.

.

Sep 27, 2013

රනිල් ෆෝබියාව - Ranil Phobia


රනිල් 27 වන වතාවටත් පැරදුනේය. හැමදාම පරදින උන්, ගනන් ගන්නේ නැතිය. උන් ගැන කතා වෙන්නේ නැති තරම්ය. කතා කරන්නේ ලියන්නේ, පත්තර පිටු පුරවන්නේ, දිනපු උන් ගැනය. ළෝකේ ළොකුම ක්‍රීඩා මංගල්ලයන් වන ඔලිම්පික් හා පුට්බෝල් වරල්ඩ් කප් එකෙත්, කතා කොරන්නේ දිනපු එකා ගැන විතරමය. අඩු ගානේ, දෙවනියා ආවේ මොකාද කියලාවත් මතක නැතිය. හැමදාම පරදින බංගලාදේස ක්‍රිකට් ටීම් එක ගැන, එකෙත් වත් කතා කොරන්නේ නැතිය.


ඒත් පාර අහන එකාටත්, තැඹිලි ගෙඩියක් දෙන. කොස් ගහ බේරන්න, වැට මගේ පැත්තෙන් ගහ ගනින් කියන, අපේ උන්, අනික් රටවල උන්ට වඩා වෙනස්ය. මෙහේ යක්කු කතා කරන්නේ දිනපු එකා ගැන නෙමේය. පැරදුන එකා ගැනය. ලොක්කා ඇමරිකාවේ ගිහින් ඔබා මාමා බදාගෙන රෑ කෑම කන ඒවා නිව්ස් නෙමේය. නිව්ස් එක ඇවිල්ලා රනිල් පැරදුන එකය. දයාසිරියා රැකෝඩ් බ්‍රේකින් රැකෝඩ් ගහලාය. ඒ හෝට් නිව්ස් නෙමේය. රනිල් පැරදිච්ච එකය.

අමනාප පෝර උර දෙකක් හම්බ වෙලාය. මැකෝ, වෙඩි තියාගෙන මැරෙන්න යනවාය. පෝර උර කාමරේ දාලා ආපු හරකා, අපේක්සකයෙක්ට නඩු දාන්න යනවාය. ඒවා නිව්ස් නෙමේය. අගමැති ඇදගෙන නාන්න ලෑස්ති වෙනවාය, ඒවා නිව්ස් නෙමේය. නිව්ස් එක රනිල් පැරදුන එකය. ඉස්සර නම් රනිල්ට ගැහුවේ මහරාජාගේ නාලිකා වල විතරය. දැන් මේ ගූ යන්න කාපු, ගොන් මන් පිලලාත්, රනිල්ට කින්ඩි දානවාය. රනිල්ට කින්ඩිය දාන්න, එයාගේ වෘෂන කෝෂ දෙක වත් ඉතුරු වෙලා නැතිය. උන්ගේ ඇහේ තියෙන, පත කඹ උන්ට පේන්නේ නැතිය. උන්ට පේන්නේ රනිල් පැරදිච්ච එකය.

දැන් හැම එකාම කියන්නේ රනිල් ගෙදර යන්න ඕන කියලාය. එහෙම ගිහින් කරූ ගේන්නේයි කියනවාය. සමාන්නියෙන් "කරු" කියන්නේ, "සප්" එකක් දෙන ඒවාටය. මේකා සප් දෙන එක කෙසේ වෙතත්, පවා දෙන එක නම් නියමෙට කරනවාය. ලොක්කාගෙන් කන පුරා කාලා ඇවිල්ලා, පස්සේ නායකයා වෙන්න ගියේය. අන්තීමේදි, හත් පොලේ ගාගෙන, සප් එක දුන්න උනුත් නැති කලේය. කරු හා සජිත් කියන්නේ එක්සත් ජාතික පක්ෂය කාපු උන්ය. උන්ට නායක් කම් දෙනවානම් බල්ලෙකුට දෙන එක ඊට හොඳය. මොකෝ බල්ලන්ගේ මීට වඩා හොඳ ගති ගුන තියෙන නිසාය.

දැන් අපි හිතන්න ඕනා රනිල් ගෙදර ගියා කියලාය. එහෙම යන්නේ නැතිය. අපි දැන් එහෙම හිතනවාය. ඕන් එතකොට කරූ එනවාය. කරූට මහින්ද එක්ක හැප්පෙනවා තියා. ගමේ ඉන්න සරණ ගුණවර්ධනගේ ඩැයිවර් එක්කවත් හැප්පෙන්න බැරි මහත්තයෙක්ය. ඕන්... දැන් අපි රටේ එකම පැතුම..., ජාතියේ නායකත්වය..... තරුණ නායකත්වය...., අපේ අනාගත නායක...., රටේ ජනාධිපති සජිත් එනවා කියා සිතනවාය. සජිත්ට පොඩි බැක් එකක් තියෙන නිසා. පොර මහින්ද මහත්තයා එක්ක සටනට එනවාය.

එතකොට අපි බලන්න ඕනා, ලොක්කට තියෙන ඒවා, මෙයාට තියෙනවාද කියාය. ලොක්කාගේ රැවුල සජිත්ට නැතිය, ලොක්කාගේ සරමත් සජිත්ට නැතිය. ලොක්කාට වගේ කුමාරවරු තියා, කුමාරියෙක්වත් නැතිය. ලොක්කාට වගේ සප් එකට බදර්ලාත් නැතිය. අනික ලොක්කාට වගේ, තොල හපාගෙන පොඩි උන් වඩා ගන්න බැරිය. තරමක් ළොකු උන්ගේ බඩට අනින්න බැරිය. මේ එකක්වත් රනිල්ටත් බැරිය. ඉතින් රනිල් ආවත් එකය, සජිත් ආවත් එකය.

වෙනසකට තියෙන්නේ, සජිත්ට සින්දු කියන්න පුළුවන්ය. ඒත් දයාට වගේ නෙමේය. දයා නම් සුරුතියටද මොකක්දෝ එකට කියනවාය. මෙයා ක්ලැරන්ස්ගේ සින්දු, ඇන්ටන් ජෝන්ස් වගේ කියනවාය. හොඳ වෙලාවට ක්ලැරන්ස් මැරිලා ගියේය. නැත්නම් වහ බීලා මැරෙන්නේ සජිත්ගේ සින්දු අහලාය. ඒ උනාට සජිත් නායකයා කරන්න වලි කන උන් නම් කට වල් ඇරගෙන අප්පුඩි ගහනවාය.

ඒත් ඉතින් එයාගේ නායකයා වගෙම තාලෙකට නෙමේය. එහෙම සින්දු කියන නිසා රටේ නායකයා කරනවානම්. කලුතර රත්තරන් හෝ අපේ ආදරණිය විමල් සහෝදරයා එජාපයේ නායකයා කරා නම්, මීට හොඳය. මොකෝ උන් සජිත්ට වඩා ලස්සනට සින්දු කියනවාය.

සීන් එක ඒක නෙමෙයිය. ලොක්කා තව කාලේකට කාටවත් වට්ටන්නට බැරිය. ලොක්කා නිකන් බූවල්ලා වගේ, තුම්පනේ පොදු නාන ළිදටත්, අන්ඩක් දාගෙන ඉවරය. සමහර උන් කියන්නේ චර්චිල් යුද්දේ දිනලත් ගෙදර යන්න උන නිසා, ලොක්කටත් එහෙම යන්න වෙයි කියාය. ඒ ඉතින් එංගලන්තෙ, එංගලන්තේ, එංගලන්තේ එහෙම උනත්, ලංකාවේ එහෙම වෙන්නේ නම් නැතිය.

මොකෝ දුටුගැමුණු ජීවත් වෙලා උන්නා නම්, තාමත් මහ රජා දූටුගැමුණුමය. මෙහේ තිබුනේ ළෝක යුද්දෙටත් හපන් යුද්දයක්ය. ඒක අවුරුදු 4-5න් ඉවර උනාට මෙහේ යුද්දේ අවුරුදු 30 ක්ම තිබ්බෙය. හරියට බැලුවොත ජීවිත කාලයෙන් භාගයක්ය. පොඩි උන්ට පොඩි කාළයක් තිබුනේ නැතිය. තරුණ උන් දස දහස් ගනනක් දෙපැත්තෙන්ම මැරුණේය. දෙමව්පියෝ දිනපතා මැරි මැරි උපන්නේය. ලංකාවම එකම ලේ ගංඟාවක් උනේය. එහෙම එකක් මිනිස්සුන්ට ලේසියෙන් අමතක වෙන්නේ නැතිය. ඔය තුරුම්පුව තව සෑහෙන කාලෙකට ජයම ගෙන දෙනවාය.

එසේනම් රනිල් ඉවත් කරන්න දඟලන්නේ ඇයි....? රනිල් යනු ප්‍රභූ පන්තියේ දේශපාළඥයන්ගෙන් අද ඉතිරිව ඇති එකම එක පුද්ගලයායැයි කීවොත් එය නිවැරදිය. එක්සත් ජාතික පක්ෂයේත් සාමාන්‍ය පන්තියේ පුදගලයෝ දේශපාළණය කළත්, අර ප්‍රභූ පන්තියේ දැක්ම හා චින්තනය ඇති පුද්ගලයන්ම වුනේය.

ඒත් පප්පා කළ ගොන්කම් නිසා, 56 බූරූ පුත්තු මේක අස්සේත් රිංගුවේය. දැන් උන්ට ඕනා මේක තවත් සිරි ලංකා එකක් කොරන්නය. මොකෝ සිරි ලංකා එක හයි ඉස්පීඩ් එකේ, යූ ඇන් පී වෙන නිසාය. මේ නාඩගම් නටන්නේ, ලොක්කාට අකමැති පිරිස එක්කාසු කරගෙන, වෙන සෙට් එකක් මේ තොවිලෙම නටන්නය. වෙන උන් සැට් එකකට බඩේ බත් දාගන්නය. නැතිව මේ එකෙක්වත් රටට හරි ජනතාවට හරි ආදරේ උන් නෙමෙයිය.

මේ යක්කුන්ට අලුතෙන් කියන්න දෙයක් නැතිය. අඩුගානේ ජනාධිපති ක්‍රමේ නැති කරනවා කියා කියන්නේත් නැතිය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ පඩි අඩු කරනවා කියන්නේත් නැතිය. ඇමතිවරු 15 කට සීම කරනවා කියන්නේත් නැතිය. පලා බබා නැති කරනවා කියන්නේත් නැතිය, උපදේශකයෝ, පවුලේ උන් දාගෙන කරන බිස්නස් නවත්තනවා කියන්නේත් නැතිය. අජ්ජාපනේ වෙනස් කරනවා කියන්නේත් නැතිය.

කැසිනෝ වහනවා කියන්නේත් නැතිය. චීනාගෙන තියා මෙසපොටේනියාවෙන්වත් ණය අර ගන්නේ නැතෙයි කියන්නේත් නැතිය. අඩු ගානේ චන්දිරිකා කිව්වා වගේ, මහින්ද මහත්තයා ගෝල්ෆේස් ගෙනත්, හම ගහනවා කියා කියන්නේත් නැතිය, හොර ඇමතිවරුන්ගේ, දේපල රාජ සන්තක කරනවා කියන්නේත් නැතිය. අඩු ගානේ අඩු මිලට කන්න දෙනවා කියාවත් කියන්නේ නැතිය. කොටිනම් කියනවා නම්, මෙළෝ විකල්පයක් නැතිය. එහෙම නැති එකෙකුට දෙනවාට වඩා, රට යුද්දෙන් මුදවා ගත් එකාට දෙන එකේ, කෙලෙහි ගුනයවත් තියෙනවාය.

රනිල් යන්නේත් නැතිය, යවන්නත් බැරිය. තොපිට විකල්පයකුත් නැතිව බලේ විතරක් අරගෙන හරි හම්බ කර ගන්න ඕන නම්, අඩු ගානේ රනිල් කියන්නේ නැත්නම්, කරන්න බැරි කෙප්ප ටිකක් හෝ ජහමනයාට ඇදලා අරින්න ඕනාය.. එහෙම නැතිව මෙළෝ රහක් නැති, කරූලා, සින්දුවක් වත් කියා ගන්න බැරි සජිත්ලා වගේම, බොරුවක්වත් කියා පොඩි ට්‍රයි එකක් දෙන්නේ නැති රනිල්ලාත් මිනිස්සුන්ට වැඩක් නැතිය, විගෙනස්වරන්ලාට උතුරේ දුන්නාට. වරාවැවලා චොර වෙලා යන්නේ ඒ නිසාය.

රනිල් ෆෝබියාව තව දුරටත් තීබෙනු ඇතිය. එය රනිල්ට බෙහෙවින් වටිනවාය. ඔහොමම ඉවසාගෙන උන්නොත්, මැරෙන්න කලින් ජනාධිපති වෙන්නත් බැරි කමක් නැතිය. මොකෝ සුමනදාසලා, මංජුල පීරීසාලා ගහන බයිලා දැන් ජී ඇල්ලාගේ බයිලා වගේම නිසාය. මැරෙණ තුරා මහ ඇමතිත්, මැරුණ නිසාය

සජිත්ලාට තියෙන්නේ, හම්බ කර ගන්න ඔය තරම්ම හදිස්සි නම්, සැළුන් දොර ඇරපු ගමන් කොල්ලුපිටියේ බාබර් සාප්පුවට රිංග ගන්න එකය. එතන කොන්ඩේ කැපිල්ල කෙසේ වෙතත්, ඇට දෙකනම් කපනවාය. එහෙම කැපුවාම, ඔය ලෙඩ ඔක්කෝම සනීප වෙලා, බම්බලපිටියේ පොන්නයෝ වගේ, ආතල් එකේ ඉන්න සෙට් එකත් එක්ක ඉන්න පුළුවන්ය, ඊට වඩා රනිල්ගෙන් සෙක්සුවල් හැරස්මන්ට් උනත් කාගෙන උන්නොත්, අනාගතේ සරු වෙනවා නම් නියතය..... ඒ වගත් මෙසේය........

135 comments:

  1. හෙහ් හෙහ්... ඔන්න ඔහොමලු වෙන්නෙ :)

    ReplyDelete
    Replies
    1. ඔර්ජිනල් කා ..................

      http://arugeadaviya.wordpress.com/2013/09/23/%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-7-%E0%B6%89%E0%B7%84%E0%B7%85-%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%96/#comment-1002

      Delete
    2. ඒක තේරුම් ගන්න බැරි. ගම තේරුම් ගන්න බැරි අය තමයි අඬන්නේ..

      Delete
  2. ඔය යූ න් පී එකෙ ලොක්ක වෙන්න පක්සෙට ආදාර ටිකක්වත් එකතු කර ගන්න පුලුවන් වෙන්න ඕනි.රනිල් ‍යවන්න හදන අයට එකටවත් උත්තර නැහැ.නායකකමට චන්දේ දෙන උදවිය හරි කතාව දන්න නිසා තමා ඔය එලියෙ ඉදන් කෑගහන්නෙ.

    ReplyDelete
    Replies
    1. නායකත්වය වෙනස් උනාට කමක් නෑ. වෙන දැක්මක්.. සැබෑ වෙනසක් තියෙනවනම්..

      Delete
  3. රනිල් ෆෝබියා කිව්වෙ. රනිල් අයින් වෙයි කියල බයට හැදෙන එකද මාතලෝ??

    ReplyDelete
    Replies
    1. අස්වෙනවට බයයි. මොකෝ රටට බුද්ධිමත් නායකත්වයක් නැති වෙනවා..

      Delete
  4. වැඩක් නෑ බං,අර සිරියාවතී බඩ වෙච්චි කතාව ලිව්වනං මීට වඩා රසට තියෙයි

    ReplyDelete
    Replies
    1. ඒව්වත් ලියනවා මෙව්වත් ලියනවා.. කොහොමෙයි මේවා නොලියා ඉන්නේ...

      Delete
  5. බෝඩ් එකේ ඉන්න අලියා යු ඇන් පියෙ ඉතුරු වෙනකම් රනිල් ලොක්කා විපක්ෂ නායකයාය. ඒ නිසා වැල යන පැත්තට මැස්ස ගසා මහින්ද සජිත් දෙන්නටම මගේ උපරිම සහයෝගය දෙනවාය. දුර දිග බලමින් අපි හම්බන්තොට ...

    ReplyDelete
    Replies
    1. එජාපයේ ඡන්ද පදනම ආයෙත් ඇවිත් තියෙන්නේ,, ඒ කියන්නේ කැපුවත් කොළ පාට සෙට් එක.. ඒත් ඡන්දය නොදාන කළකිරුන පිරිස ගෙන්ව ගන්න ෆොන්සේකටවත් බෑ තවම.. ඒ අයට තාමත් මහින්ද හොඳයි..

      Delete
  6. //සජිත්ලාට තියෙන්නේ, හම්බ කර ගන්න ඔය තරම්ම හදිස්සි නම්, සැළුන් දොර ඇරපු ගමන් කොල්ලුපිටියේ බාබර් සාප්පුවට රිංග ගන්න එකය. එතන කොන්ඩේ කැපිල්ල කෙසේ වෙතත්, ඇට දෙකනම් කපනවාය. එහෙම කැපුවාම, ඔය ලෙඩ ඔක්කෝම සනීප වෙලා, බම්බලපිටියේ පොන්නයෝ වගේ, ආතල් එකේ ඉන්න සෙට් එකත් එක්ක ඉන්න පුළුවන්ය,//

    හිනාවෙලා මැරෙනවා මාතලන්!

    ReplyDelete
    Replies
    1. බොරු නෙමෙයිද.. ඒකනේ මෙළෝ දෙයක් නැතුව, බලේ විතරක් ඉල්ලන්නේ..

      Delete
  7. ෆෝබියාව කියන්නේ භිතියාව වගේ එකක් වෙන්න ඇති ,,මාත් ලිපි කීපයක් ලියලා තියෙනවා රනිල් වික්‍රමසිංහ කියන චරිතය ගැන ,,
    මේ පෝස්ට් එකේ එක වචනයක් අරගෙන හරි කෙනෙක් තර්කෙට ආවොත් ඒක මටනම් විහිළුවක් වෙයි,,

    ReplyDelete
    Replies
    1. උඹට තේරෙන දේ ගොඩාක් අයට තේරෙන්නේ නෑ..

      Delete
  8. ලිපිය මට හරිම රසවත්.
    යු ඇම් පීයට දැනට රනිල් හැර නායකයෙක් නැත.
    බර්ටි ට නිවන් සුව අත් වේවා..!!

    ReplyDelete
    Replies
    1. සත්‍ය ජය ගන්නවා කෙන්ජි. අපේ මාතලන් මිත්‍රා ලිව්වොත් මොනව ද ඉතින්... මල්ම තමයි.( පුජා කරන මල්.)

      Delete
    2. Monawa Liwath Mal Thamai kiyala kiyana ayath innawane Aubowan.
      -ka(Ka)

      Delete
    3. ඔර්ජිනල් කා ..................

      http://arugeadaviya.wordpress.com/2013/09/23/%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-7-%E0%B6%89%E0%B7%84%E0%B7%85-%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%96/#comment-1002

      Delete
    4. ත්‍රිවිධ රත්නේ ආයෙත් සෙට් උනා කාලෙකින්.. අර පිට කසා ඇනෝ තමයි නැති උනේ..

      Delete
  9. මේ රට උඩට ගන්න දැනට ජීවතුන් අතර සිටින කිසිම දේශපාලකයෙකුට බැරිය. හැබැයි රනිල් හැර. මගේ නම් කවදත් තේරීම රනිල්ම තමා. වෙලා තියන්නෙ. කෙටි කාලීන මතකයක් සිටින රටක ජනතාවට මේ කිසිවක් තේරුම් නොයාමයි. ලොක්කා කොහොමත් හොදයි. ජන විඤ්ඤාණය හොදින් අඳුනනවා. පවුලේ කට්ටියත් වටේ පිටේ ඉන්න අපතයොත් තමයි වැඩේ දෙන්නෙ. ඒ නිසා තව කාලෙකට ලොක්කා වට්ටන්න බැහැ.
    හැබැයි ලොක්කා වට්ටන්න ඕනෙ නම් රනිල් පක්ෂ නායකකම තියාගෙන මැතිවරණ සීන් එකෙන් අයින් විය යුතුයි. මොකද රනිල් කියන නාමය මංගල විසින් කළ පජාතම වැඩ නිසා විනාශ වෙලා ඉවරයි. මම හොදින්ම දන්නවා ජනමාද්‍ය ආයතන වලදී රනිල්ගේ කතා ගෙනත් කෑලි මූට්ටු කළ හැටි. අදහස් විකෘති කළ හැටි. ඒවා කළ වුන්ට කෝටි දෙකක ජනයාගේ සාපය හිමි විය යුතුයි. රනිල් කොහොමත් මේ රටේ නායකයා වෙනවා. ඒ ජේ. ආර් වගේම වයසට ගිහින්. නමුත් එදාට ඔහු මේ රට යම් තැනකට ගේනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ මතය තමයි මගේ මතයත් වෙද මහතාණනි.
      ඉරිදා රෑට Buzz එකේදී මුණ ගැසෙමු.

      Delete
    2. BUZZ නගිමු වෙද මහතාණෙනි

      Delete
    3. ලොක්කා මැතිවරණ සීන් එකෙන් අයින් වෙලා හින්දා නේන්නම් මෙහෙම වෙලා තියෙන්නේ වෙද මහත්තයා.. ජේ ආර් පප්පා. ප්‍රේමදාසලා, ගාමිනිලා, ඇතුලත්මුදලිලා, ප්‍රේමචන්ද්‍රල, මල්ලිමාරච්චිලා, හමීඩ්ලා, රොනීලා, මැතිව්ලා, දැවමොට්ටාවේ අමරවංසලා පස්සෙ අඬා වැටුනේ නෑ. ඒ අය තම පක්ෂේ වෙනුවෙන් මැරීගෙන වැඩ කලා.. ප්‍රේමදාස කියන්නේ හැම් පැත්තෙන්ම කැපිලි තිබුන මිනිහෙක්. ඒත් විපක්ෂේ ඉන්න කොටත් වැඩ කලා.. ඔය් පන්සල් බදාගෙන දැඟලුවේ නෑ. පොරට දැක්මක් තිබුනා. මේ ප්‍රේමදාස නටන්නේ මහරාජට ඕන විදියට. මෙයාට පක්ෂෙ වැදගත් නෑ. එයාට බලය විතරයි ඕන. මොකෝ මලයේ රහ හොඳට දන්නවනේ. මෙයයි, කරුයි, පක්ෂෙ හිටපු බුලට් ටිකත් නැති කරපු කාළකන්නි. මෙයාලා කියන විදිට නම්. මේ චන්ද ඔක්කෝම හම්බ වෙන්නේ රනිල්ට නේ.. ඒ කියන්නේ රනිලුත් මාර පොරක්නේ..

      රනිල් පැත්තකට වෙන්න ඕන නෑ.. කරන්න ඕන අනිත් අය කැපවෙලා වැඩ කරන එක. එහෙම එකක් ගම් වල නම් නෑ., කොළඹ තියෙනවා රවීලා, හර්ෂලා, මුසම්මීලා නිසා... උන් මැSඉන් බෙදන්නේ නෑ.. ටී වී එකේ මූණූ දාන්න යන්නේ නෑ.. නමුත් ජනතාව එක්ක ඉන්නවා..

      Delete
  10. කොමෙන්ට් එකක් දාන්න එන්නං කියෙව්වා .....

    ReplyDelete
    Replies
    1. මුසා කෙලින්න එපා. අපායේ යනවා.. එහේදි ලෝදිය වක්කරනවා.. මෙහේදිත් ඒවා ගහලා තියෙනවනම් අවුලක් නෑ..

      Delete
  11. MEYA THAMI SATHIYAYE SATAHANA

    ReplyDelete
  12. තාම යු එන් පී කියලා පක්ෂයක් ලංකාවෙ තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. ඒක නැති කරන්න කාටවත් බෑ.. දැන් යූ ඇන් පී නෙමෙයි, පුටින් ඇවිත් ඉල්ලුවත් දිනන්නේ, මහින්ද...

      Delete
  13. // ගමේ ඉන්න සරණ ගුණවර්ධනගේ ඩැයිවර් එක්කවත් හැප්පෙන්න බැරි මහත්තයෙක්ය//

    මගේ අදහස අනුව නම් මේක වැරදි කියවීමක් , කරු ට රනිල්ට වඩා සාර්ථක වෙන්න පුලුවන් , සජිත් උන්නැහේට මහින්දට තියන කොයි එක නැතත් හොඳ සටනක් දෙන්න පුලුවන් . මොකද රැවුලයි , කුමාරවරුයි නැති වුනාට මිනිස්සු අන්දන කලාව හොඳට ප්‍රගුණ කරල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. බුවා මොකෝ නිශ්ෂබ්ද ලියන්නකො නැවත. මම ඔබ ලියන දේ බොහොම අගය කරනවා. ඉක්මනින් ලියන්න ගන්න.

      Delete
    2. කරු ආවොත් පායයි තරු.... කරූ ගැන මාතලන් කියල තියෙන එකම තමා මගෙත් අදහස...

      Delete
    3. කරූ සජිත් ගැන මාතලන් කියල තියෙන්නෙ සහතික ඇත්ත.

      Delete
    4. ඔය දෙන්නටම බෑ.. අර පල්ලෙහා රවී කියලා තියෙන දේ තමයි වෙන්නේ.. මහින්ද එක්ක මේ අය ලඟින් තියන්නවත් බෑ.. මහින්ද කියන්නේ විපක්ෂේ ඉන්න කොටත්, චන්දිරිකා එක්ක ඉන්න කොටත් ප්‍රභල චරිතයක්.. නමුත් ඉවසීමයි ඔහුව එතනට ගෙනාවේ.. එහෙ මෙහෙ පැන්නේ නෑ.. විපක්ෂයේ මන්තිරිවරයෙක් හැටියට, විශාල කාර්යය බාරයක් කරා.. මෙයාලා මොනවද කරලා තියෙන්නේ.. එහෙම බැලුවම.. පක්ෂේ කාපු එක විතරයි.. අභියෝගයක් වෙයි කියලා හිතපු උන් නැත්තටම නැති කලා, බුද්ධික, දයාසිරි, සුජීව, රෝසි, තලතා නැති කලේ කව්ද.. මහින්දද...?

      Delete
    5. සමාවෙන්න රවීගේ නෙමෙයි, අර මලිත් කියන එකාගෙ කොමෙන්ට් එක කියවන්න..

      Delete
  14. අනෙ ගෙම්බො කරූට මහින්ද පරද්දන්න බැරි බව ඇත්ත ඒ උබ කොහමද කියන්නෙ කරූ රහක් නෑ ලොක්ක තමා රහ කියලා? උබ කොහමද කියන්නෙ සජිත්ට මුකුත් බෑ නාමල්ට තමා ඔක්කොම පුලුවන් කියලා? කියන දෙයක් හෙතුවක් ඇතුව කියවපන් නිකන් නයිටීන් එක වගෙ වෙන්න නැතුව.

    රනිල්ට මුකුත් බෑ කියලා රටෙ මතයක් හැදුවෙ ආණ්ඩුවෙ ජඩමාද්ය, දැන් ඒකම සජිත්ට කරනවා මොකද නාමල් රජ පුටුවෙ ඉන්දන්න. උබලත් මොලයක් නැති උන් වගෙ ඒවා රිපීට් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඇනෝ සමග එකඟයි මම... මාතලන් උඹත් නියම මිනිහෙක් තමයි.. මහින්ද අබේසුන්දර වගේම සක්කිලි කටක් තියෙන්නේ...

      Delete
    2. ඔර්ජිනල් කා ..................

      http://arugeadaviya.wordpress.com/2013/09/23/%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-7-%E0%B6%89%E0%B7%84%E0%B7%85-%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%96/#comment-1002

      Delete
    3. ඇනෝ සහ සහන්, මම එහෙම කියලා නෑ නේ කොතනවත්.. මම කතා කලේ රනිල්ගේ නායකත්වය ගැනයි, කරූ කියන්නේ හාල්පාරුවෙක් කියන එකයි.. සජිත්ට මොකක්ද තියෙන විකල්පය කියන් එකයි.. රනිල්ට දොස් කිව්වට ජන වින්නානේ දන්නේ නැතෙයි කියලා.. ඔහේලා තමයි ඒක නොදන්නේ.. මේක මේ මහින්ද වර්ණනා කිරීමක්වත්, නාමල් ගෙන එකවත් නෙමෙයි. නාමල්ලට උන දේ කුරුණෑගලදි දැක්කා නේ. ජනතාව එච්චර මෝඩ නෑ.. නමුත් ඔහේලට වඩා රනිල් නම් ජන වින්නානේ දන්නවා. ඒකයි අවස්ථාව එනකන් ඉන්නේ. එතකොට මුළු බලයම යොදයි. ඒත් ඉතින් සජිත් කරූ කියන කකුලෙන් අදින හාල්පාරුවෝ එක්ක නම් පැවැත්මක් නෑ..

      Delete
  15. රනිල්ට බෑ කියන කථාව ජඩමාධ්‍ය හරහා හොදට ජීරණය කරවලා පයිත්තියන් කරවලා තියෙන්නේ මිනිස්සු අතර දැන් ඒක ජානගත වෙලා අළුත උපදින පොඩි එකාටත් කියවෙන තත්වෙට ඇවිත්.ඕවට වගකියන්න ඕනත් මංගල විමල් වගේ දෙපැත් නයි තමා කොහොමත් මේ දෙපත්නයි පක්ෂ විපක්ෂ දෙගොල්ලන්ටම මාරාන්තිකයි. සජිත් හෝ කරූ යනු මහින්දට විකල්පයක් නොවේ. කොහොමත් මේ මොහොතේ අපි විකල්පයක් හොයාගන්න ඕන. නැත්නම් ආණ්ඩුව හීලැ කරගන්න බැරි වෙනවා. මීට වඩා උන්මන්තක විදිහට හැසිරෙන එක වලක්වා ගන්න විපක්ෂ කණ්ඩායම් වලට සහය දෙන එක තමා කරන්න ඕන. එත් අවසානයේ මේ හැමෝටම විකල්පයක් සොයාගන්නම වෙනවා. එහෙම නැත්නම් ටටා බායි ශ්‍රී ලංකා තමයි.

    ReplyDelete
    Replies
    1. මේ මොහොතේ රනිල් ගැන රටේ තියෙන මතය වෙනස් කරන්න මහන්සි වෙන එකට වඩා විපක්ෂ ප්‍රතිසන්විධානය කරන්න කුමක් හෝ කරන්න වෙනවා එතකන් රනිල් ලොක්කට පැත්තකට වෙලා ඉන්න වෙනවා. ඒ හරහා දුර්වල වෙලා ඉන්න ආණ්ඩු විරෝධීන්ට පොඩිහරි ගැම්මක් එනවා. එයට අප සහය දිය යුතුයි ...

      Delete
    2. රනිල්ට බැරිද පුළුවන්ද කියන එක රනිල් අවුරුදු දෙකක් තුල පෙන්නුවා.. රනිල් කරපු ගොන්කම කොටි එක්ක සම්මුතියකට ගිය එක. ඒත් රනිල් වගේ චින්තනයක් තියෙන කෙනෙක් එහෙම නොයන එකෙත් පුදුමයක් නෑ. ඒ මතයේ තමයි මහින්දත් ඒ කාලේ උන්නේ. විරුද්ධව උන්නේ, ජෙප්පෝ විතරයි.

      කෙනෙක් කියයි ආන්ඩුවේ රස්සාවල් දුන්නේ නෑ කියලා. ආන්ඩුව කියන්නේ මාළු අල්ලලා කපලා උයලා, හබුන් කටයි බත් දෙකටයි කියලා අනලා කවන තැනක් නෙමෙයි. ආන්ඩුව කියන්නේ මාළු අල්ලගන්න බිලී පිත්ත දෙන තැනක් විය යුතුයි. රනිල් කරේ ඒක.. අද් අබිලී පිතිත් නෑ. මාළුත් නෑ, බඩේ බතුත් නෑ..

      Delete
    3. මම නම් රනිල්ට කැමති නෑ කොහෙත්ම.රනිල් බලයට ආවොත් ඒක රටේ සංස්කෘතික විනාශය.ආයෙ රටක නාමයක් වත් ඉතිරිවෙන එකක් නෑ.සජිතුත් රනිල්ගෙම කාබන් පිටපතක් විතරයි.
      රනිල්ගෙ ක්‍රමය තමයි කුරිරු ධනවාදය.ඒක අද ලෝකෙට ගැලපෙන්නෙ නෑ.කැලෑ නීතිය කියන එක එහෙම නැත්නම් ලිබරල් ධනවාදය අද යුරෝපයෙ ඇමරිකාවෙ ප්‍රශ්න කිරීමකට ලක්වෙලා.
      රනිල් රැකියා දෙන එක නතර කරල හොරා කෑම රාජකීය හොරාකෑමක් බවට පත් කළා

      ඊට වඩා මේ ක්‍රමය හොදයි.
      රනිල් අවුරුදු දෙකේ ආර්ථිකය හැදුව කියන එක මිත්‍යාවක්.2001 දි ලොව පුරා ආර්ථික අර්බුදය 2002 වෙනකොට මඟ හැරුනා.ඒ මිසක් ඒක රනිල්ගෙ විජ්ජාවක් නොවෙයි.

      රනිල් ජන විඥානය අදුන ගෙන හිටියෙ නැහැලු.මොන බොරුවක්ද ඔහු එය හැඳින ගෙන හිටිය.හැබැයි ඔහුගෙ පන්තියෙ අයගෙ.යූ ෆොර්ටි කියල කෝටි ගනන් වියදම් කරල සංගීත කණ්ඩායමක් ගෙනාව.සතොස පැය 24 ම ඇරිය.ඇයි බටහිර වගෙ රාත්‍රී ආර්ථිඅකය්ක් හදන්නලු.

      ගොයම් ගලවල ඇපල් වවන රනිල් මානසිකත්වය මේ රටට ගැලපෙන්නෙ නෑ.සියලුම අක්මකෘ නීති අහෝසි කරල ප්‍රේමදාසල ජේ ආරල දීපු ශානත් කපල ( කපන්න ලැබුනෙ නෑ ඊට පෙර ආන්ඩුව පැරදුනා )කුරිරු ධනවාදයක් ගෙනාවොත් ජනගහනයෙන් විශාල පිරිසක් දුක් විදීවි.අමානුෂික සල්ලි හොයන තරන්නගයක් හදල පවුල් සම්බන්ධතාත් ඇතුළු සියළු මානව සමබ්බ්දතා නැති කරල එකම ධනවාදයකට සමාජය සිර කරන්න රනිල්ට ඕන වුනා.

      සින්ගප්පූරුවෙ ,ධකුණු කොරියාවෙ කළෙත් මේකමයි.වරජන කරන අයව පිට්ටනියකට ගෙන ගිහින් පෙලට හිටවල වෙඩිතබන ම්ළේඡ්ඡත්වය ඔය රටවල සංවර්ධනයෙ සැඟවුන දුක්බර කතාව.අපට ඒ රාජකීය ම්ලේච්ඡතව්යන් අල්ලන්නෙ නෑ.2004 දි පරාජය කළේ ඒ ම්ළ්ළේච්ඡත්වයයි.මම නම් ගංකබරයෙක්.අපේ ජනතාව නොසලකා හරින දේශපාලන හා සමාජ ක්‍රියාන්විතයක් අනිවාර්යයෙන්ම පරාජය වෙන බව යළි යළිත් කිව යුතු නෑ.

      Delete
    4. රනිල්ට බෑ කියන කථාව ජඩමාධ්‍ය හරහා හොදට ජීරණය කරවලා පයිත්තියන් කරවලා තියෙන්නේ මිනිස්සු අතර දැන් ඒක ජානගත වෙලා අළුත උපදින පොඩි එකාටත් කියවෙන තත්වෙට ඇවිත්//

      මොරබ්බා ඔබ නම් නියමෙට කියලා තිබෙනවා.රනිල්ට බැරි නෑ පුළුවන්.ඔහුට පුළුවන් දේට මේ රටේ ජනතාව කැමති නෑ.
      මාතලන් රජයේ රැකියා ගැන කියල තිබෙන දේට එකඟ නෑ.උපාධිධාරීන් කිසිම වග විභාගයකින් තොරව බඳවා ගැනීම නම් වැරදියි තමයි.ඒත් සුබසාධනය රජයේ වගකීම.රජය කියන්නෙ පොලී මුදලාලි කෙනෙක් නොවෙයි.

      Delete
    5. @මාතලන් රනිල් කියන්නේ හොඳ මහත්මයෙක් බව මමත් පිලිගන්නවා. නමුත් මෙතන ඒ දේශපාලන ප්‍රතිරූපය විනාස කරලා තියෙන්නේ. ප්‍රතිපත්තිමය කාරනා ගැන තියෙන ගැටළුව පැත්තක තියලා මේ වෙලාවේ විපාක්ශිකයන් එකතුකරන්නවත් රනිල්ට බැහැ කියල මම කියන්නේ.

      මහින්දව හොල්ලන්න පුළුවන්. වැඩේ තියෙන්නේ මහින්ද අපරාජිතයි කියන මතයත් රනිල්ට බැහැ කියන මතයත් දෙකම මිනිස්සුන්ට පත්තියන් කරවල බ්‍රේන් වොෂ් කරවල තියෙන්නේ. මහින්ද එයාට විකල්ප නැතිකරමින් යන්නේ එයා ඉන්න පදනම් තේරුම් ගත්ත නිසා. හරි කෙනෙක් ආපු ගමන් එයා වැටෙනවා.
      ශ්‍රී ල නි ප ය ඇතුලෙත් මහින්දට ප්‍රතිරෝධයක් තියෙනවා මධ්‍යම පළාතේ මහා ඇමති ධුරය වෙනකෙනෙකුට දෙන්න රාජපක්ෂවරුන්ට උවමනාවක් තියෙනවා. ඒකයි අගමැති කියන්නේ මනාප ලයිස්තුවේ එකට ආපු කෙනාට මහ ඇමතිකම දෙන්න තීරණය කලේ ගොඩක් කල් ඉඳල කියල..
      අනාගතේ කවදාහරි රනිල්ව ඉල්ලලා හිටින දවසක් එන්න පුළුවන්. එදාට රනිල්ගේ ක්‍රියාකාරීත්වය මත ඒ තැන එයා හදාගනී. ඒක එදාට තියල දැන් දැන් විකල්පයක් හොයාගන්න වෙනවා.දැනට රනිල් කියන්නේ දේශපාලනිකව වලංගු ICON එකක් නෙමෙයි.....

      @සැමට මිතුරු ඔබේ අදහසට් යම්තාක් දුරකට එකගයි
      ///.සජිතුත් රනිල්ගෙම කාබන් පිටපතක් විතරයි./// මට පෙනෙන්නේ සජිත් මහින්ද කෙනෙක් වෙන්න දගලනවා කියල.
      ජාතික ගැටලුවට ඔහුගේ විධිමත් වැඩපිළිවෙලත් තිබුනා එකට මම ගරුකරනවා රනිල්ට ආර්ථික කාරනා පැත්තක තියල.

      Delete
  16. රනිල් මෙච්චර දුර ආවේ, අගමැති වුනේ අහම්බයකින් බව අමතක නොකළ යුතුයි. ජේ ආර්. රනිල්ව තුන්වෙනි පෙලේ තියලා තියෙද්දී තමයි ජේ.ආර්. මියගියේ. ප්‍රේමදාස යුගයේදී රනිල් දෙවැනි පෙලට ආවා. නමුත් ප්‍රේමදාස තුලත් රනිල් භීතිකාවක් තිබුණා බටහිර බලවේග සහ කතෝලික බලවේග සමග රනිල්ට ඇති සබඳතා නිසා. ජේවීපී/එල්.ටී.ටී.ඊ. ප්‍රහාර නිසා වැඩිම හානිය වුනේ එජාපයටයි. එජාපය මේ තරමින් හරි ඉතුරුවී තිබීම ප්‍රාතිහාර්යයක්. මියගිය ඉතා වටිනා එජාප නායකයන්ගේ අඩුව පුරවන්න වුනේ රනිල්ටයි. ඔහු බලාපොරොත්තු රහිත වෙලාවක ඉබේම පළමුවැනි පෙලට වැටුනා. මේ තත්වයම තමයි මීටත් වඩා බලාපොරොත්තු රහිතව සිරිමා බන්ඩාරනායකටත් වුනේ. මේ විදිහට බලයට එන අය ඉතා දුකසේ, බියෙන්, සැකයෙන්, තමයි මුල් කාලසීමාව ගතකරන්නේ. ඊට පස්සේ සුක්කානම හුරුවුනාම ආයේ අතාරින්නෙ නැහැ. එහි සාධාරණය අසාධාරණය දෙකම සම සමව තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. එකසත් ජාතික පක්ෂයේ පැවැත්ම හා ප්‍රතිරූපය තියෙන්නේ රනිල් තුලයි. සජිත්ට් ඇයි ඉවසන්න බැරි.. මේක මේ ඡන්ද ක්‍රමයේ වැරැද්ද. අඩු ගානේ ඒකවත් වෙනස් කරනවා කියලා කියනවද. කිසිම දෙයක් නෑ..

      Delete
    2. Mini maruva pasupasa
      කා(Ka)

      New කා(Ka) Profile
      Anna Anna Hassya, Denuma, Sathuta, Vinodaya beda ganna.

      But.....
      මිනී මරා කාලකන්ණි සතුටක් අදටත් විඳින එකෙක් ඇත.
      now..................
      මගේ පංතියේ මං විතරයි.
      vikarada gilmat pappa.

      Delete
    3. දැන් උබ හරි එකාද (කාka)?

      Delete
    4. //ජේවීපී/එල්.ටී.ටී.ඊ. ප්‍රහාර නිසා වැඩිම හානිය වුනේ එජාපයටයි.//
      ඒ අදහස ඔබ වෙත ගෙන ආවේ, මගේ පංතියේ මං විතරයි.

      Delete
  17. මේ තත්ත්වය තමා ඇත්ත මාතලන්. මේ ගැනම අර සෙංකෝලයත් ලියලා තිබුණා නේද මීට පෙර දවසක.

    ReplyDelete
    Replies
    1. ඒක තේරුම් ගන්න බෑ ගොඩක් අයට. නමුත් රනිල් ඒ දේ දන්නවා. ඒකයි සයිඩ් ගහලා ඉන්නේ..

      ඌ දැන් ලියන්නේ නෑ නේද, මම නම් දැකලා නෑ..

      Delete
  18. අනේ මන්දා ලංකාවේ දේසපාලනේ නම් එදා ඉඳල පාර්ලිමේන්තුවේ ඉන්නේ එකම හරක් රැලක් විතරයිනේ අලුතෙන් කවුරුවත් එනවනම් පොඩ්ඩක් සුභවාදීව හිතන්න පුළුවන් වෙයි

    ReplyDelete
    Replies
    1. Ow Ban,
      Akata Hitiya Yaluvo marana sakkili pappala inna rataka, Thawath mona kathada.
      -ka(Ka)

      Delete
    2. එහෙම එන මිනිස්සුන්ට ඔය කෑ ගහන හරක් සලකන හැටි පේනවනේ. වරාවැවට දුන්න මනාප ටිකෙන්.. ජනතාවත් කරූලට එහා...

      Delete
  19. මැරෙන තුරාවට රනිල් නම් පක්ෂය හැර යන්නේ නැතිය.. දුකත් හිතෙනවා අප්පා වෙලාවකට......

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා.. දවසක සතුටු වෙන්න පුළුවන් වෙයි...

      Delete
  20. ලොක්කව තව කාලෙකට පරද්දන්න බෑ.... ඒ වගේම රනිල් යන්නෙත් නෑ... ජේ ආර් ලොක්කා බලයට ආවේ වයස අවුරුදු 72 දී...
    කාලය විසින් සියළු දේ විසඳයි.... එතකල් බයිට් ද බුලට්!

    ReplyDelete
    Replies
    1. උඹ ඔර්ජිනල් කා

      http://arugeadaviya.wordpress.com/2013/09/23/%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-7-%E0%B6%89%E0%B7%84%E0%B7%85-%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%96/#comment-1002

      Delete
    2. ඔර්ජිනල් කා ..................

      http://arugeadaviya.wordpress.com/2013/09/23/%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-7-%E0%B6%89%E0%B7%84%E0%B7%85-%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%96/#comment-1002

      Delete
    3. ඔය සත්‍යය තේරුම් ගන්න බැරිඋන් තමයි ඤං පඤං ගාන්නේ..

      Delete
  21. Mage Coment maka gilmat pappala udin thiyapu, Mathalanta mage virodaya..........

    Hora, Boru ne,
    pora tok ne,
    Paksha, Pata Ne,
    Sudu ada gaththa mahaththurunta gelaveemakuth ne.............
    -ka(Ka)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඔර්ජිනල් කා ..................

      http://arugeadaviya.wordpress.com/2013/09/23/%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-7-%E0%B6%89%E0%B7%84%E0%B7%85-%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%96/#comment-1002

      Delete
    3. ඇනෝ කොමෙන්ට් තාවකාලිකව නැවත්තුවා.. කුණුහබ්බ ලියන්න දෙන්න බෑ නේ.. මේක පොඩි උනුත් බලනවා.. මාත් කුණුහබ්බ ලියනවා.. අවශ්‍ය තැන..

      Delete
    4. mama/api kunuhabba liyapu magulak ne,
      kunuhabba live pu(Ka),
      pu(Ka) kauda kiyala hoyagaththa.
      ape sinhala men a gen passe liyai.

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. දයාන් ජයතිලක එක්ක ඉන්ටර්විව් එකක් තියෙනව නෙත් FM එකේ. ඒකෙ පොර කියනව දැන් UNP එකට රනිල් හ‍්රියට පිලිකාවක් තියෙන වැදගත් අවයවයක් වගේ කියල, අවයවය කොච්ච‍ර වැදගත් උනත් වැඩක් නැහැ ඒක කපල අයින් ක‍රන්නම වෙනව ලෙඩාගෙ ජීවිතේ බේරගන්න ඒතනදි විකල්පයක් තියෙනවද නැත්ද කියනවට වඩා වැදගත් වෙන්නෙ ජීවිතේ බේරගෙන වෙනත් විදියකින් හ‍රි අවස්තාවක් ගන්න පුලුවන්ද බලන එක.
    මට නම් හිතෙන්නෙ රනිල්ට තිබුනෙ ස‍රත් ෆොන්සේක ඉල්ලපු චන්දෙ සජිත්ට දෙන්න එහෙමනක් ඔක රජාට කියල පුක බිම නැනගන්නව ආපහු නොනැගිටන්නම එහෙම උනානම් UNP එකටයි රටටයි අනාගතේ එන ලොකු පිලිකාවක් හැදෙන්න ඉස්සෙල්ලම නැතික‍රල දාන්න තිබුන.
    රනිල්ට බනින හුගක් උන් හිතන්නෙ රජාට ආදේශකයක් ගේන්න මිසක් රජාට විකල්පයක් ගේන එක නෙවි. අපේ ඡන්ද දායක ගොන්නුත් රජාට ආදේශක හොය හොය ඉන්නව මිසක් විකල්පයක වැදගත් කමක් හොයන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. දයාන් ජයතිල්ක කියන්නෙත් ප්‍රතිපත්තියක් නැති කෙනෙක්. මිනිහගේ ඉතිහාසේ දන්න අය ඒක දන්නවා. පොරත් බඩේ බත් දාගන්න කාට හරි හේත්තු වෙනවා. රනිල් ගාව බැරි නිසා, සජිත්ට හේත්තු වෙනවා..

      අනිත් ටික ගැන නම් 1000% එකඟයි...

      Delete
  24. Originel ka(Ka) Mama Damapu comment Aruge adaviye publish kara atha.
    A Hera Anith comment pu(Ka) ge bawa Salakanna.

    Ka lagadeema profile akakin anawa.

    http://arugeadaviya.wordpress.com/2013/09/23/%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-7-%E0%B6%89%E0%B7%84%E0%B7%85-%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%96/#comment-1002

    -ka(Ka)

    ReplyDelete
  25. මාතලන්ගේ සෑම දේශපාලන විචාරයකම තියෙන්නේ කරුණු කීපයක් පමණයි.එනම් මහින්ද රාජපක්ෂ මහතාගේ අපරාජිත බව වර්ණනා කිරීම සහ කොතරම් දේශපාලනික පරාජිතයෙක් වුවත් රනිල් මහතාගේ පැවැත්ම රැකිය යුතු බව කීම,සජිත් සහ කරූ අසාර්ථක බව කීම.අභියෝගාත්මක විපක්ෂයක් තිබීමේ වැදගත්කම මාතලන් විසින් එතරම් වැදගත් ලෙසින් සලකන බව පෙනෙන්නට නැත.ඔබ කොතරම් දේවල් කීවද මේ රජයේ පැවැත්ම රැදී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දුර්වල නායකත්වය නිසා බව නම් කිව යුතුය.

    ReplyDelete
    Replies
    1. අභියෝගාත්මක විපක්ෂ අතීතයෙත් නොතිබුන කාළවල් තියෙනවා.. කරුණාකරලා ලංකාවේ දේශපාළණ ඉතිහාසය හදාරල එන්න මහත්තයෝ.. එහෙම නොදන්න අය මෙහෙම දේවල් ලියනවා.. ඇත්ත මම රනිල් වෙනුවෙන් පෙනී ඉන්නවා.. ඒත් මහින්ද වර්ණනාවක් නෙමෙයි මෙතන තියෙන්නේ සත්‍යය ලියන එක පමණයි.. ඒත් ඇත්ත තිත්තයි.. එතකොට ඩෙල්ටා ටොපියේ එන්නෙත් සියඹලා ටේස්ට් එක..

      Delete
  26. රනිල් ඉන්නවාද නැද්ද කියනවාට වඩා වැදගත් වෙන්නේ ජනතා විරෝධය රජයට දැනෙන ලෙස හඬගා කිව හැකි විපක්ශයක අවශ්‍යතාවයය.අපි පක්ෂ අමතක කරමු මොහොතකට. භාරදූර වගකීමක්වන විපක්ශ නායක තනතුර රනිල් හොබවන්නේ දැන් බොහෝ කාලයක සිටය.රටේ ජනතාවගේ හඬ කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ශ මන්ත්‍රීවරුන්ගේ ආරක්ශාව වෙනුවෙන්වත් රනිල් පෙනි සිටියාදැයි නොදනිමි. හඳුන්නෙත්තිලා යාපනේ ගුටි කනකොට විපක්ශ නායකයා වගකීමකින් වැඩ කලාද නොදනිමි.(මට ෂුවර් නැත )

    රනිල්ව අවශ්‍යද නැද්ද තීරනය කල යුත්තේ යුඇන්පී එකය. හැබැයි විපක්ෂ නායක ධූරය රටටත් ලෝකයටත් වැදගත් තනතුරක්ය.මේ පවතින තත්වය යටතේ නැවත සිත බැලිය යුතු එක කරුණක් මතක් කරන්නම්.එය නම්:-

    මේ මොහොතේ මහ මැතිවරනයක් පැවැත්තුවොත් (උප කල්පණය කරන්න )දැන් පවතින අසංවිධිත විපක්ෂය කුණු ගොඩට විසිවී TNA එක විපක්ෂ නායක කමට පත්වෙනු ඇත.එවිට රටේ අනාගතය තීරණය කිරීම ඔබට බාරය. දකුනේ විපක්ෂය විනාස කිරීම සඳහා රාජපක්ෂ වැනි පාලකයින් එම තීරණය ගැනීමටද බැරි නැත.

    අවසාන වශයෙන් කිව යුත්තේ ......රනිල්ද කරූද සජිත්ද යන්න නොව රටට ප්‍රභල විපක්ෂයක් ගොඩ නැගිය යුතු බවය.

    ReplyDelete
    Replies
    1. රනිල්ට අමාරුවක් නෑ නේ අරූ, රනිල්ට ගහන උන් රකින්න. රනිල් එක්ක ඉන්න උන් ගැන රනිල් කතා කරනවා. නමුත් රනිල් කියන්නේ විමල් වීරවංශවත්, දිනේශ් ගුණවර්ධනවත්, අස්වර්වත්, මර්වින්වත් නෙමෙයි. රනිල් කියන්නේ මහත්මයෙක්. ඔහු ඒ දේ නියමාකාරයෙන් කරනවා. කිසිම දේශපාලඥයෙක් තියා, අරූයි මමයි වත් අපිට ගහන එකෙක් වෙනුවෙන් කතා කරනවද. ඌට කෙල වෙලා යනකන් බලා ඉන්නවා මිස.

      ටී ඇන් එකට එහෙම බයක් ආ දාට ගොඩාක් අයට බොහෝ දේ තේරේවී.. යුද්දේන් පස්සෙ කරන්න තිබුන දේවල් නොකරපු එකේ රඟේ කාටත් තේරේවී..

      ප්‍රබල විපක්ෂයක් තියා.. බුදු හාමුදුරුවෝ පොදු අපේක්ෂක කොලත්.. මෙයා හෙල්ලිලි බොරු..

      Delete
    2. රනිල් යුඇන්පී නායකකමයි...විපක්ෂ නායකකමයි පටලවාගෙනද?

      Delete
  27. මාතලන්......මචං උඹ නිතරම කියන ප්‍රභූන් නොවන්නන් දේශපාලණ නායකත්වයට පැමිනීම වැරදි ඇයි?

    ReplyDelete
    Replies
    1. උදාහරනයකට වත්මන් දේශපාලනේ ගන්නකෝ.. වෙන මක්කයි ඕන.. ඡන්ද කොමසාරිස් තනතුරට වෙච්චි දේ බලන්නකෝ.. දැන් ඉන්නේ තනතුරේ ගෞරවය රකින්න බැරි පිස්සෙක්, වුහිළු කාරයෙක්.. කොහොම මිනිස්සු උන්න තැනක්ද..?

      ඕක මම නෙමෙයි කියලා තියෙන්නේ. නිශ්ශංකමල්ල රජ්ජුරුවෝ..

      Delete
  28. මාතලංගේ කතාව සහතිකම ඇත්තය. රනිල් ෆෝබියාවක් යූඇන්පියේ ඇත. හැබැයි එහෙම ෆෝබියාවකට සාදාරන හේතුත් ඇත. දේසපාලන පක්සයක පරමාර්තය රටේ බලය අත්පත් කර ගැනීමය. එහෙම බලය ලබාගන්ට නායකත්වයක් දෙන්ට තමන්ට බැරිය කියල හිතෙනකොට පුලුවන් කෙනෙකුට එහෙම කරගන්ට හෝ අඩු ගානෙ උත්සාහ කරන්ට වත් ඉඩ දීල නම්බු පිටිං ගෙදර යන එක මහත්මා ගතියය. එහෙම එකක් රනිල්ගෙ ගෑවිලාවත් නැත.ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වඩා ලොකුය කිව්වේ ඉස්සරය. දැං කියන්ට වෙන්නේ ලැජ්ජා නැතිකම විපස්ස නායකකමටත් වඩා ලොකුය කියලාය.

    රනිල්ට ගෙදර යන්ට තිබ්බෙ 2005 ජනාදිපතිවරනය පැරදුනු වෙලාවේය. ඒ වෙලාවෙ මහත්තයෙක් වගෙ පරාජයේ වගකීම බාරගෙන ගෙදර ගියානං රනිල්ට ආපහු යූඇන්පියේ නායකකම බාරගන්ටෙයි කියල පාක්සිකයො වැඳ වැටෙන්ට යන්නේ ඔන්නම් වැඩිම උනොත් අවුරුදු දෙකකි.

    එහෙම දේවල් ලෝක ඉතිහාසෙ ඕනතරම් වෙලාත් තියෙනවාය. ප්‍රංශෙ චාල්ස් ඩිගෝල් එක උදාහරනයකි. දෙවන ලෝක යුද්දයෙන් පසු ඔහු පිහිටුවාගත් පක්සයට බලයට ඒමට නොහැකිවූ විට ඔහු නම්බු පිටිං ඉල්ලා අස්විය. එහෙත් 1958 දී ප්‍රංශය මුහුණ දුන් අර්බූදයෙන් ගොඩ ගැනීමට හැකියාව තිබූ එකම නායකයා ලෙස ඔහුට යලිත් ප්‍රංශයේ නායකත්වය හිමිවිය.රනිල් මොන පොත් කියවා තිබුනත් ඩිගෝල්ගේ චරිත කතාව කියවා නැත. එක්කෝ කියෙව්වත් කියෙව්වෙ නෑ වගේ ඉන්නවාය. රනිල් කියවා පිලිපදින්නේ මුගාබේ, ගඩාපි සහ මුබාරක්ගේ චරිත කතාය. ඔවුන් වනාහී මුත්තාපල් නොයං මොඩල් එකේ කට්ටියය. මේ ඔක්කොම වෙන්නෙ උඹ හින්දය කියල පලු යන්ට බනිද්දිත් මේ මනුස්සය වගේ වගක් නැතුව කකුල් පද්ද පද්ද සිරිකොතට වෙලා ඉන්න ඉඳිල්ලට මට වෙලාවකට පුදුමත් හිතෙනවාය.ඔන්න එහෙනං කොරගනිල්ලය කියල යන්ට බැරි ඇයිද කියල කල්පනා කරනකොට වෙලාවකට මට මෙහෙමත් හිතෙනවාය. දමල ගහල ගියොත් දෙයියෝ සාක්කි ඊලඟ චන්දෙ ඉඳල යූඇන්පිය දින්නොත් කියල සමහරවිට රනිල්ට බය හිතෙනවා වෙන්නත් පුලුවන්ය.

    චන්ද දිනන්නට හිතාගෙන නායකත්වය වෙනස් කිරීමට ආසන්නම උදාහරණය ඕස්ට්‍රේලියාවෙන්ය. ජුලියා ගිලාර්ඩ් අයින් කොට කෙවින් රඩ් දාගත්තේ ඒ නිසාය. ඒ තුරුම්පුව වැඩ කලේ නැත. ඒක වෙනම කතාවක්ය. ඒත් කෙවින් රඩ් පක්ෂ නායකත්වයේ පදිංචි උනේත් නැත. කම්කරු පක්ෂය දැං අලුත් නායකත්වයක් ගැන සලකා බලමින් සිටී. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කියන්නේ අන්න එහෙමය.

    මම යූ ඇන් පී. කාරයෙක් නොවෙමි.එහෙත් විවිද හේතු නිසා යූ ඇන්. පියට මගේ ලොකු ගෞරවයක් තිබිනි. ඒත් මේ රනිල් නිසා මට දැන් යූ.ඇන්.පිය එපාම වී ඇත. මීට පෙර 1994 දීත් මට යූ.ඇන්.පිය එපාම වී තිබිණි.94 මහ මැතිවරනයේ පොදු පෙරමුණට චන්දය දුන් මම ඒ එක්කම ආපු ජනාදිපතිවරනයේ මගේ පෞද්ගලික නිවාඩු දාගෙන ගොස් වැඩ කලේ ගාමිණී දිසානයකටය.ඒ මුලින් නම් එතුමා දිනයි කියන බලාපොරොත්තුවෙන් නෙවේය. එතුමාගේ පෞරුෂත්වය සහ නායකත්වය ගැන තිබූ අචල විශ්වාසය නිසාය. ඒත් සති කීපයක් ගතවන විට චන්ද්‍රිකා ඒ දවස්වල කොපමණ ජනප්‍රිය වුවද යූ.ඇන්.පිය ජනතාවට කොපමන එපාවී තිබුනද ගාමිණී දිනයිවත්ද යන බලාපොරොත්තුවක් අපි කාගේත් සිත්තුල හටගැනෙන්නට පටන් ගත්තේය. පෞරුෂත්වය කියන්නේ ඒකටය. නායකත්වය කියන්නේ ඒකටය. ඉංගිරිසියෙන් කැරිස්මැටික් ලීඩර්ෂිප් කියන්නේ ඒකටය. අපේ අවාසනාවට රනිල්ට නැත්තෙත් ඒකය.

    කලිනුත් කී අයුරු මම යූ.ඇන්.පී කාරයෙක් නොවෙමි. ඒත් අද මේ රට පත්ව ඇති මේ ගෝත්‍රවාදී පසුගාමී තත්වයට මහින්ද එක්කම රනිල්ද වග කිවයුතුය. ඕනෑම නපුරකට විරුද්දව සටන් කිරීමට බලමුලු එක්තැන්ගැන්වෙන ඔවුන් එකමුතුකරන ඔවුන්ගේ උද්වේගය නාභිගත කරන එක් මධ්‍ය ලක්ෂ්‍යයක් තිබිය යුතුමය.අද අපට නැත්තේද එවන් මධ්‍ය ලක්ෂයකි.

    රටේ මිනිස්සු කතා කරන්නේ පැරදුන එකා ගැනමය කියා මාතලන් කියා තිබේය. ඇත්තය. සම්පූර්ණ ඇත්තය. එහෙම කතා කරන්නේ ඊලඟ චන්දය හරි දිනන්න ඕනෑකම තියන මිනිස්සුය. එහෙම උවමනාවක් නැති අයට, රටට මොන හෙනගෙඩිය ගැහුවත් කමක් නැති අයට රනිල් මලාට පසුව ලබන ආත්මෙත් විපක්ස නායකත්වයෙ හිටියත් කමක් නැත. චන්ද මගඩි ගැන, ලොක්කා ඇමරිකාවෙ ගිය එක ගැන, අගමැති නාපු එක ගැන කතා නොකරන්නේ මන්දැයි කියාත් මාතලන් අසා තිබේ. කතාව ඇත්තය ඒ සියල්ල වැරදිය. ඒ ගැන කතාකල යුතුය. ඒත් අපි මෙතෙක් කලේ එව්වා ගැන කතාකල එක විතරය.කතා කිරිල්ල නවත්වා ඒ ගැන මොකක් හෝ කලයුතුය. අන්න ඒ මොකක් හෝ කරන්නට නම් රනිල් ගැන කතාකල යුතුමය. මිනිස්සු රනිල් ගැන කතාකරන්නේ අන්න ඒ නිසාය.

    මේ ගෝත්‍රවාදී වැඩවසම්, දූෂිත අත්තනෝමතික පාලනය පලවා හරින්නට ඕන නම් රනිල් ගැන කතාකල යුතුමය. ඒකෙ ආය දෙකක් එහෙම නැත.

    ReplyDelete
    Replies
    1. රනිල් ඩිගෝල් නෙමෙයි, හිට්ලට්, බුසෝලිනි වගේම මකියාවේල්ලිත් කියවලා ඇත්තේ. ඒක කියන්නේ මම නෙමෙයි ලාල්කාන්ත. මතක තියාගනින් රවී මේ ඔස්ට්‍රේලියාව නෙමෙයි ලංකාව. එහෙම වෙනත් නායකයෙක් ඕන නම් මිනිස්සු රනිල් නෙමෙයි අකිල දැම්මත් ඡන්දෙ දෙනවා. මහින්දට් එහෙම විරෝධයක් බහුතර ජනතාව තුල නෑ.. ඒක නොදන්න අය තමයි ඕය කෑ ගහන්නේ. නමුත් ඒ දේ රනිල් දන්නවා.. ඒකයි මේ ඡන්දෙට සතයක්වත් වියදම් නොකලෙත්.

      ඔය කෑ ගහන එකෙකුටවත් විකල්පයක් තියෙනවද, නෑ.. පවතින ක්‍රමය ගෙනියන්න අපිව ගේන්න කියලා ඉල්ලන්නේ. එහෙම ඉල්ලුවට මිනිස්සු කියන්නේ. නිදන්න යක්කුන්ට වඩා දන්න යකා හොඳයි කියලයි..

      Delete
    2. / රනිල් ඩිගෝල් නෙමෙයි, හිට්ලට්, බුසෝලිනි වගේම මකියාවේල්ලිත් කියවලා ඇත්තේ. ඒක කියන්නේ මම නෙමෙයි ලාල්කාන්ත. /

      ලාල් කාන්ත තවත් දේවල් කියා ඇත. එව්වයිං වැඩක් නැත. රනිල් සමහරවිට මකියාවෙල්ලි කියවන්නට ඇත. රැස්වීම් වලට ගොස් යූ ඇන් පියට වැටෙන චන්ද සීය හමාරත් කැඩෙන විදිහේ ගොං කතා කිය කිය රට පුරා යන අතර ලැබෙන විවේකයකදී මකියාවෙල්ලි ද කියවන්නට ඇත. මම නෑයි නොකියමි. ඒත් පොත් කියෙව්වාට මදිය. ඒ පොත්වලින් යමක් ගත යුතුය. රනිල් මකියාවෙල්ලි කියෙව්වාට මකියවෙල්ලි කියන්නේ මොකද්ද කියල අබමල් රේනුවක තරම් වත් අවබෝදයක් නම් නැතිබවට සහතිකය. බලය ලබා ගන්නේ කෙසේද? ලැබුණු බලය රැකගන්නේ කෙසේද? මේ මකියාවෙල්ලිගේ පොතෙන් ඉගැන්වෙන වැදගත් කරුණු දෙකකි.බලය ලබාගැනීම කොහොම වෙතත් අනුන් මහන්සිවී ඔඩොක්කුවට ලබාදුන් බලය රැකගන්නේ කෙසේද කියාවත් මේ මනුස්සයාට තේරෙන්නේ නැත. එහෙම තේරෙනවානම් 2001 ලබාගත් බලයට යන්තම් අවුරුදු දෙකක් ගියපසු කෙලවාගන්නේ නැත. " මේ ******** පුතා මොකක්ද මේ කරන විකාරෙ? " ඒ දවස්වල මධු විතකට සෙට් වන අප සව්දිය පිරීමත් එක්කම එකිනෙකාගෙන් අසාගන්නේ ඒ පැණයයි.යූ ඇන් පියට කෙල උනේ 2004 චන්ද්‍රිකා රනිල්ගෙ ආන්ඩුව විසුරුවා හැරීමත් එක්කය. මේ මෝඩයා එක්ක හිටියොත් අපිටත් වැලේ වැල් නැතිවෙන බව දැනගත් යමක් කමක් කල හැකි සියල්ලෝ හීන් සැරේ මාරු උනෝය.

      / මහින්දට් එහෙම විරෝධයක් බහුතර ජනතාව තුල නෑ.. ඒක නොදන්න අය තමයි ඕය කෑ ගහන්නේ. නමුත් ඒ දේ රනිල් දන්නවා.. ඒකයි මේ ඡන්දෙට සතයක්වත් වියදම් නොකලෙත්. /

      ඒ මොකෝ බොලේ එතනිං නැවැත්තුවෙ?...එහෙමනම් රනිල්ට තිබ්බෙ චන්දෙටත් ඉදිරිපත් නොවී ඇප මුදලුත් ඉතිරිකරගෙන පැත්තකට වෙලා ඉන්ටය. කොහොමද මෙහෙම නිවේදනයක් නිකුත් කලානං ? " තවම ජනාදිපතිතුමා මිනිසුන් අතර අප්‍රසාදයට පත් ව නොමැතිබව සක්සුදක්සේ පැහැදිලි හෙයින් එහෙම වෙනකල් එක්සත් ජාතික පක්සය වසා දමනවා ඇත. ගෙවල් වලට ගොස් අත් දෙක දෙපරැන්ද අස්සේ ගහගෙන එතෙක් බුදියාගන්න ලෙස පක්ස නායකත්වය පාක්සිකයින්ගෙන් කාරුනිකව ඉල්ලා සිටියි. මෙතෙක් කරගෙන ආපු විදිහට පක්ස නායකත්වයද එසේම කරනවා ඇත. සියලු දෙවියන්ගේ පිහිටයි!! ආරස්සාවයි!!!"

      / එහෙම ඉල්ලුවට මිනිස්සු කියන්නේ. නිදන්න යක්කුන්ට වඩා දන්න යකා හොඳයි කියලයි../

      නොදන්න මෝඩයට වඩා දන්න යකා හොඳයි කියලනං මිනිස්සු කියනවා ඇත කියා සිතිය හැක. අපහාසයට කෙතරම් සුදුසු වුවද මීට වඩා වැඩි වචනයක් බාවිතා කිරීමට මගේ දිව නොනැමෙන බැවින් කැමති කැමති අය කැමති කැමති කැමති පරිදි මෝඩයා වෙනුවට වෙනත් කැමති සුදුසුයයි හිතෙන වචනයක් දාගත්තාට මගේ අමනාපයක් කොහෙත්ම නැත.

      Delete
  29. කරූට සරණගෙ ඩ්‍රයිවර් එක්ක වත් හැප්පෙන්න බෑ කියපු එක නම් ඇත්ත. මතකනෙ පබා නංගිටත් සෙකන්ඩ් වෙච්චි මනුශ්සයානෙ.

    ReplyDelete
    Replies
    1. ඕවා අපේ උන්ට මතක නෑ නේ... තමන්ගේ පාක්ෂිකයෝ ගුටිකන කොට මාරු වෙන පොර නේ. අපි නොදන්නවය ගම්පහ කරූ කව්ද කියලා..

      Delete
  30. නලින් අතුරුදහන් වී ඇති බව දැනගැනීමට ලැබින.
    රීගල් සිනමා හල මාවත කෙලවරේ තිබී මාධ්‍ය හැදුනුම් පත සමග,අලුත්ම අලුත් Made in Malaysia සලකුණ තිබෙන කළු පැහැති,කරේ එල්ලා ගෙන යන බෑගයක් සමු වී ඇත.
    එම බෑගය ඇතුලේ තිබී ඇත්තේ පාන් කපන සුදු ෆයිබර් ලෑල්ලක් පමණක් බව පොලෝසිය පැවසූ බව සියලු ගිරා නාලිකා කඩන නිවුස් වලින් පවසයි.

    ReplyDelete
    Replies
    1. පොලීසියේ ඇන්ට්‍රියක් දැම්මනම් හරි...

      Delete
    2. ඊට අමතරව ඇරෙවුවා තිබ්බේ නැද්ද ඈ හි හි

      Delete
    3. අද වනවිට කෙන්ජිද අතුරුදහන්ව ඇත. මේ හේතුවෙන් කකා ඇනෝ පුනුරුත්තාපන කඳවුරේ ඇනෝවෙක් අද එක කප් එකද දිනා ඇත.
      නලියගෙයි, කෙන්ජිගෙයි ඉස්කෝලේ පංතිය මොකක්ද දන්නේ නෑ. මොකද පොඩි චැක් පාරක් දාන්න ඕන අපේ ජිල්මාට් පප්පගේ පංතියේද කියලා.

      Delete
  31. උනුත් එකයි මුනුත් එකයි මට නං.
    මොකා හිටියත් රටට කෙල වෙනවා.

    රනිල්-රවී ලා කොරපු අවුරුදු දෙකේ ආන්ඩුව ගැන හිතන්න!

    ReplyDelete
    Replies
    1. එයාලා ආර්ථික පැත්ත ගොඩ දැම්මා. ඒත් පීස් අකෝඩ් එකෙන් නා ගත්තා. ඒ පරිප්පුව තමයි අදටත් කන්නේ..

      Delete
  32. අද එජාප නායකයාද මහින්දය. ඒ එජාපෙ වැඩි කොටස මහින්ද ළඟ ඇති නිසාය.

    ReplyDelete
    Replies
    1. ඕක තේරෙන්නේ නෑ ගොඩාක් දෙනෙකුට..

      Delete
  33. සමහර සිංහල බෞද්ධයන්ට තියෙනවා හාමුදුරුවන්ට බැනලා ආතල් ගන්න පුරුද්දක්
    ඒ වගේම තවත් අයට තියෙනවා හෙල උරුමෙට බැනලා ආතල් ගන්න පුරුද්දක්
    උදාහරනයක් ලෙස ස්වර්න වාහිනියේ ඇන්ඩ් කොම්පැනි වැඩසටහන හදන කෙනාට වැඩිපුරම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ හෙල උරුමය
    මම නම් සිංහල කොල්ලන්ට (සහ කෙල්ලන්ට) කියන්නේ ඔය මේනියා කාරයෝ කියන ඒවා අහන් නැතුව
    උඹලගේ මනාප තුනෙන් එකක් වත් හෙල උරුමෙට දීපල්ලා මනාප දීලා ඕක කුනුහරුපයක් කියලා බැනපල්ලා
    ඒක කවදාවත් අහක යන්නෙ නෑ

    සජිත් ප්‍රේමදාස ගැන කියනවානම් ඇත්තටම රනිල් සජිත්ට වඩා හොඳයි මොකද සජිත් දෙිශපාලනේ කියලා කරන්නේ
    ඉස්කෝල ලමුන්ට පොත් බෙදා දීම මහන මැසින් බෙදා දීම පන්සල්වල බුදු ගෙවල් හදන්න ආධාර දීම වගේ වැඩ
    එව්වා නරක වැඩ නම් නෙමෙයි නමුත් ඕක රාජ්‍ය නායකයෙක් වෙන්න සුදුසුකමක් නෙමේ
    එහෙමනම් සෝමා එදිරිසිංහත් ජනාධිපති කමට සුදුසුයි
    සජිත් කියනවා එයා කිලිනොච්චියට මැදවච්චිය කිව්වේ නෑ කියලා නමුත් එයා එහෙම නෙමෙයි කියලා කිව්වෙත් නෑ
    සජිත්ට රාජ්‍ය නායකයා වෙන්න ලැබුනොත් එයා එයාට ලැබුනු ජනවරම තමන්ට කැමති දෙයක් කරන්න ලැබුනු බලයක් හැටියට සලකනවා
    ඒ වගේම එයා උපදේශකයන්ගෙත් කේලම් කාරයන්ගෙත් විදේශ තානාපති නිලධාරීගෙත් රූකඩයක් වෙනවා
    රනිල් ඊට වඩා හොඳයි
    හරි හමන් විපක්ෂයක් නැති එක ගැන මට තියෙන්නේ කනගාටුවක්
    දැන් බලන්න ඇමරිකාවේ තියෙන්නේ සුද්දන්ගේ ආන්ඩුවක් සහ සුද්දන්ගේ විපක්ෂයක්
    ලංකාවෙත් ඒ වගේම සිංහල ආන්ඩුවක් සහ සිංහල විපක්ෂයක් තියෙනවනම් කොච්චර හොඳද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ සිංහල ජාතිව්වදීන්ට තැනක් නෑ මින් ඉදිරියට, මොකෝ ඒකට ලොක්කම ඉන්නවනේ..

      Delete
  34. Replies
    1. කියන්න ආපු එකත් අමතක් වුනා මේ හුට්ටප්පරයක් හින්ද

      Delete
    2. කොහොම වෙතටත් මේ පිළිඹඳ මට කියන්න තියෙන්නේ රනිල් ගියොත් යූ.එන්.පී. කියලා එකක් නැතිවෙන්වාය. මොකද මේ වෙලාවේ එක එකාට කඩේ යන එවුන් මිස හැබෑ නායකයෙක් අලි පාටියට නැති නිසාය. කොහොම වුනත් මාතලන් ජනතාව හිතන්නේ මහා අපූරු විදිහකටය ....ඒ මොකද මේ ඡන්දෙන් පස්සේ කතාකරන් ගොඩක් එවුන් කියන්නේ සජිත් නායකයා කලානම් මෙහෙම් වෙන්නේ නැතිලු. මේ ඡන්දෙදිත් දිනුවේ සජිත් සපෝට් කරපු අයලු , රනි සපෝට් කරපු අය පැරදිලු .
      සජිත් නායකයා වෙන එක හොඳයි කියලා කියමුකෝ. එත් මිනිහා ඉන්නකම්ම කලේ නායකයාට අංචි අදින එකය .ඉතින් මිනිහා නායකා වුනත් මිනිහට වෙන්නෙත් ඒ ටිකම කියා නොවටහීමම මිනිහා නායකයා වෙන්න තියෙන නුසුදුසු කමකි. සැබෑ නායකයෝ නායකත්වය ඉල්ලා හඬා වැටෙන්නේ , කුමන්ත්රාණ කරන්නේ නැත. ඔහු සැබෑ නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරනවානම් කාලය ,ජනතාව හා පාක්ෂිකයන් විසින් ඔහුව එතනට රැගෙන එනු ඇත. මට තේරෙන විදිහට නම් රනිල් නැත්තම් සජිත්ට දීමට වඩා ගයන්ත කරුණාතිලක හොඳය.

      Delete
    3. මිනිස්සු එහෙම අලි ගැන කතා කරන්නේ නෑ මචෝ.. මුන්ම කතාකරලා, මිනිස්සු කියනවයි කියලා උන්ම කියනවා.. සජිත් මේ දවස්වල කරන කතා ඇහුවම, මම බයවෙලා ඉන්නේ මට ගිහි ගේයි කළකිරීමක් ඇති වෙයිද කියලා..

      Delete
  35. //මේ යක්කුන්ට අලුතෙන් කියන්න දෙයක් නැතිය. අඩුගානේ ජනාධිපති ක්‍රමේ නැති කරනවා කියා කියන්නේත් නැතිය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ පඩි අඩු කරනවා කියන්නේත් නැතිය. ඇමතිවරු 15 කට සීම කරනවා කියන්නේත් නැතිය. පලා බබා නැති කරනවා කියන්නේත් නැතිය, උපදේශකයෝ, පවුලේ උන් දාගෙන කරන බිස්නස් නවත්තනවා කියන්නේත් නැතිය. අජ්ජාපනේ වෙනස් කරනවා කියන්නේත් නැතිය.//

    ahaval akatada ahenam passen yanne. chande denne.

    ReplyDelete
    Replies
    1. බැලට් කියන්නේ බුලට් වඩා බොහෝම වටිනා දෙයක්.. විකල්පයක් එනකන් දිනන එකාට දෙනවා.. නගර සභා ඡ්න්දෙ දුන්නේ මුසම්මිල්ට..

      Delete
    2. හුකැස්.
      එතකොට බොල කවදද හොඳ එකෙක් එළියට එන්නේ. දිනුවත් පැරදුනත් කමන්නෑ. හොඳ එකා තෝරන එක තමා පප්පා ගමට හරියන්නේ.

      Delete
  36. රනිල් ගැන මහින්ද ගැන නෙමෙයි.සාර්තක නායකයෙක් හදිසියෙ බිහි වෙන්නෙ නැ.මහින්ද වගෙම ප්‍රෙමදාසත් බොහොම හිමින් වර්දනය වුනු ප්‍රබල නායකයො.එකපාරට ආවම එකපාරටම නැතිවෙනව

    ReplyDelete
    Replies
    1. සජිත්ට නම් අනාගතේ තැනක් තියෙයි... කරූ කියන්නේ නිකන්ම නිකන් වල්ගා තරු...

      Delete
    2. ඒ වලිගෙ එල්ලිලා ඉන්න එවුන් තමයි කලින්ම ක්ෂය වෙලා අතුරු දහන් වෙන්නේ.

      Delete
  37. මාතලන් කිවිවා රනිල් පරපුරක අවසානයක් කියල.නෑ, රුවන් විජේවර්ධන වගේ ඊලඟ පරම්පරාවත් එ.ජා.ප ය තුල ඉන්නවා.ඔහු ගැන කියන්ට මහ ලොකු දෙයක් නම් දන්නේ නෑ තමයි.ඒත් බොහෝ විට රනිල් (රිලේ තරඟයක වගේ) මීලඟට බැටන් එක දෙන්නේ ඔහුට.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවනම් ළොකු දෙයක්. ඒත් හැම තැනම 56 බූරූ පුත්තු අරක්ගෙන තියෙන්නේ..

      Delete
  38. රනිල් ගැන මගේ අදහසනං බෙදුනු එකක්...

    ඒ කිව්වේ මං රනිල් යූ ඇන් පී නායකත්වයේ ඉන්නවට කැමතියි...
    එතකොට ඒකේ අනිත් එක තමා යූ ඇන් පී එකට රට යනවට අකමැතියි...

    ඉතිං ඕකේ පළවෙනි එක සිද්ධ වෙනතාක් කල් දෙවැනි එකත් එහෙමමයි.. ඒ හින්දා මටනං අවුලක් නැහැ... :D

    යූ ඇන් පී එකට රට යනවට හුගක්ම අකමැති වෙන මොකවත් හින්දා නෙවෙයි... අඩු පඩු කැඩිලා පැත්ත වැටිලා ඉන්න යූ ඇන් පී මැරයෝ ටික ආයේ වතාවක් නැගිටලා ඇවිත් අනිත් පැත්තේ උන්ට නෙලන හින්දා... මකලවත් ඔය අයියලව අනිත් මිනිස්සුන්ගේ මතේට ගරු කරන්න හුරු කරවන්න බැහැ.. බලේ ලැබුනද ගැහුවා... දැන් මෙහෙම කොමෙන්ට් එකක් දැම්ම ගමන් උනත් යූ ඇන් පී සෙට් එක කුපිත වෙලා මට බයින බව දන්නවා.. ඒ තමා එයාලගේ හැටි... අනිත් පැතිවල උන් කට ඇරියත් මරං කන්න හදන්නේ... අඩුම ගානේ දැන් ඉස්සර වගේ ඇඳිරි නීතිය නොදා ඡන්ද තියන්නවත් පුළුවන්...

    මං දැන් දවස් කිහිපයක් දැක්කා මාතලං උනත් කියනවා රටේ ඉහළ පෙලැන්තිය විතරයි රට පාලනය කරන්න ඕන වගේ කතාවක්.. පහළ සහ මධ්‍යම පංති වලින් එන උන්ට ඒ අයිතිය දෙන්න නරකයි කියලා... මං සංතෝෂ උනා ඒ කතාව දැකලා... මොකද මාතලං කොච්චර කිව්වත් රියල් යූ ඇන් පි බුවෙක්ම තමා හින්දා.. ඒ තමා යූ ඇන් පී චින්තනේ...

    හැබැයි ඒ වගේම මාතලං කෙලින්ම රනිල්වාදියෙක් කියලා පිළිගන්න එකටත් මං ගරු කරනවා.. මොකද මහින්දට බනින හුග දෙනෙක් කෙලින් කියන්නේ නති කතාව ඕක තමා... ඇහුවොත් ඉන්නේ ස්වාධීන අදහස් ඇති.. මධ්‍යස්ථ පොරවල්.. හැබැයි බොක්කේ දඩමස්.. හක්කේ බුදු රැස් තමා.. ඒ අතින් මාතලං ඉස්තරං... කොච්චර කොහේ ගියත් අන්තිමට නියම තැන හිට ගන්නවා... අනිත් පක්ෂ වලට නෙලන්න කලින් තමුන් ඉන්නේ කොතැනද කියන එක කියලාම ඒක කරන එක අගය කල යුතු වැඩක්... බොරු සිල් පෙන්නන්නේ නැතිව...

    රයිටෝ ඔය ඇති...

    රනිල් සදා රැක ගමු... (මහින්දගේ රක්ෂණේ..)

    (ප්‍රභල විපක්ෂයක් නැති වීමෙන් රටට වෙන පාඩුව ගැන හිතන්න ඕන මං නෙවෙයි රනිල්ව ආරක්ෂා කරමින් ශක්තිමත් විපක්ෂයක් නැත්තටම නැති වෙනකල් බලං ඉන්න උදවිය.. මට මොටෝ එව්වා..)

    ReplyDelete
    Replies
    1. ඒ අදහස ඔබ වෙත ගෙන ආවේ, මහා රාජාට පුක දෙන මාරයාගෙනි. එය මුදල් ගෙවා ප්‍රචාරය කළ දැන්වීමක් බව කාරුණිකව සලකන්න.

      Delete
    2. රනිල් නැති උන දාට, එජාපයත් සිරි ලංකා එකක්ම තමා.. ඇත්තටම ප්‍රභූ පන්තිය දේශපාළණයෙන් ඉවත්වීම හා අළුත් පරම්පරාව විදේශගත වීම මම නම් දකින්නේ, සුද්ද රට දාලා ගිය එකටත් වඩා කරුමයක් විදියටයි..

      Delete
  39. වෙනම ලිපියක් ලියනව. ඊලඟට...

    ReplyDelete
  40. ප්‍රබල විපක්ශයක තිබිය යුතු ප්‍රධාන ගුණය වන විකල්ප ප්‍රතිපත්තීන් ගැන මෙලෝ අවධාරණයක් නැත.
    මාතලන් කියා ඇති පරිදි ප්‍රතිපත්තියක් නැතුව බලය පමනක් ඉල්ලනවා.
    අනෙක යූ එන් පිය පුරුශ පක්ශයක්.
    ස්ත්‍රීනට තැනක් දීපු දාට එජාපය නැගල එයි.
    රෝසි හා තලතා ඉහල තලයට ගෙන ආ යුතුයි.
    සැ යු
    මා යූ එන් පියට මෙතෙක් ඡන්දය දී නැත.

    ReplyDelete
    Replies
    1. සිංහල නොවන ස්ත්‍රීන්ට තැනක් දිය යුතුයි

      Delete
    2. සිංහල නොවන ස්ත්‍රීන්ට තැනක් දිය යුතුයි

      Delete
    3. ලංකීය ස්ත්‍රීන්ට නම්, ස්ත්‍රීන් බලයට පත් උනත් කිසිම තැනක් නෑ. නමුත් රටම ජීවත් වෙන්නේ කාන්තාවන්ට පින් සිද්ද වෙන්න..

      Delete
  41. Ranilta karanna pulywan ken gediyak na, Weda mahaththaya wage kenek aie ranil wage kenekuta kade yanne. Ranilla 83 strike karapu ayata karapu dewal mathaka nadda. ranil kiyanne kapati pudgalayek, kapati kama wadi nisa miniha modayek wela thiyenne . thawa kiywapana deshapalana ithisaya maathalan, umba danna bambuwak na deshapalanaya ganawath deshapalanaya karana hour ganawath,

    ReplyDelete
    Replies
    1. ඔයා මාර දැණීමක් තියෙන කෙනෙක් කියලා කොමෙන්ට් එකෙන් පේනවා..

      Delete
  42. රටට අවශ්‍ය දේ තාම විපක්ශයට තෙරෙන්නෙ නෑ ඒ උනාට විපක්ශයට ඕන දේ ආන්ඩුවට තෙරෙනවා
    >
    ……සැහෙන්න කාලෙකින් බ්ලොග් කියවන්න ගොඩ උනේ ....

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාලයක් ගියා රිප්ලයි එක දාන්න..

      Delete
  43. හපොයි මම නම් අකමැතිම දේ දේශපාලුවට ලක්වෙච්ච දේශපාලනේ ගැන කතා කොරන්ඩයි. ඒත් රනිල් ගැන කිවම මට මතක් වෙන්නේ එජාපයයි. එජාපය කිවම මතක් වෙන්නේ රනිල්වයි. ඒ දෙක එකට බද්ධ වෙලා නොහිටියොත් නිකම් නූලට ඉදිකට්ට නෑ වගේ. ඒ හින්දා ඒක තේරුම අරන් වෙන්ඩ ඇති ඒ මහත්තයා තාමත් ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. එහෙම නමක් එක්ක බද්ද වෙනවා කියන දේ ලේසියෙන් ඇතිවන දෙයක් නොවෙයි..

      Delete
  44. උඹ කොහේද? හදිස්සියෙම ලංකාව දාල ගියාද?

    ReplyDelete
    Replies
    1. කොහේ යන්නෙයි බං. මේ රත්නද්වීපේ දාලා...

      Delete
  45. මාතලං නොහෝත් ප්‍රියන්ත හේවගේ අතුරු දහන්ව ඇත. සෝයා දෙන්න. අවසන් පෝස්ටුව අනුව ඔහු කවුරුන් විසින් ඉස්සුවේද යන්න පැහැදිලි නැත.

    ReplyDelete
    Replies
    1. කට්ටිය ගුටි කෑවට, වෙඩි තියාගත්තට. එකෙක්වත් අතුරුදහන් උනේ නෑ නේ..

      Delete
  46. කොහෙද යකෝ උඹ ගිහිල්ලා හිටියේ....පුදුම අඩුවක් තිබුනේ.....දැන් හරි!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ගෙදර තිබුන පරණ ලදරමක්. ලැප් එකේ මදේ දාලා අටවලා දුන්නා.. දැන් ඉතින් ගෙදර ඉන්න වෙලාවට ලියන්න ඇහැක් වෙයි.. උන්නද මලාද බලාපු ඔක්කෝටම ස්තූතියි..

      Delete
  47. ඔව් මාත් හෙවුවා

    ReplyDelete
    Replies
    1. සති 3ක් ඔයා නැහැ ඒකයි ,, සතුටුයි

      Delete
  48. යටිතල පහසුකම් ප්‍රශ්නයක් වගේ!

    ReplyDelete
    Replies
    1. එකසිය ගානට.. ඒ උනාට පොඩි ගේමක් දීලා පරණ පී සී එකකට සෙට් කලා.. ගෙදර ඉන්න වෙලාවට ලියන්න පුළුවන්..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න