.

.

Jun 10, 2011

යුධ ජය - Defeating of Terrorism



අති විශිෂ්ඨයි.. ශ්‍රේෂ්ඨයි.. වී කාන්ට් ඉමැජීන්..
සච නයිස් ජොබ් කිව්ව.. කොන්ග්රැට්ස්ම මහ ගොඩයි...

අහවරයි.. අහවරයි.. ටෙරාලා නොමැති කළ
තවම මන්දෝ මෙසේනීතියක්.. හදිසියක්..
නැගුනි පැනයක් සබෙන්.. තරු පිරුණු මුවගකින්..

එසේමයි...එසේමයි., .අහවරයි... අහවරයි...
උතුරු කරයේය.., නමුදු දැනගත යුතුයි....
දකුණූ කරයේ තවත්..... නැගෙයි තැනින් තැන නොයෙක්...
වර්ජනය... තර්ජනය.. එපමණක් නොවේමැයි..
මැදි වන්න සිඳුවෙලා.... නොවිසදෙන කාරණා..
බොහෝමයි..අනන්තයි..අප්පරා මානයි සෑර්...

අලුත් මහ කොටි හපුව..... ඇල්ලුවා බෙල්ලේන්ම..
මේ කැලේ සිට නෙවෙයි..... දුර ඈත කැලැවක..
වෙනව ඇහුවොත් හැපී.... වොන් ඔපරේසන් කේ.පී

ජහමනය අසරණ.....එළවලුම මත යැපෙන.....
කැලෑ කොල නොම කන්නේ.... කැරට් මයි ඉල්ලන්නෙ...
කළු කඩය නෑ දන්නෙ..... අපට දුක තේරෙන්නෙ...
මැකුව කළු කඩ කුජී.... කෙරුව ඔපරේසන් වෙජී.

ඬෙඟ ඩෙංගූ මදුරුවා..... නොමරයි හාල්පාරූවා...
පවත් අපේ පිට..... කුණු කාණූ හැරුවා..
නොහැක වන්නට සුනංගූ.. ඔපරේසන් ඩෙංගූ ඩෙංගූ

ඉස්සන් ඉන්නා පැත්තේ කොස්සන්..
පිස්සු කෙළින්නට කවදත් දස්සන්..
වෙඩිල්ල තියලා දනේට ඉහලින්..
ගාඩ් කරනවා උන්වත් සතුටින්..

13 comments:

  1. බලාගෙන හොඳේ!!! සුදු වෑන් එකක් එහෙම එයිද දන්නේ නෑ

    ReplyDelete
  2. @ රවින්

    අර මක්කටෙයි.. තීයෙන වැඩ රාජකාරී ගැන සඳහන් කොලාටෙයි...

    ReplyDelete
  3. කිව්වත් වගේ පරිස්සමින් ගොයියෝ . . . තිත්ත ඇත්ත ඉවසන්න බැරි දේශප්‍රේමීන් ඉන්න රටක් හොඳේ මේක

    ReplyDelete
  4. හ්ම්.. අනේ.. මන්ද කාගැනද මේ කියන්නෙ කියල හිතා ගන්නත් බෑ වගේ..

    ReplyDelete
  5. @ දුකා, ගිම්හානී

    මට මෙතන පෙන්වන්න ඕනෑ උනේ.. හැමදේටම ඔවුන්ට මැදි වෙන්න සිඳු වෙලා තියෙන බව පෙන්වන්න. අනෙක් පිරිස කාර්යක්ශම නම් මොවුන්ට මැදිහත් වෙන්න සිඳුවෙන්නෙ නෑනේ...

    ReplyDelete
  6. බඹරය කැරකෙනවා කියන කතාවක් තියෙනවානේ. ඒකත් වෙන්නේ බඹරයේම තුඩ මැදි කරගෙන, තුඩ මොනවා වුනත් අපේ තියෙන්නේ බඹරය වටා කැරකෙන ක්‍රමය මාතලන් ලොක්කා.

    ReplyDelete
  7. @ ගල්මල් - Coral

    වෙද හී ඉස් රයිට් ඕ රෝන්ග්.. බොස් ඉස් ඕල්වේස් රයිට්

    දන්න කාළේ ඉඳන් පෞද්ගලික අංශයේත් රට රට වල් වලත් වැඩ කොරල තියෙන මගේ පොලිසිය ඕක තමයි

    නොවේ මෙවන් වින්දනයක් ළොවේ...

    ReplyDelete
  8. යර්ස් යර්ස්.... බොස් ඊස් ඕල්වේස් කරෙක්ට්..... වී ආර් ඕල්වේස් බ්‍රේක් ඩවුන්.....!

    ReplyDelete
  9. @ දුමී

    ෆ්‍රොම් කින්ග් විජේ......

    ReplyDelete
  10. රට කොරවන එක
    සිම්පල් කියා සිතුවාට අප
    මේ කියුම් දකින විට
    සිතේ එය මහ බරක් වග

    එහෙයින් ඇබිත්තන්
    කට වහන් නොම හොල්ලන්
    රටම කරවන්නන්
    පුදමු හැමදා සිනා දක්කන්!

    ReplyDelete
  11. @ hare :-)

    ඔය තේරෙන්නෙ යස අගේට.. මේක සංකීර්ණ පුරස්නයක්...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න