.

.

Dec 13, 2024

රන්වල හොරාටත් එහා කයිතන් පඩත්‍තලයින්ගේ අර්ශස් අමාරුවට ඩොක්ටර් අනුර කුමාර බේත් දෙන ලදි.


 

රන්වල හොරාටත් එහා

කයිතන් පඩත්‍තලයින්ගේ

අර්ශස් අමාරුවට

ඩොක්ටර් අනුර කුමාර බේත් දෙන ලදි.

➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖➖


ආන්ඩුව හොර කතානායකවරයා අස්කරන්නට උන්නේ නැතිය. ඒ බව ජනතාවට හා මාජ්ජවේදින්ට අයියා පාට් දැමු ආන්ඩුවේ වට පඩත්තලයින්ගේ ප්‍රකාෂ වලින් බොහෝ පැහැදිලි විය. 


ආන්ඩුවේ මාජ්ජප්‍රකාෂක උණ රෝගියා කළිඳුට කිව්වේ... අපි ඕවා දනිහෙන් උඩට ගන්නේ නෑ කියලායා. කයිතන් වසන්ත සමරසිංහ තඹුත්තේගම චොප්පේ සඕදරයා කීවේ....එක එකාට සහතික පෙන්නනවාට වඩා අපිට  වැඩ තියේය... පුලුවන්නම් අස්කරලා පෙන්නපන් කියලාය. බුරම්පියාද හීන් හඬින් දම් දෙසුවේ අපිට 159 තියෙන නිසා විශ්වාසභංගයක් ගෙනත් වැඩක් තියේද කියලාය. 


මුන් සියල්ලම ජෙප්පෝය. මුන් කොහොමත් ටෝක් දෙන්නේ අයියා පාට් එකෙන්‍ය. කතානායකට... ගෝ අහෙඩ්.... ගෝ අහෙඩ් කියන්නේ ඒ නිසාය. කතානායක වැඩේ කරන්න ගියේත් සභානායකයාය. කෙසේ හෝ විපක්ෂයේ ඉන්නා එකෙක් දෙන්නෙක්ගේ කටට බයේ උන් ඒ අයියා පාට් හකුලා ගත්තේය. දියවන්නාව කියන්නේ පැලවත්තේ පක්ෂ කාර්‍යාලය නොවේය. තොපේ බලමණ්ඩල පාට් එතන දාගත්තාට අපේ අවුලක් නැතිය. රටම උඹලාට ලියලා දුන්නේ නැතිය.


විපක්ෂ නායකයා නම් ඉන්නේ ශුක්‍රාණු කෑ රිලවා වගේය. රනිල් ඉන්නකන් පාර්ලිමේන්තුවේ දහ අට පාලිය නැටූ පිස්සු හුටං දැන් ඉන්නේ මොන්ටිසෝරී බබෙක් වගේය. මේවා සමහර විට පොලිටිකල් ඩීල් වෙන්නත් ඇතිය.


ජෙප්පෝ මේ ප්‍රශ්ණයේදීද අනුගමනය කරමින් සිටියේ උන්ට සුපුරුදු ක්‍රියාපටිපාටිය හෙවත්.... ප්‍රශ්ණය යට ගසන්නට සයිලන්ස් එකේ ඉන්න එකය. ජනතාවට දවස් දෙක තුනක් යනවිට වැඩේ අමතක වෙන බව උන් ප්‍රායෝගිකවම දන්නවාය. 


එහෙත් රජරට විස්ස විජ්ජාලේ කුමාර කළුආරච්චි සඕදරයා පටන් ගත්ත ගේම.... සමාජ මාජ්ජ තුලින් මෙන්ම ජඩමාජ්ජවේදීන් විසින්ද දිගටම ඇදගෙන ගිය නිසා.... වැඩේ හබක් විය. විපක්ෂයේ ගොබ්බයින් විශ්වාසභංග අත්සන් කරන කොට කම්බ හොරා අස්වෙලා ඉවරය.


මෙහිදි, පාර්ලිමේන්තුවේ ඇක්ස්පීරියන්ස් ඇති යටත් විජිත, බිමල්, ලාල්, හරිනි මෙන්ම ජනාධිපති අනුර සඕදරයාද අනුගමනය කළේ අර මොරි මාඩ අඳබාල චා ගුන්ඩින්ගේ අයියා පාට් ක්‍රමය නොවේ. විශේෂයෙන් ලාල් හා බිමල් සඕදරයින් ජනතාව සමඟින් හා අමාත්‍යංශ තුල වැඩකරනාකාරය ගැන ජයමනයා තුල පැහැදීමක් ඇති බව නොකියා සිටීමට තරම් අප කුහකයෝ නොවිය යුතුය.


ඔවුන් කෙමෙන් කෙමෙන් ජවිපේ මුග්ධ මානසිකත්වයෙන් ඉවත්ව.... මධ්‍යම පාන්තික NPP සාමාජිකයිගේ කල්ට් එකට ඇතුලු වීමට උත්සාහ කරමින් සිටීම... ඔවුන්ගේ මෙන්ම ආන්ඩුවේ පැවැත්මටද හිතකර තත්වයක් බවත් කියා සිටිය යුතුය.


හොර රන්වල ජෙප්පෙකි. ජවිපේ හූනියන් කාරයෙකි. පෙනෙනාකාරයට මේ යකා තමන්ගේ බිරිඳට හා දරුවන්ටද බොරු කියූ එකෙකි. NDT හෝ තිබේදැයි සැක සහිතය. හාල්පාරු ජෙප්පන්ට මෙසේ බොරුකාරයන් වීමට සිඳුවූයේ NPP සමඟ ගොඩනගාගත් සහසම්බන්ධතාවය නිසාය.


NPP යේ සිටින්නේ ජවිපේ මෙන් පිනට කන හිඟන්නන් නොව..... සමාන්‍යයෙන් ඉහළ මැද පන්තියට අයත් උගත් උපාධිධාරී වෘත්තිකයින් පිරිසකි. එය ලාල් ටිල්වින් හා අනුරලාට අවුලක් නොවුනද..... අනෙක් උන්ට අවුලක් වී ඇති බව බොහෝ පැහැදිලිය. 


ජෙප්පෝ නමේ මුලට තානාන්තර එකතුකර ගන්නේත්. බැරි බැරි මරගාතේ ඉන්ගිරිස් කතා කරන්නට යන්නෙත්, කපුගේ පට්ට ගහපු ගස්ලබු කොලේ ඔතලා ගහපු අම්බ ගං කබර හැත්ත හරිනිත් එක්ක හරි හරියට රුපියල් 50,000/= ටිකට් වලට ABBA බලන්න යන්නෙත්.... ඒ ගිය උන් බබා කාළේ ඉඳන් සී ඩී පටයෙන් ඇබා අහපු පොරවල් වෙන්න යන්නේත්.... මේ හීනමාන මානසිකත්වය නිසාම මිස වෙන කිසිවක් නිසා නොවේය. 


කෙසේ හෝ කෙටිකතා නායකගේ ඉල්ලා අස්වීමට NPP යේ බලපෑම් මෙන්ම ජූලී චාන්ගේ බලපෑම් මෙන්ම ඉන්දීය සංචාරයද හේතු වූවා විය හැකිය. 


මක්කා කළත්... මාතලන් එදත් අදත් හෙටත් කියනුයේ.... මෙය තනිකරම අනුර කුමාර දිසානායක නම් තනි පුද්ගලයාගේ ජයග්‍රහණයක් බවය. 


ඔහුට චන්දය නොදුන් අය අතරේ පවා ඔහුට ‍යම් කිසි ගෞරවයක් මෙන්ම ආදරයක් ඇති බවත් ඔහු අමතක නොකළ යුතුය. හාල්පාරු හිඟන ජෙප්පෝ බය වී උඩු බිරුවාට... ආන්ඩුව එලවීමේ හෝ කඩාවැටී කෙලවීමේ ප්‍රාර්තනයක් මොළය අබ මල් රේණුවක් ඇති එකෙක් තුල හෝ නැත්තේය.


ඊට හේතුව අනුර කුමාර කියන්නාක් මෙන්.... දැන් අරගෙන කරන්න එකෙක් නැති නිසාමය. කෙසේ හෝ වෙළඳ මාෆියාව මට්ටු කිරීමේ විශාල අභියෝගයක් අනුර කුමාර හමුවේ තියෙනවාය.


රටේ හාල් වල හෝ පොල් වල හිඟයක් ඇත්තේ නැතිය. මාස දෙකක් තුල එසේ වීමට කිසිඳු හේතුවක් ඇත්තේත් නැතිය. ඒ වෙනුවට ආන්ඩුව ගත් පියවරද නිවැරදිය.


අපද නිදහස් වෙළඳ ආර්ථිකය පිලිගත්තද, රාජ්‍ය නියාමනයක්ද තිබිය යුතු බවත් ඒ සමඟම පිලිගන්නේය. එබැවින් හාල් වලට බිත්තර වලට පාලන මිළක් දැම්මා සේම.... පොල් වලටද පාලන මිළක් ගෙන ආ යුතුමය. වැඩි මිළට විකුණන එකා කුදලාගෙන ගොස් ‍රිලව් වගේම කූඩූ කළ යුතුමය.


මන්ද මාෆියා කාරයන් 220 - 230 ට විකුණන පොල්..... උන් වතුවලින් ගන්නේ 120 - 130 ත් අතර මිළකට නිසාය.


කෙසේ හෝ ජවිපේ අමු ගොබ්බ චා ගුන්ඩින්ගේ දනිස් අමාරු හා උන රෝගය සුවපත් කළ අනුර කුමාර සඕදරයාට ඒ වෙනුවෙන් අපේ ආචරයද පිලිගන්වන අතර....


අනෙක් උන රෝගී හාල් පාරුවන්ට කීමට ඇත්තේ.... බලය ලැබුන පසු පිස්සු බව්වන් මෙන් හැසිරෙන්නේ නැතිව.... නිහතමානී වූ පරිනත බවක් පෙන්වන... ලාල්... බිමල්... හා නායක සහෝදරයා ආදර්ශයට ගන්නා ලෙසය.


මිනිසුන් ඔබට බලය දුන්නේ.... රාජපක්ෂ පවුලේ පාට් බැලීමට හෝ තව දුරටත් මොකාගේ හෝ අයියා පාට් හා හොරකම දූෂණය නාස්තිය බැලීමට නොව.... සිස්ටම් චේන්ජ් එකක් සඳහා බව අමතක කිරීම අති භයානක ප්‍රතිඵල ගෙන ආ හැකි බවත්, ඔබට බලය ලබා දුන් අය අතරේම ඔබ අප්‍රසාදයට පත් වී ඇති බවත් අවබෝධ කරගෙන සිටීම කෝකටත් හොඳය...


#lka #ParlimentJokes #කොළඹසන්නිය #මාතලන් 

.

1 comment:

  1. වසන්ත සමරසිංහ වපර වේසිගේ පුතා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න