.

.

Aug 12, 2013

කැකිල්ලේ තීන්දූ හා මෝඩ ජනතාව - Are we Fools...?



ග්‍රෑන්ඩ්පාස්වල පොඩි වලියක් ගියේය. එදා මම උන්නේ කැලේය. හැමදාම කැලේ උන්නා නම් හොඳයි කියන උනුත් ඉන්නවාය. වැඩියෙන්ම ඉන්නේ එහෙම උන්ය. අද කතා කරන්න යන්නේ ඒ ගැනය. කෙසේ හෝ නිමල් සිරිපාලට අනුව ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය බටහිර කුමන්ත්‍රනයක්ය. එය සනාථ කිරීමටදෝ ඇමරිකන් ඇම්බැසිඩර් නෝනාත් මක්ඛදෝ දෙඩෙව්වාය. එයාලා තමිබියන්ගේ මානව අයිතිවාසිකම් රකින ආකාරය අපි එයාලාගෙම චැනල් වලින් නරඹනවාය. ඒ නිසා අවුලක් ඇත්තේම නැතිය.

මේ ප්‍රශ්නයේ මුල, ෆයිසර් මුස්තාපාය, එයා කොළඹ එකෙක් නෙමේය. කොළඹ තම්බි සලකන්නේ ෆවුසිලාටය. ලොක්කාට ෆවුසිලා දිරවන්නේ නැතිය. ඒ ෆවුසිලා සැටලයිට් නෝනාගේ හාදයෝ නිසාය. ඒ නිසා ලොක්කා ලොක්කාගේ සැට් එකක් හදාගෙන යනවාය. සැටලයිට් ගේ ගෝලයන්ට අල්ලා හා බුදුන්ගේ පිහිටමය. ඉතින් මේ අලුතෙන් ආපු එකාත් මක්කා හරි කොරන්න ඕනාය. ඒ නිසා අලුතෙන් පල්ලි හදනවාය.

එතකොට හංදියක් හංදියක් ගානේ, බුදුපිළිම වඩා හිඳුවන අයගේ සර්වාංගයම බුදු රැස් වලින් නැහැවී යනවාය. ඊට පස්සේ සැදැහැවත් බෞද්ධ ගිහි පරපුර, පල්ලියට ගල් මුල් පොලු මුගුරු වඩම්මනවාය. ඒ තරම් ශ්‍රද්ධා භක්තියක්ය. බුදු හාමුදුරුවෝ දෙසා තියෙන්නේ අම්මා මරා හෝ සාසනේ රැක ගනින් යකෝ කියාය. ඒ නිසා ඕන එකෙකුට පොරි හැලෙන්නම දෙනවාය. ආණ්ඩුවත්, බුද්ධගම රකින්න ව්‍යවස්ථාවෙන්ම බැඳි සිටිනා නිසා, පොලීසියේ ආරක්ෂාවත් අර පින්වත් දායකයින්ට ලබා දෙනවාය.

අන්තීමට බුද්ධිමත් දේශපාලඥයෝ කැකිල්ලේ තීන්දුවකට එනවාය. අවුරුදු සිය ගණනක් තිස්සේ තිබු ඇසටු ගස කපා ඉවත් කරනවාය. අළුත් පල්ලියේ යාඥා වානාය. ඒ උණාට අලුතෙන් අසපු හැදුවාට අවුලක් නැතිය. එකම එක තම්බියෙක් නියම කියුමක් කියා තිබුණේය. එනම් උන් යාඥා කරන තැනත්, බෞද්ධයන්ට අයත් නම් අවුලක් නැත කියාය.ෆයිසර් මුස්තාපාගේ ජීවීතේ දුකම දිනය එයයි කියා කියන්නේ, පල්ලියට ගහපු නිසා නෙමේය. කොළඹ තම්බි ටික එක්කාසු වෙලා පිටින් ආපු තම්බියාට කෙලපු නිසාය.


රතුපස්වලටත්, කැකිල්ලේ තීන්දුවක්ම දී තිබේ. ඒ පස් අප්සට් නම් ෆැක්ටරිය වසා දමනවා කියාය. ඔය පස් හා වතුර "අප්සට්" කියා වාර්තා ආවොත් නම්, අඟහරුගේ පස් චැක් කොරන්නත් "නාසා" එක අපේ උන් තෝරාගන්නවාමය. පස් වලට වඩා, රුපියා වටිනවාය. කෙසේ හෝ, මින් මත්තටවත් මේ වගේ ෆැක්ටරි නිදහස් වෙළඳ කලාපවල පමණක් ඉඳිකරන්න කියා, පැසසිය යුතු මට්ටමේ යෝජනාවක් ඇවිත් තියෙනවාය.

කරුමේ කියන්නේ අපේ එකෙක් පටන් ගත්තෝතින් මිස බටහිර කුමන්ත්‍රණකාරයෝ එන්නේ නැති එකය. අපේ එකෙක් කියන්නේ ඉතින් ලොක්කාගේම එකෙක් විය යුතුය. නැත්නම් ඉතින් කප්පම් ගෙව්වායින් පසු ඉතිරි වන්නේ ආයෝජකයාගේ ඇට දෙක විතරක් නිසාය.

ඒ කතන්දරේ එතනින් හමාරය. කෙනෙක් කියලා තිබුණේ අපි දේශපාලනය කතා කරනවා කියාය. දේශපාලනය කතා කරන අයත් ඉන්නවාය. නමුත් අපිට එහෙම ඇජෙණ්ඩා එකක් ඇත්තේ නැතිය. අපි කතා කරන්නේ සමාජ සාධාරණත්වය වෙනුවෙන්ය. ඒ නිසා අපට පක්ෂ පාට භේදයක් නැතිය. කොයි එකාගේත් වැරැද්ද "හැකි පමණින්" ලියා දමනවාය.

අපත් සමහර විට, "මේ මෝඩ ජනතාව..." කියා ඇදලා අරිනවාය. ඒක නිකන් අපි දෙවියෝ බුදුන් අදහන්නේ නැති උණත්, "බුදු සරණයි" කියනවා වාගේය. එහෙම කීමේ අවුලකුත් මම දකින්නේ නැතිය. මොකෝ බුදු සරණයි ලොරියේ හරක් මසුත් අදින නිසාය.

ඇත්තටම ජනතාව නොදැනුවත්ද?, එසේ නොමැතිනම් දැනුවත් විමේ ආශාවක් නැතිද? කියා ගැටලුවක් මට තිබෙනවාය. හොඳම දේ, පුරවැසි මාධ්‍යයක් කියා දෙයක් මේ ලෝකේ තිබෙනවා කියා දන්නේ අපේ රටේ ඉතා සුළු පිරිසක් වීමය. මේ පුරවැසි මාධ්‍යකරනය කියන්නේ වෙන කිසිවක් නොවේය, ඉස්සර අපේ ගමේ තිබූ, "කට කතා" හා "කැලෑ පත්තර" කලාවමය.

ඒවා බොරු නොවේ, නමුත් සත්‍ය සිද්ධියක් වටා ගෙතුන, ආරළු බූරළු, ඇඹුල් තියාල්, ආටෝප සාටෝපයන්ගෙන් පිරි, සමහර විට සාහිත්‍ය රසයෙන්ද පිරි නිර්මාණයන්ය. මේවා ගද්‍යයෙන් මෙන්ම ඉතාම රසවත් පද්‍යයෙන්ද සමහර විට කියවන්ට ලැබෙනවාය.

දවසක් මම දෙණියායේ ඉඳන් බස් එකේ එනකොට, හුරුබුහුටි කෙළි පැටියෙක්. අයි පෝන් එකෙන් ඇම් පී ෆෝ එන්ජෝයි කරමින් ආවෙය. ටික දුරක් ආ පසු ලැපා එළියට ගත්තේය. පස්සෙ දැනගත් ආකාරයට ටැබ් එකක්ද ඇය සතුය. නමුත් බුකිය පෙරලගෙන බලන්නට පටන් ගත් පසු මමත් ටිකක් හොට දමා බැලුවේය. එයා මම බලනවාට අකමැත්තක් පෙන්නුවේත් නැතිය.

මේ අයිපොඩ්, ටැබ්, ලැප්, පාවිච්චි කරන්නේ, දැනුවත් වීමට නොවේය සෝබනේටය. ඇය රතුපස්වල සිද්ධියක් වූ බව දැන සිටියාය. නමුත්, ඒ රූප පෙට්ටියෙ කියපු ඒවා හා බුකියේ තිබූ දෑ පමණය. නමුත් දෙහිවලින් බසයෙන් බසින් විට, ඇය ප්‍රොක්ෂි වලින් නිව්ස් කියවීම හා බ්ලොග් පිළිබඳවත් දැනුවත් වෙලා සිටියේය.

නමුත්, ඇය දිගටම වෙබ් නිව්ස් කියවාවිදැයි කියා මට ගැරන්ටි නම් දෙන්නට බැරිය. මොකෝ ඒ ඔක්කෝම එයාට තාත්තා අරගෙන දුන් දේ නිසාය. එහෙත් ඊ මේල් මගින් හෝ සමාජ වෙබ් අඩවි මගින් හෝ අප කළ යුත්තේ, ජනතාව තව තවත් මේ නිව්ස් වෙබ් අඩවි වෙත යොමු කිරීමයි. එහිදි පැපරාසි අඩවි වුවද ප්‍රශ්නයක් නැත. මන්ද ඒවා කියවීමෙන්ම, කියවීමේ රුචිය ඇතිවි. පසුව දැනුවත්වීමද, ඉට්ටයිල් එකක් බවට පත්වන නිසාය.


"අපෝ.... ඕක ඔයා දැන්ද දන්නේ.... අපි නම් ජාලේ තීලා කියෙව්වනේ... මෙන්න ඇඩ්‍රස් එක... ඕන නම් ගිහින් බලගන්නකෝ...." කියන එකත් ඉට්ටයිල් එකක් බවට පත් කල හැකිය. අද බොහෝ දෙනෙක් ළඟ මේ තාක්ෂණ උපකරණ ඇති නිසා, මේ පණිවිඩය ජනතාව වෙත ලබාදීමේ වගකීම ඇත්තේ ඔබ අතේය. එවිට ලංකාව කියන්නේ ලෝකය නොව, විශවයේ වැලි ඇටයක් තරමේ මෙලෝ රහක් නැති තැනක් කියා මෙන්ම, තමන්ද නිකංම නිකං ජීවීයෙක් කියනා දේ බණ කියනවාටත් වඩා පහසුවෙන් තේරුම් ගනු ඇත. හින්ගල පමණක් නොව ඉන්ගිරිසි වෙබ් අඩවියන්ද, නොරට පුවත් අඩවියන්ද පරිශීලනය කිරීම වැදගත්වේ. එවිට බ්ලොග් කලාවටත් යහපත් කලක් උදාවනු ඇත.

152 comments:

  1. උඩ අදහස කෙසේ වෙතත් යට අදහස නං හොදයි තමා. අර කෙල්ල යහතිං බැස්සද දෙහිවලින්..

    ReplyDelete
    Replies
    1. දෙහිවලින් බස් රියෙන් බැස මුහුදු වෙරල එක පැත්තට තානායම් බහුල පාළු මාවතක් දිගේ තරුණියක් හා එකට ඇවිදන් ගිය මැදිවියේ පිරිමියා අත් අඩංගුවට ගැනීමට පෙර පලායයි.... හමුවී ඇත්තේ බසයේ දී.....

      කියලා පත්තරේ තිබුනෙ මේ සීන් එකද එතකොට?

      Delete
    2. ඇයි තෝ හිතුවද... මමත් තෝ වගේ වලත්තයෙක් කියලා... :) :) 8D

      Delete
    3. කෙල්ලට ප්‍රොක්ෂි විත‍රදමද කියල දුන්නෙ ගුරුතුමනි ? :P

      Delete
    4. උඹ හිතුවයි අපි ළමා අපචාර කාරයෝ කියලා. ඒවා කලේ ඒ කාළේ...

      Delete
    5. hek hek mmmmmmmmmm
      a kale. ai den pana neddha. saruwa suni number 2 - mathalan
      mathalan kiyanne හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්, Stri Dushakayek.

      Delete
  2. ඇසතු ගස කැපීමට මගේ විරෝධය. කාගෙවත් මගුලකට ගහක් පලි නෑ.
    හෙමින් හෙමින් උනත් පුරවැසි මාධ්‍ය උඩට එනව.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කරන්න තිබුනේ ඒක නෙමෙයි ගහ බේරලා.. අළුත් පල්ලියේ යාක්ඤා කරන්න ඉඩ දෙන එකයි....

      Delete
    3. මාත් කියන්නෙ ඒකයි. පල්ලියක් උන පමණින් ම බෝ(ඇත්තටම ඇසතු) ගහක් කපන්න ඕන නෑ. එතන තියෙන්නෙ බෞද්ධ අයිකන් එකකට තියන විරෝධය. ඔතන බෝගහක් වෙනුවට මාර ගහක් තිබුනනම් ඒක කපනවද නැද්ද කියන එකත් එක්ක සසඳල බැලුවම හරි.

      Delete
    4. බෝ ගහ නෙමෙයි කිසිම ගහක් කපන එක සහ ගහන අපරාදයක්. ඉස්සර මිනිස්සු මේ වගේ විශාල ගස් වලට අතක් තියන්නත් බයයි. ඔය පුංචි බොරැල්ල බෝධියේ හාමුදුරුවෝ මාත් එක්ක කියනවා. මංගල සමරවීරට හරි යන්නෙ නැත්තේ එතන බෝධිය කපාපු නිසා කියලා. ඒවා නම් මම පිලිගන්නෙ නෑ. ඒත් විශාල ගහක් කියන්නේ කොතරම් වටිනා සම්පතක්ද? කාක්කෝ ටිකත් නැත්නම් තවත් කොච්චර කුණු ප්‍රමාණයක් පරිසරයට එකතු වෙනවද..?

      Delete
    5. //බෝ ගහ නෙමෙයි කිසිම ගහක් කපන එක සහ ගහන අපරාදයක්.//

      හ්ම් ... මෙහේ හිටපු වන සම්පත් ඇමති කෙනෙක් මාතර කොටුව ඇතුලෙ තිබුනු අවුරුදු සිය ගානක් පරණ ගස් ටිකක් කපල දැම්මා. දැන් ඉන්නව අන්න උඩ බලන් එකතැන්වෙලා.

      Delete
    6. //ඔතන බෝගහක් වෙනුවට මාර ගහක් තිබුනනම් ඒක කපනවද නැද්ද කියන එකත් එක්ක සසඳල බැලුවම හරි.//

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සුනිල් ආරියරත්නලා මරාගෙන කන එකත් පව්. දැන් උන් සිල් ගන්න කාලේ නේ.. කරුමේ කියන්නේ උන්ගේ තැන ගන්න එකෙක් නැති එකයි...

      Delete
  4. හොද වැඩක් මාතලන් කරල තියෙන්නෙ ..GOOD

    ReplyDelete
    Replies
    1. අටමත් මේ වැඩේ එකසිය ගානට කරන එකෙක් නේ...

      Delete
  5. දැනුවත් කිරීම් ගැන යෝජනාව නම් එකහෙලාම ඉතාමත්ම කාලෝචිත බව මගෙත් අදහස..අළුත් පරම්පරාවට කතා කරන්න..අමතන්න වගේම ඒ අයගේ අවධානය ගන්න තියෙන මාධ්‍යය හඳුනා ගෙන ඒ තුලින් ගෙන යා යුතු පණිවිඩය ගෙන යා යුතුයි..ඔවුන් ඉගෙන ගනීවී දියෙන් කිරි ( විස නැති එව්වා ) තෝරා ගන්න..

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් උත්සාහ කරමු...

      Delete
  6. //..රතුපස්වලටත්, කැකිල්ලේ තීන්දුවක්ම දී තිබේ. ඒ පස් අප්සට් නම් ෆැක්ටරිය වසා දමනවා කියාය. ඔය පස් හා වතුර "අප්සට්" කියා වාර්තා ආවොත් නම්, අඟහරුගේ පස් චැක් කොරන්නත් "නාසා" එක අපේ උන් තෝරාගන්නවාමය. පස් වලට වඩා, රුපියා වටිනවාය...//
    පට්ටයි මචං...

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු.... ගිලලා ගෙඩිය පිටින්....

      Delete
    2. ඔව් ඇනෝ මම ගිල්ලා.... මෙතනට අදාල නෑ නේ.. ඒක සදාචාර නෑ...

      Delete
    3. ඇනෝවරුන් ගේ කොමන්ට් කපා හැරීම ගැන මගේ බලවත් විරෝදය.
      වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත එම කොමන්ට් පල කරන මෙන් ඉල්ලා සිටිමි.
      ඒවා පල නොකළහොත් මා සහ ඇනොල ඔබ පැත්ත පලාතෙ නොඑන බව කරුනාවෙන් සලකන්න.

      Delete
    4. මචෝ මෙතන උන් දේ උඹට තේරුනේ නෑ. මම උඹට මේල් එකක් දැම්මා.. මෙතන කොමෙන්ට් එකක් දාපු එකාට මඩ ගහන්න ඉඩ දෙන්න බෑ...

      Delete
    5. කෙන්ජිට අපි එක පයින්.... වහාම කොමෙන්ටු වාරණය ඉවත් කරනු.... නැතිනම් කක්කා බුවා මෙන් ඔබවත් කොමෙන්ට් වානරයෙක් සේ සලකා කටයුතු කිරීමට සිදුවේ.....

      Delete
    6. අපිත් ආසයි කෙන්ජිට ඊ මේල් යවන්න..... මාතලන් පුලුවන් නම් ඇඩ්‍රස් එක අපිටත් දෙන්න......

      Delete
    7. විශේෂ නිවේදනයයි.
      මේ කෙන්ජියගේ අවසන් වචන ටිකයි.
      මින් මතු ඔබ මා මුන නොගැසෙනු ඇත සොයුරු/සොයුරිනියේ.
      දුක් නොවන්න,
      මින් පසුව වත් වචන ලියද්දි කවුරුත් පුද්ගලයා ගැන සිතා අකුරු කොටන්න.

      Delete
    8. හරියට හරි කෙන්ජි.... පුකේ සයිස් එක හා මූනෙ සිරියාව බලලා කොමෙන්ට් දාන්න පටන් ගත්ත එකෙන් තමයි මේ බ්ලොග් ලෝකෙට හෙණ ගැහුවෙ....

      Delete
    9. කෙන්ජී දෙපාරක් සිතන්න. මට උඹව වටිනවා. ඒ වගෙම අනික් උනුත් වටිනවා. මෙතන උඹ ඇනෝලා එක්ක පැටලුනාට උනේ වෙන වැඩක්. මම ඒ දේවල් වලට කැමති නෑ. උදිත මඩක් ගිය වෙලාවේ ඉවත් නොකලේ.. ඌ ඒවා ගනන් ගන්නෙ නැති නිසා..

      සංවේදිත් එක්ක ප්‍රශ්ණයක් තියෙනවනම් ඒක එයාගේ අඩවියේ විසඳ ගන්න.

      Delete
    10. එක එකාගෙ ප්‍රශ්න නෙවෙයිනෙ බන් කතා කරේ.... උගේ ඇටිටියුඩ් ගැනනෙ.... ඌ මෙතන කොමෙන්ට් කරනවා නම් ඒවා මෙතනටත් අදාලයිනෙ...
      මොන පකක්ද අපේ කොමෙන්ට් මකන්නෙ.... මේ මගෙත් අන්තිම කොමෙන්ට් එක....උඹ ඌ එක්ක හැමිනියන්....

      Delete
    11. රට ළෝකේ හදන්න ඉස්සර අපි හැදිලා ඉන්න එපයි ඇනෝ...

      Delete
    12. මේ අර වෙලාවකට මතුවෙන කෙන්ජිගෙ අවතාරෙ.

      Delete
    13. පට්ටයි මචං... meka ube blog ekata daana anthima comment eka... ubei sanwedi kiyana ekagei wenasak ne ban... dekama liyanne ekada koheda...

      Delete
    14. @රාජ්;
      අවතාර මගුල් කතා නොකර පැත්තකට වෙනවද?
      මට මල පැනල ඉන්නෙ ඇනොලගෙයි,මගෙයි කොමන්ට් ගිල්ල එකට.
      අවතාරෙ වෙන්නේ මම එක ලග දෙකක් දා ගත්තම.
      අද උදේ ඉදන්ම දරුවො දෙන්න එක්ක කෑම විතරයි අමුවෙන්ම ගමනෙ.
      කොහොමත් තව පැය 3කින් ගෙදර එතකොට බලමු.
      උණු වතුරෙබැහැල දෙක තුනක් එක ලග නමල එන්නම්කො.
      තීරණයක් ගන්න පැය 3ක් තියෙනව හරිය.

      Delete
    15. වැඩේ කියන්නෙ මේ ගෙරියට මාවයි කෙන්ජියටයි වඩා එක එක වහු පොන්නයින් ලොකු වෙච්ච එකනෙ......
      අ.ඇ

      Delete
    16. කළබල වෙන්න එපා ඇනෝ.. කෙන්ජියා තව ටිකකින් එනවා.... නාලා කූල් උනාම...

      Delete
    17. හප්පා..රස්නෙ උනත් උණු වතුරෙ විනාඩි 20ක් විතර බැහැගෙන හිටියම තියෙන සනීපෙ.
      හරි දැන් දෙකක් දාල උණු වතුර නාල,තව එකක් හලාගෙන වියලි කරන් ඉන්නෙ ශරීරෙ.
      ඇනෝල මමත් එක්ක එකතු වෙලා කට්ටියටම හොද වචන කොමන්ට් කරමුද මචං ල ?

      Delete
    18. කෙන්ජියා තව ටිකකින් එනවා. Ahenama Tho kata vahagena pala.

      *visanvedi ano

      Delete
    19. මාතලන් අපිත් එක්ක සෙල්ලම් කරන්න හිතන්න එපා. මේක සෙල්ලමක් නොවේ. කෙන්ජි සහ අපි අතර තියෙන සැබැඳියාව කඩන්න ට්‍රයි කලෝත් බල්ලෝ දම්මලා ගස්සන්නේ. තේරුනානේ බල්ලෝ දම්මලා ගස්සන්නේ.
      ගහපන් රාජ් මාතලන්ට.

      Delete
    20. මාතලන් වෙත කරන අවසන් නිවේදනය. බොග බලන උන් අළුතින් ගෙන්නගන්න කළින් ආපු එවුන් රැක ගනින්.
      කෙන්ජ ආවේ නැතිනම් මාගේ ගමනත් නැහැ.
      අපි කෙන්ජිට- කෙන්ජි අපිට.

      Delete
    21. අෙඩ් ෙකන්ජි අයිෙය් උඹ නැත්තං බ්ෙලාග් පාළුයි නෑවිදිං නං ඉන්න ඒපා.

      Delete
    22. ඔය ඉන්නේ ඇවිත් මල් පහට.. ඌ නැතුව කොහෙමෙයි.. මගේ හොඳම රසිකයෝ දෙන්නගෙන් කෙනෙක් වෙච්චි කොට...

      Delete
    23. කෙන්ජි අපිට අපි කෙන්ජිට.............කෙන්ජි බුවා අපේ ත්‍රිවිධ රත්නෙ වටිනාම රත්නයක්නෙ.... එහෙම යනවද අපිව දාල.

      Delete
    24. මගේ ආදර ඇනෝවරුනි,අපි අපේ කොමන්ට් ආපහු දාමු මචංලා.
      මාතලන් කියන්නෙත් හොද බොක්කක්නේ බන්ලා.
      අපි නොදකින පැත්තක් ඔහු දැකල වෙන්න ඇති කොමන්ට් මකන්න ඇත්තෙ.
      එක සැරයක් වයසක දැරිවියකට මම දාපු කොමන්ට් ගෙඩි පිටින් මකල දාල තිබුන එත් මම මොකුත් කිව්වේ නැහැ.
      නමුත් මෙතනදී මල පැන්නෙ ඇනෝලගේ කොමන්ට් අයින් කල නිසයි.
      දැන් අපි මේව අමතක කොරල එකාවන් පෙලගැසෙමු.

      Delete
    25. හලෝ හනි-බනි. කෙන්ජිට ඉස්සරහින්ද පස්සෙන්ද අපි පෝළිම් වෙලා ඉන්න ඕන.

      Delete
  7. විද්යාඥ්යො සාක්ශි ඇතුව දිවුරා කියා සිටිනවා, රතුපස්වල ආම්ලිකතාවට හේතුව ලංකාවට විදේශ විනිමය ගේන මේ වටිනා කර්මන්තය කරන ෆැක්ටරිය නොවේ කියල, එහෙම තිබෙද්දී ෆැක්ටරිය අයින් කිරීමත් ප්‍රශ්නයක්.

    මේ විද්යාඥයො බටහිරයොද නිසාද?

    ගමේ සේවකයින් අස් කරමින් ෆැක්ටරිය ගමේ තබා ගැනීමට නොහැකි බව පෙනෙන නිසාද?

    රනිල් උන්නැහැ කියන්නැහෙ රාජසිංහ රජ්ජුරුවො සමග පෘතුගීසීන්ට විරුද්ධව යුද කල වීරෝධාර ජනතාවට (රුසියන් තුවක්කු වලින්) වෙඩි තබා මරන ලද නිසා එයට වන්දි ගෙවීමටද?

    ReplyDelete
    Replies
    1. ඇයි අර එකෙක් ලියලා තිබුනේ පී ඇච් අගය බොන වතුරට බලපාන්නේ නෑ කියලා. මට හරි ආසයි ඕකේ ඩිරෙක්ටර්ලයි. අවුලක් නෑ කියන සයන්ටිස්ලයි. පොලිටික්කොයි, ජඩමාදියවේදියෝ ටික ගෙන්නලා.. පිට කරන වතුර වීදුරුව ගානේ පොවලා ලයිව් පෙන්නන්න.

      Delete
  8. ජනතාව දැනුවත් කරන්නේ රජය වගේ අපිත් ජනතාවට බොරු කියලද?

    ReplyDelete
    Replies
    1. කළබල වෙන්න එපා හෙමීට ආයෙත් කියවන්න.. කැලෑ පත්තටවල, කටකතාවලත් තියෙන්නේ බොර්වක් නෙමෙයි. හැබයි ඇත්ත අපි පෙරලා ගන්න ඕන. දන්නවනේ තටු ලැබුන කතාව..

      Delete
    2. අයියා බොරු කියනවා කියල නෙවෙයි කිව්වේ.අයියා සහ තව මධ්‍යස්ත කීප දෙනෙක් ඇරෙන්න අනිත් හැමෝම කරන්නේ තමන්ගේ මතවාද රජ කරවන්න පාටකයා රවටන එක.

      Delete
    3. ඒකනේ සත්තරනේ මම පෝස්ට් එකෙත් කියෙව්වේ. කියවන්න කියවන්න දැණුවත් වෙන කොට තමන්ටම තේරෙනවා. මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියලා. ඇත්තටම හැම එකාම එහෙම වෙන එක තමයි වටින්නේ..

      Delete
  9. ඇයි මනුස්සයෝ ඔහොම තරහා වෙලා ඉන්නේ. මම උඹට නෙමෙයි ඒ පොස්ට් එක දැම්මේ. මමත් කොච්චර අකමැතියි කිව්වත් ඒ අකමැති දේශපාලනය ගැන කතා කරන්න කැමතියි. වැරදි වැටහිමක ඉන්න එපා. උඹට බනින්න තරම් උඹ මට කිසිම වරදක් කරලා නැහැ නේ..
    වැරදියට දකින්න එපා. මම ළඟ තියෙන්නේ තේරුම් ගන්න බැරි අදහස්. ඒ ගැන මමත් දුක් වෙනවා. මගෙන් වරදක් උනානම් සමාවෙයන්. මම දන්නා තරමින් එහෙම කලේ නැහැ. උඹ මට කරලත් නැහැ. හැබැයි උඹ හේතුවක් නැතුව තරහා වෙලා....


    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා... කවුද අනේ තරහා.. උඹලා තාම පොඩි උන්නේ... එහෙම කිසිම අවුලක් නෑ...

      Delete
    2. විකාර.. කවුද දන්නේ නැහැ පොඩි.

      Delete
    3. අද බෙනා බීලද?

      Delete
  10. //"නමුත් දෙහිවලින් බසයෙන් බසින් විට, ඇය ප්‍රොක්ෂි වලින් නිව්ස් කියවීම හා බ්ලොග් පිළිබඳවත් දැනුවත් වෙලා සිටියේය"// එච්චරද....? (විහිලුවට හොඳේ).

    දැන් පස් චෙක් කොරන්න යන්නේ මේ ෆැක්ටරි හදනකොට ඔය ශක්‍යතා කියන ...ත්ත බැලුවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවේ චැක් කොරලා තියෙනවා. මෑතක ඉඳන් තමයි වතුර පිරිසිඳු කරන වැඩේ නවත්තලා තියෙන්නේ ප්‍රොෆිට් වැඩි කරන්න. ඒ නිසා 2012 දී මේකට දෙන ලයිසන් එක දීලත් නෑ. හයිකාරකමෙන් තමයි ගේම ගෙනිහින් තියෙන්නේ. මුන්ගෙයි, අර ෆොන්ටෙරා එකේ අපේ උන්ගෙයි අතරේ කිසිම වෙනසක් නෑ.. උන්ගේ පඩිය ගැන විතරයි බලන්නේ. රටටම කෙල උනත් උන්ට ගානක් නෑ..

      Delete
    2. අක්කගෙ ෂෙයාස් නැද්ද මේකෙ?

      Delete
    3. EIA කරලා 2013 ඔක්තෝබර් වෙනකම් බලපත්‍රය තියෙනවා කියලා අද Half page දැනිවීම දැලා තිබුනා පත්තරේ.

      Delete
    4. ඒ කියන්නේ වාර්ථාව ගැන නෝ කතා....

      Delete
  11. ජනතාව දැනුවත් කිරීම නම් අත්‍යවශ්‍ය වැඩක් තමයි... ඉස්සර වගේ කැලෑපත්තර, කවිකොළ ගෙයින් ගෙට, ගමින් ගමට යන වැඩපිළිවෙලක් තියේ නම් හොදයි....

    අයිටීඑන් ම බලන බහුතරය නිසා ලංකා සමාජයේ කිසි වෙනසක් නම් සිද්ධවෙයි කියල හිතන්න අමාරුයි...

    ReplyDelete
    Replies
    1. ඒකෙන් මුදවන්න තමයි දැණුවත් කිරීම කළ යුත්තේ...

      Delete
  12. //අපේ එකෙක් කියන්නේ ඉතින් ලොක්කාගේම එකෙක් විය යුතුය. නැත්නම් ඉතින් කප්පම් ගෙව්වායින් පසු ඉතිරි වන්නේ ආයෝජකයාගේ ඇට දෙක විතරක් නිසාය.//
    නියම කතාව බං,මේක තමයි තිත්ත ඇත්ත.තවම කැලේ ද පදිංචිය කවදද එලියට එන්නෙ.

    ReplyDelete
    Replies
    1. බටහිර කුමන්ත්‍රණ කරුවන් සමග තාමත් කැලයේය...

      Delete
    2. තාමත් කැළේ හැලපයෝ.. තාම දිවියෝ සෙට් වෙන එක හරියට කැමරා කර ගන්න බැරිවෙලා.. බැරිම උනොත් දිවිච්චියෙක් එක්ක මම හරි සෙට් වෙනවා. මටත් අවුලක් නෑ දිව්වත් නොදිව්වත් ගාන හම්බ වෙනවා. අද හෙට පොඩ්ඩක් රිලැක්ස්. ඔය ළඟ ළඟ තැන්වල යන්න තියෙන්නේ..

      Delete
    3. මාතලන් ලෝක වාර්තාවක් තියන්නෙයි සූදානම

      Delete
  13. මාතලන් මේ ජහමනයා එක්ක මෙයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. බලමුකො ඡන්ද ප්‍රතිඵල. මම දන්නවා ටක්කෙටම රජා උඩින් එනවා. රතුපස්වල, කිරිපිටි තියා මේලෝකේ වෙන මළදානයක් දන්නෙ නැති නියම ආතල් ජහමනයෝ සෙට් එකක් අපිට ඉන්නෙ. බ්ලොග් ලෝකෙ ඉදිරියට නග්ගලා ගන්න එක තමයි දැනුවත් වීමේ එකම මග. නමුත් කී දාහද ඔතන ඉන්නෙ??????????

    ReplyDelete
    Replies
    1. නග්ගලා ගන්න එක ඉතින් ඔබතුමාගෙ වැඩක්.... මාතලන් කොහෙද ඒවා දන්නෙ....

      Delete
    2. ආ.. මේ.. ඇනෝනෙ... කොහොම ද වැඩේ හරි ගිහින් වගේ.

      Delete
    3. කෙලින් වෙලා තිබ්බ එකත් බැස්සා කෙන්ජියා ගිය එකෙන්.... මමත් මේ හුත්ත බලන්න ආයෙත් එන්නෙ නෑ... මොන පකක්ද අපේ කොමෙන්ට් මකන්නෙ.... මේ මගෙත් අන්තිම කොමෙන්ට් එක....

      Delete
    4. මෙහෙමයි වෙද මහත්තයා. අපිටත් අහම්බෙන් නේ බ්ලොග් හම්බ උනේ. ඉස්සර මම හිතාගෙන හිටියේ මේවත් වෙබ් අඩවි කියලා. බ්ලොග් කියවන එක ගැන නම් එච්චර දුකක් නෑ. අඩුගානේ නිව්ස් වෙබ් සයිට්වත් බලන්නෙ නෑ නේ. බුකියේ මල් කඩනවා ඇර. පොඩි උන් නම් කමක් නෑ. මහ උනුත් කරන්නේ ඒකනේ..

      Delete
    5. වෙදනාට පුළුවන් ලෙඩ්ඩුන්ට දෙන බිස්නස් කාඩ් එකේ බ්ලොග් එකේ නම ගහන්න.

      පාසල් ළමුන් තමයි බ්ලොග් ලියන්න, කියවන්න හුරුකරවන්න ඕනෑ. ඔවුන් තමයි අනාගතය!

      Delete
    6. ඇයි බන් කතන්දර වෙදනට පුලුවන්නෙ බෙහෙත් කරන ගෑනුන්ගෙ අහවල් තැනට කිට්ටුවෙන් බ්ලොග් එකේ නම කොටන්න...... එතකොට උන් එක්ක හැමි%න මිනිස්සුත් පුරුදු වෙනවා බ්ලොග් කියවන්න....

      Delete
    7. අපි Lanka Sex marketing කියලා බොගග් හදලා දෙමුද ගේමක්. එතනින් ඔයාගේ සින්ඩියට පාර කපමු. අපි කියමු සින්ඩියේ “පහත බ්ලොග් අඩවි වලින් එකක තියෙනවා ලංකාවේ කෙල්ලෝ සපයන සේවාවක් කියලා.“ කියවලා බලලා අදාල බොග තෝරගන්න කියමු. මාතලන් මොකද කියන්නේ.

      Delete
    8. අද ක‍කා පැන පැන හැම තැනම රෙනවා. මොකද කකාට කොමන්ට් අඩුවෙලා ද? මාර්කටින් මාර්කටින්. ඇනෝ වාරණය කළාම ඕක තමා කකා.

      Delete
  14. මිනිස්සුන්ට කියල දෙන්න ඕන හිතන හැටි මිසක් හිතන්න ඕන මොනවාද කියල නෙමෙයි. අද ගජරාමෙට ජාතික විජාතික බහුජාතික මාධ්‍ය ඔක්කොම කරන්නේ අපට හිතන්න ඕන මොනවාද කියල උගන්නන්න දගලන එක. පුරවැසි මාධ්‍ය භාවිතය මීට වඩා මිනිස්සු අතරට ගෙනියන්න ඕන හැබැයි හරි පාරේ. යහපත් හෙටක් වෙනුවෙන් අපේ සමාජ වගකීම අප විසින්ම කරට ගන්න ඕන යුගයක් මේක....

    ReplyDelete
    Replies
    1. හිතන හැටි කියලා දෙන අජ්ජාපන ක්‍රමයක් නෙමෙයි නේ තියෙන්නේ. ගිරා පෝතක සිස්ටම් එකක් නේ. ප්‍රශ්ණ කරන්න බෑ. මම කොච්චර ගුටි කාලා තියෙනවද පොත් වල තියෙන ඒවා ප්‍රශ්න කරලා..

      හිතන එක කෙසේ වෙතත් කියවන පුරුද්දවත් වර්ධනය කර ගන්න පුළුවන්නම්. දැන් තියෙන්නේ බලන, නරඹන කල්චර් එකක් නේ..

      Delete
  15. ෆේස්බුක් එකේ දේවල් දැකලා දැකලා එපා වෙලා දැන් මේ පිං දිදී ඉන්නේ ගූගල් + එකට... අනේ අපේ උන්දැලා ඒකටත් ෆේස්බුක් එකට කරපු හරියම නොකරයි කියලා ප්‍රාර්ථනා කරන්නෙ...

    ගොඩක් අයට ඉන්ටෙනෙට් තිබ්බට බ්ලොග් කියලා ජාතියක් තියෙනවා කියලා දන්නේ නෑ... කිව්වම හිතන්නේ මේවා වෙබ් සයිට් කියලා.. තාමත් ගොඩක් අය බයයි නෙට් එකට... පෞද්ගලිකව මං නං මගේ බ්ලොග් එක ගැන ඇරුනම අනිත් කාලීන මාතෘකා ගැන ලියවෙන බ්ලොග් ගැන අපේ අම්මලා, ගෙවල් ළඟ අය හැමෝටම කියනවා.. හැබැයි මගේ බ්ලොග් එක ගැන නං කියන්නේ නෑ.. මොකද කිව්වොත් ඊළඟට ඕකේ හැත්ත බුරුත්තටම බනින එකත් පරිස්සමෙන් කරන්න වෙනවා.. නැත්තං “ අන්න දෝණියැන්දැ ලෝකටම පේන්න ඔක්කොටම බයිනවා” කියලා අපේ අම්මට බනින්න පටං ගනී... අපේ උන්ගෙ හැටි එහෙමයි...

    Are we Fools...? //
    Why, don't you know that already?

    ReplyDelete
    Replies
    1. ඔහේ මේ කියපු දේම ආන් වෙද මහත්තයගේ කොමෙන්ට් එකට රිප්ලයි එකක් විදියට දැම්මා... මමත් හිතා ගෙන උන්නේ එහෙමයි.. පුළුවන්නම් අර කතා වගේ විසිටින් කාඩ් එකක් හැදුවත් අවුලක් නෑ. මගේ ඒවනම් දෙන්න බයයි. මොකෝ ගහන්න ඉන්න පිරිස වැඩියි. හදිසියෙ හරි කියවලා තිබුන එකෙක් නම්, කන්න වෙනවා නහුතෙට..

      Delete
  16. ඉතාමත් වටින යෝජනාවක් මාතලන්. හැකි විදියට මේ දේවල්වලට අපේ දායකත්වයත් ලැබෙනවා. http://www.dinamina.lk/epaper/art.asp?id=2013/08/13/pg24_2&pt=p&h=
    මේ ලිංකුවත් බලන්න

    ReplyDelete
    Replies
    1. නලීන් අයියගේ ලින්ක් එක දැකලා මේක කියන්න හිතුනේ... මේවා ගැන දන්න කට්ටියක් ඉන්නවා.. එයාලා හිතන් ඉන්නෙ බ්ලොග් සයිට් වල, වෙබ් සයිට් වල තියෙන්නේ කවියි, කතායි, කුණුහරුපයි විතරයි කියලා... මොකද මේල් වලින් එහෙම වැඩිපුර සංසරණය‌ වෙන්නේ කාලීන ලිපි වලට වඩා ඒ වගේ ඒවා විතරයි... මගේ හිරු ඩිසයින් බ්ලොග් එක ගැන කෙනෙක්ට කිව්වම එයා ඇහුවෙ “ හානේ බ්ලොග් වල ඒවත් තියෙනවාද ”.. කියලා.. ඒ පිටරට ඉඳලා ආපු කෙනෙක්.. එයා සිංහල බ්ලොග් කියලා ජාතියක් ගැනවත් දැනගෙන හිටියේ නෑ...

      Delete
    2. මේකේ තුන්වෙනි පරිච්ඡේදය කියවන්න.

      http://www.dinamina.lk/epaper/art.asp?id=2013/08/13/pg24_2&pt=p&h=

      මට ඊයා කියා හිතුණා! තමන්ගේ මිනිහාට අයියා කියනවාද මේ ලෝකේ? "මම අයියත් එක්ක විවේකයක් ලැබෙන වෙලාවට..." වෙන මොනවා කරනවාද මන්දා!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. දිණමින පත්තරේට ලියන අම්බරුවො ඔහොම තමයි... ඔය පත්තෙරේ හොද බල්ලන්ට මස් කටු කන්න දෙන්න විතරයි..... බත් ඔතන්න වත් ගන්න එපා...

      Delete
    5. මා ලියූ වැකියේ නිවරදි නොවන දෙයක් තිබුණු නිසා එය අයින් කර ගතිමි.

      Delete
    6. ඕක මොකක්ද කතා.... සමහර උන් ගෑණිට අම්මා කියන්නේ.... එතකොට කොහොමෙයි සීන් එක...

      Delete
    7. ඉස්සර හිරු ගාවට නලින් රිංගුවේ. දැන් නලින් ගාවට හිරු...... ...

      Delete
    8. තැන්ක්ස් නලියෝ.. උඹලට ලොකු කර්තව්‍යයක් කරන්න පුළුවන්.

      Delete
    9. යකෝ ඇනෝ පවුල් කඩාකප්පල් වෙන කමෙන්ට් දාන්නෙපා බං.

      Delete
    10. මාතලං මල්ලි.. උඹේ මෙවුවට මං ලියන්නගියොත් පි‍ටු ගනං ලියන්න ඕනෙ. ඔවුව එක්ක ඔළුවෙන් ඇනගෙන තමයි මං දමල ගහල ආවෙ.වැඩක් නෑ බං.. කන්නාඩිය ඉස්සරහට ගිහිං අපිටම කියගත්තානං ඊට හොඳයි.. ඒ හින්දා මං අර හාමිනේට අම්ම කියන එක ගැන ලියන්නං..
      ඉස්සර මිනිහා ගැනිට කිවුවෙ ලමයින්නෙ අම්ම.. ගෑනි මිනිහට කිවුවෙ ලමයින්නෙ තාත්ත. දැන් අර ලමයින්නෙ කියන එක හැලිල .. එච්චරයි.. සැමිය බිරිඳට පියෙකු මෙන විය යුතුය බිරිඳ සැමියට මවක මෙන් විය යුතුය කියනවානෙ.. ඉතින් ඔහොම ඇමතුවාම මොකෝ ?

      Delete
    11. අනේ මන්දා බං. කැමති කෙනෙකුට තමන් කැමති විදියට සැමියාට බිරිඳට අමතා ගන්න නිදහස තියෙන්න ඕනේ. නමුත් මේ අම්මා, තාත්තා කියලා කතා කරගන්න එක මට නම් විකාරයක්. ළමයින්ගේ අම්මා/තාත්තා කියලා කතාකරගන්න එක ඊට හපං. මට එහෙම හිතන්නත් ඒ නිදහසම තියෙනවනේ. නමුත් කියන්න යන්නේ නෑ. මොකටද ඉල්ලං කන්නේ?

      Delete
    12. අනේ බොලව්
      ඔය ළමයින්ගේ අම්ම
      ළමයින්ගේ තාත්ත
      කතාව හැදිලා තියෙන්නේ දරු පවුලක් සහේට ගත්තු පිරිමි ගෑනු නිසා
      ළමය උගේ/ඒකිගේ නොවෙන නිසා එහෙම කතාකරන්නේ

      Delete
  17. චාර්මිකාරයා රියර් ගේට් එකේ ලියපු "මීඩියා වැලිවේරිය" ලිපියේ අන්තිමට කියලා තිබුණු දේ සහ මාතලන් මේ ලිපියේ කියා ඇති දේ ඉතා වැදගත් කරුණු.

    මෙන්න මං චාර්මී ට දාපු උත්තරේ.

    "වසර 2020 අන්තර්ජාලය සැමට!"

    තව වැඩි දුර නෑ. නගරබද අති බහුතරයකට මොබයිල් ෆෝන් තියෙනවා. 3ඝ හෑන්ඩ් සෙට් ලැබුණාම Twitter, FB අල්ල උඩ!

    මේ වැඩේ අපිට ලේසියෙන්ම කරන්න පුළුවනි තම තමන්ගේ වපසරියේ ක්‍රියාත්මක වෙලා!

    ReplyDelete
    Replies
    1. අනිවා... කරුමෙ කියන්නේ මට අපේ මිනිස්සු හම්බ වෙන චාන්ස් එක බොහොම අඩුයි.. හම්බ වෙන හැම එකාටම කියලා දෙනවා.. එකෙක් හරිදැණුවත් කරන එක ළොකු දෙයක් නේ.. මම මේකේ කුණුහබ්බ හිටන් ලියන්නේ ඒකයි...

      Delete
  18. Na na. Kawruwath mehe pas test karanna enna one na. Ape pas apita honda :-)

    ReplyDelete
    Replies
    1. තාම හින්ගල හම්බ උනේ නැතෙයි කොලුවෝ.. ඔය කතා කියන එක හරි බාගන්න ට්‍රයි කරහන්...

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මගේ ඇන්ඩ්‍රොයිඩයාගෙන් මං බ්ලොග් කියවනවා. සිංහල ලින්නත් පුළුවනි. මං හෙලකුරු ඇප් එක දාගෙනයි ඉන්නේ.

      Delete
    2. ඔය කතා කියලා දීලා තියෙන්නේ සිස්ටම්... බෑ කියලා දෙයක් නෑ...

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මේ වගේ දේවල් ඕන තරම් ලියපන්. කිසි අවුලක් නෑ. අපේ පොඩි එකා කියනවා වගේ දැණුවත් වෙන්නයි ඕනා...

      Delete
    5. අද ක‍කා පැන පැන හැම තැනම රෙනවා. මොකද කකාට කොමන්ට් අඩුවෙලා ද? මාර්කටින් මාර්කටින්. ඇනෝ වාරණය කළාම ඕක තමා කකා.

      Delete
    6. @gayanmm - මොකද බං කමෙන්ට් මකල තියෙන්නේ

      Delete
    7. ඒකනේ නලීන් අයියා, අද මමත් දවසෙම වෙන වැඩ. මෙතනට එනකොට මෙහේ මොනවද වෙල, අරහෙ අන්න කෙන්ජි අයියත් පිස්සුවක් නටල. මමත් මේ කොනක් අල්ලගන්න බැලුවෙ.

      Delete
    8. හෙළකුරු IME එකෙන් ලිපි ලියන්නත් අවුලක් නෑ...
      Helakuru Sinhala Keyboard+IME

      Delete
  20. තුන්දෙනෙක් මෑරුනම රජාට ඈහෑරිල ගනු කඩුව කියල ඔය ඈවිත් දෙසන්නෙ වටෙටම.එ අස්සෙ මම දෑක්ක හරින් මන්ත්‍රිතුම කියනව දෑන් ඉවසුව ඈතිලු ඔන්න එයාල පාරට බහිනවලු.මහින්ද බයවෙල ඈදයට රින්ගුවලු.

    ReplyDelete
    Replies
    1. ඒකටත් නැකත් බලලා මේකප් දාලා අණබෙර ගහලා එනකොට මහරජ්ජුරුවෝ විසඳුම් දීලත් ඉවරයි. දැන් එයි බල්ලෝ...

      Delete
  21. ලොක්කා,පුරවැසි මාධ්‍යකරණයේ උච්චතම අවස්ථාව තමයි බ්ලොග්! මේ සේවය අපිට ලබා දීම පිලිබඳව ගූගල් ,වර්ඩ්ප්‍රෙස් සමාගම් වලට අපි ණයගැතියි බං! ඒවා නැත්තම් මේ මොනවත් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. අපොයි මම ලියුම් කීපයක්ම ලියලා යවලා තියෙන්නේ...

      Delete
  22. මොන මඟුලක්ද මේ, ලිපිය කියවලා ඒක ගැන අදහස් දක්වන්න පහළට එද්දී උඩ එක ආයෙම අමතකයි. මට බෑ ආයේ උඩට ගිහින් කියවන්න

    ReplyDelete
    Replies
    1. ඉතින් පහල එක ගැනවත් අදහසක් ලියන්න එපාය... උඩ ඒවා නම් අමතක උනාට ගානක් නෑ. පහල ඒවා අමතක කර ගන්නවා එහෙම නෙමෙයි..

      Delete
    2. ඔන්න ඉතිං කිව්වා. කිව්වොත් කියන්නේ මෙහෙම කතාවක් මයි

      Delete
  23. බෝ ගහ කැපීම ගැන මගෙත් බලවත්ම මෙව්වා එක .
    ටීවී එකෙ යෙක හාමුදුරුකෙනෙක් කිව්වා කපුටු බො ගහක් නිසා කපලා දැම්මට කමක් නෑ , එක නිසා කපලා දැම්ම කියලා .
    අඩේ පට්ට තමා
    එතකොට කපුටෝ හිටෝපු බො ගස් වෙනම විශේෂයක් .
    හැක හැක හැක

    ReplyDelete
    Replies
    1. මටනම් නිකන් බෝධියට වඩා කපුටු බෝධිය වටිනවා. කී දෙනෙකුට නවාතැන් දෙනවද. කොටින්ම කුරුළු ජනපදයක් නේ...

      Delete
  24. මචන්, මම අපේ අම්මා තාත්තා නෑදෑයෝ සාමාන්‍ය මහජනයා කියලා හිතුවාම ඒ අයට මේ වෙන කිසිම විකල්ප මාධ්‍යක් ඇසගැටෙන්න තියෙන්නේ බොහෝම අඩු සම්භාවිතාවයක්.

    නෑ කියලම කියන්න පුලුවන්. ඒ අය ගේ භාවිතා කරන තොරතුරු සන්නිවේදන මාධ්‍ය රූපවාහිනී, අයිටීඑන්, ස්වර්ණවාහිනී, සිරස, දිවයින, ලංකාදීප, හිරු එෆ් එම්, අර එෆ් එම් මේ එෆ් එම්. . . .

    ඔය එකකින් වත් අද වර්ථමානයේ නිවරදි තොරතුරු සන්නිවේදනයක් වෙනවද කියපන්.

    ඒ මිනිස්සුන්ගේ ලියන්න කියවන්න සාක්ෂරතාවය තිබ්බට එදා ගොබෙල්ස් එකම බොරුව නැවත නැවත කියවලා ජර්මනියේ මිනිස්සුන්ගේ මොල හෝදලා මෝහයට පත් කල වගේ සීන් එකක් අද වෙලා තියෙන්නේ.

    ඉතිං චන්දෙකදී මේ ජරා ආන්ඩුවම දිනන එක අහන්න දෙයක්ද? ඒකට වැරදි කාරයෝ "මෝඩ ජනතාව" කියන උන්ද?

    එදා ප්‍රේමදාස කාලේ විකල්ප තීරු පත්තර තිබ්බ නිසා මිනිස්සු නියම භීෂණය ගැන කියෙව්වා. කියවලා දාහත් වසරක සාපාය් නිමා කරන්න අහසින් පාත් උනා වගේ උනත් චන්ද්‍රිකාට චන්දේ දුන්නා.

    අද කෝ එහෙම ඒවා. අද මහින්ද රාජපක්ෂ එදා යූ අන් පී එකේ හිටපු ඔක්කෝම දූෂිතයෝ ටික ලංකරගෙන දාහත් වසරක සාපයේ දෙවෙනි කොටස කරගෙන යනවා.

    මහජනයා ඒක හරියටම තේරුම් අරගෙනද?

    ෆේස් බුක් එකේ ඉන්නේ . . බ්ලොග් කියවන්නේ . . ලංකාවේ මහජනතාවගෙන් බොහෝම සුලු පිරිසක් විතරයි බන්

    ReplyDelete
    Replies
    1. නෑ බුකිය සෑහෙන පිරිසක් දන්නවා. ආන්ඩුවත් බුකියට බය වෙලා ඉන්නේ. නමුත් එතන වැදගත් සංවාදයක් යන්නේ නෑ. අපි උත්සාහ කරන්න ඕන ඔවුන් දැණුවත් කරන්න.. රට ඉන්න උන්ගෙන් කී දෙනාද බ්ලොග් ගැන දන්නේ. පරිඝනක විශේෂඥ්ඥයන්ගෙන් කී දෙනාද බ්ලොග් ගැන දන්නේ..

      Delete
    2. ha machan denuwath karamu machan

      Delete
    3. ඒකනම් ඇත්ත අන්තර්ජාලය භාවිතා කරන බහුතරයක් අපේ අය තාම බ්ලොග් ගැන හරියට දන්නේ නෑහැ..
      මේක ගැන දැනුවත් කරන එකත් අපි මුලික වේලා කලයුතු දෙයක් තමයි.
      කතන්දරගේ කාර්ඩ්,මාතලන්ගේ, අටම්ගේ මුණ ගැහෙන අයට දෙන ඔන් ද ස්පොට් වැඩමුළු ප්‍රශංසනීය මෙහවරක්...

      Delete
  25. මමත් දැනට සෑහෙන්න කාලයක සිට බ්ලොග් කියවනවා.. නමුත් මේ ප්‍රථම වතාවටයි බ්ලොග් එකක කොමාන්ටුවක් දමන්නේ. කතාව නම් සම්පූර්ණ ඇත්ත. මේ දවස්වල දෙන කැකිල්ලේ තීණ්දු ගැන නම් කතා කරන්න දෙයක් නෑ. ඒවා සංවේදී තීන්දු. ඒත් ඉතින් මම මේ කල්පනා කරන්නේ ඇයි මේ මිනිස්සු මේ තරම් මෝඩ කියන එක. මාතලන් මල්ලි අර නංගිට කියලා දුන්නේ ප්‍රොක්සි විතරක්මද කියන එක නම් මට ෂුවර් නෑ. මොනවා වුනත් තහනම් කරපු නරකයි කියන ඒවත් ප්‍රොක්සි වලින් බලන්න නගා පුරුදු වේවිද දන්නෑ..

    ReplyDelete
    Replies
    1. අපේ උන් මොනවා නැතත් නෝටී ඇමරිකා නම් බලනවා. ෆෝන් ගන්නෙත් පෝන් බලන්න මිස වෙන මක්කටවත් නෙමෙයි. අපිත් බලනවා. ඒත් අනිත් ඒවත් කියවනවා.... මම ඒකිගෙන් ඇහුවා.. සැක්ස් නම් බලනවා ඇති නේද කියලා.. ඒකි මට එරෙව්වා.. ඒ කියන්නේ අනිවාර්යයෙන් බලනවා...

      Delete
    2. පෝන් කිව්වට දන්නෙ නෑ.. ඒ පාර තමයි අරෙහෙම ඇහුවේ...

      Delete
    3. " මම ඒකිගෙන් ඇහුවා.. සැක්ස් නම් බලනවා ඇති නේද කියලා.. ඒකි මට එරෙව්වා.. ඒ කියන්නේ අනිවාර්යයෙන් බලනවා..."

      මේකට නම් ඇඩෙනවා තනි ඇහැට. එරෙව්වා කියන්නේ ඒකි බලනවා ඇති ෂුවර් එකට.. හි..හී

      Delete
    4. හෑ සංවාදෙ එතනිංම ඉවරවුණැයි.......

      Delete
    5. ow machan ethanin iwara una... thawa ubata prasna thiyanawada machan....

      Delete
    6. ඔව් බං ඇනෝ එතනිං එහාට වෙච්චි සංවාදේ ගැන කුකුසක් තියනවා. ඒව උඹ දන්නවැයි.

      Delete
  26. ඔය ෆවුසිලා.ෆයිසර්ලා උන්ගේ දේශපාලන කුනු හෝදගන්නේ අහිංසක මිනිස්සුන්ගේ කඳුලු වලින්

    ReplyDelete
    Replies
    1. ෆවුසි ඇත්තටම හොඳ මනුස්සයෙක්. එයාගේ පුතා තමයි ඇනේ. අළුතින් ආපු එකා නම් සල් වනයක්. කොළඹ එකෙක් වත් කැමති නෑ..

      Delete
  27. කැකිල්ලේ තීන්දූ???

    ඔහේ ඔය නොකියා කියන්නෙ දැන් ඉන්නෙ කැකිල්ලෙ රජ්ජුරුවො කෙනෙක් කියලනේ.


    මමත් ඔය සමහර බ්ලොග් ලිපි හිටපුගමන් යාළුවොන්ට කොපි කරල මේල් කරනවා. අනිවාර්යෙන් ලින්ක් එකත් යටින් දානව, ඒ සමහර ඒව එයාලත් එයාගෙ යාළුවො ගෲප් එකටම යවනව, මොකද මම යවපු එක මටත් ෆෝවර්ඩ් වෙල එනව. ඒත් උන් ඉඩක් ලැබුනු ගමන් බුකියට දුවනව මිස දිගටම ඔය ලින්ක්වලින් හොයන් ගිහින් බ්ලොග් බලනවද නම් මන්දා. හැබැයි ඉස්සරට වඩා අද හුඟක් අය අද රටේ වෙන්නෙ මොනවද කියල අවබෝධ කරන් ඉන්නෙ කියල මට හිතෙනවා, බලමු තව ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු විකල්ප නායකත්වයක් හා බලවේගයක් පිලිබඳ දරුණු පිපාසාවකින් ඉන්නේ..

      Delete
  28. මාතලංගෙ කටේ මසුරං දාන්න ඕනෙ. මේ දවස් වල මිනිස්සු නැට්ට උඩ තියාගෙන දුවන හරක් වගේ අබිමන්තොට බලන්ඩ දුවනවා. මුන්ට තාවකාලික ආතල් දිදී ආණ්ඩුව වැජඹෙනවා. අපේ වගකීම මේ විදිහෙන් හරි මේ රටේ දේශපාලනය ගැන කතිකාවක් ඇති කරන එක. හැම දෙයක්ම දේශපාලනිකයි තමා. නැත්තං වෙන මොකද්ද?

    ReplyDelete
    Replies
    1. හැම දෙයක්ම දේශපාළණිකයි කියා නොතේරෙන්නත් වැඩ පිලිවලක් යනවනේ..

      Delete
  29. //අපේ එකෙක් කියන්නේ ඉතින් ලොක්කාගේම එකෙක් විය යුතුය. නැත්නම් ඉතින් කප්පම් ගෙව්වායින් පසු ඉතිරි වන්නේ ආයෝජකයාගේ ඇට දෙක විතරක් නිසාය.
    කෝ කට අරිමු බලන්න බිබික්කමක් දාන්න...

    ReplyDelete
    Replies
    1. මසුරන් වගේ දෙයක් නම් අවුලක් නෑ.. බිබික්කං කන්නය බං

      Delete
  30. @කෙන්ජි.......මචං උඹයි,උඹේ ඇනෝ මචංලා සෙට් එකයි නැතිඋනොත් මේ හැම බ්ලොග් එකක්ම බීතෝවන් පමනක් අහන,ඕනැම මල ඉලව්වුක් ප්‍රබුද්ධයෙක් නම් නිර්මානය කරානම් පමනක් කියවන සහ නරඹන, මියගිය එවුන් වලලන සොහොන් පිටියක් වෙයි.මේ හැම දෙයකම පැවැත්ම. තමන්ගේ අදහස තමන් කැමති විදියට ලියන,කියවන මිනිස්සු කොටසක් ලෝකයේ ජීවත්වන නිසා.කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහේනේ.මිනිසා කියන්නේ වැරදි රාශියක එකතුවක් නේ.බුදු හාමුදුරුවෝ වගේ අය එකින් එක වැරදි අයින් කර ගත්තා.නානසාර වගේ අය එකින් එක එකතු කර ගන්නවා.මම නම් හිතන්නේ තමන්ගේ අදහස් කෙලින් කියල ඉන්න එක හොඳයි.බොරු සදාචාරින්ට වඩා හොඳයි නිවැරදි වනචාරින්.මාතලන් මචං උඹේ අදහස මොකක්ද?

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි.. එතන උනේ වෙන දෙයක්.. කෙන්ජීයා ඒක තේරුම් ගත්තා...

      Delete
  31. මාතලන් සහ w3 දාන බොග සිංහල සින්ඩියෙ වැටෙන්නෙ නැහැ නිව්ස් සහ පොලිටික්ස් බොග් හැමැ එකක්ම වගේ සින්ඩියෙන් ගලවලද?

    ReplyDelete
    Replies
    1. සමහරවිට... හැබයි සින්ඩියෙන් ආපු අය ඊයෙත් උන්නා..

      Delete
  32. මේ මං ඊයෙ FB 1ට දැම්ම post 1ක්...
    ඔට්‍ටු නෑ වගේ නම් delete කරන්න. its ok.
    ...................................
    දවස් දෙක තුනකට කලිං අර පල්ලියද මොකද්ද එකට ගහපුවම...,
    "කෝ... පල්ලියට ගහනකං කොහෙද උඹලගෙ අල්ලා හිටියේ... ගිහිං අල්ලගෙ අම්මට එන්න කියාපිය.." ,
    කියලා කිව්ව උං, දැං... ,
    "ග්‍රෑන්ඩ්'පාස් බෝ ගස කැපූ සියලුම පාපතරයන්ට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආනුභාවයෙන් ආත්මීය ශාපයක් උදාවේවා.." ලු...

    wow නොදකිං..! මෙහෙමත් හරක්...__feeling ; kunu'karawala with ice'cream.
    -තිලා-

    link - http://www.facebook.com/thilina.art/posts/3384163538221

    ReplyDelete
    Replies
    1. මේක අදාල නැත්තෙ නෑ නේ.. අදාලයි...

      Delete
  33. යකෝ එක රැයක් මෙතනට ආවේ නැති උනාම මෙතන මර කෙළිනේ වෙන්නේ ... බොලට රැඳු වෙන්න ඕනත් අපි රැ වෙනකම් වැඩ කරන දවසටමනේ යකෝ .... දැන් මේ කොමෙන්ටුව ලියන්නේ දාලා තියෙන කොමෙන්ට් ගැන...... පොස්ටුව ගැන කොමෙන්ටුවක් දන්නා අයෙත් එක උඩට ගිහින් කියවල එන්නම් ..... වැඩට යන්නත් පරක්කු වෙනවා බන් ...... එක රැට මෙච්චර කොමෙන්ටු ගොඩක් දාන්න ඔට්ටු නෑ බන් .....

    ReplyDelete
    Replies
    1. තුඃ නොදකින්... මූසලයා.... මිරිස් පුච්චලා, දෙහි ටිකක් කපා ගෙන, පිරිත් නූලක් ගැට ගහගන්න ඕන....

      Delete
  34. ලංකාවෙ ෆේස් බුක් සමාජ ජාලය සහ බ්ලොග් අඩවි යන්න තවම සමාජ මතයක් ගොඩ නැගිමට තරම් දියුණු වෙලානෑ. ඒ නිසා ලංකාව තුළ අන්තර්ජාලය භාවිතා කරන පිරිස සිමිත ප්‍රමාණයක් පමණයි. ඔවුන් අතර කිසියම් ප්‍රමාණයක අදහසක් හුවමාරු වුණත්, කතාබහක් ඇති කළත් එයද හුදෙක්ම විනෝදය සඳහා පමණක් බව වැටහෙන්නේ එම කතිකාව ගොඩ නැගිමට වෙර දරන පිරිස අතර විනෝදය සඳහා අදහස් දක්වන පිරිස වැඩි පිරිසක් වීමයි.

    මගේ අත්දැකිම් අනුව මේ තත්වයට බලපෑ හේතු සාධක කීපයක්ම තියෙනවා. ඒ අතර.

    1. සිවිල් සමාජය නිහඬවීම.

    2. කලාකරුවන් තමන් ගමන් කළ යුතු මාර්ගය අතහැර දේශපාලන හඬවල් බවට පත්විම.

    3. විද්‍යුත් මාධ්‍ය සහ පුවත් පත් මුඛවාඩම් ලා ගැනිම

    4. උගත් බුද්ධිමත් පිරිස රට හැර යාම

    5. හඬක් අවදි කිරිමට තරම් ප්‍රබල විපක්ෂයක් නැතිවිම

    මෙන්න මේ කරුණු කීපය ජනතා චින්තනයක් ඇති කිරීමේ ප්‍රධාන සාධක වෙනවා. නිදසුනක් හැටියට 1994වන විට ඉතාමත් ඉහල මට්ටමක මේ සාධක 94 න් පස්සේ ඉතා බරපතල විදියට වෙනස් වෙනවා.

    සිවිල් සමාරජය තුළ කතිකාවක් ඇතිකරන පිරිස අතරට රාජ්‍ය නොවන සංවිධාන ඇතුළුවිම, කලාකරුවන් ජනතාවාදි කලාව යන්න වෙළඳ භාණ්ඩයක් කර මින් ජනතා චින්තනය උගසට තැබිම,සහ ඔවුන් දේශපාලන පක්ෂ අනුව බෙදී වෙන්වී එක් එක් පක්ෂවලට අනුගතවීම ඒ දේශපාලනයේ හඬක් බවට පත්වීම.

    ඊටත් පස්සේ අවසාන වරට යුද්ධය ඇතිවූ පසු විද්‍යුත් මාධ්‍ය සහ පුවත් පත් තුළට මාධ්‍ය ප්‍රකාශකයෙකු ඇතුළුවීම නිසා නිදහස් අදහස් වෙනුවට දේශපාලන අදහස් ඇතුළුවීම සහ මාධ්‍යකරුවන් විසින් පනවාගන්නා ස්වයං වාරණය. වර්තමානය වන විට මුලුමනින්ම දේශපාලනය විසින් ඒ මාධ්‍ය නිහඬකරවා තමන්ට අවැසි දේ පමණක් ජනතාගත කිරිම. සහ කළකිරීමට පත් බුද්ධිමතුන් රට හැර යාම තුළ මේ චින්තනය වෙනස් වෙනවා.

    ඒ නිසා ලංකාවෙ ග්‍රාමීය ජනතාව තව දුරටත් විද්‍යුත් මාධ්‍ය වලින් ප්‍රකාශ වනදේ සහ පුවත්පත්වල පළවන දේ සත්‍යය යැයි විශ්වාශ කිරීමට පෙළඹී සිටිනවා.

    එය වෙනස් වනවා නම් ඉහත කී සියලුම පිරිසගේ සහභාගිත්වයෙන් සමාජමය කතිකාවක් ඇති කල යුතුයි. ඔබ ඇතිකළ සංවාදය මට දැනේනෙ ඒ විදියටයි.

    ගොඩක් වෙලාවට ඔබේ අදහස්වලට අවසන් කමෙන්ට් එකතු වෙන්නෙ මගෙන් ඒ අනෙකක් නිසා නෙවෙයි. ඔබේ අදහස කුමක්ද යන්න නිවැරදිව වටහාගන්නත්, ඊට ගැලපෙන අදහසක් එකතු කරන්නත් කෙටි වෙලාවක් ගතවන නිසයි.

    ReplyDelete
    Replies
    1. තාක්ෂණය පොඩ්ඩක් වත් නැති කාළෙක, ටැබ්ලොයිඩ් පත්තර කාරයෝ, තීරූ පත්තර කාරයෝ කරපු දේ කොච්චර දෙයක්ද කියලා තේරෙන්නේ. හැම එකාගෙම අතේ අන්තර්ජාලේ තියෙන මේ කාළේ කිසිත් නොදත් හරක් ඉන්නවා දැක්කම. මුන්ට දැණුම ඕන නැද්ද..? දේශපාළණය පැත්තකින් තියමු, ළෝකේ ගැන මොනවද මුන් දන්නේ.. බොහොම දුකයි..

      Delete
  35. බ්ලොග් කියවන්න මිනිස්සු හුරු වෙන්න නම්, බ්ලොග් කරුවන් අතරත් මීට වඩා සහයෝගය වර්ධනය වෙන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ.. අපි උත්සාහ කරමු, එක එකා හරි දැනුවත් කරන්නට.

    අපේ ඉඩමෙ අයිනෙත් තියනව ලොකු බෝ ගහක්.. ඉඩමට ටිකක් වදුල වුනත් මට ඒක කපන්න හිතෙන්නෙ නෑ. ආගමික හේතු නිසා නෙවෙයි, ඒ ගහෙ ගෙඩි කාල ජීවත් වෙන සතුන් ටික නිසා. උනුත් කොහෙ හරි ඉන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. මේ වගේ හරක් ගැන මක්කා දොඩන්නද බං.. අච්චර විශාල ගහක් කපලා දාන්න.. තම්බින්ට වටින ගහ කපලා දාන්න ආවේ බස්නාහිර පලාත් සභාවේ පරිසර ඇමතියත්. නොදකින් මූසලයා... රෙද්දේ පරිසර ඇමති..

      Delete
  36. කොටුව ස්ටේෂමට විතරක් සිමා කරල විරෝධතාවයට උසාවි නියෝගයක් අරන්.
    කොහොම භයක් ද ඇත්තෙ?

    ReplyDelete
    Replies
    1. ඒ හැටි සෙනගකුත් නෑලු හැබයි... මුන් විරෝධතා තියන්නේ ඔක්කෝම සැටල් උනාමනේ.. ඊට වඩා සෙනගලු ආබර් එකේ ආශ්චර්ය බලන්න...

      Delete
  37. I am questioning that during this time you must deliver a try and this new app Real Racing 3 Mod Apk : which is now maximum trending app inside the global.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න