.

.

Dec 5, 2013

මිසිස් පෙරේරා (23+) - Mrs Perera (13+)


ට්ට සින්දුවක් එක සැරයක් කනට වැටුනම, කං කාළාඳුරු වාගේ සුද්ද කරලා අයින් කරලා දාන්න බැරිය. ඒක පීචං එකක්ද, ශාස්තිරියද, හින්ගලද, හින්දිද, දෙමළද, ගුජරාටිද, මරාටිද, යුනානිද, අරාබිද, චීන්ද, ජපන්ද, ඇමරිකන්ද, සුද්දගෙද කියා කියන්නට බැරිය. මහාචාර්ය මාතලන්ගේ තියරිය අනුව නම්, සින්දුවක් එහෙම බොක්කටම වඳින්නේ, තනුව හින්දාය. මියුසික් වත්, වචන නිසාවත් නෙමේය.

ඔය එහෙම බොක්කේ වැදුන සින්දු, බොක්කට රහ මෙර ටිකක් වැටෙන කොට එලියට එන්නේ, සංගීත භාන්ඩ නැතිවය. ගායනා කරන්නේත් සුරුතියෙන් පිටය. දේන වටයට යොමු කරන්න බැරිය. අනෙ තොගේ දේන වටය, යොමු කරන්න බැරිනම්, ඕන සෙද්දක් කොර ගනින් කියා, කියන එකා කියනවාමය. හැබයි කියනවායි, ගයනවායි අතරේ නම් සෑහෙන වෙනසක් ඇත්තේය.

ඒක තේරෙන්නේ ඔය ඇස්ටෝන් ගෙවල්වල, සම හරක් බලෙන් සින්දු කියන්න ගිය වෙලාවටය, සමහර උන් සින්දු කියන්නේ, ගෲප් එකේ මියුසික් වලට, කතාවක් කොරනවා වාගේය. එහෙම පිස්සෙක් වගේ, කතා කොරන සින්දුත් තියෙනවාය. ඒවාට කියන්න "රැප්" කියාය. ඒ සිස්ටොන් එකෙත් පට්ටම සින්දු තියෙනවාය. ඔය ඇමිනැම්ගේ ඒවා අහගෙන උන්නාට, සමහර රැප් කිය්න උන්ගේ ඒවා ඇහුවාම, අනේ තොගේ රැප්, දුප් දුප් කියා එළවා දමන්න හිතෙනවය.

රැගේ (Reggae) ඉට්ටයිල් කියන්නේ, මාතලන්ගේ ප්‍රියතම ඉට්ටයිල් එකක්ය. මොන යකා රැගේ ගෙනාවත්, රැගේ හැම එකාගේම බොක්කේ රැකෙන්නේ, "බොග් මාලේ" (Bob Marley) නිසාය. සමහර උන් කියන්නේ බොග් මාලේ නෑවේ නැතෙයි කියාය. ඒක නිසාදෝ මන්දා, නාන්න, අම්බ හොර ජාතියක් වන, සිරි ලංකිකයෝ, බොග් මාලේ පපුවේ ගහගෙන යනවාය. පිටේ ගහගෙන යනවය, ටුක් ටුක් එකේ ගහගෙන යනවාය. කැප් එකේ ගහගෙන යනවාය, ලේන්සුවෙත් ගහගෙන යනවාය.

ඔහොම ගහගෙන යන එකෙක්ගෙන්, "මල්ලි.... ඔය "ටී" එකේ ඉන්නේ කව්ද.....?" කියා ඇහුවාම, ඌ කිව්වේ, "චේ ගුවේරා..." කියාය. එතකොට මට හිනා ගියේය. මල්ලි ඇහුවේ, "ඇයි ඩෝ.... හිනා වෙන්නේ...."? කියාය. මම කිව්වේ, "චේ ගුවේරා නෙමෙයි, චේ ගුවේරාගේ අම්මා ......"කියාය. "අනේ..., තොගේ අම්මත් එක්ක, අහවල් එක කොරගනින්...." කිව්වාම මම කිව්වේ. "ඒකට, තාත්තා ඉන්නවා..... ඔය පුතේ...., බොග් මාලේ....." කියාය.

චේ ගුවේරා කිව්වේ රැගේ නෙමේය, බයිලාය. කොහොම හරි, අද ළෝකේ ඉන්න නම්බර් වන් අයිකන් එකක්ය. එයාලා පුක ඉරාගෙන ලබා දුන්න විමුක්තිය, අද කියුබාවෙන් පේනවාය. එහේ ගියපු එකෙක් මට කිව්වේ, උන් අම්බ හිඟන්නෝ කියාය. ඒත්, උන්ව බොකු දිරාස් වලට පුරුදු කරලාය. ඉතින් උන් කරන්නේ බොකු දිරාස් ටිකක් බඩට දමාගෙන, බොක්ස් ගීටාර් එකක් අතුල්ල අතුල්ල, ඉස්පැනිස් බයිලාවක් ගසා, පොරකන්න පුළුවන් නම් පොරකා, අහු උන තැනක බුදිය ගන්නා එකය. විමුක්තිය කියන්නේ ඒකට නම්, ජපානේ තියෙන්නේ නිර්වාණය හෝ, ඊටත් එහා ළෝකෝත්තර සුවයක් වෙන්න ඕනාය.


මේ සින්දුව මගේ බොක්කටම වැදුනේ හේතු දෙකක් නිසාය. එක.. මාරක අපල නිසා එලියට බහින්න දෙන්නේ නැතිව, ඉස්තෝප්පුවේ කොන්ක්‍රීට් එක කඩාගෙන වැටි, ස්වර්ග රාජ්ජෙට ගිය, අපේ හිතවත් පෙරෙරා අන්කල්ගේ මිසිස්, මිසිස් පෙරේරාය. අනික කලකට පෙර මගේ යාළුවෙක් නැවතිලා උන්න බෝඩිමේ උන් මිසිස් පෙරේරය.

මේ සින්දුවේ ඉන්නා කොල්ලෝ දෙන්නා නම්, ඉතා වැදගත්, බොදු ගොවි, සුරා සූදුවෙන් තොර, කොල්ලෝ දෙන්නෙක් වෙන්න ඕනාය. උන් දෙන්නා, කෙල්ල ලන්ඩන් ගියයින් පස්සෙ, ජීවීතේ ගැන කළකිරි, තපස් දම් රකින්න, ඩුබායි බලා යනවාය. ඒත් වෙන එකෙක් නම්, හිතේ අමාරුවට මිසිස් පෙරේරා එක්ක හරි සෙට් වෙනවාය.

මගේ යාළුවා නැවතිලා උන්න ගෙදර ආ......න්ටිගේ නම, මිසිස් පෙරේරා නෙමේය. එයා මිසිස් පෙරෙයිරාය. උන්නේ බම්බලපිටියේය. ගෙදර තට්ටු දෙකය. අපේ හිතවතා වැඩ කොලේ එයාර් ලංකා එකේය. පයිලට් කෙනෙක් නම් නෙමෙයිය. ෆලයින්ග් ඉස්ටුවඩ්ය. මූ මේ ගෙදර බෝඩ් වෙලා උන්නේ, උගේ කෑල්ලත් ෆලයින් ඉස්ටුවඩර්ස් කෙනෙක් නිසාය.

වෙන්න නැන්දම්මා උනත්, මෙයත් සින්දුවේ එන මිසිස් පෙරේරා වගේම, දූලා දෙන්නා පෙන්නා, ජීවත් උන කෙනෙක්ය. එහෙම වෙන්න හේතුව වෙලා තිබුනේ, මිස්ට පෙරේරා පොඩි කෙල්ලෙක් එක්ක වෙනත් දීගයක ගිය නිසාය. එක දුවෙක් උඩින් යනකොට, අනික් දුව උන්නේ බිමින් යන ට්‍රේඩ් එකකය, ඒ රෙන්ට කාර් සර්විස් එකකය.

රෙන්ට කාර් කිව්වේ, කක්කා කොරන කේස් එකක් නෙමේය. වාහන කුළියට දෙන එකය. මේ කෙල්ලත් තනිකර, මිසිස් පෙරෙයිරාගේම ජාතියේ, බොහොම සැර, කට්ට වෙට්ට පිත්තල, ගෑල්ලමයෙක් වූවාය. ගෙදරට එන එකෙක්වත් පයිසෙකට ගනන් ගත්තේ නැති උනාට, බෝඩ් වෙලා උන් හැම එකාටම, පෙන්නුවේ වැඩේ පොසිටිව් කියලාය. ඒ නිසා, කොච්චර අඩු පාඩු කම් තිබුනත් හැම එකාම  කිසි අවුලක් නැතිවම උන්නේය.

අපේ එකාට නම්, වැඩේ සෙට් නිසා, ඌගේ බොකු ලෙස, අපිට කාමර අස්සේ රිංගන්න උනේ නැතිය. අපි සෙට් උනේ සාලේය. ඒ වෙලාවට නම්, ආ...න්ටි අපිත් එක්කත් සෙට් උනේය. ඔහොම කාලයක් යන කොට, අපේ එකෙක් කිව්වේ, ඔය කියන තරම් ආන්ටි නරක එකෙක් නෙමෙයි කියාය.

එහෙම කිව්වාට පිලිගන්න අමාරු නිසා, මාත් ඔෆිස් වෙලවක, ටොයිලට් යන්න ඕන කියා, හදිසියේ ගෙට ගොඩ උන වෙලාවක, එයා සත්තරන් ආ...න්ටි කෙනෙක් කියලා, ප්‍රායෝගිකවම අවබෝධ කොට ගෙන, ඒ සියළු සත්වයෝ ප්‍රාර්ථනා කොරන්නා.......වු, අජරාමර නිවන් සුවයම විඳ ගත්තෙය.

අනෙක් කෑල්ලට මාට්ටුවී හිටපු උන්, පස්සෙ කාලෙක, තැන තැන හම්බ වන විට කිව්වේ. බලපන්කෝ බන්, අරුන් සෙට් එක සද්ද නැතිව රට ගියා මදිවාට, අපේ සල්ලිත් අරගෙන ගියානේ කියාය. බැලින්නම්.. වී ඇත්තේ පට්ට සීන් එකක්ය. අපේ එකාද ඇතුලුව, මුන් සෙට් එකම, ඔට්ටේලියාවට ගොහින් ඇත්තේ ගේත් විකුණලාය. සියළු ගණුදෙනු කර ඇත්තේ බෝඩින් කාරයෝ නැති වෙලාවටය.

බෝඩින් කාරයෝ ටිකට තරු පෙනුනේ, ගේ, අලුතෙන් ගත්ත එකා, පොලීසියත් එක්ක ඇවිත් උන් ටික එලියට ඇදලා දාන වෙලාවේය. පෙරෙයිරා ආ...න්ටි, මුන් හැම එකාගෙන්ම ලක්ෂ ගනන් දෙන්නම් කාසි ඉල්ලාගෙන, සුමානෙකට බැංකොක් යනවා කියා, ගිහින් ඇත්තේ ඔට්ටේලියාවෙය.

වෙන්න බෑනලා උන් ඔක්කෝම ටික මාට්ටු වෙලා තිබුනේ, ආ...න්ටි, මේ බැංකොක් බිස්නස් එකත් කාළයක් කොරගෙන ගිය නිසාය. උන් එහෙම මාට්ටු උනාට. අපි නම් මාට්ටු උනේ නැතිය. ඒ අපේ තාත්තා නිසාය. අපේ තාත්තාගෙන කීයක් හරි ඉල්ලුවාම කියන්නේ, "සත පහක් අතේ නෑ....." කියාය. පෙරෙයිරා ආන්ටි මගෙනුත් ඉල්ලුව වෙලාවේ, මමත් ගැහුවේ ඔය මන්තරයමය.

මේ කතාවෙන් ගන්නට තිබෙනා ආදර්ශය නම්, වැල කෑවාට අවුලක් නැතිය. ඒත් වැඩිපුර වැල කන්න ගියොත් බඩේ අමාරු හැදෙනවාය. ඒ නිසා වැල කෑවාට පසු, ගම්මිරිස් ටිකක් කා, වැල කාපු බව අමතක කර දැමීමය. නැතිව පිස්සු හැදුන කපුටා වගේ, වැල ගෙඩියේ වහගෙන කන්න ගියොත්, අන්තීමේදී නවතින්න වෙන්නේ බඩ ගිහිල්ලාය. ඒ වගේම, ගැට පොලොස්, දෙල් ගෙඩි වගේ ලස්සනට තිබුනාට, රහ බලනකන්, පිට පොත්තේ ඔපේට වහ වැටෙන්නත් නරකයි කියාය. ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනාම නැතිය.

ප: ලි:
මේ සින්දුව කියන කොල්ලෝ දෙන්නාගේ, සින්ගින්ග් ටැලන්ට් එක නම් පට්ටය, ඩාන්සින් නම් අවුල්ය, ඇක්ටින් නම්බර් වන්ය. වීඩියෝ එක සහ මිසිස් පෙරේරාද, දුවද එළකිරි‍ය. මියුසික් හා වයලින් පාර කනේ පිරිසිඳු කිතුල් පැණි වක්කරනවා වාගේය. 

ලව් එක බ්‍රේක් වෙලා, හොටු පෙරාගෙන, අඬ අඬා සින්දු කියන, පොන්න ගායකයන්ගේ ගීත අහලා, අමරදේව මාස්ටර්ලත් එපා වෙලා ඉන්න වෙලාවේ, අපිව හින්ගල සින්දු අහන්න පොළොඹවන මේ වගේ උන්ට මම නම් පට්ට ලයික්ය.

72 comments:

  1. මං එක @ හොස්පිටල් :(

    ReplyDelete
    Replies
    1. මොකෝ බන් උනෙ අසනීපෙ වැඩි උනාද? :O

      Delete
    2. මම හිතුවා ඔහොම වෙයි කියලා... :)

      Delete
    3. මොකද ඔමා අවුල?

      Delete
    4. @ ඔමා, ඉක්මනින් සනීප වෙන්න කියලා පතනවා.

      Delete
    5. දැනෙනවාද ඔයාටත් එක වීමේ සංතෝශය.

      Delete
    6. ඉක්මන් සුවය පතනවා!!

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. //මේ කතාවෙන් ගන්නට තිබෙනා ආදර්ශය නම්, වැල කෑවාට අවුලක් නැතිය. ඒත් වැඩිපුර වැල කන්න ගියොත් බඩේ අමාරු හැදෙනවාය.//
      මෙතන ඉදන්නේ හොදම හරිය ...පට්ට .....

      Delete
    2. එතනින් ඉවරයිනේ බන්..

      Delete
    3. හොදම හරිය ඇගිල්ලෙ නේ ඩාලිo වගේ
      මෙකෙත් අදර්ශවත් කොටස තමා ඔය ..අත්දැකිම් වලින් කියන දෙවල් නේ ..:) :)

      Delete
  3. හම්ම්ම් පට්ටම සින්දුවක් තමා...මුල් පාර අහද්දි මේ මොන විකාරයක්ද කියල හිතුනත් දෙතුන් පාර අහද්දි තමා පොඩි ගතියක් දැනුනෙ :D

    ReplyDelete
    Replies
    1. මට නම් අල්ලලම ගියා මේ ඉතිහාස කතන්දර නිසා.. එදා මේක තිබුනනම් පට්ට..

      Delete
  4. ඕකේ තියෙන්නේ ක්ෂනික චූන් එකක් විතරයි...

    ReplyDelete
    Replies
    1. දැන් එන කොයිකත් එහෙමයි, සුනිල් එදිරිසිංඥෝර්ගේ "අවුකන ගල් වඩුවට" මොකෑ උනේ. අවුකන තියෙනවා සින්දුව කුඩේ කුඩු. දැන් නිර්මාණ වැඩියි. ඒකයි. මොකාටවත් අල්ලගෙන ඉන්න අමාරුයි..

      Delete
    2. රේඩියෝවලින් ප්‍රචාරය කරන වාර ගණනෙන් සින්දුවක් ජනප්‍රියද නැද්ද කියලා කියන්න බෑ. “මේ තරම් සියුමැලිද කළුගල්“ කුඩේ කුඩු කියලා කියන්නෙ කොහොමද? ඔබ අහන්නෙ නැති උනාට ඒ සින්දු අහන අය ඕන තරම් ඉන්නවා.

      Delete
    3. අපි නම් ගීතයක ජනප්‍රිය බව මනින්නෙ අරෙහෙමයි. ඔයා අහන්න. අපි නම් අහන්නේ නෑ. ඔයා වගේ ලෙඩ්ඩු කොහොමත් ඉන්නවා. ඕන රටක. මේ ළිපියට කලින් ළිපියට කළින් ළිපියේ ඒ ලෙඩේ නම තියෙනවා. හැබයි බෙහෙත් නෑ.

      Delete
    4. // ඔයා වගේ ලෙඩ්ඩු කොහොමත් ඉන්නවා.//

      කොහොමත් මානසික ලෙඩ්ඩු හිතාගෙන ඉන්නේ තමං හරි... නිවැරදි දේ නේනා නෙ එකාට පිස්සු කියලනේ.
      එහෙම නේද මාතලං??
      අයියෝ..........ඕ.. සල්ලි.

      Delete
    5. උම්බෑ කියන්න එපා... ඇනෝ ආවට හරකෙක් කියලා ඇහෙනවා..

      Delete
  5. ඔන්න මාත් බැලුවෙමි...
    //
    ලව් එක බ්‍රේක් වෙලා, හොටු පෙරාගෙන, අඬ අඬා සින්දු කියන, පොන්න ගායකයන්ගේ ගීත අහලා, අමරදේව මාස්ටර්ලත් එපා වෙලා ඉන්න වෙලාවේ, අපිව හින්ගල සින්දු අහන්න පොළොඹවන මේ වගේ උන්ට මම නම් පට්ට ලයික්ය.
    //
    මේකනම් සෑහෙන්නම ඇත්තය.මංසාරී......// ගාන උන්ගේ සිංදු එපාම වී ඇති එකෙක්ය මා......

    ReplyDelete
    Replies
    1. මොන මළ හොන්තුවක්ද බන්, ගමක් මළා වගේ අඬන්නේ.. පොන්න ගායකොයි.. පොන්න නලුවොයි.. කොල්ලන්ටත් අපහාසයක්..

      Delete
  6. මගේ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය ඔයිට වඩා හොඳයි බං ...

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳයි.. මේක හොඳා................................................................................යි......

      Delete
  7. වැල කන්නන්ට හොද උපදේස ටිකක්

    ReplyDelete
    Replies
    1. කොයි පෝස්ට් එකෙත් ඉගෙන ගන්න යමක් තියෙනවා.. එහෙමත් වෙලාවක තමයි මක්කත් නැත්තේ.

      Delete
    2. අම්මපා මාතලන්ගෙන් උපදෙස් ගනිං බං. වැල නෙමේ බෙල්ලේ වැල තමා. චරස්............

      Delete
  8. සින්දුව මටත් මල් හතයි. නැටුම් බැලුවේ නැහැ. අයියෝ......... මිසිස්....... පෙරේ....රා. මට මතක් වුනේ කාලෙකට කලින් හේමසිරි ලියන ගේ කරපු නියම රෝල් එකක් තිබ්බ, නම් ගම් මතක නැහැ. ඒකෙ මරු වචන ටිකකුත් තිබ්බ. සමන්තා ද කවුද කියලා ඉටි කිරිස් කෙල්ලෙකුත් රඟපෑවා මතකයි. එයා නම් පස්සෙ බොහොම චාටර් වුනා. බෝඩිම ද මන්ද ටෙලිය. මටත් මතක නැහැ ලෙඩේ නෙ අප්පා....මේ වගේම කතාවක්. බොහොම අමාරුවෙන් ජීවිතේට දූරු ගොඩකුත් එක්ක මුහුණ දෙන කාන්තාවක් ගැන.

    ReplyDelete
    Replies
    1. සමන්තා ඈපාසිංහ. මම හරිම ආසයි ඒ කෙල්ලට. අද ඉන්න නිලියෝ එක්ක බැලුවම මාරම ලස්සනයි. වීක් එන්ඩ් ඉන්ගිරිස් ටැබ්ලොයිඩ් එකක හරි හින්ගල එකක හරි ෂර්ට් එකක් විතරක් ඇඳන් පොටෝ එකකට කියලා ඒකිව මරගෙන කෑවා. ඊට පස්සෙ කොහේ ගියාද දන්නේ නෑ. ඒත් අද අමු හෙළුවෙන් ඉන්න උන් ඡන්දේ දීලා අපිව පාළණය කරන්න යවනවා.. මම එකේ වරදක් කියනවා නෙමෙයි. අපේ උන්ට හැදෙන්න කොච්චර කල් යනවද..?

      Delete
    2. වෙද මහත්තයා කියන්නේ “අසල්වැසියෝ“ ටෙලි නාට්‍යය ගැන.
      වචන ටික තමයි “අය නෝ ද ලෝ පුතා“
      ලිව්වේ සෝමවීර සේනානායක.

      Delete
    3. හ්ම්ම් හෙමසිරි ලියනගෙ,ජයලත් මනොරත්න,ශියන්ත මෙන්ඩිස් හිටියේ.
      @ මතෙ ඔකට කියන්නෙ කාලය මැව් වෙනසක අරුමෙ කියල

      Delete
    4. මමත් ඔය පත්තරේ ගත්තා ඒ කාලේ.

      Delete
  9. ඒ බෝඩිම් කාරයෝ අහිංසකයෝ වෙන්න ඇති.නැත්නම් උනුයි අතුරුදන් වෙන්නේ ඇන්නා පැන්නා තියරිය අනුව.www.amuthusithuwili.wordpress.comලියන හිමපියලි

    ReplyDelete
    Replies
    1. දහ අට සන්නියම නටපු ආ.... න්ටිලත් එක්ක එව්වා වානා.. මේ කොළඹ.. කොලොම්බු ෆෝ....

      Delete
  10. වැලවල රස දන්නෝ දනිති,ගම්මිරිස් කුඩු ටිකක් කාල විතරක් අමතක කරන්න බෑනෙ ආයෙම කන්නමයි හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. වැල රස දන්නෝ ටාසන් යන්නෝ
      ගැට රස දන්නෝ ගලේම යන්නෝ
      මේවා නොදන්නෝ මොකක් කරන්නෝ
      හිතින් මවාගෙන අතේ මරන්නෝ

      Delete
    2. චික්............. වයසට ගිහිල්ලත්

      Delete
    3. වයසට ගියත්, හවසට ගෙදර!

      Delete
  11. පෙරෙයිර ආන්ටිලට අහුවෙන ගොබ්බයෝනම් කොච්චර නම් ඉන්නවද?
    සින්දුව නම් මට එච්චරම නැහැ පොන්න ඩාන්ස් එක හින්දද මන්ද...

    ReplyDelete
    Replies
    1. එක එකාගේ චොයිස් වෙන්සනේ බන්. සමහර උන් ගීතට කැමතියි. සමහර උන් වසන්තිට කැමතියි. සමහරු ඔය දෙකටම අක්මැතියි.

      Delete
    2. //පොන්න ඩාන්ස් එක හින්දද මන්ද...//
      අපේ අංකල් කෙන්ජිට නම් ඕව පෙන්නන්න බෑ. පොරට අහු උනෝත් සොරි ඩොට් කොම්.

      Delete
  12. මෙවන් අවවාද අනුශාසනා හිස් මුදුනෙන් පිලිගනිමි. හැබැයි මාතලන් අයියෙ ගම්මිරිස් පස්සෙ නොකා වැල කත්දිම කාලා දැම්මොත් මොකද?

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම බදාගෙන කන්න ගියාමත් ලෙඩේ.. අන්තීමෙදි මුකුත් නැති වෙනවා..

      Delete
  13. සිංදුවට අපෙ වෙන්ඩ ගෑනි පට්ට ලයික්.. මොකද මම පෙරේරා නේ..

    ReplyDelete
    Replies
    1. නැන්දම්මට ගීතයක් :D

      Delete
    2. ඒ උනාට උඹ මිස්ට පෙරේරා නේ..

      Delete
  14. සින්දුවට මමත් ලයික්..ඒකෙ තියෙනවා අමුතුම කික් එකක්...හරියට සුනිල්ගෙ පුතාගෙ මස්සිනා සින්දුව අහපු මුල් දවසෙ වගේ..අර රැවුල තියෙන කොලුවගෙ වොයිස් එකත් නියමයි...අර වගේ ලෙල්ල ගහලා වරකා එල්ලන්නෙ කොහොමද හැබෑට....

    ReplyDelete
    Replies
    1. :D වරකා නෙවෙයි.මේ තියෙන්නේ වැල

      Delete
    2. ගහේ තියෙද්දිම ලෙලි ගහලා කන්න වැඩ කාරයා දන්නවා. ඕවා බාගෙන හත් පොලේ ගාගෙන කන්න ගියාම තමයි නාන්නේ..

      Delete
  15. ගොයම් කපල කොක්කු වහල වෙලේ
    නිල් මැණිකක් වගෙ දිලිසෙන වතුර දොලේ
    රූබර ලලනාවන් නියර දිගේ
    අපෙ අත්තල මුත්තල රෙගේ අහනවා වෙලේ

    මාතලන්ට නෙමේ කිව්වෙ :D

    ReplyDelete
    Replies
    1. මක්කට කිව්වද කියලා හිතා ගන්න බෑ..

      Delete
  16. කොයිල් පිට බැලුවෙමි. කොයිල් කෙලින් විය....
    මම නම් ස්වයං වැල තහනමකට ලක් වී හිඳිමි.....

    ReplyDelete
    Replies
    1. ඒක තහනම් කරන්න කාටවත් බෑ.. ඇයි උඹට මාංචූ දාලාද දොයි කරවන්නේ.. ඒත් පුළුවන්..

      Delete
  17. අයි අයියෝ මෙන්න තාත්තා ගහනවෝ මේකට වඩා හොදයි කියලා මට නම් හිතෙන්නේ. පොඩි ලල් එකක් නම් තියනවා මේකෙත්

    ReplyDelete
    Replies
    1. ඒකට වඩා මේක හැම අතින්ම ඉස්සරහින් ඉන්නවා.. හැබයි ඒකත් හොඳයි..

      Delete
  18. සින්දුව මල් හත්යිය , නැටුම නම් ගූ හතයි ය , අර තිසර පෙරේරා වගේ එකා නටන්නේ නැතුව අනික් එවුන් නටන දිහා බලං හිටියානම් හොඳයිය. මේකෙන් මම ගත්තේ වෙන ආදර්ශයක්ය, ඒ කොහොම හරි කීයක් හරි හොයාගෙන මියුසික් වීඩියෝ එකක් කරනවාය හොඳ පට්ට කෑලි ටිකක් දාලා , (වෙන කෙලියක් වෙන්නේ නැතා )

    ReplyDelete
    Replies
    1. කෑලී දැම්මට වැඩක් නෑ.. තනුවයි බොක්කට වදින්නේ...

      Delete
  19. අම්මො ඔව් ... සින්හල සින්දු අහන්න එපා වෙලාම ඉන්න වෙලාවක මෙ වගේ සින්දුවක්වත් අහන්න ලැබෙන එක හොදයි තමයි ..

    ReplyDelete
    Replies
    1. පොන්නයෝ වැහි වැහලා.. ටී වී එක පොළොවේ ගහන්න හිතෙන්නේ..

      Delete
  20. ගැට පොලොස්, දෙල් ගෙඩි වගේ ලස්සනට තිබුනාට, රහ බලනකන්, පිට පොත්තේ ඔපේට වහ වැටෙන්නත් නරකයි. hats off !!! :D

    ReplyDelete
  21. සින්දුවෙනං වැරැද්දක් නෑ. මාත් අහපු දවසෙ ඉඳලම සින්දුවට ලැයික්.

    ReplyDelete
  22. සිංදුවට මගෙත් හිත ගියා.
    මට නම් වැල හොඳයි,වරකා හොඳ.........යි

    ReplyDelete
    Replies
    1. අපිට නම් ඉතින් ඕන එකක්.. ආයේ වචන දෙක නෑ නේ.. එදත් එහෙමයි.. අදත් එහෙමයි..

      Delete
  23. මාත් උඹත් එක්ක එකඟයි මාතලන් ගොයියෝ. සිංදුව හොයලා දුන්නට ස්තූතියි. කථාව ඉතිං
    කථා දෙකක් නෑ වෙනදා වගේම ඉස්තරං! අපේ තරැණ තරැණියෝ අළුත් නිර්මාණ අරගෙන එලි බහින කොට මගේම දරැවෝ වගේ ආදරයක් ආඩම්බරයක් මට දැනෙන්නේ. අපි මෙයාලගෙන් වැඩ ගන්න ඕනේ. මෙයාලගේ නිර්මාණ දාලා අළුත් චිත්‍රපටි හදන්න ඕනේ. හැත්තෑවේ දශකයේ වගේ. ඒ මට හිතෙන හැටිය. දවසක චිත්‍ර පටියක් කිරීම මගේ විශාල සිහිනයකි.. අදට නවතිමි. උඹට ජය හා සතුට!!

    ReplyDelete
    Replies
    1. එහෙම ගන්න එහෙක කොල්ලට මාව ගනින්.. මට ශාරුක් ඛාන්ගේ වයස...

      Delete
  24. ගම කන සේක.....මිසිස් පෙරේරා කිව්වාම මම බැලුවේ අපේ මමීද නැත්නම් මගේ හනීද කියලා.

    ReplyDelete
    Replies
    1. උඹලයි මමී කෙසේ වෙතත්.. උඹ නම් මේ රස බැලුවා කියලා..පෝස්ට් වලින් පොඩි සුවඳක් නම් හමාගෙන ගියා..

      Delete
  25. //එහෙම කිව්වාට පිලිගන්න අමාරු නිසා, මාත් ඔෆිස් වෙලවක, ටොයිලට් යන්න ඕන කියා, හදිසියේ ගෙට ගොඩ උන වෙලාවක, එයා සත්තරන් ආ...න්ටි කෙනෙක් කියලා, ප්‍රායෝගිකවම අවබෝධ කොට ගෙන, ඒ සියළු සත්වයෝ ප්‍රාර්ථනා කොරන්නා.......වු, අජරාමර නිවන් සුවයම විඳ ගත්තෙය.//

    මගේ නම් හිත ගියේ මේ වක්‍ය ඛණ්ඩයට

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න