දේශපාළනෙයි අරකයි මේකයි ඔක්කෝම අමතක වෙලා යන්න පොඩි ගේම් එකක් කරමු කියල හිතුනා. මොකෝ අර "කොයි එකාද බැන්දේ" පොස්ට් එක තවමත් නැගලා යනවා. ඒකට හරි උත්තරේ දුන්නෙ එක්කෙනයි. ඌත් ඇනෝ කෙනෙක්. අපිට අද යමක් කමක් ලියාගන්න පුළුවන්නම් ඒකට මුල් වෙච්චි දෙයක් තමයි මිහිර පත්තරේ. අද තත්වේ කියන්න දන්නේ නැති උනත් පොඩි කාළේ අපට තිබුන උතුම්ම වස්තුව තමයි මිහිර. සඳුදා උදා වෙන්නේ කවදද කියලා ඇඟිලි ගැන ගැන ඉන්නේ. ඇත්ත වශයෙන්ම අපේ රටේ මෙළෝ දෙයක් නැති අපි පොඩි කාලේ ඕක සාර සංග්‍රහයක්.
ඒ කාළේ ඇඳපු චිත්‍ර. ලියපු කවි කතන්දර තැපෑලෙන් යැව්වත් එකක්වත් පළ උනේ නෑ. තාත්තා වැඩ කලේ කොළඹ නිසා එයාගේ අතේ ලේක් හවුස් එකට ගිහිල්ලම බාර දුන්නත්. එකක්වත් පළ උනේ නෑ. තාත්තා නම් කිව්වේ ඒකේ දාන්නේ පත්තරේ වැඩ කරණ අයගේ ළමයින්ගේ ඒවා විතරයි කියලා. ඒ උනාට මම හිතුවේ සහ අදත් හිතන්නේ. මේ අද ලියනවා වගේම මෙළෝ රහක් නැති ඒවා වෙන්නැති එදත් ලියවුනේ කියලා. ඒ කාළේ ලිව්වේත් මේ වගේ කවිමයි. එකක් මට තාම මතකයි.
කිරියි පැණියි අරගෙන හඳ මාමේ
එන්න එපා මගෙ සුදු හඳ මාමේ
කිරි පැණි කෑවම මට හඳ මාමේ
හතිය හැදෙනවා මට හඳ මාමේ
ඉතින් මේවා දායිද පත්තර වල. ඔහොම ඉන්න අතරේ, මිහිරෙන් පොඩි කවි තරඟයක් පටන් ගත්තා. කවියක මුල් පද දෙක පත්තරෙන් දෙනවා. ඉතුරු පද දෙක අපි ලියලා යවන්න ඕන. හොඳම පද දෙකට තෑගිත් දුන්නා. කතන්දරට නම් හොඳට මතක ඇති ඕවා. මගේ මෙමරි චිප් එකේ කැපෑසිටි අඩු නිසා පරණ ඒවා මකලා තමයි අලුත් ඒවා දාන්නේ. පොතක් කියෙව්වත් එච්චරයි සතියක් දෙකක් මතකේ තියෙයි. (මාතලන් නියම ශ්‍රී ලාංකිකයෙක්නේ)
මමත් උත්තරයක් යැව්වා. ඒක නම් මතක නෑ. ඒත් එක උත්තරයක් නම් අදටත් මට හොඳට මතකයි. ඒකද ජයග්‍රහනයේ කළේ කියල කියන්න නම් මතකයක් නෑ. මේ ගිම්හානී කෙල්ල කවියෙන්ම වැඩ දාන නිසත්. බොග දාන ගොඩක් අය කයියො නිසත් ඒ පද දෙකම දාන්නම් තරඟෙට. කතාටයි, දුකාටයි, මාරෙටයි ආරාධනා කරනව ජජ් කරන්න. කොමෙන්ට් වලින්ම වැඩේ ගෙනියමු. මෙන්න ඒ මුල් පද දෙක.
මා වැනි බිළින් දා
කොට කලිසමක් ඇන් දා
දැන් ලියමු බලන්න ඉතිරි පද දෙක...
"එය බුරුල් හින්දා
ReplyDeleteබඩට කොට්ටය තබා බැන්දා"
තෑන්කියු මතකය අවදි කළාට. මං යැවුව පිළිතුර තමයි ඒ තියෙන්නේ.
මිහිර පත්තරේ කවි ගැන මේ කතන්දරේ මාතලන් බැලුවද?
http://kathandara.blogspot.com/2009/11/blog-post_08.html
බැලුවට මතක එකක්යැ, නේද?
එය බුරුල් හන්දා
ReplyDeleteගෝනි ලන්නෙන් බැන්දා
අඩේ ජජ් ල තරඟෙට ආවම නඩුය් බඩුය් දෙකම හාන්දුරුවන්ගෙනේ
එය බුරුල් හිංදා - ඊට ඉහලින් පටිය බැන්දා
ReplyDeleteකකුල් දිග වැඩි හන් දා
ReplyDeleteවාටි මැහුවේ අපේ නැන් දා
එය බුරුල් හින්දා
ReplyDeleteඋඩට උස්සා ගැටේ දැම්මා
ප.ලි.
ඔය කවියෙ තව වර්ශන් එකක් තියනව නේද . . .???
මා වැනි බිලින්දා කුනු **** දැක්කා
ඒක ගඳ හින්දා . . .
කියල . . . ???
ප.ප.ලි.
ඕනෙම නං . . . ඔය කවිය ඉවර කරල
"ඇරපිය ඇරපිය ලුසියා දොර . .
මාලු කඩේ මාලු කඩේ සයිමා මම . . ."
කියල නන්ස්ටොප් එක ගහන්නත් පුලුවං . . . .
ඒකෙ ෂිප් එක හින් දා
ReplyDelete.................
ඉතුරු පදේ උඹ පුරෝගනින් අයියෙ... මම නරක මොකුත් ලිව්වොත් ;)
එහි කකුල් ලොකු හින් දා
ReplyDeleteහුලං වල සැප Xටේ වින් දා
තෙමාගත් හින්දා..
ReplyDeleteඅම්ම ගලවං යයිද මංදා.
කමෙන්ට්වලනෙ ලස්සන පද තියෙන්නෙ දාමුද හිටිවන කවි මඩුවක්.
ReplyDelete(හැබැයි මට නම් කවි කියන්න බෑ)
@සාතන්: ඔන්න මම ලාවට කොපි කරනවා. ;)
ReplyDeleteඒකෙ සිප් එක හන් දා
හිත යටින් ඉකි බින් දා
කලිසම තුනී හින්දා ..
ReplyDeleteකෙල්ලො හිනා වේද මන්දා ...
ටොකු අනින හන්ඳා
ReplyDeleteඔන්න දිව්වා මෙන්න වැන්දා
කවි ලියන්ට දන්නේ නැතෝ.....:D:D:D
එනපොට කුමක්දා
ReplyDeleteබලමු බලමූ අනේ මන්දා
ලබු බහින හින්දා..
ReplyDeleteඊට ඇතුලෙන් ජොකෙක් ඇන්දා.
ඔට්ටු නෑ,,ජජ්ල දෙන්නෙක්ම කවි ලියල,,, තව එක්කෙනයි අඩු, කවි ලියන්න බැරි හින්ද මේ හදන්නෙ වැඩේ අලකරන්න එහෙම නෙමේ, ඡ.කොමාට වගේ මාතලන් අයියට ආතතිය හදවන්න :D :D
ReplyDeleteකමලගෙ ජංගිය දැක්ක හන්දා
ReplyDeleteකලිසොමත් උස්සං ජුන්ඩා නැංගා.
පස්ස මීයො කාල හින්දා
ReplyDeleteහිල වැහෙන්නට කමිසෙ ඇන්දා
ඕනෙය...
දිග දිග වැටකෙය්යා...
මැද සිටින අය්යා...
ඒක කොට හින්දා,
ReplyDeleteගලවා දමලා සරම ඇන්දා
එය බුරුල් හින්දා
ReplyDeleteගැලවී කලිසම බිමට වැටුණා
...
ReplyDeleteඒක අස්පට් හන්දා
වෙන එකක් මන් අන්දා..
රනිල් දුටු හින්දා
ReplyDeleteපස්ස නොබලා පැනල දිව්වා
ඒක තද වැඩි හන්දා
ReplyDeleteගලවා මං නිකම්ම ඇවිද්දා....
මිහිර පත්තරේ කතාවට නම් මමත් එකඟයි. මට මතක විදියට විජය පත්තරෙයි little star එකයි මිහිරයි විතරයි ඒ කාලේ පොඩි ළමයින්ට තිබ්බේ. අපිට ඉතින් ඉන්ටර්නෙට්, වීඩියෝ ගේම් අරවා මේවා තිබ්බයැ.
ReplyDeleteඒකටත් එක්ක දැන් ඉන්න ළමයින්ට නැත්තේ මොනාද? ඒ හින්දමද කොහෙද ඒ අය පොත් පත් එක්ක ඒ තරම් සමීපත් නෑ කියලා හිතෙනවා මට නම්.
එය තුනී හින්දා
ReplyDeleteකෙල්ලො බලනව වැඩිද මන්දා....
මා වැනි බිලින්දා
ReplyDeleteකොට කලිසමක් ඇන්දා
එය කොට වැඩි හන්දා
ගලවා දිග කලිසමක් මම ඇන්දා
මා වැනි බිළින් දා
ReplyDeleteකොට කලිසමක් ඇන් දා
එක කොට හින් දා
නඩු දායි ද මන් දා
මම සිංහ හන්දා
ReplyDeleteඒක මට දිග වැඩිද මන්දා
:D :D :D
මා වැනි බිලින්දා
ReplyDeleteකොට කලිසමක් ඇන්දා
කකුල් කැත හින්දා
ගමේ කොල්ලෝ කරයි නින්දා
මිහිර අකුරක් නෑර කියෙව්වා . ඊ ගාවට විජය . විජය මුල් කලාපය ඉඳන්ම කියෙව්වා . දවසක් ඔය මාතලන්ලගේ පැත්තෙන් එන 235 එද්දී විජය දෙවෙනි කලාපේ කියව කියව ඇවිත් කැලණියේදී බස් එකෙන් බහින්න අමතක වෙලා අම්ම හොඳට බය වුනා . බස් ස්ටෑන්ඩ් එක පුරාම හොයල නිකමට ආයේ බස් එකේ බලල . මෙන්න මන් ඉන්නව මෙලෝ වගක් නැතුව පත්තරේ බල බල .
@ කතන්දර
ReplyDeleteමිහිර පත්තරේ ගැන ඔහේ පෝස්ට් දැම්ම බව හොඳට මතකයි. ඒකයි ඔහේවත් මතක් උනේ. ඔය උත්තරේ මට ගොඳට මතකයි. දැන් හිතාගන්න පුළුවන් මගේ නිර්මාණ පළ නොවෙන්න හේතුව. උන් හිතන්න ඇති මගේ බාප්පයි මේවා ලියන්නේ කියලා.
@ ඔබා
ReplyDeleteඒකනේ මචං ජජ් ලා දෙන්නෙක්ම පිච්චු කෙලලා. මාරයා විතරයි ඉතුරු වෙලා ඉන්නේ.
@ ජය ශ්‍රී
ReplyDeleteහොඳ පාඨකයෙක් වගේ. මටත් මතක ඕකම තමයි..
එය මහත හන් දා
ඊට ඉහලින් ළණුව බැන් දා
@ වෙද මහත්තයා
ReplyDeleteඔය ලියන්නේ කවි අගේට
@ ඕනයා
ReplyDeleteඑළිසමය නිකං එළිබැහැලා වගේ. ඔබා කියන එක ඇත්ත. කට ඇරියොත් කුණු හබ්බ.
@ සාතන්
ReplyDeleteමම පුරව ගන්නම් කොළුවෝ. ඒත් ඒ කාළේ නෝ සිප්...
@ දුකා
ReplyDeleteනියම පද දෙක. ඒත් ඉතින් ජජ් කෙනෙක් නේ...
@ රාජ්
ReplyDeleteමරු. එත් ජජ් ලා කැමතිද දන්නේ නෑ...
@ සුද්දි
ReplyDeleteනැගලම යනවා නේද වැඩේ..
@ හිරන්‍ය
ReplyDeleteඅර මක්කටෙයි බන් ඉකි බින්දේ...
@ ගිම්හානී
ReplyDeleteඑය තුනි හින්දා
අමුඩයක් මම යටින් ඇන්දා
@ පොඩි කුමරීහාමී
ReplyDeleteබැහැයි කීවට ඔය ලියලා තියෙන්නේ එළිසමය රැකලා නියමෙටම..
@ නීතා
ReplyDeleteසැකය ඇති හන්දා
බලා සිටු සිඳුවෙනු කුමක්දා
@ මට මතක හැටියට
ReplyDeleteමටනම් ලස්සනම එක මේක. බලමු අනිත් අයගේ අදහසුත්...
@ හරී පිණිපළස
ReplyDeleteඒකනේ බන්. දැනටමත් මට ආතතිය...
@ ඇනෝ
ReplyDeleteනමක් නැති හන්දා
තෑගී දෙන්නේ කොහොම මන්දා
@ ඉන්දික උපශාන්ත
ReplyDeleteපුක ඉරුන හන්දා
මමත් කමිසය උඩින් ඇන්දා
ඇත්තටම මට ඔහොම දෙයක් උනා..
@ අම්බලම
ReplyDeleteසරම කොට හන්දා
සීයා අල්ලලා ගහේ බැන්දා
@ විසිතුරු
ReplyDeleteබිම වැටුණු හන්දා
මූන වගහෙන දුවයි නැන්දා
@ චම්මා
ReplyDeleteඑයත් චොර හින්දා
ජුන්ඩා වන වන ඉමි නිබන්දා
@ සිතුවිලි මණ්ඩිය
ReplyDeleteරනිල් දුටු හන්දා
පැනලා දිව්වත් ගොඩලු උන්දා
@ දිනේෂ්
ReplyDeleteනිකන් යන හින්දා
අම්මා අල්ලන් දෙයිද මන්දා
@ ඉල් මොන්දෝ
ReplyDeleteඅපේ පොඩි එකාට ගේන පත්තර මමම කියවල නිකන් ඉන්නවා.
@ ලකී
ReplyDeleteඋන් බලන හින්දා
යටට ඇන්දොත් හොඳද මන්දා
@ දේවා ගේ අඩවිය
ReplyDeleteගොඩක් දිග හින්දා
දෙකට කපලා මොඩට ඇන්දා
@ සනා 123
ReplyDeleteනඩු දාන හින්දා
විසිකරපු එක අක්කා ඇන්දා
@ ද ලයන්
ReplyDeleteඋඹ සිංහ හින්දා
රිලා පැටීයෙක් වන්නේ ඇයිදා
@ බින්දී
ReplyDeleteමටත් දවසක් නින්ද ගියා. රබර් වත්ත හරියෙදි ඇහැ ඇරුනා. මුකුත් උනේ නෑ වගේ එහෙමම ගිහිල්ලා. කැළණියෙන් ආයෙත් වෙන එකක් නැගල ඇවිත් තොරණ හන්දියෙන් බැස්සා...
ළමා කාලයක් තිබුනා.. තාමත් තියනවා.. වීඩියෝ ගේම් නෑ, කොම්පියුටර් නෑ, ගේම් සෙට් ගන්න සල්ලි නෑ.. ගෙදරක දොරක පත්තරයක්වත් නෑ.. අයියා කෙනෙක්, අක්කා කෙනෙක්, නංගියෙක්, මල්ලියෙක් කවුරුත් නෑ.. අම්මා ත් ගෙදර නෑ.. යාළුවෙක් ලගපාතක ඇත්තෙත් නෑ.. ගෙදර එලියේ තියන සමාජෙට යන්න පුලුවන් උනත් ඒක මට එදා ඉදන්ම පිලිකුල්.. හැදුනෙ ගේ ඇතුලේ.. බිත්ති හතරට කොටු වෙලා.. කියන්න තරම් සුන්දර දේවල් නෑ මට.. තිබුන දේවල් ඉක්මනටම නැති උනා.. සතුට කියන එක එදා ඉදන්ම උරුම නොවුනු කෙනෙක් ආගන්තුකයා.. බ්ලොගය අපූරුයි.. කවි ලියන්න තේරෙන්නෙ නෑ.. ඒත් මට හිතෙන විදියට පේලි 2ක් ගලපන්නම්, දන්නවා මෙච්චර කාලෙකට අහපු පිස්සුම කවි පද ගැලපිල්ලි කියලා.. තාලෙත් වැරදි ඇති..
ReplyDeleteමා වැනි බිළින්දා
කොට කලිසමක් ඇන්දා
හිනා ඇයි නැන්දා
මේක ඇන්දේ පනම් නැති හන්දා
@මාතගන්,ඇත්තම කියන්නම්.මමත් ළමා කළ මිහිර/විජය පාඨකයෙක් තමා.ඒත් ඔය කවිය එකළ මවගෙන් ඇසූවක් මිස පත්තරේ දුටුවක් නොවේ.
ReplyDeleteමට මතක විදියට ඔය කවිය විජය පත්තරේ මෙහෙම තිබුනා..
ReplyDeleteඑතන තිබුනෙ පාරෙ වැරදි පැත්තෙන් යන ළමයෙක්..
මා වැනි බිළින්ඳා
වර වර ළඟට කැන්දා
වමෙන් ගිය හින්දා
රාළහාමි කනෙන් ඇද්දා..
මගේ තේරීම ආගන්තුකයා. හොඳම කවිය. මම ජජෙක් නෙමේ. මේක මගේ අදහස.
ReplyDeleteඔය තියෙන්නේ පද ඕනි පදම්....
ReplyDeleteමගේ මනාපය මාතලන්ට ම දෙනවා. පොර ගේ පිළිතුරු කවි අපූරුයි.
ReplyDeleteඅනිත් හුඟ දෙනෙක් ගේ කවිවල මාත්‍රා ගණන වැරදියි.
පොඩිකුමාරිහාමිත් ඔය එන්නේ කවි පද බැද ගෙන! එයාට දෙන්න වටිනවා most improved novice තෑග්ග.
This comment has been removed by the author.
ReplyDeleteමා වැනි බිළින්දා
ReplyDeleteකොට කලිසමක් ඇන්දා
පනම් නැති හන්දා
හිනා වෙන්නේ ඇයිද නැන්දා
දැන් මාත්‍රා ගාන හරි.. ඒත් තේරුම පැහැදිලි නෑ වගේ.. මම ආගන්තුකයා නෙ..
මා වැනි බිලින්දා
ReplyDeleteකොට කලිසමක් ඇන්දා
මා දිළිඳු හින්දා
ඉහල වසරෙත් එයම ඇන්දා
මා වැනි බිලින්දා
ReplyDeleteවර වර ළඟට කැන්දා
දුක් සැප කුමන්දා
අසන නිරිඳො වෙන කොයින් දා
...
..
හිගමන් යදින හින්දා
ලඟට ගෙන කැන්දා
සාක්කුව පුරව දා
දෙන්න කියුවා අතට නැන්දා
ගොහින් ළඟට උන්දා
පාර්සලය දුන්දා
ඇගෙ ලමැද පාදා
සීයෙ කොලයක් දුන්න නැන්දා
මා වැනි බිලින්දා
ReplyDeleteකොට කලිසමක් ඇන්දා
ඉරිලා නැති හින්දා
අපේ මල්ලිත් එයම ඇන්දා..