හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
May 4, 2019
Apr 25, 2019
ඉල්ලාගෙනම කා බයෙන් ජීවත් වීම
බොහෝ උන්ගේ බුකි පෝස්ට් කියවන විට, බොහෝ දුක හිතෙනවාය.
මුන් බොහෝ පිරිසක් 2009 මැයි මාසයට පෙර රටේ ජන ජීවිතය, විශේෂයෙන් කොළඹ ජන ජීවිතය අමතක වූ උන් හෝ නොදන්නා උන් ය.
සති දෙකකින් සියල්ල අමතක වන උන් දැන් ජීවත් වෙන්නේ ප්‍රාණ බයෙකින් ය.
මේ උන්මත්තකයින් දෙදෙනා බලයට පොරකන අතරේ, රට සෑම අතින්ම අගාදයටම යන බව අප කියද්දි උන් අපට කින්ඩිය දැමුවෝය.
ඇති එකම සොලියුෂන් එක චන්දයක් මගින් පත් කර ගැනීමට අප යෝජනා කළ විට, අප මිනීමරුවන් නැවත පත් කිරීමට දගලනා තිරිසනුන් කළේය.
ඔවුන්ගේ අත්වලද ලේ තිබෙනා බව ලෝකයාම දන්නේ වුව, මේ උන්මත්තකයින්ට වඩා දෙයක් උන් මේ රටට කළේය.
වෙනත් විකල්පයන් පේන තෙක් මානයක නොමැති කල, නොදන්නා මළ පෙරේතයන් සැට්ටෙකකට වඩා දන්නා යක්කු එකම සොලියුසොන් එකය.
එහෙත්, සමනලුන්ට ඩිමොක්රසි ඊට වඩා ලොකු විය. ප්‍රකාශණයේ නිදහස ප්‍රධාන ආහාරය විය. උන් බුදුන් රස්තියාදුවේ ඇර, රාහුලගේ DNA වාර්ථාව සමාජයට දුන්නේය. කන්න නැතත් සල්ලි නැතත් නිදහස මාරයි කීවේය.
බයක් නැතිව ජීවත් වනවා යැයි කීවෙය.
එසේ බයක් නැතිව ජීවත් වීමට ඉඩ සැලැස්සූ උන් අමු මිනීමරුවෝ යැයි කීවේය.
යෝජනා කළ එකාට මිනීමැරුම් චෝදනා 10 - 20 පමණ තියෙනවා යැයි කීවේය.
පසු ගිය 22 වන ඉරිදා, යහපාලන උපාසක මහතුන් දෙදෙනා දැනට 350 ක් පමණ බ්‍රොයිලර් කුකුලන් සේ අමු අමුවේ මරා දමා ප්‍රෙස් කොන්පරන්ස් තබා ඉන්ගිරියෙන්ද අපට හිනා උනේය.
තවත් පන අදිනා උන් ඉස්පිරිතාලවල වැහි වැහලාය.
ඩිමොක්රසි දෙන එක කන පැලෙන්නම නොව මරාගෙන මැරෙන්නම දුන්නේය.
සහජීවනයෙන් ඔද වැඩුනු මුස්ලිම් සහෝදරවරු, අපේ ජනතාවට පමණක් නොව විදෙස් ජනතාවටද, බැක් පැක් වල දමාගෙන ආ සහජීවන ටොපි ආදරයෙන් බෙදා දුන්නේය.
දැන් ඒ සහජීවන ඩිමොක්රසි සමනල්ලු එලි බහින්න බයේ තාම ඇදන් අස්සේ රිංගූ ගමන් ය.
රෙද්දේ රෙවුනත් තාම එහෙම්මමය. කොළඹට එන්න බයය. කොළඹ පාලු නිසා එන්න බෑ කියනවාය.
අපි නම් සදුදා සිටම කොළඹ එන්නේය. රස්සාව කරන්නේය. සත පහක බයක් නැත්තේය. මන්ද අප පුල පුලා කීවේ 2009 මැයි වලට පෙර තිබූ දේවල් තොපට අමතක වෙලා තොපි මැරිලා ඉපදිලා කියලාය.
දැන්වත් ඒ තත්වය තොපිට දැනෙන්නට සැලැස්සු, ඒ මුස්ලිම් සහෝදරත්වයට අපි අපේ ගෞරවය පිරි නැමිය යුතුය.
ඒ මන්ද, මුන් ලොව සිටිනා නිර්භීතම ජාතිය නොව, ලොව සිටිනා බියගුලුම ජාතිය උන් බව උන්ම පිලිගන්නා නිසාය.
හතර විලි ලැජ්ජයි යකෝ..
Apr 22, 2019
Apr 4, 2019
Mar 29, 2019
Mar 22, 2019
Mar 20, 2019
Mar 15, 2019
ජඩමාධ්‍ය හා සමාජ මාධ්‍ය ජඩයින්
කතාකිරීමට යන්නේ නවසීලන්ත සිදුවීම ගැනයි කියා කෙනෙක් හිතන්නට පුලුවන් ය. එයත් එකක් පමණය. නවසීලන්ත සිදුවීම පිලිබඳ මුලින්ම ලිව්වේ සයිබර් වරිගේ උන්ඩියා හෙවත් Damith Kethaka ය. ඔහු විශේෂයෙන් සදහන් කර තිබුනේ, ඒ වන විට සමාජ ජාල තුල සංසරණය වෙමින් තිබු වීඩියෝවේ ලින්ක් එක කොමෙන්ට් එකක් ලෙස නොදමන ලෙසය. එසේ දැමුවහොත් වහාම එය ඩිලීට් කරනා බවය. ඒ උගේ මහත්මා කමය. උගත් කමය, වැදගත් කමය. ඌ ඒ ඉල්ලීම කළේ නවසීලන්ත පොලීසිය එම ඉල්ලීම කිරීමටත් පෙරය.
Mar 7, 2019
Mar 2, 2019
රථ ගාය II - Mad Max II
රථ ගාය - Mad Max
"කොළුවට රථ ගාය" කියා අපේ ආච්චී ඒ කාළේ කිව්වේ, මාතලන්ටත් පොඩි කාළේ රථ ගාය තදටම තිබුන නිසාය. තාත්තාගේ ඇන්ජිම නැති පුස්සගන් එක තාප්පයට ඇන හොඳටම බැනුම් අසා ගත්තේය. මලයාගේ රථ ගායට, රතු පාට ලී කෑල්ලක් දෙහි ඇඹුලෙන් ඌරච්චි කර ගෑ බවත් මතක ඇත. ඒවා ගෑ විට තවත් රතුවේ. ඒත් දෙසරයක් තුන් සැරයක් ගාන විට අර රථ ගාය නැතිවේ.
Mar 1, 2019
Subscribe to:
Posts (Atom)












