.

.

Mar 14, 2013

මත විමසා, කරන්ට් ඇල්ලීම - Electricity tariffs to rise by 60%

By - Awantha Atigala
අපි පොඩි කාලේ ටැලිවිසොන් තිබුනෙ නැතිය, ඒ කාලේ තිබුනේ සිංහල සිනමාවේ සුවර්න යුගයද මොකක්ද එකක්ය. අන්න ඒක හැම තැනම වගේ පිචැර් හෝල් වල තිබුනේය. ඒවාවල මේ බයිස්කෝප් පෙන්නනවාය. චිත්තරපටි කියලාත් කියනවාය. ඔය බොග දාන සැමාගේ තාත්තා හදන සෝ බලන්න, හරිම අමාරුය. ඒ මොකෝ එවා හවුස් පුල්ය. ඒ කියන්නේ, හෝල් එක පිරෙන්න කට කපලා සෙනගය. එයාගේ ඒව්වාවල නම්, කොම්ට් කෑලි තිබ්බේ නැතිය. සැමා වගේම මුලු සෝ එකම මල් කතාවල්ය. ජනක සහ මංජු ජීවිතේට අමතක වන්නෙ නැත්තේ, දවස් දෙකක් ලිඩෝ එකේ කට්ට කා බලන්න බැරිවි, බලන්න හම්බ උනේ තුන්වෙනි දවසේ නිසාය.

ඒ කාලේ සෝ හදපු කස්ටිය, අද වගේ යුද්දෙ පෙන්නා සුද්දේ දැම්මේ නැතිය. ඒවා බැලුවාම, සල්ලි අතින් දීලා, අඬ අඬ අඩා ගෙදර එන්න වෙනවාය. එහෙම නැත්නම් කුවේණිත් යටට ඇන්දේ වික්ටෝරියා සීක්‍රට්දැයි යන ප්‍රශ්ණයක් ඔළුවේ දාගෙන එන්න වෙනවාය. ඒ කාලේ එහෙම නෙමේය. වෙනින් කවුරුවත් නෙමෙයි ලෙනින් මොරායෙස් හරි යසපාලිත නිර්මාණයක්, රස සාගරයක් හරි, සෝ එකක් හැදුවොත්, කොල්ලා ෆුල් හැන්ඩියාය, කෙල්ල ඉටිකිරිස් වගේය. අද ඔය මෙගා වල ඉන්න ලොන්ත කෑලි වගේ නෙමේය, දුෂ්ඨයාට අදටත් වෛර කරන්නේය, සින්දු තියෙනවාය, පයිට් තියෙනවාය. ඔය අස්සේ , බී ඇස්, දොන්, ඇන්තනී සී, ප්‍රෙඩිලාගේ ඉල ඇදෙන කොම්ට් කෑලීත් තියෙනවාය.

අද, එහෙම කොම්ට් දාන අය සෝ වල නැති උනාට, ටැලිවොසොන් වල ඉන්නවාය. ප්‍රෙඩී සිල්වා, නිහාල් සිල්වා වෙනුවට, අපේ රන්කඳ, මර්වින් සිල්වා ඉන්නවාය, මර්වින් විතරක් නෙමේය,  වැට නැති කට ඇරගෙන, රස කතා කියන අය වැහි වැහලාය. ඔක්කෝම ජෝකර්ලාය. ඉස්සර ජෝකර්ලා අතරේ ජෝ මහත්තයා වාගෙම පට්ට සම්භාව්‍ය ජෝකර් කෙනෙකුත් උන්නේය. පොර උන්නේ අපේ ගෙවල් ළඟමය, ආස්සරේ තියා, පැත්ත පලාතේවත් නොගියේ, පොරගේ මල්ලි කොලු කාරයා නිසාය. ඒ නිසා කොල්ලෝ ඒ පැත්ත පලාතේවත් නොගියේය.

ඒ වෙනින් කවුරුවත් නොවේයි කොස්තාය, විමල් කුමාරද කොස්තාය. එයාගේ ටැලන්ට් එක මම හිතන්නේ, අද වෙනකන්ම, කවුරුවත් හරියට පාවිච්චි කොලේ නැතිය. එයාලා අද කොම්ට් දාන්නෙත් නැතිය. ඒ අඩුව පුරවන්නට දැන් වෙනින් කොස්තා කෙනෙක් ඇවිල්ලාය. ඒ අපේ නොම්මර එකේ ලෝයර් මහත්තයෙක්, සිරි ලංකා එකේ පරණ කකුලක් හා සිරි ලංකා මහජන උපයෝගිතා සභාවේ චෙයාර්මන්, ජයතිස්ස ද කොස්තා මහතාය. එයා අපට මේ දවස්වල කොමිට් කෑලි පෙන්නනවාය.

එයා කියන්නේ, විදුලි බිල වැඩිකරන එක ගැන, මහජන මත එයාට කියන්න කියලාය. ඒයා ඒවා අහන්නත් ලෑස්තියි කියනවාය. ඒ කියලා, එයා ආන්ඩුව කියන දේටත් ඇහුම් කන් දෙනවා කියලත් කියනවාය. එහෙනම් ඉතින් අපෙන් අහන්නේ, අපි, ආන්ඩුවද කියා උන්නැහේගෙන් අහන්න ඕනෑය. ජනතාවගෙන් අහන්න දෙයක් නැතිය. විදුලි බිල නෙමෙයි, මොන මළඳනේ වැඩිකලත්, ජනතාවට මෙළෝ ගානක් නැතිය. ඒ මොකෝ කරන්ට් එක වැදිච්ච එකාට, කරන්ට් ඇල්ලුවාට දැනෙන්නේ නැති නිසාය. අපිට නම් දැන් 33,000 ඇල්ලුවත් අවුලක් නැත්තේමය. එහෙව් එකේ කොස්තා මහත්තයා හදන්නෙ මේකත් අපේ ඇඟේ ගහලා ෂේප් වෙන්නය. ජනතාවගේ කැමත්ත මත විදුලි බිල වැඩි කලා කීවොත් එච්චර අප්ෂට් ගන්නත් එපාය.

එයැයි ඒ කොමිට් කෑලි දැම්මාට, ඒකෙම මහත්තයෙක් ඇත්ත කතාව කිව්වේය. එයැයි කියන්නේ. විදුලි බිල වැඩි නොකර, එම පාඩුව පියවා ගත හැකි වෙනත් කොරොම තියෙනවානම්, කියන්න කියලාය. ආන්න එහෙම කියන්න ඕනාය. අපොයි එහෙම එව්වා නම් ඕන තරම් තියෙනවාය. මම මේ පල්ලෙහා ලියන්නේ එහෙම එව්වාය. එව්වා ඇප්ලයි කරානම්, අපේ පස්ස පැත්තේ ගහන්න යන කරන්ට් එක, ඔහේලාම ගහගෙන ආතල් එකක් ගන්න පුලුවන්ය.
  • ගිවිසුමක් පෙන්වා, ආන්ඩුවේ ව්‍යාපාරික හිතවතුන් සැනසීම සඳහා, පෞද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය මිළදී ගැනීම වහාම නැවත්විය යුතුය.
  • අතිරික්ත සෙවකයෝ ඔක්කෝම ගෙදර යැවිය යුතුය.
  • එන එන ඇමතියාට ඡන්දෙට වැඩ කරපු උන්ට ජොබ් දෙන ප්‍රයිවට් කොම්පැනියක් නොවිය යුතුය.
  • ආන්ඩුවට කඩේ යන, විදුලිය තියා ටෙස්ටර් එකක් වත් අල්ලා නැති, නිකන් ඉඳන් පඩි කන, අධ්‍යක්ෂක මණ්ඩලය ගෙදර යැවිය යුතුය. ඉංජිනේරුවන් උන්නාම හොඳටෝම ඇතිය.
  • අධි සුඛෝපභෝගී වාහන වෙනුවට, සමාන්‍ය මෝටර් රථ ලබා දිය යුතුය. 
  • ආන්ඩුවේ වැඩවලට තියා, කිසිම දෙයකට විදුලිය නොමිලේ ලබා නොදිය යුතුය.
  • පූජනීය ස්ථානවලට නොමිලේ විදුලිය දීම වහාම අත්හිටවිය යුතුය. මෙය අයුතු ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්නා අය බොහෝය. (කිසිම දෙයක්, කිසිම කෙනෙකුට, නොමිලේ දිය යුතු නැත.)
  • රාජ්‍ය ආයතනවලින් ලැබිය යුතු හිඟමුදල් වහාම ලබා ගත යුතුය, නැතිනම් විදුලිය විසන්දි කළ යුතුය.
  • මේවා කරන්න බැරිනම් පෞද්ගලික අංශයට විකුණා දැමිය යුතුය.
  • අධි වියදම් විදුලි ජනනය ක්‍රම වෙනුවට, සූර්ය තාපය හා සුළඟ ආධාරයෙන් විදුලිය නිපදවන්නන් දිරිමත් කල යුතුය.
  • ඈත පිටිසර ගම්මානවලට අධික වියදම් දරා විදුලිය සැපයීම වෙනුවට, බැටරි බලයෙන් හෝ සූර්ය තාපයෙන් විදුලි බලය ලබා දීමට ජාත්‍යන්තර ආධාර ලබා ගත යුතුය.
  • ජීව වායුව හෝ කුඩා ජල විදුලි බලාගාර වලින් විදුලිය ජනනය කර ගන්නා පාරිබෝගිකයින් ඇගයිමට ලක්කල යුතුය. ඔවුන් දිරිමත් කළ යුතුය. ඒවා ව්‍යාප්ත කළ යුතුය.
විශේෂ - ඔහේලාටත් එහෙම අදහස් තියෙනවානම්, මෙතන ලියන්න පුළුවන්ය. එහෙම නැත්නම් කොස්තා මහත්තයාට යවන්න පුළුවන්ය. ඒ සඳහා තොරතුරු මෙතනින් ලබා ගන්න පුළුවන්ය.

රනිල් මහත්තයාට පොරි හැලෙන්න දුන්නත්, සිරස නිව්ස් වලින් විදුලි බල ගැටළුව ගැන ඉතා වැදගත් ප්‍රවෘත්ති වාර්ථාකරණයක් ඉදිරිපත් කිරීම අගය කළ යුතුය.

117 comments:

  1. මොක කළත් අන්තිමට මේ යෝජනා හමස් පෙට්ටියට, උන්ට ඕනේ දේ උන් කරගන්නවා

    ReplyDelete
    Replies
    1. නමුත් අවසානය පෞද්ගලීකරණයයි. එහෙත් ඒ වෙනකොට ජනතාවක් ඉඳියිද දන්නෙ නෑ..

      Delete
  2. +++++++++++++++++

    ReplyDelete
  3. ඩීසල් ටික හරි ගාණට පැට්‍රෝලියම් එකෙන් අරගෙන හරි ගණනට විදුලි ඒකකය විකුණන දා එන කන් අපේ සමාජය ද්‍රරිද්‍රතාවයෙන් ගොඩ එන්නේ නෑත.

    //(කිසිම දෙයක්, කිසිම කෙනෙකුට, නොමිලේ දිය යුතු නැත.)//

    අපිට විදුලිය ඒකකය හම්බෙන්නේ නිකං නොවුනත් හරි ගාණට නොවේ...අපි නිකං දල්වන විදුලි බල්බයට....විදුලිය තියා ගෙදරට යන්න හරි හමං පාරක් නැති මහියංගනේ සිරියාවතිලාද තමන්ලාගේ සීනී කාලෙන්, භූමිතෙල් කාලෙන් අපේ විදුලි බිල ගෙවති...


    විදිලිබල අමත්‍යාංශය පමනක නොව සමස්ථරාජය අංශයෙම කාර්‍යයක්ශමතාව හා දූශනය ''අඩුකිරිම'' පිලිබදව එකඟය....

    ReplyDelete
    Replies
    1. දැන් බිල වැඩි කළා කියලා මහියංගනේ සිරියාවතිලා ගෙවන ගාස්තු අඩු වෙයි මෙන්න කියලා.

      Delete
    2. මේකත් අර හරියට පෝර සහණාදාරේ වග තමයි ඇනෝ....

      ගොවියට උදව් කරනවයි කියලා පෙන්වන්න ලාභෙට පොහොර සහනාදාරේ දෙනවා. සහණාධාරෙට ගෙවන්නේ ලොකු ලොක්කන්ගේ ගේ දොර විකුණලා නෙවෙයිනේ.....ඒක දරන්නේත් අර සීනී කාලෙනුයි භූමිතෙල් කාලේනුයි තමයි....

      අර පොහොර සහණාදාරේ කියලා ලාභෙට හාල් ටික ගොවියගෙන් අර ගන්න වී මුදලාලිලා, ඒ කියන්නේත් අපේ ඇමතිවරු තමයි, තව ටිකක් වැඩිපුර ලාභ තියාගෙන් අපට හාල් විකුණනවා. අතරමැදියාගේ ලාභේ වැඩිවෙන එක විතරයි වෙන්නෙ අන්තිමට.

      ඒත් අපේ මෝඩ මිනිස්සු පොහොර සහණාදාරේ රත්තරන් කියලා අර ගසා කන ඇමතිලම පත් කර ගන්නවා...

      අන්තිමේදි වෙලා තියෙන්නේ අපේ සාක්කුවෙන් අරාං ප්පොහොර සහනාදාරේ දීලා ලාභෙට වී ටික අරගෙන අතරමැදී වී මුදලාලි පොහොසත් වෙන එක විතරයි.

      වී ප්‍රශ්ණේ සෑබෑ ප්‍රශ්ණෞඅ උන වී ඒකාධිකාරය කැඩීමවත්, වී පලදාවේ කාර්‍යකශමතාව්යය වැඩි කීරීම වගේ ප්‍රශ්ණ වලට මෙ ගොල්ලො කවදාවත් අත ගහහ්න්නේ නෑ... බොහොම ලේසීයට ජනතාව ඉස්සරහ රොබින් හුඩ් වගේ ඉදගේන ජනතාව අන්දලා චන්ද ගන්නවා...අන්තිමේඩී වෙන්නෙ ඒකයි....

      Delete
    3. මෙහෙම ඇනෝලා බදාගෙන උම්මා දෙන්න හිතෙනවා. ඇත්ත දියවන්නාවේ කස්ටියට ආතල් ගන්න සිරියාවතිගේ උන්ඩුක පුච්චය හිටන් බයිට් එකට අරගෙන හරියන්නේ නෑ. මෙයාලගේ ආතල් එක ගැනීම වහාම නවත්තන්න ඕන. දේශපාලණය රස්සාවක් කියන මෙන්ටලිට එක හා ක්‍රමයම සම්පූර්නයෙන් අතුගා දැමිය යුතුමයි. මගෙත් තියරිය, කිසිම දෙයක් නොමිලේ නොදිය යුතුයි කියන එක. අපේ රටේ කරුමය එයයි. ඔඋඅ උදිත පල්ලෙහා තැනක සිංහලෙන්ම කියලා තියෙන්නේ කව්ද කියපු දෙයක්.

      Delete
  4. මාතලන් මුල ඉදලම ප්‍රස්තුතයට එන්නම්. ඒ චිත්‍රපටි විශේෂයෙන් පරණ කලුසුදු ඒවා මගේත් ෆේවරිට් නිසාය. ඔබ දන්නවනේ ක්ලැරිස්, ඇන්තනි සී, ජෝ ප්‍රධාන චරිතවල හිටපු අල්ලපු ගෙදර, එතකොට ගාමිණිගේ සරුංගලේ, නීල් රූපසිංහගේ චිත්තර පටි, මාලණී විජය එපිසෝඩ් එක, වටිනාම දේ 10. 30 බලල එන ගමන් ගෙවල් වල මල්පෝච්චි මාරු කරන එක, බෙල් එක ගහලා පැනලා දුවන එක අම්මෙ එහෙම කාලයක්.

    විදුලි බිල ප්‍රශ්නෙනන් ඔය කාට ලිව්වත් කිව්වත් ඔය එන්නෙ පොල්පැලේට වැඩේ දෙන්න බව මට නම් හැඟෙනවා. මේ සැරේ වෙනම අලුත් බයිලාවක් හදලා වැඩේ දෙයි.
    මම කවදත් කියන විදියට පුද්ගලික අංශයත් එක්ක මේ ගමන යනකම්ම විදුලි බිල වැඩි වන එක නවත්තන්න බැහැ. අනික මේ ප්‍රශ්නෙදි එක එක පළාත් වලට විශේෂී වූ විසදුම් තිබිය හැකියි. ඒවා හදුනාගෙන තර්කාණුකූල සහ විද්‍යාත්මකව විසදුම් දිය යුතු ප්‍රශ්නයක්. මහජනතාවගේ අදහස් මෙකෙදි ඉතා වටිනවා. කාල රාමුවක් තනාගෙන හැමෝගෙම සාකච්ඡාවෙන් මිසක ඔය මැති ඇමති හොරුන්ට කල හැකි දෙයක් නෙමේ මාතලන් මේ කෙළිය.

    ReplyDelete
    Replies
    1. සිංහල සිනමාව මැරුවෙ ශෂී විජේන්ද්‍ර. වලලලා දැම්මේ ජැකා.

      ඇමති කෙනෙක් පත් කරන්නේ ආයතනයක් පාලනය කරන්න නෙමෙයි අධීක්ෂණය කරන්න, නමුත් අද වෙලා තියෙන්නේ ඇමතිවරු අධීක්ෂණය කරන්න තව ඇමතියෙක් දාන එක. නිළධාරින්ට තියෙන්නේ ප්‍රායෝගික ක්‍රම හඳුන්වා දී අඩු පිටිවැයකින් වැඩි කාර්යක්ෂමතාවයක් ලබා ගැනීම. එහෙම නැත්නම් උපාධියක් තියෙන, වෘත්තිය ප්‍රවීණයින් ගන්න ඕන නෑනේ. කරන්ට් බාස් කෙනෙක් අධිපති කරාම ඉවරයි.

      Delete
  5. සිකේ ලැජ්ජාවේ බැරුවා මේගොල්ලො අපේ රට කන්නයි හදන්නේ. ඉස්සෙල්ල කොළඹ ට්‍රැපික් එකට කෙලින්න හැදුවා දැං විදුලියටත්.. හේම නෙමෙයි මෙයා ඔන්න ඕව අල්ලල දාලා කොස්තාගේ ජෝක් ටික විකොස්තාට වඩා හොදද කියල අප්පුඩි ගහල චූන් එකේ බලා ඉම්මු.

    ReplyDelete
    Replies
    1. කොස්තගේ ඒවා ද දැක්කත් බලනවා.. කෙල පෙර පෙර.. ඇයි ඒවල ඉන්නෙත් කිරි ටොයියා කෑලි නේ..

      Delete
  6. 1990 ගණන් වන තුරු විදුලි බල ක්ෂේත්‍රයේ ලොකු අර්බූදයක් තිබුණේ නැහැ. විදුලිය හැම දෙනාටම නොලැබීම හා එක්තරා මට්ටමකට සීග්‍රයෙන් ඉල්ලුම ඉහළ යෑම තමයි තිබුණු ගැටළු. මේක අනුභවය පටන් ගත්තේ චන්ද්‍රිකා. ඡන්දය ගන්න දෙන්න පුළුවන් හැමෝටම අධික වියදමක් දරා විදුලිය දුන්නා. මදි වෙනකොට දැඩි පාඩුවකට පෞද්ගලික අංශයෙන් මිළට ගත්තා. ආගමික ආයතන වලට සහන දුන්නා. රටේ ඉතාම වැඩි කොටසකට වියදමට වඩා අඩුවෙන් විදුලිය දුන්නා. ඉතින් වැටෙන එක අහන්න දෙයක්ද? මාතලන්ගේ යෝජනා වලට බොහෝ දුරට එකඟයි. නමුත් කණගාටුයි කියන්න, මේ කිසිම දෙයක් මේ ආණ්ඩුව යටතේ හෝ සමහරවිට රනිල් යටතේ පවා වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නේ මේ අපි වගේ ගම්බද බයියෝ ඔයාලා වගේ අය වෙනුවෙන් හැමදාමත් භූමිතෙල් කුප්පිය පත්තු කොරගෙන ඉන්න කියන එකනේ.හරිම අපුරුයි හවස 5,6 ට රෑ බතකාල හික්මීයෝ වගේ බුදියා ගන්න තමයි වෙන්නේ.නියම හරි අනියම් හරි පවුලක් හිටියා නම් එකත් නරකම නැහැ.ඒත් තනිකඩ අපි මක්කයි කොරන්නේ.

      Delete
    2. ඉතාම අඩු ඉල්ලුමක් ඇති ගම්බද ප්‍රදේශ වලට අධික වියදමක් දරලා විදුලිය සැපයීම විදුලි බිල ඉහළ යාමට එක ප්‍රධාන හේතුවක්. මොකද මේ ගම්බද පාරිභෝගිකයන්ගෙන් අයවෙන ගාස්තුවෙන් විතරක් ඔවුන්ට විදුලිය සැපයීමට යන වියදම කවර් කරන්න බැහැ. ඒ හන්දා එක්කෝ මේ ගම්බද බයියන් තමන් පාවිච්චි කරන විදුලියේ නියම ගාණ ගෙවන්න. නැත්නම් ඊට වැඩිය මොළේ ඇති පිරිස් කළා වගේ නගරයට සංක්‍රමණය වෙන්න. මොකද ඔයගොල්ලන්ගෙ බිල වෙන කවුරුවත් ගෙවන්න ඕනැ නැහැනෙ.

      Delete
    3. මට නං තේරෙන විදිහට ලංකාවේ වෙන්නේ දුප්පතගේ විදුලි බිල පෝසතා ගෙවන එක නෙවෙයි, පෝසතාගේ විදිලි බිල දුප්පතා ගෙවන එකයි....දියුණු වෙනවයි කියන්නේ නගර ආශ්‍රිතව ඔලු ගාන වැඩි කරන එක නෙවෙයි....සංවර්දනය ඈත ගම්මාන කරා ඇදී යාමයි

      Delete
    4. /මට නං තේරෙන විදිහට ලංකාවේ වෙන්නේ දුප්පතගේ විදුලි බිල පෝසතා ගෙවන එක නෙවෙයි, පෝසතාගේ විදිලි බිල දුප්පතා ගෙවන එකයි/

      බොහෝ දුරට නැහැ. ලංකාවේ වැඩි පිරිසක මාසික විදුලි බිල රුපියල් 200ට අඩුයි. නමුත් ඔවුන්ට විදුලිය සපයන්න ඊට වැඩිය වැය වෙනවා. මේ ගැප් එක පියවන්න නම් වඩා වැඩි ප්‍රමාණයක් විදුලිය භාවිතා කරන පාරිභෝගිකයින්ගෙන් එක්තරා මට්ටමකට වත් වැඩියෙන් අය කරන්න ඕනෑ.

      හැබැයි මයියා කියන කතාවේ සුළු ඇත්තක් තියෙනවා. විදුලි බල මණ්ඩලයේ පාඩුව තව පැත්තකින් පියවන්නේ මහජන මුදලින්. එතකොට අර බූමිතෙල් ලාම්පු පාවිච්චි කරන සෝමවතීලාටත් බරක් වැටෙනවා. නමුත් එහෙම පිරිස අද අඩුයි. ලංකාවේ භූමිතෙල් ලාම්පු භාවිතා කරන නිවාස ගණන 300,000 ක් විතර මතක හැටියට. මේක ලොකු ගණනක් නෙවෙයි.

      Delete
    5. AnonymousMarch 14, 2013 at 11:01 PM තමන්ගේ නරුම කම ගැන ලැජ්ජා වියයුතුයි.ගම්බද බයියෝ වගාකරන බතෙන් එළවළුවලින් සප්පායම් වෙමින් නේද මේ ලොරි ටෝක් දෙන්නේ.උනුත් නගරයට ඇවිත් තවත් මුඩුක්කු හදාගත්තාම වැඩේ හරියයිද?

      Delete
    6. 1. 'ගම්බද බයියෝ' යන්න මගේ වචනයක් නොවේ. මම එය නැවත භාවිතා කළා පමණි.

      2. මට බත් (හාල්) හෝ එළවළු කිසිවක් ඔය කවුරුත් නිකං දෙන්නේ නැත. මම ඒවා මුදල් දී ගනිමි. එනිසා මට කැමැති ලොරි ටෝක් දෙමි.

      3. තමන් කැමැති තැනක ඉන්න වෙනත් ඕනෑම කෙනෙකුට අවසර තිබේ. නමුත් ඔවුන්ගේ විදුලි බිලෙන් කොටසක් ගෙවන්න මම සූදානම් නොවෙමි.

      Delete
    7. @AnonymousMarch 14, 2013 at 11:30 PM

      හෙ හෙ භූමිතෙල් කියලා ගත්තේ සංඛේතයක් විතරයි.....දුප්පතුන් කියන්නේ භූමිතෙල් පාවිච්චි කොරන කටිටිය විතරක් නෙවෙයි...ගෑස් එකත් ගෙදර තියන් බඩට කන්න නැතුව..ලමයට උගන්වගන්න බැරුව ඉන්නායත් දුප්පතුන් තමයි....

      මං හිතන්නේ ඇනෝ මං කීව එක තේරුම අරන් තියෙනවා කියලා..ඒ හිනදා ඉතුරු ඒවටා උත්තර ලියන්න යන්නෑ...

      Delete
    8. අස්සක් මුල්ලක් නැර විදුලිය දුන්නාම ගම් වල ඡන්දත් හම්බුවෙනවා , ඊට පස්සේ රටේ 90%කටම විදුලිය තියනවා . ආසියාවේ වැඩිම විදුලි ප්‍රතිශතය අපේ කිව්වාම නගරේ ඡන්දත් ටිකක් හම්බවෙනවා . ගමට සංවර්ධනය යා යුතුයි . හැබැයි බලහත්කාරයෙන් ඇදගෙන යන්න ගියාම කචල් , කොන්ක්‍රිට් කෙරුවාවත් එච්චරම තමා

      Delete
    9. අද ගෙදර නිසා ලොග් වෙන්න බෑ, ඒකයි මේ ඇනෝ.


      මගේ මතයනම්, රටක ආන්ඩුවක් බදු ගහන සල්ලි වලින් කල යුත්තේ පාසල් අධ්යාපනය, ජලය විදුලිය, සෞක්‍ය, අධිවේගී නොවන මාර්ග, වාරි යෝජනා ක්‍රම, නීතිය සහ යහ පාලනය ඇති කිරීම මිස පාඩු පිට ප්ලේන්, බස්, කෝච්චි දුවවීම, සිල්ලරට බඩු විකිනීම රක්ෂන කිරීම වැනි ව්‍යාපාර නොවේ.

      මන්ද මා නොමිලේ දිය යුතුයැයි කී සියල්ල රට දියුණුවට කෙරෙන ආයෝජන සහ ඒවායේ සෘජු මූල්‍ය ප්‍රතිලාභ අවම වීමත්, වක්‍ර සමාජ දියුනුවට වෙන උපරිම දායක්ත්වයත් නිසාවෙනි.

      ගමට විදුලිය නැති වීම සහ විදුලි බිල අධික වීම, අඛන්ඩ නොවන විදුලි සැපයුම යන කරුණු ව්ය්‍යාපාර සඳහා හිතකර නොවේ. එහි ප්‍රථිඵලය අයෝජනය අඩු වී රැකියා හිඟ වීමයි. අනෙක විදුලිය තිබෙන නගර වලට මෙරුවන් මෙන් රොක් වීම අනවශ්‍ය අර්බුදයක් ඇති කරන්නකි. එනිසා විදුලිය අතින් පාඩු කර ගමට ගෙන ගොස් ගමේ වී හාල් මෝල්, කුඩා කම්හල් ඇතිකිරීමට දිරි ගන්වා ඒ තුලින් ජන ජීවිතය නැංවිය යුතුය.

      අනෙක ඔබ දන්නවාද මාස් ආයතනය කල සමීක්ෂනයකින් හෙලිවූ ආකාරයට ගමේ තම නිවසේ සිට සේවයට එන කාන්තාව්න්ගේ කාර්යක්ෂමතාවය නගරේ බෝඩිමේ සිට වැඩට එන්නන්ට වඩා වැඩි බව සහ මෙනිසා ඔවුන් කම්හල් කිහිපයක් කටුනායකින් ගලවා ගම් වලට ගෙන ගිය බව. මේ ගැන වැඩි විස්තර නාලක ගොඩහේවා හෝ උදේන වික්‍රමසූරිය යන අයට ලිවීමෙන් දැන ගත හැක.

      ඉන්දික උපශාන්ත.

      Delete
    10. ගමේ මිනිස්සු කොළඹ ගෙනත් හරියන්නේ නෑ. ගමත් නගරයක තත්වයට ගැනීමයි කළ යුත්තේ. මුලින් ඇනෝ කී පරිදි. කඩිමුඩියේ විදුලිය ලබා දීමත් හේතුවක් උනා. එවිට තිබූ ධාරිතාවය ප්‍රමාණවත් නොවූ නිසා. චන්ද්‍රකාගේ යාළුවන්ට ජෙනරේටර් ගෙනත් බිස්නස් කරන්න ඉඩ දුන්නා. මේ තත්වයට සම්පූර්ණයෙන් වග කියන්න ඕන 94-2005 දක්වා උන් අකාර්යක්ෂම ආන්ඩුව. 2002-2004 අතරේ රනිල් උන්නට දෙයක් කරන්න හම්බ උනේ නෑ. ගමටත් විදුලිය ලබා දිය යුතුයි. ඒත් විදුලිය තිබුන එකාට විදුලිය කපලා නෙමෙයි. ඒ තමයි සරදියෙල් තියරිය. තියෙන තැනින් අරගෙන බෙදලා දෙනවා. තියෙන එකා නැති උන දවසට ඔක්කෝම ඉවරයි. චන්ද්‍රකාගේ කාලෙ කළුවරේ ඉන්න උනේ ඒකයි. ගම්බද ප්‍රදේශ වලට විකල්ප විදුලි බල යෝජනා ක්‍රම හඳුන්වා දිය යුතුයි. විසඳුම එයයි.

      Delete
    11. @ඉන්දික,

      ඔබ මා කියූ දේවල් වැරදි ලෙස තේරුම් ගෙන ඇති බව පෙනේ. කාලය මඳ නිසා කෙටියෙන් පිළිතුරු දෙමි.

      1. ගම් වලට විදුලිය දීම වැදගත්ය. නමුත් ඒ අනවශ්‍ය පරිදි වියදම් දරා ගෙන නොවේ. අද සිදු වන්නේ ඡන්ද ටික ගන්න ඕනෑ කමට වාණිජමය වශයෙන් ඉල්ලුමක් කිසිසේත්ම නැති ඉතාම දුර බැහැර ගම් වලට කිලෝ මීටර් දහය පහළොව රැහැන් ඇද විදුලිය දීමය. නතර විය යුතු එයයි.

      2. මා ගම් කිව්වේ ඉතාම දුර බැහැර ගම් වලටය. මේ ගම් වලට විදුලිය දුන්නා කියා ඇතිවන කර්මාන්තයක් නැත. (උදා: මී මුරේ ගැන ඔබේ මිතුරා වන අභීතගෙන්ම අසා දැන ගන්නකෝ.)මේවායේ ඇඟැලුම් කර්මාන්ත නැත. ඔබ ගම කියන්නේ ඊට වඩා දියුණු ප්‍රදේශ වලටය. මේ ප්‍රදේශ දියුණු විය යුතුය. ඒ ගැන තර්ක නොකරමි.

      Delete
  7. විදුලි බල සහ ඉන්ධන මිලට මගේ විසදුම්..

    විදුලියෙන් වැඩකරන ගෘහ උපකරණ වහාම නැවැත්විම.(ගෙවල්වල තියෙන ඒවා වහාම කුණු අදින ටක්ටරයට දෙන්න.) ටීවී, ෆ්‍රිජ්, රයිස් කුකර්.. ඔය මගුල් ඕනේ නැතිය. ලිග්ගල් තුනක් තියාගෙන උයන්න පුලුවන්ය. රැට ඉටිපන්දමක් තිබුනොත් ඇතිය එහෙමත් නැතිනම් බින් කරුවල වැටෙන කොට බුදියා ගත හැක. සම්පුර්ණයෙන්ම විදිලිය විසන්ධි කල හැක.

    තමන් සතු වාහන විකුනා දැමීම හෝ ගිනිතබා විනාශ ලක යුතුය. ගමන බිමන පයින් යත හැක. ඒ සඳහා නවීන මං තීරු ඇත. පයින් ගමන් කිරීමට නොහැකි වයසක මෙන්ම අබාධිත අය සඳහා ගොන් කරත්ත යෙදවිය හැක.

    මෙලෙස කටයුතු කිරීමෙන් විදුලිය සහ ඉන්ධන සඳහා වැයවන මිල ඉතිකරගත හැක.


    ReplyDelete
    Replies
    1. බලාගෙන මට ඉස්සෙල්ලා, ජනාධිපති උපසේන කමක් නම් ෂුවර්.

      Delete
  8. ඒ කියන්නෙ විමල් කුමාර ද කොස්තා කොලුකාරය ඈ..

    ReplyDelete
    Replies
    1. පෝස්ට් කියවපන් බං. ඌ නෙමෙයි උගෙ මල්ලි..

      Delete
  9. අනේ මන්දා මාතලන්.. අපි මොනවා කිව්වත් ඕක මොන විදියෙන් හරි වැඩි කරන එක කරනවාමයි... පුළුවන් තරම් අඩුවෙන් කරන්ට් එක පාවිච්චි කරලා යුනිට් 90ට අඩුවෙන් හදාගන්නේ දැන්.. ඒත් තවත් මේවා වැඩිවෙනවනං ඒවයෙත් බර එන්නේ මාසේ පඩියෙන් ජීවත් වෙන මිනිස්සුන්ට... මොකද මෙයලා ඕකේ ගාන වැඩ කළා කියලා පඩි වැඩි වෙන්නේ නෑ නේ..

    ReplyDelete
    Replies
    1. වැඩි වන එක ඉර හඳ වගේ ෂුවර්. ඒත් ඉතින් විකල්ප ඉල්ලලා තිබුනනේ. පස්සෙ කියයි. වැඩි කරන්න කියලා කිව්වා මිසක්. කිසිම විකල්පයක් කිව්වේ නෑ කියලා. දැන් ඒ කතාව කියන්න බෑ නේ. එතෙන්ටත් ලියලා, පෝස්ට් එකකුත් දාලා තියෙන්නේ.

      Delete
  10. උඹේ යෝජනා ටික නම් හොඳයි. නමුත් අතිරික්ත සේවකයෝ වෙන්නේ අවසානයට බඳවා ගත්ත අයද?

    උඹ දන්නවද අපිත් එක්ක වැඩ කරන කේරල තමිල්නාඩු සීමාවේ වාසය කරන පොරක් පහුගිය දෙසැම්බර් නිවාඩුවේදි මාත් එක්ක චැට් කරනකොට කිව්වා, මේ දැන් තමයි කරන්ට් එක ආවේ අපිට දවසකට සීමිත පැය ගානයි සප්ලයි එක තියෙන්නෙ කියලා.

    මම ඊයෙ ඇහුවාම කියනවා තාම එහෙමලු. පැය විසි හතරෙන් දාහතරලු කරන්ට් එක දෙන්න පුලුවන්. තමිල්නාඩුවෙන් තමයි සේවාව සැපයෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. තමිල්නාඩුවට සප්ලයි එක තියෙනවා ඇතිවෙන්න...චුන්ඩිකුලම් හැදුවාම කේරළේ ඉතුරු ටිකටත් දෙන්න පුලුවන් වෙයි.

      Delete
    2. ඉන්දියාව ඔහොමවත් විදුලිය ජලය දෙන්නෙ කොහොමද කියලා මටනම් හිතාගන්න බෑ. ඔය රට අපේ උන් පාලනය කරානම් පොඩ්ඩක් ඉමැජින් කරපන් තත්වේ. අපේ මෙ බොම්බෙ ඉන්න ක්‍රවුඩ් එක පාලනය කරන්න මැති ඇමතිවරුයි නිළධාරියි කීයක් ඉන්නවද. මේ තරම් විශාල රාජ්‍ය අංශයක් අපේ වගේ රටකට විශාල බරක්. අද ගත්ත එකාද ඊයේ ගත්ත එකාද කියන එක නෙමේ. නිකං පඩි කන හැම එකාම එලවන්න ඕන.

      Delete
  11. “කම්මලේ බල්ලාට හෙන ගැසුවත් දැනෙන්නේ නෑ“ කියනවා වාගේ විදුලි බිල වැඩි කළත් ජනතාවට එය දැනෙන්නේ නැති බව දැන් කොමිසම හරහා රජය තේරුම් ගෙන ඇත.
    මහජන උපයෝගිතා කොමිසම හරහා කරනුයේ හොරකමට පෙර මුට්ටිය ඔබා බැලීමකි.

    //මේවා කරන්න බැරිනම් පෞද්ගලික අංශයට විකුණා දැමිය යුතුය// ඔබේ මේ පැමිණීම හොඳ නැත. මේක බලධරයින්ගේ ඇස ගැටුනොත්, තව දුරටත් විදුලි බලය පාඩු ලබන්න ඉඩ හැර, එය අඩපන කර දමාවි. ඊට පසු එය පාඩු ලබන ආයතනයක් යැ ශ්‍රේණිගත කර, අඩු තක්සේරුවට සහ වැඩි කොමිස් මුදලකට විකුණා දමාවි.
    ආයතන විකිණීමේදී අදාල ආයතනය අතිශය පාඩු ලබන ආයතනයක් බවට පත් කිරීම හෝ පාඩු ලබන බව පෙන්වීම සමාන්‍ය දෙයකි. එය ජනතා ප්‍රතිරෝධය අවම කර ගැනීමට මෙන්ම, හිතවත් ගැනුම්කරුට අඩු ලසුවකට ලබා දීමටත්, වැඩි කොමිස් මුදල් ලබා ගැනීමටත් හේතු වෙනවා නොවේද?

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවට කරන්න බැරි නම් පෞද්ගලික අංශයට දෙන එකේ වරද මොකද්ද? ඒකට ජේ. වී. පී. එකෙන් අවසර ගන්න ඕනැද?

      Delete
    2. “The reason this country continues its drift toward socialism and big nanny government is because too many people vote in the expectation of getting something for nothing, not because they have a concern for what is good for the country.” – Lynn Nofziger

      Delete
    3. පෞද්ගලීකරණයට හොඳම උදාහරණය තමයි ටෙලිකොම් එක. හැබයි ඒ වගේ පිටරට කොම්පැනි වලටම දෙන්න ඕන. ඒකෙන් එකාධිකාරියත් නැති උනා, මිලත් සාපේක්ෂව අඩු උනා. අද කනෙක්ෂන් එකක් ගන්න රුපියල් 50 යි යන්නේ. ඒ කාලේ ත් දාස් ගනන් ගෙවලා ඇමතිටත් අල්ලන්න ඕන කෝල් එකක් ගන්න. සමහර් විට නිර්මලා පොඩි කෙල්ල වෙන්නැති ඒ කාලේ.

      Delete
    4. //මේවා කරන්න බැරිනම් පෞද්ගලික අංශයට විකුණා දැමිය යුතුය// ඔබේ මේ පැමිණීම හොඳ නැත. මේක බලධරයින්ගේ ඇස ගැටුනොත්, තව දුරටත් විදුලි බලය පාඩු ලබන්න ඉඩ හැර, එය අඩපන කර දමාවි.

      අනේ නිර්මලා, ඔයා ඔය තරම්ම මෝඩද? ඔයා ඇත්තටම හිතනවද මේ රටේ නායකයො මාතලන්ගෙ බ්ලොග් එක කියවලා මේ පෝස්ට් එක දැකලා ඒකෙ කියලා තියෙන දේවල් අනුව තීරණ ගනීවි කියලා? අනික විදුලි බල ක්ෂේත්‍රය පෞද්ගලිකකරණය පිළිබඳ අදහස ඔයා ඉපදෙන්නත් කලින් තිබිච්චි එකක්. ඒකට මාතලන් කිව්වත් එකයි නැතත් එකයි. කරන්න ඕනැ නම් කරාවි.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. උදිත
      ඔබ මම ලියපු අදහස් කියවන්නේ නැතිව වෙනත් පෝස්ට් එකක අදහසක් මතකයෙන් තබාගෙන දෝ ඔබේ අදහස් පල කරන්නේ කියා මට සිතේ. ඉහත මම කියනුයේ වංචා සහ දූෂණ නිසා පීඩනය ජනතාවට දැරීමට බැරිව ඇති බවයි. එම කාරණය සඟවා වෙනත් වැල් වටාරම් අවශ්‍ය නැහැ. මේක ධනවාදි හෝ සමාජවාදී ක්‍රමයට පිවිසීමට පෙර පහසුවෙන් කළ හැකි දෙයක්. එමෙන්ම කළ යුතු දෙයක්. මහ ලොකුවට අපි ධනවාදි/සමාජවාදී කිය කියා ඒතන ගිළිලා-හිරවෙලා-අතරමංවෙලා ඉන්නේ නැතිව කාලීන ගැටලු සහ එයට විසඳුම සොයා බැලිය යුතුයි. එ සමඟ හොඳ ආර්ථික රටාවකට පාර කපා ගත යුතුය.

      රජ්ජුරුවෝ උඩ ඉඳගෙන හිනාවෙවි හැම එකාම හූරං කනවා. අන්ධ වෙන්න එපා. අපිට ධනවාදය/සමාජවාදය අතර සැබෑ දෝලනය තිබෙනවා. නමුත්, රටේ දේශපාලනය, දේශපාලන අත්දැකීම්, ඇන්දවීම්, විදේශීය රිංගීම්, මිනිසුන්ගේ අවශ්‍යතාවන්.... තේරුම් ගත යුතුයි. බලය සහ ධනය කෑදර සහ එය අංක 01 වූ දේශපාලකයන් හඳුනාගැනීමට තවම මිසනිසුන් සමත් නොවුනි. “කවුරු ආවත් කරන්නේ ඒටිකමයි“ කියන්න තරම් එය සමාජගතවී ඇත. නිදහසින් පසුද පක්ෂ කිහිපයක්, නායකන් කිහිප දෙනෙක් මේ අත්හදා බැලීම් කළා. කෝ විසදුම්.... මැතිණිගේ ඊනියා සමාජවාදයත්, ජේ.ආර්. ගේ විවෘත ආර්ථිකයත් මේ සමාජය එක ලෙස පීඩනයෙන් වෙලාගනු ලැබුවා. මේ විදුලි බිල වැඩිවෙනුයේ කුමන හේතුවක් නිසාද? නැවත සිතමු. පෞද්ගලික ආයතන මෙන්ම රජයද පාඩු විදීමට අකමැතියි. පෞද්ගලික ආයතන පාඩු විදිනුයේ කෙසේද, රජය පාඩු විදිනුයේ කෙසේද. ශ්‍රී ලංකාවේ ඉතිහාසය හොඳින් සාක්ෂි සපයයි.

      ඔබ මට වඩා වැඩිමහල් බව ප්‍රත්‍යක්ෂයි. එමෙන්ම පෙර සිටි ඇනෝ ද එසේ විය යුතුය. (ඇනෝ තර්ක නැතිව නිකන්ම ලියන අයෙක්. නමුත්, ඇනෝ බෙහෙවින් වයසට ගොස් දැන් කුඩා ළමයෙකු සේ සිතන්නේ. මිනිසුන් වයසට යන විටත් ළමුන් සේ සිතන අය එමටයි. එබැවින් තාර්කික අදහස් නොමැති වූවකු අවසාන වශයෙන් එළබෙන තැනට හෙවත් වචන හැසිරවීමට ඔහු පැමිණ තිබෙනවා.)

      මාතලන් ටෙලිකොම් විකිණීම හොඳය කියනවා. අනේ මන්දා,
      පුවතක් http://expresspuwath.com/?p=11736
      පසුගිය වසරවල ටෙල්කොම් සමහර ව්‍යාපෘති වල නියැලී වංචා දූෂණ කළ ඩයිමේ කොම්පැනිය ට බැක් ලිස්ට් වූ නමුදු නැවත එම කොම්පැනිය ට ම ව්‍යාපෘති කිහිපයක් බාර දෙන්න සූදානම් වූයේ නිකන් නොවේ. ටෙලිකොම් විධායක ග්‍රෙග යන්ග් ගේ ධූරය අවසන් වෙනවාත් සමඟ ෂමින්ද්‍ර රාජපක්ෂ ඊට රිංගවීමට යන්නේ අත සෝදා ගැනීමට නොවේ. දැනටත් ඔහු අධ්‍යක්ෂකවරයෙකි. ටෙල්කොම් විකිනීමේදී එහි ගිවිසුම පවා නිර්මාණය වනුයේ ශ්‍රී ලංකාවේ නොවේ. බොහෝ දේ මැලේසියා 40% ක වත්කමක් හිමි මැක්සීස් සමාගමේ අවශ්‍යතාවය මත සිදුවිය. රටේ මුදල් ගලා යනුයේ මැලේසියාය. ඇමරිකාවේ දුරකථන නියාමක නිලධාරියෙකුගේ නිල නිවසට මසකට කොපමණ මුදලක් එකී ආයතන විසින් යට කරයිද. නිලධාරියාට කොපමණ මුදලක් වැටුප් ගෙවනවාද? ලංකාවේ නම් නිවසට රුපියල් ලක්ෂ 13 ඉක්මවයි. වැටුප රුපියල් ලක්ෂ 55 ඉක්මවන බව කිව හැකියි. මේ මුදල ගෙවනුයේ අපි. එම මුදල රටට අවශෝෂණය වී, රටතුළ පුනරාවර්ථනය වෙනවාට අකමැති ද. (සමාවෙන්න දුෂණයෙන් වංචාවෙන් තොරව)

      කනෙක්ෂන් එකක් රු 50 ට නොව වරෙක නොමිලේද ලැබෙනවා. කිසිම අනන්‍යතාවයක් නොදන්නා සම්බන්දතා බොහෝය. රටේ මුදල් බොහෝ ගලා ගෙන යනුයේ බහුජාතික සමාගම් වෙත. එය හොඳයි කියනවාද. (ලෝක බැංකු උවමනාවට 1990 ඊජිප්තුවේ පුද්ගලීකරණය තුළින් ද එරටට තවම සෙතක් අත් වී නැත. සියලු මුදල් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය කරා ගලා යයි.) ලංකාවේ තෙල් තිබෙනවාලු. ඛණිජ තෙල් ඇති සූඩානයට අත්කළ ඉරණමම අපටද අත්වේ. ඉතා අඩු ප්‍රතිශතයක් අපට හිමිවේවි. අපිට තෙල් හාරන්න තාක්ෂණය නෑලු. එසේ නම් ඒ නිධිය එසේ පැවතුනාවේ. අපගේ මතු පරපුර හෝ තාක්ෂණය දියුණු වූ විට එය හාරා ගනීවි. නැතිනම් අපි සියල්ල උලා කා, මතු පරපුරට සියල්ල අහිමි කරමු ද? මෙය මාතලන්ට තේරුනද උදිත ද තේරුම් ගනීවි කියා සිතනවා.

      @ඇනෝ.
      //මාතලන්ගෙ බ්ලොග් එක කියවලා මේ පෝස්ට් එක දැකලා ඒකෙ කියලා තියෙන දේවල් අනුව තීරණ ගනීවි කියලා// ඇනෝ කරුණක් පැහැදිලි කිරීමේදී හාස්‍ය කියා දෙයක් භාවිත කරනවා. හොදේ.
      සමහර මාධ්‍ය භාවිත හේතුවෙන් නියාමකයින්ට හානිවන බව තේරෙන නිසායි, ඒවා වසා දමන්නේ. ආසාවට නොවේ. මාතලන් සහ අප එතනට පැමිණ නැහැ. ඒ වාගෙමයි ඇනෝ සමාජවාදය කියන දේ නිර්මාණය වුනේ ඔයා ඉපදෙන්න පෙරයි.
      පහළ ඇනෝ කෙනෙක් තර්ක නැතිව බැරිම තැන කියනවා මා කොමන්ට් වලින් රාජපක්ෂ කෙනෙක් promote කරනවාලු!

      මාත් කොමන්ට් දම දමා සිටිනවා, අවසානයේ මට පෝස්ට් එකක් ලියන්න කාලය නෑ. නිසි බලධාරියා විසින් විටෙක මගේ අදහස් කපා හරිනවා. මාතලන්/උදිත නම් එසේ කප්පාදු කර නැහැ. බ්ලොග් වේදීකාවට මා මෑතක පිවිස ඉගෙන ගත් බොහෝ දෑ ඇත. මට හැඟෙන පරිදි මාතලන්ගේ මෙම වේදිකාව ලියුම්කරුගේ අදහස පාඨකයාට කෙසේ හෝ රිංගවීමට නොව, එය සංවාදාත්මකව පාඨකයාගේ බුද්ධිමය විග්‍රහයකට ඉඩ ප්‍රස්ථාව සලසනවා. නමුත් එහි උච්ඡතම අවස්තාවේ මාතලන්ටත් කොමන්ට් මොඩනේට් කරන්න විය.
      අවසන්.
      ස්තුතියි෴

      Delete
    8. @ නිර්මලා
      ගෝලියකරණය කියන්නේ එයයි. රටේ සල්ලි කොහාට ගියාම මොකද, සේවය හෝ නිශ්පාදනය අඩුවට ලැබෙනවනම්. රටේ සල්ලි පිටරට නොයවා. මෙරටම අයෝජනය කරන්න සැලැස්වීමයි රජය කළ යුත්තේ. ඒවා රජයේ යුතුකම්. අපට අවශ්‍ය පහසුවට සේවාව හෝ නිශ්පාදනය ලබා ගැනීමයි.

      Delete
    9. ඔයා එක්ක කතා කරලාත් වැඩක් නැහැ නංගී. ඔයාට තර්ක කරනවා තියා අපි කියන දෙයක් තේරුම් ගන්න තරම් වත් මොළයක් නැහැ. බ්ලොග් ලියන්න කලින් යමක් ඉගෙන ගන්න බලන්න.

      Delete
  12. ලබන මාසේ ඉදන්........මම ආසම සින්දුවක්...


    ලං.වී.ම.ට දැන් කියන්න ආ...........දරේදෝ ^_^


    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මූ කොමෙන්ට් එකක් කියලා එකක් දැම්මේ අදමයි..

      පට්ටයි රජො...

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  13. අයියෝ සරලයිනේ. ඇඩ්රස් එක මාරුවෙලා අනෝ මෙතන කොමන්ට් කරලා. ඒක අසන්න මෙතනින් http://www.jvpsrilanka.com/en/
    මගෙනුත් අසා ඇති නිසා මම ප්‍රශ්නවාචීක අදහසක් කියන්නම්.
    //ආණ්ඩුවට කරන්න බැරි නම්// කරන්න බෑ කියලා දන්නවානම් ඇයි රට භාර ගන්නේ?
    * මම අනෝ ලාට උත්තර දුන්නේ නැති වුනත්, මේ ඇනෝ කව්ද කියලා සිතා ගත හැකි නිසා පිළිතුරු දුන්නා.

    ReplyDelete
    Replies
    1. රට කියන්නෙ එකක ලං.වි.ම. කියන්නේ එකක් කියලා ඔය නෝනා දන්නෙම නැද්ද?

      Delete
    2. අයියෝ සරලයිනේ..කරන්න බැරි උනාට කරන විදිහ දන්න හින්දා තමයි රට බාර ගත්තේ....කරන විදිහ තමයි පෞද්ගලීකරණය...ඔයා හරි බොලදයි නේ නංගී

      Delete
    3. උඩ ඇනෝ
      ම්.... ඔබට මා කියු දේ වැටහී නැහැ.
      යට ඇනෝ. (නමුත් දෙන්නම එකම ඇනෝ කෙනෙක්)
      ඔබ උඩින් කියා ඇත්තේ //ආණ්ඩුවට කරන්න බැරි නම්// කියාය. තර්කයක් මා බොළඳ ලෙස බිදින්න උත්සාහ කරන්නේ නෑ.

      Delete
    4. වැටහුණේ නැත්නම් ඉතින් ටිකක් විස්තර කරලා දෙන්නකෝ. අපි ඉතින් ඔයා වගේ ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය කට්ටිය නෙවෙයිනේ. (උඩ ඇනෝ - යට එකා මං නෙවෙයි.)

      Delete
    5. //මේ ඇනෝ කව්ද කියලා සිතා ගත හැකි නිසා පිළිතුරු දුන්නා.//
      මේ වැකිය දුටුව නිසයි ලියන්නේ ඔබගේ ජ.වී.පෙ. ට සමගාමී දේශපාලන මතවාද මිට ඉස්සෙල්ල මෙතැන විවේචනය කර තිබෙන්නේ මම ඒ නිසා අනුන්ගේ තොප්පි මට වැටිලද කියල සැක නිසයි මේ පැහැදිලි කිරීම. මේ ඇනෝ මා යැයි වරදවා වටහා ගන්න නම් එපා මම කවදාවත් ඇනෝ එන්නේ නැහැ.
      විදුලි බලය පෞද්ගලික කරණය ගැන මගේ අදහස නම් මම පෞද්ගලික කරණයට පක්‍ෂ නමුත් නොමේරූ පුද්ගලිකකරණයට කැමති නැහැ. එහෙම උනොත් ප්‍රයිවට් බස් වලට වෙලා තියන විකරයම තමයි වෙන්නේ. පුද්ගලිකකරණය වෙන්න ඕනෑ මේවා නිසියාකාරව නිසි කලට කල යුතුයි.
      Nirmala Madushani ලගේ පුද්ගලික අංශය එක්ක විරෝධය නිසා තමයි දේවල් මකබාස් වෙලා පුද්ගලික බස් කාරයෝ වගේ කිසි චාරයක් නැති විදියට දේවල් වෙන්නේ මොකද ඒ අය දේවල් අල කරලා දානවා. රජයට කරන්න බැහැ කියන එක පිළිගන්නේ නැහැ ඒ අය හිතන්නේ මේ ඉන්න පුද්ගලයින් වෙනුවට රට වෙනුවෙන් කැපවුන හිත හොඳ මිනිස්සු රාජ්‍ය අශයට ආවොත් මේවා හරියයි කියන මෝහයෙන් වේලිලා. ඒවා විධිමත් විදියට පුද්ගලිකකරණය කරන්න පුළුවන් පුද්ගලික අංශයට සාර්ථක වෙන්න පසුබිම බිහිවෙන්න මේ අය ඉඩ දෙන්නේ නෑ. බොරු බිල්ලෝ පෙන්නනවා.
      නිර්මලාට මට කියන්න තියෙන්නේ මෙච්චරයි ආණ්ඩුවක් නොවෙයි මුලින්ම 1882 තෝමස් අල්වා එඩිසන් තමන්ගේ පුද්ගලික එඩිසන් කොම්පැනිය හදල විදුලි බලය සේවා දායකයින් 59 දෙනෙක්ට නිව් යෝර්ක්හි වර්ග සැතපුමක් ඇතුලත පිරිසකට පුද්ගලික ව්‍යාපාරයක් හැටියටයි පටන් ගත්තේ. ලංකාවේ වගේ ආණ්ඩු ඇඟිලි ගහල කාල දැම්මේ නැති නිසා සහ ඔයාල වගේ රාජ්‍ය හොඳයි කියන මෝහයෙන් වෙලිලා ඉන්න මිනිස්සු නැති නිසා අදටත් දියුණු රටවල නව සොයාගැනීම් කරන තනි මිනිස්සු නැගිටලා ව්‍යාපාර කරලා රටම දියුණු කරනවා. edison සමාගම වගේ ඒවා ලංකාවේ බිහිවෙලා ලාංකිකයන්ට අඩුමිලට විදුලිය ලැබෙන්නේ නැත්තේ නිර්මලා වැනි අයගේ ජ වී පෙ මතවාද කර තබාගෙන යන පිරිස වැඩි හින්දයි.

      Delete
    6. උඩ ඇනෝ.
      මේ ජවිපෙ සයිට් එකකි. http://www.jvpsrilanka.com/en/ ඇනෝට මා ඇඩ්රස් මාරු වී ඇත කියුවාම මට ලංවීම සහ රට ගැන ගැලපුමක් කියනවා. මා කියුවේ ඊට පෙර ජවිපෙට සඳහන් කර ඇති ප්‍රකාශය ඉහත ලිපිනය හරහා ගොස් ඔවුන්ට කියන්න කියන එක.

      උදිත
      ඔබත් ඇනෝ වේශයෙන් සිටින්නෙක් දැයි කියා මට සැක සිතී ඇත. නමුත්, ඔබ ඉදිරිපත් වී එය ප්‍රතික්ෂේප කිරීම මා සතුටු වෙමි. කෙසේ නමුත්, මාගේ පෙර ප්‍රකාශය ඉල්ලා අස්කර ගනිමි. සමාවෙන්න හොඳේ.
      පෞද්ගලීකරණය පිළිබඳ අත්දැකීම් ලංකාවේ බොහෝ දෙනෙක් ලබා ඇත. ලඟම උදාහරණය IOC - තෙල් සිපෙට්කෝ එකට වඩා ගණන්. එත් සිපෙට්කෝ පාඩු ලබනවා කියනුයේ ඇයි. පාලන අක්‍රමිකතා සහ දූෂණ. විය යුත්තේ ඉතිරිව ඇති ආයතන කිහිපය හෝ නිසි කළමණාකරණයෙන් පවත්වාගෙන යෑම. විකිණීම විසදුම නොවේ. මේ තුන්වල ලෝකේ රටක්. දුප්පත් මිනිසුන් බොහෝ සිටිනවා. නමුත්, ආයතන විකුණනුයේ මුදල් යහමින් ඇති අයට සහ බහුජාතික සමාගම්වලට. රටේ සාරය ගලාගෙන යනුයේ එවිටයි. මේ බ්‍රිතාන්‍ය පාලනයේම සූරා කෑමට ආසන්න අත් දැකීමක් වේවි. රටේ මිනිසුන් ශ්‍රමිකයෝ කර සාරය ගලා ගෙන යාම මේ රටට නොගැලපේ. ධනවාදී ආර්ථික රටවල් සියල්ල පෝසත් නැහැ. අතිශය දුප්පත් රටවල් නැති ද? සමාජවාදය අනුගමනය කරන පොහොසත් රටවල් නැති ද? මෙතන රටට ගැලපෙන පරිදි එහි දේශපාලන ව්‍යුහය සැකසිය යුතුයි.
      1) අධ්‍යාපනය මුදලට ගන්න සිදුවිනි නම් අද මේ රටේ ශාක්ෂරතාවය ඉතා අඩු මට්ටමක
      2) සෞඛ්‍ය මුදලට සිදුවිනිනම් අද බහුතරයක් නීරෝගිමත් ජනතාවක් අපිට නැත.
      (බොහෝවිට අප්‍රිකා රටකට නෑකම් කියන්න ද බැරි නැත.)
      දැනටමත් විකිණුනු ආයතන වලින් සහ පෞද්ගලික අංශවලින් ජනතාව හොඳින් බැට කමින් සිටී. එය වැරැදුන විට “නොමේරූ පුද්ගලිකකරණයක් “ හෝ “ළදරු වලිප්පුවක්“ හෝ වැනි වදන් කිවීම සාර්තක නැහැ. එහි පීඩනය ජනතාවට දැනෙනා නිසායි රාජ්‍ය ආයතන විකිණීමට විරුද්ධ. නැතහොත් ඔහුන් ජවිපෙ අනුගාමිකයෝ වී නොවේ.

      තෝමස්‌ අල්වා එඩිසන් යනු අසීමිත හැකියාවක් ඇති තවත් එක් පුද්ගලයෙකි. එවැනි පුද්ගලයින් ලොව නන් දෙසින් බිහිවේ. නමුත්, ඔවුන්ගේ දියුණූව ධනවාදයට ගලපන්න එපා. දෙවරක් නොබෙල් ත්‍යාගය දිනූ මාරි කියුරි රේඩියම් වෙන්කිරීම සඳහා පෙන්ටඩ් බලපත්‍රය ලබා ගත හැකිව තිබියදීත්, එය ප්‍රතික්ෂේප කළේ අනෙක් පර්යේෂණ ප්‍රජාව සඳහා අනුග්‍රහ දැක්වීමට ය. මාරි කියුරිට ඇය ලත් දැණුම සමාජය හරහා ගලා ආ දෙයක් බව වැටහුණත්, තොමස් එය නොතකාලීය. ඒ අනුව ඔවුන් ලාභ ලබයි.

      සමාජවාදී රටවල් ඉක්මනින් වැටෙනවානම්, ඇයි ඇමරිකාව වැනි රටවල් සමාජවාදී රටවල් සහ අනෙක් රටවල් ග්‍රහණය කරගන්න මාන බලන්නේ.
      ස්තුතියි෴

      Delete
    7. Nirmala Madushani ඔබ මෙහි කියා ඇති එකම පොයින්ට් එකක්වත් නිවැරිදි නැහැ සහ සත්‍ය නොවේ මේ ඔබ විශ්වාස කරන්නට කැමති දෙයයි. මේ කටපාඩමින් ජවිපෙ හැමදාම වාදනය කරන තැටියයි. අපේ රට වේගයෙන් ආපස්සට යන්නේ සහ එකතැන හිරවී ඉන්නේ මෙම ට්‍රැක් එකෙන් පිට පනින්නට නොදී ඔබවැනි හන මිටි අදහස් තියන රොත්තක් පාරට බැස හර්තාල් දැමිම නිසයි. මේවා ඔබගේ හිතළු පමණි ලෝකයේ දියුණු රටවල් සියල්ල ඔබගේ මේ මත වල විරුද්ධ පැත්ත ක්‍රියාත්මක කරයි. මේ ඔබ කියන ක්‍රමය ක්‍රියාත්මක කරන හැම රටක්ම පාහේ ඉන්නේ මඩ ගොහොරුවක එරිලා. මේ රජයට මාරාන්තික විරුද්ධව ඉන්න ඔබ ප්‍රොමෝට් කරන්නේ රාජ්‍ය ප්‍රමුක දේවල්. රාජ්‍ය තමයි පොදු ජනතාවගේ සතුරා රාජ්‍ය නිකම් දෙනකම් කට ඇරගෙන බලාගෙන ඉන්න ක්‍රමය ප්‍රමෝට් කරන ඔබ රජයට විරුද්ද වීමේ තේරුමක් නැහැ. ඔබට මේක තේරුම් ගන්න බැහැ ඉන්නේ රතු පාට මෝහයෙන් මත්වෙලා. සරලව ඔබට කියන්න තියෙන්නේ ඔබ ඉන්න දෘෂ්ටිවාදය ඇතුලේ මම කියන දේ ඔබට තේරෙන්නේ නැහැ.තේරුම් ගන්නත් බැහැ.
      //සමාජවාදී රටවල් ඉක්මනින් වැටෙනවානම්, ඇයි ඇමරිකාව වැනි රටවල් සමාජවාදී රටවල් සහ අනෙක් රටවල් ග්‍රහණය කරගන්න මාන බලන්නේ.//
      දැන් මේක ඔයාගේ ආගමික විශ්වාසයක් මේකට නැහැයි කියල වැඩක් නෑ තවත් ප්‍රශ්නයකින්ම තමයි උත්තර දෙන්න වෙන්නේ. ඔයා ඉහත කියපු සියලු පොයින්ට් ළදරු බොලඳ ගිරා පෝතක වමේ කතන්දර විතරයි එකක්වත් තහවුරු කරන්න බෑ. ඔයා කියන හින්ද අපි පිළිගන්න ඕන.
      සමාජවාදී රටවල් වැටෙන්නේ නැත්නම් ඇයි චීනය ධනවාදය දිහාවට වේගයෙන් ඇදිල යන්නේ ආර්ථික දියුණුව සමාජවාදය පැත්තට ගිහින් ලබන්න නැතිව ඇයි චීනය වෙළඳ පොළ දිහාවට යන්නේ??

      Delete
    8. //තෝමස්‌ අල්වා එඩිසන් යනු අසීමිත හැකියාවක් ඇති තවත් එක් පුද්ගලයෙකි. එවැනි පුද්ගලයින් ලොව නන් දෙසින් බිහිවේ. නමුත්, ඔවුන්ගේ දියුණූව ධනවාදයට ගලපන්න එපා.//
      ආයිත් බොලඳ කතාවක් කියල තියෙන්නේ කොහෙද මම තෝමස්‌ අල්වා එඩිසන් ගේ දියුණුව ධනවාදයට ගලපලා තියෙන්නේ? මම පැහැදිලිව කියල තියෙන්නේ විදුලිය බෙදාහැරිම ලෝකේ මුලින්ම තෝමස්‌ අල්වා එඩිසන් පටන් ගත්තේ වර්ග සැතපුමක සේවා දායකයින් 59 සමග EDISON හදපු පුද්ගලික කොම්පැනියෙන් කියන එකයි. අද වෙනකොට දියුණුවෙන් දියුණුවට පත්වෙලා පහත ලින්ක් එකෙන් බලන්න මේක කොම්පැණියක් නැතිව ඇමරිකන් රජය ඒක එඩිසන් ගෙන් ඒක අරගෙන රජයේ විදුලි බල මණ්ඩල හැදුවේ නෑ කියන එකයි මගේ පොයින්ට් එක ඔයා වෙන බයිලයක් කියනවා ඒකට. අපේ රට නැත්තටම නැති වෙන්නේ රජය හින්දා සහ Nirmala Madushani වගේ හනමිටි බොරුවම්මුන්ගේ තර්ක හින්දා රට වෙනස් කරන්න දෙන්නේ නෑ.
      http://en.wikipedia.org/wiki/Consolidated_Edison

      Delete
    9. අනේ නිර්මලා, මේ රටේ හැමෝම ඔයා වගේම බොළඳ නම් ඉතින් අපට ගැළපෙන එකම නායකයා රාජපස්ස උන්නැහේම තමයි.

      @උදිත,

      මේ පොඩි ළමයෙක් අල්ල ගෙන මඬවන්නේ නැතුව උඹේ තරමෙ එකෙක් එක්ක හැප්පියන් මචං.

      Delete
    10. මෙතන මට අදාල නැති නිසා. මෙතෙන්ට නෝ කොමෙන්ට්..

      Delete
  14. වැඩිකරේ නැහැල්ලුය කියන්නෙ, මුල් ඒකකවලට දුන්නු සහනාධාරෙ සූට්ටක් අඩුකරා විතරයිළු. කියන හැටියට නම් ඉන්ධන බිල ගෙවාගන්න දාන සෙල්ලමක්ලු. ඉන්දියාවටත් කරන්ට් එක දෙන්න ලොරි ටෝක්ස් දුන්නු, හිටපු පාඨලී උන්නැහෙ දැන් මොකෑ දන්නෑ කියන්නෙ. මගේ හිතේ මෑන්ට සතුටු ඇති, නෝනට දැන් කණුගොඩ අදින්න වෙල තියෙන එකට.

    විදුලිබල මණ්ඩලේ පැත්තෙන් විතරක් නෙවි සමස්ථයක් විදියට ගත්තම හැම අංශෙකින්ම මේ රජයෙ වියදම් වැඩියි. මහන්තත්තෙ පෙන්නන්න ණයට වියදම් කරන්න ඕන නෑ, තමන්ගෙ තරමට ජීවත් වුනානම් කවදක හරි අපේම සල්ලිවලින් උජාරුවට ඉන්න තිබුන. ඒත් ඉතිං ඒක සමහරවිට මෙයාලට අවුල් ඇතිනේ, එයාල දුකසේ ඉතිරි කරල අන්තිමට චෑන්ස් එක වෙන කට්ටියකට යයි කියල. පුළුවන් වෙලාවෙ මොනව හරි කරගන්නව ඇරෙන්න රට වැසියයි- අරූයි - මූයි ලපයි සිපයි ගැන හිත හිත ඉන්නෙ මක්කටෙයි.

    ReplyDelete
    Replies
    1. අයි ඇම් එෆ් එක ණය දෙන එක රිජෙක්ට් කරේ පැට්‍රෝලියම් එකයි ඉලැක්ට්‍රිසිටි එකයි පෞදගලීකරණය නොකරපු නිසා. කොහොමත් මේක ප්‍රයිවටටිස් කරනවා ඇර වෙන විකල්පයක් නෑ.

      Delete
    2. IMF එක ණය නුදුන්නේ ඒ හන්දා නෙවෙයි. ණය දෙන්න තරම් හේතුවක් නොතිබුණු නිසා. (IMF එක හැම ඉලව්වටම ණය දෙන්නෙ නැහැ. රටක ආර්ථිකය දරුණු ලෙස කඩා වැටෙන්න යනවා නම් විතරයි ණය දෙන්නේ.) හැබැයි IMF එක කිව්වත් නොකිව්වත් CEB, CPC දෙකම පෞද්ගලිකරණය විය යුතුයි. දෙකක් නැහැ.

      Delete
    3. වෙන්න ඇති. ඒත් ඔවුන් නොකියා කිව්වේ එක තමයි. පරිභෝජනයට ණය දෙන්නේ නෑ කියන එක.

      Delete
  15. මචෝ උඹ පිචැර් වල සින්දු ගැන කිව්ව මදිය...අදටත් ඔය ඉස්ටාර් ල තරඟ වලිදි ගහන්නෙ වැඩි හරියක් ඒ කාලෙ පිචැර් වල හිට්ස් බවත් කියන්නම ඕනැය...


    පෝස්ට් එකේ වැදගත් හරිය ගැන කියන්න තියෙන්නෙ දුකාගෙ ටැග් ලයින් එකකින්ය...

    " සති දෙකයි සති දෙකයි "

    ReplyDelete
    Replies
    1. සති දෙකක් කතා කරලා නැවැත්තුවට. සැමද දුකම පමණි සුමණා....

      Delete
  16. රටට ආයෝජකයන් ගෙන්න ගෙන විදේශ මුදල් අද්දවා ගැනීමකින් තොරව ගිනි පොලියට ණය අරන් මොන පොලිටිකල් එක්සිබිෂන් එක දැම්මත් අන්තිමට ඔච්චරය.අම්පාරේ කුඹුරු වැඩට විසිට් වීස ගහන් එන ඉන්දියන් කාරයත් පෙව්මනට් එකේ බඩු විකුනන්න එන චීනත් ඇඟ විකුණගෙන අපේ උන්ගේ තුට්ටු දෙක අරන් යන්න එන තායි ගෑනුත් ටුවරිස්ට්ලගේ ගොඩට දමා සංඛ්‍යා ලේඛන දුන්නට වැඩක් නැත මාලෙට යන හයි නෙට් වර්ත් ටුවරිස්ට්ල අද්ද ගන්න වැඩ පිළිවෙලක් තිබිය යුතුය.රුපියල් දහ දාහට ආණ්ඩුවේ වගා නිලදාරියෙක් වෙලා ඒ බරත් බදු බරටම එකතු කරන්න කැමති වාණිජ උපාධිධාරීන් සිටින රටක ජහමනයට ඕනෙත් මෙවැනි ආණ්ඩුවකි ආණ්ඩුවට ඕනෙත් මෙවැනි ජහමනයන් පිරිසකි.ඉතින් සති දෙකක් යන තුරු ලයිට් බිල ගැන වොරි වී ඉන් පසු කොහොම හරි බිල ගව දමමු !(සොරි සති දෙකක් වොරි වෙන්න වෙන් නෑ මත්තල ඕපන් කරනවා)

    ReplyDelete
    Replies
    1. හොඳම උදාහරණය ඉහත Nirmala Madushani නමින් පෙනී සිටින්නායි. ඔහුට/ඇයට හැම දෙයක්ම රජයෙන් වෙන්නත් ඕනෑ මිල යන්නත් බෑ. රජය විශාල කරන්න කරන්න අපිම තමයි අපිටම ගෙවා ගන්න වෙන්නේ ආණ්ඩුවේ සේවකයෝ ඩබල් ට්‍රිබල් වෙනවා රජය එන්න එන්න විශාල වෙනවා මේවා මෙහෙම මිල වැඩිවෙන ඇර වෙන දෙයක් වෙන්න විදියක් නැහැ. මේ සරල දෙය තේරුම් ගන්න බැරිව බදු මුදල් කන්නත් ඕනෑ මිල අඩුවෙන්නත් ඕනෑ මේ දෙකම එකට වෙන්නේ නෑ. පුද්ගලිකකරණය කිව්ව ගමන් පරලවෙලා හර්තාල් රජයම කරපං නිකං ම දීපං කියල අපි අපේම බදු බර වැඩිකර ගන්න පෙළපාලි හර්තාල් යනවා එට පස්සේ වැරදුනාම රජය හොඳ නෑ කියනවා.

      Delete
    2. ටුවරිස්ට්ලාගේ කැටගරි එක ගැන ලස්සනට කිව්වනේ සෝමේ අයියා, චූන් පාන් වෑන් එකෙන් කිඹුලා බනිස් කන ඒවුන් එන්නේ කියලා. ඇත්ත කතාව ඒක තමයි. පැකේජ් එහා නෝ එක්ස්පෙන්සස්. ටිප් එකත් නෑ. ඒකයි මමත් අල්ලලා දැම්මේ. අතින් වියදම් කරන් සුද්දන්ට ආතල් දෙන්න ඕන නෑනේ. ඕන් ඔක්කොම නවත්තලා මත්තල වටේ අලි වැටක් ගහනවලු. ඒක මතක් වෙලා තියෙන්නේ දැන්. ඕන් අපේ නිළධාරින්ගේ වැඩ. ඕක එපයි ඉස්සෙල්ලම කරන්න. කොහොමෙයි ජම්බෝ බාන කොට අපේ ජම්බෝ ඉස්ස්සරහට ආවොත් හෙම.

      Delete
  17. අනේ පලයං බං යන්න.උබ කරන්නේ හැමදේටම විරුද්ධ වෙන එකනේ.

    ReplyDelete
  18. රටට තුලට ආයෝජකයන් ඒමට ප්‍රධාන අවශ්‍යතාවයක් වන්නේ කලාපයේ වෙනත් රටවලට වඩා අඩුමිලට විදුලිය සැපයීමේ හැකියාව අපට තිබේද නැද්ද මතයි. බංගලිදේශයේ විදුලිය අපිට වඩා අඩුනම් එහේ කර්මාන්ත ශාලාවක් අරඹනවා මිස සමාගමක් වැඩි මිල විදුලිය ගෙවන්න මෙහේ එන්නේ නැත. කලාපයේ අනිත් රටවලට වඩා අපේ විදුලිබිල ව්‍යාපාර වලට පාඩු නම් අපිට ආයෝජන අහිමිවීමේ අනතුරක් ඇත.

    ReplyDelete
    Replies
    1. අද ගෙදර නිසා ලොග් වෙන්න බෑ, ඒකයි මේ ඇනෝ.

      මා මෙහේ සිටින ඉන්දියානු සහ බන්ගලින්ගෙන් දැනගත් ලෙස ඉන්දන සහ විදුලි බිල අතින් අප තවම සිටින්නෙ උන්ට වඩා මඳක් පහලිනි. එමෙන්ම ඔවුනට අපට මෙන් පැය විසි හතරේ අඛන්ඩ විදුලි සැපයුමක්ද නැත. එහෙත් ශ්‍රමය සපයා ගැනීම අපට වඩා ඉතා පහසු වන අතර ලාභ දායී වේ. එමෙන්ම මා අත්දැකීමෙන් දන්න පරිදි මේ දෙරටේම මිනිසුන් ලාන්කිකය්න්ට වඩා වෙහසවී වැඩකරන අත පාලනයට ඉතා පහසු වේ. ඔවුන්ගේ වෘත්තීය ඉල්ලීම් අවම වන අතර සැපයුම වැඩි නිසා "ඉල්ලීම්" අඩුය.

      ඉන්දික උපශාන්ත.

      Delete
    2. ඉන්දියාවේ , බංගලදේශයේ විදුලිය තියන ප්‍රතිශතය සහ සැපයුම් ලංකාවට වඩා දුර්වලයි , හොඳටම ශුවර්ද බිල ගැන , මොකද ඒකකයකට වැඩියෙන්ම ගෙවන්නේ ලංකාවේ අය කියල කිව්වේ චම්පිකමද කොහෙද

      Delete
    3. අපේ මිලින්ද එක්ක සාකඡ්චාවක් යනවා සිරස ටී වී එකේ පුළුවන්නම් හොයාගෙන බලපන්. ඒ යකා අන්ඩුවේ ඉඳගෙනත් උන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තෙ ඇයි කියලා හිතෙනවා. මේ රටට ආයෝජකයෝ නො එන්නේ ඇයි කියලා ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ගොවිතැනට ජලය වගේ, නිෂ්පාදනයට අත්‍යාවශ්‍යම දේ විදුලිය. ඒක මචං ලෝකේ තියෙන වැඩිම ගාන ගෙවලා අරගන්න අයෝජකයන්ට පස්චාත් භාගයේ අමාරුවක් නෑනේ බන්.

      Delete
    4. @මාතලන්,

      මිලින්දයාට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් වුණාට වැඩ බෑ. කතා කරන්න පුළුවනුත් උඹල අපි වගේ අයට විතරයි. ගමේ සිරිපාලට රන් එතනාට කතා කරන්න බෑ. ඌට බාර දුන්නු වැඩ ගානක් ඇනුවා. ඔය වගේ එවුන් පාලනයට සම්බන්ධ කර නොගැනීමම තමයි හොඳ.

      Delete
    5. ඔක්කොම බලේට ආවාම පිස්සු කෙලින එකනම් ඇත්ත. නමුත් මිලින්දට ලැබිය යුතු දේ ලැබුනෙ නෑ මගේ සිතේ. අවශ්‍ය මිලින්ද වගේ අයයි. ඒත් ඔවුනට ඉඩක් නෑ.

      Delete
    6. දැන් ඉන්න එවුන්ටත් වඩා අමු හොරෙක් මිලින්ද කියන්නේ. පොඩ්ඩක් වත් විශ්වාස කරන්න එපා. ඔබ මේකා ගැන නොදන්නවා ඇති. හොයලා බලන්න.

      Delete
    7. ඔක්කෝම එක වල්ලෙ පොල්. ඒත් අදහස් අතින් හෝ ඔහු ඉදිරියෙන්. ගම් කුකුල්ලුන්ට වඩා මේ බ්‍රොයිලර්ලා අපට හොඳා....මෙතන ගම කියලා ගත්තේ චින්තනය...

      Delete
  19. විදුලිය අඩුවෙන් වැයවෙන උපකරණ පාවිච්චිය සඳහා ධෛර්යයක් දෙනවා නම් ඒකෙන් විදුලිය ඉතිරියක් වෙයි.

    සුළං බලය හොඳ විකල්පයක්. මං ඉන්න ප්‍රදේශයට කිට්ටුවක තියනවා පරීක්ෂණ මට්ටමේ යන ව්‍යාපෘතියක්. මං හිතන්නේ සූර්ය බලයෙන් නිපදවනවට වඩා වියදමත් අඩු ඇති. මාතලන් අන්තිමට සඳහන් කල ක්‍රම දෙකම මෙහෙ ක්‍රියාත්මක වුනා. ජීව වායු බලාගාරයට අමුද්‍රව්‍ය විදිහට ගත්තේ ග්ලිරිසීඩියා..

    ReplyDelete
    Replies
    1. ඒ වගේ දේවල් යෝජනා කරන මිනිස්සු මෝඩයෝ කියලා තමයි රටේ ජනතාවටයි පාලකයන්ටට්යි දෙගොල්ලන්ටම පේන්නේ. දැක්කනේ කලින් පෝස්ට් එකේ කොමෙන්ට්ස්. ලංකාවේ විදුලිය බලය මුලින්ම ලබා ගත්තේ ජලයෙන්. ඒ නිසා ලංකාව පවතින තාක් ජල විදුලිය පමනයි, අනික් ඒවට පට්ට බයයි. ඒවා වානා. චූ පාරෙන් හරි කමක් නෑ. වතුරෙන් විතරයි.

      Delete
  20. ගොසිප් ලංකා එකේ දාල තියනවා එල ලිපියක් මේකට අදාල. වෙනද පැයක් යන මීටිමට දැන් පැය 3ක් විතර යනවලු අලුත් නෝනා මෙලෝ රෙද්දක් දන්නෙ නැති හින්ද. තව වාහන වගයකුත් අතුරුදහන් වෙලාලු. මේක නම් ආන්ඩුවෙ තිබිල ජීවිතේට ගොඩදාන්න පුලුවන් රෙද්දක් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් ඒක තමයි මූලික විසඳුම අවසානෙට දුන්නේ. පුළුවන්නම් උඩ ටිකවත් ට්‍රයි කරලා බලන්න. මොකෝ ප්‍රයිවටයිස් කරපු ගමන් කරන්නේ මම කියපු ටික.

      Delete
  21. http://www.dinamina.lk/2013/03/13/_cartoon.asp
    ඔන්න ඕකෙ තුන්වෙනි ෆොටෝ එක බැලුව නං. පුදුමයි දිනමිණ මෙහෙම එකක් දැම්ම

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා ලස්සන ඒවා තිබුනා.. පව් කොස්තා.. අපේ ලොක්කගේ වැඩ ඔහොමමයි. දැන් වැඩි කලත් බනින්නෙ කොස්තට. ඕනම නම් හිච්චක් අඩු කලොත් එතකොටනම් ලොක්කා..

      Delete
  22. ඔය අදහස් අපි අමුතුවෙන් ආණ්ඩුවට කිව යුතු නැහැ එයාලත් දන්නවා ඒත් එයාලගේ වාසිය තකා සද්ද නැතුව ඉන්නවා මොකෝ උන්ගේ අතින් පයින් යන එකක් ඈ.කොච්චර වැඩි වුනත් අපිනේ ගෙවන්නේ බිල්.

    \\රනිල් මහත්තයාට පොරි හැලෙන්න දුන්නත්, සිරස නිව්ස් වලින් විදුලි බල ගැටළුව ගැන ඉතා වැදගත් ප්‍රවෘත්ති වාර්ථාකරණයක් ඉදිරිපත් කිරීම අගය කළ යුතුය.//

    රනිල්ට බැනපු එකටයි මෙයාට දුක හුහ් :P

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම බනින කොට ඒ මිනිහටත් එකෙක් හරි ඉන්න එපාය. ඕන් එයාගේ කෝටා එකෙන් සජීව කෘත්‍යාධීකාරීයටත් දාලා.

      Delete
  23. මහජන මතය එයැයිට කියන්න කිව්වට,එකක 90ට අඩුවෙන් භාවිතා කරන පවුල් ලක්ෂ 37කට 47%-59% වැඩිවීමක් වෙනව කියල පත්තරවල තියෙනව.මේව තමා පිස්සු කතා.

    ReplyDelete
    Replies
    1. මේක නම් නියම වැඩ වසම් ක්‍රමය. මහන්සි වෙලා වැඩ කරන එකාගෙන් අරගෙන පාලක පන්තිය සැනසීම.

      Delete
    2. එහෙමම කියන්න බෑ මාතලන්. මේ කැටගරි එකට විදුලිය දීලා තිබුණේ නිෂ්පාදන වියදම් වලටත් බොහොම අඩුවෙන්. ඒක හැමදාම කරන්න බැහැ. වියදමට සාපේක්ෂව අය කිරීමක් කරන්න ඕනැ. මාතලනුත් සමාජවාදය කතා කරන්න ගියාම අපට කවුද ඉතුරු වෙන්නේ?

      Delete
    3. මේ ගෙවන්නේ නියම මිළක් නොව අනවශ්‍ය. රජයට ආධාර කරනා මහා පරිමාන ව්‍යාපාරිකයින් පිරිසක් සැනසීමේ ක්‍රියාවලියක්. සිඳු කිරීමට යන්නේද එයයි. බිස්නස් උනත් මරන් කන්න ගීයොත් බංකොලොත් තමයි. සින්හල මුනියගෙ කඩේ තියෙද්දි තම්බි කඩෙන් බඩු ගන්නේ ලාබ නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි.

      Delete
  24. තෙල් නිධි (ඇත්තටම තෙල් නිදි වගේ.. ) වලින් තෙල් ටික එනකම් ටිකක් ඉවසමු රත්තරන්ලා..
    යුද්ධෙ ඉවර වෙනකම් අවුරුදු 30ක් බලං හිටියා,
    තව චූට්ටක් ඉවසන්න බැරිද පැටියෝ,
    තාත්ත ජපන් ගිහිල්ල අපිට මොනව හරි ගෙන එන්නෙ නැතෑ,
    නාඬ ඉන්නකෝ
    ආර්ථිකේ ටිප් ටොප් කියල කබ්‍රාල් මයා කියනවනේ
    ස්වාසිලන්තෙ මිනිවලවල් හාරන්න ඇබෑර්තු හරියට
    පොලොන්නරුවෙ ගොයම් කපන ඇබෑර්තු හරියට
    කැම්පස් යනවට වැඩියෙ නරකද උපෙ සමත් අයට ස්වාසිලන්තෙ ගියාම,
    ආර්ථික ඝාතකයො නිසා තමයි ප්‍රශ්නෙ
    ඇමතිලගෙ ඩී අයි ජී ලගෙ ෆයිට් තියෙන චිත්‍රපට තමයි දැන් ජනප්‍රිය, සී ජේ, ධාතු, ක්‍රිකට්, හලාල් වල මදිපාඩුවට හොඳයි,
    අපේ රටේ සංවර්ධනය මනින අලුත් මිම්මක්
    දවසකට ඇමති ඇමති පුතාලගේ ෆයිට් ගාන.....
    වැඩි වෙන තරමට සංවර්‍දනය වැඩියි,
    අපි ආශ්චර්‍යයට බොහෝම ලඟයි.
    විරුද්ධ පක්ශයේ නායකය ජෝක්ස් දදා ඉන්නවා,
    අපිට මොන ප්‍රශ්නද?
    එයා ලඟ ඉන්න එවුන් නායකය යමක් කියන්න ඉස්සෙල්ලම හිනා වෙලා ඉවරයි?
    අනේ අම්මපා, තමුන්නාසේලා මේ තනතුරු වලට සුදුසුද කියන ප්‍රශ්නය අහන්න වෙනවා.
    ඇත්තටම තමුන්න්නාසේලාට මේක විහිලුවක්, කරන්න වැඩක් නැති නිසා කරන වැඩක් නේ මේක.
    කොල්ලො ආයුද ගත්තොත් දුන්න ගේම නැවත අපි අපේ ලෝකේ..

    අවසාන වසයෙන් කියන්න තිබෙන්නේ...

    හෙල උරුමෙ විදුලියෙන් අයින් උනා, දැන් ඉතින් කරුමෙ!
    ජනතාවට කරන්ට් වැදිලා..

    ReplyDelete
    Replies
    1. තව ඉවසන්නා මයෙ දෙයියා, මැරෙණකම්ම ඉවසඤ්ඤා....

      Delete
  25. නිසි කලට නිසි සැලසුම් ක්‍රියාත්මක නොවීම නිසා ඇතිව ඇති ගැටලුවකි මෙය.. බලාගාර හදන්න යද්දී අපේම අයියලා මොන තරම් විරෝධතා පැවද ඒ දවස්වල.. රනිල් මහත්තයලත් කොරන්න හැදුවා.නෝනෙත් කොරන්න හැදුවා..කෝ කොරන්න දුන්නද?මේ අංශයේ නිපුන් ඉංජිනේරුවන් යමක් සැලසුම් කළානම් විරෝධතා නැතිව ඒවා ක්‍රියාකරන්න කවුරු හෝ වේවා ඉන්න රජයකට අවසරය තිබිය යුතුයි. නමුත් වෙන්නේ කරන එකාට කරන්න නොදි හර්තාල් දැමිම.

    ReplyDelete
    Replies
    1. නලින් මහත්තයෝ ඔහෙත් ඔහෙලයි ලොකු තැන කසුරි වගේමයි. ..දෙයක් උනාම ආණ්ඩුව අරුණු කොට ඒ දේ සඳහා වගකිව යුතු කූඹියා ව පවා පෙනෙනවා.

      Delete
    2. //කරන එකාට කරන්න නොදි හර්තාල් දැමිම.//
      ඔබ හරියට හරි නලින් ලංකාව එක තැන පල් වෙන්නේ වෙනස් කම් කරන්න දෙන්නේ නෑ. කවුරු හරි පාරට බහිනවා. හැබැයි කරනවා කියල නයට අරන් නාස්ති කරන වැඩ වැඩක් නෑ. සාර්ථක උනේ නැත්නම් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපල හෙන ගහන අපරාධයක් මොකද අනාගත පරපුර නය ගෙවන්න ඕනෑ එක පුද්ගලයෙක්ගේ පුද්ගලික ආශාවක් වෙනුවෙන්. ඒ දෙකේම(හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපලට ගිය සල්ලි) සල්ලි වලින් කොළඹ මෙට්‍රෝ උමං දුම්රිය සේවාවක් ගොඩනැගුවා නම් වඩා වටිනවා නේද රට දියුණු වුනාට පස්සේ තමන්ගේම සල්ලි වලින් ඒ වගේ අත්හදා බැලීම් කරන එක කරනම් හොඳයි.

      Delete
    3. //නලින් මහත්තයෝ ඔහෙත් ඔහෙලයි ලොකු තැන කසුරි වගේමයි. ..දෙයක් උනාම ආණ්ඩුව අරුණු කොට ඒ දේ සඳහා වගකිව යුතු කූඹියා ව පවා පෙනෙනවා.//
      ඇනෝල කියන ඒවාට අදහස් දක්වන්නත් බයයි මොකද ඊළඟ උත්තරේ එන්නේ කුණුහරුපෙන් නමුත් මේකට නොකියා බැහැ තරහ අවසරයි ඇනෝ හොඳ මහත්තයෝ.
      මෙතෙන්දි මට අනුව නලින් හරි. මොකද ආණ්ඩු වලට වැරදි කියල වැඩක් නැහැ ආණ්ඩු වල හැටි එහෙම තමයි මේක ආණ්ඩුව කියන ව්‍යූහයේ හැටි මේකට බැනල ඊළඟ එක පත් කර ගත්තත් ඒකත් එහෙම තමයි. අපි කුඹි ජනතාව තේරුම් ගත යුතුයි ආණ්ඩු කුඩා කරලා ආණ්ඩු අපේ දේවල් කරන්න ඕනෑ නෑ අපි අපිම නිදහස් මිනිසුන් විදියට එකිනෙකා හා ස්වේච්චාවෙන් ගනුදෙනු කරගෙන අපේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට වෙළඳ පොළ දිහාවට හැරීය යුතුයි. ආණ්ඩුව නීතිමය පසුබිම විතරක් සකස් කරමින් කාටවත් අසාධාරනයක් නොවෙන්න පස්සෙන් බලාගෙන ඉන්න එක විතරයි කරන්න ඕනෑ එතකොට ඔය ඇමතිවරු දෙසිය ගනන් ඕනෑ නෑ කුඩා රජයක් ඇති.

      Delete
    4. ඇනෝලා කුණුහරුප කියන්නන් යැයි පැතිරවීම කරන එකම පුද්ගලයා උදිත නොවේ. ඒ ඇනෝලා ගෙනෙන තර්ක වලට උත්තර දී ගන්නට බැරි වූ තැනය. කවුද කුණුහරුප කිව්වේ කියා දැන ගන්න අවශ්‍ය කෙනෙකුට කලින් පෝස්ට් වල කමෙන්ට් බැලිය හැක. තමන් මහා උගතුන්ය කියා හිතා සිටින උදිතලාගේ මායාව ඇනෝලා විසින් බිඳ දනමු ලබයි. මේ නිසා උදිතගේ ඇනෝ විරෝධය තේරුම් ගත හැකිය.

      Delete
    5. නලීන් කතාවේ යම් කිසි ඇත්තක් තියෙනවා නලීන්. පාළකයෙක් උනාම හරි දේ කරන්න නම් කොන්දක් තියෙන්න ඕන. රනිල් පත්වුනේ අගමැති හැටියට විතරයි. චන්ද්‍රිකා කලේ විස්කි බිබි කාමසූත්‍රය කියවපු එක. මම මහින්ද මහත්තය ආදරේ ඒ නිසා. හාමුදුරුවොන් උනත් වැන්දට. දෙන්න ඕන තැනදි දෙනවා පොරි හැලෙන්න. හකීම්ලා, තොන්ඩලා විතරක් නෙමෙයි පිල්ලෙයාන්ලා, කරුණා අම්මාන්ලත් ලොක්කා ඉස්සරහ බල්ලා මාක්. නායකයෙක් කියන්නේ ඒකයි.

      Delete
    6. @uditha
      මාතලන්ගෙ යොජනා අගේ කළයුතුයි. ඔබේ යෝජනාත් එසේමය. එත් පුරස්නෙ තියෙන්නෙ ඔය ධනවාදී මිනිස්සු කියවන එක සහ යෝජනා දෙන එක ඇරෙන්න තමන්ගෙ අදහස් ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් වෙන්නෙ නැති එකනෙ. අඩුම තරමෙ ක්‍රියාත්මක කරන්න පුළුවන් අහලකවත් ඉන්නෙ නැති එකනෙ. ඔබ ජනතාව පාරට බහින එක ගැන කෑගහනවා. කවුරුවත් තනි තනිවම හිතල එකම වෙලාවෙ පාරට බහින්නෙ නෑ. එකට මෙහෙයවීමක් තියෙනවා. ජනතාව ඇත්තටම හෙම්බත්. ඔවුන් පාරට බහින්නෙ වෙනසට බයේ නෙමෙයි වෙනසක අවශ්‍යතාවය තියෙන නිසා. ඔවුන් කුමන හෝ වෙනසක් බලාපොරොත්තු වෙනව. ඉතින් වෙනසක් ගැන ෆැන්ටසි මවමින් ඉදිරිපත්වන බලවේග එක්ක ඔවුන් එක්කාසු වෙනවා. තවමත් ලංකාවෙ බහුතර ජනතාව මෙවැනි ෆැන්ටසි වලට නැඹුරු කරගත හැකියි. ඔබ ඇතුළු ලාංකික ධනවාදීන්ගෙ අක්‍රීය භාවය නිසා ජනතාව ඔබ සමඟ නොසිටීමෙ වරද ජනතාව මත පටවන්න හදන්න එපා. සාමන්‍ය ජනතාවට ලොකු තියරිකාරයන්ගෙන් වැඩක් නෑ. මහින්ද මැතිවරණ දිනුවෙ ජාතිවාදයෙන්. මිනිස්සුන්ට කුමක් හෝ motive එකක් තිබිය යුතුයි. දියුණු රටවල මෙන් ජනතාව තෙරුම අරන් හැදෙයි කියන එක විහිළුවක්. ඒ condition යටතෙ හිටියාම කවදහරි ලංකික ජනතාව එ තත්වෙට පත් වෙයි. දැන් තියෙන තත්වය යටතෙ එවන් දෙයක් බලාපොරොත්තුවීම විහිළුවක්. ඉතින් ඔබලාගෙ අදහස් පඩේකට ගණන් ගන්නේ නැතුව ජනතාව ගොබ්බයොත් සමඟ හර්තාල් කිරීම ඔබලාගෙ නොහැකියාවයි.

      Delete
    7. රට හදන්න අපිට බෑ එකෙක් දෙන්නෙක් හැදුනම ඇති. අපි එහෙම හදලා තියෙනවා. මේ ටිකත් ඇති හැදෙන එකෙකුට. පුද්ගලිකව...

      Delete
  26. " ඒ මොකෝ කරන්ට් එක වැදිච්ච එකාට, කරන්ට් ඇල්ලුවාට දැනෙන්නේ නැති නිසාය."

    අර සපාත් එහෙම කිව්ව වගේ සති දෙකයි බන් . . සති දෙකයි . .

    ඉන් පස්සේ ලයිට් බිල් වැඩි කලාද ඕයි මට මතක නෑනේ තමා අපේ අයට . .

    හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. කතාව සති දෙක එක ඇත්ත. ඒත් හැම මාසෙම අන්තිමට. ඉස්සර නම් මාස්සුද්දියද මොකක්ද එක හැදිලා මාසයක් ගානේ විඳෙව්වෙ ගෑණු විතරයි, දැන් මාසෙට සැරයක් බිල් ටික එනකොට එයාලට වඩා විඳවන්නේ අපි.

      දෙවියනි ඔබ කොයිද..? කුමක්ද අපි ඔබට කළ වරද..?

      Delete
  27. මාතලන් මගේ රැඩිකල් පුද්ගලික යෝජනාව තමයි ලංකාවේ ඉන්න හොඳම විදුලි ඉංජිනේරුවරුන් සහ කළමනාකරුවන් කණ්ඩායම් දෙකක් හෝ හතරක් හදලා විදුලි බල මණ්ඩලය දෙකට හෝ හතරට කඩලා පුද්ගලික කොම්පැනි බවට හරවල අර ඉහත කණ්ඩායම් වලට සම්පුර්න අයිතියත් එක්කම නිකං දෙනවා පුද්ගලික ව්‍යාපාර විදියට කරගෙන යන්න. ඒ ක්‍රමය හොඳයි මේ යන විදියට වඩා.

    ReplyDelete
    Replies
    1. බැච් ටොප් වෙච්ච විදුලි ඉංජිනේරුවෙක් ඇමතිවෙලා හිටියා , මිනිහා දෙයක් කරන්න උත්සහා කලා ආණ්ඩුවෙ ඇමතිලම බකට් ඇදලා එලවලා දැම්මා . දැන් අන්න හලාල් හොය හොය ඉන්නවා පරමාණු ඇමතිවෙලා

      Delete
    2. මෙන්න පට්ටපල් බොරුවක්. චම්පික රණවක වෙච්චි බැච් ටොපක් නැහැ. මේවා උන්නැහේම තමන්ගේ වාසියට පතුරුවා හරින බේගල්. චම්පික රණවකත් පවිත්‍රා නෝනා වගේම තමයි දන්න මඟුලක් නැහැ. විදුලි ඉංජිනේරු උපාදියක් තිබුණාට කවදාවත් විදුලි ඉංජිනේරුවෙක් විදියට වැඩ කරලා නැහැ. විවෘත විශ්ව විද්‍යාලයේ ගණිතයද කොහේද උගන්න උගන්නා හිටියේ, හැබැයි පොඩ්ඩක් මොළේ තිබුණා මණ්ඩලයේ ඉංජිනේරුවන් කියන්නේ මොනවාද කියලා අවබෝධ කරගෙන ඒ අයගේ පැත්ත ගන්න. දැන් බලන්නේ මම ගිය නිස්සා තමයි මේ ඔක්කෝම උණේ කියන මිත්‍යාව පතුරුවන්න. මේවා උණේ එයා ගිය නිසා නෙවෙයි. එයා තමයි මේ ප්‍රශ්න ඔක්කෝම හදලා තියලා මාරු වුණේ.

      Delete
    3. බැච් ටොප් කථාව නම් අහපු එකක් සත්‍යතාව හරියටම දන්නේ නෑ . හැබැයි විදුලි බල මණ්ඩලේ ප්‍රශ්න වලට වගකිව යුත්තො ඊට වඩා ඉන්නවා . අංක 01 කලින් ඕක කරපු(කාපු ) ජෝන් . සල්ලි වලට ඕක අස්සට රත්නපුරේ එවුන් පිරෙව්වේ මැන්ස් . චමිපිකගේ හොඳ ව්‍යාපෘති දෙක තුනක් තිබුනා මම 1987 අංකය එයින් එක් වැඩක් කලින් කරන්ට් එක ගියාම කථා කලාම එක්කො ෆෝන් වැඩ නෑ , නැත්නම් ආන්ස්වර් කරන එකා ගහගන්න කථා කරනවා . දැන් කරදරයක් නැතුව පැමිණිලි කරන්න පුලුවන් , ඒ පැමිනිලි සාර්ථකයි කලින්ට වඩා (හැම වෙලේම කරන්ට් යන පැත්තක ඉන්න මම අත්දැකීමෙන් කියන්නේ ) , අනික අර කරන්න හදපු දවසේ වෙලාව අනුව භාවිතාවට අය කිරීමේ ක්‍රමය . මම ඒ සංකල්පයට බොහොම කැමතියි .

      Delete
    4. ඇත්ත. විදුලි බල මණ්ඩලේ කාපු එවුන් ගොඩාක් ඉන්නවා, චන්ද්‍රිකාගෙ කාලෙ ඉඳන්ම. හැබැයි චම්පික කියන්නෙත් එයින් එකෙක් විතරයි. නැතුව ගැලවුම්කාරයෙක් නෙවෙයි. මිනිහ කට්ටයා නිසා ඔබ කියන ජාතියේ මිනිස්සුන්ගේ හිත දිනා ගන්න වැඩ එකක් දෙකක් කරන්න ඇති. හැබැයි සමස්තයක් ලෙස තවත් ඇනුවා මිස (ඔය දැන් ඔබ ඇතුළු බොහෝ දෙනෙක් වැරදියට හිතා ගෙන ඉන්න විදියට) මොකක් වත් හැදුවේ නැහැ. දැන් පවිත්‍රා නෝනාට ගෙවන්න වෙන්නේ එයා කළ පව් වල විපාක.

      Delete
    5. උදිතගේ යෝජනාව තමයි මගෙත් මූලිකම යෝජනාව. නමුත් මගේ මෙහෙම හීනයකුත් තිබුනා. ඒ ආතර් සී ක්ලාක් මහත්තයා නිසා. එයා කියලා තිබුනා නේ 2010 වෙනකොට න්‍යෂ්ටික බලයෙන් විදුලිය ලබා ගන්නා පොඩි විදුලි කෝෂ හැම ගෙදරටම එයි කියලා. ඒක නම් වෙන පාටක් නෑ. හොඳම විසඳුම පෞද්ගලීකරණය. මිළ වැඩි කළ ගමන් ඉල්ලුම පහල බහිනවා, එතකොට තරඟකාරි සමාගම් එනවා. මිළ පහල බහිනවා. ටෙලිකොම් තමයි හොඳම උදාහරණය. උදිතට උනත් බැරිය ඇමරිකන් කාරයෙක් එක්ක ඇවිත් කොම්පැනියක පටන් ගන්න.

      Delete
    6. "එතකොට තරඟකාරි සමාගම් එනවා. මිළ පහල බහිනවා. ටෙලිකොම් තමයි හොඳම උදාහරණය."

      අපේ උන්දලා නීතියකුත් දැම්මා නේද ඕනෑවට වඩා අඩුකරන්නත් බෑ කියලා..

      Delete
    7. ඇයි මතක නැද්ද. ඉන්කමින් ෆ්‍රී දෙන්න කොච්චර ගේමක් ගියාද...?

      Delete
  28. රේඩියෝ, නොමිලේ ලබාදෙන රූපවාහිනි නාලිකා, කේබල් ටීවි, අන්තර්ජාලය ඇතුලු මාධ්‍ය ගණනාවකින් විවිධාකාරයේ රසවින්දන ඔප්ෂන් ගණනාවක් තියෙන යුගයක සහ දවැන්ත සිනමාවන් සමඟ තරඟ කිරීමෙදී, ලංකාවෙ සිනමාව ආර්ථික වශයෙන් කඩා වැටීම පුදුමයක් නොවේ. එවැනි ඔප්ෂන් නොතිබුනු යුගයක රසවින්දනය සඳහා තිබුනු එකම ඔප්ෂන් එක වෙත මිනිස්සු යොමු වීම සිනමා නිශපාදකයන්ට ස්වර්ණමය යුගයක් වු පමණින් එය සිනමාවේ ස්වර්ණමය යුගය යන පොදුකුලකයකට දැමීම ගැටළුසහගතය. නිලියක්ගෙ රෙද්ද ඉස්සුනු විට යටට ඇදන් හිටියාද නැද්ද කියා පැහැදිලිව කිව නොහැකි යුගයක සිට යට අදුමේ බ්‍රැන්ඩ් එක කීමට හැකිවීම දක්වා තාක්ෂණය දියුණු වුවත් ඒහා සමාන නිමණාත්මක ගුණයෙහි වර්ධනයක් නොවීම ප්‍රධාන ගැටළුවයි.

    ReplyDelete
    Replies
    1. එත් ඇනෝ, හොලිවුඩය හා බොලිවුඩය ඔබ සඳහන් කරනා අභියෝග ජයගෙන සිනමාව තිබුනාටත් වඩා ඉදිරියට ගෙන ගොස් තිබෙනවා නේද..? මම නම් දකින්නේ නිර්මාණාත්මක හැකියාවේ හා රසවිඳීමේ කඩා වැටීමක්.

      Delete
  29. සුදුසුකම් වලට ගැලපෙන ඇමති පට්ටමක් දීල තිබුණේ චම්පිකට විතරයි. මේපාර කැබිනට් සංශෝධනයේ දී ඒ “වරද“ ත් නිවැරදි කළා.

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද රත්තරන්...

      Delete
  30. මුන්ගේ සෝබනේ වැඩියි. කරනවට වැඩිය පෙන්වනවා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මාකටින්. ඒත් ප්‍රේමෙට පරාදයි.

      Delete
  31. ලංකාව තුල LED බල්බ ජනප්‍රිය කිරීමට කටයුතු කල යුතුයි
    මේකෙ වාසි කීපයක්ම තියෙනවා
    1. වරකට පිච්චෙන්නේ එක LED එකක් නිසා අලුත්වැඩියා කරමින් ජීවිතේටම ප්‍රෙයා්ජනයට ගන්න පුලුවන්
    එක වරකට වැයවෙන මුදල වැඩි වුනත් මේක ගොඩක් ලාභදායකයි
    2. මුල් හේතුව නිසාම මහා පරිමාන ආයතන LED බල්බ හදන්න උනන්දු වෙන එකක් නෑ
    පලමු තොගය විකුනගත්තට පස්සේ වෙළදාම නවත්තන්න වෙන නිසා
    මේ නිසාම ස්වයං රැකියාවන් ලෙස මේක දියුනු කරලා ගොඩක් දෙනෙක්ට රැකියා ලබාදෙන්න පුලුවන්
    LED බල්බ අලුත් වැඩියා කිරීම මඟිනුත් ගොඩක් අයට ආදායම් ලබන්න පුලුවන් වෙයි

    වක්‍ර හැඩයට පරිපථ පුවරු හදන්න පුලුවන්නම් මේකට වඩාක් උචිතයි
    මම BMICH එකේ නව නිපැයුම් ප්‍රදර්ශනේදී මේ ගැන LED බල්බ හදන අයත් එක්ක කතාකලා(මමත් ඒකට පොඩි අයිටම් එකක් දැම්මා)
    ඒ අයත් ඒ ගැන දන්නේ නෑ

    මේක දියුනු කරන්න රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි
    විශේෂයෙන්ම LED අඩුමිලට නිපදවන කම්හලක් තැනීම මඟින් රටට විශාල මුදලක් ඉතිරිකරගන්න පුලුවන්
    මමත් LED බල්බ් එකක් හදමින් ඉන්නවා දැනට 25% ක් විතර අවසන්

    දැන් මම දේශපාලඥයන් ගැන මාතලන්ගේ අදහසට ප්‍රතිචාර දක්වන්නම්
    මමත් පිලිගන්නවා දේශපාලඥයෝ බොහොමයක් හොරු නමුත් ඔවුන් ජනතා නියෝජිතයෝ (වාසුදේව,මිලින්ද මොරගොඩ වගේ අය ගැන නෙමේ මම කියන්නේ උං ජනතා නියෝජිතයෝ නෙමේ)

    අපි ඔවුන් වෙනුවට තෝරාගතයුත්තේ කවුද සුද්දගෙ කාලෙ වාගෙ සිවිල් සේවකයන්ගේ ආධිපත්‍යයක්ද
    නැත්නම් NGO කාරයින්ගේ පාලනයක්ද ඒක තවත් බමුනු කුලයක්

    ඒ නිසා අපිට කරන්න තියෙන්නේ සිංහල ජාතියට වාසිවෙන විදියට ප්‍රායෝගිකව හිතලා
    ජනතා නියෝජිතයන් පත්කර ගැනීමයි

    උදාහරනයක් ලෙස දකුනු පලාත් සභා ඡන්දෙදී මගේ මාතර යාලුවෙක්ට මම උපදෙස් දුන්නා
    බැද්දේගම සමිතට ඡන්දෙ දාන්න එපා ඒ වෙනුවට අනර්කලීට ඡන්දෙ දෙන්න කියලා

    ReplyDelete
    Replies
    1. ලෙඩ් යෝජනාව නම් මල් මසුරන්. හැබයි පුතේ ඊට පස්සෙ අවුල්. රාජ්‍ය අනුග්‍රහය බලාපොරොත්තු උනොත් නම්. එළුවගේ අරක් වැටෙනකම් පස්සෙන් ගියා වගේ තමයි. එහෙම නෙමෙයි. ඉස්සෙල්ලා බල්බ එක හදපන්. ඊළඟට ඒකේ කොස්ට් එක මුළින්ම කීයක් හදනවද, සේවකයෙක් දෙන්නෙක්ගේ පඩි. පළවෙනි හරස් වීදියේ හෝල් සේල් කඩයක් සෙට් කරගෙන බැනිකුවට ගිහින් කතාකරනවා. ඒ බැංකුවෙන් නැත්නම් අනිත් බැංකුවට යනවා. පත්තරවලට කියනවා. ටී වී එකට කියනවා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිකල් මුදලාලි කෙනෙක්ම අල්ල ගන්නවා. එහෙමත් බැරිනම් සුද්දෙකුට පේටන්ට් එක විකුනලා ආතල් එකේ ඉන්නවා. මොකෝ රටට උඹ එපානම්. මටත් තිපි එපා කියලා. අනර්කලිට දුන්නට අවුලක් නෑ. අපේ ගොඩක් පිරිමින්ට වඩා ඒකී බුද්ධිමත්. ඒ වගේම සාර්ථක ගැහැණියක්. පාර්ලිමේන්තු ගියත් අවුලක් නෑ. ඒත් ලබන් සැරේවත් සමිතට මනාපයක් දියන් මට සලකලා. මගේ බොක්කක්. රැඩිකල් පොරක්, පොඩ්ඩක් වමට බරයි, ඒකයි අවුල.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න