.

.

Aug 4, 2011

මණ්ඩලේ කචල් - Kachal Board


ඉස්සර වල කක්කුස්සි කියල කක්කුස්සි වර්ගයක් තිබුනේය, කක්ක කතාවක් නිසා වැඩි දුර විස්තර කරන්නට අපහසුය. ඒවා අතුරුදහන් කලේ, අතුරුදහන් වැඩි කාළයක රටේ රජතුමා වූ පොඩි මිනිහගේ නායකයා වූ දුවන ලයන් ලව් සර්වන්ට් තුමා බව තිසරණී ගුණසේකර පත්තර වලට ලියා තිබුනි. කතාව සහතික ඇත්තය. එතුමා ගැන පොතක් උනත් හොඳ නරක දෙකම ලිවිය හැකිය. එතුමා ඒවා නැතිකලේ ඇමති කාළයේය. ජනාධිපති වීමට පෙරය. මේව හදල තියෙන්නේ මැතිනිගේ කාළේ ඉතින් ඒව නැතිකරන එක මගේ වැඩක් නොවේ කියා එතුමා අත පිහිදා ගත්තේ නැත. එහෙමනම් මාලිගාවත්තේ ෆ්ලැට් හැදෙන්නෙ නැත ලැට් හැදෙන්නේත් නැත. මැරෙනකම්. මැතිනිට බැන බැන ඉන්න තිබුනේය.

මේ කතාව කියන්නට හිතුනේ විදුලි බිල ගෙවන්නට ගිය වෙලාවේ මල පොඩ්ඩක් පැන්න නිසාය. කරන්ට් මණ්ඩලේ උන් යුද්දෙට කැප කරපු පඩිය ඉල්ලල කෑම වෙලාවේ කෑ ගහලා දැන් අසනීප වෙලාය. මේ දේශද්‍රෝහින්ට, කරන්ට් හතක්ම වදින්න ඕනෑය. යුද්දෙට දීපූ පඩි ඉල්ලන්නේ මුන්ගේ ෆියුස් එකක් ගිහිල්ලාද කියා තේරේන්නේ නැත. විදුලි බලය ඇන හිටියොත් ඇන හිටියාමය. මේ ඇන ලෙඩ වෙලාය. නිවාඩූ දාලාය. පඩි දෙන්න කියා දැන් ඉන්න ඇමතිට කරදර කරනවාය. මුන්ට නම් පිස්සුය. මුන් ඉස්ටයික් කොරන්න ඔනා ජෝන් සෙනෙවිරත්න ගරු ඇමතිතුමාගේ ගේ ඉස්සරහය. පුළුවන්නම් එතුමා උසාවී ගෙනා යුතුය. හැබයි නඩු කාරයාත් පරණ කෙනාම විය යුතුය, එම නිසා සරත් සිල්වා අළුත් කඩේට ගෙනා යුතුය. නැතිනම් එතුමාගේ ගෙදර නඩු බලවන්න හැකිය.

මුන් නම් දේශ ද්‍රෝහීන්ය, මුන් රටට ආදරය කර නැත. බලෙන් කපා ගත්තා මිස කැමැත්තෙන් දී නොමැත. ඒ කියන්නේ පාළකයෝ මුන්ගේ දේශ ප්‍රේමය දූෂනය කරලාය. එම නිසා මුන් දැන් වන්දි ඉල්ලනවාය. එහෙමමත් නෙමේය. කපපු එක ඉල්ලනවාය. මුන්ගේ ආප්ප ගෞරවය කෑළි කඩා බල්ලන්ට දමලාය. දැන් හදන්නේ ඇමති තුමාගේ ආප්පයද බල්ලන්ට දමන්නය. ඒ කියන්නෙ මුන් හොඳ ඒවූන් නොවේය. ඔය වගේම උස හාදයෙක් මුළු රටම ඉල්ලුවේය, බඩුත් හාමුදුරුවන්ගේ උසාවියෙන් උන්නැහේ වසර දෙකක් කූරූ ගනින්නට යැවුවේය. දැන් සිරසේ 7 ට යන ටෙලි නාට්ටියේ ප්‍රධාන චරිතයකට පන පොවන්නෙය.

මේවාට වැරදි 94 ට පෙර සිටි උන්ගේ නෑදයින්ගේ පාටිය බව, මැති ඇමතිවරු, මන්ත්‍රිවරු, පලා බබාවරු, මන්ත්‍රිවරු, අර සභා මේ සභා මන්ත්‍රිවරු, ඇමතිවරු, පමනක් නොව, සභාපතිවරු, පබා පමණක් නොව, මාධ්‍ය ඔස්තාර් වරු සහ බුද්ධිමත් ජනතාව, ප්‍රවෘත්ති වල, රාත්‍රී වාද බයිලා වල නිතර කියයි. එම නිසා උන්ට දඬුවම් කළ යුතුය. ආන්ඩුව කෙසේ වෙතත්, ආන්ඩුව එය ඉටු කරන බවක් නොපෙනන නිසා, බුද්ධිමත් ජනතාව එය අකුරටම ඉටු කරනවාය. දැන් ඇත්තේ 22 කි. තුන වත් ඉතුරු වේදයි කිව නොහැක. ජනතාව මදිවාට, උන් උන් ම දඬුවම් පමුනුවා ගන්නවාය. මෙයට කියන්නේ හරාකිරී කියාය, කරා කිරි ගේනවා නෙමේය. තමන්ගේ බඩ තමන්ම කපා ගන්නවාය. කපන්නට පෙර බයටම බඩ යනවාය. බඩ ගියාම ගඳය. මට නිකන් පිස්සු වගේය..

අපේ හිටපු බොසා, මට ප්‍රොජෙක්ට් රිපෝට් එකක් හදන්න කීවේය. ඒ යකාගෙන් වැඩක් නෑ කියා, චෙයාමන් ඌ වෙන කොම්පැනියකට දමා, අපිට ප්‍රොෆෙසනල් බොසෙක් දුන්නේය. මම පොජෙක්ට් රිපෝට් එකත් අරන් අලුත් බොසා හම්බවෙන්න ගියේය. "කවුද තමුසෙට ප්‍රොජෙක්ට් රිපෝට් හදන්න කිව්වේ.....*&###$* B-((....???"  කියා එතුමා මගෙන් ඇසුවේය. මම කිව්වේ කලින් බොස් කියාය. "එහෙනම් ඒක ගිහින් ඌට දෙන" ලෙස අලුත් බොස් කීවේය. මම වහාම පරණ බොස් හම්බ වෙන්න ඒ ඔෆීස් එකට ගියේය. ප්‍රොජෙක්ට් රිපොට් එක පරණ බොසාට දුනිමි. එතුමා එය විසිකර මගේ කනට ගැසුවේය. මම රිපොට් එකත් රැගෙන එළියට පැමිනියේය. සිකියුරිටි එකෙන්ද මට දෙක තුනක් ඇන්නේය. මම චෙයාමන්ව අමාරුවෙන් ඇපොයිමන්ට් එකක් දමා හම්බවුනේය. එතුමා සිඳුවූ දේ අසා මාව ගරු මුතුහෙට්ටිගම මන්ත්‍රි තුමාගේ දොස්තර වෙත යොමු කළේය. එතුමා මගේ මොළේ හොඳ බව කියා සහතිකයක් දුන්නේය. සහතියකත් කරේ එල්ලගෙන මම ඔෆීස් එක බලා යන්නේය......

ප: ලි:
ඔයාලටත් නිකන් අප්සට් වගේනම් සහතිකයක් ගන්නා එක වඩා හොඳය. ඔබ මඤ්ඤං නොවන බව ඔබටම වැටහෙන නිසාය.

42 comments:

  1. දැන් වෙන එව්වට මඤ්ඤං නොවී තිබුනොත් තමා පුදුමේ...

    ReplyDelete
  2. @ prasanna86k

    ප්‍රසන්න මහත්තයත් සහතිකේ ගන්න.. එතකොට එහෙම වන්නේ නැත..

    ReplyDelete
  3. කියලා වැඩක් නැතිය. කොලු භාෂාවෙන් නම් එලකිරිය. මෙන්න පෝස්ට්.
    කෝකටත් කලින් ස්තුති කරමි. මගේ නමේ නියම තේරුම දන්නෙ දැන්ය. මම එය මෙලෙස සංශෝධනය කරමි.
    දුවන සිංහ වෙද ගෙදර මහ වෙදනා. නියමය, මමද දුවන සිංහයෙකි. (බයේ නෙමේ)
    කෙසේ හෝ මේ පෝස්ට් එක කියවලා දැන් මටද මඤ්ඤං වගේය. කමෙන්ට් එක සුව වූ පසු ලියමි.

    ReplyDelete
  4. @ වෙද ගෙදර මහ වෙදනා...
    හෙහ් හෙහ්.... වෙද මහත්තටම පුළුවන් නෙවැ ඉසකුඩිච්චියක් දාගෙන හෙම සැටිපිකේට් එක කරේ එල්ලගන්න...

    ReplyDelete
  5. මොකක්ද මේ "දුවන සිංහ" කතාව?

    ReplyDelete
  6. මාතලන් ලොක්කගේ ඔය ප්‍රොජෙක්ට් රිපෝට් එකේ වැඩේ වගේ වැඩ කරන උන්ගේ මොලේ චැක් කොරන එක හොඳා කියා මටත් සිතුනෙමු.ඉස්කෝලේ යද්දී අපේ පන්තියේ හිටපු එකෙකුට කරපු වැරැද්දට හිටගෙන ඉන්නට නියම උනාය.පීරියඩ් එක ඉවරවුනා මිස ඌට ආපහු ඉඳගන්න නියම කලේ නැත.ඉතින් ඌ ඊ ලඟ පීරියඩ් එකේත් හිටගෙන හිටියෙමු.ඌ විභාගයට ලකුණු ගත්තේත් වැඩිම උනොත් 10ක් 15ක් වගේය.පස්සෙ කාලෙක මම අහම්බෙන් ඌව ආපහු දැක්කේ ටීවී පෙට්ටියේ සාකච්ඡාවකට ඇවිත් ඉන්නවාය.මොකද්දෝ තරඟෙකින් දිනලා ඌට බටහිර රටක විස්ස විජ්ජාලෙක ඉගෙන ගන්න සිස්සත්තයක් හම්බ වෙලාය.
    හැබැයි දැන් මණ්ඩලේ ඉන්නේ ඕකේ අනික් පැත්තේ උන්ය.උන්ට ඉස්සර සිස්සත්ත හම්බුවෙන්න තරන් දස්සවුනාට දැන් ඊලඟ පීරියඩ් එකේත් හිටගෙන ඉන්නෙමු.

    ReplyDelete
  7. අම්මප මඤ්ඤං උනා....

    ReplyDelete
  8. @ budhajeewa
    මේන් බුද්දො කතාව..
    දුවන = රනින්ග් = රණ
    ලයන් = සිංහයා = සිංහ
    ලව් = ප්‍රේමය = ප්‍රේම
    සර්වන්ට් = දාසයා = දාස
    රණසිංහ ප්‍රේමදාස

    ReplyDelete
  9. @ තිස්ස දොඩන්ගොඩ
    මේ මගේ පරණ මිත්‍ර තිස්ස ද බන්... කොහේයි මෙච්චර කල් උන්නේ...

    ReplyDelete
  10. @ sithuwilimandiya
    කෂ්ටිය සිටගෙන සිටිමි.. දෙපයින් නම් නොවේය.. ඔලුවෙන්ය.. පුකේ තියෙන මෂ්තිශ්කය නැවත පැමිනෙන තෙක් සිටින්නාහුය..

    ReplyDelete
  11. අනේ ඔව් බං... ඒ නම් මම්ම තමා... :-)
    පොඩ්ඩ පොඩ්ඩ කොයි දේත් වැඩ වැඩි වුනා මචෝ..
    දෙකට දෙවාරෙට කෝකටත් ආවා ගියේ...
    මෙහෙමවත් හම්බවුනා මදැයි...

    ReplyDelete
  12. @ පොඩි මෑන්
    ටිං ටිං.... නෙක්ස්ට් පේශන් ප්ලීස්.. ම්ස්ට පොඩි මෑන්.. කෝ බලන්න.. යෙස් යෙස් මඤ්ඤං නේන්නම්.. මෙයාව යවන්න අර ඩොක්ට ළගට...

    ReplyDelete
  13. @ තිස්ස දොඩන්ගොඩ
    ප්‍රීතී... ප්‍රීතී මචෝ.. ඇයි අර ලස්සන ප්‍රෝෆයිල් පික් එක චේන්ජ් කලේ.. ආ දැන් ඊට වඩා වයස ඇති නොවැ... සන්තෝසයි මචන්..

    ReplyDelete
  14. @මාතලන්: කවුදැයි දන්නේ. මං මෙහාට එනකොට එයැයි වැලිගම ගිහිං නොව.

    ReplyDelete
  15. @ budhajeewa
    ඔය දැන් ගුණ ගායනා කොලාට බුද්දෝ.. මළ වෙලාවේ රතිඤ්ඤා පත්තු කොලා, මැරුණු තැනට් කීවේ, බල්ල මැරුණු හන්දිය කියල...

    ReplyDelete
  16. දෙයියම්පා මාත් යනවා සහතිකයක් ගන්න :D

    ReplyDelete
  17. @ ChammA
    පලයන් චම්මො ඉස්මනට.. අද සෑහෙන පෝලිමෙයි කියන්නේ...

    ReplyDelete
  18. @මාතලන්: වපුරපුව වෙන්ටැ නෙලාගන්ටැත්තේ. වටිං ගොඩිං අහල තියේ කෙරුවාව. :D

    ReplyDelete
  19. වචන එන්නේම නැත . . . . තවමත් මඤ්ඤං වී මොනිටරේ දිහෑ බලං සිටිමි . . . . .

    ReplyDelete
  20. @ budhajeewa
    ඒවා ඇත්තය.. එහෙම කළාම අරෙහෙම වෙනවාය...

    ReplyDelete
  21. @ ඕනයා
    ටින්... ටින්.. නෙක්ස්ට් පේශන් ප්ලීස්.. මිස්ට ඕනයා..
    ම්...ම්...ම්...ම්... තත්වේ බයානකයි.. මෙයාවත් අර ඩොක්ටට ඩිරෙක්ට් කරන්න...

    ReplyDelete
  22. "දුවන ලයන් ලව් සර්වන්ට් " - මල් හතයි ඕයි මේ නම ..... ඉතුරු ටික කියෙව්වාම මඤ්ඤං තමයි .. ජෝන් උන්නාන්සේ සල්ලි වලට රස්සාවල් වලට දාපු උන් ජෝන්ට විරුද්ධව ස්ත්‍රයික් කොරාවියැ . උඹ කිව්වට

    ReplyDelete
  23. දැන් ඉතින් මේ සේරම වැඩ ටික දාලා යන්න ඕනා ඒ සහතිකේ ගන්න.... කොහෙද බන් ඉන්නවා කියන්නේ

    ReplyDelete
  24. @ buwa
    අම්මට බොල මොකෑ බුවෝ ඒ කතාව.. එහෙමත් එකක්යෑ...

    ReplyDelete
  25. @ දේවා ගේ අඩවිය
    මම ඕක කියන්න ගියොත් දේවා අදේවා විය කැකිය. එබැවින් 118 එකට ඇමතුමක් ගෙන ගජමුතු මහතා සම්බන්ධ කර ගන්න..

    ReplyDelete
  26. බොලා මක්කැයි මේ කියන්නේ..

    පිස්සන් කොටුවේ පිස්ස වෙන්නේ දොස්තර මහත්තයා වබ, අම්මපා මේ පිස්සට තේරෙන්නේ නැති හැටි..

    ReplyDelete
  27. @ මයිය
    ඇත්ත සමයි මයියෝ.. එයාටත් සහතිකේ තියෙනවද දන්නෙ නෑ නොවැ....

    ReplyDelete
  28. post එක නම් එළකිරි.

    අපි අහල තියෙන්නේ යුද්ධ-ලයන්-ලව්-සර්වන්ට් කියල.

    ReplyDelete
  29. ඇඩේ ඇත්තමයි බන් මටත් හිතෙනවා වෙලාවකට මේ මිනිස්සු ඔක්කෝටම වගේ හරි කියලා පේන දේවල් මට වැරදියි කියලා පෙන්නේ මගේ අස්පට් එකක් එකක් නිසාද කියලා . . උඹ දුන්නේ හොඳ උපදේසයක් . . ලබන නිවාඩුවේදී මුතුහෙට්ටියාගේ දොස්තරයා ට ඇපොයින්මන්ට් එකක් දාලා මොලේ බලෝගෙන සහතිකයක් ගන්ට ඕන . .

    ReplyDelete
  30. බලාගෙන ගියාම අපි ඔක්කොටම සහතික ගන්න වෙයි වගේ... කොහොමත් මම නම් මා විසින්ම ඔය සහතිකේ ලියාගෙන ඉන්න හින්දා අළුතින් ලියන්න වෙන එකක් නෑ..
    මම ඊයේ කිව්වා වගේ මාතලන්ගේ පොලිටිකල් කතා වලට වඩා මම අනිත්වට කැමති එක හරිම ලේසියි. මට ලංකාවේ පොලිටික්ස් කියලා දෙයක් තියෙනවා කියලා තාම හිතෙන්නේ නෑ. කාව හරිද කියලා පෙන්වන්න මට එකෙක්වත් නෑ.. ඉතින් මට අපුලයි ඕවා. නැතිව මාතලන්ගේ කතා නෙමෙයි.

    ReplyDelete
  31. oba etha niwaradi... kwru hari liyai keyala balaporotthu una dayak...

    ReplyDelete
  32. කෝ බන් මගේ කොමෙන්ටුව?

    මම කිව්වේ මටත් අර මුතු හෙට්ටියගේ දොස්තරයව මීට් වෙලා සහතිකයක් ගන්ට ඕනැයි කියලා . . .

    මටත් අද වෙන දේවල් පෙන්නේ රුයිතෙට

    ReplyDelete
  33. කෝ බන් මගේ කොමෙන්ටුව?

    මම කිව්වේ මටත් අර මුතු හෙට්ටියගේ දොස්තරයව මීට් වෙලා සහතිකයක් ගන්ට ඕනැයි කියලා . . .

    මටත් අද වෙන දේවල් පෙන්නේ රුයිතෙට

    ReplyDelete
  34. @ ජය ශ්‍රී

    එහෙම කිව්වත් හරි ජයේ කොලුවෝ..

    ReplyDelete
  35. @ දුකෝ..
    සමාවෙයන් දුකෝ අදයි පොඩි රවුමක් ගහල අවේ.. උඹ එන්න මාස 2 කට විතර කලින් මට කියපන්.. එපොයිමන්ට් එකක් දාලා තියන්නම්.. කොහොමත් උබෙත් මොළේ පොඩ්ඩක් අවුල වගේ අනිතිම පෝස්ට් වල එහෙම ගතියක තියෙනව..

    ReplyDelete
  36. @ Il mondo di una povera pazza

    ඒක මිසක්ක.. මම බය උනා ඉල් මොන්දේට මාව එපා වෙලයි කියල.. ඊළග පොස්ට් එක මඤ්ඤංම මඤ්ඤං.....

    ReplyDelete
  37. @ indika dissanayake

    තැන්ක් ඌ දිසෝ.....

    ReplyDelete
  38. ජෝන් තුමාගේ කාලය ඇතුලතදි විදුලි බල මණ්ඩලේට ගත්ත සේවකයින් ගැන සමීක්ෂනයක් කලොත් පෙනේවි රත්නපුරේ ජනගහන අනුපාතය අනුව ඉන්න ඕනි ගානට වඩා බොහොම වැඩි ගානක් ඇතුලේ ඉන්නවාය කියන එක . ඒ ගත්ත මූලිකම පදනම මොකක්ද කියන එක රත්නපුරේ පැත්තේ ත්‍රිවිල් මල්ලි කෙනෙක්ගෙන් ඇහුවත් කියාවි . ලොකු තැනටත් ඕව ආරංචි වෙලා නිසාලු ඇමති කම මාරු කලේ . සෞඛ්‍ය අමාත්‍යාංශයෙත් සුලු සේවක පත්වීම් පිරිල තියෙන්නේ වැඩිහරියක්ම බදුලු ජනතාවගෙන්ය කියල කථාවකුත් තියනව

    ReplyDelete
  39. @ buwa

    මනුස්සයෙකුට රස්සාවක් දෙනව කියන්නේ.. මෙළෝ වශයෙන් පලදෙන ක්‍රියා.. දැක්කනේ ආපූ සෙනග ආසීයාවේ ආශ්චර්යෙත් දාලා කොරියා යන්න...

    ReplyDelete
  40. නැතුව නැතුව .... ජෝන් තුමා රත්නපුරෙන් මනාප වලින් එක , පාල තුමා බදුල්ලෙන් එක . මෙලෝ වසයෙන් පලදීල තියෙන්නෙ ඔය අපුරුවටම

    ReplyDelete
  41. @ buwa
    අනේද කියන්නෙ... බුවෝ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න