.

.

Feb 17, 2017

සයිටම් ප්‍රමිතිය, පැනඩෝල් ඩොකාලා හා ලෙඩ කල්ට් එක..



ඊයේ නිව්ස් බලනාතරේ මාතලන් අපූරූ නිව්ස් එකක් දැක්කේය. ඒ ටොපි චොකලට් බෝතල් වල දමා බෙහෙත් විකුණන කඩයක් ගැනය. මාද්දිය වේදින්ට මේක නිව්ස් එකක් උනාට, ලංකාවේ හතරදිග්බාගයේම කරක් ගහනා මාතලන්ට නම් මේක නිව්ස් එකක් නෙමේය. එහෙම කඩ තියෙන්නේ එකක් දෙකක් නෙමේය. මාතලන්ම එක කඩ 10-15 කට වඩා දැකලා තියෙනවාය. සීන් එක මාට්ටු වෙන්නේ නැත්තේ, ලෙඩේ නම බෝතලේ ගහලා තියෙන්නේ දෙමළෙන් නිසාය. මාතලන්ද දිනක් කඩයකින් මේ ගැන විමසු විට මුදලාලි කාරයා අම්බානක බය උනා අදත් මතකය.

ඔය වතුවල දිස්පැන්සරි දමාගෙන ඉන්න ඩොකාලා 99% ක්ම ඇපොතිකරිලාය. ඒ බව, ඒ පළාත්වල ඉන්නා දැණුම් තේරුම් ඇති උන් හොඳින් දන්නවාය. උන් බෙහෙත් කරන්නේ, උණ හෙම්බිරිස්සව වගේ රෝගවලටය. පැරසිටිමෝල්ස්, සී විටමින්, පිරිටන් ටිකක් දී රුපියල් 150-200 කඩා ගෙන සද්ද නතිව ඉන්නවාය. උන් විතරක් නොව හංදියක් හංදියක් ගානේ ඉන්නා ප්‍රමිතියෙන් උසස් ඩොකාලාත් ඔක්කෝම පැනඩෝල් ඩොකාලාමය. උන් දෙන්නේත් අර ඇපොතිකරිලා දෙන ඒවාමය. ඇඟ පත අමාරුවට ඒ පැතිවල අය බේත් ගන්නේ නැත්තේ, ගෑණු පිරිමි බේදයක් නැතිව සීල් හෝ වැටේ මුරුංගා පාරක් දාගත්තම ඇඟ පත අමාරු පමණක් නොව සියළුම රෝග නැති බංගස්තාන වෙලා යන නිසාය.

අම්මට සිරි ලංකාවේ දොස්තරලා පිස්සු කෙලින එක ගැන පමණක් ලියනා එකත් එක අතකින් වැරදියි කියා හිතෙන්නේ, පාරිභෝකිකයා හෙවත් රෝගියාද ඊට හපන් පිස්සෝම නිසාය. දැන් තියෙන්නේ "ලෙඩ කල්ට්" (Sick Cult)  එකක්ය. ලෙඩ හැදෙනා එක පවුලකට නම්බුවක්ය. ඒ ගැන, පාරේ තොටේ, කඩ පිලේ, බස්සෙකේ රේල්ලුවේ, වැඩපලේ, කතා කොරනා එක මාරම නම්බුවක්ය. සම හරක් රෝග, පවුලේ තත්වය මෙන්ම සමාජ තත්වයද, මොහොතකින් උසස් කිරීමට සමත් ඒවාය. ඒවා වැළඳෙනවා කියන්නේ පරම්පරාවම ගොඩ යන කේස් එකක්ය.

අනේ බලන්නකෝ අනේ... එයාට හාට් නේ, ෂුගර් නේ, ප්‍රෙෂර් නේ, ආතරයිටිස් නේ, ලිවර් ෆේල් නේ. කිඩ්නි ෆේල් නේ කියන්නේ මාරම මෙව්වා එකක්ය. එහෙම කිව්වාම හානේ ඇත්තද අනේ කියා හූල්ලන්නේ අනේ ඉතින් අපිටත් මෙවා හැදෙනවානම් කොච්චර දෙයක්ද කියන්නැහේය. තාම කියන්නේ නැත්තේ අනේ බලන්න අනේ එයාට ඒඩ්ස් නේ කියා විතරමය, නුදුරේදීම ඒකත් අර ලිස්ට් එකට එනවා නොඅනුමානය. රජෙක් උනොත් ලෙඩෙක් නම් මෙලෝ රහක් නැතෙයි කියා කිව්වේ අමු ගොබ්බයෙක් වෙන්න ඕනාය. මේ වාගේ රෝගයක් වැළඳුන යම් කෙනෙක් වේද එවන් පුගලයෙක් රජෙක් නොව මහාරාජා කෙනෙක්ම වන්නේය.

ඒ කාළේ මෙහෙම රෝග තිබුනාදැයි කියාවත් අහලා නැත්තේය. සම හරක් විට තියෙන්නටත් ඇතිය. මාතලනුත් දැන් වාගෙම පොඩි කාලේ ඉඳම් අමු ලෙඩා නිසා ඒ කාළේ උන් ලොකු දොස්තරලා කීප දෙනෙක්ගේම පේසොන් කෙනෙක් උනේය. ඒ කාලේත්, සුලෙයිමාන්, ඩර්ඩන්ස්, අරහෙ මෙහෙ ගිහිල්ලා, අන්තීමටම කෙල උනාම උස්සාගෙන දුවන්නේ "ළමා වාට්ටුව" හෙවත් "ලේඩී රිජ්වේ"ගේ "නෝනා වාට්ටුව"ටය. මැරෙන්නම ගියපු වෙලාවක බේරාගෙන තියෙන්නේ ඩොක්ටර් ඉස්ටෙලා ඩි සිල්වාය. ඒ නෝනා ඒ කාළේ උන්නේ, ඔය රොස්මිඩ් ප්ලේස් එක කිට්ටුවකය. ඒ නෝනාගෙන බෙහෙත් ගන්නවා කියනා එක අපේ පවුලටම ළොකු නම්බුවක් ගෙනාවේය.

ඒ ඇරෙන්න තා ප්‍රසිද්ධ දොස්තර කෙනෙක් උනේ, ඔය ඇන් ඇම් පෙරේරාගේ ගෙවල් කිට්ටුව උන් ඩොකටර් ලෙනෝරාය. උන්නැහේ එන හැම පොඩි එකාටම ටොපි චොකලට් දෙන නිසා, පොඩි උන් අතරේ මෙන්ම ලොකු පොඩි අය අතරේත් මාරම පොපියුලර් උනේය. එතනට යන්න හේතු උනෙත්, සීයාගේ භාෂාවෙන් කියනා සුවාසේ ඇදිල්ල නොහොත්, මොඩර්න් ඉට්ටැයිල් එකට කියනවා නම් ඇස්ම කේස් එක නිසාය.

ඔය ලෙඩේට ඇර අනෙක් ලෙඩ වලට බෙහෙත් ගෙදරම තිබුනේය. මල්ලිවත් නංගිවත් ඩොකෙක් ගාවට ගෙනියන මතකයක් මාතලන්ට නැත්තේ ඒ නිසාමය. උණ හෙම්බිරිස්සාවට කරේ කොත්තමල්ලි තම්බා පොවනා එකය. වැඩේ පොඩ්ඩක් අවුල් වගේ නම්, හංදියේ ඌවේ වේදාගෙන් පස් පංගුව කිරවාගෙන ආවේය. ඒ වෙලාවට හින්ගල බෙහෙත් පමණක් නොව, වෙලාවත් බලන්න දැන උන් නැසොනල් ඇඳන් උන් වෙද මහත්තයාගෙන් වෙලාවත් බලාගෙන අවේ, නරක කලට සත හට පැමිනෙයි විපත කියනා දේ අපේ ආච්චි අම්මලා ඉහටත් උඩින් විශ්වාස කොල නිසාය.

ඔය උණ හෙම්බිරිස්සාව, කැස්ස, බඩ රුජාව, කෑම අප්පිරියාව, බඩේ අජීර්න, කියනා රෝග වලට මෙන්ම පොඩි උන්ගේ වමනය යාම මෙන්ම බවලත් උදවියගේ වමනය යාමටත් බෙහෙත් වෙද මහත්තයා ළඟ තිබුනේය. අනික පොඩි තරාදියක තඹ කාසි හා මදටිය ඇට දමා බෙහෙත් කිරනා එක බලාගෙන ඉන්නා එකත් ලෙඩ සුව කරනා භාවනාවක් වගේම දෙයක් උනේය. වෙද මහත්තයාගේ මදටිය ඇට ටිකකට රොබරියක් දීලා, හතර අතේ නෝන්ඩි උනත්, මදටිය ඇට මල්ලක්ම ඒ වෙනුවට වෙද මහත්ත්යාගෙනම ලැබුන එකත් අද වාගේ මතකය.

ඒ ඇරෙන්න මල්වර නැකත් මෙන්ම මඟුල් නැකත් හැදිල්ලත් කර ගත්තේ උන්දෑගෙන්ය. ඕන මඟුලක් කියලා පොරොන්දම් බැලුවේත් වෙද මහත්තයාමය. මෙතරම් වටින වෙද මහත්තයා මඟුලෙදි මරණෙදි අමතක කළේ නැතිවාක් මෙන්ම, උන්නැහේද තම හිතවත් පාරිභෝකියාගේ හැම මළදානෙටම බැහැයි නොකියා සහභාගී උනේය. වේලපත්කඩේ හදපු එකා පෝරුවට ගොඩවෙන කොට අෂ්ඨක කිව්වේත් උන්නැහේමය. ඒ ඔක්කෝම කරලා නිවන් පුරට රුවන් දොරටු ඕමන් කරනා දවසේ කවියකින් ආරම්බ කොට ගුණ කතනයකුත් කරන්න නම් අමතක නොකළේය. 

උන්නැහේට අමතරව හංදියේ උන්නේ ඇපොතකරි මහතෙක්ය. එයා ළඟට ගියේ තුවාලවලට බෙහෙත් දාන්න ඉතරය. එහෙත් ජේ ආර් පප්පා ඕපන් ඉකොනමි එක ගෙනාවයින් පස්සේ, ඒක මාර ලෙඩක් කියන්නා වාගේ, එක එක ජාතියේ ලෙඩත් ආවේය. ඒ අස්සේ හේවාදේව මුදලාලිගේ බිල්ඩින් එකට මුළු නුවර පාරේම පරසිද්ද දොස්තර පෙරේරාත් ආවේය. 

ඩොකටර් පෙරේරා පැමිලි ඩොකටර් වෙන්න වැඩි කල් නොගියත්, අපේ පැමිලි ඩොක්ටර් උනේ අපේ ආච්චි අම්මාමය. කලින් කීවා වගේ උණ හෙම්බිරිස්සවට, කොත්තමල්ලි හා ඉඟුරු තම්බලාය. බඩේ රුජාවට ඉඟුරු හා අමු දෙහි යුෂය, වැඩේ අබ්ලික් නම් තැම්බුම් හොඳිය, ලේ පෙරෙන තුවාලවලට මක්කදෝ කොල වගයක් ලොඹු කටේ දමා හපලා තිබ්බ ගමන් බඩු නැවතුනේය. සතියකට දෙතුන් ගමනක් කොළ කැඳය. ඉස්කෝල නිවාඩු කාලේට අරළු පෙත්තක් දුන්නම බඩේ ඉන්න පණුවෝ නෝන්ඩිම වෙලා යනවාය. පොඩි ඉහේ කැක්කුමට තැඹිලි තෙල්ය. එහෙම නැත්නම් කොහොඹ කොල පත්තුවක්ය. දෙයන්ගේ ලෙඩේට දෙයියාත්, ආච්චි අම්මාමය. පඬුරක් ගැට ගහන එකේ සිට සියළු සාත්තු සප්පායම් උන්දෑගෙනය. ඒ ඇරෙන්න ගෙඩි වලට සර්ව විසාදි කුප්පියය. තද කැක්කුම් වලට සිද්ධාර්තේය. ඒත් අන්තිම කාළේ ගමේ ගිහින් නිවන් යන්න ඕනා කියපු නිසා, අපිටත් ඩොක්ටර් පෙරේරා ගාවට යන්න උනේය. 

කෙමෙන් කෙමෙන් ඌවේ වෙදා දිගා බල බලා, හොරෙන් හොරෙන් හැම එකාම ඩොක්ටර් පෙරේරා ළඟට ගියේය. VIP ෆැමලීස් වලට නොම්මර අරගෙන පෝලිමේ ඉන්නේ නැතිව පිටිපස්ස දොරෙන් රිංගන ක්‍රමයකුත් තිබුනේය. ඒ නිසා පඩයක් ගියත් ඩොක්ටර් පෙරේරා ළඟට දුවන්න පටන් ගත්තේය. ඔය මොකා ගියත් මාතලන් නම් නොගියේ, අපේ ගෙදර උන්න වෙන්ඩ ඩොක්ටර් නෝනාගේ බෙහෙත් මට අල්ලලා ගිය නිසාමය. හැබයි ඉතින් නියම සීන් එක කියන්නේ, ඒ නෝනාටත් පොඩි ලෙඩක් හැදුනත්, එයා ගියෙත් ඩොක්ටර් පෙරේරා ළඟට වීමය. 

කොහොමින් කොහොම හරි ඌවේ වෙදා බෙහෙත් කඩේ වසා දමා යන්න ගියේය. හංදියට ෆාමසියකුත් ආවේය. ඌ එක පාරටම සල්ලි කාරයෙක් උනේය. සම හරක් කිව්වේ ඌ කුඩු විකුණනවා කියලාය. ගමේ උන් කිව්වේ, ඕපන් ඉකොනොමි කියන්නේ එහම එක පාරටම සල්ලි කාරයෝ වෙන එකටය, ඒවට ඉරිසියා උන් එක එක කතා හදනවාය කියලාය. උන් එහෙම කිව්වාට මාතලන් ඒ බව ටක්කෙටම දැනන් උන්නේ එතෙක් කුඩු ගන්න තොටළඟ පැත්තේ ගිය බඩු, එහේ නොගිහින්, ෆාමසියට යන්න එන්න පටන් ගත්ත නිසාය. කොහොම හරි ඒ මුදලාලි වැලිකඩ ගියේය. 

අද වෙනකොට තොරණහංදියේ ඉස්පසොලිස්ලාත් ඉන්නවාය. ෆාමසි හැට හුටාමාරක්ය. දතෙකුත් ඉන්නවාය. ලෙඩ්ඩු ඒ තරමටය. දැන් අහන්නේ, කව් ද ඇල්ලුව ඉස්පැසොලිස්ට් කියලාය. එයා ෆේමස් එකෙක් නෙමෙයි නම්, අනිකා කියන්නේ, අයියෝ එයා හරි නෑ අනේ..., අරයා අල්ලන්න... කියලාය. හොස්පිටල් එකත් නම්බර් වන් එකක් වෙන්න ඕනාය. හංදියේ එකට යන එකා පීචංය. ඉතින් නොම්මර එකේ හොස්සපිටල් එකකට යනවාය. ගාන කීයක් උනත් අවුලක් නැතිය. ඉඩ කඩම් හෝ උකස් කොර අරුන්ගේ මලු පුරවා කුසල් රැස් කොරනවාය. 

මොකා ඇල්ලුවත් උන් අපිව අතින් අල්ලන්නේවත් නැතිය. උඩ ඉඳන් බිම බලපු ගමන් පෙට් ඉස්කෑන් එක වගේ වගේ ඔක්කෝම ලෙඩ ටික උන්නාන්සේට නාථ දෙයියෝ කියනවාය. මොන ලෙඩේට ගියත් යන්න කලින් අරගෙන පෙන්නන්න කියා X-RAY, ECG,  BCG, EEG, CBC, HEE, SHE, CAT, MAT, BMC, ABC  රිපෝට් එකසිය පනහක් විතර ලියනවාය. ඉතින් ඒවාට සල්ලි ගෙවලා මුළු ඉස්පිටිතාලේ පුරාම දුවලා ලෙඩේ වැඩි වෙනවාය. 

ඊට පස්සේ පයිව් ඉස්ටාර් කැන්ටිමෙන් ඇද බානවාය. රිපෝට් ටික අරගෙන එන කොට බඩු ගිහිල්ලාය. ඊට පස්සේ ආයේ දාස් ගානක් ගෙවා මුළු පවුලම දැනුම්වත් කොට ආයෙත් යනවාය. මේ ඇවිල්ලා ඉස්කෑන් වටයය. ඉහේ සිට පාදානතය දක්වා වූ ශරීරය මැසිමක් තුලට ඔබා දෙන රිපෝට් එක දොස්තරට පෙන්නන්න කලින් මුළු පවුලටම පෙන්නනවාය. MBBS තියා SAITM වත් නැති ගොඩ වෙද්දු ඒ රිපෝට් බලනවාය. බලලා බෙහෙතුත් කියනවාය. කෝ අනේ අර රිපෝට් එක දීලා නෑ නේ..., මූ හරියන්නේ නෑ... අරයා අල්ලමු කියනවාය. ඉතින් එයා අල්ලලා ඇඩ්මිට් වෙනවාය. නිකන් ඇඩ්මිට් වෙලා වැඩක් නැතිය පොඩියට හරි ඔපරෙසොන් එකක් කොරන්නත් ඕනාය. දැන් ඒකට ඔපරේසොන් කියන්නෙත් නැතිය, ආඩමබරේට කියන්නේ සර්ජරිය කරා කියලාය. ඉතින් මුළු පවුලටම ආඩම්බරය. සම හරක් අතේ පලාස්ටරේ දාන්නත් සිංගා යනවාය. එහෙම කරන්න බැරි උන් චෙන්නායි හරි යනවාය. ෆලයිට් එකේ ගිහින්, පෙට්ටියේ එනවාය. 

ඒකත් දැන් කල්ට් එකක්ය. හයි පයි ෆියුන්‍රල් ඩයිරෙක්ටර් කෙනෙක් ඇල්ලුවේ නැත්නම් පවුලේ නම්බුව බල්ලාටම යනවාය. කිරිමේසොන් කරේ නැත්නම් වස ලැජ්ජාවය. ෆැමලි එකේ ඔක්කොම ලී මුදලාලිලා වෙනවාය. තේක්ක බුරුත නැදුම් කරලුවර ලෑලී.., හොදාලා තැනු පෙට්ටිය හරි මනළෝලී කියා, අඹ ලෑලි වලින් හදලා, ඉබොනි පේන්ට් එක ගාපු, කලු ගල් පුරෝපු පෙට්ටියක්, මාර බරයි ඕයි කියා ගෙනවිත් සාලේ තබා, ලෝකේ තියෙන මල් ඔක්කෝම ගෙනල්ලා, පෙරාදෙනිය ගාඩන් එක සාලේ හදනවාය. 

එයින් නවතිනවාද පින්වත්නි.. එහෙම කරලාත් හිතට මදි නිසා, පාංශුකුලේට මහා නයක හිමිවරුත් වඩම්මනවාය. කේටරින් පාරක් දාලා, අමම්මෝ නැතිව කනවාය. අහළ පහළ ගෙදරක බාර් එකකුත් දානවාය. ඒ ඔක්කෝම කරලා හත් දොහේ බණට අලි පැටියෙක් දාලා ගිය පන්සලක මේකප් සාධු කෙනෙකුත් ගෙනත්, බණක් කියා අඩෝ බලා ගනින් ඩෝ අපේ සයිස් එක කියා, උන්නාන්සෙ ලවා, මැරිච්ච එකා ඇර ඉන්න හැත්ත බුරුත්ත ඔක්කෝගෙම නම් කියවනවාය. මේ වගේ පිස්සු හුත්තලා එක්ක උන්නට වඩා මැරුණ එකමයි යකෝ හොඳ කියා, මරුණ එකා අනික් ගන්දබ්බයෝත් එක්ක උඩට වෙලා බලාගෙන පුකෙන් හිනා වෙනවාය. 

ඒ වගත් මෙසේය.. 

68 comments:

  1. //අනේ බලන්නකෝ අනේ... එයාට හාට් නේ, ෂුගර් නේ, ප්‍රෙෂර් නේ, ආතරයිටිස් නේ, ලිවර් ෆේල් නේ. කිඩ්නි ෆේල් නේ කියන්නේ මාරම මෙව්වා එකක්ය. එහෙම කිව්වාම හානේ ඇත්තද අනේ කියා හූල්ලන්නේ අනේ ඉතින් අපිටත් මෙවා හැදෙනවානම් කොච්චර දෙයක්ද කියන්නැහේය.//
    ඒක මරු.

    ReplyDelete
  2. අනේ මංද අප්ප, මෙහේ ජපානෙනම් ලෙඩක් හැදුන කියල කිව්වොත් ඕනැම කෙනෙක් කියන්නෙ පරෙස්සම් වෙන්න, හොඳට කාල බීල රෙස්ට් කරන්න කියලයි විතරයි

    ReplyDelete
    Replies
    1. ජපන් රටේ එහෙම උනත්... ලංකාවේ එහෙම වෙන්නේ නෑ...

      Delete
  3. අම්මප.. අපේ උන්දැට පොඩ්ඩක් අඩුවෙන් ඔය අසනීපෙ තිබ්බේ.. ඒත් දැන් ආපහු ගාල්ලේ ඇවිත් නිසා අක්කල ඇන්ටිලා අම්මල නංගිලා නෑනලා ටික ටික බෝ කරන හැඩයි. පොඩි එකාගේ කකුල් දෙකේ බිබිලි දාල තිබ්බ ඔය මදුරුවෝ හරි මැස්සෝ හරි විදලා දන ගාන වයසනේ.. මං එක්ක ගියා මගේ යාලු ඩොකෙක් ගාවට.. ඌ කියුව සොෆ්රමයිසින් ගෑවම ඇති කියල.. ම්හු.. කොච්චර ගෑවත් අඩු නැතිලු.. ඒ පාර එක්ක ගියා සදර්න් එකේ ඉස්පෙෂලිස්ට් පිඩියට්‍රිෂන් ලඟට.. ඌ බලල සොෆ්රමයිසින් වෙනුවට ෆියුසිඩින් ක්‍රීම් එකක් දුන්න.. ආපු එකනේ කියල තව පිරිටන් සිරප් එකකුත් දුන්න.. ම්හු.. ඒත් මදිලු.. ඊයේ අහනකොට ආයෙම ගෙනියල ගමේ පැනඩෝල් දොස්තර ගාවට.. ඌ ආපහු සොෆ්රමයිසින් ගාන්න කියල පිරිටනුත් බොන්න කියල තව මොකක්ද තිත්තම තිත්ත පෙත්තක් දීල පොවන්න කියල..

    "දැන් නම් හොඳයි වගේලු" ..

    කාට කියන්නද?

    ReplyDelete
    Replies
    1. Ka. mi. hari krameta nam game panadol doka thamanta sanipa karanna bari de "specialist ta refer karata passe" thamyi southern specialist gawata yanna one.. medical school eke uganwana krame mekayi..Matha oya udin kiyla thiyana cult ekema kaalak thamyi chu baratath specialist gaawata yana cult eka .. ehema giyaama hari specialist nam GP dunna cream eka athi kiylaa aaphu ewanna one .. eth kami kiwwa wagema specialsit karanne thawa sara wadi behethak dena eka.. mama meka athdakimenma dakala thiyenawa lankawe private practice karaddi.. me podi lamayata ledak naa.. gedara gihin hondata kiri denna kiyalaa mama harwa yawwahama mata tikak ehayin hitapu western beheth dena aurwedic nona langata gihin "predinisolone/ dexamethazone" wage godak bhayanaka side effects thiyena beheth ayran enawa ( e nonaa godak beheth dunna kiya kiya ) sathi kihipayak wayasa podi daruwta...ehema nathnam podi chest infection ekakata Amoxycyliin wage basic antibiotic ekak api deela yawwama lede natural course eka ewara wenna isslla specialist gaawta gihin loku loku antibiotics liya gannawa... hathu pipeenna wage ana PP wlata waga kiyanna one MBBS doctorsla withrak neweyi, Auruwedic, Apothikari, Russian garaduates itath wda api "quacksla" kiyala kiyana doctors la hama thanama uwahi wahala... mama colombo iddi "locam karanna" giya kotahene thanakata eke ayithikaaraya "Quack" kenek.. loku loku minissu enawa ethenta beheth ganna thamange doctor sudusukam nathi kenek bawa nodana..

      Delete
    2. කොහොමත් කාන්තා පාර්ෂවයට තමා ඔය රෝගය බහුලව තියෙන්නේ... ගාල්ලේ එක පැත්තක තනිකරම ලෙඩ්ඩුන්ට ගිහින් තියෙන්නේ...

      Delete
  4. බලාගෙන යනකොට මැරෙන එකත් පණ යන වැඩක්.

    ReplyDelete
    Replies
    1. කව්දෝ එහෙම කිව්වලු නේ...

      Delete
  5. මාතා,

    මාරු පොස්ට් එක,
    ලෝකේ ඉතා නොමගයවන විදියට ක්‍රියාත්මක වෙන බව තේරුම් ගන්න සාමාන්‍ය දැනීම සෑහෙන්න ඕනේ වෙනවා. පසුගිය ශතවර්ෂයේ මිනිසුන්ගේ ආයුෂ වැඩිවූ බවයි කියන්නේ, ශ්‍රී ලංකාව ගත්තම ත් ලෝකේ ගත්තමත් 1900 දී වසර 40ක් පමණ බවයි කියන්නේ

    දැන් වෙනකොට විද්‍යාවේ දියුණුව නිසා වයස 75 පමණ වෙලා ඇති බවයි කියන්නේ මෙහි ඇත්ත නැත්ත දැනගැනීමට ඔබ ගමක මිනිසුන් ගෙන් ඇහුවොත් ඔවුන් කියයි අපේ සියා අවුරුදු 90 ක් 100 ක් සිටිය කියල, ශ්‍රී ලංකාව ගත්තම අවුරුදු 40 න් මරුන අය අතීතයේ ඉතා අඩු බව තේරුම් ගන්න පුළුවන් ඒකාලේ අඩුවයසින් කවුරුවත් මරුන කියන්නේ රටම කම්පා වීමට හේතු වූ නිසා.

    මෙයින් තේරෙන දේ තමයි මෑත කාලයේ පුද්ගලික පිරිසිදු බව වැඩිවීමත් නිසා බොහෝ දුරට ආයුෂ වැඩිවී ඇති බව.
    නිරපරාදේ මෙවැනි මෝඩ විදියට මිනිසුන් බෙහෙත් ගැනීමට පෙලබිමින් විශාල ලෙස නොදැනුවත් ලෙස ජිවිත නැතිකරගන්නවා.

    මෙයට අපුරු පුවතක් ඇමරිකාවෙන් වාර්තාවෙනවා http://www.hopkinsmedicine.org/news/media/releases/study_suggests_medical_errors_now_third_leading_cause_of_death_in_the_us

    මෙය කියවන අය කරුනාකර ඇස් පිහිදල බලනවානම් හොදයි මේ වෙබ් අඩවිය මොකද්ද කියල?

    "Study Suggests Medical Errors Now Third Leading Cause of Death in the U.S"
    එනම් ඇමරිකාවේ මරණවලට තුන්වන හේතුව දොස්තර වරුන්ගේ වැරදියි, මෙයකියන්නේ ලෝකයේ හොදම රෝහලක වෙබ් අඩවියක් වන The Johns Hopkins Hospital අඩවියයි.

    ReplyDelete
    Replies
    1. "ශ්‍රී ලංකාව ගත්තම ත් ලෝකේ ගත්තමත් 1900 දී වසර 40ක් පමණ බවයි කියන්නේ "
      ඒක ඇත්තනෙ, මොකද ඕක සාමාන්‍ය අගයනෙ.
      ඒ කාලෙ බෙහෙත් නොතිබුන රෝග බහුල නිසා මැලේරියා, කොලරා වගේ ලෙඩ වලින් ලදරු
      මරන අති බහුලයි.
      ඒ නිසා සමාන්‍ය අගය බහිනවා.

      Delete
    2. ගොඩාක් අය ඉල්ලගෙන කන්නේ...

      Delete
  6. දැන් ටොයිය වෙන්න හැදුවට මාතලං උණට කොත්තමල්ලී බිබී හිටපු බයියෙක්නෙ

    ReplyDelete
  7. ඩොක්ටර් ඉස්ටෙලා ඩි සිල්වාය//// itha yahapath vaidyavariyak

    ReplyDelete
    Replies
    1. දේශපාලනයේ පතාක චරිතයක්වූ සී.පී.ද සිල්වා මේ ස්ටෙලා ද සිල්වාගේ සහෝදරයෙක්.

      මේ ඇය පිලිබඳ පලවු සටහනකින් උපුටාගත් කොටසක්.

      //////Following a post-graduate training course in Britain, Stella served for as long as six decades as a much-sought-after paediatrician in Sri Lanka. In the meantime, she breezed through her examinations and was the first woman from all of South and South East Asia to obtain the double MRCP (London and Edinburgh). From 1959 she served as Consultant Paediatrician at th Lady Ridgeway Childrens’ Hospital and the Castle Street and De Soysa Maternity Hospitals. Following a stint at the world renown Babies’ Hospital in New York she returned to Lady Ridgeway as a Senior Paediatrician and Consultant before she retired from Government Service in 1973 at the age of 55.

      She has been a President of the Sri Lanka College of Paediatricians, President of the Sri Lanka College of Paediatrics, President of the Sri Lanka Medical Association, President of the Sri Lanka Medical Library and Editor, Sri Lanka Journal of Child Health.

      In 1985, at the age of 67 she accepted the post of Professor and Head of Paediatrics, North Colombo Medical College and it was only in 2003 that she retired from active practice. In later years, she became an active member of the Zonta Club and engaged in activities connected with children’s and mother’s health from the Mahaweli zones to tsunami victims.

      Dr. Stella de Silva was conferred the national honour Vidya Jothi in 1994 for her outstanding contribution to science and medicine//////

      Delete
    2. පොඩි කාළේ මම හෙන නසරානියා නේ.. ඒ නිසා ඩොක්ට ස්ටේලා මට මාර ආදරෙයි... එයා කියන්නේ කොල්ලෝ කියන්නේ එහෙම උන්ටලු... වාට්ටුවට ආවම එයා වෝඩ් එකෙන් යනකන් මමත් පස්සෙන් යනවා.. ඒ තරම් ආදරෙයි..

      Delete
  8. අපිට මතක හංදියේ ඩිස්පැන්සරිය, වෙදමහත්තයා, තුවාලවලට බෙහෙත් දාන තැන ඉඳන්, මේ චැනලින් කල්ට් එකත්, ලෙඩ කල්ට් එකත් වර්ධනය වෙච්ච හැටි මේ පෝස්ට් එකෙන් නියමෙටම කියවෙනවා. මගුල්, අවමගුල් කල්ට් එක ගැනත් විස්තර සහිතව ලියපන්. කරන්නන් වාලේ කිරීමේ රිසල්ට්ස් තමයි මාතා මේ.

    ReplyDelete
    Replies
    1. මේක තනිකර පිස්සු රටක් බං... ඔක්කෝටම පිස්සු...

      Delete
  9. mama hithuwe uwe weda mahaththayath beheth kadayak daayi wathdo kiyla.. mata mathaka hatiyata ape gam wala nomile weda kam kara hitapu weda mahathwaruth "mediacl certifiactes" denna hari beheth saappu dagaththa JR papppa ge kalen passe..Pandol dokala wadi wimata lokuma hethuwak thamyi oya "sick cult" eka

    ReplyDelete
    Replies
    1. ගම්වල එහෙම වෙන්න ඇති.. නඟර ආශ්‍රිතව උනේ ඔය දේ තමයි මචෝ...

      Delete
  10. අපේ මිනිස්සු හරි වෙනස්. වාහනයක් ගත්තත්, ගෙයක් හැදුවත් මොනා කළත් කරන්නෙ අනිත් මිනිස්සුන්ට පේන්න. තමන්ගෙ ආදායම ගැනවත් හිතන් නැතුව වියදම් කරනවා. ඉතින් අතේ ඉතුරුවක් නෑ.
    අනේ මන්ද මේවට අහුවලො කියල දැන දැනම ඒවම කරන්න වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු කියලා කියන්නේ නිකංද...?

      Delete
  11. අපේ පැත්තේ ඩොකෙක් හිටියා. මිනිහට කිව්වේ ඩොක්ට ඇල්වතුර කියලා. මිනිහා බොන බේත් කියලා දුන්නේ ෆැන්ටා, පෝටෙලෝ වගේ බීම වලට ඇල්වතුර කලවම් කරලා.

    ReplyDelete
    Replies
    1. ඉස්සර මම අර කියපු ඇපොතිකරි මහත්තයගෙ ඩිස්පැන්සරියෙත් තිබුනා මහා බෝතල්වල දාලා එක එක පාට පැණි...

      Delete
  12. හම්මේ.... ආයෙ කවර කතාද..? ලෙසටම.
    ජයවේවා..!!

    ReplyDelete
  13. රනිල් දොස්තර මහත්තයට ඩීකින් යුනි එකෙන් අන්දවපු තොප්පිය නයට ඉල්ල ගන්න බැරිවෙයිද බිග් මැච් එකට අඳින්න හිටන්?

    ReplyDelete
    Replies
    1. ඒක ඉල්ලගන්න මෙගේ වෛද්‍ය සභාවෙන් අනුමත වෙන්න එපාය... කව්ද දන්නේ ඩිකින් එකේ ප්‍රමිතිය මෙහේට වඩා අප්ෂට්ද කියලා හිටන්...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මේ යකත් විහිළු කියන මෙළෝ හසරක් නොදන්න එකෙක් නේ... ඔය කොමෙන්ට් එක මකහන්... නෝන්ඩි වෙනවා අම්බානක...

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  14. //වෙද මහත්තයාගේ මදටිය ඇට ටිකකට රොබරියක් දීලා, හතර අතේ නෝන්ඩි උනත්, මදටිය ඇට මල්ලක්ම ඒ වෙනුවට වෙද මහත්ත්යාගෙනම ලැබුන එකත් අද වාගේ මතකය.// ඒ කාලෙත් ගාය නේ. හේ හේ
    // ඇවිල්ලා ඉස්කෑන් වටයය. ඉහේ සිට පාදානතය දක්වා වූ ශරීරය මැසිමක් තුලට ඔබා දෙන රිපෝට් එක දොස්තරට පෙන්නන්න කලින් මුළු පවුලටම පෙන්නනවාය. MBBS තියා SAITM වත් නැති ගොඩ වෙද්දු ඒ රිපෝට් බලනවාය. බලලා බෙහෙතුත් කියනවාය. කෝ අනේ අර රිපෝට් එක දීලා නෑ නේ..., මූ හරියන්නේ නෑ... අරයා අල්ලමු කියනවාය. ඉතින් එයා අල්ලලා ඇඩ්මිට් වෙනවාය. නිකන් ඇඩ්මිට් වෙලා වැඩක් නැතිය පොඩියට හරි ඔපරෙසොන් එකක් කොරන්නත් ඕනාය. දැන් ඒකට ඔපරේසොන් කියන්නෙත් නැතිය, ආඩමබරේට කියන්නේ සර්ජරිය කරා කියලාය. ඉතින් මුළු පවුලටම ආඩම්බරය. සම හරක් අතේ පලාස්ටරේ දාන්නත් සිංගා යනවාය. // එළ. මේ වගේම එළ කොමෙන්ට් එකක් දැම්මා නේද මගේ බ්ලොගයේත්.

    ReplyDelete
    Replies
    1. ඒකෙන් තමයි වානේ වලට පන්නරය ලැබුනේ...

      Delete
  15. Replies
    1. උඹලා අපි ගැන තමා... වෙන කා ගැනද...?

      Delete
  16. අපේ ගෙවල් වලත් ඩොකා එක්ක සිටුවක් දාලා වගේ හැම මාසෙම දෙතුන් දාහක් දෙන්න සැදී පැහදි ස්ටින්නේ ....
    අපේ අම්මලා වගේ කොත්ත මල්ලි දීමක් පුරුදු වෙලා නැති එකේ කරුමේ

    ReplyDelete
    Replies
    1. එයාලට තියෙනවා පුදුම අමාරුවක්.. පඩයක් ගියත් ඩොකාට පෙන්නන්න ඕන.. උනුත් ඉතින් කකුලේ තුවාලෙකට ගියත් නලාව තනේ ඔබනවාමයි.. නැත්නම් අපේ අයටත් අවුල් නේ..

      Delete
  17. කටවහක් ඇස් වහක් නැතුව කියන්න පුළුවන් දොස්තර පෙරේරා හොඳයි කියා. මිනිස්සු සූර ගත්තෙ නැහැ. මතේට මතකද තව ඩොකෙක් හිටිය පෙත්ත කියල. බේත් ගන්න ගියහම මාර පෙති ගොඩක් දෙනවා,

    ReplyDelete
    Replies
    1. රත්තරන් මනුස්සයා.. සල්ලි ගනන් ගන්නෙ නෑ...

      Delete
  18. අපේ ගෙදර ඉස්සරහා ගෙදරඅට හිටපු අපේ මහප්පා කාලයක් තිබ්බ ලෙඩකට එක දවසක් ගොඩක් අසාධ්‍ය වුණා පෞද්ග්ලික රෝහලක හිටියේ. මිනිහගේ කොළඹ ඉන්න දූලයි,පුතාලයි,බෑනවරුයි,ලේලිවරුයි කරේ අපිට කෝල් කරලා මහ ගෙදර තීන්ත ගාන්න බාස්ලයි.වත්ත ඩෝසර් කරලා හදන්න මිනිස්සුයි හොයපු එක.කොච්චර නීච ද කිව්වොත් නෙස්කැෆේ මැෂින් වලට පවා කතා කරා.අහළ ගම් හතකවත් නොතිබ්බ විදියටයි ගන්න ඕන වුණෙ. අපේ තාත්තනම් මූනටම කිව්වා ඕවා කරන්න බෑ කියලා.අපේ ලොකු තාත්තාට තමයි අන්තිමේදි ඕවා හොයලා බලලා කරන්න වුණේ.පස්සෙ මහප්පා මැරුන් නෑ ඒ ප්ලේන්ට් කරපු ගෙදරම අවුරුදු දෙකක් විතර ජීවත් වුණා.මේක පෝස්ට් එකක් දාන්න ඕන කතාවක්. ඒත් ඕවා දැම්මොත් නෑකම් අත්හරින්න වෙනවා.ඔය දරුවො ගැන කිව්වොත් නමින් අදුරනවා ඇති හුගාක් මිනිස්සු (නරකම මිනිස්සු නෙවෙයි.ඔය වැඩේදී ඔච්චර පහත් වුණාට) එතරම් සල්ලි අතගාන එවුන්. මට උන්ගේ එක බෑනෙක් ගැන හොදටම කළකිරුණා.ඌට තමයි ලොකුම අමාරුව තිබුනේ

    ReplyDelete
    Replies
    1. අන්තිම කාලේ ප්‍රයිවෙට් හොස්පිටල් එකක හිටියට.ඊට ඉස්සෙල්ලා ගමේ ඩිස්පැන්සරියට යන්න හිටියෙත් හිතවත් ත්‍රීවිල් කාරයෙක් විතරයි මහප්පට. අර බෑනා මන් අහගෙන කියනවා අපෙ තාත්තට බොරුවට ත්‍රීවිල් වලට ලොකු ගානක් වියදම් කරනවලු මහප්පලා මාසෙට.පව් සතෙක් ඌ යනවා සුපිරි වාහන වල.

      Delete
    2. මචන් රස්තියාදු..!! අපේ අම්මගේ පවුලේම ළමයි 9යි. ඒකෙන් 5ක්ම ඉන්නේ යුරෝපෙ. යුරෝපේ ඉන්න අවුං අවුරුදු 4කට සැරයක් එක එකා ඇවිත් එක එක නන්දන වින්දන පෙන්නලා යනව. ලංකාවේ ඉන්න ළමයින් ගෙන් අපේ අම්ම ගෙදර ට වෙලා මැහුම් ගෙතුම් කරන නිසාත් ළමයින්ගෙන් නිදහස් නිසාත් අනිත් ළමයින් ලොකු රස්සා කරන නිසාත් ආච්චි අපේ ගෙදර නැවැත්තුව. අන්තිමට අපේ අම්ම ගෙදර වැඩකාරි උනා.

      මොකද ආච්චි අපේ ගෙදර නිසා නෑදෑ සනුහරේම ට්‍රිප් යනව වගේ අපේ ගෙදර එන්න පටන්ගත්තමත් උන්ට සලකන්නැයි අනික ආච්චි උනත් මහන්තත්ත කමට රස්නේ කෑම නැතිනම් කන්නෙත් නැතිලු. අන්තිමට අම්මටත් අසනීප උනා.

      කිහිප ගමනම් යුරෝපෙ ඉන්න ළමයින්ට මම අතින් වියදං කරන් ෆෝන් කරලා තේරුම් කරලා දුන්නත් මාව හතර අතේ කඩේ යැව්ව. අන්තිමට මේ කරදරෙන් බේරෙන්න බැරිම තැන මම මගේ සල්ලි ගෙවල සර්වන්ට් කෙනෙක් නෙමෙයි හතර පස් දෙනෙක් හොයල දුන්න. ආච්චි එක්ක ඉන්න බෑ කියල හැම එකාම ගියා යන්ට. ලංකාවේ ඉන්න අනිත් ළමයි උනත් ආච්චිව දවස් දෙකකට වැඩිය ගෙදර තියාගන්නෙ නැහැ එයා දෙන මල වදේ නිසා.

      අම්ම මේ ගෙවන දුක නිසා පවුලේ අපි අතරත් ප්‍රශ්න එන්න පටන්ගත්ත.

      ඔය අතරම ආච්චි බලන්න එන විදිහට ගෙදර යන්න එන්න පටන් ගත්ත එයාගේම පුතෙක් සල්ලි වලින්ම රුපියල් ලක්ෂ 20 කට ඇරලා ගියා. අන්තිමට ඒකත් ගෙවපු මම ඔය යුරෝපෙ ඉන්න එකෙකුට සුද්ද සිංහල වඳුරු කුණුහරුපෙන් බණක් දේශනා කළා.

      කථාව එතනින් අවසානයි. අන්තිමට කෙළඋනේ මගේ සල්ලි වලටයි. මට දැන් නම් හරිම සනීපයි.

      හැබැයි ඒකෙන් නෑදෑයන් කියන වචනය මගේ සබ්දකෝෂයෙන් අයින් කරගන්ට පුළුවන් උනා..

      Delete
    3. උඹලා දෙන්නගේ කතාව තමයි ලංකාවටම පොදු කතාව... ඒත් ඕවා එකෙක්වත් කියන්නේ නෑ... හංගගෙන විඳවනවා..

      අපේ අම්මත් ඔහොම කෙනෙක්... තාත්තා නම් එහෙම නෑ... වයසක අය නිසා ඉවසීමෙන් වැඩ කරනවා... පිස්සෝ කළබල උනාට... ඩොක්ටර් කළබල වෙන්නේ නෑ නේ...

      Delete
    4. Me katawatanam ekenma ekagai.

      Delete
    5. Agree with you all

      Rusti & Tilan u guys made me cry. Very common story but the truth is out there. It reminds me about my own badass experiences with fucking relatives ������

      Delete
  19. උබනම් යථාර්තය හොඳම එකෙන් කියල තියෙනව මාතෙ 👊🏽..

    මිනුවන්ගොඩින් පටන් අරං ගාලු ටවුන් එකට යනකං චැනල් සෙන්ටර් කොපරෙටිව් සදර්න් කළුවැල්ලේ සෙන්ට්‍රල් ටැල්බට් ටවුමේ ඩොක්ට සඳරැස් හැමතැනම හවස 5න් පස්සෙ හාල් පෝලින් වගේ සෙනග. යකෝ හරියට හෙට ලෝක විනාසේ වගේ.

    මම දන්නා කාලේ ඉඳල මාතර ඉන්න අපේ නෑදෑයොන්ටයි ගෙදර උන්ටයි දොස්තරලගෙන් චිට් ගන්න සෙරෙප්පු දාගෙන ගියේ නැතිනං මෙලහකට දනපොල්කට්ට ගාවට ගෙවිල.

    අපේ ආච්චිත් මාතර ඉඳල ගාළු එනවා ඉස්සර එක එක ලෙඩ වලට. හේතුව "අනේ ඒ දොස්තර එක්ක කතා කලත් හොඳ වෙනව" කියල.

    ඒකට හපන් අපේ අම්මත්. මේ ඉංග්‍රීසි බෙහෙත් බොන ගමන් මොකෙක් හරි කිව්වොත් ආයුර්වේද බෙහෙතුත් බොනව.

    ඒ ඩබලට සැප දෙන්න නිස්කලන්කෙ ඉන්න කියල අක්ක ඒ දෙන්නවම ඇමෙරිකාවට ගෙන්න ගත්තම මාස දෙකක් ගියෙත් නැහැ අනේ පුතේ ලංකාව වගේ නැහැ ආච්චිව බලාගන්න කවුරුවත් ඇත්තෙත් නැහැ අනම් මනං බයිල ගහල ගියා.

    ඔව්ව ගැන කතා කරල තේරුම් කරලා දෙන්න බැරිම තැන මම කිව්වේ කරන තරමක් කරන්නෙ ඔහෙලට ශරීර සෞක්‍යයෙන් නිරෝගීව තියන්ට. හැබැයි ඉතිං ඔහෙලට පුළුවන් කාලේ සැප විඳින්න පින නැතිනම් ඔහෙලගෙ අම්මලාගේ ළමයි වගේ වයසට ගියාට පස්සෙ ලෝකෙට පේන්න අර දොස්තර ලඟට මේ පොෂ් ඉස්පිරිතාලේ ට එක්කරගෙන ගිහිං ලෝකෙට පඩ ෂෝ පෙන්නන්න නම් අපිට කියන්න එපා කියල.

    ඔව්ව ගැන කතා කරල රණ්ඩු වෙලා මටනං එපාම වෙලා තියෙන්නෙ බං

    උබ කියල තියෙනවා වගේ මේක පුදුම පිස්සුවක් බං.

    මිනිස්සු බෙහෙත් බොන්න පුදුමාකාර ආසාවකින් ඉන්නෙ.

    මුන්ට පිස්සුද හැටිද කියලනම් අම්මප හිතාගන්න බැහැ 😳😳

    ReplyDelete
    Replies
    1. නවලෝක එක පටන් ගත්ත කාලේ අපිත් කෑවා නෑයොන්ට නොම්මර ගන්න පරිප්පුව... සමහර උන් සල්ලි දෙන්නෙත් නෑ... ඉල්ලන්නත් බෑ.. අයියෝ කාපු පරිප්පුවක්... නොම්මරේ ගන්න උදේ පාන්දර ඇහැරිලා යන්න ඕන.. පස්සෙ කළේ එතන බඩුවක් එක්ක යාළු උනා... චොකලට් එකක් දුන්නට පාඩු නෑ... එයා නොම්මරේ අරගෙන තියනවනේ... කැන්ටිමේ කෑල්ලටත් ලව් කලා.. එතකොට කෑමට පොඩි ගානක් යන්නේ...

      Delete
  20. ඇත්තමයි දිව පැටලෙන මොකක් හරි ඉංගිරිස් නමක් එක්ක ලෙඩක් කියන්න බැරි උනොත් ශහ් මාර මදි ස්ටේටස් වලට.... ඔය Party වලදී නෝනලා මහත්තුරුන්ගේ ලෙඩ කියන්නේ හරියට ලඟදි promotion ලැබුනා වගේ සතුටින් :) :)

    ReplyDelete
    Replies
    1. ඒක වැරදියට කිව්වොත් හෙම ඊට එහා ලැජ්ජාව...

      Delete
    2. /////////ඒක වැරදියට කිව්වොත් හෙම ඊට එහා ලැජ්ජාව../////////////

      අපිට පිස්සු මචං....හොඳටම පිස්සු...දැන්නම් බං පූරා පාගල්..කෙලින්ම නට්ස්.

      Delete
  21. Maathalan meka anthima thuchcha asikkithayinge ratak kiyala mata hondatama pahadiliyi.. Me sudu redi andagena inna horu tikage niruwatha puluwan tharam ikmanin podu janathawata pennanna oni. Mokada mama thawamath wish wasa karanawa yamkisi awanka bhawayak samanya podu miniha thula ithuru wela thiyenawa.. Maathalan me tika mama danagaththe slvlog eke video tika balala. SLVlog thiyenne youtube eke. Karunakara me horun niruwath karanna uparima sahayak owunta denna. Oba mama pathana sadharana deshaya sandaha api kala yuthu eka wishala karyayak eka. Please check it out and I hope you will do that job of a good civilian with this. Thanks!

    ReplyDelete
    Replies
    1. මඟුලක් කතා කරනවා... මොන යූ ටියුබ්ද ලොක්කා... බ්ලූ ෆිල්ම් එකක් බලපු කාලයක් මතකත් නෑ.. 50 100 කාඩ් දාගෙන මේකත් ගෙනියන්නේ...

      Delete
  22. Harima lassanata liyala thiyenawa lokuu kathawak. Hafima apuurji

    ReplyDelete
  23. මම නං බෙහෙත් ගන්නෙ ඒලියන්ත වයිට්ගෙන්. හුහ් උඹලටත් දැං මුල මතක නෑ . ඒ රත්තරං මනුස්සයව නිකං වත් මතක කරල නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඌට මොකෑ උනේ.. ඒ කාළෙම නේ වැනිෂ් උනේ.. මහින්ද වගේම තමයි ඌත්...

      Delete
    2. ගොඩක් සුදු නිසා, සුදු වෑන් එකක යැව්වද දන්නෙත් නෑ...

      Delete
  24. පහුගිය දවසක මම මගේ පොඩි එකත් එක්ක ලංකාවට ගිය වෙලේ කොල්ලට බඩේ අජීරණයක් හැදුන. මට කතා කරපු මගේ සොට්ටයා ඉංජිනේරු යාලුවෙක් මට බැන්නා මම කොල්ලට බෝතල් වතුර දුන්නේ නෑ කියල. උපන් දා ඉඳල ගෙදර ළිඳේ වතුර බිව්ව මම මගේ කොල්ලට ඒ ලිඳෙන් වතුර දුන්නහම මක් වෙනවද කියල මම ඇහුව. මොකුත් බෙහෙතක් නැතුවම කොල්ලට හොඳ උනා, මම දිගටම ඌට ලිඳෙන් වතුර දුන්නා.

    ReplyDelete
    Replies
    1. ඒ අනිත් පිස්සුව... දහ ජරාව බෝතල් වල දාලා හරක්ට පොවනවා...

      Delete
  25. ලංකාවේ මුලින්ම රෝග විනිශ්චය කරන්නේ ලෙඩා , ඊට පස්සේ උගේ පවුලේ අය සහ අනෙක් ලෙඩ්ඩු , ඊට පස්සේ එක්ස්රේ ගන්න තැන ඉන්න ටෙක්නිෂන්, බ්ලඩ් ටෙස්ට් කරන ලැබ් එකේ එකා , ෆාමසියේ එකා ... ඊට පස්සේ තමා දොස්තර බලන්න යන්නේ

    ReplyDelete
    Replies
    1. ඇයි සමහර වෙලාවට චැනලින් පෝලිමේ පැය ගානක් ඉන්න වෙනවා.. එතන බිල් ලියන අයටත් ලෙඩේ කියලා හොඳ ඩොක්ටර් කව්ද කියලා අහලා.. එහෙනම් මෙයා අල්ලමු නේද කියලා.. මීටින් එක ඉවර වෙනකන්...

      Delete
  26. එකෙක් කියනවා "අනේ ඔයා පුල් බොඩි චෙකප් එකක් ගත්තේ නැද්ද කියලා. අල්ලපු ගෙදර එකා අහනවා, අයියෝ යන්නකෝ දැන් ගාණත් අඩුයි කියලා. තව එකෙක් කියනවා, හැංගිලා නිදා ඉන්න ලෙඩ තියෙන්න පුළුවන් ඒ නිසා කෝකටත් හොඳයි, කියලා. මම උන්ට කිව්වා නිදාගෙන ඉන්න ලෙඩ ඇහැරවලා ඉල්ලං කන්නේ නැතුව මෙන්න මෙහේ ගෙදරට වෙලා හිටු කියලා.

    ඕකට ගියොත් ඉතින් බඩුම තමයි. අවුරුදු 15 ඉහෙන් බහින ලෙඩක් නැති එකාත් අම්මා විසින් ඇදගෙන යනවා. ඔය රිපෝට් බලලා ඩොකා මොකක් හරි අටමංගල ලෙඩක් හොයා ගන්නවා. ඊ්ට පස්සේ වැඩිදුර රිපෝට්. ඒකට වෙනම ඩොකෙක් අල්ලපං. ඒකත් ඊ චැනලං.. නැත්තං කිසි ගතියක් නෑ සත්තලනේ. අර ඊ චැනලිං දාපු කොලෙත් අරන් කවුන්ටරේට යනකොට කොහොමද ගැම්ම. පුහ්...

    ඊට පස්සේ ඒ ඩොකා 7 ට ඇපොයිමන්ට් එක දීලා ලෙඩා බලන්නේ රෑ 11 ට. අපිත් ඉතින් කටයි පුකයි වහං ඉන්නවා. ඇයි අප්පා ඔව්වා කතා කරන්න ගිහිල්ල මුං බඩ ගිහිල්ලා‍ මැරෙන්නවත් බේතක් දුන්නොත්. අනිත් එක ඩොක්ට කියනවට වඩා සර් කිව්වොත් සැලකිලි වැඩියි.

    මටනම් මේ රට දැන් අමුතු ඇටයක්ම තමා. අපරාදේ අර රත්තරං වටිනි ‍"පොඩි ලමයා" ගියේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න