.

.

Aug 15, 2013

අධිකාරියට නොපෙනෙන ළමා අපචාර - Increasing incidents of child abuse in Sri Lanka


 
ජනාධිපතිතුමා, දෙමළ භාෂාව ප්‍රගුණ කළ, ආණ්ඩුවේ නිලධාරීන් පිරිසකට සහතික පත් ප්‍රදානය කරමින් අපූරූ කතාවක් කළේය. එනම්, රජයේ කාර්යාලවලට පිරිස් පැමිණෙනුයේ කඳුළු පිරි දෑසින් බවත්, ඔවුනගේ වත් පොහොසත් කම, ජාතිය, ආගම, කුල මල, ගෝත්‍රය නොසොයා, ඉක්මනින් ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දෙන ලෙසයි. එවිට සභාවෙන් අත් පොළසන් නාදයක්ද මතු විය. ඇත්ත වශයෙන්ම නායකයා ප්‍රදර්ශනයට හෝ හොටු පෙරෙන පොඩි උන් වඩා ගත්තද, වැද්දන් සමග එකට ඉඳගත්තද, නිලධාරින් නම් වැජබෙන්නේ තමන් වෙනත් ග්‍රහලෝකයකින් රත්නද්වීපයට වැඩම කළ පිරිසක් ලෙසයි.

වැදි නායකයාට ලබා දීමට නියමිත පරිත්‍යාගයක් ලෙස ජපන් රජයෙන් ලැබුණ කැබ් පොජ්ජ පවා වැදි හූරට මන්දො නොකර යටි මඩි ගහනා ඇමතිවරු හා කුරුණෑගලින් තෑගී වශයෙන් දුන් බුලත් පුවක් ටිකෙනුත් ලක්ෂ හතරක් කෙළිනා කාලකණ්ණින් සිටිනා බව, සමහර විට ජනාධිපති තුමා නොදන්නවා විය හැක. ජනාධිපති තුමා එසේ කීවද, රජයේ කාර්යාලයකට යන පුද්ගලයා විඳිනා මානසික අසහනය දන්නේ කුමන හෝ කරුණකට රජයේ ආයතනයකට ගොඩවු පුද්ගලයාම පමණි.

රජයේ නිලධාරීන්ගේ නිරුවත පෙනෙනා, සිත පාරන ප්‍රවෘත්තියකින් අද දින "හිරු" නිව්ස් බැලු මසිත දුකකට වඩා වේදනාවෙන් බර වූයේ, තම කාර්යය නිසි ලෙස ඉටු නොකරනවා පමණක් නොව, සත්‍ය ලොවට හෙළි කරනා ආයතන වලට දෝෂාරෝපණය කරමින්, එම වාර්තා සම්පූර්ණ අසත්‍ය වාර්තා ලෙස අර්ථකථනය කිරීමයි.


පුද්ගලයා වෙන කිසිවකු නොව, රටේ දරුවන්ගේ ආරක්ෂාව සඳහා රජය විසින් පඩි නඩි ගෙවා පවත්වාගෙන යනු ලබන, ප්‍රධානම ආයතනය හෙවත්, ළමා රක්ෂණ අධිකාරියේ "අනෝමා දිසානායක" නම් ස්ත්‍රියයි. මොවුනට මහත්මිය ලෙස ඇමතිම, මහත්මා ගති ගුණ ඇති පිරිසට කරනා අපරාධයකි. ඇය මෙසේ නිෂ්ප්‍රභා කරනුයේ, රටේ දුෂ්කර පළාත් පදනම් කොට ගෙන "යුනෙසෙෆ්" ආයතනය මගින් කරන ලද සමීක්ෂණයක තොරතුරු ඇතුළත් වාර්තාවකි. එම වාර්තාව අවශ්‍ය කෙනෙක් වේ නම් මෙතනින් බලන්න.

මේ වාර්තාව මගින් හෙළි කරනුයේ, අළුත් ප්‍රවෘත්තියක් හෝ අප නොදන්නා යමක් නොවේ. මහ පොළොවේ පය ගසා ජීවත් වන, පුවත් පත් වෙබ් අඩවි පරිශීලනය කරනා සියලු දෙනාම දන්නා. නමුත්, කොළඹ ශීත කාමරවලට වී, මේකප් පුරවාගෙන තම සාරි ප්‍රදර්ශනය සඳහා වොයිස් කට් ලබා දෙන පඩත්තල නෝනා මහතුන්ට නොපෙනන තිත්ත නමුත් ඇත්තම ඇත්ත වූ පරම සත්‍යයයි.

රටේ ග්‍රාමිය පෙදෙස් තුළ අඩු වයසේ විවාහයන් සිඳු වන බව රහසක් නොවේ, ගොවි ජනපදවල, වතු කම්කරු පවුල් තුළ, නැගෙනහිර මුස්ලිම් ගම්මාන හා උතුරේ අවතැන් දෙමළ ජනතාව අතර, බාල වයස් විවාහ බහුලව සිඳු වන බව, එම ප්‍රදේශ වල ජීවත් වන්න වුන් මෙන්ම, එම ප්‍රදේශ ගැන කිසියම් හෝ දැනීමක් ඇති අය නොදන්නා දෙයක් නොවේ. අනෝමා දිසානායක ඒවා නොදන්නවා යයි කියන්නේ, ඇය ජීවත් වන්නේ කොළඹ නිසාද? නො එසේ නම් ඇයට මේ රැකියාව ගැන දැනීමක් නොමැතිද?


පුවත් පතක් අතට ගත් විට ළමා අපචාර, ළමා දූෂණ නොමැති පිටුවක් සොයා ගැනීමට නොහැකිය. දැන් දැන් වාර්තා වනුයේ අත දරුවන් පවා දූෂණයට, අපචාරයට ලක් වන බවයි. වාර්තාව මගින් පෙන්වා දී ඇති පරිදිම වයස 4-5 මල් වන් කුඩා දරුවන් දූෂණයට ලක්වු අවස්ථා අනන්තවත් මා කියවා ඇත. විශේෂයෙන් ගොසිප් නිව්ස් අඩවි වල, රස කර කර නැව නැවතත් දූෂණයට ලක් කරන්නේ මෙවන් වාර්තාමය. අවම වශයෙන් ළමා රක්ෂණ අධිකාරියට "ලංකාදීප" පුවත් පත වත් මිලදී ගන්නේ නැතිද? ඇයගේ පසෙකින් තිබෙනා ඔය පරිගණකයේ අන්තර්ජාල පහසුකම් නොමැතිද?

මේ වෙන කිසිවක් නොව තම රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට නොහැකිව, තම අසමත් භාවය වසාගැනීමට දෙශනා මුසාවාද හැර වෙන කුමක්ද? කනගාටුවට කරුණ නම්, මෙවන් අධම තත්වයකට පත්ව තිබෙනුයේ, කලක් ශ්‍රේෂ්ඨ මිනිසකු වූ "මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා" යටතේ, විශාල කාර්ය භාරයක් ඉටු කල ආයතනයක් වීමයි.

යුන්සෙෆ් ආයතනය පෙන්වා දෙන කරුණු හැර, නූරීවත්තේ සිඳුවූ ළමා අපචාර, සාරුවා සුනිල් නැමැති ජඩ දේශපාලඥයා විසින් කළ, මහ පොළොව නුහුලන අපරාධ, ගරුතර ස්වාමීන් වහන්සේලා තෙල් බෙහෙත් උලනා මුවාවෙන් සිඳුකරනා ළමා අපචාර මෙන්ම දහම් පාසලේ සිසුවියන් නීල් චිත්‍රපට සඳහා යොදාගැනීම වැනි කිසිවක්, අනෝමා දිසානායක නොදන්නේද?

අවසාන වශයෙන් අපට කීමට ඇත්තේ කරුණාකර තම නොහැකියාව ලොවට පෙන්වා තනතුරට නිගා නොකර, වාචාල කටට මුකවාඩමක් දමාගෙන සේවයේ යෙදෙන්නේ නම් මැනවි යයි කියාය. රටේ දරුවන්ගේ තාත්තා දරුවන් වඩාගෙන හුරතල් කළද, ළමා අධිකාරියේ අම්මා පිස්සු ගැහැනියක් නම්, ඒ රටේ ළමා පරපුරට, ළමා රක්ෂණ අධිකාරියේ රක්ෂණය කෙසේ වෙතත්, තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාවම රැකවරණයම ලැබේවා..!

"ශ්‍රී ලංකාව සෑම විනාඩි 90 කට වරක් ළමා අපරාධයක් සිඳුවන රාජ්‍යයකි."

119 comments:

  1. ගොඩක් ඔය වගේ ඒවායේ ලොකු ලොකු පුටුවලට එන අයගේ ඉතිහාසය එච්චර හොඳ නෑ .
    අපේ ගෙවල් ගාවත් ළමා නිවාසයක් තියෙනවා . ඒකෙ පිරිමි ළමයෙක්ව විකුනලා තිබ්බා මිනිහෙක්ට. ඒ මිනිහා කොල්ලව අරන් ගිහින් නුවර එළියේ හොටෙල් එකකට . පැණි හඳක් කන්න .
    පස්සේ පජාතවෙලා පොලිසියෙන් හොදට කෑවා .
    වැඩේ කියන්නේ ළමයා විකුනලා තියෙන්නේ ළමා නිවාසේ මහ එකා .

    ReplyDelete
    Replies
    1. අපොයි

      Delete
    2. ඇ බං වයලිනෝ. තොපි ගෙවල් ලඟ ළමයි උස්නනකම් බලාගෙන හිටියෙ අහවල් එකටද.

      Delete
    3. ළමා නිවාස හා පුනරුත්තාපන මධ්‍යස්ථාන වල තමයි වැඩි පුරම ළමා අපචාර සිද්ද වෙන්නේ.. ඒවා බලන්න කවුරුත් නෑ.. මම මේ අත්දැකීම් වලින්මයි කියන්නේ...

      Delete
  2. මාතලන් ඔය නෝනගේ කෙරුවා නම් අජපල්. මගේ එක් රෝගියෙක් ඇයගේ කාර්යාලයේ සේවිකාවක්. ඇයට දෙන වද ඇය අප හා පවසන්නේ ඇඩූ කඳුලෙන්. මෙය ලියූ එකට නම් මම බොහොම මනාපයි. මේවා එලි විය යුතු තත්ත්වයන්. අද නම් පිටකහනවා නෙමෙයි මේක ලිව්ව එකට බොහොම ම සතුටුයි.
    එතනින් එහාට මොන ළමා අයිතිවාසිකම් ද?

    ReplyDelete
    Replies
    1. කොයි මේ ඇනෝ ළමයින් අපචාරය කරන කෙන්ජි.

      Delete
    2. අනේ නැහැ බං.අපචාර නම් කොලේම නැහැ.
      මම ගැටය කාලේ ඔය කෙලි පොඩිත්තියෙක් ඇවිල්ල බෑගපත් උනොත් "අනේ!අයියේ මට ගඩොලක් කපන්නකෝ.......!"කියල,පර්ස් එකෙන් ප්‍රීතියක් දාගන බොහොම ප්‍රවේශමට තමයි කලේ.
      එත් ළමයි අහනවා "ඇයි අයියේ මේ තෙල් ගෑවුන බැලුම්"කියල.
      මම ඉතින් "ඉන්නකො ගඩොල් කපන ගමන් කියල දෙන්නම්කො මගෙ සුට්ටම් බට්ටි"කියල.
      හෙහ්..ඔන්න ඔහොමයි මම පොරවේසමට වැඩ කොලේ බොලව්.

      Delete
    3. ශික් කෙන්ජයියා තව ටිකක් කලින් අඳුනගන්න තිබ්බේ......

      Delete
    4. @කෙන්ජි.....තෙල් ගෑවුනු බැලුම් උඹ තාම පාවිච්චි කරනවද?

      Delete
    5. ඩබල් එකෙන්ම.
      වාසගම වෙන අයට දෙන්න බැහැනෙ.
      පවුල් පන්සල් උනාම කාක බෝ වගේ ඉන්න එපෑය.

      Delete
    6. වැරදුනා හොද බෝ වගේ ඉන්න එපෑය.

      Delete
    7. වගකියන්න ඕන ගෑණී මේවා බොරු කියලා කියනවනම්. එක්කෝ පත්තර කාරයන්ට නඩු දාන්න ඕන, බොරු ලියනවට...

      Delete
    8. @ඉවාන් පව්ලූශා
      ඇයි බං කලින් දැනගන්න තිබ්බේ කියුවේ. උඔටත් ඇරගන්න ආස හිතුනද?

      Delete
  3. ගන්න පඩියටත් ණය නිළධාරීන්.මේ අයට වෙනම ම අපායක් හදන්න ඕනි මැරුණ දවසක කෙලින් ම යවන්න.

    ReplyDelete
    Replies
    1. හිටපං බලාගෙන. තව ටිකකින් කෙන්ජි ඇවිත් නරලොව අපාය හදයි. ට්‍රයල් එකකටයි කෙන්ජිට වෙනසකටත් එක්ක අනෝමා ආච්චි යවමු.

      Delete
    2. ඔය සයිස් ඒවට බැට දුන්නෙ නැට්ට ට කිරි උනපු ගමන්.
      ගැට වලින් ගඩොල් බාන්න ස්වීප්.
      විලි සිදුර කොලොප්පන් කර ගන්න ආන්ටිලා ගෙන් ස්වීප්.
      තාමත් නිදහසක් නැහැ අප්පා.....!

      Delete
    3. @කෙන්ජි
      //විලි සිදුර//
      උඹේම වචනයක්ද? මීට කලින් අහල නෑ. :-)

      Delete
    4. රාජ් මලය,
      ඉදල හිටල මාතලන් ලොක්කගෙ වචනයක් හොරකම් කලාට,අනිත් සුපිරි වචන මට එවෙලෙට හිතෙන ඒව බං.
      ඒ වචනෙ අහල බොලාගේ විලිසන්ගෙ නැති උනා නම් සමා ව කමත්වා...!!

      Delete
    5. මොන අපායවල්ද.... රජ සැප...

      Delete
  4. \\Amongst the key recommendations of this study are (1) the introduction of age-appropriate and effective teenage reproductive health services and information; (2) an awareness campaign around the impact of early marriage and (3) the revision of laws related to forced marriage and teenage pregnancy.\\

    ReplyDelete
  5. හොදම දේ ළමයින්ටයි කියන එක නමට පමනක් සිමා වෙලා තියෙන බවකුයි දැන් පේන්නේ.
    අනික මේක මේ රටේ කවදත් සුදුස්සාට සුදුසු තැන නැති එකේ මේවැනි දේවල් මෙවැනි අයගෙන් බලාපොරොත්තු වෙන්න වෙලා තියෙනවා.

    කලකට පෙර වරක් මා දුටුවා පුවත්පතක මේ රටට සංචරකයෝ එනබව ළමා එන ගණිකාවන් බලපොරෝතුවෙන්.ඔන්න ඕක තමයි මේ රටේ ආශ්චර්ය.

    ReplyDelete
    Replies
    1. හොඳම එකෙන් තමයි දැන් ළමයින්ට දෙන්නේ....

      සංචාරකයන්ට ළමුන් සපයන වැඩේ නතරකලා මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහත්තයා.. දැන් ආයෙත් තියෙනවද කියන්න දන්නේ නෑ.. මම දන්න තරමට නම් නෑ...

      Delete
    2. එහෙම නැතිනම් ඇත්තෙම් මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහත්තයා කියන්නේ මහත්මයෙක්.

      Delete
  6. ඒ උනාට මෙයා එහෙම වෙබ් අඩවි ගානේ කිය කිය ගිය එක වැරදිනේ..
    හා නැද්ද...

    -ඒ නෝනා-

    ReplyDelete
    Replies
    1. එහෙනම් උඹත් නිව්ස් බලලා තියෙනවා...

      Delete
  7. තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව කෙසේ වෙතත් කාදිනල්වරයාගෙ පිහිට ආරක්‍ෂාව යටතේ ඉන්න තැනක ළමා තවාන් දාපු සීන් එකක් ගැන මාධ්‍ය සංදර්ශන පවත්වල අතපුච්ච ගත්තෙත් ඔය නෝනමනේ. අපිත් මොනව හරි කරනවය කියල පෙන්නන්න මාධ්‍ය ඉස්සරහ රඟනව ඇරෙන්න වෙන අහවල් එකක් කිරීමේ උවමනාවක් ඔය නිලධාරීන්ට නෑ.

    ReplyDelete
    Replies
    1. කට කට, පල්ලියෙ අල්තාරෙ බෝයිස්ලාට වෙන වැඩ, හෝමෝ සීන්, රාවතාවත්තෙ සීනෙ එක වගෙ සීන් කතා කරන්න එපා. මොකද සිංහල බ්ලොග් ලෝකෙ අවසර තියෙන්නෙ පන්සල් වල වෙන/නොවෙන දේවල් උල්ලුප්පන්න විතරයි. කාදිනල් තුමා ගැනනම් කොහොමත් මුකුත් කියන්න එපා. එතුමා සර්ව සාදාරණයි, අඩුම ගානෙ කොටි අහිංසක මිනිස්සු මරද්දිවත් මුකුත් කිව්වේ නෑ. ආමේන්.

      ප.ගෝ.

      ප.ලි. ආ රතුපස්වල ගියේ ඇයි කියලද අහන්නෙ, ඒක කෙරුවෙ කොටි නෙවෙනෙ.

      Delete
    2. මම අදහස් කළේ එහෙම දෙයක් නෙවි යාළුවා. ඇත්තටම එතන නීතිවිරෝධී අපරාධයක් සිද්ධ උනානම් කාදිනල්තුමා මැදිහත් වුනු පලියට ඒ සිද්ධිය යට ගැහිය යුතු නෑ. ඒ වගේම එහෙම දෙයක් එතන නොවී නිසි ලෙස සොයා බලන්නෙ නැතිව මාධ්‍ය සංදර්ශනයක් පැවත්වුව නම් වගකීම බාරගෙන තනතුරේ ගරුත්වය රකිමින් ඉල්ලා අස්වෙල යන්න ඕන.

      පන්සල්වල පල්ලිවල ඔය කියන දේවල් වෙන බව නොදන්න කෙනෙක් ඉන්නවද බං, ආයෙ අමුතුවෙන් කවුරුත් යට ගහන්නෙ මොටද. හිටපු පාප්වහන්සේත් ඔය ගැන කනස්සල්ලෙන් හිටියා කියල මුළු ලෝකෙම දන්නවනේ, වසර සිය ගනනකින් මෙහා හිටපු කිසිම පාප් කෙනෙක් නොගත්ත තීරණයක් අරගෙන ධූරය හැරයන්නත් උන්වහන්සෙ කටයුතු කළේ.

      Delete
    3. එතන තනිකර මාධ්‍ය සංදර්ශණයක් නේ කලේ. මුන් මුකුත් කරන්නෙත් නෑ.. කරන එකෙකුට කරන්න දෙන්නෙත් නෑ..

      Delete
  8. ළමා අපචාර ගැන නං කතා කරලා වැඩක් නැ බං , ඒදත් එහෙමයි අද කියලත් මහ වෙනසක් නැ , මාත් පොඩි කාලේ අමාරුවෙං පුක බේරාගත්ත එකෙක්

    ReplyDelete
    Replies
    1. අටන් අයියා මොකක් කිව්වා .. පොඩි කාලෙ.... එතකොට අර අන්කල්ගෙ සීන් එක උනෙත් පොඩි කාලෙද.

      Delete
    2. ඒ උනාට උඹත් දැන් පුක් කාරයා කියලා බොගේ තැන තැන කියවෙනවා. උඔටත් සමලිංගික උත්තේජනයක් ආවද.

      Delete
    3. එහෙම එකක් නෙමෙයිනේ බං... මේ අතදරුවෝ රේප් කරනවා කියන්නේ. කවදා අහපු කතාද....?

      Delete
  9. මාතලන් මල්ලී, ගල දනවෝ හෙවත් ex-alien ගැනත් මොනවා හරි ලියපන් මචෝ.

    ReplyDelete
    Replies
    1. ඒකත් ළමා අපචාරයක්. Alien & American mixed accent එකට කිව්ව සින්දුවට අපේ මිනිස්සු ගරහල තියෙන තරමම ළමා අපචාරයක්.

      Delete
    2. ඒක ගැන මම ලිව්වා. ලංකාවේ මානසික රෝගීන් කොච්චර ඉන්නවද කියලා ඒ කොමෙන්ට්ස් ටිකෙන් බලාගන්න පුළුවන්...

      Delete
    3. http://www.sandainduwara.blogspot.com/2013/07/ex-alien-song-medhani.html

      ex-alien-song-medhani ඔය තියෙන්නේ බලා ගන්නකො බොර දියට බැහැ ලා...

      Delete
  10. මාස 5 හේ දරුවො දුෂණය කාලකන්නි ඉන්න රටක්.
    කළුතර පැත්තේද කොහෙද දැන් 13 වියේ පසුවන දැරිවියකු තම පියා කියන වේස බල්ලා විසින් අවුරුදු 8 ක් තිස්සෙ කොපු දාගෙන වැඩේ කොරල.
    අර වේසිගෙ කතා කරන කටටයි,කට පුන්චේටයි පනුවෝම ගහන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මුන්ව මචෝ නඩු අහන්නෙ නැතුව වෙඩි තියලා මරන්න ඕන. උසාවි වලින් ඇති පලක් නෑ... නීතියක් නැති රටේ, මේ වගේ පජාතයන්ට මොන අයිතිවාසිකම්ද...?

      Delete
  11. වැරැද්දක් හදන්න නම්, මුලින්ම වැරද්දක් තියන බව තේරුම් ගන්න ඕනේ. වැරැද්දක් නෑ කිය කිය බෙරිහන් දෙන මේ නෝනා දන්නෙ නැද්ද දන්නෙ නෑ... දවසකට ළමා අපචාර කීයක් ලංකාවේ සිද්ධවෙනවද කියලා....

    ගොඩක් වෙලාවට දකින්න ලැබෙන දෙයක් තමයි.... මේ ළමයින්ව ආරක්ෂා කලයුතු පුද්ගලයන්ම තමයි සම්බන්ධ මේ අපචාර වලට. තමන්ගේ පියා, බාප්පා, සීයා, ඒ ඇරුණහම ළමා නිවාස වල සේවකයන්, පාලකයන්. ළමයා ආරක්ෂාව බලාපොරොත්තු වෙන කෙනෙක් අතින් ඒ ළමයව අපචාරයට පත්වෙනකොට අර ළමයගේ මුළු ලෝකෙම ආයේ ගොඩ නගන්න බැරි විදිහට කඩා වැටෙනවා.

    මේ වාර්තාවේ තියන විදිහටත්, අපිට ඇහැට පේන්න තියන විදිහටත්, මේක තව තව ප්‍රශ්න ගණනාවක ප්‍රතිඵලයක්. අම්මලා මැදපෙරදිග යාම... නීතියේ අඩුලුහුඬුකම්.... නීතිය ක්‍රියාත්මක වීමට ගතවෙන කාලය. ඒ වගේම මේවා ප්‍රසිද්ධියේ කතා කරන්න ඉඩ අහුරන සංස්කෘතික බලපෑම්.

    සාරුවා වගේ කාළකණ්නි යහතින් ඉන්නකොට, ළමා අපචාර කියන්නේ සුළු කේස් එකක් කියන පණිවිඩය මිනිස්සු අතරට යන එක අහන්න දෙයක් ද?

    ReplyDelete
    Replies
    1. අපචාර .........? එහෙම වෙනවද ලංකාවේ.....?
      මේ ආඩම්බරකාර තාත්තාගේ රටේ...? අනේ පල බොරු නොකියා......ආණ්ඩුවේ අය එහෙම ඒවා කරානම් මහින්ද මහත්තයා ඔකුන්ගේ අඬු කඩයි තරාතිරම මොනා වුනත්.

      Delete
    2. මුන් පාර්ලිමේන්තුවේ වල් පල් කතා කර කර ආතල් දෙනවා මිසක්. මේ නීතී රීතී වෙනස් කරන්න එකෙක් කතා කරනවද...?

      Delete
  12. අපොයි ඔය සාරි පෙලැන්තියේ ලොකු නෝනලාගෙ වැඩ ගෙන කියන්න එපා. වමනෙ යනවා. නොදන්නව නෙවෙයි දන්නවා නමුත් නොදන්නවා වගේ ඉන්නවා. වැටත් නියරත් දෙක තමයි වැඩියම ගොයම් කන්නේ.පාරිල්මෙන්තුවෙන් පටන් අරන් ගම්සබාව දක්වා ඉන්න කාමුකයො දරුවන් බිලිගන්නවා. ඔක්කෝටම හපන් තාත්තා අතින් දරුවන් අපචාරයට පත්වීම .. නොදෝමකින්.. මුන්ට අහවල් එක කපලා තමයි දඬුවම් කරන්නඕනෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා... මමත් කියන්නෙ ඒකමයි. හතර පස් දෙනෙක්ගේ කපලා දැම්මනම් වැඩේ නවතිනවා. මම හිතුවේ සාරුවාට ඇතුලෙදි ගේම දෙයි කියලා. ඒ බව දැනගෙන ඌ ඇතුලේ ගාඩ් දාන් ඉඳලා තියෙන්නේ..

      Delete
  13. ලොකු පුටුවලට ගිය ලොකු නෝනලා නිසා සිද්ධ වෙන අලකලංචි අකටයුතු වැඩ මමත් දිනපතා දකිනවා...

    ලංකාවෙ දරුවන්ගෙ ජීවිත නම් හරිම ඛේදවාචයක්... අපි ශාරිරික අපචාර ගැන වැඩියෙන් කතාකරනවා... නමුත් මානසිකව වගේම අධ්‍යාත්මිකව සිද්ද වෙන අපචාර ඒව ගණන් හදල පෙන්වන්න බැරි දේවල්....

    හැම මොහොතකම ආදරය, අගයකිරීම, රැකවරණය දෙන්න අපි අවට ඉන්න දරුවන්ටවත්....

    ReplyDelete
    Replies
    1. ගොඩක් දුක හොඳ මිනිසුන් උන් ආයතනයක්, දෙයක් කල ආයතනයක් මේ තත්වයට පත් වීම.

      Delete
  14. අද ලංකාව තුල අනාරක්ෂිත බවෙන් මිදී ඇත්තේ කවුරුද ? මාස පහේ ළදරුවා දූෂණය කරන සමාජයේ මිනිසත් බවක් කොහිද?
    මේ ගැන ළමා හා කාන්තා කටයුතු ඇමතියා, නිමල් මරිසිපාල සහ බුද්ධිමත් යයි අප සිතාගෙන සිටි වෙයිද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කිව්වේ කුමක්ද..?
    "අද ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ වල වැඩිවීමක් නෑ, සිදුවී තිබෙන්නේ ඒවා වාර්තා කිරීම අතීතයට සාපේක්ෂව වැඩිවී තිබීමය" කියලා.
    "රේප් සෙන්චරිය " දැමීමේ ප්‍රීතියට පාටිදාන , ඒ පාටිවලට සහභාගී වන පක්ෂ ලේකම්ලා,තරුණ කටයුතු ඇමතිලා සිටින, අවුරුදු දොළහකට පසුව 'රනිල් මට ...කේ ඇරියා" කියමින් ආණ්ඩුවට පනින විපක්ෂ සටන්කාමීන් සිටින රටක ජනතාවට මොන බලාපොරෝත්තුද? හෙටත් මුනටම චන්දය දී ඇතිවෙනකම් අරින තුරු දෙකට නැවී...ක දික් කරන ඉමු.

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා හරියන්නේ නෑ. මේවා ගැන හඩක් නගන්න ඕන... එහෙම හිටියොත් නම් උඹ අන්තීමට කියපු දේ කරලා තමයි නවතින්නේ...

      Delete
  15. >>ලංකාවේ දිනකට අනාචාරයේ හැසිරීම් 140'000ක් වෙන බව සමීක්ෂණයකින් හෙළිවේ<< Neth FM පුවතක්.
    මේව අපාචාර නෙමේනෙ?
    දෙපාර්ශවය කැමැත්තෙන් කෙලිලිනෙ,ඒකියන්නෙ කොටු පැනිල්ල.
    කොහොමද ඔලිම්පික් වලටත් කොටු පැනිලි ක්‍රීඩාවක් තිබුන නම්.

    ReplyDelete
    Replies
    1. ඒවා නම් මචෝ ළෝකේ කොයි රටෙත් වෙන දේවල්. මෙහේ වැඩියි, ඒවට නිදහස අහුරලා තියෙන නිසා..

      Delete
  16. මාතලන්ට පේන්නෙ ගහේ ඵල ටිකනේ. ගහේ මුල පේන්නෙ නෑ. ඒකයි අවුල. ලංකාවෙ ළමයින්ට පමණක් නෙවේ ගෑනුන්ට පිරිමි ළමයින්ටත් ආරක්ෂාවක් නෑ. රැකියා ස්ථානවල පවා ලිංගික හිංසනය තියනව. ඒත් ඒවට විරුද්ධ වෙලා ඉහලට යන්න තරම් යාන්ත්‍රණයක් මෙහේ තියනවද?

    පහුගිය දවසක එංගලන්තෙ පන්සලක ඉන්න අපේ ලොකු හාමුදුරුවො ඇතුලට දැම්ම ළමා අපචාර චෝදනාවකට. ඒ අතවරය සිදුවෙලා අවුරුදු දහයකටත් වැඩියි. අන්න එහෙමයි වැඩ කරන්න ඕන. නැතුව අනේ ජනාධිපතිතුමාට හොරෙන් මුං කෙලිනවනේ වගේ බබා පාට් වැඩක් නෑ. වැදි නායකය ගැනත් කතන්දරේ ඕක තමයි. සංස්කෘතික අමාත්‍යංශෙන් කැබ්එක ගිල්ල කියල ජනාධිපති දන්නෙ නැද්ද? එතකොට එයා බබෙක්ද?

    ලංකාවෙ ළමා අපචාර සිදුවෙන බව ඇත්ත. ඔය සංඛ්‍යාලේඛණත් ඇත්ත වෙන්න ඇති. ඒ කියන්නෙ දැන් අවුලක් තියනව. අවුල විසඳන්න අවුලට හේතු හොයාගන්න ඕන. ඒවට විසඳුම් දෙන්න ඕන. ළමා-කාන්තා අපචාර වලට එරෙහිව දැන් තියන නීති රීති වෙනස් වෙන්නත් ඕන. මේ සිස්ටම් එක වෙනස් විදියකට යන්න පටන් ගත්ත දවසට ඔන්න අපිට මේ ගැන කතා කරන්න සිදු නොවේවි. එහෙම වෙච්ච දවසට කුකුල් චාලි වගේ උදවිය ලොකු පුටු වලට පත්වීම නවතීවි.

    ඒ වගේම මම දකින අන්ත් පැත්ත තමයි ළමයින් සම්බන්ධව දෙමව්පියන්ගේ අවධානය නැතිවීම. උඹට පුළුවන් නම් අතවරයට පත්වෙච්ච ළමයි ගැන හොයන්න ඒ හැම එකකම පිටිපස්සෙ තියෙන්නෙ දෙමව්පියන්ගේ නොසැලකීම. විශේෂයෙන්ම ළමයින් අනාරක්ෂිත තත්වයට පත්වීම. (පහුගිය දවසක මේ පැත්තෙ සිදුවුන සිද්ධිය ගත්තොත්)අම්ම එක්ක තරහ වෙලා හැන්දෑවෙ ගෙදරින් එලියට බහින අවුරුදු 15-16ක කෙල්ලෙකුගෙ අතවරයට ලක්වීමට වැරදි කවුද?

    ReplyDelete
    Replies
    1. දෙමව් පියන්ට බනින එකෙයි, ඡන්ද දායකයට බනින එකෙයි වෙනසක් මම දකින්නේ නෑ. ඒක ගැල විජ්ජාවට හදාගත්ත බොහොම ලේසි උත්තරයක්. එතකොට සමාජයට වග කීමක් නැද්ද? ඉස්සර පොඩි එකෙක් අතරමං වෙලා ඉන්නවා දැක්කොත් කී දෙනෙක් ඒ දරුවා ගැන හොයලා බලනවද? මම මේ ළඟදි බස් එකේ යන ගමන්, බස් හෝල්ට් එකක් ගෑණු මනුස්සයෙක් අඬනවා. එකෙකුටවත් ගානක් නෑ. හැමෝම අයිනකට වෙලා. මට තව දුරටත් මේ ගමන යන්න බෑ. මම බස් එකෙන් බැස්සා. ඒ මනුස්සයගේ මිනිහා ගෑණිට ගහලා එලියට දාලා. මම එයාව ත්‍රී වීල් එකක දාගෙන පොලීසියට ගෙනිච්චා. පොලිසිය මට ප්‍රශංෂා කළා මිසක් බැන්නේ නෑ. සිවිල් පුරවැසියකුගේ සමාජ යුතුකම් කියන්නේ ඔය වගේ ඉත සුළු දේවල්.

      ජනාධිපති නොදන්නවයි කියලා මම කියන්නේ නෑ. නමුත් ආයතනයක් සිඳුවන සියළු දෙම සමහර විට මැනේජර් දන්නෙ නෑ. ඒකට තමයි සේවකයෝ අරගෙන තියෙන්නේ. සේවකයා තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීමට, මැනේජර් පලි නෑනේ. සමාජය කුරුවල් වෙලා හදන්න බෑ. අරක මේක කියනවට වඩා, මම දකින් දේ ලියන එකත් වරදක්ද මහත්තයෝ. අඩු ගනේ එකෙක් හරි දැණුවත් වෙනවා නේද?

      Delete
    2. අපි කොච්චර උත්සාහ කලත් 100%ක් නිවැරදි සමාජය ගොඩනඟන්න බෑ. දූෂකය කියන කෙනා හැම සමාජයකම ඉන්නව අන්න ඒකයි දෙමව්පියන් ගැන කිව්වෙ. උඹ කල වැඩේ හොඳයි. ඒත් අපිට ඕන ඔය කියන ක්‍රමය ඉස්සරහට යන්න පුළුවන් විදියක්. උඹ පොලීසියට භාරදීපු ගෑනිගෙ මිනිහගෙ තරාතිරම නොබලා කටයුතු සිදුවන සිස්ටම් එකකුයි අපිට අවශ්‍ය.

      දෙවනි ඡේදෙ ගැන නං කියන්න තියෙන්නෙ බුවා දවසක් කිව්ව විදියට "මාතලන්ගෙ විරෝධය උපරිමයි හැබැයි වදින්න ඕන තැනට නෙවේ" කියල.

      මම කියපු දේ "ලිවීම වරදක්" කියන තැනට ලඝු කරන්න එපා මාතලන්. එහෙම උනොත් මේ සංවාදය ඵලදායී වෙන්නෙ නෑ.

      Delete
    3. උඹලට හැම දේටම ගහන්න ඕන ජනාධිපති තුමාට. ඒක සාධාරණද කියලා කන්නාඩි ගලවලා බලපන්. ඔය් තැන රනිල් හිටියත්, සෝමවංශ හිටියත්, වීරවංශ හිටියත්, චම්පික හිටියත්, මොකා හිටියත් ඒ තනතුර කියන්නේ තිදෙව් ළොවට අධිපති සක් දෙවියෝ නෙමේනේ. එහෙමනම් මේ අනික් දේශපාළකයෝ හා ආයතන අවශ්‍ය නෑනේ. රාජාන්ඩුවක් හදා ගත්තම අහවරයි. සිස්ටම් එක අවුට් කියලා. සුළු වැරදිවත් හදාගන්න බැරිනම්. සිවිල් පුරවැසියා කියන එකාගෙන් වැඩක් නෑනේ. අසාධාරණයට විරුද්ධව කතා කරන්න බැරිනම්, ලියන්න බැරිනම්, මටත් පුළුවන් හැමදාම බුකුයේ පින්තූරයක් දාන්න. "ජනාධිපති තෝ ගෙදර යනු හෝ පල" කියලා. එහෙම දැම්මයි කියලා රට හැදෙන්නේ නෑනේ.

      අඩු ගානේ වැලි ලොරිය නිදහස් නොකරපු වැළිවේරියේ ඕ අයි සී වගේවත් ඉන්න ඕන..

      Delete
    4. මාතලන් මමත් රාජ් කියන කරුණුවල ඇත්තක් දකිනවා. ඔබ කියන්නෙ විය යුත්ත. හැබැයි රාජ් කියන්නෙ දැනට වන දේ. විය යුත්ත ඒක වුනාට ඒක එහෙම වෙන්නෙ නැහැ. මම දන්න ලොරි ඩැයිවරයෙක් දිනක් මහ රෑ මට කතා කරලා කියනවා. මහත්තයා පොඩි කෙල්ලෙක් අතරමං වෙලා පාක් එකේ වුන් උස්සන්න හදන්නෙ මොකද කරන්නෙ කියලා. ඒ සැරේ මම කිව්ව ඇහැ ගහගෙනම ඉන්න මම ඉක්මනට මොනවා හරි කරන්නම් කියලා. මම ඒ එක්කම මගේ නෝනත් එක්ක එතනට ගියා ගිහින් ඒ ළමයව එවලෙම පොලීසියට ගෙනත් ගෙදර නොම්මරේ අරන් ගෙදරට අමතලා මහ අය ගෙන්නලා ළමයා බාර දුන්නා.

      එතනදි අර රියදුරා වියයුත්ත කළා. මාතලන්ට අනුව ඔහු හරි. නමුත් රාජ කියන දේ තමයි නිතර වෙන්නෙ. බහුතරය අර රියදුරාට විරුද්ධ වුනා. නමුත් මම එතැනට ගිය නිසා උන්ගේ විරෝධය යට ගියා. මේ සමාජෙන් එහෙම දේ බලාපොරොත්තු වෙන්න බැහැ. මේක පිරිහිලා ජරා ජීර්ණ වෙලා තියන්නෙ.

      Delete
    5. නෑ වෙද මහත්තයා වැඩි පිරිසක් හොඳ මිනිස්සු ඉන්නේ. අපතයෝ ටිකයි ඉන්නේ. නමුත් හොඳ මිනිස්සු නිහඬ වීම කියන්නේ ජාතික අපරාධයක්. මම නම් ඒක දකින්නේ, සමාජ වගකීම් පැහැර හැරීමක් හැටියට. දැන් බලන්න රාජ් උනත් බය නැතුව කිව යුතු දේ කියනවා නේ. මෙන්න මේ ට්‍රන්ඩ් එකයි වැඩි කරන්න ඕන. කිරිඳිවැළ ඕ අයි සී කෙලින් හිටියා. අන්තිමේදි නියෝජ්‍ය ඇමතියා බල්ලා උනා. නමුත් අනික් උන් විහින් බල්ලෝ වෙනවා...

      Delete
    6. එකඟයි. හැබැයි අපතයෝ වැඩි බවයි මට හිතෙන්නෙ. මොකද් එහෙම නිහඬ වෙන උන් කියන්නේ විශේෂයෙන් දැන උගත් නිහඬ උන් කියන්නෙ අර සමාජ දූෂකයන්ටත් වඩා අපරාධ කාරයෝ. ඒ නිසා උන් දෙගොල්ලගෙම වෙනසක් මට නම් පෙන්නෙ නැහැ. බ්ලොග් වලින්වත් මෙහෙම කතා කරන එක හොදයි.

      Delete
    7. මම කියන්නෙ මාතලන් අපිට කරන්න පුළුවන් දේවල් ගැන. [අපි කියල කිව්වෙ ලොකු තැන්ද ඇතුළුව] උඹ කල දේ සහ මහ වෙදන කලදේ කරන මිනිස්සු ඕන තරම් මේ සමාජයේ ඉන්නව. ඒ වගේම අනිත් පැත්තෙ ඉන්න නරක එවුනුත් ඉන්නව. අපිට ඒ දේවල් එකපාරට වෙනස් කරන්න බෑ. නමුත් එක පෑන් පහරින්-එක රැයෙන් වෙනස් කරන්න ඕන දේවල් එහෙමමයි. ජනාධිපතිට බෑ හැන්දෑවට පාරක් පාරක් ගානෙ ගිහිල්ල ගෑණු ළමයි බේරගන්න[අවංක උවමනායක් තියනව කියල හිතුවත්]. හැබැයි එයාට කරන්න පුළුවන් දේවල් ටිකක් තියනව. 2/3 ලැබුන ගමන් සදාකල් බලයේ ඉන්න ප්ලෑන ගැහුවනේ. ඒත් එදා ඉඳල මේ දක්වා මොනවද රට වෙනුවෙන් කරල තියෙන්නෙ? ඒ ටික නොකරන තාක් එයාට ගැහිල්ල නවතින එකක් නෑ.

      ළමා අපචරෙ නවත්වන්න අංකයක් නං දීල තියනව. ඒකට පැමිණිලි කලාම රාජකාරිත් කෙරෙනව. ඒත් අද තියන සාම්ප්‍රදායික නීති රීති එක්ක මේව කරන්න ටිකක් විතර අමාරුයි. ඒව වෙනස් වෙන්න ඕන. රාජ්‍ය සේවයේ ඉන්න නිසා මමත් ටිකක් දන්නව මේව ගැන. පාර හදන්න ඕන අය පාර හැදුව නම් අවුල් ඇතිවෙන්නෙ නෑ. අන්න එදාට නිලධාරීන් බෙල්ලෙන් අල්ලගන්න පුළුවන්.

      Delete
    8. මචං මාතලන්,ඔතන ඔය රාජපක්ෂ කියන කෙනා වෙනුවට මොකා හිටියත් සංවේදී ප්‍රශ්නයකදී ඒ වගකීම ජනාධිපතිට පැවරෙනවනේ.අනිකුත් ප්‍රශ්ණවලදී කඩිනම් ක්‍රමවත් වෙන්න පුලුවන් නම්,දිනපතාම පුරුද්දට ලමයි හුරතල් කරන කෙනාට වඩාත් ඉක්මනින් මැදිහත් වෙන්න පුලුවන් නේ.ලමා අපචාර ඔඩු දුවලා තියෙන කාලෙක විශේෂයෙන්.

      Delete
    9. ජනාධිපති ඔක්කෝටම වග කියන්න නම් මක්කටද බං මේ පලාත් සභායි, ප්‍රාදේශීය සභායි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයි, ළමා අධිකාරියි, පොලීසියි.. පුදුම කතාවක්නේ මේක.. දැන් කිරිදිවැළ වැලි ලොරිය රිලීස් නොකරෙත් ජනාධිපතිද නෑ නේ. තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කරනවනම් ප්‍රශ්ණ සෑහෙන අඩුයි. ආන්ඩුවේ උන් වැඩ නොකරන එකයි කරුමේ. මම කියන්නේ ඔක්කෝම නෙමෙයි. අති බහුතරය..

      Delete
  17. පොස්ටුවත් කියවල , කොමෙන්ටු ටිකත් කියෙව්වට පස්සේ , ලියන්න කොමෙන්ටුවක් හිතා ගන්නත් බෑ අප්පා...... හැමදාම හිතිලා නිතරම කියවෙන බනෙම තමයි ලියන්න හිතෙන්නේ ..... අපිට අපහු එන්න ලංකාවක් ඉතුරු වෙයිද

    ReplyDelete
    Replies
    1. මැලේ අච්ඡාරුවෝ උබට කවද්ද බං ලියන්න දෙයක් තිබ්බේ.

      Delete
    2. අඩේ මගේ කොල්ල උබත් මගේ පස්සෙන්ම එනවා නේද .... නාඩා ඉදින් බන් වීසා එක හදලා දෙන්නම්

      Delete
    3. ලංකාව තියෙයි.. මිනිස්සු ඉඳියිද කියන එකයි ප්‍රශ්ණේ. තිරිසන්නු නම් ඉඳියි...

      Delete
  18. අවසාන වශයෙන් අපට කීමට ඇත්තේ කරුණාකර තම නොහැකියාව ලොවට පෙන්වා තනතුරට නිගා නොකර, වාචාල කටට මුකවාඩමක් දමාගෙන සේවයේ යෙදෙන්නේ නම් මැනවි යයි කියාය///

    මොන සේවයක් ගැනද මාතලන් ඔයා මේ කියන්නේ... මෙයාලා සේවයක් කරනවද... නිකං බබාලා වගේ උදේට කාර් එකේ නැඟලා ඩ්‍රයිවර් එක්ක ඔෆිස් ඇවිත් පුටුව රත් කර කර ඉඳලා දවසෙන් බාගයක් සාරිය හදන්න, මේකප් කරන්න ගත කරලා ගෙදර යන එකනේ මෙයාලා කරන්නෙ.. නැත්තං මෙහෙම ගොන් කතා කියයිද...

    ReplyDelete
    Replies
    1. මමත් ඔබ තුමිය සමග එකගයි.

      Delete
    2. එක නේන්නම් මේ සියළුම කරුම. මට ආරංචි විදයට භූ විශමතා හා පතල් කැණීම් ආයතනයද මොකක්ද එකෙන් 2009 දී කියලා තියෙනවා රතුපස්වල හා ඒ අවට වතුරේ පී එච් අගය අඩුය, වහාම නළ ජලය ලබා දෙන්නය කියලා. ඒවා ඔක්කෝම යට ගහලා...

      Delete
    3. matath oba thumiya samga nidiyanna asai

      Delete
  19. බොහෝ වෙලාවට ඔය ඉහළ ආයතන කියන්නේ සුදු අලි!

    ReplyDelete
    Replies
    1. සුදු අලි නේන්නම්.. වෙන මොනවද.. ඒකනේ රටට කෙලවෙලා තියෙන්නේ..

      Delete
    2. oyage huththa sudu na e athi

      Delete
  20. ඔව් ඉතිං මුන්ට ළමා කාලයක් නෑ වගේනේ මුන් වැඩ කරන්නේ!

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට මේ වගේ දේවල් කරන්නේ පොඩි තැන ඉඳලා ලොකු තැන්වලට ආපු උන්. ඉස්සර ප්‍රභූ පන්තිය රට පාළණය කරන කාළේ ඒ මිනිස්සුන්ගේ මනුස්සකම කියලා දෙයක් තිබුනා. මුන්ට හීනමානය...

      Delete
  21. අපචාර ?? එහෙම දේවල් ලංකාවෙ කෙරෙනවද ?? මේ ආස්චරියෙට දුවන අතරමග ????

    ReplyDelete
    Replies
    1. ඒ යන ගමන් ආතල් එකට රේප් එකකුත් කරගෙන තමයි යන්නේ...න්.අත්නම් ගතියක් නෑලූ...

      Delete
  22. මම ඔයාගේ කියවපු හොඳම කාලින ලිපිය. අනිත් එව්වා නරකයි කියනවා නෙමෙයි.. හැබැයි තිත්ත ඇත්ත වැදෙන්න ලියලා තියෙනවා. ඔය අත් දෙකේ ඇඟිලි වලට බොහෝම පිං...

    ඔයා හරි, මම ජීවත් වෙන්නෙත් මගේ මුල් දුවල තියෙන්නෙත් හද්ද පිටිසර කියන ලේබල් ඇලවුණු ගමක් ඇතුලේ නිසා මට ඔය කියන දේ ප්‍රයෝගිකව හොඳට දැනෙනවා.
    මේ ගම් වල ඕනෑ තරම් ඔය කියන විදියේ අපචාර නීතියේ ඇස් වැහිලා වෙනවා. ඒවාට නූගත්කම නිසා නීතියේ හෝ සමාජයේ හෝ පිළිසරණක් නැහැ. අඩු ගානේ සමාජට නිරාවරණය නොවී ම, ඒ ඒ ජීවිත විනාශ වෙලා යනවා.
    ඇත්ත ඕකයි. නගරයේ ඔය කියන දේවල් නොවෙනවා නෙමෙයි. හැබැයි ඒ දේවල් වලට වඩා අසරණකම නිසා මේ නිර්ධන මිනිස්සු කඳුළු හලලා දරාගෙන ඉන්නවා. ජීවිකාව බඩ රස්සාව වෙච්චි මිනිස්සුන්ට තමන්ගේ කන කෑම වේල් 3 විතරයි ඇත්තටම ලොකු. මිනිස්සුන්ගේ අභිප්‍රාය ජීවත් වීම මිස ජීවත් වීම ඇතුලේ තියන ගැටළු ගැන අසාදාරනකම් ගැන වැටහීමක් නැහැ. වැටහීමක් තිබ්බත් හැප්පෙන්න බැරි අසරණකම ඒ ඒ මිනිස්සු නිහඬ කරනවා. මන්දා මේ සමාජ රටාව වෙන්න ඇති. හැබැයි ඔය ඒ /සී කාමර අස්සේ කොම්පියුටර් වලින් සාදාරණය හොයන " අනෝමා දිසානායක " වගේ අයට අපේ වයසේ ළමයි හරි, අපිට බාල නංගිලා මල්ලිලා හරි විඳින දුක දැනෙන්නේ නැහැ.

    ලැයිමක් අස්සේ, ගල් වලවල් වල වාඩි අස්සේ සිදු වෙන්නේ අපචාර මිසක් ඒ අස්සේ සභ්‍යත්වය නැහැ. මිනිස්සු ගැටෙන්නේ පොළවත් එක්ක නිසා මානසික වශයෙන් ගොඩක් පහත් ( පහත් කිවේ පීඩනයෙන් ඉන්නේ ) ඉතිං ඔය වගේ දේවල් ඇතිවීම පුදුමයක් නොවේ..
    මම දන්නා බොහෝ සිදුවීම් තියෙනවා. දෑසින් දැක්ක දේවල් තියෙනවා. ඒ ඒ දේවල් වලට කතා කරපු කෙනෙක්වත් නීතියේ සරණක් ලැබුන / දුන්න කෙනෙක් වත් මේ ලංකාවේ නැහැ..

    ඇත්ත ජනාධිපති තුමා, හොටු කොල්ලෝ ඉඹලා හිනා උනාට, වැද්දෝ එක්ක තුරුළු උනාට අපේ රටේ රාජ්‍ය ආයතන වල වෙසෙන්නෝ හරිම පහත් ආකල්ප වලින් ඉන්නේ.. එයාල සේව්‍ය කල යුත්තේ ජනතාවට කියන දේ අමතක වෙලා.. පිට සක්වලින් බැහැපු අය වගේ හැසිරෙන්නේ. සරම ගහගෙන ලේන්සුව කරේ දාගෙන ගියොත් ඒ මිනිහට දවස් ගානක් බඩ ගාන්න ඕනේ ඒ ආයතනයට. කිසිම මානුෂීය ගතියක් නැහැ.
    පැය ගණන් වේලෙනවා මිනිස්සු වතුර උගුරක්වත් නැතුව. ඒ මිනිස්සු පොලවේ පය ගහලා නෙමෙයිද ජීවත් වෙන්නේ හිතෙනවා...

    ජනතා ජන්දය තුලින් පත් වෙන දේශපළුවොත් එහෙම්ම තමයි.. කානු ගානේ ඡන්දය ඉල්ලා ඉල්ලා එන උන් දිනුවට පස්සේ ඡන්දේ දුන්න මිනිස්සු පෝලිම් ගැහිලා ඉන්න ඕනේ.. හැමදාම වගේ කියන්න තියෙන්නේ මටනම් හොම්බට දෙකක් අනින්න පුළුවන් ඔය ඔක්කොම පෝලිමට තියලා..

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. උඹ පෝලිමේ තියලා අනිනකම් උන් බලාගෙන ඉඳියි!!!!!

      Delete
    2. pin karanna pansalakata palayan ban... apoo hits ganna vidina dukak

      Delete
    3. උන් බලාගෙන හිටියොත් අනින්නෙත් නැතිවෙයි......!!!!!!!!

      Delete
    4. ඒ මිනිස්සු ගැනතමයි මටත් තියෙන දුක. අනික ඒ මිනිසුන්ටත් ඒ නරා වලෙන් ගොඩට ඒමට උනන්දුවක් නැතු කම. හැම දෙම කර්මයට හා ආගමට භාරදීලා හූල්ල හූල්ලා ඉන්නවා, රාවණා පහල වෙනකං

      Delete
    5. දුක් විඳින්න දෙයක් නැහැ. මට හිට්ස් තියෙනවා ඇනෝ.

      බුද්ධිමත් යැයි කියන මිනිස්සුන්ගේ නිහඬත්වය තමයි හැමදේටම මුල මාතලන් අයියේ..

      Delete
  23. ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිනිය ඇත්ත කීවොත් මොකද වෙන්නේ? ශිරානි බණ්ඩාරනායක නෝනාට,සරත් ෆොන්සේකා මහත්තයාට වගේ පැන්ෂන් එකටත් කෙලවාගෙන ජාතිද්‍රෝහී ලේබලයත් අලවාගෙන ගෙදරයන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා ගෙදර යන එක සැප නැද්ද, පච කෙල කෙල රට කනවට වඩා...

      Delete
  24. කියල වෑඩක් නෑ.වෑටත් නියරත් ගොයම් කා නම් වගෙ ඔව බහුතරයක් වෙන්නෙ ලමයි රකින්න දිපු එවුන් අතින් ම තමයි.

    ReplyDelete
    Replies
    1. උන් තමයි වැඩියෙන් අපචාර වල යෙදෙන්නේ..

      Delete
  25. harima sanweiy oya lassanata liyala thiyanawa pattaa...
    rathi sampath lebewa...

    ReplyDelete
  26. දේහය තවමත් රොහලෙන් නිවසට ගෙන ආවෙ නෑහෑ

    ReplyDelete
  27. මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඉන්න කාලේ යම්කිසි වැඩ කොටසක් සිදුවුනු බව ගොඩාක් අයගේ මතයයි.තවත් කාරණයක් තමයි මේ කිසිම දේකට දැනෙන දඬුවමක් දුන්නායි කියා මිනිස්සුන්ට නොපෙනීම.සමහරක් රටවල්වල මේ වගේ අපතයෝ සමාජයේ බාහිර ක්‍රියාවලින් සහමුලින්ම ඈත් කරලා දානවා.ඒකට නීතියට අමතරව ප්‍රදේශයේ පුරවැසියන් පවා ඉදිරිපත් වෙනවා.පසුගිය කාලේ බීබීසි එකේ හිටපු ජිමි සැවිල්ට අදාලව වෙච්ච සිදුවීම් ටික බලපන්.මිනිස්සු උගේ සොහොනත් කුඩුකරා.

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සු මුන් සලකන්නේ වීරයෝ විදියටනේ.. ඉතින් මේ ගෑණිටත් පේනවා ඇත්තේ ඒ වගේ තමයි. උන් ටිකක් දාලා නෝනව දූෂනය කරානම් හරි...

      Delete
    2. චී. චී. මාතලං අපිටනම් බෑ පට්ටි ගහන (උන් ගොන්නුනේ) වැඩ.

      Delete
  28. සම්පූර්ණ ඇත්ත,
    මේ ලිංගික අපචාරවල වාර්තාවන සිද්ධි ටික ටිතරයි. තමන්ට තමන්ගෙ පවුලට සිදුවන ලජ්ජාව, අවනම්බුව වසාගන්න මේ සිදුවීම් හංගගත්ත අය කොයිතරම්ද. ළමාආරක්ෂකයටත් පැමිණිල්ලක් ඉදිරිපත් වෙන්න ඕනේ පරික්ෂනයක් කරන්න. මට හිතෙන හැටියට පුවත්පත් වාර්තාවලට ඔවුන් කටයුතු කරන්නෙ නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. අර නූරියවත්ත කියන වත්තේ කිසිම කෙල්ලෙක් නෑලු අරුන්ගෙන් බේරුනේ. අඩු ගානේ මේ ගෑණී ඒ ගැන හොයන්නවත් ගියාද? පැමිණිලි දානකම්ම ඉන්න ඕනද..?

      Delete
  29. මේ ලියන්නම ඕන එකක් මාතලං. දෙකක් නෑ.. අපිටම ලැජ්ජයි අපි ගැන මේවා ඇහෙන කොට. කෝ ආස්චර්යෙ.

    ReplyDelete
    Replies
    1. ලියන්න පුලුවන් තරම් කල් ලියනවා මචෝ..

      Delete
  30. ලමා ආරක්ෂාවට කියලා ඕනෑවට වඩා නීති දැමීම නිසා
    වැඩිහිටියන් ලමයි හැදීමට මැලිවීමට ඉඩ තියෙනවා සමහරවිට ගබ්සාවටත් පෙළඹෙන්න ඉඩ තියෙනවා
    මේක හරියට බහු විවාහය තහනම් කරලා ගනිකා වෘත්තිය නීතිගත කිරීම වගේ
    ලමයි වෙනුවෙන් වැඩකරනවා කියන එන් ජී ඕ කාරයන්ට ඕන ලමයි ආරක්ෂා කරන්නද නැත්නම් සිංහල ජාතිය වඳ කරන්නද කියලා සැලකිලිමත් වියය යුතුයි

    ReplyDelete
    Replies
    1. //ලමා ආරක්ෂාවට කියලා ඕනෑවට වඩා නීති දැමීම නිසා
      වැඩිහිටියන් ලමයි හැදීමට මැලිවීමට ඉඩ තියෙනවා සමහරවිට ගබ්සාවටත් පෙළඹෙන්න ඉඩ තියෙනවා//

      ඇයි බං මේ රට්ටු හිනස්සන කමෙන්ට් දමන්නෙ. කලින් පෝස්ට් එකෙත් මුස්ලිම් පල්ලිවල ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රමයක් ගැන උඹ කියල තිබුනා, ඒක කියවලත් මට රිප්ලයි එකක් දාන්න හිතිලත් හිනා වෙලා නිකන් හිටියා. ඇත්තටම ඔයා මේ සීරීයස්ද කියන්නෙ, නැත්නම් විහිළුවටද.

      අනෙක අපේ රටේ ඉන්න හුඟක් මිනිස්සු හිතන් ඉන්නෙ මුළු ලෝකෙම බලාගෙන ඉන්නෙ සිංහල ජාතිය වඳකරල දාන්න කියල. මේ මොන පිස්සුවක්ද. සිංහලයො වඳ වෙනවනම් එහෙම වෙන්නෙ උන්ගෙ මෝඩකම් නිසා. (මම හිතන්නෙ චීන්නු නම් කැමති වෙනකන් නෑ සිංහලයො නැති වෙලා යනවට, උන්ට මුළු ලෝකෙන්ම මේ වගේ කොන්ඩෙ බැඳපු හරක් ටිකක් හොයා ගන්න බැරි වෙන්න පුළුවන්)

      Delete
    2. මචං උඹ හිතන විදියට මම මාර කැමතියි මචං.... පුදුම දැක්මක් තියෙන්නෙ ඕනම ප්‍රශ්ණයක් ගැන.. චන්ද්‍රා අනගිරත්න වගේ හරි විමසුම ලියන මහින්ද අබේසුන්දර වගේ පැහැදිලි අනාගතයක් තියෙනවා උඹේ දැක්මේ.. උඹ වගේ උන් මේ ධර්මද්වීපයට වාසනාවක් මයෙ අම්මා...

      Delete
    3. මම නිරුවත් වානරයා පොත කියවලා තියෙනව
      ඒකෙ එක තැනක තියෙනව කුරුසය ගැන මනෝවිද්‍යාත්මක අදහසක්
      ඒ අනුව කුරුසයේ දිග පොල්ලෙන් පුරුශ ලිංගයත් හරස් පොල්ලෙන් ඇට දෙකත් නිරූපනය වෙනවා
      මේ අනුව කුරුසය කියන්නේ ලිංග සංකේතයක් එමනිසා එම සංකේතයට මිනිස්සු ආකර්ශනය වෙනවා කියලා
      මටත් ඔය කතාවෙ ඇත්තක් තියෙනවා කියල හිතෙනවා මොකද මටත් කුරුසය දැක්කාම යම් ආකර්ශනයක් ඇතිවෙලා තියෙනවා
      විශේෂයෙන්ම කුඩා කාලයේදී
      මම පස්සේ කල්පනා කලා මුස්ලිම් ආගමේ ඔහොම දෙයක් තියෙනවද කියලා ඒ ආගමේ ආගමික සංකේතයේ නම් ඔහොම දෙයක් නෑ
      ඒක දැක්කාම විශේෂ වශී වීමකුත් නෑ නමුත් මුස්ලිම් පල්ලියේ වහලය දැක්කාම නම් මෝහනය වීමක් වෙනවා
      ඒකයි අර තියරිය පල්ලියේ වහලයට ආදේශ කෙරුවේ ඒ මදිවට සමහර පල්ලිවල දොර ජනෙල් පවා ලිංග සංකේත හැටියට හදනවා
      චෛත්‍ය ගැන ඔයාගේ අදහසේ පොඩි අවුලක් තියෙනවා අපි චෛත්‍යයක් දැක්කාම අපේ අවධානය මුලින්ම යොමුවෙන්නේ කොත් කැරැල්ලට
      ඒක ලිංග සංකේතයක් නෙමේ කොත් තැරැල්ලක් නැත්නම් ඔය අදහස හරි

      Delete
  31. හික් හික් (0) පට්ට (1) එළ (4) චොර (0)

    මට නම් මේක පට්ටත් නෑ, චොරත් නෑ, එළත් නෑ, හිනායන්නෙත් නෑ. ඒක නිසා මම උඹෙන් ඉල්ලීමක් කරනවා. මේ අතරට ඇඬෙනවා, මැරෙන්න හිතෙනවා වගේ ඒවත් දාපන්.

    ReplyDelete
    Replies
    1. එළ අදහස ඇනෝ.

      Delete
    2. එහෙම දැම්මොත් හෙම ඔක්කෝම උන් ඒ දෙක ක්ලික් කරයි බං

      Delete
  32. මචෝ මාතලෝ, මේ අහපංකො කා(Ka) කියන දේ,

    මම දවසක් දැක්කා ලක්බිම අන්තර්ජාල පත්තරේ ස්ත්‍රී චූෂණයක් ගැන අදියරෙන් අදියර රසවත්ව ලියපු ලිපියක්. මම ඔය අදියරෙන් අදියර කියලා කියුවේ නිකන් නෙමේනේ. කෙල්ල වවුනියාවේ ඉදලා කොලඹ ආපු හැටි වගේම කෙල්ලගේ යටිපතුලේ ඉඳලා ඉස් මුදුන දක්වාම විස්තර කරලා. ඒ වගේම අහවල් ඒවත් විස්තර කරලා. (මාත් ලියුවා වැඩිද මන්දා) මට සිරාවට මතක් වුනේ තොටගමුවේ රාහුල සංදේශ ලියන්න ගණිකාවෝ වර්ණා කරපු හැටි. කියලා වැඩක් නෑ මාතලං අපිටත් මොකක්දෝ මොකක්දෝ වෙනවා ඒක කියවද්දී. ඒ තරම් +21 එහා ගියපු රසවත් ලිපියක්. කෙල්ලෙක් කියුවට බලවයස්කාරයි.
    මම ආයේ බැලුවා මේ පත්තරේ ලක්බිමද නැත්තම් ප්‍රියාවීද කියලා. කියලා වැඩක් නෑ පෙරාපු ලක්බිම. මුන්ගේ මහ ලොකු මාධ්‍ය ආවරණය. ආවරණය නෙමේ ආචරනය. උඹට කියන්න මාතලං එකේ අපේ පප්පලාගේ දේශේ පප්පලාත් ලස්සන කොමන්ට් දාලා තිබුනා.
    "අනේ පව්"
    "පාරේ යන ගැහැණු ළමයින්ට දෙවි පිහිටයි."
    "අද සමාජයේ හැටි."
    "රජ කාලේ දඩුවම් දෙන්න ඕන"
    "උල තියන්න ඕන"
    තූ නොදකින් මෙහෙම කොමන්ට් පප්පලා. ඔය වගේ පත්තර මාර්කටින් කරන්න දාන ජරා ලිපිවලට ලියපියවුකෝ හරි කොමන්ටුවක්.
    මචං මට ඒක දැකලා නැංගා නැගිල්ලක් (නැංගා කියුවේ තරහා ගියා) ඒ ගමනම පුටාර්ගාලා මචං මම දැම්මා ඒකට සිරා කොමන්ටුවක්, හැබැයි උන් කොමන්ටුව පල කලේ නෑ. රෙද්දක් ඇඳලා උන්ට ඒක පළ කරන්නත් බෑ. පස්සේ මට ඒ ලිපිය හොයා ගන්නත් බැරිවුනා. උන්ටම ලැජ්ජා හිතිලා ලිපිය අයින් කළාද කියලා සැකයි. පුළුවන් එකෙක් ඉන්නවනම් හොයලා ඒ ලිපිය ගූ කරහල්ලා. දැන් සති 2-3 කට කලින් ගියපු ලිපියක්.
    (දුකයි මචෝ උබලට පෙන්නන්න ඒකේ ලිංකුවක් ලඟ තියාගන්න බැරිවුන එක ගැන. හම්භ උන එකෙක් මේ මාතලං අඩවියේ නෑදෑයන්ට බලා ගන්න දාපං)

    - මම කා (Ka) සාටකේට යටවූ ගෝල් දේශේ සිට ලියමි.

    ReplyDelete
    Replies
    1. මාතලං බාල අපචාර මකන්න ගිහින් හිරේ.

      Delete
    2. ඉස්සර ඔය වගේ කතා කියවන්න පත්තර තට්ටුවේ හංගගෙන විකුනපු, නව සරණ, සරණ වගේ වැඩිහිටි කුණුහබ්බ පත්තර ගන්න ඕන.. දැන් නම් ජාතික පුවත් පත් වලට පින්සිද්ද වෙන්න එහෙම පත්තර අමුතුවෙන් සල්ලි දීලා ගන්න දෙයක් නෑ. කොල්ලන්ට වැලකට උනත් සෙට් වෙන්න පුළුවන් අපරාදේ කියන්නේ...

      Delete
  33. මචං......උඹව දැක්කේ නැහැ දවස් දෙක තුනක්

    ReplyDelete
    Replies
    1. මාතලං බාල අපචාරයකට කොටු වෙලා දවස් කීපයකට හිරේ.

      Delete
    2. මචං උඹව නෙමේ නේද අපචාරයට ලක්වුනේ?

      Delete
    3. මේ ටිකේම කැළේ. ලැප ගෙන්න අමතක උනා ඒ නැතත් සිග්නල් නෑ. මේ ඩිස්කවරි එකේ සුද්දන්ට පින්සිද්ද වෙන්න රිප්ලයි ටික කොටා ගත්තේ.. තව දවස් කීපයක්ම කැලේ.. වනචාරී ජීවීතේ..

      Delete
    4. ලැප ගන්න බැරි උනාට කැලේට වෙලා සැපක් ගනිං

      Delete
    5. කකා බාල අපචාර කොරල හිරේ
      අඩේ මැකුවොත් හිරේ.

      Delete
  34. දැන් මේ කේස් වැඩියෙන් වගේ පෙනෙන්නේ වැඩි වැඩියෙන් වාර්තා වීම නිසා බව කියන එකේ නැත්තකුත් නෑ කියල මට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මේක අපේ සංස්කෘතියේ අංගයක් කියන එකද...?

      Delete
  35. ඉතා විශිශ්ට ලිපියක්. වඩාත් ලස්සන කෙටියෙන් ඔක්කොම ලිවීම. එදා හිටි අර්චාර්‍ය හරෙන්ද්‍ර සිල්ව අද නැ. ඒ ගනනම් හරි කනගටුයි. එතුමගෙන් රජය දන් වඩක් ගන්නති හින්දා මේ ලගදි සර්වෝදය එකේ වඩසටහනකට අවා. මම එතුමා ප්‍රදන මෙසයේ දකල පුදුම හිතුනා ඒ වගේ කට්ටියක් එක්ක සම්බන්ද වීම ගන. මම් හරෙන්ද්‍ර සිල්ව මහත්තයට මම් ලියපු ලමා අපචාර ලිපියකුත් දුන්නා. එදත් කට්ටිය එකතුවෙලා කරේ විකාරයක්.

    ReplyDelete
    Replies
    1. පුද්ගල ආකල්ප, රැුකියාව වෘත්තිය යටතෙ මමත් මේ ගන ලිව්වා

      Delete
    2. Maathalan - Priyantha HewageAugust 16, 2013 at 9:02 AM

      ගොඩක් වෙලාවට මේ වගේ දේවල් කරන්නේ පොඩි තැන ඉඳලා ලොකු තැන්වලට ආපු උන්. ඉස්සර ප්‍රභූ පන්තිය රට පාළණය කරන කාළේ ඒ මිනිස්සුන්ගේ මනුස්සකම කියලා දෙයක් තිබුනා. මුන්ට හීනමානය...

      hariyata hari ..

      Delete
    3. සර්වෝදය කියන්නේ පට්ට පල් බොරුවක්. නමුත් ඒක තේරුම් ගන්න සෑහෙන කාළයක් ගියා... මම නම් සතියෙන් තේරුම් ගත්තා පාසල් යන කාළෙදිම...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න