![]() |
Cartoon by - Awantha Atigala |
අපි පොඩි කාළේ, කැළණියෙත්, ඔය මුඩුක්කු වගේ පොඩි වතු දෙක තුනක්ම තිබුනේය. ඔය මගේ කතා වල එන "මහතුවා නොහොත් මහතුං" උන්නේද එයින් එක වත්තකය. ඔය වතු වලට වෙන් වෙච්චි චන්ඩියෙක් වෙනම ඉන්නවාය. වත්ත රන් කරන්නේ පොරය. තොරණ හංදියට උන්න චන්ඩියා පොඩ්ඩෙ අයියාය. එයාට කලින් චන්ඩියා වෙලා උන්නේ, සැන් පෝල්ස් එක ඉස්සරහ පොඩි වලව්වක උන්න අල්ගමයාය. අල්ගමගේ පුත්තු සැට් එකෙන්, බාලම් එකා ඇර අනික් ඔක්කෝම නිවන් යැව්වේත්, වෙනත් චන්ඩීන්ය. ඔය මහතුවාගේ වත්තේ ඉන්න චන්ඩියාට අපි කිව්වේ "ගූ චන්ඩියා" කියාය.