.

.

Oct 23, 2011

අයියෝ...!!! - Oh No...!!!



අනේ සුසානෝ බලපන් උන කරුමේ
හිතේ දුකෙන් ඉන්නා මේ වෙලාවේ
දුක නිවනා කූරට මුන් කෙලලාය
සිකැරට් වැඩි කරලා දෙකකින් රුපියල්

ඕන ඕන තැන බෑ ලබනට පහස
වහන් වෙලා අප ලබනා ඒ සැපත
දෙකෙන් නෙමෙයි දහයෙන් වැඩි කරපල්ලා
උඹෙයි මගෙයි රමණය නෑ නවතින්නේ

රජයේ අවවාදය - දුම් බීම සෞඛ්‍යයට අහිතකර වන්නට පුළුවන


50 comments:

  1. ඔන්න මම නම් මේ වැඩි කිරිල්ලට කැමතියි. ඒකෙන්වත් මේ කරදරේ නවතිනව නම්. ඒත් එහෙම වෙන්නෙ නැහැ. අර කිව්ව වගේ බොන එකා බොනවා. අපේ මොකෝ අපේ පෙනහළුද? එත් මාතලන් පරිස්සමින්.

    ReplyDelete
  2. @ වෙද මහත්තයා
    ස්තූතියි අවවාදයට.. සෑහෙන අඩු කරලා තියෙන්න. උපරිම උත්සාය නවත්වන්නයි..

    ReplyDelete
  3. ඇයි දෙයියෝ අපිට මෙහෙම කරන්නේ ? තව වැඩි කරගන්න කොච්චර දේවල් තියේද ? මොකටද ඕකම වැඩි කලේ ?

    ReplyDelete
  4. සිගරට් මිල විතරනෙ වැඩිකරල තියෙන්නෙ . . . ගෙදර ඔතන ඒවායෙ මිලේ අවුලක් නෑ නෙ ????

    ReplyDelete
  5. දැන් ඉතිං ගහපිය බීඩි ........

    ReplyDelete
  6. Marlboro එකකුත් ෆිල් හතලිහකි,
    රුපියල් වලින් බැලුවොත් දොළහට අඩුය...
    හොඳවත් ඕනැ අඩු මිලටත් ඕනැම නම්,
    ඩුබයි රටට දුම් බොන්නට වරෝ වරෝ...

    ReplyDelete
  7. යකෝ ඔය වැඩි කරපු ඒවයින් ලැබෙන ආදායම යොදා ගන්නේ රටේ දියුනුවට
    නැතුව නිව්යෝර්ක් එහම යනකොට රොත්ත බුරුත්ත එක්ක ගිහින් උන්ට ආතල් දෙන්න නෙමෙයි . .
    ඒ නිසා හිත හදා ගනින්

    ReplyDelete
  8. අය්යේ ඔබට දෙන්නෙමි පොඩි අවවාද..
    මගෙ පියා නැතිවුනෙ මේ නිසා නොවෙද..
    කීවට ඇසුවෙ නෑ අප සැම දුන් අවවාද...
    පිලිකා මාරයා සතොසින් ඔහු හා වී හාද ..

    ReplyDelete
  9. මොන හිතකින් වැඩිකරනවද මංදා.........දෙක දහය උනත් බොන එකා බොනවා ......

    ReplyDelete
  10. හුඟාක් ඉස්සර අහපු කවියක පද දෙකක්, ඉතුරු හරිය මතක නැහැ.

    සිගරට් නොබොන්නෝ
    එහි රස නොදන්නෝ

    ReplyDelete
  11. "හොඳ වැඩේ" කීවොත් කවුරුත් තරහා වෙන්නේ නැතිවෙයිනේද?...:D:D:D

    ReplyDelete
  12. මං නම් කැමතියි ගාන වැඩි කරපු එකට

    ReplyDelete
  13. සිගරට් මිල එන්න එන්න වැඩිවෙනකොට මම හිතුවෙ කවදහරි විස්සෙන් උඩට ආපු හැටියෙ නවත්තලදානව කියල.දවසකට හත අටක් බීපු මම අන්තිමඑක බිව්ව ගිය සිකුරාදා. දැං බලමුකො මුං මගෙන් බදු ගන්න හැටි.

    ReplyDelete
  14. @රාජ්,
    අඩේ ටුබැකෝ එක වහයිද දන්නෙ නැ ......

    ReplyDelete
  15. ප්ලෙන්ටියයි සිගරට් එකයි කියන්නේ කාලයක් අපේ ජීවිත වල වෙන් කරන්න බැරි අංගයක් වෙලා තිබුණා. ගල් භාගයක් ගහනකොට බ්‍රිස්ටල් 19ක් බීපු දවසකුත් තිබුණා. කවදාවත් නවත්තන්න බැරිවෙයි කියලා හිතපු සිගරට් නවත්තලා දැනට අවු. 5ට වැඩියි. නවත්තපං මචෝ.. සිගරට් එක්ක මුදා හැරපු පීඩනය ගීතය, චිත්‍රපටි එක්ක බෙදාගමු.

    ඉස්කෝලේ යන දවස්වල නම්
    පළමුව බ්‍රිස්ටල් දෙවනුව පාසල

    ReplyDelete
  16. @පන්සල් හංදිය
    ඒක වස්සවන්න සදරුවගෙ කටට මැහුං දෙකතුනක් දාන්න වෙයි.

    @තිසර
    සිගා නවත්තන්න තියන ලොකුම බාධකේ තමයි අරක්කු.ඒත් ට්‍රයි කලොත් කාට උනත් ඔයා වගේ බැරි වෙන්නෙ නෑ.

    ReplyDelete
  17. අනේ තව ගාන වැඩි කරපන්. අපි බොන්නෙ නැති නිසා අපිට ප්‍රශ්නයක් නෑ කියන්නම බෑ නෙ. බොන අයගෙ දුම අපිට ආශ්වාස වෙනවානෙ.

    ReplyDelete
  18. ආන්ඩුව හොඳ වැඩත් කරනව එහෙනම්!

    ReplyDelete
  19. සිගරට් මිල වැඩි කලාට නම් ගැටලුවක් නැහැ. බියර් මිල වැඩි කලොත් ප්‍රශ්නේ

    ReplyDelete
  20. ඒ කියන්නෙ ආරක්ශක වියදම් වැඩිකරලා (පින්තුරයට අනුව )

    ReplyDelete
  21. අපෝ... මේ වගේ ආණ්ඩුවක්... සිගරට් එකක් බොන්නෙත් අරක්කු ටිකක්, බියර් ටිකක් බොද්දි විතරයි... මුන් ඒකටත් කෙලියනෙ... රත්තරන් කොලේ 2 කින් වුනාට **හිල් කියන එක 3කින් වැඩිකරල බන් අයියෙ... :(

    ReplyDelete
  22. හිටපන්කො අනිත් දවසෙ බොද්දි ගහනව මල්...

    ReplyDelete
  23. @Observer, මෙන්න ඉතිරි පද දෙක

    සිගරට් බොන්නෝ
    පිළිකා සැදී නැසෙන්නෝ

    ඕන තරම් පිල වැඩි කරපුදෙන්.කිසිම ප්‍රශ්නයක් නෑ.

    ReplyDelete
  24. දැන් කීයද එකක්?

    ReplyDelete
  25. දැන් ඉතින් බීඩි තමයි...

    ReplyDelete
  26. @ සඳරූ
    ඒකනේ බන් වෙන මොනව හරි වැඩි කරන්න බැරිද...

    ReplyDelete
  27. @ ඕනයා
    තවම නෑ. ඒක එන්කරේජ් කරන්න වගේ යන්නේ. සිරි ළක දේ සිරි සැප දේ..

    ReplyDelete
  28. @ පන්සල් හංදිය
    ඒක තමයි වෙන්නේ අන්තිමට..

    ReplyDelete
  29. @ සපතේරූ උන්නැහේ
    පොඩියක් ඉවසපන් ළඟදීම එනවා..

    ReplyDelete
  30. @ දුකා
    හානේ ඇත්තෙයි. මන් උන්නා ඇමතිලට ගෙවන්නේ ඒවලින් කියල. පව් අනේ පැන්සන් කාරයෝ..

    ReplyDelete
  31. @ ගිම්හානී
    ස්තූතියි කෙල්ලේ අවවාදෙට
    මැරේ ආයුෂ ඉවර වූ විට

    ReplyDelete
  32. @ ඔබ නොදුටු ලොවක්
    තව වැඩි කරන්න කියපන්කෝ..

    ReplyDelete
  33. @ ඔබා
    කාට කියන්නෙයි...

    ReplyDelete
  34. @ පොඩි කුමාරීහාමී
    මක්කට තරහ වෙනවයි. ආදරේට නේ කියන්නේ..

    ReplyDelete
  35. @ ප්‍රසන්න
    සුරා සූදූවෙන් තොරයි වගේ...

    ReplyDelete
  36. @ රාජ්
    එහෙම කරන්න එපා බන් කී දෙනෙක් ජීවත් වෙනවද...

    ReplyDelete
  37. @ තිසර
    @ තිසර
    එහෙමම කියල එලවන්නේ නෑ මචං ඒ උනාට සමහර වෙලාවට ඕවර් යනවා.. සින්දුවක් බොක්කටම වදින්න නම් ඒත් මලක් එපෑය.. නැතෙයි...

    ReplyDelete
  38. @ නිසූපා
    දැන් එහෙම ප්‍රසිද්දියේ බොන්නේ නෑනේ අනේ...

    ReplyDelete
  39. @ ඉන්දික උපශාන්ත
    නැතුව නැතුව..

    ReplyDelete
  40. @ ඇනෝ
    බියර් එකක නියම රහ එන්නෙත් මේවලින් තමයි...

    ReplyDelete
  41. @ ලොකු ජෝන්
    පින්තූරේ කතා ගොඩයි...

    ReplyDelete
  42. @ සාතන්
    ඇත්තෙයි.. මම රන් පත් පාවිච්චි කොරන්නේ.. රට ගියාම මාල්බරෝ ලයිට්ස්

    ReplyDelete
  43. @ අඹ ගහේ චමිල
    22ක් රුපියල්ම

    ReplyDelete
  44. @ දිනේශ්
    මල් සහ බීඩී.. පොඩි කාළේ වගේ පත්තර කොල ඔතන් බොන්න වෙයිද දන්නෙත් නෑ..

    ReplyDelete
  45. @ මාතලන් සේම් හියර් බං...

    ReplyDelete
  46. @ පොඩි මෑන්
    වොට් ටු ඩූ මචෝ...

    ReplyDelete
  47. අප්පා....22ක් කියන්නෙ ඒ කාලෙ දවල්ට සොසේජස් කෑල්ලකුත් එක්ක බත් එකක් කාපු ගානනෙ. මෙච්චර ජීවන වියදම වැඩි ජපන් රටෙත් ඔයිට වඩා පොඩ්ඩයි වැඩි(රුපියල් වලින්)
    බීඩි ගැසීමට කාලයයි...!

    ReplyDelete
  48. @ චමිල
    සිකැරට් එකටත් මිනී මරණ කාළයක් එයි වගේ

    ReplyDelete
  49. රුපියල් 5ට තිබ්බ මතකයි මට... අනේද බන් චමිලයෝ ඒ කාලේ වේලක් පිරිමහගත්තු සල්ලි...

    ඔක්කොමත් හරි මට දිරවන්නෙ නැත්තෙ සිගරට් බොන්න අරක්කු බොන එව්වො තමා... අරක්කු සුට්ටක් බොද්දි සිගරට් එකක් බොනව වගේ නෙමෙයි... බලන් ඉන්න හිරිකිතයි.

    ReplyDelete
  50. CIGARATE GANA WADI KARAPU EWWANGE AHAWAL EKA HALIYAN....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න