.

.

Jun 8, 2010

බයිලා නවත්වා, චක්‍ර ලේඛන කරකවන්නේ නැතුව, දෙමාපියන් පාසැළට ගෙන්වීම හා පැමීනීම වහාම නවත්වන්න..

.
ධනරින මහතා බයිලා ගැසීමට උපන් හපනෙක් බව, එතුමාගේ පන්ති වලට සහභාගී වී ඇති අප අත්දැකීමෙන්ම දන්නා දෙයකි. සමාජවාදය රජයන රටක නායකයා වන බවට ගැසූ බයිලා අද අසන්නට නොමැති වූවත්. අප ඒ කාළයේ කියූ පරිදිම ධනවාදයේ ප්‍රතිමූර්ථීයක් බවට පත්ව ඇති බව නම් නොකියාම බැරිය.

සිරි ලන්කාවේ ඇත්තේ මාර සමාජ ක්‍රමයකි. කසාද නොබැඳ සිටින තුරා, බඳින්නේ නැත්තේ ඇයිද අසයි. ඔන්න මම බඳිනවා යයි කියූ විට, හෝටලය මොකක්ද..?, අන්දවන්නේ කවුද...?, මනමාළි සුදුද...?, හනිමූන් යන්නේ කොහෙද...?,  යටට අඳින්නේ මොනවාද...? යනුවෙන් ප්‍රශ්න කෝටියකි.

දහ අතේ ණය වී මගුල කරගත් පසු ආයිත් ලෙඩක් වැටෙයි. ඇයි බබාලා හදන්නෙ නැද්ද..? එහෙම ප්‍රශ්නයක් නම් අර දේවාලේ හොඳයි..? අර ස්පෙශලිස්ට් ළඟට ගියේ නැද්ද..? යනුවෙන් සංසර්ගයේ යෙදෙන ස්ටයිල් එක සහ වේලාව හැර තවත් ප්‍රශ්න කෝටියකි.

ඔන්න අපේ නෝනට බබෙක් හම්බ වෙන්න යන්නේ යැයි කියූ විට, කොයි හොස්පිටල් එකේද චැනල් කරන්නේ..? කවුද ස්පෙශලිස්ට්...? ස්කෑන් කළාද...? අනේ පුතෙක්ද...? දුවෙක්ද...? අරව කන්න දුන්නද..? මේව කන්න දුන්නද...? යනුවෙන් තවත් ප්‍රශ්න කොටියකි...මේ ආකාරයෙන් බබා ලැබුනු පසු නමටද... මොන්ටිසෝරියද, එන්නත් ගැනද, පියඩ්ඩ්‍රීටීශීයන් ගැනද.. ප්‍රශ්න වැලකින් පසු .. මහා පාසල් ධාවන තරඟය පැමිණෙයි.

විවාහ ණය, නිවාස ණය, ලීසීං ණය අර ණය මේ ණය දහසක් ණය තිබියදි. දහ අතේ ණය වී හොර ළිපි ගොනුවක්, හොර ළිපිනයක් හා තවත් කප්පරක් හොර වැඩ කරමින් දේශපාලුවන් පසු පස ගොස් ලක්ෂ ගනන් මුදලින් පුදා දරුවාටත් ප්‍රථම වතාවට බොරුව උගන්වා ජනප්‍රිය පාසලකට කෙසේ හෝ ඇතුලත් කර ගනී.

මේ මළ විකාරය ඉන් නතර වන්නේ නැත. තමන්ට ගොඩවන්නට නොහැකිවු මේ තක්සලා තුල හා ඉන් පිටත මුළු පාසල් කාලය තුලම සැරිසරන ගැහැනුන්, මව්වරුන් හෝ අත්තම්මලා විය හැකි වුවද, ගොන් බූරූ පිරිමින්, රැකියා විරහිතවුන්දැයි නොදනිමි. (මොවුන් හා වෑන් රථ රියදුරන්ගේ ප්‍රේම කතා වෙනම උප සංස්කෘතියකි. කළකට පෙර කඩවත ප්‍රදේශයෙ මේ තහනම් පෙම දෙදරා එකෙක් එළොවද, අනෙකා මුදලක් දුන් විට පැන යා හැකි වැලිකඩ සිපිරි ගෙදරද යන ලදි.)

මා පාසැල් ගිය මුළු කාළය තුළම මව හෝ පියා පාසැළට පැමිණි අවස්ථා ගනණ අතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩුය. ගෙවීමට තිබුනේ වාර්ශිකව රු. 65 පමණි. එයද නොගෙවු බොහෝ ශිෂ්‍යයෝ අප අතර විය. කාළකන්නියන් පිරිසකට මෙසේ පාසල් අසල කාළය කා දැමිය හැකි වුවද. බොහෝ දෙමව්පියන්ට නිතරම පාසැලට කැඳවීම විශාල ප්‍රශ්නයකි. මන්ද බොහෝ විට දෙදෙනාම රැකියාවල්හි නියුතු බැවින් නිවාඩු ලබා ගැනීමට නොහැකී වීමයි.

අනෙක් කාරනය නම් දෙමාපියන් පාසලේ හා පන්තියේ පරිපාළන කටයුතුවලට බඳවා ගැනීමයි. මෙය වහාම නතර කළ යුතුය. මෙයින් දෙමව්පිය දෙදෙනාම රැකියාවේ නියුතු සිසුන්ට වන්නේ මහත් අසාධාරනයකි. කොටින්ම දෙමව්පියන්ට පාසැල් කාළය තුල පාසල අසලටවත් පැමිණීම සම්පූර්ණයෙන් තහනම් කළ යුතුය. ආදි සිසු සංගම් වල වැඩ කටයුතු සති අන්ත වල කරගන්නා ලෙසට නීතී පැනවිය යුතුය. දෙමව්පියන්ගේ හා ආදී සිසු සිසුවියන්ගේ ආධාර බලාපොරොත්තු වන්නෙ. අධ්‍යාපන දේපාර්තුමේන්තුවේ ගුරුවරුන් හා නිලධාරින් කිසිවක් කළ නොහැකි බූරූවන් නිසාද..?

රට පුරා බයිලා ගසමින් අඩු පාඩු කියමින් නාහෙන් අඬ අඬා යන්නේ නැතුව. නිර්බීතව මෙම අදහස් ක්‍රීයාවට නංවා. සැබෑ වීරයෙක් වන්න.

12 comments:

  1. කොරයි කොරයි බලන් හිටිංකො..

    ReplyDelete
  2. ඕවා කෙරෙයි නම් බැරිය බන්..

    ReplyDelete
  3. මං නං ඉස්කෝලෙ අට වසරෙන් පස්සෙ දෙමාපියොන්ට කරදර කරේම නෑ. තාත්ත හමුදාවෙ ඉඳල මාස ගානකට පස්සෙ ආවම ඉස්කෝල ගානෙ එක්ක යන එක පවු නෙ, අනික මේ කොල්ලො හතර දෙනෙක් එක්ක ඔට්ටු වෙන අම්මට අපි හතර දෙනා වෙනුවෙ ඉස්කෝල තුනකට කියන කියන පාරට යන්න කොහෙද වෙලාවක්. කාටවත් කරදරයක් නෑ, වරකට රුපියල් 25 ගානෙ ගෙවල එක්ක යන්න අපේ සෙට් එකේම උන් දෙහිවල නගරසභාවෙ පියන්ල සෙට් එකක් සෙට් කරන් හිටිය. ඔන්න ආදර්ශෙට ගන්නවනං වැඩ.(අනික ඔය ගියාම ගුරුවරු අපිව වර්ණනා කරන හැටි අහල අම්ම්ල ඇඬුනොත් හ්‍රි තාත්තට්ලට මල පැනල කණ අත්ගෑවොත් හරි කාට කියන්නද!)

    ReplyDelete
  4. @ Outsider
    ඇත්ත තමයි...

    @ වැම්පයර්
    ඇත්ත බොලන්...

    @ උපසාන්ත
    මම ඔය ගැන පෝස්ට් එකක් දාන්න හිතන් ඉන්නේ.. මරු වැඩේ ඕක...

    @ දුකා
    Thanks Duko

    ReplyDelete
  5. Good Post!

    මුලදි සැරටම පටන් අරන් peak එකට එන කොටම ඩොහ් ගාලා ඉවර වුනා වගේ.. තව ටිකක් ලියන්නයි තිබ්බේ.

    ReplyDelete
  6. @ malan

    දිගට ලියවුනා... දිග වැඩි නිසා බලධාරියා විසින් කපා දමනු ලැබුවා..

    අදහස් දැක්වීමට පින්....

    ReplyDelete
  7. අපෙ අම්මා ඉස්කොලට ඇවිල්ලා තියන්නෙ අතෙ ඇගිලි ගණනකටත් අඩුවෙන්. එත් හැමදාම මගෙ පොත් පත බලනවා ගෙදර ගියගමන්. ඉස්කොලෙ මට උගන්වපු හැම ගුරුවරයෙක්ගෙම නම් දන්නවා. සමහරක් ගුරුවරු එයාටත් උගන්වලා තියනවා.. හැබැයි කවදාවත් අත්සන් ඔක්කොම අම්මා ඇවිල්ලා ගහලා යනවා. ඇත්තටම විකාර වැඩ තමයි සිද්ද වෙන්නෙ. මෙහෙම ගියොත් දෙමව්පියො කිපදෙනෙක් එකතුවෙලා පාසලක් පටන්ගන්න එකත් වැඩි ඇතක නැහැ. මොකද රජයෙ හැම අංශයක්ම කොන්ද කෙලින් තියන් තිරණ ගන්න පුළුවන් මිනිස්සුන්ව නෙමෙ ඉහල ස්ථරවලට යොදවලා තියන්නෙ. " මෙක මෙහෙම කරන්න බැහැ වැරදි " කියලා කියන මිනිස්සුන්ව කෙලින්ම විසික් කරනවා. ඕනෑ දෙකට " හරි සර්.. එහෙම තමයි කරන්නෙ.. සර් හරි " කියලා කියන අයව තමයි ලඟින් තියන් ඉන්නෙ.

    ReplyDelete
  8. @ රවා

    හරියට හරි රවා, මමනම් කැපිල්ලමයි දාන්නේ. මටත් ටීම් එකක් ඉන්නව.. බලමු වෙනසක් කරන්න. සමහර ගුරුවරුන්ටත් මේ විකාර පෙන්නන්න බෑ. නමුත් කට වහගෙන ඉන්නව.

    ReplyDelete
  9. ලංකාවේ සමාජය ගැන හොඳ විවරණයක්.විශේෂයෙන්ම ඉස්කෝලේ ආක්‍රමණය කරන අම්මලා , හරිම කරදරයක් පාසල් පද්ධතියට.උදේ ඉස්කෝලේ පටං ගත්තු වෙලේ ඉඳන් , අම්මලාගේ වැඩේ ගේට්ටුව ගාවට වෙලා ලෝකේ නැති ඕප දූප හොයන එකයි , ඒව ප්‍රචාරය කරන එකයි.හැබැයි මේ තත්වේ තියෙන්නේ කොලඹ සහ නගරබද පාසල්වල විතරයි.මොකද ගමේ ඉන්න අහිංසක අම්මලාට කරන්න තව වැඩ තියෙනවා.නගරේ ඉන්න තොල් ආලේපන උලාගත්තු , ප්‍රාඩෝ පැජරෝවලින් එන අම්මලාටනං මේක ෆැෂන් එකක්.

    මාත් උසස් අධ්‍යාපනේ ගැන මෑතදී ලිව්වා සටහනක් (http://janjaalachamara.blogspot.com/2010/06/blog-post_7547.html).

    ඒත් මම හිතන්නේ මේ දේවල් වෙනස් කරන්න පැහැදිලි අවශ්‍යතාවක් නැහැ කිසිම බලධාරියෙකුට.ඒ නිසා අපිට වෙලා තියෙන්නේ බලං ඉන්න.

    ReplyDelete
  10. Pretty section of content. I just stumbled upon your
    weblog and in accession capital to assert that I acquire actually enjoyed account your blog posts.
    Anyway I will be subscribing to your augment and even I achievement you access consistently quickly.


    Feel free to visit my web page; payday loan no fax

    ReplyDelete
  11. Hello this is kinda of off topic but I was wanting to know if blogs use WYSIWYG editors or if you have
    to manually code with HTML. I'm starting a blog soon but have no coding skills so I wanted to get advice from someone with experience. Any help would be greatly appreciated!

    Have a look at my website; love psychic readings

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න