.

.

Sep 10, 2013

කාන්තාවන් දූෂණයෙනුත් ලංකාව පෙරමුණේ - 14.5% of men in SL 'admit rape'

 
ලියන්න මක්කාදැයි කියා හිතා ගන්නට බැරිය. ගැබිනියක් මරා, දියණිය පුළුස්සා මැරූ කේස් එකක් පත්තරේ ඉස්සරහම පිටුවේ දාලාය. අද සෝමාගේ වාහිනියේ, මේවා ඇක්ට් කොරලාම පෙන්නන්න පුළුවන්ය. එයාලාට මේවා මාර ආතල්ය. ඒවා බලන උන්, ඊළඟට ඊට වඩා ගේම් එකකට සෙට් වෙනවාය. ඒ උනාට, මේක ළෝකෙන් උතුම් රටය. නොවේ මෙවන් වින්දනයක් ළොවේය. ආසීයාවේ ආස්චර්යද මොකක්ද එකය. මුලු ළොව මේ රටට යටය. මේවා බොරුත් නෙමේය. නමුත් ඉතින් හොඳ දේකට නම් නෙවේය. මොකක් හරි මගෝඩි කේස් එකකටය. නැතිනම් වර්චස් ගොඩකටය.

අපේ උන් පිල්ලේගේ ඉස්පීච් එකයි. ජයලලිතා ගෙනවන එකයි, විග්නේස්වරන්ගේ මැතිවරණ ප්‍රකාසනෙයි බදාගෙන දඟලන අස්සේ, හාමුදුරුහොරු ගෑල්ලමයි බදා ගන්නවාය. දැන්වත් ධර්ම සංඝායනවක් කරන්න ඕනෑ කියා, ප්‍රබල හඬක් මතු වෙලා තියෙනවාය. මම නම් හිතන්නේ මේක කනපිට ගහනවා ඇර, වෙන කරන්න දෙයක් ඇත්තේම නැත කියාය. අපේ උන් චොකා බයිලා ගසද්දි, ළෝකෙට අපේ නම යන්නේ වනචාරීන් ජීවත් වන රටක් ලෙසය. ඒ වාර්ථා ඇන් ජී ඕ කාරයන්ගේ පඩත්තල වැඩ කියා, ආතල් එකක් ගත්තාට්, හින්ගල පත්තර බැලුවොත් නම්, මේක මනුස්සයින් වාසය කරන දිවයිනක් නොවන බව, අකුරු කියව ගන්න පුළුවන් ඕනම එකෙකුට පෙනෙනවාය.

අපේ උන් අඩු වයසෙන් බඳිනවා බොහොම වැඩියි කියා වාර්ථාවක් දුන්නාම, ඒවා පචෙයි කියා ළමා රක්ෂණ අධිකාරියේ ලොක්කි කියනවාය. ඒ උනාට සීන් එක ඇත්තය. "සෙක්සුවල් හැරස්මන්ට් තියෙනවනම් කියන්න, අපි උදව් කරන්නම්..." කියා, ඇඩ් යන්නේ ඉන්ගිරිසියෙන්ය. ඉන්ගිරිසි කතා කරගන්න පුළුවන් උන් බලෙන් රේප් වෙනවා මිසක්. එහෙම රේප් වලට ලේසියෙන් අහු වෙන්නේ නැතිය. සමහර විට, මේ ඇඩ් එක හින්ගලෙන් දාන්න ලැජ්ජාවක් ඇතිය. ඒ නිසා එහෙම උදව් කරන තැන් තියෙනවාද කියාවත් එකෙක්වත් දන්නේ නැතිය.

ගෙදර බුදුන් අම්මාය කීවාට. මේක අම්මට හැමිනෙන රටක්ය. අම්මා පයිසෙකට ගනන් ගන්නේ නැති රටක්ය. ඒකට ඉතින් අම්මලාත් වග කියන්න ඕනාය. කොහොමින් හරි අද සිරි ලංකාව ළෝකෙට යන්නේ, 14.5% පිරිමින්, කාන්තාවන් දූෂණයට ලක් කරනා රටක් හැටියටය. එහෙම සමීක්ෂණයකට අපේ ධර්මද්වීපේ තෝරා ගන්නෙත්, පත්තර වල තියෙන ඒවා මදිවාට, රටට එන සුද්දියොත් රේප් කොරනා නිසා වෙන්න ඇතිය. ආසියාවේ රේප් කේස් ළෝක මත්තුරුකාවක් උනේ, ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දූෂණයකට ලක්වූ නිසා වෙන්න ඇහැකිය.

මෙතනදී ඔවුන්, අපේ උන් "බලහත්කාරය" කියන එකත් "දූෂණයක්" ලෙසම නම් කරලා තියෙනවාය. මමත් හිතන්නේ ඇත්තටම ඒක දූෂණයක් කියාය. තමන්ගේ ගෑණි එක්ක උනත්, බලහත්කාරයෙන් සෙල්ලම් කරනවානම්, ඒක දුෂණයක්මය. ඇත්ත වශයෙන්ම ඒක ඒම කාන්තාවගේ මනුෂ්‍යත්වයට කරන නිගාවක්මය. සමීක්ෂනයට යොදාගත් බහුතරයක් රටවල් මුස්ලිම්ය. එහෙත් නිවිච්ච දහමක් වන බුද්ධාගම ඕසෙට අදහන රටක්, බංගලාදේශයත් පරදා ඉදිරියට ඒම නම් ලැජ්ජාවට කරුනක්මය. මේවා මේ රටට ගහන්න කරන වැඩ කියා, දේශප්‍රේමීන් කියන්නට පුළුවන්ය. නමුත් මේවා අපේ ඇස් පනා පිට පේන සහතික ඇත්තය.

මෙහිදී සමීක්ෂනයට ලක්කල පොරවල් කියා ඇත්තේ. ගැහැණිය හා සංවාසයේ යෙදීම තම අයිතිවාසිකමක් කියාය. අකමැති වුනත් බලෙන් කිරීමේ කිසිම වරදක් ඔවුන් දකින්නේ නැත. සමහර උන් කියා ඇත්තේ ආතල් එකට එහෙම කරනවා කියාය. උන් නම් ඉතින් මානසික රෝගීන් ඇර වෙන උන් නොවේය. මේ සමීක්ෂණයට ලක් කල රටවල් බැලුවාම, මට නම් පෙනෙන්නේ ලිංගික අජ්ජාපනේ ලබා නොදීම මෙහි ප්‍රධාන හේතුව බවය. අනෙක් කරුණ නම්, මෙසේ තම බිරිඳට හිංසා පීඩා කරන උන්, පොඩි කාලේ ලිංගික අතවරවලට ලක් වෙච්චි උන්ය.

ඒ කියන්නේ, මේ රටවල බාල අපචාරත් එකසිය ගානට තිබෙනා බවය. මිනිස් අයිතිවාසිකම් සත පහකට ගනන් නොගන්නා බවය, නීතීය හරියට ක්‍රියාත්මක නොවනා බවය. ලිංගික අජ්ජාපනයක් ඇත්තේම නැති බවය. ඒ තබා, දෙමාපියන් තම දරුවන් මේ පිළිබඳ දැණුවත් කරන්නේත් නැති බවය. පහේ විභාග. ඕ ලැවල්, ඒ ලැවල්, කැම්පස් පාස් කොලාට වැඩක් නැතිය. දරුවන්ට ආදරය කරුණාව දයාව හා ළමා අයිතිවාසිකම් ලබා දිය යුතුය. මේ කාළකන්නි මැති ඇමතිවරුන්ගෙන් හෝ නිළධාරින්ගෙන් මේවා බලාපොරොත්තු වීම නිකන් විහිළු පමණය. මුන් මේවා වලිනුත් ආතල් ගන්න හරක්ය.


එම නිසා, ඔබේ දරුවන් මේවා ගැන හැකි තරම් දැණුවත් කරන්න. මේ කරුණු වසන් කිරීමෙන් සිඳු වන්නේ දරුවාට අයහපතක් මිස, යහපතක් නම් නොවන්නේමෙය. එම නිසා රට හැදීම කෙසේ වෙතත්. ඔබේ දරුවා හදා ගැනීමට සිතට ගන්න. එවිට අනාගතයේදිවත්. මානුෂික අයිතිවාසිකම් රකින. කාන්තවන්ට ජැක් නොගහන, විහිළු තහළු නොකරන, තම බිරිඳට, තම මවට මෙන් ආදරය කරන, කාන්තාවන්ට ගරු කරන සමාජයක් බිහිවනවා ඇත. මතක තබා ගන්න මේ රටේ ඔක්කෝම ජීවත් වන්නේ කාන්තාවන් නිසා බව. (මම මේ ගැන කලින් ලියා ඇත.)

වාර්ථාව කියවන්න මෙතනින් යන්න.

104 comments:

  1. ඒවගත් එසේමය.. තවත් කාරණයක් තියෙනවා බං ලංකාව තමයි උකස් තියලත් කප් ගහල ඉන්නේ. අන්න ඒකත් හොයල බලල ලියපං...

    ReplyDelete
    Replies
    1. බොටත් හැම එකටම පැන පැන එක වෙන්න කොමන්ට් දාන උන තියෙනවා. බොලාගේ බොගේ කොමන්ට් දාන උන්ට රිප්ලේ දෙන්න වේලාව නේද.
      -කා(Ka)

      Delete
    2. මේක ලියපු කෙනා එක්කෝ ආටිකල් එක කියෝලා නෑ. නැත්තං ඉංගිරිසි දන්නේ නෑ. ඉංගිරිසි නොදැනීම කිසිම ප්‍රශ්නයක් නැතත් ඉංගිරිසියෙන් ලියපු වාර්තාවක් යොදා ගනිද්දිනං ඉංගිරිසි දැන ගන්ඩ ඕනේ. වාර්තාවේ තියෙන්නේ ආසියාවේ සමීක්ෂණයට ලක් කරපු රටවලින් (සංඛ්‍යාලේඛන අනුවත්) අඩුවෙන්ම මේ ප්‍රවණතාවය ඇත්තේ බංගලිදේශයේ සහ ලංකාවේ බවයි. මේකට ආගම සම්බන්ධ කරගන්ඩ බැරි භෞතිකවාදී මාවෝවාදී රටක් වන චීනයේත් (වර්තමාන චීනය බෞද්ධ රටක් නොවේ) ලංකාවට වඩා මේ ප්‍රවණතාවය වැඩි වීමයි. ඉස්ලාම් රටක් වන ඉන්දුනීසියාවෙත් වැඩියි. කොහොම උනත් රටවල් 6ක් කියන්නේ එතරම් විශාල නියැදියක් නොවේ. කොටින්ම ආසියාවේ චීනය ගාවට වැඩියෙන්ම මිනිස්සු ඉන්න ඉන්දියාව අත ඇරලා ‘ආසියාව‘ ගැන කතා කරන්නේ කොහොමද? බටහිර ක්‍රිස්තියානි රටවල තත්වය කුමක්ද කියලා මේකේ දාලා නෑ. අඩුම තරමින් සන්සන්දනය කරන්ඩවත්. කෙසේ වුවත් මේ ‘සමීක්ෂණ‘ කියන ඒවායේ ප්‍රතිඵල නියැදිය අනුව බොහෝ සෙයින් වෙනස් වෙනවා. තමන්ට අවශ්‍ය දේ කියන්ඩ ඕනෑ තරම් සමීක්ෂණ තියන්ඩ පුළුවන්. ඒ නිසා තමයි ඡන්ද කාලෙට දෙන්නාම දිනනවා කියලා සමීක්ෂණ වලින් කියන්නේ.

      Delete
    3. @ AnonymousSeptember 11, 2013 at 3:25 AM

      ඉස්සෙල්ලා ලිපිය කියවන්න. ඔය කියපු ඔක්කෝම ලිපියේ තියෙනවා.. වපරැහෙන් බැලුවම ඔක්කෝම කචල් වෙලා පේන්නේ.. බොම්බේ ලුකින් කල්කටා කියන්නේ ඕකට තමයි

      Delete
    4. ඔය උකස් සීන් එකෙන් මාර කට්ටක් කාලා තියෙනවා බැංකු.. මොකෝ උකස් තියලා ගත්ත ගානට වඩා අද රත්තරන් මාකට් එක අඩු නිසා, මිනිස්සු බේර ගන්නෙ නෑ.. ඒ නිසා තමයි ටැක්ස් එකක් ගහලා පවුමෙ මිළ වැඩි කලේ.. හැබයි ඉතින් ආසියාවේ ආස්චර්යය.. මම ඔය ගැන ලිව්වේ, රට පුරා පෝනින් සැන්ටර් අරින කාලේ...

      Delete
    5. @ දෙවන ඇනෝ

      දැනට සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න ඉහළම ඉංග්‍රීසි දැනුම ඇති අය 5 ,6 දෙනා අතර දේෂත් ඉන්නවා.. වැඩේ තියෙන්නේ ඒකෙන් වැඩක් ගන්නේ නැති කම..

      Delete
  2. මේ වගේ සමීක්ෂණයක් ගැන මාත් ඊයේ කියෙව්වා. විශේෂයෙන් දකුණු ආසියාතිකයෝ ඉන්නේ ඉස්සරහින්.

    ReplyDelete
    Replies
    1. නෑ පොකූ සමීක්ෂනයට ලක් කරලා තියෙන්නේ ඒ රටවල් විතරයි.. අර පහල තියෙන ලින්ක් එකෙන්, වාර්ථාව කියෙව්වනම් හරි...

      Delete
  3. බුද්ධාගම දෝරේ ගලන ලංකාවේ ගැණියෙක් යන්තන් දනිස්ස්ට උඩින් දැදගෙන පාර ගියත් 80 පැනපු මහල්ලාට එක මැජික්ය...ආතල්ය...

    ඒත් බුද්ධාගම තියා හරිහටි ආගමක්වත් නැති බටහිර ස්මාජ් වල ගෑනුරෑ දෙගොඩයාම වෙන තෙක් පබ් වල කා බී බාගෙට නිරුවතින් පාරේ නුරුපද්‍රිතව ගෙවල් වලට යති....


    ඒක එහෙම වෙන්නේත් මේක මෙහෙම වෙන්නේත් ඇයි... මට නම් අ තේරෙන විදිහට අපිට තාම ලිංගිකත්වය මැජික් ය....කටේ බුදු ‍රැස් විහිදුනාට බොක්කේ ලිංගිකා ආසාව පිනුම් ගහනවාය....ආසියාතිකයාගේ ලිංගිකා අසාව සංතෘප්ත වී නෑත..ඒය ඔහු සංස්කෘතික කඩතුරාවකින් වසා ගනී...

    ReplyDelete
    Replies
    1. බලන් කඩතුරා හැර දෑසේ.
      ආ අඅඅඅආ ආ අඅඅඅආ............
      -කා(Ka)

      Delete
    2. මටත් මේ ගැන හිතෙන්නේ මයියා කියපු දේමයි. ආගමක් නොඅදහන්නන් (atheists) වැඩි බටහිර රටවල් වල පවා ගෑණියෙකුට පාරේ බැස ගමන් කිරීමට ඇති නිදහස, ආගම් කරේ තියාගෙන අදහන සමහරක් ආසියාතික රටවල නැත්තේ ඇයි?

      සංකර සහ තුප්පහි සංස්කෘතියක් ඇතැයි බොහෝ දෙනා විශ්වස කරන පිටරටවල ඉගෙන ගන්න, ‍රැකියා කරන, ජීවත් වෙන දරුවන්ට ඒ රටවලදී ඇති ආරක්ෂාව ගැන කලබල නොවන දෙමව්පියෝ, ඒ දරුවා මව් රටට පැමිණි විට ගේ ලඟ කඩේකට වත් තනියෙම යවන්නට බිය වෙන එක ඛේදජනක නැද්ද?

      Delete
    3. ඒක තමයි මටත් හිතෙන්නෙ අර විදුහල්පති පප්පගෙ කතාව ඇහුවම මටත් හිතුනා.ඒක තමයි මම නිතරම කියන්නෙ මේකෙ දෙකින් එකක් ඕන කියල.එක්කො සෙක්ස් හැන තිබෙන ආකල්ප වෙස්ටනයිස් කරන්න ඕන.ඇත්තටම ඕකෙ කිසිම මැජික් එකක් නෑ.භාවනාව තුලින් කුඩා කල සිටම දහමට හුරු කරනවානම් මේ කිසිම දෙයක් නෑ.භාවනාව කියන්නෙ හාමුදුරුවරුවත් නොකරන එකක්නෙ.සිත මෙල්ල කර ගන්න හැටි ඉගෙන ගත්තා නම් බන්ධනාගාර වහන මට්ටමටම සමාජය එනවා.නමුත් භාවනාව තුන් වැනි තැනට දාල දානෙ ඉස්සරහට අරන් බඩගිනි බුද්ධාගමක් හදාගෙනනෙ.ඒක තමයි ඔක්කොටම මුල.

      Delete
    4. //සංකර සහ තුප්පහි සංස්කෘතියක් ඇතැයි බොහෝ දෙනා විශ්වස කරන පිටරටවල ඉගෙන ගන්න, ‍රැකියා කරන, ජීවත් වෙන දරුවන්ට ඒ රටවලදී ඇති ආරක්ෂාව ගැන කලබල නොවන දෙමව්පියෝ, ඒ දරුවා මව් රටට පැමිණි විට ගේ ලඟ කඩේකට වත් තනියෙම යවන්නට බිය වෙන එක ඛේදජනක නැද්ද?//

      දැන් දවස් දෙක තුනකට පෙර මේ කතාවම හිතවතුන් යුවලක් කීවා.
      රට ඉගෙන ගන්නා සිය ගෑනු දරුවන් ගැන දැන් බියක් නැතිබව කීවා.

      dayal bathee

      Delete
    5. 100% ඇත්ත. මේ රටේ හිටපු අවුරුදු ගානටම මට කාගෙන්වත් පාරේ තොටේදී කිසිම කරදරයක් උනේ නැහැ...රෑ දොළහට විතර මම කැම්පස් එකේ ඉඳන් ගෙදර ඇවිදන් එනවා....කිසිම කරදරයක් නැහැ...ලස්සන කෙල්ලෙක් දැක්කොත් 'ලස්සනයි' කියනවා මිසක් වෙන විකාර කියන්නේ නැහැ. හැබැයි කිව්වොත් කවුරුත් ඉවසන්නෙත් නැහැ!
      ඒත් පෙරුම් පුරලා පුරලා ලංකාවට ඇවිල්ල දවසින් දෙකෙන් කලකිරෙනවා - ඇයි ඉතින් පාරේ ඉන්න රස්තියාදුකාරයන් ගෙන් කතාවක් අහන්නේ නැතුව ගමනක් වත් යන්න නැහැ නේ :(

      මට හිතෙනවා මේක විසඳන්න ආකල්පමය වෙනසක් ඕනේ කියලා - ගෑනු පිරිමි හැමෝගෙම.

      Delete
    6. හැබයි ඉතින් ධර්මද්වීපේ.. ළෝකෙන් උතුම්ම රට...

      Delete
  4. ඔකනේ බං මම කලිනුත් කියුවේ මේ ලිංගික ආශ්චර්ය්‍ය නොවෑ.

    වවුනියාවේ එක පාරක ලොකු කටවුට් එකක් ගහල තියෙනවා
    "පවුල රකින ඇය රකිමු" කියලා හැබැයි එකේ ඉන්නේ සාටක නෝන. උබට කියන්න සූර පප්පේ ඒක බැලූ බැල්මට පෙනෙන්නේ සාටක නෝනා රකිමු කියලා තියෙනවා වාගේ.
    අනික බං මම අහන්නේ දයාසිරිටත් ලිංගික හිංසන වෙනකොට කාන්තාවන්ට (පප්පිලාට) කවර සරණක්ද.
    ඊයේ පෙරේදා විදුහල්පති පප්පෙක් ලිංගික අල්ලස් ද මොනවද මන්දා ජාතියක් ගන්න ගිහින් ඇඳගෙන හිටිය සාළුව පිටින් මාට්ටු උනා නේද අපේ සූර පප්පේ.?
    -කා(Ka)

    ReplyDelete
    Replies
    1. කෙන්ජි@ජපැන් හිටියනම් මේ අනුපාතේ තව ඉහල යයි නේද බං.

      Delete
    2. අහු උනා නේන්නම්.. උපන් ඇඳුමෙන්ම මහ පාරේ ගෙනිච්චනම් තමා වටින්නේ...

      Delete
  5. ඉතිං යකෝ මහළු කාන්තාවන් ලංකාවට පැමිණි විට විවෘත ආරාධනා කරන ඇමති මන්ඩලයක් ඉන්න රටක් මෙහෙම නොවි කෝමද??

    ReplyDelete
    Replies
    1. ළඟදීම සුදු වෑන් රථයක් සැමාගේ නිවසටත්

      Delete
    2. ඒ කතා කලේ, අපචාර කොරන්න නෙමෙයිනේ.. කසාද බඳින්න.. හැබයි ඒකෙන් අපේ මිලෙඡ්චත්වය නියමෙටම පෙනුනා...

      Delete
  6. වැදගත්ම දේ මාතලන්ගේ අවවාදය.... අපේ දෙමව්පියෝ ගොඩක් වෙලාවට බලන ඉන්නේ ඔය දේවල් තමන්ගේ ළමයින්ට පිට මිනිස්සු කියල දෙනකම් ..... එහෙම නොවී තමන්ගේ දරුවන්ට දෙමවිපියනම ඒ අදාල දැනුම අවබෝදය දෙනවනම් මම හිතන්නේ ඔය අනතුරු බොහොමයක් මගහරවාගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අනිවා.... මේවා මේ සැඟවිය යුතු කරුණු නෙමෙයි...

      Delete
  7. පිල්ලෙ නෝනට මර්වින් ඇමතිය කල ආරාධනාව ලංකාවෙ ලිංගික හිංසනය පෙන්නන කන්නාඩියක් වගේ.

    උඹ දැක්කද දන්නෙ නෑ ගිය සතියෙ රාවයේ තිබුන කොටි උසාවියෙ වැඩකල ජජ් කෙනෙක් එක්ක ඉන්ටර්වීව් එකක්. ඌ කියනව උන්ගෙ නීතිය තිබුන කාලෙ ස්ත්‍රී දූෂණ වලට දඬුවම මරණයලු. දූෂනත් ඉතාම අව ප්‍රමාණයක තිබුනලු. ඒකටත් එක්ක දැන් දූෂණ ඉතාම ඉහල තැනක තියනවලු. සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක් මේක. මරණ දඬුවම අනුමත නොකලත් මම නං හිතන්නෙ නෑ මරණ දඬුවම වගේ එකක් දුන්නොත් මැරෙන්න බලාගෙන ඔය වැඩේ කරන්න තරම් අයියල ඉන්නව කියල.

    මේකෙ තවත් පැත්තක් තියනව. ඉස්සරට වැඩිය දැන් දූෂණයකට ලක්වූ කෙනෙක් නීතිය ඉදිරියට වය ප්‍රවනතාවය වැඩියි. ඒක හොඳ දෙයක්. නමුත් නීතිය පැත්තෙන් ඒයාලට ලැබෙන සහනයක් නැති තරම්.

    ReplyDelete
    Replies
    1. පුක තමයි. මොන නීතිය ගෙනාවත් අවසානේ මැරෙන්නේ අපේ මොකුත් කරගන්න බැරි ගෝබ්බ පප්පලා. ලංකාවෙත් ඔය කියන අහවල් අහවල් දඬුවම් නැ නෙමේ. ඒත් මැරෙන්නේ මොකුත් බැරි එකෙක්. සාටකයාගේ ඔඩොක්කුවේ ඉඳගෙන බඩු කෙළින පප්පලාට ඕව ප්‍රශ්ණයක් නෑ.
      -කා(Ka)

      Delete
    2. අනිවාර්යයෙන්... මරණ දඳුවම ගෙනත්. දහයක් පහලොවක් පෝලිමේ එල්ලලා මැරුවා නම්... මේවා අඩු වෙනවා.. එතකන් දැනෙන්නෙ නෑ....

      Delete
  8. මෙතන තිබෙන්නේ සමස්ත සමාජයේම පිරිහීම.මුළු සමාජයම දූෂිත වෙලා.පූජ්‍ය පක්ෂය තදින්ම දූෂණය වෙලා.හිංසනය කියන එක සමාජයම වෙලා ගෙන.හිංසනයට විසදුම ලෙස දකින්නේත් හිංසනයම තමයි.අද කාන්තාවකට ජංගම දුරකතනයක් පාවිච්චි කරන්න බැරි තත්වයක් තිබෙන්නේ.කොහෙන් හරි නම්බර් එක අරන් කුණුහරප කථා කරනවා.දුරකථනයකින් කාන්තා කටහඩක් ඇසුන ගමන් කුණුහරප කතා කරන නරුමයො ඉන්නවා.ඇතැම් තර්ඩ් ක්ලාස් රැකියා කරන අයට රෑක අහිංසක කෙල්ලෙක් බස් නැතිව ඉන්න කොට අහුවුනොත් ඉතුරු වෙන්නෙ වවුල් හපේ තමයි.විදුහල්පතිවරු,පවුද්ගලික අංශයෙ ප්‍රධානීන් අන්තඞපුර පවත්වාගෙන ඉන්නෙ.දේශපාලනය ගැණ නම් කියල වැඩක් නෑනෙ.

    මම හිතනව මේ ප්‍රශ්න වලට ආගමික විසදුමක් තිබෙනව කියල.මේ හැම අවුලම ආරම්ඹ්හ වුනේ භාවනාව තුන් වැනි තැනට දාල දානය ඉස්සරහට අරන් බඩගිනි බුද්ධාගම හදාගත්ත දවසෙ.බුදුන් වහන්සේ දේශනා කළේ සිත ප්‍රධානයි කියල.ඉතින් භාවනාව ට මුල් තැන දීල සිත සංවර කරගන්නට සමාජය හුරු කළානම් ප්‍රශ්නෙ ඉවරයි.
    මේව දහම් පාසල් වලයි පටන් ගන්න ඕන.එහෙම දෙයක් වෙන්නෙ නෑ.බෞද්ධ ගිහියන්ගෙ ආගමික දැනුමත් අපන්නක ජාතකයෙන් වන්නුපථ ජාතකයෙන් එහාට ගිහින් නෑ.දන් නම් දහම් ප්‍රබෝධයක් තිබෙනවා.

    එහෙම නැත්නම් බටහිර ක්‍රමයට සමාජය නිදහස් කරල අසහනය දුරු කරන්න ඕන.නැත්නම් ඉස්ලාම් ක්‍රමයට ගැහැණු පිරිමි වෙන් කරල ප්‍රශ්නෙ විසදන්න ඕන .මේ විසදුම් තුනම ක්‍රියාත්මක වෙන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ගෑණු ඇලජික් එකෙක්, මෙහෙම කතාකරනවා දකින්නත් ආසයි...

      Delete
  9. ඕකට කල යුතු දෙයක් නෑය. තම තමන් හැදෙනවා මිසක්.දවසක් මෙහෙ ඊජිප්තු එකෙක් මා එක්ක පොඩි වාදයක් ගියා අයි මුණු පොතට පවුලේ පින්තුර දාන්නේ කියල.ඌ කියනවා ගැහැණු අය අනිත් උදවියට බලන්න හොඳ නැතිලු.මිනිස්සු වැරදි දේවල් හිතනවලු.හිතන නොහිතන එක බලන කෙනාගේ මානසිකත්වය කීවට තේරෙන්නේ නැහැ.අන්තිමට මම කීව අපේ රටේ මිනිස්සු ගැනියක් කොහොම ඉන්නවා දැක්කත් අවුලක් නැහැ කියල..මෙව්වා දන්නවා නම් මගේ කලිසමත් නැති වෙනවා ./...

    ReplyDelete
    Replies
    1. ඇයි, කලිසම නැතිවෙන්නේ, ඌ ගල් කාරයෙක්ද?

      Delete
    2. ඔහේට එන අපේ පත්තර ගිනි තියපන්...

      Delete
  10. අද අපේ සමාජය ලිංගික වශයෙන් පීඩිත සමාජයක්.මේ පීඩනය සුද්ද එන්න ඉස්සර තිබුනෙ නෑ.මේකට හොදම උදාහරනය තමයි ගෝත්‍රික සමාජ.නිකම් හිතා බලන්න හැමෝම නිරුවතින් ඉන්නවානම්.මේ කිසිම දේක මැජික එකක් නෑනෙ.මේව දැකලම ගානක් නැතිවෙනවා.නමුත් දැන් ජනමාධ්‍ය වලින් කරන්නෙම හැඟීම් ඇවිස්සීම තමයි.මේ මාධ්‍ය මුදලාලිලත් මේවට වග කියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හෙළුවෙන් ඉඳලා නම් හරියන්නේ නෑ.. මේ රටට ශිෂ්ඨත්වයක් එක් කලේ සුද්දෝ තමයි. නැත්නම් ඉතින් නම්බර් වන් වනචාරි ජාතියක්.. විනාශයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන ජඩ මාද්දිය තමයි වෙන මොකක්ද...

      Delete
  11. හොදම දේ තමා ඔබ කියා තිබෙන උපදෙස.
    කොහෙද ලංකාවෙ දෙමව්පියන්ටත් මුකපුට්ටු කරගෙන තෙපර බාන්නෙත් තමන්ගෙ දරුවන්ට හැමෙනුනට පස්සෙනෙ.

    ReplyDelete
    Replies
    1. තව දෙයක් තියෙනවා. හදන්න බැරි එවුන් පස්ස පැත්තේ හන ගහලා ජපානෙට පන්නන්න ඕන. ඔය ඉස්සරත් එහෙම පැනගත්තු අයයි පන්නපු අයයි ඉන්නවාලුනේ.
      -කා(Ka)

      Delete
    2. කොහොමත් අස්සයා පැන ගියාට පස්සෙ ඉස්තාල වහන ජාතියක් නේ...

      Delete
  12. පැහැදිලිව කියවන්නම් පස්සෙ. නමුත් මේ ප්‍රශ්නෙ නම් බොහොම බරපතලයි. ළමා අපචාර, ලිංගික අල්ලස්, විකෘති කාම අපචාර, මහළු කාන්තාවන් ඉලක්ක කළ අපචාර, මෙසිරිබර සසිරිලක කොයිබට ද? මෙහෙම ගියොත් ආස්තැරිය නම් ඉක්මන් වන බවට මෙන්න කැට. (ඇනෝලා වෙනුවෙන් : ලිපිය උපරිමයි.)

    ReplyDelete
    Replies
    1. මේ කාලේ මම ලංකාවෙ හිටියනම් ඔය සේරටම මාව අල්ලනව ඇනෝල.
      වෙද මහත්තය සමකය වටේ ට පොඩ්ඩක් ගොඩ වදින්න.

      Delete
    2. ඕකට හේතුව වෙන මොකවත් නෙවෙයි ඌෂ්ණය වැඩි වීම. හොඳ කසාය වඩියක් බිව්ව නම් හරි.

      Delete
    3. සසිරිබර මෙසිරිලක

      Delete
    4. නෑ එදිරි ඒ කලින් දැන් මේ+සිරි +බර ස+සිරි+ලක.

      Delete
    5. නායකයෝන්ගේ විදියට තමයි ජනතාව හැදෙන්නේ. මේවා ඔඩු දිව්වේ චන්දිරිකගෙ කාලේ දන්නවනේ කැරැට්ටුව. අපේ මහරජාත් ඉතින් අඩු පාඩුවක් නෑනේ.. සංස්කෘතික ඇමති ජීනගේ බඩු උස්සන රටේ මොන සංස්කෘතියක්ද වෙද මහත්තයා...

      Delete
  13. මේක නේද ආශ්ච්ර්ය

    ReplyDelete
    Replies
    1. මේක නෙමෙයි තව ඉස්සරහට මරු සීන් එකක් වෙනවා... ඒක හියේ ඊයේ එම් ටී වී එකේ යනවා "පොලිට්‍රික්ස්" කියලා කෙල්ලො දෙන්නෙක් ගේ සුපිරි ප්‍රහසනයක්.. ඉන්ගිරිසි උනාට, හින්ගල කෑලිත් යනවා.. ඒකේ මරු කතාවක් කිවා...

      "අනාගතේ... චීනා අතේ..."

      Delete
  14. මේවා ඉතින් මහින්ද මාමාගෙම ආශ්චර්යයන් තමයි. චන්ද්‍රිකා නෝනා හරි රනිල් අංකල් හිටිය නම් මෙහෙම දේකින් කප් ගැහිලි බොරු.

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රිකා තමයි මේවා පටන් ගත්තේ..

      Delete
  15. //ගෙදර බුදුන් අම්මාය කීවාට. මේක අම්මට හැමිනෙන රටක්ය. අම්මා පයිසෙකට ගනන් ගන්නේ නැති රටක්ය. ඒකට ඉතින් අම්මලාත් වග කියන්න ඕනාය.//
    පට්ටම ලිපියකි මාතලන්..
    කවදාක ඇතිවේද මිනිසත් කම පිරි සමාජයක්..

    ReplyDelete
    Replies
    1. මචං තරහා වෙන්න එපා. සාටකතුමා පදවියෙන් අතුරුදහන් උන කාලෙක බලමු.

      Delete
    2. මේ කපේදි නම් හැදෙන එකක් නෑ.. අපරාදකාරයෝ 96% එලියේ ඉන්න රටක, අපරාධකාරයෝ ආන්ඩුවෙන් ආරක්ෂා කරන රටක, මෙහෙම තියෙන එකත් ළොකු දෙයක්

      Delete
  16. මේකත් අර විදිහමයි මාතලන්... අද අපේ රටවල මිනිස්සු පුදුම විදිහට පීඩනේකින් ජීවත් වෙන්නේ.. කසාදයක් බැඳලා පවුල රකින්න හදද්දි ජීවන වියදම අහස උසට.. තමන්ගේ අම්මලා අප්පලාත් අමතක වෙලා තමන් ගොඩ නැගිය යුතුයි කියලා හිතන වුන් ඉන්නේ... ඒත් ඒක වැරදියි කියලා කියන්නත් බෑ.. උන්ට වෙන කරන්න දේකුත් නෑ.. ගෑණි රස්සාවට ගිහින් පාන් කියාගන්න බැරිව ගෙදර එන්නේ... ගෙදර වැඩ ටික කරලා ඉවර වෙද්දි ඒ ගෑණිට කකුල් දෙක ඈත් කර ගන්න්වත් බැරි සයිස්... ඉතින් අනිත් පත්ත හැරෙන්නේ ආසාඅක් නැතිකමට නෙවෙයි.. හෙටත් උදේ පාන්දර ඉදන් නැගිටලා කරන්න තියෙන සුම්මේ මතක් වෙලා බැරි කමට.. ඉතින් ඕක අවභෝධ කරගන්න බැරි මිනිහගේ කට්ට පනිනවා.. ඌ ඉතින් උගේ පීඩනය පිට කරන්නේ කොහෙවත් තියෙන අලුත් තාප්පයක් කඩලා.. මේවට කවුද, කොහෙද, කොතැනද වැරදි කියලා හොයන එකනම් හද්ද අමාරු වැඩක්.. ඒත් නිසි ලිංගික අධ්‍යාපනය නොදෙන එක අංක 1 තියෙන්න ඕන වැරැද්දක්...

    ReplyDelete
    Replies
    1. ඒ මදිවාට එච්චර පීඩනේකින් ඉන්න එවුන්ගෙන් ණය අරගෙන බොරු කර කර නොගෙවා පැහැර හරින ජඩයිනුත් ඉන්න රටක් මේ.

      Delete
    2. //පවුල රකින්න හදද්දි ජීවන වියදම අහස උසට..//

      ඒ ජීවන වියදම දරන්න වෙන්න ඇති මූ ණය අරන් නොදී හිටියේ...
      කාළකණ්ණියා...

      Delete
    3. ස්ත්‍රී දූෂණවලින් විතරක් නෙවේ,මුදල් වංචා කිරීමෙනුත් ලංකාව පළවෙනි තැනට එනවා අභීතය වගේ හොරු නිසා!

      Delete
    4. "තමන්ගේ අම්මලා අප්පලාත් අමතක වෙලා තමන් ගොඩ නැගිය යුතුයි කියලා හිතන වුන් ඉන්නේ..."


      කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැත!


      උඹලට තමයි කියන්නෙ "හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්" තියෙන බාස වෙල්ලො කියල.

      Delete
    5. අනුන්ගේ ණය අරං මාටියා ගහල පොර ටෝක් දෙනකොට
      "පවුල රැකේද". එහෙම නැත්තන් ණය දුන්න "අයීයා පස්සෙන්" පන්නවද.

      Delete
    6. මුලින්ම මිනිසත් කමට ගරු කරන්න කියා දෙන්න ඕන...

      Delete
  17. Percentage of men admitting rape
    Papua New Guinea Bougainville Island - 62%
    Indonesia Papua Province - 48.6%
    Indonesia urban - 26.2%
    China urban/rural - 22.2%
    Cambodia - 20.4%
    Indonesia rural - 19.5%
    Sri Lanka - 14.5%
    Bangladesh rural - 14.1%
    Bangladesh urban - 9.5%
    Source: United Nations

    ReplyDelete
  18. ඉස්සර හිටපු මාල තන් නොවේ දැන් ඉන්නෙ... මාල තන් එක්ක පයිටු කරලා කොහොම හරි නම්මවගෙන උන්ගෙ කීමට මාල තන් දැන් ලියන්නෙ උන්ට ඕනා දේවල්.. හි හි හි.. කමෙට්ස්සුත් ගොඩා..යි... හිටස්සුත් ගොඩා......යි... මුල් පෝස්ටුවලයි දැන් පෝස්ටුවලයි හැටි.. අනේ හැබෑටම මෙහෙමත් සමයං..

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයාට හිට්සුයි, කොමෙන්ට්සුයි නැතෙයි කියලා ඉරිසියාවෙද.. මෙතන නොමිලේ ඇඩ් එකක් දාගන්න.. කිසි තරහක් නෑ...

      Delete
  19. http://kathandara.blogspot.com/2013/09/book-seeker-sms-service.html?showComment=1378875916695#c6837921093384183716

    ReplyDelete
  20. වැටත් නියරත් ගොයම් කා නම් කාට පව්සමි ඒ අමාරුව ?

    ReplyDelete
    Replies
    1. මේවා ඇහැ ගැටෙන්නේ නැති උන් ඉන්නවා.. ඒකමයි මචෝ ලිව්වේ...

      Delete
  21. ලංකාව ඝර්ම කලාපීය රටකි.
    ඌශ්ණ රටවලට මස්/තෙල් තිබෙන කෑම එතරම් කන්න උවමනා නැත, අරක්කු මේතරම් බොන්න හොඳ නැත.
    සීතල වතුර බොන්නේ නැත. බොන්නේම රස්නෙ තේය.
    ඇඟ නිවෙන එලවලු පලතුරු වෙල් එලිය මඳ සුලඟ?
    රට පොඩිය ජනයා වැඩිය, ලඟ ලඟ ගෙවල්ය , හමුවෙනවා දකිනවා වැඩිය.

    බොරු ලජ්ජාවය.ගෑණු පිරිමි හඳුනාගන්නට ඉඩ නැත. ලිංගික දැනුම පාසලෙන් ලබා දෙන්නේ නැත.
    එදිනෙදා ප්‍රශ්න වැඩිය, ජීවන වියදම වැඩිය, පේන තෙක් මානයක ගැලවිල්ලක් නැත. ආතතිය වැඩිය.

    වැඩියෙන්ම ස්ත්‍රීන්ගේ අසරනකම~!
    ආත්ම ආරක්ශක සටන් පුහුනුවක් දිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඒ පාර ඊට එහා සීන් එකක් වෙයිද දන්නෙ නෑ.. අර විලි රුදාව බබාගේ තාත්තට දුන්නා වගේ...

      Delete
  22. //පහේ විභාග. ඕ ලැවල්, ඒ ලැවල්, කැම්පස් පාස් කොලාට වැඩක් නැතිය. දරුවන්ට ආදරය කරුණාව දයාව හා ළමා අයිතිවාසිකම් ලබා දිය යුතුය.// සහතික ඇත්ත මාතලන්.

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා අඩුයි...

      Delete
  23. මං අද මොකක් හරි එකක දැක්ක ලංකාවේ හැම පිරිමි හත් දෙනෙකුගෙන් එක අයෙක්ම ස්ත්‍රී දූෂණයකට සම්බන්ධයි කියලා, එක ඇත්තද දන්නේ නෑ හැබැයි බොරු වෙන්නත් බෑ වගේ මේ යන විදිහට .
    (මාතලන් මේ පොස්ටුවේ මුල් හරිය කියවනකොට හිතිච්ච දේවල් දාල පොස්ටුවක් දැම්මා )

    ReplyDelete
    Replies
    1. ඒ රිපෝට් එක තමයි මේ. උඹේ විරිඳු ටික නම්, මල් මසුරන්...

      Delete
  24. කතාවක් තියෙනවා ගෑණියෙකුට තනියම රටේ උඩ කොනේ ඉඳලා පහලටම තනියම යන්න කාලෙකුත් අතීතයේ තිබුනා කියලා..එහෙව් රටකට ගිය කලක්...

    ReplyDelete
    Replies
    1. ඒ තිබුනේ හැදියාව නිසා නෙමෙයි... නීතී තද නිසා.. බඩුවක් ගහලා.. බෙල්ල කපා ගන්න ඕන නෑනේ.. ඒ නිසා අතේ මහගෙන ඔහේ ඉන්න ඇති.. අනික ඒ කාලේ ඕක බත් කනවා වගේ සීන් එකක් නේ...

      Delete
    2. ඉස්සර මේකේ ගැණු උඩ ඒවත් එලියේත් දාගෙන ඉදල තියෙනවා කියන්නේ

      Delete
  25. ලියන්න තිෙයන ඒ්ව ඔක්ෙකාම ලියල. ස්තුතියි මාත

    ReplyDelete

  26. // අද සෝමාගේ වාහිනියේ, මේවා ඇක්ට් කොරලාම පෙන්නන්න පුළුවන්ය. //

    එක නිසා වෙනදා වගේ නොවෙයි. අද නම් බලන්ඩම වටිනවාය.

    ReplyDelete
    Replies
    1. ආයේ දෙකක් නෑ... බඩු ෂුවර්...

      Delete
  27. දයාසරිත් අපහරනය වෙච්චි එකේ . . .

    ReplyDelete
    Replies
    1. රනිලුත් මාර වැඩ කාරයෙක් බැලුවම. ඔක්කෝම උන්ට ඇරලා...

      Delete
  28. ප්‍රශ්නයක් විසඳන්න නම් මුලින් ප්‍රශ්නයක් තියෙනවා කියල අවබෝධ කර ගන්න ඕනේ නේ. ලංකාවේ සමහර අය තවමත් කියන්නේ ලෝකෙන් උතුම්ම සදාචාරවත් රට ලංකාව ය කියලනේ. ඒවා ගැන කතා කරන අයටත් බනිනවා ඔය මොකක් හරි විජාතික කුමන්ත්‍රණකාරයෝ වගේ එකක් කියලා.
    අපි හැමදාම ප්‍රශ්න වලට සුදුහුණු ගගා හිටිය කට්ටියක්. ඊට පස්සේ වසංගතයක් තරමට දරුණු උනාම තමයි ඇස් ඇරෙන්නේ. :(

    ReplyDelete
    Replies
    1. අපෝ මේවා ගැන කතා කරන්න බොහොම ලැජ්ජයි.. ඒකනේ මේවා කතා කරන උන් මරාගෙන කන්න හදන්නේ...

      Delete
  29. 2007 දී 6න් ඉහළ සිසුන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න පොතකුත් ගහලා.පස්සෙ විරෝධය මතුවුනු නිසා අකුළගෙන!
    අපේම වැරදි නොවැ!

    ReplyDelete
    Replies
    1. ගොන් හරක් අජ්ජාපනේට දැම්මම ඔහොම තමයි.. මූටත් වඩා අජ්ජාපනේ කෑවේ.. සුසිල්...

      Delete
  30. විශේෂයෙන්ම දකුනු අසියාතික රටවල මිනිසුන්ගේ ලිංගික පීඩනය ඉහල ගිහින්. එකක් සමාජමය ගැටලු. විවාහ ජිවිතය නිසි ලෙස වටහා නොගැනිම, පවුල් සංස්ථාව තුළ වගකීම් මගහැරීම මෙන්න මේ වගේ තව දේවල් ගොඩක්.

    අනෙක් අතට මේ තරම් දියුනු ලෝකේ තවමත් අපි ලංගිකත්වය වසන් කරනවා. අත්‍යවශ්‍යම චිත්‍රපට ජවනිකාවක ලිංගික දර්ශනයත් කපල දානවා. ලිංගිකත්වයට පවතින අනිසි මාධ්‍ය වාරණය. ( සිමාව හඳුනාගත හැකි )

    ලංකාවේ ස්ත්‍රී දුෂණ නඩු සම්බන්දයෙන් පවතින නිති තව දැඩි කරලා ලිංගිකත්වට තියෙන සිමාවන් තරමක් දුට හෝ ලිහිල් කල යුතු වෙනවා

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි.. දැන්වත් බොරු සිල් රෙදි ගලවලා විසි කරලා.. ඇත්ත කතා කරන්න ඕනා...

      Delete
  31. මේකට පලවෙනි හේතුව .. හරි හැටි ලිංගික අධ්‍යාපනයක් ලබා නොදීම .. ඒ වගේම දෙමවුපියනුත් තම දරුවන්ව දැනුවත් නොකිරීම තුලින් මේ දේට පෙලබවීමක් ඇති වෙනවා ...
    කුතුහලය නිසා මේ උත්තේජනය ලබන්නත් බලන අය ඉන්නවා .. එකට හේතුව ඕක වසන් කිරීම තමයි ඉතින් ...

    ReplyDelete
    Replies
    1. ලිංගික දැණුවත් වීමත් අත්‍යාවශ්‍යයි.. ඊටත් වඩා අවශ්‍ය මනුෂ්‍යත්වයට ගරු කරන්න ඉගැන්වීම...

      Delete
  32. අපෙ රට ගෑන මාර සතුටුයි.දැන් කියකින් ඉස්සරහින් ඉන්නවද.අරක්කු බිමෙන්,උගස් තැබිමෙන්,ලින්ගික හින්සනයෙන්.......
    මට දැනෙන ආඩම්බරයක්

    ReplyDelete
    Replies
    1. මටත් පුදුම තන්තෝසයක් තියෙන්නේ.. ඒ නිසා දැන් තෝස කන්නෙත් නෑ...

      Delete
  33. පට්ටනේ ඕයි....මෙහෙම රටක්...

    ReplyDelete
    Replies
    1. ළොවෙත් නෑ... ලොවි ගහෙත් නෑ...

      Delete
  34. අයි.ටී.එන් කාරයොන්ට රටේ හොද කියල ඉවරයක කොර ගන්න බෑ, බ්ලොග්
    කාරයොන්ට රටේ අගුණ කියල ඉවරයක් කොර ගන්න බැ.....
    කොහෙත් ඔහොම තමා පුතෝ......

    ReplyDelete
    Replies
    1. නරක කතා කොරන්නත් මිනිස්සු ඉන්න එපාය...

      Delete
  35. මම නම් හිතන්නේ ආකල්පමය වෙණසක් මගින් සිදුවෙනවා හැරෙන්න වෙන කිසිම විසඳුමක් නැහැ. ලිංගිකත්වය කියන දේ තද කළු තිරයකින් වහාගෙන ඉන්න තාක් කල් ප්‍රශ්ණය තවත් උග්‍ර වෙයි. කාළයක් තිස්සේ එන ප්‍රශ්ණයක් දැන් නම් ඔඩු දුවලා තියෙන්නේ. ඇති අය කති බොති සුකති කියන තැන ඉඳන් නැත්තෝද බලෙන් හෝ කති, බොති, සුකති යන තැනට තල්ලුවෙමින් පවතී.

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ ඇති අයගේ තියෙන කොලිටිය... නැති එකා ළඟ නැතිවීම නේ...

      Delete
  36. එක්සත් ජනතා නිදහස් සංධානයේ අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුව ලියනගේ සුනිල් විසින් බාල වයස්කාර දැරිවියක් විසින් දුෂණය කරන ලදී. ඒ ඔහුගේ 200 වන බිල්ල සැමරීමටය. මෙම දැරියගේ මව 2004 සුනාමියෙන් මිය ගොස් ඇත. දැරිය ජිවත් වුයේ දරිද්‍රතාවය මැද ය. ඒ නිසා ඇය පහසුවෙන් සරුවා ඇතුළු ඔහුගේ පාදඩ සගයන්ට ගොදුරු වුවාය.

    සාරුවා රිමාන්ඩ් භාරයේ සිටින විටද බත් පැකට් එකට සහ අරක්කු බාගෙට එලියට බැස්ස ඔහුගේ ආධාරකරුවන් සරුවා නිදහස් කරන ලෙස උද්ගෝෂණය කළහ. ඒ උද්ඝෝෂකයන් අතර කාන්තාවන්ද සිටි අතර ස්ත්‍රී දුෂණය ගැන ලංකාවේ පවතින පසුගාමී ආකල්ප ද ඉන් නිරූපනය විය.මෙය රෝගී වූ නිර්වින්ධිත සමාජයකි. එවැනි සමාජයක දේශපාලන බලයක් ඇති සාරුවා යනු වීරයෙකි. ලංකාවේ මිනිසුන් නිර්භයා වෙනුවෙන් පෙනී සිටින්නේ නැත , ඔවුන් බොහෝ දෙනෙකු සාරුවා වෙනුවෙන් පෙනී සිටිති.

    මෙම සංසිද්ධිය අතීතයේ ද අප දැක තිබේ. ලාබාල දැරියක් දූෂණය කල දුමින්ද සිල්වාට නීතියෙන් ගැලවී යාමට ඉඩ ලැබුනා පමණක් නොව ඔහුට චන්දය දීමටද ලංකාවේ මිනිසුන් පෝලිමේ ගියහ. මිනුවන්ගොඩ ප්‍රියදර්ශනී දුෂණය කල මුද්දරගම ජේ .ඩී .සී ජයසිංහ නොහොත් කුකුල් චාලි අද ලංකාවේ රාජ්‍ය භාෂා කොමසාරිස් ය.

    දේශපාලන බලය හිමි සරුවා විසින් තලා දැමු මල් කැකුල පිළිබඳව නන්දා මාලිනී ලා ගීත ගයන්නේ නැත, සුනිල් ආරියරත්නලා ගීත ලියන්නේ නැත. ඇය ගැන හෙළයේ මහා කලාකරුවන් වන සෝමරත්න දිසානායක, ජැක්සන් ඇන්තනි ලා සමාජය අවධි කිරීමට ශෝක නිර්මාණ කරන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. තව මක්කා කතා කොරන්නෙයි යාළු... රත්තරන් කොමෙන්ට් එක...

      Delete
  37. මිනුවන්ගොඩ ප්‍රියදර්ශනී දුෂණය කල මුද්දරගම ජේ .ඩී .සී ජයසිංහ නොහොත් කුකුල් චාලි අද ලංකාවේ රාජ්‍ය භාෂා කොමසාරිස් ය.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++
      බලපං බං රිප්ලේ කරන්නේ නැතුව මාතලන් ටක් ගාලා ලිස්සුවා

      Delete
  38. හැම තැනින්ම විශේෂයෙන්ම මාධ්‍යයෙන් ජනතාවගේ හැගීම් අවුස්සනවා...ඒ උනාට නිදහසේ ලව් කරන්නවත් ලංකාවෙ ඉඩක් නෑ නොවැ...ඉතිං මෝල තද වෙනවා...පාලනය කරගන්න පුලුවන් එකා පාලනය කරගන්නවා...ගණිකාවක් එක්ක නිදියගන්න එකා එහෙම කරනවා...තවත් උන් අනුන්ගෙ ගෑණු තමන්ගෙ වින්දනයට යොදා ගන්නවා...අයියො සිරිලංකාවට ගිය කලක්...

    ReplyDelete
    Replies
    1. මේ බලපන් සිරා,මේක නේද උත්තරය
      http://helapakade.blogspot.com/2013/05/18_1.html

      Delete
    2. අනුන්ගේ ගෑණූ, ගණිකාවන්ට නෙමෙයිනේ මේ කෙලලා තියෙන්නේ... තමන්ගෙම කසාද ගෑණිට...

      Delete
  39. මම කියන්නෙත් මෙච්චරයි මේ රටේ අඩු ගානේ ළමයින්ට වත් ලිංගික අධ්‍යාපනයක් ඕනේ. නැත්නම් මේකේ උන් නැත්තටම නැති වෙනවා. ඒක ෂුවර්..
    මේ දේවල් හංගාගෙන උන්නට, හොඳ නැහැයි අසභ්‍ය යයි කිව්වට නොදන්නා මෝඩයෙක් නැහැ. හැම එකාම හොඳට දන්නවා. සමාජෙන් උගන්වනවා. හැබැයි ඒ එහෙම කරන්නේ උන්ගේ මතයට නම්මා ගන්න.

    ඒ දේ නොවෙන්න පුළුවන් යහපත් ලිංගික අධ්‍යාපනයක් දුන්නා නම්. ලිංගික අධ්‍යාපනය කියන්නේ 9 වසරේ තියෙන හෝමෝන ක්‍රියාකාරිත්වය හෝ කෙල්ලෙක් ලොකු ළමයෙක් වෙන විදිය නෙමෙයි. මේ දේවල් තේරුම් ගන්න මේ රටේ බුද්ධිමත් කියන උදවිය උත්සහ නොකරන එකයි ක්‍රියාත්මක නොවන එකයි මට තියෙන ගැටලුව.

    මම - Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සු තේරුම් අරගෙන උගන්වන්න කියලා සිලබස් පවා හැදුවා. නමුත් ඒවා කුණු බක්කියට විසි කරලා අජ්ජාපනේ සුචරිතවාදීන්...

      Delete
  40. ලිපියත් කමෙන්ට් ටිකත් බැලුවා.. මාත් කියන්නේ මාධ්‍ය තමයි මේවට වගකියන්න ඕනේ.. තනිකර යන්නේ හැගීම් අවුස්සන ඒවනේ.. රහත් වෙලා නැති නිසා සිල් පද කැඩෙනවා..

    දැන් වත් නිසි විදිහට ගණිකා සේවය ලංකාවේ ස්ථාපනය කරන්න ඕනේ.. අඩුම තරමේ සෙක්ස් සයිට් වත් අන්බ්ලොක් කරන්න ඕනේ.. වැඩිය කියන්න දෙයක් නැහැ අනිත් අය සියල්ල කියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒ සියල්ලටම වඩා මනුෂ්‍යත්වය කියලා සබ්ජෙක්ට් එකක් සිලබස් එකට ඇතුලත් කරන්නම වෙයි වගේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න