.

.

May 11, 2014

පොදු අපේක්ෂකයෙක් කුමක් සදහාද...? - Common Candidate..! For What...?


තවමත් අවුරුදු උත්සවයේ සැඟවුනු අමුත්තා සොයා ගැනීමට හැකිවී නැත. දැන් දැන්, සම හරක් සංගක්කාරගේ පිටටද තට්ටුවක් දමා බලති. ඒ අතරේ, අද ආන්ඩුවේ ගැසට් පත්තරේ තියෙන්නේද (දිනමිණ.) මෙම මත්තුරුකාවමය. එහිදි ඒ පත්තරේ කට්ටිය ඇමරිකන් තානාපති නෝනාත් තරඟයට ඉදිරිපත් කර ඇත. ඒත් එයාලා කියන්නේ, ජහමනයාගේ පොදු අපේක්ෂකයා, වන් ඇන්ඩ් ඕන්ලි මහින්ද රාජපක්ෂ විතරයිම කියාය.

බහුතරයගේ කැමැත්ත තිබෙන්නේ, සෝභිත හාමුදුරුවන්ටය. අප නම් කියන්නේ සොභිත හාමුදුරුවන් පොදු අපේක්ෂකයා කිරීම, 1994 සැටලයිට් ගෙනාවාටත් එහා ෆේලියර් එකක් කියාය. සැටලයිට් නෝනාට, අම්බරුවෝ වූවද, සිරි ලංකා නිදහස් පක්ෂයේ කාඩර් එකක් උන්නේය. අද වෙනකන් රට කන්නේ මොවුන්ය. 2005 දී, මහින්ද ජනාධීපති නොවී, අනුර බන්ඩාරණායක ජනාධිපති වූවා නම්. අද අපිට යාපනේ යන්න වෙන්නේ වීසා අරගෙනය.

සමහර විට එයිනුත් නොනැවති, මේ වන විට සිරි ලංකාව නමින් රටක් නොමැතිව. ඊළාම් දේශයක් බිහි වන්නට වුවත් හොඳටෝම ඉඩ කඩ තිබිනි. මොකක්දෝ වාසනාවකට, විධායක ජනාධිපති පුටුවට එකෙක්වත් මායිම් නොකරන, වසවර්ති මාරයෙක් පත් වූවායින්, රටම කන්න හැදු රීරී යකාට, වෙල්ලමුල්ලි වයික්කාල් වලින්, ගිරිය කඩා ලේ බීමේ තොවිල් නැටීම අහවර කරන්නට සිඳු වන්නේය.

එහෙම කෙනෙක් නොආවා නම්, රීරී යකාගේ පදයට නටන නර පනුවන් පිරිසක් වන්නට සියල්ලන්ටම සිඳු වනවා නොඅනුමානය. මොකෝ, මහින්ද නොවන්නට, දකුණේ උන්නේ, යුද්ධ කර දිනන රණවිරුවන් පිරිසක් නොව, හැමදාම ඉල්ලගෙන කන, බැරි බැරියාවෙන් පෙලුණු, යුධ උපක්‍රම විකුණාගෙන කාපු, ගොබ්බ හමුදාවක් නිසාය.

එතකොට සෝභිත හාමුදුරුවෝ බලයට ආවොත්, වෙන්නේ මොකක්ද? මොකක්ද උන්නාන්සෙගෙ වැඩ පිලිවල? එතකොට ආපු ගමන් ජනාධිපති කම අහෝසි වෙනවද? උන්නාන්සේ ජනාධිපති කමේ දිවුරුම් දෙන්නෙ නැතිද? ජනාධිපතිකම අහෝසි කරන්න කොච්චර කල් යනවද? එහෙම අහෝසි කරලා ගේන්නේ මොකක්ද? ඊට පස්සේ උන්නාන්සේ භාවනා කොරන්න යනවද? එහෙම නැත්නම් නාමික ජනාධිපතිකමේ හරි ඉන්නවද? නැත්නම් විධායක අගමැති වෙලා පාර්ලීමෙන්තු එනවද? ජනාධීපති කම නැති කලාම, මේ රටේ දුෂණය, හොරකම, වංචාව, ඔක්කෝම නැති වෙලා යනවද? ඇත්තටම වෙන්නේ මොකක්ද?

දැනට තියෙන තත්වය අනුව නම් මේ කිසිවක් සඳහා සෝභිත හාමුදුරුවන් ළඟවත්, උන්වහන්සේ යෝජනා කරන උන් ලඟවත්, විසඳුමක් නැත. කොටින්ම "විකල්පයක්" ඇත්තේම නැත. හැම එකාටම අවශ්‍යව ඇත්තේ පුදගලයා වෙනස් කිරීම පමණි. පුද්ගලයා වෙනස් කරන්නට යන්නේ ඇයි? විධායක ජනාධිපති නිසාය. එහෙත් විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවා යයි කියන්නේ, එය ආරම්බ කල දිනයේ පටන් හැම එකාම කෙලිනා සුන්දර බොරුවම පමණි.

සෝභිත හාමුදුරුවන් මෙන් නොව, සැටලයිට් නෝනා මේ පොරොන්දුව දෙන්නේ ලිඛිතවය. ඒ වෙන කාටවත් නොව ජෙප්පන්ටය. ඒ මාස හයක් තුල විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්වා කියාය. අහෝසි කිරීම කෙසේ වෙතත්, එහෙම දෙයක් කීවාදැයි කියාවත්, දැන් එකෙකුටවත් මතක නැතිය. අවුරුදු දහයක් විතර විස්කි බිබී පොරොන්දු කඩපු නෝනාගේ, ඇමති මන්ඩලයේ ඉඳගෙන ඉන්නට පවා කිසිම ලැජ්ජාවක් ඒ කාලේ ජෙප්පන්ට තිබුනේ නැතිය. 

එහෙම කන්න හම්බ වෙනවානම්, විධායක ජනාධිපති කම නොව, මේ ඉන්න ඔක්කෝම, කක්කා උනත් කනවාය. ඇත්ත කතාව එයය. අද වෙලා තියෙන්නේ කන්න කක්කාවත් නොමැති වීමය. හදිසියේ හරි සෝභිත හාමුදුරුවෝ ජනාධිපති උනොත්, නටන්නේ කාගේ පදයටදැයි කියා අපට හිතා ගත නොහැකිය. පොදු අපේක්ෂකයා ලෙස, සියල්ලන්ම සතුටු කරන්නට වෙනවාය. එතකොට පවතින්නේ, මේ තියෙනවාටත් වඩා මඤ්ඤමක් වූ රටක්ය. ව්‍යවස්ථාවක් නැත. ප්‍රතිපත්තියක් නැත. දස රාජ ධර්ම, මේ ධර්මද්වීපයට හරියන්නේ නැතිය.

ඒක හරියට තිර පිටපතක් නැති සෝ එකක් වගේය. හැම එකාම, එක එකාට ඕනා දේ කොරනවා මිස, සෝ එක පෙන්නන්න හම්බ වෙන්නේ නැතිය. අන්තීමේදි අමාරුවේ වැටෙන්නේ සෝ එකට සල්ලි දාපු නිශ්පාදකයාය. එ යකා බංකොලොත් වෙලා, නයෙක්ට කියා දෂ්ඨ කරගෙන උනත් මැරෙන්න ඉඩ තියෙනවාය.

අප යෝජනා කරන්නේ හොඳම පොදු අපේක්ෂකයා රනිල් කියාය. මන්ද මේ පවතින ක්‍රමය වෙනස් කිරීමට එකෙක්ටවත් ඕනා නැති නිසාය. සෝභිත හාමුදුරුවෝ ජනපති වුවහොත් වෙන්නේ, සැටලයිට් නෝනා ඇවිත් වූ දේමය. මහින්ද මහත්තයා ඇවිත් ඇති වූ දේමය. විධායක ජනපති කම ලෙඩක් කියා විමල්ලාට, චම්පිකලාට, වමේ හිඟන්නන්ට තෙරේන්නේ දැන්ය.

ඒත්, මේ තාක් කල්, ඒකෙන් කන කොට එවා අමා රසය. දැන් දැන් තිත්ත රහක් එන්නේ වැඩියෙන් කාපු නිසාය. අනික, සෙට් එකම එකතුවී නටන නාඩගම, කොස්තාපල් පුඤ්ඤසෝම තර්ම් වත් නැගලා යන්නේ නැතිය. ඒවා ගරු රඟපෑම් කියා දැන් කුඹුරේ ඉන්නා මී හරක්ටත් තේරෙනවාය. උන් මඩේම ලැග සිටිනවා මිස. මඩෙන් නැගිටලා අඩු ගානේ පඩයක් වත් අරින්නේ නැත. මොකෝ මෙයාලාගේ රැඟුම්, රැඟුම පාලක මණ්ඩලයෙන් අනුමත කරලා පෙන්නපු කාළේ ඉවර නිසාය. 

පොදු අපේක්ෂක ප්‍රශ්ණයේදි, මාතලන් මීට බොහෝ කලකට පටන් පෙනී සිටිනා මතය ප්‍රකාෂ කොට තිබුනේ, සති අන්ත පුවත් පත් වල, එකම එක ළිපියක පමණි. එනම් පොදු අපේක්ෂකයා නව ව්‍යවස්ථාවක් ජනතාවට ඉදිරිපත් කළ යුතුය කියනා මතයයි. ජනපතිවරණයට ඉදිරිපත් කරනා එම ව්‍යවස්ථාව, ජනපතිවරන ඡන්දයේදී ජනමත විචාරනයක් ලෙස වුවද, ඉදිරිපත් කල හැක. එහෙත් එබඳු දෙයක් ගැන, අද වන තෙක් කිසිඳු කතාවක් නැත. ජනාධීපති ක්‍රමය අහෝසි කරනවානම්, මහින්ද රාජපක්ෂ උන්නාට අවුලක් නෑ කියා, සෝභිත හාමුදුරුවෝ කියන්නෙත් ඒ නිසාය. නමුත් සිඳු නොවන්නෙත් එයමය. එය රටේ ජනතාවගේ කරුමය මෙන්ම උරුමය බවටද පත්වී අවසානය.

සාඛඡ්චාව ඉදිරියට ගෙන යමු.....

128 comments:

  1. සැටලයිට් නෝනගේ පොරොන්දු ගැන ඔය උඹම කියල තියෙන්නේ. සොරත හාමුදුරුවො මුට්ටිය දාපු ගොනෙක් වගේ කිසි වැඩක් නැහැ. උඹ ඔය කියෙව්වයි කියන ලිපිය මං දන්නෑ. ඒත් කතාව ඇත්ත. නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් නොකර පොරොන්දු දීමෙන් පලක් නැහැ.. එහෙම කෙනෙක් තමා අවංකව මේ ක්‍රමය වෙනස් කරන්නේ..

    ReplyDelete
    Replies
    1. දැන් කී දෙනෙක් කී සැරයක් අපිව ඇන්දුවද බං. මහින්ද ආවෙත් ක්‍රමේ නැති කරන්න. ඒත් අන්තීමෙදි මොකක්ද කලේ. ක්‍රමේ ආයි හොල්ලන්න බැරි විදියට හදා ගත්තා. එදා එකෙක් නෙමෙයි, හ්ම් කීවේ. අද තමයි ඔක්කෝටම තරු පෙනිලා තියෙන්නේ. මේ රටේ දේශපාළඥ්ඥයෝ, අඩුම ගානේ අධික බලය අධික දූෂණයට මුලයි කියන ප්‍රසිද්ධ ආර්තෝපෙවත් නොදන්න හරක්.

      Delete
  2. රනිල් ආවැයි කියලා දැන් ක්‍රමේ වෙනස් කරයි කියලා නම් මට ෂුවර් නැත....හැබැයි රනිල් රටේ ආර්ථිකේ ගොඩ ගනියි කියලා විශ්වාසේ තියන්ඩ පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අනිවා ඔහු වෙනස් කරනව බං ...

      Delete
    2. ඒක නේද මේ වෙලාවේ අත්‍යාවශ්‍යම දේ...

      Delete
    3. මේකට දෙන්න උත්තරයක් තියෙනවා. හැබැයි රනියා කොහොමටත් නොදිනන එකේ නිකං පැට්රල් පුච්ච ගන්න ඕනැ නැහැ කියලා හිතුණා.

      Delete
    4. ආතල් එකටත් එක්ක උත්තරේ කියහන්කෝ බලන්න.

      Delete
    5. 2005 දි රනිල් දිනුවනම් අද අපිට යාපනේ යන්න වෙන්නෙ වීසා අරන් නෙමේද ?????

      Delete
    6. ඇනෝ 2005 කතාව දැන් අදාළ වෙන්නේ නැහැ.මහින්ද යුද්ධේ නතර කලා.එක හරි එත් දැන් රට වැටිලා තියෙන්න ප්‍රපාතේකට.ඒ ප්‍රපාතෙන් මහින්ද රට ගොඩගනී කියලා හිතන්න බැහැ.

      Delete
  3. මාතලන්, දැන් උඹ උඩින්ම අහන්නේ පොදු අපේක්ෂකයෙක් මොකටද? කියන ප්‍රශ්නය. පෝස්ට් එක තියෙන්නෙ ඒක ගැන නෙවෙයි. එතෙන්දි උඹ පොදු අපේක්ෂයෙක් ඕනැ කියලා නිගමනය කරලා ඒ කවුරු වෙන්න ඕනැද කවුරු වෙන්න ඕනැ නැද්ද කියල තර්ක කරනවා.

    අපි යමු මුල් ප්‍රශ්නයට. පොදු අපේක්ෂකයෙක් මොකටද? අප හැමදෙනාටම මහින්ද රාජපක්ෂ පරද්දන්න එක පොදු අරමුණක් තියෙනවද? එහෙම නැත්නම් අපි අපේ අරමුණ සාක්ෂාත් කර ගන්න මහින්ද රාජපක්ෂ පරද්දන්න අනෙක් එවුන් කඩේ යවන්න හදනවද? අන්න ඒක ඩේන්ජරස් වැඩක්.

    පොදු අපේක්ෂකයෙක් මොකටද? ඒකට උත්තර දීලා හිටහන් මුලින්ම.

    ReplyDelete
    Replies
    1. මම අහන්නෙත් ඒකම තමයි. මොකටද පොදු අපේක්ෂකයෙක්?

      Delete
    2. මාතලන්, උඹ ඉන්නෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න මිසක් අපෙන් ප්‍රශ්න අහන්න නෙවෙයි.

      Delete
    3. මමම් උත්තරේ පැහැදිලිව දීලා තියෙනවා මචෝ..

      Delete
  4. සෝභිත හාමුදුරුවන්ට දීලා බලන්ට තියෙන්නේ...නෝනලා එපා... :D

    ReplyDelete
    Replies
    1. එහෙම බල බලා ඉන්නකොට පෙරහර ගිහින් අහවරයි.

      Delete
    2. දීලා බලන්න දෙයක් නැහැ , සෝභිත හාමුදුරුවන්ට දුන්න නම් අහවරයි අනේ....

      Delete
  5. මෙදා පොටේ නං රනිල් ලොක්කට මොකක් හරි ගේමක් ගහලා බලය ගන්න වෙනවා .නැත්තං තව දුරටත් විපක්ෂනායක කමේ අල්ලං ඉන්න වෙන්නේ නෑ.

    මහින්ද ලොක්කාටත් හිතාගන්න බැරිව ඇත්තේ තාම ජන්දයක් තියෙනවද,නැද්ද කියලා.
    මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණයක් ගැන රටේ බලාපොරොත්තු ඇති කරලා, 2016 වෙනකං මේ විදියට ඇදගෙන ගිහිං ජන්දය තිබ්බොත් ආණ්ඩුවට ජයගන්න තියෙන හැකියාව වේගෙන් පල්ලම් බහිනවා.

    එහෙම නැතිව දැන් මහමැතිවරණයක් තිබ්බොත් තුනෙන් දෙකේ බලය ආණ්ඩුවට නැතිවෙනවා. ඒ වගේම පොදු අපේක්ෂකයෙක් ගැන කතාබහ කරන විපක්ෂයේ පක්ෂ වලටත් සිදුවන්නේ ඒ එකඟතා මග නවත්තලා, බෙදිලා ජන්දේ ඉල්ලලා තමන්ගේ බලය තහවුරු කර ගන්න. ඉතිං ඒ හින්දා විපක්ෂයේ පොදු අපේක්ෂක කතාබහ කඩා බිඳ දමන්න නම් මේ වෙලේ මහා මැතිවරණයක් තිබීම ආණ්ඩුවට හොදයි. ඒ වගේම ඒ මහා මැතිවරණය ආණ්ඩුව පැරදුනත්, විධායක බලය මහින්දට තියෙන නිසා ආයේ පාර්ලිමේන්තුව විසිරුවා දමන්න පුළුවන්.
    හැබැයි ඉතිං මහා මැතිවරණයෙන් පත්වෙන උදවිය, ඒ වෙනකොට තමුන්ගේ මුදල් බොහෝ ප්‍රමාණයක් ඔවුනොවුන්ගේ මැතිවරණ කටයුතු වලට වැය කර වෙහෙසව ඉන්න හින්දා, ඊළගට එන ජනාධිපති මැතිවරණයේදී මහින්දට වැඩ කිරීම කර අරින්න ඉඩ තියෙනවා.

    ඒ වගේම අපි හිතමුකෝ ඉස්සෙල්ලා ජනධිපතිමැතිවරණයක් තිබුනා කියලා. එහිදී...

    සමාවෙන්න...කාර්යාලයේ වැඩකට එලියට යාමට සිදුවෙලා. ඉතිරිය පසුව දමන්නම්.

    ReplyDelete
    Replies
    1. රාජකාරිය කොරලා ඇවිත් ඉතිරි ටික කොටන්නකෝ..

      Delete
  6. මෙවර වන වෙනස තව ටික දිනකින්...... අහන්න ලැබෙයි......

    ReplyDelete
    Replies
    1. වෙනස මොකක්ද රනිල් මේ සැරේ ගොඩාක් වෙලාවට ඉල්ලනවා. ඒත් අනික් උන් රනිල් පොදු අපේක්ෂක ලෙස පිලිගන්නවද කියන එකයි ප්‍රශ්ණය.

      Delete
    2. @ මාමා ජී,

      අනේ මන්දා මාමාජී........! මන් ජී බලාගෙන ඉන්නේ ඡන්දේ දා රෑට දාන් ෆිල්ම් එක මොකක්ද කියලා......!

      සිරාවටම!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. මොකෝ පිළිනොගෙන...?ජෙප්පො & පොනිය කැමතියි.....ඔය තෙපර බාන්නෙ අපිව කොලොප්පන් කරන්න....

      Delete
    4. වෙන්න ඕන නම් ඒ දේ තමා. ඒත් නොවෙන තැනට තමයි වඩාත් ඉඩ කඩ තියෙන්නේ. ෆොන්සේකා බාන එක ලොක්කට එච්චර ගේමක් නෙමෙයි.

      Delete
    5. ලොක්ක ....හෙක්..... බලපං .... මචෝ..... සුභ අනාගටය ...හෙට අනිද් ඩා .....

      Delete
  7. අන්තිමට වෙන්නේ මෙච්චරයි.ගොඩා...ක් කට්ටිය පොදු අපේක්ෂකයෝ දානවා.ඒකලා ඔක්කොම ජෝක් එකක් වෙනවා.අන්තිමට මහින්ද දිනනවා.ඊට පස්සේ ඒකේ තේරුම මහින්ද රාජපක්ෂ කියන ප්‍රතිරූපයට අභියෝග කරන්න පුළුවන් කිසිම මනුස්සයෙක් ලංකාවේ නෑ කියන එක.මොකද ඔය යහපාලනය,ප්‍රජාත්‍රන්ත්‍රවාදය,නීතිය ‍රැකීම කියන දේවල් ලංකාවේ මිනිස්සුන්ට තේරෙන සිංහලෙන් කියන්න පුළුවන් කෙනෙක් තවමත් නෑ.අනික ලංකාවේ මිනිස්සුන්ගේ මතය වෙන්නේ අනිකට හෙන ගහලා ගියත් කමක් නෑ තමන්ට කුට්ටියක් එනවනම් කියන එකනේ,ඉතින් උන් ඔය නීතිය රකින,යහ පාලනය දෙන අයට ඡන්දේ දෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කතා කරන එකෙකුටවත්, ඉන්න එකෙකුටවත් විකල්පයක් නෑ. ඒකයි ප්‍රධාන කරුමය.

      Delete
  8. රනියා ගැන කතා කරන එකත් වචන නාස්තියක් බං ඕකා දිනන්නේ නෑ. ඌට දිනන්න බෑ මහින්ද එක්ක නෙවෙයි අඩුගානෙ කු. ඩු. ජයරත්න සීයා එක්කවත්. ඔය සෝභිත ගොයියා වගේ එකෙක් දැම්මොත් ඌ පරාද වුණත් අපට ටික කාලෙකට හරි සොමියක් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒක අලුතෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. ඒත් මම කියන්නේ පොදු අපේක්ෂකත්වයට නියම සුදුස්සා රනිල් කියන එක. මොකෝ දැන් හැම එකාම කියන්නේ පඹයෙක් දැම්මත් දිනනවා කියලනේ. ඉතින් එහෙම නම් රනිල් දැම්මට අවුලක් නෑ නේ.

      Delete
    2. රනියා දාන එකේ කිසිම ගතියක් නෑ බං. හරිම බෝරිං වැඩක්. සෝභිත දැම්මොත් මාර සෙල්ලම් ටිකක් යාවි. සෝභිත දිනවන්න ගේන තර්ක. සෝභිතට මඩ ගහන ඒවා. සෝභිත ප්‍රතිඋත්තර දෙන හැටි. සංඝයලා මරා ගන්නහැටි. පාදිලියො සෝභිතට සපෝට් කරන හැටි. මොන සොමිද? කවුරු දැම්මත් පරදින එකේ පොඩි සොමියක් අරන් පරදිමු කියන එකයි මම කියන්නෙ.

      Delete
    3. සංඝයාගෙන් ආතල් ගන්න එපාය කියලා බුදු හාමුදුරුවෝ දේශණා කොරලා තියෙනවා. ඒවා හරි පව් වැඩ. මාතලන් පව් වැඩ වලට කැමති නෑ. සෝභිත හාමුදුරුවොත් හදන්නේ ඉල්ලන් වළඳන්නද කොහෙද...

      Delete
    4. ආතල් ගන්න නෙවෙයිනම් බං මොනවටද සංඝයලා ඉන්නෙ? දැන් බලපං උඹට පුළුවන්ද ගලබොඩ ඥානිස්ස්‍රලා, මාදුලුවාවේ සෝභිතලා, අර කොහේද ඤානිස්ස්‍රලා දෙන ගංගොඩවිල සෝම උන්දැ වලකජ්ජ ගහලාත් දීපු ආතල් දෙන්න? කියපං බලන්න.

      Delete
    5. මතක නැති වුණා වටරැක විජිතලා, සිරිධම්ම සමන්තබද්‍රලා, උඩුවේ ධම්මාලෝකලා.... ඔය ඉන්නේ ජොකියො ටික. මාරයා අපේ කරුමෙට සිවුරු ඇරියේ. නැත්නම් ඌත් සිවුරේ ඉඳන් තාම ආතල් දෙනවා.

      Delete
    6. එහෙම ආතල් දෙනවා තමයි. ඒ උනාට ඒ ආතල් එළව එළව ගන්න නරකයි. හරි පව් මචෝ...

      Delete
    7. මොකද්ද බං පව? ඔය සිවුරු අස්සෙත් ඉන්නෙ උඹලා අපි වගේ මිනිස්සු තමයි. කොණ්ඩෙ වැවුණම අපි වගේමයි. වෙනස අපි ජීවත් වෙන්න පණ යනකල් මැරෙනවා කීයක් හරි හම්බ කරන්න. මුන් ටික නිකම් පිනට හම්බවෙන බත් ගිල ගිල ඉන්නවා. ඒ ටික කාලා කට වහගෙන හිටපියකෝ. ඒකත් නෑ. රට පෙරළන්න යනවා. දන්න මඟුලකුත් නෑ. කරන්න පුළුවන් දේකුත් නෑ. ඒත තමුන් ලෝඩ් පකීර්ලා කියලා තමයි හිතාගෙන ඉන්නෙ. මට නම් ඕකුන් පේන්න බෑ. තට්ටයක් දකින කොට හිල් වෙන්න පොල් ටොක්කක් අනින්නමයි හිතෙන්නේ.

      Delete
    8. මට නම් තට්ටයක දැක්කොත් පුදුම භක්තියක් ඇති වෙන්නේ. ඔය කතන්දර කාරයා දකින් කොටත් එහෙමමයි.

      Delete
    9. මුන්ට අඩුගානෙ යට ඇඳුමක් අඳින්න තරම් සංවරයක් නැහැ. ඝන්ටාරෙ වන වනා තමයි කොහේ ගියත් යන්නෙ. කාල කාලා තෙල වැඩි වෙලා ඇඟ අමු ජොල්. පුටුවක් උස්සන්න බෑ හති දානවා. පුදුම කාලකණ්නි ජාතියක්.

      Delete
  9. 01.පොදු අපේක්ෂකයා කවුද කියන කාරණය ගැන,
    මම නං මුල ඉඳලම විශ්වාස කරන්නෙ "ජනප්‍රියතාවය" සහ "විශ්වාසය" කියන දෙක යම් යම් අනුපාත වලින් තියන කෙනෙක් ගන්න ඔ්න කියන එක. රනිල් මේකට දැමීම නිර්මාල් දාන තරමේම ගොන්කමක් කියනව ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ.

    02.පොදු අපේක්ෂකයට ව්‍යවස්ථාවක් ගැන අදහසක් තියෙන්න ඕන කියල මම නං හිතන්නෙ නෑ. හෙට ජනාධිපති ජනාධිපතිවරණයක් කැ‍ෙඳෙව්වොත් ව්‍යවස්ථා හද හද ඉන්නවට වැඩිය වැඩ තියනව.
    මම කියන්නෙ විධායක ක්‍රමය වෙනස් කරන්න හරි දැන් තියන යකාගෙ බලතල සෑහෙන්න ප්‍රමානයකින් කප්පාදු කරපු කෙනෙක් ගේන්න හරි උවමනාවක් පොදු අපේක්ෂකයට තිබුනොත් ඒ හොඳටම ඇති. ඉතිරි ටික ලේසියෙන් කරගන්න පුළුවන්. ඒ වගේම පොදු අපේක්ෂකය නිර්පාක්ෂික වීමත් ඒ තරම්ම වැදගත්. මොකද රනිල් ඇවිල්ල ජනාධිපතිවරණය දිනුව කියල හිතමු.(ඒක වෙන්නෙ නැතත්). පාර්ලිමේන්තුවත් එයාට ලැබෙනව කියන්නෙ ආයෙත් මුල හිටපු තැනටම වැටෙනව. එයාගෙන් බලතල උදුර ගන්න ආයෙත් මුල ඉඳලයි සටන් කරන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නිර්පාක්ෂිකයා ගියත් වෙන්නේ රනිල් ගියාම වෙන දේම තමයි. වෙනසක් නැතිව මේ ක්‍රමය යටතේ නැවතත් පත්වෙන්නේ මහින්ද කෙනෙක්ම තමයි. මහින්ද එන්න ඉස්සර වෙලා උන්න ඔක්කෝම ජේ ආර්ලා. මීට පස්සේ එන්නේ මහින්දලා. සෝභිත ආවත් එච්චරම තමයි. කෝ එකෙක්වත් සෝභිත ගැන මම අහපු ප්‍රශ්ණවලට පිළිතුරු දීලා නෑ. සෝභිත නෙමෙයි සිද්ධාර්ථ ආවත් මේ ක්‍රමය යටතේ වෙන්නේ මේ ටිකම තමයි.

      Delete
    2. ප්‍රශ්න ටිකට උත්තර ඕන කියල අපි දන්නවෑ!

      සෝභිත වේවා කවුරුහරි නිර්පාක්ෂිකයෙක් ඔතනට ගෙනාවොත් හොඳයි. එයා දිනල ඉවරවුනාට පස්සෙ (දිව්රුම් දෙනව කියන්නත් ඕනද) තියන පාර්ලිමේන්තු මැතිවරණයකට පස්සෙ හෝ ඊටත් කලින් පුළුවන් අර ගෙජ්ජි බඳින වැඩේ කරන්න.

      මේකෙ වැදගත්ත්ත්ත්ම කාරණය මේකයි.
      දැන් තියන තත්වය අනුව පක්ෂ නායකයෙක් ජනාධිපති උනොත් එයා පාර්ලිමේන්තු බලය ගන්න එක අහන්න දෙයක් නෙවේනෙ. ඒ කියන්නෙ විධායක බලතල අහෝසි කරනව කියන්නෙ හීනයක් විතරයි. චන්ද්‍රිකයි මහින්දයි දෙන්නම පෙන්නුවේ අන්න ඒ යථාර්තය. එතකොට අපිට ඉතිරි වෙලා තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ බලතල නැති කෙනෙක් ජනාධිපති කරල එයාගෙත් කැමැත්තෙන් විධායකයේ තටු කැපිල්ල. ඒ වගේ දේකට පාර්ලිමේන්තුවෙ 2/3 ගන්න එකත් කජ්ජක් නෙවේනෙ. ඒකයි මගේ යෝජනාව.

      දූෂණය හොරකම් නැතිකිරීම ගැන කියනව නං ඒකත් විධායකයේ බලතල නැති කිරීමත් එක්ක එක්තරා මට්ටමකට කරන්න පුළුවන් දෙයක්. දැනට, විධායකයේ බලතල ‍කොච්චර දුරට හොරුන් ආරක්ෂා කරන්න පාවිච්චි කරනවද කියල දන්න උඹට ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනද?

      Delete
    3. දිනන්නේ නිර්පාක්ෂිකයෙක් උනාට. එතකොට ඒ පත්වෙන එකා ව්‍යවස්ථාවට කලින් පක්ෂයක් හදනවා. එහෙම නැත්නම් එයාගේ ටීම් එකක් හදනවා. එහෙම නැත්නම් පොදු පෙරමුනක් හරි සංධානයක් හරි ගහනවා. එතකොට මේ ඉන්න ෆේලියර් ටිකත් ඒකටම එකතු වෙනවා. අන්තීමට අර නිර්පාක්ෂික එක්කෙනා මහින්දටත් වඩා පවර්ෆුල් එකෙක් වෙනවා. ඒ නිසා ක්‍රමය නැති කල යුතුමයි. ඒක ඡන්දයෙන්ම කරන්න ඕන. නැත්නම් ඉතින් ආයෙත් එපා වෙනකන් තව මහින්ද කෙනෙක් ඉඳියි.

      Delete
    4. උඹ කියන අවදානම තියනව. නෑ කියන්නෙ නෑ. නමුත් හොඳම විසඳුම ඒක තමයි. පක්ෂයක ඉන්න කෙ‍නෙක් එනවට වැඩිය හොඳයි නිර්පාක්ෂිකයෙක් ඒම.

      //ඒ නිසා ක්‍රමය නැති කල යුතුමයි. ඒක ඡන්දයෙන්ම කරන්න ඕන//
      කොහොමද ඒක කරන්නෙ කියල පොඩ්ඩක් පැහැදිලි කරපං.

      Delete
    5. ඔක්කෝම පැත්තක තියලා සම්පූර්ණ අළුත් ව්‍යවස්ථාවක් හදන්න ඕන. ඒක ප්‍රසිද්ධියට පත් කරන්න ඕන. මූලීක කරුණු ගැන සාමාන්‍ය ජනතාව දැණුමවත් කරන්න ඕන. පොදු අපේක්ෂකයාට දෙන ඡන්දය, මේ ව්‍යවස්ථාව අනුමත කිරීමක් කියලා කියන්න ඕන. එතකොට ඒක ජයග්‍රහණය කළොත් ඒ ව්‍යව්ස්ථාවට අනුකූලව සියල්ල සිඳු වෙන්නේ ඕන. ඇවිල්ලා කරනවා කියන්නේ, නිකන් දෙන්නන් කාසි ගේමක්. කී දෙනෙක් දැන් ඇවිල්ලා දුන්නද. දුන්නා පුක නැති වෙන්නම.

      Delete
    6. ඔක්කෝම පැත්තක තියලා සම්පූර්ණ අළුත් ව්‍යවස්ථාවක් හදන්න ඕන.//

      හැදුව!

      ඒක ප්‍රසිද්ධියට පත් කරන්න ඕන.//
      කලා!

      මූලීක කරුණු ගැන සාමාන්‍ය ජනතාව දැණුමවත් කරන්න ඕන.//
      හරි!
      පොදු අපේක්ෂකයාට දෙන ඡන්දය, මේ ව්‍යවස්ථාව අනුමත කිරීමක් කියලා කියන්න ඕන//
      ඒකත් හරි!

      ////එතකොට ඒක ජයග්‍රහණය කළොත් ඒ ව්‍යව්ස්ථාවට අනුකූලව සියල්ල සිඳු වෙන්නේ ඕන////
      ඔන්න ඕක තමයි මගෙත් ප්‍රශ්නෙ. ඔය එන මිනිහ අයින් වෙන්න බෑ කිව්වොත් මොකද්ද විකල්පය?ආයෙත් මුලට යාම තමයි.

      අනෙක මාතලන් කියන විදියට මේක ව්‍යවස්ථාපිතද? පාර්ලිමේන්තුව නැතුවද කරන්නෙ?

      Delete
    7. එතකොට 75 කරපුවා, 78 කරපුවා ව්‍යවස්ථාවට අනූකූල ඒවද. මේ තියෙන එකේ පැචස් කීයක් තියෙනවද. ජනතා පරිමාධීපත්‍ය සියල්ලටම වඩා බලවත් කියලා කියනවා නේද.? ඕන කමක් තියෙනවනම් කොරන්න බැරි කමක් නෑ නේද?

      Delete
    8. අනේ බං මොනවද මේ කතා කරන්නෙ. මම ඇහැව්වෙ උඹේ වැඩපිලිවෙල ව්‍යවස්ථාවට අනුව-නීතියට අනුව කරන්න පුළුවන්ද කියල. 75, 78 ව්‍යවස්ථාවට පිටින් මොනවද කලේ? දන්නෙ නැති නිිසයි අහන්නෙ.

      දැන් තියන නීතියෙ හැටියට ව්‍යවස්ථාවක් වෙනස් වෙන්න නං පාර්ලිමේන්තුවෙ 2/3 අනුමැතිය ඕන. විධායකය අහෝසි කරන්නත් ඒ නීතියම තමයි ඕන. මහින්ද ලොක්ක සදාකාල් ඉල්ලන්න හදාගත්තෙත් ඒකෙන්. මම අහන්නෙ උඹ කියන ව්‍යවස්ථාව අනුව ජනාධිපති(හරි වෙන කාව හරි) පත් වෙන්නෙ කොහොමද කියන එක පැහැදිලි කරන්න කියල.

      Delete
    9. ඒකට මචෝ වෙනම පෝස්ට් දෙක තුනක් ලියන්න වෙනවා. කොමෙන්ට් එකකින් දාන්න බෑ. ඒත් පොඩි දෙයක් කියන්නම්. මේ රට හදන්න නම් විධායක ජනපති ක්‍රමය අවශ්‍යයි, ඒත් මේ තරම් බල තල අවශ්‍ය නෑ. කොටින්ම ජනාධිපතිත් පොදු නීතියට යටත් විය යුතුමයි.

      Delete
    10. 72 ජනරජ ව්‍යවස්ථාව ගෙනාවෙ පාර්ලිමේන්තුවෙන් පිටත රැස්වෙලා කියලයි ම්ං අහලා තියෙන්නෙ.. අවශ්‍යන\ම් එහෙම දෙයක් මේ සැරෙත් කලෑකි,

      Delete
    11. දෙපැත්තම කියන දේ ඇත්තක් තියෙනවා.කොහොමත් "බලය"අතට ගන්න මිනිහා ඕක අතහරි කියලා විශ්වාස කරන්න අමාරුයි තමයි.(උඹලා දෙන්නාගෙන් කෙනෙක් නිර්පාක්ෂිකයෙක් වෙලා බලය ගත්තොත් එත් අත්හරිද කියලා විශ්වාස කරන්න බැහැ.:D )එහෙමයි කියලා මේ වැඩේ අතාරින්නත් බැහැ.මේ ක්‍රමයේ වෙනසක් ඕනෙමයි.

      Delete
  10. @මාතලන් සහබ් & සර්ව සහබ්ස්,

    අර උඩින්ම කමෙන්ට් කරලා තියෙන දේශක සහබ් කියන කතාවට මම ජී නම් 150%ක්ම එකඟයි!!!!!!!!

    මොකද ඇත්තම කිව්වොත්, "සෝභිත හාමුදුරුවෝ" කියන්නේ අනාත විරුද්ධ පක්ෂවල නොහැකියාව/ හෙළුව වහගන්න හම්බවෙච්ච තවත් එක් රෙදි කඩමාල්ලක්ම විතරයි.....!!!!!

    කෙනෙක් කියනවා නම් වැඩේට ගැලපෙන එකම කෙනා "සෝභිත හාමුදුරුවෝමයි" කියලා, මම ජීට කියන්න තියෙන්නේ, ඒ වෙනුවට "ඥානසාර හාමුදුරුවොන්ව" ඉදිරිපත් කරන්න!!!!!!!
    (උන්වහන්සේ අනිවා දිනයි කියලා කියන්න බෑ තමයි!!! නමුත්, "සෝභිත හාමුදුරුවොන්ට" වඩා එක ඡන්දයක් හෝ වැඩිපුර ගනියි!!!! ඒක ෂවර් ඇන්ඩ් ෂොට්!!!!!!)

    හික්z!

    සංවාදයට බොක්කෙන්ම විවෘතයි!!!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. සංවාදයක් නෑ... මම කියන්නෙත් ඔය දේම තමයි..

      Delete
    2. මාත් හිතන්නෙ ආගමේ ජාතියේ සිකුරිටි දේවතා නානසාර ස්වාමීන්ද්‍රයන් තමයි හොද.
      එතකොට කොලොන්නාවෙ ස්ටයිල් එකට චන්දෙ කරල සමහරවිට නිවන් ගිහින් ආගමට ලොකුම සේවය කරන්නත් උන්වහන්සේට පින පෑදෙන්න පුලුවන්

      Delete
    3. මතේ .. උඹේ ලිවිල්ල නිසා දෙශපාලනේ කියන සබ්ජෙට් එක පිලිකුල් කරපු පොඩි වයස් වල උනුත් අකුරු ගැටගහල හරි වචනයක් කියනවා ..
      ඕකා / මම එහෙම උං !!!!!!!

      Delete
    4. ඒ දේ අත්‍යාවශ්‍යයි පත්තරේ. ඒකයි මම කේතකයවත් අප් කරන්නේ. අපිට ඕන ඒ වගේ තරුන පරපුරක්..

      Delete
    5. @ මාතලන් සහබ්,

      එකෙන්ම! දාන්න ලොක්කා පහක්!!!!!!!!!

      @ ප්‍රා ජේ ජී,

      රත්තරනේ උඹව දැක්ක කල්..........!!!!

      අනිවාර්යයෙන්ම! පාවෙන ඩයල් හැමෝම වාගේ "සෝභිත හාමුදුරුවොන්ව" ප්‍රමෝට් කරන එකේ, අඩුම තරමේ අපි දෙන්නාවත් අපේ "ඥානසාර හාමුදුරුවෝ" වෙනුවෙන් කඩේ යමු බං!!!!!!!!

      සාදු! සාදු!! සා.........දු!!!!!!!!

      @ පත්තර මල්ලී භයියා,

      අච්චා!! අච්චා!!! මම ජීටත් පොලිටිස් ගැන වචනයක් හෝ ගැටගහන්න හිතෙන්නේ අපේ "මාතලන් සහබ්ගේ" ලිවිල්ල නිසායි!!!!!!

      @ මාතලන් සහබ්,

      කේතක??????

      තේරුණේ නෑ නෙව!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  11. තවම පොදු අපේක්ෂකයෙක් හරියටම මතු නොවිම අවාසියක්,(ප්‍රතිපත්ති හා එකතුවක් වශයෙන් හෝ )විපක්ෂ වුණත් හරි එකතුවක් පෙන්නන්නෙ නෑ පෙන විදියට ,රනිල් නම් පොදු අපේක්ෂකයට වැඩක් නැති වෙයි මගේ මතය,මොකද රනිල් රටේ විදිය තවම අදුන ගෙන නෑ(විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජන්ද පදනම) මේ සැරේ එන පොදු අපේක්ෂකයා කවුරු වුනත් සිංහල මෙන්ම දෙමළ,මුස්ලිම් ජනතාව එක් කර ගන්න හැකි වුවොත් ජන්දය තමන්ට වාසි දායක කර ගන්න හැකි වෙනු ඇත ,එහෙම නැති වුවහොත් කාටවත බහුතර බලයක් ගන්නට නොහැකි වනු ඇත ,

    නමුත් ජනමතය හරියට හුලග වගේ ,ලොක්කා දක්ෂයා ආණ්ඩුව ඇතුලෙන් බිදි යාමක් වුණේ නැති නම් ලොක්කා නැවතත් ලොකු පුටුවෙම වාඩි ගනු ඇත,ආණ්ඩුව හදන්නෙ බොරුවට පච විමලේ හා හක් ගෙඩි ටික වෙනම කඩලා පෙන්නලා විපක්ෂ ජන්ද ටිකත් ගන්න වගේ එහෙම වුණොත් ලොක්කා පුටුවෙන් හොලවන්න බැරි වනු ඇත ,ඉතිං අයේ ඔය වෙනස් කිරිම් කෙසේ වෙතත් සැලුන් දොරෙන් කට්ටිය කොපි බොන්න නම් යයි

    ReplyDelete
    Replies
    1. රනිල් නෙමෙයි ජේ ආර් කියන්නෙත් රනිල්ට එහා චරිතයක්. නමුත් ජේ ආර් දිනෙව්වේ වෙන සෙට් එකක්. ඊට පස්සේ එයා තමයි ගේම ගෙනිච්චේ. හොඳ නරක දෙකම තිබුනා. අඩු ගානේ මහන්සි වෙන එකාටවත් කාලා බීලා ඉන්න හම්බ උනා. ඉස්සට කාටත් කන්නත් නෑ බොන්නත් නෑ.

      Delete
  12. Ranil asarthaka palakayeki. Ranil kawadawth me kramaya wenas karanne nathiya. Ranil Horakam nokara unata Hora amathi mandalayakata nayakthwaya dunnaya.
    Mata hithenne Wijedasa rajapaksha, Anura Kumara wage aduma aadena inna kenekuta oka deeela wade kara gatta nam hari kiyaya.

    anith ewun nam me kramaya wenas karanne nathiya. mokada ewunta kanna bari wena nisaya. Podu apekshayata wiyadam karala atha pihida ganna ekekwah wiyadam karanne nathiya.

    ReplyDelete
    Replies
    1. රනිල් අසාර්ථකයි කියන්නේ ගල් ආඳෙක් නොවුන නිසා. නමුත් බින්දුවටත් එහා ගියපු ආර්ථිකයක් රනිල් අවූරුදු දෙකෙන් ගොඩ ගත්තා.

      Delete
  13. පාඨලී චම්පික රනවක ඔක්කොටම වැඩිය හොදයි

    ReplyDelete
    Replies
    1. පොදු අපේක්ෂකයා හැටියට මහින්දට විරුද්ධව එනවා නම් මූට චාන්ස් එකක් තියෙනවා. කරුමේ කියන්නේ මූ මේතාක් කල් කරලා තියෙන දේවල් එක්ක බැලුවාම විරුද්ධ පක්ෂ එකක් වත් මූට තැනක් දෙන්න කැමැති නොවෙන එකයි. රනිල් ඒ අතින් ඊට වඩා හොඳයි.

      Delete
    2. ඒත් කවදාවත් මහින්ද මහත්තයට විරුද්ධව යන්නේ නෑ.. මොකෝ මහින්ද මහත්තයට එයාට වඩා බෞද්ධකම තියෙනවා. හාමුදුරුවරුත් ඉන්නවා. දැක්කේ නැද්ද මහා සංඝයලා පණ ඇරලා ඉන්නේ ලොක්කට.

      Delete
    3. මම නම් හිතන්නෙ වෙන දෙන්න කෙනෙක් නැතිම නිසයි මහින්ද තාමත් දිනන්නෙ.හාමුදුරුවරු මහින්ද පස්සෙ යන්නෙත් වෙන කරන්න දෙයක් නැති කමට .පාඨලී සාපෙක්ශව වැරදි අඩු කෙනෙක්.සමාජය තුල පොඩි මතවාදී වෙනසක් ඇතිකරොත් එක දිගටම අරන් යන්න මිනිහට බැරි වෙන එකක් නෑ.

      Delete
    4. ඔව් අවුලක් නෑ. ඒත් එක දෙයක් තියෙනවා. මොකා ආවත් අනිවාර්යයෙන් ජෙප්පන්ගෙයි, අලින්ගෙයි ආශීර්වාදය ඕන වෙනවා. එයාලා චම්පිකට සප් එකක් දෙයිද. එයා ඉල්ලුවොත් වෙන්නේ දෙමළ මිනිස්සු මහින්දට දෙන එක.

      Delete
  14. රනිල් මේ වෙනකල් අදින්න තියෙන හැම තුරුම්පුවම ඇදලා තියෙන්නේ එකම එකක් ඇර. දිනනවා නම් දිනන්න තියෙන්නේ ඒක විතරයි. ටිකක් රිස්කි වැඩක්. හැබැයි ඒ තුරුම්පුව ඇද්දොත් රනිල්ට දිනන්න සෑහෙන චාන්ස් එකක් තියෙනවා. 2005 දිත් රනිල් ඒ මට්ටමට හරි ආවේ එක්තරා මට්ටමකට ඒ තුරුම්පුව ඇදලා. (ඒත් ඒක ඌට තේරෙන්නෙත් නෑ. උගේ ගෝලයින්ට තේරෙන්නෙත් නෑ.) මෙහෙම කියන්න බෑ මොකක්ද කියලා රනිල් මගෙන් ඇහුවොත් කියන්නම්.

    ReplyDelete
    Replies
    1. බොරු ආඩම්බර නැතිව කියලා දාන්න.2005 දීත් මගේ රැවුල පැහිලා.අපි නොදන්නා රහස් මොනවාද?.ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ කතෝලික පසුබිම ගැනද ඔබ කියන්නේ?

      Delete
    2. රැවුල පැහුණට වැඩක් නෑ ඕක හිතා ගන්න තරම් වත් මොළේ නැත්නම්. රනිල්ට 2005 දී ඔච්චර ඡන්ද ලැබුණේ ඇයි? එතැනින් හිතන්න පටන් ගන්න.

      Delete
    3. රනිල්ට පොඩි බැක් එකක් විතරයි ඕන. 2005 දී මහින්ද මහත්තයට ලැබුනා වගේ. මහින්ද මහත්තයා ඒක දන්නවා. ඒකයි ඔක්කෝටම කලින් එයා ග්‍රවුන්ඩ් එකට බැස්සේ. අනික් අය තාම ටීම් එක සෙලෙක්ට් කරනවා.

      Delete
  15. Ranilata market karanna deyak na . eka and UNP eka balagena inne Janadhipathi putuwe wadi wela inna hati withari. Ranilge wate inna ewun kela hala hala balagena innawa kannna thiyena ewa diha balagena. mathaka nadda Ravi karauna Sathosata deepu hati masa ganata.

    ReplyDelete
    Replies
    1. රනිල් නෙමෙයි කවුරුත් දත කන්නේ ඒකට තමයි. ඒකයි මම කියන්නේ වෙනසක් නැත්නම් දන්න යකා ඔක්කෝටම වඩා හොඳ කියලා.

      Delete
  16. පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න මාතලන් උකහා දක්වා තියෙනවනේ....

    ReplyDelete
    Replies
    1. නලින්ලයි පත්තරෙත් තියෙනවනේ...

      Delete
  17. මහින්ද රාජපක්ෂ මහත්තයා සමඟ තවදුරටත් රටට ඉදිරි ගමනක් නම් යන්න බැරි බව පෙනෙනවා.යුද්ධය සාර්ථකව නිමා කිරීමේ කීර්තිය සහ හැකියාව ඔහු සතු වුවද.අනෙකුත් ආර්ථික, දේශපාලන කටයුතු වලදී ඔහු පැහැදිලිවම අසමත්ය.වර්තමානයේ රටට අවැසි වෙන්නේ උඩු රැවුල,සාටකය සහ මල්වට්ටිය සමඟ සෙල්ලම් දමන්නෙකු නොව ශුර රාජතාන්ත්‍රිකයෙකි.ඔහු නිරාගාමිකයෙකු වෙන තරමට හොඳය.මෙයට ඇය යනුවෙන්ද ආදේශ කල හැකිය.කෙසේ වුවත් මාතලන්ගේ මෙම බ්ලොග් ලිපියේ සැඟවුන අර්ථය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඉහලට ඔසවා තැබීමය. " මහින්ද නොවන්නට, දකුණේ උන්නේ, යුද්ධ කර දිනන රණවිරුවන් පිරිසක් නොව, හැමදාම ඉල්ලගෙන කන, බැරි බැරියාවෙන් පෙලුණු, යුධ උපක්‍රම විකුණාගෙන කාපු, ගොබ්බ හමුදාවක් නිසාය " මාතලන් මේ කතාව කියන්නේ එක්කෝ නොදන්නාකම නිසාය නැතිනම් කුහකකම නිසාය.1995 දී කොටින්ගේ හදවත බඳු යාපනය අර්ධදීපය මුදාගත් බව ඔබට අමතකද? ලංකා හමුදාවට බල්ටිබැරල් රොකට් අවි මුලින්ම ගෙන්නුවේ 2000 වසරේ බව ඔබ නොදන්නවාද? නැඟෙනහිර කොටි නායක කරුණා කොටි සංවිධානයෙන් වෙන්වුණේ 2002 දී බව ඔබට අමතක නොමැතිව ඇත.යුද ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ මහතා යටතේ සිදුවූ බව ඇත්තකි.නමුත් ඒ සඳහා වසර ගණනක ලේ කඳුළු දහඩිය හෙලමින් ලංකාවේ ආරක්ෂක හමුදා කල කැපකිරීම ඔබ නොදන්නවාට ඒ යුද්ධයට සක්‍රීයව දායකවී ආබාදිත වූ මම දනිමි.එක පුද්ගලයෙකු ඔසවා තැබීම පිණිස මිනිසුන් දහස් ගණනක් තම ලෙයින් කඳුලෙන් කල කැපකිරීම අවතක්සේරු කිරීම සම්බන්දව කනගාටුව පලකරමි

    ReplyDelete
    Replies
    1. සහෝදරයා ඒවා කවදාවත් අපිට අමතක වෙන්නේ නෑ. කවදත් පොඩි එකා තමයි තැලුනේ. හමුදාවේ අයමයි හමුදාව පාවලා දුන්නේ. ඒක මට වඩා ඔබ හොඳින්ම දන්නවා. මගේ වචනයෙන් සිත් රිදීමක් වූවා නම් සමාවන්න, මන්ද ඒ කාලයේ ජයග්‍රහණයන්ට වඩා තිබුනේ වේදනාකාරි පාරාජයන්ම පමණකි. එයට දේශපාළන නායකයන් මෙන්ම හමුදා නායකත්වයද එක හා සමානව වග කිව යුතුය. යුද්ධය ජයග්‍රහණය කලේ සාම්ප්‍රදායික යුධ නියාමකයින්ගෙන් නොව. තරාතිරම නොබලා ඉදිරියට ගත් වීර සෙන්පතියන් නිසා බවත් ඔබ මට වඩා හොඳට දන්නවා ඇත.

      Delete
    2. කිසිම සිත් රිදීමක් නැහැ මාතලන්.රෝදපුටුවේ හිටියත් කාලා ,බීලා වැලකුත් බලල ඉන්න එකෙක්.පාවා දීම් නැති,පසුබෑම් නැති යුද්ධ කවදත් තිබුනේ නැහැනේ.ලංකා ඉතිහාසය ගැන සිතුවත් ලෝක ඉතිහාසය ගැන බැලුවත් ඇත්ත ඒකයි.අනිත් අතට පොඩි එකා තමයි කවදත් තැලුනේ කියන කතාව මතුපිටින් බැලුවම ඇත්ත තමයි.නමුත් යුධ හමුදා පති හෝ ඒ ආසන්නයේ යුධ හමුදා නිලදාරියෙකුට යුධ පිටියේ සතුරන් සමඟ වෙඩි හුවමාරු කරගන්න බැහැනේ.ඔවුන් කලයුත්තේ යුද සැලසුම් සහ අනෙකුත් පරිපාලන කටයුතු කිරීමය.යම් ලෙසකින් ඉතා ඉහල නිලදාරියෙක් මියගියහොත් ඒ හමුදාව තුල විශාල මානසික පසුබෑමක් ඇතිවෙනවා.ඒ නිසා ඉහල නිලදාරීන් යුද්දයෙන් තරමක් ඈතින් සිටීම වඩාත් ගුණදායකයි.ඔබ කියන ලෙසම අලිමංකඩ,සහ මුලතිවු වලදී හමුදාව ඇති විශාල මරණයන්ට ලක්වුණා.මගේ දැනුමේ හැටියට නම් මේ විනාශය සිදුවුවේ එකල හමුදා ප්‍රධානීන් අනුගමනය කල බලකොටුව රැකගෙන සිටීමේ පැරණි යුද උපක්‍රමය නිසයි.ඒ වෙනුවට බොහෝ ප්‍රදේශයක විසිර පවතින පරිදි කුඩා කණ්ඩායම් වලින් යුතු කුඩා කඳවුරු රැසක් ඉදිකලානම් එක ස්ථානයක දහස් ගනනක් මියයාමේ ඛේදවාචකයට මුහුණ නොදීමේ හැකියාව තිබුණි.සරත් ෆොන්සේකා මහතා යොදාගත්තේ ඒ යුධ උපක්‍රමයයි.ඔහුට ලංකා යුද ඉතිහාසයේ විශිෂ්ඨ ස්ථානයක් ලබා දියයුතු වන්නේ එහෙයිනි.පැරණි යුධ උපක්‍රමම ඔහුද යොදාගත්තනම් තවමත් යුද්ධය ඇවිලෙමින් තිබෙන්නට තිබුණි.මාතලන්@ මා යුදහමුදා සාමාජිකයෙකු ලෙසම සිතන්න එපා.මා වෙනත් ආරක්ෂක සේනාවක් නියෝජනය කල කෙනෙක් වෙන්නත් පුළුවන්.කුඩා භට පිරිසක් ගැන සඳහන් කලේ ඒ නිසයි.නැවතත් මුල් මාතෘකාවට ආවොත් මේ මජර දේශපාලන ක්‍රමය නම් වෙනස් වියයුතුමයි.මෙහෙම ගියොත් දැන් ප්‍රාථමික පන්තිවල ඉගෙන ගන්න කුරුළු පැටවුන් වැනි කොල්ලන්ට තවත් වසර කීපයකින් නැවතත් යුද්ධයට යන්න වෙනවා.ජාතිවාදය ආගම්වාදය බැහැර කරමින් නව දේශපාලන ප්‍රතිසංස්කරණ වලට දැන් යායුතුයි.

      Delete
  18. යුද්ධෙ පටන්ගන්න කලින් මහින්දගෙ තිබුන ස්ථාවරය ගැන මාතලන් මහත්තය දන්නෙ නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. හපොයි හොඳට දන්නවා. හොඳට මතකයි. එයත් හැදුවේ යුද්දේ වවාගෙන කන්න. පට්ට බිස්නස් එකක් නේ ඒක. ඒත් ප්‍රභා මල්ලිට කෙලින්න ගියයින් නේ වැඩේ දෙල් උනේ.

      Delete
  19. පොදු අපේක්ෂකයෙක් කිසියම් පක්ෂයක යාවජීව සාමාජිකයෙකුනම්, ඔහු විසින් පොරොන්දුවන (විධායක අහෝසිය වැනි) කාරුණු බලයට පැමිණි පසු ඉටු කරා වී යැයි සාපේක්ෂව සිතිය හැකිද?
    පොදු පෙරමුණ (පොදු යන භාවිතයෙන්) නිර්මාණය වූවත් එහි රජකම ගත්තේ, ශිලනිපේ උරුමකරුවන් යැයි කියා ගන්නා අයයි. එබැවින් ඔහුට තනිව ගමනක් යන්න අවශ්‍ය පසුබිම ඇත. ඔහුට සහ ඔහුගේ පක්ෂයට වෙනම ඇජෙන්ඩා එකක් ඇත. එබැවින්, එකී නායකයන් ජනතා හඩට එතරම් බියක් දැක්වූයේ නැත. අදද එසේමය.
    නමුත්, පක්ෂයක් පිරිවරා නොගත් සහ පක්ෂ කිහිපයක එකඟතාවයෙන් ඉදිරිපත් වන නායකයෙකු ජනතා හඬට සවන් නො-දේවි යැයි කියා සිතිය හැකිද?

    තවත් කරුණක් ඇත. මේ අවස්ථාවේ ක්‍රමය වෙනස් කිරීමට අපහසුනම් අවම වශයෙන් රටේ නායකයා හෝ වෙනස් විය යුතුය. නැතිනම් අනාගතයේ ඇතිවන තත්ත්වය මීට වඩා දරුණුය.

    ReplyDelete
    Replies
    1. නායකයා වෙනස් විය යුතුයි කියන්නේ, මහින්ද මහත්තයා ගෙදර යන්න ඕන කියන එකනේ. ඉතින් ඒ ගියත් එන්නේ තවත් මහින්ද කෙනෙක් විතරමනේ. ඉස්සර ආවේ ජේ ආර්ලා. ජේ ආර් අඬනවලු මම මොකෙක්ද කියලා.

      Delete
  20. පොදු අපේක්ෂක කියනකොටම නිකන් විහිළුවක් වෙන තරමට ඒක දැන් වාත වෙලා. අර නන්දිමිත්‍ර උන්නැහෙත් කියල තිබ්බෙ එයාටත් පොදු අපේක්ෂක වෙන්න සුදුසුකම් තියෙනව කියල. මෙහෙම ගියොත් පොදු අපේක්ෂකයොත් ඉඳියි පඳුරකට පයින් ගැහුවම දුසිමක් එළියට විසිවෙන ගානට. ෆොන්සේකා උන්නැහෙත්, ඔය උඩ පොටෝවෙ පිරිත් නූල් බැඳගන්න හිටපු සීජේ නෝනත්, එයාට කලින් හිටපු ඒ දවස්වල ලිස්ට් එකේ උඩ හිටපු පාහර සිල්වා උන්නැහෙත් ඔය ඔක්කොම කාලයක් හිටියෙ මහින්දගෙ ඔඩොක්කුවෙ, එක මල්ලෙන් කකා. මධුසමය ඉවරවෙල පස්සට පයින් ගහල එළියට දාලා ලොක්කගෙ පලිගැනීමට ලක්වුන එක විතරනේ බලන් ගියාම මහින්දට එරෙහිව එයාලට තියෙන එකම සුදුසුකම. මහින්දගෙන් පස්සෙ රට ගොඩගන්න, හැම දේම නිවැරදි කරගන්න හිතාගෙන මේ මොඩල් එකේ ඇහින්දාස් කට්ටිය ඉස්සරහට දාගෙන පුළුවන් වෙයි කියල මම නම් හිතන්නෙ නෑ. තිබුනටත් හපන්වෙයි අන්තිමට.

    //ඒත් එයාලා කියන්නේ, ජහමනයාගේ පොදු අපේක්ෂකයා, වන් ඇන්ඩ් ඕන්ලි මහින්ද රාජපක්ෂ විතරයිම කියාය.//

    හදිසියෙවත් පොර කූරිය ගැහුවොත් (අනේ එහෙම නම් වෙන්න එපා :) ) ජහමනයට අබසරණයි ! රට එකතැන නවතියි හුලන් බැස්ස ටයර් එක වගේ.

    ReplyDelete
    Replies
    1. නන්දිමිත්‍ර කියන්නේ කොහොමත් ජෝකර් කෙනෙක් නේ. චොර වෙලා තව වෙන්න චොරක් නැතිව ඉන්න ලොම් හැලිච්ච කැහැට්ටෙක්. මෙහෙම ආතල් එකක් දෙනවා ඇර එයාලට කරන්න පුළුවන් දෙකුත් නෑ. 1994 ඉඳලා මොනවද කරේ කියලා ඇහුවොත් කී දෙනාටද කරපු දෙයක් තියෙන්නේ කියන්න.

      දෙවනි පෙල නායකත්වයක් කොතනවත් නෑ. ඒකත් මේ ක්‍රමයෙම් හෙනයක් තමයි.

      Delete
    2. එකත් මරු වැඩේ අධ්‍යාපන ඇමති විතරක් නම් මදැයි,උසස් අධ්‍යාපන ඇමතියි ඌගේ නියෝජ්‍ය ඇමතියත් ජෝකර් කෙනෙක් වේච්චි කොට අනේ අනිච්චං කියන්න තමයි වෙලා තියෙන්නේ.

      Delete
  21. මට නම් මේ ගැන මොකුත් කියන්න බැරි මං දේශපාලනේ දන්නෙ නැති නිසා.සෝභිත හාමුදුරුවන්ට නම් මම පොඩ්ඩක්වත් කැමති නෑ.හාමුදුරුවරුන්ට දුන්නොත් රට අවුල් වෙනව.කලින් චන්ද වලදි නම් රනිල්ට තමයි චන්දෙ දුන්නෙ .දැන් නම් මිනිහ අරෝබලත් වගෙ.දැන් ඉන්න කෙනත් නරක නෑ නේද .අනේ මන්ද.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන මතයේ තමයි රටේ බහුතරය ඉන්නේ.

      Delete
  22. මාතලන්, බොහොම කෙටියෙන් කියනවනං, මම දකින හොඳම ක්‍රර්මය තමා අපි සෝභිතව දාල ජනාධිපතිවරනෙ දිනල, ඒක අහෝසි කරල ඉන්පස්සෙ රනිල් අගමැතිවෙච්චි ආන්ඩුවක් පිහිටුවන්න ඕන.

    රනිල් කියන්නෙ අපිට ඉන්න සිරාම බුවෙක් නොවුනත් අවස්ථාවෙ හැටියට හොඳම අගමැති අපේක්ෂකය. මොකද මහින්ද යුද්ධෙ දින්නට පශ්චාත් යුධ ප්‍රශ්ණ කළමනාකරනය කරගන්න දක්ශයෙක් නෙමෙයි. ඒ වගේම මිනිහගෙ ආර්ථික කළමනාකරනය බින්දුවයි. ඒ නිසා දැන් මහින්දගෙ නට්ටිය ඉවර කරල රනිල් වගේ කෙනෙකුට අවස්ථාව දෙන්න කාලෙ හරි.

    හතලිස් පහේදි සුද්දො යුද්දෙ දිනාපු කොන්සර්වේටිව් චර්චිල්ව ගෙදර යවල ලේබර් පාර්ටියෙ ආන්ඩුවක් ක්ලෙමන්ට් එක්කල හදා ගත්තු නිසා පශ්චාත් යුධ තත්වෙ කළමනාකරනය කරගෙන ජාතියක් විදියට කෙලින් හිට ගත්ත. ඉන්දියාවට නිදහස දීල, එලවන්න කලින් අයින් වෙලා අධිරාජ්‍යවාදෙ නමත් තියන් නම්බු පිටින් තත්වෙට අනුව වෙනස් උනා. අපිටත් ඕන එහෙම නායකයෙක්.

    ReplyDelete
    Replies
    1. ඉන්දිකට හිතෙන්නේ නැද්ද "සෝභිතව දාල ජනාධිපතිවරනෙ දිනල, ඒක අහෝසි කරල ඉන්පස්සෙ රනිල් අගමැතිවෙච්චි ආන්ඩුවක් පිහිටුවන්න ඕන" කියන එක අයිඩියල් කන්ඩිෂන් එකක් කියලා , මොකද සෝභිත හාමුදුරුවෝ කියන්නෙත් තව මනුස්සයෙක් විතරයි , ඕනම අවස්තාවකදී සෝභිත හාමුදුරුවෝ රනිල්ට වඩා මහින්දට එකතුවීමේ සම්භාවිතාවය වැඩියි. මොකද ඒ වෙනුවෙන් මහින්දට වැයවෙන්නේ වචන කීපයයි , "රනිල් රට කොටියට දෙනවා " කියපු ගමන් සෝභිත හාමුදුරුවෝ මහින්දගේ සාක්කුවේ , අනික මොනවා කිව්වත් කොටියට රනිල් සපෝට් කියන මතය මිනිස්සු අතරේ තාම තියෙනවා .

      ඒක නිසා කොහොම හරි රනිල්ම ජොකියා වෙලා රේස් එක දිනනවා මිසක් අරයව දාලා දිනලා රනිල්ට අරන් දෙනවා කියන එක මගේ මතයේ හැටියටනම් වෙන්නේ නැති වැඩක්

      Delete
    2. කළ හැකි නම් ඉතාම වටිනවා. අනේ මන්ද ? මේ කපේ එහෙම කරන්න ඇහැකිද කියලා?

      Delete
    3. හික්ස් හික් හික් හික්.... උඹ හිතුවද සම්න්තභද්‍ර වගේ සෝභිත හාමුදුරුවොත් නිවන් අවභෝධ කරගෙනෙයි කියලා. හදිසියේ හරි දින්නොත්, සෝභිත හාමුදුරුවෝ, සෝභිත හාමු වෙනවා. මේක මචෝ උතුම් වූ නිවනටත් වඩා උතුම් සැපතක්. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. විශ්වයෙත් නෑ. බුදු බණෙත් නෑ.

      Delete
  23. මොක වුනත් මම හිතන්නෙත් මේ සැරෙත් කප් එක ගහන්නේ ලොක්කාම තමයි.ලොක්ක කප් එක ගහපු දාක ඉතිරිය ගැන හිතමු. හැබැයි එවරෙඩි බැටරියක් බහිනකල්ම ඉන්න වෙයි මාතලන් ..............

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න තියෙන සම්භාවිතාව බොහෝම වැඩියි. මෙයාලා තාම සැඟවුනු අමුත්තා සොයනවනේ.

      Delete
  24. ඔන්න ඔහේ ඔය පෝලිමට එකතුකර ගන්නකෝ අපේ ජේම්ස් පැකර්වත්.

    ක්ශනිකව ඒ.පු.ද.ජා.ආ රොකට් වගෙ ඉහල යනු ඇත.
    ඔහුට සල්ලි ඇත. හම්බු කරන්න දේශපාලනයට එන්නේ නැත
    අනික ස්ට්‍රීට් ෆයිට් ද පුලුවනි.
    අනෙක් කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ සුන්නදූලි කරනු ඇත
    සුද්දා නිසා ජාතයන්තරයත් බැලන්ස් කර ගත්තැකි

    ReplyDelete
    Replies
    1. ජේ. පී. මගෙන් ඔබට බල්ටි සහ විසිල්!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. බෑ නේ. එක ක්‍රිස්තියානී. දෙක කැසිනෝ කාරයෙක්. අපි නම් හිතුවේ කැසිනෝ කියන්නේ සල්ලි ඔට්ටුවට ගේම් ගහන තැනක් කියලා. මෙහේ අය කියන්නේ ඊට එහා ගිය ගේම් තියෙන තැනක් කියලා. එයාලට අනුව ඔස්ට්‍රේලියාවේ තනිකර ඉන්නේ ගොන්නු සහ සූදූ අන්තුවෝ. ඔක්කෝම ඔස්ට්‍රේලියන් කාරයන්ගේ සල්ලි තියෙන්නේ පැකර් ගාව.

      Delete
    3. මාතලන්. දෙකම ඒච්චර කාරනා නෙමෙයි නේද
      අදහන ආගම මොකක් උනත් කමක් නෑ අතේ පිරිත් නූලක් බැන්ද ගමන් වැඩේ හරි. ඔනේ නම් දාමු මාගම් පුරවරේ වගේ නමක්, ඔතනහාමිගේ තිස්ස ජේමිස් සුරේන්ද්‍ර .

      කැසිනෝ අවුලක් නෑ, පොඩි පොඩි දුරාචාර වුනාට, මිනී මරන්නේ නෑ නේ. අඩුම ගානේ හරක් මස් කඩයක් තරම්වත් මිනී මරන්නේ නෑනේ

      Delete
  25. මොන පොදු අපේක්ෂකයා ආවත් සිංහල බෞද්ධ චන්ද පදනමක් තියෙන එකෙක් වෙන්නම ඕනේ , කවුරු මොන තර්ක දැම්මත් සුළුජාතික චන්ද වලින් විතරක් මේක දිනන්න බෑ , 2005 රනිල් වැරැද්ද ගත්ත තැනත් ඔතනම තමයි . රනිල් උතුරේ චන්ද එක්ක ගණන් හදලා ඒක මත ඉඳගෙන දිනුම් කියන තැන හිටියාමිසක් සිංහල බෞද්ධ චන්ද පදනම ගැන හිතුවේ නෑ , උතුරේ චන්ද නොවටුනානම් කියන උපකල්පනය මත සැලැස්මක් හැදුවේ නෑ.

    මෙහ්ටන් වෙලා තියෙන්නේ සිංහල බෞද්ධ කියන වචන දෙක අපේ ජාත්‍යන්තර වාදියෝන්ට දිරවන්නේ නෑනේ , ඒ කියන්නේ පොළොවේ පය ගහලා ඉන්න එකෙකුට තේරෙනවා මිහිඳ කකුල් දෙකම තියන් ඉන්නේ ඔය චන්ද ටික උඩ කියලා . ඉතින් එතන හොල්ලන්න පුළුවන් එකෙක් නැතුව මොන පොදු අපේක්ෂකයෙක් ආවත් වැඩක් නෑ.

    අනික සුළුජාතික චන්ද වලට ඕනවට වඩා බර දාන්න ගියොත් දෙන්න හිටිය එකත් මහින්දටම දෙනවා ,මොනා වුනත් අන්තිමට සිංහලයට ඉන්නේ මහින්ද මහත්තයා විතරයි කියලා

    ReplyDelete
    Replies
    1. ඕක පරම සත්‍යයක් මේ පොළොව මත. ඒක තේරුම් නොගෙන ඩෙඟා නටන්න යන එකා පරදිනවා. ඒකයි මම කලින් ළිපියෙත් කිව්වේ. සියල්ල තීරණය වෙන්නේ බහුතර සිංහල බෞද්ධ ඡන්ද මතයි කියලා.

      Delete
  26. මට මතක්වෙන්නෙ 2008-9 කාලෙ බ්ලොග්කාරයො එකතුවෙලා යුද්දෙ කරන්න ඕනෙ මෙහෙමයි කියල පඩි ටෝක් දාපු හැටි.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට එහෙම තමන් කැමති දේ කියන්න අයිතියක් තියෙන්න ඕන. එවා පඬි ටෝක්ද නැද්ද කියන එක, කියවන එකා තීරණය කරයි.

      Delete
    2. අනිවා :)

      Delete
  27. කොහොම උනත් පොදු අපේක්ෂකයා කියන චරිතෙට සරිලන කිසිඳු පක්ෂයක් සමඟ සම්බන්ධයක් නොමැති. පදවියට ආශාවක් නොමැති එකෙක් හොයනවා කියන්නෙ හීනයක් විතරයි.

    මොකා ආවත් හිතන්නෙ මගේ කාලෙ ඉදලම මේක අහෝසි කරනවා කියලා. කවුද බලයට අකමැති.

    ReplyDelete
    Replies
    1. අනිවා සෝභිත හාමුදුරුවෝ දාලා යයි මේන් කියලා. මේ කියන විදියට ව්‍යවස්ථාව ගේන්න මාස හයක් විතර යනවා. ඒ වෙනකොට සෝභිත හාමුදුරුවන්ට වැටහෙනවා නිවන මොන රෙද්දක්ද කියලා. ඊට පස්සෙ උන්නාන්න්සේ දේශණා කරනවා මෙහෙම. පින්වත්නි මම මේක දාලා ගියොත්, අර වෙස්සන්තර අප්පුහාමී ජූජක බමුනට දරුවෝ දන් දුන්නා වගේ වෙනවා. ඒ නිසා අපි ඒ කතා වලින් පාඩම් ඉගෙනගෙන එහෙම වැරදි නොකරන්න හිතට ගන්න ඕන. වෙස්සන්තර අප්පුහාමි දරු දෙන්නට කල දේ. මට මේ රටේ පින්වත් ජනතාවට කරන්න බෑ.

      Delete
    2. සිවුරෙ හිටියට සෝභිත හාමුදුරුවො උනත් පුතග්ජන‍යෙක් නොවැ. අනිවා ඔය වගේ බණක් කියලා ඔය මඟුලෙම එල්ලිලා ඉන්නවා.

      Delete
    3. සෝභිතයා ගැන දන්නෙ නැති එවුන්ට නම් ඒකා පින් කඳක් තමයි. දන්න එවුන් තමයි දන්නෙ ඌට පවුල් කීයක් ඉන්නවාද කියලා. වැඩි ඇඑත නෙවෙයි නුගේගොඩම. ඌට විතරක් නෙවෙයි ඔයිට වඩා සිල්වත්ය කියලා අපි හිතන උන්දලත් පවුල් නඩත්තු කරනවා. එක් උන්නාන්සෙ කෙනෙකුට ඉන්නවා අල්ලපු වැටේම පවුලක්. තනි ගෑනියෙක් නෙවෙයි දරු පවුලක්.

      Delete
  28. මේක තමයි රනිල්ටයි යූඇන්පියටයි තියෙන අන්තිම චෑන්ස් එක. මේසැරේවත් කස්ටිය වැඩේ සීරියස් අරන් කරේ නැත්නං යූඇන්පිය සදා සොත්ති!

    ReplyDelete
    Replies
    1. මේක තමයි මහින්ද මහත්තයගේ අවසාන චෑන්ස් එක. කාලයක් යන කොට බොක්කෙන්ම ආදරේ කරපු අයත් එපා වෙනවා.

      Delete
  29. මට හිතෙන්නේත් හොදම කෙනා රනිල් කියලා තමයි.ෆොන්සේකා මහත්තයාත් කැමත්තෙන් ඉන්නේ ආයේ පාරක් ඉදිරිපත් වෙන්න.හැබැයි එහෙම වුනොත් එකේ වාසිය තනිකරම යන්නේ මහින්දට මිසක් වෙන කෙනෙක්ට නෙමේ.යම් විදියකින් ආයෙමත් ෆොන්සේකා මහත්තයා පොදු අපේක්ෂකයා වුනොත් මමනම් එයාට ජන්දේ දෙන්නේ නැහැ.ඔය ස්වාධිනව ඉල්ලන එකෙක්ට දෙනවා මිසක.

    මට නම් හිතෙන්නේ විපක්ෂයේ පක්‍ෂ එකතු වෙලා මුලින්ම කාටත් පිළිගතහැකි ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදා ගන්න එක.මොකද නිකන් විධායකය අහෝසි කරනවා කියලා කෑගහනවාට වඩා එවැනි දෙයක් කිරීම තුලින් මෙයට වඩා පිරිසක් විපක්ෂයට ආකර්ශනය කර ගත හැකි නිසා.

    ReplyDelete
    Replies
    1. රටට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නම් ඕන රනිල් විතරයි. ඒත් අපි හිතමු අනිත් අය රනිල්ට කැමති නෑ කියලා. ඒත් එන එක්කෙනාට ජෙප්පන්ගේ හා අලින්ගේ කැමත්ත හා බැක් එක අනිවාර්යයි. ෆොන්සේකා නම් මාකට් කරන්න අමාරු වෙයි නැවත් වරක්.

      Delete
  30. මම මාතලන් එක්ක 100% ක් එකඟයි .
    මට හිතෙන හැටියට කල යුත්තේ මෙයයි .

    1. විධායක ජනපති ධූරයෙ යම් බලතල අඩු කිරීම .
    2. ස්වාධීන commissions ගෙන ඒම
    3. නිෂ්පාදන ආර්ථිකයක් ගැන විශ්වාස කරන කෙනෙක් ජනපති කිරීම
    4. පාර්ලිමේන්තුවට පත් වීමට යම් සුදුසුකම් නිර්ණය කිරීම. ( එතකොට හරක් එන එක අඩු වෙනවා )

    ReplyDelete
    Replies
    1. නිශ්පාදන ආර්ථිකය අපේ රටට ගැලපෙන්නේ නෑ ක්‍රිෂාන්. අපේ රටට ගැලපෙන්නේ සේවා ආර්ථිකයක්. සිංගප්පූරුව හා ඩුබායි වගේ. ඒත් අපි ඊට වඩා දේවල් කැප කරන්න වෙනවා. අනෙක් කරුණු හා එකඟයි.

      Delete
  31. උඹේ ප්‍රශ්ණෙට මෙන්න මගේ උත්තරේ....

    පොදු අපේක්ෂකයෙක් ඕන වෙන්නේ...බලාපොරොත්තු බිඳවැටි හතර අතේ දුවන ජනතා අපේක්ෂාවන් එක් තැනකට ගොනු කරගන්න. ඡන්ද පොළට නොයන 40% පමනවූ ජන්ද දායකයා ඒ වෙතට ගෙනගොස්, මේ මකර ප්‍රජාතන්ත්‍රවාදයෙන් මේ රට බේර ගන්න. පාරේ ගහගන්න බූරු මුදලාලිගේ අතට රටේ අනාගතය බාර නොදී වෙනත් දිසාවකට රට හරවගන්න. ජාත්‍යන්තරය ඉදිරියේ පොල් කුඩු නොවී ,ශ්‍රීලාංකිකයෙක් ලෙස බාබේරියන් ලේබල් එකෙන් ගැලවෙන්න. තව කාරනා බොහෝමයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මටත් තවත් කාරනා බොහෝමයයි. ඒත් සුළු දෙයක් ගැනවත් එන උන්ගෙන් සඳහනක් නෑ. කෝ විකල්පය. මේකම ගෙනියන්න එනවනම් ඒක තමයි විසි එක්වන සියවසේ හොඳම ජෝක් එක.

      Delete
  32. විධායක ජනාදිපති කම තිබුන කියල රටේ කිසි ප්‍රශ්නයක් ඇති උනේ නෑ..ඔක්කොම ප්‍රශ්න වලට මුල ඔය කියන විධායක ජනාධිපති කම අලුගුත්තේරු විදියට හැම රෙද්දටම පාවිච්චි කරපු එකයි. ඒ නිසා ඔය කියන බලතල හරියට පාවිච්චි කරන එකෙක් ට ඕක යන්න ඕන. එහෙම එකෙක් ව හොයා ගන්න නම් අපේක්ෂකයෝ විදියට ඉදිරිපත් වෙන්න ඉන්න අය ජනාධිපති කම සහ එහි බලතල පාවිච්චි කරන විදිය රටට පැහැදිලිව ඉදිරිපත් කරන්න ඕන. මෙතන දී මම මාතලන් එක්ක එකගයි. චන්දෙ ඉල්ලන අය තමන් ක්‍රියාත්මක කරන්න යන දේවල් පැහැදිලිව ඉදිරිපත් කරන්න ඕන. එක ආදර්ශ ව්‍යවස්ථාවක් විදියට ඉදිරිපත් කරන්න පුළුවන්.එතකොට කගේ කාගේත් මොළ ගෙඩි වලට ඒ පණිවිඩේ තිතටම දෙන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕන. ඔය හැමෝම රෙද්ද උස්සගෙන මේ විධායක ක්‍රමේ අහෝසි කරන්න කැ ගැහුවට ඔය බලතල වාෂ්ප කරන්න කාටවත් බෑ. එතකොට හැමෝම විධායක අගමැති කෙනෙක් ව හොයන්න ගන්නව. මම කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ල අධිකරණය රටේ උත්තරීතර ආයතනය බවට පත් කරනව කියල පැහැදිලිව කොන්ද කෙලින් තියාගෙන කියන්න පුළුවන් එකෙක් රට භාර ගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ එකෙක්වත් ඔය දේවල් කියන්නේ නෑ. මේ විධායකේ අහෝසී කිරීමක් විතරයි කතා කරන්නේ. ඕක ඇවිල්ලා පට්ට කෙප්පයක්. ආයෙත් මිනිස්සු ඕකට රැවටෙන්නේ නෑ. අපි රැවටෙන්න දෙන්නෙත් නෑ. එනවනම් වෙනසක් එක්ක එන්න. නැත්නම් තව මහින්ද කෙනෙක් අපිට ඕන නෑ. ඉන්නා එක්කෙනා හොඳටම හොඳයි.

      Delete
    2. මේවගේ දෙශපාලන වටපිටාවක නිසි සැලැස්මකින් තොරව විධායකේ අහෝසි කිරීමෙන් වෙන්න පුලුවන් අස්ථාවර ආණ්ඩු බිහිවීම පමණයි. අවසානයේ ඉඩ හැදෙන්නේ හැම වර්ගයකම අන්තවාදී පක්ෂ වලටයි. එදාට අපිටත් පශ්චාත් අරාබි වසන්තය තමයි.

      Delete
  33. API NAM CHANDRIKA TA BAYAI MALLIYE

    ReplyDelete
    Replies
    1. චෞර රැජිණ දෙවන කොටස...

      Delete
  34. හොඳයි සිභිත හාමුදුරුවෝ පැත්තක තියමු. රනිල්ට තියනවද සැලැස්මක්. රනිල් තරම් එදාවේල ටුවර්ස් කාරයෙක් මේ දේශපාලනේ තවත් නැති තරම්. ඉස්සරවෙලා ඒ කාලේ ප්‍රේමදාස කළා වගේ ගමේ ඡන්ද ටික නම්මාගන්න ඕනේ. රනිල් හිතාගෙන ඉන්නේ නාගරික ඡන්ද විතර ඇති කියලා. රනිල් ජාත්‍යන්තරයේ ඉඳලා, ඉංග්‍රීසියෙන් හිතලා, සිංහලෙන් කතාකිරීම නිසයි ගමේ මිනිස්සු අකමැති.

    ශිරානි බන්ඩාරනායකත් හොඳ විකල්පයක් කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ සිංහල දැනුම දුර්වල බව පෙනේ. කරුණාකර ඉහත කමෙන්ටුවේ ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස වැරදි නිවැරදි කර ගෙන නැවත පළ කරන්න.

      Delete
    2. රනිල් නෙමෙයි, සෝභිත හාමුදුරුවන්ටත් මේ සෙල්ලම තනියෙන් කරලා දිනන්න බෑ. සෝභිත වගේ කෙනෙක් දාලා, ලංකාවේ දේශපාළණය විහිළුවක් කරනවට වඩා රනිල් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම දේශපාළණිකයි. ඒත් රනිල්ව මාකට් කරන එක අනිත් අයගේ වැඩක්. ජේ ආර් කියන්නේ රනිල්ටත් අන්ත පොරක්. ඒත් ජේ ආර් බලේට ගෙනාවේ වෙනම සෙට් එකක්.

      Delete
  35. මටනම් හිතෙන්නේ සජිත් ප්‍රේමදාස එන්න ඉඩ තියෙනවා කියලා. දිනයිද කියලනම් කියන්න බෑ. කොහොමවුනත් හාමුදුරුවරුන්ට අපහාස වන විදියට කමෙන්ට් දාන එකනම් පව් පිරෙන වැඩක්. මොකද බුදු දහමේ කියල තියෙනවා දුසිල්වත් හාමුදුරු කෙනෙක්ට වුනත් ගිහියෙක් විදියට විරෝධය දක්වන්න පුලුවන් විදිය මොකක්ද කියල. එහෙම නැතුව මේ විදියට ගරහන එකෙන් වෙන්නෙ නිකම් පව් පුරෝගන්න වෙන එක. මොකද පොදු අපේක්ෂකයෝ සීයක් ආවත් රට සියට සීයක් හැදුනත් කවද හරි අපිට ගෙනියන්න වෙන්නේ අපි කරගත්ත පින් පව් ටික විතරයි. ඒ ගැනත් පොඩ්ඩක් කල්පනා කරොත් හොඳයි. තරහකට නෙමෙයි කිව්වේ.

    ReplyDelete
    Replies
    1. කොහෙද බං ඔය හාමුදුරුවරු ඉන්නෙ. අපේ රටේ නම් ඉන්නෙ ගනින්නාසෙලා. තෙල් කාල දිරවන්න බැරුව යකා නටන පාහරයො ටිකක්. අර ජෝනා කිව්ව වගේ සිවුර උස්සලා මුන්ගෙ පුකේ තාර ගාන්න ඕනැ.

      Delete
    2. හාමුදුරුවන්ට අදාල දේ නොකර වෙන රෙද්දවල් කරන්න ගිහින්, ස්නානය කර ගන්නවට අපිට කරන්න දෙයක් නෑ. දේශපාළණය කරන්න කියලා බුදු බණේ කොතනකවත් නෑ. සජිත් කියන්නේ කව්ද කියලා, සමන් වග ආරච්චි කේස් එකෙන් පේනවනේ. බලය නැතුවත් එහෙම ගේම් දෙනවනම්. බලේට ආවොත් ෆේස්බුක් එකත් නවත්තයි. අපි එයාගේ ඔය ලක්ෂන හඳුනගෙන ගොඩක් කල්. එයා හිතාගෙන ඉන්නේ එයා ජනාධිපති කියලා.

      Delete
  36. ඔලුව මාරු කරල ක්‍රමේ වෙනස් කරන්න එක වැඩකලේ 77 විතරයි. දැන් ඒක හරියයි කියල හිතන්න බොහොම අමාරුයි. මොකද මේ ක්‍රමේ ඕනෙම වර්ගයේ පාලකයෙකුට හොඳටම ගැලපෙන එකක් නිසා. කවුරු හරි කෙනෙක් අල්ලගෙන මේ ක්‍රමේ වෙනස් කරල දෙයි කියලා මිනිහව පාලකය කරන එක තමයි අපේ අවුල. මේ ක්‍රමේ හදල තියෙන්නේ ජහමනයගේ පූර්ණ අනුග්‍රහයෙන්. ජේ.ආර් ගෙනාවෙත්, ප්‍රේමදාස ගෙනාවෙත්, චන්ද්‍රිකා ගෙනාවෙත්, මහින්දව ගෙනාවෙත් අපිම නේ. ඊට පස්සේ පන්නගන්න බැරුව නහයෙන් අඬනෙත් අපිමනේ. අපි අවුල් ද මන්දා.

    ReplyDelete
    Replies
    1. නෑ ඕක තමයි ඇත්ත කතාව.... ඊළඟට සෝභිත එලව ගන්න ආයෙත් විධයකය අහෝසි කරමු කියනවා. එතකොට සෝභිතට එරෙහිව ගේන්නේ කව්ද? ඉත්තෑපානේද...?

      Delete
  37. පොදු අපේක්ෂකයෙක් ගෙන ඒමේ අරමුණ මුලින් ම බලමුකෝ. ඇත්තට ම මේ වෙලාවේ පොදු අපේක්ෂකයෙක් ගේන්නේ රනිල්ට හෝ වෙනත් විපක්ෂ නායකයෙකුට තනියම මහින්ද රාජපක්ෂ සමග ගැටීමට නොහැකි නිසායි. ඒ කියන්නෙම රනිල් මේ පාරත් තමන් තොන්ඩුවට නොයා වෙනකෙකු ඒ සදහා සපයා ගැනීමයි. මන් ද තවත් වරක් ජනාධිපතිවරණයකින් පැරදුන හොත් බොහෝ විට රනිල්ට ගෙදර යෑමට සිදුවන නිසා මහින්දගේ ජනප්‍රියත්වය අඩුවනතාක් ඔහු කරළියට නොඒමට වගබලා ගත යුතු බැවිනි.

    දෙවැනි කාරණය වන්නේ මේ මොහොතේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක ධනවාදී හා සමාජවාදී කියන ධ්‍රැවීකරණයෙහි අන්තයේ සිටින පක්ෂ දෙකක් වන බැවින් මේ දෙක හා කිරීමට නම් පොදු අපේක්ෂකයෙකු අවශ්‍ය වන බැවිනි.

    තවත් හේතු ගෙන හැර දැක්විය හැකි වුව ද මේ මොහොතේ වැදගත් ම වන්නේ මේ දෙකයි. ඉතින් මේ තත්වය තුළ රනිල් වෙනුවට කෙනෙක් යවන්නේ ම පැරදීමට ඇති ඉඩකඩ බොහෝ වන හෙයිනි. එසේ ම විපක්ෂය එකතු කිරීමට වන්නේ ම තනිව පැරදවිය නොහැකි බැවිනි. එසේ පැරදුව ද නොගැලපෙන පක්ෂ දෙකකට මැදිවුණ ජනාධිපතිවරයෙකු යනු හුදු පඹයෙකු පමණි. එසේ හෙයින් පොදු අපේක්ෂකයා යනු දේශපාලන මැජික් එකක් සහ මරාගෙන මැරෙන දේශපාලන චරිතයක් පමණක් බව අපගේ අදහසයි. මෙවර එම මරාගෙන මැරීමට ඉදිරිපත් වන පුද්ගලයා කවුද යන්න පමණයි ඇති ප්‍රශ්ණය.

    ReplyDelete
    Replies
    1. තර්කයක් නැත්තෙමත් නෑ. නමුත් පොදු සතුරා මහින්ද මහත්තයා කර ගත්තොත් කරට කර ගේමක් තියෙනවා. නැත්නම් ඉතින් වන මෑන් ෂෝ එකක් වෙයි. නමුත් මහින්ද මහත්තයට විරුද්ධ බලවේගවලට. මහින්ද මහත්තයා ගාව ඉන්න හාල් පාරුවෝ එකතු කර ගන්නවා නම්. ඒ තරම් විකාරයක් තවත් නෑ. ඒ එකෙක්වත් ගන්න හොඳ නෑ. ඒක පළවෙනි ප්‍රතිපත්තිය වෙන්න ඕන.

      Delete
  38. මටනම් හිතෙන්නේ ඒ පාර රනිල් මාමා ඉල්ලාවි.. හැබැයි ඒ පොදු අපේක්ශකයෙක් විදිහට නම් නෙමෙයි.. එහෙම වුනොත් වෙන්නේ ඉතින් ජන්ද බෙදිලා යන එක.. හැබැයි පොදු වෙන්න පුළුවන් වුනොත් නම් 2005දී වැඩි ඡන්ද 20,000කද කොහේද ගේමක් මහින්ද මාමට තිබ්බ වගේ තරඟයක් තියෙන්නත් බැරි කමක් නෑ.. හැබැයි ඔය කොහොම වුනත් අන්තිම වෙනකන් කිසි දෙයක් ශුවර් කරන්න බෑ.. මේ ඉතින් ආස්චර්යේ දේශපාලනේ නොවැ..

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා එක්ක තනියෙන් ඉල්ලන්න යන ඕන කෙනෙක් පරදිනවා. විමල්ලගේ රඟපෑම ඊයේ දෙරණින් අපූරුවට පෙනුනා. ආයෙත් පී බී මරාගෙන කන්න යන්නේ. එතකොට මේ රටේ ජනාධිපති පී බී ජයසුන්දරද?

      ඡන්ද එක් ලක්ෂ අසූ දාහක්..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න