.

.

Nov 20, 2011

කෙලෙසුවා කන්‍යාවී. - Lady Justice Abused

විනිසුරන් කෙලෙසු, යුක්තියේ දෙවඟන - ඇමරිකාව

කෙලෙසුවා කන්‍යාවී.....
උනා සළුපිළි
නග්න කොට රුව
සුනඛයෙක්
චන්ද්‍රිකාවකින් විත්.
අපචාර රජකරයි
ආසනය මත
පතන යුක්තිය
ඉවත්කර
නෙත වැසූ රෙදිකඩ

කෙලෙසුවා කන්‍යාවී.....
වසා ඇත රහසඟ
දෙනෙත් බැදි රෙදි කඩින්
නොමැත යුක්තිය
දෙවඟනද අසරණය
නිරුවතිනි ඇය

කෙලෙසුවා කන්‍යාවී.....
සුනඛයා පිටව යයි
පව් සමා කර ගනී
උපාසක වෙසක් ගෙන
නිවන ගැන දෙසති බන
ගවරැලට බුදින තණ

කෙලෙසුවා කන්‍යාවී.....
කඩුව ජහ මනයාට
වනති අහුවන අතට
තරාදිය ගල් වලට*
නහවති කරමින මළපහ 
පිදිය යුතු සත් මලින්
යූක්තියේ දේව දුව
මුක්තිය හිමිව ඇති
සුනඛ පෝතක පැටවු

අසරණය කන්‍යාවී....
නිරුවතින් වැළපෙම්න්
අයදීවී දෙවියනට
තමන් ඉන්නා තැනට
කැඳව ගන්නා ලෙසට
මියෙන්නට පෙර
ලබන්නට ජීවිතය.....

- 0 - 

ප්‍රස්තුථය - නීතියේ දෙවඟන දූෂණය කිරීමට සුදානම් වන දකුණු අප්‍රිකානූ ජනපති ජේකොබ් සූමාගේ ළෝ පතල කාටුනය..


* ගල් වල = යකඩ සඳහා පෘතුවියේ ප්‍රසිද්ධ ස්ථානයකි. එකතරා අධිකරණයකට නුදුරින් පිහිටා ඇත..

44 comments:

  1. මේ කවි පංතිය ගැන මගේ අදහස් දෙකක් තියනවා.
    1. ඔබ මේ යුගයට ගැලපෙන නියම විරෝධාකල්ප ගීයක් මේ රචනා කරලා තියන්නේ. ඒ නිසා ඔබ දැන් පක්ෂාඝාතයට පත් වී ඇති මගේ හිතවත් සුනිල් ආරියරත්න මහාචාර්ය්‍ය තුමා වෙනුවට හොඳ ආදේශකයෙක්.
    2. මේ කව අපි ගීයක් කරමු. මේ බ්ලොග් අවකාශයෙන්ම සොයාගමු තනු රචකයෙක්. නියම ගායකයෙක් , ගායිකාවක් අපි මෙය බ්ලොග් අවකාශයේ ගීයක් කරගමු.
    ජය!!

    ReplyDelete
  2. මහ වෙදනගෙ කතාවට මමත් එකඟයි එදා "පවන" ට මරු ආදෙශකයක් මොකද දැන් නන්දා මලනීටත්
    මහරාජා කර්තෘ භාග
    ගෙවලා හන්දා වෙන ගායිකාවකුත් හොයාගන්න වෙයි . මේක කියන්න හොඳ ගායිකාවක් කියලයි මගෙ හැගීම.

    ReplyDelete
  3. සඳු පිටින් සුනඛයා එන්නටත් පෙර සිටම
    නිකැලැල්ව සිටියාද යුක්තියේ දෙව් අඟන?

    ReplyDelete
  4. @ වෙද මහත්තයා
    බොහොම ස්තූතියි. ඕන කෙනෙක් ගත්තට කිසිම තරහක් නෑ. අපි ගැනත් සඳහන් කරලා..

    ReplyDelete
  5. @ ලොකු ජෝන්
    එයාලගේ යුතුකම් ඉටු කොරලා වයසට ගිහින් දැන් නිවන් දකින්න ලෑස්තිය. ඇයි එයාලම ඉල්ලන්නේ. අලුත් ඒවුන් නැතෙයි..

    ReplyDelete
  6. @ ජය ශ්‍රී
    මේ තරම්ම නරක නෑ...

    ReplyDelete
  7. එක්තරා සංගීත ප්‍රසංගයක් අවස්ථාවක සිදු වුන සිදුවීඹක් මට මතක් වුනා. ප්‍රසංගය අවසන් කරන්නට සූදානමින් ජාතික ගීය ගයන්නට මා සංගීත කණ්ඩායමට අවස්ථාව ලබා දුන්නා. පුසංගය නිමකරනවාත් සමගම වේදිකාව දෙසට දුවගෙන ආපු වැනෙන පොරවල් සෙට් එකක් ගේම ඉල්ලනවා ජාතික ගීය ගහන්නැතුව ප්‍රසංගය ඉවර කරනවා කියලා. පස්සේ තේරැම් කරලා දුන්නා සිද්ධිය. සෙට් එක ජාතික ගීයටත් අම්බානක නටලා.

    කවිය නම් ඉතාමත් හොදයි. නීතයේ දෙව් දුවටත් එහෙම වුනානම් අපි ගැන කවර කතාද? ඒත් අන්තිම පේළි කිහිපය පිළිබද මට ගැටළු කිහිපයක් තියෙනවා. නිර්මාණාත්මක පැත්ත ගැන නෙවෙයි.

    කැඳව ගන්නා ලෙසට
    මියෙන්නට පෙර
    ලබන්නට ජීවිතය.....

    නීතියේ ආධිපත්‍යයෙන් රක බලාගන්නට සිටි ජනතාව අතහැර දමා ඇය විතරක් ජීවිතය වෙනුවෙන් දෙව් ලොව යෑම සාධාරණද?

    නිරුවතින් වැළපෙම්න්
    අයදීවී දෙවියනට

    ඇය දූෂණය කරන තුරැම බලා සිටි දෙවියන්ගෙන් තවත් මොන උදව්වක්ද?

    අසරණය කන්‍යාවි....

    දෙවියන් වෙනුවෙන් පෙනී හිටින දෙවියෙකුට එහා ගිය දෙවියන් වෙනුවෙනුත් මනුෂ්‍යයන් වෙනුවෙනුත් එකසේ පෙනී සිටිය යුතු කෙනෙක් අප සොයු ගත යුතුය.

    ReplyDelete
  8. @ තිසර
    මේක තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතු කාළයක්. එයාව ආරක්ෂා කරන්න ඉන්න අයත් රක්ෂා වෙන්නේ අනිත් අයගෙන් නම්. කොහෙද ඇයට ආරක්ෂාවක්.

    ReplyDelete
  9. පොන්සේක ආව නම් නීතියේ දෙවඟන ස්ටූ කරගෙන කාල මෙලහකට

    ReplyDelete
  10. @ ඇනෝ
    ඇත්තක් නැත්තෙමත් නෑ. මාතලන් ඉන්නේ ජනරාළ දේශපාලනයට සුදුසු නෑ කියන ස්ථාවරයේ. නමුත් අවම වශයෙන් නිවාස අඩස්සියේ වත් තියන්න ඕන. මම ජාතිවදියෙක් නොවුනත්. සිංහලයන්ට කරන නිගාවක්.

    ReplyDelete
  11. @ මාතලන් ඔයා ඇනෝ ට දීපි පිලිතුර මම ඔයාගෙන් බලාපොරොත්තු උනු එකක් . මගෙ හිතෙ තිබුනෙ සැකයක් මාතලන් ජනරාල්ගෙ අන්තවාදී සහායකයෙක්ද කියලා. ඇත්තටම මම අදත් සාපකරනවා ජනරාල්ව ඔය තත්වෙට ඇදලා දාපු එවුන්ට. එහෙම කලෙ නැත්නම් අදත් ඒ මනුස්සයාගෙන් එදා වගෙම රටට සෙවයක් ගන්න තිබුනා.

    ReplyDelete
  12. @ ලොකු ජෝන්
    ඔය පක්ෂවලට කළින් එයාව පිම්බුවේ ආන්ඩුවේ රූපවාහිනී වලින්. අනුන්ට බැනලා වැඩක් නෑ පොරත් වගකියන්න ඕන. එයා හොඳ සොල්දාදුවෙක්, නමුත් දේශපාලනයට නුසුදුසු බව එයාම ඔප්පු කළා. නමුත් එයා ඔතන තියන එක ගැන රටක් වශයෙන් අපි ලැජ්ජාවට පත් වෙන්න ඕන. අඩුම ගානේ අර ඉස්සර තිබ්බා වගේ නාවික හමුදා මූලස්ථානයේව්ත් තියනවනම්. ලොක්කගේ ජනප්‍රියතාවය තවත් වැඩි වෙයි.

    ReplyDelete
  13. 'වැඩිහිටියන්ට පනමයි' එකක් කියල හිතාගෙන බලන්න ආවෙ.

    ReplyDelete
  14. @ ඔබා
    හෙහ්... හෙහ්.... බැලුවාම මූට පිස්සු කියල හිතෙන්න ඇති. ඒකට තියෙන්නේ පොඩි මෑන්ගේ ලට්ට ලොට්ට. ඔන්න අදත් මරු එකක් දාලා.

    ReplyDelete
  15. මම ජෙනරාල් වදියෙක් වත් මහින්ද වදියෙක්වත් නෙමේ . . . ඒත් මම ඉන්නෙ ලංකාවෙ නායකත්වයට ජෙනරාල් සුදුසු නෑ කියන මතේ. ඒත් හිතට තියන අවුල මීයෙක් දඩයං කරපු පූසෙක් වගේ මෙයාල ජෙනරාල්ට දෙන වදේට . . . .

    ප.ලි.
    මට චන්දෙට කලිංම ජෙනරාල්ව එපා කෙරෙවුව බං ජෙනරාල්ගෙ ප්‍රයිවෙට් සෙකට්‍රිගෙ හාමිනේ . . . උන්දැ එක සෙට් වීමකදි කිවුව හෙන විස්තර වගයක් කට්ටිය වටකරං . . . . මමත් ගොනා සහ තනකොල සේ අහගෙන ඉඳල ආව . . උන්දැ දන්නෙ නෑ ඒ කියපු "හෙන" චරිත කොයි තරං දුරට පුද්ගලිකවම මම අඳුනනවද කියල . . මට කියන්න උවමනාවකුත් තිබ්බෙ නෑ . . .හැබැයි ඒ කතාවෙං පස්සෙ මම ජෙනරාල්ට ඡන්දෙ දෙන අදහස අතෑරියා . . .

    ප.ප.ලි.
    ඔය ගල් වල කීවෙ . . . අර ලෝක ප්‍රසිද්ද උසාවියට ටිකක් පහලිං විතර තියන හාඩ්වෙයා බසාර් එකද ???

    ReplyDelete
  16. @ ඕනයා
    මගෙත් මැන්ගෝ ෆ්‍රෙන්තෝ ජනරාළගේ හොඳම ගෝලයෝ. සමහර් උන් අත් අඩංගුවටත් පත් උනා. ඒ නිසා පොර ගැන මාත් හොඳටම දන්නවා. හ්ම් හ්ම් ඒ වල තමයි...

    ReplyDelete
  17. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  18. @ පොකු
    ඔහේ එතකොට ප්‍රවීනා පලිපානත් නෙමෙයිද. ගූගල්+ වලද කොහෙද මම දැක්කා...

    ReplyDelete
  19. mekath balandako.
    http://youtu.be/tWz367iJeq0

    ReplyDelete
  20. @ ඇනෝ
    මේ නන්දා මාලනිගේ සින්දුවද. මොකෝ මගේ සවුන්ඩ් කාඩ් එක අප්සෙට්. වෙන තැනකින් බලන්නම්..

    ReplyDelete
  21. matath me gana hituna mama cartoon akak anda balanna......
    http://www.newsfirst.lk/sinhala-news/Uploads/Cartoons/jxhGqWqh.jpg

    ReplyDelete
  22. මම ප්‍රවීනා පලිපාන තමා. මම කීවේ තවත් එක්කෙනෙක් ආවොත් ඒ මම නෙමේ කියලා. මම ඔයාව ඇඩ් කරගත්තා අනේ. ඒත් ඔයාගේ මූන පේන්නේ නෑ.:D

    ReplyDelete
  23. @ indika dissanayake
    Great, But for me.. I still have hopes.. That she will recover.. sooner or later..

    ReplyDelete
  24. @ පොකු
    මූන බලන්න දෙයක් නෑ. දැක්කොත් බොග බලන්නෙත් නෑ.. හෙහ් හෙහ්...

    ReplyDelete
  25. නියම කවි ටික..

    ReplyDelete
  26. @ පොඩි මෑන්
    අපි උඹ වගෙ වල් නෑ... හෙහ් හෙහ්...

    ReplyDelete
  27. @ දිනේෂ්
    තෑන්ක්ස් දිනේෂ්....

    ReplyDelete
  28. කාලීන මාතෟකාවකට වගේ ලියල තියෙන්නෙ. සහතික ඇත්ත යාලුවා කියලා තියෙන කතාව..තරු 5යි..

    ReplyDelete
  29. @ සීතල අයියා
    තරු පෙනෙයි.. හෙහ් හෙහ්...

    ReplyDelete
  30. අන්න බ්ලොග් අවකාශයේ සද්ගුණවත් සුද්ධවන්තයා ගේ පාට් එක රඟ පෑ දුකා නැමැති මෝඩ ආතල් කරුවා ඇනෝ කමෙන්ට් වහලා.කවුරු හරි එකෙක් උගේ ස්වයං වින්දනයට එරෙහිව නියමෙට ටෝක දුන්න ගමන් ඇනෝලටත් දොස් කියාගෙන සද්ද නැතිවම ඇනෝ කමෙන්ට් වහලා.
    පොන්සේකට දෙන්න ගිහින් ඒකට නියම ක්‍රමයට උත්තර ලැබෙද්දි ඇනෝගේ නම ගම අහලා මෝඩ පාට් දාලා සද්ගුණවත් දුකා ගොයියා ඇනෝ කමෙන්ට් වහලා.

    කුජීතයි.අජූවයි.අප්‍රසන්නයි නේද?

    ReplyDelete
  31. @ ඇනෝ
    මෙහෙමයි. ගොඩක් වෙලාවට කුණුහරුපත් ලියනවනේ. මගේ අදහස බ්ලොග් එක ඉදිරිපත් කරන කෙනා ලියන ආකාරයට සමානව කොමෙන්ට් කරනවනම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. අනික ඇනෝ කෙනෙක් විදියට ලියන්න අවශ්‍ය නෑනේ. අනන්‍යතාවයක් ඇතුව ඉදිරිපත් කරනවනම් තමා වටින්නේ. අනික බ්ලොග් කියන්නෙ. ඉදිරිපත් කරන ගෙනාගේ රුචි අරුචි කම් අනුව අදහස් පළවෙන තැනක්. අයිති කරුට ඕන දෙයක් කරන්න පුළුවන්. කොමෙන්ට් කරන කොට ඒක වැදගත් විදියට කරනවනම් ඔය එක ප්‍රශ්නයක්වත් නෑ..

    ReplyDelete
  32. @මාතලන්:
    එහෙනං උඹ දන්නව ඇතිනෙ . . අර එංගලන්තෙ උපං උන්දැ . . . කයිරොන් එකක්ද කොහෙද තියෙන්නෙ . . .එංගලන්තෙ උපං නිසා උන්දැව අත් අඩංගුවට ගන්න බැරි උනා කියල හෙන විස්තරයක් කිවුව . . . .

    @ඇනෝ:
    ලිඳ මගේ නං . . . මම ලිඳේනං . . . කාටවත් මොකෑ ?????

    අනික ඔයා එතන දාල තියනකොමෙන්ට් එකම බලන්නකො . . .

    ReplyDelete
  33. @ ඕනයා
    මොකක්ද බන් ඒ. උදේ පාන්දර. හොල්මන්ද පොල් කොල..

    ReplyDelete
  34. ඉහ මොල රත්වෙනවා මෙව්වා තේරුම් ගන්න ගියාම... ඒ වුනාට තේරුම දිහා බලද්දි හිනාත් යනවා... මරු අයියේ එල...

    ReplyDelete
  35. කියෙව්ව,
    ඔබේ කවිය නැවත කීප වාරයක් කියවිය යුතුයි

    ReplyDelete
  36. @ ප්‍රසන්න86කේ
    එළ නම් එච්චරයි

    ReplyDelete
  37. @ දයල් බතී
    මෙව්ව ලියපු අය නිහඬ කොට. අපිවත් පුලුවන් විදියකට ලියන්න එපාය..

    ReplyDelete
  38. ඔය නීතියේ දෙවඟන දූෂණය වෙලා තියන වාර ගාන ගණන් කෙරුවොත් ලංකාවේ ඉන්න නොම්මර එකේ වෛශ්‍යාවත් පරාදයි. ඒ නිසා එච්චරම පුදුම වෙන්න කාරනාවක් නෙවෙයි.

    ඕනයා / මාතලන් ..... හමුදා ඇඳුම් ඇඳගත් අය දේශපාලනයට එනවා කියන්නේ එක්තරා විධියක හමුදාකරණය වීමක් තමයි. කැලේ මාරු උනාට පුල්ලි වෙනස් වෙන්නෑලු නේ. ඒ උනත් ජනරාල් හිර කරන් ඉන්නවා කියන්නේ රබර් බෝලයක් වතුර යට තියාගෙන ඉන්නවා වගේ එකක්.

    ReplyDelete
  39. @ කැන්ඩියන්
    ඒකම තමයි මාත් නොකියා කියන්නේ.

    ReplyDelete
  40. මම උඹට බුකි මැසේජ් එකක් දාන්නං

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න