.

.

Dec 29, 2024

ඒ හඬ නැගෙන්නේ රාජ්‍ය නිළධාරීන්ට එදිරිව නොව අනුර කුමාර දිසානායකට එදිරිවය....

 


ඒ හඬ නැගෙන්නේ

රාජ්‍ය නිළධාරීන්ට එදිරිව නොව

අනුර කුමාර දිසානායකට එදිරිවය....

➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖➖


මහින්ද මහ රජානෝගේ දෙවන ධූර කාළයේදී.... සොයුරු යුව රජානන් වූ බැසිල් රාජෝත්තමයන් වහන්සේට හා අජිත් නෙවාඩ් කබ්‍රාල්ට එදිරිව.... කේවට්ටයන් තිදෙනෙකු විසින් ගෙන ආ ප්‍රධාන චෝදනාවක් වූයේ... 


ආන්ඩුව තුල ආර්ථික ඝාතකයෙක් සිටිනා බවත්.... ඒ නිසා ජනතාව වෙනුවෙන් කිසිඳු වැඩක් කිරීමට නොහැකිව.... තමන් ඉතා අන්ත අසරණව සිටිනා බවටත් වූ ඇඬෝවැඩියාවක්‍ය.


එහෙත් ඇත්තම කතාව උනේ මොවුන්ගේ පිස්සු කෙලීම් සඳහා.... මුදල් අමාත්‍යශයෙන් ඉල්ලන මුදල් ඔවුන් වෙත ලබා දීම ප්‍රතික්ෂේප වීමය.... ඒ ත්‍රී ඊඩියට්ස්ලා වුනේ... විමල්, පාඨළී සහ අතන මෙතන වැඩ වැඩ හුන් රතන මහා ස්ථිවරයන් වහන්සේය. එසේ චෝදනා කරමින් ආන්ඩුවෙන් ඉවත් වූ තිදෙනා ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ වැඩ කළේ රාජපක්ෂලාට කෙලින්නටය. වත්මනේ සිඳු වෙමින් පවතින්නේද එයමය.


මේ අභ්‍යන්තර කැරලි  බණ්ඩාරනායකට මෙන්ම ගෝටබයටද එයාකාරයේම අභ්‍යන්තර කුමන්ත්‍රණයන්ට මුහුණ දීමට සිඳු වූ අතර එකෙකු නිවනින්ද අනෙකා නිවනට මෙහා මාර්ගපලයද අත්පත් කළ බවත් සියල්ලෝ සිහි තබා ගත යුතු වන්නේය.


2015 දී ත්‍රී ඊඩියට්ස්ලාගේ ගේම සාර්ථක වුවත්, 2019 බලයට පැමිණි රාජපක්ෂලාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙවරක් කලේද ඒ විමල් වීරවංශමය. 


කෙසේ හෝ ඒ තිදෙනා මෙන්ම රාජපක්ෂලාද ඔවුන්ගේ ගෝලයෝද මේ වන විට අනාත මාවතතේ කුණාටු සාගරේ පාවෙමින් සිටීම දෛවපෝගත සිද්ධියක් වන අතර..... ඔවුන්ගේ විනාශය ළඟා කර ගත්තේ ඔවුන්ම වීම දේශපාලන ප්‍රහසනයකට කඳිම තීසීසයකි.


මේ අතරේ.... කිසිඳා රැකියාවක් කර නැති, බුලත්විටක් තබා මෑ කරලක් හෝ වගාකොට විකුණා නැතිව කෙප්ප වපුරා බලය ලබාගත් හද්දා ගං කබර වැඩ බැරි හොර උපාධි කයිතන් ටාසන්ලා සියල්ලෝම... 


වී කිලෝවක් රටින් ගේන්නට බැරිව, පොල් ගෙඩියේ ගාන අඩු කර ගන්නට බැරිව, රුසියාවෙන් නොමිළේ ලද පෝර ටික නිසි ලෙස බෙදාගන්නට බැරිව, පෝර සහනාධාරේ පන් ගොයියන්ගේ එකවුන්ට් එකට දාගන්න බැරිව.... 


ප්‍රසිද්ධියේ අන්දරේලා පට්ට ජෝකර්ලා වී හෙලිවැල්ලෙන් නටනා දහ අට පාලිය වසාගන්නට යන්නේ.... රාජ්‍ය නිළධාරීට එරෙහි චෝදනා නැමැති තිරයෙන් නිරුවත වසාගෙනය.


මේ ගොබ්බ ගොන් බාස්ලා නොදන්නා දෙය නම්... රාජ්‍ය නිළධාරීන් සියල්ලන්ම වැඩ කරන්නේ.... AR, FR, චක්‍ර ලේඛන හා ගැසට් නිවේදන වලට අනුකූලව බවය. බොහෝ විට කැබිනට් තීරණ, ගැසට් නිවේදන පවා ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරණු ලබන්නේ.... ඒවා ව්‍යවස්ථාවෙන්ම අනුමත වී පැමිණිය යුතු නියෝග බව උන් නීතිපතිටත් වඩා හොඳින් දන්නා නිසාය.


ආන්ඩුවේ නිළධාරින් කියන්නේ මේ හාල්පාරුවන් මෙන් නොව.... ඒවා ගැන පයිත්තියම් වී තෙම්පරාදු වී සිටිනා උන් පිරිසක් වන්නේය... විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයේ උන්ට.... වර්තමානයේ  වැඩ කරන්නට වී තිබෙන්නේ.... මේ නීතී රීති හුටපටවලට අමතරව.... IMF නිර්දේශයන්ට, DSA වලට හා ප්‍රතිපත්ති රාමුවට අදාලව මෙන්ම කජු කන සීයා විසින් ගෙනෙන ලද ෆයිනෑන්ෂල් ඇක්ට් එකටද අදාලවය.


අනික් කාරණය නම්.... දැන් ආන්ඩුව දුවන්නේ මේ වර්ෂය සඳහා වෙන් කළ මුදල් මදි වී.... උන් විසින්ම සම්මත කර ගත් පරිපූරක ඇස්තමේන්තුවක් යටතේ බවටවත් මුන්ට අවබෝධයක් නැත්තේය.


එහෙත් ඇත්ත වශයෙන් සිඳුවන්නේ.... මේ කිසිවක් නොව.... සීයා ගිය මඟම යන අනුර කුමාර සඕදරයාට එදිරිව ගෙනයන පක්ෂ අභ්‍යන්තර කුමන්ත්‍රණයක් බව දේශපාලනයේ හය හතර දන්නා වුන්ට අවබෝධ වී අවසානය.


රාජ්‍ය හා මූල්‍ය පාලනය කියන්නේ හිතු හිතු දේ ක්‍රියාත්මක කළ හැකි පැලවත්ත කාර්‍යාලය මෙන් වහල් කඳවුරක් නොව..... නිසි ක්‍රියාපටිපාටියකට අනුව ක්‍රියාත්මක වන ආයතන මිස.... ගමේ සම්පාකාරය නොවන බව අනෙක් හාල්පාරු ගොබ්බයන්ට තේරුම් ගැනීමට නොහැකි වුවත්, අනුර කුමාර දිසානායක විසින් මේ වන විට අවබෝධ කරගෙන අවසානය.

ඔහු දෙයක් ඉක්මනින් අවබෝධ කරගන්නෙකු බව ඔහු හා වැඩ කරන්නන්ගේ මතය වී අවසානය.


ඔහු යන්නේ ජජබයට අවශ්‍ය ගමන් මගේය යන කැලෑ පත්තරයක්.... කුර හා අං සහිත හාඩ්කෝ ජෙප්පන් විසින් බෙදාහරිමින් පැවතියද... ඇත්ත කතාව නම්.... රට ගොඩ ගැන්මට ඇති එකම මාර්ගය වන සීයාගේ වැල් පාළමේ අනුර කුමාරයා ගමන් කරමින් තිබෙනා බවය.


ඉදින් ලාල්කාන්තලා, හඳුන්නෙත්තිලා කළ යුතුව ඇත්තේ.... රාජ්‍ය නිළධාරින්ට දොස් පවරමින් තම බැරි බැරියාව හා නොදැණුවත්කම ලෝකට පෙන්වම්න් හෙලිවැල්ලෙන් දහ අට පාලී නැටීම නොව..... රාජ්‍ය නිළධාරින් එදිරිවන, ආගිව් කරන කරුණු කාරනා පාර්ලිමේන්තු අණ පනත් තුලින් ව්‍යවස්ථාවට එක් කොට මඟහරවා ගැනීමය. 


පාර්ලිමේන්තුව තියෙන්නේ ඒකටය.

 

ඇත්තටම රාජ්‍ය නිළධාරි මාෆියාව කියන්නේ..... ඔය AR, FR සහ චක්‍ර ලේඛන යන ඒවාට අනුකූලව ක්‍රියා කරනා පිරිසක් බබත්... ඒවා වෙනස් නොකර... මේ රටේ බලය ඩොනල්ට් ට්‍රම්ප්ට නොව..... සී ජීං පින්ට තබා මෝදිට ගියත් මේ රට ගොඩදානවා බොරුය.


ඉදින් මේ නොදැණුවත්කම් නොහැකියාවන් වසා ගැන්මට..... ආන්ඩුව බලයට ගෙනා ගොබ්බ ජඩ මාජ්ජවේදීන් එලියට දමා රාජ්‍ය නිළධාරින්ට පලු ඇරියාට වැඩක් ඇත්තේ නැතිය. 


උන් උඹලා වගේ වැඩි බැරි කයිතන් ටාසන්ලාට අරින්නේ.... බටර් නොව කෙළ බින්දුවක්වත් නැතිව උන්ගේ පුපවල් හිනා වෙන අතරේය.


මොකෝ අනුර කුමාර ඉන්නේ උන්ගේ පැත්තේ බව උන් දන්නා නිසාය....


මුදල් අමාත්‍යංශය අනුර කුමාර යටතේ ඇත්තේ ජවිපේ හිඟන්නන්ගේ මානසික මට්ටම සියල්ලන්ටම වඩා හොඳින් දන්නේ අනුර කුමාර දිසානායකය....


ඕල් ඔෆ් අස් ආ හැපී 

සී ලන්කන් පීපල් ආ හැපී 


ස්වස්ති සිද්ධම්.... !!!


#මාතලන් 

.

8 comments:

  1. කෝ පොන්න නිමල් සහ ලෝටස් අජ්ජා. දැන් උන්ගේම ගූ කනවා ඇති බර බල්ලෝ දෙන්නා.

    ReplyDelete
    Replies
    1. ඕල් ඔෆ් අස් ආ හැපී

      ඉන්ස්‍ටෙඩ් ඔෆ් කුකීස්

      දීස් කොකනට් ඩොන්කීස්

      ට්‍රයින්ග් ටු සෙල් කොකීස්....

      Delete
    2. මගේ නමින් comment කරන්නානෙනි, ඔබ සුවපත් වේවා!

      Delete
    3. පිරිමි 175 දෙනෙක්ගෙන් පුකේ ඇර ගත්තු නිමල් පොන්නයා

      Delete
    4. @ නිදිගෙ පංච තන්තරේ


      ඕල් ඔෆ් අස් ආ හැපී

      සී ලන්කන් පීපල් ආ හැපී



      ස්වස්ති සිද්ධම්.... !!!

      Delete
  2. මාතලන්ගේ අවසන් වැකිය හා එකඟ වෙනවා,
    මේ රටේ මිනිසුන්ට ඇති පොදු ප්‍රශ්නය දරිද්‍රතාවය, ඔව් ඒත් සිංහල නොවන ජන වර්ග වලට මේ දරිද්‍රතාවයෙන් තමන් පෙලෙන බව හෝ නොවැටහෙන ලෙස ඔවුන්ගේ ඊනියා නායකයින් ජාතිවාදය ආගමික අන්තවාදය එන්නත් කරමින් සිටිනවා.
    අන්න ඒ නිසා ඔවුන් මේ පොදු ප්‍රවාහයට එක් වීම හිතනා තරම් සරළ කාරනයක් වන එකක් නැහැ.
    කෙසේ වෙතත් ද්‍රද්‍රතාවය තුරන් කිරීමේ ගෝඨාභය දැක්ම වූ රටේ ආර්තික සක්‍රීය තාවය ඉහල නැංවීමට මේ අන්තවාදීන් මැඩගෙන රටේ ජාතික ආරක්ෂාව පවත්වා ගැනීම ඉතා වැදගත් වෙනවා. අන්න ඒ ක්‍රියාන්විතය තුලදී අන්තවාදී නායකයින් හට ඔවුන්ගේ මිනිසුන්ගේ හිත්වල තව තවත් තුවාල සාදා ගැටළු උත්සන්න කිරීමට ඉඩක් නොලැබෙන ලෙස වැඩ කිරීමේ අසීරු අභියෝගය රජය මත පවතිනවා.

    කෙසේ හෝ සාමයත් ආර්ථික අභිවෘද්දියත් සලසා ගත හැකි වුනොත්, ඔබ කියන ලෙස සියල්ලන් පොදු ප්‍රවහයකට එක් වීම සෙමින් හෝ සිදු වේවි.

    අපි ඒ ගැන සුභවාදීව දෑස් යොමු කොට බලා සිටිමු.

    ReplyDelete
  3. අලුත් අවුරුද්දක් ලබන වෙලවේ වත් අපි මේ තරහ මරහ අමතක කරමු බන්.

    ReplyDelete
  4. අවදියෙන් පසු වන්න. මේ මාලිමාවේ සළුපට අහසට යන කාලයයි.. පත්තිනි සළු වල ඇත් තුත්තිරි හමුවන කාලයයි..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න