.

.

Oct 31, 2012

කොට කලසන් (ගෑල්ලමයින්ට පමණයි) - Shorts (For Girls Only)


කොට කලසන් (කලිසම) ගැන ලියන්න කියලා, අපේ හාමිනේගෙන් හරි බරේ බරේ. ඒයා බොග දාන්නේ නැති නිසා. මම දාන බොගේ තමයි එයා කැමති ඒවත් දාන්න ඕන. හැබයි හාමිනේගේ පොස්ට් තම්යි හොඳ හිට්ස්. බොහෝ ඒවා 4500 ත් පැනලා. එයාගේ අදහස් උනාට, ලුනු ඇඹුල් එහෙම දාලා ලියන්නේ මේ පිළිබඳ මහාචාර්ය පදවියකින් පුද ලද, නොබෙල් ත්‍යාගය සඳහා පවා නිර්දේශිත, මාතලන් තමයි. මමත් ගෙදරට අඳින්නේ කොට කලසම තමයි. ඒක මට සරමටත් වඩා පහසුයි. එකම එක සරමයි තියෙන්නේ කවුරු හරි ආවොත් දෙන්න.

ඉස්සර සුද්දියෝ විතරක් ඇන්ද කොට කලසන් දැන් අපේ කෙල්ලොත් අඳිනවා. කොළඹ පැත්තේ, නුවර පැත්තෙ නම් හෝ ගාලා. හැබැයි ඉතින් අනිත් හැම දේ වගේම, තමන්ගෙ ඇඟේ හැඩයට, වයසේ හැටියට, තැනේ හැටියට, අඳින්න දන්නේ නැති එක තමයි එකම වැරද්ද. මට පෙන්නන්න බැරි දෙයක් තමයි, මේ පිරිමි කොට කලසන් ඇඳන් පන්සල් යන එක. බලන්න.. කාළකන්නි, ට්‍රිප් යන ගමන්, බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බදු, දලදා මාලීගාව වඳින්න එන්නෙත් කොට කලසන් ගහලා. එතන ඉන්න උනුත් පොල් බූරූවෝ. සුද්දා එහෙම ආවොත් ඌට සරමක් අන්දනවා. අපේ එකා, ආතල් එකේ යනවා. සුද්දා අපිව මරාගෙන කන්න හදනවා. උඹලට හොඳනම් අපිට නරකද කියලා.කල්පනා කරලා බලන්න වෙන එකම සිද්ධස්ථානයකටවත්, ඒ වගේ එනවද කියලා. මේකනම් වහාම නවත්වන්න ඕන දෙයක්. අපේ හාමුදුරුවරුන්ටත් සල්ලි හම්බ වෙනවනම් හෙළුවෙන් ආවත් කිසි අවුලක් නෑ.

කාලයක්, අපේ ගෑණු උදවියත්, නොදැනම කොට කලසන් වර්ගයක් ඇන්දා. නමුත්, ඒ කවුරුවත් දැනගෙන උන්නේ නෑ මේක කොට කලසන් වර්ගයක් කියලා. බොහෝම ජනප්‍රිය උනා, ඒ තමයි "කියුලට්", නමුත් ඒක නෙමෙයි නිවැරදි වචනය, නිවැරදි වචනය "කිලොට්ස්", ඒ වගේම තවත් ජනප්‍රිය එකක් තමයි "ලෙගින්ස්". ඒකත් වැරදියි "ලෙගින්ස්" කියන්නේ "ටයිට් ජීන්ස්" වගේ ඇඟටම හිරවුන මුළු කකුලම වැහෙන දිග කලසන් වර්ගයක්. (අද අපේ රටෙත් මේක ඉතා ජනප්‍රියයි) එතකොට, ඒ වගේ කොට ඒවා "ලෙගින්ස්" නෙමෙයි ඒවට කියන්නේ "සයිකල් ෂෝර්ට්ස්" කියලා. ඉතින් අපි හිතුවා අපේ දැනීමේ හැටියට කොට කලිසන්, එහෙම නැත්නම් ෂෝට්ස් ගැන, අපි දන්න දේ ඔයාලට කියලා දෙන්න.

බැගී ෂෝට්ස් - Baggie Shorts
සාමාන්‍යයෙන් බොහොම ඉඩ පහසුව තියෙන අයුරින් දනහිස දක්වා දිග ඇති වර්ගයක්, සාමාන්‍යයෙන් මහත, මැදි වයසේ අයට තමයි සුදුසු, තරුණ අයට උනත් මහත නම් කැත නෑ. බොහෝම සැප පහසුකම් කලිසමක් තමයි. ගෙදරට නම් කියලා වැඩක් නෑ.



බර්මියුඩාස් ෂෝට්ස් - Bermudas Shorts 
මේක බර්මියුඩා වැසියන්ගේ නිළ ඇඳුම වගේ ඇඳුමක් එයාලා උත්සව වලට යන්නෙත් මේ කලිසම් ඇඳලා, ටයි එහෙම දාලා, නමුත් ඒක අද විලාසිතාවක් වෙලා තියෙනවා. සාක්කු සහ බෙල්ට් එකක් දාන්න පුළුවන් විදියට ලූප්ස් එහෙම තියෙන මෙයත් ඇඟ පත ටිකක් මහත මැදි වයසේ අයට බොහෝම අපුරූයි.












බෝඩ් ෂෝට්ස් - Board Shorts (Jams)
"ජෑම්ස්" කියලත් කියනවා. සාමන්‍යයෙන් ඔය බීච් එකේ එහෙම නාන්න යනකොට අඳින්න අපේ රටේ අයට ඉතාමත්ම සුදුසුයි. මොකෝ අපේ අය "ස්විමින් කිට්" අඳින්නේ නෑනේ. සාමාන්‍ය කොට කලිසම් ප්‍රමාණයෙනුත් දනහිස දක්වා දිගිනුත් යුත් ඒවා තියෙනවා. ගෙදරට අඳින්නත් මරු.












කාගෝ ෂෝට්ස්- Cargo Shorts
අපේ රටේ කොල්ලොන්ගේ ඉට්ටයිල් එකක්. ඒත් කෙල්ලොන්ටත් මරු. හැබැයි කෝටු කකුල් නම් අඳින්න එපා. පෙනවනේ සමහර කොල්ලො නිකන් පෝලියෝ හැදිලා වගේ. කලිසම ලොකුයි. මේකත් මැච් වෙන්නේ කකුල් මහත අයට. කාගෝ කලිසම් වල විශේෂත්වය තමයි. පිටතින් ඇල්ලූ ළොකු පොකට් තියෙන එක සහ එවා වහන්න ලොකු කවරත් තියෙන එක. සාමාන්‍යයෙන් කාකි පාටවල් වලින් තමයි ලස්සන. මේ වර්ගයෙත් එක එක දිග ප්‍රමාණයන්ගෙන් තියෙනවා.












කිලොට්ස් ෂෝට්ස් - Culottes Shorts
මතක තියාගන්න "කියුලට්" නෙමෙයි ඕන්...සායක් ඇඳලා ඉන්නවා වගේ තමයි, කොට ඒවා කකුල් කෙට්ටු අයට හා තරුණ අයටත්, දිග ඒවා මහත කකුල් තියෙන මැදි වයසේ අයටත් ගැලපෙනවා. කොට සායවල් ඇඳගෙන ඉඳගන්න යන කොට ඇඹරෙන එක මෙයින් එකක් ඇන්දම වැලකෙනවා














කට් ඕෆ් ෂෝට්ස්/ ඩේසි ඩූක්ස් - Cut Off  Shorts / Daisy Dukes
සෝප් ඔපෙරාවක (කුණු ටෙලි නාට්ටී) උන්න චරිතෙකින් තමයි ඉස්සෙල්ලම මේ විලාසිතාව ඇවිත් තියෙන්නේ. මේකේ පෙනුම, දිගට තිබුන කලිසමක් කොටට කපලා දාලා, වාටිය මහන්නේ නැතුව නූල් එල්ලෙන විදියක් තම්යි පෙන්නුම් කරන්නේ. මේකත් විවිධ දිග ප්‍රමාණයන්ගෙන් තිබුනත්, ජනප්‍රිය ඩෙනිම් පාට ඒවා, බටහිර රටවල නම් බොහෝම ජනප්‍රියයි. ඒත් අපේ රටේ ඇඳන් යන එකනම් භයානකයි.














සයික්ලින් ෂෝට්ස් / බයික් ෂෝට්ස්- Cycling Shorts / Bike Shorts
මේක තමයි ලෙගින්ස් කියලා වැරදියට කියන්නේ ඇඟටම ඇළුනු සාක්කු මුකුත් නැති ක්‍රියාශීලී වැඩ වෙල යෙදෙන්න කියාපු කලිසම. නයිලෝන් ගතිය අඩු, කපු මිශ්‍රිත ඒවා වෙළඳ පොළේ තියෙනවා, නයිලෝන් ඒවා අපේ රටට ගැලපෙන්නේ නෑ. ඔය හින්දි සෝ වල දෙමළ සෝ වල එහෙම ගෑල්ලමයි යටට ඇඳලා ඉන්නෙත් මේවා. නැත්තන් නටන නැටිල්ලට, අම්පාරත් පෙනිලා තමා නවතින්නේ. මහත අයට දනහිස් දක්වාත් කෙට්ටු අයට කොටටත් ලස්සනයි.














ඩොල්පින් ෂෝට්ස් - Dolphin Shorts
අපේ කාලේ රනින් ෂෝට් කියලා ඇන්දේ මෙවා තමයි, තද වර්ණයෙන් තමයි ආවේ. ඉන වටා යන කෝඩ් එකෙන් ඉනට තද වෙන්න ඇඳින්න පුළුවන්, කකුල්වල දෙපැත්තේ හැඩය ඩොල්පින් ගේ වලිගය වගේ නිසා තමයි මේ නම දාලා තියෙන්නේ. නිකන් හම්බ උනත් කකුල් කෙට්ටු නම් අන්ඳින්න එපා. මෙන්න වැන්දා.ජිම් ෂෝට් කියන එකත් මේ වගේමයි. ඒක තමයි අද ඉට්ටයිල් එක. ඒකේ මේ දෙපැත්තෙන් කපලා තියෙන ප්‍රමාණය අඩුයි.












Gym Shorts
Gym Shorts














ප්ලේයිඩ් ෂෝට්ස් - Plaid Shorts
මේකත් කොල්ලෝ අතරේ ජනප්‍රිය විලාසිතාවක්, කොටු කොටු කලිසම් කිව්වොත් වඩාත් නැවැරදියි. තරමක් කොටට කෙල්ලන්ටත් ලස්සනයි. මැදි වයසේ අයටත් තරුණ වෙන්න ඕන නම් මේකක් ඇන්දට වරදක් නෑ.


ෂෝට් ෂෝට්ස් - Short Shorts
මේක නම් බොහෝම කොටයි, කට් ඕෆ් වලයි මේකෙයි වෙනස තමයි මේකේ වාටිය මහලා තියෙන්නේ. අනික කකලේ කැපුම කෙලින් තියෙන්නේ. ටීනේජ් අයටනම් මරු. ඉඟ ප්‍රදේශයත් බොහෝම පහලින් තියෙන්නේ.  "හොට් පෑන්ට්ස්" (Hot Pants) කියන්නෙත් මේවටම තමයි.












ස්කොර්ට්ස් ෂෝට්ස් - Skorts Shorts
මතක තියාගන්න ස්කර්ට්ස් නෙමෙයි. මේක කියුලට් එක වගේ මහලා ඒ උනාට සායක හැඩේ නෙමෙයි තියෙන්නේ කලිසමක හැඩය ඒ උනාට ටයිඩ් ස්කර්ට් එකක් වගේ. ඉදිරි පස ප්‍රදේශය රෙදි කෑල්ලකින් වැහෙනවා, රෙදි කෑල්ල හුළගේ ගියාට අවුලක් නෑ, යටට ඇඳලා නේ ඉන්නේ.













ස්ලැකට්ස් ෂෝට්ස් - Slackettes Shorts
මේ කියන්නේ ස්කර්ට් වගේ කොට කලිසමක් කියන කතන්දරේ අපේ රටේ ගෑල්ලමයින්ගේ ජනප්‍රියම විලාසිතාව, ඒ වගේම කකුල් කෙට්ටු අයට ඉතා හොඳින් ගැළපෙනවා, වාටිය නමලා මහලා තියෙන්නේ. ඒ වගේම ඔය පින්තූරේ තියෙනවා වගේ බෝ එකකුත් දැම්මනම් කොල්ලෝ කකුල දිහා බලන එකත් නවත්ත ගන්න පුළුවන්.














ඒ ඇරුනම විලාසිතා ප්‍රවීණයෝ කියන්නේ
  • මේ කලිසම් කලවා වලින් අඩක් වැසෙන සේ ඇන්දම තමාට උස් පෙනුමකුත්,
  • දනහිස දක්වා ඇන්දිමෙන් කොට බවකුත්,
  • ගොඩක්ම කොටට හා ලිහිල්ව ඇඳිමෙන් සිහින් බවකුත්, කකුල් දිගු බවකුත්,
  • කොටට හා ලිහිල්ව අඳිනවනම් ඒවාවල වාටිය නමා හෝ රෝල් කර ඇන්දොත් කොට බවකුත්,
  • මහත අය දනහිස දක්වා බර්මියුඩා ඇඳිමෙන් අපූරු පෙනුමකුත්,
  • ගොඩාක්ම කොටට හා තදට ඇඳිමෙන් කකුල් වලට මහත පෙනුමකුත් ලැබෙන බවයි....

දැන් අහයි තරුණ අයටයි, මැදි වයසේ අයටයි විතරද, කොට කලිසන් හොඳ කියලා. ඔයාලා කැමති එකක් ආච්චිටත් අන්දන් යන්න... මට පාන්ය... ආච්ච්ගෙ සෙද්ද....

අපේ රටෙත්, ආච්ච්යි, දුවයි, මිනිබිරියි, කොට කලසන් ගහගෙන යන කාළයක් එයි. ඒත්, ඒ මේ කාළෙනම් නෙමෙයි. මේ අපේ හෙළ සිරිතට ගරු කරන කාලයක් නේ. කොටට අඳින එක නවත්තන්නත් නීතී ගේන්න හදන කාළේ. (ප්‍රාදේශිය සභාපතිලත් අන්තඃපුර පවත්වගෙන යන කාළයක් නේ.) ඒ උනාට එහෙම නීතී ගෙන්න හදන උන්, හෙළුවෙන් ඉන්න එක තමයි මට තියෙන දුක....

96 comments:

  1. නොදන්න දේ කොයි තරම් ද? අපේ මහාචාර්ය අයියට ස්තූතිවන්ත වෙනවා.

    එතකොට අර දමිළ චිත්‍රපටි වල වේට්ටියට යටින් අදින ජම්පරේ වගේ කොට කලිසම මොකක් ද?

    ReplyDelete
    Replies
    1. ඔය කියලා තියෙන්නේ හරි නම ඒවා ජම්පර් තමයි.. හින්දි අය නම් ගහන්නේ සයිකල් ෂෝර්ට්ස්

      Delete
  2. සිරා පෝස්ට් එක මචෝ . .

    මගේ බිස්නස් එකේ (අනාගතේ - කමින් සූන්) ඊලඟ ප්‍රොඩක්ෂන් එක විදිහට කැසුවල් ඇඳුම් කරන්නයි හිතාගෙන ඉන්නේ . .
    ලංකාවට ආ ගමන් උඹව කන්සල්ට් කරන්න ඕන සිරාවටම . .

    නියමයි බන් උබේ හාමිනේටත් බොහෝම ස්තූතියි කිව්ව කියපන් ඈ . .

    ReplyDelete
    Replies
    1. මේක ගැල්ලමයින්ට විතරයි කියල පේන්නැද්ද?

      Delete
    2. ජයවේවා ඕන වෙලාවක ඕන උදව්වක් ඉල්ලන්න නෝ ප්‍රශ්...

      Delete
  3. මම නං කියෙව්වෙ නෑ එපා කිව්ව නිසා. හිටි 1ක් වැටෙන්න ඕන නිසා ඇවිල්ල කොමෙන්ටුවකුත් දාල ගියා ඕං!

    ReplyDelete
    Replies
    1. තාමත් මේ වගේ වැදගත් කොල්ලෝ ඉන්නවා..
      මේ උඹට ෂුවර් නේ බැලුවේ නෑ කියලා.. ඒක දැක්කේ කොහොමද දන්නේ නෑ..

      Delete
  4. අප්පට සිරි මහාචාරිය තුමා නියමනේ. අදම ගන්නව හොදම එකක්. මෙච්චර කල් මම ඕක ඇන්දෙ නැහැ. සරම තමයි පිහිටට හිටියේ. අදම අදම ගන්නවා. තැන්කූ ඈ....

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයා කාන්තාවන්ගේ ඒවා ඇදලා මක්කා කරගන්න යන්වද මන්දා.....

      Delete
    2. ෂෝට මාරම ලේසියි...

      Delete
  5. ස්කොර්ට්ස් ෂෝට්ස් ටිකකුයි, ඩොල්පින් ෂෝට්ස් ටිකකුයි අරන් දෙන්න ඕන සෙට් වෙන කෙල්ලට ;)

    ReplyDelete
    Replies
    1. අන්න දෙයක් ගත්ත මිනිස්සු.. දැන් ගොඩක් කෙල්ලෝ ගෙදරට අඳින්නේ ෂෝර්ට්ස් තමයි..

      Delete
  6. මළ කෙලියයි ජූලි හතයි කිව්වලු...මාර පෝස්ටුවක්නේ... ලස්සන ලස්සන මෝස්තර ටිකකුත් තියෙනවා...

    සයික්ලින් ෂෝට්ස් නම් අපිත් අඳිනවා. ජිම් යන්න වගේම ස්කර්ට් අඳිද්දිත් සයික්ලින් ෂෝට්ස් නැතුව බෑනේ..ස්ටයිල් එක කෙසේ වෙතත් ගෑණු උන අපිට උනත් ෂෝට් එකක් ගෙදරට දාගෙන ඉන්න එක නම් හරිම පහසුයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. එයාලට තමයි මේ ලිව්වේ...

      Delete
    2. ටයිට් ශෝට්ස් කියන්නෙත් මේවටම නේද?

      Delete
  7. \\මැදි වයසේ අයටත් තරුණ වෙන්න ඕන නම් මේකක් ඇන්දට වරදක් නෑ.\\ මේක දක්කහම බ්ලොග් ලියන ජනප්‍රිය අය්ය කෙනෙක් මතක් උනා... ( මේ පැත්තෙ ඇවිල්ල ගිහිල්ලද මන්දා ).. අඳින්නේ ඒ ජාතියෙ එව්වමයි

    අපේ උන්ට දලදා මාලිගාවට යන්න දෙනවද ෂෝර්ට් දාලා.... මම අන්තිමට ගිය දවසෙනන් එකෙකුට යන්න දුන්නේ නෑ.. ඒ හරියටම මීට අවුරුද්දකට කලින්

    මාතලන් ලියපු හැම එකකම වගේ කෙට්ටු එවුන්ට හරියන්නෙ නෑලු.. එතකොට අපි ෂෝර්ට් අඳින්න් එපාද ඈ

    ReplyDelete
    Replies
    1. කෙටියෙන් කියන්නද, !!
      එපා ......... :P :D:D:D:D:D:D

      Delete
    2. කකුල් ගොඩක් කෙට්ටු නම් ගොඩක් කොටට හිරවෙන්නම වගේ අඳින්න ඕන.. නැත්නම් පෝලියෝ කියලා මිනිස්සු දුක් වෙයි..

      Delete
  8. නියම පොස්ට් එක මචං ... ඒත් කෙල්ලෝ ෂෝර්ට් අදිනවටනම් මම කැමති නැහැ.. ත්‍රි ක්වාට නම් අවුලක් නැහැ

    ReplyDelete
    Replies
    1. ගල් යුගයේ කෙනෙක් වගේ.. රාවණාගේ කාළෙත් ත්‍රි ක්වාටර් තමයි ගහලා තියෙන්නේ..

      Delete
  9. //බටහිර රටවල නම් බොහෝම ජනප්‍රියයි. ඒත් අපේ රටේ ඇඳන් යන එකනම් භයානකයි.//
    ලංකාවේ දේශගුණයට එච්චර ගැලපෙන්නේ නැතුව ඇති

    ReplyDelete
    Replies
    1. එහෙමම නෙමෙයි අනිත් අයගේ මානව හිමිකම් උද්දීපනය වෙනව කියලනේ කියන්නේ..

      Delete
  10. මාතලන්ගේ බ්ලොගය එදිනෙදා ජීවිතයට වටින එන්සයික්ලොපීඩියා එකක් වගේ...කියන්න වචන නෑ...
    මාතලන්ගෙ හාමිනේ රට යන අත ගැන දන්න බොහෝ ඇසු පිරූ තැන් ඇත්තියක් වගේ...+++++++++++++

    ReplyDelete
    Replies
    1. හිංගල ඇන්සයිකලෝපීඩීයා

      Delete
  11. ගෑල්ලමයින්ට පමණයි කිව්වට මාත් බැලුව..:) නොදන්නා දේවල් ගොඩයි නේ.

    ReplyDelete
    Replies
    1. මැරෙණකම්ම ඉගෙනගන්නවලු නේ

      Delete
  12. එළ පෝස්ට් එකක්! නම් ටික දැනගත්ත එක හොදයි නොදන්නා ඒවායේ. මගේ නම් කිසිම අමනාපයක් නෑ ඔය වගේ ඇඳුම වලට.තමන්ට,තැනට ගැලපෙන විදියට අදිනවනම් එච්චරයිනේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි අවශ්‍යම දේ.. නමුත් අපේ අය නොදන්නෙත් ඔය දේමයි..

      Delete
  13. මහාචාර්ය මා තලන් (ඇයිද මන්ද මට තලන්න කියන්නෙ) තුමාගෙ දැනුම ගැන නම් මට පුදුමාකාර ගෞරවයක් ඇති වෙන්නෙ... හරියට විස්ස කෝෂයක් වගේ

    කොට කලසන් කියලා ඉස්පිල්ල ලොප් කලේ හිතාමතාමද මන්දා... ඉස්සර කියුලට් හිට් වෙලා තිබුන කාලෙ කියුලට් කොහෙද අහපු කෙල්ලො දෙන්නෙක් ටොයිලට් එකට යවපු සිද්ධියක් මම අහලා තියෙනවා... බලාගෙන ගියාම කකුල් කෙට්ටු උන් හරිම පවු... උන්ට තියෙන්නෙ ජොකා විතරමද මන්දා...

    ReplyDelete
    Replies
    1. ජොකා ඇන්දත් අප්සෙට් වගේ.. අපේ තාත්තා කියන්නෙ කලසන් කියලා, මාතර පැත්තෙ නේ තුවායට සාලුව සාලෙට මහ ගේ ඔය වගේ..

      Delete
  14. අපි නොදන්න කොට කලිසං...
    මටනං ඉතිං සරම තමා...ඔය කෝකටත්...

    දිගට ඕනනං එහෙමයි.. කොටට ඕනනං ගැහුවා වළාපොට... එහෙම නැතිව තවත් කොටට ඕනනං ඒකෙන්ම ගැහුවා අමුඩේ... මාර ෆිට්... ඕන දේකට ඔට්ටුයි...

    ReplyDelete
    Replies
    1. හදිසි රාජකාරියක් යෙදුනොත් ඒකටත් පහසුයි...කලබලේට...

      Delete
    2. පොඩි කාළේ නිවාඩුවට ගමේ ගියාම පවුලේ ඔක්කොම උන් සෙට් වෙනවා එහේ එක දවසක් උදේ නැගිටිනකොට මගේ සරම නෑ. හෙව්වට දෙන්නේත් නෑ. බැස්සා පාරට ගියා හෙලුවෙන් පාරේ. ඒ පාර අයියා කෙනෙක් සරමක් ගෙනල්ලා අන්දගෙන ගියා. එදා ඉඳලා නෝ සරොන්..

      Delete
  15. මම නම් මනාප “කොට ෂෝට්“ වලට

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ වයිෆ් එවා අදිනවා වෙන්ටැති :)

      Delete
    2. කවුද අනේ අකමැති...

      Delete
  16. කරුමෙට මේක ගෑල්ලමයින්ට පමනයිනේ

    ReplyDelete
    Replies
    1. ඕනෙම නම් උඹත් ඇඳපන් අවුලක් නෑ...

      Delete
  17. මාතලන්... මමත් මෙච්චර කල් කිව්වේ කියුලට් කියලා තමා.. ඔන්න අද ඉඳන් හරි වචනේ පාවිච්චි කරනවා... ඕක තමා ඉස්සර මට අඳින්න පුළුවන් එකම කලිසම් ජාතිය.... කකුල් කෙට්ටුම කෙට්ටු නිසා තාත්තා අඳින්න දෙන්නේම නෑ අනිත් ජාති.. හි හි... මම අදටත් ආසම ඇඳුම තමා.. හැබැයි ඉතිං ගෙදරට විතරයි...හි හි..

    ස්කෝර්ටිස් ෂෝට්ස් තමයි බැඩ්මින්ටන් ගහද්දි අ න්දේ... එහෙම නැත්තම් සයික්ලින් ෂෝට් එක ඇදලා ෂෝට් ස්කර්ට් එක ඇන්දා.. ( අම්මා.. ඒ කාලේ ඕක අඳින්න තිබ්බ ආසාව.... ඒ මදිවට අපි ප්‍රැක්ට්ස් කළේ අශෝකෙයි , ආනන්දෙයි... හි හි... )

    අපේ මහත්තයා ෂෝට්ස් අඳින්න කැමතිම නෑ... එයා සරං රසවතෙක්.. හි හි..

    මේවා ඇන්දට කමක් නෑ.. හැබැයි “තමන්ට ගැලපෙන” කියන කෑල්ල දාපු එකට නම් මාතලන්ට පිං...

    ReplyDelete
    Replies
    1. අපොයි ඉස්සර අපිත් කෙල පෙරාගෙන ඉන්නේ කෙල්ලෝ බැඩ්මින්ටන් නෙට් බෝල් ගහන තැන්වල

      Delete
  18. මෑ කරල් කකුල් අයට අදින්න එකක් නෑද එතකොට

    ReplyDelete
    Replies
    1. මොකද ඩිලාන් මල්ලි..ළඟකදී හොඳ හෝටලේකින් කෑවේ නැද්ද..? මෑකරල් තියෙන අය මේක දැක්කොත් උඹට සිද්ධ වෙන හරිය මං මේ කල්පනා කරන්නේ..?

      Delete
    2. බෝංචී කාලාවත් පොඩ්ඩක් මහත් කොර ගනින්..

      Delete
  19. මාතලන් අයියා සෑගෙන රිසර්ච් එකක් කරලා වගේ.. හෆ්ෆේ සම්ර් එකට මේවා කොච්චර දකිනවද.. වැඩියෙන්ම ශොට් ශෝර්ට්..

    ReplyDelete
    Replies
    1. හික් හික් එක තමයි එහෙනම් මෙයා මටත් ෂෝට් ෂෝට්ස් විතරක් අරන් දෙනවා කිවුවේ.

      Delete
    2. පිටරට වල ඉන්න කොට සමර් එකට මම පාරෙමයි...

      Delete
  20. පොහෝම වටිනා කියන චායා රූප එකතුවක් !!!!

    ReplyDelete
    Replies
    1. මට හිනා එනව ඕයි.. යටි අරුත මම දනිමි..

      Delete
  21. නියමයි මාතලන්

    ReplyDelete
    Replies
    1. මොනවද කකුල්ද ෂෝර්ට්ස්ද

      Delete
  22. කලිසම් වල තියන සැහැල්ලුව කියලා වැඩක් නෑ.. ඇන්දට නම් දන්නේ අදනේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. දන්නෝ දනිති...

      Delete
  23. කතාව කියෙව්වේ රූප ටික බැලුවට පස්සේ...:D

    ReplyDelete
    Replies
    1. එහෙම හරි කියවපු එක ලොකු දෙයක්. මටත් ඔය වගේ එකක් උනා ළඟදි මාරයා ට්‍රිප් එකක් ගැනද කොහෙද පෝස්ට් එකක් දාලා තුබුනා. ඒකේ තිවුනා සම්බලුයි පොල් රොටියි වල පොටෝ එකක් ටක් ගාලා කොමෙන්ට් එකක් දාලා ගිහින් පොල් රොටියි කට්ට සම්බලුයි හදාගෙන කෑවා. ඒ කියලා මේකේ තියෙන ඒවා දැකලා උඹ පිස්සු කෙලින්න එපා මහ උළු ගෙදර යන්න වෙයි.

      Delete
  24. ඔය ලෙගින්ස් කියන ඒවා අදින්නේ කෙල්ලෝ විතරද අයියා?

    ReplyDelete
    Replies
    1. උඹත් ඇදපන් මචන්.. ලස්සනට තියෙයි.. ශුවර්....

      Delete
    2. කොල්ලොත් අඳිනවා යටට හීතල රටවලදි.. අපි ඇන්දම මාර ලස්සනයි.. ලබ්බේ ඉරටු ගැහුවා වගේ මල් හතට තොයෙනවා..

      Delete
  25. මේ මාතලන් ලොක්කා... කෙල්ලන්ගේ මගුල් ගැන දාන්නේ නැතුව දාන්නකෝ අපිට කරන්න පුළුවන් විලාසිතා ටිකක්... ඒත් ඉතින් පොඩ්ඩක් අස්සෙන් පේනකොට මේවා එක දිගට දැම්මත් කමක් නෑ කියලා හිතෙනවා බන්...

    ReplyDelete
    Replies
    1. අපිට මොන ඉට්ටැයිලද බන්

      Delete
  26. නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා

    මේ ඒක නෙමෙයි ,

    අර අක්කා කක්කා පැත්තට අත් තියාගන ඉස්දරහට බර වෙලා ඉන්නේ ඇයි

    ReplyDelete
  27. අන්න පෝස්ට්! දාපංකො ඕවගෙ කෑම රුචිය ඇතිවෙන ඒවා. කොච්චරවත් අර දේශපාලන පෝස්ට් නොදා.

    උඹට මතකද මාතලන් ඉස්සර තිබ්බා වීකෙන්ඩ් කියලා ඉංග්‍රීසි පත්තරයක් දවස කන්තෝරුවෙන් ගහපු. ඒකෙත් කවර් පේජ් එකෙයි සෙන්ටර්ස්ප්‍රෙස් එකයි ඔයවගෙ තමයි. Hot Pants For Cool Cats කියලා හෙම යන්නෙ.

    අපේ ගෙදෙට්ටත් ගේන පත්තරයක්. අනේ ළමයි නරක්වෙයි අරකයි මේකයි කියලා කවුරුවත් කිව්වෙත් නෑ. අපි නරක් වුනෙත් නෑනෙ බං, ඒ කොහොමත් මිනිස්කර්ට් යුගේනෙ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මතකයි බං මතකයි. මොකෑ මතක නැත්තේ. ඔය කාළේම තමයි ඒ වගේ පින්තූරයක් සිංහල පත්තරේක මුල් පිටුවෙ දාලා සමන්තා ඈපාසිංහ කියන නිලියට ඇඩ්‍රස් නැති උනෙත්.. මට 100% මතක නෑ හිංගල පත්තරේකද ඉන්ගිරිස් එකේද කියලනම්. ඒත් අරවල හිටියේ කොළබ කෑලී නිසා අවුලක් උනේ නෑ..

      Delete
  28. මගෙත් ප්‍රියතම ඇඳුමක් තමයි ශෝට් එක.
    ඒත් ඉතින් අර මාතලන් කීවා වගේ ශෝට්ස් අඳිදිදි හිතන්න ඕනේ බොහෝ දේවල් තියෙනවා.
    වැඩිපුරම ලංකාවේ හෙම ශෝට්ස් ඇඳලා ඉන්න කෙල්ලෝ දැක්කම පොඩ්ඩක් අප්සට්. මටම හිතෙනවා වීට් පැකට් එකක් ගෙනිහින් දෙන්න. කෙට්ටු කකුල් කතා ඉතින් තව මොනවද?
    (මම මෙහෙ කෙනෙක් ලංකාවේ කියලා අඳුනගන්නෙත් කකුල් බලලා තමයි සමර් එකට නම්. )

    ReplyDelete
    Replies
    1. මට මතකයි ඔහේගේ පොටෝ එකක බර්මියුඩා එකක්ද කොහෙද ගහගෙන උන්නා.

      Delete
  29. අඩේ ඔක්කොම කියෙව්වම තමා සීමාසහිත බව දැක්කේ. ගොයියො එක සෝර්ට් එකක් අඩුයි නෙව.... “No Shorts“

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑ නේන්නම් ඒක අමතක උනා...

      Delete
  30. හෆ්ෆා .... අර සංස්කෘතික ඇමටියා මේ සමහරක්ව දැක්කනම් එතනම මිනිහගෙ හුලං යනව.

    ReplyDelete
    Replies
    1. ඉවරයි එහෙනම් බ්ලොගුත් තහනම් කොරනවා

      Delete
  31. අර "කට් ඕෆ් ෂෝට්ස්/ ඩේසි ඩූක්ස්" කියන ඒවනං හොඳ කුඹුරු වැඩට හරි හේනෙ වැඩට හරි යනකොට අඳින්න තමයි මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ ගොයම් කපන කෙල්ලන්ට අන්දන්න පුළුවන්.. ඊට පස්සේ ගැන්ග්නම් ඉට්ටයිල් එකට ගොයම් කැපුවම හරි...

      Delete
  32. දැන ගෙන අඳින එක හොඳයි නොදැන අඳින එකට වඩා. ගොඩක් ස්තූතියි අධ්‍යාපන අංශයට. මේව විශ්ව විද්‍යාලවල උගන්වන්නෙ නෑ.

    මාත් කැමතියි ශෝර්ට්ස් වලට වගේම සරමටත්.

    ReplyDelete
    Replies
    1. මේ වා උගන්නන්නේ මම ගියපු විස්ස විජ්ජාලේ විතරයි...

      Delete
  33. මෙහෙත් තියෙනවා නානාප්‍රකාර ෂෝර්ට් . දිගට හෝ කොටට කලිසම තමයි ලෝකේ පහසුම ඇඳුම . මාතලන්ට මාර හැකියාවක්නෙ තියෙන්නේ . කවුරුත් නොහිතන දේවල් ගැන ලියන්න

    ReplyDelete
    Replies
    1. වෙන ඒවා ලියන කොට හැම තිස්සේම ඇහැ ගැහෙන දේ අමතක වෙනවා..

      Delete
  34. මේක සුදුසු කොල්ලන්ට. අර ඇහිපිය නොහෙලා, බලාගෙන ඉන්න ඒවා මොනවද කියලාවත් අඩු ගානේ දැනගනී...:D

    ReplyDelete
    Replies
    1. අනිවා හෙඩිමෙ ගෑල්ලමයින්ට කියලම දැම්මෙ කොල්ලන්ට බලන්න තමයි...

      Delete
  35. අපි හිතුව මාතලන් අය්ය විතරයි ගෑල්ලමයින්ට ආදරේ කියල. බලනකොට මැතිනියත් ගොඩක් හොදයිනේ .
    …ගොඩක් මහන්සි වෙලා තියනව පෝස්ට් එකට . දෙන්නටම ස්තූතියි .

    ReplyDelete
    Replies
    1. ස්තූතියට ස්තූතියි... පින්තූර හොයන්න හෙන වෙලාවක් ගියා.. ලියන්න නම් වෙලා යන්නේ නෑ.. ඒක නෙමෙයි කොහෙමෙයි ජීවීතේ...

      Delete
  36. ඇන්දට නම නොදන්නා කට්ටියට හරි ප්‍රයෝජනවත් ලිපියක්.මාතලන්;මට දැනගන්න ඕන කරුණක් තියෙනව, මේ ගැන දන්නවනම් ලිපියක් දමන්න.ඇෆ්රිකන්/ඇමෙරිකන් සහ ඇෆ්රිකන් ගැහැණු අයගේ පස්ස/පපුව එච්චර ලොකු Why ????[අහපුදේ කැතයි වගේනම් කොමන්ට් එක ඩිලීට් කරලා දාන්න]

    ReplyDelete
    Replies
    1. තාම ඒ ගැන පරීක්ෂණයක් තිබ්බේ නෑ. තියපු ගමන් වාර්ථාව ප්‍රසිද්ධ කරන්නම්...

      Delete
  37. මගේ වාසනාවට අහුවෙච්ච බ්ලොග් එකක්. :P දැන් ඉතින් අපිත් කොට කලිසන් පිලිබදව මොකෙක් හරිනෙ.

    ReplyDelete
  38. හොඳ විස්තරයක්..නොදන්නා දේවල් මෙහෙම දැනගන්න ලැබීම ඇත්තටම සතුටක්..
    ජයෙන් ජයම වේවා සහෝ..

    ReplyDelete
    Replies
    1. යු ආ වෙල්කම් වේවා....!!!

      Delete
  39. රෙදි කඩයක්වත් දැම්මද ආ :D

    ReplyDelete
  40. My spouse and I stumbled over here from a different web address and thought I should check
    things out. I like what I see so now i'm following you. Look forward to looking over your web page yet again.
    Look into my web page vuelos a china

    ReplyDelete
  41. Hello to all, the contents present at this website are genuinely remarkable for people
    knowledge, well, keep up the nice work fellows.
    Feel free to surf my weblog ... vuelos a china

    ReplyDelete
  42. ලස්සන ලස්සන ශොර්ට් වර්ග බලාගන්න තියෙන හොදම කාලය තමය් සමර් එක එත් සමහරක් නම් ශොර්ට් වලට නිකන් ශොපින් බැග් පුම්බලා ඉර‍ටු ගැහුවා වගේ.

    ReplyDelete
  43. ඩේසි ඩියුක් හට කොචොක් දැමු මාතට අපගේ දැඩි විරෝධය ~ මීට බෝ ඩියුක්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න