.

.

Mar 22, 2013

ජිනීවා පව් අනුන්ට බැර කිරීම.. - Geneva & the future of SL


කොට්ටාව ධර්මපාලයේ, පළවන ශ්‍රේණියට තේරි පතුවූ සිසුවකුගේ, පියකු තම දරුවා වෙනත් පාසලකට නොව, කොට්ටව ධර්මපාලයටම ගත යුතුයයිද, එසේ නොකරන්නේ නම්, ගෙල වැලලාගෙන මිය යන්නේයයිද කියා, කොට්ටාව හංදියේ, සියඹලා ගහකට ගොඩවිය. අධ්‍යාපනයට අමාත්‍යවරු 500 ක් පමණ ඉන්නා රටේ, අවසානයේදි සිඳුවූයේ, ජනාධිපති තුමාගේ පොරොන්දුවක් මත, පන්සලේ නායක හාමුදුරුවන්ගේ වච්නය විශ්වාස කොට, එල්ලි මැරෙන්නට ගත් තීරණය නවතා දැමීමටය.

මා මේ උදාහරණය, ජිනීවා ප්‍රශ්ණය විශ්ලේශනය කිරීම සඳහා යොදා ගත්තේ, ජිනීවා ප්‍රශ්ණය හා මේ ප්‍රශ්ණයෙද ඇති සමානාත්මතා ගෙන හැර දැක්වීමටය. කලින් සඳහන් කළ පියා ගහේ සිටියදි, බස්නාහිර පලාත් සභාවේ මහ ඇමතිවරයා කීවේ, උසාවිය තීන්දූවක් දී ඇති බැවින් එම තීරණයට ගරු කල යුතු බවය. එවිට, අපට ඇසීමට සිඳුවන්නේ මානව හිමිකම් සුරැකීමට අත්සන් කොට ඇති රටක් වශයෙන් ජිනීවා සමුළුවට සහභාගී වී, එහිදි බහුතර ඡන්දයෙන් ගන්නා තීන්දුවකට රජයක් ලෙස විරුද්ධ විය හැකිද යන්නයි.

ඇත්ත වශයෙන්ම එම පාසලේ සිද්දියේදී උසාවිය තීන්දුවක් දී නැත. උසාවිය පවසා ඇත්තේ මෙය නඩුවක් ගෙනයාමට කරුණක් නොව, අදාලා අංශ සමග සාඛඡ්චා කොට, විසඳා ගත යුතු කාරණයක් බවයි. ජිනීවා වල සිඳුව ඇත්තේද එයමය. එනම් මානව හිමිකම් සුරැකීමට අත්සන් කොට ඇති රටක් වශයෙන් හා ස්වාධීන කොමිසමක් පත්කොට එමගින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි යන කාරනය ඉස්මතු කොට ගැනීමයි. පාසලේ ප්‍රශ්ණය ගැන ප්‍රශ්ණයට අදාල නොවන දෑ ප්‍රකාෂ කරනවාක් මෙන්ම. ජිනීවා ගොස් අප කරන්නේද එයමය.

අපේ අය, නවී පිල්ලේට ආරාධනා කරණුයේ, උතුරට පැමිණ එහි සංවර්ධණය තම දෑසින් බලා ගන්නා ලෙසයි. එහෙත් නවි පිල්ලෙලා කතා කරන්නේ, පාරවල් සෑදීම, පාලම් සෑදීම, රෝහල් සෑදීම, පුස්තකාලා සෑදීම, හෝටල් සෑදීම නොව, යුද්ධය නිසා පීඩාවට පත් ජනයාගේ සිත් සතන් සාදන ලෙසයි. අප මුල සිටම කියනුයේද එයයි. යුද්ධය අති විශිෂ්ඨ ලෙස ජයගන්නට ශ්‍රේෂ්ඨ කණ්ඩායමක් උන්නද, ඉන් පසු තත්වය කළමණාකරනය සඳහා ආන්ඩුව අසමත් වී ඇති බවයි, උතුරේ ජනයා පමණක් නොව යුද්ධය වෙනුවෙන් සියළු දේ කැපකල දකුණේ ජනතාවද, අද කබලෙන් ලිපට වැටී අවසානය.

මධ්‍යස්ත මතධාරින් යුද්ධයේ ජයග්‍රහණය අගය කලාක් මෙන්ම, ඉන් පසු ඒ අමිහිරි අතීතය අමතක කොට දමා, සියළු රටවල් හා මිත්‍රශීලීත්වයක් ගොඩ නගා ගත යුතු බව ලිව්වේ, කිව්වේ, යුද්ධය ජයග්‍රහණය කලදා පටන්මය. යුද්ධය පැවති සමයේ, වියදම අධික වූවද අපට සුපිරි ගනයේ විදෙස් ඇමතිවරයකුගේ සේවය ඉතා ඉහලින් ලැබිනි. එහෙත් රටේ අවාසනාවට, ඉන් පසු පැවති මැතිවරණයෙන් ඔහුගේ සේවය රටට මෙන්ම, ජනතාවටද අහිමි විය. ඉන් පසු පත්වූ ඇමතිවරයා, සමාජශීලී පුද්ගලයකු නොවනා අතර, උසස් පෙලේ විදෙස් නිළධාරීන්ගේ ගෞරවයට ලක්වන පුදගලයකුද නොවන්නේය.

ඔහු ගන්නා තීරන අනුව හෝ ඊට ඉහලින් ගන්නා තීන්දු තීරණ අනුව හෝ අද විදෙස් සේවය ළොව ඇති පහත්ම පෙලේ විදෙස් සේවයක් බවට පත්කොට ඇති බව පවසනුයේ, අප නොව, එම රටවල ජීවත් වන උගත් වැදගත් අප රටට ආදරය කරණා ජනතාවයි. විදෙස් සේවය යනු උපාධි මෙන්ම, ගෞරව උපාධිවලින්ද සමන්විත, ළොව පිලිගත් නිළධාරීන් බිහි කරණා සේවයක් මිස, විශ්‍රාම සුවයෙන් කල් ගෙවීමට හෝ මනාප අඩුවෙන් ලද නිසා, සිත් සනසාලීමට ඇති සේවයක් නොවේ. සෑම දෙයක්ම තම අභිමතයට තම නිවසේ කල හැකි වූවද, ගම හා ගණුදෙනු කිරීමේදි, ගමේ සියලුම පිරිසගේ මති මතාන්තර සාඛඡ්චා කොට එක්ව ගත හැකි තීරණයකට පිවිසිය යුතුය.

පෞද්ගලික එදිරිවාදි කම් මත, කුනනායගම් හා දයාන් ජයතිලකයන්ගේ තටු කපා දමා ඇත, රජය කළ යුත්තේ මාලනි ෆොන්සේකා වැනි පුයර බබාලා පාර්ලිමේන්තුවේ තබා ගැනීම නොව, කුනනායගම් වැනි අය, ජාතික ලයිස්තුවෙන් හෝ පාර්ලීමේන්තුවට පත් කිරීමය. එවිට නවී පිල්ලේගේ නොව ඇමරිකාවේ මතය පවා වෙනස් වීමට බොහෝ ඉඩ ඇත. ජනතාව රවටනවාක් මෙන් ජාත්‍යන්තරය රැවටිය නොහැක. අනික බොරුවෙන් හා එදා වෙල ටුවර්ස් ක්‍රමයට රට ගෙන ගිය හැකි වූවද ජාත්‍යන්තරය හා එසේ කල නොහැක.

කොට්ටාව ධර්මපාලයේ ප්‍රාථමික අංශය ඉඅවත් කරනවානම්, ඒ පාසලට සම්මුඛ සාඛඡ්චා පවත්වා සිසුන් ඇතුලත් කර ගත්තේ ඇයි.? දෙමාපියන්ගෙන් මුදල් ලබා ගත්තේ ඇයි.? මෙවර මේ පාසලට සිසුන් ඇතුලත් කර ගන්නේ නැතයි පැවසූයේ නම් මේ ප්‍රශ්නය ඇති වන්නේ නෑ නේද.? කෙසේ හෝ ප්‍රශ්ණය ඇතිවූ පසු, අධ්‍යාපන ඇමතිවරයා දෙමාපියන්ට බොරු කියන්නේ ඇයි.? ඇත්තටම ඔහු අධ්‍යාපන ඇමති නොවේද.? එසේනම් ඔහු ගෙදර නොයන්නේ ඇයි.? කොට්ටාවේ පාසලක් වෙනුවට මහරගම පාසලකට යන්නට බල කරන්නේ ඇයි.? ඒ පාසලේ සංවර්ධන කටයුතු වලින් මුදල් බැර වන්නේ කාගේ ගිනුමටද.?

අපේ රටේ දෙමළ ප්‍රශ්නයට සිඳු වූයේත් මෙයම නොවේද.? යුධ ජයග්‍රහනයෙන් පසු, ජනමත විචාරණයක පවත්වා පලාත් සභා ක්‍රමය අහෝසි නොකීරිමේ පල විපාක අද විඳිමට සිඳුවීම ධෛවයේ සරදමකි. රටේ ජනයා රවටනවාක මෙන් 13 ට එහා ගිය දේ හා, 13+ වර්ගයේ විසඳුම දෙනවා කියා ඉන්දියාව රැවටීමේ පල විපාක අද විඳින්නට සිඳුවී තිබේ. උතුරට පලාත් සභාවක් ලබා දීම යනු. ඊලාම් භූමියේ ආරම්භයයි. අද එය නොකර බැරි තත්වයක් උදාවී තිබේ. ආන්ඩුවේ පකිස් බූරුවන් මේ සියළු දේ බැරකරණුයේ 94 බලයෙන් විසිවී ගිය එක්සත් ජාතික පක්ෂයටයි. අද ඔවුනට දෙමල ඩයස්පෝරාව හා දෙමළ සංධනයද අමතකව ඇත්තේ ගෙදර ඇති මුව හමට තඩි බෑම ඉතා ලෙහෙසි පහසු කාරියක වන බැවිනි, මට නම් පොවුන් පෙනෙනුයේ, ගල් මත මළ පහ කොට වසා දැමීමට නොහැකිව, ගල පහුරු ගානා බලලුන් ලෙස මිස වෙන කිසිවකුත් ලෙස නොවේ.කෙසේ හෝ ජනාධිපති තුමා ගත් පියවර අප ඉතා අගය කළ යුතුය. එනම් ඉන්දියාව විවේචනය කිරීම වහාම නවතා දමන ලෙස ගෙන ඇති තීරණයයි. ඉන්දියාව පමණක් නොව, කිසිඳු රටක් නිර්දය ලෙස විවේච්නයට යායුතු නැත. කළ යුත්තේ, ගෙදර වැඩ ටික නිසි ලෙස සිඳු කොට, ඊළඟ සැසිවාරයට සහභාගී වීමය, බොහෝ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දී ඇත්නම්. වැරදි ගැන නොසිතා විභාගයෙන් සමත් කරනු ඇත.

මෙතැන් සිට හෝ අප බුද්ධිමත්ව කටයුතු කල යුතුය. ඉන්දියාව තරහා කර ගැනීම. ඉතා අමනෝඥ ක්‍රියාවකි. චීනයෙන් අපට කිසිඳු වාසියක් නැතත්, චීනයද තරහ කර ගත යුතු නැත. කළ යුත්තේ අපට විරුද්ධව ඡන්දය භාවිතා කළ රටවලට, උතුරට පැමිණෙන ලෙස ආරාධනා කොට, උතුරේ ජන ජීවීතය නගා සිටුවීම සඳහා ඔවුන්ට කල හැකි උපකාර හා ඔවුනගේ යෝජනා රජයේ අධීක්ෂනය යටතේ සිඳු කිරීමයි. එසේ නොමැතිව, කඩු පොලු රැගෙන තානාපති කාර්යාල ඉදිරිපිට පඹයන් පුච්චා බෝඩ් උස්සාගෙන සිටීමෙන් සිඳුවිය හැක්කේ, තව තවත් අප රට ජාත්‍යන්තරයේ හුදකලා වීම පමණි. මතක තබා ගන්න, ඉන්දියාව කලාක් මෙන්ම, ජාත්‍යන්තර අත පෙවීමකදි, චීනයද ජාත්‍යන්තරය හා එක්වනවා මිස, කිසි දින අප හා එක්වන්නේ නැත. මන්ද..? චීනයට, ලංකාවට වඩා ජාත්‍යන්තර වෙළඳ පොල ඉතා වාසි සහගත හේතුවෙනි.

Countries & regions that China trades the most with

The largest Chinese partners in billions of US Dollars for 2011 are as follows:
RegionExportsImports[1]Total tradeTrade balance
 European Union356.0211.2567.2+144.8
 United States324.5122.2446.7+202.3
 Hong Kong268.015.5283.5+252.5
 ASEAN170.1192.8362.9-22.7
 Japan148.3194.6342.9-46.3
 South Korea82.9162.7245.6-79.8
 India50.523.473.927.1
 Russia38.940.379.2-1.4
 Taiwan35.1124.9160.0-89.8
.

60 comments:

  1. මේකත් නිකන් අර ස්කෝල කාලේ වලි වගේ.අර චන්ඩියා අඳුරන නිසා අපිට අව්ලක් නෑ කියනවා.ඒ උනාට තනියම අහුවෙලා කනකොට කිසිම චන්ඩියෙක් නෑ.ලංකාවටත් ඒ අනිසන්සේම තමයි.

    අනිත් කාරණේ තමයි දැන් ගොඩක් උන් බුකියේ එහෙම දානවා අපිට උදව් කරේ හම්බ රටවල් විතරයි අරකද මේකද.මුස්ලිම් රටවල් අපිට උදව් කරේ ඇමෙරිකාව එක්ක තියන තරහට මිසක් අපිට ආදරේට නෙවෙයි.සතුරාගේ සතුරා අපේ මිතුරා කියනවනේ.

    අනිත් දේ තමයි පිටරට වල ඉන්න ලංකාවේ තානාපති වේසිගෙ පුතාලගේ තියන මෝඩකම නැත්තන් නිද්‍රාශීලී කම.ඒ ගොල්ලේ තමන්ගේ රට වෙනුවෙන් තමන් කරන්න ඕන යුතුකම් සහ වගකීම් කොටස පැහැර හරිනවා.උදාහරණයක් විදියට උතුරු අයර්ලන්තය ගන්න පුළුවන්..

    අයිරිෂ් ජාතිකයෝ වසර ගණනාවක් තිස්සේ අසල්වැසි මහා ජාතිය වෙච්ච බ්‍රිතාන්‍යන් එක්ක ගැටුනා.ඒ අයගේ රටේ තිබුන බ්‍රිතාන්‍ය අත පෙවීම නැති කර ගන්න.IRA වගේ සංවිදාන බිහි උනෙත් ඒකයි.බුද්දිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකුට තිබුනා ඔය සිද්දියට ඉන්දියාව සහ ලංකාව කියන රටවල් දෙක ආදේශ කරන්න.එහෙම උනානම් තව චන්දයක් පිට යන්නේ නෑ.

    ප.ලි - මේකට කී දෙනෙක් රෙද්ද උස්සගෙන ඒවිද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. මානවකයා කිව්ව අයර්ලන්ත කතාව දැක්කම මතක් උනේ... අයර්ලන්තෙ මිනිස්සුත් ඉන්නේ තමිල්නාඩුවේ අය ඉන්න තත්වෙමයි... එහේ තියෙන කොටි සංවිධාන ලොකු වැඩ කොටසක් කරනවා මේවා මිනිස්සුන්ගේ ඔලුවලට දාන්න.. අපි පඹයෝ පිච්චුවට වැඩක් නෑ වැදගත් විදියට ලෝකෙට කතා කරන්න පටන් ගත්තේ නැත්තම්...

      Delete
    2. අපි මේ ප්‍රශ්ණයේ මුල ඉඳලම නාගත්ත එක කලේ. යුද්දයෙන් විසඳුම දෙන්න අවුරුදු 27 ක් ගියා. මේක සෙට්ල් කර ගන්නත් සෑහෙන කල් යයි. හැබයි ප්‍රතිපලය මොකක්ද කියන්න බෑ.

      Delete
  2. maha mathiwaranayata kalin hitiya videsha amathi kiwe Rohitha Bogollagama ganada?!

    ReplyDelete
  3. //ජනාධිපති තුමා ගත් පියවර අප ඉතා අගය කළ යුතුය. එනම් ඉන්දියාව විවේචනය කිරීම වහාම නවතා දමන ලෙස ගෙන ඇති තීරණයයි. ඉන්දියාව පමණක් නොව, කිසිඳු රටක් නිර්දය ලෙස විවේච්නයට යායුතු නැත//

    එකඟයි , ඔය වාක්‍යට වගේම බොහොමයක් කාරණා වලට (අර චීනේ වෙලඳ කටයුතු වගුව දාපු එක ලොකුම දෙයක් )

    හැබැයි මම පොඩි පරස්පර ගතියක් දකිනාවා යුද්ධයෙන් පස්සේ සිත් සතන් හැඳීම මිස ගොඩනැගිලි හැදීමෙන් වැඩක් නැහැය කියන එකත් තියන 13ත් එපා කියන එකත් අතර

    වතුර ටිකක් ඉල්ලගෙන ගෙදරට එන මනුස්සයෙකුට නැගිටින්න බැරි වෙන්න පොලු කැලි වලින් තලනවා , ඊට පස්සේ ඒ මනුස්සයට ලස්සන ඇඳුමක් අරන් දෙනවා හිත හැදෙන්න කියලා . සාර්ථකද ?

    ReplyDelete
    Replies
    1. 13 ට මම එදා ඉඳන්ම විරුද්ධයි. ඒක බුවාලට වැටහෙයි. මේ රට යම් කිසි දවසක රටවල් දෙකක් උන දවසකට. දැන් ඒක අහෝසි කරන එකත් ලේසී නෑ. ආන්ඩුව සැප්තැම්බරයේ උතුරේ පලාත් සභා ඡන්දය පවත්වන බවට ජිනීවාහීදී පොරොන්දු වෙලා ඉවරයි. යටි තල පහසුකම් වලට වඩා ඒ මිනිස්සුන්ගේ සිත් පිත් සෑදිය යුතුයයි කීම වරදක්ද...?

      Delete
    2. කොහෙත්ම නැ , මාතලන් සිත් හදන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ?

      Delete
    3. ඕන තරම් තියෙනවා. පොතක් ලියලා දෙන්නම්කෝ...

      Delete
  4. කැලේ ගහක් නසන්නේ කැලේ ගහක්ම තමා......නමුත් කෝ අපේ ඉන්න කේවට්ටයෝ ටික........මේවට තමා පුකෙන් හිනා යන්නේ. කොහොමත් ලංකාව කියන්නේ තාමත් දුපත් මානසිකත්වයක් තියන රටක් විතරයි. අපිට ඒ මානසිකත්වයෙන් මිදෙනකන් මේ පශ්න වලින් වලින් බේරෙන්න බැහැ. ලංකාවේ දේශපාලනය තියෙන උඩ පඩියෙන් බිමට බහින්නම වෙනවා.

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ උන්ට මේක තේරෙන එක ළොකු දෙයක්.. ඇත්තටම වි.වි. මානසිකත්වය එදාට වඩා අද ගොඩාක් ඉදිරියෙන් තියෙනවා, තාක්ෂණයට පින් සිඳු වන්න. අඩු ගානේ මලක් කඩන්න හරි බුකියටවත් ගොඩ වෙනවනේ. නැත්නම් දන්නෙ පන්ති පහේ උගන්වන දේ පමණයි.

      Delete
  5. මාතලන් ඔබේ ලිපියට පාදක වී ඇති කරුණු අනුව එහි ඇති දේ සාරාංශගත කලොත් ඔබ කතා කරනවා,
    1. අපේ අධ්‍යාපන ක්‍රමවේදයන් ගැන.
    2. අපේ විදේශ ප්‍රතිපත්තිය.
    3. ජිනීවා ප්‍රශ්නෙ
    4. මේවාට විසදුම්

    මේ හැමටම එකම විසදුම මම නම් දකින්නෙ මේ රටේ ආකල්ප වෙනසක් ඇති වෙන්න ඕන. මොකද හැමදාම මෙහෙම බැහැ. යමක් වෙන්න ඕනෙ. නමුත් කවුරුවත් ඒක පිළිගන්නෙ නැහැ. ඇයි අපිට බැරි,
    1. එක ජාතියක් විදියට හිතන්න.
    2. අපේ වටිනාම සම්පත අපේ දරුවන්ගේ අනාගතේ විදියට හිතන්න.
    3. මෙහෙම තමන්ගේ කුටුම්භය විතරක් ආරක්ෂා කරගෙන රටට හෙන ගැහුවත් කමක් නැහැ කියන එකින් වෙනස් වෙන්න.
    4. අනෙක් අයට ගරු කරන්න. අන් මත ඉවසන්න.
    5. කොටින්ම කියනවා නම් කවුරුත් එකා වගේ ඉන්න සමාජයක් හදන්න.

    100% මේවා කරන්න බැහැ. ඒත් බුද්ධිමත් මිනිස්සු පෙරමුණ ගන්නව නම් යමක් කරන්න පුළුවන්.
    අපේ දරුවන්ගෙනුත් බැනුම් අහන්නෙ නැතුව අපිට මැරෙන්න පුලුවන් නම්.....

    ReplyDelete
    Replies
    1. ඔබ ඔය කියන පස් වැනි කාරණය අපට කරන්න පුළුවන්. ඒය කිරීමේ ශක්තියත් මේ රජයට තියෙනවා.නමුත් අවශ්‍යයතාවය වත් දැනුමවත් ඔවුන්ට නැහැ.ඒ නිසා ඔවුන්ගෙන් ඒක කෙරෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ.ඒකට තුවක්කු අර ගෙන විප්ලව කරන්නවත් පුද්ගලින ව්‍යාපාර ජනසතු කරන්නවත් අවශ්‍ය වෙන්නෙ නැහැ. අප විසින් රටතුල අාකල්පමය වෙනසක් අැති කරන්න ඔ්නෑ.අපට ෙගාඩ යන්න බැරි මහා පසුගාමී අාකල්ප වලින් පිරුනු මනසක් සහිත ජනතාවක් තමයි අපට ඉන්නෙ.අැයි අපට ඉදිරියට යන්නබැරි.කොහොමද අප හිරවෙලා ඉන්නෙ කියලා හරියට විමර්ශනය කරලා බැලුවොත් අපට වැරැද්ද හොයා ගන්න පුළුවන්. අපි ඒකට ට්‍රයි කරමු.

      Delete
    2. මෙතනින් වත් පාඩමක් ඉගෙනගෙන, යන පාර වෙනස් නොකලොත් රට අන්තුරේ කියන එක පමණයි කියන්න තියෙන්නේ.. අද වෙනකන් මෝඩ දේශපාලකයන්ගේ කටවල් වහලා තියෙන එකත් ළොකු දෙයක්. ඒත් නයි ටී එන් බැලුවොත මතය කුමක්ද කියන එක තේරෙනවා.

      Delete
  6. මතුපිටින් පමණක් ශිෂ්ඨ බව පෙන්වන,මනසින් ඇමසෝන් ගෝත්‍රිකයන්ට පවා අන්ත ලෙස හැසිරෙන බහුතරයකින් යුතු සමාජයකට මේවා දැනෙන්නේ නැහැ විනාශය උන්ගේ ඔලුවටම කඩාපාත් වුනාමයි නින්දෙන් අවදි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ තරම් මෝඩ ජනතාවක්, මම හිතන්නේ ළෝකේ කොහේවත් නෑ...

      Delete
  7. අද ලංකාවෙ ගෙදරක පයිප්පෙක වතුර එන්නෙ නැති උනොත් ගෙදර එකා තාප්පෙට නැගල කියනව ජනාධිපති තුමා හරි ගෝඨාභය මහත්තය හරි වතුර එන්න සැලැස්සුවේ නැත්නම් පැනල මැරෙනව කියල.අනේ ඒ වගේම ඒ ගොල්ල පිහිට වෙලා ජිවිත බේරාගන්නවා.එහෙනම් මොන මන්ගල්ලෙකටද හොන්ඩර ගණන් ඇමතියො?
    විදේශ තානාපති සේවය බල්ලට ගිහිල්ල.අහිංසක මිනිසුන්ට අබ සරණං ගච්චාමි!!!

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙත් ඕක තමා බං. හැම තැනදිම ජනාධිපතිතුමා කොහෙන් හරි මතුවෙලා දරුණු කේස් පවා සමථය කරනවා. මාරයි නේ? අර ඉංදි චිත්තර පටි වගේ. කොල්ල බහිනවා අන්තිමට...

      Delete
    2. තමිල්නාඩු බයිස්කෝප් වල නළුවො ඉන්නෙ ලංකා රජයෙ,

      Delete
    3. කරුමෙ කියන්නේ ලොක්කට ඕක තේරෙන්නේ නෑනේ. තව ඇමතිවරු දාන්නලු යන්නේ, නැවෙන් පනින එක වලක්ව ගන්න. ප්‍රේමදාසට එලව එලව කපන කොට තමයි ප්‍රේමේ ළෝකෙන් ආධාර අරගෙන මිනිස්සුන්ට ගෙවල් හදලා, ජාත්‍යන්තර නිවාස වර්ෂයකුත් ලබා ගත්තේ. ඒ කියන්නේ මේ ඇමතිවරුන්ට වැඩ බෑ කියන එක මිස වෙන කිසිම දෙයක් නොවේ.

      Delete
  8. LLRC වාර්තාවෙන් කියන්නෙ අපිටයි සිංහලයින්ටයි එකට ඉන්න කියල එයට අකමැති නිසා ඩයස්පෝරා කාරයො පෙළපාලි ගිහිල්ල LLRC වාර්තාව ඉරා දමනව,

    එ. ජා මානව කොමිසම කියනව මෙය ක්‍රියාත්මක කරන්න කියල,

    ලංකාවෙ කොටසක් කියනව එහි බලය බෙදාහැරීම කලොත්, ඉතින් ඊලම තමයි කියල,

    වාමාංශිකයන් හැමදාමත් කීවේ අප බලය බෙදාගත යුතුයි කියල,

    ජේ ආර් තුමත් ඒ සඳහා කැප උනා,

    නලින් කියයි අපි දෙවියන්ගෙන් අහල බලමු..

    මෙපමන මිනිමරාගෙන යුධ කරල ආයි ආපහු දෙන්නෙ මොන මෝඩයද කියල තව කෙනෙක් අහනව.

    කවුද යුද්ධ කරන තැනට රට ගෙනාවෙ කියල තව ප්‍රශ්නයක් නැගෙනව



    මට පෙනෙන මුලක් හොයන්න බැරි චක්‍රයක් තිබෙනව

    සැමට අයිතිවාසිකම් ලැබෙන්නේ රට සංවර්ධනය වෙන තරමටය.
    රට සංවර්ධනය වෙන්නට සාමය පැවතිය යුතුයි
    සාමය පවත්වා ගන්න නම් හැමට සමානව සැලකුම් ලැබීමේ අයිතිය තහවුරු වී තිබිය යුතුයි
    සමානව සැලකුම් ලැබීමේ අයිතීන් සුරැකීම සිදුවන්නේ ඒ සඳහා ව්‍යවස්තාවෙන් අයිතීන් තහවුරු වූ විටදීය

    ඔබ ජනපති නම් මක්කද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. මම ජනපති නම්, විදේශ ප්‍රතිපත්තිය නොබැඳි ප්‍රතිපත්තියක් බවට පත් කරණවා. ලෙඩේ එතනින්ම ඉවරයි.

      Delete
  9. ඉන්දියාවට ගේම දෙන්න කථා කරන උන් ගොඩ දෙනෙක් , ඉන්දියාව මනින්න යන්නේ පාරේ බොක දාන එකෙන් . ඉන්දියන් කාරයො සරම උස්සන හැටි කියවන ගොඩක් උන් තමිල්නාඩුවට තියා යාපනේටවත් අඩිය තියපු උන් නෙවෙයි . ඉන්දියාවට ගේම දෙන්න ඕනි කියල හිතෙන එකක්ට මම කියන්නේ ඉතාලි නාවිකයො දෙන්නගේ සිදුවීම මුල ඉඳලම කියවලා බලාපල්ල කියල්ලා ( ආ .. දැන් ඉතින් විමලයගේ සී නිවුසිය පෙරලන්න එපා ඕක හොයන්න , බලාපල්ල තොපි අධිරාජ්‍යවාදී කියල හංවඩු ගහපු එකක් )

    ඉන්දියාව ටැකල් කරන්න මානව හිමිකම් රකින්න , බලය බෙදන්න, ඕනි නෑ . ලොක්කට ඒක තේරුම් ගිය දාට ජිනිවා ගොඩ .

    ReplyDelete
    Replies
    1. මේ වන තෙක් නම් බුද්ධිමත්ව ක්‍රියා කර තිබෙනවා..

      Delete
  10. යුනි කේත දිය කරල මහ එවුන්ට පොවන්ට විදිහක් හොයාගන්ට බැරි වෙයිද වෙදමහත්තයගෙ මොලෙන් වත්. එහෙම කොරා නම් කස්ටියම ගොඩ

    ReplyDelete
    Replies
    1. සෑහෙන අමාරු කාරියක්.. නොහැකි වන එකකුත් නෑ...

      Delete
  11. හ්ම්ම්... ඇත්තටම අර කිව්වා වගේ චීනෙනම් කීයටවත් ඔය වගේ අවස්ථාවක ජාත්‍යන්තරේ අතෑරලා ලංකාව ට උදව් කරන එකක් නම් නෑ තමයි... එතකොට අපිට හුලං..

    ReplyDelete
    Replies
    1. අපේ බූරුවන්ට ඕක නොතේරෙන එකයි කරුමේ. චීනය දෙන ලණු පැනලා කන්නේ.. එයාලා කෑවට, රෙන්න වෙන්නෙ අපිටයි...

      Delete
  12. මේවා එන බව අපි කිව්වේ මීට අවුරුදු පහකට විතර කලින්. ඒ කාලේ අපිව සැලකුවේ ජෝකර්ලා හැටියට. අනේ අපිට එහෙම සලකපු ජෝකර්ලා අද ඉන්නේ මොක්කු වෙලාද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. යුද්දේ ඉවර උන දවසේ ඉඳලා අපි කියන්නේ මේකයි. මේ වර වත් පාඩමක් ඉගෙන ගනීද බලමු.

      Delete
  13. ඇමති මණ්ඩලේ කිව්වම මතක් වුනේ ,ප්‍රයිවෙට් බස් වලට ඉන්න ඇමති තාම ඉන්නවද අනේ

    ReplyDelete
    Replies
    1. දැන් ප්‍රයිවෙට් බස් වලට විතරක් නෙවෙයි, සීනී වලටත් ඇමති කෙනෙක් ඉන්නව අනේ. ඊලඟ සංශෝධනයේදී තේකොල, කිරිපිටි වලටත් දාන්නයි ඉන්නේ.
      :-)

      Delete
    2. ඔය ඉන්නේ. ප්‍රයිවට් බස් වල ගාස්තුව ඉහල දාන එක විතරයි එයාගේ රාජකාරිය. පෙර පින් කළ ඇමතිකම්.

      Delete
  14. @“යුද්ධය අති විශිෂ්ඨ ලෙස ජයගන්නට ශ්‍රේෂ්ඨ කණ්ඩායමක් උන්නද, ඉන් පසු තත්වය කළමණාකරනය සඳහා ආන්ඩුව අසමත් වී ඇති බවයි“
    සම්පූර්ණයෙන් ම එකඟයි මාතලන්. කලකට පෙර මම ද මේ ගැන ම ලීවෙමි. වෙලාව තිබේ න්ම කියවා බලන්න.මෙන්න යොමුව

    https://meeghaya.wordpress.com/2011/06/13/%e0%b6%b4%e0%b7%83%e0%b7%8a%e0%b6%a0%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ba%e0%b7%94%e0%b6%b0-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%ba%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b7%80/

    ReplyDelete
  15. අද දින 64 වැනි දිවියට පා තබන මාගේ දේශපාලන පියාට උණුසුම් සුභ පැතුම්!!!!.

    ReplyDelete
    Replies
    1. කවුද බං ඒ?
      අපිත් දන්න කෙනෙක් ද?


      Delete
    2. රනිල් වික්‍රමසිංහ මහතාට සුබ උපන් දිනක් කෙන්ජි.අපේ රටට තාමත් නායකයන් දෙන්නයි ඉන්නේ ඒ මහන්ද නැත්නම් රනිල්.

      Delete
    3. ඇයි ෆොන්සේකා මහත්තයා. එතකොට චන්ද්‍රිකා මැඩම්. තව ඕනනං ශිරාණී මැඩම් උනත් නරක නැහැ. මං හිතුවේ පහුගිය දවස්වල කට්ටිය කරේ තියං ගිය හැටියට හිරුනිකා නංගිත් එහෙම වෙයි කියලා. කෝ මේ කෙල්ල කරේ තියං ගිය නඩේට කොකා පෙන්නුවනෙ.

      මේ වෙලාවේ මං මතක් කරන්න කැමතියි අපේ ප්‍රවීණ බ්ලොග් කරු දුකා විසින් නිතරම දේශපාලන පෝස්ට් වලට දාන කෙටි කමෙන්ට් එක.
      “සුමාන දෙකයි බං සුමාන දෙකයි“

      ඇත්ත අපිට මතක හිටින්නේ සුමාන දෙකම තමා. දැන් මේ කෙන්ජිලා මාතලංලා හදන්නේ අපේ ඒ දුර්වලතාවයෙන් ප්‍රයෝජනය අරං රනිල්ගේ අඳුරු අතීතයේ කලු පැල්ලම් මකලා දාලා පිරිසිදු දක්ෂ අවංක නායකයෙකුගේ ප්‍රතිරූපයක් අපිට මවලා පෙන්නන්න. ඇත්තටම දැන් දැන් මට උනත් අමතක වෙනවා බටලන්ද, සාම ගිවිසුම,කාබුල් ලංකා වගේ කතා. කොටින්ම ගෝනවල සුනිල්වත් අමතක වේගන යනවානෙ.
      “සුමාන දෙකයි සුමාන දෙකයි.“

      මෙහෙම කමෙන්ට්වලවත් මේවා ලියලා තියන්න ඕන ටිකක් හරි අපිට මතක් වෙන්න. නැත්තං ඉතිං මාතලංගේ කෙන්ජිගේ ගරිල්ලා මාකටින් වලින් අපේ බ්‍රේන් වොෂ් කරලාම දායි.

      Delete
    4. ඔන්න මගේ සුභ පැතුමත් වා තලයට එකතු කළා.

      Delete
    5. “සුමාන දෙකයි සුමාන දෙකයි.“

      Delete
    6. නලින් - ඔහොම කියන්න එපා බන් වැරදිලාවත් වෙන එකෙක් ආවොත් ජොබ් එක ගහලා යයි . සුභ උපන්දිනයක් කිව්ව හැකි මංගල, ජෝන් , ජයලත් වගේ පිස්සු මැන්ටල් ටික හලලා සජිත් දයාසිරි , බුද්ධික වගේ මිනිස්සු ඒකතු කරගෙන එජාපය මහින්දට විරුද්ධ බලවේගයක් බවට පත්කරනවා නම් .රනිල්ගේ දේශපාලන දැක්මට මාත් එකඟයි , ඒත් පක්ෂේ අස්සෙ පිස්සු නටන කන් එයාගේ උපන් දිනේ සුභ වුනත් එකයි නැතත් එකයි

      Delete
    7. ඇත්තටම දැන් දැන් මට උනත් අමතක වෙනවා හෙල්පින් හම්බන්තොට, මිහින් ලංකා, විජේදාස ලියනාරච්චි ඝාතනය වගේ කතා. කොටින්ම ජුලම්පිටිය අමරෙවත් අමතක වේගන යනවානෙ.

      Delete
    8. අපි ඔක්කෝටම කලින් ලොක්කා විෂ් කොරන්න ඇති...

      Delete
  16. යුද්ධය පැවති සමයේ, වියදම අධික වූවද අපට සුපිරි ගනයේ විදෙස් ඇමතිවරයකුගේ සේවය ඉතා ඉහලින් ලැබිනි. එහෙත් රටේ අවාසනාවට, ඉන් පසු පැවති මැතිවරණයෙන් ඔහුගේ සේවය රටට මෙන්ම, ජනතාවටද අහිමි විය.

    ReplyDelete
    Replies
    1. මාතලන්,මචං දන්න මගුලක් කතා කරපන් හරිද

      Delete
    2. ඇයි අප්ෂට්ද....? (ටෙලියක කෑල්ලක්)
      පොර එක්ස්පෙන්සිව් උනාට, යුද්දේ කාලේ කිසි අවුලක් නැතුව හැමෝගෙම සප් එක ගන්න පොර සමත් උනා. ඇත්තටම පොර උන්නනම් මෙච්චර අවුලක් වෙන්නේ නෑ. අඩු ගානේ නවී පිල්ලෙටත් ගේමක් දෙනවා...

      Delete
    3. මාතලන්..මෙතනදී බෝගොලලාගමගේ ක්‍රියාකලාපයට වඩා බලපෑවේ ඒ වෙනකොට විදේශ සේවයේ හිටපු දක්ෂ නිළධාරීන්ට පූර්ණ සහයෝගය රජයෙන් ලැබිච්ච එක. බෝගොල්ලාගම ගැන මාතලන් වගේ කෙනෙක් මෙහෙම හිතපු එකගැන මටනම් පුදුම හිතුනා. ඒ අතින් බලද්දී ජී.එල් (සාපේක්ෂව ) හොදයි. නමුත් මාතලන් කිව්ව වගේ විදෙස් සේවයට උඩුන් එන බලපෑම් වැඩි වුන නිසා ජී.එල්. අසමත්.

      ගිය සැරේ ඡන්දයෙදී ආණ්ඩුවෙන්, කොළඹින් පරදියි කියල මම බලාපොරොත්තු වුන දෙනනගෙන් එක්කෙනෙක් මෙයා. අනිත් කෙනා ලොකුගේ. මිනිහ කරුමෙට නැට්ටේ එල්ලිලා ගොඩ ගියා.

      Delete
    4. මිනිහකුගේ පෞද්ගලිකත්වයට වඩා වටින්නේ ඒ මිනිසා කරනා සේවයයි. පෞදගලිකව ගත්තොත් අපෙත් වැරදි ලෙස දකින් දේවල් තියෙනවා. ඒ මනුස්සයා, එයාගේ යුතුකම මැනවින් ඉටුකලා....

      Delete
  17. මම නම් හෙන සපෝට් ඇමෙරිකාව UN එකෙන් අයින් වෙන්න යැයි රෑන්ඩ් පෝල් ගෙනා යෝජනාවට.

    http://thinkprogress.org/security/2013/03/22/1760571/rand-paul-un-budget/?mobile=nc

    අනුන්ගේ රටවල් වලට ගේන චෝදනා ගැන ඇති කැක්කුමක් නිසා නම් නෙමෙයි. අපේ බදු වැඩිවෙන එක UN වලින් අයින් වුනාම නවතීවි යන පුද්ගලික වාසිය වෙනුවෙන් පමණයි!!!!!!

    ReplyDelete
    Replies
    1. //අනුන්ගේ රටවල් වලට ගේන චෝදනා ගැන ඇති කැක්කුමක් නිසා නම් නෙමෙයි// හිකිස්.

      Delete
    2. ඔහේලට ඉස්සෙල්ලා අපි අයින් වෙයිද දන්නෙ නෑ. මොකෝ නම්බර් වන් කේවට්ටයෝ ඉන්නේ අපේ රජතුමාට...

      Delete
  18. මාතලන්,මචං දන්න මගුලක් කතා කරපන් හරිද

    ReplyDelete
  19. මාතලන්ගේ මතයේ ගැලපුමට හානියක් වෙන්නේ නෑ මේ කියන දෙයින්. ඒත් අර තාත්තා උපවාස කලේ එක වසරට ලමයා දා ගන්න නෙමේ. එයා දෙමව්පිය සංගමයේ නිළධාරියෙක්. පොඩි එකා ඉන්නේ තුනේ.

    ReplyDelete
    Replies
    1. නමුත් සටන කළේ ඒ වෙනුවෙන් නේද...?

      Delete
  20. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු....

    ReplyDelete
    Replies
    1. ඒ ගීතය තහනම් කලේ ඒ නිසාමයි. නියම විදියට නම් ජාතික ගීය විය යුත්තේ එයයි...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න