.

.

Apr 9, 2017

2020 ඝෝඨා ජනපති - Gota for 2020



මහින්ද රාජපක්ෂ ඉල්ලාගෙනම කෑ මැතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස සෝභිත හාන්දුරුවෝ කැඳවාගෙන එන්නට මාර කට්ටක් කෑ "නිර්මාල් දේවසිරි", 2020 අපට කැන්දාගෙන එන්නේ ඝෝඨාභය රාජපක්ෂයි. ඒ වෙනුවෙන් "නිර්මාල්" ආරම්බ කර ඇති "2020 ඝෝඨා ජනපති" නොහොත් "Gota for 2020" ව්‍යාපාරය බුකියේ මහත් ආන්දෝලනයක් ඇති කර අවසානය. සෝභීත හාන්දුරුවෝ ගෙන ඒමට එක හෙලාම විරුද්ධ වූ මාතලන්, මේ අවස්ථාවේ නම් පෙනි සිටින්නේ, නිර්මාල්ගේ තේරිම වෙනුවෙනි.

ඒ බව මාතලන්ගේ පෞද්ගලික මිතුරන් මෙන්ම, බ්ලොග් හිතවතුන්ද ඉතා හොඳින් දන්නවාය. මාතලන් ඒ කාළයේ සිටම කියන්නේ, මේ රට දියුණු කිරීමට නම් ප්‍රජාතන්ත්‍රවාදය අකුලා පැත්තකින් තැබිය යුතු යැයි කියාය. (ඇත්තටම එහෙම එකක් කොහොමත් මෙහේ ඇත්තේත් නැතිය.) අප දන්නා කාළයේ පටන් මෙහි පවතින්නේ සුද්දා ඒමට පෙර පැවති වැඩවසම් ක්‍රමයක්ය. එහි කූටාප්පරාත්තිය සිඳු වූයේ, මහින්ද මහ රජානෝ වීමෙන්ය. පට්ට ජෝක් එක කියන්නේ, එතුමා රජෙක් කියා අපිට කීවේ, පොදු අපේක්ෂකයා ලෙස මහින්දට එදිරිව ආප්පයක් කා දොට්ට බැස ගිය, සිරා ටෝක්ස් වලට ලෝක ප්‍රසිද්ද, පොලොන්නරුවේ සිරාම වීමය.

ඉදින් එහෙව් රටක, මානුෂික අයිතිවාසිකම්, කන්කරු අයිතිවාසිකම්, අර අයිතිවාසිකම් මේ අයිතිවාසිකම් කියා ලෝකයේ දියුණු රාජ්ජයන් තුල පවත්නා දර්ශකයන් බල්ලාට දමා මුලින්ම කළ යුත්තේ, මේ රට සහ ජනතාව ආර්ථික වශයෙන් දියුණු කරනා එකය. ආර්ථික වශයෙන් ශක්තිමත් වන ජනතාවක්, දැණුමෙන් මෙන්ම, කළාව හා සාහිත්‍යයෙන්ද, මිනිසත් බවින්ද, ඉදිරියට එන්නේ බලාගෙන සිටිද්දීය. ලොව පිලිගන්නා දියුණු රටවල් කියනා සියළුම රටවල් පාහේ, ආර්ථික වශයෙන්ද මානුෂික වශයෙන්ද ඒ තත්වයන්ට පත්ව තිබෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර අති දරුණු නීතී රීති සහිත දරදඬු ඒකාධිපති පාලනයන් යටතේය.

මෑතදී ආර්ථික වශයෙන් ඉතා සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවත්නා නැගෙනහිර ආසියානු රටවල් මෙන්ම, දියුණු වූ ආසියානු රටවල්ද ඒ තත්වයන් උදාකරගෙන තිබෙන්නේ, අදහස් ප්‍රකාෂ කිරිමේ නිදහස පවා උල්ලංගනය වන සේ පැවති හා පවත්නා දැඩි පාලනයන් යටතේය. ගෝත්‍රිකයන්ට මාද්දිය නිදහස් දීලා මේ ආන්ඩුව ඉල්ලාගෙන කෑම ඊට ඇති හොඳම උදාහරණයය. දැන් එහෙව් නිදහසක් දීලා, එවා දුන්න උන්ට වෙලා තියෙන්නේm ගලේ පැහරූ පූසාට අත් වූ ඉරණමමය. 

ඉදින් ලංකාවටද අවශ්‍ය වන්නේ එවන් පාලකයෙක්ය. මහින්ද රාජපක්ෂට නැවත රජෙක් වීමේ අවස්ථාව අහිමි වී ඇති අතර, ඝෝඨා වෙනුවට මහින්ද බලයට ඒමට නම්, මේ වියවස්ථාව අනිවාර්යයෙන් වෙනස් විය යුතුය. (පලාත් පාලන ඡන්දය තියා ගන්නට බය ආන්ඩුවක් කිසිදා වියවස්ථා ගෙන එන්නේ නැත.) එසේ උවහොත්, මහින්ද රාජපක්ෂ බලයට ඒම කිසිවකුටත් නැවැත්විය නොහැකි වන අතර, එසේ නොවීමට නම්, මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුය. එවන් දෙයක් කිරීමට මේ හාල්පාරු නායකයන් සහිත, මෙලෝ රහක් නැති ආන්ඩුවට කොන්දක් නැති බව ඕන ගොනෙකුට තේරෙනා කරුණක්ය.

නිර්මාල්ගේ "2020 ඝෝඨා ජනපති" ව්‍යාපාරයට එදිරිව දක්වන කරුණු කිසිවක්, නිරපේක්ෂ කරුණු නොවනාතර, සියල්ලම සාපේක්ෂ කරුණුම වන්නේය. අප දැන් ඔවුන් මතු කරනා කරුණු එකිනෙක සලකා බලමු..

ඝෝඨා මිනීමරුවෙකි

මෙහෙම චෝදනා කරනා උන්ම අනෙක් අතට ඝෝඨා යුද්ධයට බයේ පලාගිය එකෙක්ය යන කාරනාව පසෙක තබා බැලුවද, ඝෝඨාභයද ප්‍රධාන කොටස් කරුවකු වෙමින් නිමා කලේ වසර 30 ක් තිස්සේ ඇදුනු ලොව බලවත්ම ත්‍රස්තවාදි සංවිධානයට එරෙහි යුද්ධයයි. එසේම මාධ්‍යකරුවන් ඝාතනය කිරීමේ චෝදනාද එකිනෙකාට දෝලනය වෙමින් පට්ට ආතල් එකක් ගන්නාතර, මේ චෝදනාවන්ම එල්ලවූ විශ්‍රාමික හමුදාපති ෆොන්සේකාට ජනපතිවරනයට ඉදිරිපත් විය හැකි නම්, ඝෝඨාට ඉදිරිපත් වීමට නොහැක්කේ ඇයි? එපමනක් නොව, සිරිමා ආන්ඩුවේ සිට, සියළුම නායකයන්ට (වමේ පක්ෂවල නායකයන්ද ඇතුලුව) මෙම චෝදනාව නොඅඩුවම ඇති බවත් කිසි සේත්ම අමතක කළ යුතු නොවේ..

ඝෝඨා හොරෙකි

ඝෝඨා හොරෙක් ලෙස ඔප්පු කිරීමට ඇවන් ගාඩ් හා මිග් ගණුදෙණු සීන් පටලවා ඇෆ් සී අයි ඩීය වසර දෙකහමාරක් තිස්සේ පුක විකාගෙන දඟලනාතර, මෙතක් ඝෝඨා හොරෙක් බව කිසිවකු උසාවිය ඉදිරිපිට ඔප්පු කොට නැත්තේය..

ඝෝඨා දරුණු පාලකයෙකි

එය මාතලන්ට අනුව නම් ප්ලස් මාක් එකකි. බුද්ධිමතුන්ගේ අති දරුණ් හිඟයක් පවතිනා අම්මට සිරි ලංකාවේ, උගතුන්ද පට්ට ගෝත්‍රිකයන් වනාතර, එවන් ගෝත්‍රිකයින් පිරිසකට නායකත්වය දිය යුත්තේ පාන්කිරිත්තෙක් නොව, අති දරුණු නායකයෙක්මය.. පවත්නා ආන්ඩුවට කිසිවක් කර ගැන්මට නොදෙනා කාළකන්නි බලවේගයන් වන මහා සංඝරත්නය හා වෛද්‍යවරුන් පමණක් නොව හැම එකාම එදා ඝෝඨා ලඟ නැට්ට පුකේ ගසා ගත් බලු කුක්කන්ම විය. 

ඝෝඨා මෙරට ලේ විලක් කරනු ඇත..

අමු කෙප්පයකි... ඝෝඨා ලේ විලක්ව පැවති මේ රටට සාමයේ සිසිල් පැන් ඉසූ කන්ඩායමේ ප්‍රභල සමාජිකයෙකි.

ඝෝඨා අමු ජාතිවාදියෙකි, ආගම්වාදියෙකි

මේවා මාර ලොල් සහගත චෝදනාය. අවංකවම ජාතිවාදින් නොවන දේශපාලුවන් ලෙස අම්මට සිරි ලංකාවේදි මාතලන් නම් දැක ඇත්තේ, චන්ද්‍රකා සහ භාහු පමණි. මේ රටේ ජීවත්ව සිට මිය ගියා වූද, දැනට ජිවත් වන්නා වූද අනෙක් ඔක්කෝම දේශපාලුවෝ ජාතිබේදයකින් තොරව අමු ජාතිවාදින්මය. සහජීවන, අර ජීවන මේ ජීවන බයිලා ගසන, ව්‍යවස්තාවකින් රට බෙදා විනාස කිරීමට යන, එහෙත් එසේ නොකරන, සිරිසේනද අමුම අමු ජාතිවාදියෙක් මෙන්ම ආගම්වාදියෙකි. 


තමන්ගේ රටට ජාතියට ආදරය නොකර, අනෙක් ජාතියකට ආදරය කරන්නේ, එක්කෝ යම් කිසි වාසියකයටය. එසේ නැත්නම් ද්‍රෝහීන්ය. එනයින් බැලූ කල, ඝෝඨා එවන් පුදගලයකු වීමද ප්ලස් මාක් එකකි. ජාතිවාදින් නොවේ යැයි කියනා උන්, අවසාන මොහොතේ, පන්සල් පාලුවෝ වනවා අපේ දෑසින්ම අනන්තවත් දැක ඇත්තෙමු.

ඝෝඨාට සුළු ජන ඡන්ද නොලැබි යන බව

මෙහි ඇත්තේ අර්ධ සත්‍යයකි. කරුණා හා සම්බන්ධ නැගෙනහිර ප්‍රදේශයේ අඩු කුළවල ද්‍රවිඩ ජනතාව ඝෝඨාට තම මනාපය දෙන අතර, ඕනෑම පැත්තකට හැරෙනා මුස්ලිම් ඡන්ද, මුස්ලිම් පක්ෂවල නායකයන්ට ලබා දෙන දොල පිදේනී අනුව ලබා ගැනීමද ඉතා සුළු කරුනක්ම වන්නේය. සිරි ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්ද සියල්ලම ලැබෙනාතර. අවුරුදු 23 තිස්සේ කිසිම දෙයක් නොලද එජාපයේ ක්‍රියාකාරින් සියල්ලම ඝෝඨා හා එක් වීම ඉර හඳ සේ විශ්වාසය.

එමෙන්ම ඝෝඨාභයද කළ මෝඩකම් වලින් පාඩම් ඉගෙනගෙන ඇති බවටද සැකයක් නැත්තේය. ඝෝඨා නායකයකු සතු ගුණාංගයන්ගෙන් අති බහුතරයක් සතු නායකයකු බව ඔප්පු කොට අවසානය. මහින්ද රාජපක්ෂද ඝෝඨාට බය බව කීවේ වෙනින් කවුරුවත් නොව මේ යහපාලන පාන්ඩුවේ ඝෝඨාට බයේ හිටපු උන්මය.. නිර්මාල් ඝෝඨාභය ඉදිරියට ගෙන ඒමට බොහෝ කළකට පෙර මාතලන් මේ කරුණු සියල්ලම මෙලෙසම කියා ඇති අතර. නිර්මාල් වැනි කෙනෙකුන් කුමන චේතනවාක් යටතේ වුවද ගත් මෙම තීරණය වෙනුවෙන් මාතලන්ද පෙනී සිටිනවා ඇත.

එමෙන්ම, නිර්මාල් සඳන් කරනා // රාජපක්ෂ ත්‍රිත්වය (මහින්ද-බැසිල්-ගෝටා) යනු අන් කිසිවක් නොව සිංහල-බෞද්ධ දේශපාලන මනසේ විකාශයේ පරිසමාප්තියයි. එම පරිසමාප්තියේ තාර්කික අවසානයට එළඹීමට පෙර 2015 ජනවාරි වල රාජපක්ෂ පාලනය අවසන් වීම පිළිබදව මම දැන් කණගාටු වෙමි. මේ ඓතිහාසික වරද නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය. // කරුණට, මාතලන් කිසිසේත්ම එකඟ නොවනාතර, ඒ ගැන වෙනම බ්ලොග් පෝස්ටුවකින් කරුණු ගෙන හැර දැක් වීමට බලාපොරොත්තු වෙමි..

කෙසේ වෙතත් 2020 ට බොහෝ කල් තිබියදි මෙම මාතෘකාව කරලියට ගැනීම ගැන මාතලන්ගේ එතරම් කැමත්තක් ඇත්තේම නොමැති අතර, අවසාන මොහොතේ මේ බව ප්‍රකාෂ කොලේ නම් වඩා හොඳ බව මාතලන්ගේ මතයය.

132 comments:




  1. ගෝඨා බීබීසියට කතා කරද්දීත් කට කැඩිච්ච කතා කියමින් ගම කා ගත්තාට , සරත් ෆොන්සේකා වැන්නන්ට බලු සැලකුම් දක්වුවෙක් වුනාට කොන්ද කෙලින් ඇති, යමක් කරන්නට හැකියාවක් ඇත්තෙක් බව අයියා රජ කළ , හොරකම් කළ කාලයේදී ඔප්පු කර හමාරය. ධ්‍යෛර්ය සම්පන්න කමින් ගෝඨා අහලකින් වත් තියන්නට පුළුවන් එකෙක්වත් අම්මට සිරි ලංකාවේ දේශපාලන ක්ෂේස්ත්‍රයේ පෙනෙන තෙක් මානයේ වත් නැත. ජෙප්පන්ට රට දී පරිප්පු කනවාට වඩා ගෝඨාභය උන්නැහේ වගේ කෙනෙකුට රට යනවානම් හොඳයි කියන මාතලනුත්, නිර්මාල් දේවසිරි ගොයියාත් ඉන්නා ස්ථාවරය නිවැරදි බව අපේ වැඩි දෙනෙක් පිලි ගන්නවා ඇත. ප්‍රශ්නයකට ඇත්තේ රජ ගෙදර රිලවා වැනි හරකුන් ඇමතිවරුන් කර, බේබිලාට රේස් යන්නට ඉඩදී බැසිල් වැනි කොමිස් කාක්කන්ට නැවතත් ඔලුව උස්සන්නට ගෝඨාභය රජ්ජුරුවන් වහන්සේගේ පාලන කාලේදීත් ඉඩ ලැබෙයිද කියනා එකය. රටට අවශ්‍යව තිබෙන්නේ මාතලන් හැමදාමත් කියන ජාතියේ සෞම්‍ය ඒකාධිපතියෙක් විනා පිලිපීනයේ ඉන්නා එකා වගේ මරුමුස් යකෙක් නොවේය. ගෝඨාභය උන්නැහේ පහුගිය කාලේ කළ මෝඩකම් වලින් පාඩම් ඉගෙනගෙන ඇත්නම් ලංකාවේ හිටිය ජේ ආර් රජ්ජුරුවන්ගෙනුත් , සිංගප්පුරුවේ හිටිය ලී කුවාන් යූ උන්නැහේගෙනුත් පාඩම් ඉගෙන ගෙන රට හදන්නට පුළුවන් වෙනවා ඇත. හැබැයි නිදහස ලැබුවදා ඉඳලා රජ වෙච්ච හැම එකාම අපේ බලාපොරොත්තු සුන්කරපු එවුන් බව සහසිද්ධියෙන්ම දන්නා හින්දා මේ යකාත් ඒ ජාතියේ එකෙක්ම වෙන්ඩ පුළුවන් බව දැන්ම තියා හිතා ගත්තාම හිතේ අමාරුව අඩු කොරගන්නට පුළුවන් වෙනවාය. ඒ වගේම අපි වෙනුවෙන් හැමදාමත් කතා කොරන මාතලන් ලොක්කටත් බොහොම ස්තුති කොරනවාය.

    ReplyDelete
    Replies
    1. ඝෝඨාභයට පොලිටික්කෝ කවුරුවත් කැමති නෑ..
      ඝෝඨා පොලිටික්කන්ට කැමති නෑ..
      ඝෝඨා යටතේ ඇති වන්නේ මිලිටරි ආන්ඩුවක්..
      ඒත් කමක් නෑ...
      ඔහුට බොහෝ දේ කළ හැකි බව ඔප්පු කොට අවසන්...

      Delete
    2. Amen to what Matha said. Gota may not be the most endearing character, but he has the qualities to drag Sri Lanka out of the rut it is currently in. Even if one does not agree with the way he prosecuted the war (which I do acknowledge to some degree), let’s remember how Colombo looked when he was running the UDA. Even the West, who did their level best to remove Mahinda from power, have a grudging admiration of Gota. Every newly developed country, from South Korea to Taiwan, achieved their miraculous growth under a benevolent dictatorship. There is of course a risk but that is well worth taking. Otherwise Sri Lanka will truly become a failed state. But I hope he will have enough sense not to trust living frauds like Nirmala too much.

      Delete
  2. ගෝඨාගේ අවසානයේ ආරම්භය මෙලෙස මාතලන් විසින් සනිටුහන් කරනු ලබන බවයි......

    ReplyDelete
    Replies
    1. යහපාචනය යනු මේ රටේ පත් වූ දුර්වලම ආන්ඩුව බව ඉතිහාසයේ ලියැවෙනු ඇත..

      චීනා මේ වසරේවත් එන පාටක් පේන්න නැත..

      Delete
  3. නිර්මාල්ගෙන්ම පටන් ගමු. රාජපක්ෂ ත්‍රත්වයේ තාර්කික අවසානය විය යුතුව තිබුනේ කුමක්දැයි නිර්මාල් නොකියයි... පොඩි කෑල්ලක් හ0ගා ගසයි.. ඒ කුප්ප කමට හිතාමතාමය... එවිට ම0 කිව්වේ එහෙම නෙමේ මෙහෙමයි කියා පදේ වෙනස් කර ගැසීමට ඉඩකඩ තබාගෙනය..
    මා නම් යුද්ධය නිමා වූ ආකාරය ගැන අතීශය කණගාටු වෙමි. අතීශය කුරිරු සහ පිළිකුල් සහගත යුධ ජයග්‍රණයක් ගැන උදම් ඇනීමට මාගෙ සිතෙහි නම් ඉඩක් නැත. මා ජාති ආගම් බේදයකින් තොරව මිනිසුන්ට ආදරය කරමි.
    අපිට ප්‍රජාතන්ත්‍රවාදය නුහුරු බව ඇත්තය. බහුතරයකට නිවහල් චින්තනයක්ද නැත්තේය.. අති බහුතරයකට විචාර බුද්ධියක්ද නොමැත. එහෙත් කෙතරම් සීමාසහිතකම් තිබුනද අපි මනුසත්කමින් පොහොසත් සමාජයක්ව සිටියෙමු. කෙමෙන් පිරිහුනු අපි රාජපක්ෂ යුගයේදි එහි කූටාප්ප්‍රාත්තියට පත් වූයෙමු. දැන් අපිට අනෙකාගේ දුක දැනෙන්නේ බොහෝ අඩුවෙනි. ජාති ආගම් පමනක් නොව ප්‍රාදේශීය වශයෙන් පවා බෙදෙමින් ලේ පිපාසිත රකුසන් මෙන් එකිනෙකා පරයා නැගෙන්නට බලු පොරයකට කැසකමින් සිටිමු.
    දැ0 ලා0කීය දේශපාලන භූමිය නායකයකු සොයමින් සිටින බව සැබෑවකි. එහෙත් ඒ හිදැස පිරවිය යුත්තේ රටට සැබෑවට ආදරය කරනා අති මානවවාදි යුග පුරුෂයකුගෙන් විනා ඝෝඨා වැනි තිරශ්චීන මිනිමරුවෙකුගෙන් නොවේ. ඝෝඨා වැන්නන් රටේ ජනාධිපති විය යුතු යැයි සිතනා හෝ කියනා අය එක්කෝ උම්මත්තකයන්ය... නැතිනම් ලේ පිපාසිත රුදුරු මනස් ඇත්තන් විය යුතුය..
    මට නම් ඝෝඨා ජනාධිපති වීමක් ගැන සිතීම පවා බියකරුය.. මෙවැනි කරුනු ප්‍රවර්ධනය කිරීමෙන් පවා වැලකිය යුතු බව මාගේ අදහසයි. මාගේ මව්බිම තෙමී ගලාගිය ලේ ග0ගාවන් තවත් සියවස් ගනනාවකට වුවද ප්‍රමානවත්... අපි කෙසේ හෝ එකිනෙකාට ආදරය කරන මිනිසත් බවින් පොහොසත් මව්බිමක් ගොඩනැගිය හැකි නායකත්වයක් සොයා යමු... කෙලෙස හෝ එවැන්නෙක් සොයා ගමු..

    ReplyDelete
    Replies
    1. නිර්මාල් ඝෝඨා ගේමු කීවාට ඔහුගේ චන්දය ජෙප්පන්ට..

      යුද්ධයක් නිමා වන්නේ කොහොමත් කුරීරූ ආකරයටය. මාතලන් යුද්ධයට තබා සෙල්ලම් පිස්තෝලවලටවත් කැමති නැත. එහෙත් ලෝකයේ සෞම්‍ය යුද්ධ තිබූ බවක් මා නම් අසා නැත. විශේෂයෙන් ත්‍රස්තවාදයට එරෙහිව.

      අප මනුසත් කමින් පොහොසත් සමාජයක්ව තිබූ බව ඇත්තය. ඒ මෙලෝ දෙයක් මේ රටේ නොතිබූ කාලයකය. එහෙත් එකිනෙකා පරයා නැගී සිටීමට වෙර දැරීමම සමාජයක් ඉදිරියට ගෙන යයි. එය රටකටක දියුණුවට අත්‍යාවශ්‍යමය. නැතිනම් ඇති වන්නේ පිං ගොනුන්ගෙන් පිරුණු රටක් පමණි.

      මේ රටේ මිනිසුන්ට මිනිසුන් ලෙස ජීවත් වීමේ නිද්හස ලබා දුන්නේ ඝෝඨා ප්‍රමුක පිරිසයි... මරණයට කැප වී හුන් හරකුන් මෙන් සිටි ජනතාවක් නිදස් නිවහල් ජනතාවක් බවට පත් කලේ ඔවුන්ය. දෙමාපියන් පාසල් ගේට්ටූ මුර කළ කාළයකින්, බිරිඳ හා සැමියා වෙන් වෙන්ව ගමන් කළ යුගයකින් අපව මුදවා ගත්තේ ඔවුන්ය. අද බොහෝ උන්ට ඒ මෑත අතීතය මතකව ඇත.

      Delete
  4. // ආර්ථික වශයෙන් ශක්තිමත් වන ජනතාවක්, දැණුමෙන් මෙන්ම, කළාව හා සාහිත්‍යයෙන්ද, මිනිසත් බවින්ද, ඉදිරියට එන්නේ බලාගෙන සිටිද්දීය.// මේ කතාව ඇත්තය.
    // ලොව පිලිගන්නා දියුණු රටවල් කියනා සියළුම රටවල් පාහේ, ආර්ථික වශයෙන්ද මානුෂික වශයෙන්ද ඒ තත්වයන්ට පත්ව තිබෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර අති දරුණු නීතී රීති සහිත දරදඬු ඒකාධිපති පාලනයන් යටතේය// එංගලන්තය, ස්වීඩනය, ෆින්ලන්තය, නොර්වේ, ජපානය වැනි රටවල් දියුණු රටවල් හැටියට පිලි ගන්නවා නම් මේ කතාවට එකඟ විය නොහැකිය.
    වැඩේ කියන්නේ අද මමත් මෙවැනි ලිපියක් ලියා හමාර කිරීමය. ඔන්න කතා වෙලානම් නොවේය.

    ReplyDelete
    Replies
    1. දැන් ඔබත් හිතන්නේ ඝෝඨා ල0කාවේ මීලඟ ජනාධිපති විය යුතුයි කියාද???

      Delete
    2. මාතලන් ජනාධිපති විය යුතුයි කියා. :)
      ගෝඨා හෝ මා හෝ ගංගා හෝ

      Delete
    3. // එංගලන්තය, ස්වීඩනය, ෆින්ලන්තය, නොර්වේ, ජපානය වැනි රටවල් දියුණු රටවල් හැටියට පිලි ගන්නවා නම් මේ කතාවට එකඟ විය නොහැකිය. //

      අන් රටවල් අතහැර ජපානය පමණක් මම මෙහිදි උදාහරණයකට ගන්නම්. දෙවන ලෝක යුද්ධය පැවති සමයේද ජපානය දියුණු රාජ්‍යයකි. ඒ අධිරාජයෙක් යටතේය. ජපානයේ කුරීරූ කම් පිළිබඳ හොඳම උදාහරණය නම් දකුණු කොරියාවේ ජපාන තානාපති කාර්යාලය ඉදිරිපිට තබා ඇති "කම්ෆර්ට් ලේඩී" පිලිරුවයි. අජිත් මේ සියල්ල මාතලන්ට වඩා හොඳින් දනී.. අන් රටවල ඉතිහාසයද එසේමය..

      Delete
  5. Maatha is correct, Gota is not corrupt as all those who are & were in SL politics. He might well be SL's Lee Kuan Yew (if we are lucky)

    ReplyDelete
    Replies
    1. ලී ක්වාන් යූ ගියාද?

      Delete
    2. jeevana ! comment of the post. welldone

      Delete
    3. ඝෝඨාද කරප්ට් පොරක් විය හැක. ඒය ලංකාවේ නායකයකු වීමට සුදුසුකම්ක් මිස නුසුදුසු කමක් නම් නොවේ... මොකෝ මුළු මහත් ලාංකීය සමාජයම කරප්ට් පොරවල් නිසාය..

      Delete
  6. මගේනම් තේරීම ගෝඨා නෙමෙයි. Sf ලොක්කා.
    2020දී sf ලොක්කා ජනාධිපති කරමු....

    ReplyDelete
    Replies
    1. එනව මෙතන ඇත්ත කථා කරන්න. බොරුවක් තියෙනවනම් කියපිය නැත්නම් කට වහගෙන පල

      Delete
    2. ෆොන්සේකාට ආයේ බලයට එන්න වෙන්නේ නෑ.
      අධික වේගය මරු කැඳවයි කියන දේ උන්දෑ දැනගෙන උන්නේ නෑ..

      Delete
    3. Fonseka should not be even in the parliament (let alone be our President) Anyone remember the number of votes has as member of parliament? I think UNP is taking him for a ride to discredit him more. SF had is best time with Gota and he kicked the friendship by listening to JVP+UNP. Poor SF, has no political further in this country.

      Delete
    4. කටුසු sf ලොක්කා කියලා කියන්නෙ වෙන කවුරුහරි ගැන කියලයි මට හිතන්න...

      Delete
    5. SF ලොක්කා කියන්නෙ අර අනුරාධපුරේ කරාටෙ වසන්තව මරපු පාතාලයා

      Delete
    6. SF ලොක්කා කියන්නෙ අර අනුරාධපුරේ කරාටෙ වසන්තව මරපු පාතාලයා

      Delete
  7. Mata nam maha bayak wagema maha appiriyawakuth danenawa!Thawama oppu karaganna bari unata oya miniha mona tharam AHINSAKA minissu marawala thiyanawada?Mama hithanne janadhipathi karanawa neweyi.Parlimenthuwa hathara mayimatawath waddaganna watina minihek neweyi Gotabaya kiyanne!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පාරලිමේන්තුවේ ඉන්නේ උපාසක මහතුන් හා උපාසිකා මහත්මීන්ය..

      Delete
    2. Sarath PereraApril 9, 2017 at 6:51 PM
      //Thawama oppu karaganna bari unata oya miniha mona tharam AHINSAKA minissu marawala thiyanawada?//

      ඔය කතාව රනිල්ට,චන්ද්‍රිකාට, මෛත්‍රීටත් අදාලයි නේද ? උන්ට ඔය පාර්ලිමේන්තුවේ කරනම් ගහන්ඩ පුළුවන් නම් ගෝඨට විතරක් බැරි මොකද ?

      Delete
  8. නිර්මාල්ගේ සුකුරුත්තං අදහසට වඩා මේක අව්‍යාජ ය.

    ReplyDelete
    Replies
    1. මේ අදහස හරියට ගෙදර පුටුවල ඉන්න මකුනන්ට ( ගෝත්‍රිකයන්ට) බයේ උන්ව නැතිකරන්න ගෙට ගිනි තියනවා වගේ වැඩක්.

      Delete
    2. මාතලන් කොහොමත් අව්‍යාජ පොරකි...

      Delete
  9. මාතො, මේ රට හදනවා නම් හදන්න පුළුවන් තුන් දෙනෙක් ඉන්නවා.
    එකෙක් රනිල්ම අනිකා ෆොනී, අනික් එකා ගෝටා.

    මෙතනින් රනිල් ෆේල් වෙන්නේ මිනිහාගේ අර ලිබරල් ඩිමොක්‍රටික් (හක්කත් ඇද වෙනවා යකෝ ඒ වචන ටික කියලා) දර්ශනය ට ගැලපෙන රටක් හෝ මහජනතාවක් මෙහෙ නැති එක නිසා. කොටින්ම කිව්වොත් රනිල් කියන්නේ වැරදි රටක ඉපදුනු හරි මිනිහෙක් . මිනිහාට කොච්චර උවමනාව තිබ්බත් (හෝ එහෙම තියෙනවා කියලා පෙන්නුවත්) මේ ගෝත්‍රික ජාතිය එක්ක මිනිහගේ ලිබරල් ප්‍රොජෙක්ට් කරන්න මේ ආත්මෙදී හම්බවෙන්නේ නැහැ.

    ඊළඟට ඉන්නේ ෆොනී.
    යුද්ධය ඇතුලේ ඕනෑවටත් වඩා ප්ලස් මාක්ස් ගත්තත් ෆොනී දේශපාලනය ඇතුලේ තාම සාර්ථකයි කියලා කියන්න තරම් දෙයක් නැහැ.එත් ඉතින් ෆේල් වෙන්න තරම් දේකුත් වෙලා නැහැ. හරියට නිකන් නිෂ්ක්‍රීය වායුවක් වගේ. අවුරුදු ගානක් හිරේ හිටියත් , ෆීල්ඩ් මාෂල් වුනත්, ඇමති කෙනෙකුත් වුනත් තාම තමුන්ගේ ය කියලා ප්‍රතිපත්තියක් නැහැ.
    ෆොනී ගැන බලාපොරොත්තු තියන්න තියෙන එකම දේ මිනිහා තමුන්ට දුන්නු ජොබ් එක කරලා ඉවර කරන එකෙක් කියලා යුද්ධෙදී ඔප්පු කරලා පන්නපු එක විතරයි.
    ඒ එක්කම යකෙකුටවත් බය නැති දරුණු ඒකාධිපති කමකුත් තිබුනා. මොකා මොන ගේම ගැහුවත් පොර වැටෙන්නේ නැහැ.
    සති දෙක හිරේ ඉන්නකොට පුක ඉරාන දඟලන අවජාතක සක්කිලි නායකයෝ ඉන්න රටේ ෆොනී රියල්ම සිංහයා වගේ හිරේ ගිහින් අවා අපි දැක්කා.

    ගෝටා ත් ෆොනී ටයිප් ම තමයි.
    ඇති දරුණු ඒකාධිපතියෙක්.
    ෆොනී වගේම යුද්ධේ ඇතුලේ කාටවත් නොදෙවැනි නායකත්වයක් දුන්නා.
    කොටින්ම කිව්වොත් තමුන්ගේ ජොබ් එක සාර්ථකව ඉවර කළා.
    ඒ වගේම යුද්ධෙන් පස්සේ දුන්නු නාගරික සංවර්ධනෙත් ජොබ් එකේ ඉන්න අන්තිම දවස වෙනකම්ම අකුරටම ඉෂ්ට කළා. ඒ ගැන පක්ෂ පාට බේදයකින් තොරව අපි ගෝටා ට ගෞරවය දෙන්න ඕනා.
    එතකොට මිනිහාට පොලිටික්ස් පැත්තෙන් කොහොම වුනත් අනිත් පති වලින් ප්ලස් මාක් ගොඩක් තියෙනවා.

    මෙතන තියෙන ප්‍රශ්නේ එදා මහින්ද අහු වුනා වගේ අද සිරිසේන අහුවෙලා ඉන්නවා වගේ වගේ හෙට ගෝටා අවොත් මිනිහත් බත් ගොට්ටන් ට එහෙයියන්ට හෝ මොළ හොදන්නන් ට අහුවෙයිද කියන එකයි.
    එහෙම වුනොත් මිනිහා ඉදි අමීන් ගෙන් එහාට යනවා.මහින්ද ව ළඟින්වත් තියන්න බැරි වෙනවා.
    එදාට මේ රටේ ගොඩක් දේවල් වෙලා තියෙයි. එත් වහල්ලු වගේ මිනිස්සු රැලක් එක්ක.
    මේ ආණ්ඩුවේ ගොන් කමට අද රටට දීලා තියෙන අසීමාන්තික නිදහස දැන් අපිට අගේ නැති වුනාට අර වගේ පාලන කාලයක් ආවොත් එකේ අගය ගොඩක් දැනෙන්න පුළුවන්. ජනවාරි 8 ට කලින් කාලේ තාම අපිට අමතක නැහැනේ.

    ඒ නිසා මගේ නම් අදහස ගෝටා මහින්ද වගේ එක එක සක්කිලින්ට රැවටෙන්නේ නැතුව බාරගත්තු ජොබ් එක හරියට කරනවා කියන සහතිකයක් ප්‍රායෝගිකව රටට දෙන්න පුළුවන් මනුස්සයෙක් නම් මිනිහාට පුළුවන් රට හරියට හදන්න.
    මම මෙහෙම කියන්න හේතුව අද ගෝටා වටේ එකතුවෙලා ඉන්න බහුතරේ ( නිර්මාල්ලා වගේ කීපයක් හැර) ජනවාරි 8 බලය අහිමි වෙච්ච් කණ්ඩායම හින්දයි. ගෝටා දිනපු දාට මුලින්ම සලකන්න තියාගන්නේ උන්ට නම් අනේ එදාට මෙහෙ වසන්වාට වඩා පීනාගෙන ගිහින් ඕස්ටේලියාවේ පොලීසියට අහුවෙන එකත් දාහෙන් සම්පතයි.

    ReplyDelete
    Replies
    1. අනේ එදාට මෙහෙ වසන්වාට වඩා පීනාගෙන ගිහින් ඕස්ටේලියාවේ පොලීසියට අහුවෙන එකත් දාහෙන් සම්පතයි.

      නියම ටෝක

      Delete
    2. ///මෙතනින් රනිල් ෆේල් වෙන්නේ මිනිහාගේ අර ලිබරල් ඩිමොක්‍රටික් (හක්කත් ඇද වෙනවා යකෝ ඒ වචන ටික කියලා) දර්ශනය ට ගැලපෙන රටක් හෝ මහජනතාවක් මෙහෙ නැති එක නිසා. කොටින්ම කිව්වොත් රනිල් කියන්නේ වැරදි රටක ඉපදුනු හරි මිනිහෙක් . මිනිහාට කොච්චර උවමනාව තිබ්බත් (හෝ එහෙම තියෙනවා කියලා පෙන්නුවත්) මේ ගෝත්‍රික ජාතිය එක්ක මිනිහගේ ලිබරල් ප්‍රොජෙක්ට් කරන්න මේ ආත්මෙදී හම්බවෙන්නේ නැහැ.///

      හුකෑස්.... පල යකෝ ආතල් නොදී

      Delete
    3. //
      මෙතනින් රනිල් ෆේල් වෙන්නේ මිනිහාගේ අර ලිබරල් ඩිමොක්‍රටික් (හක්කත් ඇද වෙනවා යකෝ ඒ වචන ටික කියලා) දර්ශනය ට ගැලපෙන රටක් හෝ මහජනතාවක් මෙහෙ නැති එක නිසා. කොටින්ම කිව්වොත් රනිල් කියන්නේ වැරදි රටක ඉපදුනු හරි මිනිහෙක් . මිනිහාට කොච්චර උවමනාව තිබ්බත් (හෝ එහෙම තියෙනවා කියලා පෙන්නුවත්) මේ ගෝත්‍රික ජාතිය එක්ක මිනිහගේ ලිබරල් ප්‍රොජෙක්ට් කරන්න මේ ආත්මෙදී හම්බවෙන්නේ නැහැ.
      //

      රනිල්ගේ ඇත්ත පැටිකිරිය නොදන්ක වහුපැටියෙක් අහිංසක කමට දාපු එකක් වෙන්න ඇති. නැත්නම් බටලන්ද කේස් එක මොකක්ද, ඒකෙ සාක්කි කරුවන්ට මොකද උනේ වගේ දේ වලින් රනිල් කවුද කියන එක පැහැදිලියි. ඔහුගේ ලිබරල් ඩෙමොක්‍ර‍සිය පක්ෂයේ තනතුරු පත් කිරීමෙන්ම පේනව. මෙච්චර මැතිවරණ ගණනක් පැරදිලත් නායකකම අත් නොහැරපු රනිල් මුගාබේ කෙනෙක් නෙවෙයිද?

      රනිල් ඩෙමොක්‍ර‍ටික් නම් අසාර්ථකත්වය සහ පරාජයන් හමුවේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට හිසනමා තනතුර් අතහැරල ගෙදර ගිය ඔස්ට්‍රේලියා, බ්‍රිතාන්‍ය නායකයෝ කවුද?

      මමනම් කියන්නේ රනිල් ඉන්නේ හරිම රටේ. මේවගේ ගොන්නු රැලක් නැත්නම් රනිල් නොකවුට් වෙලා ගොඩක් කල්. රෝයල් එකේ ඇමත් මණ්ඩලයක් තියන් තව ගෝත්‍ර‍වාදය ගැනත් ජෝක් කියනවා.

      Delete
    4. රනිල්ට බෑ කියලා දෙවනි වතාවටත් ඔප්පු කරලා අවසානයි... චීනා මේ වසරේ ආවේ නැත්නම් යහපාචනය අවසානයි.

      ෆොනීගේ දේශපාලනය එපමණයි.

      අප කැමති වූවද අක්මැති වූවද දැනට ඉන්නා නායකයින් අතරෙන් ඉදිරියෙන්ම සිටින්නේ ඝෝඨාභයයි...

      Delete
    5. අර කිව්වා වගේ පීනගෙන තියා බෝට්ටුවෙන් ගියත් ඔස්ටේලියාවෙන් ආපහු හරවලා එවනවා...

      විභීෂණ අවසානයේ සඳහන් කර ඇති කරුණු වලින් පෙනී යන්නේ රාජපක්ෂ පාලනය පිලිබඳ නියම අවබෝධයක් ඔහුට නොතිබුන බවම පමණි.

      Delete
    6. මට තිබුණු අවබෝධය නියම ද එකද නැද්ද කියන එක කැමති විදියට තීරණය කරන්න පුළුවන්.

      උඹේ පොස්ට් එකේ තියෙන පොයින්ට්ස් සේරම හරි වෙන්නත් පුළුවන්.
      එත් මම කතා කරන්නේ උඹ ඔතන ලියල නැති පොයින්ට් එකක් එක්ක .

      මහින්ද වටේ එදා කැරකිච්චි ලේ මාපිල්ලු න්ගේ සීයට අසූවකට කිට්ටු වෙන්න දැන් කැරකෙන්නේ මෛත්‍රී-රනිල් ඩබල වටේ.

      මහින්දට ගෙවල් දෙන්න හදපු එකා ඊයේ පෙරේදා මෛත්රිගෙන් තානාපති කමකුත් ගත්තා නේ.

      ඉතින් ඒ වගේ තාම මෛත්‍රී ගාවට කිට්ටු කරගන්න බැරිවෙච්චි කීපදෙනෙක් දැන් ගෝටා ගේ ප්ර්සනලිටි එක පුම්බන්න හදනවා.

      මිනිස්සු ඉස්සරහා මහින්දට කිලෝ ගානට දෙහිකපපු මෛත්‍රී රනිල් සහ පිරිවර අද දෙපැත්තක ඉඳගෙන ලව් කරනවා. එක එකාගේ පිට කසා ගන්නවා.

      ඒ පිහිටෙන් දෙපැත්තේම ලේ මාපිල්ලු ටික රැකෙනවා.

      ගෝටා ආවාම වෙන්නෙත් ඔය නාටකේ මෛත්‍රී-රනිල් චරිත දෙක රීප්ලේස් වෙන එක විතරයි.
      එත් උන් කිසි කෙනෙක් සීන් එකෙන් අයින් වෙන්නෙත් නැහැ.
      අද මහින්ද නිදහසේ ආතල් ගන්නවා වගේ එදාට මහින්ද -මෛත්‍රී-රනිල් සේරම ඒ ආතල් එක ගන්නවා.

      අනිවා ආපහු රාජපක්ෂ පවුලත් ඒ වටේ හිටපු හොරු රෑනත් , යහපාලන හොරු රෑනත් සේරම එක ගෙයි කන්න පටන් ගන්නවා.
      ඕක ගෝටා ආව කියලා සිද්ධ නොවයි කියලා කිසිම විස්වාසයක් තියන්න බැහැ.

      මම හිතන්නේ දැන් දේශපාලකයෝ රට පාලනය කළා ඇති කියලයි.
      උඹ කියන දරදඬු පාලනය මේ දේශපාලනේ ඇතුලේ කරන්න බැහැ .
      මොකද උන්ව පත් කරන්නේ අපි නිසා.

      ලෝකෙට මොන බයිලේ ගැහුවත් සිංහල අපි උපන් ගෙයි කපටි කයිරාටික ජාතියක් ය.
      ඒ හින්දා අපි පත් කරන නායකයිනුත් ඒ ජාතියේම එවුන්ය.

      ඕක වෙනස් වෙන්න නම්, ඒ කියන්නේ විනයක් ඇති රටක් හදන්න නම් දැන් වෙන්න ඕන එක දෙයයි.

      රට හමුදාව බාර ගන්න ඕන.
      එතකොට ඔය උඹයි මායි අපි හැමෝමයි බලාපොරොත්තු වෙන රට ඉක්මනට හදා ගන්න පුළුවන්.

      Delete
    7. විභීෂණ මලේ, නැවත සඳහන් කළ යුතුව ඇත්තේද කලින් දුන් පිළිතුරමය.

      එයිටාමතරව අළුත් එක් කිරීමක් ලෙස ඝෝඨා පැමිණි පසු බිහිවන්නේ උඹ අවසානයේ සඳහන් කල ආකාරයේ ආන්ඩුවක් බවද එයට එක් කිරීමට කැමතිය.

      Delete
  10. ගෝථා ආවෝත් වෙන්නේ ඔය සුරන්ගනා කතන්දර කොහොම වෙතත් රට මිලිටරිකරණය වෙලා යන එක.මම නම් කැමති නැහැ හමුදා පොලිස්කාරයින්ට ඕනේ විදියට ලෙෆ්ට්,රයිට් කරන්න.
    එක නිසා මගේ ජන්දේ ගෝථාට විරුද්ධව .

    ReplyDelete
    Replies
    1. අනික් උන්ටත් ඡන්ද තියෙන්න එපාය... ඒ නිසා අවුලක් නෑ.. ඒත් ඝෝඨා වගේ නායකයකු යටතේ විපක්ෂයකිනුත් වැඩක් නෑ..

      Delete
    2. Gota no come. Dont wory. This cuntry people no racism.

      Delete
  11. ටින් කෑමේ හොදම එක ලමාතන් ලොක්කා ආයි අනෝ ඇරලා " සැප කනේ පුක වනේ " නුනොත් ඇති !!!!

    ReplyDelete
    Replies
    1. ඇනෝ ලෙසින් පැමිණ පිස්සු කෙලියේ බ්ලොග් ලියනා පොන්නයන් මිස නියම ඇනෝලා නොවේ.. ඒ කාළකන්නින් හෙලිදරව් වීමෙන් අනතුරුව අද බ්ලොග්කරුවන්ට ඒ කාළකන්නින්ගේ කරදර ඇත්තේ නැත.

      Delete
    2. බ්ලොග් ලියනා පොන්නයන්..... ඒ කාළකන්නින් හෙලිදරව් වීමෙන්.......

      මැර්යින් ඩ්‍රයිව් එකේ ඉන්න එවුන්ද නැත්නම් ඩුප්ලිකේෂන් රෝඩ් එකේඑවුන් ගැන ද මේ කියන්නේ

      එහෙම නැතිනම් කොහේ ද උන් ඉන්නේ ලමාතන් ? බෝට්ටුවෙන් ගිහිල්ලා ප්ලේන් එකෙන් ගෙදර එවන රටේද ?

      Delete
    3. මාතලන්,

      ඔබගේ මූලික අදහස සමග එකඟයි. නමුත් ඇනෝ කමෙන්ට් ගැන යමක් පවසන්නම්. අප වැනි නිදහස් බ්ලොග් පාඨකයන් වඩා නිදහසේ නිවහල්ව ලෙහෙසියෙන් පහසුවෙන් ඇනෝ පැමිණ අදහස් දැක්වීමට කැමතියි. නමුත් ඔබ කිවූ ලෙසම ඉතාම හිරිකිත අශීලාචාර ලෙස බ්ලොග්කරුවන්ගේ දරුපවුල් පවා ගාවාගෙන කමෙන්ට් කොටන්නේ නම් ප්‍රොෆයිල් බ්ලොග්කරුවන් බව ශුවර්. මොකද අප වැනි සාමාන්‍ය පාඨකයන් බ්ලොග්කරුවන්ගේ වතගොත කිසිත් නොදන්නා නිසායි.

      Delete
  12. ගෝඨා ජනපති...මාතලන් අගමැති !

    ReplyDelete
    Replies
    1. KAKKA PRABHAKARN! :D

      Delete
    2. මිස්ටර් කැපිටල්
      කොහෙද බං ගිහින් හිටියෙ ?

      Delete
    3. @ ANO
      UBATA DAPU COMMENT EKA ME DAN VANISH WELA GIHIN.

      DAN SINHALA BLOGS WALA ISSARA THARAM AATHAL NA BAN. EKAI MAMA WADIYA AWE NATHTHE. APITA ANO ATHAL GANNA PULUWAN BLOG EKAK KOHEWATH NA.

      Delete
  13. මාතලන් පුක නැතිවෙන්න නෙවෙයි, පුක උඩ හිටගෙන කිව්වත් දීර්ග කාලයක් මිලිටරියේ හිටපු තවත් කාලයක් මිලිටරි නිලධාරියෙක් ලෙස හිටපු මිනිහෙක් ආයෙ ආවත් පාලනය මිලිටරිමය පාලන රටාවක් ඇර වෙන ඒව බෑ.
    හැබැයි අන්තරේටනම් පුක නැති වෙන්නම වදියි.
    මටනම් ඒකමත් ඇති. රට බල්ලට ගියත් කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. NIDAHAS AJJAPANAYATA ATHA NOTHIYANU.

      Delete
    2. මේ රට හදන්න නොදෙන කාළකන්නි පිරිස් කීපයක් සිටිනවා
      හොර ඝනයෝ, වමේ කාළකන්නින්, වෘතීය සමිති සහ සිරි ලංකා නිදහස් පක්ෂයේ ගොන් බයියෝ..
      මේ සියල්ලන්ට අබ සරණම අත් වනු ඇත.

      Delete
  14. දැන් උබේ තර්කය හැටියට ගෝට ගෙනාව කියමුකො. එතකොට උබ කියන්නෙ ඝෝට කියන චරිතය දේශපාලනයට එන්නෙ උගේ අයියල මල්ලිල හලලද?

    මහින්දගේ හොර නඩයත් හලලද?

    එහෙම එයි කියල හිතනවද?

    උබ යහපාලනය එද්දිත් ඔහොම්මම තමයි කිව්වෙ.

    අවුරුදු දෙකක් මේ පකයෝ ෆුල් ටයිම් හොරු අල්ලපු ඇල්ලිල්ල නතර උනේ හොරු එක්ක ඩීල් දාල.

    දීපන්කො උත්තරයක් මස්සිනා

    ReplyDelete
    Replies
    1. GOTA ENAWATA MAHINDA KAMATHI NATHA.

      Delete
    2. ට්‍රැවිස් අයියා, ගෝඨා ආපු ගමන් ඔක්කොම හොරු අල්ලනවා. තාජුඩීන් මරපු එකා හිරේ දානවා, සිරිලිය හෙරත් හිරේ, මල්වානෙ හොරුත් හිරේ, උදයංගයත් හිරේ, ජාලිය වික්‍රමසූරිය එයත් හිරේ, එතකොට විමල් එයත් හිරේ, අන්තිමට තමයි මිග් ඩීල් එකේ හොරයි ලසන්ත මරපු එකයි අල්ලන්නේ. ඒකට තමන්ම හිරේ යනවා. ඊට පස්සෙ කොලඹ 7 ගෙවල් වලට ඒ හිර කාරයෝ ඔක්කොම මාරු කරනවා. වැලිකඩ ඉඩ මදි නිසා.

      Delete
    3. දෙවෙනි ඇනෝ
      මගේ කොමෙන්ට් එක මකල උබේ කොමෙන්ට් එක ආයෙ දාන්න හිතුන බං
      එච්චරට වටින රිප්ලයි එකක් මචං

      Delete
    4. අනේ බෝම විස්කෝතුයි ට්‍රැවිස් අයියා. මම බයේ හිටියේ "එතකොට අර බැඳුම්කරේ වුන් හිරේ දන්නෙ නැත්ද බොල"? කියල අයිය අහයි කියල. ඇත්තටම අයියේ ඒක කිව්වෙ නැත්තේ ගෝට ආවම ඒ කට්ටියත් එක්ක විතරක් එයා ඩීල් එකක් දාගන්න නිසා. එතකොට බ්ලොග් ටොයියොන්ට "හූ හූ දන්ත පකෝ කෝ උඹලගෙ ආණ්ඩුව බැඳුම්කරේට හිරේ දැම්මද?" කියල අර සාරසයව බයිට් එකට ගන්න පුළුවන්නේ.

      Delete
    5. අනේ බෝම විස්කෝතුයි ට්‍රැවිස් අයියා. මම බයේ හිටියේ "එතකොට අර බැඳුම්කරේ වුන් හිරේ දන්නෙ නැත්ද බොල"? කියල අයිය අහයි කියල. ඇත්තටම අයියේ ඒක කිව්වෙ නැත්තේ ගෝට ආවම ඒ කට්ටියත් එක්ක විතරක් එයා ඩීල් එකක් දාගන්න නිසා. එතකොට බ්ලොග් ටොයියොන්ට "හූ හූ දන්ත පකෝ කෝ උඹලගෙ ආණ්ඩුව බැඳුම්කරේට හිරේ දැම්මද?" කියල අර සාරසයව බයිට් එකට ගන්න පුළුවන්නේ.

      Delete
    6. අනේ මොන අවුලක්ද ඇනෝ තුමෝ. හෙට අනිද්ද බැඳුම්කර අර්ජුන් මහත්තය අගවිනිසුරු කරනවයි කියන්නෙ. රනිල් ලොක්ක අගමැති කමෙන් ඉල්ලා අස්වෙලා ඒ තනතුර එයාගෙ පර්පචුවල් බෑන දෙනවයි කියන්නෙ හිටං

      ඇත්තටම කෝ මේ සෝ රත?

      වැරදුනා

      සා රස..??

      Delete
    7. මම යහපාලනය ගැන සහතික දෙන්න ගියේ නැත.

      මාතලන් මොනවද කිව්වේ... කෝ කියපු දෙයක් පෙන්නන්න.

      ඝෝඨාගේ පාලනයක් යටතේ මහින්ද පවා බලු කුක්කෙකු වන අතර ඇති වන්නේ මිලිටරි පාලනයකි.. ඝෝත්‍රිකයන්ට ඔබින්නේ එවන් පාලනයක්ම පමණි.

      Delete
    8. \\..ඝෝඨාගේ පාලනයක් යටතේ මහින්ද පවා බලු කුක්කෙකු වන අතර..//

      කොහොමද උබ මෙහෙම කියන්නෙ ලොක්කා... තවම කරඬුව එලියට අරගෙනත් නැහැ

      Delete
    9. ආවොත් බලා ගන්න

      Delete
    10. ඝෝට කවදාවත් එන්නෙ නැහැ. මමත් පෞද්ගලිකව ම ඝෝට එනවට කැමති උනත්, ඌ ආව කියල කරන ලබ්බක් නෑ බං. මිලිටරි කතන්දරයක් කලොත් හොඳයි. ඒත් මේ කුලියට කහින ලියන මිනිස්සු අනිව පාරට බැහැල ළේ විලක් කරන එක තමයි වෙන්නෙ..

      Delete
    11. කුලියට කී දෙනෙක්ට නම් ලිව්වද අප්පා... හැම පැත්තෙන්ම ඉන්කන්

      Delete
  15. මේ පැත්තත් හිතල බලන්න මාතලන්. රාජපක්ෂ වරු පාලනය කරන්නේ පවුල පිටින්. ඒ කියන්නේ හැමෝටම එක තරමටම බලය තියෙනවා. පහුගිය කාලෙ මහින්ද, බැසිල්, ගෝඨාභය, ශිරන්ති, නාමල්, යෝශිත යන පස් දෙනාම බලය අතින් ජනපතිලා.

    එතකොට ගෝඨාභය ජනාධිපති වුණාම අනික් අය අයින් වෙලා නිකන් ඉඳියිද? ඔය කට්ටියගෙන් කවුරු ජනපති වුණත් අනික් හැමෝමත් ජනපති වෙනවා. ගෝඨාභය එහෙම නෙවෙයි කියල කවදාවත් පෙන්නල නැහැ. බේබිල රේස් පැද්දෙ ගෝඨාගෙ අණට යොදවපු හමුදාවල අය ලවා වැලි කොට්ට ගස්සවල, අග විනිසුරු එලවන්න පොලිසියේ අය ලවා නිල නිවස වටකලේ ගෝඨා. විමල් ගේ උසාවි ඉස්සරහ කෙරුවාවට පොලිසිය මෙහෙයෙව්වේ ගෝඨා, වෙලඳ කළාප අර්ථසාධක ප්‍රශ්ණය ලොකුගේ ගේ එකක් වුණත් පහර දෙන වෙඩි තියෙන ඕඩර්ස් ගෝඨාගෙ. රතුපස්වලත් වෙඩිතියන මරන කොටස් ගෝඨගේ

    ඒවගේ ඔක්කොම දේවලට හමුදාව පොලිසිය ඕනනම් වෙඩි තියපන් ලෙවල් එකට ගෙනියන්න එයා හොඳයි. අන්තරේ සහ ස්ට්‍රයික් පාලනයට නම හොඳයි තමා. ඒටික ගන්න අනික් ඔක්කොම ටිකත් ආයිමත් අරගොල්ලන්ටම දෙන්න කියන එක තමයි ඔබතුමා කියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මහින්ද රාජපක්ෂ පාලනය තුල රාජපක්ෂ පවුලේ ඇති වූ අභ්‍යන්තර ආරවුල් මෙන්ම ගණුදෙණු හේතුවෙන් ඇති වූ ආරවුල් පිළිබඳව කිසිඳු අවබෝධයක් නොමැතිව දැමු කොමෙන්ටුවකි.

      Delete
  16. ඉතින් ලන්කාව හැදෙයිද? යකූ අයියාව ගෙනල්ලා රටට කෙලෙව්වා (යුද්දේ හැර අනික්වා ඔක්කොම ෆේල්) ඒකෙ සුවද යන්නත් කලින් මල්ලිව ගේන්ඩ තටමනවා ගෝටා ආවොත් ලංකාව හැදෙන එක කොහොම උනත් උන්ගෙ පවුල ආයෙත් හැදිලා රට මිලිටරිකරණය වෙලා චන්ද අමතක කරලා වහල්ලු වගෙ ඉන්න තමා වෙන්නෙ වතුර ඉල්ලුවාටම වෙඩිතියපු උන ප්‍රජාතන්ත්‍රවාදෙ ඉල්ලුවොත් ගෙදරටම ඇවිත් බෝම්බ ගහලා යයි

    ReplyDelete
    Replies
    1. අනික්වා ඔක්කොම ෆේල් කියන්නෙ කුමන නිර්ණායක පදනම් කරගෙනද?

      Delete
    2. මහින්ද රාජපක්ෂ පාලනය තුල රාජපක්ෂ පවුලේ ඇති වූ අභ්‍යන්තර ආරවුල් මෙන්ම ගණුදෙණු හේතුවෙන් ඇති වූ ආරවුල් පිළිබඳව කිසිඳු අවබෝධයක් නොමැතිව දැමු කොමෙන්ටුවකි.

      Delete
  17. රට රටවල් ගැන දන්න පොශ් පොරක් වෙච්ච පොල් බූරුවොත් කරන්නෙ මෙහෙමනම් ඉතින් මොන කතා ද? මාත් 2020 දි නෙවෙයි දැං උනත් ගෝට ට තමා.

    ReplyDelete
    Replies
    1. රනිල්ගේ යෝජනා සිරිසේන ක්‍රියාත්මක කිරීමට දෙන්නේ නැත. එයින් දෙදෙනාම විනාශ වේ...

      Delete
  18. ඊට පස්සෙ ෆොනීට වගේම අපටත් සොරි තමා පීනලාම යනවා නවසීලන්තෙට .. ඔස්ට්‍රෙලියාවට බෑ මුහුදේ පොලිස් කාරයො වැඩියි

    ReplyDelete
    Replies
    1. ඒ ගියත් මේ වගේ තමයි. රෙෆියුජි කඳවුරක තමයි ඉන්න වෙන්නේ...

      Delete
  19. දෙකට නැවී අහවල් එක කටට ගෙන චාර්වක දත් අතරේ තබා හයියෙන් හැපීම නොහොත් මාතලන් ලොක්කා මහඉන්ද මහත්තයාගේ මල්ලීව රජ කරවීමට නැකැත් පත බැලීම....

    පොන්සි ඩබලකට කඩේ ගිහින් උන් රජවෙලා කෙලවාගෙන යනකොට වෙන මොනා කොරන්නද හිටන්..........

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට අපේ ගරු සාරසතුමා කැමති මහින්ද මහත්තයා අයේ බලයට එනවටද නැත්තං ගෝඨාභය මහත්තයා බලයට එනවාටද?

      Delete
    2. ගොටා = මහින්ද = බැසිල් = නාමල්

      Delete
    3. අන්තිමට ඉතින් මාතලන්ගෙ නැකත් පත කියල තමා කියන්න වෙන්නෙ...

      Delete
    4. ඒ ඩබල ගෙන ඒම ගැන මාතලන්ට කිසි අවුලක් ඇත්තේ නැත.

      එම අවස්ථාවේ මහින්ද වෙනුවට ඝෝඨා ගෙනාවා නම් දිනන්නේ ඝෝඨා මිස පොද්දා නොවේ...

      මහින්දගේ මළ පෙරේත කමට සර සා දුක් වී ඵල නැත....

      Delete
  20. ප්‍රජාතන්ත්‍රවාදය ගැන.

    http://nokieekatha.blogspot.com/2016/07/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. ගෝත්‍රිකයන්ට මොන ඩිමොක්‍රසිද ලොක්කා

      Delete
    2. ගෝත්‍රිකයන්ට මොන ඩිමොක්‍රසිද ලොක්කාඑහෙම එකෙක් ජනාඩිපති උනොත් රටට අබසරන තම්යි

      Delete
  21. තාම කල් වැඩියි තීරණේකට කවුද දන්නෙ අර චතුරයා හිටි ගමං පහලවුනා වගේ තව මොන මොන එව්වො මතුවෙයිද කියල ඉස්සරහට :)

    ReplyDelete
    Replies
    1. මාතලන් අවසානයේ සඳහන් කළේ එයයි... චන්ද්‍රිකාගේ සිට බලයට පත්ව ඇත්තේ කිසි දින නොසිතු පොරවල්ය...

      Delete
  22. කිව්වට කාරි නෑ බුදු මහත්තයෝ අපි අපේ දරු පවුල් ඔක්කොම එක්ක උදේ හවා බෝධි පූජා තියන්නේ අපේ ගෝටාභය හාමු රටේ නායකය වෙන්න කියල තමයි. ඒ හාමුයි අවන්ට්ගාඩ් එකේ නිස්සංක සේනාධිපති හාමුයි නිසා කීදෙනෙක් ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන පිනක් දහමක් කරගෙන දෙයියනේ කියල හිටියද?

    සේනාධිපති හාමු ගාව වැඩ කොරෝපු සෙනාල් මැන්දිස් මහත්තයත් අර උඩ ලියල තියෙනව. ඒ මහත්තයත් ගෝටාභය හාමු දැක්ක දැක්ක තැන දණගහල වඳින හරිම බය පස්සපාත මහත්තය.

    අර සෝමාලි කොල්ලො ටිකටත් බුදු බව ලැබෙන්න ඕන ඔය නැව් අල්ලගන්න එකට. ඊයේ පෙරේදා නැව අල්ලගත්තු වෙලාවෙත් අපි හිතුවේ මිනිස්සු ටිකක් මළත් අපිට අපේ ගෝස්තරේ ආපහු ලැබෙයි කියල. සෝමාලි කොල්ලො හිටියත් නැතත් ගෝටාභය හාමු ආවොත් සේනාධිපති හාමුත් ගොඩ අපිත් ගොඩ. ගෝටාභය හාමු 2020/2025

    ReplyDelete
    Replies
    1. ඇවන් ගාඩ් කොම්පැනිය ඝෝඨාගේ ආර්ථිකය පිළිබඳ දැක්ම සඳහා කදිම උදාහරණයක්

      මේ පිස්සු වාහේ කළේ සෙවල බන්ඩා මෙන් එය රජයට පවරා ගැනීමයි...

      Delete
    2. කිව්වට කාරි නෑ බුදු මහත්තයෝ අවන්ට්ගාඩ් එකේ නිස්සංක සේනාධිපති වගෙම බැදුම්කර ඇලෝසියසුත් ගොඩබිම සෑහෙන රැකියා ප්‍ර‍මාණයක් බිහිකර හමාරයි.එතුමා නිසා අපේ පවුල් රැකෙනවා එතුමට ජේසූ පිහිටයි!

      Delete
  23. "බුද්ධිමතුන්ගේ අති දරුණ් හිඟයක් පවතිනා අම්මට සිරි ලංකාවේ, උගතුන්ද පට්ට ගෝත්‍රිකයන් වනාතර, එවන් ගෝත්‍රිකයින් පිරිසකට නායකත්වය දිය යුත්තේ පාන්කිරිත්තෙක් නොව, අති දරුණු නායකයෙක්මය.. පවත්නා ආන්ඩුවට කිසිවක් කර ගැන්මට නොදෙනා කාළකන්නි බලවේගයන් වන මහා සංඝරත්නය හා වෛද්‍යවරුන් පමණක් නොව හැම එකාම එදා ඝෝඨා ලඟ නැට්ට පුකේ ගසා ගත් බලු කුක්කන්ම විය."
    අම්මපා සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. මහජන ඡන්දයෙන් පත්වුණු අවසානයේ නැවතත් ඡන්දයකට මුහුණ දිය යුතු මෛත්‍රී-රනිල් පොන්නයන් හා සසඳා බලන කල, කිසිදා වරමක් නොලැබූ, 17 සංශේධනයට කෙළවා සර්වබලධාරී වූ අයියා පස්සෙන් පැමිණ සීන් එකට එන්ටර් වුණු, හමුදා නිලධාරීන් සේවයෙන් පහකරමින් හෝ හිරේ දමමින්, පුවත්පත් කලාවේදීන්ට ගහමින් හෝ ඝාතනය කරමින් විවේචනය කරන්නන් සුදු වෑන් වලින් උස්සමින් ගෙනගිය ඒකාධිපතියා ලඟ සංඝරත්නය, ස්ට්‍රයික් දොස්තර හැත්ත, අන්තරේ වුන් සියල්ල නැට්ට පුකේ ගසා ගත් බලු කුක්කන් පමණක්ම වීම කෙතරම් අරුමයක්ද? අම්මපා සහතික ඇත්තය.

      Delete
    2. මාතලන් බොරු කියනවා බොහෝම අඩුය...

      Delete
  24. ඉතිං බං උඹ ගෝඨය ගැන මෙහෙම කියනවනං කෙලිංම කියහංකො මරා ආයිත් ගේන්න ඕනෙ කියල. මරා එලවපු එක පට්ට ලොකු දෙයක් කිය කිය දැං ගෝඨා හොඳයි කියනව. දෙන්නම එකයිනෙ බං. උං දෙන්නම එකටනෙ උඹල එලවපු ආන්ඩුව කොරේ... ඇයි දැං ගෝඨා අලුත් පුකකිං ජන්මයක් ලබලද ????

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් කිරීමට පෙර ලිපිය අවබෝධයකින් යුතුව සම්පූර්ණයෙන් කියවන්න.

      ලියා ඇති දේ අපැහැදිලි නම් භාෂාව පිළිබඳ දන්නා කෙනෙකුගෙන් කීයක් දී හෝ අසා තේරුම් කර ගන්න.

      එසේ නොකර කොමෙන්ට් කිරීම ඉඩම් ඔප්පුවක් නොකියවා අත්සන් කිරීමක් බඳුම වන්නේය.

      Delete
  25. මං බොහෝ කාලෙකට ඉස්සරිං බොගේ මේ බොගේම කොමෙන්ට් එකක් දැම්ම . තමංට දෙයියනේ කියල තියෙන රස්සාව කොරල ඇවිල්ල සෑට කාල ඉවරවෙලා රාමතෙල බහින්න කොරන දේශපාලන විචාර ගැන. කට්ටිය කියනව හාංසිපු‍ටු දේශපාලනේ කියල. බොලාගෙත් විචාරෙ ඒ වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. සමාජ මාධ්‍ය යනු කුමක්දැයි නොදැන කරනා ලද ළදරු ප්‍රකාෂයකි.

      දෙවියනි, අපි ඔවුන් වෙනුවෙන් යාඤ්ඤා කරමු...

      Delete
  26. ඕවට ඒ කාලෙ කිවුවෙ ගොබ්බ දේ ශපාලනේ කියල. අන්තිමේ කාල බීල තමං බඩ පුරවං කී බෝඩ් එක ඉස්සරහ වාඩිවෙලා කියනව මම ඕකනෙ එදා කිවුවෙ කියල . හරියට කේන්දර කාරයො වගේ. හුටා... බොලාත් දැන් කේන්දර කාරයෙක් වෙන්න ඔන්න මෙන්න නේහ්.... හෙහ්..හෙහ්...

    ReplyDelete
    Replies
    1. මාතලන් කේන්දරත් බලනවාය..

      ළිපියේ ප්‍රස්තුත කාරණය වන්නේ "මාතලන්" නොව "ඝෝඨාභය"යි.

      එහෙත් මාතලන් ගැන මෙතරම් කන්සර්න් වීම පිළිබඳ අපේ ප්‍රමාණය මෙයින් පිලිගන්න..

      ස්තූතියි. නන්ද්‍රෙයි, තෑන්ක්ස් මෙයා...

      Delete
  27. ගෝටා ආවොත් බැසිලුයි නාමලුයි ආපහු එනවා ...
    ඒක හිංඳා අකමැතී ...

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂ පාලනය තුල එම පවුලේ ඇති වූ අභ්‍යන්තර ගැටුම් ගැන ඇති අනවබෝධය මනාව පෙන්වන කොමෙන්ටුවකි..

      Delete
  28. Don't think about it, Mathalan dreamed so many dreams, he fabricated so many theories but none of them didn't materialize. If you want to crown a militia man to a throne first you should look living example of the world, Robert Mugabe of Zimbabwe ,Ferdinand Marcos of Philippines, Laurent Kabila of Congo and can give long list of examples. They(autocrats) succeed but all these states failed, Rajapaksas and their cronies will be better off under him.We will be where left off.

    ReplyDelete
    Replies
    1. some dreams become real

      any way thanks for you thoughts

      listen and enjoy the below link

      https://www.youtube.com/watch?v=tbU3zdAgiX8

      Delete
  29. මාතලන්ගේ බොහොමයක් අදහස් වලට එකඟ නමුත් මේ වසවර්තියා රජ පුටුවේ ඉන්දවන එකට නම් කොහෙත්ම එකඟ නැහැ. මොන අඩුපාඩු තිබුණත් democracy අතින් අපි සැලකිය යුතු දුරක් ඉදිරියට ඇවිත් තියෙනවා. ඒක ආපස්සට හරවන එක අඩු තරමින් දශක දෙකක් විඳවන්න වෙන පාපකර්මයක් කියලයි මගේ ගණන් බැලීම.

    ReplyDelete
    Replies
    1. සුද්දාට එපා වී මෙය දමා ගොස් දශක 7 ක් දුක් විඳිනා අපට, තවත් දශක දෙකක කාළය මොකක්ද අප්පා....

      Delete
    2. මගේ අදහස පහුගිය අවුරුදු 70 වුණත් අපි සමස්තයක් විදිහට ක්‍රමික දියුණුවක් ලබලා තියනවා. 20 වැනි ශත වර්ෂයේ මුල්භාගයේ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය අදත් එක්ක සංසන්දනය කරන කොට අහසට පොළොව වාගේ. නරුමයෙක් ගෙනල්ලා Radical වෙනස්කම් කොරන්ඩ හිතනවාට වඩා හිමින් නමුත් යන විදිහට මම අකමැති නෑ. (කැමතිත් නෑ) ඝෝඨාව මට එපා වුණේ ෆොන්සේකව එල්ලනවා කියපු දවසේ (එදා මෙදා තුර අපේ රටේ දේශපාලනඥයෙක් කියපු උද්ධච්ඡම කතාව). යුද්ධයක් ඇති කලක මිස මේ රටේ කිසිදු දවසක නැවත රාජපක්ෂ කෙනෙකුට බලයට ඒමට ඉඩ නොදිය යුතුයි.

      Delete
    3. මේ යන විදියට ආයේ යුද්ධයක් එයි...

      Delete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. රංජන් රාමනායක ජනාධිපති කරනකං රට හදන්න බෑ

    ReplyDelete
    Replies
    1. නරකමත් නෑ... දෙරණේ දාන පීචං ඩාන්ස්ම ඇති කොලිපිකේසොන්නොලට...

      Delete
    2. Ranjan is rial super man. He no joke to cuntry. He say truth always.

      Delete
  32. ප්‍රසස්ති සිංදු කවි ෆිල්ම් නාට්‍ය කරන වන්දිබට්ට නලාකාරයො අඩුවුනොත් ඒක ප්‍රගතියක්.

    ReplyDelete
    Replies
    1. රණවිරු ඉස්ටාර් හැම චැනල එකේම තියෙයි
      ජැකා ඉතිහාසය අළුතෙන් ලියයි..
      එඩ්වඩ් ජයකොඩිලා සින්දු කියයි රෝහණ වීරසිංහලා තනුව දායි
      ඇල්ලේ ගුණවංසලා බයිලා කියලා ඩාන්සුත් දායි..

      ඒත් ඉතින් මීට වඩා හොඳයි..

      අන්දරේ රජකරනවට වඩා ඒක හොඳයි නේ අප්පා..

      Delete
  33. ගෝට ඇවිත් රට දියුණු කරන එක කෙසේ වෙතත් ආමි එක දාල මිනුස්සුන්ව බල්ලෝ වගේ මරලා දාද්දි අපි මෙහෙට වෙලා පොඩි උත්ගොසන පාරක් දාන්නම්

    එදාට උබටත් බැරියා මාතලන් නම් මේවා කලින්ම දැක්කා කියල පොස්ට් එකක් දාන්න. අහ්හ් sorry වලේ ඉදන් පොස්ට් දාන්න බැනේ

    ලංකාවේ බහුතරය වෙච්ච මෝඩ මිනිස්සුන්ට ප්‍රජාතත්‍රවාදය කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්නත් එක්ක පරම්පරා දෙක තුනක් නැති උනත් රටට පාඩුවක් නම් වෙන එකක් නැ

    ReplyDelete
    Replies
    1. ඝෝඨාට වඩා දරුණු මිනීමරුවෝ අද පාලක පක්ෂයෙම ඉන්නේ...

      Delete
  34. මරාව ජන්දෙන් පැරදිලා මයිත්‍රී දින්නම ඒ දවස් වල මාතලන් කිවේ නැවත රාජපක්ෂ කෙනෙක් කිසිලෙසකත් මේ රටේ බලයට පත්නොකළ යුතුයි කියා. ඒ බව සදහන් කොට මාතලන් දැමු කොමෙන්ටු රාශියක් මා දුටුවා මාරයාගේ බ්ලොග් අඩවියේ සහ වෙනත් ස්ථාන වල.

    එතකොට දැන් ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න ඕනෑ කියා ඔබ පවසන්නේ කෙසේද? නිශ්චිත ප්‍රතිපත්තියක් නැති කම මතලන්ගේ ප්‍රතිපත්තිය නිසාද?

    ReplyDelete
    Replies
    1. නිකන් හිතලු පච ලියන්න එපා අප්පා... මරාට කෙලවෙන්න කලින් මාරයා බොග වහලා දාලා යන්න ගියේ..

      ප්‍රතිපත්ති තියෙනවා මැෂින් වලට නම්.. තව තිරිසනුන්ටත් තියෙනවා.. ප්‍රතිපත්ති තියෙන මිනිස්සු මම දන්න තරමින් නම් ඇත්තේ නෑ...

      Delete
    2. Maathalan - Priyantha HewageNovember 19, 2015 at 6:06 AM
      පොල්කටු පුච්චපු නිසා තමයි මදුරුවෝ නැත්තේ. මොකෝ උන් හැදෙන්නේ ඕවයේ.

      අපෝ රාජපක්ෂලා ආයේ එනවට වඩා ඩෙංගු හැදිලා මලත් සැපයි.

      http://ctkumara.blogspot.com/2015/11/blog-post_18.html?m=1

      Delete
    3. ඔය කියලා තියෙන්නේ රාජපක්ෂලා ආයේ බලයට පත් කළ නොයුතුයි කියලද?

      Delete
  35. ඝෝටයව රජ කමට ප්‍රමෝට් කරන්න ප්ලස් මාර්ක්ස් තියෙන්නේ තුනක් විතරයි. ඒ,

    ආරක්ෂක ලේකම් ලෙස යුද්ධය ඉවර කිරීමට දුන් සම නායකත්ව (ඝෝට නැතුව ෆොනීට තනියම යුද්ධෙ කරන්න බෑ)

    UDA එක හරහා මං මාවත් ඇතුළුව නගරය අලංකාර කිරීම හා

    විශේෂයෙන්ම, උන්ට අදාළ නැති දේවලට උදේ හවස වර්ජනයකරන මිනීමරු GMOA මාෆියාවයි, උදේ හවස පාරවල් වහගෙන පිස්සු කෙලින අන්තරේ හාල්පාරුවන්වයි බලු කුක්කො ගානට කොන්ට්‍රෝල් එකේ තබාගෙන සිටීමයි.

    ඒ ඇරුණු කොට ඒ යකා, උගේ අයියගේ හොර රෙජීමයේ සියලුම ජනතා විරෝධී අසීලාචාර ක්‍රියාවන්ට සහයෝගය හා අනුබලය දුන්න.(යම් ක්‍රියාවකට විරුද්ධ නොවීමත් සැලකෙන්නේ සහයෝගය දීමක් ලෙසයි) උගෙ සහෝදරයොයි, උන්ගෙ පුත්තුයි, නෑනලයි, මස්සිනලයි, උන්ගේ හතර වරිගෙයි එකතු වෙලා මහ දවාලේ රට කොල්ල කනකොට, රටේ 'සෙකන්ඩ් ඉන් කොමාන්ඩ්' විදියට ඒවා නතර කිරීමට හැකියාව තිබියදී ඒ වෙනුවෙන් 'කෙල බිඳක් බිම නොහෙලූ' මේ ගෝතය 'රජ' වුනොත් ඒ හොර හතර වරිගේම වට කරගෙන පරණ රෙජීමයේම දිගුවක් ලෙස ගේම පටන් නොගනීවි කියල තර්කානුකුලව හිතන්න පුලුවන්ද?

    ඒත්, මේ රටේ ගෝත්‍රිකයෝ, යහපාලනයෙන් ලැබුණ ප්‍රජාතන්ත්‍රවාදය පාවිච්චි කරණ අශීලාචාර ක්‍රමයෙන් රට බේරා ගන්න පුළුවන් වෙන්නෙනම්, මාතා කීව ඝෝට වගේ ඒකාධිපතියෙකුට විතරමයි.

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර ගැටුම් ගැන අනවබෝධයෙන් ලියූ තවත් කොමෙන්ටුවකි...

      Delete
  36. ඔය කවුරු ආවත් වැඩක් නැහැ බන් මිනිස්සුන්ට හොඳක් කරන එකෙක් එන්නේ නැහැ කපේදී. රටට මිනිස්සුන්ට වැඩක් කරන්න ඉදිරිපත්වෙන්න ඉන්න අයත් ඇති එත් ඒ අයව කැපෙන්නේ හොරු සෙට් එකගේ පැත්ත බර වැඩි නිසා. රට හදන්න කලින් ඉස්සෙල්ල ආණ්ඩුව හදල ඉන්න ඕන :|

    මේක පැත්තෙත් ඇවිත් යන්න එන්න අලුත් අලුත් tricks ගේම්ස් ගැන එහෙම දැනගන්න :)
    https://srilankancyber.blogspot.it/

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට කවුර්ත් හොඳ කරන්නේ නෑ.. ඒකයි මේ රටේ මිනිසුන්ගේ ගොන්කම.. මිනිස්සු තමන් විසින්ම තමනට හොඳක් කර ගන්න ඕන...

      Delete
    2. Gota no do good things. That sure thing.

      Delete
  37. ප්‍රථම කමෙන්ටුව,
    ඝෝඨාභය රාජපක්ෂ දේශපාලකයෙක් නොවන නිසා, හමුදා නිලදාරියෙක්ගේ හැසිරීම පෙන්නුම් කිරීම අපේ මිනිස්සු කොහොම බාරගනීද?
    පවුල ඇතුලෙම මෙහෙම ප්‍රශ්න තියෙනවනම්, අඩුම තරමේ මැතිවරණයකට ඉදිරිපත් වෙන්නවත් අයියා ඉඩ දෙයිද?
    ඔය මොන සෙල්ලම් දැම්මත්, අපේ රට තාම දියුණු වෙමින් පවතින සරලවම කියනවනම් එදා වේල හම්බකරන කන මනුස්සයෙක්ගේ ජීවන රටාව තියෙන රටක් නිසා, ඔය කියන ඩයස්පෝරා, UN, US, EU ඝෝඨාභය පාලනයක් යටතේ ලංකාවට යහතින් ඉන්න ඉඩ දෙයිද?
    ආර්ථිකය දියණු කරන්න, දන්න කියන මනුස්සයෙක් කියන දෙයක්වත් ක්‍රියාත්මක කරන්න ඉඩ දෙනවා තිය, අඩුම තරමේ කොල්ලෙකුට ඔන්ලයින් පනම් හතරක් උපයා ගන්න දහිරියක් දෙන්නේ නැති(උපයන්නේ ඩොලර් රුපියල් නෙමෙයි), ඉගෙන ගත්තු ශිල්පයකින් බිස්නස් එකක් කරන්න ඉඩ නොදෙන. ආර්තිකයට පිලිලයක් වගේ වෙලා තියෙන රාජ්‍ය සේවය. තව ප්‍රාදේශීය දේශපාලකයොත් එක්ක රට කරන්න පුළුවන් වෙයිද
    (රටේ මිනිස්සු කොහොම කැමති උනත්, (පාලකයෝ කොහොම පත් උනත්, දේ හැව් දෙයාර් ඔව්න් ඇජෙන්ඩා)

    ReplyDelete
    Replies
    1. ඝෝඨාගේ පාලනයක් තුල දේශපාලුවෝ පීචං වනු ඇත... විය යුත්තේද එයයි

      Delete
    2. Oh this teribel. All we must bless gota not come to prasidant.

      Delete
  38. ඝෝඨා? දිව උළුක්කු වෙනෝ ඕයි.

    ReplyDelete
    Replies
    1. දිව ඉතරක් නෙමෙයි අනික්වත් උළුක් වෙයි හිටන්

      Delete
  39. I no like gota. gota is merder man. He is racism too. If gota come to prasident I go to India.

    ReplyDelete
  40. ගෝඨා - 2020 ට!
    මම දවසක්ම ට්‍රයි කලා ඒ ෆිල්ම් එකේ නම හොයා ගන්න. හොයලා හොයලා අන්තිමට අපරාදේ කියන්න බෑ හොයා ගන්න බැරි උනා සමාවෙන්න ඕනේ!
    මාගෙ මතකය නිවැරදි නම් ඒක පෝලන්ත ෆිල්ම් එකක්. නම " ටෑන්ක්" ද කොහෙද! කතාවෙ ප්ලොට් එක තමයි පොඩි එකෙක් ඉන්නවා. ඌ වැඩියෙන්ම කැමති සෙල්ලම් බඩ්ඩ තමයි යුද්ධ ටැංකිය! ඉතින් මේ පොඩී එකා ෆුල් ට්‍රයි එකක් දෙනවා සෙල්ලම් යුද්ධ ටැංකියක් ගන්න.දවසක් මේ දරුවා උදේ ජනේලේ ඇරලා බලන කොට මෙන්න ජනේලේ ළඟම තියෙනවා මෙන්න සයිස් ජර්මානු යුද්ධ ටැංකියක්! හිට්ලර් පෝලන්තය ආක්‍රමනය කරලා.! එතකොට තමයි මේ දරුවාට තේරුම් යන්නේ යුද්ධ ටැංකියක් කියන්නේ මොනතරම් විනාශකාරී යන්ත්‍රයක්ද කියලා.
    ඇත්තම ඉතිහාසය තුල ලියැවිලා තියෙන කරුණු වලට අනුව ; ජර්මනිය ඔස්ට්‍රියාව ආක්‍රමනය සමග හිට්ලර් ඔස්ට්‍රියාවට ඇතුළු වෙද්දී එරට වැසියෝ බැනර් උස්සගෙන කෑ ගහන්නේ 'ඔස්ට්‍රියාව යටත් කරගනු!' කියලා .ඒකාලේ ඒ අහිංසක මිනිස්සු අපේක්ශා කලේ හිට්ලර් ජර්මනිය ඔස්ට්‍රියාව යටත් කරගැනීම නොවෙයි. ජර්මනිය; ඔස්ට්‍රියාව ඈඳා ගනීවි ; ආදරයෙන් වැළඳ ගනීවි කියලයි. ඒත් අන්තිමට මොකද්ද උනේ කියන එක ඉතිහාසයේ රතු ලෙයින් සටහන් වී තියෙනවා.
    " නට්සින්ගේ කතාව - ඉතිහසයෙන් අනතුරු ඇඟවීමක්" නමැති පොතෙන් සකච්චා වී ඇත්තේ මේ තරම් යුදෙව්වන් සමූල ඝාතනයකට හිට්ලර්ව කෙන්ද්‍රවූ නො එසේ නම් හිට්ලර් වටා ගොඩනගෙන්නේ කෙසේද? යන්න විමසීමටයි. මගේ මතකය නිවැරදිනම් බීබීසී ය කරණ ලද ගවේශනයකට අනුව ලියැවුනු පොතක් ඒක.හිට්ලර් තම යුදෙව් විරෝධී ආකල්පය එළිදක්වන්නේ ; යුදෙව්වන් කෙරෙහි බුර බුරා නැගෙන වෛරයේ ගිනි දළු පිරුනු ජර්මනු සංදර්භයක් , සමාජයක් තුලටයි.හිට්ලර් සාමකාමි ලොවේ " පොරක්" වන්නෙ ඒ නිසයි.(මේක හරියට පහුගිය කාලේ අපේ සිංහල බෞද්ධ සමාජය තුල තිබුනු මුස්ලිම් විරෝධය වගේම එකක් කියලයි මට පෙනෙන්නේ)
    පවතින රජය කෙරෙහි ඇති විශ්වසනීයත්වය නැතිවුනු විට (විශේෂයෙන් පෙර පැවති දැඩි පාලන තන්ත්‍රය පෙරලා දමා පිහිටුව්න්නාවූ රජයක් කෙරෙහි ඉච්චාභංගත්වයට පත්වූ විට) සමාජය තුල ඇතිවන්නවූ නායකත්වයේ රික්තය විසින් මුලු මහත් සමාජයම හෝ එහි ඉතා විශාල නො එසේ නම් ඉතා විශාල වැදගත් කමකින් යුත් පිරිසක් මුලා කිරීමකට ලක් කිරීම හෝ දිනාගනීම ඉතා සරල හා සාම්න්ය තත්වයකි. හිට්ලර් ජර්මනියේ බලයට පත්වන්නෙත් 1971 දී මෙරට තරුණයන් රෝහණ විජේවීර වටා ඒකරාශි වන්නේත් , ප්‍රභාකරන් උතුරට නායකත්වය දෙන්නේත් එකම සන්ධර්භයක් තුල යනු මගේ පෞද්ගලික වැටහීමයි.
    මේ නිසාම ගෝඨා ඉදිරියේ බලයට පත්වීමේ වැඩි ඉඩකඩක් පවතී. නමුත් එය අර මා මෙම කයිය පටන්ගත් මොහොතේ කී ෆිල්ම් එකේ පුන්චි එකා වගේ අප බල පොරොත්තුවෙන සුන්දර ලෝකය වෙනුවට මුලුමනින්ම මිල්ටේරි කරණය වුනු රටක් බිහිවීමේ ඉඩකඩක්ද ඇති බව ඔය ආචාරි මහාචාරි තුමන්ලාට නොපෙනුනාට අපහටනම් හීනෙන් මෙන් පෙනෙයි.
    ගෝඨාගේ මිල්ටෙරි නායකත්වයම සුදුසුකම්සේ දකින පෙනෙන ඕනෑම අයෙකු හිට්ලර්, බොකසා , ගඩාෆි , ඉඩි අමීන් , බැටිස්ටා , ජොර්ජ් බුෂ් , එර්ෂාඩ් , සදාම් හුසේන් , කිම් ජොන්ග් උන් , කිම් ජොන්ග් ඉල් , කිම් ඉල් සන්ග් , සිඅ උල් හක් , මර්කෝස් , මුසෝලනී වගේ නම් දරාපු අය්යලා සියල්ල මිලිටේරි කෙළි කාරයන් බව මතක තබා ගන්නේ නම් මැනවි. (මේ අපිට මතක උන්නැහැලා කිහිපදෙනෙක් පමනි.)
    අපි කැමති උනත් අකමැති උනත් ප්‍රර්ජතන්ත්‍රවාදය අභිබවා යන සමාජවාදයක් තුල "පත්කිරීමේ මෙන්ම ඉවත් කිරීමේ" බලයක් සිවිල් ජනතාව වෙත තිබිය යුතුය. මිලිටරි ජුන්ටාවක නැත්තේද මෙයමය. වර්තමාන ජනාධිපතිට හෝ හිටපු ජනාධිපතිට අම්මා මෝ නැතිව බැන වදින ඕනෑම අයෙකු මතක තබාගතයුතු යථාර්තය වන්නේ හිටිය ඒකා එපාවුනු විට ගෙදර යැවීමට අපට පුලුවන් වුනු සේම ඉන්න එකාට තව අවුරුදු කීපයකින් "සැලකීමට" අපට අවස්තාවක් සිකුරටම එන බවය.
    රජපක්ශ පවුලේ තියෙන හෝ තිබුනු අවුල් වියවුල් ගැන නම් කියන්නට ඇත්තේ "දකුනේ උන්ගේ පවුල් කචල් තියෙන්නේ පිට එකෙක් අතදාන කම් විතරයි!" කියාය. මෙච්චර කෙළවිල්ලක් කෙළවිලාත් රාජපක්ෂ පවුලේ එකෙක් වත් තව එකෙකුට ප්‍රසිද්ධියේ කට හෙල්ලුවා මටනම් මතක නැත. ඉදිරියේද එය එසේමය.එකෙකු කොක්කක් ගැසූ ගමන් අනිත් උන්නැහැලා ඉන්න තැන ගැන හිතාගැනීම තම තමන්ගේ නැණ පමනින් සිතා ගත යුත්තකි.අපේ වගේ ගෙදරක මේ වගේ සීන් එකක් උනා නම් "අනේ අපේ බප්පා තමයි තාත්තාව කෑවේ ! " කියා අපි අපේ රෙදි කරට ගන්නේ ජනවාරි 9 වන්දා ඉඳන් මය!
    සෙස්ස පස්සට ! තට්ට්යා

    ReplyDelete
  41. ගෝඨා - 2020 ට! (ඉතිරිය....)
    ජෙප්පන්ට දොස්තරුන්ට අන්තරේට කෙලවන්න මිල්ටේරි ජුන්ටාවකට රට භාර දීම මා දකින්නේ " ගෑනිට පාඩමක් උගන්නන්නට (මේකෙන් නේ උම්බ ආතල් ගන්නේ, හිටපිය තොට හොඳ කෙළවිල්ලක් කෙළවන්න කියා සිතාගෙන) තමන්ගේ අහවල් අවයවය තමන්ම මුලින්ම කපා දා ගත් බුවාගේ කථාවය.!අපි කැමති උනත් අකමැති උනත් මේ අපි වටා ඉන්න සමහර සමහර අපේ මිතුරු තොමෝ තමන්ගේ ජීවිතයේ වැදගත් තීන්දු තීරණ ගනිද්දී අපේ අදහස් ගුරුකොට ගනිති. ඒ නිසාමයි අපි අපේ අදහස් ප්‍රාකශ කරණ කොට උදහස් නොවී කරන්නට ඕන වෙන්නේ! ඒ නිසාම පෞද්ගලිකව අපි දරණ මතයක් උනත් සමාජ ගත කරද්දී තරමක් පරිස්සම් වෙන්න ඕන කියලයි මගේ අදහස නම්! හැබැයි අර වොල්ටෙයාර් ද කවුද කිව්වා වගේ "මා ඔබගේ අදහසට එකහෙළාම විරුද්ධ උනද ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් මා දිවි හිමියෙන් කැපවෙමි! එහෙත් මිල්ටරි ජුන්ටාවක් යටතේ බොහෝ ඔබ - අප වැනි නිදහස් මතධාරීන්ට බොහෝ විට සිදුවන්නේ තමන්ගේ හෝ වෙනෙකෙකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් දිවි කැප කිරීමට මය!

    සෙස්ස පස්සට ! තට්ට්යා

    ReplyDelete
  42. ++++++++++++++++++++++++++++

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න