.

.

Oct 9, 2012

පට්ට සිනමා විචාර - Funny Film Critics



සඳ ලංකාවේ, පිස්සු හැදෙන සඳ සිනමා ශාලාවේ, අති සාර්ථක ලෙස බොක්ස් ඔෆීස් වාර්ථා තැබු, "ද ඇටෑක් ඔන් ද හොටෙල් කොරිඩෝ" ක්‍රියාදාම චිත්‍රපටයෙන් පසු, දැන් තිරගතවනුයේ සම්භාව්‍ය ගනයේ චිත්‍රපටයක් වන. "අයි ප්ලෑන් ද ඇටෑක්" නම් චිත්‍රපටයයි. මෙහි නිෂ්පාදනය බටහිර තානාපති කාර්යාලයකින් වන අතර, සම අධ්‍යක්ෂණය බට් හිර් කුමණ්ත්‍රන් නම් සුප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරායා යටතේ දේෂ් ද්‍රෝහි නම් අධ්‍යක්ෂකවරයා විසිනි. රැගුම් පාලක මණ්ඩලයේ ඇනුමැතිය ඇතිව තිරගත වූවක් වූවද, ප්‍රදර්ෂනයට පෙර නැවත සංස්කරණයකට ලක් කොට ඇති බව පෙනේ.

කේසේ වූවද, "ඕල්වේස් රනර්ස් අප්" චිත්‍රපටය තිරගත වූ දිනයෙම, ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය, සමාජයේ කතා බහට හා විචාරකයින්ගේ විචාරයට හසුවී තිබේ. ප්‍රධාන චරිතය, සැබෑ ලෝකයේ රඟපාන ජනතාව, චිත්‍රපටයේ පෝස්ටර් ප්‍රචාරය කරමින්, එහි ඇතුලත් නොවන දර්ශන පවා (මිනී පෙට්ටි හා මල් වඩම්) රඟ දක්වමින් කරන්නාවූ, ප්‍රචාරක කටයුතු සිනමාවට කරන්නාවූ අකටයුත්තක්ම බව පෙන්වා දීය යුතුමය. එමගින් ඔවුන් රටේ බුද්ධිමත් ජනතාවගේ අයිතිවාසිකම් එක එල්ලේම උල්ලංගනය කරන්නේය.

අනෙක් චිත්‍රපටවල මෙන් නොව, මෙහි කතාව සිකුරාදා පුවත් පත්වල පලකිරීම චිත්‍රපටයේ කතාවේ කුතුහලය අඩු කරන්නකි. සම අධ්‍යක්ෂකවරයාගේ එම ප්‍රයත්නය නින්දා සහගතය. එයින් සිඳුවූයේ ච්ත්‍රපටයේ කතාව ප්‍රේක්ෂකයින් කලින්ම දැන ගැනීමයි. අනෙක සම්භාව්‍ය ගනයේ චිත්‍රපටයක් වූවද මෙහි ප්‍රධාන නලුවාගේ රඟපෑම් තාත්වික මට්ටමක නොපවති. මන්ද ශරීර ආරක්ෂකයින් සපයා තිබියදීම, බිරිඳ හා දරුවා සමග ආරක්ෂකයින් නොමැතිව ගමන් කිරීම, තම දරුවාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා මණ්ඩපයේ රැදී නොසිට ඉල්ලාගෙන කෑමට පැමිණීම, ප්‍රේක්ෂකයා සිනහ ගන්වන කාරණයකි.

සටන් ජවනිකාද අසාර්ථකය. පිස්තෝලයක් රැගෙන පැමිනෙන තැනැත්තා, එයින් කරන්නාවූ කාර්ය නොදැන සිටීම එම නලුවාගේ හා සහාය අධ්‍යක්ෂකවරයාගේ නොදැනුවත් කම ප්‍රකට කරයි. මෙහිදි කළා අධ්‍යක්ෂකද අසාර්ථක බව පෙනේ. රූගත කිරීමේදී සුදුසු ස්ථානයක් තෝරා නොගැනීම, සටන් ජවනිකා මැදට, රූපගතකිරීම් නරඹන පිරිස් කඩා වැදීම මෙන්ම ප්‍රධාන චරිතයේ දුරකථනය පවා ඉතා අඩු වටිනාකමකින් යුත් දුරකථනයක් භාවිතා කිරීම ආදි කටයුතු සංස්කරනයෙන්ද ඉවත් නොවීම චිත්‍රපටයේ රසාස්වාදයට බාධා පමුණුවයි.

තවත් පිලිගත නොහැකි කාරණයක් නම්, පොලිසීය මගින් ප්‍රධාන නළුවා රෝහල වෙත රැගෙන යාමයි. තද බල මැර ප්‍රහාරයක් බව, ප්‍රේක්ෂකයාට ඒත්තු ගන්වන්නට තැත් කලද, වේෂ නිරූපන ශිල්පියාගේ නොපැමිනීම හෝ වේශ නිරූපන ශිල්පියෙක් නොමැතීවීම ප්‍රේක්ෂකයාගේ කුතුහලයක් බවට පත් කිරීමට ගන්නා උත්සාහය අසාර්ථක වන්නේ ඊළඟ ජවනිකාවේ ප්‍රධාන නළුවා මෙළෝ රහක් නැතුව ගෙදර යන්නා වූ බැවිනි. මෙවන් චිත්‍රපටවල ගරු රඟපෑම් ඉතිරිපත් කරන්නාවූ. දොස්තර බවලත් බලවර්ධන, ආවොත් කරූ, පච භාහූ, ජන රාල යන අයගේ රඟපෑම් ඉතා උසස් මට්ටමක තිබුනු බව කිව යුතුය. නවක නලුවකු වන අම්පාරේ දයාගේ චරිතය සුළු චරිතයක් වුවද ඔහුගේ දෙබස් චිත්‍රපටයට ආළෝකයකි.

කෙසේ වූවද, සමස්තයක් ලෙස ගත් කල මේය අසාර්ථක නිර්මානයක් බව කිව යුතුමය. නිෂ්පාදකයන්ගේ පරමාර්තය ඉටු කිරීමට නොහැකිවූ අධ්‍යක්ෂකවරුන්, තිර රචකයා, සටන් අධ්‍යක්ෂකවරයා, කළා අධ්‍යක්ෂකවරයා, ස්ට්න්ට් මාස්ටර්ස්, සටන් නළුවන්, ප්‍රධාන නලුවා, ගීත, ප්‍රචාරක කටයුතු යන සියල්ලම අසමත් මෑතකදි තිරගතවූ කතාවක් නොමැති, ප්‍රේක්ෂකයා අතරමං කරන ඔවුන්ගේ අපේක්ෂාවන් සුනු විසුනු කරන, බොළඳ නිර්මානයක් බව නොකියා සිටිය නොහැක. මෙවන් චිත්‍රපට සඳහා අනුමැතිය ලබා දෙන රැඟුම් පාලක මණ්ඩලය. අධ්‍යක්ෂකවරුන් මීට වඩා දැණුවත් කිරීමේ පාඨමාළාවක් ආරම්බ කළ යුතු කාළය පැමින ඇත. චිත්‍රපට නිෂ්පාදනය ආරම්බ කිරීමට පෙර තිර පිටපත සඳහා, අනුමැතියක් ලබා ගැනීමේ වැඩ පිලිවෙලක් දැන්වත් ආරම්බ කළ යුතුය.

සම්මානලාභී චිත්‍රපට විචාරක
ෆිල්ම් ක්‍රිටික්ස් සම්මාන ලාභී බිමල් ධීරවංශ


79 comments:

  1. මට හිතා ගන්න බැහැ ගැහුවේ ලෙමන් පෆ් වංශගේ කතා වටද? එහෙම නැත්නම් මේ සිදුවීමටද කියලා

    ReplyDelete
    Replies
    1. පස්සෙ කොප්මෙන්ට් එකට උත්තරේ ලැබුනනේ..

      Delete
  2. මරු පික්චැර් එකක් නෙවැ ..කොහෙද ඕක පෙන්නන්නේ හැබැටම ..

    ReplyDelete
    Replies
    1. දැන් පෙන්වනවා දිවයින පුරා සිනමා ශාලාවල

      Delete
  3. සුපිරි ක්‍රියාදාම චිත්තරපටයක්නේ. දැන්නං බලන්ටමයි හිත.

    ReplyDelete
  4. කතාව පැහැදිලියි. හැබැයි මෙලෝ මළදානයක් මට තේරුනේ නැහැ. අපිට මේවා තේරුම් ගන්න තරම් බුද්ධිය මෝරල නැහැ වගේ. ඔය අවමංගලත් කියවන්නේ. එතකොට දේශ ප්‍රේම වංශ මලයාත් කියන්නේ සුපුරුදු පරිදි කුමන්ත්‍රන ගැන. මට තේරෙන් නැහැ එදාවේල සරි කරගන්නට දත කවමින් දඟලන යුරෝපය. ඊලඟ වාරෙත් එන්න බලන ඔබාමා අයියා ඇතුළු ඇමරිකාව කරන මේ කුමන්ත්‍රණය මොකක්ද කියලා.

    අපි ඔන්න ඔහේ තියන දෙයක් කාලා ඊඟ මැච් එක එනකන් චිත්තර පටියක් බලමු මාතලන්.

    ReplyDelete
    Replies
    1. තව මැච් එකක් ආවා ඒක ශෝකාන්තයක්

      Delete
  5. විචාරය නම් නියමයි.. අපරාදෙ. මේකෙ අධ්‍යක්ෂක වරයා විදියට මාතලන්ව තෝර ගන්න තිබුනෙ. එහෙනම් ධීරවංශගෙ කට අහන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. හොඳ ෆිල්ම් එකක් ඒ උනාට හරියට කරලා නෑ...

      Delete
  6. චිත්‍රපටි අස්සෙන් මෙගා නාට්‍යත් යනවනෙ. (FUTA වගේ)

    ReplyDelete
    Replies
    1. Comment of the year!!

      Delete
    2. මාතලන්ගේ විචාරය අපේ වර්තමාන දේශපාලන චිත්තරපටිය ගැනයි හොදේ.

      Delete
    3. නෑ නෑ මම කිව්වෙ FUTA එකේ වැඩේ මෙගා ටෙලි ඩ්‍රාමා එකකට සමාන කිරීම ගැන. ඉතාම අපූරු නිරීක්ෂණයක්.

      Delete
    4. ඒක ශෝකානතයක් නේ..

      Delete
  7. හි හි..

    මට මුලදි මුලදි නම් මාතලන්ගේ මේ වගේ කතාවල මෙලෝ හසරක් තේරුනේ නෑ... ඒත දැං නං උපමා උපමේය ටික ගලගෙන චරිත ටික දන්න ටිකට ආදේශ කරගත්තාම අගක් මුලක් තේරෙනවා........ තව ටික දවසකින් මාතලන් අධ්‍යක්ෂනය කරන චිත්‍රපටියට ධිරවංශ මේ වගේ කෙස් පැලෙන විචාරයක් නොදෑවි කියලා හිතනවා..... හි හි..

    නියමයි...

    ReplyDelete
    Replies
    1. කාඩද ආඩම්බර, කවි වලට කැමති නෑ කිව්වා. දැන් ඒවත් බලනවනේ..

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ඔන්න ඔය හඳහන් බැලිල්ල අල්ලලා දාල මේ වගේ සිනමා විචාරයක් ලියාගෙන ඉඳපන් බං. නැත්නම් උඹත් මාරයාගෙ ලෙවල් එකට වැටුණාම අපට සිරාවට දුක හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් එකකවත් එක්ස්ට්‍රීම් යන එකෙක් නෙමෙයි මම. ඒවට කොච්චර ඉල්ලුමක් තියෙනවද බලාගන්න නම් මගේ මේල් බොක්ස් එක බලන්න වෙනවා.. මට මතකයි ඉස්සර විප්ලව කරන කාලේ කොම්පියුටරයක් දැක්ක ගමන් විප්ලවවාදියෝ ඔක්කෝම ෆෝචුන් ටෙලර් බලනවා. ඇත්ත කතාව ඒකයි..

      Delete
  10. මාතලන් චිත්‍රපටි තියෙන්නේ විනෝදාස්වාදය සඳහා පමණයිනෙ (pure entertainment)ඔයා මෙහෙම චිත්රපටි වල වෙන ඒවා ඇත්තටම වෙන්න පුළුවන් තාත්විකව වෙන්න ඕනෑ කියන ඒක වැරදියි. අපි කවුරුත් දන්නවා චිත්‍රපටි වල තියෙන්නේ බොරු කියල එත් අපි කවුරුත් ඇත්ත වගේ ඒවා බලනවා.

    ReplyDelete
    Replies
    1. ඉතින් මේක මගේ විචාරයක් නෙමෙයිනේ.. මම ලියපු කෙනාට කියන්නම්..

      Delete
  11. මාතලන්ගේ මෙම ලියමන සමඟ එකඟ නොවෙමි.අවසානයේ ධීරවංශ යනුවෙන් සඳහන් කලද ඔබේ ලියමනේ සමස්තය විසින් අධිකරණ සේවා කොමිසමේ ලේකම් වරයාට කල පහරදීම බොරු රඟපෑමක් බවත්.එය සමාජය විසින් එතරම් නොසැලකියයුතු බවත් හැඟෙන පරිදි ඉදිරිපත් කර ඇත.

    ReplyDelete
    Replies
    1. මහත්තයෝ 'උපහාසය' කියල දෙයක් තියෙනවා!

      (මේක මම ලිව්වෙ කකා ලියන්න කලින්. නැත්නම් ෂුවර් එකට කකා ඔය උඩ තියෙන එකම ලියනවා - මම වගේ නෙවෙයි ලින්ක් එකකුත් දාල.)

      Delete
    2. උපහාසය විතරක් නෙවේ දොරේ හඬත් පඩේ හඬත් වෙන්කරලා හඳුනා ගන්න මටත් පුළුවන්.

      Delete
    3. උත්ප්‍රාස රසය පිළිබඳ වෙනම පෝස්ට් එකක් දාන්න වෙයි වගේ.. හිකිස්

      Delete
  12. Replies
    1. කියෙව්වා කොමෙන්ට් එකකුත් දැම්මා...

      Delete
  13. අද පොස්ටුවනම් ටිකක් කොම්ප්ලිකෙට් වගේ මොකක්ද

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතින් මම ලියපු එකක් නෙමෙයිනේ.. ෆිල්ම් ක්‍රිටික්ස් කෙනෙක් ලියපු එකක්...

      Delete
  14. // තවත් පිලිගත නොහැකි කාරණයක් නම්, පොලිසීය මගින් ප්‍රධාන නළුවා රෝහල වෙත රැගෙන යාමයි. තද බල මැර ප්‍රහාරයක් බව, ප්‍රේක්ෂකයාට ඒත්තු ගන්වන්නට තැත් කලද, වේෂ නිරූපන ශිල්පියාගේ නොපැමිනීම හෝ වේශ නිරූපන ශිල්පියෙක් නොමැතීවීම ප්‍රේක්ෂකයාගේ කුතුහලයක් බවට පත් කිරීමට ගන්නා උත්සාහය අසාර්ථක වන්නේ ඊළඟ ජවනිකාවේ ප්‍රධාන නළුවා මෙළෝ රහක් නැතුව ගෙදර යන්නා වූ බැවිනි. //

    මේකනේ මාතලන් ප්‍රශ්නෙ, දැන් ඔය ප්‍රධාන නළුවගෙ ජාතියෙ කෂ්ටියගෙ අහලකින් මැස්සෙක්වත් පියාඹන්නෙ නෑ සාමාන්‍යයෙන්, ඉතිං මිනිහෙක් එයාගෙ දිහා බලාගෙන හයියෙන් කැස්සත් ඒක ටිකක් බරපතල කාරණයක්.

    කොහොම උනත් ඔය සිද්ධිය මට හිතෙන හැටියට නම් මහ විකාරයක්. ආණ්ඩුවකට තරම් නොවන්නක්. මේ සිද්ධිය මගේ අදහස බොහොම සරලව කමෙන්ට් එකක් විදියට රාජ්ගෙ බ්ලොග් එකේ දැම්මා අද උදේ.

    ReplyDelete
  15. නැහැ මාතලන්

    ඔබේ ලිපියේ උත්ප්‍රාසය හෝ උපහාස රසය නෙවේ ගැටලුව. ඔබ ලියා ඇති අන්දමට උපහාසය යොමු වී ඇත්තේ ගුටි කෑ පුද්ගලයා හා ඔහු වෙනුවෙන් හඬ නගන්නන් වෙතයි. ලිපිය අවසානයේ දීරවංශ යන්වෙඋන් කල ඇති සටහන පෙනෙන නොපෙනෙන ගානයි.

    ReplyDelete
    Replies
    1. ඒ ඔබ මෙහි ප්‍රස්තුතය නොදන්නා නිසා. ඔබ ප්‍රවෘත්තු නරඹන්නකු නිඔවන බව පේනවා. රාජ් ගේ පෝස්ටුව කියවා විත් මගේ පෝස්ටුව නැවත් කියවන්න.

      Delete
  16. අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ සුපිරි නළුවන්ගේ අතිරික්තයක් සිටීමය. ප්‍රේක්ෂකයින්ට වඩා නළුවන් ගණන වැඩිය. ඊටත් වඩා පෙන්නන්න ෆිල්ම් ගණන වැඩිය. බැලිය යුත්තේ මොන ෆිල්ම් එකදැයි කියා සිතා ප්‍රේක්ෂකයින්ට ගැනීමට නොහැකිය.
    මොනා උනත් මට හිතෙන හැටියට ජනතා සම්මාන ලැබිය යුත්තේ මේවාටය.
    Action comedy - "ද ඇටෑක් ඔන් ද හොටෙල් කොරිඩෝ"
    Science Fiction - "ද ඉසේඩ්ස්කෝර්"
    Comedy - " ට්‍රේෂර් ඉන් ද මියුසියම්"
    Children's Entertainment - "ලෙජන්ඩ් ඔෆ් ෆුටා"
    Horror - "ද බජට්" (coming soon)
    Fantasy- "රීබොර්න් ඔෆ් දී රාවණා"

    ReplyDelete
    Replies
    1. ප.ලි.
      මටනම් දැන් ෆිල්ම් බලලා එපා වෙලා ඉන්නේ. :(

      Delete
    2. මට ඔබට කියන්න තියෙන්නේ එක දෙයයි...
      ඉක්මනටම බ්ලොග් එකක් පටන් ගන්න.. මේවා කොමෙන්ට්ස් වලට දාන එක අපරාධයක්..
      එතරම් නිර්මාණශීලියි

      Delete
  17. දේශපාලනික එකක්ද සම්භව්‍ය එකක්ද... ඔය දෙවර්ගෙම හෙන වල්... කුණුහරුපමයි තියෙන්නේ...!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හොඳ ෆිල්ම් එකක් බැලුවේ නෑ කාළෙකින්

      Delete
  18. මේ සිදුවීමත් සමග මා හට වාර්ථා වූ අන්දමට මෑතකදී "ද ඇටෑක් ඔන් ද හොටෙල් කොරිඩෝ" චිත්‍රපටියේ ප්‍රධාන දුෂ්ඨයා විසින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවාට එරෙහිව අධිචෝදනා ගොනු කරමින් බුද්ධිමය දේපල පනත උල්ලංගනය කිරීමක් ගැන නඩුවක් පවරා ඇත.

    මීට ප්‍රධාන හේතුව වන්නේ තමා විසින්ම ප්‍රහාරය සැලසුම් කරන ජවනිකාව අමු අමුවේ මෙම චිත්‍රපටයේ නිර්මාණය කිරීමේදී සොරකම් කර තිබීමයි.

    ReplyDelete
    Replies
    1. එහෙමත් කේස් එකක්ද... දෙවන කොටස කොමඩියක් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා...

      Delete
  19. නියම විචාරය...නියමෙට ගැලපෙනවා වචන සෙට් එක....හැන්දෑවෙ ගුටිකෑවෙ පහුවෙනිදා උද්ඝොෂනෙ යනකොටම සෙනග දැනගත්ත චිත්‍රපටිය අසාර්ථකයි කියල....ලොක්ක කරනව වගේ ෆිල්ම්ස් වෙන කාටවත්ම කරන්න බෑ ලේසියෙන්....

    ReplyDelete
    Replies
    1. හොලිවුඩ් බොලිවුඩ් කෑළේ.. අදීන මාද්දිය වේදියොත් චිත්‍රපට විචාරයට ඇවිත් ඉන්නවා දැක්කේ නැද්ද.. රෙදි ඇඳගෙනද දන්නෙ නෑ ඉන්නේ. මොකෝ ටී වී එකේ යට බාගේ පෙන්නන්නේ නෑ..

      Delete
  20. හරි හරි දැන් තමයි තෙරුනේ මේ කතාව ටියුබ් ලයිට් වෙලා තිබුනේ "ඕල්වේස් රනර්ස් අප්" චිත්‍රපටය බලලා මොලේ කචල් වෙලා තිබුන නිසා.

    ReplyDelete
    Replies
    1. මේවා අද මේ විදියට ලියන්න වෙලා තියෙනවා...

      Delete
  21. බොහොම අමාරුවෙන් ගලපගත්තෙ.... මරු මරු...

    ReplyDelete
    Replies
    1. ඒකත් එක ආතල් එකක් තමයි...

      Delete
  22. කමෙන්ට්ස් ටිකත් කියෙව්වාම පස්සෙයි මොකක් ද මේ ෆිල්ම් එක කියලා තේරුනෙ..

    …අයියාගේ විචාරේ නම් මරු මාතලන් අයියෙ..
    …අදනෙ දන්නෙ අයියා සම්මානලාභි විචාරකයෙක් කියල... :)

    ReplyDelete
    Replies
    1. මම නෙමේ අනේ..... බිමල් ධීරවංශ

      Delete
  23. අද ඉදන් වත් නිව්ස් බලන්න හිතාගත්ත.

    ReplyDelete
    Replies
    1. මම ටෙනී ගේ නාට්ටි බලන එක නවත්තලා නයි ටී ඇන් නිව්ස් බලන්නේ ගොඩක් කල් ඉඳන්.. හිනා කාලා මැරෙනවා..

      තව පට්ට එකක් යනවා දොරමඩලාව කියලා. චාලි චැප්ලින් මොකෙක්ද.. සූරියප්පෙරුම නේ පොර

      Delete
  24. අනේ මන්ද මචෝ මටත් නිකන් කියවපු ගමන් හිතෙන්නේ ගුටි කාපු එකාටම ආයෙම ගහල වගේ , උඹ කියන්න හදපු දේ ඒ විදිහටම කට්ටියට ගියාද කියල මට සැකයක් එනවා

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් එහෙම නේ අද අර විප්ලවවාදි මාධ්‍යවේදී ඩලස් සහෝදරයත් කිව්වේ.. මේක ලියලා තියෙන්නේ මාතලන් නෙමෙයි.. ඒක මතක තියාගෙන බලපන්..

      Delete
    2. අපී ඒ කැල්ල අන්තිමේට දකින නිසා වෙන්ටැ අවුල , ඩලස් කාරයව දැන් ටිවි එකේ දකින කොටත් යකා නගිනවා , ධීරවංශයා කුණුහරුපයක් කිව්වත් ඌ කතා කරන විදිහ අහගෙන ඉන්න පුලුවන් , අරු සක්කලි කථා කියන්න කට ඇරියාම ..*^*&%&^$^$@#

      Delete
    3. ඒකනම් පට්ට ඇත්ත

      Delete
    4. මාතලෝ...මටත් හිතෙන්නෙ බුවා හරි. මේක මැදිහත් සිතින් කියෙව්වහම ටිකක් අනිත් පැත්තට බර විදිහට පේන බව මටත් හිතෙනවා. උඹේ මතය ගැන පූර්ව හදුනාගැනීමක් තිබුන නිසා මටත් මුලින්ම මේක එච්චර මීටර් වුනෙ නෑ.

      කොටින්ම කිව්වොත් 'විමල ය චිත්තරපටියේ තිර රචනය කලාට වඩා උඹ විස්තර කරපුවා තාත්වික වැඩී'. ඒ මට හිතෙන හැටි...

      Delete
    5. @ ද මොඩර්න් පේට්‍රියට්
      හැම දේ ගැනම සැකෙන් බලන කොට එහෙමයි..

      Delete
  25. තිර රචනය කොච්චර අවුල් වුනත් කලින් එක මතක නැතුව ඊලග ෆිල්ම් එක මහජනයා ගිහින් බලනව නොවැ. බොක්ස් ඔපීස් වාර්ථාත් බිදිනවා :))

    ReplyDelete
    Replies
    1. අනිවා.. ළෝකේ හොඳම චිත්‍රපට කර්මාන්තය තියෙන්නේ මෙහේ..

      Delete
  26. මම අද මේ දැන් ආවෙ. පෝස්ට් බලද්දි හිතෙනවා භයානක අඩවියක් කියලා.

    ReplyDelete
  27. කමෙන්ට් ටිකට පින්සිද්ධ වෙන්න යාතං තේරුම් ගත්තා

    ReplyDelete
    Replies
    1. මේවා ශාස්ත්‍රීය විචාර...

      Delete
  28. මටයි කෑල්ලටයි යන්න බොක්ස් සීට් නැද්ද ඔය ශාලාවෙ...

    ReplyDelete
    Replies
    1. මොන බොක්ස් ද බං... අයිනක් අල්ලපන් අයියේ :)

      Delete
    2. කෑල්ලත් එක්කම ගැලරියේ ඉඳගෙන බලපන්... එතකොටයි ආතල්

      Delete
  29. අනිවා මෙක නං බලන්න වටිනවා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දැන් පෙන්වනවා..... දිවයින පුරා සිනමා ශාලාවල

      Delete
  30. චිත්‍ර පටිය බැලුවේ නැති නිසා විචාරය තේරෙන්නේ නැහැ.අපිත් කොහෙන් කොහෙන් හරි නළුවෝ වෙලා ඇති නේද?.

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් බලන්නේ නැත්තන් වැඩක් නෑ.. මේ වගේ සෝ ආයෙත් එන්නේ නෑ...

      Delete
  31. The attack On The Hotel Corridor

    පට්ට ෆිල්ම් එක. දුෂ්ටයා වීරයා වෙලා වීරයාගේ රෙදි ගලවපු අපූරු ෆිල්ම් එකක්. අවුලක් නෑ. සමස්ත රටවැසියන්ගෙන් බහුතරය හෙළුවෙන්නේ ඉන්නේ.

    ReplyDelete
  32. අපිට හොලිවුඩ් පරද්දන්න පුලුවන් වෙයි වගේ, බොලිවුඩ් ගේමක්ම නෑ..

    ReplyDelete
    Replies
    1. එව්වා මොනවද මේවා එක්ක...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න