.

.

Dec 2, 2025

Rebuild Sri Lanka සහ වෙළඳ පොළ ආර්ථික ක්‍රමය

 


Rebuild Sri Lanka සහ

වෙළඳ පොළ ආර්ථික ක්‍රමය

➖➖➖➖➖➖➖➖➖🔸


Rebuild Sri Lanka වැඩේට ලොක්කා දාලා තියෙන්නේ ලංකාවේ ඉන්න බිලියනයර්ස්ලා සහ ෆොරින් ඩෙලිගේෂන් සබ්ජෙට්ටෙක ගැන අවබෝධයක් ඇති පිරිසක්...


මේක මම දකින්න ඉතා හොඳ දෙයක්් හැටියට.... මේක ඇවිල්ලා රනිල්ගේ වැල් පාලමේ ඉදිරියට යෑමක්.... ඉතින් ඒකට විරුද්ධ වෙන්න කිසිම හේතුවක් නෑ....


ඒ වුණාට තාමත් වාමාංශික ගොබ්බ අදහස් තියෙන ගොබ්සන්ලා ලොක්කගෙන් සමාජවාදී ආර්ථික ක්‍රමයක් ඉල්ලනවා....


මම හිතන්නේ ලොක්කටත් හැත්තෑව 70-77 සත් අවුරුදු සාපයේ යුගය මතක ඇති.....


මේ පහලින් තියෙන්නේ උග්‍ර වාමාංශික Vidarshana Kannangara සහෝදරයා ලොක්කාගේ ක්‍රියාදාමය විවේචනය කරමින් ලියපු ලිපියකට.... මම දාපු කමෙන්ට් එකක්....


➖🔸➖


අනුරලා උඹලට වමට සිග්නල් දාගෙන යනවා වගේ පෙන්නුවට....


උන් ගියපු ගමන ක්‍රිප්ටෝ කරන්සි වලින් හමින් බර්ඩිලාගෙන් සිනමන් ලයිෆ් එකෙන් පෙන්නුවා නේ ...


චන්ද්‍රිකා වමට සිග්නල් දාලා දකුණට ගියේ ෂේප් එකේ....


මහින්දත් වමේ... ඒත් ජේ ආර් ටත් එහා කළු සල්ලි ආර්ථිකයක ගියේ....


නාමල් අලුත්ම වමේ බලවේගේ කියන කොට මගේ පුප ඉක්කා ගහනවා....


අනුරලා කොහේද බං වමේ....


අනුර තඹුත්තේගම වුනාට පොර සදර්න් එක්ස්ප්‍රස් වේ එකේ හයි ඉස්පීඩ් යන්නේ....


බට්... ඉස්ස බුග් කුච්ඡන් පො ලෙෆ්ටීස් ලයික් යූ ගයිස්....


යූ බෙටර් ඩොනේට් වොච් ටු හිම්....


.

27 comments:

  1. අජිත් ධර්‍මකීර්තිDecember 2, 2025 at 9:23 AM

    අජිත් ධර්මපාලට ව
    අජිත් ධර්මකිර්ති ලෙස හැඳින්වීමෙන් මාගේ කීර්තිනාමයට කල හානිය හෙලා දකිමු

    ReplyDelete
    Replies
    1. ධර්ම පාල තව හොඳයි කීර්ති කියන පොන්න කැරියා ඊට වඩා අමුම අමු පල් හොරෙක්, කොච්චර පල් හොරෙක් ද කියනවා නම් කෝටි විසි හතක් කියලා කියන්නේ චූටි ගානක්ලු 😅🤣😂 ඉතින් හිතාගන්න මූ කොච්චර භයානක පල් හොරෙක්ද කියලා කෝටි සිය ගණනකට වැඩේ දීපු පට්ට පල් හොරෙක්

      Delete
    2. පසුගියදා දිවයිනට බලපෑ වර්ෂාව සහ ජලගැලීම් නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට රුපියල් කෝට් 300 ක පමණ අලාභ හානි සිදුව ඇති බව කියැවේ.

      විශ්ව විද්‍යාලය නැවත යථා තත්ත්වයට පත් කිරීම උදෙසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා මුදල් පරිත්‍යාග ලබා ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කොට ඇත.

      ඒ අනුව සිංහල බ්ලොග් කරුවන් මෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආදි සිසුන් වන ඕස්ට්‍රේලියාවේ පදිංචි රසික සූරියාරච්චි මහතා රුපියල් 5,000 කින් ආධාර කොට ඇත.

      එසේම ඇමරිකාවේ වාසය කරන ඉකොනොමැට්ටා ඇමරිකන් ඩොලර් දහයකින් එනම් රුපියල් 3,000 කින් පමණ ආධාර කොට ඇත.

      ඔවුනට අපගේ ස්තුතිය පිරිනමමු.

      එසේම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආදරය කරන ඔබටද එම විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිය හරහා ගොසින් අන්තර්ජාලය ඔස්සේ මුදල් පරිත්‍යාග සිදු කළ හැක.

      Delete
  2. අජිත් අපකීර්තිDecember 2, 2025 at 10:47 AM

    මට නං අනුර කුමාරගේ ගූ බෙට්ටත් ඉතාම සුවදයි

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා, ඒක නම් ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ නේද ඇත්තටම ටිල්වින් සිල්වා වගේ නාකි මයිනෙක්ගේ පයිය නගිනවා ද බන් උඹ වගේ කලු කැත කොට පිස්සෙක්ට පුකේ අරින්න? 😆

      Delete
  3. කාලා වනසලා තියෙනා හැටි දැකලා
    දැකලම සිත්-සතන් ඇත ඇට්ටර වීලා
    අතීතයේ හැටියට වැඩ නොම වීලා
    ලෙසටම වැඩ කෙරේවා - රට ගොඩනැඟිලා!

    ReplyDelete
  4. ලෝටස් අජ්ජා ගංවතුර ආධාර එකතු කරන්න පටන් අරං. මිනිහා මේ සැරෙත් හොදට ගරා ගනියි වගේ

    ReplyDelete
    Replies
    1. දැනටමත් පවුම් ලක්ෂ හයහමාරක් හතක් විතර මුදලක් ගසා කාලා ඔය අජිත් ධර්ම ලෝටස් ද කවුද කියල කියන පල්හොරා මම දැක්කා ගොඩක් අය කියලා තියෙනවා

      Delete
  5. කතාව ඇත්ත තමයි මාතේ

    ReplyDelete
  6. ලන්ඩන් ඇල්බට් නොහොත් චෞර ශූර ලෝටස් අජ්ජා ආධාර එකතු කරනවා කියලා පවුම් දහස් ගානක් යටි මඩි ගහලා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාත් දැක්කා කවුද අජිත් ධර්ම ද කව්ද මන්ද මොකෙක්ද මහා ලෝක පල් හොරෙක් එංගලන්තයේ මිනිසුන් ඉතාමත්ම සද්භාවයෙන් ගංවතුර නිසා අනාථ වෙච්ච ලංකාවේ අහිංසක මිනිස්සුන්ට එකතු කරපු ආධාර කෝටි ගණනක් පවුම් ලක්ෂ හයහමාරක විතර මුදලක් හොරකම් කරලාලු YouTube එකෙත් දාල තියෙනවා, නොදකින් මේ වගේ දූෂිත පට්ට හොරු... මුන්ව තමයි ඔයවගේ ආපදාවකින් වළපල්ලට යන්න ඕනේ... අර අහිංසක දුප්පත් මිනිසුන් නෙවෙයි 😡🤬

      Delete
  7. මාතා, ආර්ථිකය විතරක් නෙවෙයි ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන හැම දෙයක්ම ගැන මාලිමාවේ අය තනිකරම බොරු ප්‍රචාර සිදුකරලා අතේ පැලවෙන ටොම්පච කියලා මිනිස්සු රවට්ටලා දේශපාලනය කළේ දිගින් දිගටම, දැන් ඒ බොරුකීමේ විශේෂඥයන්ට ආණ්ඩු බලය ලැබිලා, මම පුරුද්දක් විදියට, ඉඩක් ලැබෙන හැමවෙලාවකම වනැස යූටියුබ් නාළිකාවේ රණවිරුවන්ගේ කතා බලනවා. මේ වෙලාවේ ලංකාවේ ආපදාවේදී ජනතාවට පිහිට වුණේ ත්‍රිවිධ හමුදාවේ අයයි

    මම ඉහත කී යුද්ධයේ අත්දැකීම් සම්භාරය ගැන ඒ කතා ඇහුවම පුදුම හිතෙනවා. ඒ වගේම ඒ කතා ඇතුලේ රණවිරුවා, 'රස්සාවක් කළ මිනිහෙක්' කියන මිත්‍යාව බිඳ දැමෙනවා.

    එක රණවිරුවෙකුගේ පියා ව්‍යාපාරිකයෙක්. ඔහුට හමුදාවට යෑමට අවශ්‍ය වූ විට ඔහුගේ පියා ඊට දැඩිව විරුද්ධ වෙනවා.

    ඔහුට තරුණ වයසේදීම ඉතා විශාල ලාභයක් හිමිවෙන ව්‍යාපාරයක් පවරා දෙනවා. ඔහු ඒ මුදල්, ව්‍යාපාර පැත්තකට දමලා නිවසටත් රහසේ හමුදාවට යනවා.

    තව රණවිරුවෙකුට ගෙදරින් ජර්මන් යන්න වීසා අරන් දෙනවා. ඔහු දෙමාපියන්ට හොර රහසේ හමුදාවට බැඳෙනවා.

    අද ඒ එක් රණවිරුවෙකුගේ ඉණෙන් පහල අප්‍රාණිකයි. නමුත් ඔහුගේ කතාව තුළ කිසිම විටෙක ඔහු තමන්ගේ තීරණය ගැන පසුතැවෙන්නේ නැහැ.

    ඔහු සතුටින් කියන්නේ 'මම රට වෙනුවෙන් මගේ කොටස කළා' කියලා.

    අභිමන්සල ආබාධිත රණවිරු නිවස්නයේ ජීවත් වන එක් ආබාධිත රණවිරුවෙකු සිටිනවා.

    ඔහුට සිහිය තියෙනවා. නමුත් ඔහුට ශරීරයේ කිසිඳු චලනයක් කළ නොහැකියි.

    ඔහුට දිවා රෑ වෙනසක් නැහැ. ඔහුට කවන්නේ, පොවන්නේ, ඔහුව රැකබලා ගන්නේ සහෝදර හමුදා නිළධාරීන්.

    ඔහුගේ ජීවිතයේ දවසක් බොහෝ දිග ඇති. ජීවිතයේ දෙවැනි දශකයේ මැද භාගයේ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ ඒ රණවිරුවාගේ ජීවිතය අද හිස්.

    ඔහුට විවාහයක්, පවුල් ජීවිතයක්, දරු සුරතල් තබා අවම රසවින්දනයක් හෝ විඳීමේ හැකියාවක් නැහැ.

    ඔහු මියයනතුරුම ඔහුට ඇඳක්, ඒකාකාරී ද්‍රව ආහාරයක් සහ සරමක් කමිසයකට එහා ගිය ජීවිතයක් නැහැ.

    ඒ කැපකිරීම් බොහෝම සංවේදියි.

    තවත් එවැනි මේජර්වරයෙක් වැඩසටහනක අපූරු කතාවක් කිව්වා.

    ඔහු ප්‍රකාශ කළේ 'Not everyone has the honour of dying for motherland' කියලා. එහි සිංහල අර්ථය ' රට වෙනුවෙන් මිය යාමේ ගෞරවය හැමෝටම ලැබෙන්නේ නැහැ' කියලා.

    ඒ තමයි රණවිරුවාගේ මානසිකත්වය. රට වෙනුවෙන් මිය යාම ඔවුන් ගෞරවයක් ලෙස සැලකුවා.

    අප වෙනුවෙන් සටන් කළ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සැබෑ ලෙසටම සටන් කළේ රට සහ ඔවුන් විශ්වාස කළ වටිනාකම් වෙනුවෙන් මිසෙක මුදල් වෙනුවෙන් නොවෙයි.

    ඔවුන් රැකියාවක් කළ 'සොල්දාදුවන්ට' එහා ගිය භූමිකාවක් කළ වීරයන්.

    තොප්පිගල පාමුල ගහක් යට, මුහමාලේ මඩ පිරුණු කානුවක, ඔඩ්ඩුසුඩාන් පාර දෙපැත්තේ, නන්දිකඩාල් කලපුවේ කඩෝලාන අතරේ හෝ වෙනත් කොහේ හෝ තැනක ඔවුන් මිය ගියේ අපි වෙනුවෙන්.

    මේ සියල්ල මතකයට ආවේ ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ පළවූ, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා ප්‍රකාශ කළ සහ තවත් දමිල මාධ්‍ය රැසක පළවූ පුවතක් දැකලා.

    යාපනයේ නල්ලූර් කෝවිල අසල LTTE ත්‍රස්ත සංවිධානයේ නායකයෙකු සහ (ඔවුන්ගේ) ලුතිනන් කර්නල්වරයෙකු වූ දීලිපන් (තීලිපන් ලෙස උච්ඡාරණය වැරදියි) ගේ පිළිරුවක් නිර්මාණය කරලා.

    තවමත් බෙදුම්වාදී, ජාතිවාදී දේශපාලනය කරන කිහිපදෙනෙක් ඒ පිලිරුවට මල් මාලා පලඳවනවා.

    ඒ අතර මාලිමාවේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්ති ද හිටියා.

    ලැජ්ජයි! කණගාටුයි!

    මේ අප රටේ ත්‍රස්ත නායකයෙකුගේ පිළිරුවකට මල් මාලා පලඳවන්නේ, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට දිවුරුම් ලබා දී ඇති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.

    ජනාධිපති අනුර සිංහලෙන් ජාතිවාදය යළි හිස එසවීමට ඉඩක් නැතැයි කීවත්, ඔහුගේ ඔඩොක්කුවේ සිටිනා මන්ත්‍රීවරයෙකු ගිහින් රටේ තහනම් සංවිධානයක, රටේ බෝම්බ පුපුරවපු, රටේ භික්ෂූන් වහන්සේලා ඝාතනය කරපු, රටේ පාසල් දරුවන් ඝාතනය කළ සංවිධානයක ලුතිනන් කර්නල්වරයෙකුගේ පිළිරුවට මල් මාලා පලඳවනවා.

    LTTE සංවිධානය විසින් සිදු කළ මහා අපරාධ අමතක කළත්, එය තවමත් මෙරට තහනම් සංවිධානයක්. ත්‍රස්ත සංවිධානයක්.

    ත්‍රස්ත සංවිධානයක නායකයෙක් සැමරීම නීතිවිරෝධි වැඩක්. එයට පාලක පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සහභාගී වීම කොතරම් අප්‍රසන්න ක්‍රියාවක් ද ?

    ReplyDelete
    Replies
    1. එමෙන්ම දිලීපන් වැනි ත්‍රස්ත නායකයෙක් , යළිත් අහිංසක දෙමල ජනතාවගේ හිතේ වීරයෙකු කරමින්, සුවවෙමින් පවතින තුවාල පැරීම කොතරම් ජාතිවාදී ද ?

      දැන් දෙමල දරුවන්ට පිළිම නෙලා, පෙන්විය යුත්තේ දිලීපන් වැනි ගෝත්‍රික, ම්ලේච්ඡයන් නොවෙයි.

      ගූගල් ප්‍රධාන විධායක නිළධාරී සුන්දර් පිචායි වැනි ලෝකය දිනූ දමිල ජාතිකයන්.

      චෙස් ලෝකයේම ඉදිරියෙන් සිටිනා රමේෂ්බාබූ ප්‍රඥානන්ද වැනි දමිල චරිත.

      රවී අශ්චින් ලා, සංජු සැම්සන් ලා, විජේකාන්ත් වියස්කාන්ත් ලා.

      ශ්‍රී ලංකාවේ, යාපනයේ දරුවන් අතර තව දුරටත් ත්‍රස්ත නායකයන් වීරත්වයට නැගීම කොතරම් ජාතිවාදී දැයි අමුතුවෙන් කිවයුතු නැහැ.

      එමෙන්ම එය අනාගතයේදී ඇති විය හැකි වාර්ගික බෙදුම් වලට කාල බෝම්බ ඇටවීමක්.

      දකුණේ පුරවැසියන්ට ව්‍යාජ චෝදනා එල්ල කරනා අනුර, මේ උතුරේ ජාතිවාදය ඉදිරියේ නිහඬයි.

      ඡන්ද උදෙසා අනුර උතුරේ ජාතිවාදයට අනියමින් ආශිර්වාද කරනවා.

      මේ LTTE ත්‍රස්තවාදීන්ගේ මහවිරු සැමරුම් සතිය.

      මෙවැනි සිදුවීම් සහ මහවිරු නාමයෙන් ම්ලේච්ඡ කොටි සැමරේ නම් එය දෙආකාරයකින් රටට හානියක්.

      පළමුවැන්න සුන්දර් පිචායි ලා, රමේෂ්බාබු ප්‍රඥානන්ද ලා ආදර්ශයට ගත යුතු දමිල දරුවන්, 2025 දීත් වීරයන් සේ සලකන්නේ කොටි ත්‍රස්තයන් නම් මේ රටේ ජාතිවාදී ගිනි දළු කිසිඳිනෙක නිවී නොයාවි.

      ජාතිවාදය පැරදීමට අවශ්‍ය නම්, මේ තුවාල සුව වීමට අවශ්‍ය නම් මහවිරු සැමරුම් සහ කොටි සැමරුම් උතුරෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි.

      යුද්ධයෙන් මිය ගිය තමන්ගේ 'දරුවන්' සැමරීමට අවශ්‍ය නම්, එය ප්‍රභාකරන් ත්‍රස්තයාගේ උපන් දිනය දා කළ යුතු නැහැ.

      එමෙන්ම එය සංවිධානාත්මකව කළ යුතු දෙයක් නොවන බව පැහැදිලියි. එවැනි සැමරීම් සිදුවිය යුත්තේ සිය පුද්ගලික අවකාශයේ පමණයි.

      යුද්ධයෙන් මිය ගිය දරුවන් සමරනවා යයි ආණ්ඩුව දකුණට පෙන්වන්නේ හුදෙක් ත්‍රස්ත සැමරුම්.

      දෙවැන්න, තවමත් මෙවැනි ත්‍රස්තයන් සැමරෙනවා නම්, එය අභිමන්සලට වී සිටිනා ඉහත කී ආබාධිත රණවිරුවන්ට කරනා විශාලතම නිග්‍රහයක්.

      ඔවුන් ජීවිතයේ තරුණ කාලයම අප වෙනුවෙන් කැප කළා.

      අදටත් අත්, පා, ඇස් නොමැතිව ඔවුන් ඒ මිලෙහි වන්දිය ගෙවනවා.

      ඔවුන්ට ඒ ඉරණම එක්කළ, අපගේ දරුවන් ඝාතනය කළ ත්‍රස්තයන් තවමත් සැමරෙනවා නම් අප කොතරම් දීන ජාතියක් ද ?

      අභිමන්සලට වී එම පුවත් දකිනා ඔවුන්ට කුමන හැඟීමක් ඇතිවෙනවා ඇත්ද ?

      රට වෙනුවෙන් මිය ගිය රණවිරුවන්ගේ දරුවන්ට, බිරින්ඳෑවරුන්ට, සහෝදරයන්ට, මව්වරුන්ට කුමන වේදනාවක් දැනෙනවා ඇත්ද ?

      ඇමෙරිකාවේ කිසිම ආකාරයක බින් ලාඩන් සැමරීමට ඉඩක් නැහැ. බින් ලාඩන් තබා සිවිල් යුද්ධයේ දකුණු පාර්ශවය නියෝජනය කළ පුද්ගලයන් පවා සැමරීමට ඉඩක් නැහැ.

      ඔවුන් තවමත් රට වෙනුවෙන් සටන් කළ, දිවිපිදු සහ ආබාධිත රණවිරුවන්ට උපහාර දැක්වීමට ජාතික දිනයක් නම් කර තිබෙනවා.

      ලෝකය තමන් වෙනුවෙන් කැපකිරීම් කළ රණවිරුවන්ට සලකන්නේ එහෙමයි.

      එම නිසා දිලීපන් ත්‍රස්තයා සැමරීම මෙන්ම ශ්‍රී ලංකාවේ බිහි වූ කෘරතම මිනිසා වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය වන නොවෙම්බර් 26 දා සිදු කෙරෙන මහවිරු සැමරුම් වලට ඉඩ නොතැබීම රජයේ ප්‍රධාන වගකීමක්. නමුත් ආණ්ඩුව කළේ මොකද කියලා හැමෝම දැක්කනේ

      Delete
  8. පැලවත්තෙන් ඩෝබිලාට දුන් උපදෙස වන රජයේ ආපදා කළමණාකරණය සාර්ථකයි කියලා ගොබෙල්ස් න්‍යායෙන් පුනරුච්ඡාරණය කරන එක හරියට අනුරලා ගත්තෙ තෙල් පෝලිම් ගෑස් පෝලිම් තිබුණ රටක් කියලා පුනරුච්ඡාරණය කරන පට්ටපල් බොරුවට සමානයි. කට්ටියම එකතු වෙලා කොච්චර කිව්වත් තවම බැරි වුණා ඒක සමාජයේ ස්ථාපිත කරගන්න. මේකත් ඒ වගේ.

    ඔය තමයි පැලවත්තෙ උපරිම සීමාව. එතනින් එහාට යන්න ජවිපෙට බැහැ. මාලිමාවට මොකක්වත් කරගන්න බැහැ. සරලව කිව්වොත්, ජාතික ජන බලවේග ආණ්ඩුවේ අවසානය තමයි මේ ආරම්භ වුණේ. මේකත් හරියට 2018දි යහපාලන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය පැරදුණා වගේ එකක්.

    ඒවගේම ගෙවල් ගිනි තියලා, පොලුවලින් ගහලා, රෙදි ගලෝලා ගහලා මරලා මර්දනය කරපු, පාර්ලිමේන්තුවේ ආසන තුනට බස්සපු පක්ෂයක නායකත්වයෙන් තමයි මාතලන්ලා ගියපු නොවැ. 21 රැලිය සංවිධානය කළේ. ඒකයි විශේෂත්වය. ජවිපෙ ඒකට අවධානය යොමුකරලා නාට්‍ය පෙන්නද්දී ආපදාවක් ඇවිල්ල ආණ්ඩුවේ සැබෑ නිරුවත ප්‍රදර්ශනය කළා

    ජවිපෙට තියෙන්නෙ දැන්වත් දෙපයින් හිටගන්නට උත්සාහ කරන්න. කියපු බොරු වෙනුවට දැන්වත් ඇත්ත කියන්න. පළිගැනීම වෙනුවට කළ හැකි දේ කරන්න. වෛරය වෙනුවට මිතුරු බලවේගවල සහයෝගය ඉල්ලන්න. පස්සෙ අපි අපේ සහාය දෙන ආකාරය ගැන විස්තර ඇතුව කතා කරමු.

    ReplyDelete
  9. නොදකින් බන් කෙබර කොටා තමයි ලංකා ඉතිහාසයේ දුර්වලම ජනා..තව කෙසෙල් කොලේ බත්කන හිටං හොඳයි... මූ නම් මහ තේරුමක් නැති අමු ගොබ්බ සෙවලයෙක්

    ReplyDelete
  10. බැරිවෙලාවෙවත් ජෙප්පො විපක්ෂයේ හිටියනම් මුන් කියනව, අර්බුදය අස්සේ ඉන්දිය හමුදා මෙරටට ඇවිල්ල ඔත්තු බලනව මේක ජාතික ආරක්ෂා වට තර්ජනයක් කියල ඒ වගේ මීහරක්නේ ඉතින් 🤣

    ReplyDelete
  11. පරාජයෙදි වියරු නොවැටෙන්න.

    වරක් ජවිපෙ මැතිවරණයක ආසන 20ක් ගන්නා බවට පුරසාරම් දොඩලා අන්තිමට ආසන තුනකින් කෙලවර වුනා
    සුපුරුදු පරිදි ජවිපෙ ජනතාවට බැන්නා සහ සමහරු කන සාක්කුවෙ දාගෙන අඩන්න ගත්තා.

    මාතාට එහෙම මතකද මංදා අපි සමහරුන්ගෙ මෝරාල් උස්සාපු විදිහ.

    අන්තිමට ජවිපෙ මුල් වෙලා ආන්ඩුවක් පිහිටෙව්වා.සංගීත් වගෙ එව්න් දැන් අඩනවා,පසුතැවෙනවා.

    ආන්ඩුව විවේචනය කිරීම හැර නිහඩ වීම උත්තරය නෙමෙයි කියලා.

    ජවිපෙ වෙනුවෙන් ඕන ගේමක් ගහපු මාතලන් අද අනුරට හොදම වදන් වලින් අමතලා.මිනිහා ජවිපෙ නිසා නඩුවකටත් පැටලිලා ඉන්නෙ.

    ආන්ඩුව බලයට ගෙනාපු ජනතාව ආන්ඩුව විසින් කරන මරි මෝඩ වැඩ නිසා කල කිරිලා.
    සමහරුන්ට කේන්ති යනවා.අපිට බනිනවා.
    මේ ලගදි එක්කෙනෙක් ගමනක් යමු කිව්වහම අයියෙ අපි දෙන්නා මරා ගනි නේද කියලා ඇහුවා.අපි එකට ගොඩක් සෙට් වුන අය.

    දේශපාලනය පසකලා කවුරු හරි කෝපි එක්ක බොන්න කතා කලත් බැනගන්නවා.අඩියක් ගහනකොට තමන් පත්කරපු ආන්ඩුවෙ අසමත්කම වසා ගන්න පොර ටෝක් දෙනකොට අපිටත් කේන්ති යනවා.

    මිනිස්සු අසරණයි.අරගලයෙ මතක කිය කිය කවුරු හරි තවම ජාජබෙට කඩේ යනවා නම් ඔහු හෝ ඇය මානසික අසනීපයක් තියන කෙනෙක් හෝ අරගලයට රැල්ලට ගිය කෙනෙක්.
    මොකද ජාජබෙ අරගලයෙ අභිලාෂයන් එහෙම් පිටින්ම කඩ කරලා.

    හොරු අල්ලන්න ආපු ආන්ඩුව ටිරාන් අලස් ලගදි කලිසමෙ මුත්‍රා කර ගන්නවා.නාමල් වගෙ කම්බ හොර තක්කඩි ඇවිල්ලා වේදිකා වල පොර ටෝක් දෙනවා.

    මේ වෙනකොට කොන්ද කෙලින් තියන් ඉන්නෙ සාම්ප්‍රදායක එජාපෙ එකාලා විතරයි. උන් එජාප සජබ කියලා දෙකට බෙදිලා වුනත් ජාජබෙට චන්දය දුන්නෙ නෑ.

    රාජපක්ෂගෙ ලක්ෂ 69 ජාජෙබෙන් පතුරු ලෙස ගැලවෙනවා. ජවිපෙත් ටිකින් ටික මාලිමාවෙන් ඈත් වෙනවා.

    ආයෙත් රට පරණ හොරු ලගට යන ලකූණු පේනවා.

    අපිට මේ වගෙ වෙලාවට තමා ලෙනින්ගෙ න්‍යයන් සහ භාවිතාව වැදගත් වෙන්නෙ.

    උපුටනය.

    ලෙනින් ඔහුගේ දේශනයේදී අනතුරු ඇඟවූයේ, "පරාජය පිළිගැනීමට බිය නොවන්න, එහි අත්දැකීම් වලින් ඉගෙන ගන්න, සහ ඔබ කළ වැරදි දේ නැවත කරන්න, වඩාත් නිවැරදිව, වඩාත් ප්‍රවේශමෙන් සහ වඩාත් තාර්කිකව කරන්න." පරාජය පිළිගැනීම - යථාර්ථයට යටත් වීමක් ලෙස - අරගලයේ අඳුරු සහ දුර්වල ශක්තියට ආරාධනා කරයි යන මතයට අපි යටත් වුවහොත්, එවැනි විප්ලවවාදීන්ට වටිනාකමක් නැති බව පැවසීමට අපි ප්‍රතිචාර දක්වන්නෙමු. අපගේ ශක්තිය වී ඇත්තේ සහ පවතිනු ඇත්තේ අපි නිරපේක්ෂ සවිඥානකත්වයෙන් දරුණුතම ආකාරයේ පරාජයන් ගණනය කරන අතර, ඔවුන්ගේ අත්දැකීම් වලින් අපගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිස්ථාපනය කළ යුතු දේ පිළිබඳ පාඩමක් ඉගෙන ගනිමු. ඒ නිසා අපි අවංකව කතා කළ යුතු අතර, මෙය න්‍යායාත්මකව පමණක් නොව, ප්‍රායෝගිකව ද වැදගත් වේ."

    - ව්ලැඩිමීර් ලෙනින්

    ReplyDelete
  12. මාතලන් අයියේ, ආණ්ඩුව විවේචනය කරන යූටියුබ් චැනල් වල අයට මරණ තර්ජන එල්ල කරලා නේද? කෝකටත් පරිස්සමට ඉන්න ජෙප්පෝ කියන්නේ තනිකරම අලුගෝසුවෝ බලය ගිලිහෙන බව පේනව එතකොට මුන් වියරු වැටිලා උන්ගේ සැබෑ රාක්‍ෂ ස්වභාවය එලියට එන්න පුළුවන්

    ReplyDelete
  13. ඇත්තටම මාතලන් 2004 සුනාමි ව්‍යසනය. 2016 මහා ගංවතුර ව්‍යසනය. 2025 මහා සුළි කුණාටු ව්‍යසනය. මේ ව්‍යසන තුනේ ම පොදු ලක්ෂණයක් තිබෙනවා. එනම් ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය පාලනයට සම්බන්ධ වීම යි.

    2004 තිබුණේ චන්ද්‍රිකාගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව. ජවිපෙ එහි ප්‍රධාන පාර්ශවකරුවන්. අනුර කුමාර, ලාල් කාන්ත, විජිත හේරත් කැබිනට් ඇමතිවරු. බිමල් රත්නායක, චන්ද්‍රසේන විජේසිංහ නියෝජ්‍ය ඇමතිලා. ජවිපෙ ඔක්කොම මන්ත්‍රීලා 39 ක් ආණ්ඩුවේ. තමන්ගේ ස්වාමියාගේ මුහුණට වෙඩි තබා ඝාතනය කළ ජවිපෙ සමග චන්ද්‍රිකා කුමාරතුංග අශුද්ධ සන්ධානයක් හැදුවා බලය වෙනුවෙන්. 2004 සුනාමිය ඇවිල්ලා ලංකාවේ වෙරළබඩ තීරය ම සොහොන් පිට්ටනියක් කළා.

    2005 මහින්ද රාජපක්ෂ බලයට ගේන්න ජවිපෙ කැම්පේන් කළා. නමුත් මහින්ද ඔවුන් ආණ්ඩුවට ගත්තේ නැහැ. ඒක තමයි නිවැරදි තීරණය. මහින්ද සමග අනුර කුමාර බද්ධ වෛරයක් හදාගන්න හේතුවත් එයම යි. 30 අවුරුදු යුද්ධය අවසන් කරලා ඉතිහාසයේ දැවැන්ත ම සහ වේගවත්ම සංවර්ධනය කරන්න මහින්දට පුළුවන් වෙනවා සුනාමි, ගංවතුර, මහා සුළි කුණාටු වැනි ආපදා කිසිවක් නැතිව. ජවිපෙ ආණ්ඩුවේ නොහිටිය නිසා.

    නමුත් මහින්දට බොරු චෝදනා කරලා 2015 ඊනියා යහපාලන ආණ්ඩුව බලයට ගේන්න ජවිපෙ මූලික වෙනවා. ඒ වගේම ආණ්ඩුවේ නිල නොලත් පාර්ශවය හැටියට මහින්දලාට ගෝඨාභයලාට එරෙහිව දේශපාලන දඩයම ක්‍රියාත්මක කරන්නේත් ජවිපෙ. 2015 සහ නැවත 2016 පිට පිට ගංවතුර ඇවිල්ලා දැවැන්ත හානියක් කරනවා.

    නමුත් ඒ සියල්ලටම වඩා විශාල – හිතා ගන්නවත් බැරි තරමේ මහා බිහිසුණු විනාශයක් වුනේ මෙවර පැමිණි අසාමාන්‍ය සුළි කුණාටුවෙන්. දැන් රාජ්‍ය පාලනය කරන්නේ ජවිපෙ. මාලිමාව කියලා ජනතාවට වෙස් මුහුණක් පෙන්වා රාජ්‍ය බලය අල්ලලා වසරක් යන්න කලින් මුළු ලංකාව ම එක වර අමු සොහොනක් වුණා. අම්මලා තමන්ගේ දරුවන් වැළලුනු තැන් අතින් හාරනවා. දරුවන් තමන්ගේ තාත්තලා වැළලුනු තැන් උඩ අඬනවා. බොහෝ ගම්මාන තිබුණු තැනක්වත් නැහැ. කුඹුරු අක්කර ලක්ෂ ගණනක් ඉවරයි. දුම්රිය මාර්ග, මහා මාර්ග, පාලම්, පොළොව පිටින් ම නාය ගිහිල්ලා. මැරුණු ගණන තවම හරියට දන්නේ නැහැ.

    මේවා අහඹු සිදුවීම් ද? ජවිපෙ රාජ්‍ය පාලනයට සම්බන්ධ වූ සෑම අවස්ථාවක ම එම හවුලේ තීව්‍රතාවයට සාපේක්ෂව අසාමාන්‍ය විපතක් වෙනවා. පාලකයා අධර්මිෂ්ට වූ කල මෙවැනි විපත් වෙන බව බෞද්ධයන් විශ්වාස කරනවා. මේ සිදුවීම්වලින් එය සනාථ වෙනවා.

    ජවිපෙ කියන්නේ ලංකාවේ බිහිවුණු අශුද්ධ ව්‍යුහයක්. විකෘතියක්. අනියමයක්. එය පටන් ගන්නේ ම මිනීමරලා. ඒක යක්ෂයාගේ නිමැවුමක්. අහිංසක මිනිස්සු දසදහස් ගණනින් මරා දාපු උන්ට රාජ්‍ය පාලනය දීමෙන් ඒ රාජ්‍යයට හොඳක් සිද්ධ වෙනවා නම් ධර්මයත් බොරු වෙන්න ඕනා. ලංකාවේ මිනිස්සු තමන්ගේ වල තමන් ම කපා ගත්තා.

    ReplyDelete
  14. ඇත්තටම ලංකාවේ මේ ගංවතුර තත්ත්වය මේක සාහසික අපරාධයක්. ඉන්දියාව දිත්වා එන්න කලිං වේලි ඇරියා. එතකොට අලුත් වතුර ඇවිත් රැස් වෙන එක නැවතිලා මහා වැස්සකදි සිදු වෙන අනතුර අවම වෙනවා. කුණාටුවක් එන විට වතුර විශාල ප්‍රමාණ වලින් කදුකරයේ වේලි වල රදවා තැබීම සාපේක්ෂව වඩාත් නායයෑම් වැඩි කරන්නත් හේතු වෙනවා. ඉන්පසු වැස්ස සමග උතුරන වතුර කඩා හැරීම බයංකාර නිසා තමයි වැස්සට කලිංම වේලි ඇරලා තියන්නේ.

    අපි ඒ වගේ වැරදි සුදු සරමකිං වහනවාට වඩා, සිදුවුනු වැරදි පිලිගෙන, වැරදිකරුවංට දඩුවං දී, හානි තක්සේරුකර, ඒවා පවරාගත යුතු වෙනවා. අපදාකලමණාකරණ මධ්‍යස්තානය ගලවා දැමීම කාලගුණ විපර්‍යාසයුගයේ ගත් ඉතාම අණුවනකාරී උපායමාර්ඝයක්. ආපදාකලමණාකරන මධ්‍යස්තානය ත්‍රිවිධහමුදා වටකර පැවති නිසා - ආපදා වලදි ශ්‍රම බලය, උපකරණ බලය, තාක්ෂණ බලය, පුහුණු වෘත්තීය කණ්ඩායම්, ජාතික සම්බන්ධීකරණය, ජලය, ගුවන, ගොඩබිම මොබිලිටි - සියල්ල ලස්සනට සිදුවෙන්න ආයතන හැදී තිබ්බා. ඒ වෙලාවේ කල යුතුව තිබුනේ ඒවා සවි බල ගැන්වීමයි. ශක්තිමත් කිරීමයි. ව්‍යවස්තාවෙන් මේ වන විටත් 2005 ආපදා කලමණාකරණ පනතිං මේ ආයතනය සවි බල ගන්නලා තිබ්බා. මම දන්නා කරමිං තාම පනත වලංගුයි.

    වත්මන් ආණ්ඩුව ඒ සියල්ල ගංවතුරේ දිය කරලා ඇරලා - ඒවා ඉතාම කැත විදියට සාධාරණීකරණය කරනවා. මට තේරුංගන්න බැරි ඇස්පනා පිට පෙනෙන වරද දැක දැක, එය නිවැරදි කිරීමට හෝ පිලිගැනීමට ලංකාවේ ජනතාව මැලිවන්නේ ඇයිද කියන කාරණයයි.

    අප විසදිය යුත්තේ කාලගුණය නෙමෙයි. මිනිසුං තුල ඇති මේ වහල්බාවය හා සමහරවිට ඒ යට සැගවී ඇති බෙනිපිට් සිස්ටම් නිසා ඔවුං තුල ඇති වංචනිකබාවයි. සංවර්ධිත රටවල් හදන්නේ පරිසරය වෙනස් කිරීමෙන් නෙමෙයි. මිනිස්සු හිතන විදිය හා ඔවුන්ගේ පුරුදු වෙනස් කිරීමෙන්.

    ReplyDelete
  15. මොනවා වුණත් මාතලන්, මේ මාලිමා මන්ත්‍රීවරුන්ගේ අධික අහංකාරය ඔවුන්ට එක්තරා විදිහක ශක්තියක්. මේක ඇත්තටම මානව විද්‍යා පර්යේෂණයකට සුදුසු නිරීක්ෂණයක්. මෙවැනි බිහිසුණු ආපදාවක් වුණාම සාමාන්‍ය මනුෂ්‍යයෙක් නම් පළමුව තැති ගන්නවා. දෙවනුව ශෝකයට පත් වෙනවා. තෙවනුව නිහතමානීව විසඳුම් සොයනවා. නමුත් මාලිමාවේ මන්ත්‍රීවරු එයට ඉඳුරා වෙනස්. ඔවුන් කිසිම අවස්ථාවක තැති ගත් බවක් පෙන්නුවේ නැහැ. අංශු මාත්‍රයක කනගාටුවක්, සහකම්පනයක් ශෝකයක් පෙන්නුවේ නැහැ. හිටියටත් වඩා අධි මාන්නයෙන් තමයි ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ. මේක හරි අසාමාන්‍ය තත්ත්වයක්.

    මේක අපට පැහැදිලි කරන්න පුළුවන් එක විදිහක් තමයි Dunning Kruger ආචරණය. එනම් කිසියම් ක්ෂේත්‍රයක දැනුම හෝ නිපුණතාවය අවම පුද්ගලයන් බොහෝ විට තමන් ගැන අධිතක්සේරුවෙන් හිතනවා. උදාහරණයක් හැටියට කාලයක් ප්‍රසිද්ධව සිටි රැට්ටා ගන්න. ඔහු රාජ්‍ය පාලනය තියා පවුලක්වත් රැකලා අත්දැකීමක් නැති මෝඩ හිස් කවටයෙක්. නමුත් ඊනියා අරගලයේ ඔහු හැසිරුණේ හරියට රටේ ජනාධිපතිකම කරන්න පුළුවන් වගේ. ඔහු එය ඇත්තටම විශ්වාස කළා.

    අනෙක් පැත්තෙන්, කිසියම් ක්ෂේත්‍රයක ප්‍රවීනයන් හැම වෙලාවෙම තමන් ගැන අවතක්සේරුවෙන් තමයි හිතන්නේ. බුද්ධිය වැඩි වෙන්න වෙන්න එම පුද්ගලයා සිය තීරණ ගැන සිය වාරයක් හිතනවා. කයිවාරු ගහන්න බයයි. නමුත් මාලිමාවේ මන්ත්‍රීවරු එහෙම නැහැ. ඔවුන් හැසිරෙන්නේ හරියට මේ ආපදාව තමන් ඉතා ම හොඳින් පාලනය කරනවා වගේ. ඒකම තමයි ඔවුන්ගේ ශක්තියත්.

    නමුත් මට හිතෙනවා මේක DK ආචරණයට එහා ගිය මනෝ විකාර තත්ත්වයක් කියා. මාලිමාවේ ඉන්නේ තරමක් sociopathic පිරිසක්. ඒකට කියන්නේ Antisocial Personality Disorder. ඔවුන් සමාජ විරෝධීන්. ඔබ බලන්න මාලිමාවුන් කිසිම හිරිකිතයක් නැතුව මේ ව්‍යසනය තුළ ඔවුන්ව ප්‍රවර්ධනය කර ගන්නවා නේද? ඒ කියන්නේ පොදු සමාජයේ වේදනාව ගැන ඔවුන්ට සත පහක වගක් නැහැ. ඔවුන් හිතන්නේ ඔවුන්ගේ ආත්මාර්ථය ගැන පමණයි. අපට පේනවා වෙනත් අය කෑම ආධාර අරගෙන ගියාම මාලිමාවුන් ඒවා බලහත්කාරයෙන් ඩැහැ ගෙන තමන්ගේ වගේ බෙදනවා. ඔවුන්ට ඒක වරදක් ලෙස පෙනෙන්නේ නැහැ. ඔවුන්ට ඒ ගැන කිසිම ලැජ්ජාවකුත් නැහැ. ඔවුන් හරිම impulsive. කටට එන දේ කියනවා. ඇඟට කඩා පනිනවා. අන් මත ඉවසන්නේ නැහැ. එහෙම කරලා ඒ ගැන කිසිම පසුතැවීමකුත් නැහැ. මේවා තමයි sociopathic ලක්ෂණ.

    මේකට හේතුව ඔවුන් බොහෝ දෙනා කුඩා කල සිට ලද කටුක අත්දැකීම් විය හැකියි. නැත්නම් ඒ ප්‍රවර්ගයේ මිනිස්සු එකතු වෙන්නේ මාලිමාවට. මොකද එතන ඔවුන්ට ඔවුන්ගේ මනෝ ව්‍යාධිය උපරිමයෙන් බලගන්වන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඔවුන්ගේ කුණුහරුප බලකාය වගේ එකක් වෙන කිසිම පක්ෂයකට හදන්න බැහැ. මොකද එවැනි සමාජ විරෝධී චර්යාවකට අනුබලය සහ අනුග්‍රහය ලැබෙන්නේ මාලිමාවෙන් පමණක් නිසා.

    කොහොම වුණත් මාලිමාවේ ශක්තියත් මේකමයි. ඔවුන් හැසිරෙන්නේ කිසිම ව්‍යසනයක් සිදු වුණේ නැති ගාණට. තවමත් හරියට ගණන් කරන්න බැරි තරම් දරුවන් සහ වැඩිහිටියන් ගණනාවක් පස් යට වැළලිලා. නමුත් මාලිමාවුන් හිනා වෙනවා. Photoshoot කරනවා. පාරම් බානවා. අභියෝග කරනවා. අනුර කුමාර පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිසිම වෙනසක් නැතුව වෙනදා වගේ ම ලොකු ටෝක් දෙනවා. ජනමනස manipulate කරනවා. මේක ඉතාම අසාමාන්‍ය අමුනුෂ්‍ය චර්යාවක්. නමුත් ඒ නිසාම ඔවුන් පවතිනවා. බොහෝ විට ඔවුන් මේ ව්‍යසනය ඔවුන්ගේ මෙම අසාමාන්‍ය චර්යාව තුළින් ම වසා දමාවි. මට හිතෙනවා සති දෙකක් යනකොට මෙහෙම ව්‍යසනයක් වුණාද කියවලත් කවුරුවත් කථා කරන එකක්වත් නැහැ කියලා. ඒකත් ප්‍රශ්න විසඳන එක ක්‍රමයක්.

    ReplyDelete
  16. ඇත්තටම ඔයාලට මතකද 2020 (කොවිඩ් වසංගතය කාලයේ ) බුර්වී කියන සුලිකුනාටුව ලංකාවට ආවා.මේ තරමටම ලොකු එකක් නෙමෙයි. හැබැයි ඒකත් විශාල විනාශයක් කළා පූර්ව සුදානම මෙයට වඩා දහස් ගුණයක මට්ටමේ තිබුනේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වහාම ක්‍රියාත්මක වෙලා මිනිසුන් 75,000 කට වඩා අනතුරුදායක ප්‍රදේශ වලින් ඉවත් කරලා ඔවුන්ට අවශ්‍ය සහන සලස්වූවා. නිකන්ම අයින්වෙන්න කිව්වේ නැහැ. යන්න තැනක් , ආරක්ෂාවක්, කෑමබීම , මේ සියල්ල ලස්සනට සොයා බලුවා. කුණාටුව උතුරු නැගෙනහිර මිමි 250 වර්ෂාවක් ඇතිකරලා ගියා. ගෙවල් 99 සම්පුර්ණයෙන් විනාශ වෙලා, 3500 අර්ධ වශයෙන් විනාශවුණා.මට හිතුනේ මේක තමයි අපිව පරික්ෂා කරේ කියලා.

    මේ වතාවටත් දෙවියන් වහන්සේ
    අපිට දුන්න simulation test එක.අපි එකෙන් සමත් ද?

    2020 බුරවි එකට සාර්ථකව මුහුණ දුන්න නිසා යාන්ත්‍රණයක් නැතිවෙන්න බැහැ , මේකෙදි හොයන්න ඕනේ පූර්ව දැනුම් දීම අනුව රජය හරියට ක්‍රියාත්මක වුණාද කියලා.

    කුණාටුවල සති ගණනකට පෙර දැනුවත්කිරීමක් නොකරත් ජනාධිපතිට හොයන්න පුළුවන්, ඉතා කෙටි දැනුම් දීමකින් අදාල යාන්ත්‍රණය හරියට ක්‍රියාත්මක වෙනවද කියලා.

    ReplyDelete
  17. මාතා, යූටියුබ් එකේ මේ දේවල් ගැන විස්තර සහිතව කියන්න
    අනුරගේ කතාව අහලා හිනා ගිය තැන් තුනක් තිබුණා.

    ➤ අනුර ජීවිත කාලෙම බිස්නස්කාරයො විවේචනය කරපු මිනිහෙක්.

    බිලියනපති ව්‍යාපාරිකයන්ට 'කළු මුදලාලිලා' , 'ජාවාරම්කාරයො' , 'ගජ මිතුරු කල්ලිය' කියන නම් හැදුවේ අනුර.

    හැබැයි අනුර තිරය පසුපස ඒ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත්තා. ඒක වෙනම දෙයක්.

    නමුත් කැමරාව ඉදිරියේ, මයික් එක
    ඉස්සරහා ඔහු හැමදාම ව්‍යාපාරිකයො විවේචනය කළා.

    නමුත් අද ?

    අද අනුර, එදා තමන් ජාවාරම්කාරයො කියපු බිස්නස්කාරයො හෝදලා, චරිත සහතිකයක් දුන්නා.

    ඒ බිස්නස්කාරයො රටට ආදරේ, අවංක මිනිස්සු කියලා අනුර කිව්වා.

    දුමින්ද හුලංගමුව ලා, සරත් ගනේගොඩ ලා, හනීෆ් යුසූෆ් ලා රටට ආදරේ, අවංක, පිරිසිදු මිනිස්සු කිව්වා.

    ඒ මිනිස්සුන්ට 'ජාවාරම්කාරයො' කියලා කීම පවක් කියලා කිව්වා. ඒ මිනිස්සුන්ට ජාවාරම්කාරයො කියලා කියන විපක්ෂ මන්ත්‍රීලා විවේචනය කළා.

    එදා ඒ මිනිස්සු විවේචනය කළ අනුරමයි. කළු ජාවාරම්කාරයො, ගජමිතුරු කල්ලිය කියලා සරත් ගනේගොඩලාට එදා කියපු අනුරමයි.

    මිනිහෙකුට තමන් කියපු කතාවම වෙනස් කරලා, ඔහොම වෙනස් වෙන්න පුලුවන්ද?

    ➤ ගංවතුර එක්ක රැස් වුණු පක්ෂ නායක කමිටුවේ දී අනුරට මේ වෙලාවේ කරන්න පුලුවන් දේ ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ.

    මොකක්ද දැන් අපි කරන්න ඕන විපක්ෂ නායකතුමා කියලා අනුරමයි ඇහුවේ.

    ඒ මොහොතේ තමයි සජිත් සහ දිලිත් ව්‍යවසනය කලමනාකරනයට හදිසි නීතිය පනවමු කියලා යෝජනා කළේ.

    අනුර ඒ යෝජනාවට මුලින් කැමති වුණේම නැහැ. විපක්ෂය පස්සේ වැඩේ විවේචනය කරයි කියලා අනුර බය වුණා.

    නමුත් විපක්ෂයෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා සහතිකය දුන්නා.

    ගංවතුර ඇවිත් තුන්වෙනි දවසේ තමයි හදිසි නීතිය දාන්නේ. ඒක විපක්ෂයෙන් සද්භාවයෙන් කළ උදව්වක්.

    අද අනුර පාර්ලිමේන්තු ඇවිත් මොකද කිව්වේ ?

    සජිත්ව කිච කරලා, නැතිම කළා.

    හදිසි නීතිය පැනවීම තමන්ගේ අදහසක් කියලා කෙලින්ම කිව්වා. කිසිඳු කෘතගුණයක් නැහැ.

    ඒ වගේම සමහරු කියනවා IMF එක්ක කතා කරන්නම්, ප්ලීස් එපා කියලා සජිත්ව ලැජ්ජ කළා.

    සජිත්ගේ සද්භාවයට කිසිඳු ස්තූතියක් නැහැ.

    සජිත්ට මේක හොඳ පාඩමක්. අනුර අසරණ වෙන හැම වෙලාවෙම සජිත්ගේ හොඳකම හෝ ගොන්කම යූස් කරනවා.

    යූස් කරලා පොඩ්ඩක් කම්ෆර්ටබල් වුණ ගමන් අනිත් පැත්තට ගහනවා.

    අනුර එක්ක දේශපාලනය කරන්න සජිත් ස්මාර්ට් නැහැ. අනුර එක්ක හැරෙන්නවත් සජිත්ට බැහැ.

    ➤ රටේ ආපදා කළමනාකරණ පනතක් තියෙනවා කියලා අනුර දැනගත්තේ පාටලීගේ යූටියුබ් වැඩසටහනක් බලලා.

    ඊටපස්සේ අනුර පාටලීට කෝල් කරනවා.

    ඒ පනත ගැන විස්තර අහගන්නවා. ඇයි චම්පික ඔයා මේ ගැන මට කළින් නොකිව්වේ කියලත් අහනවා.

    හැබැයි අද අනුර මොකක්ද කිව්වේ ?

    ඒ පනත ගැන විශාරදයෙක් වගේ, ඒ පනතේ අඩුපාඩු කියෙව්වා.

    රටට ගැලපෙන්නේ ආපදා කලමනාකරන පනතට වඩා හදිසි නීතිය කියලා කිව්වා.

    මේ පාඨලීගෙන් ඒ නීතිය ගැන දැනගෙන, සජිත් සහ දිලිත්ගේ ඉල්ලීම නිසා හදිසි නීතිය පනවපු බුවා.

    අද පනත සහ හදිසි නීතිය ගැන විශාරදයෙක් වගේ කතා කළා.

    මේ තමයි ක්ලැසික් අනුර. මේ තමයි අනුර දක්ෂම තැන.

    අනුර කාබන් කොලයක් වගේ. ඉක්මනට දේවල් උරා ගන්නවා. ඊටපස්සේ ඒ ගැන තමන්ට උගන්නපු මිනිහටත් ලෙක්චර්ස් දෙනවා.

    හැබැයි ඩීප් කියවීමක්, අවබෝධයක් නැහැ.

    මිනිස්සු කන්වින්ස් කරන්න එහෙම අවබෝධයක්, හැකියාවක් අවශ්‍යයත් නැහැ.

    ReplyDelete
  18. ජෙප්පො තාමත් කරේ තියන්යන සුනාමි හොරා කතා වස්තුව නමැති බොරු මඩ ප්‍රහාරය ගැන විස්තර සහිතව ලියන්නම්

    2004 වසරේ දෙසැම්බර් 26 දා සිදුවු සුනාමි ව්‍යසනයෙන් ලංකාව වටා වර්ග කිලෝමීටර ගණනාවක ගොඩබිම් තීරය එකම සුන්බුන් ගොඩක් විය.කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව කඩාවැදුන සුනාමියෙන් මියගිය ප්‍රමාණය 37000 කට අධිකය.සිදුවූ දේපළ හානිය ඩොලර් බිලියන ගණනකි.අවතැන් වූ ප්‍රමාණය මිලියන ගණනකි. රටේ ආර්ථිකයට සිදුවූ හානියද ඩොලර් බිලියන ගණනකි...කොටින්ම කියතොත් එය වතමන් ගං වතුර හේතුවෙන් ඇතිවූ විනාශය මෙන් කිහිප ගුණයකි.

    එම ව්‍යසනයේදී එවකට අගමැතිවරයා ලෙස සිටි මහින්ද රාජපක්ෂ විසින් වගකීමෙන් වැඩිප්‍රමාණයක් තමකර මතට ගෙන කටයුතුකරන ලදි.එය පැවති රජයේ අවසාන කාල සමය වූ අතර ළඟ එන ජනපතිවරණය සඳහා එකසත් ජනතා නිදහස් සංධානය යටතේ තරඟවැදීමට මහින්ද රාජපක්ෂ සුදුසුයැයි පක්ෂ නායයකයන්ගේ ඒකමතික තීරණය විය. නමුත් එකම පක්ෂයේ වුවත් එවකට රටේ ජනපතිනිය වූ අනවර්ථ නාමයෙන් චෞර රැජින ලෙස හැඳින්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක තුල මහින්ද ගැන තිබූ ඉරිසියාකාර හැඟීම නිසා මහින්ද රාජපක්ෂ ජනපතිවරණයට ඉදිරිපත් වීම වැලැක්වීම ඇයගේ එකම අරමුණ වූ අතර උපක්‍රමශීලීව විපක්ෂය හරහා මහින්දට සුනාමි මුදල් වංචාකෙරුවේයැයි බොරු චෝදනවක් එල්ලකර නඩුපවරන ලද අතර එම නඩුවේදී සියළු සාක්ෂි සහිතව තමන් නිවරැදි බව ඔප්පු කිරීමට මහින්ද රාජපක්ෂට හැකිවිය.පසුව මහින්ද විසින් එම අභූත චෝදනාව එල්ලකරීම සම්බන්ධයෙන් පෙත්සමක් ගොනුකරන ලද අතර වග උත්තර කරුවන් ලෙස එජාපයේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා ඇතුලු ප්‍රධාන පොලිස් නිළධාරී කිහිප දෙනෙකුට සිදුකල අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ වෙත වන්දි මුදල් ගෙවීමට පවා ඔවුනට සිදුවිය.

    පැවති ජනපතිවරණයෙන් රනිල් පරදා ජයගෙන ජනපති වූ මහින්ද රාජපක්ෂයන්ගේ කරමත සුනාමියේ සියළු බර පැටවිනි.කවදත් අභියෝග භාරගන්නා දේශපාලකයෙකු වූ මහින්ද වගකීමේ අභියෝගය භාරගත් අතර ඉතා කෙටි කලක් තුල අපාදාවට ලක්වූ ප්‍රදේශ සහ ජනජීවිතය යථාතත්වයට පතකල අතරම විනාශ වූ ව්‍යාපාර වෙනුවෙන් අති විශාල වන්දි මුදල් ගෙවීමද සිදුකෙරිනි.මෙසේ සුනාමි ව්‍යසනයෙන් වූ දැවැන්ත හානිය සාර්ථක ලෙස කළමනාකරණය කොට ජනජීවිතය හා සුන්බුන් සහිත වූ භූමිය තිබුනාට වඩා කිහිප ගුණයකින් යථා තත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ජනපති මහින්ද ජනතාව අතර ඉමහත් කීර්තියට පත්විය.පසුව යුධ ජයග්‍රහණයෙන් අනතුරුව මහින්දගේ එම කීර්ති නාමය දෙගුණ තෙගුණ වූ අතර 2010 වසරේ පැවැත්වීමට නියමිත ජනපතිවරණයෙන්ද ඉතාපහසු ජයක් මහින්ද විසින් හිමිකරගන්නා බවට ඉඟි පළවෙමින් තිබිණි.

    විපක්ෂයට මරු පහරක් බඳුවූ වූ මහින්දගෙ ජනප්‍රියත්නවය දිනෙන් දින වැඩිවීම නිසා විපක්ෂයට මහින්දට විරුද්ධව ප්‍රභල සටන් පාඨ අවශ්‍ය වූ අතර ඉන් එක සටන් පාඨයක් විදිහට නැවතත් ඔවුන් ජනගතකිරීමට උත්සහ දැරුවේ අර "සුනාමියෙන් ගසාකෑවා" යනුවෙන් අර මහින්ද නඩුවෙන් නිදොස්කොට නිදහස් වූ පෙර චෝදනාවම ඔහු වෙත එල්ල කිරීමය.නමුත් මහින්දගෙ පැවති ජනප්‍රියත්වය ඉදිරියේ එය අලු යට සැඟවූ ගිණි පුපුරක් මෙන් යටිගිය අතර 2010 ජනපතිවරණයෙන් සරත්ෆොන්සේකා පරදවා පහසු ජයක් හිමිකරගන්නා ලදි.

    එහෙත් එතැන් පටන් සෑම මැතිවරණයකදීම ජවිපෙ මූලිකත්වයෙන් ඒ සුනාමි කතාව ජයටම සමාජගත කරනලද අතර අද එය මහින්ද විසින් සැබෑවටම සිදුකරන ලද වංචාවක් ලෙස ජනගතවී ඇත.රාජපක්ෂ පවුලම හොරුන් ලෙස හංවඩු ගැසීමට මෙවන් බොරු සිය ගණනක් දිගින් දිගටම පවසමින් ජනමනස තුල අනුර කුමාරගේ මූලිකත්වයෙන් රෝපණය කල අතර ජවිපෙ මාලිමාවේ ඩෝබිවරුන් මේ බොරු මඩ දිගින් දිගටම ප්‍රචාරය කරද්දී ජවිපෙ මාලිමාවට සහාය දක්වන වත්මන් තරුණ පරපුරේ ඇතැමුන්ද මේ සත්‍ය නොදන්නාකමින් ඒවා සැබෑවටම සිදුවූ හොරකම් යැයි සිතමින් රාජපක්ෂලාට තම නොදන්නාකම නිසාම මඩ බාල්දි ගණන් විසිකරමින් සිටිනු දැක සිනාසෙමු.......🤌

    ReplyDelete
  19. කනයා නැති වලට ලුලා පණ්ඩිතයා .
    දැන් මාලිමාවේ පාන්ඩුවට අනුන්ගේ සින්දු විකුණන් කාලා අදිකරනකින් දඩුවම් ලබපු හොර කලාකාරයෝ විෂ මත්ද්‍රව්‍ය නැති කරන්න උපදෙස් දෙන්න අරන්

    ඇත්තටම සංගීත් විජේසුරිය ඉපදුනේ කොයි අවුරුද්දේද ?
    මොකද පෙන විදියට ඔහුට වයස අවුරුදු 45-50 අතර තමයි ඇත්තේ .
    හිච්චි කොලු ගැටයෙක් විදියට ඔහු දරපු තනතුර මොකක් ද ?
    අවුරුද් 11 ක් නාකොටික් එකේ වැඩ කලා කියන එක පිළිගන්න පුලුවන්ද .

    ඒ එක්කම ඔහුගේ කළා ජිවිතේ මට මතක ආකාරයට අවුරුදු 25-30 විතර .

    මට පෙන්නේ සංගීත් විජේසුරිය කියන්නේ අනුරට වඩා පඩ ෂෝ පචයෙක් වගේ.

    රටේ මත්ද්‍රව්‍ය වටලිම්වලට ගොස් විශාල ත්‍රිවිධ හමුදා නිලදාරී ප්‍රමාණයක් ජීවිතවලින් වන්දි ගෙවලා තියෙනවා ,
    අදටත් ඒ වෙඩි වැදීම් තුවාල එක්ක ජිවිතේ විදවන විශාල නිලදාරී ප්‍රමාණයක් තර්ජන සමග ඉන්නවා .

    විශාල මෙහෙයුම් අත්දැකීම් සහිත විශ්‍රාමික නිලධාරීන් ඉන්නවා .
    එහෙම තියෙද්දී මේ හොර ගායකයෙක් ගෙන්නාගෙන රටටත් ආරක්ෂක හමුදාවන්ට පොලිසියට ලජ්ජා කරමින් රාජ්‍ය නිලධාරීන්ට ලජ්ජා කරමින් ඔහු පෙන්වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ මරි මෝඩ ඉතා කුඩා පටු සිතීමේ ධාරිතාවයි .

    මෙතන නිකන් අලුත් දෙයක් වගේ කියනවා මත්ද්ව්‍ය විනාශ කරන එකක් . ගැන
    ඒක ට ප්‍රතිපාදන ලංකාවේ තියෙනවා .
    වගේම මිට පෙර ජනාධිපතිවරු මත්ද්‍රව්‍ය විනාශ කරලත් තියෙනවා .

    හැමදාම මොක්කු හරි සෙට් එකක් ජනාදිපති කන්තෝරුවට ගෙන්නාගෙන බයිලා කිඅවලා අතන මෙතන එක එකාගෙන් අහගෙන මත්ද්‍රව්‍ය


    නිවාරණය කරන්න බහ . එකෙන් වෙන්නේ මහජන මුදල් නාස්තියක් විතරයි ,

    පහතින් තියෙන්නේ රනිල් - සිරිසේන යහපාලන සමයේ අල්ලාගෙන විනාශ කරන ලද මත්ද්ව්‍ය ගැන විස්තර .
    මේ දත්ත සොයාගත්තේ අන්තර්ජාල පුවත් මගින් . නිවැරදි නොවේ නම් නිවැරදි කිරීමේ අයිතියට ගරු කරමි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය තුළ (2015-2019), ප්‍රධාන මත්ද්‍රව්‍ය පාලන ප්‍රයත්නයන් අතරට විශාල කොකේන් තොග ප්‍රසිද්ධියේ විනාශ කිරීම සහ සමස්ත මත්ද්‍රව්‍ය ආශ්‍රිත අත්අඩංගුවට ගැනීම් වැඩි වීම ඇතුළත් විය. ප්‍රසිද්ධියේ අත්අඩංගුවට ගෙන විනාශ කරන ලද ප්‍රධාන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් ප්‍රධාන වශයෙන් කොකේන් විය.

    ප්‍රධාන මහජන මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ සිදුවීම්එං
    අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ සහ විනිවිදභාවයෙන් විනාශ කිරීම සඳහා ජනාධිපති සිරිසේන මහතාගේ නියෝගය යටතේ, අධිකරණ ක්‍රියාවලීන් සම්පූර්ණ කරන ලද විශාල කොකේන් අත්අඩංගුවට ගැනීම් සඳහා ප්‍රධාන සිදුවීම් දෙකක් පවත්වන ලදී:

    2018 ජනවාරි 15: 2016 දෙසැම්බර් මාසයේ කොළඹ වරායේ සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 928 ක් (සමහර වාර්තාවල කිලෝග්‍රෑම් 926 ක් පමණ) කටුනායක අපනයන සැකසුම් කලාපයේ දී ප්‍රසිද්ධියේ විනාශ කරන ලදී.

    2019 අප්‍රේල් 1: අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 769 ක් (රුපියල් බිලියන 10 කට වඩා වටිනා) ප්‍රසිද්ධියේ විනාශ කරන ලදී. කොකේන් කැලණියේදී ද්‍රවීකරණය කර පුත්තලමේ සිමෙන්ති කර්මාන්ත ශාලාවකදී සම-සැකසුම් ක්‍රමයක් හරහා පුළුස්සා දමන ලදී.

    සාමාන්‍ය අත්අඩංගුවට ගැනීමේ තොරතුරු (2015-2019)
    සියලුම මත්ද්‍රව්‍ය වර්ග සඳහා නිශ්චිත වාර්ෂික විනාශ කිරීමේ එකතුව ප්‍රසිද්ධ ප්‍රවෘත්ති වාර්තාවල විස්තර කර නොතිබුණද, ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ (NDDCB) වාර්ෂික වාර්තාවල සාමාන්‍ය සංඛ්‍යාලේඛන මගින් අල්ලා ගැනීමේ ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් ලබා දෙයි:

    කොකේන්: ප්‍රධාන අත්අඩංගුවට ගැනීම් අතර 2016 දෙසැම්බර් මාසයේදී කිලෝග්‍රෑම් 800 ක් සහ මාස හයකට පෙර කන්ටේනරයක කිලෝග්‍රෑම් 301 ක් ඇතුළත් වූ අතර එය ප්‍රසිද්ධියේ විනාශ කරන ලද ප්‍රමාණයන්ට දායක විය.

    හෙරොයින්: 2019 පෙබරවාරි මාසයේදී පොලිසිය හෙරොයින් කිලෝග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තේය. සමස්තයක් වශයෙන්, 2015 සහ 2018 අතර හෙරොයින් සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 54% කින් වැඩි විය.
    ගංජා: එම 2015-2018 කාලය තුළ ගංජා සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් ද 5% කින් වැඩි විය. 2019 දී, ගංජා සම්බන්ධ වැරදි සඳහා පුද්ගලයින් 45,923 ක් සහ හෙරොයින් සම්බන්ධ වැරදි සඳහා 40,970 ක් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම මහජන විනාශයන්හි ඉහළ ප්‍රමාණය, අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවලට කුමක් සිදුවේද යන්න පිළිබඳ මහජන සැකයන් විසඳීමට සහ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව දැඩි ස්ථාවරයක් පෙන්වීමට ජනාධිපති සිරිසේන ගත් පියවරකි. තොරතුරු සහ සහාය සඳහා ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ සම්පත් භාවිතා කිරීමට මහජනතාව දිරිමත් කරන ලදී.

    ReplyDelete
  20. Saumyage huththa lewa kanna aasayi

    ReplyDelete
  21. ග්‍රීක බැඳුම්කර ආයෝජනය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පැවරූ නඩුවේ තීන්දුව ඊයේ ප්‍රකාශ විය.

    බොහෝ දෙනෙකු සිතා සිටින්නේ මෙම නඩුව අනුර කුමාරගේ රජය විසින් පැවරූවක් ලෙසය. නමුත් එය වැරදිය.

    මෙම නඩුව සහ මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවරූ නඩුව යන දෙකම පැවරුවේ රනිල් වික්‍රමසිංහ විසිනි.

    නඩු පැවරීමේ මහ මොළකාරයා රනිල්ය

    2005 ජනාධිපතිවරණ කාලයේදී රනිල් ළඟ සිටි කබ්‍රාල් මහින්ද සමග එක්විය.

    තමන්ගේ පරාජයට එය මූලික හේතුවක් වී යැයි රනිල් විශ්වාස කළේය. රනිල් ඒ සම්බන්ධයෙන් වෛරයෙන් පසු විය.

    ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවරූ නඩුව පරාජය වූ විට අල්ලස් කොමිසම හරහා තවත් නඩුවක් පැවරුවේ එම වෛරය නිසාය.

    අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවේ තීන්දුව ඊයේ ප්‍රකාශ විය.

    2023 අංක 9 දරණ අල්ලස් හෝ දූෂණ පනතේ 67 වන වගන්තිය ප්‍රකාරව වගඋත්තර කරුගේ නීතිඥයාට මැදිහත්වීමක් කල හැක.

    අජිත් නිවාඩ් ගේ නීතිඥ ඩිලාන් රත්නායක 2025 නොවැ 12 දිනැති කරුණු දැක්වීම කරන්නේ ඒ අනුවය.

    අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවේ පදනම දෝෂ සහිත බව ඩ්ලාන් රත්නායක පෙන්වා දී ඇත.(Technical otherwise procedural issues )

    ඒ අනුව සමස්ථ නඩුව දෝෂ සහිත බව අධිකරණය පිළිගෙන ඇත.

    සැකකරුවන් නිදොස් කොට නිදහස් කරන්නේ ඒ අනුවය.

    එම නිදොස් කොට නිදහස් කිරීමේ කොන්දේසි නැත. බිලියන 1.8 ගෙවීමේ කතාවක් නැත.

    සැකකරුවන් නිදොස් කළ සැනින් අල්ලස් කොමිසම මාධ්‍යයට නිවේදනයක් නිකුත් කළේය.

    චූදිතයන්, බි 1.8 මුදලක් වාරික ලෙස ගෙවිය යුතුයි, නැත්නම් නඩු යනවා කියා කතාවක් අල්ලස් කොමිසම කීවේය.

    එය අධිකරණ තීන්දුවේ කොටසක් නොව අල්ලස් කොමිසමේ පෞද්ගලික මතයකි.

    කොරෝනා වසංගතයේ දිගුවක් ලෙස ආර්ථිකය කඩා වැටුණි.

    එවිට ආර්ථිකය කඩා වැටුණේ දේශපාලඥයන් කළ සොරකම් නිසා යයි ජවිපෙ කැම්පේන් එකක් කළේය.

    ග්‍රීක බැඳුම්කර සිදුවීමද එම කැම්පේන් එක තුළ ආ එක් ජවනිකාවකි.

    ජනයාට ඇස් ඇරීමට අලුතින් හිතීමට කාලය පැමිණ ඇත.

    ලංකාව බංකොලොත් වූයේ වැරදි ප්‍රතිපත්ති සහ ජනයා පිනට කෑමට පුරුදු වීම නිසාය.

    එම තත්ත්වයට ලකේ පංකාවේ සියලු පුරවැසියන් වගකිව යුතුය.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න