කෙරුවලු කෝල් වෙන දා සෙනසුරු මා රූ
ෆෝන් රිඟින් නෝ ආන්සර් ඇමති හො රූ
අපි පන බයයි ලොක්කට අපේ බොහෝ ග රූ
ඒ වගේද සෙනසුරුලගෙ ග්‍රහ මා රූ
ජනවාරියේ ශෆල් එකක් තියෙනව ලූ
කරුපු දෙයක් මතකෙට නගපන් යා ලූ
පච කෙල කෙල ජෝක්ස් දදා සිටියා ලූ
එව්වට මේ සැරේ සලකන්නේ නෑ ලූ
පායයි හිරූ ආවොත් කිව්වාය ක රූ
ඒ උනාට පැයුවෙ නම් නැහැනෙ හි රූ
දනින් වැටි හිමිවරු ළඟ නගයි චු රූ
නෑ වාගෙයි කරූට සෙනසුරු මා රූ
නිව්ස් බාගයක් වෙන්කරලා සිර ස
පෙරට ගන්න වලි කයි පොඩි පෙම් දා ස
මීටිමකට දහයක් වත් නැති දව ස
මළ එක හොඳයි නොම දැක ලොකු පෙම් දා ස
උපන්දා පටන් දුකමයි මැරෙන තු රු
මහ මග සැරිසරති බලපන් බට පතු රු
සමාවෙලා කියපන් කපු මහත්තු රූ
ජහ මනයාට කවදැයි සෙනසුරු මා රූ
රජ යෝගයෙන් ගැන්නත් කූඩුවෙ කූ රූ
ජනපති සමාවක් වත් දුන්නොතින් ම රූ
කට හොඳ නැතත් කොටියට පෙන්නුවා ත රූ
පෙරමග බලමි යලි ඔබ පැමිනෙනා තු රූ
.oO00Oo.
නොවැම්බර් 18 කියන්නේ වැදගත් දවසක්...
ReplyDeleteමට නම් සෙනසුරු මාරුව හොඳලු. මංගල යෝගෙකුත් (එකයි:( ) තියනවා කියලා අත්තම්මා කීවේ...:D
ReplyDelete@ පිස්ස පලාමල්ල
ReplyDeleteමගේ පරම පැතුම එයයි..
@ පොකූ
ReplyDeleteහප්පේ ළොකුම ළොකු දෙයක්. කනක් ඇහිලා ඉන්න ඇහක් වෙයි....
100%, මම බ්ලොග් අවකාශයේ දැකපු හොඳම කවි පංතියක්. ඔබ නම් නියම කවියෙක්. හරිම ලස්සනයි. මේක කියවන විට එන්නේ සුන්දර හැඟීමක්. මේකම ගද්‍යයෙන් ලිව්වනම් කියවද්දී එන්නේ මරාගෙන මැරෙන හැඟීමක් වෙයි නේද? කවියට කල හැකි දේ?
ReplyDeleteබොහෝම බලගතු කතරගම දෙයියන්ටත් හෙනහුරා බටකොළ කැව්වලු. මොකා මාරැ වුනත් අපේ අත හෙළව්වොත් විතරයි අපේ කට හෙල්ලෙන්නෙ. ඒ නිසා හෙනහුරා උගේ වැඩ. අපි අපේ වැඩ. දැන් ගොඩක් දෙන බලන් ඉන්නවා සෙනසුරැගේ සපෝට් එකෙන් බලේ ගන්න. ජනතාව වෙනුවෙන් මුකුත් නොකර. අන්තිමට සෙනසුරා කෙසේ වෙතත් මුන් ටික නීච වෙනවා.
ReplyDeleteලංකාවේ විපක්ෂ දේශපාලනයක් ඉතිරිවෙලා තියෙනවනම් ඒ ජෙනරල් උන්නැගේගේ තත්පර දහයේ දේශපාලනය විතරයි කියලා බ්ලොග් එකක තිබුණා මතකයි. සමහර දේ එක්ක එකග නොවුනත් කොන්දක් තියාගෙන වැඩ කරන ජෙනරල්ට ජනපති සමාවක් අවශ්‍ය නෑ කියලයි මගේ හැගීම. අර්නස්ට් හෙමිංවේ ගේ "මහල්ලා සහ මුහුද" හැමදාම වගේ මතක් කරනවා. මිනිහෙක් විනාශ කරන්න පුළුවන්. හැබැයි පරාජය කරන්න බැහැ.
නියම කවි පන්තියක්. එලිසමය කෙලින් ගන්ට කොච්චර අමාරුද බ්ලොග් එකක් ලියද්දි. උඔ නං හැබෑ බ්ලොග් කාරයෙක්.
ReplyDelete.
ReplyDeleteඅපිනම් නොදනී ජනයගේ සෙනසුරු මාරු
මැති සබෙ ඉතින් හැමදාමත් පුටු මාරු
ලෝක විනාසෙත් එනවලු ලඟ ලඟ නුදුරු
අපි යමු අය්යේ කඩනට සිරගෙයි කූරු
නොපෙනෙනා රජකමක් පෙන්වා සිංහයෙකු ට
ReplyDeleteඅවුලවමින් රජවරු සෙනෙවිවරු පෙර දවසක ට
රජකම ගන්න කෙල හල හල උන් හිවලුන් ට
පැන්න හෙනහුරා බෙදා ජෙප්පන් දෙපැත්ත ට
හී හී...මටත් සෙනසුරු මාරුව හොදයිලු.අනේ කවුද ඕවා දන්නේ...:))))
ReplyDelete@ වෙද මහත්තයා
ReplyDeleteබොහොම ස්තූතියි. දැන් ඔබ තුමා මගේ සදාකාලික රසිකයනේ.. මම අවංකව අද දුක් වෙනවා. කළා විෂය ඉගෙන නොගත් එකට.
@ තිසර
ReplyDeleteඋඹ හා 100% එකඟයි.. මූ නම් නියම සිංහයෙක්..
@ බුද්ධි
ReplyDeleteමොහොම ස්තූතියි බුද්ධී. මේව මෙහෙම ලියවෙන්නේ හොඳ වගේම වැරදිත් පෙන්නලා දෙන කශූ, දුකා, සිංහභාහූ වගේ උන් නිසා
@ ගිම්හානී
ReplyDeleteඋඹ වගෙ කෙල්ලො මේ ලක්දිව සිටින තුරූ
සත්තයි දිනක සැමටම පායාවී හිරූ
@ ලොකු ජෝන්
ReplyDeleteඅමතක උනා ජෙප්පෝ ගැන ලියන්නට
මාරුවටත් කලින් සෙනසුරු ආවේ උන්ට
ඊයෙත් මරන් නොමිලේ දුන් නිවසකට
දෙවියෝ එයිද යක්කුන් පිරි දෙවොලකට
@ නිසූපා
ReplyDeleteඅපිටනම් සිකුරු ආවත් ඔච්චරයි...
කයිය කියෙව්වෝ...!!!
ReplyDeleteහොඳයි කිව්වෝ.....!!!
මාතලන් මල්ලියේ, මගෙනුත් සීපදයක් ..
ReplyDeleteමහ පස්සෙක එකෙක් ඇත විලසින් පොන් නා
ශනි ලැබුමට ඉඩක් නැත උපතින් එය ලැබූ නා
නැත අහො විපස්සය, මහරජු මරු කෙලි නා
මකාබපියන් දෙන්නම, ශනි සකි සදු නා
මේ වගටත් එසේම,
ඇනා
සෙනසුරු ලබා ඇත රණවිරු මැතිදු හ ට
ReplyDeleteතෙවසක් ලබා ඇත හිර ගෙයි බත් කන් ට
නීතිය විහිළුවක් කල රජු හා විනිසුරු කැල ට
පු.. අරිනු මැන සෙනසුරු වී නොපසුබ ට
මාතලන්ට සහ කොමෙන්ට් කල සියලු දෙනාට රිදුනු සිතින් වුවද ස්තුති කරමි.මගේ සිත නම් අද මල ගෙයකි.
ReplyDeleteසෙන්පති සිරගෙට - කොටියෝ රජ ගෙට
ReplyDeleteසෙනසුරු නෙවෙයි ගොඩක් දේවල් මාරු වෙලා
@තිසර සෙනසුරා බට කොළ කැව්වේ විෂ්ණුට
කයියකිංම කොමෙන්ට් කෑල්ලක් ගහන්න්න හිතුනත් . . . පස්සෙ හිතුන මගෙ කයි කෑලිදාල මොකටද උඹේ කයි පංතිය කන්නෙ කියල . . .
ReplyDeleteඑල කයි ටික . .. .
බලාන යද්දි මාතලං "කයි පද බඳින්න" උපං හපනෙක් නොවැ . . . .
ලංකාවේ නීති පද්ධතිය දැන් තනිකරම මැජික් බලය ලැබුණු පිස්සෙකු ගේ තත්වයට වැටී ඇත...
ReplyDeleteමක් කොරන්නද අපි බොහෝම කුඩාම මිනිසුන්.
ReplyDeleteඔය දුන්නේ රාජ යෝගේ.
ReplyDeleteජෙන්රාල් ආවනම් රටේ නීතියට මෙහෙම වෙන්නෙ නෑ කියල හිතෙනවා.
ReplyDeleteමහ තැන් වලින් කරන වැරදි විතරක් නෙමෙයි.....
මිනිස්සු පාරෙ තොටේ කරන වැරදි උනත් නවතින්න තිබුන....
අපේ රටේ මිනිස්සු කරන වරදි වලට ඕනෙ හමුදා පාලනයක්ම තමයි.....
බලාගෙන ගියාම හෙනහුරා මාරු වෙලා පාත් වෙන්නේ ජහමනයාටමනෙ. ජහමනයාට කොයින්ද 'රත්තරන් බෝල' මිරිකන්න!
ReplyDeleteඕනයා...මාතලං "කයි පද බඳින්න" විතරක් නෙවේ හපනා..."කයි පද කරේ තියාගෙන යන්නත්" හපනෙක් වගේ.
ජහමනයාට කොයින්ද 'රත්තරන් බෝල' මිරිකන්න!
ReplyDeleteදැන් ඉතින් ...... දෙක මිරිකගෙන තමයි සෙනසුරු මාරු ඇරගන්න තියෙන්නෙ
@ ඔබා
ReplyDeleteඕකට ඉතින් කෑ ගහන්න ඕනය...
@ ඇනෝ
ReplyDeleteඋඹේ වෙදනාව මට තේරෙනවා. එ උඹ මනුස්සයෙක් නිසා. මට දුක සරත් ෆොන්සේකාටත් වඩා අනෝමා ෆොන්සේකා ගැන. නමුත් නියම ගැහැනියක්, එක්නැලිගොඩ නෝනා වගේ.
@ ජය ශ්‍රී
ReplyDeleteඅබුද්දස්ස කාළේ ලබුත් තිත්තයිලූ රාලේ...
@ ඕනයා
ReplyDeleteබොහොම ස්තූතියි කයි පසනවට
සොරි සොරි කයි පසසනවට..
@ වෙද මහත්තයා
ReplyDeleteඅපි මුක්කුද. අලිත් කර අඹපු කොට..
@ සුජීව කොහුවල
ReplyDeleteඉඳා කාලා වරෙන්.. ඉතිරි කොටස ලබන සතියේ..
@ අසේල
ReplyDeleteජෙනරාල ආව නම් කොරන ඒවා තමයි ලොක්කත් කරන්නේ. නමුත් අර සිරිමාවොන්ට කලා වගේ ප්‍රජා අයිතිය අහිමි කරලා මේ වීරයා එළියේ තිබ්බනම් ඉවරනේ. අඩි ගානේ නිවාස අඩස්සියේ..
@ කැන්ඩියන්
ReplyDeleteදෙවියන් වහන්සේ දීපූ බෝලේ මිරක මිරික ඉමූ. බලාගෙන කේන්ති යන වෙලාවට මිරිකන්නේ. ගොඩා.........ක් සිදෙයි..
කයි පටේ දාගන්න වෙලා තියෙන්නේ..
@ බුවා
ReplyDeleteඔය කියල තියෙන්නේ නියමෙටම...