වැටෙනවාට බය වුවහොත්,
දුවන්නට බැරිය.......
(වට්ටපු උන් බලයට විත්..
උන් වැටේ යැයි කියා බියට පත් වීම)
➖➖➖➖➖➖➖⭕➖➖
පුද්ගලයකුගේ හැසිරීම් තුලින්, ශාරිරික ඉරියව් වලින්, මුහුණේ හැඟීම් වලින්, අභිනවයන්ගෙන් මෙන්ම ලිඛිත හා ප්රකාෂිත අදහස් තුලින් ඔහු හෝ ඇය කියවා ගැන්ම මේ පිළිබඳව භාවිතයෙන් හදාරා ඇති අයකුට අපහසු කටයුත්තක් නොවේය.
මැතිවරණ ව්‍යාපාරය තුලදී අනුර කුමාර දිසානායක හා පිරිස ඕවර් කොන්ෆිඩන්ස් ගොස් වේදිකා උඩ කෙලින්නේ හද්දා කෙබර බව අප කීවේ ලීවේ එනිසාවෙන්ය.
අප කියන්නේ බොරු නම්, ඔවුන්ගේ එදා කතාවන් හා අභිනයන් හොඳින් නිරීක්ෂණය කරනා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.
බලයේ වුන් රනිල් හා ඔහුගේ ගෝලබාලයෝ වේදිකාවේ කියුවේ ඇත්තය. එනම්.... රටේ දේශපාලන සමාජීය හා ආර්ථිකයේ නියම ස්වරූපයය. ඒ ඔවුන් එම ප්‍රශ්ණයේ දිග පලල පරිමාව භාවිතයෙන්ම අවබෝධ කරගෙන උන් නිසාය. අපද ලීවේ කීවේ එයය. එහෙත් ජෙප්පන් හා සජබේ උන් කියනා තරමක් කීවේ කිසි දින ඉටුකිරීමට නොහැකි ගල් පැලෙනා බොරුය.
ඊට ජවිපෙට හෝ සජිත් ඇතුලු පිරිසට දොස් කීමෙන් පලක් ඇත්තේ නැතිය. මොකෝ... බලය ලබා ගැන්මට ඇති පහසුම කාර්යය නම් හොඳම බොරු තොගය මාකට් කිරීමට ඇති දක්ෂතාවය බව මෙරට සියලුම දේශපාලුවන් දන්නා නිසාත්.... එය සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වී... ඒ සඳහාම වූ ජාත්‍යන්තර මෙන්ම දේශීය විශේෂඥ ආයතනත් බිහි වී අවසානය. ඉතිහාසයේ සිට මේ දක්වා බලය ලබාගෙන ඇත්තේ එමඟින් බවත් අද වන විට ඔප්පූ වී අවසානය.
වැරද්ද ඇත්තේ මේවා අවබෝධ කර ගැන්මේ ශක්තියක් නැති, නඟර සභාවක් තබා සමූපාකාරයක බඩු හෝ කිරා නැති පච මෝල්ලුන් පිරිසකට චන්දය දුන්... රටේ වත්මන් ආර්ථික අර්බුධය ගැන අබ මල් රේණුවක මොළේ කළඳක් නැති, අර බොරු ප්රචාරයන්ට රැවටුන කුර හා අං සහිත අම්බරුවන් අතේය. (රැවටුනා නෙමෙයි මහත්තයෝ... ඇත්තටම විශ්වාස කළා කියා ඊයේත් ත්‍රී විල් අයියා මා එක්ක කන් කෙඳිරි ගෑවේය) අද ඒ අම්බරුවන් නිසා අන්ත අසරණ භාවයට පත්ව ඇත්තේ චන්දය දුන් උන්ටත් වඩා.... බලය ගත්තු සැට් එකය.
එහෙත් මෙහිද ඇති පට්ටම ආතල් එක නම්... උන් කිව්වේ බොරු බව අප අවබෝධ කරගෙන උන්නද.... ජෙප්පන් මේ කෙබර දෙසා බා ඇත්තේ.... ඒ ආකාරයේ වංක සිතකින් නොව අවංකවම ඒවා ඉටුකල හැකි යැයි ඔවුන් සිතූ බැවින් බව.... අද ඒවා ඉටුකර ගැන්මට ගොස්...
උන් සිතූ පැතූ ආකාරයෙන් ඒවා ඉටුකර ගැන්මට නොහැකිව... හත්පොලේ ගාගෙන නාගෙන... ලබාගත් බලය ගිලිහේ යැයි බියෙන්... "අපිව වට්ටන්න හිතන්නවත් එපා" යැයි මහ එකාගේ සිට බුකි වහලා දක්වා උදේ හවා නගනා මළ අඬෝවැඩියාවය.
ඇත්තටම මෙය ෆෝබියාවකි. විජ්ජාත්මක ක්‍රමයට මෙය හඳුන්වන්නේ OCD හෙවත් obsessive-compulsive disorder කියලාය.
එනම් පාලනය තමන්ගෙන් ගිලිහෙතැයි යන බියය.
ඒ කියන්නේ.... බොහෝ අය කෙසේ කීවද.... මුන් බොරු කියා ඇත්තේ අවබෝධයකින් නොවනා බවයි... 2/3 ක බලයකුත් ලබාගත් මේ අමන රැල දැන් ඔවුන්ගේ බැරි බැරියාව වසා ගැන්මට යන්නේ රාජ්‍ය සේවයට දොස් පවරමින්ය. දැන් ආරම්බ කර ඇත්තේ.. ඔවුන්ට දිරවන්නේ නැති නිළධාරින් සියල්ලටම ෂොට් එක දීමේ වැඩපිලිවෙලය. සමහර විට ක්ලීන් සිරි ලංකා කිව්වේ මේකටත් වෙන්නට ඇතිය.
මුලින්ම පටන් ගත්තේ පොලීසියෙන්ය. ඊළඟට හමුදාවට තැබූ අත... ඉන් පසු තැබූයේ කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරයාටය...(එය නම් ඉක්මනින්ම එන බව, අප උසාවියේදීම කතා කළෙමු). බොහෝ විට එය.... හෙට අනිද්දා වන විට පාර්ලිමේන්තුවේ ඉහළම නිළධාරින්ටද යොමු වීමට නියමිත බවට අභ්‍යන්තර තොරතුරු වලින් දැන ගැන්මට ලැබෙන්නේය.
ඊයේ මොකක්දෝ විගඩමක් ආරම්බ කිරීමට ජනාධිපති කාර්යාලයට පැමිණ සිටි මහ එකාගේ සිට හැම එකාම හිටියේ තක්බීර් වෙලාය. ක්ලීන් ශ්‍රී ලංකා කියා සුභ කටයුත්තක් ආරම්බ කිරීමට පැමිණි උන් සිටියේ... මළ ගෙදරක ආපු උන් වගේ මුහුණේ කිසිඳු ප්‍රසන්න භාවයක් ඇත්තේ නැතිවය. අලුත් අවුරුද්දේ මුල්ම දවසේ කිසිම එකෙකුගේ මුහුණේ සිනහවක් හෝ ප්‍රීතියක් තිබුනේ නැතිය. ඇත්තටම උන් ඔක්කොම උන්නේ යක්කු ගහපු උන් වගේ හොල්මන් වෙලාය.
මළ යක්ෂ පාලකයෙක් වූ මහින්ද රාජපක්ෂගේ කාළයේ පවා.... මෙවන් අවස්ථාවල සියල්ලන්ම සිටියේ උත්සවශ්‍රීයෙන් ඇලලිලාය. ජැකාගේ පිටපත අනුව සැකසූ... බී ඇන් ඇස්ලාගේ සින්දුය, චන්නගේ ඩෑන්සින්ය, පට්ටම ආතල් සාගරයක්ය. රාජ්‍ය උත්සව කියන්නේ ඒවාටය. මුන්ට ඒවා නොමිළේම කරන්නට උන් ඕනා තරම් ඉන්දැද්දි... ඒ වෙනුවට තිබ්බේ දැක්කාම අධෝ මුඛේ කොක් හඬලා සිනාසෙන..... පොඩි වුන් වාගේ අම්මපා කියා දිවුරපු දිවුරිල්ලක්ය.
මේවා මොන්ටිසෝරී වැඩය. ඝෝටා රටම ක්ලීන් කළේත්... රටේ විනයක් හැදුවේත්.... නීතිය ක්‍රියාත්මක කොට මිස මේ වාගේ මොන්ටිසෝරි කොන්සර්ට් තියලා නෙමේය.
අද උදේත් බුලත් කෙළ පාරකින් බේරුනේ පූරුවේ කළ පෙර පිනක් නිසාමය.
අනුර කුමාර තවත් කලුවෙලාය. ඒ මදිවාට ඊයේ කතාවේදීද කීවේ.... අපේ වැඩ වලට අකුල් හෙලන්නට එන්න එපා... "අපිව වට්ටන්න එන්න එපා..." කියලාය.
ඇත්තටම ඔහේලා වට්ටන්න දැන් එකෙක්වත් ඇත්තේ නැතිය. රටේ දියුණුවට අකුල් හෙලුවේ, වැඩ වර්ජන කළේ, උද්ඝෝෂණය කළේ, ෆැක්ටරි වසා දැම්මේ, බස් ගිනි තිබ්බේ, මෝල් ගිනි තිබ්බේ, රටම ගිනි තැබුවේ, මංකොල්ලකෑවේ, මිනී මැරුවේ ඔහේලා මිස අනෙක් පක්ෂවල උන් නොවේය.
දැන් බලයේ ඉන්නේ ඔහේලා බව ඔහේලට අමතක වූ බවක් පැහැදිලිව පෙනෙන්නේය. එමෙන්ම ඔබලාටද කිසිඳු අවබෝධයක් නොමැතිව කියූ බොරු පොරොන්දු..... ඔබලාට ඉටු කිරීමට නොහැකි බවත්, රාජ්‍ය පාලනයට තබා හාල් කිලෝ එකක් ගේන්නේ කෙසේදැයි කියාවත් අවබෝධයක් නැති බවත් ජනතාවට කියන්නට ලැජ්ජා වෙන්නට එපාය.
ඒ නිසා වැටෙනවාට බය වෙන්නට එපාය. දුවන්නට බැරි උන් දුවන්නට උගෙන ගන්නේ වැටි වැටීය. දැන් ඔබලා ළිඳේ වැටී අවසානය. දැන් ගොඩ එන්නට තිබෙන්නේද ළිං කටින්ම මිස උල්පත් දිගේ නොවේය. උල්පත් දිගේ යන්නට ගියොත් වෙන්නේ වතුරේ ගිලී මිය යන්නටය.
"බලය මිනිසා දූෂණය කරයි. අසීමිත බලය අසීමිත දූෂණයට හේතුවෙයි.” යනුවෙන් ඇති ප්‍රසිද්ධ කියමනට නව අරුතක් එක් කරමින්..... අවුන් සාන් සූකී වරක් ප්‍රකාෂ කළේ....
දූෂණයට හේතු වන්නේ බලය නොව බියයි. තමන් ලද බලය අහිමි වේයැයි ඇති බිය විසින් බලයේ සිටිනා අය දූෂිතයින් බවට පත් කරයි.... කියලාය.....
මෙය කොතරම් සත්‍යයක්දැයි යන්න... ඉතිහාසයේ මෙතෙක් බලයේ උන් දේශපාලුවන් මෙන්ම.... වත්මන් වෙළඳ ඇමති, කර්මාන්ත ඇමති, ප්‍රාඩෝ චෝදනා එල්ලවූ මන්ත්‍රීවරියන් ඇතුලු.... බිංගිරියේ කප්පම් ගැන්මට ගිය දේශපාලුවන් දෙදෙනාගේ ක්‍රියාවන් හා ප්‍රකාෂයන් තුලින් මොනවට ඔප්පු වන්නේය....
ඒ වගත් මෙසේය.......
#මාතලන්
අනේ පලයන් බං. 2030 වෙනකං ජනාධිපති ගෝටා කියලා ලිව්වා මතක නැද්ද? තාම ජොනි ය පඩි ගෙවනවද? අභීත එදිරිසිංහ කොහොමද?
ReplyDeleteමාතලන් නලින්ද ජයතිස්සගේ අමන කතාව ඇහුව ද? ඇත්තටම නලින්ද ජයතිස්සගේ කතාව සලකන්න ඕන ඊට කලින් කරපු කතාවලට ප්‍රතිචාරයක් විදියට මිසක් තනි කතාවක් විදියට නෙවෙයි.
ReplyDeleteඒ නිසා ඔය කතාව හරිද වැරදිද කියල අහන්න කලින් ඊට කලින් කරපු කතා ටිකත් අහල ඉන්න ඕන. කතරගම දේවාලය තමන්ට ලැබෙන ආදායමෙන් ඉදිරියටත් රෝහල්වලට උපකාර කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න බව තමා එහි බස්නායක නිලමේ වරයා ප්‍රකාශ කළේ. ඔහු කතරගම දේවාලයට මිලියන ගණනින් එලෙස ලැබෙන ආධාර ගැනත් ඉදිරියේදී ඔහු කතරගම රෝහලටත්, මොණරාගල රෝහලටත් උදව් කරන්න අපේක්ෂාවෙන් ඉන්න බවත් සිය කතාවේදී කිව්වා.
ඒ කතාව අහන් ඉඳලා ඊට පස්සේ ඇමතිවරයා තම කතාවෙ කියපු කාරණා දෙකක් තමා:
1. කතරගම දෙවියො නෙවෙයි තිස්තුන්කෝටියක් දෙවියන්ටත් වඩා සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් වෙන් කරන බව
2. "දේශපාලන හේතු" මත ආධාර මත ඉදිරියට රෝහල් ඉදිකරන්න බලාපොරොත්තුවක් නැති බව
මේ නිසා ඔහු කරපු කතාව සලකන්න පුළුවන්, වෙන මොකවත් විදියට නෙවෙයි, බස්නායක නිලමේ වරයා කරපු කතාවට එල්ල කරපු ඍජු ප්‍රහාරයක් විදියට.
ඔහුගේ කතාවෙ කිසිම තැනක කතරගම දේවාලය ට ස්තුතියක් සිදු නොකිරීමටත් වගබලා ගත්තා. කතාව පටන් ගත් තැන ඔහු නම සඳහන් නොකර "මූල්‍යමය අනුග්‍රහ දැක්වූ අයට" ස්තුති කරන්න කැමතියි කියල පමණක් කිව්වා. එතනත් පැහැදිලිවම ඒ කුහකත්වය මතු වුනා.
මෙතන කියන්න ඕන කතරගම දේවාලයෙන් මේ ආධාරය කර ඇත්තේ තමන්ට හිතු මතේ නෙවෙයි. ඇට මිදුළු බද්ධය වෙනුවෙන් විදෙස් ගත වීමට සිදු වීම හා ඒ සම්බන්ධ දුප්පත් ජනතාවට සිදු වෙලා තියෙන කරදර ගැන මහජන ඉල්ලීම් වලට ප්‍රතිචාරයක් විදියට. එතකොට ඔවුන් මේ ගොඩනැගිල්ල ඉදිකරන්නෙ ඔවුන්ට හිතුමතේ නෙවෙයි අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂකවරයා සමඟ සාකච්ඡා කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුම මත. (රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙතන කතාවක් කළා) එහෙම නැතුව ලංකාවෙ කිසි දානපතියෙක්ට සංවේදි සිතක් පහළ වෙලා "ආ මට මේ ඉස්පිරිත්තාලෙ මෙතන වාට්ටුවක් හදන්න ඕන" කියල කිව්ව පළියටඒක කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා මම හිතන්නෙ නෑ.
ඒ නිසා නලින්ද ජයතිස්සගේ කතාව අන්තිම කුහක කතාවක් කියල සලකන්න පුළුවන්.
නලින්ද ජයතිස්ස ගේ කතාවෙ අනෙක් වැදගත් කෑල්ල තමා "ඉල්ලන ඉල්ල්න විදියට නෙවෙයි වැඩ කෙරෙන්න ඕන ජාතික සැලැස්මකට අනුව කියන එක"
ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණීමට පෙර සිදු කළේ "අරක දියව්, මේක දියව්" වශයෙන් සම්පූර්ණ වශයෙන් දේශපාලන හේතු මත ඉල්ලීම් කිරීම මිසක් ජාතික ප්‍රතිපත්ති සලකලා නෙවෙයි. ලංවිම ජනන සැලැස්ම (ඒක ජාතික ප්‍රතිපත්තියක්) මත ඉදිවෙන්නට තිබූ සාම්පූර් බලාගාරයට ජවිපෙ විරුද්ධ වීම උදාහරණයක් විදියට පෙන්නන්න පුළුවන්.
කොළඹ ජාතික රෝහල සහ එහි පිහිටීම අවුල් ජාලයක් වෙලා නෙමෙයි හිතාමතා අවුල් ජාලයක් කරලා. සුද්ද බොහොම ඉඩ පහසුකම් ඇතුව පොඩියට පිළිවෙලට හදපු රෝහල කිසිම සැලැස්මක් නැතුව හැම තැනම බිල්ඩින් ගහලා මනුස්සයෙකුට වාහනයක් නවත්වාගන්න විදියක් නැතුව කොළඹම තදබද අවලස්සන නගරයක් කරා මේ රෝහල.
ReplyDeleteමේකට කොළඹ තියෙන පාසල් ප්‍රධාන හේතුවක් වුණා දොස්තරලා ඉස්පිරිතාලේ ලොකු කර කර ළමයි පාසැල් වලට දාන්න ලෑස්ති වුණා.
මුළු රටේම මිනිසුන්ගේ කාලය සහ මුදල් කාලා දාන රෝහලක් මේක.
ප්‍රාදේශීය සෞඛ්‍යය දියුණු නොවීමටත් මේ රෝහල සහ පාසැල් ලොකු හේතුවක් වුණා!
මේවා ගැන දැන්වත් තීරණ ගත යුතුයි! ඒත් මේ මේ ආණ්ඩුව තනිකරම රැවටිල්ල සහ පිස්සු කෙලින එක විතරනේ කරන්නේ මුලින්ම ඒක නවත්වන්න කටයුතු කල යුතුයි?