.

.

Jul 13, 2011

මුසාවාදා සරණං ගඡ්ඡාමී...... - Promise to fool you always


ජනාධිපති තුමා නිවි සැනසිල්ලේ "තමුසේ" ටෙලි මෙගාව නරඹමින් සිටිනා කළ ආරක්ෂකයෙක් කළබලයෙන් දිවගෙන ආවේය.. මුහුනේ ඉරියව් අනුව ඔහු ඉතා තැතිගත් ස්වාභාවයක් පෙන්වීය.. මොකෝ ඕයි තමුසේ නිකන් මර්වින් දැක්ක වගේ බයවෙලා.? ජනාධිපති තුමා ඉතා කරුණාවෙන් විමසා සිටියේය.. අනේ සෑර් වාසලේ දොරටුව ගාව කස්ටිය පිරිල සෑර්ව හම්බ වෙන්න ඕනලු.. මම කිව්ව සෑර් "තමුසේ" බලනව පස්සෙ එන්න කියල.. කිව්වට අහන්නේ නෑ සෑර්.. සෑර්ව කොහොම හරි හම්බ වෙන්න ඕනමලු.. මොකාද ඇවිල්ල ඉන්නේ.. අපේ ගමේ එකෙක්ද..? උන්ටත් පොඩ්ඩක් මෙහේ ඇවිල්ල යන්න දුන්නාම හැම තිස්සෙම මේක අස්සෙම එනවැයි..?

නෑ නෑ සෑර්.. ගමේ ගොයියල නෙමේ . ඇමති වරුයි නිළධාරියි සෑහෙන කස්ටියක්.. මළ වදයක් නේ ඕයි.. මම දවස තිස්සෙම ඕකුන් එක්කමයි ඉන්නේ.. මෙළෝ දෙයක් බැරුව නාගෙන හැම ප්‍රශ්නෙම මගේ ගාවට ගේනව.. රෑටවත් ඉන්න දෙන්නෙ නැතෙයි.. ඔ..ඔ..ඔව් සෑර් දැනුත් නාගෙන තමයි ඇවිල්ල ඉන්නේ නාගෙන විතරක් නෙමෙයි උපන් ඇඳුමෙන්මයි ඇවිල්ල තියෙන්න.. ආකිමිඩිස් වගේ මොනව හරි අළුතෙන් හොයාගෙනවත්ද දන්නේ නෑ සෑර්.. අම්මප ඇත්ත තමයි.... තමුසේ ගිහින් එක එකා එවනව මම "තමුසෙ" බලල ඉවර වෙච්ච ගමන් හොඳෙයි....හැබැයි තුවායක් හරි අන්දලා එවනව හොඳෙයි... උන්ට ලැජ්ජාවක් නැති උනාට මට තාම ලැජ්ජාව කියල දෙයක් තියෙනව...

අහක ඉන්න ඒවුන්ට බටහිර කුමන්ත්‍රණ කාරයෝ කිව්වට කුමන්ත්‍රණ කරණ ඒවුනුයි.. ආර්ථික ගාතයකොයි.. හාල්පාරුවොයි.. අරුනුයි මුනුයි ඉන්නේ මගේ ගාවම නේ ඕයි.. කියා තමාටම කියා ගත් ජනාධිපති තුමා.. මුන් ඇතුලෙ ඉඳගෙනම මාව නැතිකරන්න යනවාදැයි කියා සිතුවේය.. හරියටම රාත්‍රී අට වූවා පමණි.. එකා පිට එකා පෙරළාගෙන හැත්ත බුරුත්තම.. ජනාධිපති තුමා වටකර ගත්තේය.. මුලින්ම කඩා පාත්වුයේ සාගතයෙන් පෙලෙන සුඩාන පෙනුමක් ඇති කොන්ඩය අඩි රූලක් තබා දෙපැත්තට පීරූ සුපිරි ආර්ථික උපදේශක කබර රාල මහතායි.. අනේ සෑර් මම වැඩේ පටන් ගත්ත දවසෙ ඉඳල කෙලපු කෙප්ප ඔක්කොම ඉවරයි... මහ රටෙන් කෝටී ගානක් ගෙවන්නෙයි කියළ.. හෙජින් ගිවිසුමට.. දැන් ඉතින් සල්ලි අච්චු ගහල තම්යි ගෙවන්න වෙන්නේ.. මම මහ බැංකු වාර්ථාවත් මහාවශෙ වගේ ආතල් කතා වලින් පුරවපු කෙනානේ අනේ සෑර් මාව බේරගන්න..

හ්ම්.. හ්ම්.. බලමු බලමු.. ඊළග එකා කව්ද.?. ආ මේ අපේ සුසිල නේ.. ඔහේ නෑවේ පැට්‍රෝල්ය.. ජනාධිපති තුම පොඩි කින්ඩියක් දැම්මේය.. සෑර් විහිළු කරන්න එපා සෑර්.. මම ඉතින් කරපු දෙයක් නෙමේනේ.. මම අධ්‍යාපනේට මුකුත් කලෙත් නෑ.. පක්ෂෙට මුකුත් කලෙත් නෑ. ඡන්ද ලැයිස්තු හදන එකට මුකුත් කලෙත් නෑ.. ආසනේට මුකුත් කළෙත් නෑ.. රටට මුකුත් කළෙත් නෑ.. ඡන්ද දායකයෝ මට මනාප දුන්නෙත් නෑ.. ඒත් මාව සෑර් ගොඩ දැම්මනේ.. අනේ සර් මම කෙලිය කෙප්ප අතේ පත්තු වෙලා තියෙන්නේ.. ෆෝන් ලැයින් එකත් රෙකෝඩින් එකක් දාලා ෂේප් කර ගත්ත.. මොකෝ සැර් උන් අහන්නෙ පැට්‍රෝල් ගැන නෙමේ අපේ අම්ම ඉන්නවද කියල.. අනේ සෑර් මම තෙල් වලටත් මුකුත් කළේ නෑ මාව බේරගන්න සෑර්.. මම හැමදාම කරනව වගේ 94 ටත් ඉස්සෙල්ල හිටපු යූ ඇන් පීයටම දාන්නද සෑර්..යූ ඇන් පීයට නෙමේ දාපන් තොගේ.... කියා කියන්න හිතුනත් තමා ජනාධිපති නේදැයි කල්පනා උනු විගසම ඒ වචන එලියට නොදාම ගිල ගත්තේය..

මාත් ඉතින් පොඩි බොරුවක් කිව්ව.. ඒ උනාට අපේ ඇතුලෙම ඉන්න එවුන් මම කියන්නේ පට්ට පල් බොරු කියල කිව්වහම කාගේ පිහිටක්ද සෑර්..? නොරිච්චෝලේ හදපු දවසෙත් කිව්වේ කෙප්ප.. ඊයෙත් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියල පොඩි කෙප්පයක් කිව්ව.. ආයෙත්නම් රෙපයාර් එකකටවත් විසන්ධි කිරිම් නැතෙයි කියල.. ඒ උනාට ගැලවීමක් නෑ වගේ අනේ සෑර් මාව බේරගන්න ඇමති මණ්ඩළයේ ඉන්න ලැයිට් කණුවක් වගේ උසම උස  ඇමති තුමා තමාගේ දුක ජනාධිපති තුමට කිව්ව....

ඩෙංගූ ඇමතිතුමා, ප්‍රයිස් ලිස්ට් ඇමති තුමා, ජයසුන්දර මැති තුමා, මුකුත්ම දන්නෙ නැති ජනමාධ්‍ය ඇමතිතුමා.. කවදත් ජනතාවට සත්‍ය හෙලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාෂක තුමා, බටහිර කුමන්ත්‍රණලාගේ පචවංශ ඇමතිතුමා, නාථ දේවලාගේ ආසනික් සිල්වා මහාචාර්ය තුමා, සහ තවත් කෂ්ටියගේ අඳෝනා වලට සවන් දුන් ජනාධිපති තුමා .. 23 වනදා වනතෙක් තවත් කෙප්ප කෙළින මෙන් සියළු දේනාටම දන්වා මේ පිළිබඳව තමාගේ උපදේශක වරුන් විමසා පිළියමක් යොදන බව දන්වා සියළු දෙනාම පිටත් කර හැරියා..

මේ වගේ හාල්පාරුවන් සෙට් එකක් එක්ක මහින්ද චින්තන කෙසේ වෙතත්.. මුන් දෙන සීතාම්බර සළුවලින් සැරසුනහොත් තමාටත් හූ තියන බව සිතූ ජනාධිපති තුමා.. තවත් සෙට් එකක් විශ්‍රාමපායට ඊළග සෆල් එකෙන් දැක්කිය යුතු බව සිතාගත්තා. අළුත්ම උපදේශක අළුත් කඩේ ළොක්කාගෙන් මීට පිළිතුරක් විමසු ජනාධිපතු තුමාට.. ව්‍යවස්ථාවට අළුතෙන් එක්කල යුතු ඡේදයක් එතුමා ලියා දුන්නා.. ජනාධිපති තුමා එදින රාත්‍රියේ ගැසට් එකෙන්ම එය නීතියක් බවට පත්කලා.. මින් පසු ඇමතිවරු ජනාධිපති තුමා ඉදිරියේ දිවුරුම් දෙන අවස්ථාවේදි ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිව්-රුම් දීමෙන් අනතුරුව මේ පාඨයත් හඬ නගා පුකාෂ කරණු ඔබට සවන් දිය හැක...

පානාථිපාඨා සරණං ගඡ්ඡාමී.....
අධින්නා ධානා සරණං ගඡ්ඡාමී....
කාමේසු මිච්ඡා ඡාරා සරණං ගච්චාමී...
මුසාවාදා සරණං ගඡ්ඡාමී...
සුරාමේරය මජ්ජ පමා දාගන්නා සරණං ගඡ්ඡාමී...

26 comments:

  1. අපේ ඇමතිල විතරක් නෙමෙයි රටේම උන් මේ දවස්වල හත්පොලේ ගාගෙන ඉන්නෙ....

    ReplyDelete
  2. නොදකින් බන් අපෙ ඇමති හැත්ත නම්.
    කාලකන්නි මහජන නියෝජිතයො.
    වැඩක් කරගන්න පුලුවන් එකෙක් ඉන්නවද ඔය ‍රැලේ.

    ReplyDelete
  3. අර අන්තිම පාඨෙ ඔක්කොටම කළින් උදේ හවස තමන්ටම කියව ගන්න ඕනි එයාම තමයි බං

    ReplyDelete
  4. ජනාධිපතිතුමා බොහොම වැරදි.. ඒ වෙලාවේ අර රැලට සලකපු විදියනම්..අනිත් අයට කෙසේවෙතත් අර කොන්ඩෙ අඩිරූල තියල පීරපු එක්කෙනාට ..ඔච්චරත් කඩේ ගිහින්??

    ReplyDelete
  5. අපේ එව්වො කොයි වෙලෙත් නාගෙන නොවැ ඉන්නේ....

    ReplyDelete
  6. අනේ මාතලන් ගේ ජනාඵිපති උත්තමය නං නිකං කුක්කු බබෙකා ගානයි නේද? පව් නොදරුවා!

    ReplyDelete
  7. @ සාතන්

    අම්මප ඇත්ත කොලුවෝ...

    @ ඇනොනිමස්

    මම් හැමදාම කියන්නෙ ඕකනේ.. මම දන්න කාලෙනම් සුපර් බඩු ටිකක් හිටියෙ ජේ ආර් ලොක්කට විතරයි

    @ අවුට් සයිඩර්

    ලොක්කව ඒකෙන් නිදහස් කරල තියෙන්නෙ අර සිවුර වැරදියට අඳින උන්නාන්සේ

    @ ගිම්හානී

    එයා මුකුත්ම කාලා නෑ කියල ඇඟ දැක්කම තේරෙනව.. මොලේ තියෙන්නෙත් කෝට් සාක්කුවේ..

    @ පිස්සා පලාමල්ල

    වතුර විතරක්යෑ.. පැස්ටෝලුත් නානවා.. ඒකෙත් වතුර නේ වැඩිපුර තියෙන්නේ

    @ බුවා

    තෑන්ක්ස් කිව්වා... එක වචනේ කොමෙන්ට් එකක් උනත් හරි වටිනව..

    @ කතන්දර

    වෙද හී ඉස් රයිට් ඕ රෝන්ග්.... බොස් ඉස් ඕල්වේස් රයිට්.....

    ReplyDelete
  8. "වෙද හී ඉස් රයිට් ඕ රෝන්ග්.... බොස් ඉස් ඕල්වේස් රයිට්....."
    නෙමේ මාතලන්,

    Boss is like a nappy, always at your back and full of shit

    ReplyDelete
  9. මුන්ගෙන් හොඳම බොරු කියන එකාව හොයලා ඊලඟ ජනාධිපති කරවමුද?

    ReplyDelete
  10. @ observer


    There are many quotes. But I prefer that one….

    Sorry lokko….

    ReplyDelete
  11. @ sithuwilimandiya
    හොඳ යෝජනාවක්..
    මොකාවද තෝර ගන්නෙ කියන එකයි ප්‍රශ්නේ....

    ReplyDelete
  12. කසිප්පු කාරයා වටේ රොක් වෙන්නෙ කසිප්පු කාරයෝ, කුඩ්ඩො කුඩ්ඩො එකතු වෙනව, හොරුන්ගෙ ඇසුරට එන්නෙ හොරුමයි, මදාවියෝ මදාවියෝ ගජ මිතුරො. බුදුන්ගෙ වටේ රොක් වුණේ අහිංසක මිනිස්සු. ඔන්න ඕක තමයි මාතලන් ලෝක ධර්මෙ.
    දෙවියන් ළඟට පෙරේතයෝ බලෙන් රිංගල නෑ දෙවියන්ගෙ වේසයෙන් පෙරේතයක්ම ඉන්නව මිසක්.
    ඇත්ත ඇති සැටියෙන් දකින්න.

    ReplyDelete
  13. @ Anonymous 2
    තනිකර ඇත්ත...
    නමුත් මෙතනින්ම තමයි ගොඩ එන්න වෙන්නෙත්.....
    බැහැ කියල දෙයක් නෑනේ...
    අපි ට්‍රයි කරමු....

    ReplyDelete
  14. වැඩේ කියන්නේ මුන් ට්ක එලෝලා මොක්කුන්ද ඊලඟට පත්කර ගන්නේ?

    යූඑන්පී එක?? ජේවීපී එක??

    කොයි පක්ෂෙ උන්ද මුන්ට වඩා හොඳයි කියලා කියන්න පුලුවන් උන් ඉන්නේ?

    තාම මගේ මතේ නම් මුන් කරන දූෂන වලට පාට පක්ෂ බලන්නේ නැතුව එකතු වෙල ගහන්න පුලුවන් උපරිමයෙන් පහර ගහලා මුන්ට දැනුම් දෙන්න ඇහැක් නම් උඹලා තව නැතුවොත් ගෙදර යනකම් එලෝනවා කියල . . ??

    පස්සේ හොඳ කරලා අරගෙන (හොඳ කරන එක කෙසේ වෙතත් ජරාව කාලා ඕනෑම කුප්ප වැඩක් කරන එක නතර කර ගන්න ඇහැක් නම්) මුන්ගෙන් හරි හමන් විදිහට වැඩ ගන්න ට්‍රයි කරන එක . .

    මේකෙදි පක්ෂෙකට නැති අපිට වඩා පොදු පෙරමුනු කාරයෝ එකතු වෙලා කලා නම් තමයි හොඳ . . ?

    මොකෝ අපි වගේ උන් මුන්ට විරුද්ධ වෙන කොට උන් කියන්නේ අපි දේශද්‍රෝහියෝ කියලනේ . .

    වැඩේ කියන්නේ මධ්‍යස්ත පොදු පෙරමුනු කාරයෝ ඔක්කෝම මුන්ගේ කෙබර වලට රැවටිලා ලනු රෝල් පිටින් ගිලලා වමාරන්නත් බැරිව රෙන්නත් බැරිව ගලේ පහරපු බළලෝ වගේ ඉන්න එකනේ . .

    වැඩි දෙනෙක් නම් ඉතින් ටිපිකල් ශ්‍රී ලාංකිකයෝ . .. මුන් කියන කෙප්ප ගෙඩි පිටින් කන උන්නේ . .

    (ටිපිකල් ශ්‍රී ලාංකිකයෝ කිව්වේ යූඑන්පී උන්ගෙයි පෙරමුනු කාරයින්ගෙයි දෙගොල්ලන්ගේම කබර වලට රැවටෙන මේ අපි අපිට)

    ReplyDelete
  15. නැතුවොත් = නැටුවොත්

    මේකෙදි පක්ෂෙකට නැති අපිට වඩා පොදු පෙරමුනු කාරයෝ එකතු වෙලා කලා නම් තමයි හොඳ? = මේකෙදි පක්ෂෙකට නැති අපිට වඩා පොදු පෙරමුනු කාරයෝ එකතු වෙලා කලා නම් තමයි හොඳ !

    ReplyDelete
  16. @ දුකා

    උඹ හරි බන්.. ළොක්ක කියනව සාධාරන විවේචන දෙන්න කියල.. ඒ උනාට කටු ලෙවකන ඒවුන්ට මේක තේරෙන්නෙ නෑ. අනික් ඒවල නායකත්වයක් පේනතෙක් මානෙක නෑ. සජිත් අම්බරුවො සෙට් එකත් එක්ක පන්සල් ගානේ යනව.. එයා මහින්ද වෙන්න යන්නේ..

    යුද්දේ දිනන්න හරි මිනිහෙක් දැම්ම වගේ.. ආර්ථිකය හදන්නත් අළුත් මිනිහෙක් දාන්න වෙනව. කබ්බයි, ජයසුන්දරයි දෙන්නම අටර් ෆේලියර් දෙකක් චන්ද්‍රිකාගේ කාළේ ආර්ථිකේ මයිනස් කරපු උසාවියෙන් ගෙදර යවපු එකා එක්ක මොන ඩිවෙලප්මන්ට්ද..?

    මේ හාල්පාරුවෝ සෙට් එකට දෙන සැප සම්පත් නවත්තල.. ක්‍රිකට් වලට වගේ ආර්ථිකේටත් කෝච් කෙනෙක් ගෙනාවනම් ඉවරයි.. මොකෝ මුන් එකෙකුටවත් වැඩ බෑ. ෂෝ එක විතරයි.. මුන් ළොක්කව අන්දල තියෙන්නේ..
    එයා දන්නෙ නෑ එයා හෙළුවෙන් කියළ..

    ReplyDelete
  17. උඹ කොයිතරම් තර්ක කලත් වැඩක් නෑ කොල්ලො. ඔඵව කුණු වෙලානම් කඳ ජීවත් වෙයිද?
    ඕනෑම රටක් සමාජයක් ගොඩනැගෙන්නෙ නිවැරැදි නායකයෙක් යටතෙ. නායකය නරුමයෙක්නම් බුදුවරු වටේ හිටියත් වැඩක් නෑ.
    මෙතනින්ම ගොඩයන්න ඕනි කියල උඹ කිව්වට මේ විදියටනම් අංගොඩ මානසික රෝහලෙන් එකෙක් ගෙනැල්ල රජ කෙරෙව්වනම් මීටත් වඩා හොඳට කරයි. මේ විදියට කරන්නනම් උඹටත් පුඵවන්. මේ රටේ ඕනෑම ‍එකෙකුට පුඵවන්. මොකද දැන් ඇත්තටම පාලනයක් කියල දෙයක් නෑනෙ කිසිම දේක.
    ඉතින් උඹ කියන විදියට කවදාවත් වෙන්නෙ නෑ. පළමුව නරුමයෙක් නොවන මනුෂ්‍යයෙක් නායකයෙක් වෙන්න ඕනෑ. මේ විදියට ගොඩ යන උඹේ සිහිනෙ කවදාවත් හැබෑ වෙන්නෙ නෑ. හැබැයි සූරාකන්නන්ගෙ, දූෂිතයන්ගෙ, හොරුන්ගෙ, මැරයන්ගෙ සිහිනය නම් දවසින් දවස සැබෑ වෙයි. කමක් නෑ උඹ හීන දැකපං

    ReplyDelete
  18. මචෝ, ලොක්ක හොඳයි, ගෝලයො නරකයි නෙමෙයි, මෙතන වෙන්නෙ මහදැන මුත්තයි ගෝලයො රොත්තයි සීන එකේ මොඩර්න් වර්ෂන් එක.! ඒත් අර දුකා කියන්නැහෙ කවුද රිප්ලේස්මන්ට් එක? රිප්ලේස්මන්ට් නැතුව එලෙව්වොත් මෙහෙත් ඊජිප්තුවක් වෙන එකයි වෙන්නෙ. ඉස්සෙල්ල හොඳ ලොක්කෙක් සහ පස්සෙ ඒක්ට ගැලපෙන ගෝලයො ගැන් ඉඟියක් දෙන ලිපි ටිකක් ලිව්වොත් නරකද කඩේ යෑම අඩු කරල?

    ReplyDelete
  19. @ ඉන්දික උපශාන්ත

    ඕ කේ මචෝ.. කඩේ යන ගමන්.. ඒ වැඩෙත් කරගෙනම යන්නම්....

    ReplyDelete
  20. ada wanakota amathi mandala kisema akakuta taman karanna ona da gana bumikawak na... ma kalakanni kama patan gatta 94

    ReplyDelete
  21. @ ඉන්දික දිසානායක

    හරියට හරි.. ලොක්ක නාන්නේ ඒ සෙට් එක එක්කමයි.. දෙවන් අනුලා රැජිණගේ කාඩ් කුට්ටමම තමයි එහෙට මෙහෙට අනන්නෙ.

    ReplyDelete
  22. පෝස්ට් එකේ ස්ප්‍රීට් එක අර ඇනෝ කමෙන්ට් එකේ තියෙනවනෙ බොල...
    //දෙවියන් ළඟට පෙරේතයෝ බලෙන් රිංගල නෑ දෙවියන්ගෙ වේසයෙන් පෙරේතයක්ම ඉන්නව මිසක්.//

    ReplyDelete
  23. @ චාමී

    ඇත්තක් නැත්තෙමත් නෑ...

    ReplyDelete
  24. නියමයි..මේ වගේ ලියවිලි පත්තර වලින් කියවන්න අද කාලේ නැහැ.

    ReplyDelete
  25. @ ජෝතිෂලංකා

    ඒකනේ බොගෙන් දෙන්නෙ.....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න