.

.

Dec 9, 2013

බොරැල්ලේ වාහන තද බදය - Traffic Jam in Borella


වර්ථමානයේ නිවාඩු දිනයක වූවද, බොරැල්ල හංදිය හා ඒ අවට ඇත්තේ, අති විශාල වාහන තදබදයකි, විශේෂයෙන් බේස්ලයින් පාරේ වාහන තදබදය, සමහර විට නුවර පාර දක්වාද, මීගමු පාර දක්වාද විහිදෙන අවස්ථාවන් එමට ඇත. මේ තදබදය වඩත් වැඩි වූයේ. අභිනවයෙන් ඉඳිකල "හවුස් ඔෆ් ෆැෂන්" ප්‍රදර්ශණාගාරය හේතුවෙනි. (එම ආයතනයද, වාහනයක් පහසුවෙන් ඇතුල් කිරීම සඳහා නිමවා නොමැත.)

දැන් අප කුමක් කළ යුතුද ? මේ ප්‍රදර්ශණාගාරව වසා දැමිය යුතුද ? නැතිනම් වර්ථමානයේ කරන්නාක් මෙන් සියළුම මාර්ග සඥාං පද්දති ක්‍රියා විරහිත කොට, මුළු රථවාහන පොලීසියම මේ වෙනුවෙන් යෙදවීමද? කිසිසේත් නැත. විශේෂයෙන් කොළඹ නගරයේ ධාවනය වන රථවාහන ප්‍රමාණය, සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවති. එහෙත් ඒ වෙනුවට, අළුතෙන් මහා මාර්ග ඉඳිවීමක් හෝ පුළුල් කිරීමක් බලාපොරොත්තු විය නොහැක.

වාහන තුල ගමන් ගන්නා අයට, මෙය නොදැනන කාරණයක් වූවද, ජාතික වශයෙන් ගත් කළ, මෙය ජාතික අපරාධයකි. වායූ දූෂණය හා පරිසර දූෂණය වැඩිවීමකි. කළ යුත්තේ කුමක්ද? කළ යුතු එකම විසඳුම අන්ත දෙකටම වාහන ධාවනය වන මාර්ග එක් අතකට වාහන ගමන් ගන්නා මාර්ග බවට පත් කිරීමයි.

ගාළු පාර හා කොළඹ 7 ප්‍රදේශය අද කිසිම තදබදයක් කින් තොරව වාහනය ධාවනය සිඳුවේ. මුලින්ම ජනතාව මේ නවීනත්වයට කොතරම් දොස් කීවේද? එය අපේ ප්‍රෞඩ ශිෂ්ඨාචාරයේ ඉතා අගනා අංගයක් බැවින්, මෙවන් විරෝධතා ගනන් නොගත යුතු තරම්.

කොළඹ නගරයේ මාර්ග විශාල සංඛ්‍යාවක්, එකිනෙකට සමාන්තරව පැවතියත්, පටු මාර්ගවල පවා, අන්ත දෙකටම වාහන ගමන් කරනා මාර්ග ලෙසයි පවතින්නේ. නමුත් මේ මාර්ග වාහන එක් අන්තයකට පමණක් ගමන් කරනා මාර්ග බවට පත් කිරීමෙන් ඉතා පහසුවෙන් මේ වාහන තද බදය සම්පූර්ණයෙන්ම නවතා දැමිය හැකියි.

උදාහරණයකට කොටා පාර හා කාසල් පාර, රාජගිරිය දක්වාම දිවෙන විශාල මාර්ග දෙකක්, නමුත් ඉතාම කනගාටුවට කරුණ නම්, මේ මාර්ගයන් දෙකම වාහන තදබදය උපරිමයෙන් පවතින මාර්ගයන් වීම. මේ මාර්ගයද ඇතුලුව කොළඹ මාර්ග තදබදය අහෝසි කිරීම සඳහා සිතියම්ද සහිතව ඉතා විස්තරාත්මක ළිපියක් මා කලින් ඉදිරිපත් කළා

ඉන් පසුව මරදාන හංදිය සහ ටෙක්නිකල් හංදියේ පමණක් රථ ධාවනය වෙනස් කොට තිබෙනවා. එහෙත් ටෙක්නිකල් හංදියේ සිට පංචිකාවත්ත දක්වාත්, පංචිකාවත්තේ සිට මරදාන පොලීසිය දක්වාත්, කාර්ය බහුල අවස්ථාවන්හී විශාල වාහන තදබදයක් පවතිනවා. නමුත් මා ඉදිරිපත් කළ යෝජීත සිතියම අනුව එසේ වාහන තදබදයක් කිසිසේත් ඇති වන්නේ නෑ.

එමනිසා නැවත වරක් එම අදාල සිතියම් හා බොරැල්ලේ වාහන තදබදය අහෝසි කීරීම සඳහා මා විසින් පිලියෙල කරනා ලද සිතියම් නැවත් ඉදිරිපත් කරනවා. මේ සඳහා මාගේ සේවය ඕනෑම අවස්ථාවක නොමිලේ ලබාදීමටත් මා පොරොන්දු වෙනවා.

ටෙක්නිකල් හංදිය හා පිටකොටුව ප්‍රදේශය.



  • ටෙක්නිකල් හංදියේ සිට පැමිනෙන වාහන, ගුණසිංගපුර ප්‍රදේශයට, ගුණසිංහ පිලිරුව ඉදිරිපිටින් පැමිණීම නැවතිය යුතුය. තව සුළු දුරක් ඉදිරියට ගමන් කර කොටුව දුම් රිය ස්ථානය අසලින් හරවා ගත හැක. (මෙය සිඳුවී නොමැත.)
  • නුවර පාර මීගමු පාර, අවිස්සාවේල්ල පාර හ බොරැල්ල පාරේ ගමන් කරන සියළුම වාහන, අශ්වාරෝහක පොලිසිය පසු කිරීමෙන් පසු උසාවිය දෙසට ඇති පාරෙන් ගමන් කොට, එතනින් ටෙක්නිකල් හංදිය දක්වා පැමිණ, පංචිකාවත්ත දෙසට ගමන් කල යුතුය.  (මෙය සිඳුවී නොමැත.)
  • මරදාන දෙසින් ටෙක්නිකල හංදිය දක්වා පැමිණෙන වාහන, ටෙක්නිකල් හංදියේදි කෙලින් ගමන් කල නොහැක, වමට හෝ දකුණට හැරවිය යුතුය. (දැන් ධාවනය වන්නේ ඒ ආකාරයටය.)
  • පංචිකාවත්ත දෙසින් හා මරදාන දෙසින් එන ලෝයර් නෝනා මහත්තුරුන්ට හා නඩුකාර හමුදුරුවරුන්ට හා වරියන්ට, පොඩි දුරක් පිටකොටුව දෙසට ගම්න් කිරීමට සිඳුවනවා ඇත. අශ්වාරෝහක පොලිසිය දක්වා ගමන් කර, උසාවිය පාරට පිවිසිය යුතුය. (මෙය සිඳුවී නොමැත.)

මේ ආකාරයට වාහන ගමන් කිරීමට සැලැස්වීම මගින් ඕල්කට් මාවත හා ගුණසිංහපුර ප්‍රදේශයේ ඇති වාහන තදබදය අහෝසි වනු ඇත.

පංචිකාවත්ත හංදිය




  • ටෙක්නිකල් හංදිය දෙසින් පැමිණෙන බොරැල්ල පාරේ වාහන, දකුණට හරවා මරදාන දෙසට ගම කල හැක. (දැන් ධාවනය වන්නේ ඒ ආකාරයටය.)
  • ටෙක්නිකල් හංදිය දෙසින් පැමිණෙන මීගමූ පාර, නුවර පාර හා අවිස්සාවේල්ල පාරේ වාහන් සුපුරුදු පරිදි වමට හරවා හෝ කෙලින්ම ගමන් කළ හැක. (දැන් ධාවනය වන්නේ ඒ ආකාරයටය.)
  • ආමර් වීදිය දෙසින් පිටකොටුව දක්වා පැමිණෙන වාහන, පංචිකාවත්ත හංදියෙන් වමට හරවා මද දුරක් ගමන් කොට මාලිගාවත්ත මහල් නිවාස මැදින් හෝ  මාලිගාවත්ත පාරෙන් මරදානට පැමිණ එතනින් පිටකොටුවට ළඟවිය හැක. (දැනට ටෙක්නිකල් හංදියේ සිට පංචිකාවත්ත දක්වා සහ ටෙක්නිකල් හංදියේ සිට එල්පීන්ස්ටන් දක්වා ඇති තදබදය මෙමගින් අහෝසිවේ.)
මරදාන හංදිය


  • පංචිකාවත්ත දෙසින් පැමිණෙන වාහන දකුණට හැරවීමෙන් පිටකොටුව දෙසටද, වමට හැරවීමෙන් කෙලින්ම වැලිකඩ ප්ලාසා දක්වා එක අතට ගමන් කල හැක. (දැන් ධාවනය වන්නේ ඒ ආකාරයටය.)
  • මරදානෙන් ඩාර්ලි පාර දෙසට පිවිසිය නොහැකි අතර, ඩීන්ස් පාරේ ඇස් වාට්ටුව දක්වා ගමන් කල හැක. (මෙය සිඳුවී නොමැත.)
  • ඩීන්ස් පාරට හැරෙන තැන සිට, ආනන්ද ව්ද්‍යාලය දක්වා පාරේ දෙපැත්තටම ගමන් කල හැක. (දුම් රිය මගින්ගේ පහසුව සඳහා.) (දැන් ධාවනය වන්නේ ඒ ආකාරයටය.)
  • ඩී ආර් විජේවරධණ පාරේ එන වාහන ඩාර්ලි පරට, එසේ නැතිනම්, දකුණට හැරවිය නොහැකි අතර, මරදාන තෙක් පැමිණ දකුණුට හැරී ඩීන්ස් පාරේ ඇස් වාට්ටුව දක්වා ගමන් කල හැක. (මෙය සිඳුවී නොමැත.)
  • ඩින්ස් පාර ඉබ්බංවල හංදියේ සිට ගාමිණි හෝල් දක්වා පිටකොටුව දෙසට එකතර ගමන් කරයි. (මෙය සිඳුවී නොමැත.)

මේ ආකාරයට වාහන ගමන් කිරීමට සැලැස්වීම මගින් මරදාන ප්‍රදේශයේ ඇති වාහන තදබදය අහෝසි වනු ඇත.

බොරැල්ල හංදිය 


  • මින් පසු බොරැල්ල හංදියේ පැය ගනන් රැඳි සිටීමට සිඳු වන්නේ නැත.
  • පුංචි බොරැල්ල දෙසින් පැමිණෙන වාහන, කිසිම බාදවකින් තොර දිගටම රාජගිරිය දෙසට ධාවනය වේ. එසේ නොමැතිනම්, සුපුරුදු පරිදි වමට හරවා දෙමටගොඩ දක්වා ගමන් කළ හැක.
  • දෙමටගොඩ සිට පැමිණෙන වාහන් සියල්ල වමට හැරවිය යුතුය. ටික දුරක් රාජගිරිය පාරේ ගමන් කර, දකුණට හරවා, ටිකල් පාරේ ගමන් කර, දකුණට හැරවීමෙන්, සුපුරුදු ගමන් මගට පිවිසිය හැක.
  • නාරාහේන්පිට සිට පැමිණ බොරැල්ල හරහා දෙමටගොඩ දක්වා ගමන් කල වාහන, කනත්ත හංදියෙන් කින්සි පාර දිගේ පැමිණ, වෝඩ් පෙදෙසට දකුණට හරවා, නැවත වමට බොරැල්ල හරස් පාරට හරවා, නැවත දකුණුට හරවා, බොරැල්ල දෙසට පැමිණ සුපුරුදු ගමන් මාර්ගයේ ගමන් කළ හැක.
  • නාරාහේන්පිට සිට පැමිණ, කනත්ත අයිනෙන් දේවී බාලිකා දක්වා ගමන් කල වාහන, කනත්ත හංදියේ සිට, කින්සි පාරේ හොර්ටන් පෙදෙස දක්වා පැමිණ, දකුණට හරවා, අයි ඕ සී ඉන්ධන හල අසලින් වමට හරවා ගමන් කිරීමෙන් සුපුරුදු ගමන් මග ගමන් ගත හැක.
  • කෝට්ටේ හා රාජගිරිය පාරේ සිට කොළඹ දෙසට පැමිණෙන වාහන, කාසල් මාවතේ බොරැල්ලේ අයි ඕ සී ඉන්ධන හල අසලින් (ප්‍රයිම් ලැන්ඩ්ස්) වමට හරවා කනත්ත හංදිය දක්වා ගමන් කර, දකුණට හරවා කින්සි පාරේ ගමන් කර, වෝඩ් පෙදෙසින් තනි අතට පුරහල (ටවුන් හෝල්) දෙසට හෝ කෙලින්ම කින්සි පාරේ ගමන් කල හැක.
  • එම පාරේ කොටුව හා පිටකොටව දක්වා පැමිණෙන බස් රථ, ඉහත් සඳහන් කළ පරිදි, කින්සි පාරේ ගමන් කර, මහ ඉස්පිරිතාලය අසලින් පුංචි බොරැල්ල දෙසට හරවා,  බොරැල්ල පාරේ මරදාන පොලීසිය දක්වා පැමිණ, ඩීන්ස් පාර ඔස්සේ පැමිණ, ගිනි නිවීමෙ මූලස්ථානය පාරට හරවා, ඒ පාරේ පැමින, ඩාර්ලි පාරට හරවා මරදානට පැමිණ සුපුරුදු ගම්න් මගේ ගමන් කල හැක.
  • හොර්ටන් පෙදෙසෙන් එක අතට බොරැල්ල දක්වා ගමන් ගන්නා වාහන, කින්සි පාරේදි වමට හරවා, වෝඩ් පෙදෙසින් දකුණට හරවා, බොරැල්ල හරස් පාර හරහා ගොස් සුපුරුදු ගමන් මග ගමන් කල හැක.
කනත්ත හංදිය 



  • නාරාහේන්පිට සිට පැමිණ බොරැල්ල හරහා දෙමටගොඩ දක්වා ගමන් කල වාහන, කනත්ත හංදියෙන් කින්සි පාර දිගේ පැමිණ, වෝඩ් පෙදෙසට දකුණට හරවා, නැවත වමට බොරැල්ල හරස් පාරට හරවා, නැවත දකුණුට හරවා, බොරැල්ල දෙසට පැමිණ සුපුරුදු ගමන් මාර්ගයේ ගමන් කළ හැක.
  • නාරාහේන්පිට සිට පැමිණ, කනත්ත අයිනෙන් දේවී බාලිකා දක්වා ගමන් කල වාහන, කනත්ත හංදියේ සිට, කින්සි පාරේ හොර්ටන් පෙදෙස දක්වා පැමිණ, දකුණට හරවා, අයි ඕ සී ඉන්ධන හල අසලින් වමට හරවා ගමන් කිරීමෙන් සුපුරුදු ගමන් මග ගමන් ගත හැක.
පසුව ලියමි

කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපස සිට, සෙරමික් හංදිය දෙසට ගමන් කිරීමේදි, පරන රථවාහන පොලීසිය අසල ඇති මගී පාළම. ළෝක වෙළඳ පල පසු කරවිත් ටෙලිකොම් දෙසට පාර මාරුවන ස්ථානයේ සවි කිරීමෙන්. එම ස්ථානයේ ඇති වන වාහන තදබදය ඉතා පහසුවෙන් ඉවත් කල හැක. (දිවංගත ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස උතුමානන් විසින් සාදන ලද මේ පාළමේ, අද බල්ලෙක් වත් ගමන් කරන්නේ නැත.. (අයියෝ සල්ලි..))



එමෙන්ම ආන්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ කිසිම විරෝධතා රැලියක්, පිටකොටුව ප්‍රදේශයේ හෝ ඒ කොළඹ අවට කිසිම මාර්ගයක වාහන ගමනා ගමනයට බාධා වන අයුරින් පැවත්වීම. වහාම නවතා දැමිය යුතුය. මෙය මහා කාළකන්නි සිඳුවීමකි. 

117 comments:

  1. මං එක ,,, කියෙවුවෙ නැතෝ ...

    ReplyDelete
    Replies
    1. එක හුක බක බක ඇට දෙක ගාන්නේ නැතිව කියවලා එන්න. එක උනා කියලා තෑගී දෙන්නේ නෑ.. හිටගෙන..

      Delete
    2. හොද කතාව අසනීපකාරිට ඉදගෙන..:)

      Delete
    3. කියවන්නෙ නැතුව එක දැම්මට වැඩක් නෑ ඉදගෙන :3

      Delete
    4. ඇද්ද කෙල්ල අහගත්ත ඉඳගෙන,සනීපවුණා විතරයි නේද

      Delete
    5. අපොයි දැනුයි දැක්කේ ,, එත් කියෙවුව්වා කියලා නම මට තේරුනේ නැහැ මොකුත් , තේරුම් ගියදේනම් ඔයාට තේරෙන දේ ඇයි අපේ රටේ මේ වගේ දේවල් සම්බන්ධ ආයතන වලට නොතේරෙන්නේ ? සහ තේරුණත් ඒවා ක්‍රියාත්මක නොවෙන්නේ ,, එත් මගේ අදහස ගුවන් පාලම් සහ මාර්ග සැලැස්මවල් වෙනස් කිරීමට වගේම රටේ හැම මනුෂ්‍යගේම ඔළුව වෙනස් කරන්න ඕනේ,,, මේ රටේ පුදුම මාර්ග තද බදයක් ඇතිවෙන්න ඕනේ රටක්,, මොකද හැම කෙනෙක්ටම වගේ පවුද්ගලික වාහනයක් තියෙනවා .. ඒ වගේම බිම් මහලේ රථ ගාල් නැති පරණ විශාල මහල් නිවාස සංකීර්ණ වල සහ අළුත් නිවාස සංකීර්ණ අවට පාරෙත් දෙපැත්තේම වාහන නතර කරලා තියෙන්නේ ,, හැම පාරකම දෙපැත්තේ වාහන නවත්තලා තියෙන්නේ ..මිනිස්සුන්ට වාහන දාන්න තැන් නැති නිසා ,, එත් මේ රටේ එහෙම වාහන තද බදයක් නැහැ ,,, මාර්ග sanya වලට අකුරටම වැඩ කරන නිසා,, පාර පයින්නේ නැහැ කිසිම කෙනෙක් කොළ පාට වැටෙනකල් ,, අපි නම් එහෙන් මෙහෙන් පනිනවා ..හරිම පැහැදිලි මාර්ග snya ක්‍රමයක් මෙහෙ තියෙන්නේ ,,

      Delete
    6. ගොන්ජි පජාන් /හැලප තුමා @ අනුන්ට හිනා නොවී අනුන් සමග සිනාසෙන්න පුරුදුවෙන්න මේ නහින දෙහින කාලේ ... සසිඳු@ අහුවෙන්න එපා මට පතෝලයා, :D

      Delete
    7. මම ඔය රටේ ඉඳලා තියෙනවනේ අපූර්වී. සංවර්ධනය කියන එක ඔහේ සාමාන්‍ය දෙයක්. ඒකනේ 48 නිදහස හම්බ උන රටවල් දෙකක් මෙච්චර වෙනස්. ප්‍රධානම දේ ගෝත්‍රික අදහස් නොමැති. නවීන ළෝකෙට ගැලපෙන ලෙස ජීවත් වීම.

      Delete
    8. @අපූර්වි අනේ මන් උබට බය නෑ බතලී :P

      සංඥා එකේ "ඥා" කියල ටයිප් කරන්නෙ මෙහෙමයි බන් මේ " { " කී එක තියනවනෙ ශිෆ්ට් එක ඔබන් ඒක ගහපන් එතකොට හරි...sanya කියල ටයිප් කරල තියන නිසයි කිව්වෙ දන්නැතුව ඇති කියල හිතල...

      Delete
    9. ෙම් වදින ෙබා්ෙල නැතුව ටයිප් කරන්ෙන ෙකාෙහාමද?

      Delete
  2. මචන් මෙයට පෙරත් ඔබ පෙන්නුව නේද මෙහෙම සැලැස්මක් ,,,?

    ReplyDelete
    Replies
    1. දැන් තත්වේ ඊට වඩා දරුණුයි.. මම මේ ළඟදි පාර්ලිමේන්තුව පැත්තේ ගිහින් බොරැල්ලට එන්න පැය එක හමාරක් ගියා. බේස්ලයින් එකේ නාරාහෙන්පිට යන්න පෑලියගොඩ ඉඳලා පැය තුනක් ගියා.. අපේ කාළකන්නින්ට අවුලක් නෑ.. ඒත් අපිට දැනෙනවා.

      Delete
  3. වටින වැඩක් මාමේ, ක්‍රියාත්මක කරන්න පුලුවන් උනොත් හොදයි :)

    ReplyDelete
    Replies
    1. වෙන සොලියෂන් එකක් නෑ..

      Delete
  4. මම නම් ඉතින් කොළඹ දන්නේ කනත්තයි, ගෝල් ෆේස් එකයි, අර ප්‍රසිද්ධ හෝටල් ටික තියෙන තැන් ටිකයි විතරනේ. ඒත් කොළඹ ට්‍රැෆික් එකට අහු වුනේ එකම දවසයි. මට එදා නම් එපා වුනා. අගෝස්තු මාසේ. වරායේ මොකක්ද මන්දා එකක් හින්දා. මම ඉතින් හිතා ගත්තා ලංකාව මට ගැලපෙන එකක් නෙමෙයි කියලා. ඉවසීම බෑග් පිටින් කාර් එකට දාගන්න ඕනේ කියලා මට තේරුනේ එදා තමයි.

    ReplyDelete
    Replies
    1. මට මතකයි උඹට මල පැනලා හිටියා. එදා උනේ මචං වරායේ ආස්චර්ය පෙන්නන අන්තිම දවස් වෙච්චි එක. කස්ටිය හෝ ගාලා ආවනේ හෝ ගාන පොකුනේ ආශ්චර්යෙ බලන්න. පව් මචං ගම් වල අහිංසක මිනිස්සු. උන්ට මේවා මැජික්. ආන්ඩුව ඒවා වලින් තමයි දුවන්නේ. මුකුත් නැත්නම්. ධාතු හරි පෙන්වනවා.

      Delete
  5. Thanks for trying! I hope someone who can really make these changes seriously considers it, the traffic is unbearable, and for no real reason, just bad driving and lack of road rules!

    ReplyDelete
    Replies
    1. කලින් පාරවල් පිලිවලට හදන්න ඕන. එතකොට මිනිස්සු නිකන්ම හැදෙනවා. දැන් බලන්න බම්බා ඉඳලා කොල්ලුපිටිය හංදියට එනකන් පාර.. ගඟක් වගේ ලස්සනට ගලනවා. මිනිස්සුත් පිස්සු බල්ලෝ වගේ හැම තැනින්ම පාර පනින්නේ නෑ.

      Delete
  6. මේ සැලැස්ම ක්‍රියාත්මක කලොත් වාහන තදබදය ඇරෙයි කියල මාතලන්ට ෂුවර්ද,මම කියන්නෙ හැම තැනින්ම පාර පයින් උන් නවත්තන්න කාටවත් තවම බැරිවුණු නිසා

    ReplyDelete
    Replies
    1. උඩ මගේ කොමෙන්ට් එක කියවපන් හැලපේ.. පාරවල් පිලිවලට හැදෙන කොට. මිනිස්සුත් ඉබේම හැදෙනවා. කොළඹ නම් ඒ වගේ හරක්ට දඩ ගහනවා මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා.

      Delete
  7. ඔයගමන්ම එකා පස්සේ එකා ලේන් වල පිළිවෙලට ගියොත් තබදය තවත් අඩුවෙනවා...

    ReplyDelete
    Replies
    1. එහෙම ඉවසුමක් අපේ උන්ට නෑ නේ.. ඔක්කෝම වී අයි පී උන තියෙන උන් ඉන්නේ.. රට කරවන උන්ට මහ මග නීතියක් නෑ නේ.

      Delete
  8. කොළඹ කා වතුර බී ඇත :3

    ReplyDelete
    Replies
    1. කොළඹ විතරක් නෙමෙයි රටත් කාලා ළෝකෙත් කීප තැනක් කාලා ඉන්නේ.

      Delete
  9. මාතා......පොලිස් අමාත්‍යාංශයේ රථවාහන එවුන්ට මේවා තේරෙන්නෙ නැද්ද බං.....එහෙම නැත්නම් අපි දන්න කාලේ ඉඳන්ම ඕවා ඔහොම වෙන්න බැහැනේ....දැන්නම් ෆුල් අන්දොස් වගේ....

    ReplyDelete
    Replies
    1. ට්‍රැෆික්ලා කවුරුත් අවශ්‍ය නැහැ රටේ හැම මිනිහටම හරි විනයක් තිබ්බා නම්,,

      Delete
    2. විනයක්...??? ඒ මොකද්ද ඔමා.... හි හි

      Delete
    3. එය උත්තර ධ්‍රැවයේ ග්ලැසියර මුදුන් වල හැදෙන පාසි වර්ගයක් අක්කේ :)

      Delete
    4. මේ කළින් ළිපිය ජනාධිපති ලේඛම් කාර්යාලයෙන්ම පොලිස්පතිට යොමු කරලා තිබුනා. ඒ මිනිස්සුන්ටත් වෙන වැඩ තියෙනවනේ මචං බූරූ පොලවල් අල්ලන්නයි අරවයි මේවයි.

      Delete
  10. ගිය පාර මේත හරියට බලන්න වෙලාවක් ලැබුනේ නැහැ.. අද තමයි බැළුවේ..

    මරදානේ වැඩේනං දැන් සෑහෙන හොඳට කෙරෙනවා.. අර කිව්වත් වගේ ටෙක්නිකල් වලින් කෙලින්ම උසාවිය පැත්තට යන කේස් එකෙන් තමා වැඩේ ටිකක් හරි චොර වෙලා තියෙන්නේ... අනිත් එක තමා පංචිකාවත්තේ පාර මැද තියෙන අර මල් ගස් ලයින් එක.. ලස්සනයි නං තමා.. ඒත් ලේන් මාරු කිරිල්ලෙදි ඒක පොඩි අවුලක්.. පංචිකාවත්ත වට රවුමේ ඉදන් දකුණු පැත්තේ ලේන් එකේ ඇවිත්.. (සාමාන්‍යයෙන් ඒ පැත්තේ වේගයෙන් එන්න පුළුවන් අනිත් පැත්තට සාපේක්ෂව...) මරදානෙන් පුංචි බොරැල්ල පැත්තට යන්න හිතං වම් පැත්තට මාරු වීමේදී තරමක වාහන හිර වීමක් වෙනවා... මොකද ලේක් එක පන්නන්න තියෙන්නේ තැන් තුනක් පමණක් වීම නිසා... අර කිව්ව මැද තියෙන මල් වැටවල් අහක් උනා නම් ලේන් මාරු කිරිල්ල ඔය්ට වඩා වේගවත් වෙනවා.. මං හිතන්නේ ඒ ටික අහක් උනානං ඒ හරියේ තියෙන තදබදේ අඩු වෙනවා... අනිත් දේ තමා පංචිකාවත්තටත් පුළුවන්නං පදික මාරුවට ගුවන් පාලමක් දෙන්න ඕන...

    බොරැල්ලේ වැඩේනං ටිකක් සංකීර්ණයි.. ඒත් කරන්න පුළුවන්... මාතලං කියන විදිහට එතකොට බොරැල්ල හන්දියේ ඉදන් කොටා පාර රාජ ගිරිය පැත්තට වන් වේ වෙද්දී කාසල් පාර බේස් ලයින් එක පැත්තට වන් වේ වෙන්න ඕන නේද..? මේ සිතියම් වල වාහන ධාවනය විය යුතු දිසාවන් කඩ ඉරි සහිත ඊතල දාලා පෙන්නනවටත් වඩා වෙනස් පාට වලින් තනි ඉරි හැටියට දක්වන්න පුළුවන්නං මෙයිටත් වඩා පැහැදිලි වේවි.. වෙලාව තියෙන.. හැටියට පුළුවන්නං පොඩ්ඩක් බලහං එහෙම කරන්න...

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරන්නම් මචෝ.. පාරෙ යන එකා තමයි දන්නෙ ඒකේ අමාරුව හා වාසිය.

      Delete
  11. ආ අනිත් එක.. මෙහෙ තියෙන පාරවල්වල ලේන් පළල වැඩියි.. විහිළුවක් වගේ තමයි.. ඒත් බං පොඩ්ඩක් පළල වැඩි උනාම මුන් ඒ අස්සෙන් තව පේලියක් ගහලා හිර කරගන්නවා.. එයිට වඩා හොදයි ලේන් පලල අඩු කරලා ලේ පුච්චගෙන දෙපැත්ත බල බල යන එකම හදලා දුන්නම.. අඩුම ගානේ තව ලේන් එකක් එකතු වෙනව වත්නේ... :D

    ReplyDelete
    Replies
    1. ඔය ට්‍රැෆික් ලයිට් ගාව ඉන්න පොලොස්ලව දාන්න පුළුවන් හරක් අල්ලන්න. මොකෝ එයාලටත් ඩේලී ටාගට්ස් තියෙනවනේ.

      Delete
  12. මාතලන් සංකල්පය කවුරු හරි ප්‍රයෝජනේකට ගත්තොත් හොදයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ නෑ මේකම වෙන්න ඕන කියලා. මීට වඩා හොඳ ඒවත් ඇති. ඒත් කිලෝ මීටර් හතරක් පහක් යන්න පැය දෙකක් තුනක් යනවනම් මොකක්ද ඒ රටේ දියුණුව.

      Delete
  13. ඔබ යෝජනා කොට පෙන්වා දුන් කීපයක් හෝ ක්‍රියාත්මක වී ඇති බව දැකීමත් අරක වගේ සතුටකි.
    අඩු ගානේ අපේ නලී හරි මේ සිතියම් සමග විස්තර පුවත් පත් වල පලකරලා ගොන් බලධාරීන්ගේ ඇස් ඇරවන්න උත්සහයක් ගත්තොත් හොදයි කියල හිතෙනවා.
    කොහෙද උපදේශකලා කියල ඉන්නෙ මැටි මෝල්ලුනේ.
    ඉතින් කොහේ පායන්නද රටට හිරු.
    (මෙතන හිරු කිව්වෙ,වල් කතා වලට විදී බැහැල ඉන්න අපේ හිච්චි කෙලි නොවන බව කරුණාවෙන් සලකන්න.)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ ගැන රාජ්‍ය අංශයේ කීප දෙනෙක්ම ප්‍රශංසා කරලා මේල් එවලා තිබුනා. ඉහල තැන්වලට යොමු කරන්නම් කියලා.. ඒත් ඉතින් අපේ රටේ ඕන දේකට කාලයක් යනවනේ.

      Delete
  14. ඔය හවුස් ඔෆ් ෆැෂන් එක තියෙන තැන ඇහුවම අපේ මහත්තය තැන කියපු ගමන් මට එකපාරටම මතක් උනේ ඕක කලින් තිබ්බ තැන තිබ්බ ට්‍රැෆික් එක.. ඉතිං මං එකපාරටම ඇහුවෙ මෙදා පාරවත් හොඳ පාකින් සිස්ටම් එකක් හදලද කියල.. එහෙම එකක් නං පේන්න තිබ්බෙ නෑ කිව්වෙ.... ඒ වෙලාවෙ මං දැනගත්ත මෙදා පාර නං ඔය පැත්තෙන් ගිහින් හමාරයි කියල... හි හි...

    ඔක්කොමත් හරි අර අන්තිමටම රතු පාටින් දාලා තියෙන එකත් හරි මාතලන්... මම නං ඔය පැත්තෙ දැං යන්නෙ නැති නිසා අත්දැකීම් නැති උනාට අපේ මහත්තයා හිටපු ගමන් කෝල් කරල කියනවා හයියෝ අද එන්න පරක්කු වෙනව... මේ කොටුවෙ ඉන්නෙ.. අඩියෙන් අඩිය වාහනේ ඉස්සරහට ගන්න වෙලා තියෙන්නෙ කියලා... පොඩි දුරක් යන්න පැය ගානක් යනව.. ඒ වෙලාවට විරෝධතාකාරයොන්ට කඳුළු ගෑස් ගැහුවත් කමක් නෑ කියලා හිතෙන හින්ද මං හිතන්නෙ එහෙම විරෝධතා වලින් මිනිස්සුන්ට ඇති වැඩක් නෑ කියල... ගෙදර යන්න හදිස්සියෙ ඉන්න එකාට ආණ්ඩුවත් එකක් කේන්ති යනවට වඩා කේන්ති යන්නෙ පාර හරස් කරං ඉන්න එකා ගැන...

    ReplyDelete
    Replies
    1. මමත් දවසක් විරෝධතාවක් දැකලා ගහපිය කඳුළු ගෑස් කියලා හිතුවා. ආපහු එනකොට කොල්ලුපිටියේදී අපිටත් වැදුනේ නැද්ද කඳුළු ගෑස් පාර ඇස් රතු වෙන්නම.

      Delete
    2. මෙහෙමයි හිරු.. ඉස්සර හවුස් ඔෆ් ෆැෂන් ගාව තිබුන ට්‍රැෆික් එක එහෙම එකක් නෙමෙයි දැන් තියෙන එකත් එක්ක බැලුවම. ඉස්සර තිබුන තැන වාහන පේලි හතරකට එක අතකට ගමන් කරන්න පුළුවන්. දැන් තියෙන තැන වාහන පේලි දෙකකටයි ගමන් කරන්න පුළුවන්. එකක් තනිකර ඒ ආයතයට, එතකොට හිතාගන්න පුළුවන් නේද ට්‍රැෆික් එක. මගේ යෝජනාව අනුව වාහන පේලි හතරක් ගමන් කරන්න පුළුවන්.

      කඳුළු ගෑස් නෙමෙයි වෙඩි තිබ්බත් දුක නෑ.. කාලකන්නි...

      Delete
    3. ඔය හව්ස් ඔෆ් ෆැසන් එක තියන බිල්ඩිමට අනුමැතිය දුන්න එකා මොකාද මන්ද ? පස්වෙනි තටිටුවේ වාහනේ නවත්තල වාහන යන එන පාරෙම තට්ටු පහක් බැහැල නැගපංකෝ . මම නං ඕකට ආයේ යන්නේ නැහැ. මේක දකුණු ආසියාවේ ආශ්චර්යක් ද මොකද්ද කීවේ මේකට වෙන්ටෑ !.

      Delete
  15. මාතලන් ඔය ටික ඔක්කොම මහාමාර්ග කටයුතු භාර ඇමති කෙනෙකුට යවන්ට. :)

    ReplyDelete
    Replies
    1. ඒ මොකටද? උන් දන්නවයි මේවා කියවන්ට. අනික අපේ මහා මාර්ග ඇමති අපේ අතිගරු ජනාධිපති උතුමාණන් නේ ..

      Delete
    2. ආන්ඩුවේ උනුයි ආන්ඩුවට පැනපු උනුයි ඔක්කෝම ඇමතිලා.. මොකා මොකේ ඇමතිද කියලා දෙවියන් වහන්සෙගෙන් තමයි අහන්න වෙන්නේ..

      Delete
  16. නයිට් රේස් වලදි නම් අනිවා පාරවල් වල තදබද වැඩි වේවි.

    ReplyDelete
    Replies
    1. මම නම් ඒවට කිසි විරුද්ධත්වයක් නෑ. ඔයිට වඩා වියදම් කරනවා, වෙනත් මෝටර් ක්‍රොස් රේස් වලට..

      Delete
    2. නයිට් රේස් තියෙන්නේ දවල්ට නෙවෙයිනේද ?

      Delete
    3. කොළබ තියන එක මට අවුල් නෑ. ඒත් නුවර තියන එකට නම් මම විරුද්ධයි. මොකෝ විකල්ප මාරග නැති නිසා.

      Delete
  17. බොරැල්ල හන්දියේ නං මාතලන්ගේ යෝජනවා ක්‍රියාත්මක කලත් ට්‍රැෆික් එක අඩු වෙයිද?
    මොඅක්ද D.S හන්දිය පැත්තේ ඉදලා වෝඩ් ප්ලේස් එක හරහා එන වාහනයි, පුංචි බොරැල්ල පැත්තෙන් එන වාහනයි කොහොමත් බොරැල්ල හන්දියේදී හමු වෙනවා.

    අනික බස්රථ වල යන අයට ඒ ඒ තැන්වල බස් හෝල්ට් තියෙන්න ඕනි. ඒවා ගැන අවධානය යොමු කරලා නෑ.

    ReplyDelete
    Replies
    1. ඩුප්ලිකේෂන් පාරේ ඉස්සර බස් ගියාද..? බස් හෝල්ට් ඉබේම හැදෙයි. මොකද බස් වල යන අය විතරක් නෙමෙයි, කෝච්චියෙන් යන අය ගැනත් හිතලා තමයි මේක හදලා තියෙන්නේ.

      Delete
  18. රටට වැඩක් නැති සැලසුම්.. කෝ නලියා කලින් එකට පියවර ගන්නවා කිව්ව නෙවද ඒවත් කැලේ..

    ReplyDelete
    Replies
    1. නලියා මොකක්ද බන් ඊට වඩා ළොකු අයත් කීප දෙනෙක් මේ ගැන අවධානය යොමු කලා. දැන් නම් තත්වේ අති දරුණුයි. මේ ගැන දන්නේ මේ පාරේ යන උන් විතරයි.

      Delete
  19. කොළඹ ට්‍රැෆික් නැති කලාම ගෙදර යන්න පරක්කු වෙන මහතුරු නෝනලාට කිව යුතු බොරුවකුත් හඳුනවා දෙන්නේ නම් මේ ට්‍රැෆික් ප්ලෑන්එක සම්පූර්ණය .

    ReplyDelete
    Replies
    1. උඹ අර නෝන් මගෙ සුදු නෝනේ සින්දුව දන්නෙ නැද්ද...?

      Delete
  20. මරදානෙ පැලෑන නම් සෑහෙන්න දුරට සාර්ථකයි...මම යන්නෙ එන්නෙ ඒ අහල පහලින් දැන් ට්‍රැෆික් ජෑම් නැති තරම්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. කොහොමද ඉස්සර චාටර් එක...

      Delete
  21. මාතලන් කලිනුත් මේවගේ එකක් දැම්මා මතකයි. ඔබගේ යෝජනාව පරිදි කොටා පාර දිගේ බොරැල්ල පැත්තට වාහන එන්නේ නැතැයි සිතමි. නැත්නම් ටිකල් පාරට හැරවීමේදී නැවත තදබදයක් ඇතිවේ. එසේම බොරැල්ල හන්දියේදී කොටා පාර අවසන් වන තැන පිහිටි කඩ ටික හා පොඩි පන්සල බෝගස තිබෙන අයිලන්ඩ් එක ඉවත් කිරීමත් , බස් නැවතුම්පල ,තැපැල් හල හා පොලීසිය යන ස්ථාන තුනම එකම ගොඩනැගිලි සංකීර්ණයක් තුලට ගැනීමේ නව සැලසුමක් තිබේ නම් මේ භූමිය ඉතිරි කර ගැනීමත් ,ඉඩකඩ සාදා ගැනීමත් යන දෙකම "දිගුකාලීන' සැලසුමක් හැටියට දකිමි.

    ReplyDelete
    Replies
    1. එහෙම ළොකු වෙනස් කම් කරන්න ඕන නෑ දැනට එන්නේ බේස්ලයින් පැත්තෙනුයි, මරදාන පැත්තෙනුයි නේ එතකොට ලේන් හතර හරි.. මරදානෙන් කොටා රෝඩ් එකට දාන්නෙ රාජගිරියට යන ඒවා නේ එවා කෙලින්ම යයි. එතකොට බේස්ලයින් එකේ එන ලේන් දෙකට යන්න ටිකල් පාර් හොන්දටම ප්‍රමාණවත්.. හැබයි ඉතින් බස් ඉස්ටෑන්ඩ් එක නම් ටිකල් පාරට එහාට ගෙනියන්න වෙනවා.

      Delete
  22. මේ හැමදේම හොඳයි, ඒත් තදබදය අඩුකරන්න නම් පදිකයින්ටත් නීති අකුරටම තියෙන්න ඕන. මිනිස්සු හිතෙන තැන්වලින් පාර පනින්නේ නැතුව ඒවට අදාල තැන් වලින් යන්න පුරුදු වෙන්න ඕන. වාහන තදබදයට සියයට 20 විතර වග කියන්න ඕන පදිකයෝ...

    ReplyDelete
    Replies
    1. පාරවල් පිලිවලට තියෙනවනම් මිනිස්සුත් ඉබේම හැදෙනවා දැන් බලන්න ඔය එක අතකට වාහන ගමන් කරන පාරවල් වල මිනිස්සු කහ ඉරෙන් විතරයි පාර පනින්නේ. මගී පාළමක් අත්‍යාවශ්‍ය තැනක් තමයි, යුනිටි ප්ලාසා එක ඉස්සරහා ක්‍රොසින් එක.

      Delete
    2. මාතලන් කොළඹ ආවත් වටපිට බලන්නේ නැහැ වෙගේ. වන් වේ තිබුණත් කොච්චර පාර ලොකු වුනත් මිනිස්සු කොහෙද කහ ඉරෙන් විතරක් පාර පනින්නේ. මොන තරම් පිලිවෙලට තිබුනත් කොල්ලුපිටිය හන්දියේ ඉඳලා බම්බලපිටියට යනකම් ඩුප්ලිකේෂන් පාරේ බලන්න. ලස්සනට ඇඳගත්ත ඔෆිස් යන මහත්තුරු නෝනලා කොහොමද පාර පනින්නේ කියලා. නැත්නම් ගාලු පාර වුනත් බලන්න....

      මේවට පාරවල් පිළිවෙලට තිබුනත් වැඩක් නැහැ මිනිස්සු දැනුවත් කිරීමත් එකක් තද නීති තියෙන්න ඕන

      Delete
  23. "එමෙන්ම ආන්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ කිසිම විරෝධතා රැලියක්, පිටකොටුව ප්‍රදේශයේ හෝ ඒ කොළඹ අවට කිසිම මාර්ගයක වාහන ගමනා ගමනයට බාධා වන අයුරින් පැවත්වීම. වහාම නවතා දැමිය යුතුය. මෙය මහා කාළකන්නි සිඳුවීමකි"
    - මටනම් වැදගත්ම කොටස

    ReplyDelete
    Replies
    1. පට්ට මරි මෝඩ වැඩක් නේ. අමුඩ ගහන් කොළ බෙදන්නයි. 100 ක් විතර එක්කහු වෙලා මිනිස්සුන්ගේ වෙලාව කන්නයි. මේ රටේ ජනතාව කියන්නේ කෝච්චියේ කොටුවට එන මිනිස්සුන්ටද, කාළ කන්නි.

      Delete
  24. මාතලන්ගේ මේ රථ වාහන සංකල්පය නිවැරදිව ක්‍රියාත්මක කරන්න වග කිවයුතු අංශ වලට දැනුම් දුන්නා නම් ක්‍රියාත්මක වෙන්න ඉඩක් නැති වේවිද...?

    ReplyDelete
    Replies
    1. පුළුවන්නම් කියපන්කෝ මලේ පාරේ මාර රස්තියාදුවක් තියෙන්නේ..

      Delete
  25. Oya plan eka 100% sarthaka venna nam padikayage idan siyaluma riyadurange aakalpath hadanna vei

    ReplyDelete
    Replies
    1. මාරග පිළිවලකට හැදෙන කොට ඒවා ඉබේම හැදෙනවා. ඒක ඔප්පු වෙලා ඉවරයි අපේ රටේම.

      Delete
  26. මේ ගැන නම් කතා කරන එකත් නිෂ්ඵල දෙයක්. වසර කීපෙකට කලින් මම මේ වෙගේ ප්ලෑන් කීප සැරයක්ම අදාල අයට දීල තියනවා. නමුත් වැඩක් නැහැ. දැනට මාස කීපෙකට කලින් නුගේගොඩ පාගොඩ පාර හා කෝට්ටේ පාර ගැනත් සැලැස්මක ලියලා සිතියම් ඇඳලම දුන්නා. කවුරුත් ඒක ලැබුන බවවත් මට දැන්නුවේ නැහැ. නොමිලේ ඕනෙම උපදෙසක් දිය හැකි මේ පිළිබඳ විශේෂඥ්ඥතාවයක් ඇති මිනිසුන් මම දන්නවා. කෝ වැඩක් තියනව ද? මාර්ග සඥා එලි නැතුව සියලුම මාර්ග වල එකිනෙක් හරහා යන පාරවල වල තදබදය නැති කරන ක්‍රම තියනවා. ඒ ගැන් බොහෝ උගතුන් සිටිනවා. ඔවුන් තම සේවය දෙන්න ලෑස්තියි නමුත් කවුරුත් ඒ ගැන තැකීමක් නැහැ. ජනතාවට ත් වැඩක් නැහැ. පොරකාගෙන කුනුහරුප කියාගෙන එකිනෙකා පරයමින් යන එකත් ආතල් නිසා වෙන්න ඇති. අපේ මොකෝ...

    ReplyDelete
    Replies
    1. අපෝ කියලා වැඩක් නෑ වේදනෝ, මම උදේට එන්නේ ඔතනින්. පොලිස් කාරෝයෝ අතුරු පාරවල් වල එන ඒවා ඔක්කොම ඇරලා ප්‍රධාන පාරට ඉඩ දෙන්නේ. එතන හිර වෙලා ඉන්නකොට ඔය වේද මහත්තයාගේ බෝඩ් එකයි, අහිංසක පැට්ටාගේ ෂෝ රූම් එකයි බලලා හිත සනසා ගන්නවා මේ අපේ එවුන් දෙන්නෙක් නේ කියලා.

      Delete
    2. ඒ උනාට උත්සාහයන් අත් අරින්න එපා වෙද මහත්තයා. ජීවීතේ ජයගන්නවා වාගෙම මේවත් කවදා හරි ජයගන්න පුළුවන් වෙයි. මම මේ ළඟදි කියෙව්වා පරණ පෝස්ට් එකක්. ඒකේ තියෙන ඒවා අද සැබෑවෙලා තියෙනවා. අපේ යුතුකම අපි කරමු.

      Delete
  27. කතා කරල වැඩක් නෑ මාතලන්... පිස්සු හැදෙනව ඔය පාරෙ යන්න ගිහාම... මම වැඩ කරන්නෙ ඔරුගොඩ වත්තෙ... උදේ හවස යන්න එන්න එපා වෙනව.....

    ReplyDelete
    Replies
    1. යන උන් විතරයි දන්නෙ මේකේ කට්ට. කරන උන් යන්නේ උඩින් නේ. පාරේ ගියත් උඩින් යන්නේ..

      Delete
  28. මොනවා කලත් වැඩක් නැහැ අපේ මිනිස්සුන්ගේ මානසිකත්වය හදනකල් වන්වේ කලත් අනෙක් පැත්තට යනවා පොලිසියෙන් නැත්නම්

    කෝරලේ මහත්මයා

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ බං.. දැන් මිනිස්සුත් වෙනස් වෙනවා..

      Delete
  29. මම දවසක් පොඩ්ඩක් කල්පනා කරලා බැළුවා, ඇයි මෙහෙම කලාම ට්‍රැෆික් අඩු වෙන්නේ කියලා. මෙතනින් වෙන තව දෙයක් තමයි පාරවල් වල දිග වැඩි වීම. ඒ කියන්නේ ගමනාන්තයට තියෙන නියම දුරට වඩා කිලෝමීටර් 2ක් විතර එකතු වීම. එහෙම වෙනකොට ඒ දිගේත් දාන්න පුළුවන් වාහන ගාන වැඩි වෙනවා. මේවායේ වෙන්නේ ටිකක් ලොකු රවුන්ඩ් අ බවුට් හැදෙන එකනේ. මොනවා වුණත් එක පැත්තට යත්දී ගමන් අවහිර වීම අවම වෙනවා.

    ReplyDelete
  30. ඔය මොනව කලත ත්‍රීවීල් කාරයොයි, බයික් කාරයොයි පයින් යන මිනිස්සුයි පාලනය කළේ නැත්තං ඔක්ක‍ොම ඉවරයි. උං හැමතැනම රිංගනකොට අනික් වාහන කාරයො යන්නෙ කොහොමද.

    ReplyDelete
    Replies
    1. පාරවල් පිලිවලකට හැදෙන කොට මිනිස්සුත් ඉබේම හැදෙනවා.. ඒවා අපි ඇස් දෙකට දකිනවා..

      Delete
  31. හොද අදහස. .. උඩින් තියෙන පින්තුරේ බැලුවම පේනවා .. අපි වාහනය පදවන විදිය.. ඔය ඉරි කපන්නේ නැතුව හරියට පෝලිමේ ගිය නම්... තව පොඩ්ඩක් Traffic එක අඩුකර ගන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. එහෙම ඒ මිනිස්සුන්ට වැරද්දක් කියන්න බෑ. මේ ට්‍රැෆික් එකේ කන කට්ටට. මොකද මිනිස්සු පොඩි වාහනයක් ගන්නේ ඒ නිසාමයි.

      Delete
  32. මටනම් අදහසක් ගන්න තෙරුම් මදි.හැබැයි මාතලන්ගෙ යොජනාව පලදායකවෙවි කියල හිතුන

    ReplyDelete
    Replies
    1. ඔහේ මේ පළාතේ නොවෙයිනේ...

      Delete

  33. කරන්න තියෙන්නේ එකම දෙයයි.

    " සර් මට කිසිම දෙයක් එපා. මගේ නමවත් කියන්න එපා. මෙන්න මේ එවලා තියෙන සැලසුම ඔබේ නමින් කරන්න. මට කිසිම කිසිම කිසිම දෙයක් එපා . මම ඔබේ නිහඬ පාක්ෂිකයෙක් පමණයි. ඔබට ජය පතමි .  "

    යනුවෙන් සඳහන් කර සාමාන්‍ය තැපෑලෙන් ඉහත සැලසුම අදාළ පුද්ගලයා වෙත යවන්න.  වැඩේ වෙන්නත් බැරි නැහැ. වැඩේ උනොත් මේ පෝස්ට් එක මකලා දාපන් ...  ප්ලීස්  ප්ලීස් ... එතුමාට හරි නැහැනේ මොකෙක් හරි කුපාඩි කොල්ලෙක් බලු කතාවක් කිව්වොත් එහෙම මේ බ්ලොග් එක පෙන්නලා  ....

    ප්ලීස් ...

    ReplyDelete
    Replies
    1. අපොයි කීප දෙනෙකුටම එහෙම කිව්වා..

      Delete
  34. ඉස්කෝලේ ගියේ බොරැල්ල පැත්තේ නිසා ඒ පත්තේ වාහන තදබදය ගැන හොඳට දන්නවා... පාර්ලිමේන්තු දවස් වලටයි .. ප්‍රභු කෙනෙකුගෙ මරණයක් බොරැල්ලට ගේන දවසකටයි තියෙන තදබදය කියලා වැඩක් නෑ..

    සැලැස්ම ක්‍රියාත්මක වෙනව නම් හුඟක් වටිනවා ...

    ReplyDelete
    Replies
    1. මේ ගැන දන්නේ ඒ පරිප්පුව කාපු මිනිස්සු විතරයි. මට පුදුම මේ පරිප්පුවත් සාමාන්‍ය දෙයක් කර ගන්න මිනිස්සු ගැන.

      Delete
  35. I have been reading (and commenting where I'm tolerated) Sinhala blogs just for fun, but this post made me realize the effort that goes in to some posts and the service some of you bloggers do. Thank you.

    ReplyDelete
    Replies
    1. අපොයි ඕන තරම් සිංහල බ්ලොග් තියෙනවා සමාජයේ ප්‍රශ්න ගැන සාඛඡ්චා කරන. කරුමය ඒවා කියවන අය නැති වීම. ඒ නිසා තමයි මම මේකේ හැම දෙයක්ම ලියන්නේ. මොකෝ අපිට චරිත ගොඩනගාගැනීමක් කරන්න අවශ්‍ය නෑ. අපේ යුතුකම ඉටු කිරීම විතරයි කරන්න අවශ්‍ය. හැබයි ඕපන්..

      Delete
  36. බොහොම වටිනා කාලීන අවශ්‍යතාවයක් උඹ යෝජනා කරලා තියෙන්නේ. ඒත් තීරන ගන්න හා ක්‍රියාත්මක කරන තැන්වල මෙහෙම හිතන අය නැති එකයි ප්‍රශ්නේ.
    රට දියුණුවෙනවා දකිනකොට එන සංතෝෂය කියලා නිම කරන්න බෑ. මටත් කොළඹ නගරයේ පාරවල් හුරැ නෑ. මම දන්නේ ප්‍රධාන පාරවල් කීපයක් විතරයි. උඹගේ යෝජනාව වගකිය යුත්තෙකුගේ ඇස ගැටේවායි මම එක සිතින් ප්‍රාර්ථනා කරමි!!!

    ReplyDelete
    Replies
    1. මම මගේ ඡන්දය දෙන්නේ මහින්ද මහත්තයට. ඒත්, එයා නිසා නෙමෙයි. ඝෝඨාභය මහත්තයා අපි ජීවත් වන නගරය සුර පුරයක් කලාට. කොච්චර ආඩම්බරයක්ද අද කොළඹ..

      Delete
  37. වන් වේ සින් කෝන් එක ඉතා හොඳයි තමා ඒත් සමහර අවස්ථා එනවා එහි ආනිනවත් දකින්න හැකි. ඩුප්ලිකේෂන් පාරේ යන එකෙක් ට අවශ්‍ය ගාලු පාරට යන්න. ඒත් ඒකා තැන හරියටම දන්නේ නෑ ඔන්න ඒ වෙලාවට තමා මෙහි රග දැනෙන්නේ. ඒත් තදබදයට හොදම පිළියම මේක තමයි මාතලන් මේ ගැන කලිනුත් ඔබ මෙන්ම මාර මලයාත් ලියල තිබුනා වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. එකෙක් දෙන්නෙක්ගේ පෞදගලික දේවල් දිහා බලලා රටවල් හදන්න බෑ නලීන්. බය නැති කෙලින් වැඩ කරන මිනිස්සුයි ඕන.

      Delete
  38. කාලයක් බැහැර වෙලා හිටපු නිසා මේ ගැන හරියටම අදහසක් කිව නොහැකියි... මට හුරු පුරුදු බොරැල්ල ගැන කොටස විතරක් හිතල බැලුව... හොඳ අදහසක්...

    එක ගැටලුවක් මට පේනව... උදේ හත නමය කාලෙ දෙමටගොඩ පැත්තෙන් බේස්ලයින් එකේ එන ට්‍රැෆික් එක අති විසාලයි.. 154 රූට් එක ඉතින් කියන්න ඕනැ නෑනෙ... නුවර පාරේ ඉඳන් කොළඹ 9, 8,7 ,6 ,7,4 සහ 3 ත් කොටසක් ඇතුලු ප්‍රදේශ වලට නුවර සහ මීගමු පාරවල් දෙකෙන්ම එන වැඩි පිරිසක් සහ ස්කූල් ක්‍රවුඩ් එක එන්නෙ ඔය පාරෙ...ඔතනින් 90 % ක්ම කෙලින්ම බොරැල්ල හන්දිය කෙලින්ම පසු කොට කනත්ත වටරවුම හරහා යන වාහන... මට හිතුනෙ මේ මුලු ට්‍රැෆික් එකම කොටා පාරට හරෝල ටිකල් පාරෙන් ආපහු නමන්න යන එක විසාල තදබදයක් ඇති කරයි කියල... මොකද මරදාන දෙස සිට කෝට්ටේ , නුගේගොඩ , ජයවර්ධනපුර දෙසට යන ට්‍රැෆික් එකත් මේ වෙලාවෙදි පොඩි නෑ... නමුත් මේ සැලසුමේ හැටියට බේස්ලයින් එකේ එන ට්‍රැෆික් එක බස් ස්ටෑන්ඩ් එක ලඟින් වමට හරවල වහාම ඉතා කෙටි දුරකදි සම්පූර්ණ ලේන් චේන්ජ් එකක් ගන්න ඕනනෙ ටිකල් පාරට හැරෙන්න...ඒ මදිවට ටිකල් පාරත් ඉතාම පටුයිනෙ..
    ඊ ලඟට අනිත් පැත්හෙන් කාසල් පාරට මේ ට්‍රැෆික් එක මර්ජ් කරන එකත් අමාරුයි.. ඒකත් ෆුල් මේ වෙලාවට.. වන් වේ නම් , 168 , 176 , 171, 190 ,177 , 174, වගේ බසුත් ඒවට අදාල පැති වල ස්කූල් වෑන් ටිකයි , අලුතෙන් ජනාකීර්ණ වෙච්ච ඔය මාලඹේ වගේ පැති වලින් එන ප්‍රයිවෙට් වාහන ටිකයි ඔක්කොම කාසල් පාරෙන් එනකොට , මේ ටිකල් පාරෙන් එන ට්‍රැෆික් එක එක්කො සිග්නල් එකකින් මර්ජ් කරන්න ඕන නැත්නම් එක ලේන් එකක් වගේනෙ දෙන්න වෙන්නෙ ඉබේ මර්ජ් වෙන්න , ඒක හෙන තදබදයක් අර බේස්ලයින් ට්‍රැෆික් එකට...
    මම හිතන්නෙ මෙතැනට පොඩි වෙනසක් කරන්න වෙයි...

    ReplyDelete
    Replies
    1. ටිකල් පාර දැන් හදලා තියෙන්නේ.. එහෙම වෙන්නේ නෑ.. හොඳම උදාහරණය නෙළුම් පොකුණ ඉස්සරහා සෙන්ට් බ්‍රිජට් තාප්පේ එක්ක නිදහස් චර්ගුරශ්‍රය පැත්තට තියෙන පාර.. ඔය අගේට යන්නේ.. දෙපැත්තෙන් එන ඒවා කිසි අවුලක් නැතුව

      Delete
  39. මේ යෝජනාව කොහේ හරි ඉන්න චීනෙක් හරි ඉන්දියන් කාරයෙක් හරි ගෙනාවානම් පුකත් ඉඹලා බාර ගනියි. ඒ රටෙන්ම ඩොලර් බිලියන් ගාණක් ණය අරගෙන. උන්ගෙම කම්කරුවෝ දාලා කොන්ත්‍රාත් එක කරන්නත් එකඟ වෙයි. ඩොලර් මිලියන් කීපයක කොමිස් එකකකුත් ගහයි. අනේ මාතලන් මේ උද්දච්ච බැල්ලිගෙ පුතාලට මේ යෝජනා නොතේරෙනවා නෙවෙයි. උන් බලන්නේ කුනුවෙච්ච වැදෑමහකින් වුනත් කොමිස් ගහන්න පුලුවන්ද බලන්න. අර බේබදු කුපාඩියා ඇමතියෙක් හැටියට, ඊයේ පෙරේදා අර ඉබේ ධාවනය වුන කෝච්චි එන්ජිම ගැන කියපු ගොන්කතා දැක්කද? මේ යෝජනාව ලංකාවේ ප්‍රවාහන මහාචාර්ය වරයකු කිව්වත් බාරගන්නේ නැහැ. මොරටුව කැම්පස් එකෙන් ගෙනාව යෝජනා වලට මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. ඊ...................යා.............., විචාරක තුමා මල පැනලා, කුණුහබ්බ කොමෙන්ට් එකක් දාලා. අපි දැන් මල් වගේ. හිරු නෝනා අපිට කුණුහබ්බ ලියන්න එපා කියලා තියෙන්නේ. ඒ නිසා මේ කොමෙන්ට් එකම, වැදගත් විදියකට දාන්න පුළුවන්නම්.

      නැත්නම් ඔහෙත් අර තොප්පි වෙළොන්දො කැටගරි එකට වැටෙයි.

      Delete
    2. ඉන්න මම එම කමෙන්ටුව සුදුසු පරිදි සංශෝධනය කරන්නම් .. :P

      _________________________________________

      මේ යෝජනාව චීනෙ ජාතිකයෙක් හෝ ඉන්දියන් ජාතිකයෙක් හෝ ගෙනාවානම් ඉතා ඉහළින් බාර ගනියි. ඒ රටෙන්ම ඩොලර් බිලියන් ගාණක් ණය අරගෙන. ඔවුන්ගේම කම්කරුවෝ දාලා කොන්ත්‍රාත් එක කරන්නත් එකඟ වෙයි. ඩොලර් මිලියන් කීපයක කොමිස් එකකකුත් ගහයි. අනේ මාතලන් මේ අනුවණ අයට මේ යෝජනා නොතේරෙනවා නෙවෙයි. ඔවුන් බලන්නේ යම් කිසි අවස්ථාවක් පැමිණෙනකම් කොමිස් ගහන්න පුලුවන්ද බලන්න. අර අනුවණ ඇමතිවරයෙක් හැටියට, ඊයේ පෙරේදා අර ඉබේ ධාවනය වුන කෝච්චි එන්ජිම ගැන කියපු ප්‍රකාශ දැක්කද? මේ යෝජනාව ලංකාවේ ප්‍රවාහන මහාචාර්ය වරයකු කිව්වත් බාරගන්නේ නැහැ. මොරටුව කැම්පස් එකෙන් ගෙනාව යෝජනා වලට මොකද වුනේ?
      _________________________________________

      @ විචාරක තුමා

      මම මේ දවස් වල සදාචාරය ආරක්ෂා වන ලෙස සමාජයේ හැසිරීම සහ පශ්චාත් මොකක්ද එක ගැන පන්ති යනවා. ඔයත් එන්න..ගොඩක් අය ඉන්නවා තව. අපි තනි නැහැ මෙයා ... ගෙදරින් එන්න කළින් මතක ඇතුව මල් ටිකක් කඩන් එන්න... ( දුම දාන්න නෙවේ පූජා කරන්න . රජයෙන් නිකුත් කළ සන්නද්ධ පුද්ගලික ආරක්ෂකයන් සහ ගිණි අවිය රැගෙන එන්න එපා මෙයා ..කව්රු හරි දැක්කොත් හරි නැහැ )

      Delete
  40. ඔය වගකිවයුතු තැංවල ඉන්න එකෙක්වත් මං හිතන්නේ බ්ලොග් එකක්වත් කියවන්ඩ තරං දැණුමක් තියෙන උං නෙමෙයි.එහෙම තිබ්බනං අපේ රට හැදිලා බොලව්...

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න වෙනවා. මේවට සොලියුෂන් නොදෙද්දි..

      Delete
  41. අප්පෝ...මේ ප්ලෑන් එක මාතලන් අයියා විතරක් නෙමෙයි.පේරේ කැම්පස් එකේ ප්‍රොපාලා ටිකකුත් ගෙනාවා වගේ මතකයි..ඒත් ආස්චරිය හන්දද මන්ද උනේ නෑ.මං රත්මලානෙ ඉන්නේ.ගිය සතියේ හදිසියෙ කිරිබත්ගොඩ යන්න උනා.රත්මලානෙන් නැග්ගෙ 5යි 10ට බහිනකොට රෑ 8යි.මග දිගට වග කියල ඇත්තො හැමෝගෙම මව්ල මතක් කර කර ගියා.මේවගේ ප්ලෑනක් ඕනමයි.

    ReplyDelete
    Replies
    1. දවසක මම පෑලියගොඩ ඉඳලා නාරාහෙන්පිටට ගියා පැය තුනයි.. පට්ට ආතල්..

      Delete
  42. මීට කලින් සැලැස්මක් තිබුනා නේද කොළඹට ඇතුලු වෙන වාහන පෑලියගොඩින් නවත්තලා ඒ අයව විශේෂ බස් රථ සේවාවක් මගින් කොළඹ නගරයට ගෙනියන....ඒ සැලසුමට මොකද උනේ...

    ReplyDelete
    Replies
    1. ඒවා කරන්න පුළුවන් වැඩද ආයිබෝවන්ඩ. ජෙප්පෙක්ගේ යෝජනාවක් වෙන්න ඇති.

      Delete
  43. මාතලන්,

    උඹෙ වෑයම හොඳයි. විශෙෂයෙන්ම බැන බැන ඉන්නවට වඩා තමන්ට පුලුවන් පරිදි විසඳුමක් ගැන කතා කිරීම ඉතාම හොඳයි. ඒත් පාරවල් වන්වේ කල පලියට ට්‍රැෆික් අඩු නොවෙන බවට හොඳම උදාහරනය ඔය උඩ ඇති පොටෝවයි. ඒ ඉන්දියාවේ මහ මගකි. බොහෝ ඉන්දියානු මාර්ග මේ ආකාරයේ වන් වේ උනත් වාහන වලින් පිරී පවතී.

    ඩුප්ලිකේෂන් එක ගාලු පාරට සම්භන්ධ කිරීම හා සමගාමීව මැරයින් ඩ්‍රයිව් එක ඉදිවීම නිසා ගාලු පාරේ වාහන තද බදය අවම උනද එය තාවකාලියකය. හේතුව ඉන් සිදුවූයේ එක මගක ගිය වාහන බෙදී යාම නිසා ට්‍රැෆික් අඩු වීම මිස ට්‍රැෆික් වල මූලයන්ට විසඳුමක් නොවීමය.

    ලන්කාවේ ට්‍රැෆික් වලට මූලික හේතු හැටියට මගේ අදහස වන්නේ

    1. විනයක් නොමැති රිය පැදවීම
    2. පාරේ හිතූ හිතූ තැන වාහන නැවතීම
    3. කහ ඉරි සහ මාර්ග සඥා අනවශ්‍ය තැන්වල පිහිටුවීම
    4. පොදු ප්‍රවාහනයේ තිබෙන අති විශාල හිඩැස ( හොඳා උදා. ඩුබායි නගරය. ඉතා හොඳ මාර්ග පද්දතියක් තිබ්බද අධික පුද්ගලික වාහන සංඛ්යාව නිසා ට්‍රැෆික් පාලනය කරගත නොහැකි වී ඇත ).

    මේවාට විසඳුම් කෙටිකාලීන නැති නිසා මුලින් මාතලන්ගේ විසඳුම් ක්‍රියාත්මක කර පසුව මගෙන් විමසන්නැයි ලොක්කාට කියා යවනු.

    ReplyDelete
    Replies
    1. තව එකක් අමතක උනානෙ. අංක 5. හදන ගොඩනැගිලිවලට ප්‍රමාණවත් පාර්කින් නැතිවීම.

      Delete
    2. ඔබ හරි ඉන්දික අංක 1 ඉතාමත් දැඩිලෙස බලපානවා මේ කාරණයට.

      Delete
    3. මාරග නිසි ලෙස සැකසීමෙන්

      1. එය අද එසේ නොවන බව ඇස් පනා පිට ඔප්පුවී ඇත. සොලිඩ් පාරවල්වල හරකා උනත් රිය පදවන්නේ සොලිඩ් ලෙසය
      2.එහෙම නවත්තන්නට දැන් නොහැක. පොලෝසියෙන් දඩ කොලයක් ලබා ගත හැක.
      3. නියමිත ලෙස සකස් කල මාර්ග වල එසේ නොමැත. (එකනේ කියන්නේ පෙමිතියට හදන්න කියලා.)
      4. එය ලංකාවට අදාල නොවේ.
      5. අළුතෙන් හදන ගොඩනැගිලිවල අනිවාරයයෙන් රට්Hඅ ගාල ඉඳිකර යුතුමය.

      ඔය තර්ක ටිකම තමයි ගෙනාවේ ගාළු පාර වන් වේ කරන කොටත්. ඒත් අද ඒ තත්වය වෙනස්. කාර්යබහුල වේලාවල වාහන තදබදය කොයි රටෙත් තියෙන දෙයක්. මේ කතා කරන්නේ ඉරිදටත් තියෙන තද බදයක් ගැන.

      Delete
  44. බොරැල්ල හන්දිය මට ඉතාම හුරු පුරුදු තැනක් අදටත් ලංකාවට ගියාම දිනපතා ඔය වටේ ගැවසෙන්න වෙනවා. මට තේරෙන විදිහට ඔය මාතලන් යෝජනා කරලා තියෙන වන් වේ සිස්ටෙම් එකෙන් බොරැල්ල හන්දියේ වාහන තද බදය අඩු කර ගන්න පුළුවන් . මේ වගේ ලිපි මසුරන් වටිනවා . ඒත් මට තියෙන ප්‍රශ්නය ක්‍රමවත් Traffic Impact Study (TIS) එකක් නොකර, අලුතින් මතුවන ප්‍රශ්නවලට විසඳුමක් නොදී අර තරම් වාහන,සෙනග කන්දරාවක් එන රෙදි කඩයක් අටවන්න අවසර දුන්නේ කොහොමද කියන එක. විශේෂයෙන් බොරැල්ල හන්දිය වගේ traffic මරමස්තානෙක .

    ReplyDelete
    Replies
    1. අපේ අය ප්‍රශ්න විසඳන්නේ ප්‍රශ්ණ උග්‍ර උනහමනේ. ඔය දැන් මුස්ලිම් ගෑණූ ඔක්කෝම වහගෙන යන එක පත්තුවෙන්නේ.. ඕකෙන් ගිහින් ගේම් දෙන්න පටන් ගත්ත දවසට තමයි. එතකන් ආතල් එකේ ඉන්නවා.

      Delete
  45. අපොයි හවුස් ඔෆ් ෆැෂන් එකක් බොරැල්ලේ ත් දාලද?
    ඉවරයි :(
    මෙදා පාර අප්‍රේල් වල හොඳ ආතල් එකක් තියෙයි. දැන් කැළණියෙන් එහාට ත් ඇඳුම් පෝලිම්. මෙහාටත් ඇඳුම් පෝලිම්. කැළණි ජනතාවට බොරැල්ලට යන්නත් බෑ - කිරිබත්ගොඩ යන්නත් බෑ. :(

    ReplyDelete
    Replies
    1. කොහොමත් කිරිබගොඩ ඉඳලා බොරැල්ලට යන්න පැය 3-4 ක් යනවා. මොන වාහනෙන් ගියත්. මාර ආස්චර්ය නේ.

      Delete
  46. මම හිතන්නෙ මතලන් අයියා හිනයක් දැකලා වගේ අපේ රටේ නම් වෙන්න බෑ මේ එoගලන්තේ ගැන වෙන්න ඇති ...නැත්නම් පාරවල් හදන විදිහට ....මෙහෙම් වෙන්න බෑ ....::D :D
    (මම කොළඹ ඇවිත් ඇත්තේ අතේ ඇගිලි ගාණටත් අඩුවෙනි ,ඒ නිසා ඔය පරවල් ගැන දන්නෙ නැත )

    ReplyDelete
    Replies
    1. සමහර සිහින සැබෑ වෙලා තියෙනවා මලේ...

      Delete
  47. බොරැල්ලේ සිට මරදානට යන්න හොඳම විනාඩි 40 පමණ ට්‍රැෆික් එකේ බස් එකක කට්ටක් කාලා ඇවිත් බලද්දී ඔයාගේ පෝස්ට් එක ඇස ගැටුනේ. ඇත්තටම අපේ රටේ ප්‍රී ප්ලෑනින් නැහැ. ඔහේ ජනතාවත් ඔළුවක් නැති උන් වගේ ජීවත් වෙනවා.

    ReplyDelete
  48. කාලෙකින් බ්ලොග් එකක් කියවන්න ආවෙත්...බුදු අම්මේ අයියේ මෙච්චර ලිවුවේ කොහොමද...
    මටනම් නින්ද යනවනේ........

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න