.

.

Feb 11, 2014

වෙනුෂා ඉමන්දි මරාදැමූ පින් ගොනා එළවනු... - Sack the Sex Maniac Immediately


ෆේස් බුක් හුටපටයක් හේතුවෙන්, ගෙල වැලලාගෙන මිය ගිය දැරිය පිළිබඳ ,බ්ලොග් ලියන කීප දෙනෙක්ම ලියලා තිබුනත්, ඉතාම විචක්ශණශීලීව ඒම ප්‍රශ්ණය පිළිබඳ බුද්ධිමත් දැක්මකින්, ඉදිරිපත් කරපු ලිපිය ලියලා තියෙන්නේ, මම හිතපු විදියට වෛද්‍යවරියක්. ඒ "අනිත් කොන" කියන බ්ලොග් අඩවියේ, ඒ ළිපිය, මම හිතන්නේ ලංකාවේ සියළුම දෙනා කියවිය යුතු ළිපියක්. විශේෂයෙන් අධ්‍යාපනය කා විනාශ කර දමන කාළකන්නි ඇමතිවරුන් හා නිළධාරින්. (ඒ ළිපිය මෙතනින් කියවන්න.)

මේ සිඳුවීම, මා ඉතාමත් සසල කල සිඳුවීමක්. ඒ නිසාම මා සිතා සිටියේ, මේ පිළිබඳව නොලියා සිටීමටයි. එහෙත්, ආන්ඩුවේ පාර්ශවයෙන් මේ වනතෙක් කිසිම දෙයක් සිඳු නොවීමත්, කීප දෙනෙකුගේ ඉල්ලීමත් මත, මේ සටහන ලියා තබන්නට සිතුවා. එම දැරිය අවසාන වරට තම පියාට ලියූ ළිපිය, මම මුලින්ම දැක්කේ, "නිර්මලා මධුෂානිගේ", "යදමින් බැඳ" බ්ලොග් අඩවියේ. ඒත් ඇත්තටම මම ඒක කියෙව්වේ නෑ.

ඒත් අද කීප දෙනෙක්ම කරපු ඉල්ලීම නිසා. එම ළියුම කියවා බැලුවා. ඒ ලියුම, බොහෝ සෙයින් හදවත සසළ කරවන ළියුමක්. දරුවන් සිටිනා කිසිම දෙමව්පියකුට, ඒ වගේ ලියුමක් කිසි දවසක දකින්න නොලැබේවා කියා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.

මේ ළියුම කියෙව්වම පේනවා, මේ දැරිවියගේ කුටුම්භය තුලත් ප්‍රශ්ණ රාශියක් තියෙන බව. ඇයගේ ප්‍රශ්ණ කතා කරන්න කෙනෙක් නෑ. අම්මා, ඇයත් එක්ක කතා කරන්නේ නෑ. මේ වගේ දේවල් ඒ දැරිවියට පියාත් සමඟ කතා කරන්න බෑ.. එවන් අවස්ථාවල දෙමව්පියන් විය යුතේ ගුරුවරුන් නොවේද? එහෙත් සිඳු වූයේ කුමක්ද? නිවසේ අති ප්‍රශ්ණ මදිවාට, පාසැලේ විදුහල්පතිවරයාගෙනුත් නින්දාවන් විඳීමටයි.

ෆේස්බුක් එක භාවිතා කිරීම වරදක්ද? දිවයින පුරා "නැනසල්" ඉඳිකරමින් රජය කරන්නේ වරදක්ද? මහා ළොකුවට පරිඝනක සාක්ෂරතාවය ගැන පම්පෝරි ගසන්නේ කුමටද? දරුවන් යනු දරුවන් මිස වැඩිහිටියන් නොවේ. අද මේ කාළකන්නි සමාජය, දරුවන්ගේ ළමා කාලයත් නැති කර අවසානය. අද ඔවුන්ට ඇලේ දොලේ තබා, තම නිවසෙවත් තමන්ට අවශ්‍ය දෙයක් කිරීමේ වේලාවක් නැත. පරිඝනකයක් ඇත්නම්, ඔවුන් විනෝද වන්නේ. ෆේස්බුක් හී සැරිසැරීමෙන් හෝ වීඩීයෝ ක්‍රීඩාවක් ක්‍රීඩා කිරීමෙනි.

වත්තේ පිටියේ පන්දු ගසන්නට, බට්ටෝ පනින්නට, හෝ කුමන ආකාරයක හෝ ක්‍රිඩාවක් කිරීමට වේලාවක් නැත. ඉදින් ඔවුන් නවීන තාක්ෂණය හා ගැටීම, දරුවකු මරා දැමීමට තරම් කාරණයක්ද. මේ පළමු සිඳුවීම නොවේ. පළමු ගොන් තකතීරූ කම කලේ, පොඩි තැනක නොවේ. කොළඹ මියුසියස් විද්‍යාලයේය. එවන් විදුහලක සිටිනා ගුරුවරුනුත්, ළමා මනස තෙරුම් ගැනීමට නොහැකි කාළකන්නින් නම්, මේ වගේ පින් ගොනෙක් ගැන කවර කතාද?

රූපවාහිනී නාලිකාවල විකාශනය වන, දහ ජරා, ටැලන්ට් ෂෝ වලට, අවුරුදු 6-7 පවා දරුවන් එවා, පාසැල ඉදිරිපිට බැනර් පෝස්ටර් දමා, ඇස් ඇම් ඇස් (SMS) කැම්පෙන් කර, අවසාන මහා තරඟයටත් වීරයෝ වාගේ එන්නේත්, මේ වාගේ ගොන් ප්‍රින්සිපල්ලාමය. ඉන් පසු මහා රථ පෙලපාලි පවත්වා, මල් මාලා දමා, ලද සම්මාන මදිවාට, පාසැලෙනුත් සම්මාන ලබා දෙන්නේද, මේ වාගේම බූරුවන්ය. ඒය ආනන්දයෙද, මොරටුවේද, මයියන්ගනේද යන්න ප්‍රශ්ණයක් නොවේ. කොහේ උනත්, ඔවුන් නම්, පිනාලා නොව පින් ගොනුන්ය.

එවන් ගොන් තකතීරූ වැඩ කරනා මුල් ගුරුවරුන් සිටිනා රටක, මේ වාගේ සිඳුවීම් සිඳුවීමමත්, එක අතකින් අරුමයක් නොවේ. පාසල් ශිෂ්‍යාවක, "වේසි" යයි කියා ඇමතීමට, නියෝග දී ඇත්තේ කුමන චක්‍රලේඛනයෙන්ද? අන් දරුවන් හා දෙමාපියන් පවසන පරිදි, මේ කාළකන්නියා ඇයට ශාරිරික දඬුවම්ද ලබා දී ඇත. එහෙත් එවන් විස්තරයක් ඇයගේ ළිපිය තුල නැත. මෙහි ඇත්ත නැත්ත සොයා ගැනීමට කළ යුත්තේ, වහාම විධිමත් පරීක්ෂණයක් පැවත්වීමයි.

එහි ප්‍රථිපල ලැබෙනා තෙක්, මේ පින්ගොනාගේ සේවය, වහාම අත් සිටවිය යුතුය. දැරියගේ නැගනියට, වහාම වෙනත් පාසලක් ලබා දිය යුතුය. මේ පාසලට තව දුරටත් පැමිණිම, ඇයට මානසික වදයක් වනවා නොඅනුමානය. ලැබෙන වාර්ථා අනුව අනෙක් දැරියන්ද භීතියට පත්ව ඇත. අනෙක් කරුණ, මේ පින්ගොනා බීමත්ව ගම පුරා සැරිසරන්නකු බවයි. එය විදුහල්පතිවරයකුට තරම් නොවේ.

දැන් සම හරක් කතා කරන්නේ, මේ දැරිවිය මෝඩ වැඩක් කර ගත් බවත්, ගුරුවරුන් දඬුවම් කරනා බවත්, ඔවුන්ද එසේ දඬුවම් විඳ ඇති බවත්, ඒ නිසා මෙය අළුත් දෙයක් නොවනා බවත්ය. ඒ බූරුවන්ට කිව යුතුව ඇත්තේ, තොපි කාළකන්නියන් කියා, නව පරපුරත් කාළකන්නියන් විය යුතුද කියා පමණි.

අනෙක් තර්කය සිය දිවි නසා ගැන්ම, ප්‍රශ්ණයට විසඳුම නොවන බවත්ය. එය දැන් කියා වැඩක් නැත. එය කියා දිය යුතු කාළකන්නින්, ඇයට "වෙසි" යයි කියා අවසානය. මට පෙනෙනා ආකාරයට මේ කාළකන්නියා. ලිංගික විකෘතිතාවයකින් පෙලෙන රෝගියකු බව ඉස්තිරය. මන්ද මේ දැරිය ඉතා පියකරු දැරියක් බව ඇයගේ ඡායාරුප බැලු විට ඔබටද පෙනී යනවා ඇත. මෙවන් ලෙඩුන්ට, රුවැති ළඳුන් සියල්ලෝම වේසියන්ය. ඒ උන්ගේ තරමය. මා මේ සිය දිවි නසා ගැනීම, කිසි සේත් අනුමත නොකරන නමුත්, නැවතත් කියන්නට තිබෙන්නේ දරුවෝ යනු දරුවෝය. වැඩිහිටියෝ නොවේ.

බළධරයිනි, ඇ මැටිවරුනි, මේ පිස්සු බල්ලා බැඳ දමනු..
ඊළඟ ගොඳුර. ඔබේ දරුවා විය හැක..

මේ දැරිවිය මිය ගියේ ෆේස්බුක් හී ගිණුමක් තිබූ හේතුවෙනි. එබැවින් ෆේස්බුක් භාවිතා කරන සියළුම හිතවතුන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ඡායාරුපය හෝ වෙනත් ඡායාරුපයක් පළකර මේ පින්ගොනා සේවයෙන් ඉවත් කරනා ලෙසට බල කර සිටීමයි. එය විශාල හඬක් වනවා නොඅනුමානය.


196 comments:

  1. සම හරක් ෆේස් බුක් කියන නම ඇහුණත් බලන්නේ වපර ඇහෙන් !ඒ සමාජ ජාලයක් කියන්නේ නිකන් සමාජ ශාලාවක් කියල හිතන නිසා.ඔය සිදුවීම සිදු වූ දිනට පසු දින ජාතික රූපවාහිනියෙ 8.30 ප්‍රවෘත්ති වලින් පසු කෙටි විචාර වැඩසටහනේ සම්පූර්ණයෙන්ම වරද පැටෙව්වේ බුකියට.අර පිනා කරපු කිසි දෙයක් වැරැදි නෑ උන්ට.
    පිනාත් ඔය ජාතියට අයත් මොලේ අවුල් පොරක්!

    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලය යනු සම+හරක්ට යකෙකි/රාක්ෂයෙකි. FB යනු යක්ෂ දෙවෙලකි. ඒ නොදන්නාකම ගැන නිවැරැදිව කියනවානම් අන්ධයින් අලියා අතපත ගෑවා වැනිය.
      අන්තර්ජාලය මට පාසැලැක් විය. මා බොහෝ දෑ ඉන් උගෙන ඇත.
      FB මට තවත් එක පුවත්පතකි. වාරණයකින් තොරව විවෘතව අදහක් පල කිරීමටත්, සංවාද කිරීමටත් හොද තෝතැන්නක් විය.
      නමුත්, සියල්ල භාවිත කරන්නා මත දෝලනය වේ.

      Delete
    2. @ Nirmala
      +++++++++++++++++++++++++++++++++

      Delete
    3. නුතන තාක්ෂණයට මෙලෙස ගරහන්නේ තාක්ෂනය නිසිවිදියට ප්‍රයෝජනයට නොගන්නා අය විසිනි.... මොකද ඔවුන් සිදු කරන්නේ තමන්ගේ නක්ෂණ දැනුම අඩුකම තාක්ෂණයට විරුද්ද වී වසා ගැනීමයි

      Delete
    4. මාතලන් නිර්මලා +++++++++++++++++++++++

      Delete
    5. ලොක්කා ක්ෂිතජයෙන් එහා දකින සිසු පරපුරක් බිහි කරන්න යන්නේ මේ වගේ ගල් වැද්දන් සමග නම් එතුමාට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේම පිහිටයි..

      Delete
    6. කතාව හරි ඔය විදුහල්පති තකතීරුව තමයි මේකට මුලින් වගකියන්න ඕනේ , කොහෙවත් තියෙන එෆ් බී නෙවෙයි.

      Delete
    7. මාතලං, අර කටා වැනි නමකින් හැඳින්වුණු ගුරුවරයා වැනි අය ද එදා කලේ මේ වගේ වැරදිම තමයි. එදා නම් මානසික ප්‍රහාරවලට අමතරව, ශාරීරික වද හිංසා පහරදීම් වැනි දේ අද මෙන් දහස් ගුණයක් කෙරුණා.

      එදා ෆේස් බුක් වගේ දේවල් තිබුණා නම් කටා ලා මොනවා නොකරාවිද?

      එදා මෙදා සිදුවූ ඒ අකටයුතුකම් සියල්ලම එකසේ හෙළා දැකිය යුතුයි!

      අනිත් කාරණය තමයි, සිදුවිය යුත්තේආවේගශීලීව "පිනා" එලවීම නොව නිසි පරීක්‍ෂණයක් කිරීමයි.

      ඒ මිනිහාට ජොබ් එක නැති වුණාම, ආතතිය නිසා දිවි නසා ගත්තොත්, ඔහු ගේ දරුවන් මහමගට වැටුනොත්, ඒ ගැනත් හිතන්න ඕනෑ නේද?

      Delete
    8. @කකා.....මම කටයා සීයට සීයක් හරි කියන්නේ නැහැ. නමුත් ඔවුන් තුල තිබු සිසු- අද්‍යාපනික සහ සම්බන්ධතාවය මේ තරම් වනචර නැහැ. ගෝත්‍රික නැහැ. කටයා යනු එක් පාසල් මූලික චරිතයක් (කර්නල් රාජපක්ෂ වැනි )මිස මෙවන් ,පාසල් විනය පසෙකට තබා පිස්සෙක් සේ හැසිරුනු කෙනෙක් නොවේ. මෙය නිවැරදි විය යුතු තත්වයක් නොවේද? ඊයේ වූ දේ අද නොවිය යුතු සේම, අද සිදුවන දේ හෙටත් සිදුවිය යුතුද? කටයා, රාජපක්ශ, කුලරත්නලා සිසුන් හරහා දුන් පනිවිඩයත් (ඉන්ටර් ඇක්ට් ක්ලබ්ස් හරහා ) මේ වැනි අයගෙන් බලා පොරොත්ත්තු විය හැකිද? කටයා වෙනුවට ඩබල් කටාලා අනුමත කරන්නේ කොහොමද? වැරදි සිසුවාද? එහෙම නැත්නම් මේ අධ්‍යාපන පරිපාලනයේ ඉන්න නුසුද්දන්ද?

      Delete
  2. මේ සිද්ධිය වී අවසන්,
    නමුත් කිසි දිනක නැවත මෙවන් දෙයක් නොවීමට බලධරයින් ද වග කිව යුතුය.
    සිසුවියට ලැබුණ උපදෙස් ලැජ්ජාසහගතය.
    # දිනක් අවුරුදු උත්සවයක සිඟිති අවුරුදු කුමරිය තේරීම සඳහා තරඟයක් ද විය. නමුත්, මා හිතවතෙක් එය කැන්සල් කිරීය. ඔහු කියා සිටියේ,
    “සියළුම ළමුන් මල් වගේ. එතන බේදයක් නෑ. කිසිදු ළමයෙක් අවලස්සනයි කියා මානසිකව වැටෙන්න දිය යුතු නැහැ.“

    දරුවෝ යනු දරුවෝය. වැඩිහිටියෝ නොවේ....

    ReplyDelete
    Replies
    1. ප්‍රින්සිපල්ට වඩා ලැජ්ජා වෙන්න ඕන අජ්ජාපන ඇමතියා.. අද වෙනක්න් කටක් හොල්ලන්නේ නෑ..

      Delete
  3. සීයට සීයක් එකඟයි.. ඕක ගැන ටයිප් කරලම අත රිදෙනවා.. මෙහේ ඉන්න ගොබ්බ හරක් පිනාගේ අතේ වරදක් නෑ අරකයි මේකයි කිය කිය සුදු හුණු ගාන්න දඟලනවා.. පාසැල් මිලිටරිකරණය ගැන කාට්වත් ගාණක් නෑ.. නෙදකින් තමා..

    මේකත් බැලුවනම්!

    https://www.facebook.com/photo.php?v=534970693251473

    ReplyDelete
    Replies
    1. පාසැල් විතරක් නෙමේ දැන් හැම තැනම මිලිටරිකරණය වෙලා තියෙන්නේ.

      Delete
    2. අනිවා පාසැල් මිලිටරිකරණය කරන්න හදනවා,එක බොරුවක් නෙවෙයි ,ඕන ලමයෙක් එකට සාක්ෂි දරයි

      Delete
    3. ක්ෂිතජයෙන් එහා ළෝකේ දකින්න කතාව ඒ උනාට. පරඝණක සාක්ෂරතාවය ගැන මහා ආඩම්බරෙන් කතාව.. කියන්නේ එකක් කොරන්නේ එකක්..

      Delete
  4. ප්‍රින්සිපල් ලට හමුදා පුහුණුව දුන්නේ ඕකට වෙන්න ඕන, ළමා හිත අදුනන්න බැරි ගුරුවරු ගුරුකමට ගලපෙන්නැ. තමන්ට ඒ වගේ කාලයක් තිබුනේ නැති ගානට තමයි වැඩ කරන්නේ, ගත්තු පගාව බැලුවොත් ඕක මොකක්ද. මම කියන්නේ මේ අයගෙත් වත්කම් බැරකම් ප්‍රකාශ අරන් පරීක්ෂණයක් කරන්න ඕන. එතකොට හිතාගන්න පුළුවන් මුන්ගේ කෙරුවාව.

    ReplyDelete
    Replies
    1. වත්කම් බැරකම් නෙමෙයි.. මුන්ට විනය කියන දේ කියලා දෙන්න ඕන. ප්‍රින්සිපල් බලවත් සිවිල් චරිතයක් කර ගත්තෙත් අපේ හරක්.. පේන්නේ නැද්ද ඌගේ පැත්තට කතා කරන ගොන්නු. ඇත්තටම මුන් රෙන්නේ ගොමද දන්නේ නෑ..

      Delete
  5. //දරුවෝ යනු දරුවෝය. වැඩිහිටියෝ නොවේ.//
    මේ වාක්‍යයෙන් කිව යුතු සියල්ල කියා තියෙනවා....

    දැක්කම රෝස මලක් වගේ ළමයෙක් :( ලියුම කියෙව්වම මට හැඟුණු දෙයක් නම්, තාත්තගේ ප්‍රශ්නත් ළමයා ඔළුවට අරං කියන එක. එයාගේ ළමා මනස ඒ ගෙදර ප්‍රශ්න වලින් බර වෙලා තියෙද්දී ඉස්කොලේදීත් අරම දෙයක් උනාම කඩා වැටෙන එක තේරුම් ගන්න පුළුවනි. ඉස්කෝලේ කවුන්සිලර්ත් දැනන් හිටියලු ළමයා විශාදයෙන් පෙලෙනවා කියලා. එතකොට එහෙම දැනන් ඉඳිද්දී ද අරම බැනල තියෙන්නේ?
    අනිත් එක ඔය කාලේදී කොල්ලෙක් එක යාලු වෙන්නේ 'වෙසඟනන්' ද? මළ විකාර. ඔය කාලෙට තමයි වැඩියෙන්ම වැඩිහිටියෝ ළමයි එක්ක සමීප වෙන්න ඕන. ප්‍රවේසම් වෙන හැටි ආදරෙන් කියා දෙන්න වැඩිහිටියන්ට පුළුවන් වෙන්න ඕන.

    දිවි හානි කර ගැනීම සාධාරණීකරණය කරනවා නෙමෙයි, ඒත් නොතේරෙන වයසක, විශාදයෙන් පෙලෙන ළමයෙක් ගේ මානසිකත්වය ගැන, ළමයාට බනින මිනිස්සු පොඩ්ඩක් හිතල බැලුවොත් හොඳයි. අපිව ජීවත් කරන්නේ බලාපොරොත්තු. ඒවා නැතිඋන දවසට අපිටත් මොනවා හිතේවිද කව්ද දන්නේ?

    ReplyDelete
    Replies
    1. ප්‍රින්සිපල් විතරක් නෙමෙයි මේ කේලම් කියපු ගුරුවරුන්ට පවා අර සාමාන්‍ය ජනතාව කියනවා වගේ වස් වදිනවා..

      Delete
  6. // දරුවෝ යනු දරුවෝය. වැඩිහිටියෝ නොවේ.// අනේ මාතලන් ඒ ලිපිය මාත් කියවුවේ අද ,, අපේ මිනිස්සු ,
    ඉස්කෝලේ යන ළමයි පවා ///දැන් සම හරක් කතා කරන්නේ, මේ දැරිවිය මෝඩ වැඩක් කර ගත් බවත්, ගුරුවරුන් දඬුවම් කරනා බවත්, ඔවුන්ද එසේ දඬුවම් විඳ ඇති බවත්, ඒ නිසා මෙය අළුත් දෙයක් නොවනා බවත්ය. /// මේ ටික කියනවා ,, ඇත්තටම මේවට වචන නැතිය.. මේකට පියවරක් ගන්නවා වගේම ඉදිරියට මේ වගේ දේවල් නොවෙන්න යම් විදියක දැනුවත් කිරීමක් වෙන්න ඕනේ,,

    පොදුවේ විදුහල්පතිවරු ,ගුරුවරු කියන මේ රටේ අනාගතය බාරගන්න ඉන්න ළමයින්ගේ ඇස් පාදන අයගේ ඇස් පාදලා ඉන්න ඕනේ,, රාජ්‍ය මට්ටමින් ඒ මිනිස්සුන්ගේ ඔළු වල‍ට අලුතෙන් යමක් දෙන්න ඕනේ,, හරිම කනගාටු දායකයි .. මහලොකුවට නැණසල් දානවා ,,

    ReplyDelete
    Replies
    1. කියන්නේ එකක්... කොරන්නේ එකක්.. මහා ළොකු තාක්ෂණය ගැන, සාක්ෂරතාවය ගැන පොර ටෝක් දෙනවා.. ඒ උනාට මුන් අකුරු කියවන්න පුළුවන් ගල් වැද්දෝ..

      Delete
  7. අනේ මන්ද ...මේ දරුවා මලා...
    තවත් කියවන එක නම් මම කැමතිම නැති දෙයක්...

    ReplyDelete
    Replies
    1. එහෙම කොහොමෙයි!

      Delete
    2. ඇයි...මම කියපු එක අවුල්ද...?
      එහෙනම් කියවපන් මචන්....

      Delete
    3. කියවනවා තමයි. ඇයි බොට අවුල්ද?

      Delete
    4. කැමති නෑ කියලා නිහඬව හිටියොත් මුන් වීරයෝ වෙනවා. එහෙම වීරයෙක් කරගන්න දඟලන පිරිසකුත් ඉන්නවා.. මේ විරෝධය ඒ කාළකන්නින්ට එරෙහිවයි..

      Delete
  8. මාතලන් මේ ප්‍රශ්නෙදි පේන විදිහට විදුහල්පති වැරදියි.ඒත් දෙමව්පියන්ගේ අතෙත් වැරැදි ගොඩක් තියෙනවා.ළමයෙක්ට තමුන්ට වෙච්ච සිද්දියක් ගෙදර ඇවිල්ලා කියන්ඩ බැරි මොකක් හරි දුරස්ථ බවක් තිබුණේ නැතිනම් මේ ළමයා නොකියා ඉන්නේ නෑනේ.
    අනිත් කරුණ තමයි මේ වගේ ප්‍රශ්නයක් ගැන කතිකාවතක් ගොඩ නගද්දි සෑහෙන්න පරිස්සම් වෙන්ඩ ඕනේ.මොකද මේකෙන් අනිත් ළමයින්ට යන්නේ වැරදි ආදර්ශයක්.සියදිවි නසා ගැනීම වීර ක්‍රියාවක්, මේ වගේ ප්‍රශ්නවලට තියෙන එක් විසඳුමක් වගේම ප්‍රින්සිපල්ගෙන පළිගන්ඩ තියෙන හොඳ ක්‍රමයක් කියන එක ළමයින්ගේ ඔළුවට යනවා මිසක් ප්‍රින්සිපල්ගේ මෙතන නොමනා හැසිරීම ගැන ඔවුන්ගේ ඔළුවට යන්නේ නෑ.ඒ නිසා මේකෙදි සමාජය ප්‍රතික්‍රියා දක්වන විදිහ අනුව ඉස්සරහට තවත් ළමයි මීටත් වඩා පුංචි දේවල්වලට සියදිවි නසා ගනීවි.

    ReplyDelete
    Replies
    1. එහෙම සිසු දරු දැරියන් දැණුවත් කරන්න පත්කරලා ඉන්න පිරිස නේද මේ බූරූවන් වගේ හැසිරෙන්නේ.. මූ විදුලපතිවරයෙක්ද.. පිම්පියෙක්ද...?

      Delete
    2. @Dinukaමේ සිද්ධියේ බැරෑරුම් කම හරි කෝණයකින් දැක්කේ ඔබ විතරමයි මේ සිංහල බ්ලොග් අවකාශයේ..!!

      Delete
  9. ////Tutu Babi මොකටද අක්කේ. ඇත්තටම වැරදි සර් නෙවේ.
    3 minutes ago · Like

    කු වේ ණි නංගි ඔයා කියෝලා බලන්න ඒ ළමයා ලියලා තියෙන ලියුම .. මාත්ලන්ගේ බ්ලොග් එකේ කියෝලා බලන්න,, එතන ලිපි සේරම තියෙනවා
    2 minutes ago · Like

    Tutu Babi එයාගේ ටවුමෙම ඉන්න අපිට මොකටද අක්කේ බ්ලොග්... ඔහොමද ගුරුවරු බනින්නේ.තර්ක වැඩක් නෑ.. ඔතන තියෙන්නේ පලි ගැනීම.
    about a minute ago · Like/////

    ඔන්න fb එකේ ප්‍රතිචාර

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒකනේ එයාලට, "දරුවෝ.." කියන්නේ.. උන් දන්න දේවල් තමයි ඒ..

      Delete
    3. ඇත්ත මාතලන් ළමයි ,බාලයෝ ..ඒත් යකා නගිනවා මන් fb එකේ මේක ශෙයා කලාම ළමයින්ගේ කොමෙන්ට් දකිද්දී ,, උනුත් පව් ,,මේ කෙල්ලත් පව්,, කොටින්ම අපේ රටේ හැම එකාගෙම මොළ කාලා තියෙනෙන් .. මන් මෙදා ඇවිත් යනවා ආයේ නම් පස් පාගන්න හිතන්නේ නැහැ ෂීට්

      Delete
    4. ඔහේට මම කිව්වේ ඒකනේ.. මුන් බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ.. මුන් ගොන් තකතීරූ හරක්.. පස් පාගන්න නෙමෙයි, මේ වගේ කාළකන්නි ඉන්න රටක් දිහා බලන්නවත් එපා..

      Delete
    5. https://www.facebook.com/groups/219928821494248/284968898323573/?notif_t=like

      මගේ කොමෙන්ට් කිරීම අවසානයි

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. දැන් එතකොට ඔයා රට අතහැරලා යන්නේ රටට තියෙන ආදරේ වැඩි හින්දද?නැත්නම් තමන්ට ගානක් හොයා ගන්නද?

      Delete
    8. මම දන්නා විදියට ඇය රටට ගොඩක් ආදරය කල /කරන තැනැත්තියක්.
      රට කරවන බලු විදියට ඇයට එහි ජීවත්වීම එපා වෙලා ඇති.
      ඇයි..ඇනෝ..බොට අවුල්ද....?

      Delete
    9. අනේ නැහැ කෙන්ජි මට හරිම සන්තෝසයි.රටට තියෙන ආදරේ වැඩි හින්දම රට යන කෙනෙක් හින්ද.අර ප්‍රින්සිපලුත් කියල තියෙනව එයා රටට ආදරේ කෙනෙක් කියල.මිනිහත් නරක් වුනේ රට කරවන බලු විදිය හින්ද වෙන්න බැරිද?

      Delete
    10. mea balanna mea marunu dharuwata karana dea....

      https://www.facebook.com/mrpolsaman?fref=ts

      Delete
    11. @ AnonymousFebruary 11, 2014 at 10:23 PM
      ඌ නම් එක්තරා මානසික රෝගියෙක්.මං උගේ යාලුවෙක් නොවන නිසා උගේ ඒවාට කමෙන්ට් කරන්න විදියක් නෑ.ඌව යාලුවෙක් කරගන්න උවමනාවකුත් නෑ.

      Delete
    12. fb එකේ ඊයෙ සිද්ද උනේ මහ අවජාතකයෙක් කරන වැඩක්.
      එකෙක් මේ ළමයගෙ නමින් ආව නමුත් ඔය ඔහොම කියන ඔක්කොම එකතුවෙලා මේක රිපෝට් කරල මේ වෙනකොට ඒ ෆේක් ප්‍රොෆයිල් එක බ්ලොක් වෙලා තියෙනව.
      ඔයාලත් දන්නව ඇති ඒ දේ.
      fb එකේ අදහස මේ අයගෙ අදහස් වලින් කියවෙන්නෙ නෑ ඔමාය අක්කි.
      මීට විරුද්ධ අදහස් දරන අයත් ඉන්නව.
      ෆේක්,රියල් වෙනසක් නැතුව.

      Delete
  10. සමාජයක් නිසි පරිදි ක්‍රියාත්මක වන්නට නම් ඒ ඒ තත්වයන්ට අදාල සීමාවන් මායිම් නිවැරදිව තබාගන්න ඕනි.
    දැන් මෙතනත් මිට කලින් අවස්ථා කිහිපයකදිමත් පේන දෙයක් තමයි දරුවන්ව හික්මවීම කියන සීමාවෙන් එහාට යන ගුරුවරු යොවුන් දරුවන්ගේ ප්‍රේම සම්බන්ධතා අස්සට අතදාල බලන්න යනවා.
    දරුවෙක්ට වුනත් පුද්ගලික රාමුවක් තිබෙනවා. විශේසයෙන් යොවුන් වයසෙදි. එතනදි ඔවුන් කරන කියන හැමදේ පස්සෙම ගුරුවරු දුවන්න ඕන නැහැ.
    මොන ආකාරයකින් හරි පාසැලට පැමිණෙන දරුවා හැකිනම් යහ මාර්ගයට ගත යුතුයි. ඒ සඳහා උත්සාහ කල යුතුයි. හැබැයි එහෙම කරන්න ඕනි දරුවාගේ පුද්ගලිකත්වයත් ආත්ම ගරුත්වයත් ආරක්සා වෙන විදියට.
    මෙතනදි එක ප්‍රින්සිපල් එක්කෙනක් අයින් කරලාවැඩක් නැහැ. මේ වාගේ අවස්ථාවක ප්‍රින්සිපල් ලා අයින් කරන්න වගේම නැවතත් ඒ වගේ දේවල් සිදු නොවෙන්නත් වග බලාගන්න ඕන. ඒ වගේම නූතන ලෝකෙට හරියන දරුවෙක් හදන විදිය අලුත් විදියට හිතන්න ඕන දෙයක්. අවුරුදු විස්සක් ගෙවල් ඇතුලෙ තම්බ තම්බ තියං ඉන්න දරුවෙක් එකපාර ගාලෙන් ලිහුව හරකා වගේ මහා සමාජයට දාන්න ඉ්නන දෙමාපියන් තමයි බහුතරයක් ලංකාවෙ ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම කියවූ හොදම කමෙන්ටුව.

      Delete
    2. සහතික ඇත්ත.. අද දෙමව්පියන් හදන්නේ දරුවෝ නෙමෙයි. සිරකරුවන් පිරිසක්.. දරුණු අපරාධකාරයෙක් හිරෙන් නිදහස් වෙනවා වාගේ.. සමාජයට මුදා හරින්නේ. මුළු සමාජයටම වෛර කරනා පුද්ගලයෙක්.. සමහර විට මේ පින්ගොනාත් එසේ හැදි වැඩුන කෙනෙක් වීමට බොහෝ දුරට ඉඩ තියෙනවා..

      Delete
  11. මටමේ ගැන කියන්න විදිගක් නෑ දැන්
    සහෝදර.....

    ReplyDelete
    Replies
    1. අපේ රටේ මහ ලොවට කෑ ගැහුවට සමාජයේ යම් යම් පැති තියෙන්නෙ තවම ගෝත්‍රික අදහස් මෙකත් ඒ වගේ දෙයක් නිසා වෙච්ච දෙයක් ,වෙන කියන්න දෙයක් නම් නෑ මෙතන කමෙන්ට් කරන හැමොම මම හිතනවා අන්තර්ජාලය හා පරිහරණය ගැන යම් දැනිමක් ඇති එක මැදි පිලිවෙතෙන් දකින අය කියලා

      බොරුවට සම හරක් පොර වෙන්න අර කෙල්ලට බනින්නෙ කැපිලා පෙන්න වෙන්න ඇති .හදවතට අත තියලා අහන්න බලන්න අපිත් ඔය හැම සාමාජ් වෙබ් අඩවියක්ම පාහෙ පාවිච්චියට ගන්නවා අපිට කවුරුත් බැණලා තියෙනව ද ? එහෙම කරොත් අපිට කියලා කලකිරිමක් අනිවා එනවා ,එත් අපිට ගෙදරින් පිලිසරනක් තියේ නම් මුණ දෙන්න පුලුවන් වෙයි ,හැම පැත්තෙන්ම බැට කන කොට දැනෙනෙ මානසික පිඩනය කොයි වගෙ ද කියලා බලන්න ඕන ....
      දෙපැත්තේම අඩුපාඩු තියෙනවා අයේ මේ වගේ දෙවල් නොවෙන්න ක්‍රමයක් තමා ඕන ..

      එක්කො චිනේ වගේ කරන්න ඕන

      Delete
    2. මෙකත් අර පව් කාරයන්ට ගල් ගැසිම කතාව වගේ ...

      ..නිකන් ජිවිතයක් අහිමි වුණා

      Delete
    3. පිහියකින් රස අඹ ගෙඩියක් කපාගෙන කන්නත් පුළුවන්, මිනී මරන්නත් පුළුවන්..

      පිහි තහනම් කරලා හරියන්නේ නෑ..

      Delete
    4. කවුද දැන් මෙවා තහනම් කරන්න කිව්වෙ ??????????????????

      Delete
  12. මේ ළමයට ගෙදර ප්‍රශ්න තියෙන්නත් ඇති .
    .
    යාලු වෙලා උන්න කොල්ලා මෙයාව දාල යන්නත් ඇති.
    .
    ඉස්කෝලේ ගුරුවරු විදුහල් පති බයින්නත් ඇති.
    .
    එත් ඒ කිසිවක් සියදිවි හානි කරගැනීමට හේතු නොවේ.
    .
    අපේ වයසේ උන්න කොල්ලෙක් ඔය වගේ දෙයක් වෙලා වහ බිවුවා. එත් අන්තිමට කිවුවේ අනේ මව බේරගනිල්ලා මම කලේ මෝඩ වැඩක් කියලා.
    .
    මේ කෙල්ලගේ මානසිකත්වය හදන්න කවුරුත් උන්නේ නෑ.
    .
    මේ කෙල්ල මැරිලා ඉවරයි. එත් දෙවියන්ගේ නාමෙන් මේ කෙල්ල හරියි කියලා බුකියේ වීරවරියක් කරන්න එපා.
    .
    එක අනිත් අයට දෙන අන්රක ආදර්ශයක් .
    .
    අරයා බැන්නා මෙය ගැහුවා කියලා ලියුම් ලියල සාරි පොටේ එල්ලිලා මැරෙන ට්‍රෙන්ඩ් එකක් ඇති කරන්න එපා
    .
    මාද්‍ය මගින් මේ දේ ප්‍රචාරයක කරන එක නෙමෙයි වෙන්න ඕනා.
    .
    ආයේ මේ වගේ දේවල් නොවෙන්න ඉඩ නොතියන එකයි වෙන්න ඕනා.
    .
    බ්ලොග් වල බුකියේ පොස්ට් දැම්මා කියලා ඔය පිනාව්වත් ගුරු වරුවත් දකින්නේ නෑ.
    .
    නමුත් කොල්ල එක්ක තරහ වෙලා ඉන්න ගෙදර ප්‍රශ්න තියෙන ගුරු වරු එක්ක ප්‍රශ්න තියෙන තරුණ ළමයි විතරයි මේවා දකින්නේ.
    .
    තවත් මේ විදිහට තමන්ගේ බ්ලොග් ප්‍රසිද්ද අක්රන්න බුකියේ ලයික් ගන්න පොස්ට් දාපුවහම දැක්කේ අන්න ඒ ගොල්ලෝ.
    .
    හෙට දවසේ තවත් ඒ වගේ මරණ දකින්න ඕනනම් මේ කෙල්ල කරපු දේ සදරණය කරපල්ලා

    ReplyDelete
    Replies
    1. කොතනද මේක සාධාර්ණය කරලා තියෙන්නේ.. මොළේ ලේඩ තියෙනවනම්. කියවන්න ඉස්සර ඒවා සනීප කර ගෙන එන්න. එහම සනීප කරගෙන ඇවිත් කියවන්න..

      Delete
    2. එහෙම ලෙඩක් තිබ්බනම් බන් මමත් සාරියක් හොයා ගන්නවනේ.
      .
      මම ලියපු දේ නැවත නැවත කියවලා තෙරුන් ගත්තොත් හොදයි,
      .

      Delete
    3. //"අපේ කාලේ අපිට ප්‍රින්සිපල්, ගුරුවරු බැන්න හැටියට අපි මැරුණ නම් මෙළහකට දහ පාරක් මැරිලා, මැරිච්ච තැන්වල ගසුත් පැල වෙලා " කියන සෑහෙන බුද්ධිමත් කථාව ඉමහත් ආඩම්බරයෙන් කියනවා පේනවා කට්ටිය...

      මෙහෙමයිනේ... අර සිංහල කියමනකුත් තියෙනවනෙ "කප්පරක් ගූ කාපු එකාට පඩේ ගඳත් ගඳක්ද? " කියලා... අන්න ඒ කියමනෙන් ඔය ඉහත කථාව පැහැදිලි කරන්න පුලුවන්..

      මිනිහෙක් කකුල් වල ගෑවිච්ච මඩ ටැප් එකෙන් හෝදනව දැකල අඩි දෙකහමාරක් විතර ගැඹුරට හාරල, ගූයි, මැරිච්ච සත්තුයි, මඩයි ඔක්කොම පුරවන නරා වළේ ආතල් එකේ බැහැල "ජක, ජක " ගාලා මඩේ පෙරළි පෙරළි ඉන්න ඌරෙක් හිතුවලු "අනේ ඉතින් මේ මඩ ටිකට අරූ කකුල් දෙක වතුර පාරකටත් ඇල්ලුවනෙ අම්මපා" කියලා...

      ආයෙමත් කියන්න තියෙන්නෙ "නානත්ථ කායා - නානත්ථ සංඥා " කියන එක තමයි බං.. එක එක සිරුරු වල එක එක සංඥා... සමහරු වගේ නෙමෙයි සමහරු... එතකොට ඔය කොයි දරුවටත් ගැලපෙන විදියට කථා කරන්න තරම් දැනුමක්, ඉවසීමක්, ප්‍රඥාවක්, ඒ දරුවො හාර පන්දහක් බාර ගන්න මහ මිනිහට තියෙන්න ඕන.. එහෙම නැත්නම් ඒකා ඒ පුටුවට සුදුසු නැති පරපුටු වසලයෙක්...//

      - Damith Kethaka -
      (Facebook Post)

      Delete
    4. දුකා @ උබ වගේ එකෙක් මෙහෙමෙ කියද්දී හරිම කනගාටුයි බන් . ඒ වගේම fb එකේ කොමෙන්ට්

      Delete
    5. මාතලන්ට පෙර පිළිතුරක්,
      ඔව්, ගෙදර ප්‍රශ්න තියෙන්න ඇති. නමුත්, ඇයම කියා තිබෙනවා ඇයට වද දුන් මානසික ප්‍රශ්නය.
      *
      ඇති,
      *
      ඔබට ළමා කාලයක් තිබී නැහැ. නැතිනම් ළමා මනස තේරුම් ගත හැකි වේවි. සංවේදී ළමයින් අප අතර ඇත.
      *
      එක වරක් හෝ සිය දිවි හානි කර ගැනීමට නොසිතුන කෙනෙක් සොයා ගත හැකිද?
      *
      ඔව්.
      *
      ඔවු. ඇය මැරී අවසන්, එබැවින් ඇයව දෙවන වරට ඝාතනය නොකරමු.
      *
      දිවි නසා ගැනීම අනුමත කර නැහැ. පිනා හැසිරීම ද අනුමත කර නැහැ.
      *
      නැවතත්, දිවි නසා ගැනීමේ මෝඩ ක්‍රියාව අනුමත නොකරමි.
      *
      මේ සිද්ධිය දිවයින වාර්තා කළ අයුරින් ලිවීම ද හොඳ?
      *
      ඒ සඳහා අවශ්‍ය සමාජගතකිරීම සාකච්ඡාමය ස්වරූපයෙන් කිරීමට මෙවැනි පෝස්ටු වැදගත් ය.
      *
      මේ කියන පිනාවත්, ගුරුවරුවත් මේය නොදැක්කාට ගැටලුවක් නැත. අවශ්‍ය ගැටලුව සහෘදයින් සමඟ සාකච්ඡාවකට බඳුන් කිරීමටයි. අනික පිනා මෙය දකින්න විදිහක් නැහැ. ඔහු අන්තර්ජාලය දකින්නේ රකුසෙක් ලෙසයි. තොරතුරු තාක්ෂණය ගැන ඔහුගේ දැනුම කාමර උෂ්ණත්වයටත් වඩා අඩුයි.
      *
      සමාජයේ බොහෝ දෙනෙක් දකී.
      *
      හෙට දවසේත් සිදුවන සමාජ විෂමතා, දූෂණ, මරණ දෙස ඇස පියා සිටීමේ ආත්මාර්ථ බවක් අපට මෙන්ම මාතලන්ටත් නැතිය කියා සිතමි. හිට් ගන්න, ලයික් ගන්න අවශ්‍යනම් ඒ තාලයේ පෝස්ට් වර්ග බොහෝ තිබේ. මෙවැනි පෝස්ට් අවශ්‍ය වනුයේ එකී සිද්ධිය සමාජයේ විවාදයකට ලක් කිරීමටයි.
      *
      හෙට දවසේත් මෙවන් සිද්ධීන් වෙන්න ඉඩහැර ඇස වසාගමුද?
      විදුහල්පතිට මල් පුදමුද?
      සැප්තැම්බරයේ සිට පිනාලාට ලක්ෂ 1-1.5 බැඟින් තුටු පඬුරු දී ළමුන් පැසැලට දම්මවා, උන් මානසිකවත් පෙලමුද?

      Delete
    6. sajeewa jayarathneFebruary 11, 2014 at 5:44 AM
      ට පිළිතුරකි උඩ ඇත්තේ

      Delete
    7. ~අපේ වයසේ උන්න කොල්ලෙක් ඔය වගේ දෙයක් වෙලා වහ බිවුවා. එත් අන්තිමට කිවුවේ අනේ මව බේරගනිල්ලා මම කලේ මෝඩ වැඩක් කියලා.~

      ගෑනුන්ට ගෑනු කියන්නේ මොකද කියලා මම තාම කල්පනා කරනවා...

      ~තවත් මේ විදිහට තමන්ගේ බ්ලොග් ප්‍රසිද්ද අක්රන්න බුකියේ ලයික් ගන්න පොස්ට් දාපුවහම දැක්කේ අන්න ඒ ගොල්ලෝ.~

      ඕක වෙන විදියකට කිව්වොත් ... ඒකිව වීරවරියක් කරලා, තවත් දරුවෙකුට අසාදාරණ පීඩනයක් එල්ල කරන්න කලින් ගුරුවරුන් නැවත වතාවක් සිතන තත්වෙකට පත් කරොත්...එතකොට....



      Delete
    8. මම හිතන්නේ අපි මේක ප්‍රශ්න දෙකක් විදිහට තේරුම් ගත යුතුයි.

      1. විදුහල්පතිගේ ක්‍රියාකලාපය - සියළුම වාර්තා වලින් කියවෙන්නේ ඔහුගේ ක්‍රියකලාපය වැරදි බවයි.

      1.1 තමන්ට දැනගැනීමට ලැබුණු කරුණු කීපයක් පිළිබඳ වැඩිදුර කරුණු නොසෙවීම.
      1.2 කරුණු නොසොයා ශිෂ්‍යාවකට අසභ්‍ය වදනින් බැණවැදීම / පහරදීමක් ගැනත් කියවෙනවා.
      1.3 තරුණ වයසේ ළමයින්ගේ ප්‍රශ්න / ජීවන රටාව ගැන ඇති අනවබෝධය.
      1.4 දැරියගේ මරණයෙන් පසු, පාසල අවමංගල්‍ය කටයුතුවලට සහභාගී වීමෙන් වැලක්වීම.

      මම දකින විදිහට ළමයා මිය යාම සම්බන්ධයෙන් සෘජු වගකීමක් විදුහල්පතිවරයාට පැටවෙන්නේ නෑ. ළමයා මිය නොගියත් ඉහත දෙවෙනි කාරණය යටතේ ඔහුගේ හැසිරීම විභාග කලයුතු වෙනවා. පළවෙනි කාරණය පුද්ගලික දුර්වලතාවයක්, තුන්වෙනි කරුණ පොදු ප්‍රශ්නයක්.

      2. දැරිය සියදිවි නසාගැනීම - මෙහි බරපතල ප්‍රශ්නය මෙයයි. ඇයි ඇය එහෙම කරන්න ඇත්තේ?

      2.1 නොකල වැරැද්දකට නින්දා අපහාස / දඬුවම් ලැබීම නිසා ඇති වූ සිත් තැවුල
      2.2 ප්‍රශ්නය ගැන කතාබහ කිරීමට කෙනෙක් නොසිටීම
      2.3 ඇය පෙළුණා යැයි කියන මානසික තත්වය
      2.4 ඇගේ පවුලෙන් නිසි රැකවරණය නොලැබීම (මව වෙන්වී සිටීම, සහ පියාගේ ප්‍රශ්න)

      අද ලෝකයේ ළමයින්ව පෙලන මානසික ප්‍රශ්න මේ මේ යැයි නම් කර ඒ සියල්ල වැලැක්වීමට අපට හැකිද? දියුණු රටවලත් මේ ළමා සියදිවි නසා ගැනීම දක්නට ලැබෙනවා. ළමයින්, දෙමාපියන්, ගුරුවරුන් අතර අවබෝධය වැඩි කිරීමට ක්‍රියා කරන අතරම, ළමයාව මානසිකව ශක්තිමත් කරන, ඕනෑම ප්‍රශ්නයකදී උදව් ඇති බව ඔවුන්ට ඇඟවෙන වැඩපිලිවෙලක් ද අවශ්‍යයි. සියදිවි නසාගැනීමට අද හේතුව විදුහල්පතිවරයාගේ බැණ වැදීම වන විට, හෙට එය විභාග ප්‍රතිඵලයක් හෝ බිඳුණු පෙම් සබඳතාවක් විය හැකියි. වැඩිහිටියන් වෙනුවෙන් උපදේශන කොතරම් තිබෙනවාද, ලිංගික ගැටළු, පවුල් අවුල්, මානසික ආබාධ ආදිය වෙනුවෙන්. ළමයින් මෙවැනි වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙලක අවශ්‍යතාවය තමයි මම දකින්නේ.

      Delete
  13. මේ සම්බන්ද බ්ලොග් සටහන් කිහිපයක්ම කියෙවුවත් ඒ දැරිවිගෙ ලිපි තුන කියෙවුවෙ. මාත් මෙච්චර දවසක් හිටපු මතය වෙනස් උනේ ඒ ලිපි ටිකෙන්. කොහොම උනත් ඒ ලිපි ටිකෙන් තේරෙන දේ ඒ ළම‍යා සෑහෙන්න මානසික පීඩනයකින් සිටි බවයි.

    ප්‍රින්සිපල් ගැන කතා කරනවා නම් මූගෙ සහෝදර ප්‍රින්සිපල්ලට ලස්සන අම්මලාගෙන් ලිංගික අල්ලස් ගන්න හොදයි, තාත්තලාගෙන් අල්ලස් ගන්න හොදයි. මූටම බීලා ගමේ රවුම් ගහන්න හොදයි. අහිංසක කෙල්ලෙක් fb හිටියොත් ඒකි වේ*.

    එතකොට මට තියෙන එකම ප්‍රශ්ණෙ මේකයි fb යන උන් වේ*යො නම්. ඔය ප්‍රින්සිපල්ට කේළම කියපු ටීච‍ර් වේ*යො කරක් ගහන fb එකේ මොන මඟුලක්ද යකෝ කලේ.

    ReplyDelete
    Replies
    1. නෑ මෙකේ තියරි එක.. උන්ට හොඳයි.. අනික් උන්ට නරකයි කියන තියරියනේ.. හැම දේම උන්ට හොඳයි.. උන්ට ෆේස්බුක් යන්න හොඳයි, බොන්න හොඳයි, දරුවන්ට වේසී කියලා කතා කරන්න හොඳයි..

      Delete
  14. මේ රටේ ඉන්න දේශප්‍රේමී හරක්ට නම් එෆ් බී කියන්නේ නයාට අඳුකොළ වගේ. මගේ ගෙදර නම් ළමයට මම අන්තර් ජාලය භාවිතා කරන්න යම් නිදහසක් දීලයි තියන්නේ. ළමයි ඒ නිදහස පාවිච්චි කරන හැටි අපි නිරීක්ෂණය කරන්න ඕනෙ. ඒත් මෙහෙම උඩු බුරන්න මේ පිනාට කිසිම අයිතියක් නැහැ. මෙවැනි දෙවණි මරණය මේ, මේකට කලින් වි. වි. ශිෂ්‍යාවක් ගෙල වැලලා ගත්තා ඒත් වැලැක්විය හැකිව තිබූවක්. එහිත් අපරාධය වැලැක් වුයේ නැත්තේ ගුරුවරුන්. මෙහිත් මේකට වරදකරු ගුරුවරුන්.
    උපදේශනයේ අඩුව තමයි මම නම් දකින්නේ.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලා මුන්ව මොන්ටිසෝරියේ ඉඳන් ඉස්කෝලේ යවන්න ඕන. මැති අමතිවරු අධ්‍යක්ෂකවරුන්ගේ ඉඳලා..

      Delete
  15. අනිවාරයෙන් ඌව ගෙදර යවන්න ඕන..කොල්ලෙක්ට කණුහරපයක් කිව්වත් දරාගන්න පුලුවන්, ඒත් කෙල්ලෙක්ට ඒක දරාගන්න බෑනෙ , මූ මොන හිතකින් කෙල්ලෙක්ට වේසි කිව්වද මන්ද..මූ ළමයි නැති වදයෙක්ද දන්නෑ..

    ReplyDelete
    Replies
    1. මූව ගෙදර යැව්වේ නැත්නම් වෙන්නේ.. අනික් උනුත් මූ වගේම වෙනවා.. බය නැති වෙනවා..

      Delete
  16. මාතලන්ගෙ ලිපිය වගේම අර කියන වෛද්‍යවරියගෙ ලිපියත් කියෙව්වා.මට තිබෙන ප්‍රශ්නෙ මෙතනදි අවස්ථාවාදීන් පිරිසක් පාසල හා විදුහල්පතිවෙනුවෙන් පාරට බැසීම.ඒ වගේම මේ දැරිවිය වෙනුවෙන් කරපු උද්ගෝෂනයට ලැබුන දුර්වල ප්‍රතිචාර.කොහොමටත් සියදිවිනසාගැනීම අනුමත කරනවා වත් එය වීරත්වයට නංවනවාවත් නොවෙයි.නමුත් නරුම විදුහල්පතිවරු,ගුරුවරු ගැන මීට වඩා විරෝධයක් අවශ්‍යයි.

    මාතලන්ගෙ මේ අදහස හැමෝටම යළි සිහිකරන්න වටිනවා

    " දැන් සම හරක් කතා කරන්නේ, මේ දැරිවිය මෝඩ වැඩක් කර ගත් බවත්, ගුරුවරුන් දඬුවම් කරනා බවත්, ඔවුන්ද එසේ දඬුවම් විඳ ඇති බවත්, ඒ නිසා මෙය අළුත් දෙයක් නොවනා බවත්ය. ඒ බූරුවන්ට කිව යුතුව ඇත්තේ, තොපි කාළකන්නියන් කියා, නව පරපුරත් කාළකන්නියන් විය යුතුද කියා පමණි."

    ReplyDelete
    Replies
    1. මේ සමාජයේ නරුමයෝ වැඩියි.. හොඳ මිනිස්සු අඩුයි.. ඒකයි මේ රට මේ තරම් පිරිහිලා තියෙන්නේ.. සධාචාර වශයෙන්..

      Delete
    2. මේ සිද්ධියේදි ඔය විදුහල්පතියට රටේ සාමාන්‍ය ජනයාගෙන් ලොකු විරෝධයක් එල්ලවියයුතුව තිබෙනවා. නමුත් මම හිතන්නෙත් සාමාන්‍ය ජනයාගේ ප්‍රතිචාරයත් දුර්වලයි.

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
    Replies

    1. //එහෙම ගුරු වෘත්තියට ඇතුලත් වන බොහෝ දෙනා මේක කරන්නේ දරුවන්ගේ දෙනෙත් පෑදීමේ උතුම් අරමුනින් නෙමෙයි. කුමක් හෝ රක්ශාවක් කරලා මාසික වේතනයක් ලබාගන්න එකයි ඔවුන්ගේ අරමුණ. (මේ කියන්නෙ බහුතරය ගැන.) //

      මා දැක ඇති දෙයත් එයම බව කණගාටුවෙන් කියනවා
      සමහරු ටීචර් ල වෙන්නේ තමන්ගේ ළමයි ඉස්කෝලේ දාගෙන, දවල්ට ගෙදර එන්නත් පුළුවන් නිසා.

      Delete
    2. ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත බස්සි... ගුරුවරු /දෙමාපියො අපිටත් බැන්නා කොයි අපි දිවි නහ ගත්තෙ නෑනේ... කියලා වීර කතා කියන අත ලොස්සක් දෙනා දරුවන්ගේ හෝ පීඩනයෙන් පෙළෙන කෙනෙකුගේ මානසික මට්ටම නොදන්නා අයයි. ආයෙම මෙහෙම දේකුත් මතක් වුනා. ඇත්තටම දඬුවමක් හෝ බැනුමක් කරද්දී ඉන් පසු ඇතිවන ප්‍රතිඵල ගැන මේ අය පොඩ්ඩක් හිතුවනම්.... මේ දරුවා මේ නිසා හිත කම්පා කරගෙන බරපතල යමක් කර ගනීද ? කියන ප්‍රශ්නෙ මීට වඩා බැරෑරුම්ව හිතන්න ඕනේ කාලයක් මේක. !!!

      Delete
    3. සම්පූර්ණයෙන් එකඟයි.මට මතක් වෙන්නේ අපේ මහාචාර්ය කෙනෙක් කියපු කතාවක්.
      "ළමයි අන්තිමටම එන්නේ අනේ සර් වෙන මොකක්වත්ම නැත්තම් ටීචින් ජොබ් එකක්වත් හොයල දෙන්න කියාගෙන''

      තව දෙයක්..මේක තරුණ විද්‍යාපීඨ ගුරුවරයෙක් කිව්වේ....
      ''ආණ්ඩුව අපිට හඳට ඉර කියල උගන්නන්න කිව්වොත් අපි එහෙම කරනවා.''

      ඒ ඇයි?රස්සාව රැකගන්න.එහෙව් ගුරුවරුන් සිටිනා රටක මෙහෙව් දේවල් පුදුමයක් නොවේ.

      Delete
    4. මේ අදහසට 100% එකගයි.
      අද ඉන්නෙ ගොඩාක් ගුරුවරු ගුරුවරයෙක් වෙනවා කියලා හිනෙන්වත් හිතපු අය නෙමේ.ගොඩක් අය එක එක හේතු නිසා ඊට ඉහල රැකිය නොලැබි හැලුනු අය.එයාලට මුලු ජීවිතෙම මානසික ඇරියස් එකක් තියනවා.මේක ගොඩක් බලපාන්නේ උපාධිදාරි ගුරුවරුන්ට මට පේන හැටියට.
      ඒ අතින් ගත්තාම විද්ද්‍යා පිඨ ගුරුවරු මිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.එයාල ගොඩක් වෙලාවට ලමා සහ අධ්‍යාපන මනෝ විද්‍යාව ගැබුරින් හදාරලයි එන්නේ.අනිත් එක අවුරුදු 4ක් තිස්සේ එයාලව පුහුනු කරන්නේම ගුරු වෘතියට.
      අවාසනාවකට විදුහල්පති ලියලා පාස් වන බහුතරයක් අර උපාධිදාරී ගුරුවරු.විදුහල්පති වීමත් එයාලගේ අර මානසික ඇරියස් එක කවර් කර ගැනිමේ ප්‍රයත්නයක්.



      මොකද්ද මේ හැමෝම කතා කරන 'පාසැලේ ගෘරවය'.පාසැලකින් කරන්න ඕනේ වැරදි මාර්ගයේ යන දරුවන් නිසි මාර්ගයට ගැනිම.නැතිව ඉස්කොලෙට පදක්කම් ගේන දරුවෝ සහ හොන්ද ප්‍රතිපල ගේන දරුවෝ එක්ක ඉදිරියට ගිහින් පත්තරේ නම දා ගන්න එක නෙමේ.එක නොමග ගිය දරුවෙක්ට හරි පාර කියලා දෙන එක, අර කොහොමත් හරි මග යන්න දන්න, දෙමව්පියො පස්සෙන් ඉන්න දරුවෝ 100ක් බලා ගන්නවට වඩා වටිනවා.

      මම ලන්කාවේ ඉගෙනගෙන පිටරටක රස්සව කරන්නේ.මම අද ඉන්න තැනට එන්න ගුරුවරු ගොඩක් දෙවල් කලා.එ නිස මට ගුරුවරු ගැන කිසිම පුද්ගලික තරහක් නෑ.

      මම කලින් හිතුව මගෙ දරුවට ලන්කාවෙ සමහර ජාති මිස් වෙනවා කියලා.
      අනේ දෙවියනේ.. මේ ෆ්බ් තියන කොමෙන්ට් දැක්කාම අපේ මුලු රටම සමාජයම ගැන පුදුම කලකිරිමක් එන්නේ.මැරුනු දරුවා ගැන, ඒ දරුවගේ බලාපොරොත්තු ගැන කිසිම සන්වේදී කමක් නැතිද.අපේ සමාජය එකිනෙකගේ අයිතිය දන්නේ නැති, එකිනෙකට ගරු කරන්න ඩන්නේ නැති අසන්වේදී මිනිසුන්ගෙන් පිරිල.
      ගුරුවරු කියන්නෙත් මේකෙම තවත් පැතිකඩක් විතරඉ.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. මම මේ ලිපියේ, ඔමාගේ omageheena.blogspot.com.au මුනු පොතෙ කොමෙන්ට් කරලා තියන අඳ බාලයින්ට ගුරුවරයා කියන්නෙ කව්ද කියල දැන ගන්න "ගුරු ගීතය" කියවන්න කියන්නේ නෑ.

      ඒ වෙනුවට කියවන්න අපේ කාලයේ ගුරුවරු ලියලා තියන දේවල්

      1.වත් ලියන එයගෙ ගුරු ජීවිතේ ගැන
      sodurusitha.blogspot.com.au
      2.ජීවිතෙ මල් ලියන
      sansaare.blogspot.com.au/search/label/%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%9A
      3.සන්ජු ටිචර් ලියන
      sanjuishere.blogspot.com.au
      4.නෙරන්ජි ලියන
      neranji-sulakkana.blogspot.com.au/2014/02/237-title.html
      මම දන්නා පමනින් මේ කවුරුත් තාම අම්මලා නෙමේ.
      එත් අනුන්ගේ දරුවන්ගෙ දුකට ඒ හිත් හඩනට හැටි,දෙමව්පියන්ගෙන් නොලැබෙන සෙනෙහස කිසිම ලෝබකමක් නැතිව බෙදන හැටි.තමන්ගේ ජීවිතේ දහසක් ප්රශ්න අතරේ ඒ පුන්චි සිත්වල දුක බෙදා ගන්න හැටි.මෙන්න ගුරුමෑනිවරු.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. මම හිතන්නේ අද ගුරු විද්‍යාල කියන දේවල් ක්‍රියාත්මක වෙන්නේ නෑ.. ගුරු වෘත්තිය කියන්නේ දේශපාළණය වගේම නිසි සුදුසුකම් නැතිව., එක එකාට ගොට්ට අල්ලන, කළා උපාධියක් තියෙන උන්ට කිසි මහන්සියක් නැතිව ලැබෙන බඩේ බත් වැටෙන රස්සාවක් විතරයි.. රට කරවන උන් ජාතිය ගොඩ නගන්න හදන්නේ මෙහෙම ගුරු පරපුරක් එක්ක නම්.. ඒ ජාතියට සම්මා සම්බුදුන්ගේම සරණයි..

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. This comment has been removed by a blog administrator.

      Delete
    11. This comment has been removed by a blog administrator.

      Delete
    12. This comment has been removed by the author.

      Delete
    13. This comment has been removed by the author.

      Delete
    14. This comment has been removed by a blog administrator.

      Delete
  18. අප දැන් මේ සම්බන්දව කොතරම් කතා කලත් පලක් නැත අදාළ දැරිය මිය ගොසිනි.විදුහල්පති සේවයෙන් ඉවත් කලද ඉන් සිදුවන්නේ තාවකාලික ආතල් එකක් පමණි.ගුරුවරුන්ගෙන් බහුතරය මේ විදුහල්පතිගේ මානසික මට්ටමේය.80 -90 දශකයේ පාසල් ගිය එකෙකු වූ මා ගුරුවරුන්ගෙන් හරකෙකු මෙන් ගුටිකා ඇත.ගමේ ප්‍රාථමික පාසලේදී නම් මා ඇතුළු කොල්ලන් ගුටිකෑවේ වැඩිපුරම ගුරුවරුන්ගේ නිවෙස් වල ප්‍රශ්න වැනි අපට අදාළ නැති හේතු උඩය.ඔවුන්ගේ මානසික අසහනය පිටකලේ අසරණ කුඩා කොල්ලන්වූ අපෙනි.එකල අපේ දෙමව්පියන්ද මේ පහරදීම් ඉහලින්ම අනුමත කලෝය.එකල මේ වයසට ඔරොත්තු නොදුන් මේ ගුටි පුජාවට ලක්වූ මා ඇතුළු කොල්ලන් බොහෝදෙනෙකු එකිනෙකාට සපථ කරගත්තේ" කවදාහරි ලොකුවුනදාක මේකව මරණවා"යනුවෙනි.එකල අප අපේ වේදනාවන් දරාගත්තේ එලෙසින් මිස.දිවිනසා ගන්නට සිතමින් නොවේ.එසේම තවත් දෙයක් කිව යුතුය එකල පන්තියේ ගුටි කෑ සිසුන් අතිමහත් බහුතරය පසුකලෙක තම රැකියාව ලෙස තෝරා ගත්තේ හමුදා සේවය හෝ පොලිස් සේවය බව අත්දැකීමෙන් කියමි.වැඩිවිය පත්වූ පසු ගුරුවරු කෙරෙහි වූ දේවේශය මගේ සිතින් ඉවත්වුවද පසුකලෙක නිල ගිනි අවි කරුවෙකු වීමට මා පෙළබෙන්නට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ ළමාවියේ පාසලේදී විඳි ගැහැට නිසා වියයුතු යයි සිතමි. අද දරුවන් හැදෙන්නේ මල්මෙනි,අප එකල හැදුනේ ගස්යට ඉබේ පැලවෙන කොස් පැල මෙනි,සොයා බලන්නට හෝ සාත්තු කරන්නට කවුරුවත් සිටියේ නැත.අද ළමා අපචාර යනුවෙන් හඳුන් වන දේවල් අප කෙරෙහි ඕනා තරම් සිදුවිය.ඒවා අපට ජීවන අත්දැකීම් විය.මා නම් කියන්නේ අද දරුවන්ට නිවසේ සිටම ජීවිතයට ඔරොත්තු දීමේ ශක්තිය ලබා දියයුතු බවය.

    ReplyDelete
    Replies
    1. එතකොට දරුවන් ජීවිතයෙන් වැඩි කාලයක් ගෙවන අධ්‍යාපනය ලබන තැන හැදෙන්න ඕන නෑ.. අනෙක් කරුණ ඔබේ මුල්ම වැකියට මම එක හෙලා විරුද්දයි.. එහෙම නම් මේ රටේ කිසි දෙයක් ලියන්න කියන්න ඕන නෑ.. නිකන් රූකඩ වගේ උන්නහම් ඇති..

      Delete
  19. whats the use of finding out whos at fault now, we need to figure out how to prevent, there are two parties involved in this problem the girl and the principle,.
    The child = how to prevent another child doing the same stupid things, create a space for children to voice out their problems with their parents, give them strength to over come obstacles, make them understand that their life worths a billion times better than school , education or society to their parents,
    The principle= appoint people with an understanding of child phycology, create councelling panels at schools and give the head to young teachers,, as far as i know these units are already their bt not sure how effective they are,,,,,,,,,, we who grow up to be adults with out killing ourselves know how vulnarable we were when we were small but we didnt go to this extreme cz may be we had mental strenght , not every one has the same strenght,,, childen falling in love is nothin new, i first had feelings for a girl when i was 12,,,, it was normal as i understand now it was an act of hormonse and not love, bt those days i felt it was the most beautiful thing i have ever felt and my realtionship wit that girl will last forever,,,,,,, now my experince tells me otherwise, and im sure its the same wit all of us,,,, parents and teachers should not panic or react to these small love affairs, they just have to make sure that childern are nt given freedom to go to the next step of making out and the next step of having sex.....my mother tried to contoal my teenage love affair by blasting me off at tution classes when i was doing AL,,, the result , her son who got 10A's at OL got 3 F's for AL, and what ever happnd to me cant be undone and i dont regret any more, may b was stupid bt my parents didnt have an udnerstanding of the teenagers mind, same is with this girls parents... now lets stop arguing whoz at fault here and create a conversation in the society to prevent these unfortunate events.....

    ReplyDelete
    Replies
    1. This is a great comment... but, it would be better that if you can write the same thing in Sinhalese..

      මේකම හින්ගලෙනුත් ලිව්වා නම් තමා වටින්නේ.. මොකෝ මේ කාළකන්නින්ට ඉන්ගිරිසි බෑ.. බන්ඩාරණායකයගේ රෙද්දේ විප්ලවේ නිසා.. සිංහලයටයි දෙමළටයි දෙන්නටම ඉන්ගිරිසියෙන් ඉගෙන ගන්න එක නැති කලා.. මේ වියසනයන්ට ප්‍රධාන හේතුවත් ඒකයි. කලසන් ෂර්ට් ඇන්දට ටයි දැම්මට.. ගල් යුගයටත් කලින් හෙළුවෙන් හිටපු ගල් වැද්දෝ වැඩි පිරිස..

      Delete
    2. මෙතන උපදේශන සේවා ගැන සඳහනක් තියෙන නිසා යමක් කියන්න හිතුන.
      පාසල් කීයක ඔහොම උපදේශන සේවා තියෙනවද කියල මං නම් දන්නේ නැහැ.
      හුඟක් පාසල් වල සිසුන්ගේ ප්‍රශ්න යොමු කරන්නේ විනය භාර අචාර්ය කියන කෙනාට.එතන ඉන්නේ බොහෝ විට මාර දුතිකාවක් වගේ ගුරුවරියක්.ඉතිං කිසිම ළමයෙක් තමුන්ගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ නැහැ.
      උපදේශන සේවා පිහිටුවන්න පෙර අවම වශයෙන් ළමුන්ගේ ප්‍රශ්න සාකච්චා කරන්න කාරුණික ගුරුවරියක්/ගුරුවරයෙක් යොදන්න පුලුවන්නම්........

      Delete
    3. Mr.mathalan, I tried to write in sinhala but i cant figure out how to do it, unicodes are greek to me and google translater also i cant figure out certain letters, i saw a similarity in my comment and that doctors one u hv quoted above,,, and lot of people look at these incidents with anger and frustration which helps no one, we as a nation are very good in accusing people , pointing fingers and are very keen on finding out whoz wrong and after that all the buzz is gone and the loss of the died one is only felt to the parents, children wont make these stupid decisions if they know how hard it is to bring up a child, how hard it is to bring food to the table every day,,,, children should learn life is nt easy and when they do they will value it

      Delete
    4. @ano, yeah we also had the same problem ,we also feared the vicious teacher who was in charge of discipline , i was at gampaha bandaranayake,,,,, but im nt talkin abt the displince, im talkin about child counseling , the discipline teachers duties were to see whether we had hair gel on, to punish who ever comes late, and catch students who roam around the gamapaha city,,, child counseling must be about lending an ear to a kid who doesnt has any one to talk about their problems, when a person is between a child and an adult there are lot of changes happening phycially and emotionally and kids dont have any one to turn for phycical changes boys wat we do is we turn to porn and learn all about sex,,,,, and mental changes i dont know how we over came those bt we survived

      Delete
    5. මං කියපු එක වැරදියට අරන් වගේ....

      මං කිව්වේ පාසල් වල උපදේශන සේවාවක් නැති නිසා,උපදේශනයකට යොමුවිය යුතු ළමයින්ගේ ප්‍රශ්නත් විනය භාර ගුරුවරයටම යොමු කිරීම ගැන.

      අපේ පාසලෙත් සිදුවුනේ ඒක.ඒ ක්‍රමය වැරදියි.ළමයින්ගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දීමට අවම වශයෙන් කාරුණික ගුරුවරයෙක් යොදවන්න.මං කියන්නේ ඒකයි.

      ලිංගික අධ්‍යාපනය ගැන නම් කතා කරලා වැඩක් නැහැ.මං මේ කොහේ හරි දැක්ක,වැඩිවියට පත්වෙන ගැහැණු ළමයින්ගෙන් 14%කට ඒ ගැන කිසිම අවබෝධයක් නැති බවට සඳහනක්.

      අපිට අටේ පන්තියේදී තිබුණ ප්‍රජනන සෞඛ්‍ය පාඩම අත ඇරලා දැම්ම.ඒ ලෙවල් බයෝ වලටත් නිකම්ම නිකං පද්ධති ටික විතරක් ඉගැන්නුවා.
      ඉතිං ළමයෙක් තමුන්ට සිද්ධවෙන කායික මානසික වෙනස් කම ගැන ඉගෙන ගන්නේ කොහෙන්ද?අවිධිමත් විධියට දැනුම ලබාගන්න ගිහින් කොහෙන් නතර වෙයිද?
      මේවා ගැන කතා කරන්න නම් ඕනෑ තරම් දේ තියෙනවා....

      Delete
    6. මුට සින්ගල කියවන්න පුළුවන් ලියන්න බැහැ

      Delete
  20. //මට පෙනෙනා ආකාරයට මේ කාළකන්නියා. ලිංගික විකෘතිතාවයකින් පෙලෙන රෝගියකු බව ඉස්තිරය. මන්ද මේ දැරිය ඉතා පියකරු දැරියක් බව ඇයගේ ඡායාරුප බැලු විට ඔබටද පෙනී යනවා ඇත. මෙවන් ලෙඩුන්ට, රුවැති ළඳුන් සියල්ලෝම වේසියන්ය. //

    +++++++++++++++++++


    මේ ගැන සුජීව කොකාවලත් ලියා තිබ්බ.මේ තියෙන්නෙ ඒක.

    අපි මේ ඒ ළමය කල දේ සාධාරනීකරනය කරන්න හෝ ඒකට අනුකම්පාව දකවල තව කෙනෙක් පොළබවන්න ඉඩ තියන එක වැරදියි.

    ඒත් එහෙම කියල අර "පොන්න පිනා " කල දේ අමතක කරන්න යන එක ඊට වඩා වැරදියි.

    ඒත් අවාසනාවට අපි ඉන්නෙ වෙඩිකාල මල එකා වැරදිකාරය වෙල වෙඩි තියපු එකා බේරෙන ආශ්චර්යමත් රටකනෙ! ඒ නිසා මෙතනදි වෙන්නෙත් වැරැද්ද එෆ්බී එකයි, අර කෙල්ලයි ඒකිගෙ අසරණ තාත්තයි, මොනා හරි හේතුවකට පවුලෙන් අයින් උන අම්මයි පිට ගිහින් "පිනා" ගොඩ යන එක තමයි.

    උඹ කිව්ව වගේ මේ ලෝකෙ කිසිම තාත්තෙකුට කියවන්න නොලැබිය යුතු ලියුමක් ඒ.

    ඒ වගේම තමයි "මටත් ගැහුව, අපේ ගුරුවරුත් ඔහොමයි" කියන උන්ගෙන් අහන්න ඕන

    "උඹෙ අම්ම නැතුව ගෑණු දරුවො දෙන්නෙක් එක්ක ජීවිතේ බර අදින තනි තාත්තෙක් විතරක් උන්නු පවුලකද?

    උඹටත් ප්‍රින්සිපල් සෙනග මැද්දෙ නිතර "පොන්නය, වේසි" වගේ කතා, නැත්තන් උඹලගෙ අම්මගෙ වේස ගති, තාත්තගෙ පොන්න ගති තමයි උඹලටත් ඔය තීත්නෙ වගේ කතා කිව්වද?"

    ඒ තියා ගෙදර වැඩක් කරන් එන්න බැරි උනාමත් වේවැල් පාර දෙද්දි ඒ කාලෙ උඹල ටීචර්ට "අනේ මාව හදා ගන්නනෙ මේ ගහන්නෙ කියල මත්‍රිය වැඩුවද නැත්තං "මේ වේසි මට හැමදාම ගහනව මේකිව බස් එහෙකවත් හැප්පිය බැල්ලි" කියල හිතෙන් බැන්නද?

    මෙව්වට උත්තරය තමන්ගෙම්ම අහල හිතට එකඟව හිතන්න ඒ අහිංසක කෙල්ලගෙ පැත්තෙ තත්වය. අපි ඉස්කෝලෙ යනකොට අපිට ගැහුව (මටනං ඊට වඩ එහා ගිය දරුණු දඬුවමකුත් හම්බ උනා. ඒත් අම්මයි තාත්තයි, අනෙක් සහෝදරියො ගොනකුයි හිටිය අපිව හරි පාරෙ තියාගෙන වැටෙන්න නොදී ගෙනියන්න) ඒ හැරෙන හැරෙන පැත්තට ගුටි ගහපු, මූ හදන්න බැරි එකෙක් කියල හංවඩු ගහපු ගුරාල "අපිව තේරුන් නොගත්ත බූරුවො" කියන එක තාම හිතේ තීනව වගෙම අවශ්‍ය වෙලාවට ගුටි දීල ඒත් යම් හොඳක් කරාම ඒක අගය කරපු, අපේ යම් දක්ෂතාවන් අඳුනගත්තු ඒ මගින් අපි මේ ඉන්න තත්වෙට ගේන්න උදව් උනු අල්පයක් උන "ගුරු දෙවිවරු" අදටත් බැතියෙන් සිහි කරනව.

    ගුරෙක් නෙමෙයි අම්ම අප්ප උනත් වැරැද්දක් කලාම ඕක වරදියි කියල කෙලින් කියන්න කොන්ද පන නැති අම්මගෙ රෙද්දෙ ගෞරවේ රකින,ඉස්පිරිතාලෙ මල මිනී එක්කත් හැමිනෙන උතුම් ජාතියක පොන්න රැලක් ඉන්න රටක් නිසා තමයි මාල දිවයිනේ ඉඳලම උන් අපිට ඇරල යන්නෙ හතර කොනෙන්ම.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බන් කතා කරලා.. ළොකේ ඕනම දෙයක් හොඳ නරක හැම එකා අතටම පත් වෙනවා.. අන්තර්ජාලය උනත් එහෙමයි..

      Delete
  21. අපේ රටේ ඉන්න බහුතරයක් විදුහල්පතිවරු සහ ඊට ඉහළ තනතුරු වල ඉන්න බොහෝ අයගේ සිතීමේ සහ ඇහුම්කන් දීමේ හැකියාව ඉතා අඩුයි. ගුරුවරියක් විදියට මා මෙය හොඳින් අත් දැක තිබෙනවා. මා එක් කොළඹ පාසැලක සේවය කරද්දී ඒ පාසලේ ඉඩමටම තිබුනේ එක ගසයි. හොදින් අතු විහිදුනු අඹ් ගසක්. අළුතෙන් පත් වී ආ විදුහල්පති තුමිය මුලින්මකළේ ඒ ගස කපා දැමිමයි. මොවුන් දරුවන්ගේද තරුණ ගුරුවරුන්ගේද ආධ්‍යාත්මය මොටකරන්නේද මේඅයුරින්මයි.

    ReplyDelete
    Replies
    1. ඒ කරපු අපරාදය දරුවන් කීප දෙනෙක් විනාෂ කලා හා සමානයි..

      Delete
  22. මාතලන් , ස්තූතියි බ්ලොග් සින්ඩියට ඇතුල් කරලා මගේ ලිපිය පැසසීම ගැන. නමුත් මගේ මේ අදහසට වැඩිහිටි සමහරුන්ගෙන්නම් ලැබුනේ දරුවන් ගේ ජීවිත ගැන තීරණය ගන්න දෙමාපියන්ට අයිතියක් තිබිය යුතුයි කියලා. දරුවන්ගේ ලෝකය විශාල වෙච්චි නිසා සිදුවුනු වෙනස්කම් , දරුවන් සහ දෙමාපිය සම්බන්දතාවයේ සිදුවුනු වෙනස්කම් නොතේරෙන තරම්. මේ පළමු සිදුවීම නෙමෙයි. මේ මාධ්‍යය හමුවේ එළියට ආපු තවත් සිදුවීමක්. නමුත් දිවි හානි කරගන්න ගිහින් බේරෙන බේර ගන්න , මනෝවෛද්‍ය උපදේශනයට ලක් වෙන ළමයි ප්‍රමාණය කොච්චරක්ද ? ඇයි ඒවා මාධ්‍යයෙන් එළියට නො එන්නේ... මේ ප්‍රශ්ණෙ බරපතලම තැනට ගියාමද සැලකිල්ලක් දක්වන්න හැමෝම යුහුසුළු වෙන්නේ... ?

    ReplyDelete
    Replies
    1. ප්‍රධානම වැරැද්ද. වැඩිහිටියන් පොඩිහිටියන් මෙන් හැසිරීමයි.. ලැජ්ජාවට කරුණ මේ දෙමාපියන් අපේ සම වයසේ උන්ම වීමයි..

      Delete
  23. පිනා නම් ගොං වස්සෙක් බව ඉතාම පැහැදිලියි..හමුදා පුහුණුව ලබපු විදුහල්පති ගොනෙක් කියලා කියනවා නොවැ....තමන්ට තාක්ෂණික දැනුම නැති නම් ඒ ගැන දන්න කෙනෙකුගෙන් අදහස් විමසන්න තිබුනා...ඒ ළමයා දාපු ඡායාරූපයක් නෙමෙයි මේ පේන්නෙ කියන දේ තේරුම් ගන්න මේ හරකට මොලයක් තිබිලා නෑ...මට නම් හරිම කේන්තියි මෙහෙම මිනිස්සු එක්ක. හැමදේම තමා දන්නවා කියලා හිතන එවුන්.....ගුරුවරයෙක් ගුරුවරියක් දරුවෙකුගෙ දෙවැනි මව, පියා වගේ ඒ අයගෙ ජීවිතය ආලෝකමත් කරන්න දායක විය යුතුයි....නැතුව මේ පිනා වගේ ප්‍රසිද්ධියේ වේසි කියලා බැනලා හරි යන්නෙ නෑ...මේ මැරුනේ මගේ නංගි නම්...මේ වෙද්දිත් පිනාව මම පොළව යටට යවලා....

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම තමයි හිතුනේ.. නමුත් ඌ වගේ තිරිසනුන් වෙන්න අපිට බෑ නේ.. ඒත් දත් තුන හතරක් හරි ගලවනවා... නොමිලේම..

      Delete
    2. අපේ පැත්තෙ ලගකදී දැක්කෙ නැත්තෙ මක්කැයි...

      Delete
  24. බරපතල සමාජ ඛේදවාචකයක්. මේ සිද්ධියේ ගැටලු කීපයක්ම තියෙනවා

    1. මියගිය දරුවාගේ පවුල් පසුබිම සහ ඇය ජිවත්වූ පරිසරය.

    2. දරුවකුට නිසි මග කියා දෙන්න කිසිවකු නොමැතිවිම.

    3. පාසැල් අධ්‍යාපනය පොතපතට සිමා විම

    4. මෙවන් විදුහල්පති වරු පරිපාලනය හෝ ළමා මනස ගැන කිසිඳු අවබෝධයක් හෝ පුහුණුවක් නොමැතිව විවිධාකාරයෙන් පාසල් පරිපාලන තනතුරුවලට පත්විම.

    5. විදුහල් පතිවරයාට ෆේස් බුක් ගිනුමක් තිබේදැයි සොයා බැලිම සහ තිබේ නම් ඒ ගිනුම කුමන වර්ගයේ ගිනුමක් දැයි සෙවිම.

    6. සමාජ ජාල භාවිතය ගැන මීටවඩා ගුරුවරු දරුවන් මෙන්ම දෙමව්පියන්ද දැනුවත් කර මෙවන් ගැටලු අවම කර ගැනිමට පදනම් සකස් කිරීම.

    මෙන්න මේ කාරණා ඔස්සේ සිතා බැලිය යුත බව මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හැමෝම ඔහොම හිතනවනම් මොනවා කරන්න බැරිද දයා.. නොවෙන්නෙත් ඕකමනේ..

      Delete
  25. අනිත් කොන බ්ලොග් අඩවියට ගියා. ලිපිය කියෙව්වා.එකී ලිපිය ඉතා හොඳ, මැදහත්, විචාරශීලී ලිපියක් . නව යොවුන් දරුවන් සිටින පියකු ලෙස මා දන්නේ ඔවුන් පිලිබඳ ඉතා සංවේදී ලෙස කටයුතු කළ යුතු බවයි. එම වයසේ දැරියක් විශාදියෙන් පෙලෙනවානම් අතිශයින්ම සෙනෙහෙබර ගුරු දෙගුරු මැදහත්වීමක් ඕනෑමයි. එසේ කරන්නට බැරි අපේ මුළු සමාජයම නොදියුනුයි. පසුගාමියි.ඇය ලියා තිබ්බාය කියන ලිපිය කියවන විට මට නම් ඇසෙන්නේ මව් සෙනෙහස නොලැබීම නිසා කාගෙන් හෝ ආදරයක් ඇයද සිටි බොළඳ අසරණ දැරියකගේ පැමිණිල්ලක්, අවනඩුවක්. එය ඉදිරිපත් කර පලදායී විසඳුමක් ගන්නට මගක් ඇයට පෙනෙන්නේ නෑ. හිතුවක්කාර දුර්වල තීරණයක් ඇය ගන්නේ ඒ නිසා වන්නට පුළුවන්.මේ හේතු නිසා හා ඇය මානසික විශාදියෙනුත් පෙළුනාය කියන නිසා ඇය විසින් ලියා ඇති සියලු කරුණු සත්‍යයයි පිළිගන්නට මා ඉක්මන් වන්නේ නෑ . කෙසේ වෙතත් මේ සිද්දිය සම්බන්ද විශ්වාශනීය තොරතුරු ඇතුලත් වුනු විමර්ශනයක් මා දුටුවේ නෑ . අනිත් අතට facebook කතාව මෙහි අතුරු මාතෘකාවක් විතරයි.

    ReplyDelete
    Replies
    1. මට තියෙන දුක.. ළමා රක්ෂන අධිකාරිය, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටිනා සංවිධාන.. ඊනියා මානව හිමිකම් සංවිධාන මේ කිසිවෙක් මිට විරුද්ධව හඬක් නොනැගීම.. ඒ කියන්නේ උනුත් මේ පින්ගොනාගේ ක්‍රියාව අනුමත කරනවා කියන එකද...?

      Delete
  26. අපේ ඉස්කෝලෙත් ඔහොම නිරපරාදේ දඬුවම් දීමක් උනා මාතලන්..අපි 12 වසරේදි..ඇත්තටම ප්‍රින්සිපල්ගේ වැරැද්දක් නිසා 8 වසරෙන් උඩ හැමෝම එකා වගේ නැගී හිටියා.. ගුරුවරු බහුතරයක් අපිට ආශීර්වාද කලා.. ශිශ්‍ය නායකයෝ එලිපිටම ලීඩ් කලා..
    අපි ඉල්ලුවේ එකම දෙයයි..
    "" නි‍රපරාදේ අපිට දඬුවම් දෙන්න එපා කියන දේ..""
    හැබැයි අපිට සාධා‍රණයක් ඉෂ්ට වුනා මචං..අධ්‍යාපන කාර්‍යාලයෙ නිලදාරින් ඇවිත් ගුරුවරු එක්ක කතාකරලා ඇත්ත දැනගෙන අවවාද කලා, ප්‍රින්සිපල් වැරැද්ද පිලිඅරං නිවැරදි උනා.. අපි ආයෙත් ඉස්සර වාගෙම එතුමාට ගරු කලා ..!!!!
    නොහැදුනා නං ඕල්ඩ් බෝයිස් සෙට් එක පොරව හදනවා !!!
    හොඳ ආදර්ශයක් නොවුනත් මෙතනදි ඉස්කෝලෙ ශිෂ්‍යයන්ටත් යම් වගකීමක් තියනවා කියන්නයි මට උවමනා උනේ..දැන් දැන් ප්‍රිෆෙක්ට් බැජ් එකක් ගන්න ඔලුව නමාගෙන ඉන්න උන් වැඩි වෙලාදෝ කියල හිතෙනවා බං උඩ පන්තිවල කොල්ලො දැක්කම ..!!

    ReplyDelete
    Replies
    1. මුන්ට දෙන්න ඕන අර මර්වින් සිල්වා දෙන දඬුවම්.. අනේ අජ්ජාපන ඇමතියා ඌවත් උනා නම්..

      Delete
  27. ළමයව හොඳ ස්කෝලෙකට දාගන්න දතකන තරුණ අම්මලාව යට කර ගන්න හදන කොට ප්‍රින්සිපල් වේසිගෙ පුතෙක්....

    ප්‍රින්සිපල් කෙනෙක් සාදාරණ විදියට කටයුතු කරන්නේ නැතුව පොඩි කෙලි පැටික්කියක් දිවිනහ ගත්තම ප්‍රින්සිපල් බෝධිසත්වයෙක් අර මැරිච්ච අහිංසකි වේසියෙක්...

    ReplyDelete
    Replies
    1. එහෙව් කාළකන්නීන් පිරිසක් එක්ක නේ අපිත් ජීවත් වෙන්නේ..

      Delete
  28. ඔය පොඩි කෙල්ල කොල්ලෙක් එක්ක පිලුම් එකක් බලපු එකේ වැරැද්ද හරියට ටක්කෙට හෙව්ව.යකෝ රටක් පාලනය කොරන්ඩ ‍යවන උන් ගැනත් හොයල යවපියව්කො.එව්ව නෑ අර දහයෙ ඉදපු කෙල්ලව පට්ට ගහනව.අනික් උන්ගෙ පස්සෙ වැදගෙන යනව ලාබ ප්‍රයෝජන ගන්ට.‍රජා හරි මෙහෙව් උන්ට යවන්ඩ එපැයි සියලු සිදුරු වලට. . .

    ReplyDelete
    Replies
    1. කාටද බන් කියන්නේ මේවා.. හැම එකාම පොඩි එකාගෙන් තමයි පලිය ගන්නේ..

      Delete
  29. පිනාගේ හැසිරීම නම් අන්තිමයි මෙතන,,අනික් එක අද අපේ රටේ ස්කෝලෙ,ගෙදර කියලා වෙනසක් නෑ ළමයිට පුදුම පීඩනයක් දෙන්නේ,,මේ දිවිනසා ගැනීම් වලට ඒකත් හේතුවක්,,අද ගෙවල් වලිනුත් ළමයි ඇතිකිරීමක් කරන්නේ,උන්ට තේරුම් යන වයස එනකොට ඔලු විකාර වෙලා ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ සමාජයෙන් පලිගන්නවා.. බැරිනම් තමන්ගෙන් පලිය ගන්නවා.. ඒකයි මේ වෙන්නේ..

      Delete
  30. මේ හැම සිදුවීමක්ම තවත් එක් සිදුවීමක් ලෙස හුළඟේ ගසා ගෙන යැයි. ප්‍රින්සිපල්ලාට හමුදා පුහුණුව දෙන මෝල්ලු ඉන්න රටකට ඇයි බැරි විදුහල්පතිලාට ළමා මනස හා චර්යාවන් ගැන කියාදෙන වැඩසටහන් කරන්න. දරුවන්ටත් වැඩිහිටියන්ටත් ක්‍රමවත් කවුන්ස්ලින් සිස්ටම් එකක් වහාම සකස් විය යුතුයි. එහෙම තිබුනා නම් මෙවැනි සිදුවීමකට සියදිවි නසා ගැනීම වලක්වා ගන්න හැකි වෙනවා. අද පාලකයින්ට මේවා නිකම්ම නිකම් සිදුවීම් පමණයි. ජිනීවා විදුලිපුටු මාකට් කරකර ඉන්න එක සැපයි.
    සමහරක් විදුහල්පතිලා මෝල් ගස් ගිලපු උන්. ඒ වගේ එවුන් කාඩ්බෝඩ් කර්නල්ලා කරලා ඉස්කෝලවලට අත හැරියාම දරුවන්ට අබ සරණයි. මේ පළවෙනිත් නෙමේ අවසන් එකත් නෙමේ. මානව හිමිකම් කඩවීම ඉස්කෝලෙන් පටන් ගන්නේ දැන්. කාට කියන්නද?

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ඒ උනාට සමහරු කතා කරන්නේ මේවා හරියට අය වෙන්නේ නෑ වාගේ.

      Delete
    2. නිකන් ඉන්න පින් ගොන්නුන්ට, කර්නල් තනතුරු දීලා අං තට්ටුවකුත් දෙනවා.. ඌ ඊට පස්සේ වළං කඩේට රිගපු හරකා වගේ ඉස්කෝලේ ඉන්නේ..

      Delete
  31. මගේ අදහස නම් ඉතා පුළුල් උපදේශන සේවාවක් පාසල් මූලික කරගෙන ආරම්භ විය යුතුයි. ළමයින්ට ප්‍රශ්නයක් ඇති වූ විට බියක් සැකක් නැතිව කතා කරන්න පුළුවන් වෘත්තිකයන් පිරිසක් පුහුණු කල යුතුයි. මෙහෙම කියනකොටම මට හිතෙන්නේ, හැම දේම වගේ දූෂිත අපේ සමාජයේ සද්භාවයෙන් යුතුව මේ වගේ සේවාවක් පටන්ගනීමට ඉඩක් තියනවද කියන එකයි. ඒ වගේම වැදගත් දෙයක් තමයි දුරකතන helplines. තමන්ගේ ප්‍රශ්නයක් තව කෙනෙකු සමග මුහුණට මුහුණ කතා කිරීම මුලින් දුෂ්කර විය හැකි නිසා helplines ක්‍රමය අවශ්‍ය වෙනවා.

    මේ ගැන කල්පනා කරනකොට මට හිතෙන තව දෙයක් තමයි, අන්තර්ජාලය ගැන දැනුවත් පිරිසක් විදිහට අපිට පෞද්ගලිකව කරනන් පුළුවන් දේවල්. මෙවැනි නව යොවුන් වයසේ පසුවන දරු දැරියන් ඔබගේ නෑදෑයන්, හිත මිතුරන්, අසල්වාසීන් අතරත් ඇති. ඔවුන්ගේ දෙමාපියන් පිළිබඳවත් ඔබට යම් අවබෝධයක් ඇති. අන්තර්ජාලය, ෆේස්බුක්, ආදිය පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමට ඔබට යම් දෙයක් කල හැකියි නේද? මගුල්ගෙවල්, මළගෙවල්, දාන, මත්පැන් සාද වගේ පිරිස එක් රැස් වෙන අවස්ථාවක මේ වගේ මාතෘකාවක් ගැන කතා කලහැකියි නේද? බ්ලොග් ලියනවා, කොමෙන්ට් කරනවා සේම අපි මේ දේ ගැනත් අවධානය යොමු කලයුතුයි කියලා මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. හොද අදහසක් තිසර.

      Delete
    2. මොන උපදේශක සේවාද බන්.. අජ්ජාපනේ විකුනන් කන උන්ට අජ්ජාපනේ බාර දුන්නාම.. උන් ටියුෂන් පන්තිවල අමු තිත්ත කුණුහබ්බ කෙලින්නේ.. ටියුෂන් ගියපු හැම එකාම ඕක දන්නවනේ.. ඒවට නිසි ප්‍රමිතියක් නෑ.. ගුරුවරු සිසුන් සමඟ කුණුහබ්බ කියන ළෝකේ එකම රට මේක වෙන්න ඇති මයෙ හිතේ..

      Delete
    3. දැන් ඉන්න අධ්‍යාපන අැමතියා ටියුෂන් දෙන කාලේ දවසක් පන්තියේ ගැහැණු ලමයි සිටින පැත්තෙන් ෂ් ෂ් ෂ් ෂ් ෂ් ෂ්..............ශබ්දයක් අාවාලු. ඉතින් මූ ඒක පාරටම අැහැවළු,
      මොකද? චිච්චිය කසනවාද? කියල.
      ඒහෙව් ඒකා තමයි අද අධ්‍යාපන අැමති වෙලා ඉන්නෙ.
      මට මේ කතාව අහන්න ලැබුනෙ ඔය යකා දේශපාලනයට ඒන්නත් කලින්.

      Delete
  32. උඹ මෙම ලිපිය තේරුම් ගන්න පුළුවන් විදියට ලිව්ව එක හොදයි මචන්.
    ඔය වේස පිනාලට අර හමුදා රෙද්දකුත් දීල නිසා තවත් හිතට අරන් ඇති.
    අනිත් එක මචෝ...රටේ මාධ්‍ය වලින් ප්‍රශ්නයක් ආවම සිය දිවි නසා නොගෙන ඒවාට මුහුණ දෙන ආකාරයේ වැඩ සටහන් නිතරම කලයුතුයි.
    එක එක පචෝරිස් දෙස්පාලුවොයි කුණු ඩ්රාමයි නැතිව.
    නලාකාරයන්ටත් පුළුවන් ඔය ගැන කෙටි ඩ්‍රාම වගේ දේවල් ලස්සනට කරන්න.

    ReplyDelete
    Replies
    1. නලාකාරයොන්ට කොහෙද බන් ඒවට වෙලාවක්.. උන් හත්මුතුපරම්පරාවට හම්බ කරණවා.. නිලි රැජිනගේ ඉඳන් ඔක්කෝම නොම්මර එකේ වන්දිබට්ටයෝ..

      Delete
  33. //මා සිතා සිටියේ, මේ පිළිබඳව නොලියා සිටීමටයි//

    මාත් එසේමයි..

    යම් පිරිස් සමාජ වෙබ් අඩවි අවභාවිතා කිරීම වෙනම කරුනක්, එහෙත් ෆේස් බුක් යන හැම එකාම එකම මට්ටමට දැමීම මෝඩ වැඩක්. සුළු ප්‍රශ්න වලට සියදිවි නසා ගැනීමට තරම් පුංචි සිත් දරුනු කරල තියෙන්නෙ ඔය කාලකන්නිම තමයි. විභාගෙ ෆේල් වුනා කියල ලමයි මැරෙන්න හදන්නෙ ඔය කාලකන්නි නිසා.

    උන්ට දැනුම දෙන්නෝනි ඉස්සෙල්ලාම..

    ReplyDelete
    Replies
    1. උඹ කරලා තියෙන්නේ වරදක්.. උඹලා වගේ තරුණ උන් මේ ගැන හඬක් නගන්න ඕනමයි..

      Delete
  34. මම මේ ලිපිය ඊයේ ඉඳන් කියවනවා කොමෙන්ට් කියවනවා ...එත් ලියන්න දෙයක් හිතාගන්න බැ නමුත් ------ අපි ගමන් කරන්නේ "knowledge hub of Asia" ඉලක්කයට එතනට ළමයින්ව ගෙනියන්න හදන්නේ මේ වගේ ගුරුවරුද?...

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ප්‍රශ්ණෙම තිබුනා මචෝ.. ඒත් කීප දෙනෙකුගේ කාරුණික ඉල්ලීම අහක දාන්න බැරි උනා.. මම මේ සිද්දිය ගැන ඒ තරම් කළකිරිලා උන්නේ..

      Delete
  35. Retrait Principal est la vengeance. Résoudre la question sociale. Retrait Principale n'est pas la solution.

    ReplyDelete
  36. වරද කාගේදැයි චෝදනා කරනවාට වඩා ඊට උප්පත්තිය දුන් ස්තානය සොයා විනාශ කිරීම කලයුතුයැයි මට හැගේ...
    ඊට වඩා මේ ගැන කියන 1 තේරුමක් නැතැයි හැගේ

    ReplyDelete
    Replies
    1. ඕක තමයි කරුමේ.. මුල් තැන් හොයන්නේ නැතිව.. ක්‍රියාවට ප්‍රතික්‍රියා දැක්වීමයි මුලින් කල යුත්තේ.. පස්සේ පුළුවන් අග මුල් හොයන්න..

      Delete
  37. මටනං පේන විදියට ඉස්කෝල වල ඉන්න සෙට් එකයි, අධ්‍යාපන බලධාරයො ටිකයි ආපහු මොන්ටිසෝරියට යවල උගන්නගෙන එන්න වෙයි වගේ. හැබැයි ඉතිං උගන්නන්නෙ කවුද කියන එක තමයි ප්‍රශ්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකට අපි දේශකයා ව යෝජනා කරනවා.

      Delete
    2. හරියට හරි.. මගෙත් අදහස ඕකමයි..

      Delete
  38. තව දෙයක් තිබෙනව කියන්න.බෙබ් අඩවිවල බ්ලොග් අඩවිවල,ෆේස්බුක් වල මොනව තිබ්බත් බිම් මට්ටමේ ජනතාව හිතන විදියක් තිබෙනවා.අපි කතා කරන දේවල් වලට හාත්පසින්ම වෙනස් විදියට තමයි පොදු ජනතාව මේක දකින්නේ

    පාසල්වල පහරදීම තහනම් කර තිබුනත් එයත් අනුමත කරන බවයි මට නම් හිතෙන්නේ.පහර නොදීම ඔවුන් හෙළා දකිනවා.මම ඒ මාතෘකාව කතා කරන කොට හුගක් තනි වෙලා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. තනියෙන් හරි ෆයිට් කරන එක තමයි වීරත්වය කියන්නේ..

      Delete
  39. කියන්න දෙයක් නෑ අන්කල්.
    මං මේ සිදුවීමට සෑහෙන්න පෞද්ගලිකව දුක් උණා.
    වයස අවුරුදු තුනක් ඒ ළමයා මට වඩා බාල ඇති. ඒක ඒ තරමට දුරස් වයස් පරතරයක් නොවේ. මං දකින දේවල් එක්ක, ඒ ළමයාගේ ලිපිය ඇතුලේ ලියවුනු දේවල් සම්පූර්ණ ඇත්ත. ඒ දේවල් වලින් බැට කන දරුවෝ ඕනේ තරම් පාසල් පද්ධතිය තුල ජීවත් වෙනවා.

    මං දැනුයි මේ ලිපිය දැක්කේ. කලින් කියවීමට නොහැකිවීම ගැන මං කණගාටු වෙනවා.
    මොන දේ උනත් වෙනුෂිව දැන් බොහෝ දෙනා විකුණන් කනවා. උහුලන්න බැරි ඒ දේ විතරයි

    ReplyDelete
    Replies
    1. උඹේ ළිපිය නම් ඉස්තරන් පුතා.. මේ ඉන්න කාලකන්නින්ට වඩා උඹව ඉස්කෝලේන් අස් කරලා අජ්ජාපන ඇමති කම දුන්නත් පව් නෑ.. මහාචාර්යවරුත් පරාදයි උඹේ දැක්ම..

      Delete
  40. පිනාගේ නූගත් කමයි හීනමානයයි නිසා මේ දේ සිද්ද වුනා කියලයි මට නම් හිතෙන්නේ. අනෙක ඔය යකා සුදුසු කම් ඇතිව ආව එකෙක්ද ගොට්ට අල්ලලා ආව එකෙක්ද කවුද දන්නේ.

    ReplyDelete
    Replies
    1. පුදුමයි උඹ මේ කෙල්ලටත් වේසි නොකිව්ව එක..

      Delete
    2. හැමෝටම එකම කියන්න මට පිස්සු නැහැ මස්සිනා

      Delete
  41. අපි නොදන්න සර් ජෝන් සදාචාරය.
    සර් ජෝන් එකයි, කුරුණෑගල රාජකීය (රෝයල්) එකයි බිග් මැච් එක තියෙන දා බලන්න එපායැ මුන්ගේ උජාරුව. පාසැලේ ඔය කියන ගුරු හොරු බලා ගෙන ඉනකොටම උන් බීගෙන පාරවල් ගානේ කාලකන්නියෝ වාගේ වාහන අරන් යන හැටි බලපුවාම ජොනීගේ ඡන්ද පෙරහැර පරාදයි. උන්ගේ ලාන්චනය පාසැල් කොඩිය. සමහර උන් කොඩිය ඉනේ ඇඳගෙන ඉන්නේ. එදාට පිනාට හරි හිනා. පිනාට ඉතින් කොහොමත් වෙරිනේ.
    අම්බලමේ පිනා
    බෝතලයක් ගෙනා.
    එක බීපු ළමයි.
    එකට හරි හිනා.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ ගොනාගේ කෙරුවාව...

      Delete
  42. කළොත් ගුරු සේවේ
    සුවඳ පත මද නල සේවේ
    නොකර එම සේවේ,
    වැනුම කුකවි බස් කෙසේවේ.

    උපුටා ගැනීම සරත් විජේසූරිය මහතාගේ දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. කවියේ තෙරුමත් කිව්වා නම් තමා වටින්නේ...

      Delete
  43. මගේ දුව ඉන්නේ හෝඩියේ පන්තියේ. මිස්ට හරි ආදරෙයි එයාට හොඳ ඏමයා කිව්වා කියලා. මිස් සමහර ළමයින්ට ගැහුවා ලු පරක්කු වෙලා ආවා කියලා. හෝඩියේ පන්තියේ ඉන්න ළමයෙකුට පරක්කු වෙලා ආවා කියලා ගහලා දඬුවමින් ලැබෙන දෙය කුමක්ද?
    ඒ දරුවන්ට ප්‍රමාද නොවී පාසලට පැමිණය හැකිද? මව් පියන් නොවේ ද වැරදි , මිස්ට ඔවුන් ගෙන්වා අවවාද කළ නොහැකිද?
    මාගේ දරුවාට හොඳට හෝ නරකට දඬුවම් කල දාට ඇගේ සිතේ ඇති දිලිසෙන විදුරු ප්‍රතිමාවට යන කළ කුමක්ද? ඉරිතැලෙන සිත මා හට කවදාවත් පිළසකර කළ හැකිද යන්න මා හට ඇති ගැටවකි.

    ReplyDelete
    Replies
    1. හෝඩියේ දරුවන්ට ගහනවනම් ඒකි ඉන්න ඕන ඉස්කෝලේ නෙමෙයි හිර ගෙදර.. ඇයි පොලීසියට පැමිණිලි නොකරන්නේ.. ඒකයි වැරැද්ද...

      Delete
  44. This comment has been removed by the author.

    ReplyDelete
  45. පාසල් ගුරුවරුන් ඈත්තෙන්න්ම උගත් යයි සිතන්නේ ඈයි?
    බොහෝ අයට ඈත්තේ very basic paper qualification සහ ඉතා සීමිත (බොහෝවිට වෙනත් රෑකියා කරන අයට වඩා අඩු) සමාජීය අත්දෑකීම්ය. ඒවුනත් කුඩා ලමයින්ට ඉගෑන්වීම නිසා ඔවුන්ට (වෙනත් ශ්‍රමිකයන්ට නෑති ) අදි මානසිකත්ව පණ්ඩිත කමක් ඈත.

    ReplyDelete
    Replies
    1. අහලා නැත්ද මහත්තයෝ, පින්සිපල්ලා, ගුරුවරු ළමය ඉස්සරහ පොරවල් වෙලා,
      පොරවල් ඉස්සරහළමයි වෙනවා කියලා

      Delete
    2. ඒ කියන්නේ උඹට මට එකඟ වෙන්න පුළුවන් තැනුත් තියෙනවා..

      අර ඇනෝගේ කොමෙන්ට් එක මල් මසුරන්

      Delete
    3. මම හිතන් හිටියෙ ගොඩක් තෑන් වලදි මම එකග වුනා කියල. අඩු ගානෙ ව්යන්ගාර්තයෙන් (ලියා ගන්න බෑ - obliquely/ by implication) හෝ ජෝක් වලින් හරි .
      නෑද්ද?

      Delete
  46. ආශ්චර්ය දැන් පෙන මානයේනේ අපේ රට තියෙන්නේ.එතකොට මෙහෙම දේවල් වාර්තා වෙනවා.අනික මේ විදුහල්පතිවරයා පින් ගොනෙක් නම් අධ්‍යාපනය බාරව ඉන්න ඇමතිවරු මොන වගේ වුන්ද...?

    ReplyDelete
    Replies
    1. මේ රටේ අධ්‍යපනය කෑවේ සුසිල් ප්‍රේමජයන්ත, කිසිම අමාත්‍යංශයක් හරියට කරන්න බෑ වගේම ඡන්ද ලැයිස්තුවක් හරියට හදාගන්න බැරි පන්ඩිතයෙක්.. දැන් ඉන්න උන් ගැන කියන්න ඕන නෑ නේ.. නොම්මර එකේ හරක්..

      Delete
  47. සියලු දෙනාම ඉදිරියේ අසභ්‍යය ලෙස බැන වැදීම අනුමත කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්...යම් දෙයක මුල මැද අග නොදැන අසැබි ලෙස බණින එක දැන් ප්‍රවනතාවක් මම හිතන්නේ...වැඩිය ඕනැ නැහැ මේ බ්ලොග් වල උනත් සම හරක් ගේ හැසිරීමෙන්ම පෙනෙනවා නේ!

      Delete
    2. සියළු දෙනා ඉදිරියේ නෙමෙයි තනියෙන් උනත් බනින්න අයිතියක් නෑ කිසි කෙනෙකුට.. කාන්තාවකට වේසී කියා ඇමතීම හිරේ යන්න පුළුවන් වරදක්.. කොන්ද පණ තියෙන නඩු කාරයෝ ඉන්නවනම්..

      Delete
  48. තමන් හරි හැටි නොදැන වටින ගොඩින් කරුනු කාරනා දැනගෙන ඔහොම කුලප්පු වෙනවද ප්‍රින්සිපල් කෙනෙක්...පිනාගේ වචනත් ඔහොම නම් කොහොමද ලමයිට උපදෙස් දෙන්නේ...තමන්ගේ නොදන්න කම,හිතේ තිබුනු කුනු සේරම අර ලමයගේ කර පිටින් යවලයි තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මේ වගේ කාළකන්නි තව දුරටත් ගුරු සේවයේ තියා ගත්තාම වෙන්නේ.. අනික් උනුත් මේ දේවල්ම කරන එක..

      Delete
  49. "ගෙදර ගිහින් තමන්ගෙ ළමයට මෙහෙම නොවෙන විදිහකට කටයුතු කරන්න" කියලයි.
    මොකොද අශ්වයා ගිය පසු ඉස්තාලය වැසී මෙන් පලක් නැතිවා සේම, මියගිය ඇය වෙනුවෙන් ශෝක ගී කීමෙන්ද වැඩක් නැති නිසාය.

    http://radicalsatahana.blogspot.com/ මෙහෙම ලියලා තිබුනා. ඒක මෙතන ගෙනත් කොපි කරනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් මට නම් නෑ කළකිරීමක් ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. මට්ට බූරු ගොන් තකතීරුවෝ රැලක් එහෙම ලියලා තිබුනා.. හෙට උන්ගේ දරුවට මේ දේ උනාම උන්ගේ ඇස් ඇරේවී... කාළකන්නි..

      Delete
  50. ඊයේ හවස හම්බන්තොට ඉස්කෝලෙක සර් කෙනෙක් ළමයෙකුට කන පැලෙන්න ගැහුවා. ආරංචියේ හැටියට ඔය ඒ ගුරාගෙන් කන පැලෙන්න කාපු දෙවැනි ළමයා. කොල්ලා තාම ඉස්පිරිතාලේ. තාම ගොසිපා මේක දැනගෙනත් නෑ බුකියේ උන් දන්නෙත් නෑ. මේක ගැන මෙච්චර කියවන්නේ කෙල්ල ලස්සන නිසාද ඒකිගේ ලියුම ගොසිපා මාකට් කරපු නිසාද කෙල්ල දිවි නසා ගත්ත නිසාද අනේ මංදා. දේශපාලන පත්වීම් නිසාද කොහෙද ඒ ගුරත් තවම යහතින්.

    ReplyDelete
    Replies
    1. කන පැලෙන්න නෙමෙයි අනිත් ඒවත් පලයි මේ වගේ බල්ලෝ වීරයෝ කරන කොට..

      Delete
  51. මාතලන්,
    කිසිදු දරුවෙකුට හෝ කන්තාවකට වේසි කියා අමතන්නටබැහැ.එසේම අදාල වැරැද්ද කලා කියූ පමනින් ඔහුට පින්ගොනා කියා ඇමතිය හැක්කේ කුමන නීතියකට අදාලවද.
    යම්කිසි අයෙකු කවරෙකු හෝ කියූ පමනින් සේවයෙන් පහ කරන්නට බැහැ.යම්කිසි අයෙකු වැරැද්දක් කලානම් කලහැක්කේ ඔහුට විරුද්දව පරීක්ශනයක් ඉල්ලීමයි.
    දරුවෙකුට පහර දීමට ගුරුවරයෙකුට අයිතියක් නැතිවා වගේම ඔහුව සේවයෙන් පහ කිරීමට ඉල්ලීමටද කාටවත් බැහැ.රජයේ සේවකයෙකු වරදක් කල විට ක්රිවයාකල යුතු විදියක් තියෙනවා.එය හදුන්වන්නේ ආයතන සන්ග්රිහය නමින්.ප්රේශ්නය වන්නේ ඒවා කවුරුත් ගනන් ගන්නේ නැතිවීමයි.
    ගනන් ගන්නේ නැත්නම් කල යුත්තේ ගනන් ගන්නා තත්වයක් ඇති කිරීමට සුලුවෙන් හෝ කටයුතු කිරීමයි.නමුත් කාටවත් එහෙම උවමනාවක් නැහැ නේද.පින් ගොනා එලවමු වගේ කතා කීම පමනයිවන්නේ නේද.
    මාතලන් අප අපගේ දරුවන් හොදින් හැදීමටනම් අප පලමුව නීති ගරුක විය විය යුතුයි.බස් එකක මිනිසෙකු හැපුන විට බස් එක ගිනි තබනවා දකින දරුවන් නීතිගරුක වෙයි කියා ඔබ සිතනවාද .

    ReplyDelete
    Replies
    1. Ano.....නීති හදන...නීති සම්මත කරන පාර්ලිමේන්තුවේ ඉන්න සමහරක් ඉන් පිටතදීත්, ඇතුලතදීත් ඔය ආකාරයෙන්ම තමයි හැසිරෙන්නේ සහ කතාකරන්නේ. සමහර ඇමතිලා මාධ්‍ය සාකච්ඡාවල බල්ලා බූරුවා කියලා කතා කරන්නේ. මෙවැනි පාලකයින් යටතේ අද අපි ජීවත් වෙන්නේ. නීතියේ ගරුත්වය, පොලිසියේ සදාචාරය අමු අමුවේ කෙලෙසෙන විට ජනතාව නීතිය අතට ගැනීම අනුමත කල නොහැකි වුනත්, එය වලක්වන්න බැහැ. පාලකයින් එය ඔප්පු කරමින් සිටිනවා.

      Delete
    2. බස් එකක මඟියෙක් හැපුනාම ඩ්‍රැයිවර් බැහැල දුවනවා දැකීමත්. ඌට දුවන් ඉඩ දීමත්. අනතුරට හේතුව මඟියාගේ කියා පසුව කීයනවිටත් එය දකින දරුවා හැදෙයිද?

      මීට දින කීපයකට කලින් නාමල් රාජපක්ෂ කියලා එකෙක් මිනිහෙක් හප්පාගෙන කඩයකුත් කඩාගෙන ගිහින් තියෙනවා. අවසානේ වැරැද්ද වුනේ පාරේ ගිය මිනිහා. soryy.com හොඳේ

      සමාජයතුළ හාස්‍යයට ලක්කළ යුතු එකා හාස්‍යයට ලක්කල යුතුමයි. උද්ගෝෂණයක් කරනවිට “අපිට දියව්“ කියලා ඉල්ලනවා මිසක්, “අනේ අපිට දෙන්න පිං සිද්දවෙයි“ කියලා බැගෑපැත් වෙන්නේ නෑ. ඒ ඒ අවස්ථාව හැටියට වචන හැසිරවීම විවිධයි කියලා තේරුම් ගන්න.

      Delete
    3. අරූ සහ ඇනෝ වෙත,
      ඔබලා ඔය යෝජනාකරන ක්ර,මයේ කෙලවර කොතනද කියා ඔබලා සිතනවාද.දැනට පවතින වැරදි ක්රනමය තවදුරටත් රැකගෙන ඉදිරියට යායුතු බවනේද ඔබලා ඔය කියන්නේ.අප යා යුත්තේ අදාල වැරදිකාරයා නාමල් වුනත් නිවැරදිව නීතිය ඉදිරියට ගෙන ආයුතු ක්රයමයකට නොවේද.
      ඇනෝ , ප්රියන්සිපල් කරලා තියෙන්නේත් කෙනෙක් ස්මච්චලයට ලක් කිරීම .කෙනෙක් සමච්චලයට ලක් කරන්න ප්රිැන්සිපල්ටත් බැහැ මටත් බැහැ ඔබටත් බැහැ මාතලන්ටත් බැහැ.
      අරූ ඇත්තටම මාඔබ ගැන සිතා සිටියේ මෙලෙස නොවෙයි.යමක හරි වැරැද්ද තෙරුම් ගත හැකි කෙනෙකු ලෙසයි.දැන් මට හැගෙන්නේ එම අදහස වැරදි බවයි
      අරූ සහ ඇනෝ, මා මේ ඉදිරිපත් කරන්නේ අලුත් දේවල් නොවෙයි.මිනිස් සමාජයක තිබිය යුතු මූලික දේවල්.ඔබලා කියන්නේ අප නැවත ගෝත්රිකක සමාජයට යායුතුයි කියයි.මමනම් ඒකට කැමති නැහැ

      Delete
    4. මුලින්ම කොමෙන්ට් කළ ඇනෝ,

      ඒක ඇත්ත මූට පින්ගොනා කියපු එක වැරදියි තමයි... මුන්ට කියන්න ඕන බල්ලෝ කියලා.. ඒක හැබයි බල්ලන්ටත් අවමානයක්.. ඔයා ඔළුවෙන් හිටගෙනද කොමෙන්ට් කලේ....?

      Delete
    5. @ මා ඇමතු ඇනෝ වෙත.....මා යමක් කමක් වටහා ගන්නේ පවතින සමාජ යතාරතය තුල. මට මේ සමාජීය තත්වයන් 1948 ඉඳන් අප්ඩේට් වෙන ආකාරය පිලිබඳ ඇත්තේ අපුලක්. නමුත් අද මේ දැරිවිය හා ගැටළුව තවත් සිදුවීම් රාශියක් ආපහු හිතන්න පොලඹවනවා. විය යුත්තේ සමාජ ප්‍රතිශෝධනයක් බව පැහැදිලියි. ආපහු ඒකේ දෙකක් නැහැ. ඒ ප්‍රතිශෝධනය විය හැක්කේ ඔබ කියන පරිදිම තමයි. ඒ වෙනුවෙන් ලිවිය යුතු දේ බොහෝයි. මම මේ උඹේ කමෙන්ට් එක දකින්නේත් මා වැඩට යාමට සුදානම්වී සිටිනා වටපිටාවකයි. නමුත කිය යුතු දේ හදිසියෙන් හෝ ලියා තබමි.

      මට නාමල්ද, විමල්ද. නාමල්ද,එයාගේ මහ එකාද කියන එක නෙමේ අදාල වෙන්නේ. ඇය අරභයා සිදුවූ අසාදාරන පරිපාලනමය ක්‍රියකාරිත්වයයි. ඒ වෙනුවෙන් මගේ අදහස ප්‍රකාශ කිරීමට මා අදහස් කරන, මා පෙනිසිටින සමාජ ප්‍රතිසංශෝධන සිදුවෙන තෙක් බලා සිටීම විහිළුවක්.... එදා සහ අද වෙනකම්, හෙටත් අනිවාර්යෙන්ම සිදුවෙන සිදුවීම් දිහා බලාගෙන අපි යමක් වෙනුවෙන් සටන් කරමු...ඒ දිනය ලඟාවු දිනක අපි සියල්ල වෙනස් කරමු යන්න ප්‍රාථමික සිතුවිල්ලක් බව මගේ අදහසයි. උඹ එයට එකඟ නොවනු හැකි වුනත්, මම මුලින් කීවාසේ මම පවතින සමාජ තත්වයන් මත සිදුවීම් ග්‍රහනය කරගන්නට උත්සාහ කරන බුවෙක්මි. මම කැමතියි උවමනා තැන්වල තව දුරටත් මේ සිදුවීම මගේ ඇසින් විග්‍රහ කරන්න. වඩ වඩාත් මෙවැනි දේවල් නැවත නැවතත් සිදුවෙන්නේ මා මුලින් කියූ පරිදිම "නීතිය සැමට පොදු බවත්, එහි පාරිශුද්ධභාවය කෙලෙසී ඇස් පනා පිට රේප් කරන තත්වයන් දකිමින්ය. උදා...අල්ලස් කොමසාරිස් නඩුව

      අනෝ....උඹ වේදිකාවක් හදපන් බ්ලොග් ලෝකය තුල. මම මගේ ස්වාධීන මතය සහ අත්දැකීම් නොබියව කියන්නම්. මට වැඩට යන්න තියෙනවා. අපි හරි තැනින් සාකාචාඡාව පටන් ගමු. මම පලා යනවා නොවේ. මට උත්තරයක් දීපන්.

      වැරද්ද දුටු තැන වැරදි යැයි කීමත්....වැරදි නිවැරදි කල හැකි සමාජ ක්‍රියාවලියක් බිහිවෙන තුරු අත පත ගගා සිටීමත් දෙකකි. අපි ගෝත්‍රික සමාජ පුරුදු දෙසට වේගයෙන් දිව යන හැටි අපි කතා කල යුතුමයි....මචෝ වරෙන් ආපහු....මම දවස් දෙකකට හෙන බිසි මිස පලා ගියා නොවේ.

      Delete
    6. මම දවස් පහකට නෑ.. ඒත් මම හිතනවා, මම එනකොට මූට කෙලවිලා තියෙයි කියලා.. මොකෝ මාත් තාත්තා කෙනෙක් හින්දා..

      Delete
    7. අරූ, මා මාතලන්ගෙන් ඇසුවේ ඉතා සරල ප්රයශ්නයක්.හෙවත් ඔබ ලග නැති ආචාර දර්මයක් ඔබ වෙන කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ ඇයි කියලායි.මාතලන්ට මෙවැනි ප්ර ශ්න තේරුම් ගන්නට බැහැ.අර ගනන් දන්නැති කෙනෙකුගෙන් ගනන් අහලා වැඩක් නැහැ වගේ තමයි.ආචාර දර්ම දන්නැති කෙනෙකුගෙන් ආචාර දර්ම ගැන ඇහුවහම දෙන්නේ ග්රී්ක් උත්තර.මෙය මාතලන් ගේ වැරැද්දක් නොවෙයි.තමන් නොදන්නා ජීවිතේට තමන් ලග නොතිබුන දෙයක් ගැන කතා කරන්නට ඔහුට බැහැ. ඒ අතින් මේ ප්රි්න්සිපල්ගේත් මාතලන්ගේත් වෙනසක් නැහැ.ඔවුන් දෙදෙනාම එක වගේ අය.
      නමුත් මා සිතා සිටියේ ඔබට ආචාර දර්ම ගැන යම් කිසි අදහසක් ඇති කියායි.(මා මේ ආචාර දර්ම ගැන කතාකරන්නේ ආගමික අර්තයකින් නොවෙයි.දේශපාලනික ආර්තික අදහසකින්)
      අපට ඇසෙන පෙනෙන සියලු දේ සත්යනම් විද්යාවක් කියාදෙයක් අවශ්ය නැහැ.නමුත් ඒ සියලු දෙය සත්ය නොවන නිසා අපට විද්යාවක් හෙවත් තියරියක් අවශ්යයි.මෙහෙම කියා ඇත්තේ මා බොහොම ගරු කරන මිලිටන්ට් කෙනක්.ඒ අනුව බැලූවිට ඔබේ තර්කයේ පදනමම වැරදියි.

      Delete
    8. ඔබ සමඟ යම් තරමකට ඒකඟයි සහ ස්තූතියි මේ සංවාදය වැදගත් තැනකට ගෙනයාම පිළිබඳව.

      //කිසිදු දරුවෙකුට හෝ කන්තාවකට වේසි කියා අමතන්නටබැහැ.//

      හරියට හරි!

      //එසේම අදාල වැරැද්ද කලා කියූ පමනින් ඔහුට පින්ගොනා කියා ඇමතිය හැක්කේ කුමන නීතියකට අදාලවද.//

      ඔබ නගන තර්කය හරි. ඒත් එක්කම දෙකේ ප්‍රායෝගික භාවිතයෙ වෙනස සහ එහි බලපෑමෙ තරම ගැනත් හිතන්න. ඒ වගේ කෙනෙක්ට ගරු විදුහල්පතිතුමා කියල තාම කියන්න පුලුවන්ද? අපි කොයිතරම් කිව්වත් හැඟීම් ඉස්සර වෙන එක සාමාන්‍ය මිනිස්සු හැටියට වලකන්න බැරි තත්වයක් යටතේ සහ දමිත් කේතකල වගේ අය "කැරි පිනා" වගේ වචනවලින් අන්තවාදීව දමල ගහද්දි "පින් ගොනා" කීම "ප්‍රායෝගිකව අපි ඉන්න සමාජය තුල" කොයිතරම් දුරට අසාධාරනද කියල ඔබම බලන්න.

      අනික "මාතලන්" කියන ජනකතාවල එන හොරෙකුගෙ නමින් සීමිත පාටක පිරිසකට බ්ලොග් ලියන කෙනෙක් කරන ඇමතීම විදුහල්පති කෙනෙක් පාසැලේ ප්‍රසිද්දියෙ දරුවෙකුට කරන පරිභවයක් හා සමව තියන්න පුලුවන්ද?

      ඔබ කියන විනය පරීක්ශ්හනය න්‍යායාත්මකව හරි. ඒත් ප්‍රායොගික තලයෙදි, අපිට උදින් ඉන්න පාළකයන්ගෙ හැසිරීමෙදි විනය පරීක්ෂනයක් විතරක් ඉල්ලන එකෙන් කිසිම බලපෑමක් වෙයිද? මම හිතන්නෙ අපි න්‍යාය ප්‍රායොගික තත්වයට ගලපගන්න ඕන "පරිස්සමින්" (සිරිතුංගල, පෙරටුගාමීන් වගේ නොවී :D).

      ඒතනදි "පින් ගොනා" කියන වචනය යෙදීම නිවැරදිම නොවුනත් "අස් කරනු" කියන එක අර පොල් ගහේ තරමට වත් උඩ යන ඒත් හඳට ඉලක්ක කරපු ගලක් වෙන්නෙ නැද්ද?

      Delete
    9. ඉන්දික, මේ සන්වාදයට තවදුරටත් සම්බන්ද වීම තේරුමක් නැති දෙයක් වුවත් ඔබට පිලිතුරක් දීමට සිතමි.සැබවින්ම මාත් මුලින්ම සිතුවේ ඔබ සිතූ ආකාරයටම තමයි.පෝස්ට් එක කියෙව්වත් කොමෙන්ට් එකක්වත් දැම්මේ නැත්තේ එමනිසායි.නමුත් පසුව දෙවැනිවර කොමෙන්ට් කියවනවිට හා මාතලන් ඒවාට දක්වන පිලිතුරු කියවන විට සන්වාදය තිබුනේ ඉතා ගෝත්රිික මට්ටමක.මාකොමෙන්ට් කලේ ඊට පසුවයි.
      සිද්දියට සම්භන්ද සිසුවිය හෝ විදුහල්පතිවරයා හෝ සිද්දිය ගැන සියයට සියයක් මම නොදනිමි.නමුත් ඕනේම දෙයක් සම්භන්දව නීතියක් ඇති බවත් අප ක්රිරයාකල යුත්තේ ඒ අනුව බවත් මම දනිමි.නීතිය අතට ගැනීම සිදුවන්නේ ප්රා තමික මනෝ භාවයන් ඇති සමාජවලය.
      මාතලන් එම නමින්ම පෙනී සිටිමින් එම සටහන ලිව්වා නම් මම කොමෙන්ට් කරන්නේ නැත.නමුත් ඔහු ඔහුගේ සැබැ නම පාසල පවා ප්රමසිද්දියේ කියනවා නේද.

      Delete
    10. Ano ++++++++++++++++++++

      Delete
    11. මගේ පාසල ගැන මාර අමාරුවක් මේ ඇනෝට තියෙන්නේ.. මහත්තයා මේවා ගෝත්‍රික ඒවා නම් ඇනෝ ලෙසින් වත් එන්න එපා.. ඔයාට හරි නෑ නේ. සක්කිලියෙක් වෙනුවෙන් පෙනී ඉන්න එක වෙන්න ඇති ඔහේගේ මහත්මා කම.. තිරිසනුන් සමග මොන හාන්දුරුකන්ද...?

      Delete
  52. වෙනුෂා ගැන ෆොටෝ එක දාලා ලින්ක් එක දැම්මට කුණුහරප සහ මරණ තර්ජන වහාම අයින් කරගන්න ලු ,බෙල්ලේ වලදාගන්න මිනිස්සුන්ට තවත් ප්‍රචාරය දෙන්න එපාලු .. ඒ ළමයට ප්‍රින්සිපල් කියපු වචනෙම මෙච්චරකල් හොදම යාළුවො වෙලා හිටපු අය අද මට කියන්නේ.. 5 දෙනෙක් බ්ලොක් කරන්න සිද්ද වුණා. අපේ ශ්‍රී ලාංකිකයන්ගේ මානසික මට්ටම හිතාගන්න බැරිය.

    ReplyDelete
    Replies
    1. හොඳම යාළුවන්ගෙ නරක වඩා ලොකු කරදරයක වැටෙන්න කලින් තේරුන් ගන්න ලැබුන අවස්ථාවක් කියල හිතල සතුටු වෙන්න.

      Delete
    2. ස්තුති ඉන්දික

      Delete
    3. මම උඹට මුලින්ම කිව්වා... උම්බෑ හඬක් එනවා.... වහාම බ්ලොක් කරපන් කියලා.. කියන දේ නෑහුවට උඹට ලැබුන තෑගී තමයි ඔය.. මිනියක් මරන්න හදන උන්ට, අම්මට උනත් වේසි කියන එක මහ දෙයක් නෙමෙයි..

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  53. හුහ්...........එලවන්න. යකෝ මේකා චන්දෙට කොච්චර වැඩ කලාද සන්ධානේ දිනවන්න. කොච්චර පක්කලිකම් කලාද, කොච්චර සල්ලි දුන්නද චන්ද වැඩ වලට, තව ඉතින් කරපුවා ලැයිස්තු ගතකරන්න සෑහෙන වෙලාවක් යනවා. එහෙව් එකා එලවයිද?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඔක්කෝම කටවල් පුකවල් වහගෙන.. කසාය බීපූ ගොළුවෝ වාගේ ඉන්නේ.. ස්වභාවධර්ම තියරි කියලා තියරියකුත් තියෙනවනේ..

      Delete
    2. විචාරක මහත්තයලගෙ ගම්පලාතෙ කෙනෙක්නෙ.ඉතින් අපිට වඩා හොඳට සතා කවුද කියල දන්නව ඇතිනෙ.

      Delete
  54. කියන්ට හිතපු දේවල් ගොඩක් අය ලියලා හන්දා ලියන්ට දෙයක් නැති තරම්. දයා, තිසර, අමිල, නිරෝ වගේ අයගේ කමෙන්ට්ස් වල මට කියන්ට උවමනා ඒවා ලියවිලා තියෙනවා...මාරයා සහ අනිත් කොණගේ පෝස්ටුත් කියෙව්වා. මාතලියාගේ එකට වඩා මැදහත් බවක් ඒවාගේ තියෙනවා දැක්කා...:)

    කිසිම තර්කයක් නෑ. වාදයක් නෑ ඒ වගේ විදුහල්පතිවරු සේවයෙන් පහකල යුතුයි.
    ඒත් තේරුම්ගන්ට ඕනි දෙයක් තමයි අන්තිමට ඒ ලමයා දිවිනහගත්තේ ඇයි කියන එක. විදුහල්පතිගේ බැණ වැදීම එයාගේ මරණයට trigger එක විය හැකියි. කණ්ඩායම් අතින් දූෂණය වුණු, පොලිසියෙන් නොසෑහෙන්ට ගුටි කාපු, යුද්ධෙට ගිය අය වගේ කට්ටිය සිය දිවි හානි කරගන්නේ නැතුව ඉන්නවා. මේ ගර්ල්ට depression තිබිච්ච එක මූලිකම හේතුව. ඒ හන්දා ඒ වගේ මානසික තත්වයක් එන්නේ කොහොමද කියලා හොයලා ඒවාට පිලියම් නොකලොත්, ගුරුවරු කොච්චර අයින් කලත් මේ ප්‍රශ්නේ (හරිම complex problem එකක්) විසඳන්ට බැරිවෙයි කියලා මට නම් හිතෙන්නේ.

    පණ්ඩිත කතා කියලා වැඩක් නෑ කියලා හිතෙන්නේ රෝස මලක් වගේ ලස්සණ ගෑනු ලමයගේ මූණ දැක්කාම…:(

    ReplyDelete
    Replies
    1. කතා කියන්න.. ෆේස් බුක් එකට බනින්න.. මහත්මා කම් ගැන කතා කරන්න. සාධාරණය ගැන කතා කරන්න බක පන්ඩිතයෝ වැහි වැහලා.. මැරිච්ච රෝස මලක් වගේ කෙල්ල වෙනුවෙන් කතා කරන්න එකෙක් නෑ.. මේක මේ යක්කු ඉන්න රටේ ලස්සන මිනිස්සුන්ට වෙන අසාධාරණයක්. නිලියන්ට උනත් එහෙමනේ..

      Delete
  55. https://www.facebook.com/wenusha.imandi?fref=ts
    ප්‍රශ්නයට හේතුවෙන්න ඇත්තේ මේ පිටුව වෙන්න ඇති. මම හරිද.

    ReplyDelete
  56. බළධරයිනි, ඇ මැටිවරුනි, මේ පිස්සු බල්ලා බැඳ දමනු..
    ඊළඟ ගොඳුර. ඔබේ දරුවා විය හැක..

    ReplyDelete
  57. මේ විදුහල්පති අනිවාර්යයෙන් ම පුනරුත්තාපනයට ලක් කළ යුතුයි, ඔහු තවදුරටත් මේ වෘත්තියේ ම රැඳෙනව නම්.
    නැත්නම් වහාම රැකියාවෙන් ඉවත්ව යායුතුයි තවත් දරු පිරිසක ගේ අනාගතය වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. බලධාරියෝ එකෙක් හාම් හූම් නෑ.. ඒත් ඒක එක කාටුන් එකක් තිබ්බා.. දැන් දයාසිරි සින්දු කියන්නේ නෑ.. කියන්නේ බයිලා කියලා...

      Delete
  58. ඔන්න මමත් මේ ගැන මගේ අදහස දක්වලා ලිපියක් එක්කළා.
    http://sabalingikanidhahasa.blogspot.com/2014/02/blog-post_14.html

    ReplyDelete
  59. මට මෙතනදී විදුහල්පතිවරයා ඒ ශිෂ්‍යාවට අවවාද කරපු විදිය දැනගන්න ලැබුනෙ නෑ
    වේසි කියලම කිව්වද නැත්තම් “වේසා කම්වලට පුරුදුවෙන්න එපා දරුවො“ වගේ දෙයක් කිව්වද දන්නේ නෑනෙ
    මොකද අපිටත් ඒ වගේ අවවාද ලැබිලා තියෙනවා
    මේ ශිෂ්‍යාව ගේ සියදිවි නසා ගැනීමට එකම හේතුව විදුහල්පතිගේ ැවවාදය කියන්න බෑ
    වෙනත් ප්‍රශ්න තියෙන්න ඇති, මේ සිද්ධිය ආසන්නම හේතුව වෙන්න ඇති
    මේ වාගේ දේවල් වලදී අදහස් දැක්වීමේ දී ප්‍රෙව්ශම් විය යුතුයි නැත්නම් පාසල් සිසුන් අතර සියදිවි නසාගැනීම් රැල්ලක් ඇතිවෙන්න පුලුවන්

    මෙතනදී තවදෙයක් කිවයුතුයි අපේ පාසල්වල තියෙන්නේ වික්ටෝරියානු සදාචාරය හා බැඳුනු විනය නීති
    මමනම් කියන්නේ විවාහක ශිෂ්‍යාවන්ටත් පාසල් යන්න අවස්ථාව දියයුතුයි

    ReplyDelete
    Replies
    1. කොහොමත් එහෙම අය තමයි ඉස්කෝලේ වැඩියෙන් යන්නේ..

      Delete
  60. අපේ කටේ ඔය වචන නැති නිසා ප්‍රශ්නයක් වෙන් නෑ.. නමුත් වයසත් එක්ක කරලා තියෙන වැඩ දැක්කම පාසලක විදුහල්පතිකෙනෙක් එහෙම කීමේ ලොකු වරදකුත් නෑ.. තමන්ගේ තත්වේ රැකගෙන ජිවත් වෙන්න බැරිව, පිපෙන පොහොට්ටු වල පෙති දිග අරින්න හැදුවහම ඔහොම වෙනවා ... -_-

    විදුහල්පතිට දොස් කියන්න කලින් ළමයාගේ දෙමවුපියෝ ගැන බලන්න. එයාල සමීප උනානම් ඔහොම දෙයක් වෙන්නේ නැහැනේ.. විදුහල්පති කහා කරපු නිසා කතාව මෙතැනින් ප්‍රසිද්ද උනා.. එයත් කට %ක වහගෙන නොදැක්ක ගානට හිටියනම්.... ඇය කොතනින් නවතීද ???

    විදුහල්පතිට විනය ක්‍රියාමාර්ග ගන්න කලින් දරුවාගේ මවට චෝදනා රාශියක් එල්ල වෙනවා නේද ? (ඇයි අර පරණ පෙම්වතා හා වෙනූශගෙ අක්ක)


    ***වෙනුෂ නංගි වගේ අය වෙනුවෙන් ලියවෙච්ච තමා මේ...

    සෝඩි ලැම හස පෑයු පමණින්
    බඹර ගුම් නද ඇසූ තරමින්
    නුඹ තවම කැකුළක් කැකුළු බව මල සිතන්න
    එපා දෑතින් මලේ පෙති දිග හරින්න
    එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න

    දෙපා උස්සා ඉගිලෙන්නට නොයන්න
    නුඹේ පියාපත් තවම ළපටි නොවෙදැයි සිතන්න
    සිහින ඇති නිමාවක් නැති තරම්
    ඒත් මේ ගැන සිතන්න
    අපා දුක් විඳ වුවද කම් නැත
    පොළොවෙ පය ගහ සිටින්න //

    සෝඩි ලැම හස පෑයු පමණින්
    බඹර ගුම් නද ඇසූ තරමින්

    අග්නි වැලකට ඇවිද යා නොහැකිමුත්
    පුළුන් රොදක පාවෙලා යා හැකි බවත්
    තරව සිහියට නගන්න
    දැවි දැවී ජීවිතය කුමකට ගෙවන්නේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න