.

.

Jun 16, 2013

බල්ලෝ - Dogs


බල්ලෝ ගැන ලියන්න ගියොත්, බලු එන්සයික්ලෝපීඩියා එකක්, එහෙම නැත්නම් විස්සකෝසයක්ම ලියන්න වෙනවාය. මේ ලියන්න යන්නේ දේශපාලනේ ඉන්න බල්ලන් ගැනය. දැනටත් එංගලන්තේ රජ පවුල් වල උදවියගේ එක එක ආතල් තියෙනවාය. ඒවා මේ හැම එකාටම කොරන්න බැරිය. රජ පවුලේ උන්ට විතරය. මේ ආතල් එක අපේ රජවරුත් කරලා තියෙනවාය. නමුත් අපේ උන්ගෙයි එංගලන්තේ උන්ගෙයි වෙන්සක් තියෙනවාය.


අපේ උන් ගියේ දුණු ඊතළ අරගෙනය. පොර පොඩි කාළේ ඉඳන් ඒවායේ කෙළ පැමිණිය යුතුය. ඒත් සුද්දා එහෙම වැද්දෝ වගේ යන්නේ නැතිය. උන් යන්නේ හන්ටින් ඩෝග්ස්ලා එක්කය. ඒ කියන්නේ දඩයම් බල්ලෝ එක්කය. රජවරු ෆුල් කිට් එකක් ගසාගෙන අස්සයා පිටේය. බල්ලෝ 100 ක් විතර එකෙක් පස්සෙ එළවා හාවෙක් හරි, නරියෙක් හරි, අල්ලගෙන එනවාය. ඉස්සර නම් මුවෝ මෙන්ම ගෝන්නුද  ඇල්ලුවාට, දැන් ඉන්න බල්ලෝ අල්ලන්නේ පොඩි සත්තුය.මේවාටත් විරුද්ධ අයත්, ඒ රටේ නැත්තෙමත් නැත්තේය.

අපේ රටෙත් දෙශපාලකයෝ ළඟත්, ඒ කාලේ ඉඳන් එහෙම බල්ලෝ උන්නාට. උන් දේශපාළනය කරන්න ආවේ නැතිය. ඒත් දැන් බල්ලොත් දේශපාලනයට ඇවිත්ය. මුලු මනාප ලයිස්තුවම මනුස්සයන්ගෙන් තොරව, බල්ලන්ගෙන් පිරෙව්වාම. පත්වෙන්නේත් බල්ලෝය. අද ප්‍රාදේශීය දේශපලනයේ උගතෙකුට, වැදගත් එකෙකුට කිසිම තැනක් නැත්තේය. මේය පාලක පක්ෂයට මෙන්ම විපක්ෂයටද පොදුය. ඉන්න තරමක් ඉන්නේ බල්ලන්ය. උන් දන්නේ බුරන්න පමණි.

අපේ රජතුමාත් බල්ලන්ට ආදරේ නිසා, බල්ලෝ මරණ එක නවත්තලා දැම්මේය. මේ කරුමේ නිසා දැන් පාරක යන්න බැරි ගානට, කකුල් හතරේ බල්ලොත් පාරේ පිරිලාය. උන් හපා කාලා මැරෙණ සෙට් එක, කකුල් දෙකේ උන්ගේ ගෙම් වල ගනනට වඩා, බොහෝ වැඩිය. ඉන්ජැක්සන් ගහන්න යන වියදමත් බොහෝ වැඩිය. රජතුමා ගාව මෙන්ම, ඉස්සර උන්න රැජිණ ගාවද බල්ලෝ සිටියෝය. සිනමාවේ සක්විති නම් කිව්වේ, උන් ඔඩොක්කු කුක්කෝ කියාය. ඒ කියන්නේ හුරතේලට ඇති කරනා උන් කියාය. එහෙම කිව්වාට, උනුත් දඩයම් එක දෙක කල බව කාටත් මතක ඇතිය.

බල්ලා තියාගත යුත්තේ බල්ලාගේ රාජකාරිය ඉටුකිරීමට පමණි. ස්වාමියාගේ වැඩේට බල්ලෝ ගත්තාම. උන් කරන්නේ බලු වැඩය. ඉතින් රටම බල්ලාට යන එක වලක්වන්න බැරිය. දැන් බල්ලෝ හැම තැනම බෝවෙලාය. කොලොන්නාවේ බලු පොරයක් නිමා උනේ, එක බල්ලෙක් මැරිලාය. තංගල්ලේ දඩයම් බල්ලෙක් සුද්දියෙක් රේප් කර සුද්දෙක් මරලාම දැම්මේය. තව බල්ලෙක් ගනන් කර කර පොඩි උන් රේප් කලේය. සමහර බල්ලෝ රේප් එකෙන් නොනැවති, අම්මලා දුවලා පෝලිමේ මරලාද දැම්මේය. එකෙක් නම් මිනී මරා එල්ලුම් ගහටම නියම විය.

ඊළඟට පෝලිමේ පොලිස් බල්ලෝත් එක්ක පොර කන්න පටන ගත්තේය. බලාගෙන ගියාම, පොලිසියේ බල්ලොත් දීලා තියෙන්නේ රජ ගේම්ය. එහෙම ගේම් දීපූ පොලිස් බල්ලෝ සැට් එකක්, ඇතුලට දාපු එකට නම්, මහ රජතුමාට අපගේ ප්‍රණාමය පුද කළ යුතුය. නීතීය, අඟුලානේ පොලිස් බල්ලන්ට වගේම ක්‍රියාවේ යෙදවේවායි යන්න, අපගේ එකම පැතුමය. පොලිස් බල්ලෝ ඉව අල්ලා හොරු සොයන්නේ නැතිව, උනුත් කුළියට මිනි මරනවානම්, රට බල්ලාට නොව ඊටත් එහාටම යනවාය.

තවත් දඩයම් බල්ලෝ සැට් එකක් විපක්ෂ නායක තුමා මරාදාන්න සැට් උනේය. පොලිසීයේ නිළධාරින් නිසා ජීවීතේ බේරාගෙන ආපුවාම, සමහර අය කියන්නේ ඒක බියගුලු ක්‍රියාවක් කියලාය. බල්ලෝ බල්ලෝ කොලොන්නාවේ මරාගත්ත සීන් එක, රනිල් මහත්තයාටත්, එතුමාගේ ආරක්ෂාවට ඉන්නේ රජයේ ආරක්ෂකයන්ටත් සිහිවන්නට ඇත. කෙසේ වෙතත් බල්ලෝ හපා කන්න යන විට. වැදගත් මිනිස්සු බල්ලා හපා කන්න යන්නේ නැත. ගහකට නැග හෝ බේරී, පිස්සු බල්ලෝ නම් මරා දැමිය යුතුය.

දැන්, පළාත් සභාවේ බල්ලෙක් ඉස්කෝලයක් අතුලටම ගිහින්, රීලා විනාස කරලා ඇවිල්ලාය. මේ බල්ලා පාසලට ගොස් විනය බාර ගුරුතුමිය සිසුන් ඉදිරිපිට දනගස්වා, බලු බසාවෙන දේසනයකුත් පවත්තලා ඇවිල්ලාය. දැන් මේ ගැන අජ්ජාපනේ කන ඇමතිතුමා කියන්නේ මොකක්ද කියා දැනගන්න අපි කැමතිය. තම ඥාතීන් ප්‍රවාහනය තම ප්‍රදේශයේ නතර කල මහ ලේකම් තුමා, මේ බල්ලා ගැන ගන්නා ක්‍රියා මාර්ගය මොකක්ද කියලා දැන ගන්න අපි කැමතිය. මොකෝ උන්නැහේට කොළඹ ඉන්න ඩෙංගු ආරාක්ෂා කරනවා වගේම ඒ පැත්තේ තම ඥාතීන් ආරක්ෂා කිරීම වැනි උතුම් ක්‍රියාවල කවදත් යෙදෙන. යුක්තිය අකුරටම ඉටුකරනා කෙනෙක් නිසාය.

තවත් දෙයක් විශේෂයෙන් කිව යුතුමය. දරුවා කොටට ඇඳගෙන පැමිණියේ නම්, දරුවාගේ දෙමාපියන් ගෙන්වා ඔවුන්ට පැහැදිලි කරනවා මිස, අරංචියේ හැටියට, වාටි ලිහන්න ගියා නම්, විනයභාර තියා මොකා උනත් කර තිබෙන්නේ ඕනා නැති වැඩක්ය. ඒවා වැටෙන්නේ, ළමා අපචාර හැටියටය.නඩු කාරයාට කරන්න පුළුවන් හොඳම වැඩේ පාසලේදීම ගුරුවරියට දන ගසා වැඳ සමාව ඉල්ලන මෙන් තීන්දුවක් දීමය. කොටට ඇඳන් යනවානම් මිරිකපියව් කියා නඩු තින්දූ දෙන එකේ. ඔහොම එකක් දුන්නාට අවුලක් වන්නේත් නැතිය. කෙසේ වෙතත් හැම එකාටම ඕනා, චන්ඩි වෙන්නය. එහෙම වෙන්න ගියාම කවදා හෝ නොන්ඩි වෙන්නත් වෙන වග නම්, නොලියා සිටිය නොහැකිය.

අපිට නම් මේ ගොන් චන්ඩි එපා වෙලා බොහෝ කල්ය.

56 comments:

  1. අපිට නම් මේ ගොන් චන්ඩි එපා වෙලා බොහෝ කල්ය.
    ++++++++

    ReplyDelete
    Replies
    1. මූට නම් ලේසියෙන් ගැලවෙන්න වෙන්නේ නෑ...

      Delete
  2. වයඹ සහ මධ්‍යම පළාත් සභා ලබන සතියේ විසුරුවනවාය

    ReplyDelete
    Replies
    1. ඉතින් අපිට පාන්ද?

      Delete
    2. නෑ කාපිය හැලප

      Delete
    3. මූට නොමිනේෂන් දුන්නොත් තමයි බලා ගන්න පුලුවන් ආස්චර්යේ...

      Delete
  3. බල්ලෝ දාගත්තම ලේසි..ඉන්ජු ඉන්ජු කියද්දී ළඟට එනවා .. බල්ලා දිහ් කියද්දී යනවා...(දැන් ඕකට මිනිස්සු ගත්තා නම් ඕව කරන්න බැහැ නෙව..ආන්න ඒකයි බල්ලොම ගන්නේ..)


    මට මේ දේවල් දකිද්දී මතක් උනේ..ඉදිරියේදී ලැයිස්තුවෙන් ගන්න ප්‍රමානෙත් වැඩි වේවි ...ඕක තියෙන්නෙම බල්ලෝ ගන්නනේ..

    තව දෙයක් ඔය බලු වැඩ පටන් ගත්තේ කැලණියේ දුටු ගැමුණු...දැන් ඉතින් අහුරු කුක්කොත් බල්ලෝ වෙන්න යනවා.. සංසාරේ සංසාරේ...

    ReplyDelete
    Replies
    1. ඔය ඇති මචo ඊලඟ පෝස්ට් කටුවෙන් හම්බවෙමු.

      Delete
    2. මර්විය මොන පගර නැට්ටෙක්ද සහන් මල්ලි.
      ඇත්ත කියන්න එපෑය ප්‍රේමදාස,කුරේ,මැතිව්,මල්ලිමාරච්ච් ඇතුලු නඩේ පටන් ගත්ත ගැම්ම තමා දැන් ඩබල් ට්‍රිබල් වෙලා නැගලම යන්නෙ.

      Delete
    3. කෙන්ජි අයියා ඔය කියලා තියෙන්නේ බල්ලන්ගේ හාම්පුත්තු ගැන වෙන්ට ඕනෑ...

      Delete
    4. කොහොමත් මුලට බලු කියල තියෙන නිසා හරි ඇති කියල හිතනව.
      මොකද පොඩි එකාගෙ ටෙඩි බෙයාර් ගෙ පින්තුරෙ වැටිල තියෙන්නෙ මල්ලියො?

      Delete
    5. මම මේ ප්‍රශ්නය වෙනත් ඇසකින් දකිනවා.කොයිම ආන්ඩුවකට වුනත් දිගු කලක් බලයේ ඉන්න කොට මෙහෙම වෙනවා.අවුරුදු හතලිහ පනහ එකම ආන්ඩුව තිබෙන කොට ඒ රටවල මිනිස්සු මොන තරම් පීඩනයක ඉන්න ඇද්ද කියල හිතෙනවා.රාජාන්ඩු,හමුදා ආන්ඩු තිබෙන රටවල අය ත් එහෙමයි.හෙන්චයියන්ගෙ යකඩ සපත්තුවට පෑගිලා ඉන්න වෙනවා.දැන් බලන්න ප්‍රවෘත්ති දහයක් ගත්තොත් දහයම ප්‍රාදේශීය දේශපලනඥයන් කරපු වැරදි ගැන තිබෙන ඒවා.හෙන්චයියො කරන මොනම වැරැද්දක්ටවත් දඩුවමක් නෑ.මෙහෙම වුනහම කොච්චර හොද ආන්ඩුවක් වුනත් මිනිස්සු කලකිරෙනව.හාමුදුරුවරු මොනව කළත් අපි වදින්නෙ සිවුරටනෙ කියනව අගෙ කවුරු මොනව කළත් අපි චන්දෙ දෙන්නෙ මහින්ද මහත්තයටනෙ කියලයි මිනිස්සු මෙච්චර කල් කිව්වෙ.ඒත් මේ බල්ලන්ට කිසිම දඩුවමක් නැති බව පේනකොට මිනිස්සු කලකිරෙනව.රටම නිකම් පිස්සන් කොටුවක් වගෙ වෙලා.ඉවසීමෙ සීමාවක් තිබෙනවනෙ.
      තව දෙයක් ඔය ආනමඩුව කියන පැත්ත ම්ලේච්ඡ දේවල් වලට ප්‍රසිද්ධයි.
      මේක අහපු ලේ නිල් පාට අයත් කිව්වෙ ප්‍රබල විපක්ෂයක් නැති කම කියල.

      Delete
    6. රනිල් : "ප්‍රබල විපක්ෂයක් හදල ජනතාවගේ වැඩ ටික කරගෙන චන්දෙ මහින්දට දෙන්නද..ලංකාවේ මිනිස්සු ගැන ආයේ කියන්න දෙයක් තියෙයිද? විපක්ෂ නායකයා ලස්සන නැහැ කියල මහින්දට කතිරේ ගහයි, ඔන්න ඔහේ කතිරේ ගැහුවනම් විදවන්න දීපල්ලා, මව ඕන වෙනකොට කියන්නේ නැතෑ.......................... "

      Delete
    7. මර්වියා නෙමෙයි ඔය කෙන්ජි කියලා තියෙන්නේ පටන් ගත්ත වාහෙලා ගැන.. ඒත් මෙහෙම හරක් උන්නේ නෑ, උන් ගේම් දුන්නේ වෙන උන් ලව්වලා....

      Delete
    8. පොඩි එක්කෙනා ආසයි මේ පින්තූරෙට අයියේ..ඒකයි දැම්මේ...

      Delete
  4. පුත්තලම් පැත්තේ බූරුවන්ට වගේම ඔය වගේ 'බල්ලොන්ටත්' ප්‍රසිද්ධයි. කාලේකට ඉස්සර ඔය වගේ වැඩවලට ප්‍රසිද්ධ පොරක් හිටියා පුත්තලම් පැත්තේ..දැන් කපුට් ද කොහෙද!

    ReplyDelete
    Replies
    1. පුත්තලමට ගිහින් කණ්නාඩියකින් මූන බලහන්.එතකොට පුත්තලං බූරුවෝ පෙනෙයි.

      Delete
    2. පුත්තලම බූරූවන්ට ප්‍රසිද්ධයි කියලා ළෝකෙටම ඔප්පු කලා. තව පොඩ්ඩෙන් කැළණියට දාන්න හිටියේ.. අපිත් ඉවරයි. අපේ එකා.. මුන් එක්ක බැලුවම ඉතා හොඳයි....

      Delete
  5. මිනිස්සුන්ට බැන බැන යන උන්ට නම් හොදක් වෙන්ට එපා.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට බැන්නේ නෑ.. බල්ලන්ට නම් බැන්නා. කකුල් දෙකේ බල්ලන්ට...

      Delete
  6. බලාගෙන ගියහම කොල්ලන්ට වඩා විසේ තියෙන්නේ මේ නාකි එවුන්ටනේ.ගෑනියෙක්ට නිදහසේ ඉන්ට වත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇදෙන හැටියට නම් සරුපයෙක්....නයෙක් වගේ...

      Delete
    2. හොඳ කොල්ලෙක් තමයි. දැන්නම් බල්ලා මාක්...

      Delete
  7. එතකොට බල්ලොන්ට කතිර ගහන එව්වන්ට කියන නම මොකක්ද ආයිබොවන් ?

    ReplyDelete
    Replies
    1. ඥානවoත ඡන්ද දායකයෝ. ඊටත් වැඩිය ඥානය තියෙන උන් අහවල් එකත් දෙනව.

      Delete
    2. බුද්ධිමත් දේශප්‍රේමී ජනතාව...

      Delete
  8. සමහර බල්ලෝ මැලේසියාවටත් එනවාය උන්ට වෙන දේවල් බලන්න මෙහෙටත් ඇවිල්ල යන්න .... මම අලුත් එකෙක්
    http://onemalaysiasinhala.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අළුත් එකෙක් නිසා කියලා දෙන්නේ. කෙන්ජිට කොල්ලෝ පෙන්නන්න බෑ. උඹේ විස්තර එහෙම දෙනවා නොවේ. උබ මචං මැලේ ගමරාල උනාට කෙන්ජි ජපන්.

      Delete
    2. බැලුවා.. ලිවිල්ල නම් පංකාදුයි.. හැබයි බ්ලොග් එකේ පිලිවෙලක් නෑ. වැඩක් කරන කොට පිලිවලකට, ලස්සනට කරන්න...

      Delete
  9. බල්ලන්ට අපහාස කරන්න එපා මාතලන් අයියා...

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන එහෙම වරදක් උනා නම්...

      Delete
    2. හොඳ වෙලාවට සමාව ඉල්ලුවෙ...නැත්නම් දේශපාලුවන්ව බල්ලන්ට සමාන කලාට බල්ලො එලව එලව හපා කන්න තිබ්බා....

      Delete
  10. @ “දරුවා කොටට ඇඳගෙන පැමිණියේ නම්, දරුවාගේ දෙමාපියන් ගෙන්වා ඔවුන්ට පැහැදිලි කරනවා මිස .......... ඒවා වැටෙන්නේ, ළමා අපචාර හැටියටය.“ - මේ කොටසට එකඟවෙන්න අමාරුයි.පාසල් ශිෂ්‍යයයෙක්/ශිෂ්‍යාවක් පාසලේ විනය නීතී වලට ගරුකළ යුතුයි.අපි පාසල් යන කාලයේත් කලිසම් වල ෆෝල්ඩ් බ්ලේඩ් තලයෙන් කැපුවා ශිෂ්‍යනායකයින්.කොන්ඩේ වැඩි නම් බාබර් පාසලටම ගෙන්වල කොන්ඩේ කැප්පුවා.ඒ දවස් වල අපිත් ඕවට අකමැතිව හිටිය උනාට පාසල් විනය රැකගැනීම කියන එකේ වැදගත් කම තේරුම්ගන්න ඕනි.කොටට අදින්නම ඔනි නම් ඒ ළමයට එහෙම පුල්වන් පාසලකට යෑම හෝ කිසිම පාසැලක එහෙම බැරි නම් පාසල් නොගිහින් සිටීම වගේ දෙයක් කරන්න තිබ්බා.(දෙමළ චිත්‍රපටයක් මතක් වෙනවා දේශපාලන හයිකාරයෙක් ගේ ළමයෙක් ගුරුවරයාට තග දමමින් ඉගෙනගත්තු - ඇත්තටම ඉගෙන නොගත්තු හැටි).පාසල් සමයේ ගුරුවරුන්ට ලමයි අකමැති දේ උනත් කරන්න වෙනවා ඔවුන්ගේ ම යහපතට.උදාහරණයක් ලෙස පොත පතේ වැඩ වලට උනත් ළමයි ස්ව කැමැත්තෙන් යොමුවෙනව අඩුයි.බලහත්කාරයෙන් යොමු කරන්න වෙන්නේ ඒකයි.

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද ජයශ්‍රී...ඔබතුමාගෙ අදහස් පරනයි කියලා ඔබතුමාට තේරෙන්නෙ නෑනෙ.

      Delete
    2. මගේ මිත්‍රයා ඉතින් තලෙයිබාන්, ගෝත්‍රික පොරක් නේ...

      Delete
    3. @AnonymousJune 16, 2013 at 6:58 PM, ඔයා මොකුත් කරන්න ඔනි නෑ, මගේ "පරණ අදහස්" වලින් සමාජයට හොදක් මිස වරදක් වෙන්නේ නැහැ.

      @මාතලන්,ඇත්තටම දුකයි මාතලන්. නමක් ගමක් නැති ඇනෝවෙක්ට හුරේ තබල කාලයක සිට අඳුනන ජයශ්‍රීට නොගැලපෙන ලේබලයක් ඔබ විසින් ඇලවීම ගැන.

      Delete
  11. සමෘද්ධී නියාමකයෙකු තමන් විසින් ම ගස් බැඳ ගති.
    බ්‍රිගේඩියර්වරයෙක් තමාම පෙරළි පෙරළී පහර දී ගත්තේය,
    මේ වසරේ නාට්‍ය
    ගුරුවරියක් තමා වරදක් කළායැයි පාපොච්චාරණය කරගනිමින් එකී වරදට දණ ගසා සමාව ඉල්ලුවා වේවිද?
    මට මතක නෑ පමණක් නොව ජනතාවට ද කිසිවක් මතක සිටිනුයේ නැත. මේ සිදුවූයේ තමාට හෝ තමන්ගේ හිතවතෙකුට හෝ නොවන බැවින්, මිනිසුන් තමන්ගේ න්‍යාය පත්‍රයේම හිරවී දවස ගෙවයි. එමෙන් ම තමන්ට හෝ හිතවතෙකුට හෝ අසාධාරණයක් වනතෙක් මෙම සමාජ ධර්මතාවය තමාටද පොදු වූ එකක් බව නොසිතයි.

    ReplyDelete
    Replies
    1. ඒ ළමයගෙනුත් සමාව ගන්න කියල අපි යන්නෙ අරුම පුදුම ආශ්චර්යකට තමයි

      Delete
    2. මේක ලේසියෙන් අරින එකක් නෑ. අපරාදේ කියන්නේ ඇමතියටත් මල පැනලා, හොඳම එකෙන්ම..

      Delete
  12. දෙශපාලනයට කොහොමත් බල්ලො එපෑයෑ....! ගොන්නුන්ට වෑඩ කරන්න බල්ලො නෑතුව කොහොමද ? බල්ලො නත්තම් අද ගොන්නුත් නෑහෑ .උන්ව පත්කරපු බුරුවොත් නෑහෑ

    ReplyDelete
    Replies
    1. බල්ලො දේශපාලනයට ගෙනාපු උන්ටයි ගහන්න ඕන. ඕක පටන් ගත්තේ 56 බන්ඩාරනායක කියන හරකා...

      Delete
  13. රට බල්ලට.... බල්ලා හඳට

    ReplyDelete
  14. බල්ලන් රංචු ගැසුන විට එසේය..

    ReplyDelete
    Replies
    1. මූට අද එක බල්ලෙක්වත් නෑ සප් එකට. මූ ඒ තරම් බල්ලෙක්...

      Delete
  15. හාවඩ් විශ්වවිද්‍යාලය විසින් රටවල් 15ක් අතරින් 2013 හොදම සව්ක්කිය නායකයා ලෙස Myth3 සම්මාන ලබලලු.
    මම හිතන්නෙ එතුමගේ කාලේ වැඩි පුරම ඩෙංගු මරණ උන නිසා වෙන්ඩෑ.

    ReplyDelete
    Replies
    1. හාව්ඩ් විස්ස විජ්ජාලෙත් පිස්සො ඉන්නවා කියලා අදයි දැන ගත්තේ...

      Delete
  16. බල්ලන් විසින් බල්ලන්ම නැති වන තෙක් ඉන්න සිදු වේවි....ඉතා ඉක්මනින් එකිනෙකට විරුද්ද බල්ලන් ඇති වේවා ....

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒ කාළේ වැඩි ඈතක නෑ... අපරාදේ කියන්නේ අනික් බල්ලොත් කිසිම සප් එකක් දුන්නේ නෑ...

      Delete
  17. පව් අප්පා අර අහිංසක මහින්ද මහත්තයා, මේ වාගේ බල්ලෝ නිසා ඒ මනුස්සයගෙනේ සායම යන්නේ, ඇත්තමයි මහින්ද මහත්තයා දන්නවනම් මේවා ගැන මුන්ව එල්ලලා ගහන්නේ............
    ( පිස්සුනේ)

    ReplyDelete
    Replies
    1. ලොක්කා ටීචර්ට කෝල් එකක් දීලා, කිසි දේකට බය වෙන්න එපා කියලා. ඒ ඇති ඡන්දේ දිනන්න...

      Delete
    2. මහරජා මේ මොනවත් දැනං ඉඳලා නෑ. ඌ බබා. උන්දැට රටේ වෙන දේවල් කියල දෙන්නෙ වික්ටර් අයිවන් වගේ උදවිය නේ.

      Delete
  18. කිසිම බලයක් නැති සමහරු පලාත් පාලන ආයතනයක සභිකයෙක් වෙන්න දක්වන්නෙ පුදුම උනන්දුවක්. කොහොම හරි දනිපනි ගාලා සභාවට තේරුණාම ඒකට අං එනවා.අමුතුම සිවිල් බලයක් ගොඩනගාගන්නවා. ඊට පස්සේ චන්ඩි පාට් දානවා.අවාසනාවට තමන්ට එහෙම කරදරයක් වුණාම තමයි ඇහැ ඇරෙන්නේ. එතකල් නිදි. බිම්මට්ටමේ ඉදල දේශපාලවේ ඉහලට යනකල් ඔව කලාව තමයි.
    ඒ නිසා හොඳට හැදිවැඩුණු බල්ලන් වගේම දඩාවතේ යන බල්ලොත් රට පුරා රජකරනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.... පැටිකිරිය හොඳ බල්ලොත් ඉන්නවා... ඒත් ඉස්සර උන් දඩයම් බල්ලෝ යොදාගත්තේ, දඩයමට විතරයි.. දැන් ඉන්න උන් රෙද්ද අස්සේ දාගන්නවනේ.. ඒකනේ කරුමේ....

      Delete
  19. එහෙම ගේම් දීපූ පොලිස් බල්ලෝ සැට් එකක්, ඇතුලට දාපු එකට නම්, මහ රජතුමාට අපගේ ප්‍රණාමය පුද කළ යුතුය.???????

    ReplyDelete
  20. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා එජනිසයේ මහලේකම් මහින්ද අමරවීර නියම අමන කතාවක් කියා තිබේ. එනම් සමාජ මාධ්‍ය වලින් දේශපාලනඥයන් විවේචනය කරන නිසා අනාගතයේ දී ඇම්ඩන්ලා පිරිසක් දේශපාලනයට එන බවයි. එබැවින් දේශපාලනයට දැන් ඇවිත් ඉන්නා බල්ලන්ට බල්ලෝ කියා සැබෑ බල්ලන්ට අපහාස නොකර උන්ට දැන්ම හිටං ඇම්ඩන්ලා කිව්වොත් මොකද? හැබැයි අමරවීරයා කියා ගන්නේ දැන් දේශපාලනේ ඉන්නේ මහත්තුරු කියලයි. අපිනේ දන්නේ ඇම්ඩන්ලාගේ හැටි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න