.

.

Jun 6, 2013

නඩුකාරයෝ හා බඩුකාරයෝ (18+) - Mental disorder judges (18+)



කලින් පෝස්ට් එක ලිව්වේත්, නීතිය හා ඩෙංගු ගැනය. අද ලියන්න වෙලා තියෙන්නේ, නීතිය හා කලවා මිරීකීම ගැනය. අපේ රටේ නීතියක් නැත. නීතීය හා සාමය රකින්න ඉන්න උන් කුලියට මිනි මරණ රටේ. නීතියේ දෙව්දුව වැඩවසන අධීකරණයේ, නඩුකාරයාගේ චේම්බර් එක ඇතුලේ, විත්තිකාරයාගේ බිරිඳ දූෂණයට ලක් කලේ අද ඊයේ නොවේ. ඒ නොම්මර එකේ බඩු කාරයෙකුට, අධිකරනය බාරදුන්න කාළයේය. ඒවා ගැන එදා කතා කලේ වික්ටර් අයිවන් විතරය. අද එතුමාට ඒවා කතා කරන්න වෙලාවක් නැතිය. මිලියන 200 ක් නැතුව පිස්සු වැටිලා ඇමරිකන් බයිලා ගහනවාය.

අධිකරණය උත්තරීතරයි ගගා හිටපු කාළය අවසානය. ඊට වඩා පාර්ලිමේන්තුව උසස් කියාපු ළොකු අයියා, චීප් ජස්ටිස් නෝනාට කින්ඩිත් දා ගෙදර ගිහින් ඇරලුවේ ඒ නිසාය. අධිකරණය නොව විධයකය වූවද පිස්සු කෙලිනවානම්, ඒ ගැන ලියන්න කියන්න ඉඩ තිබෙන්න ඕනාය. එහෙම නැත්නම් මේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදි කෑල්ල, 20 වෙනි සංසෝධනේ හරි ගෙනත් කපලා දැමිය යුතුය. අධිකරණය උත්තරීතරයි කියන්නේ නොම්බර එකේ බයිලාය. එහෙම කියා අහිංසක මිනිස්සු බය කරගෙන නඩු කියන්න යන එකාගේ සබ්බ සකලමනාවම හූරගෙන කනවාය.

මිනිහා හිරේ ගිය ලස්සන ගෑණියෙක්නම්, නඩු කතාකරන එකයි, නඩු කාරයයි, ජේලරුයි ඔක්කෝම නඩු බලවනවාමය. දුප්පත් ලස්සන ගෑණියෙක්නම් ඉතින් සම්මා සම්බුදු සරණය, ඒ මොකෝ උන්ගේ යාලුවොන්ටත් පෝලිම දාන්න සෙට් කරනවාය. මේවා බොරුනම්, උසාවි පැත්තේ සතියක් දෙකක් කරක් ගැහුවාම, ඕනම කෙනෙකුට දැන ගන්නට පුළුවන් ප්‍රසිද්ධ රහස්ය. ඩිවෝස් කේස් දාගෙන ඒන ගෑණුන්ට ගුටි කකා හරි මිනිහා එක්ක උන්නා නම් හොඳයි කියා හිතෙන්නේ, කස්ටියම පෝලිමට සෙට් වෙන නිසාය.

සමාන්‍යයෙන් නඩුකාරයෙක් කියන්නේ, සමාජයේ ඇති උසස්ම රැකියාවක්ය. නඩුකාරයාගේ යුතුකම සාක්ෂි විමසීමෙන් පසු නීතීයට අදාලව විනිශ්චයක් දීම මිස බක පන්ඩිත කතා කීම නොවේ. එසේ තම අදහස් කියන්නට ඔනෑ නම්, ඒවා අධිකරන අමාත්‍යංශය මාරගයෙන් නීති කෙටුම්පත් කොට පාර්ලිමේන්තුවට එවා අනුමත කිරීමෙන් පසු නීති පොතේ දාගත්තාට අපිට අවුලක් නැතිය. දැන් අදාල මාතෘකාවට එමු.

රත්නපුර ප්‍රදේශයේ රාත්‍රියේ මහමග ගමන් කල නර්ස් නෝනා කෙනෙකුගේ කලවා මිරිකා ඇත. එයින් නොනැවතුනු කාලකන්නි, ත්‍රී වීල් රථයක නැග පසු පස ගොස්, නැවතත් ඇයට ලිංගික අඩත්තේටම් කර ඇත. නඩු කාරයා දී තිබෙන තීන්දුව කුමක්ද? මේ අවස්ථාවේ ඇය කොටට ඇඳගෙන ගියේද? එසේ යන්නේ කෙල්ලන්ගේ ගල් පෙන්නා මිරිකාගැනීමට බවද, කොටට ඇඳගෙන ගියානම් මිර්කුවාට වරදක් නැතැයි කියාය. මම නම් අළුත් චීප් ජස්ටිස් මහත්තයාට කියන්නේ මේ වගේ හරක් වහාම නඩුකාර දූරයෙන් එලවා දැමිය යුතු බවය. කුමක්ද මේහි ඇති විනය. මිනිසුන් යුක්තිය බලාපොරොත්තු වන්නේ මෙවන් බූරුවන්ගෙන්ද?


කානතාවන්ගේ ගල් මිරිකීම තබා කිසිම කෙනෙකුට, ඇයගේ කැමත්තක් නැතිව ඇඟට අතක් වත් තැබිය නොහැකි බව ලියා ඇත්තේද නීතී පොත් වලමය. එතකොට මේ නඩුකාරයා නීති පොත් කියවා නැති එකෙක්ද, අනෙක ළෝක නීතිය අනුවද, කාන්තාව හා දරුවන් අති විශේෂ පුදගලයන් ලෙස සැලකීම පුරාතනයේ සිට පැවත එන සම්ප්‍රදායන්ය. රත්නපුර ප්‍රදේශයේ කොළඹ තරම් කොටට සාය ඇඳන් යනවා මා කිසි දිනෙක දැක නැත. තම ප්‍රදේශය ගැන අවභෝධයක් නොමැති උන් නඩුකාරකම් කරනවාට වඩා බඩුකාරයන් වන එක කොහොමත් හොඳය.

කාන්තවන්ගේ ඇඳුම් ගැන උනන්දු වෙන මෝඩ පිරිමින්ටත් මේ අවස්ථාව මල් මසුරන් අවස්ථාවක් වෙලාය. උන් මේකෙන් ආතල් ගන්නවාය. ඔය තරමක් කොටට ඇඳගෙන යන අයගේ අවයවවලට වඩා අවයව මහ ගොඩක් අති උතුම් සාරි ඇඳගෙන යන කස්ටිය එලියේ දාගෙන යනවාය. කලාගාරයක් වන ස්ත්‍රී ශරීරය මෙසේ දකින් විට එහි ඇති කළා රස විඳිනවා මිස. පාර මැද්දේ පෙරලාගෙන සංසර්ගයේ යෙදිලා හරියන්නේ නැතිය. බල්ලෝ නම් මහ පාරේ එහෙම කරනවා දැකලා තියෙනවාය. එහෙම බැලුවාම මේ බඩුකාරයා කියලා තියෙන්නේ මහා බලු කතාවක්ය. මිනිසා කියන්නේ මනස උසස් විතරක් නෙමේය. එම උසස් මනස ප්‍රයෝජනයට ගන්නා එකටය. එනයින් මුන් මිනිසුන් ඌවාට සුනඛ පෝතකයෝය. මෙතන වරද තියෙන්නේ ඇඳන් යන එකාගේ නොව, ඒ දෙස නිවුනු සිතින් බලන්න බැරි එකාය. මේ නඩු කාරයාත් එහෙම එකෙකි.

පාසල් යන දැරිවියන්, වයසක කාන්තාවන්, දූෂණය කර මරා දමන්නේ කොටට ඇඳගෙන යන නිසාම නොවේ. තිරිසන් කම නිසාය. කරුමය කියන්නේ මේවා වැලක්වීමට තිබෙන තැන්වල ඉන්නේත් මනසික ලෙඩුන් නම්, අපේ රටට සම්මා සම්බුදු සරණමය. අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් හඬ නගන සංවිධාන වහාම මේ නඩුකාරයාගේ ප්‍රකාෂය හෙලා දැක අසාධාරණයට ලක්වූ කාන්තාව වෙනුවෙන් පෙනී සිටිය යුතුය. නැතිනම් මේ වගේ නඩු කාරයෝ, අර නඩු බලවන්න විත්තිකාරයාගේ ගෙදර මේසන් බාස්ලා හොයන්න ගියා වගේ. අපචාරෙට ලක් වෙලාද, දූෂණයට ලක් වෙලාද කියා, චෙමබරේට දාගෙන, ඇඟිලි ගහන කාලය වැඩි ඇතක නොවේය. එහෙම කාමරේට දාගත්තොත් බ්ලේඩ් තලේකුත් ඇතුලට දාගෙන යන ලෙස, මාතලන් නොමිලේ නීති උපදේශකයකුත් දෙනවාය.

අගවිනිසුරු තුමනි. මෙවන් මානසික ලෙඩුන් ගෙදර යවා, උසාවියේ ගෞරවය රකිනා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

159 comments:

  1. නඩු කාරයෝද කොලිටි බාල බඩු බවට සාක්ෂි ඇත.. අර එක හාදයෙක් හිටියේ කමල් අද්දරආරච්චිගේ සින්දු වලට කැමති වෙලා, පුතාගේ උපන්දිනේට ගෙන්නල සින්දු කියවගෙන කමල්ගේ නඩුවත් අහපු. ඉතිං මොන කතාද??? ඇත්තටම ඔය රත්තපුරේ පැත්තේ කෙල්ලො දැං කොටට ඇදං යනවා නඩු කාරයා දැක්කේ කොහොමද මන්ද? නඩු කාරයෙක්ගේ ස්වයං පාලනයන් හා ආචාරධර්ම පවා අමතක හෝ නොදන්න නඩු කාරයන් ඉන්න රටක් ගැන, බැලුවම පුදුම වෙන්න දේකුත් නෑ..

    ReplyDelete
    Replies
    1. මේ අතරේ වරාවැව වගේ රත්තරන් මිනිස්සුත් ඉන්නවා.

      Delete
  2. ඔය නිවුස් එක දැකපු වෙලේ මගේ හිතට ආව ආවේගය හරියටම නිවැරදිව මාතලං අකුරු කර තියේ. අපි ඉන්නේ මිනිස්සුන්ට මිනිස්සුන්ට වගේ සළකන රටක නොවන වග උත්තරීතර අධිකරණයෙනුත් ඔප්පු කර ඇති විට, අර විජේ කුමාරතුංග ගේ සින්දුවක තියෙන්නා වගේ ක්ෂාන්තිවාදී තපස් රකින්නේ පිට කොඳු බිඳ ගත් නිවටුන්ම මිස වෙන කවුද?

    ReplyDelete
    Replies
    1. මේවා ගැන කතා නොකර ඉන්න තරමට මේවට උඩගෙඩි දීමක් තමයි වෙන්නේ. මේ හරකා මුළු අධිකරණයේම ගෞරවය කන්නේ...

      Delete
  3. උඹටත් නඩු වැටෙන්න බැරි නෑ මේ විදිහට යනකොට... කොමුපිළි, කොට කලිසං ගැන කාන්තාවන් දැනුවත් කරලා එයාලව දූෂණය වෙන්න අනුබල දුන්නා කියලා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත. එහෙව් රට මේක.. කැකිල්ලේ තීන්දු නේ කොහොමත් දෙන්නේ...

      Delete
    2. බ්ලොගාධිකරණයෙන් මාතලංට බරපතල දඩුවම්.. හැක්... කේස් එක තියෙන්නේ වැඩිපුරම කියවල තියෙන්නේත් ඒවමනේ

      Delete
  4. නඩුකාරවරුන්ට බ්ලොග් වලින් මේ ආකාරයට ආමන්ත්‍රනය කිරීම මුලින්ම හෙළා දකිමි.නඩුකාරවරු වරදක් කරන්නේ නම් ඒ ගැන ක්‍රියාකළ යුත්තේ ඊට ඉහල විනිසුරන්ය.
    නීතිය සමබන්ධ ගැටළු ගැන විශාල අව්ශයෙන් කතා කළ මගේ බ්ලොග් එකේ කාව විවේචනය කළත් විනිසුරුවරු හා අධිකරන පද්ධතිය විවේචනය නොකිරීමට ප්‍රවේසම් වීමි.ඒ සංයමය ඇතැම් බ්ලොග්කරුවන්ට නැති බව පෙනේ

    ඔය කියන විදියේ අතවරයක් සිදුවුනානම් එය වැරදිය.එය හෙළා නොදකින කෙනෙක් නැත.නමුත් අවිනීත ලෙස අදුම් ඇදීම අතවර වලට කරන ආරාධනාවකි.ස්ත්‍රී සිරුර සැකසී ඇත්තේම පිරිමින්ගේ ආකර්ශනයටය.ඒ සොබා දහමයි.ප්‍රජනනය සදහා වූ සොබා දහමේ හැඩගැසීමයි.දරුවන් බිහිකිරීමට හා හදාවඩා ගැනීමේ සැකැස්මක්ද ඇයට ඇත.
    දැන් බලන්න මුස්ලිම් කාන්තාවක් දුටු විට කිසිම කෙනෙකුට රාගී චේතනා පහල නොවේ.සිරුරේ ඉස්මතුවන කිසිම තැනක් ඉස්මතුනොවන ලෙස එම ඇදුම සකසා ඇත.

    මුස්ලිම් ඇදුම මම නිර්දේශ නොකරමි.එහෙත් අවිනීත ලෙස ඇදුම් අදින්නේ ලිංගික ආකර්ශනයට බව නම් නොකියාම බැරිය.මෙවැනි ඇදුම් අදින්නේ බොහෝ බලාපොරොත්තු ඇතිවය.

    ReplyDelete
    Replies
    1. ලිංගික හැඟීම් පාලනය කර ගත නොකැකි පුද්ගලයා, මිනිසා ලෙස හැඳින්වීමට නොහැකි අතර. ඔවුන් මානසික රෝගීන්ය.

      පාරේ තොටේ නොව උත්සව අවස්ථාවන්වලටද තමන් කැමති ඇඳුමක් ඇඳීමට මෙවන් මානසිකත්වයක් ඇති මිනිසුන් සමඟ කෙසේවත් කළ නොහැකි බව මෙයින් සනාතවේ.

      Delete
    2. මාතලන් නඩුකාරයන්ටයි අනික් හැමෝටමයි පිස්සුයි පිස්සුයි කියල කියනවා.මට මතක් වෙනව එක මිනිහෙක් හිටිය එයා පාරෙ නනත්තාරෙ ඇවිදින කෙනෙක්.එයා ඕනම කෙනෙක් පෙන්නලා කියනවා අන්න අහවලාට පිස්සුනෙ දන්නෙ නැද්ද?කියලා
      නඩුකාරයන්ටත් පිස්සුද මාතලන් හරි අපරාදයක්නෙ නේද ඇලිස්ගෙ විස්මලන්තෙ වාගෙ වෙයිද දන්නෙ නෑ ඔහොම ගියොත්.

      Delete
    3. පිස්සු නැත්නම් මේ වගේ උම්බෑ කියයිය..

      Delete
    4. හැබැයි උත්සව අවස්ථාවල ඒකියන්නෙ වෙඩින් වල ,පාටිවල කාන්තාවන් බුරිය,ගල ඒ වගේම චුට්ටක් තන් එහෙම පේන්න ඇන්දට වරදක් නෑ.ඒ වගෙ තැන්වලට එන පිරිමි ඒව දැකල කුලප්පු වෙන්නෙ නෑ.කුලප්පු නොවී ඒ වැඩ කරගන්න පිලිවෙල ඒ අය දන්නවා.ඒ වගෙ තන්වලට යන අයට ප්‍රශ්න වෙන්නෙ නෑ.හැබැයි ඒ විදියට ඇදගෙන ත්‍රීවීල් වලට නැග්ගොත් කේස්.හරි දේ වුනත් වැරදි වෙලාවට සුදුසු නෑ කියන්නෙ ඒකයි.

      Delete
    5. @liya varuna
      රටේ සමාජය හා බැඳුනු නීති පද්ධතිය සම්බන්ධ වැරදි විවේචනය නොකිරීමට ඔබට තිබූ 'සංයමය', කාන්තාවකගේ ඇඳුම වැනි ඇයට පෞද්ගලික දෙයක් විවේචනය කිරීමේදී නැතිවීම කණගාටුදායකයි...

      Delete
    6. පුරුෂාධිපත්‍ය තම ආගම ලෙස සලකන් මිනිසෙකු හා සංවාදයට යාම කාලය හා වචන අපතේ යැවීමක්ම පමණි. ඔබ අනෙක් විශයන් ගැන දරනා ධනාත්මක් සිතුවිලි පවා යට යන්නේ. ඔබ තුල ඇති මේ පහත් ගතිය නිසා බව මා කීප වරක්ම ඔබ වෙත කියා ඇත. කරුණාකර අළුත් ආරම්බයක් දැන්වත් අරගන්න. යහපත් බිරිඳක් ලැබේවා කියා නැවත වරක් ප්‍රාර්ථනා කරමි.

      Delete
    7. ලියවරුන....බටහිර රටකට බැරිනම් බවුද්ද කියන ජපානෙට වත් ගිහින් ඇවිල්ල මේ කමෙන්ට් එක ආපහු කොටපන් මයෙ අම්මා....දැන් උඹ කිව්වොත් "මම ඉන්නෙත් බටහිර රටක" කියලා, එක්කො උඹ ලෙඩෙක්, නැත්නම් කාමරේට වෙලා අතේ ගගහා ඉන්න කුහක පඟරනැට්ටෙක්.

      Delete
    8. @ලියවරුන
      ඔබගේ ගෝත්‍රික අදහස් ගැන කණගාටු වනවා හැර වෙන කිවහැකි දෙයක් නොමැත.ස්ත්‍රී සිරුරට බය ඇෆ්හනිස්ථානයේ තලිබාන් මුල්ලා මානසිකත්වය පරිගණක භාවිතා කරන ඔබට තිබීම මානසික රෝගයකි ඔබ පතුරවන්නේ වෙන කුමක්වත් නොව මානසික රෝගයකි. ශිෂ්ඨ සමාජයට පෙර ගෝත්‍රික මිනිසුන්ට තිබූ මානසක උරුමකරුවෙකු වීම ආඩම්බරයට කරුණක් යැයි සිතීමද ලාංකීය රෝග ලක්ෂණයකි. ඔබගේ අපූරු විසඳුම් නොමැතිව ගැහැනියකට තමන් කැමති ඇඳුමක් ඇදන් රෑ දොළහට වුවත් පාරේ යා හැකි ශිෂ්ටාචාරගත සමාජ ලෝකයේ දියුණු රටවල ඕනෑ තරම් ඇත. එවන් රටවල දඬුවම් දෙන්නේ ගැනු ඇඟවල් දැකීම නිසා මෝල් කෙලින් වෙන පිරිමින්ට සත්ත්ව ගතිගුණ ඇති මිනිසුන්ට මිස ගැහැනුන්ට නොවේ. එවන් සමාජ වල තමන්ගේ සැමියාට වුව හෙළුවෙන් ඇදේ නිදාගන්නා බිරිඳට අකමැත්තෙන් අත තැබීමට අයිතියක් නැත. ගෑනිගේ හෙළුව දැකීම නිසා මට මෝල් කෙලින් වුණා යැයි එවන් ශිෂ්ඨ රටවල උසාවියක සැමියටවත් නිදහසට කරුණක් ලෙස කිව නොහැක.ගෝත්‍රික මනසක් උරුම නමුත් නුතන ගැලැක්සි සෙල් ෆෝන් අතින් ගත් ඔබලා ගැන දුක සිතීම ඇර වෙන සෙයක් නැත. ඕකට දීප්ති කුමාර ගුණරත්න කිවේ "කඳ ජපන් ඔලුව මනමේ" මානසික රෝගය කියාය.

      Delete
    9. ahoe liyavaruNa nodhiti mokpura......

      Delete
    10. අහෝ ලියවරුණ නොදිටි මොක්පුර......
      එවන් ලියවරුණවල් වීමෙන් බහුතර...
      නො-ලියවරුණවල් ද නොදකියි මොක්පුර...
      අනේ අපොයි...අගාධයටම යයි ද මේ සිරිපුර...

      Delete
    11. මචන්ලා මං මේ ලිය වරුණ ගැන ටික කාලෙක ඉඳලා බලන් ඉන්නේ.මෙයා තමයි බුවා කාලෙකට කලින් පච කරපු මනුස්සයා.
      http://buwagesithuvili.blogspot.com/2012/12/blog-post_29.html
      පොර එක පාරටම අතුරුදහන් වෙලා ලියන විදිහ පොඩ්ඩක් වෙනස් කරගෙන ඇවිත් ඉන්නේ.මට හොඳට මතකයි මෙයා ඔය වගේ අදහස් තමයි අන්වර් මනතුංගගේ බ්ලොග් එකෙත් දැම්මේ.කෝ මේ බුවා පෙන්ඩ නැනේ.හිටියනම් කියයි.

      Delete
    12. *//"කඳ ජපන් ඔලුව මනමේ" මානසික රෝගය කියාය.//* එලම කොමෙන්ට් එක උදිත ...

      Delete
    13. මචන් ඇනෝ මම ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ නොවෙයි.ඔහු මෙන් අද එකක් කියා හෙට එකක් කියන්නෙක් නොවෙයි.ඔහු මනස සඟරාවේ ලිපියකට දිවයිනට ස්ත්‍රීවාදයට පක්ෂව ලිපි ගනනාවක් පළකර අන්වර් ගේ බ්ලොග් එකට ඊට පටහැනි දේ දානවා.
      මම මේක කියන්නේ කෙනෙක් වරදවා වටහා ගැනීමට ඉඩ ඇති නිසයි.
      මම හැමදාම එකම මතයක් දරණ මගේ මතය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්.
      මගේ පෞද්ගලිකත්වය අන්තර්ජාලයේ දුරකථන අංක සමග අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කර රට්ටු හිනස්සන්නෙක් නොවෙයි
      මට ආචාර්ය උපාධියක් තබා පශ්චත් උපාධියක්වත් නැත.ඒ කියන්නේ පශ්චාත් උපාධිය අවසන් කර නත.
      මට ඔහුතරම් වයසද නැත
      මම කේසර සිංහයෙක් මෙන් ජීවත් වන්නෙක්මි.බ්ලොග් වල C .V පළ කරමින් රැකියා නො ඉල්ලමි.
      මම අනුන්ගේ ගෙවල් වලට බලෙන් ගොස් බිත්ති කුරුටු ගාන්නේද නැත.මම බිත්ති කුරුටුගාන්නේ වැදගත් බුද්ධිමත් බ්ලොග් කරුවන්ගේ පමණි.ඒද මට ලැබෙන පිළිගැනීම අනුවය.
      මෙයයි ඔහුයි මායි අතර වෙනස.
      බුවාත් මේ කියන සුජිතුත් අන්වර්ගේ බ්ලොග් එකේ කළ සංවාදය මමද කිවෙව්වෙමි.ඔහු ලිංගිකතවය ගැන සදහන් කළ ඍනාත්මක අදහස් මම දැඩිව පිළිකුල් කරන අතර ඒවා නිරෝගී මනසක පහළවන අදහස් නොවන බවද කියමි.
      කරුණාකර සුජිත්ගේ මට්ටමට මාව දමන්න එපා.

      Delete
    14. උදිත @

      ඒ විදියේ නීති ගැන තමයි මගේ බ්ලොග් එකේ සංවාද කළේ .තමන්ගෙ සැමියාට අත තබන්නවත් බැරි නම් බොරු පැමිණිලි උසාවියට එන්න පුළුවන් නේද? සැමියාව බ්ලැක්මේල් කරන්න පුළුවන් නේද? කැමැත්ත කියන එක කොහොමද නිර්වචනය කරන්නේ.කැමැත්ත ලබා ගැනීමට අත තිබ්බොත්.නැත්නම් බිරිදකගේ කැමැත්තෙන් අත තිබ්බට පස්සෙ බිරිදට බොරු පැමිනිල්ලක් කරන්න පුලුවන්නෙ අකමැත්තෙන් අත තිබ්බා කියලා.බටහිර සමල්ංගිකතවය් ජනප්‍රිය වෙලා තිබෙන්නේ මේ විකාර නීති නිසා තමයි.තමන්ගෙ බිරිදව ලිංගික කාර්යයට පොළඹවා ඝැනීමට වුනත් අටහ් තබන්න බැරිනම් ලිංගික කාර්යය නීතීඥයකු ඉදිරිපිට සිදුවිය යුතුද?
      ඔය විකාර නීති ස්ත්‍රීවාදීන් සමාජය විසංවිධානය කරන්නට හදපු ඒවා.

      මේ නීති මෙහෙ දැම්මොත් බොරු නඩු කෝටියක් වැටෙයි.ඒ රටවලත් එහෙම වෙලා සේව් ඉන්ඩියන් ෆැමිලි ඕගනයිසේෂන් එකේ වෙබ් අඩවියාට් යන්න.මේ වගෙ සංවිධාන බටහිර පුරාම ඇතිවෙලා තිබෙන්නේ ඒකයි.

      උදිතට හොදටම විශ්වාසද හෙට මොනවහරි වචන හුවමාරුවක් බිරිද එක්ක ගිහින් මේ වගෙ බොරු පැමිනිල්ලක් බිරිද නොකරාවි කියල.
      ඇය මේ නීති දන්නවානම් ඔබට ටිකක් පරිස්සම් වෙන්න වෙයි.

      Delete
    15. ලිය වරුණ පුතේ මානසික රෝගීන් සුවපත් කල හැක.ඒ නිසා බෙහෙත් ටිකක් ගනින්

      Delete
    16. ඕනවට වඩා දෘෂ්ටි වාද වලට ගැති වීමේ ප්‍රතිපලය ඕක තමා. මුලින්ම තමන් මොකක්හරි ගෝනියක් ඇතුලට බැහැගන්නවා. ඊට පස්සේ ගෝනියේ හිල් අස්සෙන් ලෝකේ බලනවා. ලියවරුන, මේ සිදුවීම පිළිබද උබේ මතය කෙලින් කියල නැහැ කොතනකවත් එහෙට මෙහෙට බෝලේ පාස් කරලා විතරයි.

      Delete
    17. ලියවරුනත් මාර ආතල් කතානෙ කියන්නෙ. ඕකත් හරියට ගුටිකන මූනක් තියන එකෙකුට ගහුවට කමක් නෑ වගේ කතාවක්නෙ.

      Delete
    18. තොපි ඔක්කොම උදිතගේ පිට කහන්නේ නැතිව ලිය වරුණ කියන දේත් අහපියව්. වෙලාවකට මනුස්සයොද කියලත් හිතෙනවා.

      Delete
    19. අපෝ නෑ පිස්සොත් පාරේ කෑ ගගහා යන්නේ. අවුලක් නෑ... ඒ උනාට අපි ඌ ලෙඩෙක් කියලා නම් කරනවා. නැත්නම් වෙනස පේන්නේ නෑ නේ...

      Delete
    20. මාතලන්ගේ අදහස සමග මා 100% එකගය.ඇත්තෙන්ම මිනිසුන් යනු එක් සත්ව කොට්ඨාසයක් පමනි.නමුන් මිනිසුන් සියලු සත්ව කොටස් වලින් වෙන්කර ගත හැක්කේ ඔවුන් ගුනදර්ම,සිරිත් විරිත් හා ස්වයන් පාලනයෙන් යුතුව ජීවත් වන සත්ව කොටසක් නිසාය.මිනිසුන් තම වර්ගය සමග සහජීවනයෙන් සමාජයක් ලෙස ජීවත් වනව මෙන්ම තමන් ජිවත් වන සමාජයේ අන් පිරිස් සමග ඔවුන්ට බාදානොවන අන්දමින් කටයුතුකරයි.මෙය එක් ආකාරයක සමාජමය නීතිරාමුවක්තුල ජීවත් වීමක් ලෙස සැලකිය හැක.

      නමුත් මෙම සමාජමය නීතිරාමුව තුල ජීවත් වීමට අපහසු, මීනිසුන් ලෙස සැලකිය නොහැකි පිරිස් බොහෝසිටි.මගේ මතය නම් මෙම සමාජයේ පැවැත්මට අහිතකර මානසික වශයෙන් සන්වර්දනයක්, පරිනාමයක් සිදුනොවු, සමාජමය නිතිරමුවෙන් තොරව සතුන් ලේස හැසිරෙන කොටස් පලතුරකින් කුනුවුකොරටසක් ඉවත් කර දමන්නාක් මෙන් ඉවත් කර කොන්කර දැමිය යුතුමය.ඒමගින් සමජය විනිතව තමන්ව පාලනය කරගෙන හැසිරෙන පුද්ගලයින් හට ජිවත් වීම උදේසා යහපත් සමාජයක් බිහිවනු ඇති.මෙම මාතෘකාව හැන කතාකිරීම පිලිබදව මාතලන් හට කෘතඤ වෙමි.

      Delete
  5. කෙන්ජිය වගේ කොල්ලො ගැහුවනම් අවුලක් නෑ..... ගෑනු ටික බේරිලා... කොහොමත් පිරිමි කොටට අදින්නෙ නෑනෙ...

    ReplyDelete
    Replies
    1. ඉස්සර පොලිසියේ උන් ඇන්දේ කොට කලිසන්. පස්සෙ සුද්දන්ගෙන් බේර ගන්න බැරුව තමයි දිග කලසන් ඇන්දුවේ. අද නම් හෙළුවෙන් ගියත් අවුලක් නෑ...

      Delete
  6. ඔන්න මාතලන් වැඩේ වෙලා
    http://www.kalusudu.info/2013/06/fld-fvx-u-fdagdnh-ndrks.html

    ReplyDelete
    Replies
    1. අපිම ඉන්න ඕන ඉතින් මේවා ලියන්න...

      Delete
    2. ලයිට් බිලටත් ගෝඨා ලොක්ක මැදිහත් වෙන්න තදින් බයිලයක් හරි,ලිපියක් හරි ලියන්න මාතලන්.
      මේක නම් පුදුම රටක්.ඉන්න සේරම එලවල ම,ච,ගෝ,බැ සහ නා සේරම භාර අරන් කෙරුව නම් ඉවරයි.
      රනිල් ලොක්කට "තාරුණ්‍යයේ පුක" වල් භාර දීල.

      Delete
    3. රනිල් තනිකර බොරුවක් කලේ කෙන්ජි.. මම ලිපිය ලිව්වෙත් ඒකමයි. ඔන්න ඔක්කෝම තියලා සෝභිත හාමුදුරුවොත් එක්ක ලොක්කා හම්බ වෙන්න යනවා කෝපි දෙකක් බීලා එන්න. මුනුත් විපක්ෂ නායකවරුද?

      Delete
    4. රනිල් දන්නවා මේ නුදුරු අනාගතයේ උන්නැහේට කිස්සි දෙයක් කරන්න බැරි බව මාතලන්.එක නිසා මොන මොනවා හරි කර කර කාලේ ගන්නවා.මේ යන විදියට හිතහන් හරි විදියට යමක් හම්බ කරන ඉන්න උන්ට ජිවත් වෙන්න පුලුව්වන්ද?ඉතින් ඒ උන් ටිකත් ඔය චක්රයටම අහු වෙනවා වෙනවමයි.හරිම අමාරුයි මේක වෙනස් ක‍රන්න.මිනිසුන්ගේ කතා පොඩ්ඩක් බලන්න, දැන් මිනිස්සුත් හිතන්නේ ඔය යන ජරා සිස්ටම් එකටම තමයි..මේ වගේ ලිපි ඕන වෙන්නේ ඔතනදි තමයි/..

      Delete
  7. මාතලන් මම ඔබව හැදින්වූවේ බ්ලොග් ලෝකයේ රජු ලෙසයි.එහෙවු ඔබ හැසිරෙන්නේ ඔහොමද? ඔබ අනික් අයට ආදර්ශයක් විය යුතුයි නේද? වෙනත් මතයක් කෙනෙක් ඉදිරිපත් කළ සැනින් කුපිත වීම ඔබ හැර වෙන කිසිම කෙනෙක්ගෙන් මා දුටුවේ නෑ.හැදෙන්න බලන්න ප්‍රමාද නෑ.

    ReplyDelete
    Replies
    1. මම හැමෝටම එහෙම රිපලයි කරලා නෑනේ.. මෙතන මම ඔබට දී තිබෙන උත්තරේ අසාධාරනයඉ කියලා හිතන් ඕනම කෙනෙක් ඉන්නවා නම්. කරුණාකර මේ ලිය වරුණ ලියන වැදගත් මහත්මයාගේ බ්ලොග් අඩවියට ගොඩවි, කවුරුන් නිවැරදිදයි තීරණය කර ගන්න. මට රජකම අවශ්‍ය නෑ. මට ඕන ඇත්ත කතා කරන්නයි. එතකොට බොහෝ දෙනෙකුට කෙන්ති ගියාට මට කරන්න දෙයක් නෑ.

      Delete
  8. \\\අගවිනිසුරු තුමනි. මෙවන් මානසික ලෙඩුන් ගෙදර යවා, උසාවියේ ගෞරවය රකිනා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.\\\

    වර්තමානයේ අධිකරණ පද්ධතිය කියන්නෙම ප්‍රශ්නාර්ථයක්.ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලලා වැඩක් නැති නිසා ළඟදීම මිනිස්සු නීතිය අතට ගනීවි.අගවිනිසුරුට හන්දි ගානේ හූ කියමින් යද්දීම ඕව හිතන්න තිබ්බා.අද වෙද්දී නඩුකාරයෝ අල්ලස් අරන් හිරේ තපින තැනටම ඇවිත් ඉවරයි.හිතු මතේ නඩුකාරයන්ව මාරු කරනවා , යන්න කියනවා එන්න කියනවා . හරියට නඩුවක් ෆයිල් වීගෙන එද්දී නඩුකාරයා මාරු කරනවා.දැන් ඉතින් අගවිනිසුරුගෙන් යුක්තියක් බලාපොරොත්තු වෙන්න බැහැනේ.මම නම් මේවා ගැන කිව්වේ මීට මාස 6 කට කළින්...මෙන්න තියෙනවා බොරු නම් බලන්න පුළුවන් ...

    රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර දේශපාලනය

    කරුණාකර දෙවියන්ට හු නොකියන්න ,
    හු කීමට ඉඩද නොතබන්න ..නොඑසේනම් ඔබට , අපට
    දෙවියන් යැයි කියා
    මින් මත්තට යාමට , දණින් වැටීමට
    දෙවියෙකු හෝ ඉතුරු නොවණු ඇත!



    ReplyDelete
    Replies
    1. ඔබ විතරක් නෙමෙයි සහන් බ්ලොග් ලියන් බොහෝ දෙනෙක් කතා කලා. ඔක්කෝම ඔබ කියන මතයෙම තමයි උන්නේ. ඒ කියල මේ අගවිනිසුරු පිස්සු කෙලලා නෑනේ. තනතුරු බලන්නේ නැතුව ශිරාණි බන්ඩාරනයකට විරුද්ධව හිටිය නඩු කාරයත් මහ උළු ගෙදරට යැව්වා බලපෑම් කරන්නේ නැතුව. අපි වැරදි පෙන්වලා මේක හදන එකද කරන්න ඕන. නැත්නම් ඔක්කෝම ඉවරයි කියලා අත පිහදාගෙන නිකන් ඉන්න එකද කරන්න ඕන. එහෙනම් මේ ලිවිලි වලින් වැඩක් නෑනේ. ඔබත් ලියන එක නවත්වලා දාන්න. සමාජ අසාධාරණ කම් කතා නොකර වෙන මොකක් හරි ලියාගෙන ඉන්න. මේ කාන්තාවට මෙතනින් සාධාරණයක් ඉටු උනේ නැත්නම් යන්න තැන් ඕන තරම් තියෙනවා. කරුණාකරලා නීතිය දන්න කෙනෙක් ගෙන් අහලා බලන්න. ඔබයි මමයි එකම ගමනක් යමු කියලා. ඒක පටන් ගන්න තැනම කඩා කප්පල් කරන එකද ඔබගේ යුතුකම. ඔබ මේ තීරණය 100% සාධාරනයි කියන එකද අපි ඔබ වැනි කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නේ.

      Delete
    2. මේකට කියන්නේ දෘෂ්ටිවාදය මාතලන්. සහන් ගැහැණු කොටට අඳිනවට පුද්ගලිකව අකමැතියි ඉතින් ඒ වගේම කොටට අඳින්න අකමැති ගෑනුත් ඕනෑ තරම් ඉන්නේ. සහන් කල යුත්තේ එවන් සමාන දෘෂ්ටිවාද හිසින් දරාගත් ගැහැනියක් සමග රිසිසේ රමණයේ යෙදීමයි. මෙවැනි තැන් වලට පැමිණ විකාර පල් හැලි දෙඩවීම විකාරයකි. තමන්ගේ පුද්ගලික කැමැත්ත රටේ ලෝකේ ඔක්කොමට දෑමට යෑම බලෙන් දිගට අන්දවන්න හිතීම මුල්ලා මානසිකත්වයයි. මගේ බිරිඳට මම කියන්නේ මා සමග ඉන්නා විට කොටට ඇඳපිය කියාය. ඇගේ ගල දිහා බලා මෝල් කෙලින් කරගන්නා අයට ඕනෑ තරම් ස්‌වයං වින්දනයේ යෙදිය හැක හැබැයි ඇගේ ඇගට අත තබන්නට ඇගේ අකමැත්තෙන් කාටවත් සතෙක්ට ඉඩ දෙන්නේද නැත.

      Delete
    3. @ උදිත

      \\\තමන්ගේ පුද්ගලික කැමැත්ත රටේ ලෝකේ ඔක්කොමට දෑමට යෑම බලෙන් දිගට අන්දවන්න හිතීම මුල්ලා මානසිකත්වයයි. \\\\

      මමද එහෙම කරේ නැත්නම් උදිතද ...?


      උදිත මෙතන කියලා තියෙන කතා මෙතනට අදාළව දැමු ඒවා නෙවේනේ..ඔබේ බ්ලොගයේ දෙවන තෙවන වර ඇදුන අතුරු සිද්දි වලට සම්බන්ද ඒවා මෙතනට පටලන්න එපා ...ඒවට එතැනදී කතා කරන්න...ඇයි මෙහෙ ගේන්නේ ...? එතැනදී කතා කරගන්න බැරි නිසාද ?


      \\\සහන් කල යුත්තේ එවන් සමාන දෘෂ්ටිවාද හිසින් දරාගත් ගැහැනියක් සමග රිසිසේ රමණයේ යෙදීමයි. \\\

      මොනවද මේ කතා බන් ..? අනවශ්‍ය පල් හෑලි දොඩවමින් රට වටේ යන්න එපා උදිත... අදාළ දේ විතරක් කතා කරන්න..

      @ මාතලන්

      මම ඔය වගේ දේවල් වලදී ඕනෙම වෙලාවක පෙනී ඉන්නවා මාතලන්..හැබැයි නිකන් අගවිනිසුරු එලවන්න හූ කිය කියා ගල් ගගහා ගියපු ගොඩේ නෙවේ මම..පේනවා නේද ගල් ගහපු එකේ බරපතල කම..? අපේ සුට්ටන් ගල් වගේ නෙවේ ලොකු ඇත්තන්ගේ එක වචනයක්...වෙනත් මාතෘකා , පුද්ගල අපහාස සමගින් වෙන ප්‍රකාශ වලට මම උත්තර දෙන්නේ නැහැ...

      Delete
    4. @sahan
      මේකයි සහන් උඹ ගෑනුත් එක්ක මොකක් හරි තරහක් තියනවා කියල පේනවා උඹ ඒ උඹගේ පුද්ගලික ගේම සමාජීය කරුණු වලට ගේනවා. ඒක වැරදියි එකෙන් සමාජය රෝගී වෙනවා.

      Delete
    5. හරියට හරි මේ ලිය වරුණේ සහ සහන් ඩබලටම ස්ත්‍රී ෆෝබියා !

      Delete
    6. @ උදිත ,

      උඹ ඔහොම කතා කරන්නේ මගේ නම වත් හරියට දැනගෙනද ...? මම එවෙලෙත් කිව්ව පුද්ගලික කරුණු ඇදගන්න එපා කියලා.මම සතියකට ගෑණු කී දෙනෙක් එක්ක නිදියනවද , මට ගෑණු කීයද වගේ දේවල් මෙතනද අදාල නැහැ..

      \\\\උඹ ඒ උඹගේ පුද්ගලික ගේම සමාජීය කරුණු වලට ගේනවා. \\\

      මේක මම නෙවේ කරන්නේ උඹනේ බන්..උඹනේ බන් මිනිස්සුන්ගේ පුද්ගලික ජීවිතේ අදින්නේ දෙයක් කතා කරද්දී..ෆොන්සේකාට ගෑණු පෙරේතයා කියපු අයගෙයි , ශිරානිට වේසි කියපු අයගෙයි , උඹෙයි වෙනසක් නැහැනේ බන්..

      Delete
    7. මගේ බිරිඳට මම කියන්නේ මා සමග ඉන්නා විට කොටට ඇඳපිය කියාය. ඇගේ ගල දිහා බලා මෝල් කෙලින් කරගන්නා අයට ඕනෑ තරම් ස්‌වයං වින්දනයේ යෙදිය හැක හැබැයි ඇගේ ඇගට අත තබන්නට ඇගේ අකමැත්තෙන් කාටවත් සතෙක්ට ඉඩ දෙන්නේද නැත.

      උදිත පැයකට නෝනව එවපන්කෝ.

      Delete
    8. උදිත උබ සුමනා ගෝමස්ව බදාගෙන ෆොටෝ ගහලා බ්ලොග් එකේත් දාපු එකෙක්නෙ බන් .දැන් සිල් අරන් වගේ නේද කතාව?අනේ යකෝ.ඔන්න කකුල පල්ලෙන් බේරෙනවා උබේ පොර ටෝක්.

      Delete
    9. ගෑනියක් එක්ක ෆොටෝ එකක හිටියත් ඒක සෙක්ස් කියල ඇනෝ ඉහත මල්ලි වගේ ගෝත්‍රිකයන් ට සිතීම ගෝත්‍රිකයන් බහුල ලංකාවේ පුදුමයක් නොවේ. සුමනා පැමිණියේ ඇගේ සැමියා සමග මගේ නිවසට උත්සවයකටය. මගේ නෝනාට මාව බදාගෙන ෆොටෝ ගත්ත එක ප්‍රශ්නයක් නැත්නම් ඇනෝ ට මොකද ඔයා කෙන්ජිගේන් සැප ගන්න ඇනෝ මල්ලි කෙනෙක්ද ?

      Delete
    10. මිනිහා බලන් ඉද්දීම උදිත අනුන්ගේ ගෑණු බදාගත්තේ මහත්තයෙක් නිසාද නැත්නම් ගෝත්‍රිකයෙක් නිසාද.

      Delete
    11. මිතුරුකම හා වල්කම නොදන්නා සංස්කෘතික හරක්.

      Delete
    12. This comment has been removed by the author.

      Delete
    13. @AnonymousJune 7, 2013 at 6:36 AM
      ඇනෝ නිදහස ඔයවගේ ගොන් කතාවලට විනාස කරන්ඩ එපා.උබලා මොන ලෝකෙද බං ජීවත් වෙන්නේ.

      Delete
    14. උබට නොතේරුණට මම ඉන්නෙත් උබ ඉන්න ලෝකෙමයි.

      Delete
  9. "අගවිනිසුරු තුමනි. මෙවන් මානසික ලෙඩුන් ගෙදර යවා, උසාවියේ ගෞරවය රකිනා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි "
    මේ කපේට වෙයි කියල හිතනවද ? මීට වඩා හොඳයි ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලමු

    ReplyDelete
    Replies
    1. ධනවාදීව හිතන්න පුරුදු වෙන්නේ. ළිං කටින්ම තමයි අපිට ගොඩ එන්න තියෙන්නේ..

      එක පත්තර කාරයෙක් කතු වැකියක් තියා ලිපියක් වත් ලිව්වද මේක හෙලා දැකලා..

      Delete
  10. මාතලන් කොන්ද පණ ඇතිව අදහස් දක්වූවාට ඔබට ස්තුතියි. මා මේ ගැන ලියු එකේ ඔබගේ ප්‍රතිචාර වලටද ස්තුතියි.
    ගැහැණුන්ගේ ගල(කලව) අතගෑම සහ යුක්තියේ ආර්යාව

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මචෝ. උඹලා මෙහෙම හරි දෙයක් ලියන එක ළොකු දෙයක්...

      Delete
    2. සාරධර්ම ගැන කතාකරන මාතලංට මොකෙක්හරි කුණුහබ්බ ලියන එක ලොකු සතුටක්ද?

      Delete
    3. මොකක්ද ලියපු කුණුහබ්බේ. කියපු කුණුහබ්බෙ ගැන ලිපපු එකද...?

      Delete
  11. අග විනිසුරුට සමහරු අග විනි සොරා කියලත් කියනවා...ඒ කියන්නෙ නීති ක්ෂේත්‍රයේ මුල මැද අග හැම තැනම ප්‍රශ්න...හොද නඩුකාරයෙක් අල්ලස් ගත්තා කියලා ඇතුලට දාලලු...අනේ මන්දා සුදෝ...රට යන්නේ කොයිබද කියලා...නීතියේ දෙවගන තාමත් ඇස් බැදගෙනද ?

    ReplyDelete
    Replies
    1. ඒ, ඊ නිව්ස් එකේ බයිලා. පස්සෙ ඒකෙම දාලා තිබුනා නියම කැරැක්ටරේ..

      Delete
  12. නඩු ඇසීමට අමතරව නඩු බැලවීම හෝ වෙනත් අනම් මනම් කිරීමට මෑතක සිට නඩුකාරයන් පුරුදුව සිටින බව මටත් සිතේ. මේ පුරුද්ද ඇති කළේ විවාදාත්මක චරිතයක් සහිත වූ සරත් නන්ද සිල්වා ද?

    නඩුකාරයන් පොලිසියේ වැඩ බාරගැනීම නොකළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇයි මේ ටයිම් ස්ටෑම්ප් එක වැරදි? පැය 12:30ක් ලෝකල් වෙලාවට වඩා පිටිපස්සෙන්!

      Delete
    2. මට තේරෙන්නේ නෑ බන් හැමදාම හදනවා. ආයෙත් වෙනස් වෙනවා... කොහොමත් ඉතින් හොඳම වෙලාවට තමයි දාන්නේ...

      Delete
  13. අධිකරණය විවේචනයක් මෙතැන වන්නෙ නැහැ. මෙහෙම නඩුකාරයන් විවේචනය කිරීමට මහජනයාට අයිතියක් තිබිය යුතුයි. මොනවා කළත් තාම මේක ටිකක් හරි........... ප්‍රජාචන්ත්‍රවාදී............ රටක්, ඒ නිසා මගේ මතය නම් මේ සිද්ධිය එහෙම පිටින්ම හෙලා දකිනවා. කාන්තාවකට ඕනෙම දෙයක් ඇදගෙන යන්න නිදහසක් තිබිය යුතුයි. ඇමරිකාව, යුරෝපය නෙමෙයි 90% විතර බෞද්ධයන් ඉන්න තායිලන්තේ, මුස්ලිම් වුණු මැලේසියාවත් ගැහැනුන්ගේ ඇදුම ගැන එතරම් සලකන්නෙ නැහැ නේද? එහෙම නම් අපි?

    ReplyDelete
    Replies
    1. අපේ රටේ මිනිස්සු ළොකේ අනිත් අයට වඩා ගොඩක් වෙනස් නේ. තනිකර ළිං මැඩි රාජ්‍යයක් ...

      Delete
    2. ආහ්... මෙන්න තැන එන්න කෙන්ජි...

      Delete
    3. නඩු කාරයො විවේචනය කරන්න බෑ වෙද මහත්තයො.ඒක කරන්න ඕන නීති විශාරදයන් සාධාරණ පදනමින්.මම දැක්කා සමහර බ්ලොග්කරයො ගරු මහේස්ත්‍රාත්තුමන්ලාට අපහාස කරලා තිබෙන හැටි.ඔය විදියට ගියොත්නඩු අහන්න හම්බ වෙන්නෙ නෑ.නඩුතීන්දුවලට එරෙහිව උද්ගෝෂනය කරාවි.
      අපි ඒ නඩු තීන්දු පිළිගත යුතුයි.
      ස්ත්‍රීවාදී නීති ගැන මම ලියූ ලිපිවල කවදාවත් නඩුකාරයෙකු විවේචනය කර නෑ.අපි උසාවියට හිස නැමිය යුතුයි.
      නීති විවේචනය කරන්න පුළුවන් නඩු තීන්දු විවේචනය කරන්න බෑ.
      මේ ගැන නීතිය ගැන මහාචාර්යවරයෙක්,විශ්‍රාමලත් විනිශ්චයකාරතුමෙක් විවේචන කළාට කමක් නෑ.මේ පාරෙ යන මිනිස්සු ලියන ඒව නම් මහා විහිලුවක්.

      Delete
    4. නඩු කාරයෝ විවේච්නය කරන්න බෑ. අග්‍රවිනිශ්චකාරයා විවේචන කරලා මඩ ගහලා කින්ඩිය දාලා චොර කරලා දාන්න පුළුවන්. මුන්ගේ ඇස් අන්ධද.. කන් බීරීද.. එහෙම නැත්නම් ලාදුරුද...

      Delete
  14. දැන් ඉන්නා අගවිනිසුරුවරයා ගැන නම් පැහැදීමක් මටනම් ඇත්තෙම නැත.

    නීතිපති තනතුරේ සිට විශ්‍රාම ගෙන ජනධිපති උපදේශක කම් කරපු,යු න් එකට පවා බොරු කියාපු
    හෝමාගම උසාවියේදී තමන් කියපු දේ ගැන දන්නේ දෙවියෝ විතරයි කිව කෙනෙක් ගැන කොහොමද විශ්වාශ කරන්නේ...?

    ReplyDelete
    Replies
    1. ඒක ඒ මනුස්සයගේ වරදක් නෙමේනේ. පත් කරපු අයගේ වැරද්දක්. නමුත් මේ මනුස්සයා අද වෙනකම් පිස්සුවක් කෙලපු බවට නම් ආරංචියක් නම් නෑ.

      Delete
  15. නඩුකාරයෝ කියලා ඉන්න සමහර අය මෝඩ හා කුහක් ගුහාවල් බව යලිත් තහවුරු කර ඇත....ඔබෙජෙටිව් බව වෙනුවට නාඩුකාරයෝ සබ්ජෙක්ට් වෙන්න ගියාම වෙන්නේ ඕක තමාය....මාතලන් ලොක්කා කිවිය යුතු දේ ලෙසටම කියා ඇත....අහෝ ලියවරුණ නොදිටි මොක්පුර......

    ReplyDelete
    Replies
    1. හැම එකාටම ඕන ජෝකර් කෙනෙක් වෙලා මිනිස්සුන්ට මෝඩ ආතල් දෙන්න. සමාජය යගමහට ගැනීම නෙමෙයි. ඇමතිවරුන්ගේ මෝඩ කතාවලට රූපවාහිනි චැනල් පිසු වැටිලා. මෝඩ වැඩ කරනවා වෙනුවට මෝඩ වොයිස් කට් එකක් දාගන්න තමයි හැම එකාම ට්‍රයි කරන්නේ. ඒවට ටෙනීලා බන්ධුලා තාම ඉන්නවා.

      Delete
  16. මාතලන් ++++++++++++++

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... මම දන්නවා කේස් එක. හැබයි පුළුවන්නම් කතු තුමාට කියපන්. ඒ මනුස්සයා හොඳ ළිපි දෙක තුනක් ලියලා තිබුනා මෑතකදි.

      Delete
    2. @නලින්
      මෙන්න කට-පුක රැකගත් මාධ්‍යෙව්දියෝ

      Delete
  17. ගෑනු කොටට අදින්නේ කොල්ලන්ට බලාපියව් කියලා – රත්නපුර මහේස්ත්‍රාත්

    ගෑනු කොටට අදින්නේ කොල්ලන්ට බලාපියව් කියලා – රත්නපුර මහේස්ත්‍රාත්රත්නපුර මහේස්ත්‍රාත් කේ.ඩී.එල්. කුමාර අපුරැ නියෝගයක් දී තිබේ. එනම් ලිගංක බලහත්කාරයකට ලක් වූ හෙදියකගේ ඇඳ සිටි ඇඳුම ගැන පරික්ෂණයක් කරන ලෙසයි. ඔහු මෙසේ කී බව දිවයින පුවත්පත වාර්තා කරයි‘‘ඒ අවස්‌ථාවේ සඳහනක්‌ කළ මහෙස්‌ත්‍රාත්වරයා කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ වෙනත් කාන්තාවන්ට පෙන්නන්න නොවෙයි, කොල්ලන්ට බලපිය කියලයි. අල්ලපිය කියලා නොකියා කියන කාන්තාවන් ද ඉන්නවා. මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද යන්න පරීක්‍ෂණ පැවැත්වූවාද කියා පොලිසියෙන් ඇසීය.‘‘

    ඔහු මෙසේ ප්‍රකාශ කළේ රත්නපුර රෝහලේ රාත්‍රි සේවයට යමින් සිටි හෙද නිලධාරිනියකගේ කලව ප්‍රදේශය අතින් ස්‌පර්ශ කළ බව කියන පුද්ගලයකු ඇතුළු තිදෙනකු සම්බන්ධයෙන් පැවැති අපරාධ පරීක්ෂණයක දී ය. ඔහු මෙළෙස ඇඳුම පරීක්ෂා කරන ලෙස නියෝග කළේ 34 හැවිරිදි හෙදියකගේ ය.

    දිවයින පුවත්පත වාර්තා කරන අන්දමට සිද්ධිය මෙසේ ස:

    ඇහැලියගොඩ පදිංචි රත්නපුර රෝහලේ සේවය කරන 34 හැවිරිදි විවාහක හෙදියක රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කළ පැමිණිල්ලක්‌ මත පරීක්‍ෂණ පැවැත්වූ පොලිස්‌ පරීක්‍ෂක වසන්ත පෙරේරා මහතා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

    හෙදියගේ පැමිණිල්ලේ සඳහන් වන අන්දමට ඇය ඉකුත් 2 දා රාත්‍රි සේවයට යමින් සිටියදී සවස 7.10 ට පමණ රෝහල හන්දියේ සිට රෝහල දෙසට පා ගමනින් ගොස්‌ ඇත. ඒ අවස්‌ථාවේ අතරමග තරුණයන් කිහිප දෙනකු පාරේ සිට ඇති අතර, එක්‌ අයකු ඇයගේ කලවය මිරිකා තිබේ.

    හෙදිය එය නොතකා ඉදිරියට යද්දී ඇය පසුපසින් ත්‍රිරෝද රථයක්‌ පැමිණ ඇති අතර, එම ත්‍රිරෝද රිය තුළ ඇයට ලිංගික අතවර කළ පුද්ගලයාද සිට ඇත. ඇය අසලින් ත්‍රිරෝද රිය හරවා ගෙන ගොස්‌ ඇත. ඒ අවස්‌ථාවේ ඇය ත්‍රිරෝද රථයේ අංකය සටහන් කරගෙන තිබේ. ලිංගික අතවරය කළ පුද්ගලයා හෝ සෙසු පුද්ගලයන් නොහඳුනන නමුත් නැවත දුටුවහොත් හඳුනාගත හැකි බව ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත.

    රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් සේනානායක මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම තත්ත්වය සුළුකොට තැකිය නොහැකි බවද, එසේ වුවහොත් කාන්තාවකට බියකින් තොරව පාරේ ගමන් කිරීමට පවා අවස්‌ථාවක්‌ නොලැබෙන බවද කීවේය.

    ඒ අවස්‌ථාවේ සඳහනක්‌ කළ මහෙස්‌ත්‍රාත්වරයා කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ වෙනත් කාන්තාවන්ට පෙන්නන්න නොවෙයි, කොල්ලන්ට බලපිය කියලයි. අල්ලපිය කියලා නොකියා කියන කාන්තාවන් ද ඉන්නවා. මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද යන්න පරීක්‍ෂණ පැවැත්වූවාද කියා පොලිසියෙන් ඇසීය.
    Divaina

    මේ අරැම පුදුම නියෝගය දී තිබෙන මහේස්ත්‍රාත් කේ.ඩී.එල්. කුමාර ලිංගික බලහත්කාරයන්ට ලක්වන ළදැරියන්ගේ සහ මව්වරැන්ගේ කුමක් පරීක්ෂා කරන්නට කියනු ඇත්දැයි වමසා බලන්නට වටී. ස්ත්‍රීන්ට එරෙහි ලිංගික බලහත්කාරය ඇති වනනේ ඇඳුම් හෝ හැසිරීම නිසා නොව ස්ත්‍රීන් ලිංගික භාන්ඩ ලෙස සැළකෙන පුරුෂාධිපත්‍යවාදී සමාජ වටපිටාව නිසා බව මුළු ලොවම පිළිගෙන තිබිය දී ශ්‍රී ලංකාවේ නඩුකාරයන් කියන මේ ගොන් කතා වලට පිළිතුරැ දිය යුත්තේ උම්බෑ කීමෙන් පමනි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බෙදා ගත්තට.. මම මේක කියෙව්වා....

      Delete
    2. //රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් සේනානායක මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම තත්ත්වය සුළුකොට තැකිය නොහැකි බවද, එසේ වුවහොත් කාන්තාවකට බියකින් තොරව පාරේ ගමන් කිරීමට පවා අවස්‌ථාවක්‌ නොලැබෙන බවද කීවේය.//

      මේ මනුස්සයට ස්තූතිවන්ත වෙන්න ඕනේ... ඒ කාන්තාවට එතනදිම තවත් බලහත්කාරකමක් නොකර සිද්ධිය තේරුම් අරන් ගෞරවනීයව කටයුතු කළාට....

      Delete
    3. සැරයන්ට තියෙන මොළේ නඩු අහන එකාට නෑ.. ඌ කියන විදියට පාරේ යන කෙල්ලන්ගේ කකුල් මිරිකුවට කිසි අවුලක් නෑ. මෙහෙම හරකෙක් ඉන්න කොට කොටකෙතන ගෑණූ මැරිල්ල ඔතනින් නතර උනා ඇති.

      Delete
  18. මේ නඩුකාරයට නම් මොනවාම හරි මානසික අවුලක් තියනවා.මොකද තමන්ගේ තනතුරේ ගවුරවය ගැනවත් හිතල නෑනේ.අර ග්‍රාමසේවක ඔයිට වඩා නඩු අහයි මෙයාල මෙහෙම නම්..

    ReplyDelete
    Replies
    1. මූ නම් ගොනෙක්.. ආයෙ වෙන කියන්න දෙයක් නෑ.. කොටකෙතන සීරියල් කිලර්ස්ලා ඉන්න එක අහන්න දෙයක්ද මේ වගේ හරක් නඩු අහන කොට.

      Delete
  19. i saw this article o th news papper and i was disgusted. im nt a highly educatded person bt i felt disgusted abt this man whp could hv had th cqpacity to hv a better understaing of th society wit th education he has. and wat ge has dne is acurally to abuse that woman verbally and he shpudl b tryied for that. qnyway nurse unform is a shkrt skirt th last time i was at a hospital

    ReplyDelete
    Replies
    1. ලෙඩ වෙලා යන්නේ මිසීලගේ ගල් අතගාන්න නෙමෙයිනේ. ඕනම නම් බලලා මානසික සුවයක් නින්දට අවුලකුත් නෑ. සමහර විට ඇඳුම එහෙම නිර්මනය කරලා තියෙන්නේත් ඒ හේතුවෙන් වෙන්න ඇති. ඒත් ඉතින් කූර කෙලින් වෙන ලෙඩේට නම් සල්ලි දීලා බඩුවක් අරගෙන හෝටලේකට යන්න.

      නඩුකාරයා ගැන නම් කියන්න ඕන ඒවා ඔය කවුරුත් කියලා තියෙනවනේ.

      Delete
  20. මේ ගැන ලියන්න ඒනේ දේවල් මීට කාලෙකට කලිනුත් ලිව්වා මාතලන්.... ආයිත් ඒවට රිපීට් කරන එකේ තේරුමක් තියෙනවද....?

    උදිතගේ එකේ කමෙන්ට් එක මෙතනට ගේන එකේ තේරුමකුත් නෑ.... මොනවා උනත් අපේ දරුවන්ටත් මේ ටිකම තමයි වෙන්නේ කියලා නම් පැහැදිලියි නීතියත් මෙහෙම නම් මේ වගේ දේකදි දැනුත් වැඩ කරන්නේ..... ගෑණීයෙක් මෙහෙම ‌දේකට පොලිසියට පැමිණිලි කරන්න පෙළඹෙන්නේ කොච්චර අපහසුවකින්ද...? දැන් ආයිත් මෙහෙම දෙයක් වෙච්ච කෙනෙක් යයිද පොලිසියට නීතියෙන් ලබෙන්නේ මෙහෙම පිහිටක් කියලා ප්‍රසිද්ධියේම ප්‍රකාෂ කරද්දි....?

    බම්බු දියුණුව.... අපේ රට දියුණු වෙන්නෑ මාතලන්... මේක මහ කරුම රටක්.....

    ReplyDelete
    Replies
    1. ඔහොම පස්ස ගැහුවොත් නම් දියුණු වෙන්නේ නෑ විතරක් නෙමෙයි. පාරේ යන්නත් හම්බ වෙන්නේ නෑ. ඔයාලත් බ්ලොග් ලියන් එකේ මේවට විරුද්ධව ලියන්න. හරි විදියට නම් මේක මෙතනින් නවත්තන්න බෑ. ඒ මූසලයා. අර මනුස්සයගේ මානුෂික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම කෙලසපු කාළකන්නියෙක්, නඩුකාර කමකට තබා වැසිකිලියක් සුද්ද පවිත්‍ර කරන්න සුදුසු කෙනෙක් නෙමෙයි ඌ.

      Delete
    2. මොනවට බ්ලොග් වල ලියන්නද.. බ්ලොග් කියවන්නෙත් ඔය නඩුකාරයගේ ජාතියේ උන්ම තමයි.. වෙනසක් නෑ.... මෙතන කියෙව්වට මේක වැරදියි, මේවා අසාධාරණයි කියලා, හිත යටින් කියන්නේ “ ගෑණු කොටට අඳින්නේ නැතුව හිටියනං ඉවරයිනේ ” කියලා.....

      Delete
    3. මෙතනත් වෙලා තියෙන්නේ මේ මනුස්සයා කොටට ඇඳපු එකක් නෙවෙයි.. ඕක ගොඩක් ත්‍රීවීල් කාරයන්ගේ සෙල්ලමක්... ඊයේ හොස්පිට්ල් එකේ ඉඳන් පාරට ආපු ටිකට ත්‍රීවීල් කාරයෙක් මගේ ඇඟ‌ට කපලා මොකද්ද එකක් කියාගෙන ගියා... උන්ට මේවා සෙල්ලම්..... මම ඇඳන් ගියේ විළුඹත් වැහෙන කලු සායකුයි බ්ලවුස් එකකුයි...

      ‌එහෙම තත්වයක් රටේ තියෙද්දිත්, මේ වගේ සිද්ධියකදි නඩුකාරයෙක් මෙහෙම කතාවක් කිව්වම පනින රිලවුන්ට ඉණිමං බැන්දා වගේ තමයි....

      Delete
    4. ඔහොම පසුගාමි අදහස් තියාගෙන නම් කෙල්ලේ, රටක් ඉදිරියට යන්නෙත් නෑ. ඔයා ඉදිරියට යන්නෙත් නෑ. තවත් සාම්ප්‍රදායික කෙල්ලෙක් වෙනවා එච්චරයි.

      Delete
    5. මේ රටේ ඉන්න මිනිස්සුත් එක්ක මේ රට හදන්න බෑ මාතලන්.... අනිත් එක හදලා වැඩක් තියෙයිද.... දැන් මං ඊයේ අර ත්‍රීවීල්කාරයගේ නම්බර් එක ගෙදර අරන් ඇවිත් ගෙදර අයට කිව්වනං වෙච්ච සිද්ධිය, කී දෙනෙක් කියයිද පොලිසියට යන්න කියලා.. කී දෙනෙක් කියයිද “ අනේ ඕකට පොලිසි වලට බඩගාන්න ඕනේ නෑ.. ඔයා රෑ තිස්සේ තනියෙන් යන්නේ නැතුව හිටියනං ඉවරයිනේ... හෙට ඔයා යන්න ඕනේ නෑ ලෙඩාව අරගෙන, මං යන්නං ” කියලා....

      තමන් පරිස්සම් වෙලා ඉන්නවා... එහෙම ඉඳලත් මෙහෙම එකක් උ‌ෙනාත් ඉතිං ලිඳක පැනලා හරි මැරෙනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ... එහෙමයි මේ රට අදත්... මේ තියෙන තත්වේ එක්ක ඒක හෙටත් වෙනස් වෙන්නේ නෑ....

      පසුගාමී නෙවෙයි මාතලන්.. මේක තමයි ඇත්ත.... දැන් මෙතන කමෙන්ට් කරපු කී දෙනෙක්ට මං මේ කියපු ඇත්ත මතක් උනාද දන්නෑ...

      Delete
    6. බ්ලොග් කියවනකොට තේරෙන දෙයක් තමයි.අපේ ගෑනු සුද්දියො වගෙ නරක නෑ.හිරු එක්ක කරන සංවාදවලින් තේරෙන දෙයක් තමයි මොන අවලාද නැගුවත් හිරුව යහමගට ගන්න පුළුවන්.සමකය වටේ බ්ලොග් එකේ මම කරපු සංවාදෙන් තේරුම් ගත්තා අපේ ගෑනු නිවැරදි දැනුම දීමෙන් යහමගට ගන්න පුළුවන් කියලා.ප්‍රශ්නය හරි දේ ඒ අයට කියල දෙන්න කෙනෙක් නොහිටපු එක .අපේ බ්ලොග් කියවීමෙන් ඒ අයට තමගෙ නියම ස්ත්‍රීත්වය සොයා යන්න පුළුවන්.ස්ත්‍රීවාදය හා ප්‍රතිවාදියා බ්ලොග් වලට නිතර යන්න.සහෝදරියනේ අපි ඕගොල්ලන්ගෙ පැත්තෙ.අපට ඕන සම්ප්‍රදයික ගෑනු තමයි.පොෂ් ගෑනු නොවෙයි.

      Delete
    7. most of time womeb dnt complain due to th harssmebt dne by th police. and this woman should b commended for th courage se had to complaint. bt ultimately she gt verbally abused th man who is supposd ti protect her rights.once a pervert took a photo of my ex gf at a pharmacy. she was wearing a frock i bought her. all i could do was to hammer th bugger. and delte th photo. (he has take of a legs ).we didmt want to go to pplice oz of th further harrassement they wil enfprce

      Delete
    8. ලිය වරුණ

      දැන් ඔයා මාව යහමඟට ගන්න හදන්නේ මං ගිහින් ඉන්නේ වැරදි පාරකද.... ? කරදර වෙන්න එපා... මං දන්නවා මං ඉන්න තැන.. ඒක හරි කියලත් මං දන්නවා.. ඔයයි වරද්දගෙන තියෙන්නේ.. පුළුවන් නම් ඒක හදාගන්න... මට පුළුවන් උදව්වක් මම කරන්නම්... ( මේ පණ දාගෙන කමෙන්ට් කොටන්නේ ඒවයින් වැඩක් වෙයි කියලා හිතලා.. නැත්තම් ඔයා එක්ක කතා කරන්න ගිහින් මාත් නිකම් විහිලුවක් වෙලා තියෙන්නේ දැනටමත්...) ඔයා වරද්දගෙන තියෙන්නේ ගෑණු පිරිමි කියලා වෙන්කරන්න ගිහින්... ඊට කලින් දෙගොල්ලොම මිනිස්සු කියන එක තේරුම් ගන්න... මානව අයිතිවාසිකම් කියන්නේ කාන්තා අයිතිවාසිකම් වත් පුරුෂ අයිතිවාසිකම් වත් නෙවෙයි...

      අනිත් එක මම කිසිසේත්ම සාම්ප්‍රදායික ගැහැණීයක් නෙවෙයි... මම කවදාවත් සාම්ප්‍රදායික කුස්සිය මුල්ලේ හිටපු ගැහැණීයක් වෙන්නේ නෑ.... හැබැයි මම මගේ මනුස්සයට පයින් ගහලා එලවන්න, මගේ පිරිමි දරුවන්ව මරන්න තරම් පොෂ් ගැහැනියකුත් නෙවෙයි.... ( ඔයා පොෂ් කියලා අදහස් කරන්නේ ඒක කියලා මං දන්නවා) මම මගේ මනුස්සයා ළඟ අවශ්‍ය වෙලාවට ඉතාමත් නූතන, ඉතාමත් පොෂ් ගැහැණීයක් වෙනවා.. සාම්ප්‍රදායිකත්වය අවශ්‍ය වෙලාවට සාම්ප්‍රදායික ගැහැණීයක් වෙනවා.... මොකද එයා මට ආදරේ කරන්නේ මට එහෙම කරන්න පුලුවන් වීමේ ගතිය නිසා.... අනිත් හැම තැනදිමත් එහෙම තමයි....

      Delete
    9. "අපේ ගෑනු සුද්දියො වගෙ නරක නෑ" ලියවරුණගේ මොලේ වරුණ මේකෙන්ම පේනවා

      Delete
  21. දැන් සමුහ දුෂණය ඉන්දියාවේ බහුලයි . ලංකාවෙත් ඉන්නේ ඊට නොදෙවෙනි අය්යලාය . අඩු ගානේ ඉන්දියාවේ නඩුකාරයෙක් මෙහෙම බුරු කතාවක් කිවා කියා අසන්න ලැබී නැත .

    ස්තුතියි මාතලන් . කියන්න ඕන ටික කියා ඇත . මුන්ට කීවාට නම් වැඩක් නැත

    ReplyDelete
    Replies
    1. මේ වගේ කාළකන්නි තමයි ඒ වගේ දේවලට නෞබල දෙන්නේ. රත්නපුරේ ලිංගික අපචාර හා මිනීමැරීම් රාශියක් සිඳු උනේ මේ වගේ කාලකන්නි ඉන්න නිසා වෙන්න ඇති.

      Delete
  22. liya varunaJune 6, 2013 at 10:07 PM කියලා තියෙන විදිහට

    "//වෙඩින් වල ,පාටිවල කාන්තාවන් බුරිය,ගල ඒ වගේම චුට්ටක් තන් එහෙම පේන්න ඇන්දට වරදක් නෑ.හැබැයි ඒ විදියට ඇදගෙන ත්‍රීවීල් වලට නැග්ගොත් කේස්"//
    මේක ඇත්තක්දෝ කියලත් හිතෙනවා. මොකද කොටට ඇඳලා ත්‍රීවීල් එකකට නැග්ගොත් ,දැන් ෂෙඩ් එකේ ඉඳලා ආවත්,ඔන්‍න‍ ත්‍රීවීල් එකේ රිසව් වැටිලා ඉතින් ඩ්‍රයිවරයා පිටිපස්ස හැරිලා අර බවලතාගේ කකුල් දෙක අස්සෙන් අත දාලා රිසව් ස්විච් එක දානවා. දැකලා නැද්ද?

    හැබැයි ඉතින් මෙහෙම නඩුකරයෝන්ගෙයි, අර ත්‍රීවීල් ඩ්‍රයිවර්ලාගෙයි කිසි වෙනසක් නෑ බැලුවාම, ලියවරුනට නොතේරුණු ටික එපමණයි.

    ReplyDelete
    Replies
    1. ත්‍රී වීල් කාරයෝ නම් එහෙම පොඩි සෙල්ලමක් දානවා. ඒ වෙලාවට කෙල්ලොත් එහාට වෙනවා, සීන් එක දන්න නිසා. දැන් ඉතින් එහෙම දාන උන් කෙලින්ම මිරිකලාම නතර කරලා දායි.

      Delete
  23. මීලඟ පාර්ලිමේන්තු මැතිවරණයේදි ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින ලෙස තමන්ට විවිධ පාර්ශවයන්ගෙන් ආරාධනා ලැබී ඇති බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක මහතා පවසයි.
    -පුවතක්-

    නෙද්දකින් හැම එකාම ගම්පහින් ඉල්ලන්නේ. ගම්පහ ඉන්නේ බත්කන හරක් කියලා හිතුවද මන්දා ??

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් එහෙම ගතියක් තියෙනවා. සරත් ගුණවර්ධන පබා විතරක් නෙමෙයි අපේ අති ගරු ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමා එවලා තියෙන්නේත් එහේ ඉන්න බිද්ධිමත් ජනතාව නේ. හැබයි කොහොමත් රන්ජන් මීගමු පැත්තේ එකෙක් නේද?

      Delete
    2. ඔවු බං. ඌ කටානෙන් ඉල්ලන්න ඉන්නේ.
      දේශපාලනේ ගැන මෙලෝ මලදානයක් දන්නේ නැති පබාවත් පාර්ලිමේන්තු යැවුවා නම් ආයේ වෙන මොන කතා ද !!1
      ශික් මෙහෙව් හරක් රැලක් !!!!!

      Delete
  24. මචං මාතලං.... උඹ දැනට පදිංචිය ලංකාවේ කියා හිතනවා...උඹ යූස් කරන්නෙ උඹේ නමට තියෙන IP එකක් වෙන්න ඕන.... මගේ පුද්ගලික අදහස උඹ මේ පෝස්ට් එක කොමෙන්ටුත් සමග ඉක්මනින් ( සති අන්තය ගෙවෙන්නට පෙර ) ගලවා දැමිය යුතු බවයි... ප්‍රතිගාමී අදහසක් කියා හිතන්නට එපා... හිතවත්කමට දුන් අදහසක් පමණයි...ලංකාවේ පවතින නීතිය ගැන තියෙන අවබෝධයේ ප්‍රමාණයට )

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට. මම මෙතන අධිකරනයට අපහාස කර නෑ. අධිකරණය අපහාසයට ලක් කරපු කෙනෙක් ගැන පමණයි ලියා තිබෙන්නේ. මම හිතන්නේ ඔබ දැක තිබෙන්නේ මේ ළිපිය පමණයි. තවත් බොහෝ දෙනෙක් මෙය නිර්ධය විවේචනයට ලක් කර තිබෙනවා.

      Delete
    2. වෙලාවක් නෑ මචං වැඩිය කියවන්න... උදිතගෙ එක දැක්ක.. ඒත් උදිතය පිටනෙ ඉන්නෙ... කොයිකටත් පරිස්සමෙන් යං...

      Delete
  25. // මේවා වැලක්වීමට තිබෙන තැන්වල ඉන්නේත් මනසික ලෙඩුන් නම්, අපේ රටට සම්මා සම්බුදු සරණමය.//

    දැන් සම්ම්බුදු සරණවත් නැති හැඩයි :)

    ReplyDelete
    Replies
    1. ඒකත් නැතිවීගෙන වගේ තමයි යන්නේ...

      Delete
  26. අනේ මන් පොඩි දෙයක් අහන්නද? මන් දැකල තියෙනවා තරුන ගෑනු ලමයි බස් එකේ යද්දි පපුව මැද්දෙන් අත් ලෙන්සුවක් තියන් යනව. එහෙම කරන්නෙ හිටන් යන අය පොයින්ට් ගනී කියලනෙ වහන් යන්නෙ . ඉතින් ඇයි එයාලට බැරි කර පියවපු බ්ලවුස් එකක් අදින්න ගන්න. තමන්ට යන්න කාර් නැති බව දැන දැනමනෙ අදින්නෙ ඉතින්. මට නම් පපුව මැද්දෙ ලෙන්සුව දැක්කම වැඩිපුර ඇහ යනව.

    ReplyDelete
    Replies
    1. ඉතින් හොරට වගේ බලපන් මචන් හැබැයි අවසරයකින් තොරව අත තියනවා එහෙම නෙවෙයි...

      Delete
    2. අට කිව්වා වගේ හොඳට බලාගන්න. හැබයි මිරිකන්න යන්න එපා. එතකොට ඔයත් බව්වෝ වගේ වෙනවා..

      Delete
  27. ස්වභාවයෙන්ම ගැහැනුන්ට හා පිරිමින්ට එකිනෙකා පිළිබද ලිංගික ආකර්ෂණයක් පවතිනවා ඕක මහලොකු අමුතු දෙයක් නෙවෙයි.දෙගොල්ලොම එකිනෙකාගේ ආකර්ෂණය දිනාගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා. එත් එකෙන් කියන්න බැහැ කෙල්ලෙක් කොටට ඇදං යන්නේ හැම එකාටම කියල ඇරවගන්න කියල. එහෙම හිතනවා නම් එකා මානසික ලෙඩෙක්.ඒ වගේම කෙල්ලෙක් තමන්ගේ ගැගීම් අවුස්සන විදිහට ඉන්නවා කියල එයාව දුෂණය කරන්න ඒක තමුන්ට දුන්න license එකක් කියල කියන්නත් කාටවත් අයිතියක් නැහැ. මේ රටේ මේ වගේ තලෙබාන්ලා වැහි වහල ඉන්න බව කව්රුත් දන්නවා එත් අධිකරණය වගේ තැනකට මේ වගේ තලෙයිබාන් මතවාද පැතිරී තිබීම කනගාටු දායකයි . විනිසුරුවරුන්ට බාහිර සමාජය සමග ගනු දෙනු කිරීම සීමා කරලා තියෙන්නෙත් ඔය වගේ ගොබ්බ මතවාද තමන්ගේ තීන්දු තීරණ වලට බලපාන එක වලක්වන්නයි.ලංකාවේ කොයිතරම් දුරට ඕව ක්‍රියාත්මක වෙනවද දන්නේ නැහැ.කොහොම උනත් මීට වඩා විහිළු සහගත දේවල් ඉස්සරහට අහන්න ලැබෙයි සසිරිබර මෙසිරිලකේ

    ReplyDelete
    Replies
    1. මේ නඩුකාරයකුට කිසිසේත්ම සුදුසු ප්‍රකාෂයක් නම් නෙමෙයි. මේවා වලින් වෙන්නේ මිනිස්සු නීතීයේ පිහිට පැතීම නැවතිලා. නීතීය තමන් අතට ගන්න එක. ඒක මහා භයානක තත්වයක්.අධිකරණ ඇමතිත් ඉතින් ඒ ජාතියේම නේ....

      Delete
  28. මාතලන් මෙහෙම දෙයක් ලිව්ව එක ගැන සතුටුයි.

    අපේ රටේ ඔහොම හිතන අය ගොඩක් ඉන්නවා.
    ඔය නඩුකාරයාගේ මතය කියන ලිපි බ්ලොග් වලත් කියවල තියෙනවා. කොහොම කරුණු පැහැදුවත් එහෙම අය තමන්ගේ මතයෙන් එහාට යන්නේ නැහැ. එයාලා තම තමන් ගේ උපකල්පන හැටියට හිතන්නේ.

    මිනිහෙක් කියන්නේ තමන්ගේ ආවේගයන් වලට වගකියන්න ඕනේ ජීවියෙක්. කවුරුත් ඇඳන් යන විදිහකට හිත පාලනේ කරගන්න බැරි වෙනවනම් ඒක අදාළ පුද්ගලයාගේ මානසික ප්‍රශ්නයක් නේ.
    ඔය විදිහට හිතුවොත් අපේ ගෙදරට හොරු පැනල තියෙන දේ හොරකම් කරොත් ඒකෙ වැරැද්ද ගෙදර මිනිස්සුන්ගේ :D ඇයි මොකටද හොරකම් කරන්න හිතෙන බඩු ගෙදර තියාගත්තේ?!

    ඔය ටික තේරුම් ගන්න බැරිද නැත්නම් තේරුම් ගන්න අකමැතිද කියල මට තේරෙන්නේ නැත!

    ReplyDelete
    Replies
    1. මේකට කියන්නේ වැදගත් කම නැහැ කියන එක. උගත් තිබුනට බුද්ධිය නෑ. රටේ වැදගත් පවුල් වල මිනිස්සු උගතුන් වෙලා මේවා පාලණය කල කාලේ රටේ මෙහම තත්වයක් නෑ. මොකෝ ඒ මිනිස්සුන්ගේ වැදගත් කමකුත් තිබුනා. මේ වෙලා තියෙන්නේ 56 පෙරලියෙන් හැදිච්ච උන්ගේ දරුවන්ගේ පරම්පරාව උන්ට 56 උන්ගේ තිබුන වැදගත් කමවත් නෑ. උගත්තු තමයි, රට රටවලත් යනවා. ඒත් බුද්ධිමත් නෑ. බෙන්ස් එකේ ගියාට. ගල් යුගයේ ජීවත් වෙන්නේ.

      Delete
    2. නිරෝෂිණී ඉතාමත් වටිනා දෙයක් ඔබ කිව්වේ. ඒ තර්කය හරියටම හරි. මේක පුදුම රටක්. අර සිසිර කුමාර මාණික්කාරච්චි කියනවා වගේ, සාගරයක් මැද අමන රටක් ඇත කියන එක හරියටම හරි.

      Delete
    3. මේ අමන කම ක්‍රමානුකුලව හැදුව නෙමේද ? පාලනයේ පහසුවට ...

      Delete
  29. කොනක ඉඳන් අතුගාලාදාන්න ඕන ඒත් ඉතින් ආයෙත් කුනු ඇතුලට එනවනේ. කුනුගොඩ සුද්දකරන්නෙ නැතුව අතුගාලා වැඩක් නෑ වගේ

    ReplyDelete
    Replies
    1. කවදා හරි මේ රට හදන්න එපාය...

      Delete
    2. ඇයි කවදා හරි විතරක් කවුරුහරි?

      Delete
  30. මට හිතෙනව ඔය නඩුකාරයට ගහන්න. උට තියෙන්නෙ මහ ගුටිකන මූනක්. ඒකහින්ද ගැහුවට කමක් නැතුව ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. ඒවා නම් ඉතින් ඉල්ලන් කන වැඩ. නමුත් අන්තීමට වෙන්නේ ඒක තමයි...

      Delete
  31. අධිකරණයත් දැන් දේශපාලුවෝ වගේනෙ තීන්දු දෙන්නෙ.....

    ReplyDelete
    Replies
    1. මේ වගේ ගොන් ටෝක් දීලා පොරක් වෙන්න බලන්නේ හැම එකාම.

      Delete
  32. මාතලන්. අනර්ඝ ලිපියක්.!!! මම පුදුම වෙන්නේ නඩුකාරය ගැන නෙවෙයි....මේක සාධාරණීකරණය කරන්න හදන මේ බ්ලොග්කරුවන් ගැන.

    ReplyDelete
    Replies
    1. උසාවියේ විතරක් නෙමෙයි, බ්ලොග් ළෝකෙත් මානසික ලෙඩ්ඩු, අසහන කාරයෝ ඕනාතරම් ඉන්නවා....

      Delete
  33. අපේ නඩුකාර හැත්ත එහෙම්මම තමා. උන්ට දූෂණය කරපු විදිහත් කරල පෙන්නන්න කියන මට්ටමට වැටිල ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම ගොඩක් කලින් ඉඳලා කියන යෝජනාවක් තමයි, මේ රේප් කේස් කාන්තා නාඩුකාරවරුන් එක්ක වෙනම කාමරයක අහන්න කියලා. මහපාරේ නුඩු අහනවා වගේ ඒකත් අහන්නේ. අවශ්‍යතාවයක් නැති කමද? එහෙම නැත්නම් ගොන්කමද? මහන්තත්වයද කියන්න නම් දන්නෙ නෑ. මහ ළොකු කාන්තා අයිතිවාසිකම් ඉල්ලන නෝනලගේ කටවල් මේවට ඇරෙන්නේ නෑ. රන්තපුරේ සොසයිටියක් නැතුව ඇති.

      Delete
  34. කිසිවක් නොකියමි. මුනිවත සුරකිමි. අදට විතරක්...

    ReplyDelete
    Replies
    1. පැහැදිලියි දයා... අවුලක් නෑ...

      Delete
  35. මේක පත්තරේක දැකපු ඇත්තම සිදිධියක්. එක්තරා නඩුවක් කවදාවත් උසාවියේ කතා කරන්නේ ම නැතිව අවුරුදු ගානක් තිසිසේ කල් යනවලු.විත්තිකාරයා දිගටම රිමාන්ඩ් එකේලු.ඉවසල ඉවසල බැරිම තැන මළ පැනල පොර බැන්නලු මෙහෙම
    “මේ උඹට වැඩ බැරි නම් පුලුවන් එකෙකුට දීල බැහැල පලයන් ඔතනින්.කල්දානව මළ රෙද්ද“

    ReplyDelete
    Replies
    1. ඇයි තව එකෙකුට ගංජා ග්‍රෑම් 450 ක නඩුවක් දාලා වැරදි කාරයද කියලා අහල. අනේ නෑ ස්වාමිනි මගේ ගාව තව කිලෝ හතරකුත් තිබුනා කිව්වලු. නඩු කියලම මැරිලා ගිය පවුල්. නැතිවෙලාම ගිය පවුල් අපේ ගමේ ඕනා තරම් ඉන්නවා..

      Delete
  36. කාශ්‍යප රජ්ජුරුවොයි සීගිරි ලලනාවොයි මතක් උනා...
    -Kandyan-

    ReplyDelete
    Replies
    1. එක ළිපියක දාලා තිබුනා එයින් පින්තූරයක්...

      Delete
  37. මචන් .. නඩුකාරයෙක් කියන්නෙ නීති දැනුම විතරක් තියෙන්න ඕන කෙනෙක් නෙමෙයි..ඔහුට තම පුද්ගලික මතය කෙසේ වුවත් මද්‍යස්ත හා සාදාරන දැක්මක් තිබිය යුතුයි.. විබාග පාස් කරල නඩු කාරයෙක් වෙන කෙනෙක් ඊට ගැලපෙන තත්වයට පත් කෙරෙන වැඩ පිලිවෙලක් උවමනා බවයි මට හිතෙන්නේ..
    - පත්තර මල්ලි -

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම හැමදාම කියන්නේ. උඅගත්කම විතරක් වැඩක් නෑ. වැදගත් කමයි, බුද්ධිමත් කමත් තියෙන්න ඕන. ඒවා ලේසියෙන් එන්නේ නෑ. ලේ වල තියෙන්නේ ඕන.

      Delete
  38. මචන් කාලෙකට පස්සේ ටිකක් අද කියෙව්වා.
    ඇත්තටම මේ වගේ දේවල් ඔය මැණික් ඇටේ වෙනවද?

    මේක අසහනය විසින් බිහිකරන පහත් මානසිකත්වය නේද?

    ReplyDelete
    Replies
    1. අසහනකාරයෙක් නේන්නම්. නඩුකාරයෙක් තියා, බඩුකාරයෙක්වත් ප්‍රසිද්ධියේ කියන කතාද මේ...

      Delete
  39. ම' හිතනවා මේ අර බල සේනාවේ ගවුම් දික් කිරීමේ දෙපාර්තමේන්තුවේ තවත් දැහැමි පොසොන් මෙහෙයුමක්.
    අනේ අබුද්ධස්ස කාලෙක හැටි, කලවා නෙවෙයි තව ටිකක් ඇතුලට අත දාලා අරකම මිරිකන්නයි තිබුනේ, කියන අයත් ලංකාවෙ ඉන්නව.
    (බලාගෙනයි මිරිකපු එකා ඉස්පිරිතාලෙ යන්නෙ නර්ස්ල දැන් බලාගෙන ඇති එනකම් තුනම මිරිකන්න )
    අනාගත බලසේනා පක්ශයේ කලවාන/කොටකෙතන ආසනයට දැන් සිටම පොරකන අපේක්සකයෙක් තමයි විනිසුරු අසුනේ ඉඳල තියෙන්නෙ. මෙතුමාට රට කරනව ඇත්තන්ගේ අවධානය යොමු වී අග්‍ර විනිශ්චයකාර තනතුර ලැබේවා.

    ReplyDelete
    Replies
    1. මටත් ලිපිය ලිව්වයින් පස්සේ තේරුනේ. රත්නපුරේ සීරියල් කිලර්ස්ලා බිහිවෙන එක පුදුම දෙයක් නෙමෙයි මේ වගේ කාලකන්නි ඉන්නකන්...

      Delete
  40. රත්නපුර මහෙස්‌ත්‍රාත්ගේ ගෝත්‍රික මනස..

    ඇහැලියගොඩ පදිංචි රත්නපුර රෝහලේ සේවය කරන 34 හැවිරිදි විවාහක හෙදියක පසුගියදා රාත්‍රි සේවයට යමින් සිටියදී සවස 7.10 ට පමණ රෝහල හන්දියේ සිට රෝහල දෙසට පා ගමනින් ගොස්‌ ඇත.

    ඒ අවස්‌ථාවේ අතරමග තරුණයන් කිහිප දෙනකු පාරේ සිට ඇති අතර, එක්‌ අයකු ඇයගේ කලව මිරිකා තිබේ. මේ අතවරය නිසා හෙදිය ඉදිරියට යද්දී ඇය පසුපසින් ත්‍රිරෝද රථයක්‌ පැමිණ ඇති අතර, එම ත්‍රිරෝද රිය තුළ ඇයට ලිංගික අතවර කළ පුද්ගලයාද සිට ඇත. ඇය අසලින් ත්‍රිරෝද රිය හරවා ගෙන ගොස්‌ ඇත.

    ඒ අවස්‌ථාවේ ඇය ත්‍රිරෝද රථයේ අංකය සටහන් කරගෙන තිබේ. පසුව ඇය විසින් රත්නපුර පොලිසියට කළ පැමිණිල්ලක්‌ මත පරීක්‍ෂණ පැවැත්වූ පොලිස්‌ පරීක්‍ෂක වසන්ත පෙරේරා මහතා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

    මෙම සැකකරුවන් රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් සේනානායක මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී රත්නපුර මහෙස්‌ත්‍රාත් කේ. ඩී. එල්. කුමාර කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ වෙනත් කාන්තාවන්ට පෙන්නන්න නොවෙයි, කොල්ලන්ට බලපිය කියලයි.

    අල්ලපිය කියලා නොකියා කියන කාන්තාවන් ද ඉන්නවා. මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද යන්න පරීක්‍ෂණ පැවැත්වූවාද කියා පොලිසියෙන් අසා තිබේ.

    අපට සිතෙන අන්දමට තරුණ හෙදියගේ කලව බලහත් කාරයෙන් ස්පර්ශ කල වනචරයා සහ මෙම මහෙස්‌ත්‍රාත්වරයා අතර මානසික වශයෙන් වැඩි වෙනසක් නැත.

    කාන්තාවන් දුෂණයට ලක්වන්නේ කොටට ඇඳගෙන යාම නිසා බව සිතන්නේ පසුගාමී ගෝත්‍රික සමාජ වල ජිවත් වන මිනිසුන් වන අතර කාන්තාවන්ගේ ඇඳුම සහ ස්ත්‍රී දුෂණය සඳහා නිදහසට කරුණක් කර ගැනීමට මොවුන් පෙළඹී තිබේ.

    නමුත් අත දරුවන් සහ මැහැලියන් පවා මේ රටේ දුෂණයට පත් වන්නේ ඇඳුම නිසාද යන්න අපට මේ ගෝත්‍රික වනචාරීන්ගෙන් ඇසීමට සිදුවී තිබේ.

    අතවරයට ලක්වූ කාන්තාවගේ ඇඳුම ගැන ප්‍රශ්න කල මහෙස්‌ත්‍රාත් පදවියක් දරන මෝඩ ගෝත්‍රික වනචාරීයෙකු වන කේ. ඩී. එල්. කුමාර වෙත කාන්තා සංවිධාන හරි නම් විරෝධතාව පල කල යුතුය. නමුත් මේ මහේස්‌ත්‍රාත් මැට්ටාට හොඳ පිළිතුරක් සැරයන් සේනානායක මහතා විසින් දී තිබේ.

    මෙම තත්ත්වය සුළුකොට තැකිය නොහැකි බවද, එසේ වුවහොත් කාන්තාවකට බියකින් තොරව පාරේ ගමන් කිරීමට පවා අවස්‌ථාවක්‌ නොලැබෙන බව සැරයන් සේනානායක රත්නපුර මහෙස්‌ත්‍රාත් වරයා හමුවේ ප්‍රකාශ කොට ඇත. නමුත් ගෝත්‍රික මනසකින් හෙබි රත්නපුර මහෙස්‌ත්‍රාත් කේ. ඩී. එල්. කුමාරට එය තේරුම් ගියාද යන්න අපි නොදනිමු.



    - අමිල ගුණරත්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බෙදා හදා ගත්තාට...

      Delete
  41. මේ මහෙස්‌ත්‍රාත්ගේ නම K.D.L කුමාර

    K = කලවා
    D = දැක්කම
    L = ලංවෙන

    කලවා දැක්කම ලංවෙන කුමාර

    ReplyDelete
    Replies
    1. අම්මා ඝන පිහිටවලා දාලා තියෙන්නේ....

      Delete
    2. ඇයි මෙහෙමත් පුලුවන්

      K = කලවා
      D = දෙකට
      L = ලොල්

      කලවා දෙකට ලොල් කුමාර

      Delete
  42. මටනම් මෙතන දී නඩු කාරයාගේ වරදක් පේන්නේ නෑ
    නඩු කාරයා පැමිනිල්ලට අදාල සියලු කරුනු දක්වන ලෙස නියම කරලා තියෙනවා ඒකෙ වැරැද්ද මොකද්ද?
    ඇත්තටම මට පේන්නේ මෙතන දී පොලිස් කාරයා නඩු කාරයට ඕඩර් දෙන්න ගිහින් තියෙනවා
    මෙතන දී තව දෙයක් කියන්නත් තියෙනවා මේක විහිලුවක් හැටියට ගන්නත් පුලුවන්
    ඔය නර්ස් ලගේ යුනිෆෝම් එක අපේ රටට ගැලපෙන්නෑ නේද?
    ඕක ඇන්දාම නාකි ගෑනුත් පේන්නේ ඉස්කෝලෙ යන කෙල්ලෝ වගේ ඉතින් ඉස්පිරිතාලෙ ගියාම නාකි අයත් ෆෝම් වෙනවා
    මම කියන්නේ වික්ටෝරියානු සදාචාරයෙන් ලැබුනු මේ නොගැලපෙන ඇඳුම වෙනස්කල යුතුයි

    ReplyDelete
    Replies
    1. //මටනම් මෙතන දී නඩු කාරයාගේ වරදක් පේන්නේ නෑ//
      ඇත්ත ඔයා වගේම තමයි මේක කියපු කෙනත් ඒක වැරදියි කියල දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ තේරුම් කරලා දෙන්නත් බැහැ. ඒකයි ඔය රටට ලෝකෙන් උතුම් රට සිරි ලංකාව කියන්නේ. අනේ වාසනාවන්. සුභ අනාගතයක්.

      Delete
    2. පේනෙනේ නැතිකම නෙවෙයි ජගත්. දකින්න කැමති නැතිකම කියන්න. කාන්තාවන් අඳින ඕනේ ඇඳුම් ගැන නීති පොතේ තියෙනවද ?

      "කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ වෙනත් කාන්තාවන්ට පෙන්නන්න නොවෙයි, කොල්ලන්ට බලපිය කියලයි.

      අල්ලපිය කියලා නොකියා කියන කාන්තාවන් ද ඉන්නවා. මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද යන්න පරීක්‍ෂණ පැවැත්වූවාද" මේක නඩුකාරයෙකුට ගැලපෙන ප්‍රකාශයක්ද ?

      ඇයි මොකක්ද හෙද ඇඳුමේ තියෙන වැරැද්ද ? ඒක ඔවුන්ගේ රැකියාවට බාධාවක් ද ? අපේ රටේ දේශගුණයට ගැලපෙන්නේ නැද්ද ?.

      ඔයාල / කුමාර නඩුකාර තුමා වගේ තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරි වනචාරීන්ට නම් ඒක ගැලපෙන්නේ නෑ තමා

      Delete
    3. නඩුකාරයගේ නෑ කෙනෙක් වෙන්න ඕන. නැත්නම් ඉතින් මෙහෙම ගොන් කතා කියයිද? වික්ටෝරියානු ක්‍රමේ එකකට හොඳයි අනික් ක්‍රමේට හොඳ නෑ. හැම අතින්ම ගැලපෙන වැඩ කරන්න පහසුම ඇඳුමක් තමයි හෙදියන්ට අන්දලා තියෙන්නේ. ඒවා දැකලා නශ්ඨකාමය හැදෙනවනම්, ඒ රෝගෙට බෙහත් ගන්න.

      Delete
    4. අනේ සංසාරේ අශ්චර්යට තව ටීකායී .....

      Delete
    5. මේ සෙට් එක චන්දෙ දීල පත් කර ගන්නේ මේ සෙට් එකේ උන්ම නිසා ඉදිරියට මේ වගේ නඩු තීන්දු බර ගානක් බලාපොරොතු වෙන්න වෙයි ...

      Delete
  43. නාකි ගෑනු නාකි පිරිමි කියනු කොට අපිටත් තද වෙනවාය,......

    ඕනෑම දෙයක් සංවාදයට බඳුන් කිරීමට හැකියාව තිබිය යුතුයි, එහි වැරද්දක් බොහෝ දෙනා දකින එකක් නෑ. නමුත් වැරද්ද නම් කලින් නිගමනයකට පැමිණ කටයුතු කිරීමයි. එනම් කොටට ඇඳගෙන යන එක වැරදියි යන පූර්ව නිගමනය. ග්‍රීෂ්ම රටකට ගැලපෙන රෙද්ද හැට්ටය, අමුඩයත් සලකා බැලිය යුතුයි.

    ඓතිහාසිකව ගැහැණියට උඩුකය වසාගැනීමට අයිතිය ලැබුනේ යම් කාලෙකට පෙරයි, දැන් ගැහැණිය ස්ව කැමත්තෙන්ම යම් ප්‍රමානයක් සරීරෙන් පෙන්වනවා යනු සිය අයිතිය අසරණ අප වෙනුවෙන් හකුලා ගැනීමයි. එයට ස්තූති වන්ත වී ලාලිත්‍යය වින්දනය කරනු වෙනුවට එය අල්ලා අල කරන්නට යාම නෝබී.

    සමහරුනට හලාල් කෑම හොඳ නෑ, 'හලාල් ඇඳුම' හොඳයි.

    නාකි අපිත් ෆෝම් වෙනවා වෙනවා මේව අහල.

    ගෑනු රට යවා අතේ xxx එක හෙල උරුමය වී ඇති ලංකාවේ අපිට ඉතින් මෙහෙමවත් චෑන්ස් එකක් ලැබෙන එකට උදැල්ල දාන එවුනට තුන් xxx පිහිටෙන් හෙණ හතක්ම වැදේවා.

    ඕක තමයි දන්න අය කියන්නෙ ලිංගික සේවය නීතිගත කරන්න කියල. තමන්ගෙ සරීර කූඩුව බොහෝ දෙනා සමග බෙදාගන්න කැමති පිරිමි ගෑනු කොයි රටෙත් ඉන්නවා. ඒ අයටත් තැනක් දෙන්න, දුරාචාරෙ ගැලුනු රටේ ඉන්න සමහර මදාවින්ට දියවන්නාවේ මැද්දෙ රටේ හොඳම තැන දීල තියෙනව නම් ඒ අයට තැනක් දුන්නම මොකෝ.

    ReplyDelete
    Replies
    1. මේ රටේ උතුරේ ඉඳන් දකුණට ගෑණු තනියෙන් ගියේ හැදියාව නිසා නෙමෙයි. නීතිය නිසා. ඒත් නීතිය රකින්න ඉන්න එකා සෙක්ස් මේනියැක් කෙනෙක් උනාමා කොයි සක්කරයටද ඒ නඩුව කියන්නේ.

      Delete
  44. This comment has been removed by the author.

    ReplyDelete
  45. මේ මම කතා නොකරන තව එක ක්ෂේත්‍රයක්. මේක ගැන කියවන්න ගියහම කුණුහරුප කියවෙනවා. එකයි. කමෙන්ට් නොදැම්මට පෝස්ට් ටික කියෙව්වා. ඒත් මගේ ෆෝන් එකේ අවුලක් ගිහින් දාන දාන කමෙන්ට් එක ප්‍රිවීව් වෙලා නවතිනවා. එතනින් එහාට යන්න බෑ. අද ලැප් ඒකෙන් ආව. හැබැයි ආය අගෝස්තු වෙනකල් මට එන්න බැරි වේවි..

    ReplyDelete
    Replies
    1. එච්චර හොඳ ග්‍රයයෙක් නොවන නිසා අවුලක් නෑ....

      Delete
  46. Replies
    1. මොකෝ බුවා උඹ ලියන්නෙ නැත්තේ. ඇයි බුකිය බදාගෙන ඉන්නේ...

      Delete
  47. ඉහල තැන්වල ඉන්නෙ සුදුසුකමට වඩා කාගෙ හරි උවමනාවකට පත් කල අය නිසා, ඒ අය ලඟ තම තනතුරට සුදුසු ගුනාංග නැත.

    ReplyDelete
    Replies
    1. ඒක නෙමෙයි හේතුව. උගත් කම තිබුනට බුද්ධිමත් කම හා හැදියාවක් නෑ. දැන් නිකන් හිතන්න මම නඩුකාරයෙක් කලා කියලා. මේ කතා කරන ලියන විදියට, නඩු කාරයකුගේ රාජකාරිය කරන්න පුළුවන්ද.? අන්න ඒකයි තේරුම් ගන්න ඕන.

      Delete
  48. This comment has been removed by the author.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න