.

.

Oct 31, 2011

නඩු බැලවීම - Re Action


කළ හොඳ පස්සෙන එළවනවා කියන්නේ නිකමට නෙමේය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර ඉන්න කට්ටිය වාරයෙන් දෙකෙන් යන නිසා පිස්සු කෙලින්නට වෙලාවක් නැතිය. එක වාරයක් අවුරුදු හතරක් වගේ නිසා කාලයත් අඩුය. අනික මොකා ආවත් තීරණ ගන්නේ රහස් සංවිධානයකින්ය. ඒවාට විරුද්ධව යන්නට ලොක්කන්ටත් බැරිය. එහෙම වෙන්න ගිය අයට මූනිස්සම් රස බලන්නටද වුනේය. මේවා පාලකයන්ට පමණක් නොව නිළධාරීන්ටද අදාලය.

මෑත කාළයේ සදාම් මහත්තයට ඉස්සෙල්ලම කෙල උනේය. ඊට පස්සේ ටියුනිසියාවෙන් පටන් ගෙන ලිබියාවටම ආවේය. දැන් ලබ්බට තියපු අත සිරියාවටද තියන්නට යන්නේය. අපිට තියෙන්නේ බලන් ඉන්නය. මොලේ තියෙන උන් පැන ගියේය. සම හරක් යටත් උනේය. උන් නම් හරක්ය. පැනල ගියපු ඉඩි අමීන් තාමත් ආතල් එකේ ඉන්නවාය. ගඩාෆි ලොක්කටත් තිබුනේ පැනලා යන්නය. එහෙම ගියානම කැරලිකාරයෝම ආයෙත් ගඩාෆී ඉල්ලනවාය. අපේ ප්‍රේමදාස ඉල්ලනවා වගේය. මැරුනම ඩෝං පටෝං දමා පොලි කිරි දා බත් ද කෑවේය. දැන් මල් මාල දමා පිලිගන්නවාය. ඒ කාළේ නිධන් හාරනා කාගේදෝ පුතාය. දැන් දුප්පතාගේ හිතවතාය.

මෙව්වා මතක් උනේ හිටපු සී ජේ අඬනවා දැකලාය. කවුද මූසලයෝ 75 දෙනෙක් පොරට ගේමක් දෙන්න සෙට් වෙලාය. එව්වා කොහෙද මාත් එක්ක කියා අසනවාය. සුද්දගේ අධිකරණයටත් යන බව කියනවාය. අම්මපා යන්න වෙනවාය. මොකෝ උන්නැහේම මෙහේ අධිකරනය කෑවේය. තවත් කන්න දෙයක් නැත. කොහොමත් සරත්ලාට කාලයත් හොඳ නැතිය. කෝන්ගහටත් කෙලවෙලාම ගියේය. දැන් මොන ගහේද කියා දන්නේ නැතිය. මුන්නැහේ දැන් ටී වී එකෙන් ධර්මය දේශනා කොරනවාය. ඒ කාලේත් ධර්මයෙන්ම් දුන්නේය.

ලෝයර් කෙනෙක් නැතුව ඇවිත් නඩු කතා කොරන්න ගියපු එකෙක් ගේ අඬු කැඩුවේය. නිවන් යවන්නට පෙර ඌ රට පැන ගත්තේය. මෙයාගේ හෙන්චයියෝ නඩු බලවලා නිකන් හිටියේ නැතිය. ක්‍රේප් ද මොකක්ද එකක් කලේය. ඒකට කියන්නේ දූෂණය කියාය. නීතීයේ දෙව් දුවගේත් රෙදි ගැලෙව්වෙය.පාතාලේ උනුත් සාක්කුවේ සිටියේය. වැඩිදුර විස්තර ඕනෙම නම් රාවයේ වික්ටර් ගෙන් අසා ගත හැකිය. අයිවන් නම් මුන්නැහේට අඳුකොල වගේය. බුද්ධිමත් පොරක්ය. බලේ නිසා ලොව සමහරු මුලාවේ රෝගය ගැදුනේය. බුද්ධිය යට ගියේය. මමත්වය ඉහ වහා ගියේය. එපා කියන පොලිටික්ස්ද කෙරුවේය. ජනරාල් ආවේ නැත්නම් ජෙප්පෝ ගේන්න හිටියේ මුන්නැහෙය. අද තනි වෙලාය. ප්‍රෙස් එක නැති ප්‍රෙස් කොන්පරන්ස් තියනවාය. කළ හොඳ පස්සෙන් එනවා කියන්නේ ඕවාටය. ඒ වගත් මෙසේය....

චෞර රැජිනගේ කීකරු බලු කුක්කා              ය
දියවන්නාවේ ලව් කළ පෙම් කුමරා              ය
එල්මෝ පෙරේරා නොමරා මැරුවේ             ය
මහ රැජිනගේ වසරකටත් කෙලියේ               ය

උනා දමා නීතීයේ දෙවගනගේ රෙද්              ද
අධිකරණය බල්ලට දැමුවා නේ                    ද
බලයේ ඉන්න විට කරණා යම යුද්                ධ
අද තනියෙන් බන දෙසමින් විඳිනව               ද

හැත්ත පහ නෙමේ ඔක්කොම එකතු වෙ      ලා
නඩුවක් දමා දඟ ගේ ඇතුලට යව                 ලා
කල පවු විඳින්නට ඉඩ කඩ සලසා                ලා
සැනසෙන් මැති සඳේ නඩුවක් බලවා           ලා

.o0O0o.

24 comments:

  1. මෙ ගැනනම් කතානොකරම බැරිය ! අනෙ මන්දා ......

    ReplyDelete
  2. ඒ පාර මොකක්ද බන් අයියෙ කරගෙන තියෙන්නෙ... නහින දෙහින කාලෙ පිනක් දහමක් කොරගෙන ඉන්නෙ නැතුව පොර වෙන්න ගියානෙ... මට නම් දිරවන්නෙම නැති පොරක්...

    ReplyDelete
  3. සරත් ලට හොඳ යුගයක් නං නෙමේ තමා...

    ReplyDelete
  4. මට මතක් වෙනව ඕයි සරා ගොයිය උසාවියෙ මහ පු‍ටුවෙ වැඩ බාරගත්ත වෙලේ විට්ටර් අයිය රාවෙ මුල් පි‍ටුව ගහපු හැටි . . . පිංතූරෙ උඩු යටිකුරු කරල . . . තනි කලු මුල් පි‍ටුවක් . . . හෙඩිම තමයි මතකෙට එන්නෙ නැත්තෙ . . .උසාවියෙ මලගම වගේ එකක් තිබ්බෙ . . . උඹට මතකද ???
    විට්ටර් අයිය උන්දැගෙ පොතෙත් හෙනම තැනක් දුන්නනෙව සරා ගොයියට . . . හොඳ වෙලාවට පොත ගැහුවට පස්සෙ තමයි සරා පොලීසියට මාට්‍ටු උනේ දියවන්නා බන්ටෙකේ නඩුවක් බලවද්දි . . . .

    ReplyDelete
  5. කියෙව්ව, තව පාරක් කියවන්න ඕනේ!

    ReplyDelete
  6. මටත් ඉතින් වැඩියේ තේරුනේ නෑ... :D

    ReplyDelete
  7. නියමයි! ඕක තමයි කියන්නේ කල කල දේ පල පල දේ කියලා. මේයා වැඩ්ඩ වෙන්න ගියේ නීතිය අතට අරගෙන් පිස්සු කෙලින කාටත් මේවා හොඳ පාඩම්. මතක තියා ගන්න ඕනම කෙනෙක් කල හැම දේම තමන්ගේ පස්සෙන් එනවා කියලා.
    මාතලන්ගේ කවි පංතියේ අන්තිම කවියේ අන්තිම පදයට මම නම් බොක්කෙන්ම ආසයි.

    ReplyDelete
  8. meya gana victor ivan ada kiyanakota ada adana ayata nithya gana kadulu tbune na.....

    ReplyDelete
  9. දියවන්නාවෙ නඩු අහන්න ගිහින් කෙලි පැට්ටෙක් එක්ක හුට පටයක් වෙලා තිබ්බේ....

    ReplyDelete
  10. කල පව් එන්නෙ රියසක විලසින් රෝදෙන් .
    මේ සැම දෙස අනේ මානම් නොබලමි ක්‍රෝධෙන් ..
    හොඳ පිට නොපිට පෙරලෙනවා නේදෝ වේගෙන් ..
    අන්තිම පදය පතනෙමි ඔබ හා සමගින් ...

    ReplyDelete
  11. කල කල දේ පල පල දේ!

    ReplyDelete
  12. @ ලොකු ජෝන්
    කෝ ඉතින් මුකුත් කතා කොරලා නෑනේ...

    ReplyDelete
  13. @ සාතන්
    මටත් එහෙමයි.. සිල්වලා නිසාද දන්නේ නෑනේ...

    ReplyDelete
  14. @ ඔබා
    සහතික ඇත්ත.. මේ ගැන මම කාලේකට කලින් ලිව්වා
    මෙතනින් බලන්න

    ReplyDelete
  15. @ ඕනයා
    මොකෑ බං අමතක මම මේකෙත් දාන්න ගියේ ඒ විදියට පස්සේ හිතුනා ඕන නෑ කියලා. අධියරණයේ අවසානය වගේ හෙඩිමක් ගියේ. කොහොම හරි ඒ අනාවැකිය හරියටම හරි ගියා. මම පළවෙනි සඟරාවේ පටන් රාවය ඇඩික්ටඩ් පොරක්. අවංකවම කියනවනම් රාවය මාව මනුස්සයෙක් කළා

    ReplyDelete
  16. @ බුවා
    පිස්සුද බන්.. හිනාවෙලා හිටහන්..

    ReplyDelete
  17. @ දයල් බතී
    ස්තූතියි.. රසවින්දනම් ඒ ඇති..

    ReplyDelete
  18. @ පොඩි කුමාරිහාමී
    ඔයා "පොඩි" කුමාරීහාමීනේ ඒ නිසා පොඩ්ඩයි තේරෙන්නේ..

    ReplyDelete
  19. @ වෙද මහත්තයා
    බොහොම ස්තූතියි. අගය කිරීමට සහ ..........., ඔබ තුමාට දාපු කොමෙන්ට් එකත් එකතු කරලා මේ පෝස්ට් එක දැම්මා..

    ReplyDelete
  20. @ ඉන්දික දිසානායක
    අයිවන් මහත්තයනම් ඇරියේ නෑ ගේම. එල්මොගේ වැඩෙත් ෆුල් සප් එක දුන්නා.

    ReplyDelete
  21. @ පිස්සා පලාමල්ල
    නඩු අහන්න නෙමෙයි බන් නඩු බලවන්න ගිහින් නෝන්ඩි උනා..

    ReplyDelete
  22. @ ගිම්හානී
    තෑන්ක්ස් කෙල්ලෙ ඔයාටත්.. කවියෙ මුල් පදෙ රෝදෙන් කියන එක පස්සෙන් වෙන්න ඕන නේද...

    ReplyDelete
  23. @ කැන්ඩියන්
    ඇස් පනාපිට. ආනන්තරීය කියන්නේ මෙව්වට තමයි..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න