.

.

Feb 14, 2013

ස්තූතියි ඩොක්ටර් හා ස්කෑන් ලෙඩේ - Thank You Dr. & Scan Scandal


මුලින්ම සතුටින් සඳහන් කළ යුතුව ඇත්තේ, මතවාද අතරින් වූවද, අපේ හඬටත් සවන් දෙන පිරිසක් ඉන්නා බව දැන ගැනීමට ලැබුනු බවයි. මාතලන්ගේ අදහස වූයේ, නිර්ධන විවේචනය නොව සාධාරණ විවේච්නවලින් සමාජය ටිකක් හෝ යහපත් අතට ගැනීමට බ්ලොග් වලටත් යමක් කළ හැකි බවයි. "ටැබූ", බ්ලොග් සමාජයේ පමණක් නොව, ඉන් එහා සමාජයේද, කතිකාවට භාජනය වූවාක් මෙන්ම, අනෙක් බ්ලොග් කරුවන්ගේ අදහස්ද, සමාජයේ කතිකාවට ලක්වන බව දැන ගැනීම ඉමහත් සතුටකි.

සතුටට හේතුව නම්, අප කිසි කෙනෙකුන් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් නීතී විද්‍යාල සිසුවියගේ අත කපා දැමීමේ වාර්තාව, එය නොසැලකීල්ල හා අතපසුවීම් මගින් සිඳුවූ බවත්, එයට විශේෂඥ වෛද්‍යවරයාද ඇතුලු සියළුම කාර්ය මණ්ඩලය වග කිව යුතු බවත්, එලි දක්වා ඇති බැවිනි. අවම වශයෙන් වෛද්‍යවරුන්ගෙන් සමන්විත එම කමිටුව එම වරද පිළිගැනීම ගැන වුවද අප සතුටු වන්නෙමු. ප්‍රස්තුතයට අදාල වෛද්‍යවරයා, "ඒක ඒ ළමයාගේ වෙලාව" යන ප්‍රකාෂය වෙනුවෙන් සමාව ගැනීම පමණක් වූවද ප්‍රමාණවත්ය. මන්ද වෛද්‍යවරුන්ද මනුෂ්‍යයෝ බැවිනි. අප මුල සිටම විරුද්ධ වූයේ මේ ප්‍රකාෂයට හා වැරැද්ද පිලි නොගැනීමයි.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අප තවත් දෙයක් බලා පොරොත්තු වන්නෙමු. එනම් නවළෝක රෝහලේ සිද්ධිය ගැනත් මෙවන් පර්යේශණයක් පවත්වා එම මියගිය දැරියගේ මව් පියන්ට සාධාර්නයක් ඉටු කරනා ලෙසයි. වාර්ථාවන ආකාරයට මෙම සිද්ධිය වෛද්‍ය වෘත්තිකයින්ගෙන් තබා, ව්‍යාපාරිකයින්ගෙන් වත් බලාපොරොත්තු විය නොහැකි තරමේ, අති අමානුෂික ක්‍රියාවක් බව නොකියාම බැරිය. මේ ගැන ඉතා අනර්ඝ ළිපියක් "යදමින් බැඳ" බ්ලොග් අඩවියේ, "එකෝමත් එක රටක එකෝමත් එක රෝහලක" නමින් "නිර්මලා මධුෂානී" විසින් ලියා ඇති බැවින් වැඩි පුර විස්තර ලියන්නට යන්නේ නැත.

තමන් කැමති රෝහලකින් බෙහෙත් ගැනීමට ඇති අයිතිය ගැන කිසිඳු තර්කයක් නැතී වූවද, මගේ මතය නම් කොතරම් මුදල් තිබුනද, අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීයකු පෞද්ගලික රෝහල්ගත කිරීම අමුම අමු ගොන් කමක් කියාය. ඒවා තම අත්දැකීමෙන්ම ලද අය සමාජයේ ඕනෑ තරම් ඇත. අයි සී යූ කාමරයට ඇතුලත් කර කෙල වෙන්න යන බව දන්නේ නම්, තරුණ වයසේ කෙනෙක්නම් කෙලින්ම ඇම්බියුලන්ස් එකේ පටවා රජයේ රෝහල වෙත යැවිම ඔවුනගේ සම්ප්‍රධායයි. මන්ද සෑම විශේෂඥ වෛද්‍යවරයකුටම ආන්ඩුවේ ඉස්පිරිතාලෙත් වාට්ටුවක් ඇති බැවිනි.

වයසක අයකු නම්, මිය යන්න නොදි, මැෂින් හයි කර, මිය යන තෙක් තබාගෙන, ලක්ෂ 50-60 බිල් ලබා දීම අද සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. එම බිල් ගෙවීම ලොකු කමක් ලෙස සලකන අය ඒවා ගෙවා දැමුවාට අපට අමාරුවක් නැත. මේවා ලියන්නේ නොදන්නා අයගේ දැන ගැනීම පිණිසයි. අනෙක් කාරනයනම් ගැස්ට්‍රික් වැනි රෝගයකදි හැදෙනා පපුවේ අමාරුවකට වූවද කෙලින්ම අයි සී යූ එකට දමා බිල කැඩීමයි. ඇතුලතින් ලැබෙන ආරංචි අනුව කිසිම හෘද රෝග ලක්ෂණයක් නැතිව මුදල් ඇති බව දැනගතහොත් බයිපාස් ඔපරේෂන්ද කරනා බවයි. මොකෝ දොස්තරගේත්, ඉස්පිරිතාලේත් කල්ල මරේ නිසාය. මිනී වලටත් පත් බිල් දෙන නිසාය.

මේ දැරියද ස්කෑන් කරණා අවස්ථාවෙදී මව ඉදිරියේම මිය ගොස් ඇත. එහෙත් මිය ගිය දැරිය රැගෙන ගොස් ,දැඩි සත්කාර එකකයේ මැෂින් වලට සවිකොට ඇත. ඉන් පසු රුපියල් ලක්ෂ නමයක බිලක්ද ගෙවන ලෙස දන්වා ඇතත්, පසුව වාර්ථා වූයේ, එම මුදලද ලබා නොගෙන මළ ගෙදර සියළු කටයුතු රෝහලේ වියදෙමෙන් කල බවකි. මේ එක කරුනවකවත් නිවැරදි බව තහවුරු කල නොහැක්කේ. එම දෙමාපියන් කිසිම ප්‍රකාෂයක් නොකරනා බැවිනි. එම කාරනයද සොයා බැලිය යුතුමය.

අවසාන වසයෙන් අපේ බූරුවන්ට කිව යුතුව ඇත්තේ. පොෂ් බව පෙන්වීමට හා ඉස්පැසලිස්ගේ නම කියා ලොකු කම් පෙන්වනවා වෙනුවට, ඕනෑම ලෙඩකට ආන්ඩුවේ ඉස්පිටිතාලෙට යන්න කියාය. මන්ද යක්කුන්ට මෙන් සැලකුවත්, සාක්කුවට කෙලවෙන ප්‍රමාණය අඩු නිසාය. මම නම් සමාන්‍ය රෝගයකට බෙහෙත් ගන්නේ ෆාමසියෙනි. මෙය නීතී විරෝධි ක්‍රියාවක් වූවද, මගේ පොකට් එකට සහනයක් බැවින් මම එසේ කරමි. මන්ද, ෆාමසිස්ට්ලා බෙහෙත් ගැන ඩොක්ටර්ස්ලාට වඩා අප්ඩේට් බැවිනි. අනෙක වෛද්‍යවරුන්ද ලෙඩා මල පසු කර අරිනවානම්. ෆාමිසියකින් බෙහෙත් බී මියයාමද, එකම දෙයක් හා ලාබ දෙයක් බැවිනි. එවිට ඔබේ මුදල් ඉතිරි නිසා. ඔබ මිය ගිය පසු, පවුලේ අය, "මිය ගියේ ඔබ නොව අපයි" වැනි නින්දා සහගත බැනර් දමා ඔබට අපහාස නොකරනා බැවිනි.


ප: ලි:
"අත පසුවී අත් කැපීම" ළිපියට ප්‍රසංශා කර ඊ මේල් එවු සැමට ස්තූතියි. වෙන වෙනම ළිපි එවීමට නොහැකි වීම ගැන අමනාප නොවන්න.

96 comments:

  1. //"ටැබූ", බ්ලොග් සමාජයේ පමණක් නොව, ඉන් එහා සමාජයේද, කතිකාවට භාජනය වූවාක් මෙන්ම, අනෙක් බ්ලොග් කරුවන්ගේ අදහස්ද, සමාජයේ කතිකාවට ලක්වන බව දැන ගැනීම ඉමහත් සතුටකි.//

    //අවම වශයෙන් වෛද්‍යවරුන්ගෙන් සමන්විත එම කමිටුව එම වරද පිළිගැනීම ගැන වුවද අප සතුටු වන්නෙමු//

    දැන් අපේ සුපර් හීරෝ මාතලන් මේ සටහන දැම්ම නිසාද මෙහෙම උනේ....මෙහෙම ගියොත් හෙම අපේ මරා දොස්තරල සේරම තහනම් කරල ආයුර්වේද අයියලට විතරක් ලන්කාවෙ බෙහෙත් දෙන්න සෙට් කරයිද දන්නෙ නෑ නේද.....

    අනේ මාතලන්... ඔබ සිටින මානසික මුලාව ගැන මට දුක සිතේ....

    ReplyDelete
    Replies
    1. මේ ලෙඩේට බෙහෙත් තවම සොයාගෙන නැත. සොයා ගන්නේද නැත.

      Delete
    2. මගේ දෙයියනේ ආයෙත් පුදුමාකාර ඇනෝ ඇවිත්.පාදෙණිය මහත්තයා වත් මේ තරම් අන්තවාදී නැතුව ඇති.මේ ඇනෝට පුංචි කාලේ ගස් බැඳලා තිත්ත කසාය පොවන්න ඇති.

      Delete
    3. මූ නම් ලෙඩේක්.. හරක් වෙදෙක්වත් හොයලා දියන් මාතලං ගොයියෝ......

      Delete
    4. හරක් වෙදෙක් ගැන නම් දන්නේ නෑ. දන්න එකටයි නොදන්න එකටයි හැම එකකටම කට දාන මීහරක් වෙදෙක් නම් ඉන්නවා. ඕනෙද ඇඩ්‍රස් එක?

      Delete
    5. ඇඩ්‍රස් එක කලින් දුන්නා නේ. එයාගෙන් හරි, ඉස කුඩිච්චියක් දාගත්තොත් නම් හොඳයි වගේ.. පිස්සු තද වෙන්න ඉස්සර...

      Delete
    6. ඔය වගේ දෙකයි දෙකේ හොරුන්ට අහු වෙච්චි කාලෙ ගියා මාතලන්. :-)

      Delete
  2. පිංගුත්තරයින්ට ලිපියක් කියවූ කල්හි මොලයට යන ප්‍රමාණය ඉහත කමෙන්ටුවෙන් මනාව පැහැදිලි වේ. දුකයි නමුත් කරන්නට දෙයක් නැත. ඔබලා වැන්නවුන් සමග මෙලොව එකට වාසය කිරීම අපේ වාසනාවකි. පිනකි. මේ අශ්චර්වයවත් වූ ඉන්දියන් සාගරයේ මුතු ඇටයයි. ඉතින් අපි කෙළිමු සතුටින් පිනා යමින්.

    ReplyDelete
    Replies
    1. ඕනෑම දියුණු රටක වුව පිස්සන් සඳහාද රෝහල් ඇත. එහෙත් මෝඩයන් වෙනුවෙන් බෙහෙත්ද නැත, ඉස්පිරිතාලද නැත. කනගාටුවට කාරණය එයයි.

      Delete
  3. ඔබගේ අදහම් කතිකාවට බාජනය වන්නේ නම් අපද ඉමහත් ලෙස සතුටු වෙමු... අත කැපු ශිෂයාව පිළිබද වාර්තාව පදනම් ව දඩුවම් ක්‍රියාත්මක විය යුතුයි.. ඒකේ දෙකක් නැත. ෆාමසියෙන් බෙහෙත් ගන්න ගිහින් ඒ අහංසකයාද පෝරකේට යවන්න එපා යැයි ඉල්ලීමක් කරන්නට ද සිදු වේ.. අනිත් කාරණාව නං ඔය මොන සල්ලි කන ඉස්පිරිතාලෙත් ලෙඩාට බඩු හම්බවෙන බව දැක්කොත් දක්කන්නේ ආන්ඩුවේ එකටය. ඒක අනිවාර්යය. ඇත්තටම නොයන නිසා දැන ගන්න ට විදියක් නැත ලෙඩකට බෙහෙත් ගන්න ආන්ඩුවේ එකට යෑම පොඩි කට්ටක් වුවද දැන් නං ඕනම බෙහෙතක් තියෙනවාය. ඒ ගැන අත්දැකීමෙන් දන්නා නිසා කියන්නට හැකිය.. ඔහේගේ ටෝන් එක ඩිංගක් වෙනස් වෙච්චි හින්දා ඒ ටෝන් එක මම අද ගත්තේය...

    ReplyDelete
    Replies
    1. ඇත්ත දේශකයා තාමත් ලෙඩකට යා යුත්තේ රජයේ විදිමත් රොහලකටම තමයි.හැම රෝහලේම පහසුකම් නෑ. ඒත් පහසුකම් ඇති රෝහල්වල ඒ කටයුතු මුදලාලිලාගේ රෝහලට වඩා හොදින් කෙරෙනවා..එකම දෙය ටිකක් කට්ටක් කන්න සිදු විමයි.

      Delete
    2. මගේ අදහස් විතරක් නෙමෙයි බන්. ජාලේ ගොඩක් උන් ලිව්වා. ඒ ගැනත් අවධානය යොමු කලා කියා ළිපියක් ලැබීම වූවත් සතුටට කාරණාවක් නොවේද.. ඒක මේ ගැන බ්ලොග් වල කතා කල සැමට කරණ ලද ගෞරවයක්..

      Delete
  4. ඔය රීපෝර්ට් හදන්නේත් දොස්තරවරු හින්දා අත කපපු සීන් එක යට යනවයි කියලා ගියපාර මාතලන් ගොයියා කිව්වම මමත් මෝඩයා වගේ ඒක විශ්වාස කලානේ....මාතලන්ට වැරදුනා...මමත් මෝඩයා උනා...ලොක්කා ගොඩ ගියා....

    ReplyDelete
    Replies
    1. මිනිස්සු හදන්න පුලුවන් වන්නේත් මිනිසාට මිසක් මැෂින් වලට නොවේ..

      Delete
  5. //ඇතුලතින් ලැබෙන ආරංචි අනුව කිසිම හෘද රෝග ලක්ෂණයක් නැතිව මුදල් ඇති බව දැනගතහොත් බයිපාස් ඔපරේෂන්ද කරනා බවයි//

    ඇත්ත! මම දන්න කෙනෙකුට ඕක උනා.

    ReplyDelete
    Replies
    1. මේක ඉතාම කනගාටුදායි දෙයක්. සල්ලි තිබුනට මිනිස්සුන්ට මොළේ නෑ..

      Delete
    2. This is defensive medicine in fear of lawsuits later.

      Please read this..

      http://www.kevinmd.com/blog/2012/10/death-defensive-medicine.html?fb_action_ids=10200459507787778&fb_action_types=og.likes&fb_source=other_multiline&action_object_map={%2210200459507787778%22%3A289032531206324}&action_type_map={%2210200459507787778%22%3A%22og.likes%22}&action_ref_map=[]

      Delete
    3. කියෙව්වා. ඕකම තමයි ස්කෑන් යන්ත්‍රය පිපිරීමෙන් මියගිය දැරිය වෙනුවෙනුත් ගෙන එන තර්කය. මතක තබා ගන්න ලංකාවේ ගොයම් කොලයට මුවා වෙලා වෙඩි තබාපූ අයත් උන්න බව.

      Delete
  6. ඇත්තෙන්ම මාතලන් මෙම කාරණය අවසානයේ වසන් කිරීමට නොහැකි පරිදි රටට නිරාවරණය කිරීමට සමස්ත අන්තර්ජාලයම හේතු සාධක වූවා. මේ අනුව මුද්‍රිත මාධ්‍යයට ද ගැලවිය නොහැකි වූවා. අප නොදන්නා පරිදි තව කොපමණ සත්‍ය යට යනවා ඇතිද?

    තව දෙයක් තිබෙනවා “ලංකාදීප“ සහ “දිවයින“ (මා දිවයින on-line ප්‍රවෘතිය දැක්කා) කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකුගේ ලිංගික අතවරයට ලක්‌වූ කුරුණෑගල හෙද අභ්‍යාස විද්‍යාලයේ ශිෂ්‍යාවක්‌ පිළිබඳව වාර්තා කර තිබෙනවා. සිද්ධිය පිළිබඳව මා ඇත්ත නැත්ත දන්නේ නැහැ. නමුත් කරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත යාපා මහතා ලිපියක් ලංකාදීපයට යොමුකර දන්වා ඇත්තේ එවැනි කිසිදු ශිෂ්‍යයෙකු නැති බවත්, වෛද්‍යවරයෙකු සම්බන්ධ නැති බවත්, හලාවත රෝහලේ එවැනි අයෙකු නැති බවත්, පොලිස් පැමිණිල්ලක් ද වාර්තා වී නැති බවත් ය. (එම ලිපිය මාගේ ලිපියට පසුව ඇතුළත් කරනු ලැබුවා)

    දැන් අපේ රටේ සමහර අයට වැටහෙනවා ඇති පෞද්ගලීකරණයේ ප්‍රතිවිපාක. මේ සියල්ල මුදලින් තීරණය වන්නට ආර්ථිකය නිදහස් කිරීමේ අනිටු ප්‍රතිඵල ය. රජයද සෙමෙන් විවිධ අංශ පෞද්ගලික අංශ වෙත විවෘත කරමින් තම වගකීම් වලින් නිදහස් වීමට මාන බලනවා. පසුගිය වර්ෂයේ (2012) කෘතීමව ඖෂධ හිඟයක් ඇති කිරීමට වෙර දැරුවේද මේ මාෆියාවේ අවශ්‍යතා වෙනුවෙනි.

    ඇයි මේ අමනොඥ පාලකයින්ට බැරි “ජාතික ඖෂධ ප්‍රතිපත්තිය“ මේ වසරේ දී වත් ක්‍රියාත්මක කරන්න. මා දන්නා කරුණු අනුව එකී ප්‍රතිපත්තිය මේ වසරේ පමණක් නොව ඉදිරි වසරකදී හෝ ක්‍රියාත්මක කිරීමේ උවමනාවක් නැහැ. එය බාල ගිරි දෝෂයකි.

    ReplyDelete
    Replies
    1. එය මැනවින් ක්‍රියාවට නංවන්න ගිය මහැදුරු බිබිලේ මහතාට වූයේ කුමක්ද?

      Delete
    2. මේය පෞද්ගලීකරණය වැරැද්දක් නොවේ නිර්මලා. මා පෞද්ගලීකරණය වෙනුවෙන් පෙනි සිටිනවා. නමුත් කරුමය නම් රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය අවංකව හා නියමාකාරයෙන් කෙරෙන්නේද යන්න සොයා බැලීමක් සිඳු නොවීම හා ඒ සඳහා ඇති ආයතන හා පුද්ගලයන් මුදල් හමුවේ තම කාර්යයන් නිසි ලෙස ඉටු නොකිරීම. මෙය ඉතා කනගාටූදායක තත්වයක්. වෙනත් රටක පෞද්ගලීකරණය තුලින් වඩා ඉහල නිශ්පාදනයක් හා සේවාවක් පාරිභෝගිකයාට (පෞද්ගලීකරණය යටතේ රෝගියාද සිසුන්ද පාරොභෝගිකයන්ය.) ලැබුනද. අපේ රටේදී සිඳුවන්නේ. පෞදගලීකරණ මාෆියාවක් තුලින් අවම පිරිවැයක් යටතේ බාල සේවාවක් හෝ භාන්ඩයක් ලබා දීමයි. ඔබ දන්නවාද පෞදගලික රෝහල්වල කාර්යය පටිපාටිය ගැන සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යංශයට කිසිම වැඩ පිලිවලක් නොමැති බව. මෙමගින් සිඳුවී තිබෙනුයේ රට පුරා හංදියක් හංදියක් ගානේ පෞද්ගලික ආරෝග්‍යශාලා බිහිවීමයි. මේවායේ තත්වය මට වඩා ඔබ දන්නවා ඇතයි සිතමි.

      Delete
    3. //දැන් අපේ රටේ සමහර අයට වැටහෙනවා ඇති පෞද්ගලීකරණයේ ප්‍රතිවිපාක//

      පෞද්ගලීකරනයේ වරදක්ද ??? නැත්නම් හරිහමන් නියාමන ක්‍රමවේදයක් රජය සතු නොවීමද ???

      Delete
  7. හැම දෙයක්ම සාපේකෂ වූ ලෝකයෝ ඉහක සිදුවීම් දෙක අරබයා ඇතිවුණ ප්‍රතික්‍රියාවන් හි ප්‍රතිඵල ද සාපේක්ෂය.අප නිවැරදියි කියා උපකල්පනයේ සිටි වාර්ථාවක් එලෙසින්ම එළියට පැමිණිමම අපගේ අමන්දානන්දයට හේතුව වෙයි.

    ReplyDelete
    Replies
    1. අවංකවම කතා කරනවානම්. මෙය කිසි කෙනෙකුන් හෝ බලාපොරොත්තිඋ නොවූ වාර්ථාවක්. දැන් මෙය ඇමතිවරයා අතේ. අපි බලමු ඔහු ගන්නා පියවර. වෛද්‍යවරුන් මේ අවස්ථාවේ අවංකව කටයුතු කර ඇත. ඇමතියාත් එසේ කරනු ඇතයි අප බලාපොරොත්තු වෙමු.

      Delete
  8. ටැබූගේ තියරිය වුණේ බ්ලොග් එකේ පත්තු කරන ඉටිපන්දමකින් සමාජයේ ලොකු ගිනි මැළයක් අවුළවන එකයි. එය එක් පමණකට සාර්ථක වුණා. ටැබූගේ පමණක් නොව වෙනත් බ්ලොග්කරුවන්ගේද බ්ලොග් සටහන් රාවය වැනි පුවත්පත් වල පළ වී සංවාදයට බඳුන් වෙනවා. නමුත් ටැබු නතර වීමත් සමඟ ඒ සංසිද්ධිය බිඳ වැටෙනවා. මා හිතන්නේ අපට නැවත ඒකට කාලය ඇවිත්. මාතලන්ගේ ගා චාර්මිගේ සටහන් දැන් ඒ වගේ සාකච්ඡාවට බඳුන් වෙන බව දැන ගැනීම සතුටට කාරණාවක්. අප ගමන් කළ යුත්තේ එතැනටයි. මේ පුංචි බ්ලොග් අවකාශයේ හිර වෙලා ඉඳලා වැඩක් නැහැ. බ්ලොග් එකක දාන ලිපියක් සමාජය හොල්ලන තැනට ගෙන යායුතුයි. විශේෂයෙන්ම පුවත්පත් හා රූපවාහිනි නාලිකා එක එකාට කඩේ යමින් සිටින අවස්ථාවකදී බ්ලොග්කරුවන්ගේ මේ මැදිහත්වීම වැදගත්.

    ReplyDelete
    Replies
    1. අදත් අලුතින් විකල්ප බ්ලොග් අඩවී බිහිවීම සතුටට කාරණයක්. නිර්මලා ඒ අය අතුරින් ඉදිරියෙන්ම සිටිනවා.

      Delete
    2. මාතලන්, ඔබ සඳහන් කළ බ්ලොග් එක බැලුවා. ඒකෙ නම් ඒ හැටි ගන්න දෙයක් නැහැ. නමුත් අළුතින් හොඳ බ්ලොග්කරුවන්/කාරියන් එකතු වන බව නම් ඇත්තයි.

      Delete
  9. ඔය කොයි ක්ෂේත්‍රයටත් 100%ක් හොඳ මිනිස්සු අහුවෙන්නෙ නෑ. සුදුස්සො නුසුදුස්සො කවුරුත් අහුවෙනවා නොයෙක් හේතූන් මත. මේක උපාධිය ලබාගැනීම මත රඳාපවතින දෙයක් නෙවෙයි. ඒකයි මම කලිනුත් කමෙන්ට් එකක කිව්ව විදියට එක ප්‍රොෆෙසර් කෙනෙක් වෛද්‍ය ශිෂයයන්ට කිව්වේ, "උඹලා දොස්තරලා වෙන්න කලින්, මනුස්සයො වෙයල්ලා," කියලා.

    ඉතින් මේක ගුරුකමට, පොලිස් සේවයට, නීතිඥ වෘතියට හැම එකටම අදාලයි. ඉහඳ පණුවො එකෙක් දෙන්නෙක් ඉන්නවා. ඒකෙන් මුලු සේවයම අපකීර්තියට පත් වෙනවා. එකෙක් දෙන්නෙක්ගෙ වැඩ නිසා අපි ගුරුවරුත් නිකං ඉඳලා පඩි ගන්න හොරු ගානට වැටිලා තියෙන්නෙ. නමුත් ඒක සත්‍යයෙන් කොච්චර ඈතද කියලා දන්නෙ සේවයේ ඉන්න අපියි.

    දොස්තරලා ගැන කිව්වොත්, ලංකාවේ දොස්තරලට අනවශ්‍ය සමාජ තත්වයක් දීලා උඩ යවලා තියෙන්නෙ සමාජයමයි. සමහර දොස්තරලත් ඒ අංතට්‍ටුව දාගෙන ක්‍රියා කරනවා පේනවා. සමහර දොස්තරලා හැසිරෙන්නෙ පොලිස්කාරයෝ වගේ තමයි. මිනිස්සුන්ට සත්තුන්ට වගේ කතාකරන දොස්තරලා මාත් දැකලා තියෙනවා.

    නමුත් අහංකාරකම හිතට නොගත්ත, දිවි හිමියෙන් සේවයට කැප වෙච්ච දොස්තරලාත් ඒ අතරෙ අනන්ත ඉන්න බවවත්, ඒ මිනිස්සු මෙතනදි තමන් එහෙමයි කියලා හඬක් නගන්න උත්සාහ නොකරන නිසාම යටපත් වී ඇති බවත් අපිට මොහොතකට අමතක වෙනවා. මම දන්න දොස්තර කෙනෙක් නිවාඩු දවස් වලට තමන්ගෙ කාරෙකේ තමන් මෙලදී ගත්ත බේත් දාගෙන ඈත පලාත් වල අසරන මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න ගිය බව මම දන්නවා. එක්කෙනෙක් දොස්තර මහානාම.

    ඇත්තෙන්ම මේ ලියන මගෙත් මගේ පවුලේ සියලු දෙනාගෙත් ජීවිත දොස්තරලා විසින් කී වතාවක් ගොඩ දාලා ඇත්ද උපන් දා ඉඳලා.

    මේ සිද්ධිය ඇත්තටම කොහොමද වුනේ කියලා මම දන්නෙ නෑ. නමුත් මේ වගේ සිද්ධීන් වරින් වර වාර්තා වෙනවා. සමහර දේවල් අත් වැරදීම්. සමහර ඒවා නොසැලකිලිමත්ව කටයුතු කිරීම්, සමහර සේවය කරන්න සිදුවෙන පාලනය කල නොහැකි තත්වයන් යටතේ (අධික විඩාව, නිදි වැරීම වගේ) සිදුවන සිද්ධීන්. නමුත් මේ කොයි සිද්ධියත් එක හා සමානම බරපතලයි.

    සමහර විට අර ඉඳුරුවේ ආචාරියාවගේ, එක කඩතොල්ල වහගන්න කරන වගකීම් රහිත අමන ප්‍රකාශ නිසා දාහක් කඩතොලු හදාගෙන තත්වය උග්‍ර කරගන්නවා අපේ උන්දලා. මෙතනදිත් ඒ වගේ දෙයක් වූ බව තමයි පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. මෙතන හෙන්රී තමන්ගේ වැරද්ද පිලි ගත්තානම් කිසිම දෙයක් වන්නේ නෑ. නමුත් එවන් දෙයක් මේ තාක් ලංකාවේ සිඳුවී නෑ. එය ලංකිකයන්ට උරුම කරුමයක්. නිවසේදී පවා වැරද්දක් පිලිගන්නේ කීයෙන් කී දෙනාද. එක බොරුවක් වහන්න බොරු කීයක් නම් කියනවාද. මා දන්නා පරිදි තම හෘදය ශාක්ෂියට වැඩ කිරීමට නොහැකි බව පවසා තනතුරු හැර ගොස් තිබෙන්නේ ලංකාවේ දෙදෙනායි. කෙනෙක් ජයවර්ධන සමයේ ජයසූරිය ඇමතිතුමා. වත්මනේ, ජානාධිපති ලේඛම් තුමාගේ නෝනා.

      Delete
  10. \\\ඇතුලතින් ලැබෙන ආරංචි අනුව කිසිම හෘද රෝග ලක්ෂණයක් නැතිව මුදල් ඇති බව දැනගතහොත් බයිපාස් ඔපරේෂන්ද කරනා බවයි. ////
    මේක නම් බරපතල ප්‍රකාශයක් මාතලේ ...

    \\\එම දෙමාපියන් කිසිම ප්‍රකාෂයක් නොකරනා බැවිනි. එම කාරනයද සොයා බැලිය යුතුමය.///

    "ඔන්න ඕකයි අපිත් පාඩුවේ ඉමු " හැමෝම හිතන්නේ ..
    අම්ම අප්පගෙත් කට වැහුවම අපිට පාන්ද වගේ වෙනවා
    නේද මාතලේ ?

    හැබැයි මේ ඉලක්ක ගත විසදුම් එක්ක නම් සම්මජාතියකට
    රටක් වශයෙන් ගොඩ යන්න බැහැ ..

    \\\ප: ලි:
    "අත පසුවී අත් කැපීම" ළිපියට ප්‍රසංශා කර ඊ මේල් එවු සැමට ස්තූතියි. වෙන වෙනම ළිපි එවීමට නොහැකි වීම ගැන අමනාප නොවන්න.///

    පිස්සුද බන් අපි නම් එකම මේල් එකක් වත් එව්වේ නැහැ ..:D

    ReplyDelete
    Replies
    1. ඇයි බං උබ විතරද මාතලන්ට මේල් යවන්නේ.

      Delete
    2. ඕන් මම දෙන්න ඕන උත්තරේ ඇනෝ කෙනෙක් දීලා. ඉතින් මම කුමක් කියම්ද... උඹලා ඊ මේල් එවන්න ඕන නෑනේ. කොමෙන්ට් එකක් දානවනේ. ඒ උනාට විශාල පිරිසක් ඉන්නවා. ඊයක් එවන. ඒවා අතර ප්‍රසංසා මෙන්ම අපහාසද ඇත.

      Delete
  11. මගේ හිතේ තිබුන කතාවක් ලියුවාට ඔබට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බන් උඹේ හිතේ තිබුන කතාව.

      Delete
  12. ඔය ලිපි ටික මමත් කියව්වා.
    පත්තර වල නවලෝක රෝහල කියල නොගිය එක පුදුමයක් නොවේ. මක්නිසාද යත් පත්තර වල පැවැත්මට අදාළ ආයතනය මගින් ලැබෙන දායකත්වය. රජයේ රෝහල් හෝ ආයතන පත්තර වල ඇඩ් දාන්නේ නැත. අඩුම තරමේ ලිපියක් වැටුන එකමත් ඇති.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. ඒකමත් ළොකු දෙයක්..

      Delete
  13. මේක නම් හරිම අවාසනාවන්ත තත්වයක්. මේ හැමදෙයකින්ම අහිමිවන්නේ වටින ජීවිත.

    ReplyDelete
    Replies
    1. අපට වටිනා ජීවීත උනාට. ඔවුන්ට වටින්නේ වෛද්‍යවරුන්ගේ ඉංජිනේරුවන්ගේ ජීවිත පමණයි. ඔය කොමෙන්ට් වලින්ම පේනවනේ. ඒයාලා හිතාගෙන ඉන්න හැටි. ඇත්තටම මේකට තමයි හීනමානය කියන්නේ.

      Delete
  14. බ්ලොග් ලෝකයේ "ස්වර්ණමය"අවස්ථාව පටන් ගෙන ඇත්තේ දැනුයි.එමනිසා සත්‍යය සොයා බලා,ඇත්ත අපට ගෙනහැරපාන සහෝදර/සහෝදරියන්ට මාගේ උපහාරය පුදමි!මෙම ලිපි කියවන මා මෙන්ම ඔබ සැමත් සොයුර/සොයුරියන් සේ අත්වැල් බැදගෙන,සැබෑ වෙනසකට පා නැගුවොත් හොදයි නේද?දෙවියෝ සිටින්නේ අප සමග නොවෙන බව අපට ඇස් පනා පිට පැහැදිලි වී ඇත.අපට සිටින්නෙ අප පමණය.තීරණය අප සතුය!!!!

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් ගැන කතා කරන්න තවම කල් වැඩියි. ඇත්තටම අප ඉන්නේ ළදරු අවස්ථාවේ. ඒත් අප ලියන දෙයක් පිළිබඳවත් අවධානයක් යොමුවීම සතුටට කාරණයක්.

      Delete
  15. ඇඩ්මිට් කල විගස ඩොක්ටර් අසන්නේ ඉන්ෂුවරන්ස් තිබේද කියාය. එය ඔව් නම්, බිල ඩබල් ත්‍රිබල් වන්නේය.

    එසේම සමහරක් ශල්‍ය වෛද්‍යවරු කකුලේ ගල් තැලුමක් නම්, කකුල කපා ඉවත් කොට මුදල් ඉපැයීමට තරම් උගත්තුය.

    මේ ගැන ලියන්නට මාගේ පෞද්ගලික අත්දැකීම් බොහෝම වුවත් ලියන්නට බැරිය.

    ජය !

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සැමා කරුමේ. උඹ වගේ කෙනෙක් මෙහෙම දියක් ලිව්වම ගොඩාක් අය අතරට යනවා. ඉඳලා හිටලා හරි මෙහෙම දෙයක් ගැන ලියපන්. මොකෝ උඹ වටා ඉන්න පිරිස වැඩියි. ඒකෙන් රටට සේවයක් කරපන්. වචනයකින් හරි. විය යුත්තේ එයයි. උදාහරණයක් රාජ්...

      Delete
  16. මේ වෛද්‍ය වරුන්ට සිදු වූ අත්වරද්දට/නොසලකිලිමත්කමට අනිවාර්ය දඬුවම් ලැබිය යුතුයි. නමුත් මේ රටේ දෙමවුපියන්ගේ නොසැලකිලිමත් කම නිසා දරුවන් කී දෙනෙක් මත්ද්‍රවය වලට ඇබ්බැහි වී මුළු ජීවිතයම නැතිකරගන්නවද? ඔවුන්ගේ ජීවිත විතරක් නොවෙඉ සමාජයටත් මේ අය හානියක්. ඇතැම් ගුරුවරු නිසි පරිදි උගැන්වීම නොකරන නිසා තරුණ ජීවිත කීයක් විනාස වනවාද? නොසැලකිලිමත් කම නිසා තමන්ගේම දරුවන්ගේම ජීවිත විනාස වීමට ඉඩහරින දෙමවුපියන්ට දඬුවම් දීමට කවුරුත් ඉදිරිපත් නොවන්නේ අයි? අහිංසක මිනිසුන් දහස් ගානක් අමු අමුවේ මරා දැමු කරුණ අම්මාන් ට එරෙහිව මේ ඇති උතුම් මාද්ය හා බ්ලොග් කරුවන් හඬ නොනගන්නේ අයි?

    ReplyDelete
    Replies
    1. ගුරුවරු ඇරුනම අනිත් කිව්ව කට්ටිය ඒවා කරන්නේ පඩියේකට නෙමෙයිනේ මචං ඒකයි ...

      Delete
    2. හඳක් නැගිය යුතු ඕනෑම දෙයක් වෙනුවෙන් අප හඳ නගනවා. ඉතාම සංවේදී මාතෘකාවක් වූවද "හලාල්" ගැන කතා කලේත් ඒ නිසයි.

      Delete
  17. දොක්ටස්ලා මනුෂයෝ තමා ඒ වුනාට එයාලගේ අතින් පයින් යන්නේ නැති හින්දා ඕන කෙනෙක්ගේ අතක් පයක් කපන්න සූදානම්.අපේ අම්මගෙත් කකුලේ ඇඟිල්ලක් කැපුවා.තව පොඩ්ඩෙන් කකුලෙන් කෑල්ලක්ම කපනවා.රජයේ ඉස්පිරිතාලයක් වුනත් පෞද්ගලික එකක් වුනත් දොස්තරවරු ඔක්කොම එකයි.

    ReplyDelete
    Replies
    1. කියුවාහම මටත් බයයි. මගේ අතකුත් වෙලාවකට රිදෙනවා.

      Delete
    2. දොස්තරවරු ඔක්කෝම එකයි කියන එකනම් මම පිලිගන්නේ නෑ. නියම ජීවකයන්ද අදත් ඕනෑ තරම් සිටිනවා. නමුත් යක්කු වැඩියි... ඇත්තටම මෙයට සමාජීය පසුබිමක් තිබෙනවා. ඉස්සර දොස්තර කෙනෙක් වෙන කෙනෙකුට සමාජයෙන් ලබා ගන්න දෙයක් නෑ. ඔවුන් බොහෝ ධනවත් වංශවත් පවුල්වල උදවිය. එහෙම නැත්නම් වාමාංශික අදහස් දැරූ උදවිය. එහෙත් සාමාන්‍ය පන්තියේ කෙනෙක් වෛද්‍යවරෙක් ඉංජිනේරුවෙක් උනාම. ඒයා එයාගේ සමාජයට වඩා උසස් මට්ටමක ඉන්න පුදුම උත්සාහයක් ගන්නවා. මෙය ඔවුන් කරන්නේ ඔවුන්ගේ පන්තිය පාගා දමමින්. කරුමය මෙයයි.

      Delete
    3. "හොඳ වෛද්‍යවරයෙක් නම් වමන්ශිකයෙක් විය යුතුයි. නැතිනම් පරම්පරාවෙන් පෝසත් විය යුතුයි. " හරිම අගේ ඇති මතයක්. දැන් UK , USA වලත් එහෙමද? අනේ ගොනෝ මේ එකක්වත් නොවෙයි සේවයට සහ වගකීමට සරිලන වැටුපක්, අවශ්‍ය පහසුකම් මෙන්ම අසීමාන්තික වැඩ ප්‍රමාණයෙන් නිදහස් කල යුතුයි.

      Delete
    4. ඉතින් ඒක මගෙන් ඉල්ලලා හරියන්නෙ නෑනේ. ඒක රජයෙන් ඉල්ල ගන්න. අපි ඉල්ලන්නේ වැරද්දක් උනාම. වැරැද්ද පිලිගන්න කියලා විතරයි. වෛද්‍යවරින් මනුෂ්‍යයෝනේ. එයාලා අතිනුත් වැරද්දක් වෙන්න පුළුවන්. ඒක පිලිනොගන්න එකයි මගේ තර්කය.

      ගොන් හරකා. හරක් වෙදෙක් හමුවී වස්තියක් කරවා ගන්න.

      Delete
    5. ඔයා බේත් ගන්නේ හරක් වෙදෙක්ගෙන් වගේ. හරක් වෙදකම ගැන නිතරම කියවන්නේ. හරකෙක් උනාට කමක් නෑ. උම්බෑ කියනකොට ටිකක් කල්පනා කරපන්. ගොන් තර්ක ඉදිරිපත් නොකර. දොස්තර කෙනෙක් එක්ක තරහක් තියෙනවනම් පිරිමියෙක් වගේ ඒ ප්‍රශ්නේ විසඳ ගනින්. රටටම් ගොන් කම පෙන්නන්නේ නැතුව.

      Delete
  18. බලමු දෙන දඬුවම මොකක්ද කියලා!

    ReplyDelete
    Replies
    1. දඬුවම් දෙයි මෙන්න කියලා.

      Delete
    2. මම හිතන්නේ නෑ. දොස්තරලට කොන්ද පන තිබුනට. ඇමතියට කොන්දක් තියෙයි කියලා. 94 සිට අද වන තෙක් මා එය නම් දැක නෑ... බී ටී අයි බැක්ටීරියාව මාසෙන් ගේනවයි කී හාදයනේ. මාසයක්කියන්නේ බ්‍රහස්පතිගේ මාසයක්ද දන්නෙ නෑ.

      Delete
  19. මාතලන්,

    (දීර්ඝ කමෙන්ටුවක් දමනවා එයට සමාවෙන්න.)

    මම මේ සංවාදයට මගේ අදහස් එක කරන්න කැමති වුවත් ඒ මඟහැර සිටීමටත් හිතුවා. කෙසේ හෝ මේ පිළිබඳ මගේ අදහස් ද මෙයට වැදගත් වන බව මගේ සිත කියන බැවින් මම ඒ පිළිබඳ මෙසේ කියන්නම්.
    රටේ මේ වන විට වෛද්‍ය අතපසුවීම් නිසා ඇති වූ සිද්ධීන් තුනක් ප්‍රසිද්ධියට පැමිණ තිබෙනවා.
    1. නීති ශිෂ්‍ය අචලාගේ සිද්ධිය.
    2. කුඩා දරුවාගේ ස්කෑන් පරීක්ෂාවේ දී වූ මාරක අනතුර
    3. කාන්තාවක් ෆයිබ්‍රොයිඩ් ශල්‍යකරමයකට පසු මියාම. (මෙය ගිය වසරේ සිද්ධියක් වුවත් එය එළියට පැමිණියේ නඩුව විභාග වන වර්තමානයේයි.)

    එකින් එක ගමු. අචලාගේ සිද්ධිය ස්ථිරවම ඉතාම බරපතල නොසලකා හැරීමක් බව දැන් ඔප්පු වෙමින් පවතිනවා. ඒ කමිටු වාර්තාව නිවැරදිව සාධාරණ තීරණයක් දී ඇති නිසා එයට සාධාරණයක් ලැබෙවි යැයි සිතනවා. ඒ වගේම ඒ වරද කරුවන්ට දඩුවම් ද දිය යුතුමයි. දැන් ඒ ගැන කතා කරනවාට වඩා සිද්ධිය ඉදිරියට යන ආකාරය පිළිබඳ සැලකිලිමත් වීම හොදයි. මොකද මෙය තව ටික දිනකින් නඩු නිමිත්තක් වන නිසා. ළමයාට වූ පාඩුව මේ කිසිවකින් මනින්න බැහැ. ඒ සිද්ධියේදී අදාල වෛද්‍යවරයාගේ ප්‍රකාශය මම දැඩි ලෙස හෙලා දකිනවා.

    2. දෙවන සිදිධියත් දැන් නඩුවක් නිසා අපි කතා නොකළ යුතුයි කියන තැනයි මම ඉන්නෙ. නමුත් ඒ පිළිබඳ පරීක්ෂණ වලදී වන අඩුපාඩුවක් මම පෙන්නා දෙන්නම්. ළමයා මිය ගියේ මොළයට ඔක්සිජන් සැපයීම අවහිර වීමෙන් බවයි මරණ පරීක්ෂණ වාර්ථාව කියන්නේ. ඒ විය හැකි හේතු කීපයක් මේ සිධියට අදාළව තිබෙනවා.
    1. දරුවාගේ ඔක්සිජන් සැපයුම යන්ත්‍රයේ දෝෂයකින් අවහිර වීම.
    2. අදාල රෝහල ප්‍රකාශ කරන ආකාරයට දරුවාට එම අවස්තාවේ දී අපස්මාරය වැළදීම. මෙහිදීත් සිදු වන්නේ මොළයට ඔක්සිජන් සැපයීම අවහිර වීමක් විය හැකියි. ඒ සදහා පරීක්ෂන වලදී අදාල යන්ත්‍රය සීල් තබා එය පිටරටක ඉංජිනේරුවන් ලවා පරීක්ෂා කළ යුතුයි.

    3. මේ සිද්ධිය මම දකින්නේ සැබෑම අත්වරදක් ලෙසයි. මොක ද මේ අදාල වෛද්‍යවරයා මේ රටට කළ සේවයත් සමග මොහුට මේ කරණ මදි පුංචිකම් පිළිබඳ මම දැඩි ලෙස කලකිරුනා. එතුමා විශාල සේවයක් මේ රටේ වෛද්‍ය විද්‍යාවට කර තිබෙනවා. ශ්‍රී ලංකාවට නළ දරු උපත් ක්‍රමය හඳුන්වා දෙන්න බොහෝ වෙහෙස වූ අයෙක්. ඒ වගේම වෛද්‍ය අධ්‍යාපනයට විශාල සේවයක් මෙතුමා කර තිබෙනවා. මට මගේ පශ්චාත් උපාධි ලබා ගැනීමේදී මෙතුමාගේ ආයතනය ලබා දුන් සහය ඉතා විශාලයි. යම් තරමකට කේන්ති ගන්නා සුළු චරිතයක් වුවත්, මම දන්නා තරමින් මෙතුමා ඒ සියල්ලම කරන්නේ රෝගියා වෙනුවෙන්. එවන් මිනිසෙක්ට වූ එක වරදක් සදහා මෙතරම් අපහාස කිරීම මම අනුමත කරන්නේ නැහැ. හැබැයි ඒ සදහා අදාල රෝහල නම් යම් වගකිව යුතු තත්ත්වයක් පෙන්වනවා. කෙසේ හෝ මෙ ගැන සාධාරන අධිකරණ තීන්දුවක් ලැබෙයි. අපි කාටත් එය බලාගන්න පුළුවන් වෙයි.

    ඒ නිසා මේ සිද්ධි පිළිබඳ වෙන වෙන කෝණ වලින් අප බැලිය යුතුයි.


    (මම හිතන්නේ ආයූර්වේද වුවත් බටහිර වුවත් මේ දෙකම එකම අමාත්‍යාංශයක් යටතට ගෙන මේ දෙකේම පරිපාලනය එකට සිදු කරනවා නම් හොදයි. නමුත් එය වෙනම කතා කළ යුතු කරුනක්.) වෛද්‍ය වැරදි ආයුර්වේදයේත් සිදු වනවා. නමුත් අප බැලිය යුත්තේ මේවා ඇත්තටම වැරදීම් ද නොසලකා හැරීම් ද කියන් එකයි. වෛද්‍ය විද්‍යාවේ නොසැලකීම් වලට ඉඩක් නැහැ. ආයූර්වේද හෝ බටහිර යන දෙදෙනාම සේවය කරන්නේ මහජනතාවගේ සෞක්‍යය පිළිබඳවයි. ඒ නිසා වෛද්‍යවරයෙක් වනවා නම් වගකීම ඒ සමගම එනවා.

    ReplyDelete
    Replies
    1. ///ආයූර්වේද වුවත් බටහිර වුවත් මේ දෙකම එකම අමාත්‍යාංශයක් යටතට ගෙන මේ දෙකේම පරිපාලනය එකට සිදු කරනවා නම් හොදයි///

      එන්ඩීටී එවුනුත් හරි කැමතියි ඉංජ්නේරුවෝ අස්සෙම රිංගන්න....මේකත් ඒ වගේ යෝජනාවක් තමයි....

      Delete
    2. @February 15, 2013 at 7:41 PM,

      +++++++++++++++++++++++++

      Delete
    3. තොපිට මොලේ කළඳක් නැද්ද බූරුවෝ.. ඔය වෙදනා කියලා තියෙන්නේ ආයුර්වේද වෛද්‍යවරුන්ට එම්බීබීඑස් දෙන්න කියලා නෙවෙයි... එකම අමාත්‍යාංශෙක පරිපාලනයක් යටතට ගේන්න කියලා....

      තොපිට ඔය කියන ඇස්ප්‍රින් ඩිස්ප්‍රින් පැනඩෝල් එන්න කලින් තමයි තොපිව ජාතක කරන්න තොපේ දෙමවුපියෝ හදපු එවුන් කසාය තිත්ත ගුලි බීවේ... බුද්ධදාස රජ්ජුරුවෝ නයාට සැත්කම් කලේ ඔපරේශන් තියටර් එකක් තියාගෙන කියලා කියන බූරුවොත් ඉඳීවි තව ටික කාලෙකින්....

      Delete
    4. ඇත්ත. ඔය කියන එවුන්ම තමයි ගොන් කරත්ත වලින් ගියෙත්. ඉතින් උඹ කියන්නෙ අපේ මුතුන් මිත්තො ගොන් කරත්ත වලින් ගිය පළියට අපටත් ගොන් කරත්ත වලින් යන්න කියලද? උඹට ඕනැ නම් පලයන්. අපි කාර් බස් වල යන්නම්.

      Delete
  20. මේක දෙකට කඩන්න වුනා. දිග වැඩි නිසා ද කොහෙ ද?
    ඔබ සදහන් කරණ සමහර කරුණු මම ඉතාම හොදින් දන්නවා. හෘද රෝග සම්බන්ධව කාරණය මම දකින්නේ මේ රටේ තිබෙන තවත් එක් ඛේදවාචකයක් ලෙස.

    ඔබ දන්නව ද, සමහර රෝහල්වල වෛද්‍යවරුන් තමන්ගේ වෙනත් සඟයන්ට රෝගීන් සිටින ප්‍රමානය වැඩි වුනහම අයථා මාර්ග වලින් ඔවුන් රෝහල් වලින් එළවනව. මෙය මම අත්දැක තිබෙනවා. ඒ මගේ හොදම මිතුරා දැනට ලංකාවේ සිටින ප්‍රධානම හෘද රෝග විශේෂඤ්ඤ වෛද්‍යවරයෙක් නිසා. කොටින්ම ඔහුව එළවන්න සමහර වෛද්‍යවරුන් කටයුතු කළ ආකාරය පුදුම සහගතයි. මෙතුමා රට හැර යන්නට සියල්ල සූදානම් කළා. අපි තුන් හතර දෙනෙක් නිසා තමයි එතුමා මෙරට නැවතුනේ. ඉන් අද මේ රටේ, හෙට වෛද්‍යවරුන් වන්නට සිටින විශාල සංඛ්‍යාවක් ඵල ලබනවා. ඒ සියල්ල අපි දිනුවා. එතුමා අද මෙරට සිටින ප්‍රධාන හෘද රෝග වෛද්‍යවරයෙක්.

    ඔබ දන්නවානේ මම ආයූර්වේද වෛද්‍යවරයෙක් ලෙස අපේම ආයූර්වේද වෛද්‍යවරුන් මා එළවන්න කටයුතු කළ ආකාරය. මම ඒ ලියා තිබෙනවා.

    මගේ හැඟීම මේ වෛද්‍ය කර්මයේ වරදක් නෙමෙයි. මේ මහා ලොකු අවුරුදු 2500 ඉතිහාසයක්, සංස්කෘතියක් ඇති අපි කටයුතු කරන පිළිවෙළ. ඒ සදහා වෛද්‍ය කර්මය පලි නැහැ.

    ලංකාවේ සමහර වෛද්‍යවරුන්ට ආයූර්වේද වුවත් බටහිර වුවත් කම් නැහැ. තමන්ගේ ලෙඩ්ඩු වෙන කෙනෙක් ලඟට යන්න ගත්තොත්, එහෙම නැත්නම් වෙනත් වෛද්‍යවරයෙක් ජනප්‍රිය වේගන එනවා නම් කවුරුත් එකට එකතු වෙලා අර වෛද්‍යවරයාව පන්නනවා. මේවා බොහොම ප්‍රසිද්ධ කාරණා. මට උදාහරණත් දෙන්න පුළුවන්. නමුත් මම ඒ තත්ත්වයට වැටෙන්න කැමති නැහැ.

    ඒ අතරම තවත් සමහර වෛද්‍යවරුන් සිටිනවා. ඔවුන්ට කමක් නැහැ වෛද්‍යක්‍රමය කුමක් වුවත් අදාල රොගියා සුව වනවා නම් ඒ රෝගයට අදාල බටහිර වෛද්‍යවරයා හෝ ආයූර්වේද වෛද්‍යවරයා වෙත රොගියා යොමු කරන අය. එහෙම අයත් මේ රටේ තවම සිටිනවා.

    විය යුත්තේ රෝගියා සුව වීම පමණයි. නමුත් වන්නේ වෛද්‍යවරයා පෝසත් වීම. එහෙමත් නැත්නම් වෙනත් කොහේවත් සිටින රෝහල් අයිති මුදලාලිලා පොහොසත් වීම. මේ කොයි කවුරුත් එකයි. හැම තැනම තිබෙන්නේ රොගියා නොව වෛද්‍යවරයා ඉස්මතු වන තත්ත්වයක්. වඩා වැදගත් වන්නේ වෛද්‍යවරයා බව තමයි අපේ රටේ රෝගියාත් වෛද්‍යවරයාත් දෙදෙනාම සිතන්නේ. එයට ආයූර්වේද බටහිර භේදයක් නැහැ. දෙතැනම තත්ත්වය සමානයි. මේවා බොහොම සුලභ තත්ත්වයන්. කොටින්ම අද ඒ විකෘතිය ප්‍රකෘතිය බවට පත් වෙලා.

    මේවා ඉතාම මෑතක ඇති වූ ප්‍රවණතා. ඒකට හේතුව විදියට මට නම් හිතාගන්න කිසිවක් නැහැ.
    පහත් මානසිකත්වය මිසක් වෙන මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මේක සමාජීය ගැටලුවක්. අප දන්නා කාලයේ වෛද්‍යවරුන් බිහිවූයේ ඉහල පංතියේ පවුල් වලින්. ඔවුන් ඇත්තටම මේ රැකියාව. සමාජයේ බැබලීමට මෙන්ම සමාජයට සේවයක් කිරීමටද යොදාගත්තා. දෙවිවරු මෙන් රෝගීන්ට කතා බහ කරන වෛද්‍යවරුන්ගෙන් ලද බෙහෙත් නිසා නොව හේත් හේතුවෙන් රෝගීන් සුවපත් උනා. ඔවුනට පහල පන්තියේ මිනිසුන් දේවත්වයෙන් පිදුවේ ඒ හේතුවෙන්. එහෙත් 56 දරුවන්ගෙන් ඒ දේ බලාපොරොත්තු වෙන්න බෑ. ඔවුන් පහල පන්තියෙන් ඉහල තනතුරුවලට ගොස් තම පන්තියෙන් අර ගෞරවයම ලබා ගත්තා. හේතුව මුදල් පසු පස නොගිය නිසා. ඒත් විවෘත ලංකාවට හඳුන්වා දුන් විනයක් නීතීයක් නොමැති විවෘත ආර්ථිකය ක්‍රියාවලිය හේතුවෙන් දේවත්වය ගෞරවයෙන් තුලින් පමණක් ලැබීමෙන් කිසිඳු පලක් නොමැති බවත් ඒ සඳහා බල්ලන් මරා හෝ මුදල් සෙවිය යුතු බවත් සමාජයේ ගෞරවයට පාත්‍රවූ දොස්තරවරුන්, ගුරුවරුන් පමනක් නොව බෞද්ධ පූජකයන් පවා තම සේවයට අධික මිලක් නියම කලා. දැන් මේ සියළු දෙනා සොයන්නේ මුදල් පමණයි. එහෙත් පෙර ලද ගෞරවයත් බලාපොරොත්තු වෙනවා. එහෙත් සමාජය ඔවුනට සලකන්නේ නෑ. ගෞරව කරන්නේ නෑ. අද පන්සල් භූමීයේම හාමුදුරුවරුන් ඝාතනය කරන්නේත්. ආසියාවේ මුලින්ම විවෘත ආර්ථිකය හඳුන්වා දුන් රටක් වූවත් අති වේගයෙන් සෝමාලියාව වෙත ගමන් කරන්නේත්. මනුසත් බව, නීතීයට ගරු කිරීම අමතක කල හේතුව නිසා මිස වෙන කිසිඳු හේතුවක් නිසා නොවේ.

      Delete
    2. 1960 ගණන් වල මැලේරියාවෙන් ලක්ෂ ගණන් මිය ගියේ ඒ හොඳට කතාකරපු නිසා වෙන්න ඇති මගේ හිතේ.
      නොදන්න දේ ගැන කතා නොකර හිටපන්. ලෙඩක් සුවවෙන්න අදාල ඖසදය මිස වෙනත් බහු බූත වැදගත් නැත. හොඳට කතා කරන මුත් රෝගයට ප්‍රතිකාර කරන දොස්තරලා හිටියොත් කියන්න වෙනනේ " හරිම සීදේවි දොස්තර නෝනා. එත් ලෙඩ්ඩු ඔක්කොම මලා " කියල තමයි. අපේ රටේ ඉන්න cirrhosis හැදිලා මැරෙන්න වැටිලා ඉද්දිත් අරක්කු බොන මෝඩ රල නලව නලව ඉන්නද මාතලන් කියන්නේ. -sorry මාතලන් ඔයා අරක්කු වලට හරිම මනාපයි . ඒවා promote කරන කෙනෙක් කියල මට අමතක උනා. ඔයා wife සහ දුවටත් පොවන කෙනානේ.

      Delete
    3. ඔව් අපි බොනවා. අපි විතරක් නෙමෙයි ලංකාවම බේවද්දෝ.. මර අරක්කු කාරයෝ නිකන් දෙනවනේ.. ඒත් නොමිලේ දෙන බේතවට් ගෙනත් ඩෙංගු විනාශ නොකර මදුරු කොයිල් සමාගම් වලින් ජරාව කන එකයි කැත වැඩේ. ඒ කියන්නේ ලෙඩේට තියෙන බේත්වට් දෙන්නේ නෑ. කොමිස් නැත්නම්. ඒකයි අද උන්ගෙයි එදා උන්ගෙයි වෙනස.

      Delete
    4. dengue වලට කොහෙද හලෝ බේත් තියෙන්නේ. BTI කියන්නෙත් සාර්ථක දෙයක් නොවෙයි. මේක සල්ලි ටිකක් ගහගන්න ministry එකේ හොරු කරපු වැඩක්.තමන්ගේ වටපිටාව පවිත්‍ර කරලා තියාගන්නේ නැතිව ආණ්ඩුවෙන් හැම එකම පිනට කරනකම් බලන් ඉන්න කම්මැලි කාලකන්නි ඉන්න රටකට ලැබෙන්න ඕනේ මේ වගේ ජරාව කන ඇමතිවරු සහ නිලදාරීන් තමයි. කොහොම උනත් dengue හැදුනු එකෙක් වුනත් ගෙදර ගිහින් වටපිටාව පිරිසිදුව තියාගන්නේ නැනේ මේ රටේ. වෛද්‍ය වරු රෝගීන් සිය ගණනක් ඉනන වාට්ටු වල dengue රෝගීන් බේරගන්න දිව රැ මහන්සි වෙන ආකාරය මාතලන් නොදන්නවා ඇතැයි සිතමි.

      Delete
    5. ඒ ගැන ගැටළුවක් නැත. මමද ඩෙංගුවලට ගොදුරුව එළොව ගොස් මෙළොව ආ කෙනෙක්මි. එහිදි මා හට නම් උසස් සේවාවක් ලැබුනේය. මා එයට මුදල් ගෙවන ලදි. මුදල් පමනක් නොව ඉතා සතුටින් කේක් ගෙඩියක්ද පූජා කලෙමි.

      දිවා රෑ වෙහෙසෙනවාට වඩා, ජනතාව පිට වරද පටවන්නේ නැතිව. බී ටී අයි බැක්ටීරීයාව ගේන්න කියා ස්ට්‍රයික් එකක් කලොත් හොඳ නැද්ද. නෑ මේ ස්ට්‍රයික් කරනවට නෙමේ. නිකමට වගේ ඇහුවේ.

      Delete
    6. BTI ලංකාවේ අසාර්ථක වී ඇත. ලංකාවේ පරිසර තත්ත්ව වලට ගැලපෙන්නේ දැයි සොයා pilot study එකක් නොකර එකවරම සල්ලි ගෙවා මහා තොගයක් ගෙන්වා ඇත. අපි නම් හොරෙ දනිමු. මෙය mosquito control වලට එක අනු විසදුමක් පමණි. BTI සාර්ථක වුවද අනෙකුත් Control methods අනිවාර්ය වේ. dengue මදුරුවා පියබන්නේ 200m පමණක් බැවින් රටින් පිළියම් එන ත්රූ කට අරගෙන ඉන්නේ නැතුව හෙට ඉරිදා වත් අසල වැසියන් එකතු කරගෙන බෝවන් ස්ථාන විනාශ කරන්න.
      වෛද්‍ය වරු strike කලත් මදුරුවන් strike නොකරයි. වෛද්‍ය වරු strike කලද dengue රෝගීන් වැනි අසාද්‍ය රෝගීන්ට ප්‍රතිකාර කරන බවද කිව යුතුය, මේ රටේ strike කරන දවසෙත් වැඩ කරන එකම පිරිසද doctor s බව නොකියම බැරිය.

      Delete
    7. අනේද කියන්නේ...

      Delete
  21. මට මෙතැනදී කුමාර තිරිමැදුර කාලෙකට කලින් ලියපු කතාවක් මතක් වුණා. එක නළුවෙක් හිටියාලු පොඩි කාලේ ඉඳලාම පොලිස්කාරයෙක් වෙන්න හීන මවපු. නමුත් යම් හේතුවක් නිසා (මතක හැටියට ශාරීරික ආබාධයක්) ඔහුට පොලීසියට ඇතුළු වෙන්න බැරිවුණා. අහම්බෙන් අවස්ථාවක් ලැබිලා නළුවකු වුනායින් පසුව ඔහුගෙ ලොකුම වින්දනය වුණේ චිත්‍රපට වලදි පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනකුගේ චරිතයම ඉල්ලාගෙන රඟ පෑමලු. ආසාව කොච්චරද කියනවා නම් රඟපෑමට අඳින පොලිස් නිල ඇඳුම ගෙදරදීම ඇඳගෙන ඇවිත් ආපහු ගලවන්නේත් හවස ගෙදර ගිහින්ලු. දවසක් බොරැල්ලේදි ඇත්ත පොලිසියෙන් අල්ලලා සෑහෙන කරදරයක් වුනා කියලා ආරංචියි.

    මේ වගේ තමයි, වෛද්‍යවරයෙක් වෙන්න ජීවිත කාලයක් තිස්සෙ සිහින මවලා, බැරිවෙලා, පස්සෙ යාන්තම් ඒකට ගෑවෙන වෘත්තියක යෙදෙන අයට වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින්නට තියෙන ආසාව. හරියට අර කාර් එක හදන මෙකැනිකුත් තමන් මෙකැනිකල් ඉංජිනියර් කෙනෙක් කියා ගන්නාවා වගේ. ඉස්පිරිතාලේ බේත් කලවම් කරන එකාත් කැමැතියි තමන් වෛද්‍යවරයෙක් කියා ගන්න.

    මේවගේ අයට තමන්ගේ හීනමානය නැති කරගන්න එක්තරා දුරකට හරි හේතු වේවි, පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් වයස මට්ටම නොබලා වෛද්‍ය උපාධිය හදාරන්න දුන්න නම්. මේ අසරණයන්ට ලොකු පිහිටක් ඒක.

    ReplyDelete
    Replies
    1. අනේ බං ඇනෝ,
      ප්‍රයිවට් කරපු ඒවාගෙන් අපි දුක් විදිනවා මදිවට තවත් ප්‍රයිවට් කතා. කෙලවෙන්නේ අපිට. මානසික ලෙඩ්ඩු / සල්ලි තියෙන සෙල්ලක්කාරයෝ ඩොකාලා කරන්න කම්පස් හලදා, ඒ ඩොකාලාගෙන් බේත් ගන්න ඒකට දායක වුන උන්ම ගියානම් තමා හොඳ.

      Delete
    2. මහළු වයසේදී වෛද්‍ය උපාධි දෙන්න ඕනැ ඒ අයගෙන් බෙහෙත් ගන්න නෙවෙයි. ඔවුන්ට යම් හිතේ සහනයක් ලබා දෙන්න. එහෙම මහළු වෙලා නීති උපාධිය ගන්න ක්‍රමයක් කලින් තිබුණා. ඒ වැඩි දෙනෙක් ප්‍රැක්ටිස් කළේ නැහැ. නමුත් නීතිඥයකු කියා ගන්න පුළුවන්නේ. ඉතින් එහෙම දෙන එක හොඳයි. නැත්නම් වෙන්නේ වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු මදි වෙච්චි අය ගොඩ වෙද්දුන් වෙලා වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් සමාජය රැවටීම.

      Delete
    3. මෙතනදි බලන්න ඕන වෛද්‍යවරයෙක් වීමට මෙතරම් වලිකන හේතුව කුමක්ද කියනා කාරනයයි. එය මුදල් හම්බ කිරීම මිස වෙන කිසිවක්ම නොවේ. එනයින් බලන කල එය තවත් රැකියාවක්ම පමණි.

      Delete
    4. ඔබ සමඟ එකඟයි.කාටහරි වෛද්‍යවරයෙක් විතරක් නෙවෙයි, ඉංජිනේරුවකු හෝ නීතිඥයකු හෝ වෙනත් ඕනෑම වෘත්තිකයකු වෙන්න ඕනැ සල්ලි හම්බ කරන්න තමයි. වෛද්‍යවරුන් කියන්නේ පිනට බෙහෙත් දෙන කට්ටියට නෙවෙයි. ඔවුන් ඉගෙනීමට කැප කළ කාලයට, වෙදකම් කරන්නට කැප කරන කාලයට ඉපැයීමක් තිබිය යුතුයිනෙ. හැබැයි වෙදකම කියලා පට්ටපල් බොරු කියලා, මිථ්‍යාව පතුරවලා සල්ලි ගරනවා නම වැරදියි.

      Delete
    5. "මේවගේ අයට තමන්ගේ හීනමානය නැති කරගන්න එක්තරා දුරකට හරි හේතු වේවි, පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් වයස මට්ටම නොබලා වෛද්‍ය උපාධිය හදාරන්න දුන්න නම්. මේ අසරණයන්ට ලොකු පිහිටක් ඒක."

      exactly!!! for people like mathalan....

      Delete
    6. මට වෛද්‍යවරයෙක් වෙන්න ඕන නෑ. මුදලම නොතකන, මනුස්සකම ගරුකරන, යහපත් මිනිසුන් සුළු පිරිසක් හෝ මා බිහිකර තිබෙනවා.

      Delete
  22. ඇත්තටම මෙහෙදී නම් අපි අසනීප වෙන්න බයයි පුළුවන් තරම් පරිස්සම් වෙනවා. මොකද අසනීප වෙලා බෙරෙනවට වැඩිය හොඳයි කියල හිතෙනවා එහෙමම වල කජ්ජ ගැහුවනම්. ඒතරම් ගණන් ගන්නේ මෙහෙ. හැබැයි මෙහෙදී වෙන අසනීප වලට අපේ ලංකාවේ උදවිය බෙහෙත් හේත් කලේ ලංකාවට ඇවිත් දැන් ඒකත් හීනයක් වෙන හැඩයි.

    ReplyDelete
    Replies
    1. මම දන්නවා ඔහේ ගනන් ගැන එහෙම. ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. ඒ ටහින් බැලුවම තවම් මෙහේ හොඳයි. ඒත් ඉන්දියාවේ ස්ටෑන්ඩඩ් එක නම් නෑ. මට මේල් එකක් දාපන් අර වැඩේට.

      Delete
  23. සල්ලි හම්බ කරන්න ඕන නම් වෛද්‍ය වෘත්තියට වඩා ඉක්මනට සහ පහසුවෙන් සල්ලි හොයන්න පුළුවන් රස්සාවල් ඕනේ තරම් තියේ. වෛද්‍ය වරයෙක් තමන්ගේ රෝගියෙක් සුවය ලැබූ විට හෝ ඉතා අපහසුවෙන් නියම රෝග විනිශ්චය සොයා ගත විට ලබන සතුට මාතලන් වැනි හීනමානයෙන් පෙලෙන අයෙකුට වටහ දිය නොහැක. ඒ සතුට ලැබෙන්නේ තමන්ට සල්ලි ලැබෙන නිසා නෙමෙයි. තමන්ට පරම්පරවෙන් සල්ලි තියෙනවද නැත්නම් දුප්පත් විදියට ඉගෙනගෙන ඒ තත්වයට ආවද කියන එක මෙහිදී වැදගත් නැත.
    නියම තත්වය නොදැන මේ රටේ ගන්න වැටුපට වඩා සේවයක් ලබාදෙන සුළු පිරිසෙන් කොටසක් වන වෛද්‍ය වරුන්ට මඩ ගැහීමට මාද්‍ය කරුවන් පෙලබෙන්නේ මේවට විරුද්දව අදහස් දැක්වීමට හෝ කව්රුත් ඉදිරිපත් නොවෙන නිසාය. නැත්නම් මේ මාතලන් වැනි blog කරුවන් කවදාවත් කරුණා arrest කරනු යයි campaign නොකරන්නේ ඇයි කියා මට කවුරු හරි කියා දෙනවද?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකක් පටන් ගන්න කරුණා හා දෙමළු මරමු කියලා. කරුණා පෙන්නා හීනමානය වසා ගැනීමේ රෝගයට බෙහෙත් මුල්ලේරියාවේ ඇත. කරුණාකර බෙහෙත් ලබා ගන්න.

      Delete
    2. කරුණට කරුණාවයි වගේ නේද? මොකද අතක් කැපුව වගේද දහස් ගණන් මරණ එක . එයා විප්ලවවාදියෙක් නේ. සෝමවංස ල එහෙමත් එහෙම තමයි.

      All murderers are punished unless they kill in large numbers and to the sound of trumpets.
      -Voltaire

      Delete
    3. ඔය ලෙඩේට නම් බෙහෙත් තවම සොයාගෙන නැත. සොයා ගත් වහාම බ්ලොග් පෝස්ටුවක් මගින් දන්වන්නම්. ස්තූතියි

      Delete
  24. private channeling වල ගන්න සල්ලි ගැන කියනවනම් අපේ රටේ 10 $ වැනි මුදලකට වෛද්‍ය වරයෙකු හමුවුවද අනෙක් රටක එවන් appointment එකකට අවම 150 $ ගෙවිය යුතුය. එබැවින් වෛද්‍ය වරු මෙහිදී කරන පුද්ගලික සේවය වුවද නාමික මුදලකට නිකන් වගේ සිදු කරන බව නොපෙනේද? එහෙම කරන්නේ මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සුන්ගේ වියදම් කිරීමේ හැකියාව ගැන සලකා මිස සුදුසුකම් වල හෝ හැකියාවේ අඩුවක් නිසා නොවේ.

    ReplyDelete
    Replies
    1. totally agreed with both above comments. but i wonder why u are commenting as ANOs you should express your views with heads up

      Delete
    2. අපේ රටේ මිනිස්සුන්ට වියදම් කරන්න පුළුවන් මට්ටමෙන් ගාන ගන්නවා මිසක්, ඩොලර් 150 කට බෙහෙත් පෙති ටිකක් දීමට තරම් වෛද්‍යවරුන් සමාජය ගැන කිසිත්ම නොදන්නා පිරිසක් නොවේ. ඔවුන්ගේ පෞදගලික වෛද්‍ය සේවය ඊට වැඩු ගනනක් අය කර ලබා දුන්නද මට ප්‍රශ්ණයක් නැත. (අති විශේෂ ගනන් අය කරනා වෛද්‍යවරුන්ද ලංකාවේ සිටි. නොදන්නවානම් සොයා බලන්න.) ප්‍රශ්ණය ඇත්තේ ගෙවන වටිනාකමට සේවයක් ලබා දෙනවාද. එම සේවය කෙතරම් උසස්ද යන ප්‍රශ්ණයයි.

      Delete
    3. වෛද්‍ය වරු ගෙවන වටිනා කමට සේවය ලබා දෙන මේ රටේ සිටින එකම කොටසයි. ලංකාවේ ළදරු මරණ හා මාතෘ මරණ අනුපාතිකයන් දියුණු රටවලට අසන්න මට්ටම් වල පවතින අතර වෛද්‍ය වැටුප් එම රට වලින් 1/1000 පමණ වේ. දකුණු ආසියාවේ රටවල් අතර health indices වලින් ඉහලින්ම තියෙන රටක් තමයි ලංකාව. මෙහෙම වන්නේ වෛද්‍ය සේවයේ ඉන්න අය ලබා දෙන උසස් සේවාව නිසා නොවේද? මේ රටේ වෙන කිසිම ක්ෂේත්‍රයක් ex : engineers /IT එවැනි තත්වයක් ලබාගෙන තියනවද? සමාවන්න armed forces හැර.

      Delete
    4. එම කරුණු හා එකඟයි.. ගැළුවක් නැත. මා කිසි දිනෙක් වෛද්‍ය ක්ෂේත්‍රයේ කිසිම් හොඳක් නැතයි පවසා නැත. අප කතා කරන්නේ අඩු ලුහුඬු කම් ගැන පමණය. එය අපගේ යුතු කමකි. දෙවියන් මෙන් වෛද්‍යවරුන් අදත් බොහෝ ඇත. එක නමක් හෝ සඳහන් නොකරනුයේ. මාෆියාවේ කැපිල්ලට ඔවුන් ලක් වන බැවිනි.

      Delete
  25. I do not know how to create a profile

    ReplyDelete
    Replies
    1. It is OK. No Prob. comment as a Anonymous, ID is not important here.

      Delete
  26. මම ත් ඩොකෙක් මාතලන් .... වෛද්‍යවරු කියන්නෙත් සමාජයේ තවත් කුලකයක් ... අපි අතරෙත් හරියට වැඩ නොකර උනුත් ඉන්නවා... උන් ගේ වැරදි වලට දඬුවම් කරාට අපි විරුද්ධ නෑ .. ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ සිදුවීමක් උනාම ඔක්කොටම බනින එකයි... මේකේ කොමෙන්ට් වලත් එහෙම දාල තියෙනවා... මම මගේ රස්සාව හරියට කරනවා ... ඒ වගේම එහෙම කරන ගොඩක් ඉන්න බවත් මම අත්දැකීමෙන්ම දන්නවා.. එමනිසා isolated incidence අල්ලාගෙන හැම වෛද්යවරයාම විවේචනය කිරීම අසාධාරණයි ...

    ReplyDelete
    Replies
    1. මචන් තුෂාර, මූට කියල වැඩක් නෑ.... මූ හොර වෙද්දු මාකට් කරන එකෙක්... මූ මානසික ලෙඩෙක්.... පුලුවන්නම් අල්ලන් ගිහින් බෙහෙත් ටිකක් දීපන්

      Delete
    2. කිසිම ප්‍රශ්ණයක් නාඑ ඩොකටර්. අපි ඉන්නේ ලෙඩුන් වෙනුවෙන්. ඔබේ අදහස් ප්‍රකාෂ කිරීමට සියළුම අයිතිය ඔබ සතුව ඇත. මින් පෙර චීටා නමින් වෛද්‍යවරයකු මෙහිම කොමෙන්ට් කර අප සාධාරන අයුරින් ක්‍රියා කරන බව පවසා ඇත. අනෙක බොහෝ වෛද්‍යවරුන් මේ ප්‍රශ්ණය දැනෙන ආකාරයෙන් සාඛඡ්චාවට භාජනය කිරීම පිළිබඳව පැසසුම් කර ඇත. මා කිසිම අවස්ථාවක සියළුම වෛද්‍යවරුන් විවේචනය කර නැත. එසේ කිරීමට මා හට අයිතියක්ද නැත. මන්ද කුඩා කල මා ජීවත්වූයේ වෛද්‍යවරුන්ගේ මහත් පරිශ්‍රමයන් නිසාමය. එසේ කියා ඔවුන්ගෙන් සිඳුවන අසාධාරණයකදි හඬක් නොනගා සිටිම මට කෙසේවත් කල නොහැක.

      ඇනෝටනම් කියන්න තියෙන්නේ හරක් වෙදෙක්ගෙන් බෙහෙත් ටිකක් ලබා ගන්නා ලෙසයි..

      Delete
  27. ඔබේ ලිපිය ගැන ගැටළුවක් නෑ මාතලන්.. එය ඔබේ අදහසයි .... එයට වෛද්‍යවරයෙකු විදිහට මට දැනෙන අදහසයි එකතු කලේ..... මෙතන උන සිදුවීම Medical negligence එකක් කියල මම පැහැදිලිවම කියනවා .... අපි එකක් POP cast දාපුවමcompartment syndrome කියන තත්වය expect කරනවා ... මෙහිදී එම රෝගී තත්වයේ රෝග ලක්ෂණ කාර්ය මණ්ඩලය විසින් නොසලකා හැරීමෙනුයි මෙහෙම උනේ ... එය වලක්වා ගත යුතුව තිබුන දෙයක්....

    @ ඇනෝ ට..... ලෝකේ මෙච්චර ලස්සන විවිධත්වය නිසා ... එකම අදහසක් තිබුන නම් එපා වේවි.. මම අන් මත ඉවසමි :)
    ප.ලී.
    මම සෑහෙන කාලෙක ඉඳන් තමයි ඔබේ ලිපි කියවන්නේ මාතලන් .... පළමු වතාවටයි කොමෙන්ට් එකක් දැම්මේ :).. මගේ අදහසත් වැදගත් වෙයි කියල හිතුන නිසා .....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩොක්ටර්....

      Delete
  28. Dilemmas of a Doctor..:

    If you are young, your are DISMISSED as inexperienced..

    If old, DOUBTED to be outdated...!

    If you take a decent fee, they may CONSIDER you as greedy..

    If you take less, they may CONFUSE you for a quack...!

    If you prescribe few medicines, they feel prescription is INCOMPLETE..

    If you write too many, they choose to COMPLETE
    the course of vitamin, leaving the antibiotics course mid-way...!

    If you give them too many
    investigation, they SUSPECT you do it for COMMISSION..

    If you don't, you are SUSCEPTIBLE to be sued for OMISSION...!

    If you do not give them time, they feel you are not EMPATHETIC..

    If you give them too much time, they fear your competence is PATHETIC
    as you seem to have only a few patients and ample time...!

    Give us some sunshine,
    give us some rain,
    give us another chance
    many may not choose
    to be a Doctor once again !:

    ReplyDelete
    Replies
    1. A Doctor's Dilemma

      I've seen so much of death that I should know
      Of my own fate and my mortality
      And yet I seem to live my life as though
      Death and dying don't apply to me.

      Richard Lackman

      Delete
  29. “We look for medicine to be an orderly field of knowledge and procedure.
    But it is not. It is an imperfect science, an enterprise of constantly changing knowledge, uncertain information, fallible individuals, and at the same time lives on the line.
    There is science in what we do, yes, but also habit, intuition, and sometimes plain old guessing. The gap between what we know and what we aim for persists. And this gap complicates everything we do.”
    ― Atul Gawande

    ReplyDelete
  30. http://youtu.be/pmxNwsVPA_k?t=1h9m28s

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න