.

.

Apr 29, 2010

සරත්.. ලට මොකද වුනේ? ....

"හතර දෙනාම සූරයෝ"....

සිරි ලංකාවේ ඉතාමත් ජනප්‍රිය චරිත හතරක්...

හතර දෙනාම සරත්ල...

හතර දෙනාටම මෑත කාලේ එච්චරම හොද නෑ....

ජෙනරාල් සරත් රජකමට සටන් කරල හොට බිම ඇනගෙන යන්තං රාජ සභාවට පත්වුනත්, රජතුමා විසින් නාවික හමුදා පුහුණුව පිනිස මූලස්ථානයටම යොමුකරල තියෙන්නෙ.

CJ සරතුත් සැහෙන කාලෙක පටන් රජකමට සිහින දකිමින් ඉඳල, කාගේ හරි නැට්ටෙ එල්ලිල රජ මැදුරෙ මොකක් හරි නිලයකට පැනගන්න බැලුවත් අද ධර්ම දේශනාවකටවත් හොයාගන්න නෑ.

ජෙනරාල්ට කෙලපු හැට් මතක් කරල අඬල වැලපිල රාජ අනුහස් ලිස්ට් එකෙන් ගොඩ එන්න ගියත්, සරත් කෝන්ගහගේ ටත් කෙලවෙලාම ගියා.

රජතුමාගෙ අනුහසත් මට කිය කියා, කන්ද උඩරට බුද්ධිමත් ජනතාවගෙ (හික්.. හික්.. බුද්ධිමත් කියන කොටම මට හිනා යනව ඕයි.) වැඩිම මනාපයෙන් රාජ සභාවට පත් වූ අහිංසකම අහිංසක මහින්දානන්ද උප ඇමතිතුමාටත් කෙලල (මහින්දානන්ද් තුමා විසින් ජයකෙහෙලිය සහ SB තුමාලන්ටත් "මුක පූට්ටූ" වෙන්නම දෙන ලද්දාහුය.. . . ) උඩරට රාජධානියෙ යුව රජු වෙන්න ගියත්.. අයියගෙ පුතාටත් වඩා අඩු මනාපයෙන්, රාජ සභාවට යන්තමින් ගොඩවූ සරත් අමුණුගම අනිත් කෙනා.

විශේෂ - මෙයාලගෙ නෝනලටත් එච්චරම හොද නෑ, දෙන්නෙක් රාජ සභාවට එන්න හැදුවත් ඒ දෙන්නටත්, බඩුම තමයි.....

අවවාදය - ඔබත් "සරත්" කෙනෙක් නම් ජනාධිපති උපසේන ජෝතිර්වේදී චන්ද්‍රසිරි බන්ඩාර බැහැදැක අවවාද සහ පිලිවෙත් ගැන උපදෙස් ලබාගන්න.

ආදර්ශය - බබාට නම් තැබීමේදී "සරත්" යන නම යෙදීමෙන් වලකින්න.... (මහින්ද, නාමල් වැනි ලස්සන නමක් යොදන්න.)

ඒ වගටත් මෙසේය ........

5 comments:

  1. හැබෑට ඔය නම් පිළිඹඳ විශේෂඥයෙක්ගෙන් අහලා බලන්න වටිනවා ඔය නමේ මොකක් හරි දෝසයක් එහෙම තියෙනවද කියලා

    ReplyDelete
  2. ගන පිහිටවල නම් තියන්න කියන්නෙ නිකන්ද.....

    හික් හික් ........

    ReplyDelete
  3. මේ උපදෙස් ටික නම් මතක තියා ගන්නම ඕන. :D

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න