අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතුවේ
➖➖➖➖➖➖➖➖➖⭕➖
ඒක පට්ටම පට්ට යුනීක් වොයිස් එකක්...
වාසනාවකට ප්‍රියාගේ කටහඬ ඒ විදියටම ගේන්න ප්‍රියා අපිට පුතෙක් දීලා තියෙනවා... ඒකට ප්‍රියාට පින්.... දියනියකුත් ප්‍රියාගේ සින්දු කියනවා... ඇයත් ඉතාම පියකරු දක්ෂ ගායිකාවක්.... ඒ වගේම ප්‍රියාගේ බිරිඳ වගේම දරුවොත් ඉතාම උගත්, බුද්ධිමත්, වැදගත් රැකියාවල නියුතු මහත්මා ගුණයෙන් පිරිපුන් පිරිසක්...
ඔවුන් ඒ තත්වයට ගේන්න ප්‍රියා ගොඩාක් මහන්සි වෙලා තියෙනවා වගේම... ප්‍රියාගේ ආදරණීය බිරිඳ... ප්‍රියා හා දරුවන් වෙනුවෙන් තම හැකියාවන් සියල්ල කැපකළ උදාර බිරිඳක් වගේම මවක්....
ප්‍රියාගේ පුතා අපි වෙනුවෙන් සින්දු කියන්න එන්නේ ඇමරිකාවේ ඉතා සුවපහසු ජීවතයක් සම්පූර්ණයෙන්ම අත් හැරලා....
ප්‍රියා සින්දු කියන්න පටන් ගන්නේ හැත්තෑව දශකයේ.... එතකොට තිබුනේ තැටි (රෙකෝඩ්ස්) සහ ගුවන් විදුලි සංස්ථාව විතරයි. 1972 ප්‍රියාගේ සින්දු රේඩියෝවේ ඇහෙන්න පටන් ගන්නේ ගීත හතරක් එක්ක...
සරතැස නිවා දිවි කතරේ....
මට වාසනා ඔබ මට වාසනා....
හෙට දවසේ අප දෙදෙනා...
අඳුර අඳුර මගේ...
මේ ගීත එදා වගේම අදත් ජනප්‍රියයි.. ඒවා වඩාත් ජනප්‍රිය වෙන්න ගත්තේ ස්ටේජ් ෂෝ නිසා... මොකෝ ප්‍රියා සින්දු ගොඩාක් හදලා තියෙන්නේ රාගධාරී සංගිතයේ රාග වලට අනුව.... එතකොට ඔරිජිනලස් වල තියෙන්නේ තබ්ලා මියුසික්...
හැබයි ප්‍රසංග වේදිකාවේ දෙන්නේ ඩ්‍රම් එකයි බොන්ගෝ එකයි... පස්සෙ කාළෙක තම ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම්ස් ඔක්ටා පෑඩ් එහෙම ප්‍රියාගේ වොයිස් එකත් එක්ක එන්නේ....
ඔය සින්දු හතරෙන් හෙට දවසේ අප දෙදෙනා ගීතය ලියැවුන හැටි ගැනත් ඉතා රසවත් කතාවක් තියෙනවා... ගීතය ලියලා තියෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස්...
ඒ වගේම ප්‍රියාගේ ගීයක් ගුවන් විදුලියෙන් තහනම් වෙනවා ඒ.... සුදු පරවි රෑණ සේ පියා සලා.... ගීතය.... හැබයි මේක අතිශයින් ජනප්‍රිය වුනා... ඉතින් පාසල් ගුරුවරයෙක් වෙච්චි ප්‍රියා ඒ ගැන කළකිරිලා ඒ වෙනුවට..... ජීවිතේ ඔයා මගේ කියාලා... සිඟාවී ඔබේ ආදරේ....බාල කාළේ ආයේ එන්නේ නෑ... වැරදුන තැන යලි හදන්න බෑ කියලා කිව්වා....
ඒ වගේම ජනප්‍රිය වෙච්චි ගීතයක් තමයි නෙරංජලා සරෝජිනී එක්ක ගයපු ගෙල වට බැන්දාවූ මුතු පොටේ.....
හැමෝම සන්ෆ්ලවර්ස් මියුසික් එක්ක සින්දු කැසට් ගහන්න පටන් ගත්තයින් පස්සේ.... ප්‍රියා ස්ටේජ් ෂෝ වල නැතිවම බැරි ගායකයෙක් වුනා.... නවතම සංගීත ආරකින් (රෙගේ වර්ෂන්) නන්දන වින්දන තුලින් ජනප්‍රිය වෙච්චි.... ආදරනීය නේරංජනා අළුත් පරපුරත් ආදරයෙන් වැළඳ ගත්තා....
ඒ නිසාම ප්‍රියා පරම්පරා ගානක් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙක් වුනා... රියැලිටි වේදිකාවේ ඩුප්ලිකේට් ප්‍රියාලා කිරුළු පැලැන්දා....
ප්‍රියාගේ ඔක්කෝම ගීත ජනප්‍රිය වුනාට මම ප්‍රියාගේ කැමතිම ගීයක් තමයි....මී කැකුණ කැලේ සුදුහාමිනේට කියන සිංදුව... මම හිතන්නේ ප්‍රියා ඒ ගීතය ගයන්නේ ප්‍රියාගේ සුදුහාමිනේට....
ඉපදුනාම මැරෙන්න ඕන වුනාට අපි ජීවත් වෙනකන් වගේම ඉන්පසුත් අමරණීය වෙන ආදරණීය මිනිස්සු හරි අල්පයි....
අපිත් හෙට අනිද්දා වලපල්ලට යන්න ඉන්න කාළේ ප්‍රියාලා සුරලෝකේ යන එක අහඹු දෙයක් නොවෙයි විය යුතුම දෙයක්...
හැබයි ප්‍රියාලා හිටපු ලෝකේ අමරණියයි වගේම යන ලෝකයත් හරිම සුන්දරයි....
එකම කාළයක ජනප්‍රිය වෙච්චි මිල්ටන් මල්ලවආරච්චි වගේම ප්‍රියාත් මියුසික් ලෙජන්ඩ්ස්ලා හෙවත් පුරාවෘත්තයන් බව දැනගන්නම ඕන නම්....
ප්‍රියාගේ සින්දු ලිස්ට් එක කොහෙන් හරි හොයාගෙන බලන්න....
අපිට නම්.. එදත් අදත් හෙටත් දෙකක් දාගත්තම ගයන්න උත්සාහ කරන ප්‍රියාගේ සින්දු....
ඔක්කොම සුපර් හිට්......
සුභ ගමන් ප්‍රියා
මතු යලි උපදින බවයේ
ඔබ හමු වේවා
ඔබෙ ගීයක සිහිල රැඳී
අප මත් වේවා........
අසමාන වූ ඒ අප ආදරේ
කිසිදා මියෙන්නෑ....
සැකයක් නැතේ...
.
අපේ අම්මා මලබව ඇහුනට ගානක් දැනුනේ නෑ.
ReplyDeleteඒත් ප්‍රියා සූරියසේන මලා කියලා ඇහුවාම සෑහෙන්න අප්සට්.
සුබ ගමන් ප්‍රියා.. අපේ තරුණවිය රසවත් කළාට පිං. අදටත් ඒ රසය නොඅඩුවම තියනවා..
ReplyDeleteහෙට දවසේ අප දෙදෙනා අද වාගේම හමුවිය යුතු වේ, අද වාගේ අප වෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේ.... සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා... සුවහසක් ලාංකීය සිත් සතන් තම මියුරු කටහඬින් සුවපත් කළ ගායකයාණෙනි, මහා කලාකරුවාණෙනි ඔබට සුබ ගමන්!!
ReplyDeleteමාතා වෙන දෙයක් තියෙනවා ලංකාවේ හැමෝටම කියන්න මෙහේ Porsche එකේ 8000ක් VW එකේ35000ක් Merc,BMW වල තව දහස් ගානන් ඉදිරිවසර කීපයේදි රස්සාවෙන් දොට්ට දාන ලයින් එකක් තියෙන්නේ.ජර්මනිය ලොකු ආර්ථික අර්බුදයක් අබියස.හේතුව Tesla සහ චීන E.V. ලංකාවේ හැමෝම එකතු වෙලා ඒ ජර්මන් සමාගම් ගොඩදාලා දෙමු.
@ Ano 10.50
Deleteඔයාගේ දෙවෙනි කොටසට මේක
ඇත්තම තත්වය මැස්ඩා නිසාන් මිට්සුබිෂි..මේ තුනේම Sales බැහැලා..Toyota සහ Honda විතරයි යන්තම් අල්ලගෙන ඉන්නේ..
මේ වෙනකොට එංගලන්තයේ පාරවල් වල Honda Nissan වලට වඩා තියෙන්නේ South Korean Hyundai සහ KIA.. චීන වාහන Haval GWM, Changing, Geely සහ MG වගේම Electric
BYD තවමත් ජනප්‍රිය වෙමින් පවතිනවා..ඒ වගේම Indian Vehicles European market එකට තවමත් allowed නැහැ, safetyසහ Quality ප්‍රශ්න විසඳීමට අවශ්‍ය නිසා තව ටික කලක් යයි..
හොන්ඩා නිසාන් මිට්සුබිෂි හොන්ඩා එකෙන් මිලට අරගෙන එකතු වෙන්නේ මේගොල්ලෝ එකතු වෙලා තරගයක් දෙනවට වඩා තමන්ගේ ස්ථානය බේරගන්න..
බ්‍රිතාන්‍යයේ ඒක පැහැදිලිවම පේනවා...මේ Companies තුනම පැහැදිලිවම දන්නවා අනාගතයේදී ඉන්දියාව සහ චීනය සමග ලොකු තරගයක් දෙන්න වෙනවා තම පැවැත්ම තහවුරු කරගැනීමට..
බ්‍රිතාන්‍ය Range Rover මිලයට ගත්තේ භාරතයේ TATA..
2025 ඉදලා ඔවුන්ගේ නිෂ්පාදන ඉන්දියාවේ කරන්නයි ඔවුන්ගේ බලාපොරොත්තුව.. ඒ සමගම ඉන්දීය වාහනත් යුරෝපීය රටවලට සහ ලෝකයට එයි දැනටම Mahindra ට්රැක්ටර සහ වෙනත් off road වාහන යුරෝපීය සංගමයට සහ එක්සත් ජනපදයට ආනයනය කරන්නේ ඉන්දියාවෙන්
ඒ නිසා ඉන්දියාවත් අවතක්සේරු කරන්න පුළුවන් කමක් නැහැ..TATA දැනටමත් ඔවුන්ගේ Truck රථ යුරෝපයට ඇමරිකාවට කැනඩාවට සහ මැදපෙරදිග රටවල් වලට අලෙවිකිරීමට උත්සාහ කරමින් ඉන්නවා..
රුදුරු කතෝලික ආධිපත්‍යෙයන් සිංහල සංගීතය බේරාගත් සූරියසේන වීරයට ජයවේවා
ReplyDeleteමෑත සොඳුරු ප්‍රිය ලවන්
ReplyDeleteගීත ලොවක විය රජුන්
සීත ගෙනේ ළය සොවින්
' ඈත රන් විමන් තුලින් ..."
🌅🌸🌸🌸🌅
ඔබට නිවන් සුව ආදරණිය කලාකරුවාණෙනි 🙏
මාතා බොලාගේ අරගලයෙන් පස්සේ සාලයෝ පීරිසියගේ හුරතලා වුණ කංජිපානි ඉම්රාන්ට අධිකරණයෙන් ඇප ලැබුනා. එදාම ක්ෂණිකවම කංජිපානි ඉම්රාන් රටින් පලා ගියා.
මට මතකයි ඒ දවස් වල ඒකට ජවිපයේ සහෝදරයන් මුහුණු පොතේ බැන්නේ රනිල් වික්‍රමසිංහට. එවකට මහජන ආරක්ෂක ඇමති ධුරය දැරුවේ මට මතක විදිහට රනිල් වික්‍රමසිංහ.
කංජිපානිට ඇප ලැබීම අධිකරණයේ පසුබෑමක් සහ නීතීඥයන්ගේ රාජ්‍යය සම්බන්ධ වගකීම් විරහිතව පෙනී සිටීමක් නිසා කොයි තරම් අපි තර්ක කලත් ජවිපයේ සහෝදරයන් කීවේ කංජිපානිට ඇප ලැබීමට වඩා ඔහු රටෙන්, පලා යන්න රජයේ උදව්වක් නැතුව එහෙම කරන්ක බැරි බව සහ ඒ සියල්ලම සිදුවන්නේ පවතින ආන්ඩුවේ කුඩු සහ පාතාල මාෆියාව සමග තිබෙන අවිච්චින්න සබදතාවය නිසා කියන තර්කය මතුකලා. ‼️
ඒ වගේම අපේ ජවිපෙ ජාජබ ආන්ඩුවකදී කිසිදාක ප්රමුඛ පෙළේ කුඩු සහ පාතාල නායකයන්ට රටින් පලා යාමට ඉඩක් තබන්නේ නැති බවත් සහතික කරලා කීවා.‼️
ඒත් අද වෙනකොට ජවිප රජයක් යටතේ අධිකරණයෙන් නීතීඥයන් ඇප ලබා ගත්ත කුඩු සලිදු සහ පාතාල නායකයෙක් කියන අතුරුගිරිය පොඩි ලැසී එදාම ක්ෂණිකව රටින් පලා යනවා. කුඩු සලිදු රටින් පලා යන්නේ ඇප ලබා දින කීපයක් ගතවෙන්නත් කලිං.
එහෙමනම් බලය නැති කාලයේ, ජවිපෙ ජාජබ රටේ ජනතාවට කීව විදියට ඇයි රටේ,ප්‍රසිද්ධ මැරයෙකුට කුඩු,කාරයෙකුට ඇප ලැබුනම ඔහුරටින් පලා යන්න ඉඩ තිබෙන නිසා බුද්ධිඅංශය යොදවා ඔහු ගැන පසු විපරමක් කරන්න බැරිවුනේ කියන තර්කය ජවිපෙ ජාජබ ආන්ඩුවක්,තුළිනුත් ඉතා කැත විදිහට මග ඇරලා තියනවා.
ඒ කියන්නේ ඇත්තටම ඉස්සර රනිල්ලා මහින්දලා වගේම පාතාලයට රටින් පැන ගන්න ජවිපෙ ජාජබ රජයෙනුත් උදව් දැං ලැබෙනවා.
ඔය දෙක නැත්නම් ජවිප සහෘදයිනි ඔයාලගේ ආන්ඩුවකදී අධිකරණයෙන් ඇප ලැබඅන පාතාල සාමාජිකයන් සතියක් යන්න කලිං රටෙන් පලා යන්නට හැකි වුනේ කොහොමද කියලා අපට පහදන්න.
බලාන ගියහම ඔයාලගේ අනුර කියන පිස්සු ගොතකරුමෙත් එහෙම නම්ඔයාල ඒකාලේ කීව විදිහටම රනිල් මහින්ද මෛත්‍රීපාල වගේම
පාතාලයටත් පරිදිවෙන වැඩ බැරි ටාසන් කෙනෙක් තමයි. එහෙම නේද?
සොඳුරු ගායනයේ ඉසිවරයා ප්‍රියා සූරිය සේනයන්ට අජරාමර නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමු ! 🙏🙏🙏
ReplyDeleteමාත මචන් මේ කප් කොච්චර විශිෂ්ට විදිහට දැම්මත් අදාල අභිනයන් තිබුනේ නැත්නම් වැඩක් නෑ,,අභිනයන් යනු චලන වලට කියන නමක්,,භාව ප්‍රතිභාව තියෙන්න ඕන,,,වසන්ත විට්ටච්චි තමයි ලංකාවේ බිහි උනු විශිෂ්ටතම අංග රචන ශිල්පියා මම හරිද කියන්න මම දන්නේ නෑ,,ලංකාවේ මෙතෙක් බිහිඋනු හොදම අභි රූපන ශිල්පියා විමල් කුමාර කොස්තා කියලා හිටියාලු කෙනෙක් ඉස්සර ..මොනා උනත් මම මෙතෙක් දැකපු විශිෂ්ටතම රංගන ශිල්පියා ජගත් චමිල'''🥺❤🙏 බලන්න ස්වයං ජාත සහ සෑමී ගේ කතාව?
This comment has been removed by the author.
ReplyDeleteකළු කැත කොට පොන්න තට්ටයා
Deleteඅපේ ලාබාල ළමා විය නව යොවුන් විය හා තරුණ විය ඔබේ කටහඬින් සුවපත් කලාට ඔබට ස්තුතියි ! අපේ පියවරුන්ගේ පරපුරේ අය මෙන්ම අපද එකසේ සුවපත් කළ ක්ලැරන්ස් මිල්ටන් ජෝති ප්‍රේමකීර්ති ඇතුලු, අප සුවපත් කල ඒ අභාවප්‍රාප්ත මහා කලාකරුවන්ගේ මහා සමාජයට දැන් ඔබද එක්වී ඇත ! සුබ ගමන් සූරියසේනයානනි...!
ReplyDeleteසුබ ගමන් !
ReplyDeleteආවොත් යා යුතුය -නොගිහින් ඉනු බැරිය
ReplyDeleteඒත් සොඳුරු මිනිසුන් ගිය විට දුකය
ගීයෙන් අපේ හදවත් දිනුවේ ඔබය
ඔබට නික්මුණත් නම පවතිනු ඇත ප්‍රියය
උඹ වගේ සක්කිලි ජේවීපී පර බල්ලෙක් මැරිලා සූරියසේන ඉතරි උනා නං හරි
Deleteමැක්කන්ට මතක් වෙන්නේ බල්ලොමයි. මොකද මන්දා
Deleteයුග යුග ගණනාවක් රසිකයන් අතර ජනාදරයට පත් වෙමින් සිය මියුරු මියසියෙන් රසික සිත් සනහා ලු සනහා නිවාලූ නිවා සුවපත් කරලු ප්‍රියා සුරියසේන නම් අග්‍රගන්‍ය සංගීතවේදියා (24 දා ) අප අතරින් සදහටම නික්ම ගොස් ඇත.
ReplyDeleteඔහු අප වෙනුවෙන් ලබා දුන් මිහිරි ගීත දායාදයෙන් කොටසක් අද 26 වැනිදා අප ගුවනට එක්කරන්නේ ඔහුගේ රසිකයන් වෙනුවෙන්
ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 06:30 සිට සහ ජර්මනියේ වේලාවෙන් සවස 02:00 සිට lankaradio.lk