.

.

Aug 7, 2014

'ලැම්බෝගිනි ආර්ථිකය' සැබෑ ආර්ථිකයක් නොවන්නේ නම් ඒ ඇයි? - Is Lambogini economy not real?



"චානුක වත්තේගම", සයිබර් අවකාශයට, අළුතෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නෑ. නාලක ගුණවර්ධණ වගේම, සයිබර් අවකාශය ගැන දැණුවත්, එයට ආදරය කරන, ඒ වෙනුවෙන් යමක් කරන, විද්වතෙක්. මෑතකදි පැවති විද්වත් රැස්වීමක මුලසුන හොබවනු ලබන්නේ, පාඨළි චම්පික රණවක ඇමති තුමා. එම රැස්වීම පිළිබඳවම, අපේ "ඇල්කේමියාත්" පෝස්ට් එකක් ලියලා තිබුනා. පහත පළවෙන්නේ, "චානුකයන්" විසින්, ඒ පිළිබඳව ලියන ලද සම්පූර්ණ ළිපියයි. එය කිසුඳු සංස්කරණයකින් තොරව, ඒ ආකාරයෙන්ම  මෙහි පළකර ඇත.

සංවාදාත්මක කරුණු සඳහා, වත්තේගමයන් පිළිතුරු ලබා දෙනු ඇතයි අපු උදක්ම බලාපොරොත්තු වෙමු.
අසව්! අසව්!! අමාත්‍ය චම්පික රණවක එසැණ ශිශිර තාරකා නින්දෙන් පිබිද, නවමු සොයා ගැනීමක් කොට ඇත්තේය. 'ලැම්බෝගිනි ආර්ථිකය' හෙවත් 'විනෝද ආර්ථිකය' සේ ඔහු විසින්ම හඳුන්වනු ලබන වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රමය දියුණුවට නොමඟ බවත්, ඒ වෙනුවට ‘නිෂ්පාදන ආර්ථිකයක්’ ආදේශ කළ යුතු බවත් ඔහු කියයි.

ඕනෑම සිස්ටම් එකක් ඒ සිස්ටම් එක තුළ සිටින, ඒ සිස්ටම් එක පවත්වා ගත යුත්තන් අතින්ම විවේචනය වන විට ඒ සිස්ටම් එක විකට නාට්‍යයක් බවට පත් වේ. ඇපල් ගෙඩියක සිටින පණුවකු ඇපල් ගෙඩිය රස නැතැයි කියන්නාක් මෙනි. අමාත්‍ය රණවක තම විවේචනය තුළින් කරන්නේ එයයි. ඔහු මේ විවේචනයට බඳුන් කරන්නේ ඔහු තවමත් බලගතු කැබිනට් අමාත්‍යවරයකු වන, දශකයකට මඳක් අඩු  කාලයක් බලගතු ඇමැතිවරයකු වූ, රජයක ආර්ථික ප්‍රතිපත්තීන්ය. මේ ප්‍රතිපත්ති තීරණය කළේ පුරවැසියන් වන අප නොවේ. ඔහුද කොටසක් වන රාජ්‍ය පද්ධතියයි. එවැන්නකු “මේවා නෙවෙයි කළ යුත්තේ” කියා හදිසියේ නින්දෙන් පිබිදුනාක් මෙන් කියන විට පුරවැසියන් වන අපි සිනහ නොවී සිටිමුද?
එසේ නම් මේ කියමන් අප විසින් සීරියස් ගත යුත්තේ ඇයි? මෙවැනි විහිළු සපයන එකම දේශපාලනඥයා අමාත්‍ය රණවක නොවන බව අපි දනිමු. අපට මේ සියල්ල නුදුටුවාක් මෙන් සිටිය නොහැක්කේ ඇයි?
අමාත්‍ය රණවක මේ ප්‍රකාශය කරද්දී ඔහු දෙපස අසුන් ගෙන සිටි සමහර උගතුන් නිසා නොවේ නම් මා මේ මතයන් දණින් උඩට නොගෙන බැහැර කරන්ට තිබුණේය. අමාත්‍ය රණවකට දකුණු පස අසුනේ සිටියේ මහ බැංකුවේ ඉහළ නිලධරයකු හැටියට හා විවෘත විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු හැටියට යම් සාධනීය කාර්යභාරයක් ඉටුකොට ඇති, නිර්දය ප්‍රකාශ පිළිබඳව කීර්තියක් දරණ ආර්ථික විශේෂඥයෙකි. වම්පස අසුනෙහි විදුලි බල විශේෂඥයෙකි. ඔහුද බලශක්ති ක්ෂේත්‍රයේ නැණවතෙකි. අවස්ථාවට සහභාගි වූ තවත් උගතකු කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රාමාණික ආර්ථික විද්‍යාඥයෙකි. ඔහුගේ වාමාංශික මතයන් ගැන මගේ එකඟතාවයක් නැතද එනිසාම ඔහු උගතකු නොවේය පිළි ගන්ට මැළි වෙමි. මේ සියල්ලන් ඉන් පෙර කළ කී දෑ ගැන මට අවබෝධයක් තිබේ. මෙවැනි උගතුන් සෙට් එකක් අනුමත කරන විට පූර්ණ දේශපාලනික ප්‍රකාශ පවා සීරියස් ගන්ට අපට සිදුවේ.
අමාත්‍ය රණවකගේ (හෝ ඔහුගේ කථා රචකයාගේ) සමහර මතයන් පැරැණිය. ඔහු අළුත් වයින් කියා අරින්නේ හද්දා පරණ බෝතලයකි. චිරාත් කාලයක් තිස්සේ බොහෝ වාමාංශික ආර්ථික විද්‍යාඥයින් දුටුවා සේම ඔහුද විවෘතාර්ථිකය ලංකාවේ සියළු ව්‍යාධීන්ට මූලය සේ දකියි. ඔහුට අනුව 1956-70 කාලය තුළ අප කෘෂිකර්මාන්ත හා කර්මාන්ත ආර්ථිකයක් අනුගමනය කොට, 1970-75 අතර කාලය තුළ ස්වයං පෝෂණය ඉලක්ක කොටගත් ආනයනාදේශ (ඉම්පෝට් සබ්ස්ටිටියුෂන්) රෙජීමයකට අවතීර්ණව ඇත. 1975 දී (ඔහුට අනුව) ලංකාව විවෘතාර්ථිකයට පිවිසේ. ඔහු පූර්ව-ලිබරල්, පූර්ව-විවෘතාර්ථික සමාජය රෝමෑන්තීකරණයට නොයයි. නමුත් පණිවිඩය පැහැදිළිය. දොරවල් වසාගෙන අපි පට්ට සාර්ථක ආර්ථිකයක් ගෙන ගියෙමු. දැන් දොරවල් ඇරලා නුඹලා කළ විනාශය බලපල්ලා!
මුලින්ම මේ ප්‍රකාශ වල පරිසිද්ධීන් සේ වැරැදි කරුණු නිවරද කරමු. 1975 අපේ ආර්ථික ඉතිහාසයේ සන්ධිස්ථානයක් නොවේ.  යම් වෙනස්කම් සිදුවූ බව සත්‍යයක් මුත් සමස්තයක් ලෙස 'විවෘතාර්ථිකය' ආරම්භ වන්නේ 1975 දී නොවේ. 1975 වාමාංශික ආර්ථික විද්‍යාඥයින්ට වැදගත් වන්නේ එය ආචාර්ය එන්. එම්. පෙරේරා රජයෙන් ඉවත් වූ හෝ ඉවත් කළ වසර වන නිසාය. (මතවාදී වෙනස්කම් ඇතිනම් තවදුරටත් වෙනත් ලාභ ප්‍රයෝජන පිණිස බොරුවට එක්ව නොසිට වෙන් වීමේ සදාචාරයක් ඒ යුගයේදී අපේ දේශපාලනඥයින් තුළ තිබුණේය. එනිසා සිස්ටම් එක විහිළුවක් බවට පත් නුවූයේය.) 

ඇත්තටම අප අද 'විවෘතාර්ථිකය' ලෙස හඳුන්වන ආර්ථික ක්‍රමය ආරම්භ වන්නේ 1978 දී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් පසුවය. එසේම 1956-70 අතර යුගය කෘෂිකර්මාන්තය හා කර්මාන්තය ෆෝකස් කර ගත් යුගයකැයි හැඳින්වීමද වැරදි සහගතය. මේ යුගය ප්‍රචලිත ආර්ථික ෆෝකස් එකක් ගැන නොව සමාජ-දේශපාලන හැල හැප්පීම් ගැනය. මේ යුගයේදී ආර්ථිකය පිළිබඳ උනන්දුවක් නොතිබුණා තරම්ය. කොටින්ම 1956 දී ඇමරිකානු ඩොලර් 130 ක් වු ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඉන් දශක එකහමාරකට පසු යාන්තම් ඩොලර් 184 ක් දක්වා වැඩි වී තිබුණේය. මේ ආර්ථික වර්ධනයකැයි කවර හෙයින් කියමුද?
දෙවනුව ප්‍රතිපත්තීන් ගනිමු. 1970-75 යුගය තුළ ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩ නඟා ගැනීමට හා අපනයන වර්ධනයට එක්තරා මට්ටමකට අවංක උත්සාහයන් ගැණුනු මුත් එයින් ලද 'ඇඟට දැනෙන' ප්‍රතිඵලයක් නැත. මේ යුගයේ එක් පැහැදිළි දේශපාලන ඉලක්කයක් වූ සහලින් ස්වයංපෝෂිත වීම පවා සිදුවූයේ ඉන් සැලකිය යුතු කාලයකට පසුවය. එසේම ඒ ආරක්ෂණ ප්‍රතිපත්තීන්හි ප්‍රතිඵලයක් හැටියට නොවේ. ගෘහස්ථ පේෂකර්මාන්තය වැනි කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තයන්හි වර්ධනයක් ඇති වුවද එයින් ආර්ථිකය ලද ලොකු දෙයක් නුවූයේය. සමගි පෙරමුණු ආණ්ඩුව බලාපොරොත්තු වූ ලෙස මහා පරිමාණ කර්මාන්ත එකක් වත් ප්‍රගතියක් ලැබුවේද නැත. මේ යුගය නිර්මාණය කළේ මෑතදී අප අතරින් වෙන් වූ දාස මුදලාලි වැනි රාජ්‍යානුග්‍රහය ලද ව්‍යාපාරිකයින් අතළොස්සක් පමණක් වන අතර ඔවුන්ගේ හැකියාවේ තරම ඉන්පසු පැමිණි විවෘතාර්ථික යුගයේදී ශිල්ප දක්වන්ට බැරිවීමෙන් මොනවට පැහැදිළි විය.
1970-75 රජය බලපොරොත්තු වූ ලෙස අපනයනයන්හි වර්ධනයක්ද දකින්ට නොලැබිණි. 1970 දී ඩොලර් මිලියන 339 ක් වූ අපනයන 1975 වන විටත් වර්ධනය වී තිබුණේ ඩොලර් මිලියන 559 ක් දක්වා පමණි. මෙය වසර හයක් තුළ සියයට 65 ක පමණ වර්ධනයකි. එය ලංකාව අනෙකුත් කාල වලදී පෙන්වන සාමාන්‍ය අපනයන වර්ධන වේගයෙන් නොවෙනස්ය. අපනයන වර්ධනය විශේෂිත අරමුණක් කරගත් යුගයක පවා අපට පෙන්වන්ට පුළුවන් අනෙකුත් කාලයන්හිදී පෙන්වන වර්ධන වේගයම නම් ඒ ප්‍රතිපත්ති වල ගත යුතු දෙයක් ඇතැයි සිතිය නොහේ.
ආර්ථික වශයෙන් 1970-77 අතර කාලය දැඩි අඳුරු යුගයකි. මේ කියන්නේ අප නොව මේ රටේ ඡන්දදායකයාය. ආරක්ෂණවාදී ප්‍රතිපත්ති අනුගමනය කළ වාමාංශික දේශපාලන පක්ෂ 1977 මහ මැතිවරණයේදී අන්ත පරාජයක් ලබන්නේ එනිසාය. එපමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 1994 වන විට සිය ආර්ථික ප්‍රතිපත්ති  විවෘතාර්ථිකයට අනුගත නොකොට ගෙන ඉදිරි ගමනක් යා නොහැකි තැනට කටයුතු සැලසෙන්නේ එනිසාය. මෙරට පොදු මිනිසා 1970-77 යුගය තවමත් දකින්නේ අඳුරු යුගයක් ලෙසිනි.
ආර්ථික වර්ධනය පිණිස ආර්ථිකය නිදහස් කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් සේ සැලැකීමේ අන්තයට අපි නොයමු. කැලේ නිදහසේ සිටින එකකු පමණක් නොව කූඩුවක දැමූ කුරුල්ලෙක් පවා වැඩේ. දකුණු කොරියාව හැත්තෑ ගණන් වලදී එරට ආර්ථිකයේ වැඩිම වර්ධන වේගයන් සනිටුහන් කරන්නේ අද අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් දැඩි ලෙස අත්හළ යුතුය කියන තත්ත්වයන් දෙකක් යටතේය. ඒ ආරක්ෂණවාදය හා උද්ධමනයයි. 1970 දශකයේදී කොරියාවේ උද්ධමනය කැපී පෙනෙන සේ ඉහළ නඟියි. 1977 දී එය 34% ක්ද 1978 දී 49% ක් ද වේ. සමහර අවස්ථාවන්හීදී ඉඩම් වල වටිනාකම අට ගුණයකින් ඉහළ නැඟ ඇත. අනෙක් අතින් මේ දශකය තුළදීම කොරියානු ආර්ථිකය 10% කින් පමණද අපනයන 20-25% අතර ප්‍රමාණයකින්ද ඉහළ යයි. මෙයින් පැහැදිළි වන්නේ ආරක්ෂණවාදය හා උද්ධමනය අපට පෙන්වනු ලබන තරමටම භයානක රකුසන් නොවන බවයි. අවශ්‍ය නම් මේවා ඇතිව හෝ රටකට දියුණු විය හැකිය. (ඇත්තටම කොරියාවේ ආර්ථික වර්ධන වේගයන් ආර්ථිකය නිදහස් කිරීමෙන් පසුව අඩු වේ.) කොරියානු උදාහරණය අපට වැදගත් පාඩමක් කියා දෙයි. එනම් රටකට දියුණු වීම පිණිස ඇත්තේ එක මඟක් පමණක් නොවන බවයි.
මා කොරියානු උදාහරණය මෙහි දක්වන්නේ හේතුවක් ඇතිවය. අමාත්‍ය රණවක අපට දේශනා කරන්නේ පූර්ණ නව ලිබරල්වාදය වෙනුවට කොරියානු මොඩලය අනුගමනය කරන්ට නම් එක්තරා සීමාවන් යටතේ අපට ඔහු සමඟ එකඟ විය හැකිය.
එහෙත් එම සීමාවන් වැදගත්ය. 1970 ගණන් වල සිට අද දක්වා බාහිර ආර්ථික පරිසරයේ ඇති වී ඇති වෙනස්කම් අපට අමතක කළ නොහැකිය. කොරියාවේ ප්‍රතිපත්තිය වන්නේ යාන්ත්‍රික හා රසායනික කර්මාන්තයන්ගෙන් පටන් ගෙන අවස්ථෝචිතව මහා පරිමාණ ඉලෙක්ත්‍රොනික් භාණ්ඩ නිෂ්පාදනයට මාරු වීමයි. කොරියාව ඉලෙක්ත්‍රොනික් භාණ්ඩ අපනයනය කෙතරම් සීරියස් ගන්නේද යත් දේශීය වෙළඳපොළෙහි වර්ණ රූපවාහිනී යන්ත්‍ර වලට ඉල්ලුමක් ඇති වීම වැළක්වීමට අපනයන වෙළඳ පළ වර්ධනය වනතුරුම බලෙන් කොරියානු ජනතාවට බලන්ට ඉඩ දෙන්නේ කළු සුදු නාලිකාවන් පමණෙකි. එනිසා කොරියාවේ නිෂ්පාදිත වර්ණ රූපවාහිනී යන්ත්‍ර සියයට සියයක්ම අපනයනයට වෙන්කළ හැකි වේ.
1970 ගණන් වලදී මෙවැන්නක් කිරීමේ හැකියාවක් විය. මේ ආසියාව සමස්තයක් සේ දියුණු වෙමින් පැවැති යුගයයි. කාර්මීකරණයව තිබුණේ ජපානය වැනි රටවල් අතළොස්සක් පමණෙකි. එනිසා මෙවැනි භාණ්ඩ වලට දැවැන්ත ඉල්ලුමක් තිබුණේය. අද තත්ත්වයන් වෙනස්ය. සමහරවිට වෙළඳපළ එසේම පවතිනවා විය හැකිය. නමුත් අද පාරිභෝගිකයා වඩා හොඳ තත්ත්වයෙන් යුතු 'හයි ටෙක්' නිෂ්පාදන බලාපොරොත්තු වෙයි. එසේම නිෂ්පාදකයෝ රාශියකි. එවැනි බරපතළ සීමාවන් යටතේ පවා පූර්ණ නව ලිබරල්වාදය වෙනුවට කොරියානු මොඩලය අනුගමනය කරන්නය කීමේ යම් කිසි ලොජික් එකක් තියේ. වරක් සාර්ථක වූ මොඩලයක් (සමහරවිට වෙනස් තත්ත්වයන් යටතේ පවා) යළි සාර්ථක විය හැකිය.
අවාසනාවට මේ අමාත්‍ය රණවක ගේ රෙකමදාරු මොඩලය නොවේ. ඔහු ගිණිකොණ දිග හා නැගෙනහිර ආසියාතික රටවල් ගැන කියන්නේ අප ඔවුනට වඩා පිටුපසින්ය කියන්ට පමණෙකි. මෙයද සියයට සියයක් නිවැරදි ප්‍රකාශයක් නොවේ. ඔහු විසින් අපට ඉදිරියෙන්ය කියන සමහර රටවල් දැනට සිටින්නේ එක්කෝ අප හා සම මට්ටමේ හා නැතිනම් අපට පසුපසිනි.
අනෙක් අතට මේ එකදු රටක් හෝ අනුගමනය කළ මොඩලයක් අප විසින් අනුගමනය කළ යුතුය ඔහු නොකියයි. (ඔහුට වඩා එපිටින් සිතන විශ්ලේෂකයකුට නම් අඩු තරමින් කොරියානු හා මැලේසියානු මොඩල අපට අනුගමනය කළ හැකි ඒවා සේ පෙනෙන්ට ඉඩ තිබුණේය.) එවැනි අදහසක් අමාත්‍ය රණවකගේ මතය සවිගන්වන්ට ඉඩ තුබුණේය. අවාසනාවකට ඔහුට අවශ්‍ය වී ඇත්තේ රෝදය නැවත සොයා ගන්ටයි.
මේ ලංකාව දියුණු කිරීම පිණිස අමාත්‍ය රණවක විසින් ඉදිරිපත් කරනු ලබන සත් පියවර මැජික් බුලට් විසඳුමය. (පරිවර්තනය හා පැහැදිලි කිරීම පිණිස වරහන් තුළ යොදා ඇති වචන අපෙනි.)
  1. පළමුව විජාතික ආයෝජන හා විජාතික තාක්ෂණය භාවිතා කොට අපනයන භාණ්ඩ නිෂ්පාදන කරන්න.
  2. දෙවනුව අපනයන වෙළඳපළ පිණිස අතරමැදි භාණ්ඩ හෝ භාණ්ඩ කොටස් නිෂ්පාදනය ජාතික ආයෝජන වලින් එහෙත් විජාතික තාක්ෂණය උපයෝගී කර ගනිමින් කරන්න.
  3. තෙවනුව දේශීය වෙළඳපළ පිණිස ආනයනාදේශක භාණ්ඩ නිෂ්පාදනයට විජාතික තාක්ෂණය (අපට අවශ්‍ය ආකාරයට) හැඩගසා ගන්න.
  4. සිව්වනුව අපනයන භාණ්ඩ නිෂ්පාදනයට ජාතික ආයෝජන යොදවා විජාතික තාක්ෂණය (අපට අවශ්‍ය ආකාරයට) හැඩගසා ගන්න.
  5. පස්වනුව මුලින් විජාතිකව උකහා ගන්නා ලද තාක්ෂණයන් උපයෝගී කොට ගෙන, එහෙත්  දේශීයව කරනු ලබන, පර්යේෂණ හා සංවර්ධනය (රීසර්ච් ඇන්ඩ් ඩිවලප්මන්ට්) මඟින් තාක්ෂණයන් හා ව්‍යාපාර පරිපාලන පද්ධතීන් (මැනේජ්මන්ට් සිස්ටම්ස්) දේශීයව ගොඩ නඟා ගන්න.
  6. සයවනුව ජාතික ආයෝජන උපයෝගී කොට ගෙන, විදෙස් වෙළඳපළ වල තරග කළ හැකි, දියුණු භාණ්ඩ හා සේවාවන් හා ව්‍යාපාර පරිපාලන පද්ධතීන් (මැනේජ්මන්ට් සිස්ටම්ස්) නිර්මාණය කරන්න.
  7. සත්වනුව නව නිපැයුම් (ඉනවේෂන්) හා දැනුම ආර්ථික වර්ධනයේ ප්‍රධාන සංරචකයක් කොට ගන්න.
බැලූ බැල්මට මේ මාර විසඳුමකි. එය ප්‍රාදේශීය පාසලක සිසුවියන් පිරිසකට “අපේ රට දියුණු රටකිය” මාතෘකාව සිරස ඩිබේටර් හි ප්‍රති යෝජනා කිරීමේදී උපයෝගී කර ගත හැකි හොඳ අමුද්‍රව්‍යයක් සේ පෙනේ. ගැටළු ඇතිවන්නේ මේ පියවර ප්‍රා‍යෝගිකව ක්‍රියාත්මක කරන්ට ගිය විටදීය.
අමාත්‍ය රණවක අදහස් කරන නිෂ්පාදන මොනවාද යන්න දැන ගන්ට අපට පරචිත්ත විජානන ඤාණයක් නැත. හැබැයි අන්තර්ජාතික වෙළඳපළෙහි විකුණන්ට අප නිෂ්පාදනය කරන යම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙතොත් ඒ හැම දෙයක්ම අනිවාර්යයෙන්ම තරගකාරී විය යුත්තේය. ඒ අතින් අපි දැනටමත් අපට කළ හැකි දේ කරමින් සිටිමු. අපට එතැනින් එපිටට යා නොහැකි නම් ඒ ප්‍රායෝගිකව බාහිර බාධාවන් රාශියක් අප වළකන නිසාය. මේ බාධාවන් ඉවත් කරන්ට පහසු නොවේ.
උදාහරණයක් හැටියට අමාත්‍ය රණවක අදහස් කරන යම් භාණ්ඩයක් (මෝටර් රථ කියමු.) මහා පරිමාණ නිෂ්පාදනය පිණිස උචිත කාර්මික ප්‍රතිපත්තියක් ඇති කළේය සිතමු. අප කලින් කී ලෙස අන්තර්ජාතික වෙළඳපළෙහි ඕනෑම භාණ්ඩයක් සාර්ථක වන්නේ ගුණාත්මකභාවය හා මිළ අතින් එය තරගකාරී වන්නේ නම් පමණෙකි. මේ දෙකටම හේතු කාරක වන එක් සාධකයක් නම් ශ්‍රමය සඳහා ගෙවනු ලබන මිළය. ලංකාවේ ශ්‍රමය මිළෙන් ඉහළය. ශ්‍රම වියදම අවමය කියන චීනය පසෙක තියමු. අපට අඩු මිළ ශ්‍රමය පිණිස බංග්ලාදේශය සමඟවත් තරග කළ නොහැකිය. ලංකාවට ඇඟැලුම් කර්මාන්තයේ ලැබිය යුතු අවස්ථා පවා අහිමි වී ඒවා බංග්ලාදේශයට හිමිවෙමින් පවතින්නේ එනිසාය. ඉන්දියාව, බංග්ලාදේශය හා පාකිස්තානය එකට ගතහොත් ඒවායේ ජනගහණය බිලියන 1.6 කි. මෙය ලංකාවේ ජනගහණය මෙන් අසූ ගුණයක්ද මුළු ලෝක ජනගහණයෙන් හතරෙන් එකක්ද වේ. මේ සියල්ල අඩු වියදම් ශ්‍රමයයි. මේ සා දැවැන්ත අඩු වියදම් ශ්‍රම ඉල්ලුමක් අපට ඉතා ආසන්නයේ තිබියදී මෙහි ආයෝජනය පිණිසම පැමිණෙන්නේ මොන මෝඩයාද?
මෙය විසඳා ගත හැකි ක්‍රමයක්ද නැතුවාම නොවේ. යටත් විජිත යුගයේදී වතු වගාව පිණිස කළාක් සේ ඉහත කී රටවලින් අපට අඩු මිළ ශ්‍රමය 'ආනයනය' කරන්ට පිළිවන. හැබැයි එවැනි ශ්‍රම ගලන ප්‍රතිපත්තියකට විරුද්ධ වන්නේද අමාත්‍ය රණවක නායකත්වය දරණ ජාතික හෙළ උරුමයමයි. එවිට නැවත අපට පටන් ගත් තැනටම පැමිණෙන්නට සිදුවේ. ලොකු ශ්‍රම වියදමක් දරා නිෂ්පාදනය කොට අන්තර්ජාතික වෙළඳපළෙහි විකිණිය හැක්කේ තත්ත්වයෙන් ඉහළ භාණ්ඩ අතළොස්සක් පමණෙකි. එවැනි සීමිත අවස්ථා අපි දැනමත් උපයෝගී කර ගනිමින් සිටිමු. උදාහරණයක් හැටියට අපට තත්ත්වයෙන් ඉහළ තේ සඳහා අන්තර්ජාතික වෙළඳපළක් තියේ. මෙවැනි අතළොස්සක් අවස්ථා හැරුණු විට අපට ඇත්තේ මොනවාද? තත්ත්වයෙන් පහළ භාණ්ඩයක් නම් වැඩි මිළක් ගෙවා මිළට ගන්නෝ කවරහුද?
මීට අමතරව අමාත්‍ය රණවක තවත් වැරදි මත ගණනාවක් තම කථාවට අඩංගු කරයි. පහත උපුටනය සලකන්න. (පරිවර්තනය අපෙනි.)
"විවේක හා විනෝද ආර්ථිකයේ දීපව්‍යාප්ත විස්තාරණය නව සමාජ අර්බූදයකට මඟ පාදා තියේ. එසේම (එනිසා) සමාජයේ දූෂණය හා යහපාලනය පිළිබඳ විවේචනාත්මක කතිකාවක්ද ආරම්භ වී ඇත. පැහැදිළිවම සමාජයේ විශ්වාසය නායයෑම දැනටමත් සමාජ ප්‍රාග්ධනය නිර්මාණය වීමට බාධාවකි. අනෙක් අතට අවිධිමත් කාර්මීකරණ පිළිවෙත නිසා ඇතිවී තිබෙන වාච්‍යාර්ථයෙන්ම 'විෂකුරු' පරිසරය ආහාර නිෂ්පාදනයට හා සෞඛ්‍යයට අහිතකර ලෙස බලපායි. තත්ත්වය කෙතෙක් පිරිහී තිබේද කියතොත් රටේ ශිෂ්ඨාචාරයට පවා එයින් දරුණු අභියෝගයක් එල්ල වී තියේ. එහි ප්‍රතිඵල කොටසක් ආර්ථිකයටද දැනෙනු ඇත්තේය."
මේ කියන 'විවේක හා විනෝද ආර්ථිකය' මඟින් නිර්මාණය කරන ලද අප නොදන්නා සමාජ අර්බූදය කිමෙක්ද? එයින් අමාත්‍ය රණවක අදහස් කරන්නේ අපේ රටේ මිනිසුන් ජීවත් වන ආකාරය වෙනස් කොට තිබේය කියා නම් (උදාහරණයක් හැටියට වෙනදා අමුඩය හැඳ කුඹුරු කෙටූ ගොවියා දැන් ඩෙනිමක් හැඳ සංචාරකයින්ට විසිතුරු භාණ්ඩ විකුණනවා විය හැකිය.) අපට කිව හැක්කේ ආර්ථිකයේ බාහිර පෙනුම කවරක් වුවද මේවා සිදු වන්ට ඉඩ ඇති බවයි. අතට වැඩිපුර සල්ලි ලැබෙන විට මිනිස්සු තම ජීවන රටාව වෙනස් කරති. එය ස්වාභාවිකය.
නිෂ්පාදන ආර්ථිකයක් පවා මීට සමාන හෝ වෙනස් සමාජ වෙනස්කම් ඇති කරයි. උදාහරණයක් හැටියට අසූව දශකයේදී මෙරට ඇඟැලුම් කර්මාන්තය ආරම්භ වූ යුගයේදී විපක්ෂය චෝදනා කළේ ඇඟැලුම් කර්මාන්ත සේවය ගණිකාවන් බෝ කරන බවයි. මෙය ආන්තික අතිශයෝක්තියක් මුත් ඇඟැලුම් කර්මාන්තය නිසා ඇති වූ සමාජ ගැටළු අපට ප්‍රතික්ෂේප කළ නොහැකිය. මින් සමහරක් ඉනෝකා සත්‍යාංගනී සිය ‘සුළං කිරිල්ලී’ සිනමා කෘතියෙන් සාකච්ඡා කරයි. මේවා වැළකිය හැකි දේවල් නොවේ. රටක් දැවැන්ත ලෙස වෙනස් වන විට අනිවාර්යයෙන්ම සමාජයද වෙනස් වෙයි.
ඊළඟට ඊනියා 'විවේක හා විනෝද ආර්ථිකය' පමණක් යහ පාලනය විනාශ කොට දූෂණයට මඟ පාදන්නේය කියන කියමනේ හරයක් වේද? දූෂණය හෝ යහ පාලනය තීරණය වන්නේ ආර්ථිකයේ ස්වරූපය මත නොවේ. හොරා කන එකා බුදු පිළිම හැදුවත් හොරා කයි. මෙහි විහිළු සහගතම කියමන වර්තමාන ආර්ථිකයේ ස්වරූපය නිසා පරිසර දූෂණය හා සෞඛ්‍ය ගැටළු වැඩි වී ඇත්තේය යන්නය. දැන් අමාත්‍ය රණවක යෝජනා කරන්නේ පරිසරය දූෂණය නොකරන ආර්ථිකයක්ද? මහා පරිමාණ නිෂ්පාදනය පරිසරය දූෂණය කරන්නේම නැද්ද? මේවා අහන්ට චීනුන් ඇති තරම් දැන් ලංකාවේ ඇති මුත් ඔවුන් කොණ්ඩේ බැඳ නැතිවීම අභාග්‍යයකි.
අමාත්‍ය රණවකගේ උපාධිය විදිලි ඉංජිනේරු ශිල්පය වෙනුවෙනි. මගේද පළමු උපාධිය විදිලි ඉංජිනේරු ශිල්පය සඳහාම වෙයි. මේ නිසා විදිලි ඉංජිනේරු උපාධි අපේක්ෂකයකු ලබන ආර්ථික විද්‍යා දැනුම ගැන මම දනිමි. බෙදාහැරීම් හා සම්ප්‍රේෂණ ජාල පද්ධති වල වියදම් ගණනය කිරීම වැනි සරල දෙයින් එපිටට නොයන විදිලි ඉංජිනේරු සිසුවකුගේ ආර්ථික විද්‍යා දැනුමේ කොටසක් නොවේ, සන්සන්දනාත්මක ලාභය (කම්පැරටිව් ඇඩ්වාන්ටේජ්) වැනි සාර්වාර්ථිකවිද්‍යා සංකල්ප. එනිසා අමාත්‍ය රණවක මේ සංකල්පය නොදැන සිටියා විය හැකිය උපකල්පනය කරමි. යම් රටක් යම් භාණ්ඩයක් නිෂ්පාදනය කළ යුත්තේ ඊට කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එකක් ඇතිනම් පමණකි. එසේ නොවේ නම් ඒ භාණ්ඩය ආනයනය වඩා යහපත්ය. 

අප මෝටර් රථ නිෂ්පාදනය නොකළ යුත්තේ පවත්නා තත්ත්ව යටතේ අපට ඒ සඳහා කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එකක් නැති නිසාය. එනිසා අපට මෝටර් රථ ආනයනය කොට ඒ වෙනුවට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම ලාභදායකය. සංචාරක ව්‍යාපාරය පිණිස අපට ඇති කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එක මෝටර් රථ නිෂ්පාදනයට ලබා ගැනීමට නම් අප ඒ පිණිස විශාල වෙහෙසක් දැරිය යුතු වේ. ඒ සඳහා අදාළ ආවස්ථික වියදම නැතොත් ඔපචුනිටි කොස්ට් එක මේ වෑයම සාධාරණීකරණය කරන්නක් විය යුතුය. එසේ නැතොත් අප වෙනස් වීමේ තේරුමක් නොවේ. එනිසා අප වෙනස් විය යුතුය යෝජනා කරන්නකු අනිවාර්යයෙන්ම අපට එසේ කිරීමට යන වෑයම ගැන දීර්ඝ ලෙස කථා කළ යුතු වේ. එසේ නොවන යෝජනා බස් හෝල්ට් වල සමාජයටම බණින උම්මත්තක සිඟන්නන්ගේ යෝජනා වැන්න.
ඇත්තටම අමාත්‍ය රණවකගේ යෝජනා සියල්ලක් කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් යන සරල සංකල්පයෙන් පමණක්ම නිෂේධ කළ හැකි තරමට බොළඳය. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට හෝ සරසවියේ පළමු වසර පිණිස නිර්දේශිත ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථයක් මේ සංකල්පය නිදර්ශන සහිතව පැහැදිළිව විස්තර කරනු ඇතැයි සිතමි.
ලිපිය අවසාන කිරීම පිණිස අමාත්‍ය රණවකගේ කථාවේ පහත ඡේදය උපයෝගී කර ගනිමි. (පරිවර්තනය අපෙනි.)
“නව නිපැයුම් මත පදනම් වූ ආර්ථික වර්ධනය ප්‍රමුඛ වර්ධන ක්‍රමවේදය කොටගත් කල්හි ශ්‍රී ලංකා ආර්ථිකයට (සංවර්ධනයේ) තෙවන අදියරට දැවැන්ත පිම්මක් පැනීමේ හැකියාවක් නැතැයි සිතන්ට කිසිම හේතුවක් නැත.  එවැනි දැවැන්ත පිම්මකට හේතු කාරක විය හැකි සාධක වන්නේ ඉහළ සාක්ෂරතාව, හැමදෙනාටම ලබා ගත විදිලි බලය, ඉන්ටර්නෙට් හා විදිලි සංදේශ පහසුකම් යනාදියයි.”
මේ ඡේදයම විහිළුවක් වන්නේ කවර හෙයින්ද? මෙසේ දැවැන්ත පිමි පැන්න රටවල් නැතුවා නොවේ. (උදාහරණ කිහිපයක් ඉහත සඳහන් කළෙමි.) නමුත් ඒ දැවැන්ත පිමි පැනීමට අවශ්‍ය අවස්ථා, සම්පත් , ස්මාට් ආර්ථික ක්‍රමවේද, සියලටම වඩා වැදගත්ව නිවැරදි කාල නිශ්චයන් යන සියල්ල සහිතවය. මේ කිසිවක් නැතිව දැවැන්ත පිමි පැනීමට සැරසීම කණ කැසබුවකු කපුටු පිහාටු දෙකක් දෑතින් ගෙන පියාසර කිරීමට තැත් කිරීමකි. ඊනියා නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් සේ බිහිව ඇති, දැවැන්ත රැකියා විරහිත උපාධිධර ශ්‍රම බලකායෙන් මෙවැනි වෑයමකට ඇති කිසිදු ප්‍රයෝජනයක් නැත. ඔවුන්ගෙන් අති බහුතරය කලා උපාධිලත්, රජයේ පහළ නිලධර රැකියාවකට විනා වෙනෙකකට නොගැළපෙන, කර්මාන්තය ගැන අන්දෝ සංසාරයක් නොදන්නෝය. (මීට ඉඳුරා වෙනස් ලෙස, ඉන්දියාවේ තාක්ෂණ විප්ලවය ඇරැඹෙන්නේ දැවැන්ත ඉංජිනේරු විද්‍යා උපාධිධරයන්ගේ අතිරික්ත ශ්‍රම බලකායක් නිසාය.) 

ඇත්ත, අපේ ජනගහණයෙන් වැඩි පිරිසකට විදිලිය, ඉන්ටර්නෙට් හා විදිලි සංදේශ පහසුකම් ඇත්තේය. එහෙත් අපේ රටේ වෙළඳපළ අකාර්යක්ෂ්මතාවය හේතු කොට ගෙන විදිලිය හා අධිවේගී සන්නිවේදන පහසුකම් ලබා ගත යුතු වන්නේ ලෝකයේම ඉහළම මට්ටමේ ගාස්තු ගෙවමිනි. මෑතදී කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන ආචාර්ය සිරිමල් අබේරත්න ප්‍රකාශ කළේ විදිලිය පිණිස අප ගෙවන්නේ කලාපයේ පමණක් නොව මුළු ලෝකයේම වැඩිම ගාස්තුව බවයි. එසේම ඉහළ සාක්ෂරතාවය යනුද කාර්මීකරණයට අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. ගිණිකොණදිග ආසියානු රටවල් හැමෙකක්ම කාර්මීකරණය වූයේ අනිවාර්යයෙන්ම  ඉහළ සාක්ෂරතාවයක් ඇතිව නොවේ. කාර්මීකරණයට ඊට වඩා වැදගත් වන්නේ ශිල්පීය දැනුම හා අඩු වියදමකින් ලබා ගත හැකි ශ්‍රමයයි. අපට නැත්තේද එයමය. සියොතකු වුවද පැස්බරකුට පියාසර කිරීමේ හැකියාවක් නැති බව අප තේරුම් ගත යුතුය. පැස්බරා පරිණාමය විය යුත්තේ භෞමික ක්ෂීරපායියකු ලෙස විනා පක්ෂියකු සේ නොවේ.
බලගතු කැබිනට් අමාත්‍යවරුන්ම (හෝ ඔවුන්ගේ කථා රචකයන්) ස්වකීය ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කිරීම විහිළුවකි. එසේ විවේචනය කොට ඉදිරිපත් කරන විකල්ප වලට පදනමක් නැති වීම ඊටත් වඩා විහිළුවකි. මොනවා කරන්නද? ඉදිරියෙහි එන්නේ මැතිවරණ වසරකි. අසා සිටිමු.

- චානුක වත්තේගම

80 comments:

  1. >> මොනවා කරන්නද? ඉදිරියෙහි එන්නේ මැතිවරණ වසරකි. අසා සිටිමු.<< .............................
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. මාතලන් මේ කාලය පෙරහැර හැරෙන කාලය යි එවිට පෙරහරේ අන්තිමට ගිය උන් මුලට පැමිණේ . චම්පික ,රතන, වීරවංස ,රාජිත, වැන්න උන් දැන් බොරුවට නිදාසිටි උන් නින්දෙන් ඇහැරී ඇති බව පෙන්වයි මුන් ඔක්කොම බලු බෙට්ටක ඇති කොස් ඇට වැනිය

    ReplyDelete
  3. අර කරපු උපවාසෙ වගේම විගඩමක් වීරවංස කලා නේද. ඌවට තනියෙන් ඉල්ලනවා කියල එක දිස්ත්‍රික්කයකට තනියෙන් නාම යෝජනාත් දීල ආයෙත් තීරණේ වෙනස් කලා නේද? තාමත් මිනිස්සු මේ ඇම ගිලිනවා. අනේ මංද.

    ReplyDelete
  4. කුණු හෝදන්න මහතැන් වල අපේ රටේ...................

    උපාසකම්මා ඉපදුනු හීන කුලේ..
    මහණ කරන්නයි යන්නේ ඇගේ කොළු..
    ඌට නිකායක් වෙන් කර තබා තියේ..
    අප මුණි බණේ ඒකද හාමුදුරුවනේ...

    පිරිත් නූල් බඳිමින් ජන හතුරන්ට..
    යතුරු කැරළි අදනය යට ගසාගෙන..
    අපවත් වෙන්න පෙර සහලේ ඥාතිවරූ..
    මහණ කරණ එකදැයි මුණි බණේ අණේ...

    කුණු හෝදන්න මහතැන් වල අපේ රටේ..
    පන්සල තමුන්නැහෙගේ හොද වෙල්ලාව..
    ටිකට් විකුණලා පෙරහැර කරන කොට
    කරඬුවෙ ඉදීවිද ධාතුන් වහන්සෙලා...

    රට දැය සමය රැක ගත්තේ චීවරයයි..
    රට දැය සමය සුරකින්නෙත් චීවරයයි..
    එවන් සසුන සමහර හිමිවරු නසතී..
    කුලගොත් ඥාති සංග්රහ නිලතල සොයමින්..

    කුඩාපොල වගේ විරු හාමුදුවරූ
    අදත් අප අතර හිද මේ ලෙස කියතී...
    "රටකන උන්ව වනසා රට දැය රැකුම
    තමයි අපෙ අද දවසේ මහණකම..."

    ගායනය - නන්දා මාලනි
    පද රචනය - රංචාගොඩ ළමයා
    නද - ඔස්ටින් මුනසිංහ

    ReplyDelete
    Replies
    1. \\"රට කන උන්ව වනසා රට දැය රැකුම..
      තමයි අපේ අද දවසේ මහණකම..//

      නානසාරලා ඔන්න ඕක වැරදියට තේරුම්ගෙන නොවැ.

      මේ ගීත සර්වකාලීනයි මචෝ.. කවදටත් වලංගුයි. මේව කියල තියෙන්නෙ කට කහනවට නෙවෙයි. කොහොම උනත් මේ හඬ වල් අද මහා කුහක විදියට හංගගෙන ඉන්නෙක තමයි කරුමෙ.

      Delete
  5. ලොකු විචාරයකට දැනුමක් නැතත් ලිපිය කිවේවා හිතට යමක් දැනුනා.

    ReplyDelete
  6. ඇමතිතුමාගේ කතාවත් අනුර කුමාර ප්‍රමුක ජප්පන්ගේ කතාවලට දෙවැනි නැහැ. මුලින්ම සැලසුම් සහගතව කර්මාන්තශාලා අරබන්න ඕනේ, මිනිස්සුන්ට ඕන කරන බඩු නිෂ්පාදනය කරන්න. කර්මන්තශාලා නිසා මිනිස්සුන්ට රැකියා නිකම්ම හම්බවෙනවා. එතකොට රටේ අදායම දියුණු වෙලා දුප්පත්කම තුරන් වෙනවා. ලස්සන කතාවක්. නවකතාවකට හොදයි.

    BP from elakiri

    ReplyDelete
  7. 1. ලංකාව දියුණු කිරීම පිණිස අමාත්‍ය රණවක (තුමා) විසින් ඉදිරිපත් කරනු ලබන සත් පියවර මැජික් බුලට් විසඳුම තුල ඇත්තේ බ්‍රිතාන්‍ය, එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය රුසියාව වැනි මුල් යුගයේ කාර්මික දියුණුව ලැබූ රටවල් හැර අන් සියලුම රටවල් අනුගමනය කල මුලික ක්‍රියා දාමයයි. (මැජික් එකක් නොවේ)
    2. රටේ ආර්ථිකය සහ පාලනය පිළිබද තීන්දු ගන්නා මර්මස්ඨාන වල සිටින නිලධාරීන්ගෙන් බොහොමයක් සිංහල, ඉතිහාසය සහ තර්ක සාස්ත්‍රය වැනි කළා විෂයන් මුලික උපාධියට කර අනතුරුව පරිපාලන සේවා කටපාඩම් විභාගය සමත්වුවන්ය. analytical thinking ඇත්තෙම නැත.

    ReplyDelete
    Replies
    1. Chanuka WattegamaAugust 8, 2014 at 1:51 AM

      ස්තූතියි.

      1. ගැන. මා දන්නා තරමින් නම් මේ සත් පියවර එසේම අනුගමනය කොට දියුණු වූ එකම රටක් වත් නැහැ. සමහර රටවල් ඉහත පියවර වලින් කිහිපයක් (ඒ පිළිවෙලින්ම නොව) අනුගමනය කොට තියෙනවා. එසේම දියුණු වීමට අත්‍යාවශ්‍ය සමහර දේවල් (උදා: නිදහස් කාර්මික කලාප ඇති කිරීම, විදේශීය ආයෝජන සඳහා උපරිම බදු සහන) යනාදිය ඉහත සත් පියවරට අඩංගු වෙලා නැහැ. එය ඉතා අසම්පූර්ණ ලිස්ට් එකක්.

      CW

      Delete
  8. //සියොතකු වුවද පැස්බරකුට පියාසර කිරීමේ හැකියාවක් නැති බව අප තේරුම් ගත යුතුය. පැස්බරා පරිණාමය විය යුත්තේ භෞමික ක්ෂීරපායියකු ලෙස විනා පක්ෂියකු සේ නොවේ.//++++++++++++++++++++++++++

    අපි නොකරන්නෙත් මේකමනෙ හැම තැනදිම. අපිට ශත පහකට වැඩක් නැති මොකක් හරි ගැන බොරුවට ඔළුව ඉදිමව ගෙන ඉන්නවා. ඒත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් දේ දියුණු කර ගන්න හිතන්නෑ.

    ReplyDelete
    Replies
    1. // සියොතකු වුවද පැස්බරකුට පියාසර කිරීමේ හැකියාවක් නැති බව අප තේරුම් ගත යුතුය. පැස්බරා පරිණාමය විය යුත්තේ භෞමික ක්ෂීරපායියකු ලෙස විනා පක්ෂියකු සේ නොවේ //

      විද්යාත්මකව බැලූ විට මේ කියමන චම්පක රනවකගේ bull talk වලට වඩා රසවත් bullshit එකකි...

      Delete
    2. ඒ කියමන bullshit එකක් වෙන හැටි විද්‍යාත්මකව පහදන්න පුළුවන්ද..?

      Delete
    3. @ AnonymousAugust 8, 2014 at 1:40 AM

      සොලි... සොලි... සමාදිය බාජනය කරමි. චානුක තුමා අන්තිම හරිය. එතුමාගෙ පැස්බර කතාවට bullshit කියූ මා අන්තිම මෝඩයෙකි.

      පැස්බරා මේ ආත්මේ පිහාටු දන් දී, බිත්තර ටික දකුනු අප්‍රිකා ආරාමයට ඔම්ලට් වලට පූජා කර වතාවත් පුරා මිය පරලොව ගිය පසු ක්ශීරපායීයෙකු ව ඉපදිය හැකිය. බොහෝ බිත්තර පූජා කර තිබුනොත් මේ සිරි ලන්කාවේම මනුස්සයෙකු ව ඉපදෙනු නියතය...

      ඒ උතුම් පැස්බරා ගැන "පැස්බර කුමරාන... ඔබ නැති හඳ පාන" වැනි ගී සින්දු ද ලියවෙනු ඇත...

      Delete
  9. පාර්ලිමන්ට් ජෝක්ස්

    ReplyDelete
  10. චානුක දැන් බ්ලොග් එක ලියන්නෙ නෑ නේද?
    කොහෙද ඔහු ලියන්නෙ?

    ReplyDelete
    Replies
    1. නෑ චානුක දැන් බ්ලොග් ලියන්නේ නෑ ඒවුනාට කොස් ඇට කෑවාම පඩ යන හැටි ගැන ඇනෝ ඇවිත් කොමෙන්ට් කරනවා.

      Delete
  11. Couldn't agree more ... Good one
    1. Unskilled labor force with an attitude
    2. High labor costs
    3. No innovation
    4. Corruption in every part of the society (Not only politicians)

    ReplyDelete
  12. පවුනේ... කලින් ඇහැරිලා. සුඅුකරපටි ආර්ථික ඝාතකයින්ගෙ නැලවිලි ගී මැද ආයෙත් බොරුවට නිදාගන්න ඇමතිතුමෝ මිනිස්සු හිනස්සන්නැතිව.

    ReplyDelete
  13. ඇයි මහ බැංකුවෙ අයට විතරද EF ආර්ථික විද්යා ප්‍රබන්ධ කියන්න පුලුවන්?

    සාදුලත් ලඟදිම කියයි ආර්ථික බණ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං ප්‍ර උඹ මේ මහා බැංකු වාර්තාව අල්ලගෙන හැම තිස්සෙම බයින්නේ.
      ඇත්ත කියහන් කබ්රාල්ට වැඩේ දෙන්න නේද හිතාගෙන ඉන්නේ.:D
      ඒ වුණත් ඒ උත්තමයා රටේ ආර්ථිකය වෙනුවෙන කොයි තරම් දේවල් කරලා තියෙනවාද?
      කොටින්ම පහළ ආදයම් ලබන රටක් මධ්‍යම ආදයම් ලබන තැනකට ගෙනාපු එකම මදිද:D?
      මම මේ උන්නැහේගේ පොටෝ එකක් හොයනවා පර්ස් එකේ දාගෙන තියාගන්න.හම්බු වුනොත් කියන්න හොඳේ.:D?

      Delete
  14. හොද ලිපියක්. වාමාන්ශික අදහස් වලින් සමාජය රැවැට්වීම නවතිනකන් මෙ රටට සිග්‍ර දියුනුවක් බලාපොරොත්තු විය නොහැක. අවාසනාවකට එජාපය පවා දැන් දැන් ප්‍රකාශ කරන්නෙ අමු වාමාන්ශික අදහස්. අද එජාපයට වඩා මහින්ද දක්ශණාන්ශික වෙලා. එහෙම බලද්දීත් මහින්ද දිගටම ජනාධිපතිකමෙ ඉන්න එක රටට යහපත්.

    ReplyDelete
  15. මම බැලුවා පතොලන් කොහොමද කවදාවත් නැතුව වටිනාකමක් ඇති, පල් හෑලි නැති ලිපියක් ලියුවෙ කියලා. බලද්දී වෙන පොරක්නෙ ලියලා තියෙන්නෙ.

    ReplyDelete
  16. අපට ඕන කරන ආර්ථිකය මොකක්ද කියන එක තීරණය කරන සාධක ගනනාවක් තියනව. සමහර විට වෙළඳපොලම ඒක තීරණය කරාවි. මම විශ්වාස කරන විදියට ලෝකයේ තියන කුමන හෝ ආර්ථික ක්‍රමයක් නිවැරදිව ක්‍රියාත්මක කලොත් (දැනට තියනවට වැඩිය) සාර්ථක ප්‍රතිපල අත්කරගන්න පුළුවන්. දැන් තියන අවුල තමයි එහෙම එකක් නැතිකම.

    චම්පිකගෙ ප්‍රශ්නය ගනිමු!
    ලේඛකයා කියන විදියට "සිස්ටම් එකක් ඇතුලෙ ඉඳගෙන, තීරණ ගනිමින් ඒක විවේචනය කරමින් විහිළුවට ලක්වීම" කියන කේස් එකට වැඩිය එහාට ගිය යමක් මෙතන තියනව.(මේක විමල්ටත් අදාලයි).
    පළමුවෙන්ම, සිස්ටම් එකෙන් එලියෙ ඉන්න අපිට චම්පිකලා පේන්නෙ සිස්ටම් එක ඇතුලෙ ඉන්න කෙනෙක් වගේ. නමුත් ඇතුලෙදි චම්පිකලා, විමල්ලා, වාසුලා,......(නම් පනහක් විතර කියන්න පුළුවන්) ඔය කොයි කවුරුත් නිකංම නිකං මිනිස්සු විතරයි. එයාලට සවන්දෙන්න කෙනෙක් නෑ. එහෙයි-යර්ස් සර් කියනව ඇරෙන්න කරන්න වෙන දෙයකුත් නෑ. තීරණ ගන්නෙ දෙන්නෙක් තුන්දෙනෙක්, වැඩිම උනොත් පස්දෙනෙක්. වික්ටර් අයිවන්ගෙ වචනයෙන් කුණුවෙලා ඕජස් ගලන ආණ්ඩුවට එරෙහිව රතු එලි නිකුත් වෙද්දි මේ උදවියට මතක් වෙනව තමුන් ඉන්න තත්වය. ඉතිං මේවගේ ප්‍රතිවිරුද්ධ අදහස් එලියට එන්නෙ ඒකයි.

    ReplyDelete
    Replies
    1. චම්පිකලා විමල් ලා කියපු දේ ඒ මිනිස්සු කවදත් කිව්වා. වෙලා තියෙන්නෙ ඉතින් දේශපාලනේට ගියාම තමන් කියන එකම බදාගෙන හිටියා නම් අද වික්‍රමබාහු ඉන්න තැන ඉන්න තිබුනා උන්ටත්. විමල් චම්පික දෙන්නාම බල ලෝභියෝ, එහෙම කතාවට විතරක් සීමා වෙන්න ලේස්ති උන් නෙවෙයි. (මල්ලිලට චූන් වෙන්න කියනව නෙවෙයි, අද පාර්ලිමේන්තුවෙ ඉන්න ඔක්කොම එහෙම තමා)

      ඉතින් උන්ගෙ මතවාද වලයි ඉන්න තැනයි අතරෙ ඝට්ටනය සැරින් සැරේ එලියට එනවා. සමහර විට පුකෙන් කතා කරනව වගේ දේවලුත් කරන්න වෙනවා ඉන්න තැන පරිස්සම් කර ගන්න. ඕක තමයි දේශපාලනේ හැටි. දැන් එහෙම නැති ප්‍රතිපත්ති ගරුක බාහු වගේ උන්ට මෙතන ටෝක් දෙන අය්යලත් චන්දෙ දෙන්නෙ නෑ නේ. එහෙම දෙන කාලයක් ආව නම් හොඳයි.

      මට මහින්දව වත් චම්පිකල වත් පරෙස්සම් කරන්න ඕනෙ නෑ, ඒත් යූ ඇන් පී එකෙන් සීරියස් කතා කරල මිනිස්සු අතරට ගෙනියන්න ඕන ප්‍රශ්න අඩු ගානෙ චම්පිකල විමල් ල නමට හරි අදින කොට අපේ උන්ට ඒකත් වැරදි. දැන් උන් හෙට ආණ්ඩුවෙන් අයින් වෙලා ඕව කියන්න වෙනම චන්දෙ ඉල්ලුවොත් මෙතන උන්ට බනින උන් වත් උන්ට චන්දෙ දේවිද? ඊට වඩා චන්ද ගනී දුමින්ද සිල්වා.

      මට නම් මොකුත් කතා නොකර නිමල් සිරිපාල ල වගේ ඉන්නවටයි, එහෙම නැත්නම් මරා මිනිස්සුන්ටම එපා වෙලා එලවපු දවසක අපිත් ඇමතිල වෙනව කියල බලන් ඉන්න එකටයි, වලං පොලවෙ ගහනවටයි වඩා හොඳයි මෙහෙම හරි දෙයක් කතා කරන එක.

      Delete
    2. චම්පිකලා විමල්ලා ගැන තවදුරටත් විස්තර කරන්න පුළුවන් කරුණු දෙකකින්.
      පළමුවැන්න ඔවුන්ගේ ඊනියා විරෝධය ආණ්ඩු විරෝධී රැල්ල දුර්වල කරනව. 'යකෝ අපිට තමයි විපක්ෂයේ කාර්යභාරයත් කරන්න වෙලා තියෙන්නෙ' වගේ කතාවල් (ඕව කියන්නෙ එයාලම තමයි) ඇනෝනිමස්ලාගේ කටිනුත් පිටවෙනව කියන්නෙ චම්පිකල විමල්ල උඩින්ම සාර්ථකයි :-)
      දෙවැන්න තමයි මාත් උඹත් දක්වල තියන ඝට්ඨනය.

      දැං උඹ කියන විදියට උඹට ඕන ආණ්ඩුවෙ වැරදි මේ විදියට හරි පෙන්වමින් ආසනයත් රැකගෙන ඉඳීම. නමුත් අපිට නං ඕන ඇත්තම විසඳුමක්. ඒක කරන්න පුළුවන් නං ඉන් මෙහා තියන කාගෙවත් ටාගට් අපිට අදාල නෑ. චම්පිකලා වික්‍රමබාහු‍ලාගෙ ගානට හරි වැටිල (ඡන්දයෙන්) රට ගොඩ යනව නං එච්චරයි.

      Delete
    3. //දැං උඹ කියන විදියට උඹට ඕන ආණ්ඩුවෙ වැරදි මේ විදියට හරි පෙන්වමින් ආසනයත් රැකගෙන ඉඳීම. //

      මට ඕන එක ඒක කියල කොහෙද බං කියල තියෙන්නෙ?

      මට ඕන එක තමයි දේශපාලකයො ටිකක් හරි මේ ප්‍රශ්න ගැන කතා කරන එක, අඩු ගානෙ සංවාදයක් පටන් ගන්න වත්. මොකද හැමදාම අරුන් හොරු මුන් හොරු කියල මඩ ගහගෙන තට්ටු මාරු ක්‍රමේට ආණ්ඩු මාරු කරලා රට ගොඩ ගන්න බෑ. ඒක චම්පික හෝ හර්ෂ හෝ අනුර දිසානායක කරනව නම් *ඒ කන්ටෙක්ස්ට් එක ඇතුලෙ* උන්ගෙ දේශපාලන පතිවෘත්තාව හොයල වැඩක් නෑ. චම්පිකත් ඔතනට ඇවිල්ල "එදා යූඇන්පී ආණ්ඩුව රට කෑවෙ මෙහෙමයි" කියල ටෝක් එකක් දීල ගියා නම් මම ඒත් වැරදියි කියනව.

      // චම්පිකලා වික්‍රමබාහු‍ලාගෙ ගානට හරි වැටිල (ඡන්දයෙන්) රට ගොඩ යනව නං එච්චරයි. //
      දැන් එහෙම වෙන රෙසිපි එකක් උඹ ගාව තියද? එහෙම නම් කියපන් මමත් සපෝට් කරන්න.

      Delete
    4. //මට මහින්දව වත් චම්පිකල වත් පරෙස්සම් කරන්න ඕනෙ නෑ, ඒත් යූ ඇන් පී එකෙන් සීරියස් කතා කරල මිනිස්සු අතරට ගෙනියන්න ඕන ප්‍රශ්න අඩු ගානෙ චම්පිකල විමල් ල නමට හරි අදින කොට අපේ උන්ට ඒකත් වැරදි//
      //මට නම් මොකුත් කතා නොකර නිමල් සිරිපාල ල වගේ ඉන්නවටයි, එහෙම නැත්නම් මරා මිනිස්සුන්ටම එපා වෙලා එලවපු දවසක අපිත් ඇමතිල වෙනව කියල බලන් ඉන්න එකටයි, වලං පොලවෙ ගහනවටයි වඩා හොඳයි මෙහෙම හරි දෙයක් කතා කරන එක.//

      මෙන්න මේ දෙකෙන් ගන්න තියන නිගමනය තමයි මම ගත්තෙ.

      සංවාදයක් පටන් ගැනීම හොඳයි. නමුත් සංවාදය කල යුත්තේ උඹයි මමයි මේ කතා කරනව වගේ අවංකව. බලය රැකගැනීමේ චේනතාව පමණක් තියාගෙන ඕන වෙලාවට සංවාද ගොඩනඟන්නයි අල කරන්නයි කටයුතු කරනව නං ඒ සංවාදය වැඩක් නෑ.

      මගේ අදහස නම් නිදහස් වෙළඳපොල ක්‍රමය හොඳයි ආරම්භයක් හැටියට. මොකද නැත්තං අපේ කස්ටිය අන්තයට ගිහිල්ල අනාගන්නව නෙව. ඒ නිසා මම කැමතියි අරුණි ෂපිරෝ මෙතඩ් එකට. :-)

      Delete
    5. // මගේ අදහස නම් නිදහස් වෙළඳපොල ක්‍රමය හොඳයි ආරම්භයක් හැටියට. //

      අරුණි ෂපිරෝ මෙතඩ් එක කියන්නේ libertarianism නේ? උඹ කියන්නෙත් ලංකාවෙ වෙන්න ඕන ඒක ද?

      එතකොට සිංගප්පූරුවෙ කොරියාවෙ වුනෙත් ඒක ද? දන්නැති නිසයි අහන්නෙ?

      චම්පික මේ කතාවෙදි මොනව කිව්වද මම දන්නෙ නෑ. මම දන්න හැටියට නම් හෙළ උරුමෙ කොමියුනිස්ට් පක්ෂයක් නෙවෙයි අන්ත ධනවාදී පක්ෂයක්. රෙගියුලේශන් සහ එක එක සෙක්ටර් ප්‍රමෝෂන් මම දන්න හැටියට දියුනු වුනු ගොඩක් රටවල තිබුනා. සිංගප්පූරුවෙ දැන් හිටු කියල බයෝඉන්ෆොමැටික්ස් එහෙම ප්‍රමෝට් කරන්නෙ. උඹ කියන්නෙ ඒක වැරදි ද?

      Delete
    6. // බලය රැකගැනීමේ චේනතාව පමණක් තියාගෙන ඕන වෙලාවට සංවාද ගොඩනඟන්නයි අල කරන්නයි කටයුතු කරනව නං ඒ සංවාදය වැඩක් නෑ.//

      මම දන්න විදියට නම් චම්පික (හර්ෂ, අනුර කුමාර ගත්තත් මේ විදියටම අදාලයි) ඔය මතවාදෙ සැරින් සැරේ වෙනස් කරල නෑ. මෙතනත් වෙලා තියෙන්නෙ NSF එකේ මොකක් හරි සාකච්චාවක් තියල පොරටත් එන්න කිව්වම පොරත් ගිහිල්ලා පොරට කියන්න තියන ටික කියන්න ඇති. එතන තියන ෆෝරම් එකට අදාලව එපයි කතා කරන්න.

      ඌ ආණ්ඩුවෙ හිටියා කියලා ආණ්ඩුවට සුදු හුණු ගාන්නම ඕන නැහැ නෙ. අනික උන් නිකන් හාල් කෑලි වලට වැටිලා තියන වෙලාවෙ චන්දයක් ආවම තමයි උන්ටත් උන්ගෙ ඇජෙන්ඩා එක ටිකක් තලා ගන්න වෙන්නෙ. එහෙම හිතන්න බැරිද?

      Delete
    7. ප්‍රොෆයිල් ඇනෝ ට හුරේ එකක් දමමි... ජයවේවා!

      Delete
    8. Chanuka WattegamaAugust 8, 2014 at 5:39 AM

      මාතෘකාවට අදාළ කරුණු උඩින් පල්ලෙන් පමණක් දැන වැරදි මතයන්හි සිටින අය කමෙන්ට් එකකින් දෙකකින් පමණක් නිවැරදි කිරීම කළ නොහැකි අතර මම ඊට උත්සාහයක්ද නොදරමි. හෙළ උරුමය ධනවාදී දේශපාලන පක්ෂයක් නොව populist දේශපාලන පක්ෂයකි. චම්පික යෝජනා කරන්නේ වෙනත් කිසිම රටක සාර්ථව වූ මොඩලයක් නොවන බව ලිපියේ පෙන්නා දුනිමි. එකේ සිට දේවල් තේරුම් කර දෙන්නට කාලයක් හෝ අදහසක් නොවේ. අදහස් දැක්වීම ගැන ස්තූතියි.

      Delete
    9. චානුක,

      තරමක් හෝ polulist නොවන ධනපති දේශපාලන පක්ෂ ලංකාවේ නැත. තිබේ නම් කියන්න.

      මා හෙළ උරුමය ධනවාදී කීවේ රාජ්‍යතන්ත්‍රයේ මැදිහත්වීම ගැන කෑගසන ජවිපෙ වැනි පක්ෂ වලට සාපේක්ෂව මිස යුටෝපියාවකට සාපේක්ෂව නොවේ.

      ඔබ චම්පික තමාගේ මොඩලය හැටියට කිසි රටක් පෙන්නුවේ නැතැයිද එසේ කීවා නම් හොඳ යයි ද කියයි. අනෙක් අතට මා "නිවැරදි කරන්නට" මෙහෙමද කියයි:

      // එහෙම නැතුව අරයා එහෙම කළා කියලවත් අරකට වැඩිය අපි මේකට කැමැති නිසා ඒක කළ යුතුයි කියලවත් යමක් තීරණය කළ යුතු නැහැ.//

      ඔබේ අයිඩියල් බිස්නස් වලට උදාහරණ දෙන්නැයි කී විට සේවා අංශයේ (දැනට ජාත්‍යන්තර මාකට් එකක් එහෙමට ඇත්තේ වත් නැති) අංශ වලිනුත් උදාහරණ දෙන ඔබ, සේවා අංශය යන්න emphasize කරන ඔබ, product අංශයෙන් දැනට සාර්තක වී ඇති උදාහරණ ඇති වත් ඒ ගැන අනුමැතිය දෙන්නේ බැරි බැරි ගානේ ය. ඒත් "IT යනු සර්විස් අංශයකි" වැනි දශකයකටත් එහා පැරණි යල් පැන ගිය විහිළු මතවාද සමග ය.

      // චම්පික යෝජනා කරන්නේ වෙනත් කිසිම රටක සාර්ථව වූ මොඩලයක් නොවන බව ලිපියේ පෙන්නා දුනිමි.//

      චම්පික ඔය අයිටම් හත එකේ සිට පිලිවෙලට කරගෙන ආයුතු බවත්, එකකින් වත් පිට නොපැනිය යුතු බවත් කීවාදැයි මා දන්නේ නැත. එහෙත් ඔය කරුණු යම් යම් තරමට ඉටු කර ගනිමින් විදේශ විනිමය උපයන කර්මාන්ත ලංකාවේ ඇති බව පෙන්වා දුන්නෙමි. අනෙක් පැත්තට නිකන්ම "මාකට් එක ඕපන් කරමු" කියන්නට පිටින් ඔබ විසඳුමක් දෙන්නේ ද නැත. එතකොට මාකට් එක ඕපන් කරපු ගමන් විතරක් රට දියුනු වෙයි ද?

      රාජ්‍ය අංශයේ මැදිහත්වීම ඇතිවත් දියුනු වූ ධනවාදී කාර්මික රටවල් ඇති බව ඔබම පෙන්වා දී ඇති විටකත් (කොරියාව), ඔබට එරෙහිව එය මතක් කිරීමේදී ඔබට ඒ කරුණම "කරුණු උඩින් පල්ලෙන් පමණක් දැන" බවට පත් වී ඇත.

      මාතලං බ්ලොග් කරුවන් ගැන නිතර කියන කතාවක් වනුයේ, ප්‍රශ්න අසන්නන් නිසා බ්ලොග් කෙරුවාව පත්තර කෙරුවාව තරම් ලේසි නැති බවයි.

      මෙතැනින් නවතිමි!

      Delete
    10. Chanuka WattegamaAugust 8, 2014 at 9:41 AM

      පැහැදිලිවම ඔබ මා කී දෙය අවබෝධ කර ගෙන නැති බව පෙනේ. මා නොකී දේවල් කිවූ සේ උපකල්පනය කරමින්, මහා පඹ ගාලක පැටලී ඇත්තේ එනිසාය. මේ ගැන මම පුදුම නොවෙමි. මා ලිව්වේ ආර්ථික විද්‍යාව ගැන යම් දැනුමක් ඇති හෝ අඩු තරමින් ඒ ගැන විවෘත මනසක් ඇති පිරිසකටයි. එසේ නොවන්නකුට ඒ සියල්ල පහේ පන්තියේ ළමයකුට ත්‍රිකෝණමිතිය වැනි වීම අරුමයක් නොවේ. ඔබට කරුණු පැහැදිළි කොට දීමට මීට වඩා කාලයක් තිබුණේ නම් සතුටු වෙමි. අවාසනාවකට එවැනි කාලයක් නැත.

      ඔබ කියන්නාක් සේ පත්තරකට්ය ලිවීම කෙසේ වෙතත් බ්ලොග් ලිවීම පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත්කරනවාට වඩා බොහෝ අසීරු කාරණාවකි. පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළ විට ඒ ගැන වාදයට එළඹෙන්නේ ඒ පිළිබඳ යම් අවබෝධයක් ඇති බුද්ධිමත් පිරිසකි. එහෙත් බ්ලොග් එකකදී විවිධ බුද්ධි මට්ටම්වල පිරිසට උත්තර බැඳිය යුතුය. සමහර විට අයන්නේ ආයන්නේ සිට කියා දිය යුතු වෙයි. මා ඊට උත්සාහ නොගන්නේ ඒ කොයිතරම් අසීරු කාරණයක්ද දන්නා නිසාය.

      Delete
    11. Chanuka WattegamaAugust 8, 2014 at 9:52 AM

      මේ අනවශ්‍ය වාදය තවත් දික් වීම වලක්වා ගනු පිණිස පමණක් ලිපියෙන් උපුටන කිහිපයක් දක්වමි.

      1. මා කොරියානු උදාහරණය මෙහි දක්වන්නේ හේතුවක් ඇතිවය. අමාත්‍ය රණවක අපට දේශනා කරන්නේ පූර්ණ නව ලිබරල්වාදය වෙනුවට කොරියානු මොඩලය අනුගමනය කරන්ට නම්... අපට ඔහු සමඟ එකඟ විය හැකිය.

      2. අවාසනාවට මේ අමාත්‍ය රණවක ගේ රෙකමදාරු මොඩලය නොවේ.... මේ එකදු රටක් හෝ අනුගමනය කළ මොඩලයක් අප විසින් අනුගමනය කළ යුතුය ඔහු නොකියයි. (ඔහුට වඩා එපිටින් සිතන විශ්ලේෂකයකුට නම් අඩු තරමින් කොරියානු හා මැලේසියානු මොඩල අපට අනුගමනය කළ හැකි ඒවා සේ පෙනෙන්ට ඉඩ තිබුණේය.) එවැනි අදහසක් අමාත්‍ය රණවකගේ මතය සවිගන්වන්ට ඉඩ තුබුණේය. අවාසනාවකට ඔහුට අවශ්‍ය වී ඇත්තේ රෝදය නැවත සොයා ගන්ටයි.

      3. ඇත්තටම අමාත්‍ය රණවකගේ යෝජනා සියල්ලක් කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් යන සරල සංකල්පයෙන් පමණක්ම නිෂේධ කළ හැකි තරමට බොළඳය.

      Delete
    12. උඩ 'මෙතැනින් නවතිමි' යනුවෙන් කී බැවින් ඔබ සමග ආර්ථිකය සම්බන්දයෙන් තව දුරටත් තර්ක කිරීමට නොයමි.

      ඔබ කී දේ ගැන මා අදහස් කළ දේ ඔබේ ක්වෝට් සමග පෙන්වා ඇත. ඔබ අදහස් කළේ එය නොවේ නම්, කළ යුතුව තිබුනේ (මා ඉහත රාජ් ට කළාක් මෙන්), ඔබේ හරි අදහස එය නොවන බව කියා හරි අදහස කීමයි. මගේ තර්ක individually නිශේද කිරීමට තැත්කළා මිස ඔබ එසේ කළේ නැත.

      මා ප්‍රශ්න කළේ, ඔබේම පරස්පර විරෝධී මෙන් පෙණුනු කරුනු පැහැදිලි කර ගැනීමටය. උදා:
      // මෙයින් පැහැදිළි වන්නේ ආරක්ෂණවාදය හා උද්ධමනය අපට පෙන්වනු ලබන තරමටම භයානක රකුසන් නොවන බවයි.//
      // එක පැත්තකින් ආරක්ෂණවාදය ප්‍රමෝට් කරන ගමන් රට කාර්මීකරණය කළ යුතුය කීම විහිළුවක්.//

      දෙවනුව, ඔබේ (අද්‍යාපන/සෞඛ්‍ය සේවා) *යෝජනා* වලට සාපේක්ෂව ලංකාවට *දැනටම* විදේශ සල්ලි ගෙනෙන තරගකාරී සමාගම් (Eastlink, MIT, CodeGen වැනි) චම්පිකගේ අංක යටතට දැමිය හැකිව තිබියදීත්, චම්පික ගේ යෝජනා "කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් යන සරල සංකල්පයෙන් පමණක්ම නිෂේධ කළ හැකි" බව කියන්නේ ඇයි දැයි කියාය.

      ඔබ දැන් තර්කය වෙනුවට තෝරාගෙන ඇත්තේ, පුද්ගලික නින්දා මගින් මගේ දැනුම විහිළුවට ලක් කොට කතාව අවසන් කිරීමටය. ඒ ගැන මගේ තරහක් නැත.

      Delete
    13. Previous comment was an answer to //Chanuka WattegamaAugust 8, 2014 at 9:41 AM// and was written before // Chanuka WattegamaAugust 8, 2014 at 9:52 AM // was published.

      Anyway, my point has been made.

      Delete
    14. සංවාදයකදී නොනමින් පෙනී සිටින්නකුගේ දැනුම හා පසුබිම දැන ගන්නට ඇත්තේ එකම එක ක්‍රමයකි. එනම් ඔහු/ඇය කියන දේවල් තර්කාන්විතද බුද්ධිමත්ද කියා බැලීමයි. ඔබ කියන දේවල් අනුව ඔබට ආර්ථික විද්‍යාව ගැන ඇති දැනුම ඉතා අල්ප බව පෙනේ. මෙය මා ඉගැන්වීමේදී හොඳින් අත්විඳ ඇති කරුණකි. මගේ සමහර සිසුන්ද හිතන්නේ ඔබ ලෙසින්මය. මා ප්‍රකාශ කළේ එයයි. එය පෞද්ගලික අපහාසයක් නොව ඇත්තකි. අනෙක් අතර නොනමින් පෙනී සිටින්නකුට කළ හැක්කේ කවර නම් අපහාසයක්ද?

      ඔබට දැන ගැනීමට අවශ්‍යම නම් ඉහත ඇත්තේ චම්පිකගේ අදහස් නොවේ. ඔහුගේ කථාව අග සිට මුලට ලියා ඇත්තේ මහාචාර්ය [name withheld] බව දෙවැන්නාගේ පැරණි කෘතීන් පරිශීලනය කළ කෙනකුට පෙනී යයි. මෙය ඔහු බොහෝ කාලයක් තිස්සේ කියන කතාවකම දිගුවකි. මා ප්‍රතිචාර දක්වන්නේ ඒ දීර්ඝ කතාවටය. ඔබ එය වටහා නොගන්නා අතරම මේ කතා රචකයා කිසිසේත් අදහස් නොකළ දේවල් ඔහු අදහස් කළාය කියමින් බරපතළ මුළාවකද වැටේ. ඔබේ වැරදි අදහස් එකින් එක පැහැදිළි කරන්නට අවකාශ තිබුණේ නම් සතුටු වෙමි. අවාසනාවකට මේ ඊට කාලය නොවේ. සමහරවිට (චම්පික රණවක පාර්ශ්වය මට පිළිතුරු දෙතොත්) ඉදිරි ලිපියකින් එය කිරීමට බලාපොරොත්තු වෙමි.

      අවසාන වශයෙන් චම්පික රණවක (කතා රචකයා) කාර්මීකරණය යනුවෙන් අදහස් කරන්නේ ඔබ කියන ඔය තොරතුරු තාක්ෂණය සම්බන්ධ දේවල් නොවේ. වර්ගීකරණය අනුව ඒවා වැටෙන්නේ manufacturing යටතට නොව IT enabled services යටතටය. කාර්මීකරණය යනු මේවා නොවේ. එනිසා කතාව මැදින් අල්ලාගෙන වැරදි වැටහීම් වලට නොබසින්න.

      CW

      Delete
  17. මම හිතන්නේ ලෝකේ හොදම රියැලටි වැඩසටහන ශ්‍රී ලන්කන් පොලිටික්ස් කියලයි.

    සමහරු දුක කියනවා. සමහරු පණ්ඩි ටෝක් දෙනවා. සමහරු මෝඩ පාට් රගනවා. බ්‍රෑන්ඩ් එකක් හදා ගන්න හදනවා. ඒක විකුනන්න හදනවා. අපිට එස් එම් එස් ගහන්න කියනවා. අපි ගහන එස් එම් එස් වලින් පෝසත් වෙන්නෙත්. දිනනවුන් තීරණය කරන්නෙත් වෙන කවුරුත්.

    ReplyDelete
  18. මාතලන් ඔයා මේ ලිපිය 'කියෙව්වේ' නෑ නේද? නැත්නම් ඔයා ඉන්න දේශපාලන මතය අනුව සහ රනිල්ගේ එන්න තියන ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මේක කීයටවත් මෙතන දන්නේ නෑ. මේ ලිපියයි රනිල් US ගිහිල්ල දෙසා බාපුවයි එකට තියල බලන්න. චම්පිකට නෙවෙයි රනිල්ට කනට ගැහුවා වගේ :D

    ReplyDelete
    Replies
    1. Chanuka WattegamaAugust 8, 2014 at 1:32 AM

      ස්තූතියි. මේක ලිවීමේදී මා රනිල් ගැන විශේෂයෙන් කල්පනා කළේ නැහැ, නමුත් ඔබ කියන එක ඇත්ත. අද චම්පික කියන දේවල්ම තමයි 1991-93 කාලේ කර්මාන්ත ඇමැති හැටියට රනිල් කිව්වෙත්. ලංකාව NIC එකක් නැත්නම් Newly Industrialised Country එකක් කළ යුතුය කියා නටපු නාඩගම සමහරුන්ට මතක ඇති. දැන් හිතෙනවා කවුරු හරි ඒ පිටපත හොරකම් කරලා චම්පිකට දීලද කියලත්. කොහොම වුණත් රනිල් හා ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ඉදිරියේදී දීර්ඝව හා විවේචනාත්මකව ලියන්නට බලාපොරොත්තු වෙනවා.

      CW

      Delete
  19. මේ ලිපිය තව වටිනව චම්පිකව පට්ට ගහලා, දෙකක් ඇනලා කුණු ගොඩට වීසි කරත් එක්කම, අපිට එහෙම "කම්පැරටිව් ඇඩ්වාන්ටේජ්" එකක් තියන ඉන්ඩස්ට්‍රි මොනවද කියලත් චානුක යෝජනා කරා නම්. (සංචාරක කර්මාන්තෙ ගැන චම්පිකට උත්තර දුන්නට අමතරව)

    මොකද මොන ඉන්ඩස්ට්‍රි එකක් පටන් ගන්න ගියත් ඔය "ලාභ ශ්‍රමය නෑ - ඕ....ක නම් කීයටවත් හරියන්නෙ නෑ" කතාව අදාලයි.

    මම කියන්නෙ චානුක එහෙම එකක් දන්නෙ නෑ කියන එක නෙවෙයි ඒ ගැන කියන්න ඕන දෙයක් මේ ලිපියෙන් කවර් වෙල නෑ කියන එකයි.

    චම්පික කාර් ම හදන්න ඕන කියල කිව්වද මම දන්නෙ නෑ, නමුත් මම හිතන්නෙ අපිට ට්‍රයි කරොත් පොටෙන්ෂල් එකක් තියනව චීනෙ හෝ ඉන්දියාව එහෙම තියෙද්දිම පොඩි නමුත් ලාභදායී, ස්පෙෂලයිස්ඩ් බිස්නස් වලින් ඔලුව උස්සන්න. "මේ රටේ තියන සම්පත් වලින් ඕව කොහෙ කරන්නද" කියල හිටිය නම් නිදහස බලෙන් වගේ ලැබෙන කොට කිසිම සම්පතක් නොතිබුනු, සාපේක්ෂව නූගතුන්ගෙන් පිරුනු සිංගප්පූරුවත් අද ආයුධ, බෙහෙත් වගේ උපරිම ලාබ තියන හයි ටෙක් බිස්නස් කරන්නෙ නෑ නේ.

    ReplyDelete
    Replies
    1. Commercial fishing
      Specialised agro products ( Ex: vallapatta , Binkohomba)
      Petroleum
      Ports/Airports and cargo handling
      Software industry
      Uranium Mining/purification/Energy

      Delete
    2. Chanuka WattegamaAugust 8, 2014 at 1:43 AM

      ස්තූතියි.

      අපට කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එකක් තියෙන ව්‍යාපාර අංශ මොනවද?

      මේකට දෙන්න උත්තර දෙකක් තියෙනවා.

      1. 'අරුණි ශපීරෝ' ටයිප් හෙවත් 'ටෙක්ට්ස් බුක් ටයිප්' උත්තරය තමයි. වෙළඳපළට නිදහසේ හැසිරෙන්න දෙන්න. කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එකක් තියෙන බිස්නස් වෙළඳපළ තීරණය කරාවි. අපි මොකටද ඕවා තීරණය කරන්න යන්නෙ? (සමහරවිට වඩා නිවැරදි වෙන්න පුළුවන් උත්තරය)

      2. වඩා ප්‍රායෝගික උත්තරය තමයි: සංචාරක සේවා, විනෝද සේවා, අධ්‍යාපන සේවා, සෞඛ්‍ය සේවා, මුල්‍ය සේවා... (කොටින්ම පුහුණු ශ්‍රමයට වැඩි මිළක් ලබා ගත හැකි සේවා අංශයේ ඕනෑම දෙයක්)

      අපට කාර්මීකරණය වෙන්න කොහෙත්ම බැරිය මා කියන්නේ නැහැ. නමුත් ඒ සඳහා අපේ ආකල්ප දැඩි ලෙස වෙනස් විය යුතුයි. උදාහරණයක් හැටියට විදෙශීය ශ්‍රමය හා විදේශීය ආයෝජන ගැන අපේ ආකල්ප වෙනස් විය යුතුයි. එක පැත්තකින් ආරක්ෂණවාදය ප්‍රමෝට් කරන ගමන් රට කාර්මීකරණය කළ යුතුය කීම විහිළුවක්.

      CW

      Delete
    3. චානුක,

      ඔබ ප්‍රොඩක්ෂන් කියන එක ප්‍රතික්ෂේප කර සර්විස් සෙක්ටර් කියන එක රෙකමදාරු කරන බවක් ද කියන්නේ? ස්පෙෂලයිස්ඩ් ෆීල්ඩ්ස් චලට හොඳ බඩු හදන සමාගම් ලංකාවෙ තියෙනව නේද?

      මට වතාවක් හමුවුනා ලංකාවේ EastLink කියල සමාගමක ලොකු තැන, ඔහු කියපු විදියට ඉන්දියාවේ ඇති මෝටර් රථ කම්හල් බොහොමයක් ඉන්දියන් සප්ලයර්ස් ලා මග ඇරල ඔහුගෙන් බඩු ගන්නෙ (මට මතක හැටියට networking and power related) ඔහුගෙ බඩු තත්ත්වයෙන් ඉහල නිසා. දැන් LSE එකේ සිස්ටම් එකට මට මතක හැටියට ලංකාවෙ Millenium IT එක හැප්පිලා දිනුවෙ සිංගප්පූරුවෙ Accenture එක්ක. (මතකය වැරදි වෙන්න පුලුවන්). මේවා ඇත්තටම service sector නෙවෙයි නේද?

      ආකල්ප වෙනස් කළ යුතු යයි කීමට එකඟයි. ඒත් mindset එකේ වැරදි උඩ ප්‍රොඩක්ෂන් අමතක කිරීම වතුරත් එක්ක ලමයත් විසිකරනව වගේ දෙයක් නෙවෙයි ද?

      Delete
    4. // ඉන්දියාවේ ඇති මෝටර් රථ කම්හල් //

      මරුටි නොවේ - ඉන්දියාවේ ඇති 'බටහිර' කම්හල්.

      Delete
    5. Chanuka WattegamaAugust 8, 2014 at 2:46 AM

      ඔබ මතු කරන කාරණා දෙකටම දිය හැකි සරල පිළිතුර තමයි උත්තර අංක 1 රිෆර් කරන්න කියන එක. මා කලින්ම කිව්වේ ඒකයි පළමු උත්තරය දෙවැන්නට වඩා නිවැරදි විය හැකි බව.

      ප්‍රඩක්ෂන් සර්විසස් කියලා භේදයක් අවශ්‍ය නැහැ. (ඇත්තටම එහෙම ඉරකින් ඇඳලා වෙන් කරන්නත් බැහැ හැම එකක්ම) අවශ්‍ය අපට ඇති සම්පත්, සීමාවන් දැන ගෙන ඒ අනුව කටයුතු කිරීම. එහෙම නැතුව අරයා එහෙම කළා කියලවත් අරකට වැඩිය අපි මේකට කැමැති නිසා ඒක කළ යුතුයි කියලවත් යමක් තීරණය කළ යුතු නැහැ. අවසාන වශයෙන් IT කියන්නෙත් සර්විස් එකක්.

      CW

      Delete
    6. // ඔබ මතු කරන කාරණා දෙකටම දිය හැකි සරල පිළිතුර තමයි උත්තර අංක 1 රිෆර් කරන්න කියන එක. //

      දැන් කොරියාවේ කලර් ටීවී ගැන කතාවෙන් ඔබම කිව්වා නේ නිදහස් වෙලඳපොල විතරක් ම නෙවෙයි කියලා එකම ක්‍රමය. ඔය ඇන්ටි-ටුවරිස්ම් බොරු සදාචාරවාදය ඇරුනම චම්පිකගේ කතාවේ ලොකු හරයාත්මක වෙනසක් මම දකින්නේ නෑ.

      // ප්‍රඩක්ෂන් සර්විසස් කියලා භේදයක් අවශ්‍ය නැහැ.//

      මම හිතුවේ ඔබ එහෙම අදහස් කළා කියලයි: පහත බලන්න -

      //වඩා ප්‍රායෝගික උත්තරය තමයි: ..... සේවා අංශයේ ඕනෑම දෙයක් //

      // අවසාන වශයෙන් IT කියන්නෙත් සර්විස් එකක්//

      EastLink වගේ IT නොවන තවත් සමාගම් ඇත. MIT උනත් විකිනුවේ නිකන්ම සර්විස් එකක් නොව ටෙක්නොලොජි ප්‍රොඩක්ට් එකක්. මම දන්නා හැටියට ඔවුන්ගේ ඇතැම් ක්‍රිටිකල් ප්‍රෝසෙස් දුවන්නේ කෙලින්ම කස්ටම් හාඩ්වෙයා උඩ. (ඔබ මේක නොදන්නවා වෙන්න බෑ)

      Delete
  20. රණවනගේ යෝජනා ටික තනිකරම විදේශ බලවේග මත යැපෙන ආර්ථිකයක්නෙ. දේශද්‍රෝහී යෝජනාවලියක්නෙ. වටිනවද මිනිහ වගේ ජාතික වීරයෙක් විදේශීය බලවේග මත යැපෙන ආර්ථිකයක් ගැන කතාකරන්ට. කෝ මේ බලු සේනාව ඈ???

    ReplyDelete
  21. ලංකාවට තියන ලොකුම සම්පත තමයි මානව සම්පත මේ මානව සම්පත දියුණු පුහුණු මානව සම්පතක් බවට පත් කිරීම තුලින් තමයි මම හිතන විදිහට නම් අපිට ආර්ථිකයක් විදිහට ගොඩ යන්න පුළුවන්.විශේෂයෙන් දියුණු මානව සම්පතක් ආයෝජකයන් ආකර්ෂණය කරනවා වගේම අපනයනය කරන්නත් පුළුවන්.නුපුහුණු ගෘහ සේවිකාවෝ මැදපෙරදිග යවල කොරියාවේ කම්කරුවෝ විදිහට යවල රටේ ජාතික ආදායමේ වැඩිම කොටස හොයන රටකට මේ තමයි ගොඩ එන්න තියෙන හොඳම විදිහ.කොටින්ම කොච්චර ලාබ ශ්‍රමයක් තිබුනත් බංග්ලාදේශයට ලාංකික ශ්‍රමිකයන්ව ආනයනය කරන්න වෙලා තියෙන්නේ පුහුණු ශ්‍රමයට තියෙන ඉල්ලුම නිසා.

    ReplyDelete
  22. මේ ලිපියේ අන්තර්ගත මූලික කරුණ ගැන කියන්නට කලින් ලිපියේ සඳහන් වෙත් කාරණයක් ගැන ලියන්නට අවශ්‍යයි.

    චම්පක සහ චානුක දෙදෙනාම උපාධිය විදිලි ඉංජිනේරු ශිල්පය ගැන උපාධි ලබා ඇති යැයි චානුක කියනවා.

    මෙහිදී චානුක ශිල්පය යන්නෙන් අදහස් කරන්නේ Technology වැනි අරුතක් විය යුතුයි. මා දන්නා පරිදි චම්පක උගත් කටුබැද්දේ හෝ මා උගත් පේරාදෙනියේ හෝ එවැනි ශිල්ප (Tech) උපාධියක් නෑ. මේ විශ්ව විද්‍යාල දෙකේම ප්‍රධානය කරන්නේ ඉංජිනේරු විද්‍යා (Bachelor of Science of Engineering) උපාධි.

    චානුක උගත් ඉන්දියාවේ කරණාටක ජාතික තාක්‍ෂණික ආයතනයේ (National Institute of Technology, Karnataka) නම් එවැනි උපාධියක් ලබා දෙනවා.

    මා අසා ඇති පරිදි ඉන්දියාවේ පිළිගැනීම ඇත්තේ මේ BTech තාක්‍ෂණ උපාධිවලටයි. (BTech එකක් ඇතිනම් දෑවැද්දත් වැඩිය ඩිමාන්ඩ් කල හැකි යැයි මට හමුවුණු ඉන්දියානු තරුණයෙක් මා සමග මීට වසර පහළොවකට පමණ පෙර කීවා!)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒ සමගම, BTech කළත්, BScEng කළත් රටක ආර්ථිකය මෙහෙයවන්නට හෝ ඒ ගැන සැලසුම් හඳන්නට තරම් ආර්ථික විද්‍යා දැනුමක් ලැබෙන්නේ නෑ. ඇමතිලා කළ යුත්තේ ඒ ඒ විෂය පිළිබඳ විශේෂඥයින් ගෙන් නිසි උපදෙස් ගැනීමයි.

      මෙහිදී චානුක "කථා රචකයින්" ලෙස හඳුන්වන්නට ඇත්තේ ඒ වගේ අය විය යුතුයි.

      ඒ සමගම කිව යුත්තේ මා කලකට පෙර ලක්‍ෂ්මන් ලා ගේ, හාවර්ඩ් නිකලස් ලා ගේ, අමලා ලා ගේ අනුග්‍රහයෙන් ආර්ථික විද්‍යාව (සමහරු අර්ථ ශාස්ත්‍රය කියා කියති) අධ්‍යයනය කළ කාලයේ ඔය කම්පෙටිටිව් ඇඩ්වාන්ටේජ් ගැන ඉගෙන ගනිද්දී ඒ සියල්ල ගණිතමය සිද්ධාන්ත මත පදනම් වී ඇති බවයි වැටහුනේ.

      කොටින්ම අපට අන්තර්ජාතික ආර්ථික විද්‍යාව ඉගැන්වූ ආචාර්ය ජයනෙත්තිත් මූලිකව ගණිතය හෝ විදුලි ඉංජිනේරු විද්‍යාව උගත් අයෙක්. නමුත් ඔහු ඒවන විට ලෝක බැංකුව වැනි තැනකයි සේවය කෙරුවේ කොළඹ ස්ථානගතව.

      ඉතිං චම්පක ට ආර්ථික විද්‍යාව ගැන කතා කරන්නට ලයිෂන් නැතැයි කියන්නට නම් බෑ.

      Delete
    3. මගේ අදහස වුනේ චානුක මොරටුවේ උපාධිධරයකු කියායි.

      //බෙදාහැරීම් හා සම්ප්‍රේෂණ ජාල පද්ධති වල වියදම් ගණනය කිරීම වැනි සරල දෙයින් එපිටට නොයන විදිලි ඉංජිනේරු සිසුවකුගේ ආර්ථික විද්‍යා දැනුමේ කොටසක් නොවේ, සන්සන්දනාත්මක ලාභය (කම්පැරටිව් ඇඩ්වාන්ටේජ්) වැනි සාර්වාර්ථිකවිද්‍යා සංකල්ප.//

      කටුබැද්දේ නම් ඔය ටැරිෆ් සබ්ජෙක්ට් එකට අමතරව මම දන්නා හැටියට Industrial Economics and Management කියා compulsory සබ්ජෙක්ට් එකක් තිබුනා, කෝස් එකේ අවසන් වසර දෙක තිස්සේ දිවෙන. ඒක විදුලි ඉංජිනේරුවන්ට පමණක් පොදු එකකුත් නොවෙයි.

      Delete
    4. https://sihisatahan.wordpress.com/2011/04/20/blogpost18/

      "උසස්පෙළින් A දෙකක් (භෞතික විද්‍යාව, ව්‍යවහාරික ගණිතය) B එකක් (රසායන විද්‍යාව) හා C එකක්ද (ශුද්ධ ගණිතය) ලකුණු 305/400ක්ද ලබා ඉංජිනේරු පිඨයට තේරුණත් මා මොරටුව සරසවියට ගියේ දින පහක නම්නීකරණ වැඩ සටහන වෙනුවෙන් පමණක් බැවිනි. මාසයක හෝ දෙකක ඉංග්‍රීසි පන්ති පැවැත්වුණේ සරසවියෙන් පිටතය. මෙයින් පසු සරසවිය දින නියමයක් නැතිව වැසුණු හෙයින් සැලකිය යුතු කාලයක් එය විවෘත වනතුරු බලා සිට නොවුණු තැන මම මොරටුව සරසවියටත් එහි මගේ මිතුරු කැලටත් ආයුබෝවන් කීමි."

      Delete
    5. මම චානුකගේ ඩිග්‍රියයි චම්පික ගේ ඩිග්‍රියයි ගැන කථා කොරන්න කොමෙන්‍ටුව දාන්න පල්ලෙහට එන කොට කකා ඒක ලස්සනට දාලා....ඒ හින්දා මම හැරිලා යනවා...

      Delete
    6. ආ තව එකක් අමතක උනා...චම්පික පීබී එක්ක වෙච්චි අමනාප කමේ යථාර්ථය, ඒක පිටිපස්සෙ තිබ්බ නියම ප්‍රශ්ණය අවබෝධ කරගෙන එලියට බැහැලා බවක් මට පේනවා...ඒත් චානුක තමන්ගේ ලොක්කා ඩිෆෙන්ඩ් කරනවා ද කියලා මට සැකයක් එනවා....

      Delete
  23. මේ ලිපියේ දී චානුක විසින් චම්පක ගේ කතාවේ අන්තර්ගතය පරණ වයින් වලට සමාන කරයි. මෙය අතිශයින්ම නොගැලපෙන තර්කයකි.

    බොන්නෝ දන්නා පරිදි පරණ අරක්කු සහ පරණ විස්කි මෙන්ම පරණ වයින් ද චටිනාකමෙන්, රසයෙන් වැඩි එනිසාම ඉල්ලුම ද වැඩි බීම වර්ග වේ.

    චානුක භාවිතා කළ යුතුව තිබුණේ "පරණ පාන්" වැනි යෙදුමකි.

    ReplyDelete
  24. චම්පක ගේ සත් වැදෑරුම් වැඩ පිළිවෙල කියවු විට මට හිතුනේ ඒවා උපදේශක කතා රචකයින් ලියු ඒවා නොව ඔහු ම ලියූ ඔහු ගේ පැරණි ජවිපෙ මූල් ඉස්මතු කරවන කාරණා කියායි.

    සමහරවිට පසුගිය දනිවල ලක්බිමේ අතුරලියේ රතන ගේ මතක සටහන්වල තිබුණු පරිදි 1988 මැයි දින කාලයේ නාරාහේන්පිට පන්සලේ දී ත් ඔවුන් දෙදෙනා ඔය වගේම අදහස් හුවමාරු කරගන්නට ඇති...!!!

    මේ ලයිස්තුවේ අංක 5 වැදගත්. එය ක්‍රියාත්මක කිරීමට නම් ලංකාවේ විශ්ව විද්‍යාල, අධ්‍යාපන ආයතන සහ පර්යේෂන ආයතනවලට ඇති ප්‍රතිපාදන වැඩි කළ යුතු වෙනවා. පුද්ගලික අංශයේ කෙරෙන පර්යේෂණ කටයුතුවලට බදු සහන දිය යුතු වෙනවා.

    ආනයනාදේශක භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ යෝජනාව කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් තියරිය මගින් කෙලින්ම නිෂ්ප්‍රභා කළ යුතුයි මා සිතන්නේ නෑ. ඔබාමාගේ ඈමරිකාවේ පවා කිසිම ම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එකක් නැති කරමාන්ත රැකගන්නවා බදු සහන සහන ආධාර මගින් විවිධ හේතු දක්වමින්.

    චම්පක කළ යුත්තේ ඔය සත්වැදෑරුම් ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීමේ සැලසුම් ඉදිරිපත් කිරීම සහ එයට ප්‍රතිපාදන ලැබෙන හැටි, එනම්, බදු සහන සහ වියදම් සඳහා මුදල් සොයා ගන්නේ කෙලෙසදැයි පෙන්වීමයි.

    ReplyDelete
    Replies
    1. Chanuka WattegamaAugust 8, 2014 at 9:58 AM

      /ඔබාමාගේ ඈමරිකාවේ පවා කිසිම ම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එකක් නැති කරමාන්ත රැකගන්නවා බදු සහන සහන ආධාර මගින් විවිධ හේතු දක්වමින්. /

      ඒ රටවල් එහෙම කරන්නේ ආර්ථික හේතු මත නොව දේශපාලන හේතු මත. ඔවුන් ඒකට ආර්ථික වන්දියක් ගෙවනවා. අපට එහෙම කරන්න බැරි අප ආර්ථික වශයෙන් සවිමත් නැති නිසා.

      Delete

  25. පළමුව විජාතික ආයෝජන හා විජාතික තාක්ෂණය භාවිතා කොට අපනයන භාණ්ඩ නිෂ්පාදන කරන්න.
    දෙවනුව අපනයන වෙළඳපළ පිණිස අතරමැදි භාණ්ඩ හෝ භාණ්ඩ කොටස් නිෂ්පාදනය ජාතික ආයෝජන වලින් එහෙත් විජාතික තාක්ෂණය උපයෝගී කර ගනිමින් කරන්න.
    තෙවනුව දේශීය වෙළඳපළ පිණිස ආනයනාදේශක භාණ්ඩ නිෂ්පාදනයට විජාතික තාක්ෂණය (අපට අවශ්‍ය ආකාරයට) හැඩගසා ගන්න.
    සිව්වනුව අපනයන භාණ්ඩ නිෂ්පාදනයට ජාතික ආයෝජන යොදවා විජාතික තාක්ෂණය (අපට අවශ්‍ය ආකාරයට) හැඩගසා ගන්න.
    පස්වනුව මුලින් විජාතිකව උකහා ගන්නා ලද තාක්ෂණයන් උපයෝගී කොට ගෙන, එහෙත් දේශීයව කරනු ලබන, පර්යේෂණ හා සංවර්ධනය (රීසර්ච් ඇන්ඩ් ඩිවලප්මන්ට්) මඟින් තාක්ෂණයන් හා ව්‍යාපාර පරිපාලන පද්ධතීන් (මැනේජ්මන්ට් සිස්ටම්ස්) දේශීයව ගොඩ නඟා ගන්න.
    සයවනුව ජාතික ආයෝජන උපයෝගී කොට ගෙන, විදෙස් වෙළඳපළ වල තරග කළ හැකි, දියුණු භාණ්ඩ හා සේවාවන් හා ව්‍යාපාර පරිපාලන පද්ධතීන් (මැනේජ්මන්ට් සිස්ටම්ස්) නිර්මාණය කරන්න.
    සත්වනුව නව නිපැයුම් (ඉනවේෂන්) හා දැනුම ආර්ථික වර්ධනයේ ප්‍රධාන සංරචකයක් කොට ගන්න
    =============

    මෙව්වනම් පට්ට යෝජනා මාතලන් බොස්..

    දවාලෙක හීනෙන් දකින්න නම් කියාපු බඩු ටිකක්..

    බලන් ගියාම අපේ රණවක බොසුත් පට්ට හීන ( දවල්) කැප්ටන් කෙනෙක්නෙ..

    ...

    උපුටාගත් ලිපිය බොහොම වැදගත් උනත් පට්ට දිගයි නේ..

    ReplyDelete
  26. විවෘත ආර්ථිකයට බන අඬගසමින් හෙළුව වසාගැනීමට තැත් කිරීමකට එහා ගිය කලමනාකරණ හැකියාවක් පෙන්නුම් කල එකදු දේශපාලකයෙක් J.R. ගෙන් පසු හමුවීදැයි සැක සිතේ . චන්ද්‍රිකා යුගයේ විවෘත ආර්ථිකයට මානුෂික මුනුවරක් දීම වචනයට පමණක් සීමාවිය.
    අද සංවෘත ආර්ථික මොඩලයක් ගැන කතා කරන්නවුන් පවා අවසානයේ බලාපොරොත්තු වන්නේ සිංගප්පූරුවකි. චම්පිකගේ අවසන් බලාපොරොත්තුවත් ලංකාව සිංගප්පූරුවක් කිරීමය. නමුත් විවෘත ආර්ථිකය ඔහුට අරහන් වන අතර සුරංගනා කතා කීපයක් කියා වටිනාකමක් එක් කරගැනීමට උත්සාහදරයි. මෙය අද ලාංකීය දේශපාලකයා තුල පොදු ලක්ෂණයක් වීතිබේ.
    හර්ෂ ,එරාන් වැන්නන් යම් සාධනීය අදහස් දක්වනන් ලෙස පෙනීගියද අවසානයේ ආකර්ශනීය විවේචනයන් හැරුණු කොට යෝජනාවක් ලෙස හෝ විකල්පයක් ලෙස ගතයුතු මාර්ගය ගැන කතිකාවක් ගොඩනගන්නේ නැත. සමහර විට තැනගේ රජයක් යටතේ ඒවා ඉදිරපත් කිරීමට හංගාගෙන සිටිනවාදැයි දන්නේ ඔවුන්ම පමණි.
    නමුත් විපක්ෂයේ සිටියදී ආර්ථිකය ගැන ඉතාම විද්වත් අදහස් දක්වන පුද්ගලයන් ප්‍රායෝගික තලයට පැමිනිපසු දක්වන අසාර්ථක භාවය ගැන බන්දුල, මිලින්ද සහ කබ්රාල් වැන්නවුන්ට වඩා නිදසුන් අවශ්‍ය නොවේ .
    වරද ඇත්තේ කොතනදැයි පැහැදිලිය. විද්වත් සහභාගීත්වය ලබා ගැනීමට දේශපාලකයා අසමත්ය. එසේ නැත්තනම් ඔවුන්ගේ අදහස් වලට තැනක් දීමට අකමැතිය. අවසානයේ දේශපාලකයන්ගේ ඔලු වැඩකරන්නේ ඊළඟ මැතිවරණය දිනාගැනීම කෙරෙහි පමණි. විද්වතුන් සහ ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති පුද්ගලයන් සිටියද ඔවුන් හඳුනාගැනීමට ශක්‍යතාවක් සහිත යාන්ත්‍රණයක් නොමැත, අහම්බෙන් හෝ එකතුවන කිහිපදෙනාද මේ මජර ක්‍රමය තුලම ගිලීයන්නේ ,එහි ඇති වරප්‍රසාද සහිත රහ වැටුණු පසුය . ප්‍රමුකතාවන් හඳුනා ගැනීමට සියලුදෙනා අසමත්ය.
    ඉතාම සරල උදාහරණයක් දක්වනවානම් , පිරිපහදුවට බොරතෙල් ප්‍රවාහනය කරන නල පද්දතිය වසර 70 ක් පැරණිය. මෙහි සම්මත ආයුකාලය වසර 25කි . ඒ අනුව මෙම නල පද්දතිය ගෙවමින් සිටින්නේ එහි තුන්වන ආත්මයයි . මේ දක්වා එය පිළිසකර කිරීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමට වැඩපිළිවෙලක් නැත. නමුත් බල්ලෙක්වත් නොයන තැන්වල සම්මන්ත්‍රණ ශාලා ඉදිවෙයි . රටට මහා අවශ්‍යතාවයක්ව පවතින ෆෝමියුලා ධාවන් පථයක් ඉදිවෙයි . අරුමයකි.
    ආර්ථික වශයෙන් දියුණුවක් ලබා ගැනීමට පෙර එදිනෙදා ජන ජීවිතය පවත්ව ගැනීමට අවශ්‍ය මැදිහත්වීම් පවා නොකෙරෙයි

    අවසානයේ අපි නැවතත් හිටපු තැනමය. හැමදාමත් සංවාද කතිකාවත් පමණි .

    ReplyDelete
  27. ආර්ථියක් ක්‍රියාකරන්නේ ඒකීය පුද්ගලයන්ගේ නිෂ්පාදන බෙදාහැරීම් හා මිලදී ගැනීම් මතයි
    මෙය නිවැරදිව සැලසුම් කිරීමේ හැකියාවක් කාටවත් නැහැ කලයුත්තේ ව්‍යාපාරිකයන් තම අවදානම දරගෙන මුදල් ඉපයීම පමනයි පාඨලී චම්පිකටවත් චානුක වත්තේගමටවත් මේ ගැන සැලසුම් හැදීමේ හැකියාවක් නෑ

    ReplyDelete
  28. sorry machanlaa, l have to write in English,
    I have read the article and all the comments, food for thought for politicos;
    for what ever reason politicians of dheishapremi class, Vimal, Champaka and Athuraliye Rathana have started a dialogue that make some sense, I appreciate that.
    Also as ivan pavulusha has mentioned politicians hate intellectuals, our universities were ill treated and politicised.
    We have come to a point that current political system can't survive without intellectual injection and a way forward in short a vision, now is the opportunity to come forward with one, I am sure that next election will be of that nature,thanks Mathalan for bringing this article to the notice

    ReplyDelete
    Replies
    1. මට මේක දැකලා පොඩි හිනාවක් ගියා....

      ඇල්කෙමියි එයාගේ පෝස්ට් එකක් චම්පික ගැන පොඩ්ඩක් ධණාත්මකව කතා කරලා තිබ්බා.....ඒකේ තිබ්බ කාරනු චැලෙන්ජ් කරන්න බැරි නිසා චම්පිකත් එක්ක මලෙන් හිටියත් මාතා එතැන ශේප් කමෙන්ට් එකක් කොටලා ආවා...

      ටික වෙලාවකට පස්සේ චානුකගේ මේ ලිපිය දැක්කම මාතා ට මතු වෙනවා පොටක්..... චම්පිකත් එක්ක ඇරියස් කවර් කර ගන්න විදිහක්...

      මාතා ගේ සීමීති දැනුමේන් චම්පිකගේ අදහස් වලට චැලෙන්ජ් කොරන්න බැරි වෙචිචි ඇරියස්ස් එක චානුකගේ ලිපියි උපුටාලා දාලා කවර් කොර ගන්නවා...

      Delete
    2. ඉස්සර ඉන්දියාවේ තිබුන සති පූජා චාරිත්‍රයේදී වැන්දඹුවට කියන්නේ උඹ මිනිහට ආදරේනම් මිනිහත් එක්ක පනපිටිං පිච්චියන් කියන එක
      චම්පිකට ඉල්ලා අස්වෙන්න කියන එකත් ඒවගේම දේශපාලන සතිපූජාවක්
      චම්පිකට අස්වෙන්න යෝජනා කරන අය අස්වුනාම එයාට උදව් කරන්නේ නම් නෑ

      Delete
  29. මම මේ නොදන්න කමට අහන්නේ ඇත්තටම ඉතාලිය දියුනු වුනේ කොහොමද මොකද ඉස්සර ඉතාලිය කොරියාවටත් අන්ත රටක්

    ReplyDelete
  30. මුලිම්ම කියන්න ඕන, චානුක මේ ආකාරයෙන් නැවත බ්ලොග් වලට පිවිසීම ඉතාම යහපත් කාරණාවක්. ඒ වගේම එකම තැන කැරකෙන බොහෝ බ්ලොග් ලිපි අතරෙ මෙවන් සාකච්ඡාවක් කාලෙකින් දකින්නට ලැබීමත් සතුටක්. සමහරවිට ඉදිරියේ එන මැතිවරණ කාලය්ත් එක්ක අපට කාලය්ක් පිටත සිටි රචකයො ආය් එනව දකින්නත් පුලුවන් වෙයි. ඒත් ඒක තීව්‍ර වෙන්න, දායකත්වය සහ සංවාද ඉහල මට්ටමකට එන්න නම් මහින්ද රාජපක්ෂ ආන්ඩුවට ප්‍රභල තර්ජනයක්, තරඟයක් මතුවෙන්න වෙයි. නැත්තන් ඉතින් හැමදම දකින ඇල්මැරිච්චි ලිපි සහ මඩ බාල්දි විතරක් මතුවෙයි.


    දැන් අපි අදාල කාරණාවට ගියොත්, මට මේ ලිපිය කියවන විට අමතක නොකල හැකි දෙයක් වනුයේ මෙහි කතෘ "ගොඨාභය රජපක්ෂ යනු ලංකාවේ විශිෂ්ඨතම රාජ්‍ය සේවකයා" ලෙස කිරුළක් නිර්මාණය කල චානුකම නොවේද යන්නයි. එය වඩාත් මතකයට නගන්නට හේතුවන්නේ චානුකගෙ ලිපියෙහි යටිපෙල "චම්පික යනු ඔහු පෙන්නන තරමේ පොරක් නොවේ" යන්න නිසාය. එහිදී ඔහුගේ අදහස චම්පික එක් වරම චන්දය නිසා නින්දෙන් නැගිට නන්දොඩවනවා මිස පලක් ඇති යමක් නොකියවන බවයි.

    //මේ ප්‍රතිපත්ති තීරණය කළේ පුරවැසියන් වන අප නොවේ. ඔහුද කොටසක් වන රාජ්‍ය පද්ධතියයි. එවැන්නකු “මේවා නෙවෙයි කළ යුත්තේ” කියා හදිසියේ නින්දෙන් පිබිදුනාක් මෙන් කියන විට පුරවැසියන් වන අපි සිනහ නොවී සිටිමුද?//

    පවත්නා ක්‍රමය, ප්‍රතිපත්ති තීරණය සහ ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ගැන ඉතා හොඳින් දන්නා චානුක මෙවැන්නක් කියන්නෙ ඇයි? චම්පිකට විදුලිබල ඇමතිකම නැතිවූ හේතුව අපට වඩ හොඳින් චානුක දනියි. එවන් වටපිටාවක ලැම්බොගිනි අර්ථිකය උදා කිරීමට චම්පිකත් දායකයෙක් බව පැවසීමෙන් චානුක මේ කාගෙ පව් සෝදන්නේද යන්න මටනම් ගැටළුවකි!

    එමෙන්ම පවතින රජයට සහ එහි යම් ප්‍රථිපත්ති/ ක්‍රියාමාර්ගයන්ට එරෙහිව "බලය සහ බලය" නමින් චම්පික තම නවතම කෘතිය දොරට වැඩි දිනට පසුදින මෙවන් ලිපියක් චානුකගෙන් ලියැවීම අහම්බයක් නොවේදෝයි සැක නොසිතේද?

    මෙහිදී අපි චම්පිකගේ කතාව කියවන්නේ චානුකගේ උපුටාගත් පරිවර්ථන හරහා පමණි. එම සම්පූර්ණ කතව ඇසීමට හෝ කියැවීමට හැකි මඟක් මෙහි සඳන් නොවේ. එවන් වටපිටාවක "විජාතික ආයෝජන හා විජාතික තාක්ෂණය" යන යෙදුම් පිළිබඳවද ඇත්තේ යම් සැකයකි. මෙහිදී චම්පික විසින් forien technology යන්න භාවිතාකලා විය හැක! එහෙත් අප හොඳින් දන්නා පරිදි වර්ථමානයේ "විදේශීය" යන යෙදුමට වඩා අවිඥ්ඥානික කලු අර්ථයක් "විජාතික" යෙදුමට මාධ්‍ය සහ දේශපාලනය විසින් එක්කර ඇත ( මෙයටනම් චම්පිකලාද වගකිව යුතුය ). එවන් තත්වය තාක්ෂනය "විජාතික" ලෙස අර්ථ දැක්වීමේ වෙනත් පණිවුඩයක් තිබුනාදැයි සැක සිතෙන තරම්ය.

    එනිසා ලිපියෙහි ඇති චානුකගේ අදහස් වලට වධානය යොමු කිරීමට ප්‍රථම ඉහත කරුණුද අප විසින් සලකා ඇලිය යුතුඅ යන්න මගේ අදහසයි.


    ReplyDelete
    Replies

    1. මට දැනෙන පරිදි චම්පිකගේ සත්වැදෑරුම් යෝජනාවලිය ආර්ථිකවිද්‍යාවේ boot නම් සංකල්පය මත විකාෂනය වූ එකක් විය හැකි බවයි. මෙහි ඔහු ගෙනන පියවරයන් සමස්ථ නිෂ්පාදන ක්ෂේත්‍රය කෙරෙහිම අදාල කරගතයුතු බව අදහස් කෙලේනම්, එය චානුකම කී පරිදි රෝදය ලුතෙන් සොයාගැනීමකි. කෙසේ නමුත් සිදුවිය යුතු දෙයනම් මෙහි ඇති සාධනීය කරුණු දෙස විවේචනාත්මකව බලා ඒ තුලින් යම් ඉදිරි පියවරකට යෑම මුත්, ලංකාවේ කුහක දේශපානය තුල සිදු නොවෙන ක්‍රියාවලියිද එයමය.

      එසේ නැතිව "මේ සියලු යෝජනා කම්පැරටිව් ඇඩ්වන්ටේජ් මත පදනම්ව පමණක් නිෂෙධනය කල හැකි මෝඩ අදහස්" ලෙස දැකීම කතෘගේ රාජපාක්ෂික බව නිසා නැගෙන අදහසක් විය හැක.

      //අමාත්‍ය රණවක අදහස් කරන නිෂ්පාදන මොනවාද යන්න දැන ගන්ට අපට පරචිත්ත විජානන ඤාණයක් නැත. හැබැයි අන්තර්ජාතික වෙළඳපළෙහි විකුණන්ට අප නිෂ්පාදනය කරන යම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙතොත් ඒ හැම දෙයක්ම අනිවාර්යයෙන්ම තරගකාරී විය යුත්තේය. ඒ අතින් අපි දැනටමත් අපට කළ හැකි දේ කරමින් සිටිමු. අපට එතැනින් එපිටට යා නොහැකි නම් ඒ ප්‍රායෝගිකව බාහිර බාධාවන් රාශියක් අප වළකන නිසාය. මේ බාධාවන් ඉවත් කරන්ට පහසු නොවේ.//

      චානුක මේ කියන්නේ කුමක්ද. අපි මේ වනවිට කලහැකි උපරිමය කරමින් සිටිමු. මින්මතු ගමණක් ප්‍රයෝගිකව සිදුවිය නොහැක යන්න නොවේද?

      එහෙත් සත්‍යනම්, ලාභ ශ්‍රමය මත අවම මිලක් ලැබෙන කර්මාන්ත වෙනුවට, වඩා දැණුවත් සහ පුහුණු දක්ෂ කාර්මිකයන්ගේ, සේවකය්න්ගේ අවශ්‍යතාව සහිත සහ ඒකකයකට ඉහල මිළක් ලබා ගත හැකි, තරඟයක් දිය හැකි අප අත නොගසා ඇති හෝ ප්‍රමාණවත් අවධානයක් යෙදවී නැති ක්ෂෙත්‍ර තවමත් පවතින බවයි ( ටීෂර්ට් වැනි ඕනෑම කෙනෙකුට පහසුවෙන් මැසිය හැකි ඇඳුම් මැසුවට බංගලිදේශයට හෝ පක්ස්ථානයට ජැකට්, ළමා ඇඳුම් නිෂ්පාදනය තවමත් ලංකාවේ රැඳෙන රහසද එයයි ). මේ වනවිටත් සුළු පරිමානයෙන් කෙරෙන මත්ස්‍ය සැකසුම් හා අපනයනය, තොරතුරු තාක්ෂනයේ උපාංග, වාණිජ්‍ය වණ වගාව, අගයෙන් උසස් ගෘහභාන්ඩ, වාණිජ්‍ය මුළුතැන්ගෙයි උපකරණ වැනි දේ උදහරණ කිහිපයක් පමණක් වන අතර "ෂෙයාර් එක නොඉල්ලන", ප්‍රමාණවත් යටිතල පහසුකම් සහ ස්ථාවර දේශපාලනය තත්වයක් ඇතිවන්නේ නම් මේ ක්ෂේත්‍රයන්හි ආයෝජනයට විදේශිකයන් සහ දේශීයන් සොයගැනීම අපහසු නොවනු ඇත.

      චානුක තම ලිපිය අවසන වන කරුණු දෙකක් ඉතා වැදගත්ය.

      //සියොතකු වුවද පැස්බරකුට පියාසර කිරීමේ හැකියාවක් නැති බව අප තේරුම් ගත යුතුය. පැස්බරා පරිණාමය විය යුත්තේ භෞමික ක්ෂීරපායියකු ලෙස විනා පක්ෂියකු සේ නොවේ.//
      ඉහත වාක්‍ය දෙකේ ගැබ්ව ඇත්තේ පරාද කලයුතු, ලාංකිකයන්ගෙ මුල්ම හතුරා වන නොහැකියාවේ සහ දීන කමේ මානසිකත්වයයි.

      //බලගතු කැබිනට් අමාත්‍යවරුන්ම (හෝ ඔවුන්ගේ කථා රචකයන්) ස්වකීය ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කිරීම විහිළුවකි. එසේ විවේචනය කොට ඉදිරිපත් කරන විකල්ප වලට පදනමක් නැති වීම ඊටත් වඩා විහිළුවකි.//
      මේ කාගේ හඬද? චම්පික මේවාට විරුද්ධව බාහු මෙන් එලියේ සිටියානම් ඒ තවත් එක් උගත් පිස්සෙකි. අසන්නට කෙනෙක් නැති හඬකි. එසේ නොමැතිව ආන්ඩුව තුල එහි සැපැ විඳිමින් හෝ කරන අරගලය, එය විහිළුවකි.

      එවිට විකල්පය?? (අපේ ආන්ඩුව සියල්ල හැකි පමනින් කර ඇත, මෙය විඳගෙන කටවහගෙන් ඉඳිල්ලා )

      Delete
    2. චානුක කරන්නේ පී.බී ජයසුන්දර ප්‍රමුඛ සුදු කරපටි නිලධාරීන් දෙතුන් දෙනෙකුට එරෙහි චම්පික නගන අභියෝගය හමුවේ ජයසුන්දරලා වෙනුවෙන් කඩේ යෑමයි...ඒ වෙනුවෙන් ඔහුට ලෙව කෑමට ක‍ටු දෙක තුනක් විසි වෙනු නො අනුමානය....

      Delete
    3. ඉහත නමින් හා නොනමින් කෙරෙන ප්‍රකාශ වල 'මඩ' ටික අයින් කර ගත් විට පිළිතුරු දෙන්නට ඉතුරු වෙන්නේ ඉතාම ටිකකි. ඊට පිළිතුරු දෙන්නට තැත් කරමි.

      /චානුක මේ කියන්නේ කුමක්ද. අපි මේ වනවිට කලහැකි උපරිමය කරමින් සිටිමු. මින්මතු ගමණක් ප්‍රයෝගිකව සිදුවිය නොහැක යන්න නොවේද?/

      පැහැදිළිව නැත. ඒ ඔබේ අල්ප අවබෝධය විනා මා කියන්නක් නොවේ. මා නොකියූ දේවල් මා කියුවායැයි සිතාගෙන ඒවාට පිළිතිරු ලියන්නේ ඇයි? මුලින්ම ලිපිය කියවා තේරුම් ගන්නට උත්සාහ කරන්න.

      /ඉහත වාක්‍ය දෙකේ ගැබ්ව ඇත්තේ පරාද කලයුතු, ලාංකිකයන්ගෙ මුල්ම හතුරා වන නොහැකියාවේ සහ දීන කමේ මානසිකත්වයයි./

      නැත. යම් රටක් (හෝ ආයතනයක්) තමන්ට කළ හැකි හා නොහැකි දේවල් තීරණය කොට ගෙන වඩා හොඳින් කළ හැකි දේවල් කිරීම හීන කමක් හෝ දීන කමක් නොව බුද්ධිමත්කමයි. ඔබ SWOT analysis කියා දෙයක් ගැන අසා නැතැයි සිතමි. හුදෙක් කළ හැකිය සිතා කරන්නට ගොස් ඇණගත් දේවල් වලට දේශීය හා අන්තර්ජාතිකව ඕනෑ තරම් උදාහරණ වේ. එක් පැහැදිළි උදාහරණයක් නම් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් (එයාර් ලංකා) සමාගමයි. 1978 දී ජේ. ආර්. ජයවර්ධන එයා ලංකා ආරම්භ කිරීමට උදව් ඉල්ලන්නේ සිංගප්පූරුවෙනි. ලී ක්වාන් යූ එහිදී ඔහුට කියන්නේ ගුවන් සේවාවක් ලාභදායකව පවත්වා ගැනීමට ශී ලංකාවට හැකියාව නැති බවත් ඒ වෙනුවට කඩා වැටුණු වතු ආර්ථිකය ගොඩ නඟා ගැනීම වඩා ප්‍රයෝජනවත් බවත්ය. ජයවර්ධන මේ උපදෙස් පිළි නොපැදීමේ අලාභය අප තවම විඳිමින් සිටිමු.

      ධෛර්යවන්තකම යනු මෝඩ ලෙස කළ නොහැකි දේවල් කරන්නට ජාතික ධනය නාස්ති කිරීම නොවේ.

      අවසාන වශයෙන් ඔබ මේ කමෙන්ට් කරන්නේ දැඩි වෛරයකින් පැසවමින්ය මට සිතේ. සමහරවිට මා කියූ දේ මොනවාද නොකියූ දේ මොනවාද ඔබට වෙන් කොට ගැනීමට නොහැකි වී ඇත්තේද එනිසා විය හැකිය. ඔබේ මේ වෛරයට හේතුව කුමක්ද? මෙය මට කුතුහලය දනවන කාරණයකි.

      CW

      Delete
    4. ඉහත නමින් හා නොනමින් කෙරෙන ප්‍රකාශ වල 'මඩ' ටික අයින් කර ගත් විට පිළිතුරු දෙන්නට ඉතුරු වෙන්නේ ඉතාම ටිකකි. ඊට පිළිතුරු දෙන්නට තැත් කරමි.

      /චානුක මේ කියන්නේ කුමක්ද. අපි මේ වනවිට කලහැකි උපරිමය කරමින් සිටිමු. මින්මතු ගමණක් ප්‍රයෝගිකව සිදුවිය නොහැක යන්න නොවේද?/

      පැහැදිළිව නැත. ඒ ඔබේ අල්ප අවබෝධය විනා මා කියන්නක් නොවේ. මා නොකියූ දේවල් මා කියුවායැයි සිතාගෙන ඒවාට පිළිතිරු ලියන්නේ ඇයි? මුලින්ම ලිපිය කියවා තේරුම් ගන්නට උත්සාහ කරන්න.

      /ඉහත වාක්‍ය දෙකේ ගැබ්ව ඇත්තේ පරාද කලයුතු, ලාංකිකයන්ගෙ මුල්ම හතුරා වන නොහැකියාවේ සහ දීන කමේ මානසිකත්වයයි./

      නැත. යම් රටක් (හෝ ආයතනයක්) තමන්ට කළ හැකි හා නොහැකි දේවල් තීරණය කොට ගෙන වඩා හොඳින් කළ හැකි දේවල් කිරීම හීන කමක් හෝ දීන කමක් නොව බුද්ධිමත්කමයි. ඔබ SWOT analysis කියා දෙයක් ගැන අසා නැතැයි සිතමි. හුදෙක් කළ හැකිය සිතා කරන්නට ගොස් ඇණගත් දේවල් වලට දේශීය හා අන්තර්ජාතිකව ඕනෑ තරම් උදාහරණ වේ. එක් පැහැදිළි උදාහරණයක් නම් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් (එයාර් ලංකා) සමාගමයි. 1978 දී ජේ. ආර්. ජයවර්ධන එයා ලංකා ආරම්භ කිරීමට උදව් ඉල්ලන්නේ සිංගප්පූරුවෙනි. ලී ක්වාන් යූ එහිදී ඔහුට කියන්නේ ගුවන් සේවාවක් ලාභදායකව පවත්වා ගැනීමට ශී ලංකාවට හැකියාව නැති බවත් ඒ වෙනුවට කඩා වැටුණු වතු ආර්ථිකය ගොඩ නඟා ගැනීම වඩා ප්‍රයෝජනවත් බවත්ය. ජයවර්ධන මේ උපදෙස් පිළි නොපැදීමේ අලාභය අප තවම විඳිමින් සිටිමු.

      ධෛර්යවන්තකම යනු මෝඩ ලෙස කළ නොහැකි දේවල් කරන්නට ජාතික ධනය නාස්ති කිරීම නොවේ.

      අවසාන වශයෙන් ඔබ මේ කමෙන්ට් කරන්නේ දැඩි වෛරයකින් පැසවමින්ය මට සිතේ. සමහරවිට මා කියූ දේ මොනවාද නොකියූ දේ මොනවාද ඔබට වෙන් කොට ගැනීමට නොහැකි වී ඇත්තේද එනිසා විය හැකිය. ඔබේ මේ වෛරයට හේතුව කුමක්ද? මෙය මට කුතුහලය දනවන කාරණයකි.

      CW

      Delete
  31. රටේ සන්වර්ධනේට මොකූත් කෙරෙන්න තියෙනව නම් මහරාජෝත්තමය ඒ ඔක්කොම කරල ඉවරයි..... වෙන කවූරුත් මොනවත් කියනවා නම් ඒ ඔක්කොම කරන්න බැරි වැඩ.... කියල ජයසූන්දරගෙ ගොට්ටෙක් කියනවා. මෙයාල මේ වහෙන් ඔරෝ කරන්නෙ ලම්බෝගිනි ආර්තිකය සූද්ද කරන එක. මෝඩ මාතලන් ලා ටත් ඉතින් සූදූ කැසිනෝ ලම්බෝගිනි රේස් මිස මොකුත් ඔන්නෑ!!!

    ReplyDelete
  32. ඇමැති පාඨලීට ළඟදීම ආණ්‌ඩුවෙන් පිළිතුරු

    රනිල් ධර්මසේන

    'බලය සහ බලය' කෘතිය එළි දැක්‌වූ උත්සවයේදී ඇමැති පාඨලී චම්පික රණවක මහතා අමාත්‍යාංශ කිහිපයකට නැගූ චෝදනාවලට ළඟදීම ආණ්‌ඩුවෙන් පිළිතුරු ලබාදීමට සූදානම් වන බව වාර්තා වෙයි.

    -- දිවයින


    පෙරහැරට පෙර කසකාරයෝ එති!

    කෙන්ජි ගහමුද තව වැටක්!

    ReplyDelete
  33. චානුක වත්තේගම වගේ පොන්න සිකනැල්ලු ලියන හරයක් නැති විවේචන තියෙන ලිපි කියවන කොට රාවය පත්තරයත් එපා වෙලා තියේන්නේ. පණ්ඩිත පකයා,

    ReplyDelete
    Replies
    1. මාක්ස් අන්කල් ගේ සුරංගනා කතා තියෙනකම් රාවය තමා ගංජා මිටිය නේ. එන්ජෝයි

      Delete
  34. චානුක මාතලන් හෝ වෙන කෙනෙක් කරුණාකර චම්පික ගේ කතාව ලබා දෙන්න. ඒක නැතුව මේ ගැන කතා කරන්න බැහැ, දැනට අර සත් වැදෑරුම් ක්‍රමවේදය ගැන පමණක් කතා කරන්නම්.

    [[1. පළමුව විජාතික ආයෝජන හා විජාතික තාක්ෂණය භාවිතා කොට අපනයන භාණ්ඩ නිෂ්පාදන කරන්න]]

    චම්පික හිතා ඉන්නේ ලෝකේ මිනිස්සු ඔක්කොම ලංකාවේ ආයෝජනය කරන්න මාර ආසාවකින් ඉන්නේ මේ ආණ්ඩුවේ විනෝද ප්‍රතිපත්ති නිසා ඒක හරි යන්නේ නැහැ කියා. චම්පික දේශපාලකයෙක් වුනත් උගතෙක් හැටියට මේ සරළ දේ ගැන අවබෝධ කරගෙන නැති එක ගැන කණගාටුයි.

    [[2. දෙවනුව අපනයන වෙළඳපළ පිණිස අතරමැදි භාණ්ඩ හෝ භාණ්ඩ කොටස් නිෂ්පාදනය ජාතික ආයෝජන වලින් එහෙත් විජාතික තාක්ෂණය උපයෝගී කර ගනිමින් කරන්න]]

    කවුද මීට අවශ්‍ය ප්‍රාග්ධනය සපයන්නේ. ආණ්ඩුව? ලංකාව කියන්නේ විදේශ මිනිමය වෙනුවෙන් ගෑනු ටිකක් නූතනයේ වහල් මෙහෙයට යවන, ඉතිරි හරියට ලෝකේ පුරා ණය වෙන රටක්. මේ කතාව ආණ්ඩුවේ ඇතුලෙම කෙනෙක් කියන කොටයි හිනා යන්නේ.

    මෙන්නමේතන තමා ලංකාවේ ආර්ථිකය වැනසී යන්න බලපාපු ප්‍රධානම හේතුව තියෙන්නේ. අපිට දේශීය ප්‍රාග්ධනයක් නැහැ. දේශීය ව්‍යවසායකත්වයක් යන්තමින් ඔලුව ඉස්සුවත් උන් බලා ඉන්නේ ආණ්ඩුවෙන් මොනවා හරි ඉල්ලා ගන්න.

    අපේ ප්‍රාග්ධනය වර්ධනය වෙන්න දරාපු උතසහ සියල්ල ජනසතුකරන, විකාර ආර්ථික පාලන නීති, කුහක නීති, හා සියල්ලන් සමාන කිරීමේ සමාජවාදී චින්තන අස්සේ මැරිලා. ඉතිරි හරිය අපි අල්පෙච්චතාවය කියා හිතාගෙන ඉන්න ඇන්ටි-වෙල්ත් කතාව අස්සේ මැරිලා. මේක මම මීට කලින් කතා කල දෙයක්.

    [[3. තෙවනුව දේශීය වෙළඳපළ පිණිස ආනයනාදේශක භාණ්ඩ නිෂ්පාදනයට විජාතික තාක්ෂණය (අපට අවශ්‍ය ආකාරයට) හැඩගසා ගන්න]]

    මේ කෝටි දෙකට විකුනලා කල හැකි දෙයක් නැහැ. අනික චම්පික මහතා පර්චෙසින් පවර් කියන වචනේ අසා නැද්ද? ලංකාවේම ජනගහනයට චුට්ටක් වැඩියෙන් ඉන්න ඕස්ට්‍රේලියාවේ මිනිසුන්ට විකුණා කල හැකි දෙයින් සීයෙන් එකක් ලංකාවේ ජනගහනයෙන් ගන්න බැහැ. හැබැයි මේ වෙද්දී ඔස්ට්‍රේලියාව තේරුම් ගෙන ඉන්න එකතමා තමන්ගේ රටේ ජනගහනයට විකුණලත් සස්ටේනින් බිස්නස් එකක් හදා ගන්න බැරි බව. කිරි එළවලු පලතුරු වගේ එව්වා ඇරුනම

    [[4. සිව්වනුව අපනයන භාණ්ඩ නිෂ්පාදනයට ජාතික ආයෝජන යොදවා විජාතික තාක්ෂණය (අපට අවශ්‍ය ආකාරයට) හැඩගසා ගන්න]]

    "අපිට අවශ්‍ය ආකාරයට"? ඇත්තෙන්ම ඇයි මෙහෙම කරන්නේ. ජාත්‍යාල මොඩලයෙන් නොවේ ආර්ථික විද්‍යා කෝණයකින් හිතන්න. මොකද්ද මේකේ තේරුම.

    ලංකාවේ නිෂ්පාදනය කල මෑත යුගයේ එකම මෝටර් රථය වන මයික්‍රෝ පුංචි කාර් එක ආපු කාලේ බොහෝ දෙනෙක් ඒ කාර් එකේ ඉස්සරහ මූණත ගැන විවේචනය කළා. ඒකෙ මූණත කැත නැහැ. එහෙත් ඒක හෙන අමුතුයි. මාකට් ට්‍රෙන්ඩ්ස් හැදිලා තියෙන්නේ සම්මත කාර් මූනට නිසා ඒකට කැමති වෙන්නේ වෙනස් දේට ආසා සුළු තරයක් විතරයි. කාර් මූණ ගැන විවේචනයකට පිළිතුරු දුන්නු ලෝරන්ස් මහත්තයා කිව්වේ ඒක කලේ සිංහයා ගේ මූණ වගේ කියලා. මේක ජාත්‍යාල අදහසක් එහෙත් ආර්ථික විද්‍යාත්මක ව අසාර්ථක වීමක්. සින්හයා කොඩියේ ගහගෙන නට නටාගියාට ලාංකිකයා සිංහ මූණ කාර් එකට වඩා ඉන්දියාවේ සම්මත මුහුණු කාර් එකට කැමති වුනා.

    අපිට අවශ්‍ය ආකාරයට වෙනම හදන එක පැහැදිලි පාඩු ලබන ව්‍යාපාරයක්. අංක 1,2,3 හරි ගිහින් ආවත් කෝටි දෙකකට අවශ්‍ය වෙනම ප්රෝදක්ෂන් ලයින් එකක් දුවන එක ආර්ථික විද්‍යාත්මකව අසාර්ථක වීමක්.

    [තව කොටසක්]

    ReplyDelete
  35. [ඉතිරිය]

    [[5. පස්වනුව මුලින් විජාතිකව උකහා ගන්නා ලද තාක්ෂණයන් උපයෝගී කොට ගෙන, එහෙත් දේශීයව කරනු ලබන, පර්යේෂණ හා සංවර්ධනය (රීසර්ච් ඇන්ඩ් ඩිවලප්මන්ට්) මඟින් තාක්ෂණයන් හා ව්‍යාපාර පරිපාලන පද්ධතීන් (මැනේජ්මන්ට් සිස්ටම්ස්) දේශීයව ගොඩ නඟා ගන්න.]]

    රිසර්ච් වල අගය ගැන එකඟයි. හැබැයි අපිට මේක කරන්න සල්ලි එන්නේ කොහෙන්ද කියන තැන ආයිත් හිරවෙනවා. රිසර්ච් කියන්නේ හොඳ නමක් හදා ගෙන කරගන්න ඕනේ දෙයක්. අපි ඒ පලාතක නැහැ.

    අනික චම්පිකට අනුව රිසච් කරලා එව්වයෙන් ප්රෝදක්ට්ස් අපිම හදන්න ඕනේ. අපිම රිසච් කරලා අපිම ප්‍රොඩක්ට් හදලා [අපේම සල්ලි වලින්] අපිම් මාකට් කරන එකටනම් තව චිරාත් කාලයක් යාවි.

    අනිත් ඔක්කොම නොකර හරි අපිට රිසර්ච් සේවා සැපයීම කල හැකිනම් සිරා. තනිකර විදෙස් සමාගම් වලට අඩු මිලට රිසර්ච් "සේවා සපයන" තැනක් වෙන්න හැකි නම් එය මාර වැදගත්. මොකද රිසර්ච් වලින් අපිට ඔය චානුක කියන බංගලා බුරුම වියට් වගේ මාකට් එක්ක තරග කල හැකි නිසා. දැන් මම කතා කරන්නේ චම්පික අකමැති "සේවා" ගැන හොඳේ.

    [[6. සයවනුව ජාතික ආයෝජන උපයෝගී කොට ගෙන, විදෙස් වෙළඳපළ වල තරග කළ හැකි, දියුණු භාණ්ඩ හා සේවාවන් හා ව්‍යාපාර පරිපාලන පද්ධතීන් (මැනේජ්මන්ට් සිස්ටම්ස්) නිර්මාණය කරන්න.]]

    හෝ හෝ හෝ. දැන් චම්පික කිරි විකුනාලා කාසි හොයාල අනාගතේ මාලිගා හදාලා කුමාර/කුමාරියත් නිවසට කැන්දාලා මන්ගල්ලෙටත් සෙට්. මේක ඇවිල්ලා ආර්ථික විද්‍යාව ගැන ගැටලුවක් නොවේ. සිහින මත සිහින තැබීමේ අවුල.

    [[සත්වනුව නව නිපැයුම් (ඉනවේෂන්) හා දැනුම ආර්ථික වර්ධනයේ ප්‍රධාන සංරචකයක් කොට ගන්න.]]

    මම හිතන්නේ අපිට මොනවා හරි එජ් එකක් තියෙන්න නව නිමැවුම් [innovation] නව්‍ය ව්‍යාපාර [entrepreneurship] හා බුද්ධිමය දේපොළ කියන තැන. චම්පික ඉන්නේ මම ඉන්න මතයෙමද මන්දා. එහෙත් අපිට ශක්‍යතාවයක් තියෙනවා මාක් සකර්බර්ග් කෙනෙක් හෝ බිල් ගේට්ස් කෙනෙක් බිහි කරන්න. හැබැයි මේ වල් වැදුණු චින්තනය සපුරා වෙනස් කරොත් පමණයි. දැනට අපේ ප්‍රොඩක්ෂන් ලයින් වලින් එන්නේ චේ ලා අනගාරික ධර්මපාල ලා සහ වොනබි දියසේනලා පමණයි. මේක පොයින්ට් එකක් තියෙන කතාවක්, හැබැයි මට ෂුවර් චම්පික මහත්තයා ඉන්නේ මාක් සකර්බර්ග් ලා හදන තැන නෙවි කියලා

    --------------

    ජාතිවාදය ගැන අරෝවක් තිබ්බත් උගතෙක් බුද්ධිමතෙක් කියා චම්පික ගැන තිබ්බ කිසියම් ගරුත්වය අඩු වුනා. ඒකත් නලින් ද සිල්වා වගේ හඳේ ගෙවල් හදන එක ගැන ගල් ගුහාවේ ලෙක්චර් දෙන පිස්සෙක්.

    අයි චම්පික මෙහෙම කියන්නේ? චම්පික ඇතුලු ලංකාවේ ගොඩක් අයට ඕනේ අපේ රට දියුණු කරගන්න නොවේ. අපිව හූරා කාලා අපේ සිස්ටම් කඩලා අපිට වඩා නොදියුණු තැනක ඉඳලා ඉහලට ආපු සුද්දගේ එක වෙනුවට "අපේ එකක්" හදන්න. ඒ මිසක් රට දියුණු කරන්න ආර්ථික හදන්න නොවේ අවශ්‍ය.

    දැන් හිතන්නකෝ මහින්ද මහත්තයා මහින්ද චින්තනය ක්‍රියාත්මක කලානම් යන කළ. වෙලාවට පොර හොරාට ලියා ගත්තේ ජයසුන්දර-අමුණුගම චින්තනය හා ගෝටා-බැසිල් ක්‍රියාපටිපාටිය. දැන් දුවන්නේ ඒකනේ

    ReplyDelete
  36. This comment has been removed by the author.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න