදගලයා බලවත් මානසික රෝගයකින් පීඩා විදිනවා ඔබගෙ ආධාරය ලබා දී පිහිටවන්න කියලා. සමහරවිට ගොලුවෙක් වගෙ රගපාන මිනිසෙක් වෙන්න පුලුවන්. දැන් ඕක දැක්කම හිත උණුවෙන මිනිස්සු මේ මිනිහට රැවටිලා සල්ලි කීය කීය හරි දෙනවා. ඒ මිනිහ ඒව අරන් ගිහින් තමන්ගෙ හිගන කල්ලිය මෙහෙයවන්නාට එක්කො දෙනවා නැත්තන් මත්පැන් පාවිච්චි කරනවා. අන්න ඒ ක්‍රියාවලියම තමයි ජෙප්පො කරන්නෙත්. ඉතිං ඒක බැලු බැල්මට හොරකමක් නෙවෙයි වගෙ පෙනෙන්නෙ. නමුත් ඒකත් ලොකුම හොරකමක් තමයි.

    ReplyDelete
  10. ලංකාවේ Low Budget හැමදේම! හිල් ජොකෙක් ඇඳන් ඉන්න එකෙක් අලුත් ජොකෙක් ගන්න වියදම් කරනවා වගේ දේශපාලන කම්පේන් එකකටත් වියදම් කරන්නෙ. 😂

    ReplyDelete
  11. මාතා දැක්කද ආර්ථික ඝාතක ඔස්තාර් හඳුන්නෙත්ති අංකලයා අද නිව්ස්වල ආවේගයෙන් කියනවා

    "රනිල් වික්‍රමසිංහ බබාද, තමන්ගේ ජාතික ලැයිස්තුවේ ඉන්න කෙනෙක් නඩුවක් දාන එක නොදැන ඉන්න" කියලා 😅

    ඡන්දේ කල් දාන්න නඩුදාන එකට තරහා යනවා තමයි හැබැයි ඒත් පරිස්සමින් ඕවා කියනකොට. කවුරු හරි පාස්කු ප්‍රහාරයයි, ජාතික ලැයිස්තුවයි, ඊබ්‍රාහිම් නානා ගැනයි ඇහුවොත් 🙄 බඩුම තමයි නේද බන්

    ReplyDelete
  12. ඔය පෝස්ට් එකට දාල තියෙන පින්තූරයේ කතන්දරය ගැන බුකියේ සහ ලාංකීය ජඩමාධ්‍ය වල මාර රස කතා කෝටියක් විතර බලාගන්න පුළුවනි මේ දවස්වල... අමෝර් අමෝර් ලංකාවේ රසායන විද්‍යාඥයෝ ඉන්න තරම්. 😀

    01). ඔයාලා දැක්කා ද කට ඇරියොත් අනුවණ කතාවක් කියන ශ්‍රී ලංකාවේ ගොබ්බ නිවේදකයෝ රැලයි, දේශීය YOU-ටියුබ් චීත්ත රංචුවයි, මේ ගොන්රැල ඊයේ රෑ එක පාරටම රසායන විද්‍යාඥයෝ වෙලා.

    පණ පිටින් හිටියා නම් අන්ත්වාන් ලවොයිසියේලා ජෝන් ඩෝල්ටන්ලා අල්ෆ්රේඩ් නොබ්ල් ලා (නොබෙල්) මන්යා ස්ක්ලොදොව්ස්කාලා (මාරී ක්යූරී) අමීදියෝ අවොගද්රෝලා දිමිත්‍රි ඉවානවිස්ච් මෙන්දෙල්යෙව්ලා සේරම කොර වෙනවා මුන් මේ කියන බයිලා රසායනික සංයෝග වල නම් ඇහුවාම.

    මාර ලස්සන ක්‍රමයකට තමයි මෙයාලා අර බෝතලය ඇතුලේ තිබුණ සංයෝගය මොකක්ද කියලා විශ්ලේෂණය කරන්නේ.

    මුලින්ම අර බෝතලය Google Lens එකට දාලා ඒ හැඩයේ බෝතලයක් search කරගන්නවා ගූගල් එකෙන්.

    තම තමන්ට උඩින්ම search වෙන පින්තූරයේ ගහලා තියෙන නම තමයි මෙයාලට අනුව අපේ කට්ටිය බිපූ සංයෝගය.

    මාරම තාක්සනයක් නේ බම් ඒක. කාගෙද Chemistry පන්ති ගියේ? ඔයාලගේ TV කොම්පැනියේ අයිතිකාරයා ගේ ද?

    02). මේ වගේ LON තයන් ගෙන් නෙවෙයි. ඇත්තටම Chemistry ඉගෙනගත්ත, මුළු ජීවිත කාලයම මේ රසායන ද්‍රව්‍ය එක්ක ජීවත් වෙන, ඇත්ත බුද්ධිමතුන් ගෙන් මම ඇහුවා මේ මොනවා වෙන්න පුළුවන් ද කියලා.

    මේ පහලින් තියෙන්නේ එයාලා දුන්න උත්තර.

    බලන්න ඇත්තටම උගත් මනුස්සයෙක් දෙන උත්තරයක තියෙන පරිපූර්ණ බව/ ලස්සන/ ඉගෙන ගන්න තියෙන අලුත් දේවල් ප්‍රමාණය.

    I). ඔය සංයෝගය industrial AL - කොහොල් වෙන්න කිසියම් සම්භාවිතාවක් තියෙනවා. මේවා සාමාන්‍යයෙන් denatured කරලයි තියෙන්නේ. ඒ කියන්නේ සර්ජිකල් වගේ දෙයක් කවලම් කරලා මිනිස්සුන්ට බොන්න බැරි කරනවා. එහෙම කරන්නේ AL - කොහොල් අවාභාවිතා වීම වළක්වන්නයි.

    II). මේ ඇසිටෝන්, මෙතනෝල්, Isopropyl AL - කොහොල්, බියුටනෝල්, මේ ඕනෑම දෙයක් අඩංගු ද්‍රාවණයක් වෙන්න පුළුවන්. මේ සියල්ල සුවඳින් MADYA සාර වලට යම්තාක් දුරකට සමානයි.

    නමුත් මෙතනෝල් සහ Isopropyl AL - කොහොල් විය නොහැකි හේතුත් මේ සිද්ධියේ පේන්න තියෙනවා.

    III). බොහෝ විද්‍යාගාර විසින් සින්ක් එකට සෝදන්න නුසුදුසු සංයෝග, මේ වගේ හිස් වෙච්ච පැරණි රසායනික සංයෝග බෝතල් වලට පුරවනවා.

    එහෙම බෝතලයක් නිවැරදිව ඉවත් කිරීම සිද්ධ නොවී, මුහුදට වැටුණා වෙන්න පුළුවන්.

    අදාළ බීපු සංයෝගය වතුරේ දිය වෙන්නේ නෑ කියන එකට මේක තමයි හොඳින් ම ගැලපෙන පිළිතුර.

    03). මේක කියවන තවත් රසායන විද්‍යාඥයෝ, රසායන විද්‍යා ඉංජිනේරුවෝ ඇති.

    මගේ ආදරණීය ඉල්ලීම ඔයාලගේ දැනුම, සාමාන්‍ය ජනතාවට තේරෙන සරල භාෂාවෙන් කියලා දෙන්න.

    බුද්ධිමත් මිනිස්සු නිශ්ශබ්ද බව දන්නා නිසා තමයි මේ වගේ අය සියල්ල දත් දේවතාවුන් වහන්සේලා වෙලා තියෙන්නේ.

    එයාලා දන්නවා අභියෝගයක් එන්නේ නෑ කියලා. ඕනා මැටි කතාවක් උදේට කියන්න පුළුවන් කියලා.

    අපි ඒක වෙනස් කරමු! 💛❤️

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න